යෙදුමෙන් කියවන්න

යසොජත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

යසොජත්‍ථෙරගාථාවණ‍්ණනා

යසොජ ස්ථවිරගාථා වර්ණනාව

කාලපබ‍්බඞ‍්ගසඞ‍්කාසොති ආයස‍්මතො යසොජත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ ආරාමගොපකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං විපස‍්සිං භගවන‍්තං ආකාසෙන ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො ලබුජඵලං අදාසි.

“කාල පබ්බඞ්ගසංකාසො” යනු ආයුෂ්මත් යසෝජ තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ පැතුම් ඇතිව, ඒ ඒ භවයේදී පින් රැස්කරමින් අවුත් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී ආරාමය ආරක්ෂා කරන පවුලෙහි උපන්හ. දිනක් ඒ කුමරු වැඩිවියට පත්ව සිටියේ, විපස්සි භාග්‍යවතුන් වහන්සේ අහසින් වඩිනු දුටුවේය. ඔහු පහන් සිතින් රට දෙල් ගෙඩියක් පිදීය.

සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථිනගරද‍්වාරෙ කෙවට‍්ටගාමෙ පඤ‍්චකුලසතජෙට‍්ඨකස‍්ස කෙවට‍්ටස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, යසොජොතිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො අත‍්තනො සහායෙහි කෙවට‍්ටපුත‍්තෙහි සද‍්ධිං මච‍්ඡගහණත්‍ථං අචිරවතියං නදියං ජාලං ඛිපි. තත්‍ථෙකො සුවණ‍්ණවණ‍්ණො මහාමච‍්ඡො අන‍්තොජාලං පාවිසි. තං තෙ රඤ‍්ඤො පසෙනදිස‍්ස දස‍්සෙසුං . රාජා “ඉමස‍්ස සුවණ‍්ණවණ‍්ණස‍්ස මච‍්ඡස‍්ස වණ‍්ණකාරණං භගවා ජානාතී”ති මච‍්ඡං ගාහාපෙත්‍වා භගවතො දස‍්සෙසි. භගවා “අයං කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනෙ ඔසක‍්කමානෙ පබ‍්බජිත්‍වා මිච‍්ඡා පටිපජ‍්ජන‍්තො සාසනං ඔසක‍්කාපෙත්‍වා නිරයෙ නිබ‍්බත‍්තො එකං බුද‍්ධන‍්තරං නිරයෙ පච‍්චිත්‍වා තතො චුතො අචිරවතියං මච‍්ඡො හුත්‍වා නිබ‍්බත‍්තො”ති වත්‍වා තස‍්ස භගිනීනඤ‍්ච නිරයෙ නිබ‍්බත‍්තභාවං, තස‍්ස භාතිකත්‍ථෙරස‍්ස පරිනිබ‍්බුතභාවඤ‍්ච තෙනෙව කථාපෙත්‍වා ඉමිස‍්සා අට‍්ඨුප‍්පත‍්තියා කපිලසුත‍්තං දෙසෙසි.

ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරි සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාදයේදී සැවැත් නුවර දොර කෙවුල් ගමෙහි පන්සීයක් පවුල්වලට නායකයා ගේ පුතු ව උපන්නේ ය. යසෝජ නාමය තැබූ ඔහු වැඩිවියට පත්වම තම යහලු වූ කෙවුල් පුතුන් සමග මසුන් ඇල්ලීමට අචිරවතී නදියට ගොස් දැලක් දැමීය. ඒ දැල තුලට එක් රන්වන් මහා මත්ස්‍යයෙක් ඇතුළු විය. යසෝජ ඒ මාළුවා ගෙන ගොස් පසේනදී කොසොල් රජුට දැන්වීය. රජතුමා “මේ මාළුවාගේ රන්වන් වීමට හේතුව භාග්‍යවතුන් වහන්සේ දන්නේයැ”යි කියා මාළුවාත් ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගෙන ගොස් දැක්වීය. භාග්‍යවතුන් වහන්සේ “මෙතෙම කාශ්‍යප බුදුරදුන්ගේ සසුන පිරිහෙන කාලයේ දී පැවිදිව, වැරදි පිළිවෙත් වලින් සසුන පිරිහවා නිරයේ උපන්නේ ය. එක් බුද්ධාන්තරයක්ම නිරයේ පැසී ඉන් චුතව අචිරවතියේ මත්ස්‍යයෙක් ව උපන්නේ ය. ඔහුගේ නැගණිවරු ද නිරයේ උපන් බවත් සොහොයුරු වූ තෙරුන්ගේ පිරිනිවීමත් යන සියලු කථාන්තරය කපිල සූත්‍රය ඇසුරින් දක්වන ලදි.

