යෙදුමෙන් කියවන්න

බක‍්කුලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

බක‍්කුලත්‍ථෙරගාථාවණ‍්ණනා

බක්කුල ස්ථවිරගාථා වර්ණනාව

යො පුබ‍්බෙ කරණීයානීති ආයස‍්මතො බාකුලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි කිර අතීතෙ ඉතො කප‍්පසතසහස‍්සාධිකස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යස‍්ස මත්‍ථකෙ අනොමදස‍්සිස‍්ස භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගහෙත්‍වා තත්‍ථ සාරං අපස‍්සන‍්තො “සම‍්පරායිකත්‍ථං ගවෙසිස‍්සාමී”ති ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පබ‍්බතපාදෙ විහරන‍්තො පඤ‍්චාභිඤ‍්ඤාඅට‍්ඨසමාපත‍්තිලාභී හුත්‍වා විහරන‍්තො බුද‍්ධුප‍්පාදං සුත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා සරණෙසු පතිට‍්ඨිතො සත්‍ථු උදරාබාධෙ උප‍්පන‍්නෙ අරඤ‍්ඤතො භෙසජ‍්ජානි ආහරිත්‍වා තං වූපසමෙත්‍වා තත්‍ථ පුඤ‍්ඤං ආරොග්‍යත්‍ථාය පරිණාමෙත්‍වා තතො චුතො බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිත්‍වා එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං අප‍්පාබාධානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයං තං ඨානන‍්තරං ආකඞ‍්ඛන‍්තො පණිධානං කත්‍වා යාවජීවං කුසලං උපචිනිත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො විපස‍්සිස‍්ස භගවතො නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව බන්‍ධුමතීනගරෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො පුරිමනයෙනෙව ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤාලාභී හුත්‍වා පබ‍්බතපාදෙ වසන‍්තො බුද‍්ධුප‍්පාදං සුත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා සරණෙසු පතිට‍්ඨිතො භික‍්ඛූනං තිණපුප‍්ඵකරොගෙ උප‍්පන‍්නෙ තං වූපසමෙත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චුතො බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිත්‍වා එකනවුතිකප‍්පෙ දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ බාරාණසියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා ඝරාවාසං වසන‍්තො එකං ජිණ‍්ණං විනස‍්සමානං මහාවිහාරං දිස‍්වා තත්‍ථ උපොසථාගාරාදිකං සබ‍්බං ආවසථං කාරෙත්‍වා තත්‍ථ භික‍්ඛුසඞ‍්ඝස‍්ස සබ‍්බං භෙසජ‍්ජං පටියාදෙත්‍වා යාවජීවං කුසලං කත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව කොසම‍්බියං සෙට‍්ඨිගෙහෙ නිබ‍්බත‍්ති. සො අරොගභාවාය මහායමුනාය න‍්හාපියමානො ධාතියා හත්‍ථතො මච‍්ඡෙන ගිලිතො මච‍්ඡෙ කෙවට‍්ටහත්‍ථගතෙ බාරාණසිසෙට‍්ඨිභරියාය වික‍්කිණිත්‍වා ගහිතෙ ඵාලියමානෙපි පුඤ‍්ඤබලෙන අරොගොයෙව හුත්‍වා තාය පුත‍්තොති ගහෙත්‍වා පොසියමානො තං පවත‍්තිං සුත්‍වා ජනකෙහි මාතාපිතූහි “අයං අම‍්හාකං පුත‍්තො, දෙථ නො පුත‍්ත”න‍්ති අනුයොගෙ කතෙ රඤ‍්ඤා “උභයෙසම‍්පි සාධාරණො හොතූ”ති ද‍්වින‍්නං කුලානං දායාදභාවෙන විනිච‍්ඡයං කත්‍වා ඨපිතත‍්තා බාකුලොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො හුත්‍වා මහතිං සම‍්පත‍්තිං අනුභවන‍්තො ආසීතිකො හුත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සත‍්තාහමෙව පුථුජ‍්ජනො අහොසි, අට‍්ඨමෙ අරුණෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.40.386-411) –

