මාතඞ්ගපුත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මාතඞ්ගපුත්තත්ථෙරගාථාවණ්ණනා
මාතඞ්ගපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
අතිසීතන්ති ආයස්මතො මාතඞ්ගපුත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හිමවන්තසමීපෙ මහතො ජාතස්සරස්ස හෙට්ඨා මහති නාගභවනෙ මහානුභාවො නාගරාජා හුත්වා නිබ්බත්තො එකදිවසං නාගභවනතො නික්ඛමිත්වා විචරන්තො සත්ථාරං ආකාසෙන ගච්ඡන්තං දිස්වා පසන්නමානසො අත්තනො සීසමණිනා පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කොසලරට්ඨෙ මාතඞ්ගස්ස නාම කුටුම්බිකස්ස පුත්තො හුත්වා නිබ්බත්තො මාතඞ්ගපුත්තොත්වෙව පඤ්ඤායිත්ථ. සො විඤ්ඤුතං පත්තො අලසජාතිකො හුත්වා කිඤ්චි කම්මං අකරොන්තො ඤාතකෙහි අඤ්ඤෙහි ච ගරහිතො “සුඛජීවිනො ඉමෙ සමණා සක්යපුත්තියා”ති සුඛජීවිතං ආකඞ්ඛන්තො භික්ඛූහි කතපරිචයො හුත්වා සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා අඤ්ඤෙ භික්ඛූ ඉද්ධිමන්තෙ දිස්වා ඉද්ධිබලං පත්ථෙත්වා සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා භාවනං අනුයුඤ්ජන්තො ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.48.8-29) –
“අතීසීතං” යනු ආයුෂ්මත් මාතංග පුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ වනාහි පදුමුත්තර භාග්‍යවතුන් වනහන්සේගේ කාලයේදී හිමවත සමීපයේ වූ මහත් ඉබේ හටගත් විලක් යට මහත් වූ නාග භවනයක, මහානුභාව ඇති නා රජෙකු වී ඉපදුණහ. දිනක් භවනයෙන් නික්ම හැසිරෙන කල්හි ශාස්තෲන් වහන්සේ අහසින් වැඩම කරනු දැක පහන් සිතින් තම කණ්ඨක මාණික්‍යය පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දේව මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී කොසොල් රට මාතංග නම් කෙළෙඹියාගේ පුතු ලෙස ඉපිද, මාතංග පුත්ත නමින් පතල විය. වැඩිවියට පත් ඔහු අලසයෙක්ව, කිසිදු කාර්යයක් නොකරන්නෙක් බවට පත් විය. නෑයන් හා අන්‍යයන් විසින් ගරහන ලද මාතංග පුත්ත, “මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සැපසේ ජීවත්වෙති”යි සැපසේ ජීවත්වනු කැමතිව භික්ෂූන් වෙත පැමිණ, හුරුපුරුදු ඇසුරු ඇතිව ශාස්තෲන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළේය. ඉන් ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ උන් වහන්සේ, සෙසු භික්ෂූහු සෘද්ධිමය හැකියා පෙන්වනු දැක, ඒ පිළිබඳ ආශාවෙන් සෘද්ධිබල පතාගෙන, ඊට අවශ්‍ය කමටහන් ශාස්තෲන් වහන්සේගෙන් ලබාගෙන භාවනාවෙහිම සිත යෙදූ සේක්, ෂඩ් අභිඥාලාභී වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ; විවෙකකාමො සම්බුද්ධො, ගච්ඡතෙ අනිලඤ්ජසෙ.
“පදුමුත්තර” නම් වූ සියලු ධර්මයන්හි පරතෙරට ගිය පස්මරුන් ජයගත් විවේක සැප කැමති බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කළ සේක.
“අවිදූරෙ හිමවන්තස්ස, මහාජාතස්සරො අහු; තත්ථ මෙ භවනං ආසි, පුඤ්ඤකම්මෙන සංයුතං.
