යෙදුමෙන් කියවන්න

ධනියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ධනියත්‍ථෙරගාථාවණ‍්ණනා

ධනිය ස්ථවිරගාථා වර්ණනාව

සුඛඤ‍්චෙ ජීවිතුං ඉච‍්ඡෙති ආයස‍්මතො ධනියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො නළමාලාය පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ කුම‍්භකාරකුලෙ නිබ‍්බත‍්තිත්‍වා ධනියොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො කුම‍්භකාරකම‍්මෙන ජීවති. තෙන ච සමයෙන සත්‍ථා ධනියස‍්ස කුම‍්භකාරස‍්ස සාලායං නිසීදිත්‍වා පුක‍්කුසාතිස‍්ස කුලපුත‍්තස‍්ස ඡධාතුවිභඞ‍්ගසුත‍්තං (ම· නි· 3.342 ආදයො) දෙසෙසි. සො තං සුත්‍වා කතකිච‍්චො අහොසි. ධනියො තස‍්ස පරිනිබ‍්බුතභාවං සුත්‍වා “නිය්‍යානිකං වත බුද‍්ධසාසනං, යත්‍ථ එකරත‍්තිපරිචයෙනාපි වට‍්ටදුක‍්ඛතො මුඤ‍්චිතුං සක‍්කා”ති පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කුටිමණ‍්ඩනානුයුත‍්තො විහරන‍්තො කුටිකරණං පටිච‍්ච භගවතා ගරහිතො සඞ‍්ඝිකෙ සෙනාසනෙ වසන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.48.1-7) –

“සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ” යනු ආයුෂ්මත් ධනිය තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් සිඛි නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් බට මලක් ගෙන පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර කුඹල් පවුලක ඉපිද ධනිය නමින් ප්‍රකට විය. තරුණවියට පත් කුඹල් කර්මාන්තයෙන් ජීවත් විය. එක් සමයක ශාස්තෲන් වහන්සේ ධනිය කුම්භකාරකයාගේ ශාලාවේ වැඩහිඳ පුක්කුසාති කුලපුතුට ඡධාතුවිභංග සූත්‍රය දේශනා කළ සේක. පුක්කුසාති එය අසා රහත් ඵලයට පත් විය. (කතකිච්චො) ඒ කුලපුතුගේ පිරිනිවීම ඇසූ ධනිය “මේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන්ම නෛර්‍ය්‍යාණිකය. එක් රැයක් පුරුදු කිරීමෙන් වුවත් සසර දුකින් මිදීමට හැකි වේ” යැයි ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි විය. පැවිදි වූ පසුව කුටිය අලංකාර කිරීමෙහිම යෙදුණු නිසා කුටි කිරීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ගැරහුමට ද පාත්‍ර වූ ධනිය හිමියෝ සංඝයාට අයත් සෙනසුනක වසමින් විදසුන් වඩා රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, ආහුතීනං පටිග‍්ගහං; විපිනග‍්ගෙන ගච‍්ඡන‍්තං, අද‍්දසං ලොකනායකං.

“රන්වන් පාටින් බබළන දායකයන්ගේ පූජා පිළිගන්නා වූ වනමතුයෙහි අහසින් යන්නා වූ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.

“නළමාලං ගහෙත්‍වාන, නික‍්ඛමන‍්තො ච තාවදෙ; තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං, ඔඝතිණ‍්ණමනාසවං.

එකෙණෙහි මම බටමලක් ගෙන නික්මුණෙමි. චතුරෝඝයන් තරණය කළා වූ ආශ්‍රව රහිත වූ සම්බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“පසන‍්නචිත‍්තො සුමනො, නළමාලමපූජයිං; දක‍්ඛිණෙය්‍යං මහාවීරං, සබ‍්බලොකානුකම‍්පකං.

