යෙදුමෙන් කියවන්න

පච‍්චයත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පච‍්චයත්‍ථෙරගාථාවණ‍්ණනා

පච්චය ස්ථවිරගාථා වර්ණනාව

පඤ‍්චාහාහං පබ‍්බජිතොති ආයස‍්මතො පච‍්චයත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං විනතාය නාම නදියා තීරෙ ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො මනුඤ‍්ඤදස‍්සනානි මහන‍්තානි උදුම‍්බරඵලානි ඔචිනිත්‍වා උපනාමෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං භද‍්දකප‍්පෙ කස‍්සපෙ භගවති ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තවරධම‍්මචක‍්කෙ වෙනෙය්‍යජනානුග‍්ගහං කරොන‍්තෙ තස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා භාවනමනුයුඤ‍්ජන‍්තො එකදිවසං සංසාරදුක‍්ඛං චින‍්තෙත්‍වා අතිවිය සඤ‍්ජාතසංවෙගො විහාරෙ නිසින‍්නො “අරහත‍්තං අප‍්පත්‍වා ඉතො න නික‍්ඛමිස‍්සාමී”ති චිත‍්තං අධිට‍්ඨාය වායමන‍්තො ඤාණස‍්ස අපරිපක‍්කත‍්තා විපස‍්සනං උස‍්සුක‍්කාපෙතුං නාසක‍්ඛි.

“පඤ්චාහාහං පබ්බජිතො” යනු ආයුෂ්මත් පච්චය තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරමින් අවුත්, මීට කල්ප අනූ එකකට පෙර විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද වැඩිවියට පත් වූහ. එක්දිනක් ශාස්තෲන් වහන්සේ විනකා නම් නදී තීරයේ වැඩම කරනු දැක පහන් සිතින් ඉතා රසවත් වූ මහත් දිඹුල් ඵලයක් ගෙන පූජා කළයේ. හෙතෙම ඒ පින්කමේ විපාක වශයෙන් කාම සුගතීන්හි ම සැරි සරා මේ මහා භද්‍ර කල්පයේ දී කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව, පැවැත්වූ දම්සක් දෙසුම් ඇතිව හික්මවිය යුතු ජනයාට අනුග්‍රහ කරන කල්හි උන්වහන්සේගේ සසුනේ පැවිදි විය. පැවිදි වී විදසුනෙහිම සිත පිහිටුවා භාවනාවෙහි නිරත වූයේ, දිනක් උන්වහන්සේ සසර දුක් සිහිකර, අතිශයින්ම සංවේගයට පත්වූයේ විහාරයේ හිඳගෙන ම “රහත් නොවී මෙතැනින් නික්ම නොයමි”යි දැඩි අධිෂ්ඨානයෙන් වෑයම් කළ නමුත් ඤාණය (නුවණ) මුහුකුරා නොගිය බැවින් සිත විදර්ශනාවට නංවා ගැනීමට අපොහොසත් වූහ.

සො කාලඞ‍්කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රොහිතනගරෙ ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්තිත්‍වා පච‍්චයොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨිතො එකදිවසං මහාරාජබලිං කාතුං ආරභි. තත්‍ථ මහාජනො සන‍්නිපති. තස‍්මිං සමාගමෙ තස‍්ස පසාදඤ‍්ජනනත්‍ථං සත්‍ථා මහාජනස‍්ස පෙක‍්ඛන‍්තස‍්සෙව ආකාසෙ වෙස‍්සවණෙන නිම‍්මිතෙ රතනමයකූටාගාරෙ රතනමයසීහාසනෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙසි. මහතො ජනකායස‍්ස ධම‍්මාභිසමයො අහොසි. තං ධම‍්මං සුත්‍වා පච‍්චයරාජාපි රජ‍්ජං පහාය පුරිමහෙතුසඤ‍්චොදිතො පබ‍්බජි. සො යථා කස‍්සපස‍්ස භගවතො කාලෙ පටිඤ‍්ඤං අකාසි, එවං පටිඤ‍්ඤං කත්‍වා විහාරං පවිසිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො ඤාණස‍්ස පරිපාකං ගතත‍්තා තාවදෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.39.15-20) –