හිමවතට නුදුරින් ස්වයංජාත මහවිලක් විය. මගේ පෙර පිණින් පහළ වූ භවන එහි විය.
“භවනා අභිනික්ඛම්ම, අද්දසං ලොකනායකං; ඉන්දීවරංව ජලිතං, ආදිත්තංව හුතාසනං.
භවනෙන් නික්මුණු මම නිලුපුල් මෙන් දිලිසෙන ඇවිලගත් ගින්නක් බඳු ලෝක නායකයන් වහන්සේ දුටුවෙමි.
“විචිනං නද්දසං පුප්ඵං, පූජයිස්සන්ති නායකං; සකං චිත්තං පසාදෙත්වා, අවන්දිං සත්ථුනො අහං.
බුදුරදුන්ට පිදීමට මලක් සෙවුමුත් හමුනොවිණි. සිය සිත පැහැද වූ මම ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
“මම සීසෙ මණිං ගය්හ, පූජයිං ලොකනායකං; ඉමාය මණිපූජාය, විපාකො හොතු භද්දකො.
මගේ හිසෙහි වූ මැණික ගෙන, “මේ මැණික පිදීමේ විපාක යහපත් වේවා”යි සිතා පූජා කළෙමි.
“පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො; අන්තලික්ඛෙ ඨිතො සත්ථා, ඉමං ගාථං අභාසථ.
ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට යෝග්‍ය වූ බුදුරජාණන් වහන්සේ අහසෙහි හිඳ මෙසේ වදාළ සේක.”
“සො තෙ ඉජ්ඣතු සඞ්කප්පො, ලභස්සු විපුලං සුඛං; ඉමාය මණිපූජාය, අනුභොහි මහායසං.
“නුඹගේ ඒ අදහස සමෘද්ධිමත් වේවා. සසර මහත් සැප ලබත්වා. මෙම මැණික් පූජාවෙන් මහත් යශස් අනුභව කරව” යනුවෙන් වදාළ භාග්‍යවත්වූ පදුමුත්තර බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ අහසින් වැඩි සේක.
“ඉදං වත්වාන භගවා, ජලජුත්තමනාමකො; අගමාසි බුද්ධසෙට්ඨො, යත්ථ චිත්තං පණීහිතං.
“සට්ඨිකප්පානි දෙවින්දො, දෙවරජ්ජමකාරයිං; අනෙකසතක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
[missing trans]
“පුබ්බකම්මං සරන්තස්ස, දෙවභූතස්ස මෙ සතො; මණි නිබ්බත්තතෙ මය්හං, ආලොකකරණො මමං.
මගේ පැතුම ලෙසම සසර දී මම කර්ම සිහිකරන දෙවි වූ මා හට මාගේ ම මැණික් පහළ වේ.
“ඡළසීතිසහස්සානි , නාරියො මෙ පරිග්ගහා; විචිත්තවත්ථාභරණා, ආමුක්කමණිකුණ්ඩලා.
මගේ පිරිවර වූ සුවාසු දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්රාභරණ හා පැළඳි මිණිකඬොලින් අලංකාරව, දිග ඇසිපිය ඇතිව, සිනාසෙමින් මනාව තන හා සිහින් කටී ප්‍රදේශ ඇතිව නිතර මා පිරිවරාගෙන සිටිති. මැණික් පූජාවේ විපාක මෙබඳුය.”
“අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා; පරිවාරෙන්ති මං නිච්චං, මණිපූජායිදං ඵලං.
“සොණ්ණමයා මණිමයා, ලොහිතඞ්කමයා තථා; භණ්ඩා මෙ සුකතා හොන්ති, යදිච්ඡසි පිළන්ධනා.
“රන්මය, මැණික්මය හා පද්ම රාග මාණික්‍යමය මාගේ භාණ්ඩයෝ මැනවින් කරන ලද්දාහුය. මනාව නිර්මිත වූ පළඳනාවෝ මට පහළ වෙති.
“කූටාගාරා ගහා රම්මා, සයනඤ්ච මහාරහං; මම සඞ්කප්පමඤ්ඤාය, නිබ්බත්තන්ති යදිච්ඡකං.
