කුමාරකස්සපත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කුමාරකස්සපත්ථෙරගාථාවණ්ණනා
කුමාරකාශ්‍යප ස්ථවිරගාථා වර්ණනාව
අහො බුද්ධා අහො ධම්මාති ආයස්මතො කුමාරකස්සපත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පාපුණි. “කුලගෙහෙ”ති පන අඞ්ගුත්තරට්ඨකථායං (අ· නි· අට්ඨ· 1.1.217) වුත්තං. සො සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං චිත්තකථිකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයම්පි තං ඨානන්තරං ආකඞ්ඛන්තො පණිධානං කත්වා තදනුරූපානි පුඤ්ඤානි කරොන්තො කස්සපස්ස භගවතො කාලෙ සමණධම්මං කත්වා සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ සෙට්ඨිධීතාය කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. සා කිර කුමාරිකාකාලෙයෙව පබ්බජිතුකාමා හුත්වා මාතාපිතරො යාචිත්වා පබ්බජ්ජං අලභමානා කුලඝරං ගතාපි ගබ්භසණ්ඨිතම්පි අජානන්තී සාමිකං ආරාධෙත්වා තෙන අනුඤ්ඤාතා භික්ඛුනීසු පබ්බජිතා. තස්සා ගබ්භිනිභාවං දිස්වා භික්ඛුනියො දෙවදත්තං පුච්ඡිංසු. සො “අස්සමණී”ති ආහ. පුන දසබලං පුච්ඡිංසු. සත්ථා උපාලිත්ථෙරං පටිච්ඡාපෙසි. ථෙරො සාවත්ථිනගරවාසීනි කුලානි විසාඛඤ්ච උපාසිකං පක්කොසාපෙත්වා සරාජිකාය පරිසාය විනිච්ඡිනන්තො “පුරෙ ලද්ධො ගබ්භො, පබ්බජ්ජා අරොගා”ති ආහ. සත්ථා “සුවිනිච්ඡිතං අධිකරණ”න්ති ථෙරස්ස සාධුකාරං අදාසි.
“අහො බුද්ධා අහො ධම්මා” යනු ආයුෂ්මත් කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයේදී පින් දහම් කරගනිමින් අවුත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ බමුණු පවුලක ඉපිද තරුණවියට පත් වූහ. අංගුත්තර අටුවාවේ පැවසෙනුයේ සිටු ගෙයක උපන් බවයි. ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මශ්රවණය කරමින් සිටි ඔහු දිනක් එක් භික්ෂුවක් විචිත්‍ර කථික වූ භික්ෂූන්ගෙන් අග තනතුරෙහි පිහිටුවනු දැක තමා ද ඒ තනතුර කැමති විය. ඒ සඳහා චිත්තාධිෂ්ඨානයක් සිදුකරගත් ඔහු ඊට අනුරූප වූ පින් දහම් රැස්කරමින් අවුත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී ශ්‍රමණ ධර්ම මැනවින් සපුරා කාම සුගතීන්හිම සැරිසැරීය. අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ රජගහ නුවර සිටු දියණියකගේ කුස පිළිසඳ ගත්තේය. ඒ සිටු දුව ළදරු කාලයේ සිටම පැවිදිවනු කැමති වුවත් දෙමාපියන්ගෙන් අවසර නොලැබුවාය. විවාහ වූ පසුව ගැබ පිහිටි බව නොදත් ඇය කෙසේ හෝ සැමියා සතුටු කරගත්තී ඔහුගේ අනුමැතිය ලබා භික්ෂුණී අරමක පැවිදි වූවාය. ඇයගේ ගැබ මුහුකුරා ගිය විට සෙසු භික්ෂුණීහු ඇය ගැබිණියක් බව දෙව්දත් තෙරුන්ට දැන්වූහ. දෙව්දත් තෙරුන් “ඇය භික්ෂුණියක් නොවේ” යැයි පැවසීය. නැවත භික්ෂුණීහු මේ පිළිබඳව දසබලයන් වහන්සේට දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ මේ පිළිබඳව විනිශ්චය කිරීමට උපාලි තෙරුන්ට නියම කළ සේක. තෙරණුවෝ සැවැත් නුවර වැසියෝ ද විශාඛා මහෝපාසිකාව ද කැඳවා රජු සහිත වූ පිරිස් මැද හිඳ, “මැයගේ ගැබ පැවිද්දට පෙර පිහිටියේ ද? නැතිනම් පැවිද්දට පසුව පිහිටියේ ද?” යි විනිශ්චය කළහ. ගැබ පැවිද්දට පෙර පිහිටියක් බැවින් පැවිද්ද පිරිසිදු යැයි තීන්දුව ප්‍රකාශ කළ පසු ශාස්තෲන් වහන්සේ “අධිකරණය (නඩුව) මැනවින් විසඳන ලදී” යැයි උපාලි තෙරුන්ට සාධුකාර දුන් සේක.
