යෙදුමෙන් කියවන්න

11. දසුත‍්තරසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

11. දසුත‍්තරසුත‍්තවණ‍්ණනා

11. දසුත්තර සූත්‍රාන්ත වර්ණනාව

එවං මෙ සුතන‍්ති දසුත‍්තරසුත‍්තං. තත්‍රායං අපුබ‍්බපදවණ‍්ණනා – ආවුසො භික‍්ඛවෙති සාවකානං ආලපනමෙතං. බුද‍්ධා හි පරිසං ආමන‍්තයමානා ‘භික‍්ඛවෙ’ති වදන‍්ති. සාවකා සත්‍ථාරං උච‍්චට‍්ඨානෙ ඨපෙස‍්සාමාති සත්‍ථු ආලපනෙන අනාලපිත්‍වා ආවුසොති ආලපන‍්ති. තෙ භික‍්ඛූති තෙ ධම‍්මසෙනාපතිං පරිවාරෙත්‍වා නිසින‍්නා භික‍්ඛූ. කෙ පන තෙ භික‍්ඛූති? අනිබද‍්ධවාසා දිසාගමනීයා භික‍්ඛූ. බුද‍්ධකාලෙ ද‍්වෙ වාරෙ භික‍්ඛූ සන‍්නිපතන‍්ති – උපකට‍්ඨවස‍්සූපනායිකකාලෙ ච පවාරණකාලෙ ච. උපකට‍්ඨවස‍්සූපනායිකාය දසපි වීසතිපි තිංසම‍්පි චත‍්තාලීසම‍්පි පඤ‍්ඤාසම‍්පි භික‍්ඛූ වග‍්ගා වග‍්ගා කම‍්මට‍්ඨානත්‍ථාය ආගච‍්ඡන‍්ති. භගවා තෙහි සද‍්ධිං සම‍්මොදිත්‍වා කස‍්මා, භික‍්ඛවෙ, උපකට‍්ඨාය වස‍්සූපනායිකාය විචරථාති පුච‍්ඡති. අථ තෙ “භගවා කම‍්මට‍්ඨානත්‍ථං ආගතම‍්හ, කම‍්මට‍්ඨානං නො දෙථා”ති යාචන‍්ති.

දසුත්තර සූත්‍රය මවිසින් මෙසේ අසන ලදී. එහි මේ පෙර අවර්ණිත පද වර්ණනාවයි. ආවුසො භිකඛවො - මෙය ශ්‍රාවකයින්ගේ ආලපනයයි. බුදුවරු වනාහි පිරිස අමතන්නේ “භික්ඛවෝ” යයි කියති. සාවකයෝ ශාස්තෲන් වහන්සේ උස්තැන තබමු යයි ශාස්තෲa ආලපනයෙන් නො අමතා “ආවුසො” යයි අමතති. තෙ භික්ඛු - ධම්ම සේනාපති පිරිවරා හිඳි ඒ භික්ෂූහු. ඒ භික්ෂූහු කවරහුද? අනුබද්ධ වාසයෙන් දිසා ගමනෙහි යෙදුණු භික්ෂූහු. බුද්ධ කාලයෙහි භික්ෂූහු වාර දෙකක් රැස්වෙති. වස් එළඹෙන සමීප කාලයෙහි දහයක් ද විස්සක් ද තිහක් ද හතලිහක් ද පනහක් ද වශයෙන් සමුහ සමූහව කමටහන් ගැනීම සඳහා පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලා සමග සාමීචියේ යෙදී මහණෙනි, කවර ස්ථානයක් සමීපයේ වස් වෙසෙන්නේහුදැයි විමසති. ඉක්බිති උන්වහන්සේලා කමටහන් පිණිස පැමිණියෙමු. අපට කමටහන් දෙනු මැනවැයි අයදිති.

සත්‍ථා තෙසං චරියවසෙන රාගචරිතස‍්ස අසුභකම‍්මට‍්ඨානං දෙති. දොසචරිතස‍්ස මෙත‍්තාකම‍්මට‍්ඨානං, මොහචරිතස‍්ස උද‍්දෙසො පරිපුච‍්ඡා – ‘කාලෙන ධම‍්මස‍්සවනං, කාලෙන ධම‍්මසාකච‍්ඡා, ඉදං තුය‍්හං සප‍්පාය’න‍්ති ආචික‍්ඛති. විතක‍්කචරිතස‍්ස ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං දෙති. සද‍්ධාචරිතස‍්ස පසාදනීයසුත‍්තන‍්තෙ බුද‍්ධසුබොධිං ධම‍්මසුධම‍්මතං සඞ‍්ඝසුප‍්පටිපත‍්තිඤ‍්ච පකාසෙති. ඤාණචරිතස‍්ස අනිච‍්චතාදිපටිසංයුත‍්තෙ ගම‍්භීරෙ සුත‍්තන‍්තෙ කථෙති. තෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා සචෙ සප‍්පායං හොති, තත්‍ථෙව වසන‍්ති. නො චෙ හොති, සප‍්පායං සෙනාසනං පුච‍්ඡිත්‍වා ගච‍්ඡන‍්ති. තෙ තත්‍ථ වසන‍්තා තෙමාසිකං පටිපදං ගහෙත්‍වා ඝටෙත්‍වා වායමන‍්තා සොතාපන‍්නාපි හොන‍්ති සකදාගාමිනොපි අනාගාමිනොපි අරහන‍්තොපි.

ශාස්තෲන් වහන්සේ උන්වහන්සේලාගේ චරිත වශයෙන් රාග චරිතයාට අසුභ කමටහන දෙති. දෝස චරිතයට මෙත්තා කමටහන මෝහ චරිතයාට උදෙසීම ප්‍රශ්න ඇසීම සුදුසු කාලයෙහි දහම් ඇසීම, සාකච්ඡා මෙය ඔබට සප්පාය යයි කියති. විතක්ක චරිතයට ආනාපාන සති කමටහන දෙති. සද්ධා චරිතයට ප්‍රසාදනීය සූත්‍රාන්තයකින් බුදුරදුන්ගේ සුබෝධිය, ධර්මයේ සුධර්මතාව, සංඝ සුප්‍රතිපත්ති ද ප්‍රකාශ කරති. ඤාණ චරිතයාට අනිත්‍යාදි ප්‍රතිසංයුක්ත ගැඹුරු සූත්‍රාන්තයක් කියති. උන්වහන්සේලා කමටහන් ගෙන සප්පාය වේ නම් එහිම වෙසෙති. නොවේ නම් සප්පයා සේනාසනයක් විමසා වඩිති. උන්වහන්සේලා එහි වසන්නෝ තුන් මාසයෙහි පිළිවෙතක් ගෙන වීර්ය අන්ත කොට උත්සාහ කරන්නෝ සෝවාන්වත් වෙති. සකදාගාමි ද අනාගාමි ද රහත් ද වෙති.

තතො වුත්‍ථවස‍්සා පවාරෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා “භගවා අහං තුම‍්හාකං සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා සොතාපත‍්තිඵලං පත‍්තො…පෙ… අහං අග‍්ගඵලං අරහත‍්ත”න‍්ති පටිලද‍්ධගුණං ආරොචෙන‍්ති. තත්‍ථ ඉමෙ භික‍්ඛූ උපකට‍්ඨාය වස‍්සූපනායිකාය ආගතා. එවං ආගන‍්ත්‍වා ගච‍්ඡන‍්තෙ පන භික‍්ඛූ භගවා අග‍්ගසාවකානං සන‍්තිකං පෙසෙති, යථාහ “අපලොකෙථ පන, භික‍්ඛවෙ, සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙ”ති. භික‍්ඛූ ච වදන‍්ති “කිං නු ඛො මයං, භන‍්තෙ, අපලොකෙම සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙ”ති (සං· නි· 3.2). අථ නෙ භගවා තෙසං දස‍්සනෙ උය්‍යොජෙසි. “සෙවථ, භික‍්ඛවෙ, සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙ; භජථ, භික‍්ඛවෙ, සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙ. පණ‍්ඩිතා භික‍්ඛූ අනුග‍්ගාහකා සබ්‍රහ‍්මචාරීනං. සෙය්‍යථාපි, භික‍්ඛවෙ, ජනෙතා එවං සාරිපුත‍්තො. සෙය්‍යථාපි ජාතස‍්ස ආපාදෙතා එවං මොග‍්ගල‍්ලානො. සාරිපුත‍්තො, භික‍්ඛවෙ, සොතාපත‍්තිඵලෙ විනෙති, මොග‍්ගල‍්ලානො උත‍්තමත්‍ථෙ”ති (ම· නි· 3.371).

එයින් විසූ වස් ඇත්තේ වස් පවරා සත්ථු සන්තකයට පැමිණ භාග්‍යවතුන් වහන්ස මම ඔබවහන්සේගෙන් කමටහන් ගෙන සෝවාන් පලයට පැමිණියෙමි. මම අග්‍රපල රහත්වීමයි. ලද ගුණ දන්වති. මෙසේ වස් එළඹීමට පැමිණි භික්ෂූන් ඇවිත් යනවිට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් අග්‍රශ්‍රාවකයන් වෙත යවති. යම්සේ කීහ: “මහණෙනි, සැරියුත් මුගලන් බලන්න.” ඒ භික්ෂූහු අගසව්වන්ගේ දැකීම සඳහා පිටත් කරති, “මහණෙනි, සැරියුත් මුගලන් සේවනය කරන්න භජනය කරන්න. මහණෙනි, සැරියුත් මුගලන් පණ්ඩිතයහ. භික්ෂූන් අනුග්‍රාහකයහ, මහණෙනි, සබ්‍රහ්මචාරීන්ට සැරියුත් යම්සේ මව මෙනි, මුගලන් පෝෂණය කරන පියා මෙනි. මහණෙනි, සැරියුත් සෝවාන් පලයෙහි හික්මවයි. මුගලන් උතුම් අර්ථයෙහි (රහත් ඵලයෙහි) හික්මවයි.

තදාපි භගවා ඉමෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා තෙසං භික‍්ඛූනං ආසයං උපපරික‍්ඛන‍්තො “ඉමෙ භික‍්ඛූ සාවකවිනෙය්‍යා”ති අද‍්දස. සාවකවිනෙය්‍යා නාම යෙ බුද‍්ධානම‍්පි ධම‍්මදෙසනාය බුජ‍්ඣන‍්ති සාවකානම‍්පි. බුද‍්ධවිනෙය්‍යා පන සාවකා බොධෙතුං න සක‍්කොන‍්ති. සාවකවිනෙය්‍යභාවං පන එතෙසං ඤත්‍වා කතරස‍්ස භික‍්ඛුනො දෙසනාය බුජ‍්ඣිස‍්සන‍්තීති ඔලොකෙන‍්තො සාරිපුත‍්තස‍්සාති දිස‍්වා ථෙරස‍්ස සන‍්තිකං පෙසෙසි. ථෙරො තෙ භික‍්ඛූ පුච‍්ඡි “සත්‍ථු සන‍්තිකං ගතත්‍ථ ආවුසො”ති. “ආම, ගතම‍්හ සත්‍ථාරා පන අම‍්හෙ තුම‍්හාකං සන‍්තිකං පෙසිතා”ති. තතො ථෙරො “ඉමෙ භික‍්ඛූ මය‍්හං දෙසනාය බුජ‍්ඣිස‍්සන‍්ති, කීදිසී නු ඛො තෙසං දෙසනා වට‍්ටතී”ති චින‍්තෙන‍්තො “ඉමෙ භික‍්ඛූ සමග‍්ගාරාමා, සාමග‍්ගිරසස‍්ස දීපිකා නෙසං දෙසනා වට‍්ටතී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා තථාරූපං දෙසනං දෙසෙතුකාමො දසුත‍්තරං පවක‍්ඛාමීතිආදිමාහ. තත්‍ථ දසධා මාතිකං ඨපෙත්‍වා විභත‍්තොති දසුත‍්තරො, එකකතො පට‍්ඨාය යාව දසකා ගතොතිපි දසුත‍්තරො, එකෙකස‍්මිං පබ‍්බෙ දස දස පඤ‍්හා විසෙසිතාතිපි දසුත‍්තරො, තං දසුත‍්තරං. පවක‍්ඛාමීති කථෙස‍්සාමි. ධම‍්මන‍්ති සුත‍්තං. නිබ‍්බානපත‍්තියාති නිබ‍්බානපටිලාභත්‍ථාය. දුක‍්ඛස‍්සන‍්තකිරියායාති සකලස‍්ස වට‍්ටදුක‍්ඛස‍්ස පරියන‍්තකරණත්‍ථං. සබ‍්බගන්‍ථප‍්පමොචනන‍්ති අභිජ‍්ඣාකායගන්‍ථාදීනං සබ‍්බගන්‍ථානං පමොචනං.

