ධම්මපාලත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ධම්මපාලත්ථෙරගාථාවණ්ණනා
ධම්මපාල ස්ථවිරගාථා වර්ණනාව
යො හවෙ දහරො භික්ඛූති ආයස්මතො ධම්මපාලත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො කෙනචිදෙව කරණීයෙන වනන්තං උපගතො සත්ථාරං දිස්වා පසන්නමානසො පිලක්ඛඵලමදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සත්ථරි පරිනිබ්බුතෙ අවන්තිරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා ධම්මපාලොති ලද්ධනාමො වයප්පත්තො තක්කසිලං ගන්ත්වා සිප්පං උග්ගහෙත්වා පටිනිවත්තෙන්තො අන්තරාමග්ගෙ එකස්මිං විහාරෙ අඤ්ඤතරං ථෙරං දිස්වා තස්ස සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.39.21-25) –
“යො හවෙ දහරො භික්ඛු” යනු ආයුෂ්මත් ධම්මපාල තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයේදී පින්දහම් රැස් කරගෙන අවුත් අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. කිසියම් කටයුත්තකට වනයට පිවිසි සිටුකුමරු ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් පුලිල ඵලයක් පූජා කළේය. ඒ පින්කම නිසා දෙව්මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී අප තථාගතයන් වහන්සේගේ පිරිනිවණින් පසුව අවන්ති රට බමුණු පවුලක ධම්මපාල නමින් ඉපිද, වැඩිවිය පැමිණ තක්සිලා නුවරට ගොස් සිප්සතර හැදෑරීය. සිප් ඉගෙන තම නිවස බලා එන කල්හි අතරමග වූ එක්තරා රමණීය විහාරයක් දැක එහි ගොස් එක්තරා තෙරනමක් දැක, වැඳ උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළේය. ඉන් ලැබූ ශ්‍රද්ධා ඇති ධම්මපාල කුමරු බුදුසසුනේ පැවිදි වී විදසුන් වඩා ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් බවට පත් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“වනන්තරෙ බුද්ධං දිස්වා, අත්ථදස්සිං මහායසං; පසන්නචිත්තො සුමනො, පිලක්ඛස්සාදදිං ඵලං.
“වනයෙහි දී මහත් කීර්ති ඇති අත්ථදස්සි බුදුරජාණන් වහන්සේ දැක පහන් සිත් ඇති මම සතුටු සිතින් පුලිල ගෙඩියක් උන්වහන්සේට පිදුවෙමි.
“අට්ඨාරසෙ කප්පසතෙ, යං ඵලමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මීට කල්ප එක් දහස් අටසීයකට පෙර කළ එම ඵල දානයේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම කෙළෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
ඡළභිඤ්ඤො පන හුත්වා සමාපත්තිසුඛෙන වීතිනාමෙන්තො එකදිවසං තස්මිං විහාරෙ ද්වෙ සාමණෙරෙ රුක්‍ඛග්ගෙ පුප්ඵානි ඔචිනන්තෙ ආරූළ්හසාඛාය භග්ගාය පතන්තෙ දිස්වා ථෙරො ඉද්ධානුභාවෙන හත්ථෙන ගහෙත්වා අරොගෙයෙව භූමියං ඨපෙත්වා තෙසං සාමණෙරානං ධම්මං දෙසෙන්තො –
ෂඩ් අභිඥාලාභීව සමාපත්ති සුවයෙන් කල් යවන උන්වහන්සේ එක් දිනක් ඒ විහාරයේ සාමණේර දෙනමක් ගස් අග සිට මල් කඩනු බලා සිටියහ. එක් නමක් නැග සිටි අත්ත එක්වරම බිඳී බිම වැටෙනු දුටු තෙරණුවෝ සෘද්ධි ආනුභාවයෙන් වහාම අතින් අල්ලාගෙන නිරුපද්‍රිතව ම බිම තබා ඒ දෙදෙනාටම ධර්ම දේශනා කරමින් මේ ගාථා දෙක වදාළහ.
“යො හවෙ දහරො භික්ඛු, යුඤ්ජති බුද්ධසාසනෙ; ජාගරො ස හි සුත්තෙසු, අමොඝං තස්ස ජීවිතං.
“යො භවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධ සාසනෙ, ජාගරො පති සුත්තෙසු අමොඝං තස්ස ජීවිතං,
“තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං; අනුයුඤ්ජෙථ මෙධාවී, සරං බුද්ධාන සාසන”න්ති. – ඉමා ද්වෙ ගාථා අභාසි;
“තස්මා සද්ධං ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානුසාසනං” තී.