සා භික්ඛුනී සුවණ්ණබිම්බසදිසං පුත්තං විජායි. තං රාජා පසෙනදිකොසලො පොසෙසි. “කස්සපො”ති චස්ස නාමං අකංසු. අපරභාගෙ අලඞ්කරිත්වා සත්ථු සන්තිකං නෙත්වා පබ්බාජෙසි. කුමාරකාලෙ පබ්බජිතත්තා භගවතා “කස්සපං පක්කොසථ, ඉදං ඵලං වා ඛාදනීයං වා කස්සපස්ස දෙථා”ති වුත්තෙ “කතරකස්සපස්සා”ති. “කුමාරකස්සපස්සා”ති. එවං ගහිතනාමත්තා රඤ්ඤො පොසාවනිකපුත්තත්තා ච වුඩ්ඪකාලෙපි කුමාරකස්සපොත්වෙව පඤ්ඤායිත්ථ.
ඒ භික්ෂුණිය පසුකලෙක රන් පිඬක් හා සමාන පුතකු වැදුවාය. ඒ දරුවා පසේනදි කෙසොල් රජු විසින් පෝෂණය කරන ලදි. ඔහු “කාශ්‍යප” නාමයෙන් ප්‍රකට විය. පසුකලෙක සර්වාභරණයෙන් සරසා ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ වූ කාශ්‍යප කුමරු පැවිදි කරවීය. ඉතා ළදරු අවස්ථාවෙහි පැවිදි වූ බැවින් භාග්‍යවතුන් වහන්සේ “කාශ්‍යප කැඳවන්න. මේ ගෙඩිය හෝ කන දැය කාශ්‍යපට දෙන්න”යි වදාරති. එවිට සෙසු භික්ෂූහු “කවර කාශ්යපටද?” යි විමසති. “කුමාර කාශ්‍යපට” යැයි බුදුහු පවසති. මෙසේ බුදුරදුන්ගෙන් ද රජු විසින් කුමාරයකු මෙන් පෝෂිත බැවින් ද ලත් “කුමාර කාශ්‍යප” යන නාමය උන්වහන්සේට වයෝවෘද්ධ අවස්ථාවෙහිත් භාවිත විය.