“යො පුබ්බෙ කරණීයානි” යනු ආයුෂ්මත් බක්කුල තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර, මෙයින් අසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් අධික වූ කාලයෙහි පහළ වූ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙරදීම, බමුණු කුලයක උපන්හ. නිසිවියට පත්ව ත්‍රිවේදය හදාළා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ එහි හරයක් නොදැක, “පරලොවට අර්ථයක් සොයන්නෙමි” සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පර්වත පාදයෙහි සිටිමින් පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත්තේය. එසේ වෙසෙන සමයේ බුද්ධෝත්පත්තිය අසා උන්වහන්සේ සොයා ගොස් ධර්මශ්‍රවණය කොට, සරණ සිල්හි පිහිටියේය. එවක ශාස්තෲන් වහන්සේට උදරාබාධයක් ඇති විය. කැළයට ගිය බමුණා බෙහෙත් ගෙනවුත් ඒ රෝගය සන්සිඳවීය. එසේ කළ පින්කමෙන් නිරෝගී සැප ලබාගැනීමට මුහුකරවමින් ඉන් චුතවූ ඔහු බඹලොව ඉපිද එක් අසංඛ්‍යයක් දෙව් මිනිසුන් අතර සැරිසරා අවුත් පදුමුත්තර බුදුන් පහළ වූ සමයේ හංසවතී නුවර සිටුගෙයක ඉපදුණි. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් අල්පාබාධ ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබනු දැක පැහැදී තමා ද එම තනතුර පතාගෙන චිත්ත ප්‍රණිධිය කොට දිවි ඇති තාක් පින්දහම් කොට කාමසුගතීන්හිම සැරිසැරීය. නැවත විපස්සී බුදුහු පහළවීමට පෙර දී බන්‍ධුමතී නුවර බමුණු පවුලක ඉපිද පෙර ලෙසින්ම සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව ධ්‍යානාභිඥා උපදවාගෙන පර්වත ප්‍රාන්තයෙහි විසීය. බුදු උපත අසා උන්වහන්සේ වෙත ගොස් ධර්මය අසා සරණ සිල්හි පිහිටා භික්‍ෂූන්ට තිණ පුප්ඵක (තණමල්වලින් හටගන්නා) රෝගය උපන් කල්හි, එය සන්සිඳුවා ආයු පමණින් සිට ඉන් චුතව බඹලොව උපන්නේ ය. මීට කල්ප අනූ එකකට පෙර දී ඉන් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරනුයේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි බරණැස සිටු ගෙයක ඉපිද ගිහි වාසයේ සිටිමින් එක් දිරා වැනසී යන මහාවිහාරයක් දැක එහි වූ උපෝසථාගාර ආදී සියලු ආරාමික ගොඩනැගිලි පිළිසකර කරවා, එහි විසූ භික්‍ෂු සංඝයාට සියලුම බෙහෙත් ද්‍රව්‍ය සපයා දී දිවි ඇතිතාක් කුසල් කළේය. ඉන් චුතව එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරමින් අවුත්, අපගේ බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරදීම කොසඹෑ සිටුහුගේ ගෙයි උපන්නේ ය. පෙර පින් බලයෙන් ඔහු නිරෝගී විය. මහා යමුනා නදියේ දිය නානා විට කිරිමවගේ අතින් ගිලිහුණු ඒ දරුවා මත්ස්‍යයකු විසින් ගිලින ලදි. මත්ස්‍යයා මාළු බාන්නන්ට හසුව, අල්ලා බරණැස සිටුදේවියට විකුණූහ. සිටුදේවිය මාළුවා කපද්දී පින් බෙලෙන් නීරෝගීවම දරුවා ලැබුණි. ඇය “පුතෙක්” යැයි රැගෙන ආදරයෙන් පෝෂණය කළාය. මේ පුවත ඇසූ දරුවා බිහිකළ දෙමාපියෝ “මේ අපගේ පුතාය. අපට පුතා දෙන්න”යි යෙදුණු කල්හි රජතුමා “මේ දරුවා පවුල් දෙකටම අයත් ය”යි කුල දෙකටම දායාද කළ බැවින්, එසේ විනිශ්චය දුන් බැවින් “බක්කුල” නමින් දරුවා ප්‍රකට විය. වැඩිවියට පත් බක්කුල කුමරු මහත් සැප සම්පත් විඳිමින් අසූ වයස් දක්වා සිට ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් ඇසීය. දහම් ඇසීමෙන් ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ බක්කුල හිමියෝ දින හතක්ම පුහුදුන්ව සිටියහ. අටවන දින අරුණ නැගෙත්ම සිවුපිළිසිඹියා පත් මහරහත් තෙරනමක් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“හිමවන‍්තස‍්සාවිදූරෙ , සොභිතො නාම පබ‍්බතො; අස‍්සමො සුකතො මය‍්හං, සකසිස‍්සෙහි මාපිතො.

