යෙදුමෙන් කියවන්න

වාරණත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වාරණත්‍ථෙරගාථාවණ‍්ණනා

වාරණ ස්ථවිරගාථා වර්ණනාව

යොධ කොචි මනුස‍්සෙසූති ආයස‍්මතො වාරණත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො ඉතො ද‍්වානවුතෙ කප‍්පෙ තිස‍්සස‍්ස භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා බ්‍රාහ‍්මණානං විජ‍්ජාසිප‍්පෙසු පාරගූ හුත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා චතුපණ‍්ණාසසහස‍්සානං අන‍්තෙවාසිකානං මන‍්තෙ වාචෙන‍්තො වසති. තෙන ච සමයෙන තිස‍්සස‍්ස භගවතො බොධිසත‍්තභූතස‍්ස තුසිතා කායා චවිත්‍වා චරිමභවෙ මාතුකුච‍්ඡිං ඔක‍්කමනෙන මහාපථවිකම‍්පො අහොසි. තං දිස‍්වා මහාජනො භීතො සංවිග‍්ගො නං ඉසිං උපසඞ‍්කමිත්‍වා පථවිකම‍්පනකාරණං පුච‍්ඡි. සො “මහාබොධිසත‍්තො මාතුකුච‍්ඡිං ඔක‍්කමි, තෙනායං පථවිකම‍්පො, තස‍්මා මා භායථා”ති බුද‍්ධුප‍්පාදස‍්ස පුබ‍්බනිමිත‍්තභාවං කථෙත්‍වා සමස‍්සාසෙසි, බුද‍්ධාරම‍්මණඤ‍්ච පීතිං පටිවෙදෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වාරණොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො අඤ‍්ඤතරස‍්ස ආරඤ‍්ඤකස‍්ස ථෙරස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා ලද‍්ධප‍්පසාදො පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොති. සො එකදිවසං බුද‍්ධුපට‍්ඨානං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ අහිනකුලෙ අඤ‍්ඤමඤ‍්ඤං කලහං කත්‍වා කාලඞ‍්කතෙ දිස‍්වා “ඉමෙ සත‍්තා අඤ‍්ඤමඤ‍්ඤවිරොධෙන ජීවිතක‍්ඛයං පත‍්තා”ති සංවිග‍්ගමානසො හුත්‍වා භගවතො සන‍්තිකං ගතො, තස‍්ස භගවා චිත‍්තාචාරං ඤත්‍වා තදනුරූපමෙව ඔවාදං දෙන‍්තො –

“යොධ කොචි මනුස්සෙසු” යනු ආයුෂ්මත් වාරණ තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්කම් රැස්කරමින් අවුත්, මීට කල්ප අනූදෙකකට පෙර දී තිස්ස බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරදී සුමේධ නමින් බමුණු කුලයෙහි ඉපිද වේද ශිල්පයන්හි පරතෙරට ගොස්, සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වූහ. එසමයේදී තිස්ස බෝධිසත්ත්‍වයෝ තුසිත දෙව්ලොවින් නික්ම අවසන් භවයේ දී මවුකුස පිළිසිඳ ගන්නා අවස්ථාවෙහි මහ පොළොව කම්පා විය. ඒ දුටු මහජනයා, භය වී ත්‍රස්ත වී, ඒ සෘෂිවරයා වෙත පැමිණ පොළොව කම්පාවීමට හේතු විචාළේය. ඔහු එවිට “මහබෝසත්හු මවුකුස පිළිසිඳගත්හ. එනිසා මේ පොළෝ කම්පාව සිදුවිය. නුඹලා බිය නොවවු”යි බුදුවරයකුගේ උපතේ පූර්ව නිමිති පිළිබඳව පවසා මහජනයා අස්වැසීය. බුද්ධාරම්මණයෙහි සිය ප්‍රීතියද පළ කළේය. මේ පින්කමේ විපාක විඳිමින් ඔහු දෙව්-මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු කුලයක උපන්නේ ය. වාරණ නමින් ප්‍රකට වූ ඒ බමුණා නිසිවියට පත්ව දිනක් එක්තරා තෙරනමකගෙන් දහම් අසා, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදිව මහණදම් පිරීය. එක්දිනක් බුද්ධෝපස්ථානයට යන අතරමගදී උන්වහන්සේ මුගටියකු හා නයෙකු ඔවුනොවුන් හා කලහ කොට මැරී සිටිනු දැක, “මේ සත්ත්වයෝ ඔවුනොවුන්ට විරුද්ධවීමෙන් ජීවිතක්‍ෂයට පත්වෙති”යි සංවේග පත් සිතින්ම භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ වාරණ තෙරුන්ගේ සිත දැන ඊට අනුරූප වූ ම අවවාදයක් දෙන සේක්, මේ ගාථා තුන වදාළහ.

