යෙදුමෙන් කියවන්න

සඞ‍්ගීතිසුත‍්තං

10.

10.

සඞ‍්ගීතිසුත‍්තං

සඞ්ගීති සූත්‍රය

1. එවං මෙ සුතං:

1. මා විසින් මෙසේ අසන ලදී.

එකං සමයං භගවා මල‍්ලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛු සඞ‍්ඝෙන සද‍්ධිං පඤ‍්චමත‍්තෙහි භික‍්ඛුසතෙහි යෙන පාවා නාම මල‍්ලානං නගරං තදවසරි. තත්‍ර සුදං භගවා පාවායං විහරති චුන්‍දස‍්ස කම‍්මාරපුත‍්තස‍්ස අම‍්බවනෙ.

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා හා මල්ල රටෙහි සැරි සරන සේක්, පාවා නම් වූ මල්ල රජුන්ගේ නගරය යම් තැනෙක ද, එයට වැඩ වදාළ සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරැ චුන්‍ද කර්‍මාරපුත්‍රයාගේ අඹවෙනෙහි වාසය කරන සේක.

2. තෙන ඛො පන සමයෙන පාවෙය්‍යකානං මල‍්ලානං උබ‍්භතකං නවං සන්‍ථාගාරං අචිරකාරිතං හොති, අනජ‍්ඣාවුත්‍ථං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා කෙනචි වා මනුස‍්සභූතෙන. අස‍්සොසුං ඛො පාවෙය්‍යකා මල‍්ලා: භගවා කිර මල‍්ලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං පඤ‍්චමත‍්තෙහි භික‍්ඛුසතෙහි පාවං අනුප‍්පත‍්තො පාවායං විහරති චුන්‍දස‍්ස කම‍්මාරපුත‍්තස‍්ස අම‍්බවනෙ’ති. අථ ඛො පාවෙය්‍යකා මල‍්ලා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො පාවෙය්‍යකා මල‍්ලා භගවන‍්තං එතදවොචුං: ඉධ භන‍්තෙ පාවෙය්‍යකානං මල‍්ලානං උබ‍්භතකං නවං සන්‍ථාගාරං අචිරකාරිතං හොති අනජ‍්ඣාවුත්‍ථං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා කෙනචි වා මනුස‍්සභූතෙන. තං ච භන‍්තෙ භගවා පඨමං පරිභුඤ‍්ජතු. භගවතා පඨමං පරිභුත‍්තං පච‍්ඡා පාවෙය්‍යකා මල‍්ලා පරිභුඤ‍්ජිස‍්සන‍්ති. තදස‍්ස පාවෙය්‍යකානං මල‍්ලානං දීඝරත‍්තං හිතාය සුඛායා”ති.

2. එ සමයෙහි වූ කලි පාවා නුවරැ වැසි මල්ල රජුන්ගේ උබ්හතක නම් අළුත් සන්‍ථාගාරය කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ මිනිස් වූ කිසි දු කෙනකු විසින් වාසග්‍රහණ වශයෙන් පරිභෝග නො කරන ලදුයේ වෙයි. පාවා නුවරැ වැසි මල්ලයෝ ‘භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා කැටුව මල්ල රටැ සැරි සරන්නාහු පාවා නුවරට වැඩියාහු, එහි චුන්‍දකර්‍මාරපුත්‍රයාගේ අඹ වෙනෙහි වසන සේක් ලැ’ යි ඇසූහ. ඉක්බිත්තෙන් පාවා නුවරැ වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ සාදර වැ වැඳ, පසෙක හිඳගත්හ. පසෙක හිඳගත්තාවූ ම පාවා නුවරැ වැසි මල්ලයෝ, “වහන්ස, මෙහි පාවා නුවරැ වැසි මල්ලයන්ගේ උබ්හතක නම් අළුත් සන්‍ථාගාරයෙක් කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ කිසි දු මිනිස් වූවක්හු විසින් වාසග්‍රහණ විසින් අපරිභුක්ත වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එය පළමුවෙන් පරිභෝග කරන සේක් වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවෙන් පරිභෝග කරන ලද එය පසු වැ පාවා නුවරැ වැසි මල්ලයෝ පරිභෝග කරන්නාහ. එය පාවෙයක මල්ලයනට බොහෝ කලක් වැඩ පිණිස, සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ කීහ.

3. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො පාවෙය්‍යකා මල‍්ලා භගවතො අධිවාසනං විදිත්‍වා, උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා, පදක‍්ඛිණං කත්‍වා යෙන සන්‍ථාගාරං තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා සබ‍්බසන්‍ථරිං සන්‍ථාගාරං සන්‍ථරිත්‍වා ආසනානි පඤ‍්ඤපෙත්‍වා, උදකමණිකං පතිට‍්ඨපෙත්‍වා තෙලප‍්පදීපං ආරොපෙත්‍වා, යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු.

3. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. එ කල්හි පාවෙයක මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියාව දැන, හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සාදර වැ වැඳ පැදකුණු කොට, සන්‍ථාගාරශාලාව කරා ගියහ. ගොස් සන්‍ථාගාරය සියලු තැන බුමුතුරුණු අතුට, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ සාදර වැ වැඳ එක් පසෙක සිටියාහ.

එකමන‍්තං ඨිතා ඛො තෙ පාවෙය්‍යකා මල‍්ලා භගවන‍්තං එතදවොචුං, සබ‍්බසන්‍ථරිං සන්‍ථතං භන‍්තෙ සන්‍ථාගාරං, ආසනානි පඤ‍්ඤත‍්තානි: උදකමණිකො පතිට‍්ඨාපිතො, තෙලප‍්පදීපො ආරොපිතො. යස‍්ස’දානි භන‍්තෙ භගවා කාලං මඤ‍්ඤතී”ති.

එක් පසෙකැ සිටියා වූ ම ඒ පාවෙයක මල්ලයෝ ‘වහන්ස, සන්‍ථාගාරශාලාව හැම තැනම බුමුතුරුණු අතුරන ලද්දේ ය, අසුන් පැනැවිණ, දියසැළෙක් තැබිණ, තෙල් පහනෙක් නැංවිණ. යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වනු සේක් ද, දැන එයට කල් පැමිණියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.

4. අථ ඛො භගවා නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන යෙන සන්‍ථාගාරං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පාදෙ පක‍්ඛාලෙත්‍වා සන්‍ථාගාරං පවිසිත්‍වා මජ‍්ඣිමං ථම‍්භං නිස‍්සාය පුරත්‍ථාභිමුඛො නිසීදි. භික‍්ඛුසඞ‍්ඝොපි ඛො පාදෙ පක‍්ඛාලෙත්‍වා සන්‍ථාගාරං පවිසිත්‍වා පච‍්ඡිමං භිත‍්තිං නිස‍්සාය පුරත්‍ථාභිමුඛො නිසීදි භගවන‍්තංයෙව පුරක‍්ඛත්‍වා. පාවෙය්‍යකා පි ඛො මල‍්ලා පාදෙ පක‍්ඛාලෙත්‍වා සන්‍ථාගාරං පවිසිත්‍වා පුරත්‍ථිමං භිත‍්තිං නිස‍්සාය පච‍්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන‍්තංයෙව පුරක‍්ඛත්‍වා. අථ ඛො භගවා පාවෙය්‍යකෙ මල‍්ලෙ බහුදෙවා රත‍්තිං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උය්‍යොජෙසි; අභික‍්කන‍්තා ඛො වාසෙට‍්ඨා රත‍්ති. යස‍්ස’දානි තුම‍්හෙ කාලං මඤ‍්ඤථා ති. ‘එවං භන‍්තෙ’ති ඛො පාවෙය්‍යකා මල‍්ලා භගවතො පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු.

4. එ කලැ භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන භික්‍ෂුසඞ්ඝයා කැටුවැ සන්‍ථාගාරය කරා එළැඹි සේක. එළැඹ පා දෙවැ සන්‍ථාගාරයට පිවිසැ, එහි මැද ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩහුන් සේක. භික්‍ෂුසඞ්ඝයා ද පා දෙවැ, සන්‍ථාගාරයට පිවිසැ පැසිම් බිත්තිය නිසා, පැසිම් දිගට මුහුණු ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පා දෙවැ සන්‍ථාගාරයට වැද, පෙරදිගැ බිත්තියට පිටු දී, පැසිම් දිගට මුහුණු ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් පාවෙයක මල්ලයනට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි ඔවුන් සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත් සතුටු කොට, ‘වාශිෂ්ඨයෙනි, රාත්‍රිය බොහෝ ඉක්මිණ, සිය ගෙවලට යම් පෙරළා යෑමක් කළ යුතු ද, දැන් එයට කල් නියාව දනිවු’ යැ යි ඔවුන් නික්මැ යන්නට උද්‍යෝගී කළ සේක. ‘එසේ යැ වහන්සේ’ යි කියා ම පාවා නුවරැ වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී, ඔබ සාදර වැ වැඳ පැදකුණු කොට නික්මැ ගියාහ.

