යෙදුමෙන් කියවන්න

උපාලිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උපාලිත්‍ථෙරගාථාවණ‍්ණනා

උපාලි ස්ථවිරගාථා වර්ණනාව

සද‍්ධාය අභිනික‍්ඛම‍්මාති ආයස‍්මතො උපාලිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලඝරෙ නිබ‍්බත‍්තො එකදිවසං සත්‍ථු ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං විනයධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කප‍්පකගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, උපාලීතිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො අනුරුද‍්ධාදීනං ඡන‍්නං ඛත‍්තියානං පසාදකො හුත්‍වා තථාගතෙ අනුපියම‍්බවනෙ විහරන‍්තෙ පබ‍්බජනත්‍ථාය නික‍්ඛමන‍්තෙහි ඡහි ඛත‍්තියෙහි සද‍්ධිං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තස‍්ස පබ‍්බජ‍්ජාවිධානං පාළියං ආගතමෙව (චූළව· 330).

“සද්ධාය අභිනික්ඛම්ම” ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී නුවර සිටුගෙයක ඉපිද, දිනක් ශාස්තෲන් වහන්සේගේ දැහැමි කථාව අසමින් සිටිය දී එක් භික්‍ෂුවක් විනයධාරීන් අතරින් අග තනතුරෙහි තබනු දැක, එම තනතුර කැමතිව ප්‍රාර්ථනා කළ සේක. දිවි ඇති තාක් පින් දහම් කළ හෙතෙම දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී කරණවෑමි කුලයේ ඉපිද උපාලි නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු අනුරුද්ධ ආදී ක්‍ෂත්‍රීය කුමාරවරු සදෙනාට ඉතා ප්‍රියමනාපව සිටියේය. අප තථාගතයන් වහන්සේ අනුපිය අඹවනයේ වෙසෙන කල්හි පැවිදිවීම පිණිස නික්මුණු ඒ ක්‍ෂත්‍රීය කුමරු සදෙනා සමග නික්මී පැවිදි විය. ඔහුගේ පැවිදිවීම පිළිබඳ තොරතුරු ත්‍රිපිටක පෙළෙහි ඇත.

සො පබ‍්බජිත්‍වා උපසම‍්පන‍්නො සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා “මය‍්හං, භන‍්තෙ, අරඤ‍්ඤවාසං අනුජානාථා”ති ආහ. භික‍්ඛු තව අරඤ‍්ඤෙ වසන‍්තස‍්ස එකමෙව ධුරං වඩ‍්ඪිස‍්සති, අම‍්හාකං පන සන‍්තිකෙ වසන‍්තස‍්ස ගන්‍ථධුරඤ‍්ච විපස‍්සනාධුරඤ‍්ච පරිපූරෙස‍්සතීති. ථෙරො සත්‍ථු වචනං සම‍්පටිච‍්ඡිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.1.441-595) –

පැවිදි වූ උපාලි හිමියෝ උපසම්පදාව ලබා භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ගෙන, “ස්වාමීනි, මා හට ආරණ්‍යවාසය අනුදත්තා සේක්වා”යි ඉල්වූහ. “මහණ! නුඹට අරණ්‍ය වාසයෙන් එකම ධුරයක් වර්ධනය වේ. අපගේ සමීපයේ විසීමෙන් නුඹට විපස්සනා ධුරයත්, ග්‍රන්ථ ධුරයත් යන දෙකම සම්පූර්ණ වන්නෙහිය” යනුවෙන් වදාළ ශාස්තෲන් වහන්සේගේ වදන් පිළිගත් උපාලි තෙරණුවෝ විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් බවට පත්වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“නගරෙ හංසවතියා, සුජාතො නාම බ්‍රාහ‍්මණො; අසීතිකොටිනිචයො, පහූතධනධඤ‍්ඤවා.

“හංසවතී නුවර රැස් කරගත් අසූ කෙළක් ධනය ඇති, සමෘද්ධිමත් ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ, මන්ත්‍ර දරන්නා වූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය, ලක්‍ෂණ ශාස්ත්‍රයේ ද ඉතිහාසයෙහි ද බමුණු ධර්මයේ ද පරතෙරට ගිය සුජාත නම් බමුණෙක් වීමි.

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; ලක‍්ඛණෙ ඉතිහාසෙ ච, සධම‍්මෙ පාරමිං ගතො.

“පරිබ‍්බාජා එකසිඛා, ගොතමා බුද‍්ධසාවකා; චරකා තාපසා චෙව, චරන‍්ති මහියා තදා.

එකල එක් සිළුවක් ඇති ඒකසිඛයෝ ද පිරිවැජියෝ ද ගෝතමසෘෂිහුගේ ශ්‍රාවකයෝ ද චරකයෝ ද තවුසෝ ද පොළොවෙහි හැසිරෙති.

“තෙපි මං පරිවාරෙන‍්ති, බ්‍රාහ‍්මණො විස‍්සුතො ඉති; බහුජ‍්ජනො මං පූජෙති, නාහං පූජෙමි කිඤ‍්චනං.

ඔවුහු ද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකැයි මා පිරිවරති. බොහෝ දෙන මට පුදති. මම කිසිවෙකු නො පුදමි.

“පූජාරහං න පස‍්සාමි, මානත්‍ථද‍්ධො අහං තදා; බුද‍්ධොති වචනං නත්‍ථි, තාව නුප‍්පජ‍්ජතෙ ජිනො.

තථාගතයන් ලොව පහළ නොවනතාක්ම “බුද්ධ” යන වචනය පවා ලෝකයේ නැත. එකල මම මානයෙන් තදවූයෙම් පිදිය යුත්තෙකු නොදුටුවෙමි.”

“අච‍්චයෙන අහොරත‍්තං, පදුමුත‍්තරනාමකො; සබ‍්බං තමං විනොදෙත්‍වා, ලොකෙ උප‍්පජ‍්ජි චක‍්ඛුමා.

“බොහෝ දිවා රාත්‍රී පසුවීමෙන් පසැස් ඇති පදුමුත්තර නම් වූ ලෝකනායකයන් වහන්සේ ලොව පහළ වූහ.

“විත්‍ථාරිකෙ බාහුජඤ‍්ඤෙ, පුථුභූතෙ ච සාසනෙ; උපාගමි තදා බුද‍්ධො, නගරං හංසසව‍්හයං.

ලොව සියලු අඳුරු දුරුකොට, බුදුසසුන පැතිරුණු කල්හි මැනවැයි සම්මතව අභිවෘද්ධියට පැමිණි කල්හි බුදුපියාණන් වහන්සේ හංසවතී නුවරට වැඩම කළහ.

“පිතු අත්‍ථාය සො බුද‍්ධො, ධම‍්මං දෙසෙසි චක‍්ඛුමා; තෙන කාලෙන පරිසා, සමන‍්තා යොජනං තදා.

පසැස් ඇති බුදුපියාණන් වහන්සේ පියාණන්ට වැඩ පිණිස දහම් දෙසූහ. එකල්හි පිරිසද හාත්පස යොදුනක් පමණ තැන්හි පැතිරුණේය.”

“සම‍්මතො මනුජානං සො, සුනන්‍දො නාම තාපසො; යාවතා බුද‍්ධපරිසා, පුප‍්ඵෙහච‍්ඡාදයී තදා.

“මිනිසුන් අතර සුනන්ද නමින් ප්‍රකට තවුස්තෙම බුදුපිරිස වැසෙන සේ මල් වලින් පූජා කළේය.

“චතුසච‍්චං පකාසෙන‍්තෙ, සෙට‍්ඨෙ ච පුප‍්ඵමණ‍්ඩපෙ; කොටිසතසහස‍්සානං, ධම‍්මාභිසමයො අහු.

මල් මඩුවෙහි (පූජ්‍ය මණ්ඩපයෙහි) හිඳිමින් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කළ කල්හි කෙළ ලක්ෂයක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය ලැබුණි.

“සත‍්තරත‍්තින්‍දිවං බුද‍්ධො, වස‍්සෙත්‍වා ධම‍්මවුට‍්ඨියො; අට‍්ඨමෙ දිවසෙ පත‍්තෙ, සුනන්‍දං කිත‍්තයී ජිනො.

පස්මරුන් දිනූ බුදුරජාණෝ සතියක්ම දහම් වැසි වස්වා අටවන දින සුනන්දට මෙසේ වදාළහ.

“දෙවලොකෙ මනුස‍්සෙ වා, සංසරන‍්තො අයං භවෙ; සබ‍්බෙසං පවරො හුත්‍වා, භවෙසු සංසරිස‍්සති.

“මෙතෙම සසරෙහි දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරන්නේ ය. භවයන්හි සියල්ලන්ටම උතුම්ව හැසිරෙන්නේ ය.

“කප‍්පසතසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයේ උපදින ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲහු ලොව පහළවෙති.

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; මන‍්තාණිපුත‍්තො පුණ‍්ණොති, හෙස‍්සති සත්‍ථු සාවකො.

ඒ උතුම් ගෞතම බුදුසසුනේ ධර්මයට දායාද වූ බුදුරදුන්ගේ ඖරස පුත්‍ර වූ ධර්මයෙන්ම මවන ලද වැනි වූ පුණ්ණමන්තානි පුත්ත නම් බුද්ධ ශ්‍රාවකයා වන්නේ ය.”

“එවං කිත‍්තයි සම‍්බුද‍්ධො, සුනන්‍දං තාපසං තදා; හාසයන‍්තො ජනං සබ‍්බං, දස‍්සයන‍්තො සකං බලං.

එකල සම්බුදුරජාණෝ සියලු දෙනා සතුටු කරමින් තම බලය ද දක්වමින් සුනන්ද තවුසාට පැවසූ මෙ වදන් ඇසූ ජනයෝ ඇඳිලි බැඳගෙන, “බුදුරජාණන් කෙරෙහි පින්කම් කොට තම ගතිය පිරිසිදු කළේය” යි සුනන්ද තවුසාට නමස්කාර කළහ.”

“කතඤ‍්ජලී නමස‍්සන‍්ති, සුනන්‍දං තාපසං ජනා; බුද‍්ධෙ කාරං කරිත්‍වාන, සොධෙසි ගතිමත‍්තනො.

