යෙදුමෙන් කියවන්න

අග‍්ගිකභාරද‍්වාජත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

අග‍්ගිකභාරද‍්වාජත්‍ථෙරගාථාවණ‍්ණනා

අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරගාථා වර්ණනාව

තිකනිපාතෙ අයොනි සුද‍්ධිමන්‍වෙසන‍්ති ආයස‍්මතො අඞ‍්ගණිකභාරද‍්වාජත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො ඉතො එකතිංසෙ කප‍්පෙ සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පසන‍්නමානසො පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගණ‍්හි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ හිමවන‍්තසමීපෙ උක‍්කට‍්ඨෙ නාම නගරෙ විභවසම‍්පන‍්නස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා අඞ‍්ගණිකභාරද‍්වාජොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො විජ‍්ජාසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො නෙක‍්ඛම‍්මජ‍්ඣාසයතාය පරිබ‍්බාජකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අමරං තපං චරන‍්තො තත්‍ථ තත්‍ථ විචරන‍්තො සම‍්මාසම‍්බුද‍්ධං ජනපදචාරිකං චරන‍්තං දිස‍්වා පසන‍්නමානසො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා තං මිච‍්ඡාතපං පහාය සාසනෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.23.48-51) –

“අයොනිසුද්ධිමන්‍වෙසං” යනු ආයුෂ්මත් අංගණික භාරද්වාජ තෙරණුවන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා පින්දහම් රැස්කරගෙන අවුත්, මීට කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත් වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පහන් සිතින් පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය. ඔහු ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් පැමිණ මේ බුද්ධෝත්පාද කාලයේ දී හිමවත සමීපයේ වූ “උක්කට්ඨ” නම් නුවර මහත් ධනවත් බමුණු ගෙයක ඉපිද අංගාණික භාරද්වාජ යැයි ප්‍රකට විය. වැඩිවියට පත් ඒ බමුණු කුමරු සිප් සතර හදාරා අවසන, ගිහිගෙන් නික්මීමේ අදහස් ඇති වූ බැවින් පිරිවැජියෙකු ලෙස පැවිදිව පඤ්චතාජනාදී අමර තපස් කරමින් ඒ ඒ තැන හැසිරුණේය. දිනක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙනු දැක පැහැදුණු සිතින් උන්වහන්සේ වෙත පැමිණ ධර්‍මශ්‍රවණය කළ පිරිවැජි තෙම, මිසදිටු ගැනීම් අත්හැර සසුනේ පැවිදි විය. විදසුන් කමටහන වැඩූ උන්වහන්සේ නොබෝ දිනකින්ම ෂඩ් අභිඥාලාභී වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“උසභං පවරං වීරං, වෙස‍්සභුං විජිතාවිනං; පසන‍්නචිත‍්තො සුමනො, බුද‍්ධසෙට‍්ඨමවන්‍දහං.

“ශ්‍රේෂ්ඨ උතුම් වූ ධීර වූ මහර්ෂී වූ කෙලෙස් සතුරන් ජයගන්නා සුලු වූ ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට සතුටු සිතින් පැහැදුණු සිතින් මම වැන්දෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, වන්‍දනාය ඉදං ඵලං.

මීට කල්ප තිස් එකකට පෙර දී යම් බුදුවරයෙකුට මම වැන්දෙම් ද එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ වන්දනාවේ විපාක මෙබඳුය.

