දසුත්තරසුත්තං
11.
11.
දසුත්තරසුත්තං
දසුත්තර සූත්‍රය
1. එවං මෙ සුතං:
1. මා විසින් මෙසේ අසන ලදි:
එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි.
භාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක්හි භික්ෂූන් පන්සියයක් පමණ වූ මහත් භික්ෂුසඞ්ඝයා සමග චම්පා නුවර සමීපයෙහි ගර්ගරා පොකුණු තෙරැ වැඩ වසන සේක.
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: ‘ආවුසො භික්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
එහි දී වනාහි සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්ෂූන් ඇමැතූහ. ‘ඇවැත්නි’ යි කියා ම ඒ භික්ෂුහු සැරියුත් තෙරුනට පිළිවදන් දුන්හ. සැරියුත් තෙරණුවෝ මෙය වදාළාහ:
දසුත්තරං පවක්ඛාමි ධම්මං නිබ්බානපත්තියා,දුක්ඛස්සන්තකිරියාය සබ්බගන්ථප්පමොචනං.
නිවන් පැමිණෙනු පිණිස, දුක් කෙළවර කරනු පිණිස, සියලු කෙලෙස් ගැට ලිහන දශෝත්තර ධර්මය (ඒකකය පටන් කොට දශකය හිම් කොට සංඛ්‍යා විසින් නැඟී ගිය ධර්ම සමුදාය වූ සූත්‍ර දේශනාව) කියන්නෙමි.
එකො ධම්මො
ඒකධර්ම
2. එකො ආවුසො ධම්මො බහුකාරො, එකො ධම්මො භාවෙතබ්බො, එකො ධම්මො පරිඤ්ඤෙය්යො, එකො ධම්මො පහාතබ්බො, එකො ධම්මො හානභාගියො, එකො ධම්මො විසෙසභාගියො, එකො ධම්මො දුප්පටිවිජ්ඣො, එකො ධම්මො උප්පාදෙතබ්බො, එකො ධම්මො අභිඤ්ඤෙය්යො, එකො ධම්මො සච්ඡිකාතබ්බො.
2. ඇවැත්නි, බහුප්‍රකාර වූ එක් ධර්මයෙක. භාවයිතව්‍ය (වැඩියැ යුතු) එක් ධර්මයෙක. පරිඡ්ඤේය (පිරිසින්දැ යුතු) එක් ධර්මයෙක. ප්‍රහාතව්‍ය (පහ කළ යුතු) එක් ධර්මයෙක. හානභාගික (පිරිහීම බජන, අපායගාමී) එක් ධර්මයෙක. විශේෂභාගික (විශේෂ ගුණ ලැබීම පිණිස පවත්නා) එක් ධර්මයෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය (දුකසේ පිළිවිදියැ යුතු) එක් ධර්මයෙක. උත්පාදයිතව්‍ය (ඉපැදැවියැ යුතු) එක් ධර්මයෙක. අභිඡ්ඤේය (ඥාතපරිඥායෙන් වෙසෙයින් දත යුතු) එක් ධර්මයෙක. සාක්ෂාත් කර්තව්‍ය එක් ධර්මයෙක.
කතමො එකො ධම්මො බහුකාරො? අප්පමාදො කුසලෙසු ධම්මෙසු. අයං එකො ධම්මො බහුකාරො.
බහුපකාර වූ එක් ධර්මය කවර යැ? කුසල්දහම්හි අප්‍රමාදය යැ. මේ බහූපකාර වූ එක් ධර්මය යැ.
කතමො එකො ධම්මො භාවෙතබ්බො? කායගතාසති සාතසහගතා. අයං එකො ධම්මො භාවෙතබ්බො.
භාවයිතව්‍ය එක් ධර්මය කවර යැ? සුඛවේදනාසම්ප්රයුක්ත කායගතාස්මෘතිය ය (ආනාපාන චතුඉරියාපථ, සතිසම්පජඤ්ඤ, ද්වත්තිංසාකාර, චතුධාතුවවත්ථාන, දසඅසුභ, නවසීවථිකා, චුණ්ණිකමනසිකාර, කේසාදීන්හි වැඩූ සතර රූපධ්‍යාන යන මේ දෑ බැවීමෙහි උපන් සිහිය ය). මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්මය යැ.
කතමො එකො ධම්මො පරිඤ්ඤෙය්යො? ඵස්සො සාසවො උපාදානියො. අයං එකො ධම්මො පරිඤ්ඤෙය්යො.
පරිඥේය (පිරිසින්දැ යුතු) එක් ධර්මය කවර යැ? ආස්‍රව උපාදාන දෙකට ම ප්‍රත්‍යය වූ ස්පර්ශය යැ. මේ පරිඥේය එක් ධර්මය යැ.
කතමො එකො ධම්මො පහාතබ්බො? අස්මිමානො, අයං එකො ධම්මො පහාතබ්බො.
ප්‍රහාතව්‍ය (පහ කළ යුතු) එක් ධර්මය කවර යැ? අස්මිමානය යැ. මේ ප්‍රහාතව්‍ය එක් ධර්මය යැ.
කතමො එකො ධම්මො හානභාගියො? අයොනිසො මනසිකාරො. අයං එකො ධම්මො හානභාගියො.
හානභාගික එක් ධර්මය කවර යැ? අයෝනිසෝමනස්කාරය යැ. මේ හානභාහික එක් ධර්මය යැ.
කතමො එකො ධම්මො විසෙසභාගියො? යොනිසො මනසිකාරො. අයං එකො ධම්මො විසෙසභාගියො.
විශේෂභාගික එක් ධර්මය කවර යැ? යෝනිසෝමනස්කාරය යැ. මේ විශේෂභාගික එක් ධර්මය යැ.
කතමො එකො ධම්මො දුප්පටිවිජ්ඣො? ආනන්තරිකො චෙතොසමාධි. අයං එකො ධම්මො දුප්පටිවිජ්ඣො.
දුෂ්ප්‍රතිවිධ්‍ය එක් ධර්මය කවර යැ? ආනන්තරික චිත්තසමාධිය (විදර්ශනාවට අනතුරු මාර්ගය) යැ. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය එක් ධර්මය යැ.
කතමො එකො ධම්මො උප්පාදෙතබ්බො? අකුප්පං ඤාණං. අයං එකො ධම්මො උප්පාදෙතබ්බො.
උත්පාදයිතව්‍ය එක් ධර්මය කවර යැ? අකෝප්‍ය ඥානය (ප්රත්යවේක්ෂණ ප්‍රඥාව) යැ. මේ උත්පාදයිතව්යු එක් ධර්මය යැ.
කතමො එකො ධම්මො අභිඤ්ඤෙය්යො? සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. අයං එකො ධම්මො අභිඤ්ඤෙය්යො.
අභිඥෙය එක් ධර්මය කවර යැ? සියලු සත්හු ආහාරයෙන් (ප්‍රත්‍යයයෙන්) සිටුනාහු ය යන්න යැ. මේ අභිඥෙය එක් ධර්මය යැ.
කතමො එකො ධම්මො සච්ඡිකාතබ්බො? අකුප්පා චෙතොවිමුත්ති. අයං එකො ධම්මො සච්ඡිකාතබ්බො.
සාක්‍ෂාත්කර්‍තව්‍ය (ප්රත්යක්ෂ කළ යුතු) එක් ධර්මය කවර යැ? අකෝප්‍ය චේතෝවිමුක්තිය (අර්හත්ත්වඵලවිමුක්තිය) යැ. මේ සාක්ෂාත් කර්තව්‍ය එක් ධර්මය යැ.
ඉති ඉමෙ දස ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ භූත වූ (සැබැවින් ඇති) තථ්‍ය වූ (ඇති සැටි ම වූ) තථ (කී පරිදි ම වූ) අවිතථ (කී පරිදි ම මිස අන් සැටියක් නැති) අනන්‍යථ (අන්සැටියෙකින් නැති) මේ දශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට තමන් ම අවබෝධ කරන ලදහ.
ද්වෙ ධම්මා
දෙදෙනෙක් ධර්මයෝ
3. ද්වෙ ධම්මා බහුකාරා, ද්වෙ ධම්මා භාවෙතබ්බා, ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්යා, ද්වෙ ධම්මා පහාතබ්බා, ද්වෙ ධම්මා හානභාගියා, ද්වෙ ධම්මා විසෙසභාගියා, ද්වෙ ධම්මා දුප්පටිවිජ්ඣා, ද්වෙ ධම්මා උප්පාදෙතබ්බා, ද්වෙ ධම්මා අභිඤ්ඤෙය්යා, ද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා.
3. බහුපකාර වූ ධර්මදෙකෙක. භාවයිතව්‍ය ධර්මදෙකෙක. පරිඥේය ධර්ම දෙකෙක. ප්‍රහාතව්‍ය ධර්ම දෙකෙක. හානභාගික ධර්ම දෙකෙක. විශේෂභාගික ධර්ම දෙකෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම දෙකෙක. උත්පාදයිතව්‍ය ධර්ම දෙකෙක. අභිඥෙය ධර්ම දෙකෙක. සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම දෙකෙක.
කතමෙ ද්වෙ ධම්මා බහුකාරා? සති ච සම්පජඤ්ඤං ච. ඉමෙ ද්වෙ ධම්මා බහුකාරා.
බහුපකාරධර්ම දෙක කවර යැ? සතියත් (සිහියත්) සම්පජඤ්ඤයත් (නුවණත්) ය. මේ බහුපකාර ධර්ම දෙක යැ.
කතමෙ ද්වෙ ධම්මා භාවෙතබ්බා? සමථො ච විපස්සනා ච. ඉමෙ ද්වෙ ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය ධර්ම දෙක කවර යැ? ශමථයත් විදර්ශනාවත් යැ. මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්ම දෙක යැ.
කතමෙ ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්යා? නාමඤ්ච රූපඤ්ච. ඉමෙ ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්යා.
පරිඥේය ධර්ම දෙක කවර යැ? නාමයත් රූපයත් යැ. මේ පරිඥේය (පිරිසින්දැ යුතු) ධර්ම දෙක යැ.
කතමෙ ද්වෙ ධම්මා පහාතබ්බා? අවිජ්ජා ච භවතණ්හා ච. ඉමෙ ද්වෙ ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම දෙක කවර යැ? අවිද්‍යාවත් භවතෘෂ්ණාවත් යැ. මේ ප්රහාවතව්ය ධර්ම දෙක යැ.
කතමෙ ද්වෙ ධම්මා හානභාගියා? දොවචස්සතා ච පාපමිත්තතා ච. ඉමෙ ද්වෙ ධම්මා හානභාගියා.
හානභාගික ධර්ම දෙක කවර යැ? දුර්වච බවත් පාපමිත්‍රයන් ඇති බවත්යැ. මේ හානභාගික ධර්ම දෙක යැ.
කතමෙ ද්වෙ ධම්මා විසෙසභාගියා? සොවචස්සතා ච කල්යාණමිත්තතා ච. ඉමෙ ද්වෙ ධම්මා විසෙසභාගියා.
විශේෂභාගික ධර්ම දෙක කවර යැ? සුවච බවත් කලණ මිතුරන් ඇති බවත් යැ. මේ විශේෂභාගික ධර්ම දෙක යැ.
කතමෙ ද්වෙ ධම්මා දුප්පටිවිජ්ඣා? යො ච හෙතු යො ච පච්චයො සත්තානං සංකිලෙසාය, යො ච හෙතු යො ච පච්චයො සත්තානං විසුද්ධියා. ඉමෙ ද්වෙ ධම්මා දුප්පටිවිජ්ඣා.
දුෂ්ප්‍රතිවිධ්‍ය (දුක සේ පිළිවිදියැ යුතු) ධර්ම දෙක කවර යැ? සත්වයන්ගේ කෙලෙසීමට හේතු වූ ප්‍රත්‍යය වූ යම් ධර්මයෙක් වේ නම් එය ද, සත්වයන්ගේ පිරිසිදු බවට හේතු වූ ප්‍රත්‍යය වූ යම් ධර්මයෙක් වේ නම් එය ද යන දෙක ය. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම දෙක ය.
කතමෙ ද්වෙ ධම්මා උප්පාදෙතබ්බා? ද්වෙ ඤාණානි ඛයෙ ඤාණං, අනුප්පාදෙ ඤාණං. ඉමෙ ද්වෙ ධම්මා උප්පාදෙතබ්බා.
උත්පාදයිතව්‍ය (ඉපදැවියැ යුතු) ධර්ම දෙක කවර යැ? ක්ෂයයෙහි නුවණ (මාර්ගසිත්හි වූ කෙලෙස් නසන නුවණ) ත් අනුත්පාදයෙහි නුවණ (ඒ ඒ මඟින් කෙලෙස් නැසීමෙන් නැවැත ඔවුන් නො උපදනා බවට පත් වූ අවසනැ උපන් පලසිත්හි නුවණ) ත් ය. මේ උත්පාදයිතව්‍ය නුවණ දෙක යැ.
කතමෙ ද්වෙ ධම්මා අභිඤ්ඤෙය්යා? ද්වෙ ධාතුයො: සඞ්ඛතා ච ධාතු අසඞ්ඛතා ච ධාතු. ඉමෙ ද්වෙ ධම්මා අභිඤ්ඤෙය්යා.
අභිඥෙය ධර්ම (වෙසෙසි නුවණින් දත යුතු දහම්) දෙක කවර යැ? සංස්කෘතධාතුවත් (පංචස්කන්ධයත්) අසංස්කෘතධාතුවත් (නිවනත්) ය. මේ අභිඥෙය ධර්ම දෙක යැ.
කතමෙ ද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා? විජ්ජා ච විමුත්ති ච. ඉමෙ ද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා.
සාක්ෂාත් කර්තව්‍ය ධර්ම දෙක කවර යැ? විද්‍යාත් (පෙර ජාති දක්නා නුවණ, දිවැස, කෙලෙස් නසන නුවණ යන තුන් විද්‍යාත්) විමුක්තිත් (රහත් පලයත්) ය. මේ සාක්ෂාත් කළ යුතු ධර්ම දෙක යැ.
ඉති ඉමෙ වීසති ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ මේ භූත වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ විසි ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට තමන් ම අවබෝධ කරන ලද්දාහු යැ.
තයොධම්මා
තිදෙනෙක් ධර්මයෝ
4. තයො ධම්මා බහුකාරා, තයො ධම්මා භාවෙතබ්බා -පෙ- තයො ධම්මා සච්ඡිකාතබ්බා.
4. බහූපකාර වූ ධර්ම තුනෙක. භාවයිතව්‍ය ධර්ම තුනෙක. පරිඥේය ධර්ම තුනෙක. ප්‍රහාතව්‍ය ධර්ම තුනෙක හානභාගික ධර්ම තුනෙක. විශේෂභාගික ධර්ම තුනෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම තුනෙක. උත්පාදයිතව්‍ය ධර්ම තුනෙක. අභිඥෙය ධර්ම තුනෙක. සාක්ෂාත් කර්තව්‍ය ධර්ම තුනෙක.
කතමෙ තයො ධම්මා බහුකාරා? සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, ධම්මානුධම්මප්පටිපත්ති. ඉමෙ තයො ධම්මා බහුකාරා.
බහුපකාර ධර්ම තුන කවුරු යැ? සත්පුරුෂාශ්රයයත් සද්ධර්මශ්රවණයත් ධර්මානුධර්මප්රතිපත්තියත් යැ, මේ බහූපකාර ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා භාවෙතබ්බා? තයො සමාධී: සවිතක්කසවිචාරො සමාධි, අවිතක්කවිචාරමත්තො සමාධි, අවිතක්ක අවිචාරො සමාධි. ඉමෙ තයො ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය ධර්ම තුන කවුරු යැ? සවිතර්ක සවිචාර සමාධියත් අවිතර්ක විචාරමාත්‍ර සමාධියත් අවිතර්ක අවිචාර සමාධියත් යැ. මේ භාවයිතව්‍ය ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා පරිඤ්ඤෙය්යා? තිස්සො වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමෙ තයො ධම්මා පරිඤ්ඤෙය්යා.
පරිඥේය ධර්ම තුන කවර යැ? සුඛවේදනා දුඃඛවේදනා අදුඃඛාසුඛ වේදනා යන තුන් වේදනාවෝ යැ. මේ පරිඥේය ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා පහාතබ්බා? තිස්සො තණ්හා: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉමෙ තයො ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම තුන කවර යැ? කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා යන තුන් තෘෂ්ණා යැ. මේ ප්‍රහාතව්‍ය ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා හානභාගියා? තීණි අකුසලමූලානි: ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං. ඉමෙ තයො ධම්මා හානභාගියා.
හානභාගික ධර්ම තුන කවර යැ? ලෝභ නම් වූ අකුසල් මුල, ද්වේෂ නම් වූ අකුසල් මුල, මෝහ නම් වූ අකුසල් මුල යන තුන් අකුසල් මුල් යැ. මේ හානභාගික ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා විසෙසභාගියා? තීණි කුසලමූලානි: අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං. ඉමෙ තයො ධම්මා විසෙසභාගියා.
විශේෂභාගික ධර්ම තුන කවර යැ? අලෝභ නම් වූ කුසල් මුල, අද්වේෂ නම් වූ කුසල් මූල, අමෝහ නම් වූ කුසල් මුලැ යි යන තුන් කුසල් මුලැ යැ. මේ විශේෂභාගික ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා දුප්පටිවිජ්ඣා? තිස්සො නිස්සරණියා ධාතුයො: කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං, රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං, යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං නිරොධො තස්ස නිස්සරණං. ඉමෙ තයො ධම්මා දුප්පටිවිජ්ඣා.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම තුන කවර යැ? නිඃශරණීය ධාතු තුන යැ: නෙක්ඛම්මය (අනාගාමි මාර්ගය) යන මෙය කාමයන්ගේ නිඃශරණය යැ, ආරූප්‍යය (රහත් මඟය) යන මෙය රූපයන්ගේ නිඃශරණය යැ, ප්‍රත්‍යයයන් නිසා සකස්වූ, ප්‍රත්‍යයයන් එක් වැ පහළ වූ යම් කිසි දැයෙක් ඇද්ද නිරෝධය (රහත් පලය) එහි නිඃශරණ යැ. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා උප්පාදෙතබ්බා? තීණි ඤාණානි: අතීතංසෙ ඤාණං, අනාගතං සෙ ඤාණං, පච්චුප්පන්නං සෙ ඤාණං. ඉමෙ තයො ධම්මා උප්පාදෙතබ්බා.
උත්පාදයිතව්‍ය ධර්ම තුන කවර යැ? අතීතාංශය (අතීත ස්කන්ධ පංචකය) අරමුණු කොටැති නුවණ, අනාගතාංශය (අනාගත ස්කන්ධ) අරමුණු කොටැති නුවණ, ප්රත්යුත්පන්නාංශය (වර්තමාන ස්කන්ධ) අරමුණු කොටැති නුවණ යන තුන් ඥානයෝ යැ. මේ උත්පාදයිතව්‍ය ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා අභිඤ්ඤෙය්යා? තිස්සො ධාතුයො: කාමධාතු, රූපධාතු, අරූපධාතු. ඉමෙ තයො ධම්මා අභිඤ්ඤෙය්යා.