“තත්‍ථ මෙ අහු සඞ‍්කප‍්පො, සුත්‍වාන මුනිනො වචං; අහම‍්පි කාරං කස‍්සාමි, යථා පස‍්සාමි ගොතමං.

“බුදුපියාණන් වහන්සේගේ වදන් ඇසූ මට ද මෙසේ සිතුණි.” යම් පින්කමක් කිරීමෙන් ගෞතම බුදුහු දැකිය හැකිවේ ද මම ද එබඳු පින්කමක් කරමි” යැයි සිතූ මම “ඒ සඳහා කළ යුතු පින්කම කුමක්ද?”යි සෙවූවෙමි. ඉතා උතුම් වූ පින්කෙතක් වූ තුණුරුවනට මම කවර පූජාවක් කරම් ද?”යි සිතුවෙමි.

“එවාහං චින‍්තයිත්‍වාන, කිරියං චින‍්තයිං මම; ක්‍යාහං කම‍්මං ආචරාමි, පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ.

“අයඤ‍්ච පාඨිකො භික‍්ඛු, සබ‍්බපාඨිස‍්ස සාසනෙ; විනයෙ අග‍්ගනික‍්ඛිත‍්තො, තං ඨානං පත්‍ථයෙ අහං.

“පදුමුත්තර බුදුරජාණෝ පාඨික නම් භික්‍ෂුව බුදුසසුනේ සියලු මධුස්වර පාඨකයක් අතුරින් ද විනයෙහි ද අග්‍රස්ථානයෙහි තැබූහ. මම ඒ තනතුර පැතීමි.

“ඉදං මෙ අමිතං භොගං, අක‍්ඛොභං සාගරූපමං; තෙන භොගෙන බුද‍්ධස‍්ස, ආරාමං මාපයෙ අහං.

මාගේ මේ අපමණ සම්පත් සයුර මෙන් නොකැළඹිය හැකිය. ඒ මාගේ ධනයෙන් බුදුරදුනට ආරාමයක් කරවීමි.

“සොභනං නාම ආරාමං, නගරස‍්ස පුරත්‍ථතො; කිණිත්‍වා සතසහස‍්සෙන, සඞ‍්ඝාරාමං අමාපයිං.

නගරයට නැගෙනහිරින් වූ සෝභන නම් උයන ලක්ෂයකට මිලදී ගෙන එහි සංඝාරාමයක් කරවීමි.

“කූටාගාරෙ ච පාසාදෙ, මණ‍්ඩපෙ හම‍්මියෙ ගුහා; චඞ‍්කමෙ සුකතෙ කත්‍වා, සඞ‍්ඝාරාමං අමාපයිං.

එහි කුළු ගෙවල් ද ප්‍රාසාද ද මණ්ඩප ද සඳලු සහිත ගෙවල් ද දොර නොලූ ගුහාවන් ද සක්මන් මළු ද මනාව සැකසූවෙමි.

“ජන‍්තාඝරං අග‍්ගිසාලං, අථො උදකමාළකං; න‍්හානඝරං මාපයිත්‍වා, භික‍්ඛුසඞ‍්ඝස‍්සදාසහං.

ජන්තාඝරය ද ගිනිගෙය ද පැන් කල තබන ගෙය ද නහන ගෙය ද කරවා සංඝයාට පිදුවෙමි.

“ආසන්‍දියො පීඨකෙ ච, පරිභොගෙ ච භාජනෙ; ආරාමිකඤ‍්ච භෙසජ‍්ජං, සබ‍්බමෙතං අදාසහං.

දික්සඟලා පුටු ද කුඩා පුටු ද පරිභෝග භාජන ද ආරාමිකයන්ට දෙන බෙහෙත් ද යන සියල්ල දුන්නෙමි.

“ආරක‍්ඛං පට‍්ඨපෙත්‍වාන, පාකාරං කාරයිං දළ‍්හං; මා නං කොචි විහෙඨෙසි, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්සුන් සිත් ඇති, අකම්ප්‍ය වූ ගුණ ඇති උතුමන්ගේ ගුණයන්ට කිසිවෙකු පීඩා නොකෙරෙත්වා යි ආරක්ෂාව දැඩිකොට තබා පවුරක් කරවීමි.

“සතසහස‍්සෙනාවාසං, සඞ‍්ඝාරාමෙ අමාපයිං; වෙපුල‍්ලං තං මාපයිත්‍වා, සම‍්බුද‍්ධං උපනාමයිං.

ලක්‍ෂයක් ධන වියදමින් ඒ සංඝාරාමයේ කරවූ ආවාසය ඉතා උසස් බවට පමුණුවා බුදුරදුන්ට පිදුවෙමි.”

“නිට‍්ඨාපිතො මයාරාමො, සම‍්පටිච‍්ඡ තුවං මුනි; නිය්‍යාදෙස‍්සාමි තං වීර, අධිවාසෙහි චක‍්ඛුම.

“මවිසින් ආරාම සාදා නිමවන ලදි. තථාගතයන් වහන්ස! ඔබවහන්සේ මෙය පිළිගත මැනවි. වීරයන් වහන්ස, මෙය ඔබවහන්සේට දෙන්නෙමි. පසැස් ඇති උතුමාණෙනි, මෙය පිළිගත මැනව.”යි යන මාගේ අදහස දත්; පූජාසත්කාර පිළිගැනීමට සුදුසු වූ ලෝකනායක වූ පදුමුත්තර බුදුපියාණෝ ඒ අරම ඉවසූ සේක.

“පදුමුත‍්තරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, අධිවාසෙසි නායකො.

“අධිවාසනමඤ‍්ඤාය, සබ‍්බඤ‍්ඤුස‍්ස මහෙසිනො; භොජනං පටියාදෙත්‍වා, කාලමාරොචයිං අහං.

මහර්ෂීන් වහන්සේ එය පිළිගත් බව දුටු මම භෝජනය පිළියෙල කර, කාලය ආරෝචනය කළෙමි.

“ආරොචිතම‍්හි කාලම‍්හි, පදුමුත‍්තරනායකො; ඛීණාසවසහස‍්සෙහි, ආරාමං මෙ උපාගමි.

කල් දැන්වූ විට පදුමුත්තර බුදුහු දහසක් රහතුන් පිරිවරා මාගේ ආරාමයට වැඩම කළහ.

“නිසින‍්නං කාලමඤ‍්ඤාය, අන‍්නපානෙන තප‍්පයිං; භුත‍්තාවිං කාලමඤ‍්ඤාය, ඉදං වචනමබ්‍රවිං.

සුදුසු කාලය දැන වැඩ හුන්නා වූ උන්වහන්සේ ආහාර පානයෙන් තෘප්තිමත් කළෙමි. වළඳා අවසන් වූ උන්වහන්සේට සුදුසු අවස්ථාව බලා මෙසේ පැවසූවෙමි.

“කීතො සතසහස‍්සෙන, තත‍්තකෙනෙව කාරිතො; සොභනො නාම ආරාමො, සම‍්පටිච‍්ඡ තුවං මුනි.

“සෝභන උයන ලක්‍ෂයක් මිල ගෙවා මිලදී ගත්තෙමි. එපමණම මුදලකින් සෙසු කටයුතු සිදු කළෙමි. බුදුරජාණන් වහන්සේ එය පිළිගත් සේක.

“ඉමිනාරාමදානෙන , චෙතනාපණිධීහි ච; භවෙ නිබ‍්බත‍්තමානොහං, ලභාමි මම පත්‍ථිතං.

මේ ආරාම පූජාවෙන් ද චිත්ත ප්‍රණිධියෙන් ද භවයේ උපදින මාහට පැතූ සියල්ල ලැබේවා”

“පටිග‍්ගහෙත්‍වා සම‍්බුද‍්ධො, සඞ‍්ඝාරාමං සුමාපිතං; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, ඉදං වචනමබ්‍රවි.

මනාව නිමවූ ඒ සංඝාරාමය පිළිගත් බුදුපියාණන් වහන්සේ බික් සඟන මැද හිඳ ඒ ආරාම පූජාවෙහි අනුසස් මෙසේ දැක්වූ සේක.

“යො සො බුද‍්ධස‍්ස පාදාසි, සඞ‍්ඝාරාමං සුමාපිතං; තමහං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

“යමෙක් මේ සංඝාරාමය මනාව කරවා බුදුරජාණන් වහන්සේට පූජා කළේ ද, ඒ ආරාම පූජා ආනිසංස දක්වන මාගේ වචන මනාව අසවු. ඔහු පිළිබඳ පවසන මේ වදන් සැම දෙන අසවු.”

“හත්‍ථී අස‍්සා රථා පත‍්තී, සෙනා ච චතුරඞ‍්ගිනී; පරිවාරෙස‍්සන‍්තිමං නිච‍්චං, සඞ‍්ඝාරාමස‍්සිදං ඵලං.

“ඇත්-අස්-රිය-පාබළ සේනා නිරන්තරව මොහු පිරිවරා සිටියි. මෙය සංඝාරාම පූජාවේ ආනිසංසයි.

“සට‍්ඨි තූරසහස‍්සානි, භෙරියො සමලඞ‍්කතා; පරිවාරෙස‍්සන‍්තිමං නිච‍්චං, සඞ‍්ඝාරාමස‍්සිදං ඵලං.

සැට දහසක් තූර්ය නාදයෝ ද මනාව සැරසූ බෙරවයන්නෝ ද නිතර මොහු පිරිවරා සිටිති.

“ඡළසීතිසහස‍්සානි, නාරියො සමලඞ‍්කතා; විචිත‍්තවත්‍ථාභරණා, ආමුත‍්තමණිකුණ‍්ඩලා.

මනාව විසිතුරු ආභරණයන්ගෙන් සැරසීගත්, එල්වූ මිණිකොඬොල් ඇති මහත් වූ දිගු ඇස් ඇති, සතුට උපදන ලීලා විලාස ඇති, මනාවූ ශරීරාවයව ඇති, සිහින් ඉඟ ඇති, සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරුව මොහු පිරිවරා සිටිති. සංඝාරාම පූජාවේ විපාක මෙබඳුය.