එකලද භගවත්හු මේ භික්ෂූන් සමග පිළිසඳර කතා කොට ඒ භික්ෂූන්ගේ ආසයන් (නිදා ඇති කෙලෙස්) පරීක්ෂා කොට මේ භික්ෂූන් සාවකයන් හික්මවිය යුතු යයි දැක්කහ. සාවකයන් හික්මවිය යුත්තෝ බුදුවරුන් හික්මවිය යුත්තෝ ශ්‍රාවකයන්ට හික්මවිය නොහැක. සාවක වෙනෙය්‍ය බව දැන කවර භික්ෂුවගේ දේශනාවෙන් අවබෝධ වෙත්දැයි බලන්නේ සැරියුත් තෙරුන්ගේ යයි දැක උන්වහන්සේ සමීපයට යැවූහ. ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන් විචාළහ. ඇවැත්නි ශාස්තෲ සමීපයට ගියහුද? එසේය ගියෙමු. ශාස්තෲන් වහන්සේ ඔබවහන්සේ ළඟට එවූහ. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ මේ භික්ෂුහු මගේ දේශනයෙන් අවබෝධකර ගනිති. කෙබඳු දේශනාවක් වටීදැයි සිතන්නේ මේ භික්ෂූහු සමගියට ඇලුනහ. සාමග්ගි රසය දක්වා දේශනාව ඔවුන්ට වටනේ යයි තීරණය කොට එබඳු වූ දේශනාවක් දෙසීමට කැමැත්තේ “දසුත්තරං පවක්ඛාමි” යනාදිය කීහ. එහි මාතෘකා දහය බැගින් තබා බෙදන ලදැයි දසුත්තරො - වේ. ඒකකයේ සිට දසකය දක්වා ගිය නිසාද දසුත්තරො වේ. එක එක කොටසෙහි ප්‍රශ්න දහය බැගින් විස්ස වූයේ ද දසුත්තර වේ. තං දසුත්තරං පවක්ඛාමි - කියන්නෙමි. ධම්මං - සූත්‍රය. නිබ්බාණ පත්තියා - නිර්වාණ ප්‍රතිලාභය සඳහා. දුක්ඛස්සන්තකිරියා - සියළු සසර දුක් කෙළවර කරනු සඳහා සබ්බගන්ථප්පමොචනං - අභිධ්‍යා කාය ග්‍රන්ථාදි සිය ග්‍රන්ථ මිදීම සඳහා.

ඉති ථෙරො දෙසනං උච‍්චං කරොන‍්තො භික‍්ඛූනං තත්‍ථ පෙමං ජනෙන‍්තො එවමෙතං උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං ධාරෙතබ‍්බං වාචෙතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්තීති චතූහි පදෙහි වණ‍්ණං කථෙසි, “එකායනො අයං, භික‍්ඛවෙ, මග‍්ගො”තිආදිනා නයෙන තෙසං තෙසං සුත‍්තානං භගවා විය.

මෙසේ දේශනා උසස් කරන්නේ එහි භික්ෂූන්ගේ ආදරය උපදවන්නේ මෙය මෙසේ උගත යුතුය. පුහුණු කළ යුතුය. ධාරණය කළයුතුය කිව යුතුය සිතන්න යයි සතර පදයකින් වර්ණනා කළහ. “එකායනො අයං භික්ඛවෙ මග්ගො” යනාදි නයින් ඒ ඒ සූත්‍රවලින් භාග්‍යවතුන් වහන්සේ මෙන්.

එකධම‍්මවණ‍්ණනා

(ක) තත්‍ථ බහුකාරොති බහූපකාරො.

එහි බහුකාරො - බොහෝ උපකාර,

(ඛ) භාවෙතබ‍්බොති වඩ‍්ඪෙතබ‍්බො.

භාවෙතබ්බො - වැඩිය යුතුය

(ග) පරිඤ‍්ඤෙය්‍යොති තීහි පරිඤ‍්ඤාහි පරිජානිතබ‍්බො.

පරිඤ්ඤෙය්‍යො - පරිඤ්ඤා තුනකින් දැනගත යුතුය.

(ඝ) පහාතබ‍්බොති පහානානුපස‍්සනාය පජහිතබ‍්බො.

පහාතබ්බො - පහාණානුපස්සනාවෙන් දුරුකළ යුතුය.

(ඞ) හානභාගියොති අපායගාමිපරිහානාය සංවත‍්තනකො.

හානභාගියො - අපායගාමී පිරිහීම පවතින.

(ච) විසෙසභාගියොති විසෙසගාමිවිසෙසාය සංවත‍්තනකො.

විසෙසභාගිය - විසේසගාමී විසේසය පිණිස පවතින.

(ඡ) දුප‍්පටිවිජ‍්ඣොති දුප‍්පච‍්චක‍්ඛකරො.

දුප්පටිවිද්ධො - දුකසේ ප්‍රත්‍යක්‍ෂ කළ.

(ජ) උප‍්පාදෙතබ‍්බොති නිප‍්ඵාදෙතබ‍්බො.

උප්පාදෙතබ්බො - නිෂ්පාදනය කළ යුතුය.

(ඣ) අභිඤ‍්ඤෙය්‍යොති ඤාතපරිඤ‍්ඤාය අභිජානිතබ‍්බො.

අභිඤ්ඤෙය්‍යං - දතයුතු දැනීම. අභිජානනය.

(ඤ) සච‍්ඡිකාතබ‍්බොති පච‍්චක‍්ඛං කාතබ‍්බො.

සච්ඡිකාතබ්බො - ප්‍රත්‍යක්ෂ කළයුතු. මාතෘකා සියළු අර්ථ මෙසේ දත යුතුය.

එවං සබ‍්බත්‍ථ මාතිකාසු අත්‍ථො වෙදිතබ‍්බො. ඉති ආයස‍්මා සාරිපුත‍්තො යථා නාම දක‍්ඛො වෙළුකාරො සම‍්මුඛීභූතං වෙළුං ඡෙත්‍වා නිග‍්ගණ‍්ඨිං කත්‍වා දසධා ඛණ‍්ඩෙ කත්‍වා එකමෙකං ඛණ‍්ඩං හීරං හීරං කරොන‍්තො ඵාලෙති, එවමෙව තෙසං භික‍්ඛූනං සප‍්පායං දෙසනං උපපරික‍්ඛිත්‍වා දසධා මාතිකං ඨපෙත්‍වා එකෙකකොට‍්ඨාසෙ එකෙකපදං විභජන‍්තො “කතමො එකො ධම‍්මො බහුකාරො, අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසූති”තිආදිනා නයෙන දෙසනං විත්‍ථාරෙතුං ආරද‍්ධො.

මෙසේ ආයුෂ්මත් සාරිපුත්ත යම්සේ දක්‍ෂ වේළුකරුවෙක් (කුළුපොත්තා) හමු වූ උණ ගසක් මුලින් කපා ගැට කැස කොටස් දහයකට කපා එක එක කොටස තීරු තීරුවලට පලයි. එමෙන් ඒ භික්ෂුන්ට සප්පාය දේශනාව පරික්ෂා කරන්නේ දස ආකාර මාතෘකා තබා එක එක කොටසක එක එක පදය බෙදන්නේ “කුසල ධර්මවල අප්‍රමාදව එක් ධර්මයක් බොහෝ උපකාර වන්නේ කෙසේද? යනාදි නයින් දේශනාව විස්තර කිරීමට ආරම්භ කළහ.

තත්‍ථ අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසූති සබ‍්බත්‍ථකං උපකාරකං අප‍්පමාදං කථෙසි. අයඤ‍්හි අප‍්පමාදො නාම සීලපූරණෙ, ඉන්‍ද්‍රියසංවරෙ, භොජනෙ මත‍්තඤ‍්ඤුතාය, ජාගරියානුයොගෙ, සත‍්තසු සද‍්ධම‍්මෙසු, විපස‍්සනාගබ‍්භං ගණ‍්හාපනෙ, අත්‍ථපටිසම‍්භිදාදීසු, සීලක‍්ඛන්‍ධාදිපඤ‍්චධම‍්මක‍්ඛන්‍ධෙසු, ඨානාට‍්ඨානෙසු, මහාවිහාරසමාපත‍්තියං, අරියසච‍්චෙසු, සතිපට‍්ඨානාදීසු, බොධිපක‍්ඛියෙසු, විපස‍්සනාඤාණාදීසු අට‍්ඨසු විජ‍්ජාසූති සබ‍්බෙසු අනවජ‍්ජට‍්ඨෙන කුසලෙසු ධම‍්මෙසු බහූපකාරො.

එහි අප්පමාදො කුසලෙසු ධම්මෙසු - හැම අතටම උපකාරවන අප්‍රමාදය, කීහ. මේ අප්‍රමාදය වනාහි සීල පූරණයෙහි ඉන්ද්‍රිය සංවරයෙහි භෝජනයේ පමණ දැනීමෙහි නිදි වැරීමෙහි සත් ධර්මවල විපස්සනා ගර්භව ගැන්වීමෙහි අත්ත පටිසම්භිදාදියෙහි සීලස්කන්ධාදි පංච ධර්මස්කන්ධවල ඨානාඨානයෙහි මහාවිහාර සමාපත්තියෙහි ආර්ය සත්‍යවල සතිපට්ඨානාදියෙහි බොජඣංග ධර්මවල විදර්ශනා ඤාණාදියෙහි අෂ්ට විද්‍යාවල සියළු අනවද්‍ය ස්ථාන කුසල ධර්මවල බොහෝ උපකාර වේ.

