යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්‍ථාරම‍්භකථා

ග්‍රන්ථ ආරම්භ කථා

1. කරුණාසීතලහදයං, පඤ‍්ඤාපජ‍්ජොතවිහතමොහතමං; සනරාමරලොකගරුං, වන්‍දෙ සුගතං ගතිවිමුත‍්තං.

1. කරුණාවෙන් තෙත් වූ ළයක් ඇති, ප්‍රඥා නමැති පහනින් නැසූ මෝහාන්ධකාර ඇති, දෙවිමිනිසුන් සහිත ලෝවැසියනට ගුරු වූ නිරයාදී ගතීන්ගෙන් වෙසෙසින් මිදුනු සුගතයන් වහන්සේට මම වඳිමි.

2. බුද‍්ධොපි බුද‍්ධභාවං, භාවෙත්‍වා චෙව සච‍්ඡිකත්‍වා ච; යං උපගතො ගතමලං, වන්‍දෙ තමනුත‍්තරං ධම‍්මං.

2. බුදුරජාණන් වහන්සේ ද, අරිඅටඟි මඟ වැඩීමෙන්ද නිවන් පසක් කිරීමෙන් ද, සම්මා සම්බුදු පදවියට පැමිණි සේක් ද, පහවූ රාගාදී මල ඇති, ඒ ලොව්තුරු දහම් වඳිමි.

3. සුගතස‍්ස ඔරසානං, පුත‍්තානං මාරසෙනමථනානං; අට‍්ඨන‍්නම‍්පි සමූහං, සිරසා වන්‍දෙ අරියසඞ‍්ඝං.

3. සුගතයන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ කෙලෙස් මරුන් පැරදවූ, ඒ අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නය සිරසින් වඳිමි.

4. ඉති මෙ පසන‍්නමතිනො, රතනත‍්තයවන්‍දනාමයං පුඤ‍්ඤං; යං සුවිහතන‍්තරායො, හුත්‍වා තස‍්සානුභාවෙන.

4. මෙසේ පැහැදුනු සිත් ඇති මගේ තුණුරුවන් වැඳීමෙන් ජනිත වූ යම් පිනක් වේද, ඒ පින් බෙලෙන් මනාව නසන ලද උවදුරු ඇතිව,

5. මජ‍්ඣිමපමාණසුත‍්තඞ‍්කිතස‍්ස ඉධ මජ‍්ඣිමාගමවරස‍්ස; බුද‍්ධානුබුද‍්ධසංවණ‍්ණිතස‍්ස පරවාදමථනස‍්ස.

5. මෙහි මැදුම් ප්‍රමාණයෙන් ලකුණු කරන ලද්දා වූ, බුදුරදුන් හා මහා ශ්‍රාවකයන් විසින් වර්ණනා කරන ලද, පරවාදයන් විලෝපනය කරන්නා වූ මජ්ඣිමාගම නම් වූ උතුම් මජ්ඣිම නිකායෙහි.

6. අත්‍ථප‍්පකාසනත්‍ථං, අට‍්ඨකථා ආදිතො වසිසතෙහි; පඤ‍්චහි යා සඞ‍්ගීතා, අනුසඞ‍්ගීතා ච පච‍්ඡාපි.

6. අරුත් ප්‍රකාශ කරනු සඳහා යම් අර්ථ කථාවක් තොමෝ පන්සියයක් මහරහතුන් විසින් ආදියෙහි (පළමු ධර්ම සංගායනාවේදී) අරුත් පළකරන ලද්දේද දෙවන තුන්වන සංගායනාවලදී අනුසංගායනා කරන ලද්දේ ද,

7. සීහළදීපං පන ආභතාථ වසිනා මහාමහින්‍දෙන; ඨපිතා සීහළභාසාය, දීපවාසීනමත්‍ථාය.

