යෙදුමෙන් කියවන්න

යසොජත්‍ථෙරගාථා

3. 1. 9.

3. 1. 9.

243. කාළපබ‍්බඞ‍්ගසඞ‍්කාසො කිසො ධමනිසන්‍ථතො, මත‍්තඤ‍්ඤූ අන‍්නපානම‍්හි අදීනමනසො නරො.

243. කළුවැල්පුරුක් බඳු අවයව ඇති කාශ වූ ඉපිළගිය නහර ඇති ආහාරපානයෙහි පමණ දන්නා වූ අදීන වූ සිත් ඇති පුරුෂ තෙම,

244. ඵුට‍්ඨො ඩංසෙහි මකසෙහි අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ, නාගො සඞ‍්ගාමසීසෙව සතො තත්‍රාධිවාසයෙ.

244. අරනෙහි මහවෙනෙහි මැස්සන් විසින් ද මදුරුවන් විසින් ද උපද්‍රැත වූයේ සඞ්ග්‍රාමභුමියෙහි හස්තිරාජයකු සෙයින් සිහි ඇති වැ ඉවසන්නේ යැ.

245. යථා බ්‍රහ‍්මා තථා එකො යථා දෙවො තථා දුවෙ, යථා ගාමො තථා තයො කොලාහාලං තතුත‍්තරින‍්ති.

245. හුදෙකලා වූයේ බ්‍රහ්මයා බඳු යැ දෙදෙන දෙවියකු බඳු යැ, තිදෙන ගමක් බඳු යැ ඉන් මතු කෝලහලයක් බඳු යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා යසොජො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් යසොජ ස්ථවිරයන් වහන්සේ ...

යසොජත්‍ථෙරගාථා.

යසොජ ස්ථවිරගාථා යි.