යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්‍ථාරම‍්භකථා

ග්‍රන්ථ ආරම්භ කථා

මහාකාරුණිකං නාථං, ඤෙය්‍යසාගරපාරගුං; වන්‍දෙ නිපුණගම‍්භීර-විචිත්‍රනයදෙසනං.

දතයුතු සියලු ධර්ම නමැති සාගරයෙහි පරතෙරට පැමිණි, විචිත්‍ර වූ දේශනා ක්‍රම හා සියුම් ගැඹුරු නුවණ ඇති, සියලු සතුන්ට පිහිටවන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි.

විජ‍්ජාචරණසම‍්පන‍්නා, යෙන නීයන‍්ති ලොකතො; වන්‍දෙ තමුත‍්තමං ධම‍්මං, සම‍්මාසම‍්බුද‍්ධපූජිතං.

විද්‍යාචරණ සම්පන්න වූවාහු, යම් ධර්මයකින් සත්ත්වයා සංසාර නමැති ලෝකයෙන් නිවනට පමුණුවත් ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලද ඒ උතුම් ධර්මය නමස්කාර කරමි.

සීලාදිගුණසම‍්පන‍්නො, ඨිතො මග‍්ගඵලෙසු යො; වන්‍දෙ අරියසඞ‍්ඝං තං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං අනුත‍්තරං.

සීලාදී ගුණයන්ගෙන් යුක්ත වූ මාර්ගඵල සම්පත් ලැබූ යම් සංඝ රත්නයක් වේ නම් අතිශයින් ම උතුම් පුණ්‍යක්‍ෂේත්‍ර වූ ඒ ආර්ය සංඝරත්නය නමස්කාර කරමි.

වන්‍දනාජනිතං පුඤ‍්ඤං, ඉති යං රතනත‍්තයෙ; හතන‍්තරායො සබ‍්බත්‍ථ, හුත්‍වාහං තස‍්ස තෙජසා.

මෙසේ රත්නත්‍රය වන්දනා කිරීමෙන් උපදවා ගත් යම් පුණ්‍ය සම්පත්තියක් වේ නම් එම පුණ්‍ය තේජසින් මම සියලු තන්හි නසන ලද අනතුරු ඇත්තෙක් වෙමි.

තෙන තෙන නිදානෙන, දෙසිතානි හිතෙසිනා; යානි සුද‍්ධාපදානෙන, උදානානි මහෙසිනා.

මහර්ෂි වූ ලොවට හිතැති බුදුරදුන් විසින් සුද්ධ වූ ජීවිතකථා පිළිබඳ යම් උදාන දේශනා කර තිබේ නම් ඒ සියල්ල ධර්මසංග්‍රාහික රහතන් වහන්සේලා විසින් එක් තැනකට එකතු කිරීම සඳහා සංග්‍රහ කරන ලද ධර්මය උදාන නම් වේ.

තානි සබ‍්බානි එකජ‍්ඣං, ආරොපෙන‍්තෙහි සඞ‍්ගහං; උදානං නාම සඞ‍්ගීතං, ධම‍්මසඞ‍්ගාහකෙහි යං.

ජිනස‍්ස ධම‍්මසංවෙග-පාමොජ‍්ජපරිදීපනං; සොමනස‍්සසමුට‍්ඨාන-ගාථාහි පටිමණ‍්ඩිතං.

එය බුදුරජාණන් වහන්සේගේ ධර්ම සංවේගය හා ප්‍රීතිය ප්‍රකට කිරීම සඳහා සොම්නස් සහගත සිතින් දේශනා කරන ලද ගාථාවන්ගෙන් යුක්ත වේ.

තස‍්ස ගම‍්භීරඤාණෙහි, ඔගාහෙතබ‍්බභාවතො; කිඤ‍්චාපි දුක‍්කරා කාතුං, අත්‍ථසංවණ‍්ණනා මයා.

