සාටිමත‍්තියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා
සාටිමත‍්තියත්‍ථෙරගාථාවණ‍්ණනා
සාටිමත්තිය ස්ථවිරගාථා වර්ණනාව
අහු තුය්හං පුරෙ සද‍්ධාති ආයස‍්මතො සාටිමත‍්තියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො තාලවණ‍්ටං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සාටිමත‍්තියොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො හෙතුසම‍්පන‍්නතාය ආරඤ‍්ඤකභික‍්ඛූනං සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.38.43-47) –
“අහු තුය්හං පුරෙ සද්ධා” යනාදී ගාථා ආයුෂ්මත් සාටිමත්තිය තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේ දී පින් රැස් කරමින් අවුත් සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත් ඒ සිටු කුමරු දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් තල් අත්තක් (වටාපතක්) දුන්නේ ය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්-මිනිස් දෙගතියේ සැරි සැරූ හෛතම, මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට බමුණු කුලයක ඉපිද සාටිමත්තික නමින් ප්‍රකට විය. ඔහු තුරුණු වියට පැමිණ පූර්ව හේතු සම්පත් ඇති බැවින් ආරණ්‍යයක භික්‍ෂූන් සමීපයේ පැවිදි වී විදසුන් කමටහන වඩා ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“සිද‍්ධත්‍ථස‍්ස භගවතො, තාලවණ‍්ටමදාසහං; සුමනෙහි පටිච‍්ඡන‍්නං, ධාරයාමි මහාරහං.
“මම සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට රන් රුවනින් වසන ලද තල් වටක් දුන්නෙමි. එයින් මහත් යසස් දරමි.
“චතුන‍්නවුතිතො කප‍්පෙ, තාලවණ‍්ටමදාසහං; දුග‍්ගතිං නාභිජානාමි, තාලවණ‍්ටස‍්සිදං ඵලං.
මීට කල්ප අනූ හතරකට පෙර මම තල් අත්තක්, වටාපතක් පිදුවෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ඡළභිඤ‍්ඤො පන හුත්‍වා භික‍්ඛූ ඔවදති අනුසාසති බහූ ච සත‍්තෙ ධම‍්මං කථෙත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාපෙසි. අඤ‍්ඤතරඤ‍්ච කුලං අස‍්සද‍්ධං අප‍්පසන‍්නං සද‍්ධං පසන‍්නං අකාසි. තෙන තස‍්මිං කුලෙ මනුස‍්සා ථෙරෙ අභිප‍්පසන‍්නා අහෙසුං. තත්‍ථෙකා දාරිකා අභිරූපා දස‍්සනීයා ථෙරං පිණ‍්ඩාය පවිට‍්ඨං සක‍්කච‍්චං භොජනෙන පරිවිසති. අථෙකදිවසං මාරො “එවං ඉමස‍්ස අයසො වඩ‍්ඪිස‍්සති, අප‍්පතිට‍්ඨො භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා ථෙරස‍්ස රූපෙන ගන‍්ත්‍වා තං දාරිකං හත්‍ථෙ අග‍්ගහෙසි. දාරිකා “නායං මනුස‍්සසම‍්ඵස‍්සො”ති ච අඤ‍්ඤාසි, හත්‍ථඤ‍්ච මුඤ‍්චාපෙසි. තං දිස‍්වා ඝරජනො ථෙරෙ අප‍්පසාදං ජනෙසි. පුනදිවසෙ ථෙරො තං කාරණං අනාවජ‍්ජෙන‍්තො තං ඝරං අගමාසි. තත්‍ථ මනුස‍්සා අනාදරං අකංසු. ථෙරො