සො පබ්බජිතකාලතො පට්ඨාය විපස්සනාය චෙව කම්මං කරොති, බුද්ධවචනඤ්ච උග්ගණ්හාති. අථ තෙන සද්ධිං පබ්බතමත්ථකෙ සමණධම්මං කත්වා අනාගාමී හුත්වා සුද්ධාවාසෙ නිබ්බත්තො මහාබ්රහ්මා “විපස්සනාය මුඛං දස්සෙත්වා මග්ගඵලප්පත්තියා උපායං කරිස්සාමී”ති පඤ්චදස පඤ්හෙ අභිසඞ්ඛරිත්වා අන්ධවනෙ වසන්තස්ස ථෙරස්ස “ඉමෙ පඤ්හෙ සත්ථාරං පුච්ඡෙය්යාසී”ති ආචික්ඛිත්වා ගතො. සො තෙ පඤ්හෙ භගවන්තං පුච්ඡි. භගවාපිස්ස බ්යාකාසි. ථෙරො සත්ථාරා කථිතනියාමෙනෙව තෙ උග්ගණ්හිත්වා විපස්සනං ගබ්භං ගණ්හාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.54.150-177) –
කුමාර කාශ්‍යප හිමියෝ පැවිදි වූ දින පටන් ම විදසුන් කමටහන ම වඩති. බුදුවදන් උගනිති. කාශ්‍යප බුදුන් දවස උන්වහන්සේ සමග පර්වතයකට නැගී එකට මහණදම් පුරා ශුද්ධාවාසයේ උපන් මහා බ්‍රහ්මයා, කුමාර කාශ්‍යප තෙරුන් විදසුනට සිත යොමු කළ බව දැන, “මාර්ග ඵල උපදවා ගැනීමට උපායක් කරමි”යි ප්‍රශ්න පහළොවක් සාදා ගෙනවුත් අන්ධවනයේ විසූ කුමාර කාශ්‍යප හිමිට දී “මේ ප්‍රශ්න ශාස්තෲන් වහන්සේගෙන් විමසන්න” යැයි පවසා ගියේය. උන්වහන්සේ එම ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ. භාග්‍යවතුන් වහන්සේ ද ඒවා විසඳූ සේක. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසඳූ මොහොතේම ඒවා ඉගෙන විදසුනට සිත යොමුකළ සේක් රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො; සබ්බලොකහිතො වීරො, පදුමුත්තරනාමකො.
“මෙයින් කල්ප ලක්ෂයකට පෙර මුලු ලොවටම හිතවත් වූ වීර වූ පදුමුත්තර නම් ලෝකනායකයන් වහන්සේ ලොව පහළ වූ සේක.
“තදාහං බ්රාහ්මණො හුත්වා, විස්සුතො වෙදපාරගූ; දිවාවිහාරං විචරං, අද්දසං ලොකනායකං.
මම එකල වේද පරාගත බමුණෙක් වූයෙමි. ප්රකටව විසූ මම දිනක් දිවා විහරණයෙහි යෙදුනෙම්, චතුරාර්ය සත්‍ය ධර්මය දෙසන්නා වූ සදේව ලෝකයාට දහම් අවබෝධ කරවන්නා වූ මහජනයා ඉදිරියේ විචිත්‍ර කථිකයන්ට අගතැන්පත් සව්වකු වර්ණනා කරන්නා වූ ලෝකනාථයන් වහන්සේ දුටුවෙමි.
“චතුසච්චං පකාසෙන්තං, බොධයන්තං සදෙවකං; විචිත්තකථිකානග්ගං, වණ්ණයන්තං මහාජනෙ.
“තදා මුදිතචිත්තොහං, නිමන්තෙත්වා තථාගතං; නානාරත්තෙහි වත්ථෙහි, අලඞ්කරිත්වාන මණ්ඩපං.
ඒ දැක ප්‍රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේට ආරාධනා කර, නන් රුවනින් බබළන මණ්ඩපයක් නානා වර්ණ ඇති වස්ත්‍රවලින් සරසා එහි සතියක් ම බුද්ධ ප්රමුඛ සංඝ රත්නයට අග්‍ර රස භෝජන වැළඳවූයෙමි.
“නානාරතනපජ්ජොතං, සසඞ්ඝං භොජයිං තහිං; භොජයිත්වාන සත්තාහං, නානග්ගරසභොජනං.
“නානාචිත්තෙහි පුප්ඵෙහි, පූජයිත්වා සසාවකං; නිපච්ච පාදමූලම්හි, තං ඨාන පත්ථයිං අහං.