“අළාරපම‍්හා හසුලා, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; පරිවාරෙස‍්සන‍්තිමං නිච‍්චං, සඞ‍්ඝාරාමස‍්සිදං ඵලං.

“තිංසකප‍්පසහස‍්සානි, දෙවලොකෙ රමිස‍්සති; සහස‍්සක‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජං කරිස‍්සති.

කල්ප තිස් දහසක් මුලුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. ශක්‍රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කරවන්න්ය.

“දෙවරාජෙන පත‍්තබ‍්බං, සබ‍්බං පටිලභිස‍්සති; අනූනභොගො හුත්‍වාන, දෙවරජ‍්ජං කරිස‍්සති.

දෙව්රජව සියලු සැප සම්පත් ලබා දිව්‍ය රාජ්‍යය කරවන්නේ ය.

“සහස‍්සක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී, රාජා රට‍්ඨෙ භවිස‍්සති. පථබ්‍යා රජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං.

සක්විති රජව දහස් වරක් උපදින්නේ ය. මොහු පෘථිවි රාජ්‍ය සම්පත් පමණ කළ නොහැක.

“කප‍්පසතසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාල කුලයේ ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; උපාලි නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

උන්වහන්සේගේ ඖරස පුත්‍ර වූ ධර්මයෙහි හිමිකම් ඇති, ධර්මයෙන් නිර්මිත වූ උපාලි නම් බුද්ධ ශ්‍රාවකයා වන්නේ ය.

“විනයෙ පාරමිං පත්‍වා, ඨානාඨානෙ ච කොවිදො; ජිනසාසනං ධාරෙන‍්තො, විහරිස‍්සතිනාසවො.

විනයෙහි කෙළ පැමිණ කටයුතු-නොකටයුතු මනාව දන්නා වූ හෙතෙම ත්‍රිපිටක ධර්මය දරමින් අනාශ්‍රවව වෙසෙන්නේ ය.

“සබ‍්බමෙතං අභිඤ‍්ඤාය, ගොතමො සක්‍යපුඞ‍්ගවො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, එතදග‍්ගෙ ඨපෙස‍්සති.

ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණෝ සියල්ල දැන මෙතෙම සඟ මැද හිඳ අග්‍රස්ථානයෙහි තබන්නාහ.”

“අපරිමෙය්‍යුපාදාය, පත්‍ථෙමි තව සාසනං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සබ‍්බසංයොජනක‍්ඛයො.

“අපමණ කලක සිට ඔබගේ සසුනෙහි විනයධාරීන් අතර අග තනතුර පැතුවෙමි. සියලු සංයෝජන ක්‍ෂය කිරීම නම් වූ ඒ අර්ථය මාවිසින් ලබන ලදි.

“යථා සූලාවුතො පොසො, රාජදණ‍්ඩෙන තජ‍්ජිතො; සූලෙ සාතං අවින්‍දන‍්තො, පරිමුත‍්තිංව ඉච‍්ඡති.

රාජ දණ්ඩනයෙන් තැති ගත් පුරුෂයා හුලෙහි හිඳුවා සැපයක් නොවිඳින්නේ ඉන් මිදීම කැමති වන්නාක් මෙන් මහාවීරයන් වහන්ස! මම ද භව දණ්ඩනයෙන් තැතිගෙන කර්මය නම් හුලෙහි ඇමිණි තෘෂ්ණාවෙන් මඬනා ලද්දෙමි.

“තථෙවාහං මහාවීර, භවදණ‍්ඩෙන තජ‍්ජිතො; කම‍්මසූලාවුතො සන‍්තො, පිපාසාවෙදනට‍්ටිතො.

“භවෙ සාතං න වින්‍දාමි, ඩය‍්හන‍්තො තීහි අග‍්ගිභි; පරිමුත‍්තිං ගවෙසාමි, යථාපි රාජදණ‍්ඩිතො.

රාගාදී ත්‍රිවිධ ගින්නෙන් දැවෙමින් භවයේ සැපතක් නොවින්දෙමි. රජ දඬුවමින් තැතිගත්තකු මෙන් මිදීම සොයමි.

“යථා විසාදො පුරිසො, විසෙන පරිපීළිතො; අගදං සො ගවෙසෙය්‍ය, විසඝාතායුපාලනං.

සර්පයකු විසින් දෂ්ට කළ පුරුෂයෙක් ඉන් පෙළෙමින් විෂ නසන ආයුෂ රකින බෙහෙතක් සොයන්නේ, ඒ බෙහෙත ලැබ ඉන් මිදීම පිණිස බෙහෙත බී සුවපත් වන්නාක් මෙන් මහාවීරයන් වහන්ස! මම ද විෂයෙන් නැසීම මෙන් අවිද්‍යාවෙන් පෙළුණෙමි.

“ගවෙසමානො පස‍්සෙය්‍ය, අගදං විසඝාතකං; තං පිවිත්‍වා සුඛී අස‍්ස, විසම‍්හා පරිමුත‍්තියා.

“තථෙවාහං මහාවීර, යථා විසහතො නරො; සම‍්පීළිතො අවිජ‍්ජාය, සද‍්ධම‍්මාගදමෙසහං.

“ධම‍්මාගදං ගවෙසන‍්තො, අද‍්දක‍්ඛිං සක්‍යසාසනං; අග‍්ගං සබ‍්බොසධානං තං, සබ‍්බසල‍්ලවිනොදනං.

සදහම් බෙහෙත සෙවූවෙමි. සියලු ඖෂධයන්ට අග්‍ර වූ සියලු හුල් දුරු කරන ඒ බුද්ධ ශාසන නම් සදහම් ඔසුව දුටුවෙමි.

“ධම‍්මොසධං පිවිත්‍වාන, විසං සබ‍්බං සමූහනිං; අජරාමරං සීතිභාවං, නිබ‍්බානං ඵස‍්සයිං අහං.

ඒ සදහම් ඔසුව බිවු මම සියලු අවිද්‍යා විෂ නැසුවෙමි. අජරාමර වූ සිසිල් වූ නිවණ ප්‍රත්‍යක්‍ෂ කළෙමි.”

“යථා භූතට‍්ටිතො පොසො, භූතග‍්ගාහෙන පීළිතො; භූතවෙජ‍්ජං ගවෙසෙය්‍ය, භූතස‍්මා පරිමුත‍්තියා.

“භූතයෙකු විසින් පෙලූ මිනිසෙක් භූත ග්‍රහණයෙන් පීඩිත වූයේ භූතයාගෙන් මිදීම පිණිස භූත වෛද්‍යවරයකු සොයයි.

“ගවෙසමානො පස‍්සෙය්‍ය, භූතවිජ‍්ජාසු කොවිදං; තස‍්ස සො විහනෙ භූතං, සමූලඤ‍්ච විනාසයෙ.

සෙවූ ඔහුට භූත විද්‍යාවෙහි දක්‍ෂ වෛද්‍යවරයකු හමු වේ. ඒ වෙදතුමා ඔහුගේ භූතයා නසන්නේය. සහමුලින්ම වනසන්නේය.

“තථෙවාහං මහාවීර, තමග‍්ගාහෙන පීළිතො; ඤාණාලොකං ගවෙසාමි, තමතො පරිමුත‍්තියා.

එලෙසින් මම ද මහාවීරයන් වහන්ස, ක්ලේශාන්ධකාරයෙන් පෙළුනෙම් අඳුරින් මිදීමට ඤාණාලෝකය සොයමි.

“අථද‍්දසං සක්‍යමුනිං, කිලෙසතමසොධනං; සො මෙ තමං විනොදෙසි, භූතවෙජ‍්ජොව භූතකං.

ඉක්බිති කෙලෙස් අඳුර දුරලන්නා වූ ශාක්‍ය මුනීන් වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ භූත වෛද්‍යවරයා භූතයා දුරුකළාක් මෙන් මාගේ කෙලෙස් අඳුර දුරු කළ සේක.

“සංසාරසොතං සඤ‍්ඡින්‍දිං, තණ‍්හාසොතං නිවාරයිං; භවං උග‍්ඝාටයිං සබ‍්බං, භූතවෙජ‍්ජොව මූලතො.

භූත වෛද්‍යවරයා බඳු බුද්ධ ඉගැන්වීම් අනුගමනයෙන් මම සසර සැඬ පහර සින්දෙමි. තණ්හා සැඬ පහර වැළැක්වූයෙමි. සියලු භව මුලිනුපුටා දැමීමි.”

“ගරුළො යථා ඔපතති, පන‍්නගං භක‍්ඛමත‍්තනො; සමන‍්තා යොජනසතං, වික‍්ඛොභෙති මහාසරං.

“ගුරුළා තම ගොදුර වූ නාගයා වෙත වේගයෙන් බසී ද මහසමුදුර හාත්පස යොදුන් සීයක් පමණ තැන් කළඹා ද නාගයා ගෙන හිස යටිකුරු කර පෙළන්නේ රිසි තැනකට ගෙන යයි.

“පන‍්නගං සො ගහෙත්‍වාන, අධොසීසං විහෙඨයං; ආදාය සො පක‍්කමති, යෙනකාමං විහඞ‍්ගමො.

“තථෙවාහං මහාවීර, යථාපි ගරුළො බලී; අසඞ‍්ඛතං ගවෙසන‍්තො, දොසෙ වික‍්ඛාලයිං අහං.

මහාවීරයන් වහන්ස, එසේම මම ගුරුළා බිලි සොයන්නාක් මෙන් අසංඛත නම් වූ නිවණ සොයන්නෙම් කෙලෙස් දෝෂ සමුච්ඡේද වශයෙන් සෝදා හැරියෙමි.

“දිට‍්ඨො අහං ධම‍්මවරං, සන‍්තිපදමනුත‍්තරං; ආදාය විහරාමෙතං, ගරුළො පන‍්නගං යථා.

නිරන්තර ශාන්තපදය වූ උතුම් නිර්වාණ ධර්මය දක්නා ලද මම ගුරුළා නාගයා ගත්තාක් මෙන් ධර්මය ගෙන වෙසෙමි.”

