සන්ධිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සන්ධිතත්ථෙරගාථාවණ්ණනා
සන්ධිත ස්ථවිරගාථා වර්ණනාව
අස්සත්ථෙ හරිතොභාසෙති ආයස්මතො සන්ධිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො ඉතො එකතිංසෙ කප්පෙ සිඛිස්ස භගවතො කාලෙ එකො ගොපාලකො අහොසි. සො සත්ථරි පරිනිබ්බුතෙ අඤ්ඤතරං ථෙරං උපසඞ්කමිත්වා තස්ස සන්තිකෙ බුද්ධගුණපටිසංයුත්තං ධම්මං සුත්වා පසන්නමානසො “කුහිං භගවා”ති පුච්ඡිත්වා පරිනිබ්බුතභාවං සුත්වා “එවං මහානුභාවා බුද්ධාපි නාම අනිච්චතාවසං ගච්ඡන්ති, අහො සඞ්ඛාරා අද්ධුවා”ති අනිච්චසඤ්ඤං පටිලභි. තං ථෙරො බොධිපූජාය උස්සාහෙසි. සො කාලෙන කාලං බොධිරුක්ඛසමීපං ගන්ත්වා විපස්සනං පට්ඨපෙත්වා බුද්ධගුණෙ අනුස්සරන්තො බොධිං වන්දති. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කොසලරට්ඨෙ ඉබ්භකුලෙ නිබ්බත්තිත්වා සන්ධිතොති ලද්ධනාමො වයප්පත්තො අනිච්චතාපටිසංයුත්තං ධම්මකථං සුත්වා සංවෙගජාතො පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා ඤාණස්ස පරිපාකං ගතත්තා නචිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි. සො අත්තනො පුබ්බෙනිවාසං අනුස්සරන්තො සිඛිස්ස භගවතො කාලෙ බොධිවන්දනං බුද්ධානුස්සතිං අනිච්චසඤ්ඤාපටිලාභඤ්ච අනුස්සරිත්වා තදුපනිස්සයෙන අත්තනො විසෙසාධිගමං පකාසෙන්තො –
“අස්සත්ථෙ හරිතොභාසෙ” යනු ආයුෂ්මත් සන්ධිත තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් පැමිණ, මින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී එක් ගොපල්ලෙක් ව උපන්හ. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි එක්තරා තෙර නමකගෙන් බුදුගුණ ඇතුළත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ ගොපලු තෙම පහන් සිතින් “භාග්‍යවතුන් වහන්සේ කොහිද?”යි ඇසීය. උන්වහන්සේ පිරිනිවි බව අසා “මෙසේ මහානුභාව සම්පන්න බුදුවරු පවා අනිත්‍ය ධර්මයට පත්වෙති. අහෝ සංසාරය අස්ථිරය. අනිත්‍යය” යනුවෙන් අනිත්‍ය සංඥාව උපදවා ගත්තේය. ධර්මදේශනා කළ තෙරණුවෝ ඔහු බෝධි පූජාවට යොමු කළහ. ඉන්පසු ඔහු වරින් වර බෝ ගස සමීපයට පැමිණ බුදුගුණ සිහිකරමින් බෝධියට වන්දනා මාන කළේය. මේ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට ධනවත් පවුලක ඉපිද, “සන්ධිත” යැයි ප්‍රකට විය. වැඩිවියට පත්ව අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම කථාවක් අසා සංවේග උපදවා ගෙන පැවිදි වූ සන්ධිත හිමියෝ විදසුනෙහි සිත පිහිටුවා, ඤාණයේ මුහුකුරායෑමක් සමග නොබෝ දිනකින් ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් වූහ. තම පෙර විසූ කඳ පිළිවෙල සිහිපත් කළ උන්වහන්සේ සිඛි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සිදුකළ බෝධි වන්දනාව, බුද්ධ පූජාව හා අනිත්‍ය සංඥා ප්‍රතිලාභය සිහිපත්ව, ඒ ආශ්රයෙන් දැන් තමන්වහන්සේගේ විශේෂාධිගමය ප්‍රකාශ කිරීමට මේ ගාථා දෙක වදාළහ.