අභිඥෙය ධර්ම තුන කවර යැ? කාමධාතු (කාමභවය), රූපධාතු (රූප භවය). අරූපධාතු (අරූප භවය) යන තුන යැ. මේ අභිඥෙය ධර්ම තුන යැ.
කතමෙ තයො ධම්මා සච්ඡිකාතබ්බා? තිස්සො විජ්ජා: පුබ්බෙනිවාසානුස්සතිඤාණං විජ්ජා, සත්තානං චුතූපපාතෙ ඤාණං විජ්ජා, ආසවානං ඛයෙ ඤාණං විජ්ජා: ඉමෙ තයො ධම්මා සච්ඡිකාතබ්බා.
සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම තුන කවර යැ? ත්‍රි විද්‍යාවෝ යැ: පෙරැ වුසූ කඳපිළිවෙළ දක්නා නුවණ විද්‍යාවෙක, සත්වයන්ගේ ච්‍යුති උපපත්ති දක්නා නුවණ විද්‍යාවෙක, ආස්‍රවයන්ගේ ක්ෂයයෙහි නුවණ (සතර මග නුවණ) විද්‍යාවෙක. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම තුන යැ.
ඉති ඉමෙ තිංස ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ තිස් දහම්හු තථාගතයන් වහන්සේ විසින් තමන් ම මොනොවට වෙසෙසි නුවණින් අවබෝධ කරන ලද්දාහ.
චත්තාරො ධම්මා
චතුෂ්කය
5. චත්තාරො ධම්මා බහුකාරා, චත්තාරො ධම්මා භාවෙතබ්බා -පෙ- චත්තාරො ධම්මා සච්ඡිකාතබ්බා.
5. බහූපකාර ධර්ම සතරෙක. භාවයිතව්‍ය ධර්ම සතරෙක … සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම සතරෙක.
කතමෙ චත්තාරො ධම්මා බහුකාරා? චත්තාරි චක්කානි: පතිරූපදෙසවාසො, සප්පුරිසූපනිස්සයො, අත්තසම්මාපණිධි, පුබ්බෙ ච කතපුඤ්ඤතා. ඉමෙ චත්තාරො ධම්මා බහුකාරා.
බහූපකාර ධර්ම සතර කවරේ යැ? සතර සම්පත්ති චක්‍රයෝ යැ: සුදුසු රටැ විසීම, සත්පුරුෂයන් ඇසුරු කිරීමය, තමා ශ්‍රද්ධාදි ගුණධර්මයන්හි පිහිටුවීම යැ, පෙරැ කළ පින් ඇති බව යැ. මේ බහූපකාර ධර්ම සතර යැ.
කතමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා? චත්තාරො සතිපට්ඨානා: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. -පෙ- වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය ධර්ම සතර කවරේ යැ? සතර සතිපට්ඨානයෝ යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කෙලෙස් තවන වැර ඇත්තේ නුවණින් දන්නේ, සිහි ඇත්තේ ලොව කෙරෙහි අභිධ්‍යා හා දොම්නස් හා බැහැර කොට කයෙහි කායානුපස්සී ව වෙසෙයි, … වේදනාවන්හි … සිතෙහි චිත්තානුපස්සී වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා හා දොම්නස් හා බැහැරැ කොට ධර්මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මේ භාවයිතව්‍ය සතර ධර්මයෝ යැ.
කතමෙ චත්තාරො ධම්මා පරිඤ්ඤෙය්යා? චත්තාරො ආහාරා: කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ චත්තාරො ධම්මා පරිඤ්ඤෙය්යා.
පරිඥේය ධර්ම සතර කවරේ යැ? සතර ආහාරයෝ යැ: ඖදාරික වූ හෝ සියුම් වූ කබලීකාරාහාරය, දෙවෙනි ස්පර්ශාහාර ය, තෙවෙනි මනස්සඤේචතනාහාර ය, සතරවැනි විඥානාහාර යි. මේ පරිඥේය වූ සතර ධර්මයෝ යැ.
කතමෙ චත්තාරො ධම්මා පහාතබ්බා? චත්තාරො ඔඝා: කාමොඝො, භවොඝො, දිට්ඨොඝො, අවිජ්ජොඝො. ඉමෙ චත්තාරො ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම සතර කවරේ යැ? කාම ඕඝ, භව ඕඝ, දෘෂ්ටි ඕඝ, අවිද්‍යා ඕඝ යන ඕඝ සතර යි. මේ ප්‍රහාතව්‍ය ධර්ම සතර යැ.
කතමෙ චත්තාරො ධම්මා හානභාගියා? චත්තාරො යොගා: කාමයොගො, භවයොගො, දිට්ඨියොගො, අවිජ්ජායොගො. ඉමෙ චත්තාරො ධම්මා හානභාගියා.
හානභාගික ධර්ම සතර කවර යැ? කාමයෝග, භවයෝග, දෘෂ්ටියෝග, අවිද්‍යායෝග යන සතර යෝගයෝ යැ. මේ හානභාගික ධර්ම සතර යැ.
කතමෙ චත්තාරො ධම්මා විසෙසභාගියා? චත්තාරො විසංයොගා: කාමයොගවිසංයොගො, භවයොගවිසංයොගො, දිට්ඨියොගවිසංයොගො, අවිජ්ජායොගවිසංයොගො. ඉමෙ චත්තාරො ධම්මා විසෙසභාගියා.
විශේෂභාගික ධර්ම සතර කවර යැ? කාමයෝගවිසංයෝගය (කාමයොගයෙන් මිදීම - අශුභධ්‍යානය හා එය පාදක කොට ලත් අනාගාමි මාර්ගය), භවයෝග විසංයෝගය (භවයොගයෙන් මිදීම, රහත්මඟ), දෘෂ්ටියෝගවිසංයෝගය (දෘෂ්ටිබන්‍ධනයෙන් මිදීම - සෝවාන් මඟ), අවිද්යායෝගවිසංයෝගය (අවිද්යාබන්ධනයෙන් මිදීම - රහත්බව) යන සතර විසංයෝගයෝ යැ. මොහු විශේෂභාගික ධර්ම සතර යැ.
කතමෙ චත්තාරො ධම්මා දුප්පටිවිජ්ඣා? චත්තාරො සමාධායො: හානභාගියො සමාධි, ඨිතිභාගියො සමාධි, විසෙසභාගියො සමාධි, නිබ්බෙධභාගියො සමාධි. ඉමෙ චත්තාරො ධම්මා දුප්පටිවිජ්ඣා.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම සතර කවර යැ? හානභාගික සමාධිය (නීවරණ ඇති බැවින් පිරිහීම භජනය කරන සමාධිය), ස්ථිතිභාගික සමාධිය (පිරිහීම් වැසීම් නැති ව ස්ථිතිය සෙව්නා සමාධිය) විශේෂභාගික සමාධිය (මතු විශේෂාධිගමයට ප්‍රත්‍යය වන සමාධිය), නිර්වේදභාගික සමාධිය (නිවන් සෙවුනා සමාධිය) යන සතර සමාධිහුය, මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම සතර යැ.
කතමෙ චත්තාරො ධම්මා උප්පාදෙතබ්බා? චත්තාරි ඤාණානි: ධම්මෙ ඤාණං, අන්වයෙ ඤාණං, පරියෙ ඤාණං, සම්මුතියා ඤාණං. ඉමෙ චත්තාරො ධම්මා උප්පාදෙතබ්බා.
උත්පාදයිතව්‍ය ධර්ම සතර කවර යැ? ධර්මයෙහි ඥානය (සතර මඟැ සතර පලැ නුවණ), අන්වයයෙහි ඥානය (සිවුසස් පසක් කොට දැන් සේ ම අතීතයෙහිත් මොහු දුඃඛාදි විසින් වූහ යි ලත් අනුමානඥානය), පර්යයයෙහි (මෙරමා සිත් පිරිසිඳ දැන්මෙහි) නුවණ, සම්මුතියෙහි නුවණ (උඩ කී ඥාන තුන හැර ඉතිරි සියලු දැයෙහි නුවණ) යන ඥාන සතර යැ. මේ උත්පාදයිතව්‍ය ධර්ම සතර යැ.
කතමෙ චත්තාරො ධම්මා අභිඤ්ඤෙය්යා? චත්තාරි අරියසච්චානි: දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයො අරියසච්චං, දුක්ඛනිරොධො අරියසච්චං, දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චං. ඉමෙ චත්තාරො ධම්මා අභිඤ්ඤෙය්යා.
අභිඥෙය ධර්ම සතර කවර යැ? දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්යසත්යයැ යි සතර ආර්ය සත්‍යයෝ යා. මේ අභිඥෙය ධර්ම සතර යැ.
කතමෙ චත්තාරො ධම්මා සච්ඡිකාතබ්බා? චත්තාරි සාමඤ්ඤඵලානි: සොතාපත්තිඵලං, සකදාගාමිඵලං, අනාගාමිඵලං, අරහත්තඵලං. ඉමෙ චත්තාරො ධම්මා සච්ඡිකාතබ්බා.
සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම සතර කවර යැ? ශ්‍රෝත ආපත්තිඵලය, සකෘදාගාමිඵලය, අනාගාමිඵලය, අර්‍හත්ත්‍වඵලය යන සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැ. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම සතර යැ.
ඉති ඉමෙ චත්තාරීසං ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ තථ්‍ය වූ, තථ වූ. අවිතථ වූ, අනන්‍යථ වූ සතළිස් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට වෙසෙසින් අවබෝධ කරන ලදුහ.
පඤ්ච ධම්මා
පඤ්චකය
6. පඤ්ච ධම්මා බහුකාරා -පෙ- පඤ්ච ධම්මා සච්ඡිකාතබ්බා.
6. බහූපකාර ධර්ම පසෙක … සාක්ෂාත් කර්තව්‍ය ධර්ම පසෙක.
කතමෙ පඤ්ච ධම්මා බහුකාරා? පඤ්ච පධානියඞ්ගානි: ඉධාවුසො භික්ඛු සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං; ඉති පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථුගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉමෙ පඤ්ච ධම්මා බහුකාරා.
බහූපකාර ධර්ම පස කවර යැ? ප්රාධානිකාඞ්ග (ප්‍රධන් වීර්‍ය්‍ය වඩන මහණහුගේ ගුණාඞ්ග) පස යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම සැදැහැ ඇත්තේ වෙයි, ඒ භගවත්හු මේ මේ කරුණින් අරහත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් යැ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය. දෙව් මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ යි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි. රෝග නැත්තේ නිදුක් වූයේ, ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ, මධ්‍යම වූ, ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීමට යෝග්‍ය වු, සම ලෙස අහර පැසවන උදරාග්නියෙන් යුක්ත වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හා නුවණැති සබ්රම්සරුවන් කෙරෙහි හෝ තතු වූ පරිදි සිය වරද හෙළි කරන්නේ, ශඨ නොවූයේ මායා නැත්තේ වෙයි, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුසල් දහම්හි බහා නො තැබූ වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබැගැන්ම පිණිස පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. කෙලෙසුන් විදැලීමට සමත් වූ, පිරිසිදු වූ, මොනොවට දුක් වැනැස්මට යන නුවණින් යුක්ත වූයේ, සංස්කාරයන්ගේ ඉපැත්මත් නැස්මත් පිරිසිඳ දක්නට සමත් ප්‍රඥායෙන් සමන්විත වූයේ, ප්‍රඥාවත් වෙයි. මේ බහූපකාර ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා? පඤ්චඞ්ගිකො සම්මාසමාධි: පීතිඵරණතා, සුඛඵරණතා, චෙතොඵරණතා, ආලොකඵරණතා, පච්චවෙක්ඛණනිමිත්තං. ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය ධර්ම පස කවර යැ? ප්‍රීතිය පතුරුවමින් උපදනා (ප්‍රථම ද්වීතිය ධ්‍යාන දෙක්හි) ප්‍රඥාව, සුඛවේදනාව පතුරුවමින් උපදනා (ප්‍රථම ද්වීතිය තෘතීය ධ්‍යාන තුනෙහි) ප්‍රඥාව, චේතඃස්ඵරණතා (පරචිත්ත විජානන) ප්‍රඥාව, ආලෝකස්ඵරණතා (එළිය පැතිරවීමෙහි උපදනා දිව්‍යචක්‍ෂුස්) ප්‍රඥාව, ප්රත්යවේක්ෂණ ඥානය යන අංග පසින් යුත් සමාධිය යි. එහි මේ භාවයිතව්‍ය ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා පරිඤ්ඤෙය්යා? පඤ්චුපාදානක්ඛන්ධා: සෙය්යථිදං රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ පඤ්ච ධම්මා පරිඤ්ඤෙය්යා.
පරිඥේය ධර්ම පස කවර යැ? රූපෝපාදානස්කන්ධය යැ, වේදනෝපාදානස්කන්ධය යැ, සංඥොපාදානස්කන්ධය යැ, සංස්කාරෝපාදානස්කන්ධය යැ, විඥානෝපාදානස්කන්ධය යැ යන උපාදානස්කන්ධ පස යි. මේ පරිඥේය (පිරිසිඳැ දත යුතු) ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා පහාතබ්බා? පඤ්ච නීවරණානි: කාමච්ඡන්දනීවරණං, බ්යාපාදනීවරණං, ථිනමිද්ධනීවරණං, උද්ධච්චකුකුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං. ඉමෙ පඤ්ච ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම පස කවර යැ? කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ස්ත්‍යානමිද්ධ නීවරණය, ඖද්ධත්යකෞකෘත්ය නීවරණය, විචිකිත්සා නීවරණය යන පස යි. මේ ප්‍රහාතව්‍ය ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා හානභාගියා? පඤ්ච චෙතොඛිලා: ඉධාවුසො භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො ආවුසො භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො. පුන චපරං, ආවුසො භික්ඛු ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති -පෙ- සඞ්ඝෙ කඞ්ඛති -පෙ- සික්ඛාය කඞ්ඛති -පෙ- සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො. යො සො ආවුසො භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. අයං පඤ්චමො චෙතොඛිලො. ඉමෙ පඤ්ච ධම්මා හානභාගියා.
හානභාගික ධර්ම පස කවර යැ? චේතෝඛීල (සිතේ තද බව්) පස යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ශාස්තෘහු කෙරෙයි සැක කෙරෙයි ද, කුකුස් කෙරෙයි ද, නිශ්චය නැත්තේ ද, නො පහදී ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනා යෝගය පිණිස, සතතයෙන් භාවනානුයෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනායෝගය පිණිස, සතතයෙන් භාවනායෙහි යෙදෙනු පිණිස ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි ද, මෙය පළමු වන චේතෝඛීලය යි. ඇවැත්නි, තව ද මහණෙක් ධර්මය කෙරෙහි සැක කෙරෙයි ද, කුකුස් කෙරෙයි ද, නිශ්චය නැත්තේ වෙයි ද, නො පහදී ද …, සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි ද … ශික්ෂායෙහි සැක කෙරෙයි ද … සබරම්සරුවන් කෙරෙහි කිපියේ නොසතුටු සිතැත්තේ, ආහතචිත්ත (ගැටුණු සිතැත්තේ) වෙයි ද, ඛීලජාත (තද) වෙයි ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනානුයෝගය පිණිස, සතතයෙන් භවනානුයෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස පුන පුනා භාවනානුයෝගය පිණිස, සතතයෙන් භාවනායෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි ද, මෙය පස් වන චේතෝඛීලය යි. මේ හානභාගික ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා විසෙසභාගියා? පඤ්චින්ද්රියානි: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. ඉමෙ පඤ්ච ධම්මා විසෙසභාගියා.
විශේෂභාගික ධර්ම පස කවර යැ? ශ්‍රද්ධේන්‍ද්‍රියය, වීර්ය්‍යේන්‍ද්‍රියය, ස්මෘතීන්‍ද්‍රියය, සමාධීන්‍ද්‍රියය, ප්‍රඥේන්‍ද්‍රියය යන ඉන්ද්රිය පස යි. මේ විශේෂභාගික ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා දුප්පටිවිජ්ඣා? පඤ්චනිස්සාරණියා ධාතුයො: ඉධාවුසො, භික්ඛුනො කාමෙ මනසිකරොතො කාමෙසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. නෙක්ඛම්මං ඛො පනස්ස මනසිකරොතො නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං කාමෙහි. යෙ ච කාමප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං කාමානං නිස්සරණං.
දුෂ්ප්රතිවිධ්යා ධර්ම පස කවර යැ? නිඃසරණීය ධාතු (විසංයුක්ත ධර්ම) පස යැ: ඇවැත්නි, මෙහි කාමයන් මෙනෙහි කරන මහණහු සිත කාමයන්හි නො පිවිසෙයි, නො පහදී, නො පිහිටයි,නො ඇලෙයි. නෙක්ඛම්මය (අශුභ කර්මස්ථානයෙන් ලත් ප්‍රථම ධ්‍යානය) මෙනෙහි කරන මහණහු සිත නෙක්ඛම්මයෙහි පිවිසෙයි, පැහැදෙයි, පිහිටයි, ඇලෙයි. ඔහුගේ එ සිත අරමුණෙහි මොනොවට ගියේ මොනොවට වැඩුණේ, කාමයන් කෙරෙන් මොනොවට නැඟී සිටියේ, කාමයන් කෙරෙන් මොනොවට මිදුණේ, කාමයන්ගෙන් වෙන් වූයේ වෙයි. කාම හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් කාමපරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි, හේ ඒ වේදනා නො විඳී. මෙය කාමයන්ගේ නිඃසරණය නැමැයි කියන ලදි.
පුන චපරං ආවුසො, භික්ඛුනො බ්යාපාදං මනසිකරොතො බ්යාපාදෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අබ්යාපාදං ඛො පනස්ස මනසිකරොතො අබ්යාපාදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං බ්යාපාදෙන. යෙ ච බ්යාපාදපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං බ්යාපාදස්ස නිස්සරණං.
ඇවැත්නි, තව ද ව්‍යාපාදය මෙනෙහි කරන මහණහුගේ සිත ව්‍යාපාදයෙහි නො පිවිසෙයි, නො පහදියි, නො රැඳෙයි, නො ඇලෙයි. අව්‍යාපාදය (මෛත්‍රී ධ්‍යානය) මෙනෙහි කරන ඔහු සිත අව්‍යාපාදයෙහි පිවිසෙයි, පැහැදෙයි, සිටියි, ඇලෙයි. ඔහුගේ එ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, (ව්‍යාපාද කෙරෙන්) මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, ව්‍යාපාදය කෙරෙන් වෙන් වූයේ වෙයි. ව්‍යාපාද හේතුයෙන් යම් ආස්‍රව දුක් පරිදාහ කෙනෙක උපදිත් ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි. හේ ඒ වේදනාව නො විඳී. මේ ව්‍යාපාදයේ නිඃසරණයැ යි කියන ලදි.
පුන චපරං ආවුසො, භික්ඛුනො විහෙසං මනසිකරොතො විහෙසාය චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අවිහෙසං ඛො පනස්ස මනසිකරොතො අවිහෙසාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං විහෙසාය. යෙ ච විහෙසප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං විහෙසාය නිස්සරණං.