7. (පසුව) මහා මහින්ද මහරහතන් වහන්සේ විසින් සීහළ දීපයට ගෙන එන ලදුව, ලක්වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා සිංහල භාෂාවෙන් තබන ලද්දේද,

8. අපනෙත්‍වාන තතොහං, සීහළභාසං මනොරමං භාසං; තන‍්තිනයානුච‍්ඡවිකං, ආරොපෙන‍්තො විගතදොසං.

8. (බුද්ධඝෝෂ වූ) මම ඒ අර්ථ කථාවන් සිංහල භාෂාව අතහැර පෙළදහමට අනුකූල වූ සිත්කලු වූ මගධ භාෂාවට නගන්නෙමි.

9. සමයං අවිලොමෙන‍්තො, ථෙරානං ථෙරවංසදීපානං; සුනිපුණවිනිච‍්ඡයානං, මහාවිහාරෙ නිවාසීනං.

9. ආචාර්ය පරම්පරාවට ප්‍රදීපයක් බඳු වූ ඉතා සියුම් වූ ධර්ම විනිශ්චයක් ඇති. මහාවිහාරවාසී වූ තෙරවරුන්ගේ පිළිගැනීම්වලට විරුද්ධ නොවෙමින්,

10. හිත්‍වා පුනප‍්පුනාගතමත්‍ථං, අත්‍ථං පකාසයිස‍්සාමි; සුජනස‍්ස ච තුට‍්ඨත්‍ථං, චිරට‍්ඨිතත්‍ථඤ‍්ච ධම‍්මස‍්ස.

10. සාධු ජනයාගේ සතුට පිණිසද, ධර්මයාගේ බොහෝකල් පැවැත්ම පිණිස ද, නැවත, නැවත කියන ලද අර්ථය අත්හැර (මධ්‍යම නිකාය) අර්ථ කථාව ප්‍රකාශ කරන්නෙමි.

11. සීලකථා ධුතධම‍්මා, කම‍්මට‍්ඨානානි චෙව සබ‍්බානි; චරියාවිධානසහිතො, ඣානසමාපත‍්තිවිත්‍ථාරො.

11. ශීලයාගේ විස්තර කථාවද, ධුතාංග ධර්ම ද, සියලු කමටහන්ද, චරියා විධාන සහිත සියලු කමටහන් ද, ධ්‍යාන සමාපත්තීන්ගේ විස්තර ද

12. සබ‍්බා ච අභිඤ‍්ඤායො, පඤ‍්ඤාසඞ‍්කලනනිච‍්ඡයො චෙව; ඛන්‍ධාධාතායතනින්‍ද්‍රියානි අරියානි චෙව චත‍්තාරි.

12. සියලු අභිඥාවන් ද, ඒකවිධ ආදී භේදගත ප්‍රඥාවගේ සංකලනය වූ විනිශ්චය ද ඛන්‍ධ-ධාතු-ආයතන-ඉන්‍ද්‍රිය යන මොවුන් ද

13. සච‍්චානි පච‍්චයාකාරදෙසනා සුපරිසුද‍්ධනිපුණනයා; අවිමුත‍්තතන‍්තිමග‍්ගා, විපස‍්සනාභාවනා චෙව.

13. චතුරාර්ය සත්‍ය ධර්මයද, ඉතා පිරිසිදු සියුම් නය ඇති, පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න ධර්මයන් සම්බන්ධ පච්චයාකාර දේශනා ද, නොහරණ ලද දෙසුම් මඟ ඇති විපස්සනා භාවනාවද,

14. ඉති පන සබ‍්බං යස‍්මා, විසුද‍්ධිමග‍්ගෙ මයා සුපරිසුද‍්ධං; වුත‍්තං තස‍්මා භිය්‍යො, න තං ඉධ විචාරයිස‍්සාමි.

14. මෙසේ මේ සියල්ල විසුද්ධි මාර්ගයේ දී මා විසින් ඉතා සුපිරිසිදුව කියන ලදි. එහෙයින් මෙහිදී එය බොහෝසෙයින් නැවත නැවත විමසීම් නොකරන්නෙමි.

