පස‍්සිකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා
පස‍්සිකත්‍ථෙරගාථාවණ‍්ණනා
පස්සික ස්ථවිරගාථා වර්ණනාව
එකොපි සද‍්ධො මෙධාවීති ආයස‍්මතො වස‍්සිකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නචිත‍්තො පිලක‍්ඛඵලානි අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වස‍්සිකොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො සත්‍ථු යමකපාටිහාරියං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො ආබාධිකො අහොසි. අථ නං ඤාතකා වෙජ‍්ජපරිදිට‍්ඨෙන භෙසජ‍්ජවිධිනා උපට‍්ඨහිත්‍වා අරොගමකංසු. සො තම‍්හා ආබාධා වුට‍්ඨිතො සංවෙගජාතො භාවනං උස‍්සුක‍්කාපෙත්‍වා ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.47.40-44) –
“එකොපි සද්ධො මෙධාවී” යනු ආයුෂ්මත් පස්සික තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ ඉපිද පින් කරමින් අවුත් අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ දැකීමෙන් හටගත් ප්‍රසන්න වූ සිතින් ඔහු පුලිල ගෙඩි පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී කොසොල් රට බමුණු පවුලක ඉපිද පස්සික නමින් ප්‍රකට වැඩිවියට පත්ව අප ශාස්තෲන් වහන්සේගේ යමාමහපෙළහර දැක ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. මහණදම් පුරමින් සිටි පස්සික හිමියෝ වරෙක රෝගාතුර වූහ. ඉක්බිති උන්වහන්සේ ඤාතීහු වෙදෙකු ගෙන්වා බෙහෙත් කරවීම් ආදියේ රෝගය දුරු කළ. ඒ ආබාධයෙන් සුවපත් වූ පස්සික හිමියෝ හටගත් සංවේගයෙන් භාවනාවට සිත යොදවා ෂඩ් අභිඥාලාභී වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“වනන‍්තරෙ බුද‍්ධං දිස‍්වා, අත්‍ථදස‍්සිං මහායසං; පසන‍්නචිත‍්තො සුමනො, පිලක‍්ඛස‍්ස ඵලං අදා.
“මහත් වූ යසස් ඇති අත්‍ථදස්සි බුදුරජහු අහසෙහි වඩිනු දැක පැහැදුණු සිත් ඇති වූ මම; සතුටින් යුතුව උන්වහන්සේට පුලිල ගෙඩියක් පිදුවෙමි.
“අට‍්ඨාරසෙ කප‍්පසතෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.
මීට කල්ප එක්දහස් අටසීයකට පෙර යම් ඵල පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුද්ධානුසාසනාව ඉටුකළෙමි.”
ඡළභිඤ‍්ඤො පන හුත්‍වා ආකාසෙන ඤාතකානං සන‍්තිකෙ ගන‍්ත්‍වා ආකාසෙ ඨිතො ධම‍්මං දෙසෙත්‍වා තෙ සරණෙසු සීලෙසු ච පතිට‍්ඨාපෙසි. තෙසු කෙචි කාලඞ‍්කතා සරණෙසු සීලෙසු ච පතිට‍්ඨිතත‍්තා සග‍්ගෙ නිබ‍්බත‍්තිංසු. අථ නං සත්‍ථා බුද‍්ධුපට‍්ඨානං උපගතං “කිං තෙ, වස‍්සික, ඤාතීනං ආරොග්‍ය”න‍්ති පුච‍්ඡි. සො ඤාතීනං අත‍්තනා කතං උපකාරං සත්‍ථු කථෙන‍්තො –
ෂඩ් අභිඥාලාභී උන්වහන්සේ අහසින් නෑයන් වෙත වඩමවා අහසේ හිඳ දහම් දෙසා ඔවුන් සරණ සිල්හි පිහිටවූහ. ඔවුන් අතරින් ඇතැමෙක් කළුරිය කොට සරණ සිල්හි පිහිටි බැවින් දෙව්ලොව උපන්හ. ඉක්බිති බුද්ධෝපස්ථානයට පැමිණි පස්සික තෙරුන් ඇමතූ බුදුරජාණන් වහන්සේ “පස්සික! නුඹ ගේ නෑයෝ සුවසේ වෙසෙත් ද?” විමසූහ. තෙරණුවෝ තමා නෑයන්ට කරන ලද උපකාර ශාස්තෲන් වහන්සේට පවසමින් මේ ගාථා තුන වදාළහ.