පහන් සිත් ඇති සොම්නස් වූ මම දක්‍ෂිණාර්හ වූ මහාවීර වූ සියලු ලොවට අනුකම්පා කරන්නා වූ බුදුපියාණන් වහන්සේට ඒ මල පිදුවෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං මාලමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් තිස් එක්වන කල්පයේදී යම් මල් පූජාවක් කළෙම් ද එයින් පසු දුගතියක නො උපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මවිසින් සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා යෙ භික‍්ඛූ ධුතඞ‍්ගසමාධානෙන අත‍්තානං උක‍්කංසෙත්‍වා සඞ‍්ඝභත‍්තාදිං සාදියන‍්තෙ අඤ‍්ඤෙ භික‍්ඛූ අවජානන‍්ති, තෙසං ඔවාදදානමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත්ව, යම් භික්‍ෂු පිරිසක් ධුතාංග සමාදානයෙන් තමා උසස් කරමින්, සඟබත් ආදිය ඉවසන අනික් භික්‍ෂූන්ට අවමන් කරත්ද ඒ භික්‍ෂූන්ට අවවාද දීම් වශයෙන් සිය රහත්බව ප්‍රකාශ කරන ධනිය හිමියෝ මේ ගාථා තුන වදාළහ.

“සුඛඤ‍්චෙ ජීවිතුං ඉච‍්ඡෙ, සාමඤ‍්ඤස‍්මිං අපෙක‍්ඛවා; සඞ‍්ඝිකං නාතිමඤ‍්ඤෙය්‍ය, චීවරං පානභොජනං.

“සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා, සංඝිකං නාතිමඤ්ඤෙය්‍ය චීවරං පාන භොජනං”

සුඛඤ‍්චෙ ජීවිතුං ඉච‍්ඡෙ, සාමඤ‍්ඤස‍්මිං අපෙක‍්ඛවා; අහි මූසිකසොබ‍්භංව, සෙවෙථ සයනාසනං.

“සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා, අහිමූසිකසොබ්භංව සෙවෙථ සයනාසනං”

සුඛඤ‍්චෙ ජීවිතුං ඉච‍්ඡෙ, සාමඤ‍්ඤස‍්මිං අපෙක‍්ඛවා; ඉතරීතරෙන තුස‍්සෙය්‍ය, එකධම‍්මඤ‍්ච භාවයෙ”ති. – තිස‍්සො ගාථා අභාසි;

“සුඛා චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා, ඉතරීතරෙන තුස්සෙය්‍ය එකධම්මං ච භාවයෙ”

තත්‍ථ සුඛඤ‍්චෙ ජීවිතුං ඉච‍්ඡෙ, සාමඤ‍්ඤස‍්මිං අපෙක‍්ඛවාති සාමඤ‍්ඤස‍්මිං සමණභාවෙ අපෙක‍්ඛවා සික‍්ඛාය තිබ‍්බගාරවො හුත්‍වා සුඛං ජීවිතුං ඉච‍්ඡෙය්‍ය චෙ, අනෙසනං පහාය සාමඤ‍්ඤසුඛෙන සචෙ ජීවිතුකාමොති අත්‍ථො . සඞ‍්ඝිකං නාතිමඤ‍්ඤෙය්‍ය, චීවරං පානභොජනන‍්ති සඞ‍්ඝතො ආභතං චීවරං ආහාරං න අවමඤ‍්ඤෙය්‍ය, සඞ‍්ඝස‍්ස උප‍්පජ‍්ජනකලාභො නාම පරිසුද‍්ධුප‍්පාදො හොතීති තං පරිභුඤ‍්ජන‍්තස‍්ස ආජීවපාරිසුද‍්ධිසම‍්භවෙන සාමඤ‍්ඤසුඛං හත්‍ථගතමෙවාති අධිප‍්පායො. අහි මූසිකසොබ‍්භංවාති අහි විය මූසිකාය ඛතබිලං සෙවෙථ සෙවෙය්‍ය සෙනාසනං. යථා නාම සප‍්පො සයමත‍්තනො ආසයං අකත්‍වා මූසිකාය අඤ‍්ඤෙන වා කතෙ ආසයෙ වසිත්‍වා යෙන කාමං පක‍්කමති, එවමෙවං භික‍්ඛු සයං සෙනාසනකරණා සංකිලෙසං අනාපජ‍්ජිත්‍වා යත්‍ථ කත්‍ථචි වසිත්‍වා පක‍්කමෙය්‍යාති අත්‍ථො.

