චූළකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
චූළකත්ථෙරගාථාවණ්ණනා
චූළක ස්ථවිරගාථා වර්ණනාව
නදන්ති මොරා සුසිඛා සුපෙඛුණාති ආයස්මතො චූළකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො ඉතො එකතිංසෙ කප්පෙ සිඛිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සත්ථාරං දිස්වා පසන්නමානසො ඡත්තපණ්ණිඵලං අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා චූළකොති ලද්ධනාමො වයප්පත්තො ධනපාලදමනෙ සත්ථරි ලද්ධප්පසාදො පබ්බජිත්වා සමණධම්මං කරොන්තො ඉන්දසාලගුහායං වසති, සො එකදිවසං ගුහාද්වාරෙ නිසින්නො මගධක්ඛෙත්තං ඔලොකෙසි. තස්මිං ඛණෙ පාවුසකාලමෙඝො ගම්භීරමධුරනිග්ඝොසො සතපටලසහස්සපටලො අඤ්ජන සිඛරසන්නිකාසො නභං පූරෙත්වා පවස්සති, මයූරසඞ්ඝා ච මෙඝගජ්ජිතං සුත්වා හට්ඨතුට්ඨා කෙකාසද්දං මුඤ්චිත්වා තත්ථ තත්ථ පදෙසෙ නච්චන්තා විචරන්ති. ථෙරස්සපි ආවාසගබ්භෙ මෙඝවාතඵස්සෙහි අපගතධම්මත්තා පස්සද්ධකරජකායෙ කල්ලතං පත්තෙ උතුසප්පායලාභෙන චිත්තං එකග්ගං අහොසි, කම්මට්ඨානවීථිං ඔතරි, සො තං ඤත්වා කාලසම්පදාදිකිත්තනමුඛෙන අත්තානං භාවනාය උස්සාහෙන්තො –
“නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා” යනු ආයුෂ්මත් චූලක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කවරේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් රැස් කරමින් අවුත්. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටු කුලයේ ඉපිද වැඩිවියට පත් වූහ. ඔහු දිනක් ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් ඡත්තපණ්ණි ඵලයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බමුණු පවුලක “චූලක” නමින් ඉපිද වැඩිවියට පත් විය. ධනපාල (නාලාගිරි) ඇතු දමනයේදී ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ චූලක හිමියෝ ඉන්දසාල ගුහාවෙහි වෙසෙමින් මහණදම් පිරූහ. උන්වහන්සේ දිනක් ගුහා දොරකඩ මේඝයක් ගැඹුරු - මිහිරි හඬ නංවමින් (ගොරවමින්) සිය දහස් ගණන් විදුලිය ගසමින්, කුඹුක් ගසක මුදුන මෙන් අහස පුරවා වැසි වැසීමට පටන් ගත්තේය. මොණර සමූහයා ද මේඝයේ ගර්ජනාව අසා තුටු පහටුව කේකාර හඬ නංවමින් ඒ ඒ දෙස නටමින් හැසිරුණහ. තෙරුන්ගේ ද ආවාසය තුළට වැසි සුළං හමාවිත් දුරු වූ ග්‍රීෂ්මය ඇතිව, සන්සිඳුණු කරජකාය, සුදුසු වූ සෘතු සම්පත්ති ලැබීමෙන් යෝග්‍ය බවට පැමිණියේ සිත එකඟ විය. එනිසා සිත කමටහන් මාර්ගයට බැස ගත්තේය. මේ බව දැනගත් තෙරණුවෝ කාල සම්පත්තිය ප්රකටව දැක්වීම් වශයෙන් තමා භාවනාවට උත්සාහවත් කරමින් මේ ගාථා දෙක වදාළහ.
“නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා, සුනීලගීවා සුමුඛා සුගජ්ජිනො; සුසද්දලා චාපි මහාමහී අයං, සුබ්යාපිතම්බු සුවලාහකං නභං.
“නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා, සුනීලගීවා සුඛුමා සුගජ්ජිනො, සුසද්දලා චා පි මහාමහී අයං, සුබ්යාපිතම්බූ සුවලාහකං නබං”
“සුකල්ලරූපො සුමනස්ස ඣායතං, සුනික්කමො සාධු සුබුද්ධසාසනෙ; සුසුක්කසුක්කං නිපුණං සුදුද්දසං, ඵුසාහි තං උත්තමමච්චුතං පද”න්ති. –
“සුකල්ලරූපො සුමනස්ස ඣාය තං, සුනික්ඛමො සාධු සුබුද්ධ සාසනෙ, සුසුක්ක සුක්කං නිපුණං සුදුද්දසං, ඵුසාහි තං උත්තම මච්චුතං පදං” තී.
