කප්පටකුරත්ථෙරගාථා
2. 4. 10.
2. 4. 10.
199. අයමිති කප්පටො කප්පටකුරො අච්ඡාය අතිභරිතාය අමතඝටිකායං ධම්මකතමත්තො කතපදං ඣානානි ඔචෙතුං.
199. ‘කප්පටකුර’ නම් මහණ තෙමේ ‘මේ මාගේ ජීර්ණවස්ත්රය’ යි (උපන් මිථ්යාවිතර්ක ඇත්තේ) පවිත්‍ර වූ පරිපූර්ණ වූ අමෘතඝටය ඇති කල්හි කෘතමාත්‍ර පැවිදි ඇත්තේ යැ, (මාගේ ශාසනය) ධ්‍යානයන් රැස් කරන්නට කරනලද (භාවනා) මාර්ග ඇත්තේ යි.
200. මා ඛො ත්වං කප්පට පචාලෙසි මා තං උපකණ්ණකම්හි තාළෙස්සං, නහ ත්වං කප්පට මත්තමඤ්ඤාසි සඞ්ඝමජ්ඣම්හි පචලායමානො’ති.
200. එම්බා කප්පටය, තෝ නො නිදව, (දේශනාහස්තයෙන්) තට කන්මුලැ පහර නො දෙන්නෙමි. කප්පටය, සඟමැද නිඳන තෝ පමණ නො දත්තෙහි යයි.
ඉත්ථං සුදං ආයස්මා කප්පටකුරො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා කප්පටකුර ස්ථවිරයන් වහන්සේ ...
කප්පටකුරත්ථෙරගාථා.
කප්පටකුර ස්ථවිරගාථා යි.
වග්ගො චතුත්ථො.
සතරවැනි වර්ගය යි.
තස්සුද්දානං:
උද්දානය:
මිගසිරො සීවකො ච උපවානො ච පණ්ඩිතො ඉසිදන්නො ච කච්චානො ඛිතකො ච මහාවසි සෙලිස්සරියො නිසභො ච උසභො කප්පටකුරො’ති.
මිගසිර යැ, සීවක යැ, පණ්ඩිත වූ උපවාන යැ, ඉසිදින්න යැ, සම්බුලකච්චාන යැ, ඛිතක යැ, සෙලිස්සර යැ, නිසභ යැ, උසභ යැ, කප්පටකුර යැ යන දසතෙරුන්ගේ ගාථා යි.