5. අථ ඛො භගවා අචිරපක‍්කන‍්තෙසු පාවෙය්‍යකෙසු මල‍්ලෙසු තුණ‍්හීභූතං තුණ‍්හීභූතං භික‍්ඛුසංඝං අනුවිලොකෙත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආමන‍්තෙසි, ‘විගතථිනමිද‍්ධො ඛො සාරිපුත‍්ත භික‍්ඛුසඞ‍්ඝො පටිභාතු තං සාරිපුත‍්ත භික‍්ඛූනං ධම‍්මී කථා පිට‍්ඨි මෙ ආගිලායති. තමහං ආයමිස‍්සාමී”ති. ‘එවං භන‍්තෙ’ති ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවතො පච‍්චස‍්සොසි.

5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පාවෙයක මල්ලයන් නික්මැගිය නොබෝ වේලායෙහි, නිහඬ නිහඬ වැ හුන් බික්සඟන දෙස බලා සැරියුත් තෙරුන් බණවා, ‘ශාරිපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝ තෙමේ පහ වූ ථීනමිද්ධය ඇත්තේ වෙයි, ශාරිපුත්‍රයෙනි, ඔබට භික්‍ෂූන් පිණිස ධර්‍ම කථාවෙක් වැටැහේ වා (භික්‍ෂූනට දහමක් දෙසන්නැ), මා පිට රිදෙයි එ හෙයින් මම් හෝනෙමි’ යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

අථ ඛො භගවා චතුග‍්ගුණං සඞ‍්ඝාටිං පඤ‍්ඤපෙත්‍වා දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙසි, පාදෙ පාදං අච‍්චාධාය, සතො සම‍්පජානො උට‍්ඨානසඤ‍්ඤං මනසි කරිත්‍වා.

එයින් පසු භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පට කොට පණවා (එළා), උත්‍ථානසංඥාව සිත්හි කොට (මෙතෙක් වෙලායෙන් නැඟී සිටිමි යි ඉටා), දකුණු පය මතැ වම් පය මඳක් ඉක්මැ තබා දකුණැලයෙන් සිංහශය්‍යාව කළ සේක.

භින‍්නනිගණ‍්ඨවත්‍ථු

6. තෙන ඛො පන සමයෙන නිගණ‍්ඨො නාතපුත‍්තො පාවායං අධුනා කාලකතො හොති. තස‍්ස කාලකිරියාය භින‍්නා නිගණ‍්ඨා ද‍්වෙධිකජාතා භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරන‍්ති: ‘න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි, අහං ඉමං ධම‍්මවිනයං ආජානාමි. කිං ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානිස‍්සසි? මිච‍්ඡාපටිපන‍්නො ත්‍වමසි, අහමස‍්මි සම‍්මාපටිපන‍්නො සංහිතම‍්මෙ අසහිතන‍්තෙ, පුරෙ වචනීයං පච‍්ඡා අවච, පච‍්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ‍්ණන‍්තෙ විපරාවත‍්තං, ආරොපිතො තෙ වාදො, නිග‍්ගහිතො ත්‍වමසි, චර වාදප‍්පමොක‍්ඛාය, නිබ‍්බෙඨෙහි ච සචෙ පහොසී’ති. වධො යෙව ඛො මඤ‍්ඤෙ නිගණ‍්ඨෙසු නාතපුත‍්තියෙසු අනුවත‍්තති. යෙ’පි තෙ නිගණ‍්ඨස‍්ස නාතපුත‍්තස‍්ස සාවකා ගිහී ඔදාතවසනා, තෙ’පි තෙසු නිගණ‍්ඨෙසු නාතපුත‍්තියෙසු නිබ‍්බින‍්නරූපා විරත‍්තරූපා පටිවානරූපා යථා තං දුරක‍්ඛාතෙ ධම‍්මවිනයෙ දුප‍්පවෙදිතෙ අනිය්‍යානිකෙ අනුපසමසංවත‍්තනිකෙ අසම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතෙ භින‍්නථූපෙ අප‍්පටිසරණෙ.