තත්ථ යොති අනියමවචනං. හවෙති දළ්හත්ථෙ නිපාතො. දහරොති තරුණො. භික්ඛතීති භික්ඛු. යුඤ්ජතීති ඝටති වායමති. ජාගරොති ජාගරණධම්මසමන්නාගතො. සුත්තෙසූති සුපන්තෙසු. ඉදං වුත්තං හොති යො භික්ඛු දහරොව සමානො තරුණො “තථාහං පච්ඡා වුඩ්ඪකාලෙ ජානිස්සාමී”ති අචින්තෙත්වා බුද්ධානං සාසනෙ අප්පමාදපටිපත්තියං යුඤ්ජති සමථවිපස්සනාභාවනාය යොගං කරොති, සො සුත්තෙසු අවිජ්ජානිද්දාය සුත්තෙසු පමත්තෙසු සද්ධාදිජාගරධම්මසමන්නාගමෙන ජාගරො, තතො එව අත්තහිතපරහිතපාරිපූරියා අමොඝං අවඤ්ඣං තස්ස ජීවිතං, යස්මා ච එතදෙවං, තස්මා සද්ධඤ්ච “අත්ථි කම්මං අත්ථි කම්මවිපාකො”තිආදිනයප්පවත්තං කම්මඵලසද්ධඤ්ච, සද්ධූපනිබන්ධත්තා සීලස්ස තදුපනිස්සයං චතුපාරිසුද්ධිසීලඤ්ච , “සම්මාසම්බුද්ධො භගවා, ස්වාඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො”ති එවං පවත්තරතනත්තයප්පසාදඤ්ච , විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය පරිඤ්ඤාදිවසෙන චතුසච්චධම්මදස්සනඤ්ච මෙධාවී ධම්මොජපඤ්ඤාය සමන්නාගතො භික්ඛු බුද්ධානං සාසනං ඔවාදං අනුසිට්ඨිං අනුස්සරන්තො ආදිත්තම්පි අත්තනො සීසං අජ්ඣුපෙක්ඛිත්වා අනුයුඤ්ජෙථ, තත්ථ අනුයොගං ආතප්පං කරෙය්යාති අත්ථො.
එහි “යො” යනු අනියම් වචනයකි. “භවෙ” දැඩි අර්ථයේ නිපාතයකි. “දහරො” තරුණ, ලාබාල, පිඬු සිඟායන්නේ නුයි (භික්ඛනීති) “භික්ඛු” නම් වේ. යම් තරුණ භික්ෂුවක් ඒකාන්තයෙන්. “යුඤ්ජති” උත්සාහ කරයි. වෑයම් කරයි. “ජාගරො” නිදිවරණ ස්වභාවයෙන් යුක්තව, නිදන්නන් අතර ශ්‍රද්ධාදි සිත්වලින් යුතුව නිදි වරන්නේද. මේ පාඨයේ අර්ථය මෙසේ දත යුතුයි. “යම් තරුණ භික්ෂුවක්; “ඒ මම වයසට ගොස් ධර්මය අවබෝධ කරගනිමි”යි නොසිතා බුදුන්ගේ සාසනයෙහි අප්‍රමාදීව පිළිවෙත්හි යෙදෙයි. සමථ විදර්ශනා භාවනාවන්හි අභ්‍යාස කරයි. එබඳු භික්ෂුව අවිද්‍යා නින්දට වැටුණු ප්රමාදී වූ නිදාගන්නන් අතරින් ශ්‍රද්ධා ආදී නිදිවැරීම් දහම්හි සිත පිහිටුවා නිදි වරයි. එසේම ආත්මාර්ථ පරාර්ථ සාධනය කරගත් උන්වහන්සේ හිස් නොවූ, වඳ නොවූ ජීවිතයක් ගත කරති. උන්වහන්සේට ශ්‍රද්ධාව ඇත. “කර්ම විපාක ඇත.” ආදී වශයෙන් පවත්නා කර්මඵල ශ්රද්ධාවද ඇත. ශ්‍රද්ධාව හා බැඳුණු සීලය ද ඒ ආශ්රිත චතුපාරිශුද්ධි ශීලය ද උන්වහන්සේට ඇත. “භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයහ. ධර්මය මැනවින් දේශිතය. සංඝයා මනා පැවතුම් ඇත්තෝය” යනුවෙන් තුනුරුවන් කෙරෙහි පවතින අචල වූ ප්‍රසාදය ඇත. විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාව පිරිසිඳ දැනීම් වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට ද හැකියාව ලබයි. නුවණැතිව ධර්මයෙන් හටගත් ප්‍රඥාවෙන් යුක්ත වූ භික්ෂුව බුදුවරුන්ගේ අනුශාසනාව අනුව සිටිමින්, එය නිතර සිහිකරමින් ඇවිලගත් තම හිස මධ්‍යස්ථ මාර්ගයෙහි යොදවයි. මැදුම් පිළිවෙතේ යෙදී ඒ සඳහා වීර්ය කරන්නේය” යන අර්ථයයි.
ධම්මපාලත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ධම්මපාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.