“හිමවතට නුදුරෙහි සෝභිත නම් පර්වතයක් විය. එහි මට මනාව සෑදූ අසපුවක් විය. එය මාගේ ම සිසුන් විසින් සාදන ලද්දකි.

“මණ‍්ඩපා ච බහූ තත්‍ථ, පුප‍්ඵිතා සින්‍ධුවාරකා; කපිත්‍ථා ච බහූ තත්‍ථ, පුප‍්ඵිතා ජීවජීවකා.

ඒ අසපුවේ බොහෝ මණ්ඩප විය. පිපුණු සින්‍දුවාර, පිපුණු ජීවංජීවක, දිවුල් යන වෘක්‍ෂ සමූහයෙන් ඒ අසපුව අලංකාර විය.

“නිග‍්ගුණ‍්ඩියො බහූ තත්‍ථ, බදරාමලකානි ච; ඵාරුසකා අලාබූ ච, පුණ‍්ඩරීකා ච පුප‍්ඵිතා.

නික - ඩෙබර - නෙල්ලි - උගුරැස්ස ගස්වලින් ලබු වැලින් ද පිපුණු සුදු නෙළුමින්ද ආලක බෙලි, කෙසෙල්, උගුරැස්ස ගස් වලින් ලබුවැලින් ද පිපුණු සුදු නෙළුමින්ද ආලක බෙලි, කෙසෙල්, නාරන්, උක්, කුඹුක්, පුවක් ආදී ගසින් ද යුක්ත විය.

“ආළකා බෙලුවා තත්‍ථ, කදලී මාතුලුඞ‍්ගකා; මහානාමා බහූ තත්‍ථ, අජ‍්ජුනා ච පියඞ‍්ගුකා.

“කොසම‍්බා සළලා නිම‍්බා, නිග්‍රොධා ච කපිත්‍ථනා; එදිසො අස‍්සමො මය‍්හං, සසිස‍්සොහං තහිං වසිං.

කොහොඹ, හොර, කොළොම්, නුග, ගිවුළු යන ගස්වලින් සැරසුණු ඒ අසපුවේ ශිෂ්‍යයන් සමග මම සතුටින් විසුවෙමි.

“අනොමදස‍්සී භගවා, සයම‍්භූ ලොකනායකො; ගවෙසං පටිසල‍්ලානං, මමස‍්සමමුපාගමි.

“සියල්ල තමන් ම අවබෝධ කරගත් ලෝක නායක වූ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ විවේකය සොයමින් මගේ අසපුවට වැඩම කළහ.

“උපෙතම‍්හි මහාවීරෙ, අනොමදස‍්සිමහායසෙ; ඛණෙන ලොකනාථස‍්ස, වාතාබාධො සමුට‍්ඨහි.

මහත් යශස් ඇති උන්වහන්සේට වාතාබාධයක් ඇති විය.

“විචරන‍්තො අරඤ‍්ඤම‍්හි, අද‍්දසං ලොකනායකං; උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං, චක‍්ඛුමන‍්තං මහායසං.

අරණෙහි හැසිරුණු මම උන්වහන්සේගේ ස්වභාවය දැක නිසැකයෙන්ම මහත් යශස් ඇති, පසැස් ඇති ලෝකනාථයන් වහන්සේ ව්‍යාධියෙන් පෙළෙන බව දැනගතිමි.