“එකොපි සද්ධො මෙධාවී, අස‍්සද‍්ධානීධ ඤාතිනං; ධම්මට්ඨො සීලසම්පන්නො, හොති අත්‍ථාය බන්‍ධුනං.
“එකොපි සද්ධො මෙධාවී අස්සද්ධානිධ ඤාතිනං, ධම්මට්ඨො සීලසම්පන්නො හොති අත්‍ථාය බන්‍ධුනං”
“නිග‍්ගය‍්හ අනුකම‍්පාය, චොදිතා ඤාතයො මයා; ඤාතිබන්‍ධවපෙමෙන, කාරං කත්‍වාන භික‍්ඛුසු.
“නිග්ගය්හ අනුකම්පාය චොදිතො ඤාතයො මයා, ඤාති බන්‍ධව පෙමෙන කාරං කත්‍වාන භික්ඛුසූ”
“තෙ අබ‍්භතීතා කාලඞ‍්කතා, පත‍්තා තෙ තිදිවං සුඛං; භාතරො මය්හං මාතා ච, මොදන්ති කාමකාමිනො”ති. –
“තෙ අබ්භතීතා කාලකතා පත්තා තෙ තිදිවං සුඛං, භාතරො මය්හං මාතා ච මොදන්ති කාමකාමිනො”
තිස‍්සො ගාථා අභාසි.
තත්‍ථායං පඨමගාථාය අත්‍ථො – යො කම‍්මඵලසද‍්ධාය ච රතනත‍්තයසද‍්ධාය ච වසෙන සද‍්ධො, තතො එව කම‍්මස‍්සකතඤාණාදියොගතො මෙධාවී, සත්‍ථු ඔවාදධම‍්මෙ නවලොකුත‍්තරධම‍්මෙ ච ඨිතත‍්තා ධම‍්මට‍්ඨො, ආචාරසීලස‍්ස මග‍්ගසීලස‍්ස ඵලසීලස‍්ස ච වසෙන සීලසම‍්පන‍්නො, සො එකොපි යථාවුත‍්තාය සද‍්ධාය අභාවෙන අස‍්සද‍්ධානං ඉධ ඉමස‍්මිං ලොකෙ “අම‍්හාකං ඉමෙ”ති ඤාතබ‍්බට‍්ඨෙන ඤාතීනං, තථා පෙමබන්‍ධනෙන බන්‍ධනට‍්ඨෙන “බන්‍ධූ”ති ච ලද‍්ධනාමානං බන්‍ධවානං අත්‍ථාය හිතාය හොතීති.
එහි පළමු ගාථාවේ අර්ථ මෙසේ ය. යමෙක් කර්ම ඵල පිළිබඳ විශ්වාසයෙන් ද රත්නත්‍රය පිළිබඳ විශ්වාසයෙන් ද යුක්ත වූයේ “සද්ධො” සැදැහැ ඇතිව, එසේම කර්මයෙන් කළ ඤාණාදී යෝග වශයෙන් “මෙධාවී” නුවණ ඇතිව, ශාස්තෲන් වහන්සේගේ අවවාද අනුව ක්‍රියා කිරීමෙන් ලෝකෝත්තර ධර්මයෙහි පිහිටි බැවින් “ධම්මට්ඨො” ලොවුතුරු දහම් පිහිටියේ, ආචාර සීලයෙන් ද මාර්ග සීලයෙන් ද ඵල සීලයෙන් ද යුක්තව “සීල සම්පන්නො” සීල සම්පන්න වූයේ. මෙසේ දැක්වූ ශ්‍රද්ධාදී ගුණමහිමයෙන් යුතු එකම පුද්ගලයා පවා එම ගුණ විරහිත වූ “අස්සද්ධානං” අශ්‍රද්ධාවන්ත “ඉධ” මේ ලෝකයෙහි “මොවුහු අපගේ යැයි දැනගෙන (ඤාතබ්බ) යුතු හෙයින් “ඤාතී” නම් ඤාතීන්ට, එසේම ප්‍රේම බන්‍ධනයෙන් බැඳුණු බැවින් “බන්‍ධු” යැයි ලැබූ ම් අති ඤාතිහිතමිත්‍රාදීන්ට “අත්‍ථායහොති” හිතවැඩ පිණිස වේ.
