ඛුජ්ජසොභිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ඛුජ්ජසොභිතත්ථෙරගාථාවණ්ණනා
බුජ්ජසෝභිත ස්ථවිරගාථා වර්ණනාව
යෙ චිත්තකථී බහුස්සුතාති ආයස්මතො ඛුජ්ජසොභිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං භගවන්තං මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ගච්ඡන්තං දිස්වා පසන්නමානසො දසහි ගාථාහි අභිත්ථවි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ පාටලිපුත්තනගරෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්ති, “සොභිතො”තිස්ස නාමං අහොසි. ථොකං ඛුජ්ජධාතුකතාය පන ඛුජ්ජසොභිතොත්වෙව පඤ්ඤායිත්ථ. සො වයප්පත්තො සත්ථරි පරිනිබ්බුතෙ ආනන්දත්ථෙරස්ස සන්තිකෙ පබ්බජිත්වා ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.47.49-58) –
“යෙ චිත්තකථී බහුස්සතා” යන ගාථා ආයුෂ්මත් ඛුජ්ජසෝභිත තෙරුන් වහන්සේගේය. ඒවායේ උපත කවරේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. දිනක් ඔහු මහත් භික්ෂු සංඝයා සමග වඩින බුදුරජාණන් වහන්සේ දැක, පැහැදුනු සිතැතිව දස ගාථාවකින් උන්වහන්සේ වර්ණනා කළේය. ඒ පින්කමේ විපාක වහයෙන් දෙව්මිනිස් දෙගතියේ සැප විඳි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී පාටලීපුත්ර නගරයෙහි බමුණු කුලයක ඉපිද සෝභිත නමින් පතළ විය. ඔහුගේ ශරීරය මදක් කුදු වූ බැවින් ඛුජ්ජසෝභිත නමින් හැඳින්විණි. තරුණ පත් ඒ බමුණු කුමරු ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි ආනන්ද මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදි වී ෂඩ් අභිඥා උපදවා ගත්තේය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“කකුධං විලසන්තංව, දෙවදෙවං නරාසභං; රථියං පටිපජ්ජන්තං, කො දිස්වා න පසීදති.
“බබළන කුඹුක් ගසක් වැනි වූ දේවාති දේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන්නා වූ බුදුරදුන් දැක කවරෙක් නම් නොපහදී ද?
“තමන්ධකාරං නාසෙත්වා, සන්තාරෙත්වා බහුං ජනං; ඤාණාලොකෙන ජොතන්තං, කො දිස්වා න පසීදති.
මෝහ ගනඳුර නසා බොහෝ දෙන සසරින් එතෙර කොට, ඥානාලෝකයෙන් බබළන බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
“වසීසතසහස්සෙහි, නීයන්තං ලොකනායකං; උද්ධරන්තං බහූ සත්තෙ, කො දිස්වා න පසීදති.
රහතුන් ලක්ෂයක් සමග වඩින්නා වූ ලෝකනායක වූ බොහෝ සත්ත්වයන් දුකින් මුදවන්නා වූ බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
“ආහනන්තං ධම්මභෙරිං, මද්දන්තං තිත්ථියෙ ගණෙ; සීහනාදං විනදන්තං, කො දිස්වා න පසීදති.
දහම් බෙරය ගසන්නා වූ තීර්ථක සමූහයා මඩින්නා වූ සිංහනාද කරන්නා වූ බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
“යාවතා බ්රහ්මලොකතො, ආගන්ත්වාන සබ්රහ්මකා; පුච්ඡන්ති නිපුණෙ පඤ්හෙ, කො දිස්වා න පසීදති.
බඹලොව තෙක් දෙවියෝ බඹුන් සහිත වූවාහු අවුත් සියුම් පැන විචාරත් ද ඒ බුදුන් දැක කවරෙක් නො පහදී ද?
“යස්සඤ්ජලිං කරිත්වාන, ආයාචන්ති සදෙවකා; තෙන පුඤ්ඤං අනුභොන්ති, කො දිස්වා න පසීදති.
