යෙදුමෙන් කියවන්න

මොඝරාජත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මොඝරාජත්‍ථෙරගාථාවණ‍්ණනා

මෝඝරාජ ස්ථවිරගාථා වර්ණනාව

ඡවිපාපක චිත‍්තභද‍්දකාති ආයස‍්මතො මොඝරාජත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ලූඛචීවරධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා තං ඨානන‍්තරං ආකඞ‍්ඛන‍්තො පණිධානං කත්‍වා තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා බ්‍රාහ‍්මණානං විජ‍්ජාසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො බ්‍රාහ‍්මණමාණවෙ විජ‍්ජාසිප‍්පානි සික‍්ඛාපෙන‍්තො එකදිවසං අත්‍ථදස‍්සිං භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝපරිවුතං ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා සිරසි අඤ‍්ජලිං කත්‍වා “යාවතා රූපිනො සත‍්තා”තිආදිනා ඡහි ගාථාහි අභිත්‍ථවිත්‍වා භාජනං පූරෙත්‍වා මධුං උපනාමෙසි. සත්‍ථා මධුං පටිග‍්ගහෙත්‍වා අනුමොදනං අකාසි.

“ඡවි පාපක චිත්ත භද්දකා” යනු ආයුෂ්මත් මෝඝරාජ තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයේ හිඳිමින් ධර්මශ්‍රවණය කරන ඔහු; ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් රූක්‍ෂ සිවුරු දරන භික්‍ෂූන් අතර අග්‍රස්ථානයෙහි තබනු දැක, ඒ තනතුර පතාගෙන ඒ ඒ භවයේදී කුසලතා සම්පූර්ණ කළේය. අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ දවස බමුණු කුලයක ඉපිද බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගොස් බමුණු කුමරුවන්ට සිප්සතර ඉගැන්වූ හෙතෙම දිනක් අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍සු සංඝයා පිරිවරා වැඩම වනු දුටුවේය. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා පසඟ පිහිටුවා වැඳ හිසේ ඇඳිලි බැඳගෙන, “යාවතා රූපිනො සත්තා” යන ගාථා සයෙන් උන්වහන්සේට ස්තූතිකොට බඳුනක් පුරවා මී පැණි පිළිගැන්වීය. මී පැණි පිළිගත් ශාස්තෲන් වහන්සේ පුණ්‍යානුමෝදනා කළ සේක.

සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ කට‍්ඨවාහනස‍්ස නාම රඤ‍්ඤො අමච‍්චො හුත්‍වා තෙන සත්‍ථු ආනයනත්‍ථං පුරිසසහස‍්සෙන පෙසිතො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා වීසතිවස‍්සසහස‍්සානි සමණධම‍්මං කත්‍වා තතො චුතො එකං බුද‍්ධන‍්තරං සුගතීසුයෙව පරිවත‍්තෙන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා මොඝරාජාති ලද‍්ධනාමො බාවරීබ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකෙ උග‍්ගහිතසිප‍්පො සංවෙගජාතො තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තාපසසහස‍්සපරිවාරො අජිතාදීහි සද‍්ධිං සත්‍ථු සන‍්තිකං පෙසිතො තෙසං පන‍්නරසමො හුත්‍වා පඤ‍්හෙ පුච‍්ඡිත්‍වා පඤ‍්හවිස‍්සජ‍්ජනපරියොසානෙ අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.4.64-83) –