තෙනෙව නං භගවා “යාවතා, භික‍්ඛවෙ, සත‍්තා අපදා වා…පෙ… තථාගතො තෙසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො, භික‍්ඛවෙ, යෙ කෙචි කුසලා ධම‍්මා, සබ‍්බෙතෙ අප‍්පමාදමූලකා අප‍්පමාදසමොසරණා, අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායතී”තිආදිනා (සං· නි· 5.139) නයෙන හත්‍ථිපදාදීහි ඔපම‍්මෙහි ඔපමෙන‍්තො සංයුත‍්තනිකායෙ අප‍්පමාදවග‍්ගෙ නානප‍්පකාරං ථොමෙති. තං සබ‍්බං එකපදෙනෙව සඞ‍්ගහෙත්‍වා ථෙරො අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසූති ආහ. ධම‍්මපදෙ අප‍්පමාදවග‍්ගෙනාපිස‍්ස බහූපකාරතා දීපෙතබ‍්බා. අසොකවත්‍ථුනාපි දීපෙතබ‍්බා –

එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි සත්වයෝ අපදා හෝ තථාගතයන් වහන්සේ ඔවුන්ගේ අග්‍ර යයි කියයි. මහණෙනි, එසේම යම්කිසි කුසල ධර්මවේද ඒ සියල්ලට අප්‍රමාදය මූලකය. අප්‍රමාදය එක්තැන්වීම වේ. අප්‍රමාදය ඒ ධර්මයන්ට අග්‍ර යයි කියයි. ආදි නයින් ඇත්පිය ආදි උපමාවෙන් උපමා කරන්නේ සංයුත්ත නිකායෙහි අප්‍රමාද වර්ගයේ නොයෙක් ආකාරයෙන් වර්ණනා කළහ. ස්ථවිරයන් වහන්සේ ඒ සියල්ල එකපදයකින්ම සංග්‍රහ කොට “අප්පමාදො කුසලෙසු ධම්මෙසු” යයි කීහ. ධම්ම පදයෙහි අප්පමාද වග්ගයෙන් ද බොහෝ උපකාර ඇති බව දැක්විය යුතුය.

(ක) අසොකරාජා හි නිග්‍රොධසාමණෙරස‍්ස “අප‍්පමාදො අමතපද”න‍්ති ගාථං සුත්‍වා එව “තිට‍්ඨ, තාත, මය‍්හං තයා තෙපිටකං බුද‍්ධවචනං කථිත”න‍්ති සාමණෙරෙ පසීදිත්‍වා චතුරාසීතිවිහාරසහස‍්සානි කාරෙසි. ඉති ථාමසම‍්පන‍්නෙන භික‍්ඛුනා අප‍්පමාදස‍්ස බහූපකාරතා තීහි පිටකෙහි දීපෙත්‍වා කථෙතබ‍්බා. යංකිඤ‍්චි සුත‍්තං වා ගාථං වා අප‍්පමාදදීපනත්‍ථං ආහරන‍්තො “අට‍්ඨානෙ ඨත්‍වා ආහරසි, අතිත්‍ථෙන පක‍්ඛන්‍දො”ති න වත‍්තබ‍්බො. ධම‍්මකථිකස‍්සෙවෙත්‍ථ ථාමො ච බලඤ‍්ච පමාණං.

අසෝක වස්තුව ද දැක්විය යුතුය. අසෝක රජ ද නිග්‍රෝධ සාමණේරයන්ගේ “අප්පමාදො අමත පදං” ගාථාව අසා දරුව නවතින්න, ඔබ විසින් මට ත්‍රිපිටක බුද්ධ වචනය කියන ලදැයි සාමණේරයන් කෙරෙහි පැහැද විහාර අසූහාර දහසක් කරවීය. මෙසේ ධෛර්ය සම්පන්න භික්ෂුව විසින් අප්‍රමාදයේ බොහෝ උපකාර ඇති බැවින් තුන් පිටකය දක්වා කිව යුතුය. යම්කිසි සූත්‍රයක් හෝ ගාථාවක් හෝ අප්‍රමාදය දැක්වීම සඳහා ගෙනෙන්නේ අස්ථානයෙහි සිට ගෙන එන්නෙහි සම්පූර්ණ නොකොට ඉවත්ව ගියහයි නොසිතිය යුතුය. ධර්මකථිකයාගේ වීර්ය ද බලය ද ප්‍රමාණ වේ.

(ඛ) කායගතාසතීති ආනාපානං චතුඉරියාපථො සතිසම‍්පජඤ‍්ඤං ද‍්වත‍්තිංසාකාරො චතුධාතුවවත්‍ථානං දස අසුභා නව සිවථිකා චුණ‍්ණිකමනසිකාරො කෙසාදීසු චත‍්තාරි රූපජ‍්ඣානානීති එත්‍ථ උප‍්පන‍්නසතියා එතං අධිවචනං. සාතසහගතාති ඨපෙත්‍වා චතුත්‍ථජ‍්ඣානං අඤ‍්ඤත්‍ථ සාතසහගතා හොති සුඛසම‍්පයුත‍්තා, තං සන්‍ධායෙතං වුත‍්තං.

කායගතා සති - ආනාපාන, චතු ඉරියාපථ, සතිසමපජඤ්ඤ ද්වත්තිංසාකාරය චතුධාතු වවත්ථාන, දස අසුභ නවසීවථික, වුණ්ණික මනසිකාර, කේසාදියෙහි රූප ධ්‍යාන යන මෙහි උපන් සිහියට මෙය අධිවචනයකි. සාතසහගතා - චතුර්ථ ධ්‍යානය හැර සෙසු තන්හි සාත සහගත වේ. සැපයුත්ය. එය සඳහා කියන ලදී.

(ග) සාසවො උපාදානියොති ආසවානඤ‍්චෙව උපාදානානඤ‍්ච පච‍්චයභූතො. ඉති තෙභූමකධම‍්මමෙව නියමෙති.

සාසවො උපාදානියො - ආසවයන්ගේ ද උපාදානයන්ගේ ද ප්‍රත්‍ය වූ. මෙසේ ත්‍රෛභූමික ධර්මයම නියම වූ.

(ඝ) අස‍්මිමානොති රූපාදීසු අස‍්මීති මානො.

අස්මිමානො - රූපාදියෙහි වෙමි යන මැනීම්.

(ඞ) අයොනිසො මනසිකාරොති අනිච‍්චෙ නිච‍්චන‍්තිආදිනා නයෙන පවත‍්තො උප‍්පථමනසිකාරො.

අයොනිසො මනසිකාරො - අනිත්‍යයෙහි නිත්‍යයයි යනාදි නයින් පවතින වැරදි මාර්ග මෙනෙහි කිරීම.

(ච) විපරියායෙන යොනිසො මනසිකාරො වෙදිතබ‍්බො.

විපර්යාසයන් මෙනෙහි කිරීම යයි දත යුතුය.

(ඡ) ආනන‍්තරිකො චෙතොසමාධීති අඤ‍්ඤත්‍ථ මග‍්ගානන‍්තරං ඵලං ආනන‍්තරිකො චෙතොසමාධි නාම. ඉධ පන විපස‍්සනානන‍්තරො මග‍්ගො විපස‍්සනාය වා අනන‍්තරත‍්තා අත‍්තනො වා අනන‍්තරං ඵලදායකත‍්තා ආනන‍්තරිකො චෙතොසමාධීති අධිප‍්පෙතො.

ආනන්තරිකො චෙතො සමාධි - අන්තැනක මාර්ගයට අනතුරුව පලය ආන්නතරික වේතෝ සමාධි නම් වේ. මෙහි වනාහි විපස්සනාවට අනතුරුව මාර්ගය විපස්සනාවෙන් හෝ අනතුරුව තමාගේ හෝ අනතුරුව පලදායක බව ආනන්නතරික චේතෝ සමාධියයි අදහස් කරයි.

(ජ) අකුප‍්පං ඤාණන‍්ති අඤ‍්ඤත්‍ථ ඵලපඤ‍්ඤා අකුප‍්පඤාණං නාම. ඉධ පච‍්චවෙක‍්ඛණපඤ‍්ඤා අධිප‍්පෙතා.

අකුප්පං ඤාණං - අන්තැනක පල පඤ්ඤාව අකුප්ප ඤාණ නම් වේ. මෙහි පච්චවෙක්ඛණ ප්‍රඥාව අදහස් කෙරේ.

(ඣ) ආහාරට‍්ඨිතිකාති පච‍්චයට‍්ඨිතිකා. අයං එකො ධම‍්මොති යෙන පච‍්චයෙන තිට‍්ඨන‍්ති, අයං එකො ධම‍්මො ඤාතපරිඤ‍්ඤාය අභිඤ‍්ඤෙය්‍යො.

ආහාරට්ඨිතිකා - ප්‍රත්‍යය නිසා සිටීම. අයං එකො ධම්මො - යම් ප්‍රත්‍යයකින් ඔව්හු සිටිත් ද මේ එක ධර්මය දන්නා ලද අවබෝධයෙන් අවබෝධ කොට අවබෝධ කළ යුතු.

(ඤ) අකුප‍්පා චෙතොවිමුත‍්තීති අරහත‍්තඵලවිමුත‍්ති.

අකුප්පා චෙතො විමුත්ති - රහත්පල මුක්තිය.

ඉමස‍්මිං වාරෙ අභිඤ‍්ඤාය ඤාතපරිඤ‍්ඤා කථිතා. පරිඤ‍්ඤාය තීරණපරිඤ‍්ඤා. පහාතබ‍්බසච‍්ඡිකාතබ‍්බෙහි පහානපරිඤ‍්ඤා. දුප‍්පටිවිජ‍්ඣොති එත්‍ථ පන මග‍්ගො කථිතො. සච‍්ඡිකාතබ‍්බොති ඵලං කථිතං, මග‍්ගො එකස‍්මිංයෙව පදෙ ලබ‍්භති. ඵලං පන අනෙකෙසුපි ලබ‍්භතියෙව.

මේ වාරයෙහි අවබෝධය ඤාත පරිඤ්ඤ යයි කියන ලදී. අප්පටිචිජ්ජො - මෙහි වනාහි මාර්ගය කියන ලදී. සච්ඡිකාතබ්බං - ඵලය කියන ලදී. මාර්ගය එක පදයෙහි ලැබේ. ඵලය අන්ත පදවල ලැබේ.

භූතාති සභාවතො විජ‍්ජමානා. තච‍්ඡාති යාථාවා. තථාති යථා වුත‍්තා තථාසභාවා. අවිතථාති යථා වුත‍්තා න තථා න හොන‍්ති. අනඤ‍්ඤථාති වුත‍්තප‍්පකාරතො න අඤ‍්ඤථා. සම‍්මා තථාගතෙන අභිසම‍්බුද‍්ධාති තථාගතෙන බොධිපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා හෙතුනා කාරණෙන සයමෙව අභිසම‍්බුද‍්ධා ඤාතා විදිතා සච‍්ඡිකතා. ඉමිනා ථෙරො “ඉමෙ ධම‍්මා තථාගතෙන අභිසම‍්බුද‍්ධා, අහං පන තුම‍්හාකං රඤ‍්ඤො ලෙඛවාචකසදිසො”ති ජිනසුත‍්තං දස‍්සෙන‍්තො ඔකප‍්පනං ජනෙසි.

භූතා - ස්වභාවයෙන් විද්‍යාමාන තච්ඡා - සත්‍ය. තථා - කියන ලද සේ. අවිතථා - කියන ලද්දට වෙනස්ව නොවේ. අනඤ්ඤාථා - කියන ලද ආකාරයෙන් අන්‍ය ආකාරයකින් නොවේ. සම්මා තථාගතෙන අභිසම්බුද්ධො - තථාගතයන් විසින් බෝපළගෙහි හිඳ හේතු කරුණුවලින් තමා විසින්ම බුදු වූයේ. දන්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ සාක්ෂාත් කරන ලද්දේය. මේ ස්ථවිරයෝ මේ ධර්ම තථාගතයන් විසින් අභිසම්බුද්ධය, මම වනාහි ඔබගේ රජුගේ ලේඛ වාචක වැනිය. ජීන සූත්‍ර දක්වමින් විශ්වාසය ඇති කළහ.