“ඉරියඤ‍්චාපි දිස‍්වාන, උපලක‍්ඛෙසහං තදා; අසංසයඤ‍්හි බුද‍්ධස‍්ස, බ්‍යාධි නො උදපජ‍්ජථ.

“ඛිප‍්පං අස‍්සමමාගඤ‍්ඡිං, මම සිස‍්සාන සන‍්තිකෙ; භෙසජ‍්ජං කත‍්තුකාමොහං, සිස‍්සෙ ආමන‍්තයිං තදා.

වහා අසපුවට ගිය මම සිසුන් අමතා බෙහෙතක් සෑදීමට පැවසුවෙමි.

“පටිස‍්සුණිත්‍වාන මෙ වාක්‍යං, සිස‍්සා සබ‍්බෙ සගාරවා; එකජ‍්ඣං සන‍්නිපතිංසු, සත්‍ථුගාරවතා මම.

ඔවුහු සැම එක්ව ගෞරව සහිතව බෙහෙත පිළියෙල කිරීමට සහාය වූහ.

“ඛිප‍්පං පබ‍්බතමාරුය‍්හ, සබ‍්බොසධමහාසහං; පානීයයොගං කත්‍වාන, බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

ශාස්තෲ ගෞරවය නිසා වහා පර්වතයට නැගුණු මම ඖෂධ සොයා බෙහෙත සාදා බුදුරදුන්ට පිළිගැන්වූයෙමි.

“පරිභුත‍්තෙ මහාවීරෙ, සබ‍්බඤ‍්ඤුලොකනායකෙ; ඛිප‍්පං වාතො වූපසමි, සුගතස‍්ස මහෙසිනො.

එය වැළඳූ කල්හි මහාවීර වූ සර්වඥ වූ ලෝකනාථයන් වහන්සේගේ වාතාබාධය සන්සිඳුණි.”

“පස‍්සද‍්ධං දරථං දිස‍්වා, අනොමදස‍්සී මහායසො; සකාසනෙ නිසීදිත්‍වා, ඉමා ගාථා අභාසථ.

“ක්ලාන්තය සන්සිඳුණු අනෝමදස්සි බුදුහු සිය අසුනේ හිඳ මේ ප්‍රකාශය කළ සේක.

“යො මෙ පාදාසි භෙසජ‍්ජං, බ්‍යාධිඤ‍්ච සමයී මම; තමහං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

“යමෙක් මට බෙහෙත් දුන්නේ ද මාගේ රෝගය සන්සිඳවීද ඔහුගේ අනාගතය පිළිබඳව පවසමි. එම වදන් සැමදෙන අසවු.

“කප‍්පසතසහස‍්සානි, දෙවලොකෙ රමිස‍්සති; වාදිතෙ තූරියෙ තත්‍ථ, මොදිස‍්සති සදා අයං.

මෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්ලොව සැප විඳින්නේය. දිව්‍ය වාද්‍ය - නෘත්‍යයන්හි සතුටු වන මෙතෙම කුශල මූලයෙන් මෙහෙයවා මනුලොවට පැමිණ දහස් වරක් සක්විති රජ වන්නේය.

“මනුස‍්සලොකමාගන‍්ත්‍වා , සුක‍්කමූලෙන චොදිතො; සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච, චක‍්කවත‍්තී භවිස‍්සති.

“පඤ‍්චපඤ‍්ඤාසකප‍්පම‍්හි, අනොමො නාම ඛත‍්තියො; චාතුරන‍්තො විජිතාවී, ජම‍්බුමණ‍්ඩස‍්ස ඉස‍්සරො.

මීට කල්ප පනස් පහකට පසුව සිවුමහ දිවයින්ට හා සිවු සයුරු සහිත පෘථිවියට අධිපති වූ සත්රුවන් පිරි මහ බල ඇති අනෝම නම් ක්‍ෂත්‍රිය සක්විති රජව තව්තිසාව ද කළඹා රාජ්‍ය කරන්නේය.

“සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො; තාවතිංසෙපි ඛොභෙත්‍වා, ඉස‍්සරං කාරයිස‍්සති.