මෙහි “සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා” යන ශ්‍රමණ භාවයෙහි - මහණ කමෙහි අපේක්‍ෂාවෙන්, ශික්‍ෂාවන්හි තියුණු ගෞරව ඇතිව සුවසේ වසනු කැමති නම්, ඉදින් නුසුදුසු ජීවිකාවන් හැර දමා පැවිදි සුව විඳිනු කැමති නම්. “සංඝිකං නාතිමඤ්ඤෙය්‍ය චීවරං පාන භොජනං” සංඝයාට පැමිණියා වූ සිවුරු, ආහාර සඳහා අවමන් නොකරන්නේ ය. සංඝයාට උපදින ලාභ නම් පරිසුද්ධුප්පාද නම් වේ. “එය පරිභෝජනය කරන්නාගේ දිවි පැවැත්ම පිරිසිදුවීමෙන් ස්වභාවයෙන් ශ්‍රමණ සැප අතට පත්වේමය” යන අදහසයි. “අභිමූසික සොබ්භං වා” මීයකු විසින් සාරන ලද බිලයේ වසන සර්පයකු මෙන් සෙනසුන් ඇසුරු කරන්නේය. යම් සේ සර්පයා තමාම තමාට නිවාසස්ථානයක් සාදා නොගෙන මී ආදී අනිකකු විසින් සෑදූ බිලයෙහි වැස, කැමති තැනකට යන්නේද, එලෙසින්ම භික්‍ෂුවද තමා සෙනසුන් නිසා කිලිටිබවට නොපැමිණ යම් කිසි (ඕනෑම) තැනක වැස, ඉන් වෙනත් තැනකට යන්නේය.

ඉදානි වුත‍්තෙ අවුත‍්තෙ ච පච‍්චයෙ යථාලාභසන‍්තොසෙනෙව සාමඤ‍්ඤසුඛං හොති, න අඤ‍්ඤථාති දස‍්සෙන‍්තො ආහ “ඉතරීතරෙන තුස‍්සෙය්‍යා”ති, යෙන කෙනචි හීනෙන වා පණීතෙන වා යථාලද‍්ධෙන පච‍්චයෙන සන‍්තොසං ආපජ‍්ජෙය්‍යාති අත්‍ථො. එකධම‍්මන‍්ති අප‍්පමාදභාවං, තඤ‍්හි අනුයුඤ‍්ජන‍්තස‍්ස අනවජ‍්ජං සබ‍්බං ලොකියසුඛං ලොකුත‍්තරසුඛඤ‍්ච හත්‍ථගතමෙව හොති. තෙනාහ භගවා – “අප‍්පමත‍්තො හි ඣායන‍්තො, පප‍්පොති විපුලං සුඛ”න‍්ති (ම· නි· 2.352; ධ· ප· 27).

දැන් “කී නොකී ප්‍රත්‍යයන්ගේ යථාලාභ සන්තෝෂයෙන්ම ශ්‍රමණබවේ සැප ඇති වේ. වෙනත් දෙයකින් ඒ සැප ඇති නොවේ” යැයි දක්වනු සඳහා. “ඉතරීතරෙන තුස්සෙය්‍ය” “යම්කිසි හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් සේ ලද ප්‍රත්‍යයෙන් සන්තෝෂයට පැමිණෙන්නේ ය” යන අර්ථයයි. “එකධම්මං” අප්‍රමාද ධර්මයෙහි යෙදුනහුට නිරවද්‍ය වූ සියලු ලෞකික සුවයන් ද ලෝකෝත්තර සුවයන්ද අතට පත්වූයේමය. එනිසා භාග්‍යවතුන් වහන්සේ “අප්පමත්තො හි ඣායන්තො පප්පොති විපුලං සුඛං” යනුවෙන් අප්‍රමාදී වූ ධ්‍යාන වඩන්නා විපුල වූ සැපයට පැමිණේ යැයි වදාළහ.

ධනියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ධනිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.