නානා වර්ණ ඇති මලින් ශ්‍රාවකයන් සහිත බුදුන් පිදූ මම උන්වහන්සේගේ පාමුල වැඳ වැටී එම තනතුර පැතුවෙමි.”
“තදා මුනිවරො ආහ, කරුණෙකරසාසයො; පස්සථෙතං දිජවරං, පදුමානනලොචනං.
එකල කරුණා රසයට එකම නිධානය වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “පියුමකට බඳු මුහුණ හා ඇස් ඇත්තා වූ ප්‍රීති ප්‍රමෝද්‍ය බහුල වූ හෙයින් නැගුණු ලොම් ඇති හර්ෂයෙන් දැල්වුණු විශාල ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති, මාගේ පාමුල වැටුනා වූ, එකම අරමුණට හැරුණු මනා සිත් ඇති මේ බමුණා දෙස බලවු. මෙතෙම විචිත්‍ර කථිකත්වය නම් වූ මේ තනතුර පතයි.
“පීතිපාමොජ්ජබහුලං, සමුග්ගතතනූරුහං; හාසම්හිතවිසාලක්ඛං, මම සාසනලාලසං.
“පතිතං පාදමූලෙ මෙ, එකාවත්ථසුමානසං; එස පත්ථෙති තං ඨානං, විචිත්තකථිකත්තනං.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.
“තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො; කුමාරකස්සපො නාම, හෙස්සති සත්ථු සාවකො.
උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ කුමාර කාශ්‍යප නම් ශ්රාවකව මෙතෙම උපදින්නේය.
“විචිත්තපුප්ඵදුස්සානං, රතනානඤ්ච වාහසා; විචිත්තකථිකානං සො, අග්ගතං පාපුණිස්සති.
පිදූ විසිතුරු වස්ත්රයන්ගෙන් ද රත්නයන්ගෙන් ද බබළන හෙතෙම විචිත්‍ර කථික භික්ෂූන් අතුරින් අග්‍ර බවට පැමිණෙන්නේ ය.”
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
මෙසේ විවරණ ලද මා ඒ මනා වූ පින්කම නිසාත් චිත්ත ප්‍රාර්ථනාව නිසාත් මිනිස් සිරුර හැර තව්තිසාවේ උපන්නෙමි.
“පරිබ්භමං භවාභවෙ, රඞ්ගමජ්ඣෙ යථා නටො; සාඛමිගත්රජො හුත්වා, මිගියා කුච්ඡිමොක්කමිං.
රඟ මැද නළුවෙකු මෙන් භව නැමති අහසෙහි පරිභ්‍රමණය කරමින් ශාඛා නම් මුවාගේ පුත්‍රව මුවදෙනගේ කුස පිළිසිඳ ගතිමි.
“තදා මයි කුච්ඡිගතෙ, වජ්ඣවාරො උපට්ඨිතො; සාඛෙන චත්තා මෙ මාතා, නිග්රොධං සරණං ගතා.
එකල මා කුසෙහි වසන කාලයේ මාගේ මවුට මරණ වාරය එළඹිණි. ශාඛා මුවා විසින් අත්හළ මාගේ මව්තොමෝ න්‍යග්‍රෝධ මුව රජු වෙත ගියාය.
“තෙන සා මිගරාජෙන, මරණා පරිමොචිතා; පරිච්චජිත්වා සපාණං, මමෙවං ඔවදී තදා.
එවිට ඒ න්‍යග්‍රෝධ මුවරජු සිය පණ පරිත්‍යාග කරමින් මගේ මව මරණයෙන් මිදුවේය. මරණයෙන් මිදුණු මගේ මවු පසුව මට මෙසේ අවවාද කළාය.
“නිග්රොධමෙව සෙවෙය්ය, න සාඛමුපසංවසෙ; නිග්රොධස්මිං මතං සෙය්යො, යඤ්චෙ සාඛම්හි ජීවිතං.