මේ පින්කම්වල බලයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා පැමිණි ඔහු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී කාෂ්ඨවාහන නම් රජුගේ ඇමතියකුව ඉපිද, එරජු විසින් ශාස්තෲන් වහන්සේ කැඳවාගෙන ඒම සඳහා පුරුෂයන් දාහයක් සමඟ ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්ම ශ්‍රවණය කොට, ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වී වසර විසි දාහක් මහණ දම් පුරා ඉන් චුතව එක් බුද්ධාන්තරයක්ම දෙව්ලොව සැප වින්දේය. පසුව මේ බුද්ධෝත්පාද කාලයේ දී මෝඝරාජ නමින් බමුණු පවුලක උපන් හෙතෙම බාවාරි නම් බ්‍රාහ්මණ පඬිවරයා සමීපයේ ශිල්ප උගත්තේය. හටගත් සංවේගයෙන් ගිහිගේ කළකිරී තාපසයෙකු ලෙස පැවිදි වූ මෝඝරාජ, තවුසන් දාහක් පිරිවරා ගෙන අජිතාදී තවුසන් සමඟ ගුරුවරයා විසින් ශාස්තෲන් වහන්සේ සමීපයට යවන ලද්දේ, ඒ පිරිසේ පහළොස් වැනියාව සිට බුදුරදුන්ගෙන් ප්‍රශ්න විමසා එය විසඳා දුන් කල්හිම රහත් බවට පත් විය. අපදාන පාළියේ මෝඝරාජ හිමියෝ මෙසේ පවසති.

“අත්‍ථදස‍්සී තු භගවා, සයම‍්භූ අපරාජිතො; භික‍්ඛුසඞ‍්ඝපරිබ්‍යූළ‍්හො, රථියං පටිපජ‍්ජථ.

“සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කරගත්තා වූ, අපරාජිත වූ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලදුව වීථියට පිළිපන් සේක.

“සිස‍්සෙහි සම‍්පරිවුතො, ඝරම‍්හා අභිනික‍්ඛමිං; නික‍්ඛමිත්‍වානහං තත්‍ථ, අද‍්දසං ලොකනායකං.

ශිෂ්‍යයන් විසින් පිරිවරා ගත් මම ගෙදරින් නික්මුණෙමි. නික්ම යන්නා වූ මම ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.

“අභිවාදිය සම‍්බුද‍්ධං, සිරෙ කත්‍වාන අඤ‍්ජලිං; සකං චිත‍්තං පසාදෙත්‍වා, සන්‍ථවිං ලොකනායකං.

සිරසෙහි ඇඳිලි බැඳ බුදුරදුන්ට වැඳි මම සිත පහදවා ගෙන ලෝක නාථයන් වහන්සේ සමඟ පිළිසඳර කථා කළෙමි.

“යාවතා රූපිනො සත‍්තා, අරූපී වා අසඤ‍්ඤිනො; සබ‍්බෙ තෙ තව ඤාණම‍්හි, අන‍්තො හොන‍්ති සමොගධා.

“යම් පමණ රූපාවචර බ්‍රහ්මයෝ වෙත් ද එසේම අරූපාවචර බ්‍රහ්මයෝ වෙත් ද අසංඥතල වැසි බ්‍රහ්මයෝ වෙත් ද ඒ සියලු දෙන ඔබ වහන්සේගේ ඤාණයෙහි ඇතුළත් වෙති. ඔබ නුවණට ඔවුහු පෙනෙති.

“සුඛුමච‍්ඡිකජාලෙන, උදකං යො පරික‍්ඛිපෙ; යෙ කෙචි උදකෙ පාණා, අන‍්තොජාලෙ භවන‍්ති තෙ.

යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියේ ඔබන්නේ නම් දියේ කිසියම් ප්‍රාණියෙක් වෙත් ද ඒ සියලු දෙන දෑස තුළට වැදගනිති.

“යෙසඤ‍්ච චෙතනා අත්‍ථි, රූපිනො ච අරූපිනො; සබ‍්බෙ තෙ තව ඤාණම‍්හි, අන‍්තො හොන‍්ති සමොගධා.

රූපී සත්ත්‍වයන්ගේ ද අරූපී සත්ත්‍වයන්ගේ ද යම් චේතනාවක් වේ නම් සියළුම ඒ චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුලත් වෙති.”

“සමුද‍්ධරසිමං ලොකං, අන්‍ධකාරසමාකුලං; තව ධම‍්මං සුණිත්‍වාන, කඞ‍්ඛාසොතං තරන‍්ති තෙ.

