බ්රහ්මාලිත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
බ්රහ්මාලිත්ථෙරගාථාවණ්ණනා
බ්‍රහ්මාලි ස්ථවිරගාථා වර්ණනාව
කස්සින්ද්රියානි සමථඞ්ගතානීති ආයස්මතො බ්රහ්මාලිත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සත්ථාරං පිණ්ඩාය චරන්තං දිස්වා පසන්නමානසො වන්දිත්වා පාදඵලං අදාසි. සත්ථා අනුමොදනං වත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කොසලරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා බ්රහ්මාලීති ලද්ධනාමො විඤ්ඤුතං පත්තො හෙතුසම්පත්තියා චොදියමානො සංසාරෙ සඤ්ජාතසංවෙගො තාදිසෙන කල්යාණමිත්තසන්නිස්සයෙන බුද්ධසාසනෙ පබ්බජිත්වා පතිරූපකම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ විහරන්තො ඤාණස්ස පරිපාකගතත්තා නචිරස්සෙව විපස්සනං වඩ්ඪෙත්වා ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.51.63-67) –
“කස්සින්ද්රියානි සමථං ගතානි” යනු ආයුෂ්මත් බ්‍රහ්මාලි තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් රැස් කරමින් පැමිණ, විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක උපන්හ. වැඩිවියට පත් සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස වැඩම කරනු දැක පැහැදුණු සිතින් උන්වහන්සේට වැඳ වාර ඵලයක් පූජා කළේය. ශාස්තෲන් වහන්සේ පුණ්‍යානුමෝදනා කර වැඩම වූ සේක. ඒ පින්කමේ විපාක වශයෙන් දෙවි මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු පවුලක ඉපිද, “බ්‍රහ්මාලී” නමින් ප්‍රකට විය. වැඩිවියට පත් බ්‍රහ්මාලි බමුණා පූර්ව හේතු සම්පත් මගින් මෙහෙයවනු ලබන්නේ, සසර පිළිබඳව හටගත් සංවේග ඇතිව, එබඳුම අදහස් ඇති කල්‍යාණ මිත්‍ර ඇසුරින් උපකාර ලැබ බුදුසසුනේ පැවිදි විය. තම චරිතයට ගැලපෙන කමටහනක් ගෙන එය වඩමින් අරණ්‍යායතනයක වැඩ සිටි උන්වහන්සේ, ඤාණය මුහුකුරා ගොස් නොබෝ කලකින්ම විදසුන් වඩා ෂඩ් අභිඥාලාභී වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ආහුතීනං පටිග්ගහං; රථියං පටිපජ්ජන්තං, පාදඵලං අදාසහං.
“දායකයන්ගේ අනේක පූජාවන් පිළිගන්නා වූ රන්වන් පාටින් බබළන බුදුරජාණන් වහන්සේ වීථියට පිඬු සිඟා වැඩම කළ සේක. මම උන්වහන්සේට වාර ඵලයක් පිළිගැන්වූයෙමි.
“එකනවුතිතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵලදානයක් දුන්නෙම් ද එදා සිට මේ දක්වා මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා මග්ගසුඛෙන ඵලසුඛෙන වීතිනාමෙන්තො එකදිවසං පධානපරිග්ගාහකෙන ථෙරෙන තස්මිං අරඤ්ඤායතනෙ භික්ඛූ උද්දිස්ස වුත්තං පධානානුයොගං පරිග්ගණ්හන්තො –
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ මාර්ග හා ඵල සුවයෙන් කල් යවන උන්වහන්සේ, දිනක් තමා විසූ අරණ්යායතනයේ භික්ෂූන්ගේ අධ්‍යාත්මික ගුණධර්ම විමසන පධාන පරිග්රාහක තෙරුන්වහන්සේ විසින් එම ආරණ්යායතනයේ භික්ෂූන් සඳහා දෙසූ වීර්ය අනුව යෙදුණු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙම ගාථා දෙක වදාළහ.
“කස්සින්ද්රියානි සමථඞ්ගතානි, අස්සා යථා සාරථිනා සුදන්තා; පහීනමානස්ස අනාසවස්ස, දෙවාපි කස්ස පිහයන්ති තාදිනො.
“කස්සින්ද්රියානි සමථං ගතානී, අස්සා යථා සාරථීනා සුදන්තා, පහීණමානස්ස අනාසවස්ස, දෙවාපි තස්ස පිහයන්ති තාදිනො?”
“මය්හින්ද්රියානි සමථඞ්ගතානි, අස්සා යථා සාරථිනා සුදන්තා; පහීනමානස්ස අනාසවස්ස, දෙවාපි මය්හං පිහයන්ති තාදිනො”ති. – ගාථාද්වයං අභාසි.