“ආසාවතී නාම ලතා, ජාතා චිත‍්තලතාවනෙ; තස‍්සා වස‍්සසහස‍්සෙන, එකං නිබ‍්බත‍්තතෙ ඵලං.

“චිත්‍ර ලතා වනයෙහි හටගත් ආසාවතී නම් වැලක් ඇත. ඒ වැලේ අවුරුදු දහසකින් එක් මලක් පිපෙයි.

“තං දෙවා පයිරුපාසන‍්ති, තාවදූරඵලෙ සති; දෙවානං සා පියා එවං, ආසාවතී ලතුත‍්තමා.

එතෙක් දිගු කලක් ගොස් මල ඇති වූ කල්හි ඒ වැල දෙවියෝ ඇසුරු කරති. ඒ ආසාවතී නම් උතුම් වැල මෙසේ දෙවියන්ට ප්‍රිය වෙයි.

“සතසහස‍්සුපාදාය, තාහං පරිචරෙ මුනි; සායං පාතං නමස‍්සාමි, දෙවා ආසාවතිං යථා.

කල්ප ලක්ෂයක පටන් මම ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. උදේ හවස නමදිමි. දෙවියන් ආසාවතී වැල ඇසුරු කරන්නාක් මෙනි.

“අවඤ‍්ඣා පාරිචරියා, අමොඝා ච නමස‍්සනා; දූරාගතම‍්පි මං සන‍්තං, ඛණොයං න විරාධයි.

බුදුරදුන්ට උපස්ථාන කිරීම වඳ නොවන්නකි. නමස්කාර කිරීම සිස් නොවූවකි. සසර බොහෝ දුර සිට ආවා වූ මට ඇති වූ මේ බුද්ධෝත්පාද ක්‍ෂණය මා ඉක්මවා නො ගියේය.

“පටිසන්‍ධිං න පස‍්සාමි, විචිනන‍්තො භවෙ අහං; නිරූපධි විප‍්පමුත‍්තො, උපසන‍්තො චරාමහං.

පරීක්‍ෂාකර බැලූ මම භවයෙහි මතු ප්‍රතිසන්‍ධියක් නො දකිමි. මම ඛන්‍ධ - කෙලෙස් උපධි විරහිත වූයෙම් කෙලෙසුන්ගෙන් මිදුනෙම් සන්සිඳුනෙම් හැසිරෙමි.”

“යථාපි පදුමං නාම, සූරියරංසෙන පුප‍්ඵති; තථෙවාහං මහාවීර, බුද‍්ධරංසෙන පුප‍්ඵිතො.

“පියුම් හිරු රැසින් පිපෙන්නාක් මෙන් මහාවීරයන් වහන්ස, මම ද බුදු රැසින් පිපුනෙම් වෙමි.

“යථා බලාකයොනිම‍්හි, න විජ‍්ජති පුමො සදා; මෙඝෙසු ගජ‍්ජමානෙසු, ගබ‍්භං ගණ‍්හන‍්ති තා සදා.

කොක් ජාතියෙහි හැම කල්හි පිරිමි සත්තු විද්‍යමාන නොවෙති. ඒ කෙකණියෝ හැමදා මේඝ ගර්ජනා කරන කල්හි ගැබ් ගනිති.

“චිරම‍්පි ගබ‍්භං ධාරෙන‍්ති, යාව මෙඝො න ගජ‍්ජති; භාරතො පරිමුච‍්චන‍්ති, යදා මෙඝො පවස‍්සති.

යම්තාක් කල් වැසි නොවසීද ඒ තාක් කල්ම ඒ කෙකණියෝ ගැබ් දරති. වැසි වසින කල්හිම ගැබ් බරින් මිදෙති.

“පදුමුත‍්තරබුද‍්ධස‍්ස, ධම‍්මමෙඝෙන ගජ‍්ජතො; සද‍්දෙන ධම‍්මමෙඝස‍්ස, ධම‍්මගබ‍්භං අගණ‍්හහං.

ඒ ආකාරයෙන්ම ධර්මය නම් මේඝ ගර්ජනා පැවැත්වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නැමති ධර්ම මේඝයාගේ ශබ්දය අසා මම දහම් ගැබ් ගත්තෙමි.

“සතසහස‍්සුපාදාය, පුඤ‍්ඤගබ‍්භං ධරෙමහං; නප‍්පමුච‍්චාමි භාරතො, ධම‍්මමෙඝො න ගජ‍්ජති.

කල්ප ලක්‍ෂයක පටන් මම ඒ පින් නැමති ගැබ දැරූයෙමි. ධර්මය නම් මේඝ ගර්ජනාව නොමැති කල්හි ඒ ගැබ් බරින් මම නොමිදුනෙමි.

“යදා තුවං සක්‍යමුනි, රම‍්මෙ කපිලවත්‍ථවෙ; ගජ‍්ජසි ධම‍්මමෙඝෙන, භාරතො පරිමුච‍්චහං.

ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, යම් කලෙක්හි ඔබ රම්‍ය වූ කපිලවත්‍ථු නගරයේ ධර්ම මේඝයෙන් ගර්ජනා පවත්වා දහම් වැසි වැස්වීද එවිට මම ගැබ්බරින් මිදුනෙමි.”

“සුඤ‍්ඤතං අනිමිත‍්තඤ‍්ච, තථාප‍්පණිහිතම‍්පි ච; චතුරො ච ඵලෙ සබ‍්බෙ, ධම‍්මෙවං විජනයිං අහං.

“ශූන්‍ය වූ නිමිති නොමැත්තා වූ තෘෂ්ණා උපධි රහිත වූ සසරින් මිදෙන විමෝක්‍ෂ ධර්මයද චතුර්විධ ශ්‍රමණ ඵල ද යන මේ සියලු දහම් උපදවා ගත්තෙමි.

“අපරිමෙය්‍යුපාදාය, පත්‍ථෙමි තව සාසනං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සන‍්තිපදමනුත‍්තරං.

පමණ කළ නොහැකි කාලයක සිට ඔබ වහන්සේගේ සසුන පැතීමි. ඒ පැතුමට අනුව මම අර්ත්‍ථයට පැමිණියෙමි. ශාන්ත පදය වූ නිවණට පැමිණියෙමි.

“විනයෙ පාරමිං පත‍්තො, යථාපි පාඨිකො ඉසි; න මෙ සමසමො අත්‍ථි, ධාරෙමි සාසනං අහං.

පදුමුත්තර බුදුසසුනේ පාඨික භික්‍ෂුව මේ විනයෙහි පරතෙරට පත් මාහට සමානයකු නැත. මම ඔවාද සාසනය දරමි.

“විනයෙ ඛන්‍ධකෙ චාපි, තිකච‍්ඡෙදෙ ච පඤ‍්චකෙ; එත්‍ථ මෙ විමති නත්‍ථි, අක‍්ඛරෙ බ්‍යඤ‍්ජනෙපි වා.

විනයෙහි උභතෝ විභංගයෙහි ද ඛන්‍ධකයෙහි ද තික සංඝාදිසේස-තික පාචිත්තියාදියෙහි ද පස්වන පරිවාරයෙහි ද අකුරකවත්, ව්‍යඤ්ජනයකවත් මාගේ සැකයක් නොමැත.

“නිග‍්ගහෙ පටිකම‍්මෙ ච, ඨානාඨානෙ ච කොවිදො; ඔසාරණෙ වුට‍්ඨාපනෙ, සබ‍්බත්‍ථ පාරමිං ගතො.

පාපීන්ට නිග්‍රහ කිරීමෙහි ද සාපත්තික භික්‍ෂූනට ප්‍රතිකර්ම දීමෙන් ද කරුණෙහි හා නොකරුණෙහි දක්‍ෂ වූයෙම් නැවත සසුනට ඇතුළු කර ගැනීමෙහිද ඇවතින් නැගිටුවා ලීමෙහි ද යන මේ සියලු කාරණයන්හි පරතෙරට ගියෙමි.

“විනයෙ ඛන්‍ධකෙ වාපි, නික‍්ඛිපිත්‍වා පදං අහං; උභතො විනිවෙඨෙත්‍වා, රසතො ඔසරෙය්‍යහං.

විනයෙහි ද ඛන්‍ධකයෙහිද සුදුසු පද බහා විභංග ඛන්‍ධක දෙකින් නිරවුල් කොට ක්‍රම දක්වා කෘත්‍ය වශයෙන් සුදුසු අදහස් ඇතුළත් කරමි.

“නිරුත‍්තියා සුකුසලො, අත්‍ථානත්‍ථෙ ච කොවිදො; අනඤ‍්ඤාතං මයා නත්‍ථි, එකග‍්ගො සත්‍ථු සාසනෙ.

නිරුක්තියෙහි ඉතා දක්‍ෂ වූයෙම් අභිවෘද්ධි පරිහාණි ධර්මයන්හිද දක්‍ෂ වූයෙමි. ත්‍රිපිටකයෙහි මා නොදන්නා දෙයක් නැත. බුදු සසුනේ අසහාය වූ අග්‍රවිනයධරයා වූයෙමි.

“රූපදක‍්ඛො අහං අජ‍්ජ, සක්‍යපුත‍්තස‍්ස සාසනෙ; කඞ‍්ඛං සබ‍්බං විනොදෙමි, ඡින්‍දාමි සබ‍්බසංසයං.

මම අද ශාක්‍ය පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි විනය විනිශ්චය දර්ශනයෙහි සියලු සැක දුරලමි. සියලු කුකස් සිඳ දමමි.”

“පදං අනුපදඤ‍්චාපි, අක‍්ඛරඤ‍්චාපි බ්‍යඤ‍්ජනං; නිදානෙ පරියොසානෙ, සබ‍්බත්‍ථ කොවිදො අහං.

“පෙර පසු පද අකුරු ද දශවිධ ව්‍යඤ්ජන විධානය ද නිදානය ද නිගමනය ද යන මේ සියල්ලෙහිම මම දක්‍ෂ වෙමි.

“යථාපි රාජා බලවා, නිග‍්ගණ‍්හිත්‍වා පරන‍්තපෙ; විජිනිත්‍වාන සඞ‍්ගාමං, නගරං තත්‍ථ මාපයෙ.