“ඔබ වහන්සේ අඳුරෙන් වැසුණු මේ ලෝකයා නඟා සිටුවන සේක. ඔවුහු ඔබ වහන්සේගේ ධර්මය අසා සැකය නම් සැඩපහර තරණය කරති.

“අවිජ‍්ජානිවුතෙ ලොකෙ, අන්‍ධකාරෙන ඔත්‍ථටෙ; තව ඤාණම‍්හි ජොතන‍්තෙ, අන්‍ධකාරා පධංසිතා.

ලෝකවාසී සත්ත්‍වයෝ අවිද්‍යාවෙන් වසාගත්හ. මෝහන්‍ධකාරයෙන් වෙලී පවතියි. ඔබවහන්සේගේ නුවණ බැබළෙන කල්හි ලෝවැසියෝ නැසූ මෝහන්‍ධකාර ඇත්තෝ වෙති.

“තුවං චක‍්ඛූසි සබ‍්බෙසං, මහාතමපනූදනො; තව ධම‍්මං සුණිත්‍වාන, නිබ‍්බායති බහුජ‍්ජනො.

ඔබ වහන්සේ සෑම දෙනාගේම මහා මෝහන්‍ධකාරය දුරු කරන්නා වු ඇසක් වන සේක. බොහෝ ජනයා ඔබවහන්සේගේ ධර්මය අසා කෙලෙස් ගිනි නිවාගනිති.”

“පුටකං පූරයිත්‍වාන, මධුඛුද‍්දමනෙළකං; උභො හත්‍ථෙහි පග‍්ගය‍්හ, උපනෙසිං මහෙසිනො.

මෙසේ යාවතා රූපිනො සත්තා” ආදී ගාථා හයකින් බුදුගුණ වැනූ මම; පිරිසිදු දඩුවෙල් බෑ මී පැණි සැළියක් පුරවා දෝතින්ම ගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.

“පටිග‍්ගණ‍්හි මහාවීරො, සහත්‍ථෙන මහා ඉසි; භුඤ‍්ජිත්‍වා තඤ‍්ච සබ‍්බඤ‍්ඤූ, වෙහාසං නභමුග‍්ගමි.

“මී වැළඳූ මහර්ෂී වූ මහා වීර වූ බුදුරජාණන් වහන්සේ අහසට නැඟී වැඩම කළ සේක.

“අන‍්තලික‍්ඛෙ ඨිතො සත්‍ථා, අත්‍ථදස‍්සී නරාසභො; මම චිත‍්තං පසාදෙන‍්තො, ඉමා ගාථා අභාසථ.

අහසෙහි සිටි නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සි ශාස්තෲහු මගේ සිත පහදවමින් මෙසේ වදාළහ.

“යෙනිදං ථවිතං ඤාණං, බුද‍්ධසෙට‍්ඨො ච ථොමිතො; තෙන චිත‍්තප‍්පසාදෙන, දුග‍්ගතිං සො න ගච‍්ඡති.

“මෙසේ බුදුනුවණ යමෙකු විසින් පසසන ලද ද යමෙක් බුද්ධ ශ්‍රේෂ්ඨයන්ට ස්තූති කළේ ද ඔහු චිත්ත ප්‍රසාදය කරණ කොට ගෙන දුගතියකට නො යන්නේ ය.

“චතුද‍්දසඤ‍්ච ඛත‍්තුං සො, දෙවරජ‍්ජං කරිස‍්සති; පථබ්‍යා රජ‍්ජං අට‍්ඨසතං, වසුධං ආවසිස‍්සති.

ඔහු දෙව්ලොව දාහතර වරක් දෙව්රජය කරන්නේය. පෘථිවි රජකම අටසිය වරක් කරමින් පොළවෙහි වෙසෙන්නේය.

“පඤ‍්චෙව සතක‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී භවිස‍්සති; පදෙසරජ‍්ජං අසඞ‍්ඛෙය්‍යං, මහියා කාරයිස‍්සති.

සක්විති රජව පන්සිය වරක් උපදින්නේය. පෘථිවියේ ලබන ප්‍රදේශ රාජ සම්පත් ගණන් කළ නොහැක.