තං කාරණං ආවජ‍්ජෙන‍්තො මාරස‍්ස කිරියං දිස‍්වා “තස‍්ස ගීවායං කුක‍්කුරකුණපං පටිමුඤ‍්චතූ”ති අධිට‍්ඨහිත්‍වා තස‍්ස මොචනත්‍ථං උපගතෙන මාරෙන අතීතදිවසෙ කතකිරියං කථාපෙත්‍වා තං තජ‍්ජෙත්‍වා විස‍්සජ‍්ජෙසි. තං දිස‍්වා ඝරසාමිකො “ඛමථ, භන‍්තෙ, අච‍්චය”න‍්ති ඛමාපෙත්‍වා “අජ‍්ජතග‍්ගෙ අහමෙව, භන‍්තෙ, තුම‍්හෙ උපට‍්ඨහාමී”ති ආහ. ථෙරො තස‍්ස ධම‍්මං කථෙන‍්තො –
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ භික්‍ෂූන්ට අවවාද දෙති. අනුශාසනා කරති. බොහෝ සත්ත්‍වයන්ට ධර්මය දෙසමින් සරණ සිල්හි පිහිටුවති. එක්තරා ශ්‍රද්ධාව නැති අප්‍රසාද වූ පවුලක් බුදුසමයෙහි විශේෂයෙන් පැහැදුණු බවට පත් කළහ. එනිසා එම පවුලට අයත් මිනිස්සු තෙරුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන්ම පැහැදුණහ. එම පවුලේ එක් රූමත් දැකුම්කළු දැරිවියක් පිඬුපිණිස වැඩම කළ තෙරුන්ට මැනවින් සකසා දානය පූජා කරන්නීය. දිනක් මාරයා “මෙසේ කිරීමෙන් මේ තෙරුන්ගේ අපකීර්තිය වැඩේ. සසුනේ පිහිටක් නොලැබේ” යැයි සිතා තෙරුන්ගේ රුව මවාගෙන ගොස් ඒ දැරියගේ අත අල්ලා ගත්තේය. දැරිය “මේ මනුෂ්‍ය ස්පර්ශයක් නොවේ” යැයි සිත දැනගත්තී අත මුදාගත්තීය. මෙය දුටු ඒ ගෙදර වැසියෝ තෙරුන් පිළිබඳව අප්‍රසාදයක් ඇතිකර ගත්හ. දෙවැනි දිනයේ සාටිමත්තිය තෙරුන් එම කාරණය සිහි නොකරම ඒ ගෙදරට පිඬුසිඟා වැඩි නමුත් ඒ ගෙදර මිනිස්සු අනාදර-අප්‍රසාද බවක් දැක්වූහ. එවිට තෙරණුවෝ ඊට හේතු විමසා බැලූහ. පෙරදින මාරයාගේ ක්‍රියාව දුටු තෙරණුවෝ ඔහුගේ බෙල්ලෙන්ම බලුකුණ ඉවත්කරමියි අධිෂ්ඨාන කොට, ඒ දුෂ්ට ක්‍රියාවෙන් තෙරුන් මුදවා ගැනීමට පැමිණි මාරයා ලවා පෙරදින සිදු වූ ඒ පුවත තත්වාකාරයෙන්ම ප්‍රකාශ කරවා, මාරයා බිය කරවා, තර්ජනය කර අත්හැරියහ. ඒ දුටු ගෙදර ප්‍රධානියා, “ස්වාමීනි! වරදට සමාවනු මැනවි” යි තෙරුන්ගෙන් සමාව ගෙන, “ස්වාමීනි! මම අද පටන් ඔබ වහන්සේට උපස්ථාන කරමි”යි පැවසීය. තෙරණුවෝ ඔහුට දහම් දෙසන සේක් මේ ගාථා තුන වදාළහ.
“අහු තුය්හං පුරෙ සද්ධා, සා තෙ අජ්ජ න විජ්ජති; යං තුය්හං තුය්හමෙවෙතං, නත්‍ථි දුච්චරිතං මම.
“අහුතුය්හං පුරෙ සද්ධා - සාතෙ අජ්ජ න විජ්ජති, යං තුය්හං තුය්හමෙවෙතං - නත්‍ථි දුච්චරිතං මම”
“අනිච‍්චා හි චලා සද්ධා, එවං දිට‍්ඨා හි සා මයා; රජ‍්ජන‍්තිපි විරජ‍්ජන‍්ති, තත්‍ථ කිං ජිය්‍යතෙ මුනි.
“අනිච්චා හි චලා සද්ධා - එවං දිට්ඨාහි සාමයා, රජ්ජන්ති පි විරජ්ජන්ති - තත්‍ථ කිං ජීය්‍යතෙ මුනි”
“පච‍්චති මුනිනො භත‍්තං, ථොකං ථොකං කුලෙ කුලෙ; පිණ්ඩිකාය චරිස්සාමි, අත්‍ථි ජඞ‍්ඝබලං මමා”ති. –
“පච්චති මුනිනො භත්තං - ථොකථොකං කුලෙ කුලෙ, පිණ්ඩිකාය චරිස්සාමි - අත්‍ථි ජංඝා බලං මම”
තිස‍්සො ගාථා අභාසි.