රම්‍ය වූ කූඩාගාරද ගුහා ද මාහැඟි සයනාසන ද මාගේ අදහස් දැන ඒ අනුව පහළ වේ.
“ලාභා තෙසං සුලද්ධඤ්ච, යෙ ලභන්ති උපස්සුතිං; පුඤ්ඤක්ඛෙත්තං මනුස්සානං, ඔසධං සබ්බපාණිනං.
යමෙක් මිනිසුන්ට පින්කෙතක් සව්සත්නට බෙහෙතක් වූ ධර්ම ශ්‍රවණය ලබත් නම් එය ඔවුනට මහත් ලාභයකි. මනාවූ ලාභයකි.
“මය්හම්පි සුකතං කම්මං, යොහං අදක්ඛි නායකං; විනිපාතා පමුත්තොම්හි, පත්තොම්හි අචලං පදං.
යම් බඳු වූ මම බුදුරදුන් දිටිම් ද මා විසිනුදු මනා වූ කර්මයක් කරන ලදි. එයින් දුගතියෙන් මිදුනෙමි. අචල පදය වූ නිවනට ද පැමිණියෙමි.
“යං යං යොනූපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං; දිවසඤ්චෙව රත්තිඤ්ච, ආලොකො හොති මෙ සදා.
දෙවි හෝ මිනිස් හෝ යම් යම් යෝනියෙක උපදිම් ද, හැමකල්හි හාත්පස සත්රියනක් මාගේ ආලෝකය පැතිර සිටී.
“තායෙව මණිපූජාය, අනුභොත්වාන සම්පදා; ඤාණාලොකො මයා දිට්ඨො, පත්තොම්හි අචලං පදං.
එම මැණික් පූජාවෙහි විපාක ලෙස සම්පත් අනුභව කොට, මා විසින් ඥානාලෝකය දක්නා ලදි. අචල වූ ශාන්ති පදයට පැමිණියෙමි.
“සතසහස්සිතො කප්පෙ, යං මණිං අභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, මණිපූජායිදං ඵලං.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර යම් බුද්ධ පූජාවක් කෙලෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. මැණික් පූජාවේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මවිසින් සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා පුග්ගලාධිට්ඨානවසෙන කොසජ්ජං ගරහන්තො අත්තනො ච වීරියාරම්භං කිත්තෙන්තො –
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ පුද්ගල අධිෂ්ඨාන වශයෙන් කුසීත බවට ගරහමින් තමාගේ වීර්යාරම්භය ප්‍රකට කරන සේක් මේ ගාථා තුන වදාළහ.
“අතිසීතං අතිඋණ්හං, අතිසායමිදං අහු; ඉති විස්සට්ඨකම්මන්තෙ, ඛණා අච්චෙන්ති මාණවෙ.
“අතිසීතං අතිඋණ්හං අතිසායමිදං අහු, ඉති විස්සට්ඨකම්මන්තෙ ඛණා අච්චෙන්ති මානවෙ”
“යො ච සීතඤ්ච උණ්හඤ්ච, තිණා භිය්යො න මඤ්ඤති; කරං පුරිසකිච්චානි, සො සුඛා න විහායති.