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; ගොතමස‍්ස භගවතො, සාසනෙ පබ‍්බජිස‍්සති.

එසේ සැප විඳින මෙතෙම වේද හදාරන, මන්ත්‍රධර වූ වේදත්‍රයේ පරතෙරට ගියා වූ බමුණෙක්ව ගෞතම බුදුරදුන්ගේ සසුනෙහි පැවිදි වන්නේ ය.

“ගම‍්භීරං නිපුණං අත්‍ථං, ඤාණෙන විචිනිස‍්සති; මොඝරාජාති නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

ගැඹුරු වූ සියුම් අර්ථ නුවණින් දැනගන්නා වූ මෙතෙම මෝඝරාජ නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය.

“තීහි විජ‍්ජාහි සම‍්පන‍්නං, කතකිච‍්චමනාසවං; ගොතමො සත්‍ථවාහග‍්ගො, එතදග‍්ගෙ ඨපෙස‍්සති.

උතුම් සාත්තුවාහකයකු වැනි වූ ගෞතම බුදුපියාණන් වහන්සේ ත්‍රිවිද්‍යාවන්ගෙන් යුක්තව කොට නිම වූ බඹසර ඇති ව අනාශ්‍රව වූයේ අගතනතුරු ලබන්නේ ය.

“හිත්‍වා මානුසකං යොගං, ඡෙත්‍වාන භවබන්‍ධනං; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, විහරාමි අනාසවො.

“මම දැන් සියලු මානුෂීය ආකල්ප හැර භව බැඳුම් සිඳ සියලු ආශ්‍රව ප්‍රහාණය කොට අනාශ්‍රව ව වෙසෙමි. සියල්ල පිරිසිඳ දනිමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා සත්‍ථලූඛං සුත‍්තලූඛං රජනලූඛන‍්ති විසෙසෙන තිවිධෙනපි ලූඛෙන සමන‍්නාගතං පංසුකූලං ධාරෙසි. තෙන නං සත්‍ථා ලූඛචීවරධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. අපරභාගෙ පුරිමකම‍්මප‍්පච‍්චයා පරිහාරස‍්ස අකරණතො ථෙරස‍්ස සරීරෙ දද‍්දුපීළකාදීනි උප‍්පජ‍්ජිත්‍වා වඩ‍්ඪිංසු. සො “සෙනාසනං දුස‍්සතී”ති හෙමන‍්තෙපි මගධක‍්ඛෙත‍්තෙසු පලාලසන්‍ථාරානි අත්‍ථරිත්‍වා සෙති. තං එකදිවසං උපට‍්ඨානං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නං සත්‍ථා පටිසන්‍ථාරවසෙන “ඡවිපාපකා”තිආදිනා පඨමගාථාය පුච‍්ඡි.

රහත් බවට පත්ව සත්‍ථ, සුත්ත, රජන යනාදී රූක්‍ෂ ප්‍රතිපදා තුනෙන් යුක්ත වූ පාංශුකූල සිවුරු පෙරවූ බැවින් ශාස්තෲන් වහන්සේ දිනක් මෝඝරාජ හිමියෝ රූක්‍ෂ සිවුරු දරණ භික්‍ෂූන්ගෙන් අග්‍ර ස්ථානයට පත්කර වදාළහ. ඊට පසු කාලයක පෙර කර්මයක් නිසා ශරීරයේ රැකවරණ නිසි පරිදි නොකළ හෙයින් තෙරුන්ගේ සිරුරේ දද පිළිකාදිය ඉපිද වර්ධනය විය. උන්වහන්සේ “සෙනසුන කිළිටි වේ” යැයි සිතා හේමන්ත සෘතුවේ පවා මගධ ක්‍ෂේත්‍රයේ පිදුරු ඇතිරිල්ලක් අතුරාගෙන වෙසෙති. මෝඝරාජ හිමියෝ දිනක් උපස්ථානය සඳහා ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, වැඳ එකත් පසෙක සිටියහ. පිළිසඳර කථාකිරීම් වශයෙන් එවිට ශාස්තෲන් වහන්සේ මේ ගාථාව වදාළ සේක.