“චතුවීසතිකප‍්පම‍්හි, විකතානන්‍දනාමකො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

[missing trans]

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා විමුත‍්තිසුඛෙන විහරන‍්තො ඤාතීනං අනුකම‍්පාය අත‍්තනො ජාතිභූමිං ගන‍්ත්‍වා බහූ ඤාතකෙ සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාපෙත්‍වා තතො නිවත‍්තිත්‍වා කුරුරට‍්ඨෙ කුණ‍්ඩියස‍්ස නාම නිගමස‍්ස අවිදූරෙ අරඤ‍්ඤෙ වසන‍්තො කෙනචිදෙව කරණීයෙන උග‍්ගාරාමං ගතො උත‍්තරාපථතො ආගතෙහි සන්‍දිට‍්ඨෙහි බ්‍රාහ‍්මණෙහි සමාගතො තෙහි, “භො භාරද‍්වාජ, කිං දිස‍්වා බ්‍රාහ‍්මණානං සමයං පහාය ඉමං සමයං ගණ‍්හී”ති පුච‍්ඡිතො තෙසං ඉතො බුද‍්ධසාසනතො බහිද‍්ධා සුද‍්ධි නත්‍ථීති දස‍්සෙන‍්තො –

ෂඩ් අභිඥාලාභීව විමුක්ති සුව විඳිමින් විසූ උන්වහන්සේ ඤාතීන්ට අනුකම්පා පිණිස තම උපන් බිමට වැඩමවා දහම් දෙසමින් බොහෝ ඤාතීහු සරණ සිල්හි පිහිටුවා, ඉන්පසු කුරු රට කුණ්ඩිය නම් නියම් ගම සමීපයේ වූ අරණ්‍යයක විසූහ. කිසියම් කටයුත්තකට උග්ගාරාමයට ගිය උන්වහන්සේට උත්තරා පථයෙන් පැමිණි, පෙර දැක පුරුදු හිත මිත්‍ර බමුණු පිරිසක් හමු විය. ඔවුහු තෙරුන් හැඳිනගෙන, “පින්වත් භාරද්වාජය! නුඹ කුමක් දැක බමුණු දහම හැර දමා මේ බුදුසමය පිළිගත්තෙහි ද?” යි විචාළහ. එවිට ඔවුන්ට “මේ බුදු සසුනින් පිටත් වෙනම දහමක සංසාර ශුද්ධියක් නැත”යි පවසමින් තෙරණුවෝ මේ පළමු ගාථාව වදාළහ.

“අයොනි සුද‍්ධිමන්‍වෙසං, අග‍්ගිං පරිචරිං වනෙ; සුද‍්ධිමග‍්ගං අජානන‍්තො, අකාසිං අමරං තප”න‍්ති. – පඨමං ගාථමාහ;

“අයොනි සුද්ධිමන්‍වෙසං අග්ගිං පරිචරිං වනෙ, සුද්ධිමග්ගං අජානන්තො අකාසිං අමරං තපං” තී

තත්‍ථ අයොනීති අයොනිසො අනුපායෙන. සුද‍්ධින‍්ති සංසාරසුද‍්ධිං භවනිස‍්සරණං. අන්‍වෙසන‍්ති ගවෙසන‍්තො. අග‍්ගිං පරිචරිං වනෙති “අයං සුද‍්ධිමග‍්ගො”ති අධිප‍්පායෙන අරඤ‍්ඤායතනෙ අග‍්ගිහුතසාලායං අග්‍යාගාරං කත්‍වා ආහුතිං පග‍්ගණ‍්හන‍්තො අග‍්ගිදෙවං පරිචරිං වෙදෙ වුත‍්තවිධිනා පූජෙසිං. සුද‍්ධිමග‍්ගං අජානන‍්තො, අකාසිං අමරං තපන‍්ති සුද‍්ධියා නිබ‍්බානස‍්ස මග‍්ගං අජානන‍්තො අග‍්ගිපරිචරණං විය පඤ‍්චතපතප‍්පනාදිඅත‍්තකිලමථානුයොගං “සුද‍්ධිමග‍්ගො”ති මඤ‍්ඤාය අකාසිං අචරිං පටිපජ‍්ජිං.