“අස්සත්ථෙ හරිතොභාසෙ, සංවිරූළ්හම්හි පාදපෙ; එකං බුද්ධගතං සඤ්ඤං, අලභිත්ථං පතිස්සතො.
“අස්සත්ථෙ හරිතොභාසෙ සංවිරූළ්හම්හි පාදපෙ, එකං බුද්ධගුතං සඤ්ඤං අලභිත්ථං පතිස්සතො”
“එකතිංසෙ ඉතො කප්පෙ, යං සඤ්ඤමලභිං තදා; තස්සා සඤ්ඤාය වාහසා, පත්තො මෙ ආසවක්ඛයො”ති. –
“එකතිංසෙ ඉතො කප්පෙ යං සඤ්ඤං අලභිං තදා, තස්සා සඤ්ඤාය වාහසා පත්තො මෙ ආසවක්ඛයො” තී.
ද්වෙ ගාථා අභාසි.
තත්ථ අස්සත්ථෙති අස්සත්ථට්ඨානීයෙ, ය්වායං එතරහි අම්හාකං භගවතො බොධිරුක්ඛො අස්සත්ථො, එතස්ස ඨානෙ තදා සිඛිස්ස භගවතො බොධිරුක්ඛො පුණ්ඩරීකො ඨිතොති සො අස්සත්ථට්ඨානීයතාය “අස්සත්ථෙ”ති වුත්තං. සත්තානං අස්සාසජනනතො වා. අපරෙ පන “අස්සත්ථරුක්ඛමූලෙ නිසීදිත්වා තදා බුද්ධානුස්සතියා භාවිතත්තා ථෙරො ‘අස්සත්ථෙ’ති අවොචා”ති වදන්ති. හරිතොභාසෙති හරිතෙහි සාරමණිවණ්ණෙහි ඔභාසමානෙ. සංවිරූළ්හම්හීති සුට්ඨු විරූළ්හෙ සුප්පතිට්ඨිතෙ, සුඝනනිචිතපත්තපලාසපල්ලවෙහි විරූළ්හසඤ්ඡන්නෙති ච වදන්ති. පාදපෙති රුක්ඛෙ. එකං බුද්ධගතං සඤ්ඤං, අලභිත්ථං පතිස්සතොති බුද්ධාරම්මණං ආරම්මණස්ස එකජාතියත්තා එකං “ඉතිපි සො භගවා”තිආදිනයප්පවත්තං බුද්ධානුස්සතිසහගතං සඤ්ඤං බුද්ධගුණානං පතිපතිසරණතො පතිස්සතො හුත්වා අලභිං.
මෙහි “අස්සත්ථෙ” සැනසීම (අශ්වත්ථ) ලැබූ තැන, දැන් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බෝධි වෘක්ෂය වූ ඇසතු ගස තිබෙන තැන එදා සිඛි භාග්‍යවතුන් වහන්සේගේ ඇටඹ බෝ රුක විය. එය සැනසීම ලබාදෙන (සියලු බුදුවරුන්ටම) ස්ථානයේ පිහිටි හෙයින් “අස්වත්ථ” නම් විය. සත්ත්වයන්ට ආශ්වාස (සැනසීම) උදාකර දෙන බැවින් අස්සත්ථ නම් වේ. ඇතැම්හු ඇසතු බෝ රුක මුල හිඳ එදා බුද්ධානුස්සතිය වැඩූ බැවින් තෙරුන් වහන්සේ “අස්සත්ථ” යැයි පැවසූ බව කියති. “හරිතොභාසෙ” කොළපාට වූ ස්ඵටික මාණික්‍යමය වර්ණයෙන් බබළන “සංවිරූළ්හම්හි” මනාව වැඩුණු, මනාව පිහිටි, ඝන විචිත්‍ර කොළ, දළු වලින් වැඩී වැසීගත් යන අර්ථයයි. “පාදපෙ” වෘක්ෂයේ “එකං බුද්ධගතං සඤ්ඤං අලභිත්ථං පතිස්සතො” බුද්ධාරම්ණය අරමුණේ එකම ස්වභාව ඇති බැවින් එකම අරමුණකි. “ඉතිපිසො භගවා” ආදී වශයෙන් බුද්ධානුස්සති සංඥාව බුදුගුණ හෝ බුදුවරු පිළිබඳ පිහිට වූ සිතැති බැවින් ඒ පිළිබඳ සිහියෙන් යුක්තව.
