යෙදුමෙන් කියවන්න

විසාඛපඤ‍්චාලපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

විසාඛපඤ‍්චාලපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

විසාඛපඤ්චාලිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව

න උක‍්ඛිපෙ නො ච පරික‍්ඛිපෙ පරෙති ආයස‍්මතො විසාඛස‍්ස පඤ‍්චාලපුත‍්තස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො ඉතො චුද‍්දසෙ කප‍්පෙ පච‍්චන‍්තගාමෙ දලිද‍්දකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං ඵලපරියෙසනං චරන‍්තෙහි තස‍්මිං ගාමෙ මනුස‍්සෙහි සද‍්ධිං අරඤ‍්ඤං ගතො තත්‍ථ එකං පච‍්චෙකබුද‍්ධං දිස‍්වා පසන‍්නමානසො වල‍්ලිඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ මණ‍්ඩලිකරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විසාඛොති ලද‍්ධනාමො පඤ‍්චාලරාජධීතුයා පුත‍්තභාවතො පච‍්ඡා පඤ‍්චාලපුත‍්තොති පඤ‍්ඤායිත්‍ථ. සො පිතරි මතෙ රජ‍්ජං කාරෙන‍්තො සත්‍ථරි අත‍්තනො ගාමසමීපගතෙ සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සත්‍ථාරා සද‍්ධිං සාවත්‍ථිං ගතො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.39.31-36) –

“න උක්ඛිපෙ නො ච පරික්ඛිපෙ පරෙ” යනු ආයුෂ්මත් විසාඛ පංචාලිපුත්ත තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින්දහම් රැස්කර ගත් සේක්, මීට කල්ප දාහතරකට පෙර දී ප්‍රත්‍යන්ත ගමක දිළිඳු කුලයක ඉපිද වැඩිවියට පත් වූහ. දිනක් ඵල වැල සොයමින් හැසිරෙන ඒ ගමේ මිනිසුන් සමඟ අරණ්‍යයට ගොස්, එහි දී එක් පසේ බුදුවරයකු දැක පැහැදුණු සිතින් උන්වහන්සේට වල්ලි ඵල දුන්නේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී මගධ රටෙහි මාණ්ඩලික රාජ කුලයක ඉපිද “විසාඛ” නමින් ද පංචාලි රජ දුවගේ පුතු බැවින් පංචාලි පුත්ත යනුවෙන් ද ප්‍රකට විය. පියා මියගිය කල්හි රජ වූ ඔහු ශාස්තෲන් වහන්සේ තම සමීපයට වැඩම කළ කාලයේදී උන්වහන්සේ වෙත ගොස්, ධර්ම ශ්‍රවණය කොට ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වී උන්වහන්සේ සමගම සැවැත් නුවරට ගොස් විදසුන් වඩා නොබෝ කලකින්ම ෂඩ් අභිඥා උපදවා ගත් මහරහතන් වහන්සේ නමක් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“සබ‍්බෙ ජනා සමාගම‍්ම, අගමිංසු වනං තදා; ඵලමන්‍වෙසමානා තෙ, අලභිංසු ඵලං තදා.

“එකල සියලු ජනයා සමග පැමිණි මම වනයට ගියෙමි. ඵලවැල සොයමින් වනයේ හැසිරුණු අපි බොහෝ ඵලවැල නෙලා ගත්තෙමු.

“තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං, සයම‍්භුං අපරාජිතං; පසන‍්නචිත‍්තො සුමනො, වල‍්ලිඵලමදාසහං.

තමන් වහන්සේම සත්‍ය අවබෝධ කරගත්, අපරාජිත වූ පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකු දැක, පැහැදුණු සිත් ඇති මම සතුටු සිතින් වල්ලි ගෙඩියක් පිදුවෙමි.

“චතුද‍්දසෙ ඉතො කප‍්පෙ, යං ඵලමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මීට කල්ප දාහතරකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එදා සිට ම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා ථෙරො ඤාතීනං අනුකම‍්පාය ජාතිභූමිං අගමාසි. තත්‍ථ මනුස‍්සා ථෙරං උපසඞ‍්කමිත්‍වා කාලෙන කාලං ධම‍්මං සුණන‍්තා එකදිවසං “කතිහි නු ඛො, භන‍්තෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො ධම‍්මකථිකො හොතී”ති ධම‍්මකථිකලක‍්ඛණං පුච‍්ඡිංසු. ථෙරො තෙසං ධම‍්මකථිකලක‍්ඛණං කථෙන‍්තො –