දෙවියන් සහිත ලෝ වැසියෝ යම් උතුමෙකුට ඇඳිලි බැඳ අයදිත්ද එයින් ඔහුට පින් ලැබේද ඒ බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
“සබ්බෙ ජනා සමාගන්ත්වා, සම්පවාරෙන්ති චක්ඛුමං; න විකම්පති අජ්ඣිට්ඨො, කො දිස්වා න පසීදති.
සියලු දෙන රැස්ව බුදුරදුන් පවසත්. එසේ ආරාධිත වූයේ ද නොසැලෙන බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
“නගරං පවිසතො යස්ස, රවන්ති භෙරියො බහූ; විනදන්ති ගජා මත්තා, කො දිස්වා න පසීදති.
නුවරට පිවිසෙන යමෙකුට බොහෝ බෙර නාද කරයි ද මත් ඇත්තු කුඤ්චනාද කරත් ද එබඳු වූ බුදුරදුන් දැක කවරෙක් නම් නොපහදී ද?
“වීථියා ගච්ඡතො යස්ස, සබ්බාභා ජොතතෙ සදා; අබ්භුන්නතා සමා හොන්ති, කො දිස්වා න පසීදති.
හැමකල්හි වීථියෙහි වඩින්නා වූ සැමකල්හි සිරුර සියලු පැහැයෙන් බබළන්නා වූ බිම උස් තැන් පා තබන විට සම වන්නා වූ බුදුරදුන් දැක කවරෙක් නම් නොපහදී ද?
“බ්යාහරන්තස්ස බුද්ධස්ස, චක්කවාළම්පි සුය්යති; සබ්බෙ සත්තෙ විඤ්ඤාපෙති, කො දිස්වා න පසීදති.
බුදුරදුන් දහම් දෙසන කල්හි සක්වලටම ඇසේ. හැම සතුන්ට ම එය අවබෝධ වේ. ඒ බුදුරදුන් දැක කවරෙක් නම් නොපහදී ද?”
“සතසහස්සිතො කප්පෙ, යං බුද්ධමභිකිත්තයිං; දුග්ගතිං නාභිජානාමි, කිත්තනාය ඉදං ඵලං.
මීට කල්ප ලක්ෂයකට පෙර යම් බුදුවරයකු මෙසේ මම වර්ණනා කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුදුරදුන් පැසසීමේ විපාක මෙබඳු ය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා පඨමමහාසඞ්ගීතිකාලෙ රාජගහෙ සත්තපණ්ණිගුහායං සන්නිපතිතෙන සඞ්ඝෙන “ආයස්මන්තං ආනන්දං ආමන්තෙහී”ති ආණත්තො පථවියං නිමුජ්ජිත්වා ථෙරස්ස පුරතො උට්ඨහිත්වා සඞ්ඝස්ස සාසනං ආරොචෙත්වා සයං පුරෙතරං ආකාසෙන ගන්ත්වා සත්තපණ්ණිගුහාද්වාරං සම්පාපුණි. තෙන ච සමයෙන මාරස්ස මාරකායිකානඤ්ච පටිසෙධනත්ථං දෙවසඞ්ඝෙන පෙසිතා අඤ්ඤතරා දෙවතා සත්තපණ්ණිගුහාද්වාරෙ ඨිතා හොති, තස්සා ඛුජ්ජසොභිතො ථෙරො අත්තනො ආගමනං කථෙන්තො –
ෂඩ් අභිඥාලාභීව පළමු මහා සංගීතිය පවත්වන සමයේදී රජගහනුවර සප්තපර්ණි ගුහාවට රැස් වූ මහා සංඝයා විසින් “ආයුෂ්මත් ආනන්ද තෙරුන් කැඳවව”යි අණ කරනු ලැබූ ඛුජ්ජසෝභිත හිමියෝ, පොළවෙහි කිමිදී තෙරුන්ගේ ඉදිරියේ සිට සංඝයා ගේ හසුන පැවසූහ. එසේ පවසා අහසින් තමා පළමුව සප්තපර්ණි ගුහාද්වාරයට පැමිණියේය. මෙසමයෙහි මාරයාගේ ද මාරසහායකයන්ගේ ද උවදුරු වළකනු සඳහා දේව සමූහයා විසින් එවන ලද එක්තරා දේවතාවෙක් ගුහා දොරකඩ සිටියාය. ඇයට තමන් වහන්සේගේ පැමිණීම දැනුම් දෙන ඛුජ්ජසෝභිත හිමියෝ මේ පළමු ගාථාව වදාළහ.