තව ද ඇවැත්නි, විහිංසාව මෙනෙහි කරන මහණහු සිත විහිංසායෙහි නො පවිවිසෙයි, නො පහදියි, නො සිටියි, නො ඇලෙයි. වැලි අවිහිංසාව (කරුණාධ්‍යානය) මෙනෙහි කරන ඔහු සිත අවිහිංසායෙහි (කරුණාධ්‍යානයෙහි) පිවිසෙයි, පැහැදෙයි, සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, විහිංසාව කෙරෙන් මොනොවට නැගී සිටියේ, මොනොවට මිදුණේ, මොනොවට වෙන් වූයේ වෙයි. විහිංසා හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, දුක් කෙනෙක්, පරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි, හේ ඒ වේදනාව නො විඳී. මේ විහිංසාවගේ නිඃසරණයැ යි කියන ලදී.
පුන චපරං ආවුසො භික්ඛුනො රූපෙ මනසිකරොතො රූපෙසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අරූපං ඛො පනස්ස මනසිකරොතො අරූපෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං රූපෙහි. යෙ ච රූපප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං රූපානං නිස්සරණං.
ඇවැත්නි, තව ද මහණ තෙමේ රූපයන් මෙනෙහි කරන මහණහුගේ සිත රූපයන්හි නො පිවිසෙයි, නො පහදියි, නො සිටියි, නො ඇලෙයි. වැලි දු අරූපධ්‍යානය මෙනෙහි කරන ඔහු සිත අරූපධ්‍යානයෙහි පිවිසෙයි පහදියි, සිටියි, ඇලෙයි, ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, රූපයන් කෙරෙන් මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, වෙන් වූයේ වෙයි. රූප හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක් දුක් කෙනෙක් පරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි. හේ ඒ කාම වේදනා ද විඝාතපරිදාහ වේදනා ද නොවිඳී. මෙය රූපයන්ගේ නිඃසරණයැ යි කියන ලදි.
පුන චපරං ආවුසො භික්ඛුනො සක්කායං මනසිකරොතො සක්කායෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. සක්කායනිරොධං ඛො පනස්ස මනසිකරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං සක්කායෙන. යෙ ච සක්කායප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං සක්කායස්ස නිස්සරණං. ඉමෙ පඤ්ච ධම්මා දුප්පටිවිජ්ඣා.
ඇවැත්නි, තව ද සත්කායය (සංස්කාර ධර්ම) මෙනෙහි කරන ශුෂ්ක විදර්ශක රහත්හුගේ සිත සත්කායයයෙහි නො පිවිසෙයි, නො පහදී, නො සිටියි, නො ඇලෙයි. වැලි, සත්කාය නිරෝධය මෙනෙහි කරන ඔහුගේ සිත සත්කාය නිරෝධයෙහි (නිවනෙහි) පිවිසෙයි, පැහැදෙයි, රැඳී සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, සත්කායය කෙරෙන් නැඟී සිටියේ, මොනොවට මිදුණේ, වෙන් වූයේ වෙයි. සත්කාය හේතුයෙන් යම් ආස්‍රව විඝාත පරිදාහ කෙනෙක් උපදනාහු ද, ඔවුන් කෙරෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ වේදනාව නො විඳී. මේ සත්කායයාගේ නිඃසරණයැ යි කියන ලදි. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය වූ ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා උප්පාදෙතබ්බා? පඤ්ච ඤාණිකො සම්මාසමාධි, අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකො ති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි අරියො නිරාමිසො ති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි අකාපුරිසසෙවිතො ති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. අයං සමාධි සන්තො පණීතො පටිප්පස්සද්ධලද්ධො එකොදිභාවාධිගතො න සඞ්ඛාරනිග්ගය්හවාරිතාවතොති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. සො ඛො පනාහං ඉමං සමාධිං සතො’ව සමාපජ්ජාමි, සතො වුට්ඨහාමී’ති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. ඉමෙ පඤ්ච ධම්මා උප්පාදෙතබ්බා.
උත්පාදයිතව්‍ය ධර්ම පස කවර යැ? ඥාන පසක් ඇති සම්‍යක්සමාධිය යැ. මේ සමාධිය (අර්හත්ව ඵලසමාධිය සමවන් සමවන් කෙණෙහි සුව ගෙන දෙන බැවින්) වර්තමාන සැප විපාක ඇත්තේ ද (පළමු පළමු සමවන් සමාධිය මතු මතු සමාධීනට ප්‍රත්‍යය වන බැවින්) මත්තෙහි සැප විපාක ගෙනැ දෙන්නේ යැ යි තමා කෙරෙහි නුවණ උපදී. මේ සමාධිය ආර්‍ය්‍ය යැ (කෙලෙසුන්ගෙන් ඈත් ය), නිරාමිස යැ (කාමාමිස වට්ටාමිස ලෝකාමිස යන තුන් ආමිසයන්ගෙන් තොර යැ) තමා තුළැ ම නුවණ උපදී. මේ සමාධිය අලාමක පුරුෂයන් විසින් (බුදු පසේ බුදු රහතුන් විසින්) සෙව්නා ලදැ යි තමා තුළ ම නුවණ උපදී. මේ සමාධිය ශාන්ත යැ යි ප්‍රණීත යැ යි කෙලෙස් සංසිඳීමෙන් ලද්දේ යැ යි, එක් නිවන් අරමුණෙහි ම සිත පිහිටුවීමෙන් ලබන ලද්දේ යැ යි සසංස්කාර (ලෞකික සමාධි සෙයින් සප්‍රයෝග) සිතින් කෙලෙසුන් මැඩ වළක්වා ලත් පැවැතුම් නැත්තේ යැ යි තමා කෙරෙහි ම නුවණ උපදී. ඒ මම් වූ කලි සිහි ඇත්තෙම් ම මේ සමාධියට සමවදිමි, සිහි ඇත්තෙම් ම මේ සමාධියෙන් නැඟී සිටිමි යි තමා කෙරෙහි ම නුවණ උපදී. මේ උත්පාදයිතව්‍ය ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා අභිඤ්ඤෙය්යා? පඤ්ච විමුත්තායතනානි: ඉධාවුසො, භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. යථා යථා ආවුසො භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඨමං විමුත්තායතනං.
අභිඥෙය ධර්ම පස කවර යැ? විමුක්ත්යායතන (මිදීමට කාරණ වූ ධර්ම) පස යැ: මෙහි මහණක් හට ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ දහම් දෙස යි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ යම් යම් සේ ඒ මහණහට දහම් දෙසා ද, ඒ ඒ පරිද්දෙන් හෙ තෙම ඒ ධර්මයෙහි අරුත් දැනගන්නේ ද වෙයි, පෙළ දැනගන්නේ ද වෙයි, අරුත් දන්නා පෙළ දන්නා ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිතැත්තහුගේ නාම කය සංහිඳෙයි. සංහිඳුණු නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ පළමු විමුක්ත්‍යායතනය යැ.
පුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති. අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. යථා යථා ආවුසො භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථප්පටිසංවෙදී ච හොති ධම්මප්පටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං දුතියං විමුත්තායතනං.
තව ද ඇවැත්නි, ශාස්තෘ තෙමේ මහණකුට දහම් නො ම දෙසයි, ගුරු තන්හි වූ අන් සබරම්සරුවෙකුත් දහම් නො ම දෙසයි, එතෙකුදු වුවත් ඇසූ පරිදි පුහුණු කළ පරිදි ඒ ධර්මය විස්තර වශයෙන් අනුනට දෙසයි. ඇවැත්නි, මහණ තෙමේ යම් යම් සේ තමා ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තර වශයෙන් අනුනට දහම් දෙසන්නේ ද, එසේ එසේ හේ ඒ ධර්මයෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද, අරුත් දැනගන්නාවූ පෙළ දැනගන්නාවූ ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහිඳුණු නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ දෙවැනි විමුක්ත්‍යායතනය යැ.
පුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. යථා යථාවුසො භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං තතියං විමුත්තායතනං.
තව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ අන් කිසි ගුරු තන්හි වූ සබ්රම්සරුවෙක් හෝ මහණකුට දහම් නො ම දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි අනුනට විස්තර වසයෙන් දහම් නො ද දෙසයි. එතෙකුදු වුවත් ඇසූ පරිදි, පුහුණු කළ පරිදි, ධර්මය විස්තරයෙන් ස්වාධ්‍යාය කෙරෙයි (පුන පුනා කියයි). ඇවැත්නි, යම් සේ යම් සේ මහණ තෙම ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්තරයෙන් ස්වාධ්‍යාය කෙරෙයි ද, එසේ එසේ හේ ඒ දහමෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ තෙවෙනි විමුක්ත්‍යායතනය යැ.
පුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථා සුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. යථා යථා , ආවුසො භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථුපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං චතුත්ථං විමුත්තායතනං.
තව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ හෝ ගුරු තන්හි සිටි කිසි සබ්රම්සරුවෙක් හෝ දහම් නො ම දෙසයි. ඇසූ පරිදි, පුහුණු පරිදි විස්තරයෙන් ධර්මය ස්වාධ්යයන ද නො ම කෙරෙයි. වැළි, ඇසූ පරිදි පුහුණු පරිදි ධර්මය සිතින් පුන පුනා කල්පනා කෙරෙයි. පුන පුනා විමසයි, සිතින් පුන පුනා සලකා බලයි. ඇවැත්නි, ඇසූ පරිදි පුහුණු පරිදි යම් යම් සේ ධර්මය සිතින් පුන පුනා කල්පනා කෙරෙයි ද, පුන පුනා විමසයි ද, පුන පුනා සිතින් සලකා බලයි ද, එසේ එසේ හෙ තෙමේ ඒ ධර්මයෙහි අරුත් දැන ගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කාය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ සතරවන විමුක්ත්‍යායතනය යැ.
පුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. අපි ච ඛ්වස්ස අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය. යථා යථා ආවුසො භික්ඛුනො අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය. තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඤ්චමං විමුත්තායතනං. ඉමෙ පඤ්ච ධම්මා අභිඤ්ඤෙය්යා.
තව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ හෝ ගුරු තන්හි සිටි කිසි සබ්රම්සරුවෙක් හෝ මහණහට නො ම දහම් දෙසයි, මහණ තෙම ඇසූ පරිදි, ප්‍රගුණ කළ පරිදි විස්තරයෙන් දහම් නො ද දෙසයි, ඇසූ පුහුණු කළ පරිදි විස්තර විසින් දහම ස්වාධ්යායනය ද නොම කෙරෙයි. ඇසූ පුහුණු කළ පරිදි ධර්මය සිතින් පුන පුනා නො ම කල්පනා කෙරෙයි, නො ම විමසයි, සිතින් පුන පුනා නො ද සලකා බලයි. වැළි දු ඔහු විසින් එක්තරා සමාධියෙක් (ගුරුහුගෙන් කමටහන් උගන්නා හා ම) මොනොවට උගන්නා ලද්දේ මොනවට මෙනෙහි කරන ලද්දේ ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙන් මහණහු විසින් එක්තරා සමාධියෙක් මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි ද, ඒ ඒ පරිද්දෙන් හෙ තෙම ඒ ධර්මයෙහි අරුත් දන්නේ ද පෙළ දන්නේ ද වෙයි. අරුත් දන්නා, පෙළ දන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහට ප්‍රීතිය උපදී. ප්‍රීති සිතැත්තහුගේ නාම කය සංසිඳේ. සංසුන් නාමකය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ පස් වනු විමුක්ත්‍යායතනය යැ. මේ අභිඥෙය ධර්ම පස යැ.
කතමෙ පඤ්ච ධම්මා සච්ඡිකාතබ්බා? පඤ්ච ධම්මක්ඛන්ධා: සීලක්ඛන්ධො, සමාධික්ඛන්ධො, පඤ්ඤාක්ඛන්ධො, විමුත්තික්ඛන්ධො, විමුත්තිඤාණදස්සනක්ඛන්ධො. ඉමෙ පඤ්ච ධම්මා සච්ඡිකාතබ්බා.
සාක්ෂාත් කර්තව්‍ය ධර්ම පස කවර යැ? ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය, විමුක්තිඥානදර්ශනස්කන්ධය යන ධර්මස්කන්ධ පස යැ. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම පස යැ.
ඉති ඉමෙ පඤ්ඤාස ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ පනස් දහම්හු තථාගතයන් වහන්සේ විසින් තමන් ම මොනොවට වෙසෙසි නුවණින් අවබෝධ කරන ලද්දාහ.
ඡ ධම්මා
ෂට්කය
7. ඡ ධම්මා බහුකාරා -පෙ- ඡ ධම්මා සච්ඡිකාතබ්බා.
7. බහුපකාර ධර්ම සයෙක … සාක්ෂාත් කර්තව්‍ය ධර්ම සයෙකි.
කතමෙ ඡ ධම්මා බහුකාරා? ඡ සාරාණීයා ධම්මා: ඉධාවුසො භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
බහුපකාර ධර්ම සය කවර යැ? සාරාණීය (සංරඤ්ජනීය) ධර්ම සය යැ: ඇවැත්නි, මෙහි මහණක්හුගේ මෛත්‍රී සහගත කායකර්මය සබ්රම්සරුවන් කෙරෙහි ප්‍රකට ව ද රහසේ ද එළැඹ සිටියේ වෙයි. මේ සාරාණීය ධර්මය ද ප්‍රිය කරන ප්‍රිය කටයුත්තකු කරන ගරුකරන ගරුකටයුතු කරන සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, අවිහිංසාව පිණිස, සමගිය පිණිස, එකමුතු බව පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛුනො මෙත්තං වචීකම්මං -පෙ- එකීභාවාය සංවත්තති.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහුගේ මෛත්‍රී සහගත වාක්කර්‍මය … එකමුතු බව පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛුනො මෙත්තං මනොකම්මං -පෙ- එකීභාවාය සංවත්තති.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහුගේ මෛත්‍රීසහගත මනඃකර්‍මය ... එකමුතු බව පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකාධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත්තති.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහට දැහැමි වූ, දැහැමින් ලැබුණු, යටත් පිරිසෙයින් පාත්‍රයට ප්‍රමාණ දෑ වූ ද යම් ලාභ කෙනෙක් වෙත් ද, එ බඳු වූ ලාභයන්ගෙන් අප්රතිවිභක්තභෝගී (අමිස වශයෙන් හෝ පුද්ගල වශයෙන් බෙදීමක් නැති ව යළදන්නෝ) වේ ද, සිල්වත් සබ්රම්සරුවන් හා සාධාරණ පරිභෝගයෙන් එය වළඳන්නේ වේ ද, මේ සාරාණීය ධර්මය ද, ප්‍රිය කරනු පිණිස ගරුකරනු පිණිස සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, සමගිය පිණිස, එකමුතු බව පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත්තති.
තව ද අනෙකෙක. ඇවැත්නි, අඛණ්ඩ වූ අච්ඡි දා වූ අසබල වූ (අකල්මාෂ වූ) භුජිශ්ය වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වු, යම් ශීලධර්ම කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එ බඳු වූ ශීලවිෂයෙහි සබ්රම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද ශීලයෙන් සමාන බවට පැමිණියේ වෙසෙයි ද, මේ සාරාණීය ධර්මය ද … ඒකී භාවය පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛු යා’යං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය අවිහෙසාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. ඉමෙ ඡ ධම්මා බහුකාරා.
තව ද අනෙකෙක. ඇවැත්නි, ආර්ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියෙක් එය පිළිපදනාහට මොනවට දුක් නැසෙනු පිණිස පවතී ද, මහණ තෙමේ එබඳු දෘෂ්ටියෙන් සබ්රම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද දෘෂ්ටි සාමාන්‍ය ගත වැ (දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියෙක් වැ) වෙසෙයි ද, මේ සාරාණීය ධර්මය ද ප්‍රිය කරන ගරුකරන වෙයි, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, ඒකී භාවය පිණිස, පවතී. මේ බහූපකාර ධර්ම සය යැ.
කතමෙ ඡ ධම්මා භාවෙතබ්බා? ඡ අනුස්සතිට්ඨානානි: බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති. ඉමෙ ඡ ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්ම සය කවර යැ? බුද්ධානුස්මෘතිය, ධර්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය, ශීලනානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය යන අනුස්මෘති ස්ථාන සය යැ. මේ භාවයිතව්‍ය ධර්ම සය යැ.
කතමෙ ඡ ධම්මා පරිඤ්ඤෙය්යා? ඡ අජ්ඣත්තිකානි ආයතනානි: චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං. ඉමෙ ඡ ධම්මා පරිඤ්ඤෙය්යා.
පරිඥේය ධර්ම සය කවර යැ? චක්ෂුරායතනය, ශ්‍රෝත්‍රායතනය, ඝ්‍රාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනආයාතනය යන ආධ්‍යාත්මික ආයතන සය යැ. මේ පරිඥේය ධර්ම සය යැ.
කතමෙ ඡ ධම්මා පහාතබ්බා? ඡ තණ්හාකායා: රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා. ඉමෙ ඡ ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම සය යැ? රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව යන තෘෂ්ණකාය සය යැ. මේ ප්‍රහාතව්‍ය ධර්ම සය යි.
කතමෙ ඡ ධම්මා හානභාගියා? ඡ අගාරවා: ඉධාවුසො භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය -පෙ- අප්පමාදෙ -පෙ- පටිසන්ථාරෙ අගාරවො විහරති අප්පතිස්සවො. ඉමෙ ඡ ධම්මා හානභාගියා.
හානභාගික ධර්ම සය කවර යැ? අගෞරව සය යැ: ඇවැත්නි, මෙහි මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි: ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි … ශික්ෂාව කෙරෙහි … අප්‍රමාදයෙහි … පිළිසඳර කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි. මේ හානභාගික ධර්ම සය යි.
කතමෙ ඡ ධම්මා විසෙසභාගියා? ඡ ගාරවා: ඉධාවුසො භික්ඛු සත්ථරි සගාරවො විහරති සප්පතිස්සවො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය -පෙ- අප්පමාදෙ -පෙ- පටිසන්ථාරෙ සගාරවො විහරති සප්පතිස්සවො. ඉමෙ ඡ ධම්මා විසෙසභාගියා.
විශේෂභාගික ධර්ම සය කවර යැ? ගෞරව සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි. ධර්මය කෙරෙහි … සංඝයා කෙරෙහි … ශික්ෂාව කෙරෙහි … අප්‍රමාදයෙහි … පිළිසඳරෙහි ගෞරව ඇත්තේ, යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි මේ විශේෂභාගික ධර්ම සය යැ.