ද්වෙ ගාථා අභාසි.
තත්ථ නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා, සුනීලගීවා සුමුඛා සුගජ්ජිනොති එතෙ මත්ථකෙ උට්ඨිතාහි සුන්දරාහි සිඛාහි සමන්නාගතත්තා සුසිඛා, නානාවණ්ණෙහි අනෙකෙහි සොභනෙහි භද්දකපිඤ්ඡෙහි සමන්නාගතත්තා සුපෙඛුණා, රාජීවවණ්ණසඞ්කාසාය සුන්දරාය නීලවණ්ණාය ගීවාය සමන්නාගතත්තා සුනීලගීවා, සුන්දරමුඛතාය සුමුඛා, මනුඤ්ඤවාදිතාය සුගජ්ජිනො, මොරා සිඛණ්ඩිනො ඡජ්ජසංවාදී කෙකාසද්දං මුඤ්චන්තා නදන්ති රවන්ති. සුසද්දලා චාපි මහාමහී අයන්ති අයඤ්ච මහාපථවී සුසද්දලා සුන්දරහරිතතිණා. සුබ්යාපිතම්බූති අභිනවවුට්ඨියා තහං තහං විස්සන්දමානසලිලතාය සුට්ඨු බ්යාපිතජලා විතතජලා. “සුසුක්කතම්බූ”තිපි පාඨො, සුවිසුද්ධජලාති අත්ථො. සුවලාහකං නභන්ති ඉදඤ්ච නභං ආකාසං නීලුප්පලදලසන්නිභෙහි සමන්තතො පූරෙත්වා ඨිතෙහි සුන්දරෙහි වලාහකෙහි මෙඝෙහි සුවලාහකං.
මෙහි “නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා සුනීලගීවා සුඛුමා සුගජ්ජිනො” හිසෙහි උස්ව පිහිටි සුන්දර වූ ශිඛාවකින් සමන්විත බැවින් “සුසිඛා” නම් වූ. මනා සිළු ඇති. නානාවිධ වර්ණයන්ගෙන්, නොයෙක් සුන්දරත්වයන්ගෙන් යුක්ත භද්‍ර වූ පිල්කළඹකින් යුතු බැවින් “සුපෙඛුණා” නම් මනා පිල් කළඹක් ඇති. රාජීව වර්ණයට සමාන වූ සුන්දර නිල්වන් ගෙලකින් සමන්විත වූ බැවින් “සුනීලගීවා” නිල්වන් මනා ගෙල ඇති, මුවක් (හොටයක්) ඇති බැවින් “සුමුඛා” මනා මුවතුඩු ඇති. මනෝඥ වූ නාද ඇති බැවින් “සුගජ්ජිනො” මනහර නාද ඇති. මයුරයෝ ෂඩ්ජ සංවාදන සහිත කේකාර ශබ්දයෙන් නාද කරති. ගායනා කරති. “සුසද්දලාචාපි මහාමහී අයං” මේ මහා පොළොව මනා වූ සුන්දර වූ නිල් තණ ඇත්තීය. “සුබ්යාපිතම්බු” අභිනවයෙන් වැසි ලැබුණු බැවින් ඒ ඒ තැන මනාව ඉසී ගිය - පැතිර ගිය දිය ඇත්තීය. මනාව දිය වැල් ගලා ප්‍රදේශයම ප්‍රාණවත් කර ඇත. “සුසුද්ධතම්බූ” යන පාඨය ද යෙදේ. එහි අර්ථය ඉතා පිරිසිදු දිය දහරා පැතිරී යන්නයි. “සුවලාහකං නභං” දැක්වේ. අහස නිල් උපුල් ඇලි හා සමාන වූ හාත්පස මනාව පුරවා සිටි සුන්දර වළාවන්ගෙන් මේඝයන්ගෙන් පිරුණු,
සුකල්ලරූපො සුමනස්ස ඣායතන්ති ඉදානි උතුසප්පායලාභෙන සුට්ඨු කල්ලරූපො කම්මනියසභාවො ත්වං, නීවරණෙහි අනජ්ඣාරූළ්හචිත්තතාය සුන්දරමනස්ස යොගාවචරස්ස යං ආරම්මණූපනිජ්ඣානවසෙන ලක්ඛණූපනිජ්ඣානවසෙන ච ඣායතං. සුනික්කමො…පෙ… අච්චුතං පදන්ති එවං ඣායන්තො ච සාධු සුබුද්ධස්ස සම්මාසම්බුද්ධස්ස සාසනෙ සුන්දරනික්කමො හුත්වා සුපරිසුද්ධසීලතාය සුසුක්කං, විසුද්ධසභාවතාය සබ්බස්සපි සංකිලෙසස්ස ගොචරභාවානුපගමනතො සුක්කං, නිපුණඤාණගොචරතාය නිපුණං, පරමගම්භීරතාය සුදුද්දසං, පණීතභාවෙන සෙට්ඨභාවෙන ච උත්තමං, නිච්චසභාවතාය අච්චුතං පදං තං නිබ්බානං ඵුසාහි අත්තපච්චක්ඛකරණෙන සම්මාපටිපත්තියා සච්ඡිකරොහීති.