යම් සේ බලවත් රජෙක් සතුරු රජුගේ සෙනඟ පහකොට යුද්ධය ජයගෙන එහි නුවරක් ඉදි කරන්නේ ද පවුරද දිය අගල ද ඉන්‍ද්‍රඛීලය ද දොරටුව ද විවිධ අටලු ද යන බොහෝ දෙය එහි ඉදි කරන්නේ ය.

“පාකාරං පරිඛඤ‍්චාපි, එසිකං ද‍්වාරකොට‍්ඨකං; අට‍්ටාලකෙ ච විවිධෙ, කාරයෙ නගරෙ බහූ.

“සිඞ‍්ඝාටකං චච‍්චරඤ‍්ච, සුවිභත‍්තන‍්තරාපණං; කාරයෙය්‍ය සභං තත්‍ථ, අත්‍ථානත්‍ථවිනිච‍්ඡයං.

සිවු මංසන්‍ධිය ඇතුළු වීථීද මැනවින් බෙදන ලද ආපනශාලාවන් ද එහි වරද - නිවරද කරන අධිකරණ ශාලාව ද කරවන්නේ ය.

“නිග‍්ඝාතත්‍ථං අමිත‍්තානං, ඡිද‍්දාඡිද‍්දඤ‍්ච ජානිතුං; බලකායස‍්ස රක‍්ඛාය, සෙනාපච‍්චං ඨපෙති සො.

හෙතෙම සතුරන් නැසීම පිණිස ද නිදොස් දැනගැනීම පිණිස ද භට සමූහයා රැකීම පිණිස ද සෙන්පතියකු තබයි.

“ආරක‍්ඛත්‍ථාය භණ‍්ඩස‍්ස, නිධානකුසලං නරං; මා මෙ භණ‍්ඩං විනස‍්සීති, භණ‍්ඩරක‍්ඛං ඨපෙති සො.

ඒ රජු “මගේ බඩු විනාශ නොවේවා”යි කියා රාජ භාණ්ඩයන්ගේ ආරක්ෂාව පිණිස ධන තැන්පත් කරන දක්‍ෂ පුරුෂයකු භාණ්ඩාගාරාරක්‍ෂකයා කර තබයි.

“මමත‍්තො හොති යො රඤ‍්ඤො, වුද‍්ධිං යස‍්ස ච ඉච‍්ඡති; තස‍්සාධිකරණං දෙති, මිත‍්තස‍්ස පටිපජ‍්ජිතුං.

යමෙක් රජුට මමත්‍වය කරන්නේ ද යමෙක් ඒ රජුගේ අභිවෘද්ධිය කැමැත්තේ ද ඒ මිත්‍රයාට පිළිපැදීමට අධිකරණයේ නායකත්‍වය දෙයි.

“උප‍්පාතෙසු නිමිත‍්තෙසු, ලක‍්ඛණෙසු ච කොවිදං; අජ‍්ඣායකං මන‍්තධරං, පොරොහිච‍්චෙ ඨපෙති සො.

ඔහු උත්පාත ශාස්ත්‍රයෙහි ද නිමිති ශාස්ත්‍රයෙහි ද ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද දක්‍ෂ වූ වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ පුරුෂයකු පුරෝහිත තනතුරෙහි තබයි.

“එතෙහඞ‍්ගෙහි සම‍්පන‍්නො, ඛත‍්තියොති පවුච‍්චති; සදා රක‍්ඛන‍්ති රාජානං, චක‍්කවාකොව දුක‍්ඛිතං.

මේ අංගයන්ගෙන් යුක්ත වූයේ ක්‍ෂත්‍රියයා යැයි කියනු ලැබේ. මේ සේනාව ස්ව ඤාතීන් වූ දුක්ඛිතයන් රකින සක්වාලිහිණියා මෙන් හැම කල්හි රජතුමා රකියි.

“තථෙව ත්‍වං මහාවීර, හතාමිත‍්තොව ඛත‍්තියො; සදෙවකස‍්ස ලොකස‍්ස, ධම‍්මරාජාති වුච‍්චති.

මහාවීරයන් වහන්ස! එසේම ඔබ වහන්සේ නසන ලද සතුරන් ඇති රජෙකු මෙන් දෙවියන් සහිත ලෝකයෙහි “ධර්ම රාජ” නම් වන සේක.

“තිත්‍ථියෙ නිහනිත්‍වාන, මාරඤ‍්චාපි සසෙනකං; තමන්‍ධකාරං විධමිත්‍වා, ධම‍්මනගරං අමාපයි.

ඔබ වහන්සේ තීර්ථකයන් ද සේනා සහිත මාරයා ද නසා ඝන මෝහාන්‍ධකාරය දුරුකොට ධර්‍මනගරය මැවූ සේක.

“සීලං පාකාරකං තත්‍ථ, ඤාණං තෙ ද‍්වාරකොට‍්ඨකං; සද‍්ධා තෙ එසිකා වීර, ද‍්වාරපාලො ච සංවරො.

“ප්‍රාඥයන් වහන්ස! ඒ ධර්ම නගරයෙහි ප්‍රාකාරය ශීලයයි. දොර කොටුව ඔබවහන්සේගේ ඥානයයි. ඉන්‍ද්‍රඛීලය ඔබවහන්සේගේ ශ්‍රද්ධාවයි. ද්වාර පාලකයා නම් සංවරයයි.

“සතිපට‍්ඨානමට‍්ටාලං, පඤ‍්ඤා තෙ චච‍්චරං මුනෙ; ඉද‍්ධිපාදඤ‍්ච සිඞ‍්ඝාටං, ධම‍්මවීථි සුමාපිතා.

අටල්ල සතිපට්ඨානයයි. සර්වඥයන් වහන්ස! ඇතුළු වීථිය ඔබවහන්සේගේ ප්‍රඥාවයි. සතරමං සන්ධිය සෘද්ධි පාදයයි. සත්තිස් බෝධිපාක්‍ෂික දහම් නැමති වීථීන්ගෙන් මැනවින් නිර්මිතය.

“සුත‍්තන‍්තං අභිධම‍්මඤ‍්ච, විනයඤ‍්චාපි කෙවලං; නවඞ‍්ගං බුද‍්ධවචනං, එසා ධම‍්මසභා තව.

සූත්‍ර අභිධර්‍ම විනය යන සියලු නවංග බුද්ධ වචනය ඔබගේ නගරයේ ධර්මාධිකරණ සභාවයි.

“සුඤ‍්ඤතං අනිමිත‍්තඤ‍්ච, විහාරඤ‍්චප‍්පණීහිතං; ආනෙඤ‍්ජඤ‍්ච නිරොධො ච, එසා ධම‍්මකුටී තව.

සුඤ්ඤත විහාරය ද අනිමිත්ත විහාරය ද අප්පණිහිත විහාරය ද අනේජ විහාරය ද නිර්වාණය ද යන මේ ගුණධර්ම ඔබවහන්සේගේ ධර්ම කුටීහු වෙති.”

“පඤ‍්ඤාය අග‍්ගො නික‍්ඛිත‍්තො, පටිභානෙ ච කොවිදො; සාරිපුත‍්තොති නාමෙන, ධම‍්මසෙනාපතී තව.

“ප්‍රඥාවෙන් අග්‍ර ස්ථානයෙහි තබන ලද, වැටහීමෙහි ද දක්‍ෂ වූ, නමින් ශාරිපුත්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම සේනාපති වෙති.

“චුතූපපාතකුසලො , ඉද‍්ධියා පාරමිං ගතො; කොලිතො නාම නාමෙන, පොරොහිච‍්චො තවං මුනෙ.

සර්වඥයන් වහන්ස! චුතූපපාත ඤාණයෙහි දක්‍ෂ වූ සෘද්ධියෙහි පරතෙරට පැමිණි නමින් කෝලිත නම් ශ්‍රාවකයන් වහන්සේ ඔබගේ පුරෝහිතයා වෙති.

“පොරාණකවංසධරො, උග‍්ගතෙජො දුරාසදො; ධුතවාදීගුණෙනග‍්ගො, අක‍්ඛදස‍්සො තවං මුනෙ.

මුනීන්‍ද්‍රයන් වහන්ස! පෞරාණික වංශය දරන්නා වූ, උග්‍ර වූ තේජස් ඇති, ළංවිය නොහැක්කා වූ ධුතවාදී වූ ධුතගුණයෙන් අග්‍ර වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ අක්ඛදස්ස හෙවත් විවාද විනිශ්චයෙහි ප්‍රධානියා වෙති.

“බහුස‍්සුතො ධම‍්මධරො, සබ‍්බපාඨී ච සාසනෙ; ආනන්‍දො නාම නාමෙන, ධම‍්මාරක‍්ඛො තවං මුනෙ.

බුදුරජාණන් වහන්ස! ශාසනයෙහි බහුශ්‍රැත වූ ධර්මධර වූ සියලු ධර්ම අධ්‍යයනය කරන්නා වූ නමින් ආනන්ද නම් ශ්‍රාවකයන් වහන්සේ ඔබගේ ධර්‍ම ආරක්ෂකයා වෙති.

“එතෙ සබ‍්බෙ අතික‍්කම‍්ම, පමෙසි භගවා මමං; විනිච‍්ඡයං මෙ පාදාසි, විනයෙ විඤ‍්ඤුදෙසිතං.

භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ශ්‍රාවකයන් ඉක්මවා මා පමණ කළ සේක. විනයෙහි විනය දත් නැණවතුන් විසින් ප්‍රකාශ කරන ලද දෝෂ විචාරණය මට ම පැවරූ සේක.

“යො කොචි විනයෙ පඤ‍්හං, පුච‍්ඡති බුද‍්ධසාවකො; තත්‍ථ මෙ චින‍්තනා නත්‍ථි, තඤ‍්ඤෙවත්‍ථං කථෙමහං.

යම්කිසි බුද්ධ ශ්‍රාවකයෙක් විනය පිළිබඳ ප්‍රශ්නයක් විචාරා ද එහි මාගේ විමතියක් නැත. මම ඒ විචාළ අර්ථය කියමි.