කතමෙ ඡ ධම්මා දුප්පටිවිජ්ඣා? ඡ නිස්සරණියා ධාතුයො: ඉධාවුසො, භික්ඛු එවං වදෙය්ය: මෙත්තා හි ඛො මෙ ආවුසො, චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මෙ බ්යාපාදො චිත්තං පරියාදාය තිට්ඨතීති. සො ‘මාහෙවන්ති’ස්ස වචනීයො, මා’යස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං මෙත්තාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. අථ ච පනස්ස බ්යාපාදො චිත්තං පරියාදාය ඨස්සතීති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො බ්යාපාදස්ස යදිදං මෙත්තාචෙතොවිමුත්ති.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම සය කවර යැ? නිඃසරනික ධාතු සය යැ ‘ඇවැත්නි, මා විසින් මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිතය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත යැ, අනුත්‍ථිත යැ, පරිචිත යැ (පුරුදු කරන ලද්දේ යැ), සුසමාරබ්ධ යැ, එතෙකුදු වුවත් ව්‍යාපාදය මා සිත හාත්පසින් ගෙන සිටී යැ’ යි මෙසේ මෙහි මහණෙක් කියන්නේ නම්, ‘මෙසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො නඟා වා, භාග්‍යවතුන් වහන්සේට දොස නැඟීම නො මැනවි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක, ඇවැත්නි, මෛත්‍රීචිත්ත විමුක්තිය භාවිත කල්හි, බහුලීකෘත කල්හි, යානීකෘත කල්හි, වාස්තුකෘත කල්හි, අනුත්‍ථිත කල්හි, පරිචිත කල්හි, සුසමාරබ් ධ කල්හි, එසේ කලැ ව්‍යාපාදය ඔහුගේ සිත හාසත්පසින් ගෙන සිටී යන යමෙක් ඇද්ද, ඇවැත්නි, මෙය නො කරුණෙක, අවකාශ නැත්තෙක, මේ කාරණය අවිද්‍යමාන යැ’යි ඒ මහණ තෙමේ කියැ යුතු (ඒ මහණහට කියනු සුදුසු යැ). කවර හෙයිනැ? ඇවැත්නි, මෛත්‍රී චිත්ත විමුක්තිය යන යමෙක් ඇද්ද මෙය ව්‍යාපාදයාගේ නිඃසරණය යැ, එහෙයිනි.
ඉධ පනාවුසො, භික්ඛු එවං වදෙය්ය: කරුණා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. අථ ච පන මෙ විහෙසා චිත්තං පරියාදාය තිට්ඨතී ති. සො’මා හෙවන්ති’ස්ස වචනීයො, මා’යස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි -පෙ- නිස්සරණං හෙතං ආවුසො, විහෙසාය යදිදං කරුණා චෙතොවිමුත්ති.
ඇවැත්නි, මා විසින් කරුණා චිත්තවිමුක්තිය භාවිත යැ, බහුලීකෘත යැ, යානි කෘත යැ, වාස්තුකෘත යැ, අනුත්‍ථිත යැ, පරිචිත යැ, සුසමාරබ්ධ යැ. එතෙකුදු වුවත් විහිංසාව මා සිත හාත්පසින් ගෙන සිටී යැ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘මෙසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො නඟා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නැඟීම නො මැනැවි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේකැ …’ යි ඒ මහණ තෙමේ මෙසේ කියැ යුතු වන්නේ ය. කවර හෙයින? ඇවැත්නි, කරුණාචිත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය විහිංසාවගේ නිඃසරණය යැ. එහෙයිනි.
ඉධාවුසො, භික්ඛු එවං වදෙය්ය: මුදිතා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා -පෙ- අථ ච පන මෙ අරති චිත්තං පරියාදාය තිට්ඨතී’ති. සො ‘මා හෙවන්ති’ස්ස වචනීයො, මායස්මා එවං අවච -පෙ- නිස්සරණං හෙතං ආවුසො අරතියා යදිදං මුදිතාචෙතොවිමුත්ති.
ඇවැත්නි, ‘මා විසින් මුදිතා චිත්තවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් අරතිය මා සිත හාත්පසින් ගෙන සිටී යැ’ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා ... යි හෙ තෙමේ මෙසේ කියැ යුතු වන්නේ ය. කවර හෙයින? ඇවැත්නි, මුදිතා චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය අරතියගේ නිඃසරණය යැ. එහෙයිනි.
ඉධ පන ආවුසො, භික්ඛු එවං වදෙය්ය: උපෙක්ඛා හි ඛො මෙ ආවුසො, චෙතොවිමුත්ති භාවිතා -පෙ- අථ ච පන මෙ රාගො චිත්තං පරියාදාය තිට්ඨතී ති. -පෙ- නිස්සරණං හෙතං ආවුසො රාගස්ස යදිදං උපෙක්ඛා චෙතොවිමුත්ති.
ඇවැත්නි, ‘මා විසින් උපේක්ෂා චේතෝවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් රාගය මා සිත හාත්පසින් ගෙන සිටී යැ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියා වා’ ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා …’ යි මෙසේ ඒ මහණ තෙමේ කිය යුතු වන්නේ ය. ඒ කවර හෙයින? ඇවැත්නි, උපේක්ෂා චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය රාගයාගේ නිඃසරණය යැ. එහෙයිනි.
ඉධ පනාවුසො, භික්ඛු එවං වදෙය්ය: අනිමිත්තා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා -පෙ- අථ ච පන මෙ තං නිමිත්තානුසාරි ඤාණං හොතී ති. -පෙ- නිස්සරණං හෙතං ආවුසො, සබ්බනිමිත්තානං යදිදං අනිමිත්තා චෙතොවිමුත්ති.
ඇවැත්නි, ‘මා විසින් අනිමිත්ත චේතෝවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් මගේ ඒ නුවණ (රාගනිමිත්තාදි) නිමිති අනුව යන්නේ වේ යැ’ යි කියන්නේ නම්, ‘එසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා …’ යි මෙසේ ඒ මහණ තෙමේ කියැ යුතු වන්නේ ය. ඒ කවර හෙයින? ඇවැත්නි, අනිමිත්ත චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය සියලු නිමිතීන්ගේ නිඃසරණය යැ, එහෙයිනි.
ඉධ පන ආවුසො, භික්ඛු එවං වදෙය්ය: අස්මී ති ඛො මෙ විගතං, අයමහමස්මී ති න සමනුපස්සාමි. අථ ච පන මෙ විචිකිච්ඡා කථංකථාසල්ලං චිත්තං පරියාදාය තිට්ඨතී ති. සො ‘මා හෙවන්ති’ස්ස වචනීයො, මා’යස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො, අනවකාසො, යං අස්මීති විගතෙ අයමහමස්මීති අසමනුපස්සතො, අථ ච පනස්ස විචිකිච්ඡා කථංකථාසල්ලං චිත්තං පරියාදාය ඨස්සතී ති, නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො විචිකිච්ඡා කථංකථාසල්ලස්ස, යදිදං අස්මීති මානස්ස සමුග්ඝාතො. ඉමෙ ඡ ධම්මා දුප්පටිවිජ්ඣා.
ඇවැත්නි, ‘මම වෙමි’ යන මගේ අස්මි මානය පහ විය. ‘මේ මම වෙමි’ යි නො දකිමි. එතෙකුදු වුවත් මාගේ සැකය, කථංකථාශල්‍යය (කෙසේ ද කෙසේ දැ’ යි විමති කරන සැක හුල) හාත්පසින් මගේ සිත ගෙන සිටී’ යැ යි මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියන්නැ, ආයුෂ්මත් තෙමේ එසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො කියන්න, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නො මැනැව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක. ඇවැත්නි, ‘වෙමි’ යි අස්මිමානය පහ වූ කල්හි, මේ ‘මම් වෙමි’ යි නො දක්නාහට මෙසේ සැක ඇති වීම යන මෙය නො කරුණෙක. මෙය අවකාශ නැත්තෙක. එතෙකුදු වුවත් විචිකිච්ඡාව වූ කථංකථාසල්ලය ඔහු සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මේ කාරණය නැත, මෙය අවිද්‍යමාන ය. කවර හෙයින? යම් අස්මිමානකගේ මුල් සිඳීමෙක් වේ ද, මෙය විචිකිච්ඡා සංඛ්‍යාත කථංකථාසල්ලයාගේ නිඃසරණය වේ. එ හෙයිනි. මේ දුෂ්ප්රතිධ්යධර්ම සය යැ.
කතමෙ ඡ ධම්මා උප්පාදෙතබ්බා? ඡ සතතවිහාරා: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො. උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය, නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො. ඉමෙ ඡ ධම්මා උප්පාදෙතබ්බා.
උත්පාදයිතව්‍ය ධර්ම සය කවර යැ? සතතවිහාර සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ඇසින් රුවක් දැක සතුටු ද නො ම වෙයි. නො සතුටු ද නො ම වෙයි, සිහි ඇත්තේ, නුවණින් දන්නේ, උපේක්ෂක ව ම වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අඝා … දිවින් රසක් විඳ … කයින් ස්ප්රෂ්ටව්යක් පැහැස … මනසින් දහමක් සිතා සතුටු ද නො ම වෙයි, නො සුතුටු ද නො ම වෙයි, සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්ෂක ව ද වෙසෙයි. මේ උත්පාදයිතව්‍ය ධර්ම සය යැ.
කතමෙ ඡ ධම්මා අභිඤ්ඤෙය්යා? ඡ අනුත්තරියානි: දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියං. ඉමෙ ඡ ධම්මා අභිඤ්ඤෙය්යා.
අභිඥෙය ධර්ම සය කවර යැ? අනුත්තරිය දර්ශනය, අනුත්තරිය ශ්‍රවණය, අනුත්තරිය ලාභය, අනුත්තරිය ශික්ෂාව, අනුත්තරිය පාරිචර්‍ය්‍යාව, අනුත්තරි අනුස්මෘතිය යන අනුත්තරිය සය යි. මේ අභිඥෙය ධර්ම සය යැ.
කතමෙ ඡ ධම්මා සච්ඡිකාතබ්බා? ඡ අභිඤ්ඤා: ඉධාවුසො, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ වා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති සරාගං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති-සෙය්යථිදං, එකම්පි ජාතිං ද්වෙ පි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමෙ ඡ ධම්මා සච්ඡිකාතබ්බා.
සාක්ෂාත් කර්තව්‍ය ධර්ම සය කවර යැ? අභිඥා සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නොයෙක් ඍද්ධිවිධ ලබයි … බඹ ලොව දක්වා ද කයින් වශය පවත්වයි. මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්මි පිරිසිදු දිව කනින් දුරැ වූ ද ළඟැ වූ ද දිව්‍ය වූ ද මානුෂක වූ ද යන දෙ හඬ ම අසයි. රාග සහිත සිත රාග සහිත සිතැ යි … නො මිදුණු සිත නොමිදුණු සිතැ යි දනී. මෙසේ අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ දනී. එක් ජාතියක් ද ජාති දෙකක් දැ … යි අනේකවිධ පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ ආකාර සහිත උද්දේස සහිත, අනේක විධ පූර්වේනිවාසය සිහි කරයි. මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක්මැ දැක්ක හැකි පිරිසිදු දිවැසින් … කම් වූ පරිදි මිය යන නැවත උපදනා සතුන් දැනගනී. ආස්‍රවයන්ගේ විනාශයෙන් ආස්‍රව රහිත වූ, චේතෝවිමුක්තිය ද (ඵල සමාධිය ද) ප්‍රඥා විමුක්තිය ද (ඵල ඥානය ද) මේ අත්බව්හි ම තෙමේ ම වෙසෙයි නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙයි. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම සය යැ.
ඉති ඉමෙ සට්ඨි ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ මේ සැටෙක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට අවබෝධ කරන ලදුහ.
සත්තධම්මා
සප්තධර්මයෝ
8. සත්ත ධම්මා බහුකාරා, සත්ත ධම්මා භාවෙතබ්බා, සත්ත ධම්මා පරිඤ්ඤෙය්යා, සත්ත ධම්මා පහාතබ්බා, සත්ත ධම්මා හානභාගියා, සත්ත ධම්මා විසෙසභාගියා, සත්ත ධම්මා දුප්පටිවිජ්ඣා, සත්ත ධම්මා උප්පාදෙතබ්බා, සත්ත ධම්මා අභිඤ්ඤෙය්යා, සත්ත ධම්මා සච්ඡිකාතබ්බා.
8. බහූපකාර ධර්ම සතෙක, භාවයිතව්‍ය ධර්ම සතෙක, පරිඥේය ධර්ම සතෙක, ප්‍රහාතව්‍ය ධර්ම සතෙක, හානභාගිය ධර්ම සතෙක, විසේසභාගිය ධර්ම සතෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම සතෙක, උත්පාදයිතව්‍ය ධර්ම සතෙක, අභිඥෙය ධර්ම සතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම සතෙක.
කතමෙ සත්ත ධම්මා බහුකාරා? සත්ත අරියධනානි: සද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං. ඉමෙ සත්ත ධම්මා බහුකාරා.
බහූපකාර ධර්ම සත කවර යැ? ශ්‍රද්ධාධනය, ශීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය යන ආර්ය ධන සත යැ. මේ බහූපකාර ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා භාවෙතබ්බා? සත්තසම්බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, විරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ සත්ත ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය ධර්ම සත කවර යැ? සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජඣඞ්ඝය, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යන සප්ත සම්බෝධ්යඞ්ඝයෝ යැ. මේ භාවයිතව්‍ය ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා පරිඤ්ඤෙය්යා? සත්ත විඤ්ඤාණට්ඨිතියො: සන්තාවුසො සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.
පරිඥේය ධර්ම සත කවර යැ? විඥානස්ථිති සත යැ: ඇවැත්නි, මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ දැ යි කායනානාත්වය (කයින් වෙනස් බව) ඇති, සංඥානානාත්‍වය (ප්රතිසන්ධිසංඥා වශයෙන් උනුනට වෙනස් බව) ද ඇති සත්ව කෙනෙක් ඇත. මේ පළමු වන විඥානස්ථිතිය යැ.
සන්තාවුසො සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.
ඇවැත්නි, ලොවැ කල්පාරම්භසමයයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියෝ යම් සේ ද එසේ වූ කායනානාත්වය ඇති ප්රතිසන්ධි සංඥා ඒකත්වය ඇති (එක ම ව වර්ගයේ ප්රතිසන්ධි සිතින් උපන්) සත්ව කෙනෙක් ඇත. මේ දෙවෙනි විඥානස්ථිතිය යැ.
සන්තාවුසො සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.
ඇවැත්නි, ආභාස්වර දෙවියන් සේ වූ, කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, සංඥානානාත්‍වය (ප්රතිසන්ධි සංඥාවගේ විවිධතාව) ඇති සත්ව කෙනෙක් ඇත. මේ තෙවෙනි විඥානස්ථිති යැ.
සන්තාවුසො සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථා විඤ්ඤාණට්ඨිති.
ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ වූ කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද එක්බඳු බව ඇති සත්ව කෙනෙක් ඇත. මේ සතරවන විඥානස්ථිතිය යැ.
සන්තාවුසො සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කම්ම -පෙ- අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමී විඤ්ඤාණට්ඨිති.
ඇවැත්නි, රූපසංඥා හැම ලෙසින් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා දුරු වැ යෑමෙන්, නානාත්වසංඥා නොමෙනෙහි කිරීමෙන්, ආකාශප්‍රඥප්තිය අනන්ත යැ යි දැක, එහි සිත පිහිටුවා, ආකාසානඤ්චායතනයට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ පස්වැනි විඥානස්ථිතිය යැ.
සන්තාවුසො සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති.
ඇවැත්නි, හැම ලෙසින් ම අනන්ත වූ කසිණුග්ඝාටිමාකාස අරමුණ ඉක්මැ, විඥානය අනන්ත යැ යි ධ්‍යාන වඩා, විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සවැනි විඥානස්ථිතිය යැ.
සන්තාවුසො සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමී විඤ්ඤාණට්ඨිති. ඉමෙ සත්ත ධම්මා පරිඤ්ඤෙය්යා.
ඇවැත්නි, හැම ලෙසින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි බවා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සත්වැනි විඥානස්ථිති ය යැ. මේ පරිඥේය ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා පහාතබ්බා? සත්තානුසයා: කාමරාගානුසයො, පටිඝානුසයො, දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයො, මානානුසයො, භවරාගානුසයො, අවිජ්ජානුසයො. ඉමෙ සත්ත ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම සත කවර යැ? කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, මානානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය ය යන අනුශය සත යැ. මේ ප්‍රහාතව්‍ය ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා හානභාගියා? සත්ත අසද්ධම්මා: ඉධාවුසො භික්ඛු අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති. ඉමෙ සත්ත ධම්මා හානභාගියා.
හානභාගික ධර්ම සත කවර යැ? ඇවැත්නි, මෙහි මහණෙක් ශ්‍රද්ධා නැත්තේ වෙයි ද, පවට ලජ්ජා නැත්තේ වෙයි ද, පවට බිය නැත්තේ වෙයි ද, අල්පශ්‍රැත වෙයි ද, කුසීත වෙයි ද, නටුවා වූ සිහි ඇත්තේ වෙයි ද, ප්‍රඥා නැත්තේ වෙයි ද (ඔහු කෙරෙහි වූ ඒ අශ්රද්ධාදීහු) අසද්ධර්ම සත යැ. මොහු හානභාගිය ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා විසෙසභාගියා? සත්ත සද්ධම්මා: ඉධාවුසො භික්ඛු සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතස්සති හොති, පඤ්ඤවා හොති. ඉමෙ සත්ත ධම්මා විසෙසභාගියා.
විශේෂභාගික ධර්ම සත කවර යැ? සද්ධර්ම සත යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ශ්‍රද්ධා ඇත්තේ වෙයි, පවට ලජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ (බහුශ්‍රුත) වෙයි, වැඩූ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා ඇත්තේ වෙයි. මේ සද්ධර්ම සත යැ. මොහු විශේෂභාගික ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා දුප්පටිවිජ්ඣා? සත්ත සප්පුරිසධම්මා: ඉධාවුසො භික්ඛු ධම්මඤ්ඤූ ච හොති, අත්ථඤ්ඤූ ච, අත්තඤ්ඤූ ච, මත්තඤ්ඤූ ච, කාලඤ්ඤූ ච, පරිසඤ්ඤූ ච, පුග්ගලඤ්ඤූ ච. ඉමෙ සත්ත ධම්මා දුප්පටිවිජ්ඣා.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම සත කවර යැ? සත්පුරුෂ ධර්ම සත යැ: ඇවැත්නි, මෙහි මහණ ධර්මය දන්නේ ද වෙයි, අර්ත්ථ දන්නේ ද වෙයි, තමා දන්නේ ද වෙයි, පමණ දන්නේ ද වෙයි, කල් දන්නේ ද වෙයි, පිරිස දන්නේ ද වෙයි, පුඟුලන් දන්නේ ද වෙයි. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා උප්පාදෙතබ්බා? සත්ත සඤ්ඤා: අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහාණසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා. ඉමෙ සත්ත ධම්මා උප්පාදෙතබ්බා. 8
උත්පාදයිතව්‍ය ධර්ම සත කවර යැ? අනිත්‍යසංඥා, අනාත්මසංඥා, අශුභසංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, යන සංඥා සත යැ. මොහු උත්පාදයිතව්‍ය ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා අභිඤ්ඤෙය්යා? සත්ත නිද්දසවත්ථූනි: ඉධාවුසො භික්ඛු සික්ඛාසමාදානෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච සික්ඛාසමාදානෙ අවිගතපෙමො, ධම්මනිසන්තියා තිබ්බඡන්දො හොති ආයතිඤ්ච ධම්මනිසන්තියා අවිගතපෙමො, ඉච්ඡාවිනයෙ තිබ්බඡන්දො හොති, ආයතිඤ්ච ඉච්ඡාවිනයෙ අවිගතපෙමො, පටිසල්ලානෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච පටිසල්ලානෙ අවිගතපෙමො, විරියාරම්භෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච විරියාරම්භෙ අවිගතපෙමො. සතිනෙපක්කෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච සතිනෙපක්කෙ අවිගතපෙමො, දිට්ඨිපටිවෙධෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච දිට්ඨිපටිවෙධෙ අවිගතපෙමො. ඉමෙ සත්ත ධම්මා අභිඤ්ඤෙය්යා.