ඒ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු සියුම් නුවණින් විනිවිද ලෙස බලමින් දේශනා කරන ලද බැවින් එම ධර්මය පිළිබඳව මා විසින් කරනු ලබන අත්‍ථි වර්ණනාව අතිශයින් ම දුෂ්කර කාර්යයකි.

සහසංවණ‍්ණනං යස‍්මා, ධරතෙ සත්‍ථුසාසනං; පුබ‍්බාචරියසීහානං, තිට‍්ඨතෙව විනිච‍්ඡයො.

යම් ලෙසකින් එම අර්ථ වර්ණනාව සහ ශාස්තෲ ශාසනය උතුම් පූර්වාචාර්යවරුන්ගේ විනිශ්චය නිසාම පවතී නම් එම විනිශ්චයන් පාදක කරගෙන පුරාණ අට්ඨකථා ක්‍රමය හා නිකාය ග්‍රන්ථ පස ඇසුරු කරගෙන

තස‍්මා තං අවලම‍්බිත්‍වා, ඔගාහෙත්‍වාන පඤ‍්චපි; නිකායෙ උපනිස‍්සාය, පොරාණට‍්ඨකථානයං.

සුවිසුද‍්ධං අසංකිණ‍්ණං, නිපුණත්‍ථවිනිච‍්ඡයං; මහාවිහාරවාසීනං, සමයං අවිලොමයං.

මහා විහාර වාසීන්ගේ ඉගැන්වීම වෙනස් නොකොට අතිශයින්ම පිරිසිදු, අසංකීර්ණ වූ සියුම් අර්ථ විනිශ්චය නැවත නැවතත් දැක්වෙන අර්ථ මැනවින් ඉවත්කොට උදාන පාලියෙහි අර්ථ වර්ණනාව ශක්ති පමණින් කරන්නෙමි.

පුනප‍්පුනාගතං අත්‍ථං, වජ‍්ජයිත්‍වාන සාධුකං; යථාබලං කරිස‍්සාමි, උදානස‍්සත්‍ථවණ‍්ණනං.

ඉති ආකඞ‍්ඛමානස‍්ස, සද‍්ධම‍්මස‍්ස චිරට‍්ඨිතිං; විභජන‍්තස‍්ස තස‍්සත්‍ථං, සාධු ගණ‍්හන‍්තු සාධවොති.

මෙසේ සද්ධර්මයාගේ චිර පැවැත්ම ප්‍රාර්ථනා කරමින් විස්තර වශයෙන් ප්‍රකාශ කරනු ලබන මෙම අර්ථ කථාව පින්වත්හු මැනවින් පිළිගනිත්වා.

තත්‍ථ උදානන‍්ති කෙනට‍්ඨෙන උදානං? උදානනට‍්ඨෙන. කිමිදං උදානං නාම? පීතිවෙගසමුට‍්ඨාපිතො උදාහාරො.

එහි උදාන නම් : කවර අර්ථයකින් උදාන වීද? ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කිරීම අර්ථයෙන් උදාන නම් වේ. ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කිරීම යනු කුමක්ද? සිතෙහි ප්‍රීති වේගයෙන් හටගත් අදහස ප්‍රකාශ කිරීමයි.

යථා හි යං තෙලාදි මිනිතබ‍්බවත්‍ථු මානං ගහෙතුං න සක‍්කොති, විස‍්සන්‍දිත්‍වා ගච‍්ඡති, තං “අවසෙකො”ති වුච‍්චති. යඤ‍්ච ජලං තළාකං ගහෙතුං න සක‍්කොති, අජ‍්ඣොත්‍ථරිත්‍වා ගච‍්ඡති, තං “ඔඝො”ති වුච‍්චති. එවමෙව යං පීතිවෙගසමුට‍්ඨාපිතං විතක‍්කවිප‍්ඵාරං අන‍්තොහදයං සන්‍ධාරෙතුං න සක‍්කොති, සො අධිකො හුත්‍වා අන‍්තො අසණ‍්ඨහිත්‍වා බහි වචීද‍්වාරෙන නික‍්ඛන‍්තො පටිග‍්ගාහකනිරපෙක‍්ඛො උදාහාරවිසෙසො “උදාන”න‍්ති වුච‍්චති. ධම‍්මසංවෙගවසෙනපි අයමාකාරො ලබ‍්භතෙව.