6. එ සමයෙහි වූ කලි නිර්ග්‍රන්‍ථඥාතපුත්‍ර පාවා නුවරැදී නොබෝ කල්හි ම කලුරිය කෙළේ වෙයි. ඔහුගේ මරණයෙන් පසු, යම් සේ නොමනා කොට කියන ලද, නොමනා කොට උගන්වන ලද නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නොපවත්නා, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ, බිඳීගිය ස්තූපය ඇති (මළාවූ ශාස්තෘහු ඇති), ශාස්තෘහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක්හි වියැ යුතු ද, එසේ ම නිවටහු ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ මරණයෙන් බිඳීගියාහු, දෙ කොටසක් වූවාහු, “තෝ මේ දහම් විනය නො දනී, මේ දහම් විනය දනුයෙම් මම් ය, තෝ කිමැ යි මේ දහම් විනය දන්නෙහි ද? තෝ වැරැදැ පිළිපන්නෙහි වෙහි, මම් මොනොවට පිළිපන්නෙම් වෙමි, තා බස නො සිලිටි ය, මා බස සිලිටි ය, පළමුවෙන් කියැ යුත්ත තෝ පසු වැ කීයෙහි, පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි, තා පුරුදු පුහුණු කළ දැය (මගේ වාදය නිසා) පෙරැළී ගියේ ය, මා විසින් තට දොස් නැඟිණ, තෝ නිගන්නා ලද්දෙහි, මා නැඟු දොසින් මිදෙනු පිණිස (මතුමත්තෙහි කරුණු සොයනුයෙහි ඒ ඒ ගුරුහු කරා) යව, ඉදින් පොහොසත් වෙහි නම් වෙළුම් හරුව (විසඳව)” යි හටගත් ඩබර ඇත්තාහු, උපන් කලහ ඇත්තාහු, විවාදයට බටුවාහු, උනුන් වචන නැමැති සැතින් විදුනාහු වෙසෙත්. නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයාගේ අතැවැසි නිවටුන් අතුරෙහි උනුන් මරාගැන්මක් මෙන් පවතී. ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ ශ්වේතවස්ත්‍රධාරී යම් ගෘහී ශ්‍රාවක කෙනෙක් වෙත් ද, උහුත් ඥාතපුත්‍රයාගේ අතැවැසි නිවටුන් කෙරෙහි කලකිරුණු ස්වභාවය ඇත්තාහු, ආදර රහිත ස්වභාවය ඇත්තාහු, පළමු උනට දැක්වූ සත්කාර ගුරුකාර හැර පසුබා ගිය ස්වභාවය ඇත්තාහු වෙත්.

7. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි: නිගණ‍්ඨො ආවුසො නාතපුත‍්තො පාවායං අධුනා කාලකතො, තස‍්ස කාලකිරියාය භින‍්නා නිගණ‍්ඨා ද‍්වෙධිකජාතා -පෙ- භින‍්නථූපෙ අප‍්පටිසරණෙ එවං හෙතං ආවුසො හොති දුරක‍්ඛාතෙ ධම‍්මවිනයෙ දුප‍්පවෙදිතෙ අනිය්‍යානිකෙ අනුපසමසංවත‍්තනිකෙ අසම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතෙ. අයං ඛො පන ආවුසො අම‍්හාකං භගවතා ධම‍්මො ස‍්වාක‍්ඛාතො සුප‍්පවෙදිතො නිය්‍යානිකො උපසමසංවත‍්තනිකො සම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතො. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං, යථයිදං බ්‍රහ‍්මචරියං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං, තදස‍්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමො චාවුසො අම‍්හාකං භගවතා ධම‍්මො ස‍්වාක‍්ඛාතො සුප‍්පවෙදිතො නිය්‍යානිකො උපසමසංවත‍්තනිකො සම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතො, තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං යථයිදං බ්‍රහ‍්මචරියං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං, තදස‍්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

7. ඉක්බිති සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් අමතා, ‘ඇවැත්නි, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ පාවා නුවැරැදී නොබෝ කල්හි කලුරිය කෙළේ ය, ඔහුගේ කාලක්‍රියායෙන් … යම්සේ නොමනා කොට කියන ලද, නොමනා කොට දන්වන ලද, නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නොපවත්නා, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ, බිඳීගිය ස්තූපය ඇති, ශාස්තෘහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක්හි වියැ යුතු ද, එසේ ම නිවටහු ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ මරණයෙන් බිඳී ගියාහු දෙකොටසක් වූවාහු … වෙසෙත්. ඇවැත්නි, එතෙකුදු වුවත් අප භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්‍මය ස්වාඛ්‍යාත ය, මොනොවට වදාරන ලද්දේ ය, මොනොවට උගන්වන ලද්දේ ය, නෛර්‍ය්‍යාණික ය, උපශමසංවර්‍තනික ය, සම්‍යක්සම්බුද්ධප්‍රවේදිත ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතිය හැකි වන්නේ ද, බොහෝ කල් සිටින්නෙක් වන්නේ ද, එසේ සමග්‍රව ගැයිය යුතු (එක් ම වචන ඇත්තවුන්, අවිරුද්ධ වචන ඇත්තවුන් වියැ යුතු), විවාද නො කළ යුතු. එය බොහෝ ජනයාට වැඩ පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