“න්‍යග්‍රෝධ මුව රජු ම සේවනය කරව. ශාඛා මුවා වෙත නොයව. න්‍යග්‍රෝධ සමීපයේ වැස මියයෑම ශාඛා මුවා සමග ජීවත්වීමට වඩා වටනේය.”
“තෙනානුසිට්ඨා මිගයූථපෙන, අහඤ්ච මාතා ච තථෙතරෙ ච; ආගම්ම රම්මං තුසිතාධිවාසං, ගතා පවාසං සඝරං යථෙව.
ඒ න්‍යග්‍රෝධ මුව රජුගේ අවවාද අනුව කටයුතු කළ මම ද මගේ මවු ද සෙසු මුවෝ ද දුරු රටක සිටියකු සිය ගෙදරට එන්නාක් මෙන් රම්‍ය වූ තුසිත දෙව්ලොව උපන්නෙමු.
“පුනො කස්සපවීරස්ස, අත්ථමෙන්තම්හි සාසනෙ; ආරුය්හ සෙලසිඛරං, යුඤ්ජිත්වා ජිනසාසනං.
යළිත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සසුන පිරිහී යන විට ගලක් මුදුනට නැඟ ජිනසාසන පිළිවෙත් පිරුවෙමි.
“ඉදානාහං රාජගහෙ, ජාතො සෙට්ඨිකුලෙ අහුං; ආපන්නසත්තා මෙ මාතා, පබ්බජි අනගාරියං.
දැන මම රජගහ නුවර සිටු ගෙයක උපන්නෙමි. ගැබිණි බව නොදත් මගේ මවු අනගාරික නම් වූ උතුම් පැවිද්ද ලැබුවාය.
“සගබ්භං තං විදිත්වාන, දෙවදත්තමුපානයුං; සො අවොච විනාසෙථ, පාපිකං භික්ඛුනිං ඉමං.
ගැබ් සහිත ඇය දෙව්දත් තෙර වෙත ගෙන ගිය භික්ෂුණීන්ට “මේ පාපී භික්ෂුණිය සිවුරු හැර යවවු”යි අණ ලැබුණි.
“ඉදානිපි මුනින්දෙන, ජිනෙන අනුකම්පිතා; සුඛිනී අජනී මය්හං, මාතා භික්ඛුනුපස්සයෙ.
දැනුත් මුනීන්ද්ර වූ බුදුරජාණන් වහන්සේ විසින් අනුකම්පා කරන ලද මාගේ මව සුඛිත වූවාය. භික්ෂුණී අරමේ සිට මා වැදුවාය.
“තං විදිත්වා මහීපාලො, කොසලො මං අපොසයි; කුමාරපරිහානෙන, නාමෙනාහඤ්ච කස්සපො.
නමින් කාශ්‍යප නම් වූ මම පසේනදි කොසොල් රජු විසින් කුමර පෝෂණයෙන් සත්කාර කරන ලද්දෙමි.
“මහාකස්සපමාගම්ම, අහං කුමාරකස්සපො; වම්මිකසදිසං කායං, සුත්වා බුද්ධෙන දෙසිතං.
මහා කාශ්‍යප තෙරුන් නිසා කුමාර කාශ්‍යප නමින් ප්‍රකට වූ මම කය තුඹසකට සම කොට බුදුරදුන් දෙසූ වම්මික සූත්‍රය ඇසුවෙමි.
“තතො චිත්තං විමුච්චි මෙ, අනුපාදාය සබ්බසො; පායාසිං දමයිත්වාහං, එතදග්ගමපාපුණිං.
