පස‍්සිකත්‍ථෙරගාථා
3. 1. 8.
3. 1. 8.
240. එකොපි සද‍්ධො මෙධාවී අස‍්සද‍්ධානීධ ඤාතිනං, ධම‍්මට‍්ඨො සීලසම‍්පන‍්නො හොති අත්‍ථාය බන්‍ධුනං,
240. සැදැහැ ඇති, නුවණ ඇති ලොවුතුරුදහම්හි සිටි සීලසම්පන්න වූ එක් පුද්ගලයා පවා මෙලොවැ සැදැහැ නැති බන්‍ධු සඞ්ඛ්‍යාත ඥාතීන්ට වැඩ පිණිස වෙයි.
241. නිග‍්ගය‍්හ අනුකම‍්පාය චොදිතො ඤාතයො මයා, ඤාතිබන්‍ධවපෙමෙන කාරං කත්‍වාන භික‍්ඛූසු.
241. මා විසින් අනුකම්පායෙන් නිග්‍රහ කොට චුදිත වූ ඥාතීහු ඥාතිබන්‍ධුප්‍රේමයෙන් (අවවාදයෙහි සිට) භික්‍ෂූන් විෂයයෙහි සත්කාර කොට,
242. තෙ අබ‍්භතීතා කාලංකතා පත‍්තා තෙ තිවිධං සුඛං, භාතරො මයුහං මාතා ච මොදන‍්ති කාමකාමිනො’ති.
242. මාගේ සොහොයුරෝ ද මෑණියෝ ද කලුරිය කළාහු මෙලොව ඉක්මගියාහු දෙව්ලොවැ සුව ලැබ කැමැති සැපත් ඇතියාහු සතුටු වෙත්.
ඉත්‍ථං සුදං ආයස‍්මා පස‍්සිකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පස්සික ස්ථවිරයන් වහන්සේ ...