“යාවතා බුද‍්ධඛෙත‍්තම‍්හි, ඨපෙත්‍වා තං මහාමුනි; විනයෙ මාදිසො නත්‍ථි, කුතො භිය්‍යො භවිස‍්සති.

බුද්ධ ක්‍ෂේත්‍රය යම් පමණ තැනක පැතිරේ නම් එපමණ තැන්හි ඒ බුදුරජාණන් වහන්සේ හැර විනය පිටකයෙහි දක්‍ෂ වූ මා වැනි කෙනෙක් නැත. මට වැඩි කෙනෙක් කෙසේ ඇති වේද?”

“භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, එවං ගජ‍්ජති ගොතමො; උපාලිස‍්ස සමො නත්‍ථි, විනයෙ ඛන්‍ධකෙසු ච.

ගෞතම බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ “විනයෙහි ද ඛන්‍ධකයෙහි ද උපාලි තෙරුන් හා සම කෙනෙක් නැත”යි සිංහනාද කරන සේක.

“යාවතා බුද‍්ධභණිතං, නවඞ‍්ගං සත්‍ථුසාසනං; විනයොගධං තං සබ‍්බං, විනයමූලපස‍්සිනො.

“බුදුරජාණන් වහන්සේ වදාළ නවාංග සත්‍ථු ශාසනය මුළුමනින්ම විනයෙහි ඇතුළත්ය. විනය මුල්කොට ඇත්තේ යයි දකින්නා වූ මාගේ පූර්ව ප්‍රාර්ථනා කර්මය ගෞතම නම් වූ ශාක්‍ය මුනීන්‍ද්‍රයන් වහන්සේ සිහිකොට භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.

“මම කම‍්මං සරිත්‍වාන, ගොතමො සක්‍යපුඞ‍්ගවො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, එතදග‍්ගෙ ඨපෙසි මං.

“සතසහස‍්සුපාදාය, ඉමං ඨානං අපත්‍ථයිං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, විනයෙ පාරමිං ගතො.

කල්ප ලක්‍ෂයක පටන් මේ තනතුර පැතුවෙමි. පැමිණෙන ලද එම අර්ථ ඇත්තෙම් විනයෙහි පරතෙරට පත්වූයෙමි.”

“සක්‍යානං නන්‍දිජනනො, කප‍්පකො ආසහං පුරෙ; විජහිත්‍වාන තං ජාතිං, පුත‍්තො ජාතො මහෙසිනො.

“මම පෙර ශාක්‍යයන් සතුටු කරන කපුවෙක් වූයෙමි. ඒ කුලය හැර මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වූයෙම් ශාක්‍ය පුත්‍ර වෙමි.

“ඉතො දුතියකෙ කප‍්පෙ, අඤ‍්ජසො නාම ඛත‍්තියො; අනන‍්තතෙජො අමිතයසො, භූමිපාලො මහද‍්ධනො.

මීට කල්ප දෙකකට පෙරදී මම අපමණ තෙද ඇති අනන්ත වූ පිරිවර ඇති මහා ධනවත් පෘථිවි පාලක වූ අඤ්ජස නම් රජුගේ පරිවාර, භෝග, ජාති යනාදී මදයන්ගෙන් මත් වූ, චන්දන නම් පුත්‍රයාව උපන්නෙමි.

“තස‍්ස රඤ‍්ඤො අහං පුත‍්තො, චන්‍දනො නාම ඛත‍්තියො; ජාතිමදෙනුපත්‍ථද‍්ධො, යසභොගමදෙන ච.

“නාගසතසහස‍්සානි, සබ‍්බාලඞ‍්කාරභූසිතා; තිධාපභින‍්නා මාතඞ‍්ගා, පරිවාරෙන‍්ති මං සදා.

ඇත් කුලයෙහි උපන් සියලු ඇත් අබරණින් සැරසුණු ලක්‍ෂයක් පමණ ත්‍රිමද ගලිත ඇත්තු නිතර මා පිරිවරා ගනිති.

“සබලෙහි පරෙතොහං, උය්‍යානං ගන‍්තුකාමකො; ආරුය‍්හ සිරිකං නාගං, නගරා නික‍්ඛමිං තදා.

තම භට සෙනඟ විසින් පිරිවරන ලද මම උයනට යනු කැමැත්තෙම් සිරික නම් ඇතුපිට නැඟී නුවරින් නික්මුණෙමි.

“චරණෙන ච සම‍්පන‍්නො, ගුත‍්තද‍්වාරො සුසංවුතො; දෙවලො නාම සම‍්බුද‍්ධො, ආගච‍්ඡි පුරතො මම.

එකල පසළොස්චරණ ධර්මයන්ගෙන් යුතු වසන ලද ඉන්‍ද්‍රිය ද්වාර ඇති මනාව රැකි කය හා සිත් ඇති දේවල නම් පසේ බුදුරජාණෝ මා ඉදිරියට පැමිණි සේක.

“පෙසෙත්‍වා සිරිකං නාගං, බුද‍්ධං ආසාදයිං තදා; තතො සඤ‍්ජාතකොපො සො, නාගො නුද‍්ධරතෙ පදං.

එකල සිරික ඇතු යවා බුදුන් හා ගැටවීමි. ඉන් හටගත් කෝප ඇති ඇතා නිශ්චලව සිටියේය.

“නාගං රුණ‍්ණමනං දිස‍්වා, බුද‍්ධෙ කොධං අකාසහං; විහෙසයිත්‍වා සම‍්බුද‍්ධං, උය්‍යානං අගමාසහං.

දූෂ්‍ය සිත් ඇති මම ඇතුගේ ස්වභාවය දැක බුදුන්ට කෝප කළෙමි. බුදුන් වහන්සේ පෙළා උයනට පිවිසියෙමි.

“සාතං තත්‍ථ න වින්‍දාමි, සිරො පජ‍්ජලිතො යථා; පරිළාහෙන ඩය‍්හාමි, මච‍්ඡොව බළිසාදකො.

ඒ කර්ම විපාකය නිසා හිස ඇවිල ගත්තෙකු මෙන් සුවයක් නොවිඳිමි. බිළිය ගිලි මසෙකු මෙන් දැවිල්ලෙන් තැවෙමි.

“සසාගරන‍්තා පථවී, ආදිත‍්තා විය හොති මෙ; පිතු සන‍්තිකුපාගම‍්ම, ඉදං වචනමබ්‍රවිං.

සයුර කෙළවර කොට ඇති පෘථිවියම ඇවිළ ගත්තාක් මෙන් වැටහුණි. පියාගේ සමීපයට ගිය මම “කිපුණු සර්පයකු මෙන් ද පැමිණි ගිනි කඳක් මෙන් ද දළ ඇති මතැතෙකු මෙන් ද යම් පසේ බුදුවරයකු හා මා ගැටුනෙම් ද, සෙස්සන්ට නොගැටිය හැකි බැවින් සෝර වූ උග්‍ර තපස් ඇති පස්මරුන් දිනූ පසේ බුදුන් හා ගැටුනෙම් ද ඉන් අප සියලු දෙනා වැනසී යා හැක. ඊට පෙර උන්වහන්සේගෙන් සමාව ගනිමු”යි කීවෙමි.

“ආසීවිසංව කුපිතං, අග‍්ගික‍්ඛන්‍ධංව ආගතං; මත‍්තංව කුඤ‍්ජරං දන‍්තිං, යං සයම‍්භුමසාදයිං.

“ආසාදිතො මයා බුද‍්ධො, ඝොරො උග‍්ගතපො ජිනො; පුරා සබ‍්බෙ විනස‍්සාම, ඛමාපෙස‍්සාම තං මුනිං.

“නො චෙ තං නිජ‍්ඣාපෙස‍්සාම, අත‍්තදන‍්තං සමාහිතං; ඔරෙන සත‍්තදිවසා, රට‍්ඨං මෙ විධමිස‍්සති.

ඉදින් එකඟ සිත් ඇති ඒ පසේ බුදුරජාණන් වහන්සේ ක්‍ෂමා නොකරන්නෙමු නම්, සත් දිනකින් මෙපිට මාගේ රට විනාශ වන්නේ ය.

“සුමෙඛලො කොසියො ච, සිග‍්ගවො චාපි සත‍්තකො; ආසාදයිත්‍වා ඉසයො, දුග‍්ගතා තෙ සරට‍්ඨකා.

සුමෙඛල, කෝසිය, සිග්ගව, සත්තුක යන රජවරු සිවුදෙන සෘෂීන්ට කරදර කොට තම රටත් සමගම දුකට පත් වූහ.

“යදා කුප‍්පන‍්ති ඉසයො, සඤ‍්ඤතා බ්‍රහ‍්මචාරිනො; සදෙවකං විනාසෙන‍්ති, සසාගරං සපබ‍්බතං.

කාය සංයමයෙන් යුතු බ්‍රහ්මචාරී වූ සෘෂීහු යම් කලෙක්හි කිපෙත් ද, එවිට සාගර පර්වත සහිත වූ දෙවියන් සහිත ලෝකය වනසති.

“තියොජනසහස‍්සම‍්හි, පුරිසෙ සන‍්නිපාතයිං; අච‍්චයං දෙසනත්‍ථාය, සයම‍්භුං උපසඞ‍්කමිං.

එසමයේ මම තුන් දහසක් යොදුන් ප්‍රදේශයේ ජනයා රැස් කරවූයෙමි. වරද පැවසීම සඳහා බුදුරදුන් වෙත එළඹුණි.

“අල‍්ලවත්‍ථා අල‍්ලසිරා, සබ‍්බෙව පඤ‍්ජලීකතා; බුද‍්ධස‍්ස පාදෙ නිපතිත්‍වා, ඉදං වචනමබ්‍රවුං.

තෙත් වූ වස්ත්‍ර ඇතිව, තෙත් වූ කෙස් ඇතිව සියලු දෙන ම බැඳි ඇඳිලි ඇතිව බුදුරදුන් පාමුල වැටී,

“ඛමස‍්සු ත්‍වං මහාවීර, අභියාචති තං ජනො; පරිළාහං විනොදෙහි, මා නො රට‍්ඨං විනාසය.