එකධම‍්මවණ‍්ණනා නිට‍්ඨිතා.

ද‍්වෙධම‍්මවණ‍්ණනා

(ක) ඉමෙ ද‍්වෙ ධම‍්මා බහුකාරාති ඉමෙ ද‍්වෙ සතිසම‍්පජඤ‍්ඤා ධම‍්මා සීලපූරණාදීසු අප‍්පමාදො විය සබ‍්බත්‍ථ උපකාරකා හිතාවහා.

ඉමෙ දෙව ධම්මා බහුකාරා - මේ සති සමපජඤ්ඤ ධර්ම දෙක සීල පුරණාදියෙහි අප්‍රමාදය මෙන් සියළුතැන උපකාරකය, දියුණුව ගෙන දේ.

(ඛ) සමථො ච විපස‍්සනා චාති ඉමෙ ද‍්වෙ සඞ‍්ගීතිසුත‍්තෙ ලොකියලොකුත‍්තරා කථිතා. ඉමස‍්මිං දසුත‍්තරසුත‍්තෙ පුබ‍්බභාගා කථිතා.

සමථො ච විපස්සනා ච - මේ දෙක සංගීති සූත්‍රයේ ලෞකික ලෝකෝත්තර වශයෙන් කියන ලදී. මේ දසුත්තර සූත්‍රයෙහි මුල් කොටසෙහි කියන ලදී.

(ඡ) සත‍්තානං සංකිලෙසාය සත‍්තානං විසුද‍්ධියාති අයොනිසො මනසිකාරො හෙතු චෙව පච‍්චයො ච සත‍්තානං සංකිලෙසාය, යොනිසො මනසිකාරො විසුද‍්ධියා. තථා දොවචස‍්සතා පාපමිත‍්තතා සංකිලෙසාය; සොවචස‍්සතා කල්‍යාණමිත‍්තතා විසුද‍්ධියා. තථා තීණි අකුසලමූලානි; තීණි කුසලමූලානි. චත‍්තාරො යොගා චත‍්තාරො විසංයොගා. පඤ‍්ච චෙතොඛිලා පඤ‍්චින්‍ද්‍රියානි. ඡ අගාරවා ඡ ගාරවා. සත‍්ත අසද‍්ධම‍්මා සත‍්ත සද‍්ධම‍්මා. අට‍්ඨ කුසීතවත්‍ථූනි අට‍්ඨ ආරම‍්භවත්‍ථූනි. නව ආඝාතවත්‍ථූනි නව ආඝාතප‍්පටිවිනයා. දස අකුසලකම‍්මපථා දස කුසලකම‍්මපථාති එවං පභෙදා ඉමෙ ද‍්වෙ ධම‍්මා දුප‍්පටිවිජ‍්ඣාති වෙදිතබ‍්බා.

සත්වයන්ගේ සංකිලෙසය පිණිස සත්වයන්ගේ විසුද්ධිය පිණිස. සත්වයින් කෙලෙසීම පිණිස අයෝනිසො මනසිකාරය හේතු ද ප්‍රත්‍යයද වේ. සත්වයින් විසුද්ධිය පිණිස යෝනිසො මනසිකාරය හේතු ද ප්‍රත්‍යය ද වේ. එසේම දුර්වචභාවය පාපමිත්‍ර සේවනය සංකිලේසය පිණිස, සුවචභාවය, කල්‍යාණ මිත්‍ර සේවනය විසුද්ධිය පිණිස වේ. එසේම අකුසල් මුල් තුණ, සතර යෝග සතර විසංයෝග, පංච චේතෝඛිල, පංච ඉන්ද්‍රිය, අගාරව සය, ගාරව සය, අසද්ධම්ම සත, සද්ධම්මසත, කුසීත වස්තු අට ආරම්හ (පිරිස) වස්තු අට. නව ආඝාත වස්තු නව ආඝාත පටිවිනය, දස අකුසල කම්ම පථ දසකුසල කම්මපථ මෙසේ ප්‍රභේද වූ මේ ධර්ම දෙක අවබෝධයට අසීරුබව දත යුතුය.

(ඣ) සඞ‍්ඛතා ධාතූති පච‍්චයෙහි කතා පඤ‍්චක‍්ඛන්‍ධා. අසඞ‍්ඛතා ධාතූති පච‍්චයෙහි අකතං නිබ‍්බානං.

සංඛතා - ධාතු - ප්‍රත්‍යයෙන් කරන ලද පංචස්ඛන්ධ අසංඛත ධාතු - ප්‍රත්‍යයෙන් නොකරන ලද නිබ්බාණං

(ඤ) විජ‍්ජා ච විමුත‍්ති චාති එත්‍ථ විජ‍්ජාති තිස‍්සො විජ‍්ජා. විමුත‍්තීති අරහත‍්තඵලං.

විජ්ජා ච විමුත්තිචාති - මෙහි විජ්ජා ත්‍රිවිද්‍යා වේ. විමුත්ති අරහත්ත ඵලය.

ඉමස‍්මිං වාරෙ අභිඤ‍්ඤාදීනි එකකසදිසානෙව, උප‍්පාදෙතබ‍්බපදෙ පන මග‍්ගො කථිතො, සච‍්ඡිකාතබ‍්බපදෙ ඵලං.

මේ වාරයෙහි ආභිඤ්ඤාදිය එක සමානය. ඉපිදවිය යුතු පදය වනාහි මාර්ගය කියන ලදී. සාක්ෂාත් කළයුතු පදය ඵලයයි.

ද‍්වෙධම‍්මවණ‍්ණනා නිට‍්ඨිතා.

තයොධම‍්මවණ‍්ණනා

(ඡ) කාමානමෙතං නිස‍්සරණං යදිදං නෙක‍්ඛම‍්මන‍්ති එත්‍ථ නෙක‍්ඛම‍්මන‍්ති අනාගාමිමග‍්ගො අධිප‍්පෙතො. සො හි සබ‍්බසො කාමානං නිස‍්සරණං. රූපානං නිස‍්සරණං යදිදං ආරුප‍්පන‍්ති එත්‍ථ ආරුප‍්පෙපි අරහත‍්තමග‍්ගො. පුන උප‍්පත‍්තිනිවාරණතො සබ‍්බසො රූපානං නිස‍්සරණං නාම. නිරොධො තස‍්ස නිස‍්සරණන‍්ති ඉධ අරහත‍්තඵලං නිරොධොති අධිප‍්පෙතං. අරහත‍්තඵලෙන හි නිබ‍්බානෙ දිට‍්ඨෙ පුන ආයතිං සබ‍්බසඞ‍්ඛාරා න හොන‍්තීති අරහත‍්තං සඞ‍්ඛතනිරොධස‍්ස පච‍්චයත‍්තා නිරොධොති වුත‍්තං.

මේ කාමයන්ගේ නිස්සරණය යම් මේ නෙක්ඛම්ම මෙනි. මෙහි නෙක්ඛම්මය අනාගාම මග්ග අදහස් කරයි. එය සියළු කාමයන්ගෙන් වෙන්වීමයි. යම්සේ ආරුප්ප මෙනි. මෙහි ආරුප්පයෙහි ද නැවත ඉපදීම නිවාරණයෙන් සියළු රූපයගෙන් වෙන්වීම නම් නිරොධයයි. එහි නිස්සරණය මෙහි අරහත්ත ඵලයයි. නිරෝධය අදහස් කරයි. අරහත් ඵලයෙන් නිවන් දුටුවිට නැවත ඉදිරියට සියළු සංස්කාරයෝ නොවෙත්. රහත් බව සියළු සංඛත නිරෝධයට ප්‍රත්‍ය බැවින් නිරොධයයි කියන ලදී.

(ජ) අතීතංසෙ ඤාණන‍්ති අතීතංසාරම‍්මණං ඤාණං ඉතරෙසුපි එසෙව නයො.

අතීතං සඤ්ඤාණං - අතීත අරමුණු සහිත ඤාණය, ඉතිරි ඒවායේ ද මෙම නයයි,

ඉමස‍්මිම‍්පි වාරෙ අභිඤ‍්ඤාදයො එකකසදිසාව. දුප‍්පටිවිජ‍්ඣපදෙ පන මග‍්ගො කථිතො, සච‍්ඡිකාතබ‍්බෙ ඵලං.

මේ වාරයෙහි අභිඤ්ඤාදීහු එක සමානමය. අවබෝධයට දුෂ්කර පදය වනාහි මාර්ග යයි කියන ලදී. ක්ෂාත් ක්ෂාත් කළයුතු පද ඵලයයි

තයොධම‍්මවණ‍්ණනා නිට‍්ඨිතා.

චත‍්තාරොධම‍්මවණ‍්ණනා

(ක) චත‍්තාරි චක‍්කානීති එත්‍ථ චක‍්කං නාම දාරුචක‍්කං, රතනචක‍්කං, ධම‍්මචක‍්කං, ඉරියාපථචක‍්කං, සම‍්පත‍්තිචක‍්කන‍්ති පඤ‍්චවිධං. තත්‍ථ “යං පනිදං සම‍්ම, රථකාර, චක‍්කං ඡහි මාසෙහි නිට‍්ඨිතං, ඡාරත‍්තූනෙහී”ති (අ· නි· 3.15) ඉදං දාරුචක‍්කං. “පිතරා පවත‍්තිතං චක‍්කං අනුප‍්පවත‍්තෙතී”ති (අ· නි· 5.132) ඉදං රතනචක‍්කං. “පවත‍්තිතං චක‍්ක”න‍්ති (ම· නි· 2.399) ඉදං ධම‍්මචක‍්කං. “චතුචක‍්කං නවද‍්වාර”න‍්ති (සං· නි· 1.29) ඉදං ඉරියාපථචක‍්කං. “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, චක‍්කානි, යෙහි සමන‍්නාගතානං දෙවමනුස‍්සානං චතුචක‍්කං පවත‍්තතී”ති (අ· නි· 4.31) ඉදං සම‍්පත‍්තිචක‍්කං. ඉධාපි එතදෙව අධිප‍්පෙතං.

චත්තාරි චක්කානි - මෙහි චක්ක නම් දැව සක, රුවන් සක දහම් සක, ඉරියව් සක, සම්පත් සක යයි පස් අයුරුය. එහි යහළුව යම් මේ රියසක සමසකින් නිමකරන ලදී. සරැයකින් මේ දැව සක, පිය විසින් පවත්වන සක (අණ) අනුව පවතී. මෙය රුවන් සකයි. මෙය දහම් සකයි. සතර සක නවදොර, මෙතන ඉරියා පථ, මහණෙනි, මේ සක් සතරෙකි. මෙයින් යුත් දෙවි මිනිසුන් සතර සක් පවත්වති. මෙය සම්පත් සකයි. මෙහිද එයම අදහස් කරයි.

පතිරූපදෙසවාසොති යත්‍ථ චතස‍්සො පරිසා සන්‍දිස‍්සන‍්ති, එවරූපෙ අනුච‍්ඡවිකෙ දෙසෙ වාසො. සප‍්පුරිසූපනිස‍්සයොති බුද‍්ධාදීනං සප‍්පුරිසානං අවස‍්සයනං සෙවනං භජනං. අත‍්තසම‍්මාපණිධීති අත‍්තනො සම‍්මා ඨපනං, සචෙ පන පුබ‍්බෙ අස‍්සද‍්ධාදීහි සමන‍්නාගතො හොති, තානි පහාය සද‍්ධාදීසු පතිට‍්ඨාපනං. පුබ‍්බෙ ච කතපුඤ‍්ඤතාති පුබ‍්බෙ උපචිතකුසලතා. ඉදමෙවෙත්‍ථ පමාණං. යෙන හි ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන කුසලං කතං හොති, තදෙව කුසලං තං පුරිසං පතිරූපදෙසෙ උපනෙති, සප‍්පුරිසෙ භජාපෙසි. සො එව ච පුග‍්ගලො අත‍්තානං සම‍්මා ඨපෙති. චතූසු ආහාරෙසු පඨමො ලොකියොව. සෙසා පන තයො සඞ‍්ගීතිසුත‍්තෙ ලොකියලොකුත‍්තරමිස‍්සකා කථිතා. ඉධ පුබ‍්බභාගෙ ලොකියා.