එහි “අයොනී” අනුවණින්, අනුපායයෙන් “සුද්ධිං” සංසාර ශුද්ධිය, භවයෙන් මිදීම. “අන්‍වෙසං” සොයමින්, පරීක්‍ෂා කරමින්. “අග්ගිං පරිචරිං වනෙ” මේ ශුද්ධි මාර්ගය’යි යන අදහසින් වනයේ ගිනි ශාලාවක්, ගිනි ගෙයක් කොට යාග ද්‍රව්‍ය ගිනිදෙවියා පිදුවෙමි. වේද ග්‍රන්‍ථයන්හි පැවසූ පරිදි ගිනි දෙවි පිදුවෙමි. “සුද්ධිමග්ගං අජානන්තො අකාසිං අමරං තපං” සසරින් මිදෙන නිවන් මග නොදත් මම ගිනි පිදීම මෙන්ම “පඤ්ච තාපන ආදී ශරීරයට දැඩි දුක් දෙන ක්‍රියාමාර්ගවලින් (අත්තකිලමථානුයෝගයෙන්) පිරිසිඳු වන මඟ යැ”යි යන අදහසින් හැසිරුණෙමි. එම ඉගැන්වීම් පිළිපැද්දෙමි.

එවං ථෙරො අස‍්සමතො අස‍්සමං ගච‍්ඡන‍්තො විය වෙදෙ වුත‍්තවිධිනා අග‍්ගිපරිචරණාදිනා අනුට‍්ඨාය සුද‍්ධියා අප‍්පත‍්තභාවෙන බහිද‍්ධා සුද‍්ධියා අභාවං දස‍්සෙත්‍වා ඉදානි ඉමස‍්මිංයෙව සාසනෙ සුද‍්ධි ච මයා අධිගතාති දස‍්සෙන‍්තො –

මෙසේ මේ තෙරණුවෝ අසපුවෙන් අසපුවට යන්නාක් මෙන් වේදයෙහි කී පරිදි ගිනි පිදීම් ආදී දෙයින් සංසාරික ශුද්ධියක් නොලැබූ බව දක්වා, බාහිර සමයන්හි මිදීමක් නොමැති බව පෙන්වා දී දැන් “මේ බුදුසසුනෙහි දී ම විසින් සංසාරික ශුද්ධිය අවබෝධ කළෙමි”යි දක්වමින් මේ දෙවන ගාථාව වදාළහ.

“තං සුඛෙන සුඛං ලද‍්ධං, පස‍්ස ධම‍්මසුධම‍්මතං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. – දුතියගාථමාහ;

“තං සුඛෙන සුඛං ලද්ධං පස්ස ධම්ම සුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.

තත්‍ථ තන‍්ති යස‍්සත්‍ථාය සුද‍්ධිං අන්‍වෙසන‍්තො තස‍්ස මග‍්ගං අජානන‍්තො අග‍්ගිං පරිචරිං අමරං තපං අචරිං, තං නිබ‍්බානසුඛං සුඛෙන සමථවිපස‍්සනාය සුඛාය පටිපදාය අත‍්තකිලමථානුයොගං අනුපගම‍්ම මයා ලද‍්ධං පත‍්තං අධිගතං. පස‍්ස ධම‍්මසුධම‍්මතන‍්ති සත්‍ථු සාසනධම‍්මස‍්ස සුධම‍්මතං අවිපරීතනිය්‍යානිකධම‍්මසභාවං පස‍්ස ජානාහීති ධම‍්මාලපනවසෙන වදති, අත‍්තානං වා ආලපති. තස‍්ස ලද‍්ධභාවං පන දස‍්සෙන‍්තො –