සත්‍ථු දෙසනං සුත්‍වා යසොජො සංවෙගජාතො සද‍්ධිං අත‍්තනො සහායෙහි භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා පතිරූපෙ ඨානෙ වසන‍්තො එකදිවසං සපරිසො භගවන‍්තං වන්‍දිතුං ජෙතවනං අගමාසි. තස‍්ස ආගමනෙ සෙනාසනපඤ‍්ඤාපනාදිනා විහාරෙ උච‍්චාසද‍්දමහාසද‍්දො අහොසි. තං සුත්‍වා “භගවා සපරිසං යසොජං පණාමෙසී”ති (උදා· 23) සබ‍්බං උදානෙ ආගතනයෙන වෙදිතබ‍්බං. පණාමිතො පන ආයස‍්මා යසොජො කසාභිහතො භද‍්දො අස‍්සාජානීයො විය සංවිග‍්ගමානසො සද‍්ධිං පරිසාය වග‍්ගුමුදාය නදියා තීරෙ වසන‍්තො ඝටෙන‍්තො වායමන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අන‍්තොවස‍්සෙයෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.47.32-39) –

එම ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව ඇසූ යසෝජ සංවේගයෙන් තම යහලුවන් සමගම බුදු සසුනේ පැවිදිව යෝග්‍යස්ථානයක වෙසෙනුයේ, දිනක් පිරිවර සහිතව භාග්‍යවතුන් වහන්සේට වැඳීම සඳහා ජේතවනාරාමයට ගියේය. උන්වහන්සේගේ පැමිණීමත් සමග සෙනසුන් පැනවීම් ආදියෙන් විහාරයේ මහත් කලබල බවක්, මහත් ශබ්දයක් ඇති විය. ඒ හඬ ඇසූ භාග්‍යවතුන් වහන්සේ “පිරිවර සහිත වූ යසෝජ හිමියන් එලවා දමවු”යි යනාදී ලෙස උදාන පාළියේ දැක්වූ පරිදි එළවා දැමූ සේක. එළවා දැමූ ආයුෂ්මත් යසෝජ තෙරුන් කස පහර ලද භද්‍ර වූ අජානීය අශ්වයකු මෙන් සංවේගපත් සිතින් පිරිස සමග වග්ගුමුදා නදී තෙර වෙසෙමින් වීර්ය වඩා, උත්සාහ කර විදසුනට සිත් යොමුකර වස් කාලය ඇතුලතදී ම ෂඩ් අභිඥාලාභී විය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“නගරෙ බන්‍ධුමතියා, ආරාමිකො අහං තදා; අද‍්දසං විරජං බුද‍්ධං, ගච‍්ඡන‍්තං අනිලඤ‍්ජසෙ.

“එකල මම බන්‍ධුමතී නුවර ආරාම වතාවත් කරන්නෙක් වූයෙමි. අහසෙහි වඩින කෙලෙස් විරහිත බුදුරදුන් දුටුවෙමි.

“ලබුජං ඵලමාදාය, බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං; ආකාසෙව ඨිතො සන‍්තො, පටිග‍්ගණ‍්හි මහායසො.