අභිඥෙය ධර්ම සත කවර යැ? නිර්දශ වස්තු සත යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ශික්ෂා සමාදානයෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි ද ධර්ම නිශාන්තියෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ඉච්ඡාවිනයයෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි ද ඉච්ඡාවිනයයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ප්‍රතිසංල්ලයනයෙහි (එකලා වැ හිඳීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ප්‍රතිසංල්ලයනයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය පිරීමෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි වීර්‍ය්‍ය පිරීමෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් දැඩි කැමැත්තේ මත්තෙහි ද සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් නොපහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. දෘෂ්ටිප්‍රතිවේධයෙහි (මාර්ගදර්ශනයෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි ද දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. මේ අභිඥෙය ධර්ම සත යැ.
කතමෙ සත්ත ධම්මා සච්ඡිකාතබ්බා? සත්ත ඛීණාසවබලානි: ඉධාවුසො ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පාවුසො ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’ති.
සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම සත කවර යැ? ක්ෂීණාස්රව බල සත යැ: ඇවැත්නි, මෙහි ක්ෂීණාස්රව (රහත්) භික්ෂුහු විසින් සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් සම්‍යක්ප්‍රඥායෙන් තතු වූ පරිදි මොනොවට දක්නා ලද්දාහු වෙත්. යම් බලයක් නිසා රහත් මහණ ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ආස්‍රවයන්ගේ විනාශය පිළින කෙරෙයි ද මේ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
පුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
තව ද අනෙකෙක් ඇත. ඇවැත්නි, රහත් මහණහු විසින් කාමයෝ ගිනි අගුරු වළක් බඳු හ යි සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළිනකෙරෙයි ද මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි .
පුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං විවෙකට්ඨං නෙක්ඛම්මාභිරතං ව්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
තව ද අනෙකෙක . ඇවැත්නි, රහත් මහණහුගේ සිත විවේකයට (නිවනට) නැමුණේ, විවේකයට නතු වූයේ, විවේකයට බර වූයේ, විවේකයෙහි (නිවනෙහි) පිහිටියේ නෛෂ්කාම්‍යයෙහි (නිවනෙහි) ඇලුණේ, ආස්‍රවයනට කරුණු වූ දැයින් (ත්‍රෛභූමක සංස්කාර කෙරෙන්) හැම සැටියෙන් ම ඉවත් වූයේ වෙයි. ඇවැත්නි, යම් බලයක් නිසා ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
පුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
තව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා, ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
පුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
තව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් පංච ඉන්ද්රියෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා, ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
පුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො සත්ත බොජ්ඣඞ්ගා භාවිතා හොන්ති සුභාවිතා. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
තව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා … ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි පිළින කෙරෙයි ද, මේ ද රහත් මහණහුගේ එක් බලයෙක් වෙයි.
පුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො. යම්පාවුසො ඛීණාසවස්ස භික්ඛුනො අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො. ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති. යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’ති.
තව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් අරි අටැඟි මඟ භාවිත වෙයි, මොනොවට වඩන ලද්දේ වෙයි. යම් බලයක් නිසා රහත් මහණ ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ආස්‍රවක්‍ෂයය (රහත් බව) පිළින කෙරෙයි ද, මේ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
ඉමෙ සත්ත ධම්මා සච්ඡිකාතබ්බා.
මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම සත යැ.
ඉති මෙ සත්තති ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ භූත (සත්‍ය) වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ සැත්තෑවෙක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට විශිෂ්ටඥානයෙන් දන්නා ලදුහ.
අට්ඨ ධම්මා
අෂ්ට ධර්මයෝ
9. අට්ඨ ධම්මා බහුකාරා -පෙ- අට්ඨ ධම්මා සච්ඡිකාතබ්බා.
9. බහූපකාර ධර්ම අටෙක, … සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම අටෙක.
කතමෙ අට්ඨ ධම්මා බහුකාරා? අට්ඨ හෙතූ අට්ඨ පච්චයා ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්ති. කතමෙ අට්ඨ:
බහූපකාර ධර්ම අට කවර යැ? අට දෙනෙක් හේතුහු අට දෙනෙක් ප්‍රත්‍යයයෝ නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාවගේ (මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට හෙවත් අරි අටැඟි මඟට පූර්වභාගයෙහි වූ තරුණ ශමථ විදර්ශනා ප්‍රඥාවගේ) ලැබීම පිණිස ද, ලත් එකී ප්‍රඥාවගේ වැඩීම පිණිස, මහත් බව පිණිස, භාවනායෙන් පරිපූර්ණ වනු පිණිස පවතිත්. කවර අට දෙනෙක් ද යත්:
ඉධාවුසො භික්ඛු සත්ථාරං චා උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං, යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති, පෙමං ච ගාරවො ච. අයං පඨමො හෙතු, පඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
ඇවැත්නි, මෙහි මහණ තෙම, යමක්හු කෙරෙහි ඔහුගේ දැඩි හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, ප්‍රේමයත් ගෞරවයත් එළැඹ සිටියේ වේ ද, එසේ වූ ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තන්හි වූ එක්තරා සබරම් සරුවක්හු හෝ ඇසුරු කොට වෙසෙයි. මේ පළමු හේතුව, මේ පළමු ප්‍රත්‍යය නොලත් ආදි බ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාවගේ ලැබීම පිණිසත් ලත් එකී ප්‍රඥාවගේ වැඩීම පිණිසත් මහත් බව පිණිසත් භාවනායෙන් පරිපූර්ණ වනු පිණිසත් පවතී.
තං ඛො පන සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති පෙමං ච ගාරවො ච. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති ඉදං භන්තෙ කථං? ඉමස්ස කො අත්ථො ති? තස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති අනුත්තානීකතඤ්ච උත්තානීකරෙන්ති අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. අයං දුතියො හෙතු දුතියො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
මහණ තෙමෙ, යමක්හු කෙරෙහි ඔහුගේ හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, ප්‍රේමයත් ගෞරවයත් එළැඹ සිටියාහු වෙත් ද, එසේ වූ ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තන්හි වූ එක්තරා සබරම් සරුවකු හෝ ඇසුරු කොට වෙසෙයි, කලින් කලැ ඔවුන් කරා එළැඹැ, ‘වහන්ස, මෙය කෙසේ ද? මෙහි අරුත් කිම් දැ’ යි පුනපුනා විචාරයි, පුනපුනා ප්‍රශ්න කෙරෙයි. ඒ ආයුෂ්මත්හු ඔහුට හෙළි නො වූ දෑ හෙළි කෙරෙත්, අප්‍රකට දෑ ප්‍රකට කෙරෙත්, නොයෙක් අයුරු සැකයට කරුණු වූ දහම්හි සැක දුරැලත්. මේ හේතුව, මේ ප්‍රත්‍යයය වනාහි නො ලත් ආදී බ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස ද ලත් එකී ප්‍රඥාව වැඩෙනු පිණිස මහත්වනු පිණිස, භාවනායෙන් පරිපූර්ණ වනු පිණිස ද පවතී.
තං ඛො පන ධම්මං සුත්වා ද්වයෙන වූපකාසෙන සම්පාදෙති කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච. අයං තතියො හෙතු තතියො පච්චයො ආදිබ්රහ්මචරියිකායපඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
ඒ ධර්මය අසා කායවිවේකයෙන් ද චිත්තවිවේකයෙන් ද යන විවේක දෙකින් එය සම්පාදනය කෙරෙයි. මේ තුන්වැනි හේතුව තුන්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්ණ වනු පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං චතුත්ථො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ ප්රාතිමෝක්ෂ සංවරයෙන් හැවුරුණේ, ආචාරගෝචර සම්පන්න වූයේ, ස්වල්පමාත්‍ර ද වරදෙහි බිය දක්නා සුලු වූයේ, සිල්වත් වෙයි. සමාදන් කොට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙයි. මේ සතරවන හේතුව, සතරවන ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පරිපූර්ණ වනු පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා’ස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. අයං පඤ්චමො හෙතු පඤ්චමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ බහුශ්‍රුත (බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ) වෙයි, ශ්‍රැතධර (ඇසූ දෑ සිතින් දරන්නේ) වෙයි, ශ්‍රැතසන්නිචය (ඇසූ දෑ සිතැ රැස් කොට ගෙන සිටිනුයේ) වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්ත්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ යම් ධර්ම කෙනෙක් හැම ලෙසින් පරිපූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙත් ද, එසේ වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දාහු ද සිතින් දරන ලද්දාහු ද වචනයෙන් පුරුදු කරන ලද්දාහු ද සිතින් යලි යලි බලන ලද්දාහු ද දෘෂ්ටියෙන් (ප්‍රඥායෙන්) මොනොවට පිළිවිදුනා ලද්දාහු ද වෙත්. මේ පස්වැනි හේතුව, පස්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස ද ලද්දාහු වැඩෙනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පරිපූර්ණ වනු පිණිස ද පවතී.
පුන චපරං ආවුසො භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවං දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අයං ඡට්ඨො හෙතු ඡට්ඨො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ අකුසල් දහමුන් බැහැරැ කරනු පිණිස, කුසල් දහම් සැපයෙනු පිණිස ශක්ති ඇත්තේ දැඩි වීර්‍ය්‍ය ඇත්තේ කුසල් දහම්හි නො බහා තැබූ ධුර (වීර්‍ය්‍ය) ඇත්තේ කරන ලද වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. සවැනි හේතුව, සවැනි ප්‍රත්‍යයය නො ලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්ණ වනු පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. අයං සත්තමො හෙතු සත්තමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ උතුම් සිහි නුවණින් සමන්විත වූයේ, බොහෝ කලකට පෙරැ කළ දෑ ද බොහෝ කලකට පෙරැ කී දෑ ද සිහිකරන්නේ අනුස්මරණය කරන්නේ සිහි ඇත්තේ වෙයි. මේ සත්වැනි හේතුව, සත්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්ණ වනු පිණිස පවතී.
පුන චපරං ආවුසො භික්ඛු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථංගමො, ඉති වෙදනා ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථංගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථංගමො, ඉති සඞ්ඛාරා ඉති සඞ්ඛාරානං සමුදයො. ඉති සඞ්ඛාරානං අත්ථංගමො. ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමො ති. අයං අට්ඨමො හෙතු අට්ඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති. ඉමෙ අට්ඨ ධම්මා බහුකාරා.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ‘රූපය මෙසේ යැ, රූපය හටගන්නා හේතුව මෙසේ යැ, රූපය නැසී යෑම මෙසේ යැ, වේදනාව මෙසේ යැ, වේදනාව හටගන්නා හේතුව මෙසේ යැ, වේදනාව නැසී යෑම මෙසේ යැ, සංඥාව මෙසේ යැ, සංඥාව උපදනා හේතුව මෙසේ ය, සංඥාව නැසී යෑම මෙසේ යැ, සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරයන් උපදනා හේතුව මෙසේ යැ, සංස්කාරයන් නැසී යෑම මෙසේ යැ, විඥානය මෙසේ යැ, විඥානය උපදනා හේතු මෙසේ යැ, විඥානය නැසී යෑම මෙසේ යැ යි උපාදානස්කන්ධ පසෙහි ඉපැත්මත් නැස්මත් අනුව බලනසුලු ව වෙසෙයි. මේ අටවැනි හේතුව අටවැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්ණ වනු පිණිස පවතී. මේ බහූපකාර ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා භාවෙතබ්බා? අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසංකප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. ඉමෙ අට්ඨ ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය ධර්ම අට කවර යැ? ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය යැ. එය මෙසේ යැ: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන අට යැ. මේ භාවයිතව්‍ය ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා පරිඤ්ඤෙය්යා? අට්ඨ ලොකධම්මා: ලාභො ච, අලාභො ච, අයසො ච, යසො ච, නින්දා ච, පසංසා ච, සුඛං ච, දුක්ඛං ච. ඉමෙ අට්ඨ ධම්මා පරිඤ්ඤෙය්යා.
පරිඥේය ධර්ම අට කවර යැ? ලාභය ද අලාභය ද අයශස ද යශස ද නින්දාව ද ප්‍රශංසාව ද සුව ද දුක ද යන අටලෝදහම් යැ. මේ පරිඥේය (පිරිසිඳැ දත යුතු) ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා පහාතබ්බා? අට්ඨ මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්පො, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්තො, මිච්ඡාආජීවො, මිච්ඡාවායාමො, මිච්ඡාසති, මිච්ඡාසමාධි. ඉමෙ අට්ඨ ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම අට කවර යැ? මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යාසඞ්කල්පය, මිථ්‍යාවචනය, මිථ්යාකර්මාන්තය, මිථ්‍යාආජීවය, මිථ්‍යාව්‍යායාමය, මිථ්‍යාස්මෘතිය, මිථ්‍යාසමාධිය යන මිථ්‍යාත්‍ව අට යැ. මේ ප්‍රහාතව්‍ය ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා හානභාගියා? අට්ඨ කුසීතවත්ථූනි: ඉධාවුසො භික්ඛුනා කම්මං කාතබ්බං හොති. තස්ස එවං හොති: කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං කුසීතවත්ථු.
හානභාගික ධර්ම අට කවර යැ? කුශීදවස්තු අට යැ: ඇවැත්නි, මෙහි මහණක්හු විසින් (කුදුමහත්) කටයුත්තක් කළ යුතු වෙයි. ‘මා විසින් කටයුත්තක් කළ යුතු වන්නේ ය. ඒ කටයුත්ත කරන මගේ කය වෙහෙසෙන්නේ ය. එ බැවින් දැන් මම් සැතපෙමි’ යි ඔහුට මෙසේ සිත් වෙයි. හේ වැදහෙයි. නොපැමිණි (ධ්‍යානාදියකට) පැමිණීමට, නොලත් ධ්‍යානාදියක් ලබනුවට, සාක්ෂාත් නො කළ (ධර්මයක්) සාක්ෂාත් කරනුවට වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ පළමු වන කුශීදවස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: අහං ඛො කම්මං අකාසිං, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලන්තො, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති -පෙ- ඉදං දුතියං කුසීතවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් (කුදු මහත්) කටයුත්තෙක් කරන ලදුයේ වෙයි. ‘මම් වනාහි කටයුත්තක් කෙළෙමි, කර්මය (ඒ කටයුත්ත) කරන මගේ කය වෙහෙසුණේ ය. එබැවින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි, … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ දෙවෙනි කුශීද වස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති: මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති, -පෙ- ඉදං තතියං කුසීතවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟ යෑ යුතු වෙයි. ‘මා විසින් මඟ යෑ යුතු වන්නේ ය, මඟ යන මගේ කය වෙහෙසෙන්නේ ය, එබැවින් දැන් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ තෙවෙනි කුශීද වස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති: අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලන්තො, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති, -පෙ- ඉදං චතුත්ථං කුසීතවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟ යන ලදුයේ වෙයි. ‘මම මඟ ගියෙමි මඟ යන මගේ කය වෙහෙසිණ. එබැවින් දැන් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ සතරවැනි කුශීද වස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: “අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං, තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො, හන්දාහං නිපජ්ජාමී”ති. -පෙ- ඉදං පඤ්චමං කුසීතවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ කැමැති තාක් රූක්ෂ හෝ ප්‍රණීත බොජුනක් කුස පුරා නො ලබයි. ‘මම් ගමැ, හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයෙම් කුස පුරා රූක්ෂ හෝ ප්‍රණීත බොජුනක් නො ලදිමි. ඒ මගේ කය ක්ලාන්ත යැ. අකර්මණ්‍ය යැ. එබැවින් මම් දැන් වැදැහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි … මේ පස් වන කුශීද වස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො ගරුකො අකම්මඤ්ඤො මාසාචිතං මඤ්ඤෙ, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති. -පෙ- ඉදං ඡට්ඨං කුසීතවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ, කැමැති තාක් රූක්ෂ හෝ ප්‍රණීත වූ කුසපුරා අහරක් ලබයි. ‘මම් ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හසිරෙනුයෙම්, රූක්ෂ හෝ ප්‍රණීත අහරක් කැමැති තාක් කුස පුරා ලදිමි. ඒ මගේ කය බර යැ, අකර්මණ්‍ය යැ, දියෙන් පෙඟුණු මෑ බඳු යැ. එබැවින් දැන මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. … හේ වැදහෙයි. මේ සවන කුශීද වස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො, තස්ස එවං හොති: උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො, අත්ථි කප්පො නිපජ්ජිතුං, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති. -පෙ- ඉදං සත්තමං කුසීතවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණකුට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. වැදහෝනට සුදුසු බව ඇත. එබැවින් මම වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි … මේ සත් වැනි කුශීදවස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛු ගිලානා වුට්ඨිතො හොති, අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති: ‘අහං ඛො ගිලානා වුට්ඨිතො, අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො, අත්ථි කප්පො පනිජ්ජිතුං, හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති. -පෙ- ඉදං අට්ඨමං කුසීතවත්ථු. ඉමෙ අට්ඨ ධම්මා හානභාගියා.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගිලන් බැවින් නැඟී සිටියේ, ගිලන් බැවින් නැඟීසිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුට ‘මම් වනාහි ගිලන් බැවින් නැඟීසිටියෙම්, ගිලන්බැවින් නැගීසිටි නොබෝ කල් ඇතියෙම් වෙමි. ඒ මගේ කය දුබල ය, අකර්මණ්‍යය, වැද හෝනට සුදුසු බව ඇත. එබැවින් මම වැදහෙමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි ... මේ අටවන කුශීද වස්තුව යැ. මේ හානභාගික ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා විසෙසභාගියා? අට්ඨ ආරම්භවත්ථූනි: ඉධාවුසො භික්ඛුනා කම්මං කාතබ්බං හොති තස්ස එවං හොති: ‘කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති, කම්මං ඛො පන මෙ කරොන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසි කාතුං, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං ආරම්භවත්ථු.