“මහාවීරයාණෙනි! සමාවුව මැනවි. ජන සමූහයා විශේෂයෙන් එය ආයාචනය කරයි. දැවිල්ල දුරු කළ මැනවි. අපේ රට නොනසනු මැනවි.

“සදෙවමානුසා සබ‍්බෙ, සදානවා සරක‍්ඛසා; අයොමයෙන කූටෙන, සිරං භින්‍දෙය්‍යු මෙ සදා.

දෙවි මිනිසුන් සහිත වූ අසුර-රාක්‍ෂයන් සහිත වූ සැම දෙනම හැම කල්හි යකුලින් මාගේ හිස පළන්නාහුය” යැයි පැවසීමි.

“දකෙ අග‍්ගි න සණ‍්ඨාති, බීජං සෙලෙ න රූහති; අගදෙ කිමි න සණ‍්ඨාති, කොපො බුද‍්ධෙ න ජායති.

“දියෙහි ගිනි නොසිටී. ගලෙහි බිජු පැල නොවේ. බෙහෙතේ කාමීහු නොසිටිති. එසේම බුදුරදුන් කෙරෙහි (තුල) කෝපය නොපිහිටයි. හට නොගනියි.

“යථා ච භූමි අචලා, අප‍්පමෙය්‍යො ච සාගරො; අනන‍්තකො ච ආකාසො, එවං බුද‍්ධා අඛොභියා.

පොළොව නොසෙල්විය හැකි වෙත් ද මහසයුර පමණ කළ නොහැකි වෙත් ද අහස කෙළවරක් නැත්තේ ද එසේම බුදුවරු නොකැළඹිය හැක්කෝය.

“සදා ඛන‍්තා මහාවීරා, ඛමිතා ච තපස‍්සිනො; ඛන‍්තානං ඛමිතානඤ‍්ච, ගමනං තං න විජ‍්ජති.

මහාවීර වූ බුදුවරයෝ හැම කල්හි කමා කළාහුය. තපස්වීහු කමා කරණ ලද්දාහු වෙති. කමා කළවුන්ගේ ද කමා කරනු ලැබුවන්ගේ ද ඡන්දාදී අගති ගමනක් නොවේමය.”

“ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො, පරිළාහං විනොදයං; මහාජනස‍්ස පුරතො, නභං අබ‍්භුග‍්ගමී තදා.

මෙසේ වදහළ පසේ බුදුරජාණෝ ජනයාගේ සෝ තැවුල් දුරලා අහසට නැඟ වැඩම කළ සේක.

“තෙන කම‍්මෙනහං වීර, හීනත‍්තං අජ‍්ඣුපාගතො; සමතික‍්කම‍්ම තං ජාතිං, පාවිසිං අභයං පුරං.

ප්‍රාඥයන් වහන්ස!, ඒ අකුසලය නිසා කරණවෑමියෙකු වූ මම ඒ කුලය හැර දමා අභයපුර නම් නිවණට පැමිණියෙමි.

“තදාපි මං මහාවීර, ඩය‍්හමානං සුසණ‍්ඨිතං; පරිළාහං විනොදෙසි, සයම‍්භුඤ‍්ච ඛමාපයිං.

මහාවීරයන් වහන්ස!, එකල්හි ද දැවෙන්නා වූ මැනවින් වරද පිළිගෙන සිටියා වූ මාගේ සන්තාපය දුරු කළ සේක. ඒ පසේ බුදුරජාණෝ ක්‍ෂමා කොට මාගේ වරද ඉවසූහ.

“අජ‍්ජාපි මං මහාවීර, ඩය‍්හමානං තිහග‍්ගිභි; නිබ‍්බාපෙසි තයො අග‍්ගී, සීතිභාවඤ‍්ච පාපයිං.

මහාවීරයන් වහන්ස! අදත් ත්‍රිවිධාග්නියෙන් දැවෙන්නා වූ මා නිවූ සේක. ත්‍රිවිධා (රාගාදී)ග්නිය සිසිල් බවට පත්කළ සේක.

“යෙසං සොතාවධානත්‍ථි, සුණාථ මම භාසතො; අත්‍ථං තුය‍්හං පවක‍්ඛාමි, යථා දිට‍්ඨං පදං මම.

යම් බඳු වූ තොපගේ කන් යොමු කිරීමක් ඇත්නම් ඒ මාගේ වදන් අසවු. නිර්වාණ පය මා දක්නා ලද පරිදි තොපටද පවසමි.

“සයම‍්භුං තං විමානෙත්‍වා, සන‍්තචිත‍්තං සමාහිතං; තෙන කම‍්මෙනහං අජ‍්ජ, ජාතොම‍්හි නීචයොනියං.

ශාන්ත වූ සිතැති එකඟ වූ ඒ පසේ බුදුරදුන්ට අවමන් කළ නිසා මම පහත් කුළයෙහි උපන්නෙමි.

“මා වො ඛණං විරාධෙථ, ඛණාතීතා හි සොචරෙ; සදත්‍ථෙ වායමෙය්‍යාථ, ඛණො වො පටිපාදිතො.

නුඹලා මේ බුද්ධෝත්පාද ක්‍ෂණය වරදා නොගනිවු. ක්‍ෂණ සම්පත ඉක්මවූවෝ ශෝක කරත්මය. ස්ව අභිවෘද්ධියෙහි වෑයම් කරවු. තොප බුද්ධෝත්පාද ක්‍ෂණය ලැබුවෙහු.”

“එකච‍්චානඤ‍්ච වමනං, එකච‍්චානං විරෙචනං; විසං හලාහලං එකෙ, එකච‍්චානඤ‍්ච ඔසධං.

“කිසිවෙකුට වමනය ද කිසිවෙකුට විරේචනය ද එසේම කිසිවෙකුට හලාහල විෂය ද ඖෂධ වේ යයි ඇතැම්හු කියති.

“වමනං පටිපන‍්නානං, ඵලට‍්ඨානං විරෙචනං; ඔසධං ඵලලාභීනං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ගවෙසිනං.

මාර්ගස්ථ පුද්ගලයන්ට වමනය ද ඵලස්ථයන්ට විරේචනය ද ඵල ලබා සිටියවුන්ට නිර්වාණය ද දිව්‍ය, මනුෂ්‍ය, නිවන් සම්පත් සොයන්නන්ට පින් කෙත වූ සංඝයා ද ඖෂධ යැයි වදාළ සේක.

“සාසනෙන විරුද‍්ධානං, විසං හලාහලං යථා; ආසීවිසො දිට‍්ඨවිසො, එවං ඣාපෙති තං නරං.

සසුනට විරුද්ධ වූවන්ට එය හලාහල විෂ මෙන් විපත් ගෙන දෙයි. ආශිවිෂ, දෘෂ්ට විෂ සර්පයා මෙන් ඒ විරුද්ධතාව ඒ පුද්ගලයා වනසා දමයි.

“සකිං පීතං හලාහලං, උපරුන්‍ධති ජීවිතං; සාසනෙන විරුජ‍්ඣිත්‍වා, කප‍්පකොටිම‍්හි ඩය‍්හති.

වරක් පානය කළ හලාහල විෂය එක් ජීවිතයක් විනාශ කරයි. සසුන හා විරුද්ධ වීමේ පාපය ඒ පාපීයා කප් කෙළ ගණනක් දවයි.

“ඛන‍්තියා අවිහිංසාය, මෙත‍්තචිත‍්තවතාය ච; සදෙවකං සො තාරෙති, තස‍්මා තෙ අවිරාධියා.

ක්‍ෂාන්තියෙන් ද අවිහිංසාවෙන් ද මෙත් සිතින් ද ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා සසරින් එතෙර කරන සේක. එනිසා තොප උන්වහන්සේට එරෙහි නොවිය යුත්තේය.

“ලාභාලාභෙ න සජ‍්ජන‍්ති, සම‍්මානනවිමානනෙ; පථවීසදිසා බුද‍්ධා, තස‍්මා තෙ න විරාධියා.

බුදුවරයෝ මහපොළොව වැනි වෙති. ලාභ අලාභ දෙක්හි ද සම්මානන අවමානන දෙක්හි ද නො ඇලෙති. නොගැටෙති. එහෙයින් උන්වහන්සේලා තොප විසින් විරුද්ධ නොකළ යුත්තෝය.”

“දෙවදත‍්තෙ ච වධකෙ, චොරෙ අඞ‍්ගුලිමාලකෙ; රාහුලෙ ධනපාලෙ ච, සබ‍්බෙසං සමකො මුනි.

“බුදුරජාණන් වහන්සේ වධක වූ දේවදත්තයාය, චෞර වූ අංගුලිමාලයා ය, මත් වී ඉදිරියට ආ ධනපාල හස්තියාය, ඖරස පුත්‍ර රාහුල තෙරය යන මේ සියලු දෙනාහට සම මෙත් ඇති සේක.

“එතෙසං පටිඝො නත්‍ථි, රාගොමෙසං න විජ‍්ජති; සබ‍්බෙසං සමකො බුද‍්ධො, වධකස‍්සොරසස‍්ස ච.

ඔවුන් පිළිබඳ පටිඝ නම් තරහවක් නැත. එසේම රාගයක්, ඇලීමක් ද නැත. සර්වඥ තෙම වධකයාට ද තම ඖරස සූත්‍රයාට ද සමාන වූ මෙත් ඇත්තේය.

“පන්‍ථෙ දිස‍්වාන කාසාවං, ඡඩ‍්ඩිතං මීළ‍්හමක‍්ඛිතං; සිරස‍්මිං අඤ‍්ජලිං කත්‍වා, වන්‍දිතබ‍්බං ඉසිද‍්ධජං.

මග අතහැර දැමූ අශුචි වැකුණු කසාවත ද දැක සෘෂි ධ්වජය යැයි මුදුනෙහි ඇඳිලි බැඳ වැඳිය යුතුයි.

“අබ‍්භතීතා ච යෙ බුද‍්ධා, වත‍්තමානා අනාගතා; ධජෙනානෙන සුජ‍්ඣන‍්ති, තස‍්මා එතෙ නමස‍්සියා.

