වජ්ජිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
වජ්ජිතත්ථෙරගාථාවණ්ණනා
වජ්ජිත ස්ථවිරගාථා වර්ණනාව
සංසරං දීඝමද්ධානන්ති ආයස්මතො වජ්ජිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො ඉතො පඤ්චසට්ඨිමෙ කප්පෙ එකස්මිං පච්චන්තගාමෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො වනචරකො හුත්වා විචරන්තො එකදිවසං උපසන්තං නාම පච්චෙකබුද්ධං පබ්බතගුහායං විහරන්තං අද්දස. සො තස්ස උපසමං දිස්වා පසන්නමානසො චම්පකපුප්ඵෙන පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කොසලරට්ඨෙ ඉබ්භකුලෙ නිබ්බත්තො ජාතදිවසතො පට්ඨාය මාතුගාමහත්ථං ගතො රොදති. බ්රහ්මලොකතො කිර චවිත්වා ඉධාගතො යස්මා මාතුගාමසම්ඵස්සං න සහති, තස්මා මාතුගාමසම්ඵස්සවජ්ජනතො වජ්ජිතොත්වෙව නාමං ජාතං. සො වයප්පත්තො සත්ථු යමකපාටිහාරියං දිස්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා තදහෙව ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.37.27-30) –
“සංසරං දීඝමද්ධානං” යනු ආයුෂ්මත් වජ්ජිත තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින්දහම් රැස්කරමින් අවුත්, මීට කල්ප හැටපහකට පෙර එක් ප්‍රත්‍යන්ත ගමක උපන්හ. වැඩිවියට පත්ව වනයේ හැසිරෙන්නෙක් වූ ඔහු දිනක් උපශාන්ත නම් පසේ බුදුරදුන් පර්වත ගුහාවක වෙසෙනු දුටුවේය. උන්වහන්සේ සන්සුන් පැවතුම් දැක පැහැදුනු සිත් ඇති වැඳි තෙම සපුමලින් බුදුන් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට ධනවත් පවුලක උපන් එකුමරු, උපන් දිනය් පටන්ම ස්ත්‍රියකගේ අතට ගියවිට හඬයි. බඹලොවින් චුතව මෙහි උපන් බැවින් ස්ත්‍රී ස්පර්ශය නො ඉවසයි. ඒ කුමරා ස්ත්‍රී ස්පර්ශය වර්ජිත වූ බැවින් “වජ්ජිත” නම තබන ලදි. තුරුණුවියට පත්ව ශාස්තෲන් වහන්සේගේ යමා මහ පෙළහර දුටු වජ්ජිත, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. විදසුන් වඩා එදිනම ෂඩ් අභිඥා ලාභී මහතෙරනමක් වූ උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“උපසන්තො ච සම්බුද්ධො, වසතී පබ්බතන්තරෙ; එකචම්පකමාදාය, උපගච්ඡිං නරුත්තමං.
“එකල උපශාන්ත නම් පසේ බුදුරජාණන් වහන්සේ පර්වත ගුහාවක වාසය කළහ. ඒ නරෝත්තමයන් වහන්සේ සමීපයට එක් සපුමලක් ගත් මම ගියෙමි.
“පසන්නචිත්තො සුමනො, පච්චෙකමුනිමුත්තමං; උභො හත්ථෙහි පග්ගය්හ, පූජයිං අපරාජිතං.
අපරාජිත වූ තථාගතයන් වහන්සේට දෝතින්ම ඒ මල පිදුවෙමි.
“පඤ්චසට්ඨිම්හිතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප හැටපහකට පෙර යම් පුෂ්ප පූජාවක් ම විසින් කළෙම් ද එදා සිට අද දක්වා මම දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා අත්තනො පුබ්බෙනිවාසං අනුස්සරිත්වා ධම්මසංවෙගෙන –
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ තම පෙර විසූ කඳ පිළිවෙල සිහිපත් කර බලා ධර්ම සංවේගයට පත් වූ සේක්, මේ ගාථා දෙක වදාළහ.
“සංසරං දීඝමද්ධානං, ගතීසු පරිවත්තිසං; අපස්සං අරියසච්චානි, අන්ධභූතො පුථුජ්ජනො.