එකකං

ඒකකය

8. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එකො ධම‍්මො සම‍්මදක‍්ඛාතො. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං, යථයිදං බ්‍රහ‍්මචරියං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං. තදස‍්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමො එකො ධම‍්මො? සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා. සබ‍්බෙ සත‍්තා සඞ‍්ඛාරට‍්ඨිතිකා. අයං ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එකො ධම‍්මො සම‍්මදක‍්ඛාතො. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං, යථයිදං බ්‍රහ‍්මචරියං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං, තදස‍්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

8. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද එක් දහමෙක් ඇත. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වන්නේ ද, බොහෝ කල් සිටුනෙක් වන්නේ ද, එසේ සමග වැ ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය. ඒ කවර එක් දහමෙක් ද යත්: සියලු සත්‍වයෝ ආහාරයෙන් (ප්‍රත්‍යයයෙන්) සිටුනාහු වෙත්, සියලු සත්‍වයෝ සංස්කාරයෙන් (ඵලය සකසන දැයින් - ප්‍රත්‍යයයෙන්) සිටුනාහු වෙත්. ඇවැත්නි, මෙය අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද එක් දහම ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වන්නේ ද, බොහෝ කල් සිටුනෙක් වන්නේ ද, එසේ සමග වැ ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස සුව පිණිස වන්නේ ය.

දුකං

ද්විකය

9. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන ද‍්වෙ ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

9. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දහම්හු දෙදෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් සමග වැ ගැයිය යුතු. එය … දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

කතමෙ ද‍්වෙ?

කවර දහම්හු දෙදෙනෙක් ද? යත්:

නාමඤ‍්ච රූපඤ‍්ච.

නාමය ද රූපය ද …

අවිජ‍්ජා ච භවතණ‍්හා ච.

අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද …

භවදිට‍්ඨි ච විභවදිට‍්ඨි ච.

භවදෘෂ්ටිය ද විභවදෘෂ්ටිය ද…

අහිරිකඤ‍්ච අනොත‍්තප‍්පඤ‍්ච.

අහිරිකය ද අනොත්තප්පය ද …

හිරී ච ඔත‍්තප‍්පඤ‍්ච.

හිරිය ද ඔත්තප්පය ද …

දොවචස‍්සතා ච පාපමිත‍්තතා ච.

දුර්වච බව ද පාප මිත්‍රයන් ඇති බව ද …

සොවචස‍්සතා ච කල්‍යාණමිත‍්තතා ච.

සුවච බව ද කල්‍යාණ මිත්‍රයන් ඇති බව ද …

ආපත‍්තිකුසලතා ච ආපත‍්තිවුට‍්ඨානකුසලතා ච.

ආපත්තිකුශලතාව (ඇවැත් දැනීම) ද, ආපත්ත්‍යුත්‍ථානකුශලතාව ද (ඇවැතින් නැඟී සිටීම දන්නා නුවණ ද) …

සමාපත‍්තිකුසලතා ච සමාපත‍්තිවුට‍්ඨානකුසලතා ච.

සමාපත්තිකුශලතාව (සමවතුන් දැනීම) ද, සමාපත්ත්‍යුත්‍ථානකුශලතාව (සමවත්නෙන් නැඟීසිටීම දන්නා නුවණ) ද …

ධාතුකුසලතා ච මනසිකාරකුසලතා ච

ධාතුකුශලතාව (ධාතූන් දන්නා නුවණ) ද, මනස්කාරකුශලතාව (ධාතූන් මෙනෙහි කරන්නට දන්නා නුවණ) ද …

ආයතනකුසලතා ච පටිච‍්චසමුප‍්පාදකුසලතා ච

ආයතනකුශලතාව (ආයතනයන් දැන්ම) ද, ප්‍රතීත්‍යසමුත්පාදකුශලතාව (ප්‍රතීත්‍යසමුත්පාදය දන්නා නුවණ) ද …