ඉන් මාගේ සිත උපාදාන රහිතව හැම ලෙසින්ම ආශ්රවයන්ගෙන් මිදුනි. පායාසි රජු දමනය කළ මම විචිත්‍ර කථික භික්ෂූන් අතුරින් අග්‍ර වූයෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණේය. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා චිත්තකථිකභාවෙන සත්ථාරා එතදග්ගෙ ඨපිතො අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා රතනත්තයගුණවිභාවනමුඛෙන අඤ්ඤං බ්යාකරොන්තො –
රහත් වූ කුමාර කාශ්‍යප තෙරණුවෝ විචිත්‍ර කථිකයන්ගෙන් අග්‍රස්ථානයට ශාස්තෲන් වහන්සේ විසින් පත් කරන ලදහ. තම පිළිවෙත සිහිපත් කර බැලූ උන්වහන්සේ රතනත්‍රයේ ගුණ පැවසීම් වශයෙන් සිය රහත් බව ප්‍රකාශ කරනු සඳහා මේ ගාථා දෙක වදාළහ.
“අහො බුද්ධා අහො ධම්මා, අහො නො සත්ථු සම්පදා; යත්ථ එතාදිසං ධම්මං, සාවකො සච්ඡිකාහිති.
“අහො බුද්ධා! අහො ධම්මා! අහො නො සත්ථු සම්පදා!, යත්ථ එතාදිසං ධම්මං සාවකො සච්ඡිකාහිති”
“අසඞ්ඛෙය්යෙසු කප්පෙසු, සක්කායාධිගතා අහූ; තෙසමයං පච්ඡිමකො, චරිමොයං සමුස්සයො; ජාතිමරණසංසාරො, නත්ථි දානි පුනබ්භවො”ති. – ගාථාද්වයං අභාසි;
“අසං ඛෙය්යෙසු කප්පෙසු සක්කායාධිගතා අහු, තෙසමයං පච්ඡිමකො චරිමොයං සමුස්සයො, ජාතිමරණ සංසාරො නත්ථිදානි පුනබ්භවො” තී.
තත්ථ අහොති අච්ඡරියත්ථෙ නිපාතො. බුද්ධාති සබ්බඤ්ඤුබුද්ධා, ගාරවවසෙන බහුවචනං, අහො අච්ඡරියා සම්බුද්ධාති අත්ථො. ධම්මාති පරියත්තිධම්මෙන සද්ධිං නව ලොකුත්තරධම්මා. අහො නො සත්ථු සම්පදාති අම්හාකං සත්ථු දසබලස්ස අහො සම්පත්තියො. යත්ථාති යස්මිං සත්ථරි බ්රහ්මචරියවාසෙන. එතාදිසං ධම්මං, සාවකො සච්ඡිකාහිතීති එතාදිසං එවරූපං සුවිසුද්ධජ්ඣානාභිඤ්ඤාපරිවාරං අනවසෙසකිලෙසක්ඛයාවහං සන්තං පණීතං අනුත්තරං ධම්මං සාවකොපි නාම සච්ඡිකරිස්සති, තස්මා එවංවිධගුණවිසෙසාධිගමහෙතුභූතා අහො අච්ඡරියා බුද්ධා භගවන්තො, අච්ඡරියා ධම්මගුණා, අච්ඡරියා අම්හාකං සත්ථු සම්පත්තියොති රතනත්තයස්ස ගුණාධිමුත්තිං පවෙදෙසීති. ධම්මසම්පත්තිකිත්තනෙනෙව හි සඞ්ඝසුප්පටිපත්ති කිත්තිතා හොතීති.