තත්‍ථ අහු තුය්හං පුරෙ සද්ධා, සා තෙ අජ්ජ න විජ‍්ජතීති, උපාසක, ඉතො පුබ‍්බෙ තව මයි “අය්‍යො ධම‍්මචාරී සමචාරී”තිආදිනා සද‍්ධා අහොසි, සා සද‍්ධා තෙ තව අජ‍්ජ ඉදානි න උපලබ‍්භති. තස‍්මා යං තුය‍්හං තුය‍්හමෙවෙතන‍්ති චතුපච‍්චයදානං, තුය‍්හමෙව එතං හොතු, න තෙන මය‍්හං අත්‍ථො, සම‍්මා පසන‍්නචිත‍්තෙන හි දානං නාම දාතබ‍්බන‍්ති අධිප‍්පායො. අථ වා යං තුය‍්හං තුය‍්හමෙවෙතන‍්ති යං තව මයි අජ‍්ජ අගාරවං පවත‍්තං, තං තුය‍්හමෙව, තස‍්ස ඵලං තයා එව පච‍්චනුභවිතබ‍්බං, න මයාති අත්‍ථො. නත්‍ථි දුච‍්චරිතං මමාති මම පන දුච‍්චරිතං නාම නත්‍ථි මග‍්ගෙනෙව දුච‍්චරිතහෙතූනං කිලෙසානං සමුච‍්ඡින‍්නත‍්තා.
එහි “අහු තුය්හං පුරෙ සද්ධා සා තෙ අජ්ජ න විජ්ජතී” උපාසකය, මීට පෙර නුඹ මා කෙරෙහි, “මෙ ආර්යයන් වහන්සේ ධර්මයෙහි හැසිරෙන්නෙකි. ධාර්මිකව හැසිරෙන්නෙකි”යි ආදී වශයෙන් ශ්‍රද්ධාවෙන් යුතු විය. ඒ ශ්‍රද්ධාව දැන්, අද නුඹ හට නැති විය. එනිසා මේ දෙය නුඹහටම වේවා. සිවුපස දීම හෝ නොදීම නුඹගේම කටයුත්තකි. ඉන් මා හට වන අර්ථයක් ලාභයක් නැත. යහපත් වූ පැහැදුණු සිතින්ම දන් දිය යුතුයි” යන අදහසයි. නැතහොත් “නුඹලා කරගත් දෙය නුඹලාටම ලැබේ. නුඹ අද මා කෙරෙහි අගෞරව දැක්වීද එය ද නුඹටම අයත් ය. එහි විපාක නුඹ විසින්ම අනුභව කළ යුතු වේ. ම විසින් නොවේ” යන අර්ථයයි. “නත්‍ථි දුච්චරිතං මම” යනු මගේ දුශ්චරිතයක් නම් නැත. ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන්ම දුශ්චරිතයට හේතු වූ කෙලෙස් දහම් මුලිනුපුටා හළ බැවිනි.
අනිච‍්චා හි චලා සද‍්ධාති යස‍්මා පොථුජ‍්ජනිකා සද‍්ධා අනිච‍්චා එකන‍්තිකා න හොති, තතො එව චලා අස‍්සපිට‍්ඨෙ ඨපිතකුම‍්භණ‍්ඩං විය, ථුසරාසිම‍්හි නිඛාතඛාණුකං විය ච අනවට‍්ඨිතා. එවං දිට‍්ඨා හි සා මයාති එවං භූතා ච සා සද‍්ධා මයා තයි දිට‍්ඨා පච‍්චක‍්ඛතො විදිතා. රජ‍්ජන‍්තිපි විරජ‍්ජන‍්තීති එවං තස‍්සා අනවට‍්ඨිතත‍්තා එව ඉමෙ සත‍්තා කදාචි කත්‍ථචි මිත‍්තසන්‍ථවවසෙන රජ‍්ජන‍්ති සිනෙහම‍්පි කරොන‍්ති, කදාචි විරජ‍්ජන‍්ති විරත‍්තචිත‍්තා හොන‍්ති. තත්‍ථ කිං ජිය්‍යතෙ මුනීති තස‍්මිං පුථුජ‍්ජනානං රජ‍්ජනෙ විරජ‍්ජනෙ ච මුනි පබ‍්බජිතො කිං ජිය්‍යති, කා තස‍්ස හානීති අත්‍ථො.