අතීතයේ වූ ද වර්තමානයේ වූ ද අනාගතයේ වූ ද යම් බුදු කෙනෙක් වෙත් නම්, මේ සිවුරෙන් පිරිසිදු වෙත්. එහෙයින් මේ බුදුවරයෝ වැඳිය යුත්තාහුය.”

“සත්‍ථුකප‍්පං සුවිනයං, ධාරෙමි හදයෙනහං; නමස‍්සමානො විනයං, විහරිස‍්සාමි සබ‍්බදා.

“බුදුරජාණන් වහන්සේ වැනි වූ සුන්දර වූ විනය පිටකය මම හදවතින් දරමි. හැමකල්හි විනයට නමස්කාර කරමින් වසන්නෙමි.

“විනයො ආසයො මය‍්හං, විනයො ඨානචඞ‍්කමං; කප‍්පෙමි විනයෙ වාසං, විනයො මම ගොචරො.

මාගේ වාස භවන විනයයි. සිටින තැන සක්මන් කරන තැන ද විනයයි. විනයෙහි දැරීම්-පැවැත්වීම් වශයේ වෙසෙමි. විනය මාගේ ගෝචරයයි.

“විනයෙ පාරමිප‍්පත‍්තො, සමථෙ චාපි කොවිදො; උපාලි තං මහාවීර, පාදෙ වන්‍දති සත්‍ථුනො.

මහාවීරයන් වහන්ස, විනය පිටකයෙහි පරතෙරට පැමිණි, අධිකරණ සමථයෙහි දක්‍ෂ වූ උපාලි නම් භික්‍ෂුව ශාස්තෲ වූ ඔබවහන්සේගේ දෙපා වඳියි.

“සො අහං විචරිස‍්සාමි, ගාමා ගාමං පුරා පුරං; නමස‍්සමානො සම‍්බුද‍්ධං, ධම‍්මස‍්ස ච සුධම‍්මතං.

ඒ මම ධර්මයේ සුන්දර බව දැන ඒ ධර්මයටද සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට ද වඳිමින් ගමින් ගමටද නගරයෙන් නගරයට ද යමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”

තත්‍ථ හි නං සත්‍ථා සයමෙව සකලං විනයපිටකං උග‍්ගණ‍්හාපෙසි. සො අපරභාගෙ භාරුකච‍්ඡකවත්‍ථුං (පාරා· 78) අජ‍්ජුකවත්‍ථුං (පාරා· 158) කුමාරකස‍්සපවත්‍ථුන‍්ති ඉමානි තීණි වත්‍ථූනි විනිච‍්ඡයි. සත්‍ථා එකෙකස‍්මිං විනිච‍්ඡිතෙ සාධුකාරං දත්‍වා තයොපි විනිච‍්ඡයෙ අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ථෙරං විනයධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සො අපරභාගෙ එකස‍්මිං උපොසථදිවසෙ පාතිමොක‍්ඛුද‍්දෙසසමයෙ භික‍්ඛූ ඔවදන‍්තො –

එසේ ම ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේම උපාලි තෙරුන්ට විනය පිටකය ඉගැන්වූ සේක. උපාලි තෙරණුවෝ ඊට පසු කාලයෙහි භාරුකච්ඡවස්තුව, අජ්ජක වස්තුව, කුමාර කස්සප වස්තුව යන මේ ත්‍රිවිධ වස්තූහි විනිශ්චය කළහ. ඒ එක් එක් වස්තුව විනිශ්චය කළ කල්හි සාධුකාර දැන් බුදුපියාණෝ වස්තු තුනම විචාල කල්හි, එය අර්ථෝත්පත්ති කරගෙන උපාලි තෙරුන් විනයධාරීන් අතුරින් අග තනතුරට පත් කළහ. මෑත කාලයේ දී උන්වහන්සේ එක් පොහෝ දිනෙක ප්‍රාතිමෝක්‍ෂය උදෙසන කල්හි සෙසු භික්‍ෂූන්ට අවවාද දෙමින් මේ ගාථා තුන වදාළහ.

“සද‍්ධාය අභිනික‍්ඛම‍්ම, නවපබ‍්බජිතො නවො; මිත‍්තෙ භජෙය්‍ය කල්‍යාණෙ, සුද‍්ධාජීවෙ අතන්‍දිතෙ.

“සද්ධාය අභිනික්ඛම්ම නව පබ්බජිතො නවො, මිත්තෙ භජෙය්‍ය කල්‍යාණෙ සුද්ධාජීවෙ අතන්‍දිතෙ”

“සද‍්ධාය අභිනික‍්ඛම‍්ම, නවපබ‍්බජිතො නවො; සඞ‍්ඝස‍්මිං විහරං භික‍්ඛු, සික‍්ඛෙථ විනයං බුධො.

“සද්ධාය අභිනික්ඛම්ම නව පබ්බජිතො නවො, සංඝස්මිං විහරං භික්ඛු සික්ඛෙථ විනයං බුධො”

“සද‍්ධාය අභිනික‍්ඛම‍්ම, නවපබ‍්බජිතො නවො; කප‍්පාකප‍්පෙසු කුසලො, චරෙය්‍ය අපුරක‍්ඛතො”ති. – තිස‍්සො ගාථා අභාසි;

“සද්ධාය අභිනික්ඛම්ම නව පබ්බජිතො නවො, කප්පා කප්පෙසු කුසලො විහරෙය්‍ය අපුරක්ඛතො”

තත්‍ථ සද‍්ධායාති සද‍්ධානිමිත‍්තං, න ජීවිකත්‍ථන‍්ති අත්‍ථො. සද‍්ධායාති වා කම‍්මඵලානි රතනත‍්තයගුණඤ‍්ච සද‍්දහිත්‍වා. අභිනික‍්ඛම‍්මාති ඝරාවාසතො නික‍්ඛමිත්‍වා. නවපබ‍්බජිතොති නවො හුත්‍වා පබ‍්බජිතො, පඨමවයෙ එව පබ‍්බජිතො. නවොති සාසනෙ සික‍්ඛාය අභිනවො දහරො. මිත‍්තෙ භජෙය්‍ය කල්‍යාණෙ සුද‍්ධාජීවෙ අතන්‍දිතෙති “පියො ගරු භාවනීයො”තිආදිනා (අ· නි· 7.37) වුත‍්තලක‍්ඛණෙ කල්‍යාණමිත‍්තෙ, මිච‍්ඡාජීවවිවජ‍්ජනෙන සුද‍්ධාජීවෙ , ආරද‍්ධවීරියතාය අතන්‍දිතෙ භජෙය්‍ය උපසඞ‍්කමෙය්‍ය, තෙසං ඔවාදානුසාසනීපටිග‍්ගහණවසෙන සෙවෙය්‍ය. සඞ‍්ඝස‍්මිං විහරන‍්ති සඞ‍්ඝෙ භික‍්ඛුසමූහෙ වත‍්තපටිවත‍්තපූරණවසෙන විහරන‍්තො. සික‍්ඛෙථ විනයං බුධොති බොධඤාණතාසුකුසලො හුත්‍වා විනයපරියත‍්තිං සික‍්ඛෙය්‍ය. විනයො හි සාසනස‍්ස ආයු, තස‍්මිං ඨිතෙ සාසනං ඨිතං හොති. “බුද‍්ධො”ති ච පඨන‍්ති, සො එවත්‍ථො. කප‍්පාකප‍්පෙසූති කප‍්පියාකප‍්පියෙසු කුසලො සුත‍්තවසෙන සුත‍්තානුලොමවසෙන ච නිපුණො ඡෙකො. අපුරක‍්ඛතොති න පුරක‍්ඛතො තණ‍්හාදීහි කුතොචි පුරෙක‍්ඛාරං අපච‍්චාසීසන‍්තො හුත්‍වා විහරෙය්‍ය.

එහි “සද්ධාය” ශ්‍රද්ධාව නිමිති කොට, ජීවත්වීම සඳහා නොවේ. කර්මඵල තෙරුවනෙහි ගුණ අදහමින් - විශ්වාස කරමින්. “අභිනික්ඛම්ම” ගිහි ගෙදර වාසයෙන් නික්මී අවුත්. “නව පබ්බජිතො” අලුත පැවිදි වූ, තරුණ කාලයේදීම පැවිදි වූයේ. “නවො” සසුනේ හික්මෙනුයේ නවක පැවිද්දෙකු වූයේ. “මිත්තෙ භජෙය්‍ය කල්‍යාණෙ සුද්ධාජීවෙ අතන්‍දිතෙ” “ප්‍රිය වූයේ ගරු සම්භාවනා කටයුතු වූයේ” යනාදී ලෙස සඳහන් වන ලක්‍ෂණ සහිත කලණ මිතුරන්, වැරදි දිවි පැවතුම් ඉවත ලූ පිරිසිදු සම්මා ආජීවයෙන් යුතු අරඹන වීර්යය ඇති බැවින් මැලිබවක් නොමැති වූවන් ඇසුරු කරන්නේය. වෙත, සමීපයට එළඹෙන්නේය. ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීම් වශයෙන් ඇසුරු කරන්නේ ය. “සංඝස්මිං විහරං” භික්‍ෂු සංඝයා, සමූහයා වෙත සිටිමින් වත් පිළිවෙත් පිරීම් වශයෙන් වෙසෙන්නේය. “සික්ඛෙථ විනයං බුධො” සම්බෝධි ඤාණයෙහි දක්‍ෂයෙකු වී විනය පර්යාප්තිය උගන්නේය. විනය යනු සසුනේ ආයුෂයි. විනය මනාව සුරැකුණු කල්හි සසුන ස්ථාවර වූයේ වේ. මෙහි “බුධො” යන පදය “බුද්ධො” යනුවෙන් ද කියති. එම අර්ථයමය. “කප්පාකප්පෙසු” කැප අකැප දෙක්හි දක්ෂව, සූත්‍ර වශයෙන් ද සූත්‍රානුලෝම වශයෙන් ද නිපුණ වූයේ, දක්‍ෂ වූයේ. “අපුරක්ඛතො” තණ්හාදිය පෙරටු කර, එසේම බලාපොරොත්තු අපේක්ෂාවන්ගෙන් යුක්තව නොවෙසෙන්නේය.

උපාලිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උපාලි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.