විශේෂභාගික ධර්ම අට කවර යැ? ආරම්භ වස්තු (වීර්‍ය්‍යයට කරුණු) අට යැ. ඇවැත්නි, මහණක්හු විසින් කටයුත්තෙක් කළ යුතු වෙයි. ‘මා විසින් වූ කලි කටයුත්තෙක් කළ යුතු වන්නේ ය. කටයුත්තක් කරන මා විසින් බුදුරජුන්ගේ සසුන මෙනෙහි කරන්නට නො හැක්ක. එ හෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පළමුවන ආරම්භවස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: ‘අහං ඛො කම්මං ආකාසිං, කම්මං ඛො පනාහං කරොන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි. -පෙ- ඉදං දුතියං ආරම්භවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් කටයුත්තෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වූ කලි කටයුත්තක් කෙළෙමි. මම් කටයුත්ත කරනුයෙම්, බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි. එහෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, පසක් නොකළ ධ්‍යානාදි පසක් කිරීමට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ දෙවෙනි ආරම්භවස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති: ‘මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි. -පෙ- ඉදං තතියං ආරම්භවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යෑ යුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි: මා විසින් මඟෙක් යෑ යුතු වෙයි. මඟ යන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු නො වේ. එබැවින් මම් … වැර වඩමි … මේ තෙවෙනි ආරම්භවස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති: ‘අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො පනාහං ගච්ඡන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි’. -පෙ- ඉදං චතුත්ථං ආරම්භවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යන ලදුයේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි: ‘මම් වූ කලි මඟක් ගියෙමි. මඟ යන මම් බුදුරජුන් සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි. එහෙයින් මම් වැර වඩමි. මේ සතර වන ආරම්භවස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං, තස්ස මෙ කායො ලහුකො කම්මඤ්ඤො, හන්දාහං විරියං ආරභාමි’. -පෙ- ඉදං පඤ්චමං ආරම්භවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මම් වූ කලි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම්, රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලදිමි. ඒ මගේ කය හෑල්ලු යැ. කර්මණ්ය යැ. එබැවින් මම් වැර වඩමි යි වැර වඩයි. මේ පස් වන ආරම්භවස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො බලවා කම්මඤ්ඤො, හන්දාහං විරියං ආරභාමි’ -පෙ- ඉදං ඡට්ඨං ආරම්භවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. ඔහුට ‘මම් වූ කලි ගමැ හෝ නියම් ගමැ හෝ පිඬු පිණිස සරනුයෙම්, රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ සිරුර ශක්තිමත් යැ, කර්මණ්ය යැ. එබැවින් මම් වැර වඩමි’ යි … වැර වඩයි. මේ සවන ආරම්භවස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො. තස්ස එවං හොති: ‘උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආබාධො පවඩ්ඪෙය්ය, හන්දාහං විරියං ආරභාමි’ -පෙ- ඉදං සත්තමං ආරම්භවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණකුහට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ඔහුට ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ම වෙයි. මගේ ආබාධය වැඩෙන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන යැ. එබැවින් මම් වැර වඩමි’ යි … වැර වඩයි. මේ සත්වන ආරම්භක වස්තුව යැ.
පුන චපරං ආවුසො භික්ඛු ගිලානා වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති: ‘අහං ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, ඨානං ඛො පනෙතං විජ්ජති, යං මෙ ආබාධො පච්චුදාවත්තෙය්ය, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායාති. ඉදං අට්ඨමං ආරම්භවත්ථු.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගිලන් බැවින් නැඟී සිටියේ, ගිලන් බැවින් නැඟී සිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුට ‘මම් වූ කලි ගිලන් බැවින් නැඟී සිටියෙමි, ගිලන් බැවින් නැඟී සිටි නොබෝකල් ඇත්තෙම් වෙමි. මගේ මේ ආබාධය වටාලා නැඟී එන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන යැ. එබැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ අටවන ආරම්භක වස්තුව යැ.
ඉමෙ අට්ඨ ධම්මා විසෙසභාගියා.
මොහු විශේෂභාගික ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා දුප්පටිවිජ්ඣා? අට්ඨ අක්ඛණා අසමයා බ්රහ්මචරියවාසාය. ඉධාවුසො තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ්ච පුග්ගලො නිරයං උපපන්නො හොති. අයං පඨමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම අට කවර යැ? බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට (මාර්ගබ්රහ්මචර්ය්යාව වැඩීමට) නොහැකි කාල වූ අක්ෂණ අටෙක: ඇවැත්නි, මෙහි අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ උපන්සේක් වෙති, කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙම නිරයට පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ පළමු වන අක්ෂණය යැ.
පුන චපරං ආවුසො තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො, අයඤ්ච පුග්ගලො තිරච්ඡානයොනිං උපපන්නො හොති. අයං දුතියො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
තව ද අනෙකෙක. ඇවැත්නි, අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගත්යන් වහන්සේ ලොවැ උපන්සේක් වෙති. කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන, මාර්ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙමේ තිරශ්චීනයෝනියට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ දෙවෙනි අක්ෂණය යැ.
පුන චපරං ආවුසො -පෙ- පෙත්තිවිසයං උපපන්නො හොති. අයං තතියො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
තව ද අනෙකෙක. ඇවැත්නි … ප්‍රේතලෝකයට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ තෙවෙනි අක්ෂණ යැ.
පුන චපරං ආවුසො -පෙ- දීඝායුකං දෙවනිකායං උපපන්නො හොති. අයං චතුත්ථො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
තව ද අනෙකෙක. ඇවැත්නි, … දීර්ඝායුෂ්ක දේව නිකායයකට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සතර වන අක්ෂණය යැ.
පුන චපරං ආවුසො -පෙ- පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති මිලක්ඛෙසු අවිඤ්ඤාතාරෙසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං පඤ්චමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
තව ද අනෙකෙක. ඇවැත්නි, … මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හැසිරීමක් නැති, පව් පින් නොදන්නා ජනයා ඇති, ප්‍රත්‍යන්ත ම්ලෙච්ඡ ජනපද අතුරෙන් එකෙක උපන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ පස්වන අක්ෂණය යැ.
පුන චපරං ආවුසො -පෙ- අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො ‘නත්ථි දින්නං, නත්ථි දිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. අයං ඡට්ඨො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
තව ද අනෙකෙක. ඇවැත්නි, … මේ පුඟුල් තෙමේ ද මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ වෙයි. හේ ද ‘දුන් දැයෙහි පල නැත, යාගයෙහි මහදන්හි පල නැත. පූජායෙහි පල නැත. කසුලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත, මෙ ලොව නැත, පරලොව නැත, මවට කළ සත්කාරයෙහි පල නැත, පියාට කළ සත්කාරයෙහි පල නැත, උපපාදුක (කම් වූ පරිදි මැරී උපදනා) සත්වයෝ නැත, මෙලොව ද පර ලොව ද වෙසෙසින් දැන, පසක් කොට පවසන, නොවැරැදි මඟින් ගිය, නොවැරැදි මඟ පිළිපන් මහණ බමුණු කෙනෙක් ලොවැ නැතැ’ යි පෙරැළුණු දෘෂ්ටි ඇති, මිසදිටුවෙක් වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සවන අක්ෂණය යැ.
පුන චපරං ආවුසො -පෙ- අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති දුප්පඤ්ඤො ජළො එළමූගො න පටිබලො සුභාසිතදුබ්භාසිතානං අත්ථමඤ්ඤාතුං. අයං සත්තමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
තව ද අනෙකෙක. ඇවැත්නි, … මේ පුඟුල් තෙමේ ද මැදුම් දනව්වෙක උපන්නේ වෙයි. හේ ද නුවණ නැති, ජඩ වූ කෙළතොලු වූ, මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්ත්ථ දැනගන්නට ප්‍රතිබල නො වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සත්වන අක්ෂණය යැ.
පුන චපරං ආවුසො ධම්මො ච න දෙසීයති -පෙ- අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිතදුබ්භාසිතානං අත්ථමඤ්ඤාතුං. අයං අට්ඨමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය. අයං අට්ඨමො අක්ඛමො අසමයො බ්රහ්මචරියවාසාය.
තව ද අනෙකෙක. ඇවැත්නි ... ධර්මය ද නො දෙසනු ලැබෙයි. මේ පුඟුල් තෙමේ ද මැදුම් දනවුහි උපන්නේ වෙයි. හෙ තෙමේ නුවණ ඇත්තේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, මොනවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්ත්ථ දැනගන්නට සමර්ත්ථ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ අට වන අක්ෂණය යැ.
ඉමෙ අට්ඨ ධම්මා දුප්පටිවිජ්ඣා.
මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා උප්පාදෙතබ්බා? අට්ඨ මහාපුරිසවිතක්කා: අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස.
උත්පාදයිතව්‍ය ධර්ම අට කවර යැ? මහාපුරුෂ විතර්ක අට යැ මේ ධර්මය අල්පේච්ඡයාට යැ, මේ ධර්මය මහේච්ඡයාට නො වේ.
සන්තුට්ඨස්සායං ධම්මො නායං ධම්මො අසන්තුට්ඨස්ස.
මේ ධර්මය සන්තුෂ්ටයාට (ලද දැයින් සතුටු වන්නාට) යැ, මේ ධර්මය අසන්තුෂ්ටයාට නො වේ.
පවිවිත්තස්සායං ධම්මො නායං ධම්මො සඞ්ගණිකාරාමස්ස.
මේ ධර්මය ප්‍රවිවික්තයාට යැ, මේ ධර්මය ගණසඞ්ගණිකාහි ක්ලේශසඞ්ගණිකාහි ඇලුණහුට නො වේ.
ආරද්ධවිරියස්සායං ධම්මො නායං ධම්මො කුසීතස්ස.
මේ ධර්මය කළ වීර්‍ය්‍යාරම්භ ඇත්තාහට ය. මෙ ධර්මය කුශීදයාට නො වේ.
උපට්ඨිතසතිස්සායං ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්ස.
මේ ධර්මය එළැඹැ සිටි සිහි ඇත්තාහට ය, මෙ ධර්මය නටුවා වූ සිහි ඇත්තහුට නො වේ.
සමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්ස.
මේ ධර්මය එකඟ සිතැත්තාහට යැ, මේ ධර්මය නොඑකඟ සිතැත්තහුට නො වේ.
පඤ්ඤවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස.
මේ ධර්මය කර්මස්වකතා ප්‍රඥාව ඇත්තාට ය, මේ ධර්මය කර්මස්වකතා ප්‍රඥාව නැත්තහුට නො වේ.
නිප්පපඤ්චස්සායං ධම්මො නායං ධම්මො පපඤ්චාරාමස්ස
මේ ධර්මය මානාදි ප්‍රපඤ්ච නැත්තහුට ය, මේ ධර්මය ප්‍රපඤ්චයන් ආරාම කොට ඇත්තාහට නො වේ.
නිප්පපඤ්චරතිනො අයං ධම්මො නායං ධම්මො පපඤ්චරතිනො’ති
මේ ධර්මය ප්රපඤ්ඡයන්හි ඇලුම් නැත්තාහට ය, මේ ධර්මය ප්‍රපඤ්චයන්හි ඇලුම් ඇතියාහට නො වේ.
ඉමෙ අට්ඨ ධම්මා උප්පාදෙතබ්බා.
මේ උත්පාදයිතව්‍ය ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා අභිඤ්ඤෙය්යා? අට්ඨ අභිභායතනානි: අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.
අභිඥෙය ධර්ම අට කවර යැ? අභිභායතන අට යැ: එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම වශයෙන් රූපසංඥා ඇත්තේ, පිටත්හි සුවර්ණ හෝ දුර්වර්ණ හෝ පරිත්රාලබම්බන වූ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු වන අභිභායතන යැ.
අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ, පිටත්හි අප්‍රමාණ වූ සුවර්ණ හෝ දුර්වර්ණ නිමිත්ත රූපයන් දකී. ඒ රූප මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිභායතනය යැ.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්ම සංඥා නැත්තේ, පිටත්හි වූ සුවර්ණ හෝ දුවර්‍ණ වූ පරිත්‍රාලම්බන වූ පරිකර්ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණ මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිභායතනය යැ.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ සුවර්ණ දුර්වර්ණ රූපයන් දකී. ඒ රූප අබිබවා ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිභායතන යැ.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්යථාපි නාම උමාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං. සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම සංඥා නැත්තේ, නිල් වූ, නිල වන් වූ, නිල් දැකුම් ඇති, නිල් පැහැති, බාහිරයෙහි වූ රූප දකී. නිල් වූ නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල් පැහැති දියමෙරලිය මලෙක් යම්සේ වේ ද, නිල් වූ, නිල්වන් වූ, නිල්දැකුම් ඇති, නිල්පැහැති දෙ පිට ම මට සිලිටි වූ කසීවතෙක් යම්සේ වේ ද, එසේ ම නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති, බාහිර කසිණාලම්බන රූපයන් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා නැත්තේ දකී, ඒ රූප අබිබවා, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පස් වන අභිභායතනය යැ.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති. පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම සංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර වූ පීතවර්‍ණ රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර වූ පීතවර්‍ණ වූ කිණිහිරි මලෙක් යම්බඳු වේ ද, දෙ පිට මට සිලිටි වූ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, පීතවර්‍ණ කසීවතෙක් හෝ යම්බඳු වේ ද, එසේ ම අධ්‍යාත්මයෙහි රූපසංඥා නැති එකෙක් රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර පීතකසිණ රූපයන් දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි, ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යැ.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි - සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති රත් පැහැ වූ බඳුවද මලෙක් යම්සේ වේ ද, දෙපසැ මට සිලිටි වූ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බාහිර රූපයන්, අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැති එකෙක් දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභායතනය යැ.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි - සෙය්යථාපි නාම ඔසධී තාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං, එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදු පැහැති බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති, ඔෂධී තාරකාව යම්සේ වේ ද, එසේ ම සුදු වූ සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති කසී වතෙක් යම්සේ වේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ සුදු වූ, සුදුවන් වූ, සුදු දැකුම් ඇති, සුදු පැහැ වූ, බාහිර කසිණ රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ අටවන අභිභායතනය යැ.
ඉමෙ අට්ඨ ධම්මා අභිඤ්ඤෙය්යා.
මේ අභිඥෙය ධර්ම අට යැ.
කතමෙ අට්ඨ ධම්මා සච්ඡිකාතබ්බා? අට්ඨ විමොක්ඛා: රූපී රූපානි පස්සති. අයං පඨමො විමොක්ඛො.
සාක්ෂාත් කර්තව්‍ය ධර්ම අට කවර යැ? විමෝක්ෂ අට යැ: රූපධ්‍යාන ඇත්තේ, නීලකසිණරූපාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමු වන විමෝක්ෂය යැ.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති. අයං දුතියො විමොක්ඛො.
අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්ෂය යැ.
සුභන්තෙව අධිමුත්තො හොති. අයං තතියො විමොක්ඛො.
දහන් ඇසින් පිරිසිදු කසිණ අරමුණු දක්නේ, ‘ශුභ යැ’ යි ම එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්ෂය යැ.
සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො විමොක්ඛො.
සර්ව ප්‍රකාරයෙන් රූපසංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා පහ වැ යෑමෙන් නානාත්වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ‘අහස අනන්තයැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සතර වන විමෝක්ෂය යැ.
සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමො විමොක්ඛො.
සර්ව ප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්තයැ’ යි විඤ්ඤ්ණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්ෂය යැ.
සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨො විමොක්ඛො.
සර්ව ප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්ෂය යැ.
සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො.
සර්ව ප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්ෂය යැ.
සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමො විමොක්ඛො.
සර්ව ප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට (නිරෝධසමාපත්තියට) පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්ෂය යැ.
ඉමෙ අට්ඨ ධම්මා සච්ඡිකාතබ්බා.
මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම අට යැ.
ඉති ඉමෙ අසීති ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ අසූවෙක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට නුවණින් දැනගන්නා ලදුහ.
නව ධම්මා
නවකය
10. නව ධම්මා බහුකාරා. නව ධම්මා භාවෙතබ්බා. නව ධම්මා පරිඤ්ඤෙය්යා. නව ධම්මා පහාතබ්බා. නව ධම්මා හානභාගියා. නව ධම්මා විසෙසභාගියා. නව ධම්මා දුප්පටිවිජ්ඣා. නව ධම්මා උප්පාදෙතබ්බා. නව ධම්මා අභිඤ්ඤෙය්යා. නව ධම්මා සච්ඡිකාතබ්බා.
10. බහූපකාර ධර්ම නවයෙක, භාවයිතව්‍ය ධර්ම නවයෙක, පරිඥේය ධර්ම නවයෙක, ප්‍රහාතව්‍ය ධර්ම නවයෙක, හානභාගික ධර්ම නවයෙක, විශේෂභාගික ධර්ම නවයෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම නවයෙක උත්පාදයිතව්‍ය ධර්ම නවයෙක, අභිඥෙය ධර්ම නවයෙක, සාක්ෂාත් කර්තව්‍ය ධර්ම නවයෙක.
කතමෙ නව ධම්මා බහුකාරා? නව යොනිසොමනසිකාරමූලකා ධම්මා: යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙ චිත්තෙ යථාභූතං ජානාති. යථාභූතං ජානං පස්සං නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. ඉමෙ නව ධම්මා බහුකාරා.
බහූපකාර ධර්ම නවය කවර යැ? යෝනිසෝමනස්කාරය මුල් කොටැති ධර්ම නවය යැ: නිවැරැදි මගින් (ධර්මයන්) මෙනෙහි කරන්නහුට ප්‍රමෝදය (සතුට) උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංසිඳේ. සංසුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත සමාධි ගත වේ (අරමුණෙහි එකඟ වේ.) සිත එකඟවූ කල්හි තතු වූ පරිදි දනී. තතු වූ පරිදි දන්නේ දක්නේ (සංස්කාරයන්හි) කලකිරෙයි. කලකිරෙන්නේ (සංස්කාරයන්හි) නො ඇලෙයි. නො ඇලීම් හෙයින් (සංස්කාරයන් කෙරෙන්) මිදෙයි. මේ බහූපකාර ධර්ම නවය යැ.
කතමෙ නව ධම්මා භාවෙතබ්බා? නව පාරිසුද්ධිපධානියඞ්ගානි: සීලවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, චිත්තවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, දිට්ඨිවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, කඞ්ඛාවිතරණවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, පටිපදාඤාණදස්සනවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, ඤාණදස්සනවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, පඤ්ඤාවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, විමුත්තිවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං. ඉමෙ නව ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය ධර්ම නවය කවර යැ? පාරිසුද්ධි පධානියඞ්ග (පිරිසිදු බවේ ප්‍රධාන අවයව) නවය යැ: ශීල විශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, චිත්තවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, දෘෂ්ටිවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, කාංක්ෂාවිතරණවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, මාර්ගාමාර්ගඥානදර්ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ප්රතිපද්ඥානදර්ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ඥානදර්ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ප්රඥාවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, විමුක්තිවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක. මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්ම නවය යැ.