“ඡවිපාපක චිත්තභද්දක මොඝරාජ සතතං සමාහිතො, හෙමන්තික සීතකාල රත්තියො භික්‍ඛු තුවංසි කථං කරිස්ස සී” තී.

තත්‍ථ ඡවිපාපකාති දද‍්දුකච‍්ඡුපීළකාහි භින‍්නච‍්ඡවිභාවතො හීනච‍්ඡවික දුට‍්ඨච‍්ඡවික . චිත‍්තභද‍්දකාති අනවසෙසකිලෙසප‍්පහානෙන බ්‍රහ‍්මවිහාරසෙවනාය ච භද‍්දචිත‍්ත සුන්‍දරචිත‍්ත. මොඝරාජාති තස‍්ස ආලපනං. සතතං සමාහිතොති අග‍්ගඵලසමාධිනා නිච‍්චකාලං අභිණ‍්හං සමාහිතමානසො. හෙමන‍්තිකසීතකාලරත‍්තියොති හෙමන‍්තසමයෙ සීතකාලරත‍්තියො. අච‍්චන‍්තසංයොගෙ චෙතං උපයොගවචනං. “හෙමන‍්තිකා සීතකාලරත‍්තියො”තිපි පාළි. තත්‍ථ හෙමන‍්තිකාති හෙමන‍්තොගධා හෙමන‍්තපරියාපන‍්නාති අත්‍ථො. භික‍්ඛු ත්‍වං සීති භික‍්ඛු කො ත්‍වං අසි, එවංභූතො පරෙසු තව සෙනාසනං කත්‍වා අදෙන‍්තෙසු සඞ‍්ඝිකඤ‍්ච සෙනාසනං අපවිසන‍්තො. කථං කරිස‍්සසීති යථාවුත‍්තෙ සීතකාලෙ කථං අත‍්තභාවං පවත‍්තෙසීති සත්‍ථා පුච‍්ඡි. එවං පන පුට‍්ඨො ථෙරො සත්‍ථු තමත්‍ථං කථෙන‍්තො –

එහි “ඡවිපාපක” යනු දද කඩු, පිළිකාදියෙන් බිඳුණු සිරුරු ඇති බැවින් හීන වූ දුර්වල වූ නපුරු සම් ඇති. “චිත්ත භද්දක” යනු ඉතිරි නොකොට කෙලෙස් ප්‍රහීණ කරන ලද බැවින්, බ්‍රහ්ම විහරණ ඇසුරු කිරීමෙන් භද්‍ර වූ සුන්දර වූ සිත් ඇති. “මොඝරාජ” යනු ඒ භික්‍ෂුවට ඇමතීමයි. “සත්තං සමාහිතො” අග්‍රඵල සමාධියෙන් නිතරම, සෑම කල්හි ම සන්සුන් සිත් ඇති ව, “හෙමන්තික සීතකාල රත්තියො” හේමන්ත කාලයේ (සෘතුවේ) සීතලින් බර වූ කළුම කළු වූ රාත්‍රීණ්හි. මෙහි අත්‍යන්ත සංයෝගයේ දුතියා විභක්තිය යෙදී ඇත. “හෙමන්තිකා සීතකා රත්තියො” යනුවෙන් ද පිටක ග්‍රන්ථවල මෙය දැක්වේ. එහි “හෙමන්තිකා” යනු හේමන්ත සෘතුවට අයත් වූ, හේමන්ත සෘතුවට ඇතුලත් වූ යන අර්ථයයි. “භික්‍ඛු තුවං සි” නුඹ පැවිදි වූවාහු. මෙසේ වූ නුඹට අන්‍යයන් සෙනසුන් කරවා නොදෙන කල්හි, නුඹ සංඝයාට අයත් (සාංඝික) සෙනසුන්වල නොපිවිස, “කථං කරිස්සසී” ගන්නෙහි ද?” යි ශාස්තෲහු විමසූහ. මෙසේ විමසූ කල්හි මෝඝරාජ හිමියෝ ඊට පිළිතුරු දෙමින් මෙම ගාථාව වදාළහ.