කදා පන සා සඤ්ඤා ලද්ධා, කීවතාය සිද්ධාති ආහ “එකතිංසෙ ඉතො කප්පෙ”තිආදි. ඉතො භද්දකප්පතො උද්ධං ආරොහනවසෙන එකතිංසෙ කප්පෙ. යං සඤ්ඤන්ති යං බුද්ධානුස්සතිසහගතං සඤ්ඤං, යං වා බුද්ධානං අනිච්චතං දිස්වා තදනුසාරෙන සබ්බාසඞ්ඛාරෙසු තදා අනිච්චසඤ්ඤං අලභිං. තස්සා සඤ්ඤාය වාහසාති තස්සා යථාවුත්තාය සඤ්ඤාය කාරණභාවෙන තං උපනිස්සයං කත්වා. පත්තො මෙ ආසවක්ඛයොති ඉදානි මයා ආසවානං ඛයො නිරොධො අධිගතොති ඉමායෙව ච ඉමස්ස ථෙරස්ස අපදානගාථාපි. යථාහ (අප· ථෙර 1.22.27-30) –
එම බුද්ධ සංඥාව කවර දිනෙක උපදවා ගත්තේ ද? යන්න දැක්වීමට “එකතිංසෙ ඉතො කප්පෙ” යනුවෙන් මේ මහා භද්‍ර කල්පයට පෙර ආරෝහණ වශයෙන් තිස් එක් වන කල්පයේදී ය. “යං සඤ්ඤං” යම් ඒ බුද්ධානුස්සති සහගත වූ සංඥාවක්. යම් ඒ බුදුවරුන්ගේ පවා අනිත්‍යතාව දැක, එය සිහිපත් කිරීමෙන් සියලු සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය සංඥාව ලැබුවෙමි. “තස්සා සඤ්ඤාය වාහසා” මෙසේ දැක්වූ සංඥාව හේතුවෙන්, එය උපකාරීවීමෙන් දැන් මම ආශ්‍රවයන් ක්ෂය කළෙමි. දැන් මම අනාශ්‍රව වූයෙම් නිවණ අවබෝධ කළෙමි. මේ තෙරුන්ගේ අපදාන පාළියේ එන ගාථා දෙක ද මෙය ම වේ.
“අස්සත්ථෙ හරිතොභාසෙ…පෙ… පත්තො මෙ ආසවක්ඛයො.
“පළාවන් පැහැ ඇති මනාව වැඩුණු බෝ රුක් මුල සිහියෙන් යුතුව හුන්නෙම් මේ බුද්ධානුස්සති සංඥාව ලැබුවෙමි. මීට කල්ප තිස් එකකට පෙර යම් බුද්ධානුස්සති සංඥාවක් ලැබුවෙම් ද, එහි බලයෙන් මම ආශ්‍රවයන් ක්ෂය කළෙමි. මීට කල්ප දහතුනකට පෙර දී සත් රුවනින් බබළන මහත් බල ඇති ධම්මික නම් ක්ෂත්රියෙක් වීමි.
“ඉතො තෙරසකප්පම්හි, ධනිට්ඨො නාම ඛත්තියො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය කරන ලද්දෙමි.
සන්ධිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සන්ධිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
පඤ්චමවග්ගවණ්ණනා නිට්ඨිතා.
පස්වන වර්ගයේ ගාථා වර්ණනාව සමාප්තයි.
නිට්ඨිතා ච දුකනිපාතවණ්ණනා.
දුක නිපාතයේ අර්ථ වර්ණනාව නිමියේය.