“සංසරං දීඝමද්ධානං ගතීසු පරිවත්තියං, අපස්සං අරිය සච්චානි අන්ධභූතො පුථුජ්ජනො”
“තස්ස මෙ අප්පමත්තස්ස, සංසාරා විනළීකතා; සබ්බා ගතී සමුච්ඡින්නා, නත්ථි දානි පුනබ්භවො”ති. – ද්වෙ ගාථා අභාසි;
“තස්ස මෙ අප්පමත්තස්ස සංසාරා විනළීකතා, ගති සබ්බා සමුච්ඡින්නා, නත්ථි දානි පුනබ්භවො” තී
තත්ථ සංසරන්ති සංසරන්තො, තස්මිං තස්මිං භවෙ ආදානනික්ඛෙපවසෙන අපරාපරං සන්ධාවන්තො. දීඝමද්ධානන්ති චිරකාලං අනාදිමති සංසාරෙ අපරිමාණකාලං. ගතීසූති සුකතදුක්කටානං කම්මානං වසෙන සුගතිදුග්ගතීසු. පරිවත්තිසන්ති ඝටීයන්තං විය පරිබ්භමන්තො චවනුපපජ්ජනවසෙන අපරාපරං පරිවත්තිං. තස්ස පන පරිවත්තනස්ස කාරණමාහ “අපස්සං අරියසච්චානි, අන්ධභූතො පුථුජ්ජනො”ති. දුක්ඛාදීනි චත්තාරි අරියසච්චානි ඤාණචක්ඛුනා අපස්සන්තො අප්පටිවිජ්ඣන්තො, තතො එව අවිජ්ජන්ධතාය අන්ධභූතො පුථූනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො හොන්තො ගතීසු පරිවත්තිසන්ති යොජනා, තෙනෙවාහ භගවා –
මෙහි “සංසරං” යනු ඒ ඒ භවයෙහි සැරිසරමින් දැඩිව ගැනීම්, බැඳගැනීම් වශයෙන් නැවත නැවත ඒ ඒ භවයේ හැසිරුණෙමි. “දීඝමද්ධානං” බොහෝ කාලයක්, අනාදිමත් සසර, අප්‍රමාණ කාලයක්. “ගතීසු” සැප දුක් කර්මයන්ගේ විපාක වශයෙන් සුගති දුගති ආත්ම භාවයන්හි. “පරිවත්තිසං” ගැටෙන්නාක් මෙන් පෙරළෙමින් චුති-උප්පත්ති වශයෙන් නැවත නැවත පෙරළුනෙමි. ඉපදුනෙමි. එසේවීමට හේතු මෙසේ දක්වයි. “අපස්සං අරිය සච්චානී අන්ධභූතො පුථුජ්ජනො” දුක්ඛාදි චතුරාර්ය සත්‍ය ධර්මය නුවණැසින් නුදුටු, අවබෝධ නොකළ බැවින් ම අවිද්‍යාවෙන් අන්ධ වූ හෙයින් අන්ධ වූ. වෙන්ව සිතමින්, වෙන්වීම් ජනනය කරන බැවින් “පුථුජ්ජන” නම් වූ පුහුදුන්-නූගත් වූ බැවින් සසර ඒ ඒ ගතිවල සැරිසැරුවෙමි. මෙනිසා බුදුපියාණන් වහන්සේ මෙසේ වදාළහ -
“චතුන්නං , භික්ඛවෙ, අරියසච්චානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්චා”ති (මහාව· 287; දී· නි· 2.155; සං· නි· 5.1091; නෙත්ති· 114).
“මහණෙනි! මම ද නුඹලා ද මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ, ප්රත්යක්ෂ නොකළ බැවින් මේ දීර්ඝ සංසාරයෙහි සැරිසැරුවෙමි.”
තස්ස මය්හං වුත්තනයෙන පුබ්බෙ පුථුජ්ජනස්සෙව සතො ඉදානි සත්ථාරා දින්නනයෙන අප්පමත්තස්ස අප්පමාදපටිපත්තියා සමථවිපස්සනාභාවනං මත්ථකං පාපෙත්වා ඨිතස්ස. සංසාරා විනළීකතාති සංසරන්ති සත්තා එතෙහීති “සංසාරා”ති ලද්ධනාමා කම්මකිලෙසා අග්ගමග්ගෙන සමුච්ඡින්නත්තා විගතනළා නිම්මූලා කතා. සබ්බා ගතී සමුච්ඡින්නාති එවං කම්මකිලෙසවට්ටානං විනළීකතත්තා නිරයාදිකා සබ්බාපි ගතියො සම්මදෙව උච්ඡින්නා විද්ධංසිතා, තතො එව නත්ථි දානි ආයතිං පුනබ්භවොති ඉදමෙව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසීති.
ඉහතින් පැවසූ ලෙසම පෙර පුහුදුන්ව සසර සැරිසැරූ මම දැන් ශාස්තෲන් වහන්සේ පෙන්වූ මාර්ගය අනුගමනය කිරීමෙන් අප්‍රමාදීව - අප්රමාදී පිළිවෙතින් කටයුතු කර සමථ-විදර්ශනා භාවනාවෙන් මස්තකප්රාප්ත කොටගෙන සිටියෙමි. “සංසාරා විනළීකතා” මෙහි සත්ත්වයෝ සැරිසරනුයි “සංසාර” නම් වූ සංසාරික පැවැත්මට හේතුවන කර්ම ක්ලේශයන් අග්රමාර්ගයෙන් මුළුමනින්ම සිඳලූයෙමි. ක්ෂය කෙළෙමි මුල් නැති කළෙමි. “ගති සබ්බා සමුච්ඡින්නා” මෙසේ සසර පැවැත්මට හේතුවන කර්ම ක්ලේශයන් මුලිනුපුටා දැමූ හෙයින් නිරය ආදී වූ සියලුම ගතිවල මතු ඉපදීම නැති කළෙමි. විධ්වංසනය කළෙමි. එසේ ම “මා හට මතු නැවත පුනර්භවයක් නැත.” මෙම ප්‍රකාශයම තෙරුන්ගේ රහත් බව පැවසීම විය.
වජ්ජිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
වජ්ජිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.