“යොධ කොචි මනුස‍්සෙසු, පරපාණානි හිංසති; අස‍්මා ලොකා පරම‍්හා ච, උභයා ධංසතෙ නරො.

“යොධ කොචි මනුස්සෙසු පරපාණානි හිංසති, අස්මා ලොකා පරම්භා ච උභයා ධංසතෙ නරො”

“යො ච මෙත‍්තෙන චිත‍්තෙන, සබ‍්බපාණානුකම‍්පති; බහුඤ‍්හි සො පසවති, පුඤ‍්ඤං තාදිසකො නරො.

“යොච මෙත්තෙන චිත්තෙන සබ්බපාණානුකම්පති, බහුං සො පසවති පුඤ්ඤං තෙන තාදිසකො නරො”

“සුභාසිතස‍්ස සික‍්ඛෙථ, සමණූපාසනස‍්ස ච; එකාසනස‍්ස ච රහො, චිත‍්තවූපසමස‍්සා චා”ති. – තිස‍්සො ගාථා අභාසි;

“සුභාසිතස්ස සික්ඛෙථ සමණුපාසනස්ස ච, එකාසනස්ස ච රහො චිත්තවූපසමස්ස චා” තී.

තත්‍ථ යොධ කොචි මනුස‍්සෙසූති ඉධ මනුස‍්සෙසු යො කොචි ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා. මනුස‍්සග‍්ගහණඤ‍්චෙත්‍ථ උක‍්කට‍්ඨසත‍්තනිදස‍්සනන‍්ති දට‍්ඨබ‍්බං. පරපාණානි හිංසතීති පරසත‍්තෙ මාරෙති විබාධති ච. අස‍්මා ලොකාති ඉධ ලොකතො. පරම‍්හාති පරලොකතො. උභයා ධංසතෙති උභයතො ධංසති, උභයලොකපරියාපන‍්නහිතසුඛතො පරිහායතීති අත්‍ථො. නරොති සත‍්තො.

එහි “යොධ කොචි මනුස්සෙසු” මෙලොව මිනිසුන් අතර යම් කිසිවෙක්, ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ යන ඕනෑම මිනිසෙක්. මෙහි “මනුස්ස” ශබ්දයෙන් උත්කෘෂ්ඨ සත්ත්‍වයකු දක්වන ලදැයි දතයුතුයි. “පරපාණානි හිංසතී” අනිකුත් සතුන් මරයා. පීඩාවට පත්කරයි ද “අස්මාලොකා” මේ ලෝකයෙන්. “පරම්හා” පරලෝකයෙන්. “උභයාධංසතෙ” මෙලෝ පරලෝ දෙකින්ම පිරිහේ. දෙලොවටම අයත් හිතසුව පිරිහී යන්නේය යන අර්ථයයි. “නරො” යනු සත්ත්‍වයා.

එවං පරපීළාලක‍්ඛණං පාපධම‍්මං දස‍්සෙත්‍වා ඉදානි පරපීළානිවත‍්තිලක‍්ඛණං කුසලං ධම‍්මං දස‍්සෙන‍්තො “යො ච මෙත‍්තෙනා”තිආදිනා දුතියං ගාථමාහ. තත්‍ථ මෙත‍්තෙන චිත‍්තෙනාති මෙත‍්තාසම‍්පයුත‍්තෙන චිත‍්තෙන අප‍්පනාපත‍්තෙන ඉතරීතරෙන වා. සබ‍්බපාණානුකම‍්පතීති සබ‍්බෙ පාණෙ අත‍්තනො ඔරසපුත‍්තෙ විය මෙත‍්තායති. බහුඤ‍්හි සො පසවති, පුඤ‍්ඤං තාදිසකො නරොති සො තථාරූපො මෙත‍්තාවිහාරී පුග‍්ගලො බහුං මහන‍්තං අනප‍්පකං කුසලං පසවති පටිලභති අධිගච‍්ඡති.

මෙසේ අනුන් පෙළන පාපධර්ම හා විපාක දක්වා දැන් අනුන් පෙළීමෙන් වැළකීමෙන් ලැබෙන කුසල් දහම් දක්වනසේක් “යොච මෙත්තෙන” යන දෙවන ගාථාව වදාළහ. එහි “මෙත්තෙන චිත්තෙන” මෛත්‍රී සම්ප්‍රයුක්ත සිතින්, අර්පණාධ්‍යානයට හෝ ඊට වඩා ඉහළ ධ්‍යානයකට සමවැදුණු සිතින්, “සබ්බපාණානුකම්පතී” සියලු සතුන් තම ඖරස පුත්‍රයන් මෙන් සලකා මෛත්‍රී කරයි. “බහුං හි සො පස්වති පුඤ්ඤං තෙන තාදිසකො නරො” ඒ මෛත්‍රී විහාරයෙන් යුක්ත පුද්ගලයා බොහෝ වූ අනල්ප වූ මහත් කුසල් රැස්කරයි. ලබයි. පත්වෙයි.

