යෙදුමෙන් කියවන්න

අග‍්ගිකභාරද‍්වාජත්‍ථෙරගාථා

3. 1. 1.

3. 1. 1.

219. අයොනි සුද‍්ධිමන්‍වෙසං අග‍්ගිං පරිචරිං වනෙ, සුද‍්ධිමග‍්ගං අජානන‍්තො අකාසිං අමරං තපං.

219. අනුපායයෙන් (නොමගින්) සංසාරශුද්ධිය සොයන්නෙම් වෙනෙහි ගිනි පිදුයෙමි. ශුද්ධියට මාර්‍ගය නො දන්නෙම් (පඤ්චතාපනාදි) අමරතපස් කෙළෙමි.

220. තං සුඛෙන සුඛං ලද‍්ධං පස‍්ස ධම‍්මසුධම‍්මතං, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

220. ඒ නිවන් සුවය සුවසේ (සුඛප්‍රතිපදායෙන්) ලබනලදි. ශාසනධර්‍මයා ගේ සුධර්‍මත්‍වය (නෛර්‍ය්‍යාණිකභාවය) බලව. මා විසින් ත්‍රිවිද්‍යාව ලබනලද. බුදුරදුන්ගේ අවවාදය කරනලදි.

221. බ්‍රහ‍්මබන්‍ධු පුරෙ ආසිං ඉදානි ඛොම‍්හි බ්‍රාහ‍්මණො, තෙවිජ‍්ජො නහාතකො චම‍්හි සෙත්‍ථියො චම‍්හි වෙදගූ’ති.

221. පෙර (ජාතිමාත්‍රයෙන් ප්‍රඥප්ති විසින්) බ්‍රාහ්මණ වෙමි. දැන් (බහිතපාපි වන බැවින් පරමාර්‍ත්‍ථ විසින්) බ්‍රාහ්මණ වෙමි. ත්‍රිවිද්‍යා ඇත්තෙම් වෙමි. (සෝදාහළ කෙලෙස්මල ඇති බැවින්) ස්නාතක ද වෙමි. සොත්‍ථිය ද වෙමි. වේද සඞ්ඛ්‍යාත මාර්‍ගඥානයෙන් සංසාරමහොඝයාගේ නොහොත් චතුස්සත්‍යයාගේ පාරයට ගිය බැවින් වේදගූ ද වෙමි යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අග‍්ගිකභාරද‍්වාජො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...

අග‍්ගිකභාරද‍්වාජත්‍ථෙරගාථා.

අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරගාථා යි.