දෙල් ගෙඩියක් ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිළිගැන්වීමි. මගේ ප්‍රීතිය ඇතිකරවන, මෙලොවදී ම සැප ගෙන දෙන, මහත් යසස් ඇති බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ හිඳිමින්ම එය පිළිගත් සේක.

“විත‍්තිසඤ‍්ජානනො මය‍්හං, දිට‍්ඨධම‍්මසුඛාවහො; ඵලං බුද‍්ධස‍්ස දත්‍වාන, විප‍්පසන‍්නෙන චෙතසා.

“අධිගඤ‍්ඡිං තදා පීතිං, විපුලං සුඛමුත‍්තමං; උප‍්පජ‍්ජතෙව රතනං, නිබ‍්බත‍්තස‍්ස තහිං තහිං.

ඵල පූජාව කිරීමෙන් මහත් වූ ප්‍රීතිය ද උතුම් වූ සැපය ද ලැබූ මම ඒ ඒ භවයේ ඉපිද රත්රුවන් ලැබූවෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා ම දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

-පෙ- දැන් ම විසින් බුද්ධානුශාසනාව කරන ලදි.”

ඡළභිඤ‍්ඤං පන සමානං සපරිසං ආයස‍්මන‍්තං යසොජං සත්‍ථා පක‍්කොසිත්‍වා ආනෙඤ‍්ජසමාපත‍්තිනා පටිසන්‍ථාරමකාසි. සො සබ‍්බෙපි ධුතඞ‍්ගධම‍්මෙ සමාදාය වත‍්තති. තෙනස‍්ස සරීරං කිසං අහොසි ලූඛං දුබ‍්බණ‍්ණං, තං භගවා පරමප‍්පිච‍්ඡතාය පසංසන‍්තො –

ෂඩ් අභිඥාලාභී වූ පිරිස සහිත ආයුෂ්මත් තෙරණුවන් කැඳවූ ශාස්තෲන් වහන්සේ අකම්පිත පිළිසඳර කථා කළ සේක. උන්වහන්සේ සියලුම ධූතාංග ධර්ම සමාදන්ව සිටියහ. එනිසා යසෝජ තෙරුන්ගේ සිරුර ඉතා කෘෂ දුර්වර්ණ රළු වූවක් විය. භාග්‍යවතුන් වහන්සේ ඒ පරම අල්පේච්ඡතාවය පසසන සේක් මේ පළමු ගාථාව වදාළහ.

“කාලපබ‍්බඞ‍්ගසඞ‍්කාසො , කිසො ධමනිසන්‍ථතො; මත‍්තඤ‍්ඤූ අන‍්නපානම‍්හි, අදීනමානසො නරො”ති. – පඨමං ගාථමාහ;

“කාල පබ්බංග සංකාසො - කිසො ධමනිසන්‍ථතො, මත්තඤ්ඤූ අන්නපානස්මිං අදීන මනසො නරො”

තත්‍ථ කාලපබ‍්බඞ‍්ගසඞ‍්කාසොති මංසූපචයවිගමෙන කිසදුසණ‍්ඨිතසරීරාවයවතාය දන‍්තිලතාපබ‍්බසදිසඞ‍්ගො, තෙනාහ “කිසො ධමනිසන්‍ථතො”ති. කිසොති මොනෙය්‍යපටිපදාපූරණෙන කිසසරීරො. ධමනිසන්‍ථතොති ධමනීහි සන්‍ථතගත‍්තො අප‍්පමංසලොහිතතාය පාකටීහි කණ‍්ඩරසිරාහි විතතසරීරො. මත‍්තඤ‍්ඤූති පරියෙසනපටිග‍්ගහණපරිභොගවිස‍්සජ‍්ජනෙසු පමාණඤ‍්ඤූ. අදීනමානසොති කොසජ‍්ජාදීහි අනභිභූතත‍්තා අලීනචිත‍්තො අකුසීතවුත‍්ති. නරොති පුරිසො, පොරිසස‍්ස ධුරස‍්ස වහනතො පොරිසලක‍්ඛණසම‍්පන‍්නො පුරිසධොරය‍්හොති අධිප‍්පායො.