ඉදානි තං සසම‍්භාරෙ සමථවිපස‍්සනාධම‍්මෙ නියොජෙන‍්තො “සුභාසිතස‍්සා”තිආදිනා තතියං ගාථමාහ. තත්‍ථ සුභාසිතස‍්ස සික‍්ඛෙථාති අප‍්පිච‍්ඡකථාදිභෙදං සුභාසිතං පරියත‍්තිධම‍්මං සවනධාරණපරිපුච‍්ඡාදිවසෙන සික‍්ඛෙය්‍ය. සමණූපාසනස‍්ස චාති සමිතපාපානං සමණානං කල්‍යාණමිත‍්තානං උපාසකානං කාලෙන කාලං උපසඞ‍්කමිත්‍වා පයිරුපාසනඤ‍්චෙව පටිපත‍්තියා තෙසං සමීපචරියඤ‍්ච සික‍්ඛෙය්‍ය. එකාසනස‍්ස ච රහො චිත‍්තවූපසමස‍්ස චාති එකස‍්ස අසහායස‍්ස කායවිවෙකං අනුබ්‍රූහන‍්තස‍්ස රහො කම‍්මට‍්ඨානානුයොගවසෙන ආසනං නිසජ‍්ජං සික‍්ඛෙය්‍ය. එවං කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජන‍්තො භාවනඤ‍්ච මත්‍ථකං පාපෙන‍්තො සමුච‍්ඡෙදවසෙන කිලෙසානං චිත‍්තස‍්ස වූපසමඤ‍්ච සික‍්ඛෙය්‍ය. යාහි අධිසීලසික‍්ඛාදීහි කිලෙසා අච‍්චන‍්තමෙව වූපසන‍්තා පහීනා හොන‍්ති, තා මග‍්ගඵලසික‍්ඛා සික‍්ඛන‍්තස‍්ස අච‍්චන‍්තමෙව චිත‍්තං වූපසන‍්තං නාම හොතීති. ගාථාපරියොසානෙ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.47.59-72) –

දැන් ඔහු පරිවාර සහිත සමථ විදර්ශනා දහම්හි යොදවන සේක්, “සුභාසිතස්ස” යනාදී තෙවන ගාථාව වදාළහ. එහි “සුභාසිතස්ස සික්ඛෙථ” අල්පේච්ඡාදී කථාවන්හි, සුභාෂිත වූ පර්යාප්ති ධර්මය ඇසීම, දැරීම, පුහුණුව, විචාරීම යනාදී වශයෙන් හික්මෙන්නේ ය. “සමණුපාසනස්ස ච” සන්සිඳවූ පාප ඇති ශ්‍රමණයන්ගේ, කළණ මිතුරන්ගේ, උපාසකයන්ගේ කලින් කලට පැමිණ ඇසුරු කිරීම මෙන්ම ඔවුන්ගේ පිළිවෙත් පිරීම, ඔවුන් අනුව හැසිරෙමින් හික්මෙන්නේය. “එකාසනස්සච රහො චිත්තවූපසමස්සවා” එකම අසහාය වූ කායවිවේකය වඩන්නාට රහසිගතව කමටහනෙහිම සිත පිහිටුවා අසුනෙහි ම හිඳ නික්මෙන්නේ ය. මෙසේ කමටහන් අනුව යෙදෙන්නා භාවනාවෙහි ද මස්තක ප්‍රාප්ත වී මුලුමනින්ම සිතේ පවතින කෙලෙස් ධර්ම වනසා දමා හික්මෙන්නේ ය. අධි ශීල ශික්‍ෂාදියෙහිදී කෙලෙස් අතිශයින්ම සන්සිඳී ප්‍රහීණවේමය. මාර්ගඵල ශික්‍ෂාවෙහි හික්මෙන්නහුගේ අතිශයින්ම සන්සිඳුණේ නම් වේ. එම ගාථා දේශනාව අවසන්හිම තෙරණුවෝ විදසුන් වඩා රහත් වූහ. අපදාන පාලියේදී වාරණ තෙරණුවෝ මෙසේ වදාළහ.

“අජ‍්ඣොගාහෙත්‍වා හිමවං, මන‍්තෙ වාචෙමහං තදා; චතුපඤ‍්ඤාසසහස‍්සානි, සිස‍්සා මය‍්හං උපට‍්ඨහුං.