මෙහි “අහො” යනු ආශ්චර්ය බව හඟවන නිපාතයකි. “බුද්ධා” යනු සර්වඥ බුදුරජාණන් වහන්සේය. ගෞරව වශයෙන් බහුවචනය යොදන ලදි. “සම්බුදුරජාණන් වහන්සේ අහෝ ආශ්චර්යමත්ය” යන අරුතයි. “ධම්මා” යනු පර්යාප්ති ධර්මය සමග නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි. “අහො නො සත්ථු සම්පදා” අපගේ ශාස්තෲන් වහන්සේගේ දශබල ආදී සම්පත් අහෝ පුදුම සහගතය. “යත්ථ” යම් ඒ ශාස්තෲන් වහන්සේ සමීපයේ බඹසර වෙසෙන “එතාදිසං ධම්මං සාවකො සච්ඡිකාහිති” මෙබඳු වූ ඉතා පිරිසිදු ධ්‍යානාභිඥා සහිත පරිවාර ශ්‍රාවකයෝ; කෙලෙස් ඉතිරි නොකරම ක්ෂය කිරීමෙන් ශාන්ත වූ ප්‍රණීත වූ අනුත්තර ධර්මය සාක්ෂාත් කරගනිති. එනිසා මෙසේ “විවිධ වූ ගුණ විශේෂ අවබෝධ කරගැනීමට පිහිටාධාර වූ බුදුරජාණන් වහන්සේ අහෝ ඉතා අසිරිමත්හ. දහම් ගුණයෝ ඉතා අසිරිමත්ය. අපගේ ශාස්තෲන් වහන්සේගේ සම්පත් ඉතා අසිරිමත් ය” යනුවෙන් රතනත්‍රයේ ගුණාධිමුක්තිය ප්‍රකාශ කරයි. ධර්මයේ සම්පත් ප්‍රකාශ කිරීමෙන් සංඝයාගේ සුපටිපන්නාදී ගුණ ද අදහස් කරන ලදි.
එවං සාධාරණවසෙන දස්සිතං ධම්මස්ස සච්ඡිකිරියං ඉදානි අත්තුපනායිකං කත්වා දස්සෙන්තො “අසඞ්ඛෙය්යෙසූ”ති ගාථමාහ. තත්ථ අසඞ්ඛෙය්යෙසූති ගණනපථං වීතිවත්තෙසු මහාකප්පෙසු. සක්කායාති පඤ්චුපාදානක්ඛන්ධා. තෙ හි පරමත්ථතො විජ්ජමානධම්මසමූහතාය “සක්කායා”ති වුච්චන්ති. අහූති නිවත්තනූපායස්ස අනධිගතත්තා අනපගතා අහෙසුං. තෙසමයං පච්ඡිමකො චරිමොයං සමුස්සයොති යස්මා අයං සබ්බපච්ඡිමකො, තතො එව චරිමො, තස්මා ජාතිමරණසහිතො ඛන්ධාදිපටිපාටිසඤ්ඤිතො සංසාරො ඉදානි ආයතිං පුනබ්භවාභාවතො පුනබ්භවො නත්ථි, අයමන්තිමා ජාතීති අත්ථො.
මෙසේ සාධාරණ වශයෙන් දැක්වූ ධර්මයේ සාක්ෂාත් කරගැනීම දැන් තමා උපමාවට ගෙන දක්වන තෙරණුවෝ “අසංඛෙය්යොසු” යන ගාථාව වදාළහ. එහි “අසංඛෙය්යෙසු” ගණන් කිරීමේ හැකියාවක් නොමැති මහා කල්පයන්හි. “සක්කායා” පඤ්ච උපාදානාස්කන්ධයයි. ඒ පස්කඳ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වන ධර්ම සමූහයක් ඇති බැවින් “සක්කාය” යැයි කියනු ලැබේ. “අහු” යන මෙහි කියූ ලෙසම චතුරාර්ය සත්‍යාවබෝධය නොකර පුහුදුන්ව විසුවෙමි. “තෙසමයං පච්ඡිමකො චරිමොයං සමුස්සයො” මේ මාගේ අවසන් ශරීරයයි. එසේම අවසන් උපතයි. එනිසා මා හට ජාති මරණ සහිත ස්කන්ධාදියෙන් පිළිවෙලින් බැඳුණු මේ සංසාරයේ නැවත ඉපදීමක් (පුනර්භවයක්) නොමැත. දැන් මම අවසන් දේහය දරමි. මේ මාගේ අවසන් උපතයි.
කුමාරකස්සපත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කුමාර කස්සප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.