යම් සේ තෙල් ආදී මැනිය යුතු වස්තුවක් මැණීම් ගැනීමට නොහැකිව පිටත ගලා යයිද එය ඉතිරි වූ දෙයයි කියනු ලැබේ. යම් වතුරක් විලක නොරැඳී පිට උතුරා යයි ද එය ඕඝ යි (ගලා යන දිය පහරක්) කියනු ලැබේ. එසේම ප්‍රීති වේගයෙන් සිතෙහි හටගත් සිතිවිලි පැතිරී ගොස් හදවත ඇතුලෙහි රැඳෙන්නට නොහැකිව උතුරා යාමෙන් වාග් ද්වාරයෙන් නිකුත්වන ප්‍රකාශ කිරීම් විශේෂය උදානය යි කියනු ලැබේ. ධර්ම සංවේග වශයෙන් ද මේ උදානය ඇතිවේ.

තයිදං කත්‍ථචි ගාථාබන්‍ධවසෙන කත්‍ථචි වාක්‍යවසෙන පවත‍්තං. යං පන අට‍්ඨකථාසු “සොමනස‍්සඤාණමයිකගාථාපටිසංයුත‍්තා”ති උදානලක‍්ඛණං වුත‍්තං, තං යෙභුය්‍යවසෙන වුත‍්තං. යෙභුය්‍යෙන හි උදානං ගාථාබන්‍ධවසෙන භාසිතං පීතිසොමනස‍්සසමුට‍්ඨාපිතඤ‍්ච. ඉතරම‍්පි පන “අත්‍ථි, භික‍්ඛවෙ, තදායතනං, යත්‍ථ නෙව පථවී න ආපො”තිආදීසු (උදා· 71) “සුඛකාමානි භූතානි, යො දණ‍්ඩෙන විහිංසතී”ති (ධ· ප· 131), “සචෙ භායථ දුක‍්ඛස‍්ස, සචෙ වො දුක‍්ඛමප‍්පිය”න‍්ති එවමාදීසු (උදා· 44; නෙත‍්ති· 91) ච ලබ‍්භති.

එම උදානය සමහර තැනක ගාථා බන්‍ධන වශයෙන් ද, සමහර තැනක වාක්‍ය වශයෙන් ද පවතී. අර්ථ කථාවන්හි ‘සොමනස්ස ඤාණමයික ගාථා පතිසංයුත්තං’ (සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත ගාථාවන්ගෙන් යුක්ත වූ) උදාන ලක්‍ෂණ බෙහෙවින් කියන ලදි. ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්ත වූ ගාථා බන්‍ධනයන්ගෙන් යුක්ත උදානය ද බෙහෙවින් කියන ලදි. එයට අමතරව ‘අත්‍ථි භික්ඛවෙතදායතනං යත්‍ථ තෙව පඨවි ත ආපො - තං එසෙවන්තො දුක්ඛස්සාති’, ‘සුඛා කාමාති භූතානි යො දණ්ඩෙන විහිංසතී ති’ (යමෙක් සැප කැමති සත්ත්වයන් දඬුවමින් හිංසාවට ලක් කෙරේද), ‘සචෙ භායථ දුක්ඛස්සාති’ (ඉදින් දුකට බියවන්න), යන මේ ආදී තැන්හි දක්නට ලැබේ.