“සම‍්පන‍්නසස‍්සා මගධා, කෙවලා ඉති මෙ සුතං; පලාලච‍්ඡන‍්නකො සෙය්‍යං, යථඤ‍්ඤෙ සුඛජීවිනො”ති. – ගාථමාහ;

“සම්පන්න සස්සා මගධා කෙවලා ඉති මෙ සුතිං, පලාලච්ඡන්නකො සෙය්‍යං යථඤ්ඤෙ සුඛජීවිනො” තී.

තත්‍ථ සම‍්පන‍්නසස‍්සාති නිප‍්ඵන‍්නසස‍්සා. මගධාති මගධරට‍්ඨං වදති. මගධා නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ‍්හීවසෙන “මගධා”ත්‍වෙව බහුවචනෙන වුච‍්චති. කෙවලාති අනවසෙසා. ඉති මෙ සුතන‍්ති එවං මයා සුතං. තත්‍ථ යො අදිට‍්ඨො පදෙසො, තස‍්ස වසෙන සුතන‍්ති වුත‍්තං. තෙන එදිසෙ කාලෙ මගධෙසු යත්‍ථ කත්‍ථචි මයා වසිතුං සක‍්කාති දස‍්සෙති. පලාලච‍්ඡන‍්නකො සෙය්‍යං, යථඤ‍්ඤෙ සුඛජීවිනොති යථා අඤ‍්ඤෙ සුඛජීවිනො භික‍්ඛූ සෙනාසනසප‍්පායං ලද‍්ධා සුන්‍දරෙහි අත්‍ථරණපාවුරණෙහි සුඛෙන සයන‍්ති, එවං අහම‍්පි පලාලසන්‍ථාරමෙව හෙට‍්ඨා සන්‍ථරිත්‍වා උපරි තිරියඤ‍්ච පලාලච‍්ඡදනෙනෙව ඡාදිතසරීරතාය පලාලච‍්ඡන‍්නකො සෙය්‍යං සයිං, සෙය්‍යං කප‍්පෙසින‍්ති අත‍්තනො යථාලාභසන‍්තොසං විභාවෙති.

එහි “සම්පන්නසස්සා” සමෘද්ධ වූ ශස්‍ය ඇති, පැසුණු ගොයම් ඇති. “මගධා” මගධ රටෙහි. “මාගධා” නම් ජනාපදීන් ගේ රජකුමරුවෝ මෙහි විසූ බැවින් එක ජනපදයක් වුවත් ආරූඪ වීම් වශයෙන් “මගධා” යැයි බහුවචනයෙන් තබන ලදි. “කෙවලා” මුලුමනින්ම, සියලු. “ඉති මෙ සුතං” මෙසේ මවිසින් අසන ලදි. එහි මගධයෙහි යම් නොදක්නා ලද ප්‍රදේශයක් වේ නම් ඒ සඳහා අසන ලදැයි පවසන ලදි. ඉන් මෙම කාලයේ දී මගධයෙහි ඕනෑම තැනක විසීමට මා හට හැකි යැයි අදහස් වේ. “පලාලච්ඡන්නකො සෙය්‍යං යථඤ්ඤෙ සුඛ ජීවිනො” යම් සේ අනිත් භික්‍ෂූහු සැපසේ ජීවත් වෙමින් සුදුසු සෙනසුන් ලබා සුන්දර වූ ඇතිරිලි පොරෝනා සහිතව සැපෙන් නිදන්නාහු ද එසේම මම ද යටට පිදුරු ඇතිරිල්ල පමණක් ම අතුරා, මත්තෙහි ද හරහට ද පිදුරු සෙවිලි වලින් ම සිරුර වසා ඇති බැවින් පිදුරු සෙවූ සිරුරු ඇතිව. “සෙය්‍යං” හිඳීම, සයනය කිරීම කරන්නෙමි. තමන් වහන්සේගේ යථාලාභ සන්තෝෂය මෙහිදී ප්‍රකට කරන ලදි.

මොඝරාජත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මෝඝරාජ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.