15. “මජ‍්ඣෙ විසුද‍්ධිමග‍්ගො, එස චතුන‍්නම‍්පි ආගමානඤ‍්හි; ඨත්‍වා පකාසයිස‍්සති, තත්‍ථ යථාභාසිතමත්‍ථං”.

15. දීඝ, මජ්ඣිම ආදී සතර ආගම (නිකාය) මැද මෙම විසුද්ධි මාර්ගය වේ. එහි වර්ණනා කළ අර්ථ හැර මෙය පවසමි.

16. ඉච‍්චෙව කතො තස‍්මා, තම‍්පි ගහෙත්‍වාන සද‍්ධිමෙතාය; අට‍්ඨකථාය විජානථ, මජ‍්ඣිමසඞ‍්ගීතියා අත්‍ථන‍්ති.

16. මෙසේ විසුද්ධි මාර්ගයම සාධාරණ තන්හි තබා කරන ලද්දේද, එබැවින් එම විසුද්ධි මාර්ගයම මෙම මජ්ඣිම නිකාය අට්ඨකථාව සමග ගෙන මජ්ඣිම නිකාය පිළිබඳ අර්ථ කථාව දැනගනු මැනවි.

නිදානකථා

නිදාන වර්ණනා

තත්‍ථ මජ‍්ඣිමසඞ‍්ගීති නාම පණ‍්ණාසතො මූලපණ‍්ණාසා මජ‍්ඣිමපණ‍්ණාසා උපරිපණ‍්ණාසාති පණ‍්ණාසත‍්තයසඞ‍්ගහා. වග‍්ගතො එකෙකාය පණ‍්ණාසාය පඤ‍්ච පඤ‍්ච වග‍්ගෙ කත්‍වා පන‍්නරසවග‍්ගසමායොගා. සුත‍්තතො දියඩ‍්ඪසුත‍්තසතං ද‍්වෙ ච සුත‍්තන‍්තා. පදතො තෙවීසුත‍්තරපඤ‍්චසතාධිකානි අසීතිපදසහස‍්සානි. තෙනාහු පොරාණා –

මෙම මජ්ඣිම නිකාය වූ කලී පණ්ණාසක වශයෙන්, මූල පණ්ණාසක, මජ්ඣිම පණ්ණාසක, උපරි පණ්ණාසක යයි පණ්ණාසක තුනකින් සංග්‍රහ වන්නීය. වර්ග වශයෙන් එක එක පණ්ණාසකයෙහි වර්ග පසක් බැගින් වර්ග පසළොසකින් යුක්ත වන්නීය. සූත්‍ර දේශනාවෝ එකසිය පනස් දෙකෙක් වෙති. පද වශයෙන්, තෙවිස්සකට වැඩි වූ පන්සියයක් අධික කොට ඇති, අසූ පද දහසක් වෙති. එහෙයින් පොරාණයෝ කීහ.

“අසීතිපද සහස්සානි භිය්‍යො පඤ්ච සතානිච පුන තෙවීසති වුත්තා පදමෙවං වවත්‍ථිතං”

“අසීතිපදසහස‍්සානි, භිය්‍යො පඤ‍්චසතානි ච; පුන තෙවීසති වුත‍්තා, පදමෙවං වවත්‍ථිත”න‍්ති.

අසූ පද දහසක් ද, නැවත පන්සියයක් ද, නැවත තෙවිස්සක් ද කියන ලද්දාහුය. මෙසේ පද ව්‍යවස්ථා කරන ලදි. මෙයින් අසූදහස් පන්සිය තෙවිසි පද කෙනෙක් කියන ලද්දාහු වෙති. අක්‍ෂර වශයෙන් අක්‍ෂර පන්සිය දහසක්ද, සතලිස් දහසක් ද, තෙපනස් අකුරෙක් ද වෙති.