“සුකල්ල රූපො සුමනස්ස ඣාය තං” දැන් යෝග්‍ය සෘතු සම්පත්තිය ලැබීමෙන් මනාවූ සිත් ඇතිව අතිශයින් යෝග්‍ය වූ භාවනාවට සුදුසු වූ ශරීර ඇත. එනිසා ධ්‍යාන වඩව. පංචනීවරණයන්ගෙන් දුරු වූ - නොමැඩලූ සිත් ඇති බැවින් සුන්දර සිත් ඇති යෝගාවචරයා ඒ ඒ ආරම්මණ හා ලක්ෂණාදි වශයෙන් ඇති කමටහනක් ගෙන ඒ අනුව ධ්‍යාන වඩව. “සුනික්ඛමො -පෙ- අච්චුතං පදං” මෙසේ ධ්‍යාන කරන්නෙක් ව මනා වූ, යහපත් වූ සම්මා සම්බුද්ධ ශාසනයෙහි, ගිහිගෙන් යහපත්ව නික්මවූත් පැවිදිව ඉතා යහපත් වූ සිල් ඇතිව, යහපත් වූ පිරිසිදු භාවයෙන් සියලුම කෙලෙස්වල වසඟත්වයට නොපැමිණි බැවින් යහපත් වූ, තීක්ෂණ වූ ප්රඥාවටම ගෝචර වන බැවින් තියුණු වූ, ඉතා ගැඹුරු බැවින් යහපත් වූ තීක්ෂණ වූ ප්රඥාවටම ගෝචර වන බැවින් තියුණු වූ, ඉතා ගැඹුරු බැවින් දැකීමට අපහසු වූ ප්‍රණීත භාවයෙන් හා ශ්‍රේෂ්ඨ භාවයෙන් උතුම් වූ, නිත්‍ය වූ ස්වභාව ඇති බැවින් අමරණීය වූ නිර්වාණ ධර්මය ස්පර්ශ කරව! තමාම ප්රත්යක්ෂව අවබෝධ කර ගැනීමෙන් යහපත් පිළිවෙත සාක්ෂාත් කරගනුව!”
එවං ථෙරො අත්තානං ඔවදන්තොව උතුසප්පායලාභෙන සමාහිතචිත්තො විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.39.37-42) –
තෙරුන් වහන්සේ මේ අයුරින් තමන්ටම උපදෙස් දෙමින්, යෝග්‍ය වූ සෘතු සම්පත් ලැබීමෙන් සන්සුන් වූ සිත් ඇතිව විදසුනෙහි සිත පිහිටුවා රහත් බවට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“කණිකාරංව ජලිතං, පුණ්ණමායෙව චන්දිමං; ජලන්තං දීපරුක්ඛංව, අද්දසං ලොකනායකං.
“පසළොස්වක් පුන් පෝදින සඳ මෙන් ද බබළන කිණිහිරි රුකක් මෙන් ද දිළිසෙන පන් ගසක් මෙන් ද බබළන්නා වූ ලෝක නායකයන් වහන්සේ දුටුවෙමි.
“කදලිඵලං පග්ගය්හ, අදාසිං සත්ථුනො අහං; පසන්නචිත්තො සුමනො, වන්දිත්වාන අපක්කමිං.
එකල මම ඡත්තපණ්ණි ඵලයක් ගෙන ශාස්තෲන් වහන්සේට පිළිගැන්වූයෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං ඵලමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මීට කල්ප තිස් එකකට පෙර මම යම් ඵල දානයක් දුන්නෙම් ද එතැන් පටන් මේ දක්වා මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මට සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා ථෙරො අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා පීතිසොමනස්සජාතො “නදන්ති මොරා”තිආදිනා තායෙව ගාථා පච්චුදාහාසි. තෙනස්ස ඉදමෙව අඤ්ඤාබ්යාකරණං අහොසීති.
රහත් බවට පත් වූ තෙරණුවෝ තම පිළිවෙත සිහිපත් කිරීමෙන් උපන් ප්‍රීති සොම්නස්භාව ඇතිව, “තදන්ති මොරා” ආදී ගාථා දෙක නැවත වදාළහ. එනිසා මෙම ගාථා දේශනාවම උන්වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම ද විය.
චූළකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
චූලක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.