එවං තයිදං සබ‍්බඤ‍්ඤුබුද‍්ධභාසිතං, පච‍්චෙකබුද‍්ධභාසිතං, සාවකභාසිතන‍්ති තිවිධං හොති. තත්‍ථ පච‍්චෙකබුද‍්ධභාසිතං – “සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං, අවිහෙඨයං අඤ‍්ඤතරම‍්පි තෙස”න‍්තිආදිනා (සු· නි· 35; චූළනි· ඛග‍්ගවිසාණසුත‍්තනිද‍්දෙස 121) ඛග‍්ගවිසාණසුත‍්තෙ ආගතමෙව. සාවකභාසිතානිපි –

මෙසේ ඒ මේ උදානය සබ්බඤ්ඤූ බුද්ධ භාසිතය, පච්චෙක බුද්ධ භාසිතය, සාවක භාසිතය යි තෙවැදෑරුම් වේ. ඒ අතර පච්චෙකබුද්ධ භාසිතය ‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අහෙඨයං අඤ්ඤතරම්පි තෙසං’ ආදී වශයෙන් ඛග්ගවිසාණ සූත්‍රයෙහි සඳහන් වන්නේය. ශ්‍රාවක භාසිත වනාහි -

“සබ‍්බො රාගො පහීනො මෙ, සබ‍්බො දොසො සමූහතො; සබ‍්බො මෙ විහතො මොහො, සීතිභූතොස‍්මි නිබ‍්බුතො”ති. (ථෙරගා· 79) –

සබ්බො රාගො පහීණො මෙ සබ්බො දොසො සමූහතො සබ්බො මෙ විහතො මොහො සීතිභූතොස්මි නිබ්බුතො

(මාගේ සියලු රාගය ප්‍රහීණ විය. සියලු ද්වේෂය මැනවින් නසන ලද්දේ ය. මෝහයද වෙසෙසින් නසන ලද්දේය. එබැවින් මම සිසිල් වූවෙමි. නිවුනේ වෙමි)

ආදිනා ථෙරගාථාසු –

යන ආදී වශයෙන් ථෙරී ගාථාවන්හිද

“කායෙන සංවුතා ආසිං, වාචාය උද චෙතසා; සමූලං තණ‍්හමබ‍්බුය‍්හ, සීතිභූතාස‍්මි නිබ‍්බුතා”ති. (ථෙරීගා· 15) –

කායෙන සංවුතා ආසිං වාචාය උද චෙතසා සමූලං තණ්හං අබ්බුය්හ සීතිභූතාස්මි නිබ්බුතා

‘මම කයෙන් සංවර වීමි. වචනයෙන් ද සංවර වීමි. තෘෂ්ණාව මුල් සහිතවම උදුරා දැමීමි. සිසිල් වීමි. නිවුනා වෙමි’

ආදිනා ථෙරීගාථාසු ච ආගතානි. තානි පන තෙසං ථෙරානං ථෙරීනඤ‍්ච න කෙවලං උදානානි එව, අථ ඛො සීහනාදාපි හොන‍්ති. සක‍්කාදීහි දෙවෙහි භාසිතානි “අහො දානං පරමදානං, කස‍්සපෙ සුප‍්පතිට‍්ඨිත”න‍්තිආදීනි (උදා· 27), ආරාමදණ‍්ඩබ්‍රාහ‍්මණාදීහි මනුස‍්සෙහි ච භාසිතානි “නමො තස‍්ස භගවතො”තිආදීනි (අ· නි· 2.38) තිස‍්සො සඞ‍්ගීතියො ආරූළ‍්හානි උදානානි සන‍්ති එව, න තානි ඉධ අධිප‍්පෙතානි. යානි පන සම‍්මාසම‍්බුද‍්ධෙන සාමං ආහච‍්ච භාසිතානි ජිනවචනභූතානි, යානි සන්‍ධාය භගවතා පරියත‍්තිධම‍්මං නවධා විභජිත්‍වා උද‍්දිසන‍්තෙන උදානන‍්ති වුත‍්තානි, තානෙව ධම‍්මසඞ‍්ගාහකෙහි “උදාන”න‍්ති සඞ‍්ගීතන‍්ති තදෙවෙත්‍ථ සංවණ‍්ණෙතබ‍්බභාවෙන ගහිතං.