එහි “කාල පබ්බංගසංකාසො” මස් රැස්කිරීම, වර්ධනය කිරීම දුරලූ බැවින් කෘශ වූ නපුරු වූ ශරීරාවය ඇති, කළුවැල් පුරුක් බඳු වූ ශරීරාංග ඇති, එනිසා කියන ලදි. “කිසො” මොන්‍යෙය ප්‍රතිපදාව පිරීමෙන් කෘශ වූ ශරීර ඇති, “ධමනිසත්‍ථතො” අල්ප වූ මස් ලේ ඇති ශරීරයේ ප්‍රකට වූ ඉල්පුණු නහරවැලින් පිරී ගිය සිරුරු ඇතිව මහ නහර, ශිරා පැතිරී ශරීරය ඇතිව, “මත්තඤ්ඤූ” සොයන, පිළිගන්නා, පරිභෝග කරන, අත්හරින භෝජනයෙහි පමණ දන්නා. “අදීනමනසො” කුසීත බව ආදියෙන් නොමැඩලූ බැවින් ස්ථිර සිත් ඇති. කම්මැලි නොවූ පැවැත්ම. “නරො” පුරුෂයා. සාමාන්‍ය පුරුෂයකුගේ බර ඉසිලීමට සමත් වූ පුරුෂ ලක්ෂණයේ, පුරුෂ වීර්යයෙන් යුතු.

එවං ථෙරො සත්‍ථාරා පසට‍්ඨො පසට‍්ඨභාවානුරූපං අත‍්තනො අධිවාසනඛන‍්තිවීරියාරම‍්භවිවෙකාභිරතිකිත‍්තනමුඛෙන භික‍්ඛූනං ධම‍්මං කථෙන‍්තො –

මෙසේ යසෝජ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් පසසන ලද ඒ ගුණ මහිම තමා තුළ වේ යැයි වීර්යාරම්භය, විවේකයේ ඇලීම ආදි ගුණ ප්‍රකට කිරීම් වශයෙන් භික්‍ෂූන්ට දහම් දෙසමින් මේ ගාථා දෙක වදාළහ.

“ඵුට‍්ඨො ඩංසෙහි මකසෙහි, අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ; නාගො සඞ‍්ගාමසීසෙව, සතො තත්‍රාධිවාසයෙ.

“ඵුට්ඨො ඩංසෙහි මකසෙහි, අරඤ්ඤස්මිං බ්‍රහාවනෙ, නාගො සංගාම සීසෙව, සතො තත්‍රාධිවාසයෙ”

“යථා බ්‍රහ‍්මා තථා එකො, යථා දෙවො තථා දුවෙ; යථා ගාමො තථා තයො, කොලාහලං තතුත‍්තරි”න‍්ති. –

“යථා බ්‍රහ්මා තථා එකො, යථා දෙවො තථා දුවෙ, යථා ගාමො තථා තයො, කොලාහලං තතුත්තරිං”

ඉමා ද‍්වෙ ගාථා අභාසි.

තත්‍ථ නාගො සඞ‍්ගාමසීසෙවාති යථා නාම ආජානෙය්‍යො හත්‍ථිනාගො යුද‍්ධමණ‍්ඩලෙ අසිසත‍්තිතොමරාදිප‍්පහාරෙ අධිවාසෙත්‍වා පරසෙනං විද‍්ධංසෙති, එවං භික‍්ඛු අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ අරඤ‍්ඤානියං ඩංසාදිපරිස‍්සයෙ සතො සම‍්පජානො අධිවාසෙය්‍ය, අධිවාසෙත්‍වා ච භාවනාබලෙන මාරබලං විධමෙය්‍ය.