“දෙවභූතො මනුස‍්සො වා, අප‍්පාබාධො භවිස‍්සති; පරිග‍්ගහං විවජ‍්ජෙත්‍වා, බ්‍යාධිං ලොකෙ තරිස‍්සති.

දෙව් හෝ මිනිස් හෝ මොහු නිරෝගී බව ම ලබන්නේය. අවසන ගිහිගෙය හැර දමා ව්‍යාධි දුක්ඛය ද නසන්නේ ය.

“අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් අප්‍රමාණ කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, නිබ‍්බායිස‍්සතිනාසවො.

උන්වහන්සේගේ ධර්ම දායාද වූ ඖරස පුත්‍ර වූ ධර්මයෙන් නිර්මිත වූ ආශ්‍රව ක්‍ෂය කළ බුද්ධ පුත්‍රයෙක් වන මෙතෙම කෙලෙස් ගිනි නිවූ, තෘෂ්ණා සැඩ පහර තරණය කළ “බක්කුල” නම් අග්‍රශ්‍රාවකයෙක් වන්නේ ය.

“කිලෙසෙ ඣාපයිත්‍වාන, තණ‍්හාසොතං තරිස‍්සති; බාකුලො නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

“ඉදං සබ‍්බං අභිඤ‍්ඤාය, ගොතමො සක්‍යපුඞ‍්ගවො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, එතදග‍්ගෙ ඨපෙස‍්සති.

මේ සියල්ල දත් ගෞතම බුදුරජහු සඟ මැද වැඩ හිඳ මෙතෙම අග තනතුරෙහි පිහිටුවන සේක.”

“අනොමදස‍්සී භගවා, සයම‍්භූ ලොකනායකො; විවෙකානුවිලොකෙන‍්තො, මමස‍්සමමුපාගමි.

“සියල්ල තමන්ම අවබෝධ කරගත් අනෝමදස්සි භාග්‍යවත්හු විවේකය කැමතිව මගේ අසපුවට වැඩම කළහ.

“උපාගතං මහාවීරං, සබ‍්බඤ‍්ඤුං ලොකනායකං; සබ‍්බොසධෙන තප‍්පෙසිං, පසන‍්නො සෙහි පාණිභි.

එළඹියා වූ මහාවීර වූ ලෝකනාථයන් වහන්සේට පහන් සිතින් සියලු ඖෂධයන්ගෙන් පූජා කළෙමි.

“තස‍්ස මෙ සුකතං කම‍්මං, සුඛෙත‍්තෙ බීජසම‍්පදා; ඛෙපෙතුං නෙව සක‍්කොමි, තදා හි සුකතං මම.

ඒ මැනවින් කළ මාගේ පින්කම සාර කෙතක වපුළ බිජු මෙන් අස්වැන්න ඉතා සරු වූවකි. ඒ පුණ්‍ය විපාකය අවසන් කළ නොහැක්කෙමි.

“ලාභා මම සුලද‍්ධං මෙ, යොහං අද‍්දක‍්ඛි නායකං; තෙන කම‍්මාවසෙසෙන, පත‍්තොම‍්හි අචලං පදං.

ලෝකනායකයන් වහන්සේ දැකීම මට මහත් ලාභයකි. මට වූ යහපත් ලැබීමකි. ඒ පුණ්‍ය කර්මයේ ඉතිරි විපාක වශයෙන් නිවන නම් අචල පදයට පත්වීමි.

“සබ‍්බමෙතං අභිඤ‍්ඤාය, ගොතමො සක්‍යපුඞ‍්ගවො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, එතදග‍්ගෙ ඨපෙසි මං.

ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුහු මේ සියල්ල දැන සග මැද හිඳ මා අග්‍රස්ථානයෙහි පිහිටවූහ.”

“අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, භෙසජ‍්ජස‍්ස ඉදං ඵලං.