ආදී වශයෙන් ථෙරී ගාථාවන්හිද සඳහන් වේ. මේ උදානයෝ ඒ ස්ථවිරුන්ගේ හා ස්ථවිරාවන්ගේ උදාන පමණක් නො වෙති. ඔවුන්ගේ සිංහනාදයෝ ද වෙති. ශක්‍ර ආදී දෙවිවරුන් විසින් කියන ලද ‘අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං’ යන ආදිය ද ආරාමදණ්ඩ බ්‍රහ්මණාදීන් විසින් හා මනුෂ්‍යයන් විසින් කියන ලද ‘නමො තස්ස භගවතො’ යනාදී ත්‍රිවිධ සංගීතියට ඇතුලත් කරන ලද උදාන ඇත. එම උදාන මෙහි ඇතුලත් නැත. බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කරන ලද ජින වචන නම් වූ නව ආාකරයට බෙදා දැක්වූ පර්යාප්ති ධර්මයට අයත් වූ උදානම ධර්මසංග්‍රාහක රහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන ලද්දේ ද, එම උදානම වර්ණනා කිරීම පිණිස මෙහි ඇතුලත් කරන ලද්දේය.

යා පන “අනෙකජාතිසංසාර”න‍්තිආදිගාථාය දීපිතා භගවතා බොධිමූලෙ උදානවසෙන පවත‍්තිතා අනෙකසතසහස‍්සානං සම‍්මාසම‍්බුද‍්ධානං අවිජහිතඋදානගාථා ච, එතා අපරභාගෙ පන ධම‍්මභණ‍්ඩාගාරිකස‍්ස භගවතා දෙසිතත‍්තා ධම‍්මසඞ‍්ගාහකෙහි උදානපාළියං සඞ‍්ගහං අනාරොපෙත්‍වා ධම‍්මපදෙ සඞ‍්ගීතා. යඤ‍්ච “අඤ‍්ඤාසි වත, භො කොණ‍්ඩඤ‍්ඤො, අඤ‍්ඤාසි වත, භො කොණ‍්ඩඤ‍්ඤො”ති (මහාව· 17; සං· නි· 5.1081; පටි· ම· 2.30) උදානවචනං දසසහස‍්සිලොකධාතුයා දෙවමනුස‍්සානං පවෙදනසමත්‍ථනිග‍්ඝොසවිප‍්ඵාරං භගවතා භාසිතං, තදපි ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තන‍්තදෙසනාපරියොසානෙ අත‍්තනා අධිගතධම‍්මෙකදෙසස‍්ස යථාදෙසිතස‍්ස අරියමග‍්ගස‍්ස සාවකෙසු සබ‍්බපඨමං ථෙරෙන අධිගතත‍්තා අත‍්තනො පරිස‍්සමස‍්ස සඵලභාවපච‍්චවෙක‍්ඛණහෙතුකං පඨමබොධියං සබ‍්බෙසං එව භික‍්ඛූනං සම‍්මාපටිපත‍්තිපච‍්චවෙක‍්ඛණහෙතුකං “ආරාධයිංසු වත මං භික‍්ඛූ එකං සමය”න‍්තිආදිවචනං (ම· නි· 1.225) විය පීතිසොමනස‍්සජනිතං උදාහාරමත‍්තං, “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා”තිආදිවචනං (මහාව· 1-3; උදා· 1-3) විය පවත‍්තියා නිවත‍්තියා වා න පකාසනන‍්ති, න ධම‍්මසඞ‍්ගාහකෙහි උදානපාළියං සඞ‍්ගීතන‍්ති දට‍්ඨබ‍්බං.

භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධි රුක්‍ෂ මූලයෙහි දී ‘අනෙකජාති සංසාරං’ ආදී ගාථාවෙන් ප්‍රකාශ කරන ලද උදානගාථාව නොයෙක් දහස් ගණන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහරින ලද උදාන ගාථාවකි. එය මෑත කාලයෙහි ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද බැවින් ධර්මසංග්‍රාහික රහතන් වහන්සේලා විසින් උදාන පාලියෙහි ඇතුලත් නොකොට ධර්මපද පාලියෙහි සංග්‍රහ කරන ලදි. ‘අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො’ යන උදාන වචනය දස දහසක් ලෝකයන්හි දෙවි මිනිසුන්ට දැන ගැනීමට සමර්ථ වූ මහා ශබ්ද පැතිරීමක් භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලදි. එය ද ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අවසානයේ දී තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මයෙහි එක් කොටසක් වූ ආර්ය මාර්ගය ශ්‍රාවකයන් සියලු දෙනාටම ප්‍රථම කොණ්ඩඤ්ඤ තෙරුන් විසින් අවබෝධ කරගත් බැවින් තමන්ගේ උත්සාහයෙහි සාර්ථකභාවය සිහිකිරීම නිසා ප්‍රකාශ කරන ලද්දකි. ප්‍රථම බෝධියෙහි සියලු භික්‍ෂූන්ට මැනවින් ප්‍රතිපත්ති නුවණින් සිහිපත් කිරීම පිණිස හෝතු වූ ‘ආරාධයිංසු වත මං භික්ඛූ එක සමයං’ යන ප්‍රකාශය මෙන් ප්‍රීතිසෝමනස්ස උපදවන ප්‍රකාශ මාත්‍රයක් පමණි. ‘යදා භවෙ පාතුභවන්ති ධම්මා’ ආදි ප්‍රකාශය මෙන් පවතින හෝ නොපවතින ප්‍රකාශන ධර්මසංග්‍රාහකයන් වහන්සේලා විසින් උදාන පාලියෙහි සංග්‍රහ නොකරන ලද බව දතයුතුයි.

තං පනෙතං උදානං විනයපිටකං, සුත‍්තන‍්තපිටකං, අභිධම‍්මපිටකන‍්ති තීසු පිටකෙසු සුත‍්තන‍්තපිටකපරියාපන‍්නං, දීඝනිකායො, මජ‍්ඣිමනිකායො, සංයුත‍්තනිකායො, අඞ‍්ගුත‍්තරනිකායො, ඛුද‍්දකනිකායොති පඤ‍්චසු නිකායෙසු ඛුද‍්දකනිකායපරියාපන‍්නං, සුත‍්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථා, උදානං, ඉතිවුත‍්තකං, ජාතකං, අබ‍්භුතධම‍්මං, වෙදල‍්ලන‍්ති නවසු සාසනඞ‍්ගෙසු උදානසඞ‍්ගහං.

ඒ මේ උදානය වනාහි විනය පිටකය සුත්තන්ත පිටකය, අභිධම්ම පිටකය යන තුන් පිටකය අතරින් සුත්තන්ත පිටකයට අයත් වන්නේය. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන නිකායග්‍රන්ථ පස අතරින් ඛුද්දක නිකායට අයත් වේ. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතික, අබ්භුතධම්ම, වෙදල්ල යන නවාංග ශාස්තෲ ශාසනයෙහි උදානය ඇතුලත් වේ.