අක‍්ඛරතො සත‍්ත අක‍්ඛරසතසහස‍්සානි චත‍්තාලීසඤ‍්ච සහස‍්සානි තෙපඤ‍්ඤාසඤ‍්ච අක‍්ඛරානි. භාණවාරතො අසීති භාණවාරා තෙවීසපදාධිකො ච උපඩ‍්ඪභාණවාරො. අනුසන්‍ධිතො පුච‍්ඡානුසන්‍ධි-අජ‍්ඣාසයානුසන්‍ධි-යථානුසන්‍ධිවසෙන සඞ‍්ඛෙපතො තිවිධො අනුසන්‍ධි. විත්‍ථාරතො පනෙත්‍ථ තීණි අනුසන්‍ධිසහස‍්සානි නව ච සතානි හොන‍්ති. තෙනාහු පොරාණා –

මේ අයුරින් අකුරු සත්ලක්‍ෂ සතලිස් දහස් තෙපනසකැයි දක්වන ලදි. බණවර වශයෙන් අසූ බණවරක් ද තෙවිසි පදයක් අධික කොට ඇති, අඩ බණවරක් ද වේ. අනුසන්ධි වශයෙන්, පුච්ඡානු සන්ධි, අජ්ඣාසයානු සන්ධි, යථානු සන්ධි යයි සැකෙවින් තුන් අනුසන්ධියකි. විස්තර වශයෙන් අනුසන්ධීහු තුන්දහසක් ද නවසියයක් ද වෙති. එහෙයින් කීහ, පොරාණයෝ -

“තීණි සන්‍ධි සහස්සානි - තථානව සතානිච අනුසන්‍ධි නයා එතෙ - මජ්ඣිමස්ස පකාසිතා”

“තීණි සන්‍ධිසහස‍්සානි, තථා නවසතානි ච; අනුසන්‍ධිනයා එතෙ, මජ‍්ඣිමස‍්ස පකාසිතා”ති.

යනුවෙන් (මජ්ඣිම නිකායයාගේ අනුසන්ධි තුන්දහසක්ද, එසේම නවසියයක්ද යන මේ අනුසන්ධි ක්‍රමයන් ප්‍රකාශ කරන ලද්දාහුය. මෙයින් මජ්ඣිම නිකාය පිළිබඳ වූ මේ තුන්දහස් නවසියයක් සම්බන්ධ අනුසන්ධි ක්‍රමයක් ප්‍රකාශ කරන ලද බැව් පෙනේ.

තත්‍ථ පණ‍්ණාසාසු මූලපණ‍්ණාසා ආදි, වග‍්ගෙසු මූලපරියායවග‍්ගො, සුත‍්තෙසු මූලපරියායසුත‍්තං. තස‍්සාපි “එවං මෙ සුත”න‍්තිආදිකං ආයස‍්මතා ආනන්‍දෙන පඨමමහාසඞ‍්ගීතිකාලෙ වුත‍්තං නිදානමාදි.

එහි පණ්ණාසක අතුරෙන් මූලපණ්ණාසක ආදියයි වර්ග අතුරෙන් මූලපරියාය ආදියයි. සූත්‍රයන් අතුරෙන් මූලපරියාය සූත්‍රය පාදයයි. එම සූත්‍රයාගේ ද ‘එවං මෙ සුතං’ යනුවෙන් දැක්වෙන අනඳ තෙරුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංගායනාවේදී වදාළ නිදාන ආදිය වෙයි.

සා පනෙසා පඨමමහාසඞ‍්ගීති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය ආදිම‍්හි විත්‍ථාරිතා. තස‍්මා සා තත්‍ථ විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බා.

එම ධර්ම සංගීති කථා තොමෝ සුමංගල විලාසිනී දීඝනිකායට්ඨ කථාවේ විස්තර කරන ලද්දේය. එහෙයින් එය එහි විස්තර කළ අයුරින් දත යුත්තේය.