“මීට කල්ප ලක්‍ෂයකටත් අධික වූ කාලයේදී කළ කුසල කර්මය නිසා මේ දක්වාම දුගතියක නූපන්නෙමි. බෙහෙත් දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා එකදිවසං සත්‍ථාරා අත‍්තනො සාවකෙ පටිපාටියා ඨානන‍්තරෙ ඨපෙන‍්තෙන අප‍්පාබාධානං අග‍්ගට‍්ඨානෙ ඨපිතො සො පරිනිබ‍්බානසමයෙ සඞ‍්ඝමජ‍්ඣෙ භික‍්ඛූනං ඔවාදමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත්වූ බක්කුල තෙරණුවෝ දිනක් තම ශ්‍රාවකයන් පිළිවෙලින් අග තනතුරෙහි පිහිට වූ ශාස්තෲන් වහන්සේ විසින් අල්පාබාධ භික්‍ෂූන්ට අග්‍රස්ථානයෙහි තැබූහ. පිරිනිවන සමයේදී බක්කුල තෙරණුවෝ අන්‍ය භික්‍ෂූන්ට අවවාද දීම් වශයෙන් සිය රහත් බව පළකරන්නාහු මේ ගාථා තුන වදාළහ.

“යො පුබ‍්බෙ කරණීයානි, පච‍්ඡා සො කාතුමිච‍්ඡති; සුඛා සො ධංසතෙ ඨානා, පච‍්ඡා ච මනුතප‍්පති.

“යො පුබ්බෙ කරණීයානී පච්ඡා සො කාතුමිච්ඡතී, සුඛා සො ධංසතෙ ඨානා පච්ඡා ච මනුතප්පති”

“යඤ‍්හි කයිරා තඤ‍්හි වදෙ, යං න කයිරා න තං වදෙ; අකරොන‍්තං භාසමානං, පරිජානන‍්ති පණ‍්ඩිතා.

“යඤ්හි කයිරා තඤ්හි වදෙ, යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානානං පරිජානන්ති පණ්ඩිතා,

“සුසුඛං වත නිබ‍්බානං, සම‍්මාසම‍්බුද‍්ධදෙසිතං; අසොකං විරජං ඛෙමං, යත්‍ථ දුක‍්ඛං නිරුජ‍්ඣතී”ති. – ගාථාත‍්තයමභාසි;

“සුසුඛං වත නිබ්බාණං සම්මා සම්බුද්ධ දෙසිතං, අසොකං විරජං ඛෙමං යත්‍ථ දුක්ඛං නිරුජ්ඣතී”

තත්‍ථ යො පුබ‍්බෙ කරණීයානි, පච‍්ඡා සො කාතුමිච‍්ඡතීති යො පුග‍්ගලො පුබ‍්බෙ පුරෙතරං ජරාරොගාදීහි අනභිභූතකාලෙයෙව කාතබ‍්බානි අත‍්තනො හිතසුඛාවහානි කම‍්මානි පමාදවසෙන අකත්‍වා පච‍්ඡා සො කාතබ‍්බකාලං අතික‍්කමිත්‍වා කාතුං ඉච‍්ඡති. සොති ච නිපාතමත‍්තං. තදා පන ජරාරොගාදීහි අභිභූතත‍්තා කාතුං න සක‍්කොති, අසක‍්කොන‍්තො ච සුඛා සො ධංසතෙ ඨානා, පච‍්ඡා ච මනුතප‍්පතීති සො පුග‍්ගලො සුඛා ඨානා සග‍්ගතො නිබ‍්බානතො ච තදුපායස‍්ස අනුප‍්පාදිතත‍්තා පරිහායන‍්තො “අකතං මෙ කල්‍යාණ”න‍්තිආදිනා (ම· නි· 3.248; නෙත‍්ති· 120) පච‍්ඡා ච අනුතප‍්පති විප‍්පටිසාරං ආපජ‍්ජති. ම-කාරො පදසන්‍ධිකරො. අහං පන කරණීයං කත්‍වා එව තුම‍්හෙ එවං වදාමීති දස‍්සෙන‍්තො “යඤ‍්හි කයිරා”ති දුතියං ගාථමාහ.