එහි “නාගො සංගාමසීසෙවා” යම් සේ ආජානෙය්‍ය ඇත් රජු යුධ මැද දී කඩු, හී, තෝමරාදී පහර ඉවසමින් සතුරු සෙනඟ විධ්වංසනය කරන්නේ ද එසේම කැළයෙහි වෙසෙන භික්‍ෂුව ද ආරණ්‍යක වූ මැසිමදුරු ආදී උපද්‍රව සිහි ඇතිව ඉවසන්නේ ය. එසේ ඉවසමින් භාවනා බලයෙන් මාර බලය සුණුවිසුණු කරන්නේ ය.

යථා බ්‍රහ‍්මාති යථා බ්‍රහ‍්මා එකකො චිත‍්තප‍්පකොපරහිතො ඣානසුඛෙන නිච‍්චමෙව සුඛිතො විහරති තථා එකොති භික‍්ඛුපි එකො අදුතියො විවෙකසුඛමනුබ්‍රූහෙන‍්තො සුඛං විහරති. එකස‍්ස සාමඤ‍්ඤසුඛං පණීතන‍්ති හි වුත‍්තං. එතෙන එකවිහාරී භික‍්ඛු “බ්‍රහ‍්මසමො”ති ඔවාදං දෙති. යථා දෙවො තථා දුවෙති යථා දෙවානං අන‍්තරන‍්තරා චිත‍්තප‍්පකොපොපි සියා, තථා ද‍්වින‍්නං භික‍්ඛූනං සහවාසෙ ඝට‍්ටනාපි භවෙය්‍යාති සදුතියවාසෙන භික‍්ඛු “දෙවසමො”ති වුත‍්තො. යථා ගාමො තථා තයොති අස‍්මිමෙව පාඨෙ තිණ‍්ණං භික‍්ඛූනං සහවාසො ගාමවාසසදිසො විවෙකවාසො න හොතීති අධිප‍්පායො . කොලාහලං තතුත‍්තරින‍්ති තතො තයතො උපරි ච බහූනං සංවාසො කොලාහලං උච‍්චාසද‍්දමහාසද‍්දමහාජනසන‍්නිපාතසදිසො, තස‍්මා එකවිහාරිනා භවිතබ‍්බන‍්ති අධිප‍්පායොති.

“යථා බ්‍රහ්මා” බ්‍රහ්මයා හුදකලාව සිත් කෝපවීම් විරහිතව නිරන්තරව ධ්‍යාන සුවයෙන්ම සුවපත් ව වසන්නේ යම් සේද එසේම “එකො” භික්‍ෂුව ද තනිව, හුදකලාව විවේක සැපය විඳිමින් සැප විඳියි. හුදකලා වූ ශ්‍රමණයාගේ සැපය ඉතා උසස් යැයි කියන ලදි. මේ ප්‍රකාශයෙන් හුදකලාව වෙසෙන භික්‍ෂුව බ්‍රහ්මයකු වැනි යැයි අවවාද දෙයි. “යථා දෙවො තථා දුවෙ” දෙවියන් අතර සිත් කෝපවීම් ආදිය ඇතිවන්නාක් මෙන් භික්‍ෂූන් දෙදෙනෙකු සිටින විට, එක්ව විසීමේ දී ගැටුම් ද ඇති වේ. එනිසා දෙදෙනෙකු සමග විසීම දෙවියන් හා සමවූවකි. “යථා ගාමෙ තථා තයො” මෙය අප පාඨයකි. තිදෙනෙක් වූ භික්‍ෂුව එක්ව විසීම ගමක විසීම හා සමය. විවේක වාසයක් නොවේ යන අදහසයි. “කොලාහලං තතුත්තරිං” තිදෙනෙකුට වඩා වූ බොහෝ පිරිසක් සමග විසීමෙන්, කෝලාහලයක්, මහත් - උස් ශබ්ද ඇති මහාජන සන්නිපාතයක් හා සමාන කලබලයක් ඇති වේ. “එනිසා හුදකලා වාසය කිරීම අගනේය” යන අදහසයි.

යසොජත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

යසෝජ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.