ඉන් කලුරිය කර දෙව් මිනිසුන් අතර සැපවිඳි ඔහු මේ බුද්ධෝත්පාද කාලයේදී රෝහිණී නුවර ක්‍ෂත්‍රිය රජ කුලයේ ඉපිද, පච්චය නමින් ප්‍රකට විය. වැඩිවියට පත්ව පියාගේ ඇවෑමෙන් රාජ්‍යයේ පිහිටි පච්චය තෙමේ දිනක් මහාරාජ බලියක් කරවීමට පටන් ගත්තේය. එහි උත්සවය බැලීමට මහාජන සන්නිපාතයක් විය. ඒ මහා සමාගමයේදී ඔහුට ප්‍රසාදජනනය කිරීම සඳහා ශාස්තෲන්වහන්සේ මහජනයාට පෙනෙමින්ම අහසෙහි වෛශ්‍රවණ විසින් මැවූ රුවන්මය කුළුගෙයි රුවන්මය සිංහාසනයේ වැඩහිඳ දහම් දෙසූ සේක. එහිදී මහත් ජනකායක් ධර්මාවබෝධ කරගත්හ. එසේ දෙසූ දහම් ඇසූ පච්චය රජු ද රජකම හැරදමා පූර්වහේතුසම්පත් ඇති බැවින් සසුනේ පැවිදි විය. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ පච්චය තෙරණුවෝ එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ ප්‍රතිඥා කලාක් මෙන්ම ප්‍රතිඥා තබා විහාරයට පිවිස විදසුන් භාවනාව වැඩූහ. එවිට උන්වහන්සේගේ ඤාණය මුහුකුරා ගොස් තිබූ බැවින් එකෙණෙහිම රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ වදාළහ.

“විනතානදියා තීරෙ, විහාසි පුරිසුත‍්තමො; අද‍්දසං විරජං බුද‍්ධං, එකග‍්ගං සුසමාහිතං.

“පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ විනතා ගංතෙර වැඩ විසූහ. මම එකල සන්සුන් වූ කෙලෙස් දූවිලි පිසලූ එකඟ සිතින් හුන් උන්වහන්සේ දුටුවෙමි.

“තස‍්මිං පසන‍්නමානසො, කිලෙසමලධොවනෙ; උදුම‍්බරඵලං ගය‍්හ, බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

කෙලෙස් මල සෝදාහල උන්වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති මම දිඹුල් ඵල ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුන්නෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං ඵලමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප අනූ එකකට පෙර මම යම් ඵල දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය”

“ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ, සංවිග‍්ගමානමානසො; කස‍්සපස‍්ස භගවතො, සාසනෙ පබ‍්බජිං අහං.

“මේ මහා භද්‍ර කල්පයේදී පහළ වූ කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි සංවේගයට පත් සිතැති මම පැවිදිවූයෙමි.

“තථා පබ‍්බජිතො සන‍්තො, භාවනං අනුයුඤ‍්ජිසං; න විහාරා නික‍්ඛමිස‍්සං, ඉති කත්‍වාන මානසං.

එසේ පැවිදි වූ මම භාවනාවට සිත් යොමු කළෙමි. “උතුම් වූ අර්ථයට හෙවත් රහත් බවට පත්නොවී විහාරයෙන් නික්ම නොයමි” යන දැඩි අධිෂ්ඨානයෙන් භාවනා කළත් එකළ මාගේ පැතුම ඉටු නොවිණි. දැන් වනාහි නුවණ මුහුකුරා ගියෙම් අචල වූ නිවනට පත්වූයෙමි. ස්ථිර වූ අච්චුන පදය නම් වූ නිවන් අවබෝධ කරගත් මම දැන් සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

“උත‍්තමත්‍ථං අසම‍්පත‍්තො, න ච පත‍්තොම‍්හි තාවදෙ; ඉදානි පන ඤාණස‍්ස, පරිපාකෙන නිබ‍්බුතො; පත‍්තොම‍්හි අචලං ඨානං, ඵුසිත්‍වා අච‍්චුතං පදං.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිකිත‍්තනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත්වූ තම පිළිවෙත් මඟ ප්‍රකාශ කිරීම් වශයෙන් සිය රහත් බව ප්‍රකාශ කරන පච්චය තෙරණුවෝ මේ ගාථා තුන වදාළහ.