ෂඩ් අභිඥාලාභී වූ තෙරුන් වහන්සේ ඥාතීන්ට අනුකම්පාවෙන් නැවත උපන් බිමට වැඩම කළහ. එහි මිනිස්සු වරින් වර තෙරුන් වහන්සේ වෙත පැමිණ ධර්මශ්‍රවණය කිරීමට පුරුදු වූහ. එක් දිනක් “ස්වාමීනි! ධර්මකථිකයා කවර අංගයන්ගෙන් සමන්විත වුයේ ද?”යි මිනිස්සු ධර්මකථිකයාගේ ලක්‍ෂණ විමසූහ. තෙරුන් වහන්සේ ඔවුන්ට ධර්මකථිකයාගේ ලක්‍ෂණ විමසූහ. තෙරුන් වහන්සේ ඔවුන්ට ධර්මකථිකයාගේ ලක්‍ෂණ පැවසීමට මේ ගාථා දෙක වදාළහ.

“න උක‍්ඛිපෙ නො ච පරික‍්ඛිපෙ පරෙ, න ඔක‍්ඛිපෙ පාරගතං න එරයෙ; න චත‍්තවණ‍්ණං පරිසාසු බ්‍යාහරෙ, අනුද‍්ධතො සම‍්මිතභාණි සුබ‍්බතො.

“න උක්ඛිපෙ, නොච පරික්ඛපෙ පරෙ, න ඔක්ඛිපෙ, පාරගතං ත ඵරයෙ, න චත්තවණ්ණං පරිසාසු ඛ්‍යාහරෙ, අනුද්ධතො සම්මිතභාණි සුබ්බතො”

“සුසුඛුමනිපුණත්‍ථදස‍්සිනා, මතිකුසලෙන නිවාතවුත‍්තිනා; සංසෙවිතබුද‍්ධසීලිනා, නිබ‍්බානං න හි තෙන දුල‍්ලභ”න‍්ති. – ගාථාද‍්වයං අභාසි.

“සුසුඛමනිපුණත්‍ථ දස්සිනා, මතිකුසලෙන නිවාත වුත්තිනා, සංසෙවිත බුද්ධසීලිනා නිබ්බාණං නහි තෙන දුල්ලභං” තී.

තත්‍ථ න උක‍්ඛිපෙති අත‍්තානං න උක‍්ඛිපෙය්‍ය, ජාතිආදීහි බාහුසච‍්චාදීහි ච අත‍්තුක‍්කංසනං න කරෙය්‍ය. නො ච පරික‍්ඛිපෙ පරෙති පරෙ පරපුග‍්ගලෙ තෙහෙව ජාතිආදීහි නො පරික‍්ඛිපෙ පරිච‍්ඡින්‍දිත්‍වා න ඛිපෙය්‍ය ගුණපරිධංසනවසෙන වා න ඛිපෙය්‍ය. න ඔක‍්ඛිපෙ පරෙ ඉච‍්චෙවං සම‍්බන්‍ධො. පරෙ ඔජ‍්ඣාපනවසෙන න ඔක‍්ඛිපෙ හෙට‍්ඨතො කත්‍වා පරෙ න ඔලොකාපෙය්‍ය, න ඔජ‍්ඣාපෙය්‍යාති අත්‍ථො. “න උක‍්ඛිපෙ”ති කෙචි පඨන‍්ති, සො එවත්‍ථො. පාරගතන‍්ති සංසාරපාරං විය විජ‍්ජාය පාරං ගතං ඛීණාසවං තෙවිජ‍්ජං ඡළභිඤ‍්ඤං වා න එරයෙ න ඝට‍්ටයෙ න ආසාදෙය්‍ය. න චත‍්තවණ‍්ණං පරිසාසු බ්‍යාහරෙති අත‍්තනො වණ‍්ණං ගුණං ලාභසක‍්කාරසිලොකං නිකාමයමානො ඛත‍්තියපරිසාදීසු න භාසෙය්‍ය. අනුද‍්ධතොති උද‍්ධච‍්චරහිතො. උද‍්ධතස‍්ස හි වචනං නාදියන‍්ති. සම‍්මිතභාණීති සම‍්මදෙව මිතභාණී, කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසඤ‍්හිතමෙව වාචං භාසනසීලොති අත්‍ථො. ඉතො අඤ‍්ඤථා වදන‍්තස‍්ස වචනං අගහණීයං හොති. සුබ‍්බතොති සුන්‍දරවතො සීලසම‍්පන‍්නො. “සියා”ති කිරියාපදං ආනෙත්‍වා යොජෙතබ‍්බං.

