චූළකත්‍ථෙරගාථා
2. 5. 6.
2. 5. 6.
211. නදන‍්ති මොරා සුසිඛා සුපෙඛුණා සුනීලගීවා සුමුඛා සුගජ‍්ජිනො, සුසද‍්දලා චාපි මහාමහී අයං සුබ්‍යාපිතම‍්බු සුවලාහකං නභං.
211. මනා සිළු ඇති මනා පිල්කලබ ඇති මනා නිල්ගෙල ඇති මනා මුවතුඬු ඇති මනහර නාද ඇති මොනරු නද දෙති. මේ මහපොළොව ද මනා නිල්තණ ඇත්තී යැ, මොනොවට පැතිරගිය දිය ඇත්තී යැ, අහස සොඳුරු වලාකුළු ඇත්තේ යි.
212. සුකල‍්ලරූපො සුමනස‍්ස ඣාය තං සුතික‍්ඛමො සාධු සුබුද‍්ධසාසනෙ, සුසුක‍්කසුක‍්කං නිපුණං සුදුද‍්දසං ඵුසාමි තං උත‍්තමමච‍්චුතං පදන‍්ති.
212. මනාසිත් ඇත්තහුට (ඍතුසත්ප්‍රායාදීන්) අතිශයින් මනෝඥස්වභාව ඇත්තේ යැ, එහෙයින් ධ්‍යාන කරව, සම්‍යක්සම්බුද්ධශාසනයෙහි මනා වීර්‍ය්‍යය ඇති වැ ඒ උතුම් අතිශයින් දැකීමට දුෂ්කර වූ තියුණු වූ සුදෝසුදු අච්‍යුතපදය (නිවන) ස්පර්‍ශ කරව යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා චූළකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් චූළක ස්ථවිරයන් වහන්සේ ...