“යෙ චිත්තකථී බහුස්සුතා, සමණා පාටලිපුත්තවාසිනො; තෙසඤ්ඤතරොයමායුවා, ද්වාරෙ තිට්ඨති ඛුජ්ජසොභිතො”ති. – පඨමං ගාථමාහ;
“යෙ චිත්තකථි බහුස්සුතා සමණා පාටලිපුත්ත වාසිනො, තෙසඤ්ඤතරො යමායුවා ද්වාරෙ තිට්ඨති ඛුජ්ජසොභිතො”
තත්ථ චිත්තකථීති විචිත්තධම්මකථිකා, සඞ්ඛිපනං, විත්ථාරණං ගම්භීරකරණං උත්තානීකරණං කඞ්ඛාවිනොදනං ධම්මපතිට්ඨාපනන්ති එවමාදීහි නානානයෙහි පරෙසං අජ්ඣාසයානුරූපං ධම්මස්ස කථනසීලාති අත්ථො. බහුස්සුතාති පරියත්තිපටිවෙධබාහුසච්චපාරිපූරියා බහුස්සුතා. සබ්බසො සමිතපාපතාය සමණා. පාටලිපුත්තවාසිනො, තෙසඤ්ඤතරොති පාටලිපුත්තනගරවාසිතාය පාටලිපුත්තවාසිනො, තෙසං අඤ්ඤතරො, අයං ආයුවා දීඝායු ආයස්මා. ද්වාරෙ තිට්ඨතීති සත්තපණ්ණිගුහාය ද්වාරෙ තිට්ඨති, සඞ්ඝස්ස අනුමතියා පවිසිතුන්ති අත්ථො. තං සුත්වා සා දෙවතා ථෙරස්ස ආගමනං සඞ්ඝස්ස නිවෙදෙන්තී –
මෙහි “චිත්තකථි” යනු විසිතුරු ධර්ම කථාවන්ය. සංක්ෂේප කිරීම, විස්තර කිරීම, ගැඹුරු කිරීම, ප්‍රකට කිරීම, සැක දුරු කිරීම, දහම්හි පිහිටීම යනාදී නානාවිධ න්‍යායයන්ගෙන් අනුන්ගේ අදහස් අනුව දහම් දෙසීමේ හැකියාව ලබයි” යන අර්ථයයි. “බහුස්සුතා” යන පර්යාප්ති, ප්‍රතිවේධ, බහුශ්‍රැත බව යනාදියෙන් පිරිපුන්-බොහෝ ඇසූ පිරූ තැන් ඇති. සියලු අයුරින්ම සංසිඳවූ පාපධර්ම ඇති බැවින් “සමණා” ශ්‍රමණයෝ නම් වේ. පාටලී පුත්‍ර නම් නුවර වසන බැවින් “පාටලීපුත්තවාසිනො” නම් වේ. “තෙසඤ්ඤතරො”, “පාටලීපුත්රයේ වසන එබඳු භික්ෂූන් අතුරින් එක්තරා අයෙක්මි. දීර්ඝායු සම්පත් ඇති මේ ආයුෂ්මත්තෙම සප්තපර්ණිගුහාද්වාරයේ සිටියි. ගුහාවට පිවිසීමට සංඝයාගේ අවසරය ලැබේවා” යනුයි. මෙය ඇසූ දෙව්දුව තෙරුන්ගේ පැමිණීම සංඝයාට දැනුම් දෙමින් මේ දෙවන ගාථාව පැවසුවාය.