එහි “තං” යම් ඒ අර්ථයක් සඳහා වූ සංසාරික ශුද්ධියක් සොයමින්, එය ලබා ගන්නා නිවැරදි මඟ නොදැන ගිනිපිදීම්, අමර තපස් කරන ලද්දෙම් ද, ඒ නිවන් සැපය සමථ විදර්ශනාදී සුවය සඳහා වූ ප්‍රතිපදාවෙන් අත්තකිලමථානුයෝගයට නොපැමිණි ම විසින් ලැබූවෙමි. පැමිණියෙමි. අවබෝධ කළෙමි. “පස්සධම්ම සුධම්මතං” ශාස්තෲන් වහන්සේගේ ශාසන ධර්මයේ සුධර්මත්‍වය හෙවත් විපරීත නොවූ නෛර්‍ය්‍යාණික ධර්ම ස්වභාවය බලවු. දැනගනිවු. යනුවෙන් ධර්මයට ඇමතීම් වශයෙන් කියයි. නැතිනම් තමාටම ආමන්ත්‍රණය කරයි. එම උතුම් නිවන සැපත හෙවත් සංසාරික ශුද්ධි තමා ලබාගත් බව දක්වමින්,

“තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”යි -

ආහ, තං වුත‍්තත්‍ථමෙව. එවං සුද‍්ධියා අධිගතත‍්තා “ඉතො පට‍්ඨායාහං පරමත්‍ථතො බ්‍රාහ‍්මණො”ති දස‍්සෙන‍්තො –

“ත්‍රිවිද්‍යා ලැබූවෙමි. බුදුරදුන්ගේ අවවාදය කරන ලදි” පැවසූහ. එහි අර්ථ ඉතා ප්‍රකටය. මෙසේ විමුක්තිය අවබෝධ කරගත් බැවින්, “එතැන් පටන් මම පරමාර්ථ වශයෙන්ම බ්‍රාහ්මණයෙක් වීමි”යි දක්වමින් මේ තෙවන ගාථාව වදාළහ.

“බ්‍රහ‍්මබන්‍ධු පුරෙ ආසිං, ඉදානි ඛොම‍්හි බ්‍රාහ‍්මණො; තෙවිජ‍්ජො න‍්හාතකොචම‍්හි, සොත‍්තියො චම‍්හි වෙදගූ”ති. – තතියං ගාථමාහ;

“බ්‍රහ්මබන්‍ධු පුරෙ ආසිං, ඉදානි ඛොම්හි බ්‍රාහ්මණො, තෙවිජො නහාතකො චම්හි සොත්‍ථියො චම්හි වෙදගූ”

තස‍්සත්‍ථො – ඉතො පුබ‍්බෙ ජාතිමත‍්තෙන බ්‍රාහ‍්මණභාවතො බ්‍රාහ‍්මණානං සමඤ‍්ඤාය බ්‍රහ‍්මබන්‍ධු නාම ආසිං. බාහිතපාපත‍්තා පන ඉදානි ඛො අරහත‍්තාධිගමෙන පරමත්‍ථතො බ්‍රාහ‍්මණො ච අම‍්හි. ඉතො පුබ‍්බෙ භවසඤ‍්චයකරානං තිස‍්සන‍්නං වෙදසඞ‍්ඛාතානං විජ‍්ජානං අජ‍්ඣයනෙන සමඤ‍්ඤාමත‍්තෙන තෙවිජ‍්ජො නාම හුත්‍වා ඉදානි භවක‍්ඛයකරාය විජ‍්ජාය වසෙන තිස‍්සන‍්නං විජ‍්ජානං අධිගතත‍්තා පරමත්‍ථතො තෙවිජ‍්ජො ච අම‍්හි. තථා ඉතො පුබ‍්බෙ භවස‍්සාදගධිතාය න‍්හාතකවතනිප‍්ඵත‍්තියා සමඤ‍්ඤාමත‍්තෙන න‍්හාතකො නාම හුත්‍වා ඉදානි අට‍්ඨඞ‍්ගිකමග‍්ගජලෙන සුවික‍්ඛාලිතකිලෙසමලතාය පරමත්‍ථතො න‍්හාතකො චම‍්හි. ඉතො පුබ‍්බෙ අවිමුත‍්තභවස‍්සාදමන‍්තජ‍්ඣානෙන වොහාරමත‍්තතො සොත‍්තියො නාම හුත්‍වා ඉදානි සුවිමුත‍්තභවස‍්සාදධම‍්මජ‍්ඣානෙන පරමත්‍ථතො සොත‍්තියො චම‍්හි. ඉතො පුබ‍්බෙ අප‍්පටිනිස‍්සට‍්ඨපාපධම‍්මානං වෙදානං ගතමත‍්තෙන වෙදගූ නාම හුත්‍වා ඉදානි වෙදසඞ‍්ඛාතෙන මග‍්ගඤාණෙන සංසාරමහොඝස‍්ස වෙදස‍්ස චතුසච‍්චස‍්ස ච පාරං ගතත‍්තා අධිගතත‍්තා ඤාතත‍්තා පරමත්‍ථතො වෙදගූ ජාතොති. තං සුත්‍වා බ්‍රාහ‍්මණා සාසනෙ උළාරං පසාදං පවෙදෙසුං.

