උත්තරපාලත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
උත්තරපාලත්ථෙරගාථාවණ්ණනා
උත්තරපාල ස්ථවිරගාථා වර්ණනාව
පණ්ඩිතං වත මං සන්තන්ති ආයස්මතො උත්තරපාලත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො ගමනමග්ගෙ සෙතුං කාරාපෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා උත්තරපාලොති ලද්ධනාමො වයප්පත්තො යමකපාටිහාරියං දිස්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා සමණධම්මං කරොති. තස්ස එකදිවසං අයොනිසොමනසිකාරවසෙන අනුභූතාරම්මණං අනුස්සරන්තස්ස කාමරාගො උප්පජ්ජි. සො තාවදෙව සහොඩ්ඪං චොරං ගණ්හන්තො විය අත්තනො චිත්තං නිග්ගහෙත්වා සංවෙගජාතො පටිපක්ඛමනසිකාරෙන කිලෙසෙ වික්ඛම්භෙත්වා විපස්සනාය කම්මං කරොන්තො භාවනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.47.16-20) –
“පණ්ඩිතං වත ම සන්තං” යනු ආයුෂ්මත් උත්තරපාල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ පැතුම් ඇතිව, ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේ වඩින මග ඒදණ්ඩක් කරවූහ. හෙතෙම ඒ පිනේ විපාක විඳිමින් දෙවි මිනිසුන් අතර සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර බමුණු කුලයක ඉපිද උත්තරපාල නමින් ප්‍රකට විය. බුදුපියාණන් වහන්සේගේ යමා මහ පෙළහර දැකීමෙන් ලැබූ ශ්‍රද්ධා ඇති ඒ බමුණා පැවිදිවී මහණදම් පිරුවේය. උත්තරපාල තෙරුන්ට දිනක් අනුවණින් සිහිපත් කළ පෙර අත්විඳි අරමුණක් නිසා කාමරාගය උපන්නේය. උන්වහන්සේ වහාම එය දැන බඩු සහිත සොරෙකු අල්ලාගත්තාක් මෙන් තම සිතට දැඩි සේ නිග්‍රහ කොට, සංවේගයට පත් ව ප්‍රතිවිරුද්ධ අරමුණු සිහිපත් කරමින් කෙලෙස් යටපත් කළහ. විදසුන් කමටහන වඩමින් සිත භාවනාවට යොමුකළ උන්වහන්සේ රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“විපස්සිනො භගවතො, චඞ්කමන්තස්ස සම්මුඛා; පසන්නචිත්තො සුමනො, සෙතුං කාරාපයිං අහං.
“එකල මම විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය ඉදිරියෙහි පහන් සිතින්, සතුටින් යුතුව ඒදණ්ඩක් කරවූයෙමි.
“එකනවුතිතො කප්පෙ, යං සෙතුං කාරයිං අහං; දුග්ගතිං නාභිජානාමි, සෙතුදානස්සිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර සෑදූ ඒ සේතු පූජාවේ අනුසස් වශයෙන් මම දුගතියකට නොගියෙමි. ඒ දඬු පූජවේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා සීහනාදං නදන්තො –
රහත් බවට පත් තෙරණුවෝ තම පිළිවෙත් මඟ නැවත සිහිපත් කර බලා සිංහ නාද පවත්වන සේක්, මේ ගාථා තුන වදාළහ.
“පණ්ඩිතං වත මං සන්තං, අලමත්ථවිචින්තකං; පඤ්ච කාමගුණා ලොකෙ, සම්මොහා පාතයිංසු මං.
“පණ්ඩිතා වත මං සන්තං අලමත්ථ විචින්තකං, පඤ්චකාම ගුණා ලොකෙ සම්මොහා පාතයිංසු මං”
“පක්ඛන්දො මාරවිසයෙ, දළ්හසල්ලසමප්පිතො; අසක්ඛිං මච්චුරාජස්ස, අහං පාසා පමුච්චිතුං.