පතිරූප දෙස වාසො - යම්තැනක සිව්පිරිස දක්නා ලැබෙත් ද එබඳු වූ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, සප්පුරිසුපස්සයො - බුද්ධාදි සත්පුරුෂයන්ගේ දැකීම සේවනය, භජනය. අත්තසම්මා පණිධි - තමා මනාව තැබීමට පෙර අශ්‍රද්ධාවෙන් යුක්තවීද ලද කුසල් ඇති බව. මෙහි මෙය ප්‍රමාණය. යම් ඤාණ සම්ප්‍රයුක්ත සිතකින් කුසල කර්ම කරන ලද්දේ වේද ඒ කුසලය ද ඒ පුරිසයා සුදුසු ප්‍රදේශයකට පමුණුවයි. සත්පුරුෂයන් භජනය කරවයි. හේ තමාම මනාව තබයි. සිවු ආහාරවල මුල් එක ලෞකිකය. සෙසු තුන පූර්වභාගය ලෞකිකය.

(ච) කාමයොගවිසංයොගාදයො අනාගාමිමග‍්ගාදිවසෙන වෙදිතබ‍්බා.

කාමයෝග විසංයෝගාදිය අනාගාමි මග්ගාදි වශයෙන් දත යුතුය.

(ඡ) හානභාගියාදීසු පඨමස‍්ස ඣානස‍්ස ලාභී කාමසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති හානභාගියො සමාධි. තදනුධම‍්මතා සති සන‍්තිට‍්ඨති ඨිතිභාගියො සමාධි. විතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති විසෙසභාගියො සමාධි. නිබ‍්බිදාසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති විරාගූපසඤ‍්හිතො නිබ‍්බෙධභාගියො සමාධීති ඉමිනා නයෙන සබ‍්බසමාපත‍්තියො විත්‍ථාරෙත්‍වා අත්‍ථො වෙදිතබ‍්බො. විසුද‍්ධිමග‍්ගෙ පනස‍්ස විනිච‍්ඡයකථා කථිතාව.

හානභාගාදියෙහි ප්‍රථම ධ්‍යානාලාභී කාමසහගත සංඥා මෙනෙහි කරමින් හැසිරෙයි. හානභාගිය සමාධි එහි ධර්මතා වශයෙන් පවතී. ඨිතිභාගිය සමාධි අවිතක්කසහගතා සංඥා මෙනෙහි කිරීම් පවතී. විසෙසභාගිය සමාධි නිබ්බදා සහගත සංඥා මනසිකාරවලින් හැසිරේ. විරාග උපසංගිත වූ නිබ්බෙධභාගිය සමාධිය මෙම නයින් සියළු සමාපත්ති විස්තර කොට අර්ථය දත යුතුය. විසුද්ධි මාර්ගයෙහි විනිශ්චය කථා කියන ලදී.

ඉමස‍්මිම‍්පි වාරෙ අභිඤ‍්ඤාදීනි එකකසදිසානෙව. අභිඤ‍්ඤාපදෙ පනෙත්‍ථ මග‍්ගො කථිතො. සච‍්ඡිකාතබ‍්බපදෙ ඵලං.

මේ වාරයෙහි අභිඤ්ඤාදිය එක සමාන වේ. මෙහි අභිඤ්ඤා පදයෙහි මාර්ගය කියන ලදී. ක්ෂාත් කළයුතු පදය ඵලය වේ.

චත‍්තාරොධම‍්මවණ‍්ණනා නිට‍්ඨිතා.

පඤ‍්චධම‍්මවණ‍්ණනා

(ඛ) පීතිඵරණතාදීසු පීතිං ඵරමානා උප‍්පජ‍්ජතීති ද‍්වීසු ඣානෙසු පඤ‍්ඤා පීතිඵරණතා නාම. සුඛං ඵරමානං උප‍්පජ‍්ජතීති තීසු ඣානෙසු පඤ‍්ඤා සුඛඵරණතා නාම. පරෙසං චෙතො ඵරමානා උප‍්පජ‍්ජතීති චෙතොපරියපඤ‍්ඤා චෙතොඵරණතා නාම. ආලොකඵරණෙ උප‍්පජ‍්ජතීති දිබ‍්බචක‍්ඛුපඤ‍්ඤා ආලොකඵරණතා නාම. පච‍්චවෙක‍්ඛණඤාණං පච‍්චවෙක‍්ඛණනිමිත‍්තං නාම. වුත‍්තම‍්පි චෙතං “ද‍්වීසු ඣානෙසු පඤ‍්ඤා පීතිඵරණතා, තීසු ඣානෙසු පඤ‍්ඤා සුඛඵරණතා. පරචිත‍්තෙ පඤ‍්ඤා චෙතොඵරණතා, දිබ‍්බචක‍්ඛු ආලොකඵරණතා. තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨිතස‍්ස පච‍්චවෙක‍්ඛණඤාණං පච‍්චවෙක‍්ඛණනිමිත‍්ත”න‍්ති (විභ· 804).

පීති පැතිරවීම ආදියෙහි ප්‍රීතිය පතුරුවමින් උපදින ධ්‍යාන දෙකෙහි ප්‍රඥාව පීති ඵරණතා නම් වේ. සැපය පතුරුවමින් ධ්‍යාන තුනෙහි උපදින ප්‍රඥාව සුඛ ඵරණතා නම් වේ. අනුන්ගේ සිත පතුරුවමින් උපදින චේතොපරිය ප්‍රඥාව චෙතො ඵරණතා නම් වේ. ආලෝකය පැතිරවීමෙහි උපදින දිබ්බචක්ඛු පඤ්ඤා ආලොක ඵරණතා නම් වේ. පච්චවෙක්ඛණා ඤාණය පච්චවෙක්ඛණ නිමිත්ත නම් වේ. මෙය කියන ලදී. ධ්‍යාන දෙකෙහි පඤ්ඤා පීති ඵරණතා නම් වේ. ධ්‍යාන තුනෙහි පඤ්ඤා සුබ පරණතා නම් වේ. පරචිත්තෙ පඤ්ඤා චෙතො ඵරණතා නම් වේ. දිබ්බචක්ඛු ආලොක ඵරණතා, ඒ ඒ සමාධිවලින් නැගිටින්නාගේ පච්චවෙක්ඛණ ඤාණය පච්චවෙක්ඛණ නිමිත්ත නම් වේ.

තත්‍ථ පීතිඵරණතා සුඛඵරණතා ද‍්වෙ පාදා විය. චෙතොඵරණතා ආලොකඵරණතා ද‍්වෙ හත්‍ථා විය. අභිඤ‍්ඤාපාදකජ‍්ඣානං මජ‍්ඣිමකායො විය. පච‍්චවෙක‍්ඛණනිමිත‍්තං සීසං විය. ඉති ආයස‍්මා සාරිපුත‍්තත්‍ථෙරො පඤ‍්චඞ‍්ගිකං සම‍්මාසමාධිං අඞ‍්ගපච‍්චඞ‍්ගසම‍්පන‍්නං පුරිසං කත්‍වා දස‍්සෙසි.

එහි ද පීති ඵරණ සුඛ පරණතා දෙක පාද මෙනි. චෙතො ඵරණ ආලොක ඵරණතා දෙක අත්දෙක මෙනි. අභිඥා පාදක ධ්‍යනාය මධ්‍යම කය මෙනි පච්චවෙක්ඛණ නිමිත්ත හිස මෙනි. මෙසේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර පංචංගික වූ සම්මා සමාධිය අඟපසඟ යුත් පුරුෂයකු කොට දැක්වීය.

(ජ) අයං සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො චෙ වාතිආදීසු අරහත‍්තඵලසමාධි අධිප‍්පෙතො. සො හි අප‍්පිතප‍්පිතක‍්ඛණෙ සුඛත‍්තා පච‍්චුප‍්පන‍්නසුඛො. පුරිමො පුරිමො පච‍්ඡිමස‍්ස පච‍්ඡිමස‍්ස සමාධිසුඛස‍්ස පච‍්චයත‍්තා ආයතිං සුඛවිපාකො.

මේ සමාධි වර්තමාන සැපය දැයි ආදියෙහි රහත් පල සමාධි අදහස් කරයි. එය අර්පිත අර්පිත ක්‍ෂණයෙහි සැප ඇතිවන බැවින් වර්තමාන සැපයයිද පළමු පළමු ඒවා පසු පසු සමාධි සැපයට හේතුවන බැවින් ආයති සැප විපාක ද වේ.

කිලෙසෙහි ආරකත‍්තා අරියො. කාමාමිසවට‍්ටාමිසලොකාමිසානං අභාවා නිරාමිසො. බුද‍්ධාදීහි මහාපුරිසෙහි සෙවිතත‍්තා අකාපුරිසසෙවිතො. අඞ‍්ගසන‍්තතාය ආරම‍්මණසන‍්තතාය සබ‍්බකිලෙසදරථසන‍්තතාය ච සන‍්තො. අතප‍්පනීයට‍්ඨෙන පණීතො. කිලෙසපටිප‍්පස‍්සද‍්ධියා ලද‍්ධත‍්තා කිලෙසපටිප‍්පස‍්සද‍්ධිභාවං වා ලද‍්ධත‍්තා පටිප‍්පස‍්සද‍්ධලද‍්ධො. පටිප‍්පස‍්සද‍්ධං පටිප‍්පස‍්සද‍්ධීති හි ඉදං අත්‍ථතො එකං. පටිප‍්පස‍්සද‍්ධකිලෙසෙන වා අරහතා ලද‍්ධත‍්තා පටිප‍්පස‍්සද‍්ධලද‍්ධො. එකොදිභාවෙන අධිගතත‍්තා එකොදිභාවමෙව වා අධිගතත‍්තා එකොදිභාවාධිගතො. අප‍්පගුණසාසවසමාධි විය සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන චිත‍්තෙන පච‍්චනීකධම‍්මෙ නිග‍්ගය‍්හ කිලෙසෙ වාරෙත්‍වා අනධිගතත‍්තා නසසඞ‍්ඛාරනිග‍්ගය‍්හවාරිතගතො. තඤ‍්ච සමාධිං සමාපජ‍්ජන‍්තො තතො වා වුට‍්ඨහන‍්තො සතිවෙපුල‍්ලපත‍්තත‍්තා. සතොව සමාපජ‍්ජති සතො වුට‍්ඨහති. යථාපරිච‍්ඡින‍්නකාලවසෙන වා සතො සමාපජ‍්ජති සතො වුට‍්ඨහති. තස‍්මා යදෙත්‍ථ “අයං සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො චෙව ආයතිඤ‍්ච සුඛවිපාකො”ති එවං පච‍්චවෙක‍්ඛමානස‍්ස පච‍්චත‍්තංයෙව අපරප‍්පච‍්චයං ඤාණං උප‍්පජ‍්ජති, තං එකමඞ‍්ගං. එස නයො සෙසෙසුපි. එවමිමෙහි පඤ‍්චහි පච‍්චවෙක‍්ඛණඤාණෙහි අයං සමාධි “පඤ‍්චඤාණිකො සම‍්මාසමාධී”ති වුත‍්තො.

