යෙදුමෙන් කියවන්න

සන්‍ධිතත්‍ථෙරගාථා

2. 5. 9.

2. 5. 9.

217. අස‍්සත්‍ථෙ හරිතොකාසෙ සංවිරූළ‍්හම‍්පි පාදපෙ, එකං බුද‍්ධගතං සඤ‍්ඤං අලභිත්‍ථං පතිස‍්සතො.

217. පලාවන් පැහැ ඇති මොනොවට වැඩුණු ඇසතු බෝරුක පිහිටි තැන්හි (සිඛී සම්බුදුනට පැනනැගුණු ඇටඹබොරුක්මුල දී) එළැඹැසිටි සිහි ඇත්තෙම් එක් බුද්ධානුස්මෘති සංඥාවක් ලදිමි.

218. එකතිංසෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, තස‍්සා සඤ‍්ඤාය වාහසා පත‍්තො මෙ ආසවක‍්ඛයො’ති.

218. මෙයින් එක්තිස් වන කපෙහි එදා මා විසින් යම් බුද්ධානුස්මෘති සංඥාවක් ලැබුයෙම් ද, ඒ සංඥාව උපනිශ්‍රය කොට ගෙන මා විසින් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිරෝධය ලබනලදැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සන්‍ධිතො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් සන්‍ධිත ස්ථවිරයන් වහන්සේ ...

සන්‍ධිතත්‍ථෙරගාථා.

සන්‍ධිත ස්ථවිරගාථා යි.

වග‍්ගො පඤ‍්චමො.

පස්වැනි වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

කුමාරකස‍්සපො ථෙරො ධම‍්මපාලො ච බ්‍රහ‍්මාලි, මොඝරාජා විසාඛො ච චූළකො ච අනූපමො, වජ‍්ජිතො සන්‍ධිතො ථෙරො කිලෙසරජවාහනො’ති.

කුමාරකස්සප යැ, ධම්මපාල යැ, බ්‍රහ්මාලි යැ, මෝඝරාජ යැ, විසාඛ යැ, චූළක යැ, අනුපම යැ, වජ්ජිත යැ, සන්‍ධිත යැ, යන තෙරවරුන් වදාළගාථා යි.

ගාථා දුකනිපාතම‍්හි නවුති චෙව අට‍්ඨ ච ථෙරා එකූනපඤ‍්ඤාසං භාසිතා නයකොවිදා’ති.

දුකනිපාතයෙහි ගාථා අට අනූවක් ද, නයෙහි නිපුණ එකුන්පනස් තෙර කෙනෙක් ද කියනලදහ.

දුකනිපාතො නිට‍්ඨිතො.

දුකනිපාතය නිමි.