“පක්ඛන්නො මාරවිසයෙ දළ්හසල්ල සමප්පිතො, අසක්ඛිං මච්චුරාජස්ස අහං පාසා පමුච්චිතුං”
“සබ්බෙ කාමා පහීනා මෙ, භවා සබ්බෙ පදාලිතා; වික්ඛීණො ජාතිසංසාරො, නත්ථි දානි පුනබ්භවො”ති. –
“සබ්බෙ කාමා පහීණා මෙ, භවා සබ්බෙ විදාළිතා, වික්ඛිණො ජාති සංසාරො, නත්ථිදානි පුනබ්භවො”
තිස්සො ගාථා අභාසි.
තත්ථ පණ්ඩිතං වත මං සන්තන්ති සුතචින්තාමයාය පඤ්ඤාය වසෙන පඤ්ඤාසම්පන්නම්පි නාම මං සමානං. අලමත්ථවිචින්තකන්ති අත්තනො ච පරෙසඤ්ච අත්ථං හිතං විචින්තෙතුං සමත්ථං, අලං වා පරියත්තං අත්ථස්ස විචින්තකං, කිලෙසවිද්ධංසනසමත්ථං අත්ථදස්සිනං වා, සබ්බමෙතං අත්තනො අන්තිමභවිකතාය ථෙරො වදති. පඤ්ච කාමගුණාති රූපාදයො පඤ්ච කාමකොට්ඨාසා. ලොකෙති තෙසං පවත්තිට්ඨානදස්සනං. සම්මොහාති සම්මොහනිමිත්තං අයොනිසොමනසිකාරහෙතු. සම්මොහාති වා සම්මොහනා සම්මොහකරා. පාතයිංසූති ධීරභාවතො පාතෙසුං, ලොකතො වා උත්තරිතුකාමං මං ලොකෙ පාතයිංසූති අත්ථො.
එහි “පණ්ඩිතං වත මං සන්තං” සුතමය හා චින්තාමය ප්‍රඥා වශයෙන් වූ නුවණැති භාවයෙන් යුක්ත මා වැනි වූ. “අලමත්ථවිචින්තකං” තමාගේ ද අනුන්ගේ ද හිත වැඩ සැලසීමෙහි, ඒ පිළිබඳ සිතීමෙහි සමත් වූ. නැතහොත් “අලං” යනු පර්යාප්ති සද්ධර්මයයි. එහි අර්ථ සෙවීමෙහි, කෙලෙසුන් මුලිනුපුටා දැමීමෙහි, අර්ථ දැකීමෙහි දක්ෂ වූ. තෙරණුවෝ මේ තමාගේ අන්තිම භවය බැවින් මේ සියලුම ප්‍රකාශයන් සිදු කළහ. “පඤ්චකාමගුණා” රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පස්කම් සැපයෙහි. “ලොකෙ” ඒ පංචකාමයන්ගේ පවතින ස්ථානය දක්වයි. මොලොව. “සම්මොහා” මුලාවට නිමිති වූ හේතු වූ. අනුවණින් මෙනෙහි කිරීමේ හේතුවෙන්. මුලාවූ, මුලාව ඇති කරන. “පාතයිංසු” වීරභාවයෙන් එය හෙළා දැමුවෙමි. “ලෝකයෙන් මිදෙනු කැමති මම ලෝකයට අයත් (ලෞකික) ධර්මතා දුරලූයෙමි” යන අර්ථයයි.
පක්ඛන්දොති අනුපවිට්ඨො. මාරවිසයෙති කිලෙසවිසයෙ කිලෙසමාරස්ස පවත්තිට්ඨානෙ, තස්ස වසං ගතොති අධිප්පායො. දෙවපුත්තමාරස්ස වා ඉස්සරියට්ඨානෙ තං අනුපවිසිත්වා ඨිතො. දළ්හසල්ලසමප්පිතොති දළ්හං ථිරං, දළ්හෙන වා සල්ලෙන සමප්පිතො, රාගසල්ලෙන හදයං ආහච්ච විද්ධො. අසක්ඛිං මච්චුරාජස්ස, අහං පාසා පමුච්චිතුන්ති අග්ගමග්ගසණ්ඩාසෙන රාගාදිසල්ලං අනවසෙසතො උද්ධරන්තොයෙව රාගබන්ධනසඞ්ඛාතා මච්චුරාජස්ස පාසා අහං පරිමුච්චිතුං අසක්ඛිං, තතො අත්තානං පමොචෙසිං.