කෙලෙස් වලින් ඈත් වූ නිසා අරියො - වේ. කාම ආමිස සසර ආමිස ලෝක ආමිස අභාවයෙන් නිරාමිස - වේ. බුද්ධාදි මහා පුරුෂයන් විසින් සේවනය කරන ලද බැවින් අකා පුරිස සෙවිතය. අංග සාන්ත බැවින් අරමුණු සාන්ත බැවින් සියළු කෙලෙස් කරදරවලින් සාන්ත බැවින් සාන්තය. නොතැවෙන අර්ථයෙන් ප්‍රණීතය. කෙලෙස් සංසිඳීමෙන් ලැබූ බැවින් කෙලෙස් සංසිඳුණු බැවින් ලද බැවින් සංසිඳුණු ලැබූවමින් පටිපස්සද්ධො වේ. එකෝදිභාවයෙන් අධිගත බැවින් ඒකෝදිභවයෙන්ම යුත් නිසා එකෝධිභාව අධිගතෙන වේ. අලපගුණ ආශ්‍රව සහිත සමාධි මෙන් සංඛාරයෙන් සප්‍රයෝග සිතෙන් ප්‍රත්‍යනීක ධර්මවලට නිග්‍රහකොට කෙලෙස් වලක්වා අනධිගත බැවින් සංඛාර නිග්‍රහ වැලැක්වීම නොවේ. ඒ සමාධියට සමවදින්නේ එයින් නැගී සිටින්නේ හෝ සිහි විපුලභාවයට ගියේ සිහියෙන්ම සමවදී. සිහියෙන්ම නැගිටී. එහෙයින් මෙහි මේ සමාධිය පච්වුපන්න සැපය ද ආයති සැප විපාකදැයි මෙසේ ප්‍රතිවේක්ෂාකරන්නාට පච්චුප්පන සැපය ද ආයති සැප විපාකදැයි මෙසේ ප්‍රතිවේක්ෂා කරන්නාට වෙනමම අපරපච්චය ඤාණය උපදී. එය එක මගකි. සෙස්සෙහි ද මෙම නයයි. මෙසේ මේ පස් ආකාර වූ පච්චවෙක්ඛණා ඤාණයෙන් මේ සමාධි පඤ්චඤාණික සම්මා සමාධි යයි කියන ලදී.

ඉමස‍්මිං වාරෙ විසෙසභාගියපදෙ මග‍්ගො කථිතො. සච‍්ඡිකාතබ‍්බපදෙ ඵලං. සෙසං පුරිමසදිසමෙව.

මෙම වාරයෙහි විශේෂභාගිය පදයෙහි මාර්ගය කියන ලදී. සච්ඡිකා පද ඵලං. සෙස්ස පෙර මෙනි.

ඡධම‍්මවණ‍්ණනා

ඡක‍්කෙසු සබ‍්බං උත‍්තානත්‍ථමෙව. දුප‍්පටිවිජ‍්ඣපදෙ පනෙත්‍ථ මග‍්ගො කථිතො. සෙසං පුරිමසදිසං.

ඡක්කෙ සියල්ල නොගැඹුරු අරුත් වේ. දුප්පටිවිජ්ඣ පදෙ මෙහි මාර්ගය කියන ලදී. සෙස්ස පෙර මෙනි.

සත‍්තධම‍්මවණ‍්ණනා

(ඤ) සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්තීති හෙතුනා නයෙන විපස‍්සනාඤාණෙන සුදිට‍්ඨා හොන‍්ති. කාමාති වත්‍ථුකාමා ච කිලෙසකාමා ච, ද‍්වෙපි සපරිළාහට‍්ඨෙන අඞ‍්ගාරකාසු විය සුදිට‍්ඨා හොන‍්ති. විවෙකනින‍්නන‍්ති නිබ‍්බානනින‍්නං. පොණං පබ‍්භාරන‍්ති නින‍්නස‍්සෙතං වෙවචනං. බ්‍යන‍්තීභූතන‍්ති නියතිභූතං. නිත‍්තණ‍්හන‍්ති අත්‍ථො. කුතො? සබ‍්බසො ආසවට‍්ඨානීයෙහි ධම‍්මෙහි තෙභූමකධම‍්මෙහීති අත්‍ථො. ඉධ භාවෙතබ‍්බපදෙ මග‍්ගො කථිතො. සෙසං පුරිමසදිසමෙව.

සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, හේතුනයින් විපස්සනා ඤාණයෙන් මනාව දක්නා ලදී. කාමා - වස්තුකාම ද ක්ලේශ කාම ද, දෙකම පරිළාහ අර්ථයෙන් ගිනිඅඟුරු මෙන් දක්නා ලද වේ. විවෙක නින්නං - නිවනට නැමුණු පොණං පබ්භාරං - නින්න යන්නට සමාන වචන වේ. ව්‍යාන්තිභූතං - නියති වු. තණ්හා නැති යන අර්ථයි.

අට‍්ඨධම‍්මවණ‍්ණනා

(ක) ආදිබ්‍රහ‍්මචරියිකාය පඤ‍්ඤායාති සික‍්ඛත‍්තයසඞ‍්ගහස‍්ස මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස ආදිභූතාය පුබ‍්බභාගෙ තරුණසමථවිපස‍්සනාපඤ‍්ඤාය. අට‍්ඨඞ‍්ගිකස‍්ස වා මග‍්ගස‍්ස ආදිභූතාය සම‍්මාදිට‍්ඨිපඤ‍්ඤාය. තිබ‍්බන‍්ති බලවං. හිරොත‍්තප‍්පන‍්ති හිරී ච ඔත‍්තප‍්පඤ‍්ච. පෙමන‍්ති ගෙහස‍්සිතපෙමං. ගාරවොති ගරුචිත‍්තභාවො. ගරුභාවනීයඤ‍්හි උපනිස‍්සාය විහරතො කිලෙසා නුප‍්පජ‍්ජන‍්ති ඔවාදානුසාසනිං ලභති. තස‍්මා තං නිස‍්සාය විහාරො පඤ‍්ඤාපටිලාභස‍්ස පච‍්චයො හොති.

ආදිබ්‍රහ්මචරියකාය පඤ්ඤාය - ශික්ෂාත්‍රය සංග්‍රහ වු මාර්ග බ්‍රහ්මචර්යාවට ආදිභූත වූ පූර්ව භාගයෙහි තරුණ සමථ විපස්සනා ප්‍රඥාවෙන්. අට්ඨංගික මාර්ගයට ආදිභූත වූ සම්මා දිට්ඨි ප්‍රඥාවෙන්. තිබ්බං - බලවත්. හිරොත්තප්ප - ලජ්ජා භය. පෙමං - ගෙහසිත ප්‍රේමය, ගාරවො - ගරු සිත් බව. ගරුභාවනීය උපනිශ්‍රයෙන් වාසය කරන්නේ කෙලෙස් නූපදියි. අවවාදානුසාසනා ලබයි. එහෙයින් ඒ නිසා විහාරය ප්‍රඥා ප්‍රතිලාභයට හේතු වේ.

(ඡ) අක‍්ඛණෙසු යස‍්මා පෙතා අසුරානං ආවාහනං ගච‍්ඡන‍්ති, විවාහනං ගච‍්ඡන‍්ති, තස‍්මා පෙත‍්තිවිසයෙනෙව අසුරකායො ගහිතොති වෙදිතබ‍්බො.

අක්ෂණයන්හි ප්‍රේතයෝ අසුරයන්ගේ ආවාහ විවාහයට යති. එහෙයින් පෙත්ති විසයෙන්ම අසුරකාය ගන්නා ලදැයි දත යුතුය.

(ජ) අප‍්පිච‍්ඡස‍්සාති එත්‍ථ පච‍්චයඅප‍්පිච‍්ඡො, අධිගමඅප‍්පිච‍්ඡො, පරියත‍්තිඅප‍්පිච‍්ඡො, ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡොති චත‍්තාරො අප‍්පිච‍්ඡා. තත්‍ථ පච‍්චයඅප‍්පිච‍්ඡො බහුං දෙන‍්තෙ අප‍්පං ගණ‍්හාති, අප‍්පං දෙන‍්තෙ අප‍්පතරං වා ගණ‍්හාති, න වා ගණ‍්හාති, න අනවසෙසගාහී හොති. අධිගමඅප‍්පිච‍්ඡො මජ‍්ඣන‍්තිකත්‍ථෙරො විය අත‍්තනො අධිගමං අඤ‍්ඤෙසං ජානිතුං න දෙති. පරියත‍්තිඅප‍්පිච‍්ඡො තෙපිටකොපි සමානො න බහුස‍්සුතභාවං ජානාපෙතුකාමො හොති සාකෙතතිස‍්සත්‍ථෙරො විය. ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡො ධුතඞ‍්ගපරිහරණභාවං අඤ‍්ඤෙසං ජානිතුං න දෙති ද‍්වෙභාතිකත්‍ථෙරෙසු ජෙට‍්ඨකත්‍ථෙරො විය. වත්‍ථු විසුද‍්ධිමග‍්ගෙ කථිතං. අයං ධම‍්මොති එවං සන‍්තගුණනිගූහනෙන ච පච‍්චයපටිග‍්ගහණෙ මත‍්තඤ‍්ඤුතාය ච අප‍්පිච‍්ඡස‍්ස පුග‍්ගලස‍්ස අයං නවලොකුත‍්තරධම‍්මො සම‍්පජ‍්ජති, නො මහිච‍්ඡස‍්ස. එවං සබ‍්බත්‍ථ යොජෙතබ‍්බං.

අප්පිච්ඡස්ස - පච්චය අප්පිච්ඡ අධිගම අප්පිච්ඡ පරියත්ති අප්පිච්ඡ ධුතංග අප්පිච්ඡ යයි අප්පිච්ඡ සතරකි. එහි පච්චය අපි බොහෝ දෙන්නේ ස්වල්පයක් ගනී. ස්වල්පයක් දෙන්නේ එයින් ද බොහෝ දෙන්නේ ස්වල්පයක් ගනී. අධිගම අප්පිච්ඡ මජඣත්තික තෙරුන් මෙන් තමාගේ අධිගම අන්‍යයන්ට දැන ගැනීමට නොදෙයි. පරියත්ති අප්පිච්ඡා ත්‍රිපිටකය සමාන වූයේ මුත් බහුසසුතභාවය දැක්වීමට කැමති නොවේ. සාකෙතක තිස්ස තෙරුන් මෙනි. ධුතංග අප්පිච්ඡ ධුතංග පරිහරණ බව අන්‍යයන්ට දැනගැනීමට නොදෙයි. සහෝදර තෙරුන් දෙදෙනාගෙන් දෙටු තෙරුන් මෙනි. වස්තුව විසුද්ධි මාර්ගයෙහි කියන ලදී. අයං ධම්මො - මෙසේ ඇති ගුණ සැඟවීමෙන් ද ප්‍රත්‍ය පිළිගැනීමේ පමණ දැනීමෙන් ද අපිස් පුඟුලාගේ මේ නව ලොකොත්තර ධර්මය මහිච්ඡයාට සම්පාදනය නොවේ. මෙසේ සියළු තැන යෙදිය යුතුය.

