අනුපමත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අනුපමත්ථෙරගාථාවණ්ණනා
අනුපම ස්ථවිරගාථා වර්ණනාව
නන්‍දමානාගතං චිත්තාති ආයස්මතො අනූපමත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තො ඉතො එකතිංසෙ කප්පෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං පදුමං නාම පච්චෙකබුද්ධං පිණ්ඩාය චරන්තං රථියං දිස්වා පසන්නමානසො අඞ්කොලපුප්ඵෙහි පූජෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කොසලරට්ඨෙ ඉබ්භකුලෙ නිබ්බත්තිත්වා රූපසම්පත්තියා අනූපමොති ලද්ධනාමො වයප්පත්තො උපනිස්සයසම්පන්නතාය කාමෙ පහාය පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො අරඤ්ඤෙ විහරති. තස්ස චිත්තං බහිද්ධා රූපාදිආරම්මණෙසු විධාවති. කම්මට්ඨානං පරිවට්ටති. ථෙරො විධාවන්තං චිත්තං නිග්ගණ්හන්තො –
“නන්‍දමානාගතං චිත්තං” යනු ආයුෂ්මත් අනූපම තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කවරේ ද? පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින් දහම් රැස් කරගෙන පැමිණ, මීට කල්ප තිස් හතකට පෙර දී සිටු කුලයක උපන් උන්වහන්සේ; තුරුණුවියට පත්ව දිනක් පදුම නම් පසේ බුදුරජාණන් වහන්සේ වීථියෙහි පිඬු පිණිස හැසිරෙනු දැක - පහන් සිතින් රුක් අඟුන මලින් (ආකුලී පුප්ථ) උන්වහන්සේ පිදූහ. ඒ පින්කමේ විපාක ලෙස දෙව් මිනිස් දෙගතියේ සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට ධනවත් පවුලක ඉපිද අපමණ වූ රූප සම්පත් ලැබීමෙන් අනූපම යන නම ලබා නිසිවියට පත්වත්ම උපනිශ්‍රය සම්පත් නිසා කාමයන් හැර දමා පැවිදිව විදසුන් කමටහන් වඩමින් අරණ්‍යයෙහි විසූහ. උන්වහන්සේගේ සිත බාහිර අරමුණුවල දුවයි. කමටහනෙහි සිත බිඳ වැටේ. අනූපම තෙරණුවෝ ඔබිනොබ දුවයන සිතට නිග්‍රහ කරමින් මේ ගාථා දෙකින් අවවාද කළහ.
“නන්‍දමානාගතං චිත්තං, සූලමාරොපමානකං; තෙන තෙනෙව වජසි, යෙන සූලං කලිඞ්ගරං.
“නන්‍දමානාගතං චිත්තං සුලමාරොපමානකං, තෙන තෙනෙව වජසි යෙන සූලං කලිංගරං”
“තාහං චිත්තකලිං බ්රූමි, තං බ්රූමි චිත්තදුබ්භකං; සත්ථා තෙ දුල්ලභො ලද්ධො, මානත්ථෙ මං නියොජයී”ති. –
“තාහං චිත්තකලිං බ්රෑමි, තං බ්රෑමි චිත්ත දුබ්භකං, සත්ථා තෙ දුල්ලභො ලද්ධො, මානත්ථෙ මං නියොජයී” තී.
ඉමාහි ද්වීහි ගාථාහි ඔවදි.
තත්ථ නන්‍දමානාගතං චිත්තාති නන්දමාන අභිනන්දමාන චිත්ත අභිනන්දමානං ආගතං උප්පන්නං . සූලමාරොපමානකන්ති දුක්ඛුප්පත්තිට්ඨානතාය සූලසදිසත්තා සූලං තං තං භවං කම්මකිලෙසෙහි එත්තකං කාලං ආරොපියමානං. තෙන තෙනෙව වජසි, යෙන සූලං කලිඞ්ගරන්ති යත්ථ යත්ථ සූලසඞ්ඛාතා භවා කලිඞ්ගරසඞ්ඛාතා අධිකුට්ටනකා කාමගුණා ච තෙන තෙනෙව, පාපචිත්ත, වජසි, තං තදෙව ඨානං උපගච්ඡසි, අත්තනො අනත්ථං න සල්ලක්ඛෙසි.
මෙහි “නන්‍දමානාගතං චිත්තං” සතුටුවෙමින් ආවාවූ. ඒ ඒ භවයෙහි සතුටවෙමින් යම් තණ්හාවක් නිසා ආවා වූ ඒ ඒ තැන ඇලෙමින් සතුටුවෙමින් පැවති සංසාරික වූ සිත, මේ භවයට ද සතුටුවෙමින් ප්‍රීතිවෙමින් පැමිණියේය. උපන්නේ ය. “සූලමාරොපමානකං” සත්ත්වයා දුකෙහි පිහිටුවන බැවින් හුලක් බඳු වූ. කර්මක්ලේශයන් විසින් ඒ ඒ භවයෙහි මෙපමණ කාලයක් භව නමැති හුලට නැංවූයෙමි. “තෙන තෙනෙව වජසි යෙන සූලං කලිංගරං” හුල නම් වූ භවය යම් යම් තැනකට යයි ද ඒ ඒ තැනට දම්ගෙඩිය නම් වූ කාමගුණද පැමිණේ. ඒ ඒ තැන්වලට පාපී සිත ගමන් කරයි. ඒ ඒ භවයට යෑමෙන් තමාට වන අනර්ථය නොසලකයි.