“පඤ‍්චාහාහං පබ‍්බජිතො, සෙඛො අප‍්පත‍්තමානසො; විහාරං මෙ පවිට‍්ඨස‍්ස, චෙතසො පණිධී අහු.

“පඤ්චාහාහං පබ්බජිතො - සෙඛො අප්පත්තමානසො, විහාරං මෙ පවිට්ඨස්ස - චෙතසො පණිධී අහු”

“නාසිස‍්සං න පිවිස‍්සාමි, විහාරතො න නික‍්ඛමෙ; නපි පස‍්සං නිපාතෙස‍්සං, තණ‍්හාසල‍්ලෙ අනූහතෙ.

“නාසෙස්සං, න පිවිස්සාමි - විහාරතො න නික්ඛමෙ, නපි පස්සං, න නිපාතෙස්සං - තණ්හා සල්ලෙ අනූහතෙ”

“තස‍්ස මෙවං විහරතො, පස‍්ස වීරියපරක‍්කමං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“තස්ස මෙවං විහරතො - පස්ස විරියපරක්කමං, තිස්සො විජ්ජා අනුප්පත්තා - කතං බුද්ධස්ස සාසනං”තී.

ඉමා තිස‍්සො ගාථා අභාසි.

තත්‍ථ පඤ‍්චාහාහං පබ‍්බජිතොති පඤ‍්චාහො අහං, පබ‍්බජිතො හුත්‍වා පඤ‍්චාහො, පබ‍්බජිතදිවසතො පඤ‍්චමො අහො නිට‍්ඨිතොති අත්‍ථො. සෙඛො අප‍්පත‍්තමානසොති අධිසීලසික‍්ඛාදීනං සික‍්ඛනතො සෙඛො. අනවසෙසතො මානං සියති සමුච‍්ඡින්‍දතීති මානසො, අග‍්ගමග‍්ගො, තංනිබ‍්බත‍්තිතො මානසතො ආගතං මානසං, අරහත‍්තං, තං, සො වා අප‍්පත‍්තො එතෙනාති අප‍්පත‍්තමානසො. විහාරං මෙ පවිට‍්ඨස‍්ස, චෙතසො පණිධී අහූති එවං සෙඛස‍්ස මෙ වසනකවිහාරං ඔවරකං පවිට‍්ඨස‍්ස සතො එවරූපො ඉදානි වුච‍්චමානාකාරො චෙතොපණිධි අහොසි, එවං මයා චිත‍්තං පණිහිතන‍්ති අත්‍ථො.

මෙහි “පඤ්චාහාහං පබ්බජිතො” මම පැවිදි වී දින පසක් ගතවීමි. පැවිදි වූ දින පටන් දින පහක් මේ වනවිට ගෙවී අවසන්ය. “සෙඛො අප්පත්ත මානසො” අධිශීල ශික්‍ෂාදියේ හික්මීම් වශයෙන් සේඛ නම් වීමි. ඉතිරි නොවනසේම මානය මුලුමනින්ම සිඳ දැමීම් අර්ථයෙන් “මානස” නම් වූ අර්හත්‍වයට ඔහු නොපැමිණියේ නුයි “අප්පත්තමානසො” (නොපැමිණි අග්‍රමාර්ග අනියෙම්). “විහාරං මෙ පවිට්ඨස්ස මෙතසො පණිධී අහූ” මෙසේ සේඛයකු වූ මට වසන්නා වූ විහාරයට පැමිණි විට මෙබඳු වූ - දැන් මතු පවසන්නා වූ චිත්ත ප්‍රාර්ථනාවක් ඇති විය. මෙබඳු සිතක් මාහට විය.