“ද‍්වාසීති බුද‍්ධතො ගණ‍්හිං, ද‍්වෙ සහස‍්සානි භික‍්ඛුතො; චතුරාසීති සහස‍්සානි, යෙ මෙ ධම‍්මා පවත‍්තිනො”ති. (ථෙරගා· 1027) –

ද්වාසීතිං බුද්ධතො ගණ්හි ද්වෙ සහස්සානි භික්ඛු තො චතුරාසීති සහස්සානි යෙ මෙ ධම්මා පවත්තිතො’ති

බුදුරදුන්ගෙන් උදාන අසූදෙකක් ද, භික්‍ෂූන්ගෙන් දෙ දහසක් ද යි මේ ධර්මයෝ අසූහාර දහසක් වෙති.

එවං ධම‍්මභණ‍්ඩාගාරිකෙන පටිඤ‍්ඤාතෙසු චතුරාසීතියා ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සෙසු කතිපයධම‍්මක‍්ඛන්‍ධසඞ‍්ගහං. බොධිවග‍්ගො, මුචලින්‍දවග‍්ගො, නන්‍දවග‍්ගො, මෙඝියවග‍්ගො, සොණවග‍්ගො, ජච‍්චන්‍ධවග‍්ගො, චූළවග‍්ගො, පාටලිගාමියවග‍්ගොති වග‍්ගතො අට‍්ඨවග‍්ගං; සුත‍්තතො අසීතිසුත‍්තසඞ‍්ගහං, ගාථාතො පඤ‍්චනවුතිඋදානගාථාසඞ‍්ගහං. භාණවාරතො අඩ‍්ඪූනනවමත‍්තා භාණවාරා. අනුසන්‍ධිතො බොධිසුත‍්තෙ පුච‍්ඡානුසන්‍ධිවසෙන එකානුසන්‍ධි, සුප‍්පවාසාසුත‍්තෙ පුච‍්ඡානුසන්‍ධියථානුසන්‍ධිවසෙන ද‍්වෙ අනුසන්‍ධී, සෙසෙසු යථානුසන්‍ධිවසෙන එකෙකොව අනුසන්‍ධි, අජ‍්ඣාසයානුසන්‍ධි පනෙත්‍ථ නත්‍ථි. එවං සබ‍්බථාපි එකාසීතිඅනුසන්‍ධිසඞ‍්ගහං. පදතො සතාධිකානි එකවීස පදසහස‍්සානි, ගාථාපාදතො තෙවීසති චතුස‍්සතාධිකානි අට‍්ඨ සහස‍්සානි , අක‍්ඛරතො සත‍්තසහස‍්සාධිකානි සට‍්ඨි සහස‍්සානි තීණි ච සතානි ද‍්වාසීති ච අක‍්ඛරානි. තෙනෙතං වුච‍්චති –

මෙසේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද අසූහාර දහසක් ධර්මස්කන්ධයෙහි උදාන පාලිය සංග්‍රහ වී ඇත. බෝධි වර්ගය, මුචලින්ද වර්ගය, නන්ද වර්ගය, මේඝිය වර්ගය, සෝණ වර්ගය, ජච්චන්‍ධ වර්ගය, චුල්ල වර්ගය, පාටලීගාමිය වර්ගය යි වර්ග වශයෙන් අටකි. සූත්‍ර වශයෙන් සූත්‍ර අසූවකි. ගාථා වශයෙන් අනූපසක් උදානගාථා සංග්‍රහ වී ඇත. භාණවාර වශයෙන් සතලිස් පහකි. බෝධි සූත්‍රයෙහි පුච්ඡා අනුසන්ධි වශයෙන් එක් අනුසන්ධියකි. සුප්පාවාසා සූත්‍රයෙහි පච්ඡා අනුසන්ධි දෙකකි. සෙසු තන්හි අනුසන්ධි වශයෙන් එකම අනුසන්ධියකි. අජ්ඣාසය අනුසන්ධි මෙහි නැත. මෙසේ අසූ එකක් අනුසන්ධි සංග්‍රහ වී ඇත. පද වශයෙන් එක්විසි දහස් සියයකි. ගාථා පද වශයෙන් විසිඅට දහස් හාරසිය විසිතුනකි. අක්‍ෂර වශයෙන් හැටහත්දහස් තුන්සිය අසූ දෙකක් වේ. එය මෙසේ කියනු ලැබේ -

“අසීති එව සුත‍්තන‍්තා, වග‍්ගා අට‍්ඨ සමාසතො; ගාථා ච පඤ‍්චනවුති, උදානස‍්ස පකාසිතා.