“පක්ඛන්තො” පිවිසියෙහි. බැසගතිමි. “මාරවිසයෙ” කෙලෙස් මාර විෂයෙහි. “කෙලෙස් මරුට ගෝචර වූ ස්ථානයෙහි. ඔහුගේ වසඟයට ගිය තැන්හි.” යන අර්ථයයි. නැතහොත් දේවපුත්‍ර මාරයාගේ පාලනයට පිවිස සිටියෙමි. ඇතුලත් වූයෙමි. “දළ්හසල්ලසමප්පිතො” දැඩි ස්ථිර, දැඩි වූ සිතින් යුක්තවූයෙමි. දැඩි රාග නම් සැතින් හදවත දැඩි සේ විඳිනා ලද්දෙමි. “අසක්ඛිං මච්චුරාජස්ස අහං පාසා පමුච්චිතුං” ආර්ය මාර්ගය නම් අඬුවෙන් රාග ආදී කෙලෙස් හුල් ඉතිරි නොකරම උදුරා දමමින් ම, රාග භව බන්ධන නම් වූ මරුගේ පාශයෙන් (උගුලෙන්) මාහට මිදීමට හැකි විය. ඉන් තමා මුදවා ගත්තෙමි.
තතො එව ච සබ්බෙ කාමා පහීනා මෙ, භවා සබ්බෙ පදාලිතාති වත්ථාරම්මණාදිභෙදෙන අනෙකභෙදභින්නා සබ්බෙ කිලෙසකාමා අරියමග්ගෙන සමුච්ඡෙදවසෙන මයා පහීනා. කිලෙසකාමෙසු හි පහීනෙසු වත්ථුකාමාපි පහීනා එව හොන්ති. තථා කාමභවකම්මභවාදයො භවා සබ්බෙ මග්ගඤාණාසිනා පදාලිතා විද්ධංසිතා. කම්මභවෙසු හි පදාලිතෙසු උපපත්තිභවා පදාලිතා එව හොන්ති. එවං කම්මභවානං පදාලිතත්තා එව වික්ඛීණො ජාතිසංසාරො, නත්ථි දානි පුනබ්භවොති. තස්සත්ථො හෙට්ඨා වුත්තොයෙව. ඉදමෙව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසි.
එසේම සියලු කාමයෝ ප්‍රහීණ කලෙමි. මාගේ සියලු භවයෝ නසන ලද්දෙමි. වස්තු ආරම්මණාදී නොයෙක් ප්‍රභේද සහිත සියලු කෙලෙස් කාමයන් ආර්ය මාර්ගයේ උපකාරයෙන් මවිසින් සමුච්ඡේද වශයෙන් ම මුලිනුපුටා දමන ලද්දෙමි. කෙලෙස් කාමයන් ප්‍රහීණ වූ විට වස්තුකාමයන් ද ප්‍රහීණ වූයේමය. එසේම කාම, භව, කර්ම භවාදී සියලු භවයෝ මග නුවණින් නැසුවෙමි. විධ්වංසනය කළෙමි. කර්ම භව නැසූ විට උත්පත්ති භව ද නැසුවේම වේ. මෙසේ කර්ම භව නැසූ බැවින් ම ක්ෂය වූ සංසාරික ඉපදීම ඇති බැවින් දැන් මා හට පුනර්භවයක් නැත. එහි අර්ථ ඉහත කී පවසන ලද පරිදි දත යුතුයි. මෙම ගාථාවන්ම තෙරුන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථා ද විය.
උත්තරපාලත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
උත්තරපාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.