එවං සාධාරණතො වුත‍්තමත්‍ථං අත‍්තූපනායිකං කත්‍වා දස‍්සෙතුං “නිග‍්ගය‍්හා”තිආදිනා ඉතරගාථා වුත‍්තා. තත්‍ථ නිග‍්ගය‍්හ අනුකම‍්පාය, චොදිතා ඤාතයො මයාති ඉදානිපි දුග‍්ගතා කුසලං අකත්‍වා ආයතිං පරික‍්කිලෙසං පුන මානුභවිත්‍ථාති නිග‍්ගහෙත්‍වා ඤාතයො මයා ඔවදිතා. ඤාතිබන්‍ධවපෙමෙන “අම‍්හාකං අයං බන්‍ධවො”ති එවං පවත‍්තෙන පෙමෙන මම ඔවාදං අතික‍්කමිතුං අසක‍්කොන‍්තා කාරං කත්‍වාන භික‍්ඛූසු පසන‍්නචිත‍්තා හුත්‍වා චීවරාදිපච‍්චයදානෙන චෙව උපට‍්ඨානෙන ච භික‍්ඛූසු සක‍්කාරසම‍්මානං කත්‍වා තෙ අබ‍්භතීතා කාලඞ‍්කතා හුත්‍වා ඉමං ලොකං අතික‍්කන‍්තා. පුන තෙති නිපාතමත‍්තං. තිදිවං සුඛන‍්ති දෙවලොකපරියාපන‍්නසුඛං, සුඛං වා ඉට‍්ඨං තිදිවං අධිගතා. “කෙ පන තෙ”ති ආහ. “භාතරො මය්හං මාතා ච, මොදන්ති කාමකාමිනො”ති. අත‍්තනා යථාකාමිතවත්‍ථුකාමසමඞ‍්ගිනො හුත්‍වා අභිරමන‍්තීති අත්‍ථො.
මෙසේ සැමට සාධාරණව පැවසූ ගුණ මහිම තමා තුළ වේ යැයි (අත්තූපනායික) තමා මුල් කොට දක්වනු සඳහා දෙවන, තෙවන ගාථාව කියන ලදි. එහි “නිග්ගය්හ අනුකම්පාය චොදිතො ඤාතයො මයා” “දැනුත් දුක්පත් බැවින් කුසලයක් නොකර, අනාගතයේ දුගතියට, පිරිතැවීමට නොපැමිණෙව”යි යනුවෙන් ඥාතීන්ට නිග්‍රහ කරමින් මවිසින් අවවාද දෙන ලදි. “ඤාතී බන්‍ධව පෙමෙන” – “මොහු අපගේ ඤාතියෙකි”යි මෙසේ පැවති ප්‍රේමය නිසා මගේ අවවාද ඉක්මවීමට අසමත් වූ ඔවුහු, “කාරං කත්‍වාන භික්ඛසූ” පැහැදුණු සිත් චීවරාදී සිවුපසය පරිත්‍යාග කිරීමෙන් ද උපස්ථාන කිරීමෙන් ද භික්‍ෂූන් වහන්සේ කෙරෙහි සත්කාර සම්මාන කොට, “තෙ අබ්භතීතා කාලකතා” ඒ මගේ ඥාතීහු කළුරිය කළාහු, මේ ලෝකය ඉක්මවූවාහු. නැවත “තෙ” යනු නිපාත මාත්‍රයකි. “තිදිවං සුඛං” දෙව්ලොවට අයත් සියලු සැප හෝ පැතූ දෙව් සැප ලබාගත්හ. “ඒ කවර ඤාතීහුදඝ”යි දැක්වීමට - “භාතරො මය්හං මාතා ච මොදන්ති කාම කාමිනො” මගේ සෝයුරෝ ද මෑණියෝ ද කළුරිය කළාහු තමා විසින් පැතුවාවූ වස්තු කාම සම්පත්තීන්ගෙන් යුක්තව සතුටු වෙති. ප්‍රීතිවෙති.
වස‍්සිකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
පස්සික ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.