අසීති එව සුත්තන්තා වග්ගා අට්ඨ සමාසතො ගාථා ව පඤ්චනවුති උදානස්ස පකාසිතා

“අඩ‍්ඪූනනවමත‍්තා ච, භාණවාරා පමාණතො; එකාධිකා තථාසීති, උදානස‍්සානුසන්‍ධියො.

අඩ්ඪුන නවමත්තාව භාණවාරා පමාණතො එකාධිකා තථාසීති උදානස්සා නු සන්‍ධියො

“එකවීසසහස‍්සානි, සතඤ‍්චෙව විචක‍්ඛණො; පදානෙතානුදානස‍්ස, ගණිතානි විනිද‍්දිසෙ”.

එකවීස සහස්සානි සතඤ්ඤෙ ව විචක්ඛණො පදානෙතානුදානස්ස ගණිතානි විනිද්දිසෙ

ගාථාපාදතො පන –

ගාථා පද වශයෙන් :

“අට‍්ඨසහස‍්සමත‍්තානි, චත‍්තාරෙව සතානි ච; පාදානෙතානුදානස‍්ස, තෙවීසති ච නිද‍්දිසෙ.

අට්ඨසහස්ස මත්තානි චත්තාරෙව සතානිච පාදානෙතානුදානස්ස තෙ වීසති ච නිද්දිසෙ

“අක‍්ඛරානං සහස‍්සානි, සට‍්ඨි සත‍්ත සතානි ච; තීණි ද‍්වාසීති ච තථා, උදානස‍්ස පවෙදිතා”ති.

අක්ඛරානං සහස්සානි සට්ඨිසත්ත සතානි ච තිණිද්වාසීති ච තථා උදානස්ස පමෙදිතා

තස‍්ස අට‍්ඨසු වග‍්ගෙසු බොධිවග‍්ගො ආදි, සුත‍්තෙසු පඨමං බොධිසුත‍්තං, තස‍්සාපි එවං මෙ සුතන‍්තිආදිකං ආයස‍්මතා ආනන්‍දෙන පඨමමහාසඞ‍්ගීතිකාලෙ වුත‍්තනිදානමාදි. සා පනායං පඨමමහාසඞ‍්ගීති විනයපිටකෙ (චූළව· 437) තන‍්තිමාරූළ‍්හා එව. යො පනෙත්‍ථ නිදානකොසල‍්ලත්‍ථං වත‍්තබ‍්බො කථාමග‍්ගො සොපි සුමඞ‍්ගලවිලාසිනියං දීඝනිකායට‍්ඨකථායං (දී· නි· අට‍්ඨ· 1.නිදානකථා) වුත‍්තො එවාති තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

ඒ වර්ග අට අතර බෝධිවර්ගය ප්‍රථම වර්ගයයි. සූත්‍ර අතර බෝධි සූත්‍රය යි. එහි ද ‘මා විසින් මෙසේ අසන ලදි’ (එවම්මෙ සුතං) ආදිය ආයුෂ්මත් ආනන්ද හිමියන් විසින් ප්‍රථම සංගීති අවස්ථාවෙහි කියන ලද නිදාන ආදියයි. ප්‍රථම සංගීතියෙහි දී විනය පිටකයෙහි පාලියට නගන ලද එය නිදානය කමට ඇති දක්ෂ බව පැහැදිලි කිරීමේ කථා මාර්ගයයි. එය සුමංගල විලාසිනී දීඝනිකාය අර්ථ කථාවෙහි කියන ලද පරිදි දතයුතුයි.