නාසිස‍්සන‍්තිආදිනා චිත‍්තපණිධිං දස‍්සෙති. තත්‍ථ නාසිස‍්සන‍්ති යංකිඤ‍්චි භොජනං න භුඤ‍්ජිස‍්සං න භුඤ‍්ජිස‍්සාමි තණ‍්හාසල‍්ලෙ මම හදයගතෙ අනූහතෙ අනුද‍්ධතෙති එවං සබ‍්බපදෙසු යොජෙතබ‍්බං. න පිවිස‍්සාමීති යංකිඤ‍්චි පාතබ‍්බං න පිවිස‍්සාමි. විහාරතො න නික‍්ඛමෙති ඉමස‍්මා ඉදානි මයා නිසින‍්නගබ‍්භතො න නික‍්ඛමෙය්‍යං. නපි පස‍්සං නිපාතෙස‍්සන‍්ති මම සරීරස‍්ස ද‍්වීසු පස‍්සෙසු එකම‍්පි පස‍්සං කායකිලමථවිනොදනත්‍ථං න නිපාතෙස‍්සං, එකපස‍්සෙනපි න නිපජ‍්ජිස‍්සාමීති අත්‍ථො.

“නාසෙස්සං” ආදී වශයෙන් එම චිත්ත ප්‍රණිධිය දැක්වේ. එහි “නාසෙස්සං” යම් කිසි භෝජනයක් නොවළඳමි. නොවළඳවන්නෙමි. “තණ්හා නම් සැතින් මගේ හදවත විඳිනා තෙක්ම, උපද්‍රව කරන තෙක්ම” යනුවෙන් සෑම පදයකම යෙදිය යුතුයි. “න පිවිස්සාමී” පානය කළයුතු දෑ පානය නොකරන්නෙමි. “විහාරතො න නික්ඛමෙ” දැන් මේ මම වසන කුටියෙන් නික්ම නොයන්නෙමි. “නපි පස්සං න නිපාතෙස්සං” මගේ ශරීරයේ පැති දෙකින් එක පසෙකිනුදු කයෙහි වෙහෙස දුරු කරගනු සඳහා සයනය නො කරන්නෙමි. එක් පැත්තකිනිදු නිදා නො ගන්නෙමි.

තස‍්ස මෙවං විහරතොති තස‍්ස මෙ එවං චිත‍්තං පණිධාය දළ‍්හවීරියාධිට‍්ඨානං කත්‍වා විපස‍්සනානුයොගවසෙන විහරතො. පස‍්ස වීරියපරක‍්කමන‍්ති විධිනා ඊරයිතබ‍්බතො “වීරියං” පරං ඨානං අක‍්කමනතො “පරක‍්කමො”ති ච ලද‍්ධනාමං උස‍්සොළ‍්හීභූතං වායාමං පස‍්ස ජානාහි. යස‍්ස පනානුභාවෙන මයා තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනන‍්ති වුත‍්තත්‍ථමෙව.

“තස්ස මෙවං විහරතො” ඒ මම මෙසේ දැඩිව සිතාගෙන, දැඩි වීර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව විදසුන් භාවනාව වඩමින් වාසය කරන විට, “පස්ස විරිය පරක්කමං” ඉහත කියූ ලෙසින්ම වීර්යයෙන් උතුම් ස්ථානය නොඉක්මවන බැවින් “පරාක්‍රම” නම් වූ ඒ මාගේ උත්සාහවත් වූ අධික වෑයම බලවු. එය දැනගවු. එම දැඩි වීර්ය නිසා මම ත්‍රිවිද්‍යාවන් අවබෝධ කළෙමි. බුදුරදුන්ගේ අනුශාසනය කොට නිමවූයෙමි. මෙහි අර්ථ ඉහත දක්වන ලදි.

පච‍්චයත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පච්චය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.