මෙහි “යො පුබ්බෙ කරණීයානි පච්ඡා සො කාතුමිච්ඡතී” යම් පුද්ගලයෙක් පෙර, අතීතයේදී ජරාරෝගාදියෙන් නොමැඩලූ කාලයෙහිම කළ යුතු, තමාට හිත සුව එළවන කටයුතු පමාවීමෙන් නොකර සිට, පසුව කළයුතු කාලය ඉක්මවා කිරීමට සිතයි ද ඔහු. “සො” යනු නිපාතයකි. එසේ සිතුවත් ජරා රෝගාදියෙන් මැඩුණු බැවින් ඔහුට පසුව එම කටයුතු කළ නොහැකි වේ. නොහැකිවනුයේ ද “සුඛා සො ධංසතෙ ඨානා පච්ඡා ච මනුතප්පතී” ඒ පුද්ගලයා ස්වර්ගයෙන් ද නිවණින් ද යන සැප ස්ථානවලින් පිරිහී යයි. ඊට අවශ්‍ය කටයුතු සිදු නොකළ බැවිනි. “මවිසින් යහපත් දේ නොකරන ලදී.” යැයි පසුව තැවේ. විපිළිසර බවට පත් වේ. මෙහි “ම” කාරය පද සන්ධි කරන්නකි. “අනුතප්පතී” විය යුතුයි. “මෙසේ නුඹලාට අවවාද දෙන මම කළ යුතු දේ කොට නිමවූවෙක් මි”යි පවසන සේක් උන්වහන්සේ “යං හි කයිරා” යන දෙවන ගාථාව වදාළහ.

තත්‍ථ පරිජානන‍්තීති “එත‍්තකො අය”න‍්ති පරිච‍්ඡිජ‍්ජ ජානන‍්ති න බහුං මඤ‍්ඤන‍්තීති අත්‍ථො. සම‍්මාපටිපත‍්තිවසෙන හි යථාවාදී තථාකාරී එව සොභති, න තතො අඤ‍්ඤථා. කරණීයපරියායෙන සාධාරණතො වුත‍්තමත්‍ථං ඉදානි සරූපතො දස‍්සෙතුං “සුසුඛං වතා”තිආදිනා තතියං ගාථමාහ. තස‍්සත්‍ථො – සම‍්මා සාමං සබ‍්බධම‍්මානං බුද‍්ධත‍්තා සම‍්මාසම‍්බුද‍්ධෙන භගවතා දෙසිතං සබ‍්බසො සොකහෙතූනං අභාවතො අසොකං විගතරාගාදිරජත‍්තා විරජං චතූහි යොගෙහි අනුපද‍්දුතත‍්තා ඛෙමං නිබ‍්බානං සුට‍්ඨු සුඛං වත, කස‍්මා? යත්‍ථ යස‍්මිං නිබ‍්බානෙ සකලං වට‍්ටදුක‍්ඛං නිරුජ‍්ඣති අච‍්චන‍්තමෙව වූපසමතීති.

එහි “පරිජානන්ති” යනු “මොහු මෙබන්දෙකි” යි වෙන්කර දැනගනිති. හඳුනාගනිති. බුහුමන් නොකරති යන අර්ථයයි. යහපත් පිළිවෙත් පිරීම් (ප්‍රතිපත්ති) වශයෙන් කියන ලෙසම කරන්නා බබලයි. ඉන් බැහැර වූවෝ නොබබලති. කළයුතු ආකාරය දැක්වීමෙන් සාධාරණව දැක්වූ අර්ථය, දැන් සරූප වශයෙන් දැක්වීමට “සුසුඛං වත” යනාදී තෙවන ගාථාව පැවසූහ. එහි අර්ථ මෙසේය. – “මනාව තමා විසින්ම සියලු ධර්ම අවබෝධ කරගත්තා වූ සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ, සියලුම ශෝක කරන හේතු නැසූ බැවින් ශෝක රහිත වූ, දුරු කළ රාගාදී කෙලෙස් ඇති, සතර ඕඝයන්ගෙන් උපද්‍රව නොවූ බැවින් ක්‍ෂේම වූ නිවණට, ඒකාන්ත සැපයට පැමිණියෙමි. ඒ නිර්වාණාවබෝධයේදී සියලුම සංසාරික දුක් අතිශයින්ම නිරුද්ධ වේ. සන්සිඳේ.

බාකුලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

බක්කුල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.