“අනිච්චාහි චලා සද්ධා” පුහුදුන් ශ්‍රද්ධාව, චල ශ්‍රද්ධාව අනිත්‍ය වූවකි. එය ස්ථිරව නොපිහිටයි. එනිසාම “චල” නම් වේ. අසුපිට තැබූ මැටි බඳුනක් මෙන් ද දහයියා ගොඩේ සිට වූ කණුවක් මෙන් ද අස්ථිරය. චංචලය. “එවං දිට්ඨාහි සා මයා” මෙසේ වූ ඒ ශ්‍රද්ධාව ම විසින් නුඹ කෙරෙහි ඇති බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැනගන්නා ලද්දේය. “රජ්ජන්ති පි විරජ්ජන්ති” මෙසේ වූ ඒ අස්ථිර භාවය නිසාම මේ සත්ත්‍වයෝ ඇතැම් දිනෙක, ඇතැම් තැනෙක මිත්‍ර පැවතුම් වශයෙන් ඇලෙති. සෙනෙහස දක්වති. ඇතැම් දිනෙක විරුද්ධ වෙති. නොඇලුණු සිත් ඇත්තෝ වෙති. “තත්‍ථ කිං ජීය්‍යතෙ මුනි” ඒ පුහුදුන් පුද්ගලයන්ගේ ඇලීමෙහිදීත් ගැටීමෙහිදීත් මුනිවරයාට, පැවිද්දාට පිරිහීමක් වේ ද? ඔහුට කුමන හානියක් සිදුවේද? හානියක්, පිරිහීමක් නොවේ යන අර්ථයයි.
“සචෙ මම පච‍්චයෙ න ගණ‍්හථ, කථං තුම‍්හෙ යාපෙථා”ති එවං මා චින‍්තයීති දස‍්සෙන‍්තො “පච‍්චතී”ති ගාථමාහ. තස‍්සත්‍ථො මුනිනො පබ‍්බජිතස‍්ස භත‍්තං නාම කුලෙ කුලෙ අනුඝරං දිවසෙ දිවසෙ ථොකං ථොකං පච‍්චතෙ, න ච තුය‍්හං එව ගෙහෙ. පිණ‍්ඩිකාය චරිස්සාමි, අත්‍ථි ජඞ‍්ඝබලං මමාති අත්‍ථි මෙ ජඞ‍්ඝබලං, නාහං ඔභග‍්ගජඞ‍්ඝො න ඛඤ‍්ජො න ච පාදරොගී, තස‍්මා පිණ‍්ඩිකාය මිස‍්සකභික‍්ඛාය චරිස‍්සාමි, “යථාපි භමරො පුප‍්ඵ”න‍්තිආදිනා (ධ· ප· 49; නෙත‍්ති· 123) සත්‍ථාරා වුත‍්තනයෙන පිණ‍්ඩාය චරිත්‍වා යාපෙස‍්සාමීති දස‍්සෙති.
“ඉදින් මාගේ සිවුපසය නොගන්නෙහි නම් නුඹ වහන්සේ කෙසේ නම් යැපෙන්නෙහිද?” යනුවෙන් නොසිතිය යුතු බව දක්වමින්, ඊට පිළිතුරු ලෙස “පච්චති” යන තෙවන ගාථාව වදාළහ. එහි අර්ථ මෙසේ ය. “පැවිදි වූ මුනිවරයාට ආහාර ගෙයක් ගෙයක් පාසා දිනපතාම ටික ටික පැසෙයි. නුඹේ ගෙයිම පමණක් එසේ පැසෙන්නේ නොවේ. “පිණ්ඩිකාය චරිස්සාමි අත්‍ථි ජංඝාබලං මම” මාගේ ජංඝා (කෙණ්ඩ) ඉතා ශක්තිමත් ය. බිඳුණු කුදු වූ හෝ රෝග සහිත පා මට නැත. එනිසා පිඬු පිණිස, මිශ්‍රාහාර පිණිස හැසිරෙන්නෙමි. “බඹරා මල්වලින් රොන් ගන්නාක් මෙන්” ආදී වශයෙන් ශාස්තෲන් වහන්සේ වදාළ ආකාරයෙන් ගමෙහි හැසිර යැපෙන්නෙමි”යි දක්වයි.
සාටිමත‍්තියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
සාටිමත්තිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.