මෙහි අර්ථ මෙසේ ය - මීට පෙර මම ජාති මාත්‍රයෙන්, ප්‍රඥප්ති වශයෙන් බ්‍රාහ්මණයෙක් වූයෙමි. බ්‍රාහ්මණයන්ගේ හැඳින්වීම් අනුව “බ්‍රහ්මබන්‍ධු” නම් වූයෙමි. දැන් පාප ධර්ම බැහැර ලූ බැවින් අර්හත් මාර්ගාවබෝධයෙන් පරමාර්ථ වශයෙන්ම “බ්‍රාහ්මණයෙක්” වීමි. මීට පෙර භව රැස් කරන ත්‍රිවේද නම් විද්‍යාවන් අධ්‍යයනය කිරීමෙන් ප්‍රඥප්ති වශයෙන් “තේවිජ්ජ” නම් වූයෙමි. දැන් භව ක්‍ෂය කරන්නා වූ විද්‍යාවන්ගේ වශයෙන් ත්‍රිවිද්‍යා අවබෝධ කරගත් බැවින් පරමාර්ථ වශයෙන් ම “තේවිජ්ජ” නම් වෙමි. එසේම මීට පෙර දී භවාශ්වාදයේ ගැලුණු බැවින් නහාතක ව්‍රතය සමාදන් වූ බැවින් ප්‍රඥප්ති වශයෙන් ‘ස්නාතක’ නම් වූයෙමි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ග නම් ජලයෙහි මනාව සෝදා හළ කෙලෙස් මල ඇති බැවින් පරමාර්ථ වශයෙන්ම “නහාතක” නම් වෙමි. මීට පෙර දී භවාශ්වාදයේ අධිකව ඇලී මන්ත්‍රධර වූ බැවින් ප්‍රඥප්ති වශයෙන් සොත්‍ථිය නම් බ්‍රාහ්මණයෙක් වූයෙමි. දැන් මනාව මිදුණු භවාශ්වාද ඇති ධර්මධර වූයෙම් පරමාර්ථ වශයෙන්ම සොත්‍ථිය නම් වෙමි. මීට පෙර දී පාප ධර්ම අත් නොහැරම වේදත්‍රය ඉගෙනගත් (හදාළ) පමණින් “වෙදගූ” නම් වූයෙමි. දැන් වේද නම් වූ ආර්ය මාර්ග ඤාණයෙන් සංසාර මහෝඝයේ පරතෙරට චතුරාර්ය සත්‍යාවබෝධයෙන් ගිය බැවින්, අවබෝධ කරගත් බැවින්, දැනගත් බැවින් පරමාර්ථ වශයෙන්ම වෙදගු නම් වෙමි. මේ ගාථාත්‍රය ඇසූ බමුණෝ බුදුසසුන පිළිබඳව සිය මහත් වූ ප්‍රසාදය පළකළහ.

අඞ‍්ගණිකභාරද‍්වාජත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

අංගණික භාරද්වාජ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.