“මයහින්ද්රියානි සමථං ගතානි, අස්සා යථා සාරථීනා සුදන්තා, පහීණමානස්ස අනාසවස්ස, දෙවාපි මය්හං පිහයන්ති තාදිනො” තී.
තස්සත්ථො – ඉමස්මිං අරඤ්ඤායතනෙ වසන්තෙසු භික්ඛූසු කස්ස භික්ඛුනො ථෙරස්ස වා නවස්ස වා මජ්ඣිමස්ස වා ඡෙකෙන සාරථිනා සුදන්තා අස්සා විය මනච්ඡට්ඨානි ඉන්ද්රියානි සමථං දන්තභාවං නිබ්බිසෙවනභාවං ගතානි. කස්ස නවවිධම්පි මානං පහාය ඨිතත්තා පහීනමානස්ස චතුන්නම්පි ආසවානං අභාවෙන අනාසවස්ස ඉට්ඨාදීසු තාදිලක්ඛණප්පත්තියා තාදිනො දෙවාපි පිහයන්ති මනුස්සාපි සම්මාපටිපත්තිදස්සනාදිනා ච ආදරෙන පත්ථෙන්තීති.
එහි අර්ථ මෙසේය - “මේ අරණ්යායතනයේ වසන භික්ෂූන් අතරින් කවර නම් ථෙර, නවක, මධ්‍යම භික්ෂුවක් දක්ෂ වූ රියදුරෙකු විසින් අශ්වයන් මනාව දමනය කරගන්නාක් මෙන්, මනස සය වැනි වූ ඉඳුරන් සය සන්සිඳුනු බවට, දමනය කරගත් බවට, නිර්විෂ ඇති බවට පැමිණියේ ද? කවර නම් භික්ෂුවක් නව වැදෑරුම් මානය දුරුකර සිටි බැවින් දුරු කළ මාන ඇතිව, සිවු ආශ්‍රව ධර්ම අභාවයෙන් අනාශ්‍රව වූයේ, මනෝඥ වූ තාදී ගුණයන්ට පැමිණියේ, තාදී ගුණ නිසා දෙවියන්ටද ප්‍රියවූවෙක්, යහපත් පිළිවෙත් දැක්වීමෙන් ද ආදරයෙන් ද වැඩෙන බැවින් මිනිසුන්ට ප්‍රියවූවෙක් වන්නේ ද?”
තත්ථ ච ගාථායං පුරිමඩ්ඪෙන අනාගාමිමග්ගාධිගමො පුට්ඨො, අනාගාමිනොපි හි ඉන්ද්රියානි පහීනකාමරාගබ්යාපාදතාය සමථං නිබ්බිසෙවනතං ගතානි හොන්ති. ඉතරෙන අරහත්තමග්ගපටිලාභො, අරහා හි “පහීනමානො අනාසවො තාදී”ති ච වුච්චති.
මෙම ගාථාවේ පූර්ව අර්ධයෙන් අනාගාමී මාර්ගාවබෝධය පිළිබඳව විමසන ලදි. අනාගාමී පුද්ගලයාට ද ඉඳුරන් මගින් ප්‍රහීණ කළ කාමරාග ව්‍යාපාද ඇති බැවින් සමථය නිර්විෂ බවට පැමිණියේ වේ. සෙසු පාද දෙකින් අර්හත් මාර්ගාවබෝධය පිළිබඳව විමසන ලදි. රහතන් වහන්සේට මානය ප්‍රහීණ වූයේ අනාශ්‍රව වූයේ තාදීහු යැයි පවසති.
අථායස්මා බ්‍රහ්මාලි පධානපරිග්ගාහකෙන වුත්තං “කස්සින්ද්රියානී”ති ගාථං පච්චනුභාසි. තදත්ථං අත්තූපනායිකවසෙන විස්සජ්ජෙන්තො “මය්හින්ද්රියානී”තිආදිකාය දුතියගාථාය අඤ්ඤං බ්යාකාසි, තත්ථ මය්හින්ද්රියානීති මම චක්ඛාදීනි ඉන්ද්රියානි. සෙසං වුත්තනයමෙව.
ඉක්බිති බ්‍රහ්මාලි තෙරුන් පධාන පරිග්ගාහක තෙරුන් විසින් වදහළ ගාථාව වන “කස්සින්ද්රියානි” යන ගාථාව නැවත ප්‍රකාශ කළේය. එහි අර්ථ තමා වෙත ඇති බව දක්වමින් ඉන් පසුව “මය්හින්ද්රියානි” යනාදී දෙවැනි ගාථාව ප්‍රකාශ කරමින්, උන්වහන්සේ සිය රහත්බව විදහා දැක්වූහ. එහි “මය්හින්ද්රියානි” යනු මගේ ඇස් ආදි ඉඳුරන් සයයි. ඉතිරි පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
බ්රහ්මාලිත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
බ්‍රහ්මාලි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.