කතමෙ නව ධම්මා පරිඤ්ඤෙය්යා? නව සත්තාවාසා: සන්තාවුසො සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමො සත්තාවාසො.
පරිඥේය ධර්ම නවය කවර යැ? සත්වාවාස නවය යැ: ඇවැත්නි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සේ කයැ වෙනස් බව ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි ද වෙනස් බව ඇති, සත්ව කෙනෙක් ඇත. මේ පළමු සත්‍වාවාසය යැ.
සන්තාවුසො සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියො සත්තාවාසො.
ඇවැත්නි, කල්පාරම්භ සමයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියන් සේ කයින් වෙනස් වූ ප්රතිසන්ධිසංඥායෙන් සමාන වූ සත්ව කෙනෙක් ඇත. මේ දෙවෙනි සත්‍වාවාසය යැ.
සන්තාවුසො සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියො සත්තාවාසො.
ඇවැත්නි, ආභස්සර දෙවියන් සේ වූ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි වෙනස් බව් ඇති සත්ව කෙනෙක් ඇත. මේ තෙවෙනි සත්‍වාවාසය යැ.
සන්තාවුසො සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථො සත්තාවාසො.
ඇවැත්නි ශුභකෘත්ස්නක දෙවියන් සේ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද සමාන බව් ඇති සත්ව කෙනෙක් ඇත. මේ සිවුවැනි සත්‍වාවාසය යැ.
සන්තාවුසො සත්තා අසඤ්ඤිනො අප්පටිසංවෙදිනො, සෙය්යථාපි දෙවා අසඤ්ඤසත්තා. අයං පඤ්චමො සත්තාවාසො.
ඇවැත්නි, අසංඥසත්‍ව දෙවියන් සේ ප්රතිසන්ධි සංඥාව නැති, විඳුම් නැති සත්ව කෙනෙක් ඇත. මේ පස්වැනි සත්‍වාවාසය යැ.
සන්තාවුසො සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්ථංගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨො සත්තාවාසො.
ඇවැත්නි, හැම සැටියෙන් ම රූපසංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් අතුරුදහන් වීමෙන්, නානාත්වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි සමාධි වඩා ආකාසානඤ්චායතනට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සවැනි සත්‍වාවාසය යැ.
සන්තාවුසො සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමො සත්තාවාසො.
ඇවැත්නි, හැම අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්ත යැ’ යි සමාධි වඩා, විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සත්වැනි සත්‍වාවාසය යැ.
සන්තාවුසො සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං අට්ඨමො සත්තාවාසො.
ඇවැත්නි, හැම අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි සමාධි වඩා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ව කෙනෙක් ඇත, මේ අටවැනි සත්‍වාවාසය යැ.
සන්තාවුසො සත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා. අයං නවමො සත්තාවාසො.
ඇවැත්නි, හැම අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ නවවැනි සත්‍වාවාසය යැ
ඉමෙ නව ධම්මා පරිඤ්ඤෙය්යා.
මේ පරිඥේය (පිරිසිඳ දත යුතු) ධර්ම නවය යැ.
කතමෙ නව ධම්මා පහාතබ්බා? නව තණ්හාමූලකා ධම්මා: තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො, ආරක්ඛාධිකරණං පටිච්ච දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා, අනෙකෙ පාපකා අකුසලා ධම්මා සංවත්තන්ති. ඉමෙ නව ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම නවය කවර යැ? තෘෂ්ණාමූලක (තෘෂ්ණාව මුල් කොට ඇති) ධර්ම නවය යැ: තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ගෙන පර්‍ය්‍යෙෂණය (චීවරාදි පසය සෙවීම) වේ. පර්‍ය්‍යෙෂණය ප්‍රත්‍යය කොට ගෙන (චීවරාදි පසය) ලැබීම වේ. පසය ලැබීම ප්‍රත්‍යය කොට ගෙන විනිශ්චයය (විතර්කණය) වේ. විනිශ්චයය ප්‍රත්‍යය කොට ගෙන ඡන්ද රාගය (දුර්වල වූ ද මහත් වූ ද තෘෂ්ණා) වේ. ඡන්දරාගය ප්‍රත්‍යය කොට ගෙන අධ්‍යවසානය (මම යැ යි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය ප්‍රතයය කොට ගෙන පරිග්‍රහය (අත් කරැගැන්ම) වේ. පරිග්‍රහය ප්‍රත්‍යය කොට ගෙන මාත්සර්‍ය්‍යය (මසුරුබව) වේ. මාත්සර්‍ය්‍යය ප්‍රත්‍යය කොට ගෙන ආරක්ෂණය (ලත් දැය රැක ගැන්ම) වේ. ආරක්ෂාධිකරණය (රකවල් කිරීම) ප්‍රත්‍යය කොට ගෙන දඬු ගැනුම් අවි ගැනුම් කලහ භේද විවාද ගැරහුම් කේලාම් කීම් මුසවා බිණුම් ද නොයෙක් ලාමක අකුශල ධර්මයෝ ද පවතිත්. මේ ප්‍රහාතව්‍ය ධර්ම නවය යැ.
කතමෙ නව ධම්මා හානභාගියා? නව ආඝාතවත්ථූනි: අනත්ථං මෙ අචරීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරතීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතං බන්ධති, පියස්ස මෙ මනාපස්ස අනත්ථුං අචරී’ති -පෙ- අනත්ථුං චරතීති -පෙ- අනත්ථුං චරිස්සතීති ආඝාතං බන්ධති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරී’ති -පෙ- අත්ථං චරතී’ති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති. ඉමෙ නව ධම්මා හානභාගියා.
හානභාගික ධර්ම නවය කවරැ යැ? නව ආඝාත වස්තු යැ: මට පෙරැ අනර්‍ත්‍ථ කළැ යි වෙර බඳී, මට දැන් අනර්‍ත්‍ථ කරතැයි වෙර බඳී. මට මතු අනර්‍ත්‍ථ කරතැයි වෙර බඳී. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට අනර්‍ත්‍ථ කළැයි … දැන් අනර්‍ත්‍ථ කරතැ යි … මතු අනර්‍ත්‍ථ කරතැ යි වෙර බඳී. මට අප්‍රිය වූ අමනාප වූ තැනැත්තහුට අර්ත්ථ (වැඩ) සිදු කළැ යි … දැන් වැඩ සිදු කරතැ යි … මතු වැඩ කර සිදු කරතැ යි වෙර බඳී. මේ හානභාගික ධර්ම නවය යැ.
කතමෙ නව ධම්මා විසෙසභාගියා? නව ආඝාතපටිවිනයා. අනත්ථං මෙ අචරීති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අනත්ථං මෙ චරතීති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අනත්ථං මෙ චරිස්සතීති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරීති -පෙ- අනත්ථං චරතී’ති -පෙ- අනත්ථං චරිස්සතීති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරී’ති -පෙ- අත්ථං චරතී’ති -පෙ- අත්ථං චරිස්සති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති. ඉමෙ නව ධම්මා විසෙසභාගියා.
විශේෂ භාගික ධර්ම නවය කවර යැ? ආඝාත ප්‍රතිවිනය (වෙර සංසිඳු වන කරුණු) නවය යැ: මට අවැඩ කෙළේ ය යන එය කොයින් ලැබේ දැ යි (සලකා) වෙර දුරැ ලයි. දැන් මට අවැඩ කරතැ යි යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැ ලයි. මතු මට අවැඩ කරතැයි යන එය කොයින් ලැබේදැ යි වෙර දුරැලයි. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට අවැඩ කෙළේ ය යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැලයි. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට දැන් අවැඩ කරතැ යි … මතු අවැඩ කරතැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට වැඩ සිදු කෙළේ යැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට දැන් වැඩ සිදු කරතැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට මතු වැඩ සිදු කරතැ යි යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැ ලයි. මේ විශේෂභාගික ධර්ම නවය යැ.
කතමෙ නව ධම්මා දුප්පටිවිජ්ඣා? නව නානත්තා: ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං, වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සඞ්කප්පනානත්තං, සඞ්කප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං, ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං, පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං, පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති ලාභනානත්තං. ලාභනානත්තං පටිච්ච උප්පජ්ජති මඤ්ඤනානානත්තං, ඉමෙ නව ධම්මා දුප්පටිවිජ්ඣා.
දුෂ්ප්‍රතිවිධ්‍ය (දුක සේ පිළිවිද්ද යුතු) ධර්ම නවය කවර යැ? නානාත්ව නවය යැ: (චක්ෂුර්ධාත්වාදි) ධාතූන්ගේ නානාත්වය නිසා (චක්ෂු ස්පර්ශාදි) ස්පර්‍ශනානාත්‍වය උපදී. (චක්ෂුඃ ස්පර්ශාදි) ස්පර්ශ නානාත්වය නිසා (චක්ෂුඃස්පර්ශජවේදනාදී) වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා (කාමසංඥාදී) සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා (කාමසඞ්කල්පනාදි) සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා (රූපයෙහි ඡන්දය, ශබ්දයෙහි ඡන්දය යන ආදි විසින්) ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා (රූපපරිදාහ ශබ්දපරිදාහාදි) පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා (රූපපර්ය්යෙෂණ ශබ්දපර්ය්යෙෂණාදි) පර්‍ය්‍යෙෂණ නානාත්වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා (රූපප්රතිලාභ ශබ්ද ප්‍රතිලාභාදි) ලාභනානාත්‍වය උපදී. ලාභනානාත්‍වය නිසා (රූප මඤ්ඤනා සද්දමඤ්ඤනාදි) මඤ්ඤනාවන්ගේ නානාත්වය උපදී. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම නවය යැ.
කතමෙ නව ධම්මා උප්පාදෙතබ්බා? නව සඤ්ඤා: අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙපටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතිසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහාණසඤ්ඤා, විරාගසඤ්ඤා. ඉමෙ නව ධම්මා උප්පාදෙතබ්බා.
උත්පාදයිතව්‍ය ධර්ම නවය කවර යැ? අශුභසංඥාව, මරණසංඥාව, ආහාරය කෙරෙහි ප්‍රතිකූලසංඥාව, සියලු ලොව කෙරෙහි අනභිරත (කලකිරුණු) සංඥාව, අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්මසංඥාව, ප්‍රහාණ සංඥාව, විරාගසංඥාව යන නව සංඥා යැ. මේ ඉපැදැවියැ යුතු සංඥා නවය යැ.
කතමෙ නව ධම්මා අභිඤ්ඤෙය්යා? නව අනුපුබ්බවිහාරා: ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමො නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. ඉමෙ නව ධම්මා අභිඤ්ඤෙය්යා.
අභිඥෙය ධර්ම නවය කවර යැ? අනුපූර්වවිහාර නවය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති, ප්‍රථම ධ්‍යානය ලැබ වෙසෙයි … ද්විතීය ධ්‍යානය ලැබ වෙසෙයි, … තෘතීය ධ්‍යානය ලැබ වෙසෙයි, … චතුර්‍ත්‍ථධ්‍යානය ලැබ වෙසෙයි. … හැම ලෙසින් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වීමෙන්, නානාත්වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තයැ’ යි (සමාධි වඩා) ආකාශානඤ්චායතනය ලබා වෙසෙයි. හැම ලෙසින් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්තයැ’ යි (සමාධි වඩා) විඤ්ඤාණඤ්චායතන ය ලැබ වෙසෙයි. හැම ලෙසින් විඤ්ඤාණඤ්චායතන ඉක්මැ ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය ලැබ වෙසෙයි. හැම ලෙසින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ලැබ වෙසෙයි. හැම ලෙසින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තිය ලැබ වෙසෙයි. මේ අභිඥෙය (වෙසෙසා දත යුතු) ධර්ම නවය යැ.
කතමෙ නව ධම්මා සච්ඡිකාතබ්බා? නව අනුපුබ්බනිරොධා: පඨමං ඣානං සමාපන්නස්ස කාමසඤ්ඤා නිරුද්ධා හොති, දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති, තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති, චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාස්සා නිරුද්ධා හොන්ති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති. ඉමෙ නව ධම්මා සච්ඡිකාතබ්බා.
සාක්ෂාත්කර්ත්ය ධර්ම නවය කවර යැ? අනුපූර්ව නිරෝධ නවය යැ: ප්‍රථම ධ්යානායට සමවන්නහුගේ කාමසංඥාව නිරුද්ධ වෙයි, ද්වීතිය ධ්‍යානයට සමවන්නහුගේ විතර්ක විචාරයෝ නිරුද්ධ වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුගේ ප්‍රීතිය නිරුද්ධ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුගේ ආශ්වාසප්රාශ්වාසයෝ නිරුද්ධ වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුගේ රූපසංඥාව නිරුද්ධ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුගේ ආකාසානඤ්චායතනසඤ්ඤාව නිරුද්ධ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුගේ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාව නිරුද්ධ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාව නිරුද්ධ වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුගේ සංඥාත් වේදනාත් නිරුද්ධ වෙත්. මේ සාක්ෂාත් කටයුතු ධර්ම නවය යැ.
ඉති ඉමෙ නවුතී ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
මෙසේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ මේ අනූවෙක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට නුවණින් දැනගන්නා ලදුහ.
දස ධම්මා
දශකය
11. දස ධම්මා බහුකාරා. දස ධම්මා භාවෙතබ්බා. දස ධම්මා පහාතබ්බා. දස ධම්මා හානභාගියා. දස ධම්මා විසෙසභාගියා. දස ධම්මා දුප්පටිවිජ්ඣා. දස ධම්මා උප්පාදෙතබ්බා. දස ධම්මා අභිඤ්ඤෙය්යා. දස ධම්මා සච්ඡිකාතබ්බා.
11. බහූපකාර ධර්ම දසයෙක, භාවයිතව්‍ය ධර්ම දශයෙක, පරිඥේය ධර්ම දශයෙක, ප්‍රහාතව්‍ය ධර්ම දශයෙක, හානභාගික ධර්ම දශයෙක, විශේෂභාගික ධර්ම දශයෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම දශයෙක, උත්පාදයිතව්‍ය ධර්ම දශයෙක, අභිඥෙය ධර්ම දශයෙක, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම දශයෙක.
කතමෙ දස ධම්මා බහුකාරා? දස නාථකරණා ධම්මා: ඉධාවුසො භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, යං ආවුසො භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, අයම්පි ධම්මො නාථකරණො.
බහූපකාර ධර්ම දශය කවරයැ? දශ නාථකරණධර්මයෝ යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂසංවර ශිලයෙන් හැවුරුණේ ආචාරගෝචර සම්පන්න වැ ස්වල්පමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුලු වැ වෙසෙයි. සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි. ඇවැත්නි, මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් හැවුරුණේ ආචාර ගෝචර දෙකින් යුතු වැ අල්පමාත්‍ර දෝෂයන්හි ද බිය දක්නා සුලු වැ වෙසෙයි, සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි, යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා’ස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, යම්පාවුසො භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා, මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථ්රා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති තථා රූපා’ස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි. ඇසූ දහම් සිතැ දරන්නේ වෙයි, ඇසූ දහම් සිතින් රැස් කොට ගන්නේ වෙයි. ආදියෙහි යහපත් වූ මැද යහපත් වූ අවසනැ යහපත් වූ, අර්ත්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ යම් ධර්ම කෙනෙක් හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත් ද එසේ වූ ධර්මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු වචනයෙන් දරන ලද්දාහු චවනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් පුනපුනා විමසන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි … දෘෂ්ටියෙන් පිළිවිදුනා ලද්දාහු වෙත් යන මෙය ද නාථකරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. යම්පාවුසො භික්ඛු -පෙ- කල්යාණසම්පවඞ්කො, අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහළුවන් ඇත්තේ කලණමිතුරනට නැමුණේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ කලණ යහළුවන් ඇත්තේ කලණමිතරුනට ම නැමුණේ වේ’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං, යම්පාවුසො භික්ඛු -පෙ- අනුසාසනිං. අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි, සුවච බව කරන දහමුන් ගෙන් යුක්ත වූයේ ඉවසනුයේ කරන අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ සුචව වෙයි … අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වේ’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්‍රුපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පාවුසො භික්ඛු -පෙ- අලං සංවිධාතුං. අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, ‘කුම් කෙරෙම් දැ?’ යි අසා කළ යුතු වූ සබ්රම්සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එහි දක්ෂ ද අනලස් ද එයට උපායමාර්ග වූ නුවණින් සමන්විත ද, එය කරනුයෙහි සමර්ත්ථ ද එය පිළිබඳ විවාරණයෙහි සමර්ත්ථ ද වෙයි. ඇවැත්නි, … සබ්රම් සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, … පිළිබඳ විවාරණයෙහි සමර්ත්ථ ද වේ යන යමෙක් ඇද්ද, මෙත් නාථකරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමුජ්ජො. යම්පාවුසො භික්ඛු ධම්මකාමො හොති -පෙ- පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ ධර්මය කැමැත්තේ වෙයි. ප්‍රිය සමුදාහර ඇත්තේ වෙයි. අභිධර්මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ ධර්මය කැමැත්තේ වෙයි … අභිධර්මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. යම්පාවුසො භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වේ’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු ආරද්ධවිරියො විහරති, අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො, අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යම්පාවුසො භික්ඛු -පෙ- අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ අකුසල්දහමුන් පහ කරනුවට කුසල් දහමුන් පිළිලබනුවට ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ, බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ, කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ … ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ … කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යම්පාවුසො භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ කලකට පෙරැ කළ දෑ ද, බොහෝ කලකට පෙරැ කී දෑ ද, සිහි කරනුයේ, පුනපුනා සිහි කරනුයේ උතුම් ම සිහියෙන් ද ස්ථානෝචිත ප්‍රඥායෙන් ද සමන්විත වූයේ, ස්මෘතිමත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ සිහි කරනුයේ පුන පුනා සිහි කරනුයේ ස්මෘතිමත් වෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්මයෙක.
පුන චපරං ආවුසො භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. යම්පාවුසො භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයම්පි ධම්මො නාථකරණො.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ ඉපැද්ම ද නැස්ම ද පිරිසිඳනු සමත් වූ, ලෝභ ස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක් වැනැස්මට යන, පිරිසිදු ප්‍රඥායෙන් සමන්විත වූයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ ඉපැද්මත් වැනැස්මත් පිරිසිඳිනු සමත් වූ, ලෝභ ස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක් වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්විත වූයේ ප්‍රඥාවත් වේ’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්මයෙක.
ඉමෙ දස ධම්මා බහුකාරා.
මේ බහූපකාර ධර්ම දශය යැ.
කතමෙ දස ධම්මා භාවෙතබ්බා? දස කසිණායතනානි: පඨවීකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ආපොකසිණමෙකො සඤ්ජානාති -පෙ- තෙජොකසිණමෙකො සඤ්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ලොහිතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ්ජානාති -පෙ- විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ඉමෙ දස ධම්මා භාවෙතබ්බා.