සන‍්තුට‍්ඨස‍්සාති චතූසු පච‍්චයෙසු තීහි සන‍්තොසෙහි සන‍්තුට‍්ඨස‍්ස. පවිවිත‍්තස‍්සාති කායචිත‍්තඋපධිවිවෙකෙහි විවිත‍්තස‍්ස. තත්‍ථ කායවිවෙකො නාම ගණසඞ‍්ගණිකං විනොදෙත්‍වා අට‍්ඨආරම‍්භවත්‍ථුවසෙන එකීභාවො. එකීභාවමත‍්තෙන පන කම‍්මං න නිප‍්ඵජ‍්ජතීති කසිණපරිකම‍්මං කත්‍වා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙති, අයං චිත‍්තවිවෙකො නාම. සමාපත‍්තිමත‍්තෙනෙව කම‍්මං න නිප‍්ඵජ‍්ජතීති ඣානං පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණාති, අයං උපධිවිවෙකො නාම. තෙනාහ භගවා – “කායවිවෙකො ච විවෙකට‍්ඨකායානං නෙක‍්ඛම‍්මාභිරතානං. චිත‍්තවිවෙකො ච පරිසුද‍්ධචිත‍්තානං පරමවොදානප‍්පත‍්තානං. උපධිවිවෙකො ච නිරුපධීනං පුග‍්ගලානං විසඞ‍්ඛාරගතාන”න‍්ති (මහානි· 49).

සන්තුට්ඨස්ස - සිව්පසයෙහි තුන් ආකාර සන්තෝෂයෙන් සන්තෝෂ වූවහුට. පචිවිත්තස්ස - කාය චිත්ත උපධි විවේකයෙන් විවේක ඇත්තාට, එහි කාය විවේක නම් ගණ සමුහයෙන් වෙන්ව අට ආරම්භ වස්තු වශයෙන් ඒකීයභාවයයි. ඒකීයභාවයෙන් කර්ම නොනිපදෙයයි කසිණ භාවනා කොට අෂ්ට සමාපත්ති උපදවයි. මෙය චිත්ත විවේක නමි. සමාපත්ති මත්තෙහි කර්ම නොනිපදවේ. ධ්‍යාන පාදක කොට සංඛාර සම්මර්ෂණය කර සිව්පිළිසිඹියා සහිත රහත් බවට පැමිණේ. මෙය උපධි විවේක නමි.

සඞ‍්ගණිකාරාමස‍්සාති ගණසඞ‍්ගණිකාය චෙව කිලෙසසඞ‍්ගණිකාය ච රතස‍්ස. ආරද‍්ධවීරියස‍්සාති කායිකචෙතසිකවීරියවසෙන ආරද‍්ධවීරියස‍්ස. උපට‍්ඨිතසතිස‍්සාති චතුසතිපට‍්ඨානවසෙන උපට‍්ඨිතසතිස‍්ස. සමාහිතස‍්සාති එකග‍්ගචිත‍්තස‍්ස. පඤ‍්ඤවතොති කම‍්මස‍්සකතපඤ‍්ඤාය පඤ‍්ඤවතො. නිප‍්පපඤ‍්චස‍්සාති විගතමානතණ‍්හාදිට‍්ඨිපපඤ‍්චස‍්ස.

සංගණිකාරාමස්ස - ගණ සංගණිකාය ද කිලේස සංගණිකායෙහි හැසිරෙන්නාට. ආරද්ධවිරියස්ස - කායික චෛතසික විරිය වශයෙන් පටන්ගත් වීරිය ඇත්තාට. උපට්ඨිතසතිස්ස - චතු සතිපට්ඨාන වශයෙන් එළඹසිටි සිහිය ඇත්තාට. සමාහිතස්ස - එකඟ වූ සිත් ඇත්තාට. පඤ්ඤාවදාතො - කම්මස්සක ප්‍රඥාවෙන්. නිප්පඤ්ඤස්ස - පහවූ මාන තණ්හා දිට්ඨි ප්‍රඥා ඇත්තාට.

ඉධ භාවෙතබ‍්බපදෙ මග‍්ගො කථිතො. සෙසං පුරිමසදිසමෙව.

මෙහි වැඩිය පදය මග්ග යයි කියන ලදී. සෙස්ස පෙර මෙනි.

නවධම‍්මවණ‍්ණනා

(ඛ) සීලවිසුද‍්ධීති විසුද‍්ධිං පාපෙතුං සමත්‍ථං චතුපාරිසුද‍්ධිසීලං. පාරිසුද‍්ධිපධානියඞ‍්ගන‍්ති පරිසුද‍්ධභාවස‍්ස පධානඞ‍්ගං. චිත‍්තවිසුද‍්ධීති විපස‍්සනාය පදට‍්ඨානභූතා අට‍්ඨ පගුණසමාපත‍්තියො. දිට‍්ඨිවිසුද‍්ධීති සපච‍්චයනාමරූපදස‍්සනං. කඞ‍්ඛාවිතරණවිසුද‍්ධීති පච‍්චයාකාරඤාණං. අද‍්ධත‍්තයෙපි හි පච‍්චයවසෙනෙව ධම‍්මා පවත‍්තන‍්තීති පස‍්සතො කඞ‍්ඛං විතරති. මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධීති ඔභාසාදයො න මග‍්ගො, වීථිප‍්පටිපන‍්නං උදයබ‍්බයඤාණං මග‍්ගොති එවං මග‍්ගාමග‍්ගෙ ඤාණං. පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධීති රථවිනීතෙ වුට‍්ඨානගාමිනිවිපස‍්සනා කථිතා, ඉධ තරුණවිපස‍්සනා. ඤාණදස‍්සනවිසුද‍්ධීති රථවිනීතෙ මග‍්ගො කථිතො, ඉධ වුට‍්ඨානගාමිනිවිපස‍්සනා. එතා පන සත‍්තපි විසුද‍්ධියො විත්‍ථාරෙන විසුද‍්ධිමග‍්ගෙ කථිතා. පඤ‍්ඤාති අරහත‍්තඵලපඤ‍්ඤා. විමුත‍්තිපි අරහත‍්තඵලවිමුත‍්තියෙව.

සීලවිසුද්ධි - විසුද්ධියට පැමිණවීමට සමත් චතුපාරිසුද්ධි සීලය. පාරිසුද්ධිපධානියංග - පාරිසුද්ධිභාවයට ප්‍රධාන අංග. චිත්ත විසුද්ධි - විපස්සනාව පදනම් වී ප්‍රගුණ වූ අෂ්ට සමාපත්ති. දිට්ඨි විසුද්ධි - ප්‍රත්‍ය සහිත නාමරූප දැකීම. කංඛාවිතරණ විසුද්ධි - ත්‍රි ප්‍රත්‍යකාර ඤාණය. අද්ධත්තයෙහි ද ප්‍රත්‍ය වශයෙන්ම ධර්ම පවතී යයි දකින්නේ සැක නැතිවෙයි. මහාමග්ග ඤාණදස්සන විසුද්ධි - ඔභාස (ආලෝක) ආදිය මාර්ගය නොවේ. වීථියට පිළිපන් උදයව්‍යය ඤාණය මාර්ගය වේ. මෙසේ මාර්ග අමාර්ගයේ ඤාණය. පටිපදාඤාණ දස්සනවිසුද්ධි - රථවිනීත සූත්‍රයෙහි වුට්ඨානගාමිනී විපස්සනා. මේ සත් විසුද්ධි විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි කියන ලදී. පඤ්ඤා - අරහත්තඵල ප්‍රඥාව. විමුත්ති - අරහත්තඵල විමුත්තියම.

(ඡ) ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තන‍්ති චක‍්ඛාදිධාතුනානත‍්තං පටිච‍්ච චක‍්ඛුසම‍්ඵස‍්සාදිනානත‍්තං උප‍්පජ‍්ජතීති අත්‍ථො. ඵස‍්සනානත‍්තං පටිච‍්චාති චක‍්ඛුසම‍්ඵස‍්සාදිනානත‍්තං පටිච‍්ච. වෙදනානානත‍්තන‍්ති චක‍්ඛුසම‍්ඵස‍්සජාදිවෙදනානානත‍්තං. සඤ‍්ඤානානත‍්තං පටිච‍්චාති කාමසඤ‍්ඤාදිනානත‍්තං පටිච‍්ච. සඞ‍්කප‍්පනානත‍්තන‍්ති කාමසඞ‍්කප‍්පාදිනානත‍්තං. සඞ‍්කප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තන‍්ති සඞ‍්කප‍්පනානත‍්තතාය රූපෙ ඡන්‍දො සද‍්දෙ ඡන්‍දොති එවං ඡන්‍දනානත‍්තං උප‍්පජ‍්ජති. පරිළාහනානත‍්තන‍්ති ඡන්‍දනානත‍්තතාය රූපපරිළාහො සද‍්දපරිළාහොති එවං පරිළාහනානත‍්තං උප‍්පජ‍්ජති. පරියෙසනානානත‍්තන‍්ති පරිළාහනානත‍්තතාය රූපපරියෙසනාදිනානත‍්තං උප‍්පජ‍්ජති. ලාභනානත‍්තන‍්ති පරියෙසනානානත‍්තතාය රූපපටිලාභාදිනානත‍්තං උප‍්පජ‍්ජති.

ධාතු නානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්ස නානත්තං - චක්බු ආදි ධාතු නානත්වය නිසා චක්ඛු සමඵස්සජාදි ඵස්ස නානත්වය වේ. ඵස්ස නානත්තං පටිචච - චක්ඛු සම්ඵස්ස නාතත්වය නිසා වෙදනා නානත්තං - චක්ඛු සම්ඵස්සජාදි වෙදනා නානත්වය. සඤ්ඤා නානත්තං පටිච්ච - කාම සංඥා ආදි නානත්වය නිසා. සංකප්ප නානත්තං - කාම සංකල්පාදි නානත්වය. සංකප්ප නානත්තං පටිච්ච උපපජ්ජති ඡන්ද නානත්තං - සංකල්ප නානත්වය රූපයෙහි කැමැත්ත ශබ්දයෙහි කැමැත්ත යයි මෙසේ ඡන්ද නානත්වය ඇතිවේ. පරිළාහනානත්තං - ඡන්ද නානත්වය උපදී. පරියෙසනා නානත්තං - පරිළාහ නානත්වය රූප පරියේසනාදි නානත්වය උපදී. ලාභ නානත්තං - පරියෙසන නානත්වය රූප ප්‍රතිලාභාදි නානත්වය උපදී.

(ජ) සඤ‍්ඤාසු මරණසඤ‍්ඤාති මරණානුපස‍්සනාඤාණෙ සඤ‍්ඤා. ආහාරෙපටිකූලසඤ‍්ඤාති ආහාරං පරිග‍්ගණ‍්හන‍්තස‍්ස උප‍්පන‍්නසඤ‍්ඤා. සබ‍්බලොකෙඅනභිරතිසඤ‍්ඤාති සබ‍්බස‍්මිං වට‍්ටෙ උක‍්කණ‍්ඨන‍්තස‍්ස උප‍්පන‍්නසඤ‍්ඤා. සෙසා හෙට‍්ඨා කථිතා එව. ඉධ බහුකාරපදෙ මග‍්ගො කථිතො. සෙසං පුරිමසදිසමෙව.

සංඥාවල මරණ සඤ්ඤා - මරණානුපස්සනා ඤාණයෙහි සංඥාව. ආහාරෙ පටික්කූල සඤ්ඤා - ආහාරය ගන්නාට උපන් සංඥාව. සබ්බලොකෙ අනභිරත සඤ්ඤා - සියළු සසරෙහි කලකිරුණු තැනත්තාට උපන සංඥාව. සෙස්ස යට කියන ලදී. මෙහි බහුකාර පදයෙහි මාර්ගය කියන ලදී. සෙස්ස පෙර පරිදිය.