“මම එකල්හි හිමවතට පිවිස මන්ත්‍ර කියවීමි. පනස් සතර දාහක් ශිෂ්‍යයෝ මට උපස්ථාන කළහ.

“අධිතා වෙදගූ සබ‍්බෙ, ඡළඞ‍්ගෙ පාරමිං ගතා; සකවිජ‍්ජාහුපත්‍ථද‍්ධා, හිමවන‍්තෙ වසන‍්ති තෙ.

ඒ සැමදෙනම වේද හදාළහු. වේදය දත්තාහු ෂඩංගවේදයේ පරතෙරට ගියාහු. ස්වකීය විද්‍යාවන්හි පරතෙරට ගියාහු හිමවතෙහි විසූහ.

“චවිත්‍වා තුසිතා කායා, දෙවපුත‍්තො මහායසො; උප‍්පජ‍්ජි මාතුකුච‍්ඡිස‍්මිං, සම‍්පජානො පතිස‍්සතො.

එකල්හි මහත් යසස් ඇති බෝසත් තෙම උපදනා කල්හි දසසහස්සී ලෝකධාතුව කම්පා විය. ලෝකනායකයන් වහන්සේ උපදනා කල්හි අන්‍ධයෝ ඇස් ලැබූහ.

“සම‍්බුද‍්ධෙ උපපජ‍්ජන‍්තෙ, දසසහස‍්සි කම‍්පථ; අන්‍ධා චක‍්ඛුං අලභිංසු, උප‍්පජ‍්ජන‍්තම‍්හි නායකෙ.

“සබ‍්බාකාරං පකම‍්පිත්‍ථ, කෙවලා වසුධා අයං; නිග‍්ඝොසසද‍්දං සුත්‍වාන, උබ‍්බිජ‍්ජිංසු මහාජනා.

මේ සම්පූර්ණ පෘථිවිය හැමලෙසින්ම කම්පා විය. ඒ මහත් හඬ අසා මහජනයා නොසන්සුන් විය.

“සබ‍්බෙ ජනා සමාගම‍්ම, ආගච‍්ඡුං මම සන‍්තිකං; වසුධායං පකම‍්පිත්‍ථ, කිං විපාකො භවිස‍්සති.

සියලු දෙන එකතුව මාගේ සමීපයට පැමිණියාහුය. “මේ පොළොව කම්පා විය. එහි විපාක කවරේ ද?”යි මගෙන් විමසූහ. මම එකල්හි ඔවුනට මෙසේ කීවෙමි.

“අවචාසිං තදා තෙසං, මා භෙථ නත්‍ථි වො භයං; විසට‍්ඨා හොථ සබ‍්බෙපි, උප‍්පාදොයං සුවත්‍ථිකො.

“බිය නොවවු. තොපට බියෙක් නැත. සියල්ලෝම සැක නැත්තෝ වවු. මෙය සැප ඇති උපතෙකි.

“අට‍්ඨහෙතූහි සම‍්ඵුස‍්ස, වසුධායං පකම‍්පති; තථා නිමිත‍්තා දිස‍්සන‍්ති, ඔභාසො විපුලො මහා.

හේතු අටක් නිසා මේ මහපොළොව කම්පා වෙයි. එබඳු නිමිති ප්‍රකට වේ. මේ අතිමහත් ආලෝකයකි. පසැස් ඇති බුදුරජාණන් වහන්සේ නිසැකවම උපදිති”යි ජනයාට දැන්වූ මම ඔවුන්ට පන්සිල් දුන්නෙමි.

“අසංසයං බුද‍්ධසෙට‍්ඨො, උප‍්පජ‍්ජිස‍්සති චක‍්ඛුමා; සඤ‍්ඤාපෙත්‍වාන ජනතං, පඤ‍්චසීලෙ කථෙසහං.

“සුත්‍වාන පඤ‍්චසීලානි, බුද‍්ධුප‍්පාදඤ‍්ච දුල‍්ලභං; උබ‍්බෙගජාතා සුමනා, තුට‍්ඨහට‍්ඨා අහංසු තෙ.

පන්සිල් ගැනීමෙන් ද බුදු උපත ඇසීමෙන් ද සතුටු වූ ඔවුහු හටගත් උද්වේග ඇත්තෝ වූහ.

“ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ, යං නිමිත‍්තං වියාකරිං; දුග‍්ගතිං නාභිජානාමි, බ්‍යාකරණස‍්සිදං ඵලං.

මීට කල්ප දෙකකට පෙරදී යම් නිමිත්තක් විවරණය කර දුන්නෙම් ද එහි ආනිසංස වශයෙන් මම දුගතියක නූපන්නෙමි. බුද්ධ නිමිති විවරණ කිරීමේ පින මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”

වාරණත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වාරණ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.