“යෙ චිත්තකථී…පෙ… ද්වාරෙ තිට්ඨති මාලුතෙරිතො”ති. – දුතියං ගාථමාහ;
“යෙ චිත්තකථි බහුස්සුතා සමණා පාටලිපුත්තවාසිනො, තෙසං අඤ්ඤතරො යමායුවා ද්වාරෙ තිට්ඨති මාලුතෙරිතො”
තත්ථ මාලුතෙරිතොති ඉද්ධිචිත්තජනිතෙන වායුනා එරිතො, ඉද්ධිබලෙන ආගතොති අත්ථො.
එහි “මාලුතෙරිතො” සෘද්ධිමය සිතින් ජනිත වායුවෙන් මෙහෙයවා පැමිණ, සෘද්ධි බලයෙන් ආවා වූ.
එවං තාය දෙවතාය නිවෙදිතෙන සඞ්ඝෙන කතොකාසො ථෙරො සඞ්ඝස්ස සන්තිකං ගච්ඡන්තො –
මෙසේ ඇයගේ දැන්වීමෙන් සංඝයා විසින් දෙන ලද අවසර ඇති තෙරණුවෝ සංඝයාගේ සමීපයට යමින් මේ තෙවන ගාථාවෙන් සිය රහත් බව ප්‍රකාශ කළ සේක.
“සුයුද්ධෙන සුයිට්ඨෙන, සඞ්ගාමවිජයෙන ච; බ්රහ්මචරියානුචිණ්ණෙන, එවායං සුඛමෙධතී”ති. –
“සුයුද්ධෙන සුයිට්ඨෙන සංගාම විජයෙන ච, බ්රහ්මචරියානුචිණ්ණෙන එවායං සුඛමෙධතී”
ඉමාය තතියගාථාය අඤ්ඤං බ්යාකාසි.
තත්ථ සුයුද්ධෙනාති පුබ්බභාගෙ තදඞ්ගවික්ඛම්භනප්පහානවසෙන කිලෙසෙහි සුට්ඨු යුජ්ඣනෙන. සුයිට්ඨෙනාති අන්තරන්තරා කල්යාණමිත්තෙහි දින්නසප්පායධම්මදානෙන. සඞ්ගාමවිජයෙන චාති සමුච්ඡෙදප්පහානවසෙන සබ්බසො කිලෙසාභිසඞ්ඛාරනිම්මථනෙන ලද්ධසඞ්ගාමවිජයෙන ච. බ්රහ්මචරියානුචිණ්ණෙනාති අනුචිණ්ණෙන අග්ගමග්ගබ්රහ්මචරියෙන. එවායං සුඛමෙධතීති එවං වුත්තප්පකාරෙන අයං ඛුජ්ජසොභිතො නිබ්බානසුඛං ඵලසමාපත්තිසුඛඤ්ච එධති, අනුභවතීති අත්ථො.
එහි “සුයුද්ධෙන” පූර්ව භාගයෙන් තදංග, විෂ්කම්භන, ප්‍රහාණ වශයෙන් කෙලෙසුන් සමග මනාව යුද්ධ කිරීමෙන්. “සුයිට්ඨෙන” අතරින් පතර කළණ මිතුරන් විසින් දෙන ලද යෝග්‍ය වූ ධර්ම දානයෙන්. “සංගාම විජයෙන ච” මුළුමනින්ම සියලු කෙලෙස් ප්රහාණය කිරීමෙන්, මැඩලීමෙන් ලැබූ සංග්රාම ජය ඇතිව. බ්රහ්මචරියානු චිණ්ණෙන පුරුදු පුහුණු කළ අග්‍ර මාර්ග නම් බඹසරින් යුතුව. “එවායං සුඛමෙධතී” මෙසේ කියන ලද ක්‍රමයෙන් “මේ ඛුජ්ජසෝභිත තෙමේ නිවන් සුවය ඵල සමවත් සුවය ද ලබයි. ඊට පැමිණෙයි. එම සුවයන් අනුභව කරයි.’ යන අර්ථයයි.
ඛුජ්ජසොභිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ඛුජ්ජසෝභිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.