දසධම‍්මවණ‍්ණනා

(ඣ) නිජ‍්ජරවත්‍ථූනීති නිජ‍්ජරකාරණානි. මිච‍්ඡාදිට‍්ඨි නිජ‍්ජිණ‍්ණා හොතීති අයං හෙට‍්ඨා විපස‍්සනායපි නිජ‍්ජිණ‍්ණා එව පහීනා. කස‍්මා පුන ගහිතාති අසමුච‍්ඡින‍්නත‍්තා. විපස‍්සනාය හි කිඤ‍්චාපි ජිණ‍්ණා, න පන සමුච‍්ඡින‍්නා, මග‍්ගො පන උප‍්පජ‍්ජිත්‍වා තං සමුච‍්ඡින්‍දති, න පුන වුට‍්ඨාතුං දෙති. තස‍්මා පුන ගහිතා. එවං සබ‍්බපදෙසු නයො නෙතබ‍්බො.

නිජ්ජර වත්ථුනි - නිජ්ජර කරුණු. මිච්ඡා දිට්ඨි නිජ්ජිණ්ණා හොති - මෙය යට විපස්සනායෙන් ද නිජ්ජින්නා ම ප්‍රහීනය. කුමක් හෙයින් නැවත ගන්නා ලදද? සමුච්ඡින්න නොවූ නිසා. විපස්සනාවෙන් කිසිවක් ප්‍රහීනය. සමුච්ඡින්න නොවීය. මාර්ගය වනාහි ඉපදී එය සමුච්ඡේදනය කරයි. නැවත නැගිටීමට නොදෙයි. එහෙයින් නැවත ගන්නා ලදී. මෙසේ සියළු පදවල නය පැමිණවිය යුතුය.

එත්‍ථ ච සම‍්මාදිට‍්ඨිපච‍්චයා චතුසට‍්ඨි ධම‍්මා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. කතමෙ චතුසට‍්ඨි? සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං පරිපූරෙති, පග‍්ගහට‍්ඨෙන වීරියින්‍ද්‍රියං පරිපූරෙති, අනුස‍්සරණට‍්ඨෙන සතින්‍ද්‍රියං පරිපූරෙති, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං පරිපූරෙති, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං පරිපූරෙති, විජානනට‍්ඨෙන මනින්‍ද්‍රියං, අභිනන්‍දනට‍්ඨෙන සොමනස‍්සින්‍ද්‍රියං, පවත‍්තසන‍්තතිඅධිපතෙය්‍යට‍්ඨෙන ජීවිතින්‍ද්‍රියං පරිපූරෙති…පෙ… අරහත‍්තඵලක‍්ඛණෙ අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං, පවත‍්තසන‍්තතිඅධිපතෙය්‍යට‍්ඨෙන ජීවිතින්‍ද්‍රියං පරිපූරෙතීති එවං චතූසු මග‍්ගෙසු චතූසු ඵලෙසු අට‍්ඨ අට‍්ඨ හුත්‍වා චතුසට‍්ඨි ධම‍්මා පාරිපූරිං ගච‍්ඡන‍්ති. ඉධ අභිඤ‍්ඤෙය්‍යපදෙ මග‍්ගො කථිතො. සෙසං පුරිමසදිසමෙව.

මෙහිද සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් සූසැට දහම් වැඩීම සම්පූර්ණ බවට යයි. සූසැට කවරේද? සෝවාන් මාර්ග ක්ෂණයෙහි අධිමොක්ඛ අර්ථයෙන් සද්ධා ඉන්ද්‍රිය සම්පූර්ණ කරයි. අවික්ෂෙප අර්ථයෙන් සමාධි ඉන්ද්‍රිය සම්පුර්ණ කරයි. පග්ගහ අර්ථයෙන් විරියින්ද්‍රිය සම්පුර්ණ කරයි. දර්ශන අර්ථයේ ප්‍රඥා ඉන්ද්‍රිය සම්පූර්ණ කරයි. විජානන (දැනීම්) අර්ථයෙන් මන ඉන්ද්‍රිය සම්පූර්ණ කරයි. අභිනන්ද අර්ථයෙන් සොමනස්ස ඉන්ද්‍රිය...සන්තතිය පවත්වන අධිපති අර්ථයෙන් ජීවිත ඉන්ද්‍රිය සම්පූර්ණ කරයි...අරහත්ත ඵල ලක්ෂණයෙහි අධිමොක්ඛ අර්ථයෙන් සද්ධා ඉන්ද්‍රිය සන්තතිය පවත්වන අධිපති අර්ථයෙන් ජීවිතේන්ද්‍රිය සම්පූර්ණ කරයි. මෙසේ සතර මාර්ගයෙහි සතර ඵලයෙහි අට අට වී සුසැට දහම් සම්පූර්ණත්වයට යයි. මෙහි අභිඤෙය්‍ය පදයෙහි මග්ග කියන ලදී. සෙස්ස පෙර පරිදිය.

ඉධ ඨත්‍වා පඤ‍්හා සමොධානෙතබ‍්බා. දසකෙ සතං පඤ‍්හා කථිතා. එකකෙ ච නවකෙ ච සතං, දුකෙ ච අට‍්ඨකෙ ච සතං, තිකෙ ච සත‍්තකෙ ච සතං, චතුක‍්කෙ ච ඡක‍්කෙ ච සතං, පඤ‍්චකෙ පඤ‍්ඤාසාති අඩ‍්ඪඡට‍්ඨානි පඤ‍්හසතානි කථිතානි හොන‍්ති.

මෙහි සිට ප්‍රශ්න සමෝධානය කළයුතුය. දසකයෙහි ප්‍රශ්න සියයක් කියන ලදී. එකෙහි ද නවකයෙහි ද සියයක්, දුකෙහිද අට්ඨකයෙහි ද සියයක්, තිකෙහි ද සත්තකයෙහි ද සියයක්. චතුක්කයෙහි ද ඡක්කයෙහි ද සියයක්. පඤ්චකයෙහි පනහක් දැයි අද්ධ ඡට්ඨ ප්‍රශ්න සියය කියන ලද්දේ වේ.

“ඉදමවොච ආයස‍්මා සාරිපුත‍්තො, අත‍්තමනා තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දු”න‍්ති සාධු, සාධූති අභිනන්‍දන‍්තා සිරසා සම‍්පටිච‍්ඡිංසු. තාය ච පන අත‍්තමනතාය ඉමමෙව සුත‍්තං ආවජ‍්ජමානා පඤ‍්චසතාපි තෙ භික‍්ඛූ සහ පටිසම‍්භිදාහි අග‍්ගඵලෙ අරහත‍්තෙ පතිට‍්ඨහිංසූති.

ආයුෂ්මත් සාරිපුත්ත රහතන් වහන්සේ මෙය දේශනා කළහ. ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්ත රහතන් වහන්සේගේ දේශනාවට සන්තෝෂ වි සතුටු වූහ. සාධු සාධු යයි සතුටු වන්නේ හිස් මුදුනින් පිළිගත්හ. ඒ සන්තෝෂයෙන් මේ සූත්‍රය ආවර්ජනා කරන්නේ ඒ භික්ෂුහු පන්සිය දෙනාම සිව්පිලිසිඹියා සහිත අග්‍ර ඵලය වූ රහත් බවෙහි පිහිටියහ.

සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය දසුත‍්තරසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දසුත්තර සූත්‍ර වර්ණනාව නිමි.

නිට‍්ඨිතා ච පාථිකවග‍්ගස‍්ස වණ‍්ණනාති. පාථිකවග‍්ගට‍්ඨකථා නිට‍්ඨිතා.

පාටික වර්ගය සමාප්තයි.

නිගමනකථා

එත‍්තාවතා ච –

ආයාචිතො සුමඞ‍්ගල, පරිවෙණනිවාසිනා ථිරගුණෙන; දාඨානාගසඞ‍්ඝත්‍ථෙරෙන, ථෙරවංසන්‍වයෙන.

දීඝාගමවරස‍්ස දසබල, ගුණගණපරිදීපනස‍්ස අට‍්ඨකථං; යං ආරභිං සුමඞ‍්ගල, විලාසිනිං නාම නාමෙන.

සා හි මහාට‍්ඨකථාය, සාරමාදාය නිට‍්ඨිතා; එසා එකාසීතිපමාණාය, පාළියා භාණවාරෙහි.

එකූනසට‍්ඨිමත‍්තො, විසුද‍්ධිමග‍්ගොපි භාණවාරෙහි; අත්‍ථප‍්පකාසනත්‍ථාය, ආගමානං කතො යස‍්මා.

තස‍්මා තෙන සහා’යං, අට‍්ඨකථා භාණවාරගණනාය; සුපරිමිතපරිච‍්ඡින‍්නං, චත‍්තාලීසසතං හොති.

සබ‍්බං චත‍්තාලීසාධිකසත, පරිමාණං භාණවාරතො එවං; සමයං පකාසයන‍්තිං, මහාවිහාරෙ නිවාසිනං.

මූලකට‍්ඨකථාසාර, මාදාය මයා ඉමං කරොන‍්තෙන; යං පුඤ‍්ඤමුපචිතං තෙන, හොතු සබ‍්බො සුඛී ලොකොති.

පරමවිසුද‍්ධසද‍්ධාබුද‍්ධිවීරියපටිමණ‍්ඩිතෙන සීලාචාරජ‍්ජවමද‍්දවාදිගුණසමුදයසමුදිතෙන සකසමයසමයන‍්තරගහනජ‍්ඣොගාහණසමත්‍ථෙන පඤ‍්ඤාවෙය්‍යත‍්තියසමන‍්නාගතෙන තිපිටකපරියත‍්තිප‍්පභෙදෙ සාට‍්ඨකථෙ සත්‍ථුසාසනෙ අප‍්පටිහතඤාණප‍්පභාවෙන මහාවෙය්‍යාකරණෙන කරණසම‍්පත‍්තිජනිතසුඛවිනිග‍්ගතමධුරොදාරවචනලාවණ‍්ණයුත‍්තෙන යුත‍්තමුත‍්තවාදිනා වාදීවරෙන මහාකවිනා පභින‍්නපටිසම‍්භිදාපරිවාරෙ ඡළභිඤ‍්ඤාදිප‍්පභෙදගුණපටිමණ‍්ඩිතෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ සුප‍්පතිට‍්ඨිතබුද‍්ධීනං ථෙරවංසප‍්පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ‍්කාරභූතෙන විපුලවිසුද‍්ධබුද‍්ධිනා බුද‍්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්‍යෙන ථෙරෙන කතා අයං සුමඞ‍්ගලවිලාසිනී නාම දීඝනිකායට‍්ඨකථා –

තාව තිට‍්ඨතු ලොකස‍්මිං, ලොකනිත්‍ථරණෙසිනං; දස‍්සෙන‍්තී කුලපුත‍්තානං, නයං දිට‍්ඨිවිසුද‍්ධියා.

යාව බුද‍්ධොති නාමම‍්පි, සුද‍්ධචිත‍්තස‍්ස තාදිනො.; ලොකම‍්හි ලොකජෙට‍්ඨස‍්ස, පවත‍්තති මහෙසිනොති.

සුමඞ‍්ගලවිලාසිනී නාම දීඝනිකායට‍්ඨකථා නිට‍්ඨිතා.

දීඝනිකායට්ඨ කථාව නිමියේය.