භාවයිතව්‍ය ධර්ම දශය කවර යැ? කසිණායතන දශය යැ: එකෙක් උඩ යට සරසැ දෙකක් නො වූ (එකක් ම වූ) පඨවී කසිණය හඳුනයි. එකෙක් … ආපෝකසිණය හඳුනයි, එකෙක් … තේජෝකසිණය හඳුනයි, එකෙක් … වායෝකසිණය හඳුනයි, එකෙක් … නීලකසිණය හඳුනයි, එකෙක් … පීතකසිණය හඳුනයි, එකෙක් … ලෝහිතකසිණය හඳුනයි, එකෙක් … ඕදාතකසිණය හඳුනයි, එකෙක් … ආකාසකසිණය හඳුනයි, එකෙක් උඩ යටැ සර සැ දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ වූ විඤ්ඤාණකසිණය හඳුනයි. මේ භාවයිතව්‍ය ධර්ම දශය යැ.
කතමෙ දස ධම්මා පරිඤ්ඤෙය්යා? දසායතනානි: චක්ඛායතනං, රූපායතනං, සොතායතනං, සද්දායතනං, ඝානායතනං, ගන්ධායතනං, ජිව්හායතනං, රසායතනං, කායායතනං, ඵොට්ඨබ්බායතනං.
පරිඥේය ධර්ම දශය කවර යැ? චක්ෂුරායතනය රූපායතනය ශ්‍රෝත්‍රායතනය ශබ්දායතනය ඝ්‍රාණායතනය ගන්ධායතනය ජිහ්වායතනය රසායතනය කායායතනය ස්ප්‍රෂ්ටව්‍යායතනය යන ආයතන දශය යැ.
ඉමෙ දස ධම්මා පරිඤ්ඤෙය්යා.
මේ පරිඥේය ධර්ම දශය යැ.
කතමෙ දස ධම්මා පහාතබ්බා? දස මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්පො, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්තො, මිච්ඡාආජීවො, මිච්ඡාවායාමො, මිච්ඡාසති, මිච්ඡාසමාධි, මිච්ඡාඤාණං, මිච්ඡාවිමුත්ති. ඉමෙ දස ධම්මා පහාතබ්බා.
ප්‍රහාතව්‍ය ධර්ම දශය කවර යැ? මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාසඞ්කල්පය මිථ්‍යාවචනය මිථ්යාකර්මාන්තය මිථ්‍යාආජීවය මිථ්‍යාව්‍යායාමය මිථ්‍යාස්මෘතිය මිථ්‍යාසමාධිය මිථ්‍යාඥානය මිථ්‍යාවිමුක්තිය යන මිථ්‍යාත්‍වයෝ යැ. මේ ප්‍රහාතව්‍ය ධර්ම දශය යැ.
කතමෙ දස ධම්මා හානභාගියා? දස අකුසලකම්මපථා: පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසුමිච්ඡාචාරො, මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපො, අභිජ්ඣා, බ්යාපාදො, මිච්ඡාදිට්ඨි. ඉමෙ දස ධම්මා හානභාගියා.
හානභාගික ධර්ම දශය කවර යැ? ප්‍රාණාතිපාතය අදත්තාදානය කාමමිථ්‍යාචාරය මෘෂාවාදය පිසුණවචනය පරුෂචවචනය සම්ඵප්‍රලාපය අභිධ්‍යාව ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්මපථ දශය යැ. මේ හානභාගික ධර්ම දශය යැ.
කතමෙ දස ධම්මා විසෙසභාගියා? දස කුසලකම්මපථා: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අනභිජ්ඣා, අබ්යාපාදො, සම්මාදිට්ඨි. ඉමෙ දස ධම්මා විසෙසභාගියා.
විශේෂභාගික ධර්ම දශය කවර යැ? ප්‍රාණවධයෙන් වැළැක්ම, අදත්තාදානයෙන් වැළැක්ම, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්ම, බොරුකීමෙන් වැළැක්ම, කේලාම් කීමෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, සම්ඵප්‍රලාපයෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය යන කුශල කර්මපථ දශය යැ. මේ විශේෂභාගික ධර්ම දශය යැ.
කතමෙ දස ධම්මා දුප්පටිවිජ්ඣා? දස අරියවාසා: ඉධාවුසො භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරාපස්සෙනො පනුන්නපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසඞ්ඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම දශය කවර යැ? ආර්‍ය්‍යවාස දශය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම් අඞ්ග පසෙකින් වියුක්ත වූයේ, අඞ්ග සයෙකින් යුක්ත වූයේ, එක් ම ආරක්ෂාවක් ඇත්තේ, අපශ්‍රයණ සතරක් ඇත්තේ, මොනොවට බැහැරැ කරන ලද ප්රත්යෙක සත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ, නොකැලැඹුණු කල්පනා ඇත්තේ, සංසිඳුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිතැත්තේ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති: ඉධාවුසො භික්ඛුනො කාමච්ඡන්දො පහීනො හොති, බ්යාපාදො පහීනො හොති. ථිනමිද්ධං පහීනං හොති, උද්ධච්චකුක්කුච්චං පහීනං හොති, විචිකිච්ඡා පහීනා හොති. එවං ඛො ආවුසො භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග පසෙකින් වී යුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථීනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අඞ්ග පසෙකින් වියුක්ත වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො. එවං ඛො ආවුසො භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග සයෙකින් යුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්ෂක වැ වෙසෙයි. කනින් හඬක් අසා … නැහැයෙන් ගඳක් අඝා … දිවින් රසක් විඳ, … කයින් හැපෙන දැයක් පැහැසැ … මනසින් දහම් අරමුණක් සිතා නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ, නුවණින් දන්නේ, උපේක්ෂක ද වැ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ අඞ්ග සයෙකින් යුක්ත වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු එකාරක්ඛො හොති: ඉධාවුසො භික්ඛු සතාරක්ඛෙන චෙතසා සමන්නාගතො හොති. එවං ඛො ආවුසො භික්ඛු එකාරක්ඛො හොති.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් එක ම ආරක්ෂාවක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිහිය ම ආරක්ෂාව කොටැති සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්ෂාවක් ඇත්තේ වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු චතුරාපස්සෙනො හොති: ඉධාවුසො භික්ඛු සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙති. එවං ඛො ආවුසො භික්ඛු චතුරාපස්සෙනො හොති.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ අපශ්‍රයණ සතරක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා එකක් සෙවියි, නුවණින් බලා එකක් ඉවසයි, නුවණින් බලා එකක් පහ කෙරෙයි, නුවණින් බලා එකක් ඉවත් කරයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අපශ්‍රයණ සතරක් ඇත්තේ වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති: ඉධාවුසො භික්ඛුනො යානි හි පුථුසමණබ්රාහ්මණානං පුථුප්පච්චෙකසච්චානි සබ්බානි තානි නුන්නානි හොන්ති පනුන්නානි චත්තානි වන්තානි මුත්තානි පහීනානි පටිප්පස්සට්ඨානි. එවං ඛො ආවුසො භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ මොනොවට බැහැරැ කරන ලද ප්රත්යෙක සත්‍ය ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, බොහෝ මහණ බමුණන්ගේ යම් බොහෝ ප්රත්යෙක සත්‍ය කෙනෙක් වෙත් ද, මෙහි මහණහු විසින් ඔහු හැම බැහැරැ කරන ලද්දාහු, දුරු කරන ලද්දාහු, හැර දමන ලද්දාහු, පහ කරන ලද්දාහු, මුදන ලද්දාහු, එ හෙයින් ම ප්‍රහීණ වූවාහු, සංසිඳුණාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම බැහැරැ කරන ලද ප්රත්යෙක සත්‍ය ඇත්තේ වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු සමවයසට්ඨෙසනො හොති: ඉධාවුසො භික්ඛුනො කාමෙසනා පහීනා හොති, භවෙසනා පහීනා හොති, බ්රහ්මචරියෙසනා පටිප්පස්සද්ධා හොති. එවං ඛො ආවුසො භික්ඛු සමවයසට්ඨෙසනො හොති.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො අඩු කොට, මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම ඒෂණාව ප්‍රහීණ වෙයි, භව ඒෂණාව ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණාව සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ මොනොවට නො අඩු කොට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වෙයි.
කථඤ්චාවුසො භික්ඛු අනාවිලසඞ්කප්පො හොති: ඉධාවුසො භික්ඛුනො කාමසඞ්කප්පො පහීනො හොති, බ්යාපාදසඞ්කප්පො පහීනො හොති, විහිංසාසඞ්කප්පො පහීනො හොති. එවං ඛො ආවුසො භික්ඛු අනාවිලසඞ්කප්පො හොති.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො කැලැඹුණු කල්පනා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම සංකල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපාද සංකල්පය ප්‍රහීණ වෙයි, විහිංසා සංකල්පය ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ නො කැලැඹුණු සංකල්ප ඇත්තේ වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති: ඉධාවුසො භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො ආවුසො භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් සංසිඳුණු සංස්කාර ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සුඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් වේදනාවන් දුරු වීමෙන් දුක් ද නොවූ සුව ද නොවූ, උපේක්ෂාවගේ ද ස්මෘතියගේ ද පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ සංසිඳුණු කායසංස්කාර ඇත්තේ වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු සුවිමුත්තචිත්තො හොති: ඉධාවුසො භික්ඛුනො රාගාචිත්තං විමුත්තං හොති, දොසා චිත්තං විමුත්තං හොති, මොහා චිත්තං විමුත්තං හොති. එවං ඛො ආවුසො භික්ඛු සුවිමුත්තචිත්තො හොති.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු සිතැත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ සිත රාගය කෙරෙන් මිදුණේ වෙයි, ද්වේෂය කෙරෙන් මිදුණේ වෙයි, මෝහය කෙරෙන් මිදුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට මිදුණු සිතැත්තේ වෙයි.
කථඤ්ච ආවුසො භික්ඛු සුවිමුත්තපඤ්ඤො හොති: ඉධාවුසො භික්ඛු රාගො මෙ පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවං කතො ආයතිං අනුප්පාදධම්මො’ති පජානාති. දොසො -පෙ- මොහො -පෙ- පජානාති. එවං ඛො ආවුසො භික්ඛු සුවිමුත්තපඤ්ඤො හොති.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු ප්‍රඥාව ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘මාගේ රාගය ප්‍රහීණ ය සිඳ දමන ලද මුල් ඇත්තේ ය, උදුරන ලද තල් රුකක් මෙන් කරන ලද්දේ යැ නැවැත නොහටගන්නා බවට පැමිණියේ ය, යලි නො උපදනා ස්වභාවය ඇත්තේ වේ යැ’ යි දනී. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
ඉමෙ දස ධම්මා දුප්පටිවිජ්ඣා.
මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම දශය යැ.
කතමෙ දස ධම්මා උප්පාදෙතබ්බා? දස සඤ්ඤා: අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා. ඉමෙ දස ධම්මා උප්පාදෙතබ්බා.
උත්පාදයිතව්‍ය ධර්ම දශය කවර යැ? අශුභසංඥාව, මරණසංඥාව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව, සියලු ලොවෙහි අනභිරත සංඥාව, අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්ම සඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව යන දශ සංඥාවෝ යැ. මේ උත්පාදයිතව්‍ය දශ ධර්මයෝ යැ.
කතමෙ දස ධම්මා අභිඤ්ඤෙය්යා? දස නිජ්ජරවත්ථූනි: සම්මාදිට්ඨිස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
අභිඥෙය ධර්ම දශය කවර යැ? දශ නිර්ජර වස්තුහු (අකුසල් දිරා යෑමට කරුණු වන දෑ) ය. සම්‍යග්දෘෂ්ටිකයාගේ (සන්තානයෙහි) මිථ්‍යාදෘෂ්ටිය දිරාපත් වෙයි, මිථ්යාදෘෂ්ටිප්රත්යයයෙන් යම් නොඑක් ලාමක අකුශල ධර්මයෝ උපදනාහු ද ඔහුගේ සන්තානයෙහි ඒඅකුසල්හු ද දිරාපත් වෙත්. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුශල ධර්මයෝ භාවනායෙන් පරිපූර්ණත්වයට යෙත්.
සම්මාසඞ්කප්පස්ස මිච්ඡාසඞ්කප්පො නිජ්ජිණ්ණො හොති, යෙ ච මිච්ඡාසඞ්කප්පපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසඞ්කප්පපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්යක්සඞ්කල්පනා ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාසඞ්කල්පය දිරා ගියේ වෙයි. මිථ්යාසඞ්කල්පප්රත්යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදනාහු ද , ඔහුගේ (සන්තානයෙහි) ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්යක්සඞ්කල්පප්රත්යයයෙන් ද නොයෙක් කුශලධර්‍මයෝ භවානායෙන් පරිපූර්ණත්වයට යෙත්.
සම්මාවාචස්ස මිච්ඡාවාචා නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවාචප්පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාවාචප්පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග්වචන ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාවචනය දිරා ගියේ වෙයි. මිථ්‍යාවචන ප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ සතන්හි ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්යග්වචනප්රත්යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භවානායෙන් පරිපූර්ණත්වයට යෙත්.
සම්මාකම්මන්තස්ස මිච්ඡාකම්මන්තො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාකම්මන්තපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාකම්මන්තපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්යක්කර්මාන්ත ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්යාකර්මාන්තය දිරා ගියේ වෙයි. මිථ්යාකර්මාන්තප්රත්යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ සන්තානයෙහි ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්යක්කර්මාන්තප්රත්යයයෙන් ද නොයෙක් කුසල්දහම්හු භාවනායෙන් පරිපූර්ණත්වයට යෙත්.
සම්මාආජීවස්ස මිච්ඡාආජීවො නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාආජීවප්පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාආජීවප්පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යගාජීවය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාආජීවය දිරාගියේ වෙයි. මිථයාජීවප්රත්යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ (සන්තානයෙහි) ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්, සම්යගාජීවප්රත්යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පරිපූර්ණත්වයට යෙත්.
සම්මාවායාමස්ස මිච්ඡාවායාමො නිජ්ජණ්ණො හොති. යෙ ච මිච්ඡාවායාමපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මා වායාමපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග්ව්‍යායාමය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාව්‍යායාමය දිරා ගියේ වෙයි, මිථ්යාව්යායාමප්රත්යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙකුත් හටගන්නාහු ද, ඒ අකුසල්හු ද ඔහුගේ (සන්තානයෙහි) දිරාගියාහු වෙත්. සම්යග්ව්යායාමප්රත්යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
සම්මාසතිස්ස මිච්ඡාසති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාසතිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසතිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යක්ස්මෘතිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාස්මෘතිය දිරා ගියේ වෙයි. මිථ්යාස්මෘතිප්රත්යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුශල්හු ද දිරාගියාහු වෙත්. සම්යක්ස්මෘතිප්රත්යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
සම්මාසමාධිස්ස මිච්ඡාසමාධි නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාසමාධිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසමාධිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යක්සමාධිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්යාසාමාධිය දිරාගියේ වෙයි. මිථ්යාසමාධිප්රත්යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්යක්සමාධිප්රත්යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
සම්මාඤාණස්ස මිච්ඡාඤාණං නිජ්ජිණ්ණං හොති. යෙච මිච්ඡාඤාණපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාඤාණපච්චයාච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග්ඥානය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාඥානය දිරාගියේ වෙයි. මිථ්යාඥානප්රත්යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්යග්ඥානප්රත්යයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
සම්මාවිමුත්තිස්ස මිච්ඡාවිමුත්ති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මා විමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග්විමුක්තිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාවිමුක්තිය දිරා ගියේ වෙයි. මිථ්යාවිමුක්තිප්රත්යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙකුත් හටගන්නාහු ද, ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්යග්විමුක්තිප්රත්යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
ඉමෙ දස ධම්මා අභිඤ්ඤෙය්යා.
මේ අභිඥෙය (වෙසෙසි නුවණින් දත යුතු) ධර්ම දශය යැ.
කතමෙ දස ධම්මා සච්ඡිකාතබ්බා? දස අසෙක්ඛා ධම්මා: අසෙක්ඛා සම්මාදිට්ඨි, අසෙක්ඛො සම්මාසඞ්කප්පො, අසෙක්ඛා සම්මාවාචා, අසෙක්ඛො සම්මාකම්මන්තො, අසෙක්ඛො සම්මාආජීවො, අසෙක්ඛො සම්මාවායාමො, අසෙක්ඛා සම්මාසති, අසෙක්ඛො සම්මාසමාධි, අසෙක්ඛං සම්මාඤාණං, අසෙක්ඛා සම්මාවිමුත්ති.
සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම දශය කවර යැ? අශෛක්ෂ සම්‍යග්දෘෂ්ටිය, අශෛක්ෂ සම්‍යක්සඞ්කල්පය, අශෛක්ෂ සම්‍යග්වචනය, අශෛක්ෂ සම්යක්කර්මාන්තය, අශෛක්ෂ සම්‍යගාජීවය, අශෛක්ෂ සම්‍යග්ව්‍යායාමය, අශෛක්ෂ සම්‍යක්ස්මෘතිය, අශෛක්ෂ සම්‍යක්සමාධිය, අශෛක්ෂ සම්‍යග්ඥානය, අශෛක්ෂ සම්‍යග්විමුක්තිය යන අශෛක්ෂ ධර්ම දශය යැ.
ඉමෙ දස ධම්මා සච්ඡිකාතබ්බා.
මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම දශය යැ.
ඉති ඉමෙ සත ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා’ති.
මෙසේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ මේ සියයෙක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට ඥානයෙන් දැනගන්නා ලදුහ”.
ඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මෙය වදාළහ. ආරාධිත සිත් ඇති ඒ මහණහු ආයුෂ්මත් ශාරිපුත්‍රයන්ගේ වචනය මැනැවැ යි පිළිගත්හ.
දසුත්තරසුත්තං නිට්ඨිතං එකාදසමං.
එකොළොස්වන දශෝත්තර සූත්‍රය නිමියේ යැ.
පාථිකවග්ගො නිට්ඨිතො.
පාථිකවර්ගය යි.
තස්සුද්දානං:
මේ එහි උද්දානය යැ:
පාටිකො ච උදුම්බරං චක්කවත්තී අග්ගඤ්ඤකං සම්පසාදං ච පාසාදං මහාපුරිසලක්ඛණං සිගාලාටානාටියකං සඞ්ගීති ච දසුත්තරං එකාදසහි සුත්තෙහි පාථිකවග්ගො’ති වුච්චති.
පාථික සූත්‍රය ද උදුම්බර සූත්‍රය ද චක්‍රවර්ති සූත්‍රය ද අග්ගඤ්ඤ සූත්‍රය ද සම්ප්‍රසාදන සූත්‍රය ද පාසාදික සූත්‍රය ද මහාපුරුෂලක්ෂණ සූත්‍රය ද ගෘගාලසූත්රය ද ආටානාටියක සූත්‍රය සඞ්ගීති සූත්‍රය ද දශෝත්තර සූත්‍රය ද යන එකොළොස් සූත්‍රයන් කරණ කොට ගෙන පාථිකවර්ගය යැයි කියනු ලැබේ.
නිට්ඨිතො දීඝනිකායො.
දික්සඟිය නිමියේ යි .