“යො ච සීතඤ්ච උණ්හඤ්ච තිණා භිය්යො න මඤ්ඤති, කරං පුරිස කිච්චානි සො සුඛා න විහායති”
“දබ්බං කුසං පොටකිලං, උසීරං මුඤ්ජපබ්බජං; උරසා පනුදිස්සාමි, විවෙකමනුබ්රූහය”න්ති. – ගාථාත්තයමාහ;
“දබ්බං කුසං පොටකිලං උසීරං මුඤ්ජබබ්බජං, උරසා පනුදහිස්සාමි විවේකමනුබ්රෑහයං”
තත්ථ අතිසීතන්ති හිමපාතවද්දලාදිනා අතිවිය සීතං, ඉදං අහූති ආනෙත්වා සම්බන්ධො. අතිඋණ්හන්ති ධම්මපරිතාපාදිනා අතිවිය උණ්හං, උභයෙනපි උතුවසෙන කොසජ්ජවත්ථුමාහ. අතිසායන්ති දිවසස්ස පරිණතියා අතිසායං, සායග්ගහණෙනෙව චෙත්ථ පාතොපි සඞ්ගය්හති , තදුභයෙන කාලවසෙන කොසජ්ජවත්ථුමාහ. ඉතීති ඉමිනා පකාරෙන. එතෙන “ඉධ, භික්ඛවෙ, භික්ඛුනා කම්මං කත්තබ්බං හොතී”තිආදිනා (අ· නි· 8.80; දී· නි· 3.334) වුත්තං කොසජ්ජවත්ථුං සඞ්ගණ්හාති. විස්සට්ඨකම්මන්තෙති පරිච්චත්තයොගකම්මන්තෙ. ඛණාති බුද්ධුප්පාදාදයො බ්රහ්මචරියවාසස්ස ඔකාසා. අච්චෙන්තීති අතික්කමන්ති. මාණවෙති සත්තෙ. තිණා භිය්යො න මඤ්ඤතීති තිණතො උපරි න මඤ්ඤති, තිණං විය මඤ්ඤති, සීතුණ්හානි අභිභවිත්වා අත්තනා කත්තබ්බං කරොති. කරන්ති කරොන්තො. පුරිසකිච්චානීති වීරපුරිසෙන කත්තබ්බානි අත්තහිතපරහිතානි. සුඛාති සුඛතො, නිබ්බානසුඛතොති අධිප්පායො. තතියගාථාය අත්ථො හෙට්ඨා වුත්තොයෙව.
මෙහි “අතිසීතං” යනු හිම වැටීම්, වැහි වලා පිරීම් ආදියෙන් අතිශය සීතලය. “දැන් ඉතා ශීත වේ.” යනුවෙන් සම්බන්ධ කර අර්ථ ගත යුතුයි. “අතිඋණ්හං” ග්‍රීෂ්ම පිරිතැවීම් ආදියෙන් අතිශයින් උණුසුම්ය. මේ සෘතු සම්පත් දෙකින්ම කුසීත බවට හේතු කියන ලදි. “අතිසායං” දවස අවසන “දැන් ඉතා හවස් විය.” සවස පැවසූ විට මෙහිදී “දැන් ඉතා උදේ” යැයි සිතීම ද අදහස් වේ. ඒ දෙකින්ම කාල වශයෙන් කුසීත බවට හේතු දක්වන ලදි. “ඉති” මේ ආකාරයෙන්, මෙයින් “මහණෙනි! මේ සස්නෙහි භික්ෂුව විසින් යායුතු මාර්ගය මෙසේ ය”යි ආදී වශයෙන් දක්වන ලද කුසීත හේතු අදහස් කරයි. “විස්සට්ඨකම්මන්තෙ” හැර දැමූ කර්මාන්ත ඇති කල්හි “ඛණා” ක්ෂණ සම්පත්තියයි. බුද්ධෝත්පාදය හා බඹසර වාසයට අවසර ඇති බව පැවතීම. “අච්චෙන්ති” ඉක්මවා යති. “මානවෙ” සත්ත්වයිනි! “තිණා භිය්යො න මඤ්ඤති” තණපතකට වඩා නොසිතයිද, තණපතක් මෙන් සීතෝෂ්ණ දෙක මැඬලා තමා විසින් කළයුතු කටයුතු කරයි. “කරං” එසේ කරන්නා වූ “පුරිසකිච්චානි” වීර පුරුෂයකු විසින් තමාට හා අනුන්ට වැඩදායක ලෙස කළ කටයුතුවලින් “සුඛා” සුවයෙන්, නිවන් සුවයෙන් යන අදහසයි. තෙවන ගාථාවේ අර්ථ ඉහත දී පවසන ලද්දේමය.
මාතඞ්ගපුත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මාතාංග පුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.