තාහං චිත්තකලිං බ්රූමීති තං තස්මා පමත්තභාවතො චිත්තකලිං චිත්තකාලකණ්ණිං අහං කථයාමි. පුනපි තං බ්රූමි කථෙමි චිත්තදුබ්භකං චිත්තසඞ්ඛාතස්ස අත්තනො බහූපකාරස්ස සන්තානස්ස අනත්ථාවහනතො චිත්තදුබ්භිං. “චිත්තදුබ්භගා”තිපි පඨන්ති. චිත්තසඞ්ඛාතඅලක්ඛිකඅප්පපුඤ්ඤාති අත්ථො. කින්ති බ්රූහීති චෙ? ආහ “සත්ථා තෙ දුල්ලභො ලද්ධො, මානත්ථෙ මං නියොජයී”ති. කප්පානං අසඞ්ඛ්යෙය්යම්පි නාම බුද්ධසුඤ්ඤො ලොකො හොති, සත්ථරි උප්පන්නෙපි මනුස්සත්තසද්ධාපටිලාභාදයො දුල්ලභා එව, ලද්ධෙසු ච තෙසු සත්ථාපි දුල්ලභොයෙව හොති. එවං දුල්ලභො සත්ථා ඉදානි තයා ලද්ධො, තස්මිං ලද්ධෙ සම්පතිපි අනත්ථෙ අහිතෙ ආයතිඤ්ච අනත්ථාවහෙ දුක්ඛාවහෙ අකුසලෙ මං මා නියොජෙසීති. එවං ථෙරො අත්තනො චිත්තං ඔවදන්තො එව විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.37.16-19) –
“තාහං චිත්ත කලිං බ්රෑමි” එනිසා, ප්රමාදී වන බැවින් “එම්බා චිත්තය! නුඹ කාලකණ්ණියෙකි”යි මම කියමි. නැවත ද මම එය කියමි. “එම්බා චිත්ත ද්රෝහිය! සිත නැමති තමාට බොහෝ උපකාර කරන සන්තානයට අනර්ථ ඇති කරන බැවින් නුඹ ද්‍රෝහියෙකි”යි මම කියමි. “චිත්ත දුබ්භකං” යනුවෙනි. මෙය “චිත්ත දුබ්භගා” ලෙස ද යෙදේ. “සිත නම් වූ අභාග්‍ය සම්පන්න, අල්ප පින් ඇත්ත” යන අර්ථයයි. මෙසේ කුමක් නිසා කියම් ද? “සත්ථා තෙ දුල්ලභො ලද්ධො මානත්ථෙ මං නියොජයී” කල්ප අසංඛ්‍ය ගණනක් ලෝකය බුදුවරුන්ගෙන් ශූන්‍යව පවතී. ශාස්තෲන් වහන්සේ පහළ වූ කල්හි දු මිනිසත් බව ලබාගැනීම් ආදිය ද අතිශයින් දුර්ලභම වේ. මිනිසත් බව ලැබුවත් ඔවුන්ට ශාස්තෲන් වහන්සේ දැකීම - ධර්මශ්රවණය දුර්ලභ වේ. “මෙසේ දුර්ලභ වූ ශාස්තෲන් වහන්සේ දැකීමට නුඹට හැකි විය. එය ලත් අවස්ථාවෙහි, දැන් මෙම අවස්ථාවෙහි මම අනර්ථයෙහි, අහිත දෙයෙහි යොදවා අනාගතයේ ද මාහට අනර්ථ වූ දුක් වූ අකුසල ධර්මයන්හි මා නොයොදව!” තෙරණුවෝ මෙසේ තම සිතට අවවාද දී, සිත දමනය කර විදසුනෙහි සිත වඩා රහත් බවට පත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“පදුමො නාම සම්බුද්ධො, චිත්තකූටෙ වසී තදා; දිස්වාන තං අහං බුද්ධං, සයම්භුං අපරාජිතං.
“එකල චිත්‍රකූට පර්වතයේ දී පදුම නම් පසේ බුදුහු වැඩ විසූහ. සියල්ල තමන් වහන්සේම අවබෝධ කරගත්, අපරාජිත වූ බුදුපියාණන් වහන්සේ දුටු මම පිපුණු රුකඟුන ගසකින් මල් නෙලාගෙන, පස්මරුන් දිනූ පදුම බුදුරදුන් වෙත ගොස් ඒ මල් පිදුවෙමි.
“අඞ්කොලං පුප්ඵිතං දිස්වා, ඔචිනිත්වානහං තදා; උපගන්ත්වාන සම්බුද්ධං, පූජයිං පදුමං ජිනං.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප තිස් එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අනූපමත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අනූපම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.