මෙහි “න උක්ඛිපෙ” තමා හුවා නො දක්වන්නේය. ජාති ආදියෙන් ද බහුශ්‍රැත භාවාදියෙන් ද තමා උසස් කර දැක්වීම නො කරන්නේය. “නො ච පරික්ඛිපෙ පරෙ” අන්‍ය පුද්ගලයන් ද එලෙසින්ම ජාති ආදියෙන් හෙළා නොදකින්නේය. ගුණ විනාශ කිරීම් වශයෙන් පහත් කර නො සලකන්නේ ය. අනුන් පහත් කොට නො බලන්නේය යන අරුත් ඇති “න ඔක්ඛිපෙ” යන්න මෙයටම සම්බන්ධය. “අන්‍යයන්ට දොස් නො කියන්නේය” යන අර්ථයයි. ඇතැම්හු මෙය “න උක්ඛිපෙ” යන්න මෙයටම සම්බන්ධය. “අන්‍යයන්ට දොස් නො කියන්නේය” යන අර්ථයයි. ඇතැම්හු මෙය “න උක්ඛිපෙ” යැයි කියති. එහි ද එම අර්ථයම ය. “පාරගතං” සංසාරයේ පරතෙරට මෙන් අභිඥාවන්හි පරතෙරට ගිය, ක්‍ෂීණාශ්‍රව වූ ත්‍රිවිද්‍යාපත් ෂඩ් අභිඥාලාභී වූ රහතන් වහන්සේ නො ගටන්නේය. කම්පා නො කරන්නේය. පහර නො දෙන්නේය. “න චත්තවණ්ණං පරිසාසු ඛ්‍යාහරෙ”, තමාගේ වර්ණනාව, ගුණ ආදිය ලාභ සත්කාර කීර්ති අපේක්‍ෂාවෙන් ක්‍ෂත්‍රීය පිරිස් ආදියෙහි නො කියන්නේය. “අනුද්ධතො” යනු නොවිසිරුණු සිත් ඇතිව, නොසන්සුන් සිත් ඇත්තාගේ වචන නො පිළිගනියි. “සම්මිතභාණි”, මනාව පමණ දැන කථා කරන්නේය. සුදුසු කාලයෙහි, කරුණු සහිත වූ මුල මැද අග යහපත් වූ අර්ථවත් වූ වචනම කථා කරන ස්වභාව ඇත්තේ යන අර්ථයයි. මෙයින් බැහැර වූ කථිකයාගේ වදන් නොපිළිගත යුත්තේය. “සුබ්බතො” යනු මනා වූ පැවතුම් ඇති සිල්වතෙක් වේ. “සියා” යන ක්‍රියාපදය රැගෙන මෙතැනට යෙදිය යුතුයි.

එවං ථෙරො සඞ‍්ඛෙපෙනෙව ධම‍්මකථිකලක‍්ඛණං වත්‍වා තෙසං ගුණානං අත‍්තනි ලබ‍්භමානතං අධිමුච‍්චිත්‍වා භිය්‍යොසොමත‍්තාය අභිප‍්පසන‍්නං මහාජනං ඤත්‍වා “එවංවිධස‍්ස ධම‍්මකථිකස‍්ස විමුත‍්තායතනසන‍්නිස‍්සිතස‍්ස න නිබ‍්බානං දුල‍්ලභං, අථ ඛො සුලභමෙවා”ති දස‍්සෙන‍්තො “සුසුඛුමනිපුණත්‍ථදස‍්සිනා”ති දුතියගාථමාහ. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව.

මෙසේ ධර්ම කථිකයාගේ ලක්‍ෂණ ඉතා සංක්‍ෂිප්තව වදාළ තෙරණුවෝ එම ගුණ මහිම තමා කෙරෙහි ඇති බැවින්, ඒවායේ ස්ථිරව පිහිටා මහජනයා බොහෝ සේ පැහැදුණු බව දැන - “මෙබඳු ගුණමහිම ඇති ධර්ම කථිකයාට සසරින් මිදීම අරමුණු කරගත්තහුට නිවණ දුර්ලභ නොවේ. ඉතා සුලභම වේ” යැයි දක්වමින් මේ “සුසුඛුමනිපුනත්‍ථදස්සිනා” යන දෙවන ගාථාව වදාළහ. එහි අර්ථ ඉහත පැවසූ පරිදිම දත යුතුයි.

විසාඛපඤ‍්චාලපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විසාඛ පංචාලිපුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.