ඨානකුසලතා ච අට‍්ඨානකුසලතා ච

ස්ථානකුශලතාව (ස්ථාන දන්නා නුවණ) ද, අස්ථානකුශලතාව (අස්ථාන දන්නා නුවණ) ද, …

අජ‍්ජවඤ‍්ච ලජ‍්ජවඤ‍්ච

ඍජු බව ද, ලජ්ජාව ද …

ඛන‍්ති ච සොරච‍්චඤ‍්ච

ක්‍ෂාන්තිය ද සෞරත්‍යය (සිලවත්බව) ද, …

සාඛල්‍යඤ‍්ච පටිසන්‍ථාරො ච

සාඛල්‍යය (මොළොක් වචන ඇති බව) ද පටිසන්‍ථාරය (පිළිසඳර) ද …

අවිහිංසා ච සොචෙය්‍යඤ‍්ච

අවිහිංසාව (කරුණාව) ද ශුචි බව (මෛත්‍රිය) ද …

මුට‍්ඨසච‍්චඤ‍්ච අසම‍්පජඤ‍්ඤඤ‍්ච

නටුවාවු සිහි ඇති බව ද නුවණනැති බව ද …

සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච

සිහිය ද නුවණ ද …

ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා ච භොජනෙ අමත‍්තඤ‍්ඤුතා ච

ඉඳුරන්හි නොවැසූ දොර ඇති බව ද බොජුනෙහි පමණ නොදන්නා බව ද …

ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා ච භොජනෙ මත‍්තඤ‍්ඤුතා ච

ඉඳුරන්හි වැසූ දොර ඇති බව ද බොජුනෙහි පමණ දන්නා බව ද …

පටිසඞ‍්ඛානබලඤ‍්ච භාවනාබලඤ‍්ච

ප්‍රතිසඞ්ඛ්‍යාන බලය (නොනුවණින් සැලිය නොහැකි නුවණ) ද, භාවනාබලය (බවුන් වැඩීමෙහි තහවුරු බව) ද …

සතිබලඤ‍්ච සමාධිබලඤ‍්ච

ස්මෘතිබලය (තර වැ සිටුනා සිහිය) ද සමාධිබලය (සමාධියෙහි තහවුරු බව) ද …

සමථො ච විපස‍්සනා ච

ශමථය ද විදර්‍ශනාව ද …

සමථනිමිත‍්තඤ‍්ච පග‍්ගහනිමිත‍්තඤ‍්ච

ශමථනිමිත්තය ද ප්‍රග්‍රහනිමිත්තය ද …

පග‍්ගාහො ච අවික‍්ඛෙපො ච

ප්‍රග්‍රාහය (වීර්‍ය්‍යය) ද අවික්‍ෂේපය (එකඟබව) ද …

සීලවිපත‍්ති ච දිට‍්ඨිවිපත‍්ති ච

ශීලවිපත්තිය (දුසිල් බව) ද දෘෂ්ටිවිපත්තිය (මිසදිට) ද …

සීලසම‍්පදා ච දිට‍්ඨිසම‍්පදා ච

ශීලසම්පත්තිය (ශීලසංවරය) ද දෘෂ්ටිසම්පත්තිය (ඥානය) ද …

සීලවිසුද‍්ධි ච දිට‍්ඨිවිසුද‍්ධි ච

ශීලවිශුද්ධිය ද දෘෂ්ටිවිශුද්ධිය ද …

දිට‍්ඨිවිසුද‍්ධි ඛො පන යථා දිට‍්ඨිස‍්ස ච පධානං සංවෙගො චසංවෙජනීයෙසු ඨානෙසු සංවිග‍්ගස‍්ස ච යොනිසො පධානං

දෘෂ්ටිවිශුද්ධිය (ඥානදර්‍ශනය) ද දෘෂ්ටිවිශුද්ධිය හා එක්වැ යෙදුණ වීර්‍ය්‍යය ද … සංවේගය (ජාතිජරාදි සංවේගවස්තූන් භය වශයෙන් භයජනක වශයෙන් දක්නා නුවණ) ද සංවේග කටයුතු කරුණෙහි සංවේගයට පත්තහුගේ උපාය (වීර්‍ය්‍යය) ද …

අසන‍්තුට‍්ඨිතා ච කුසලෙසු ධම‍්මෙසු අප‍්පටිවානිතා ච පධානස‍්මිං

කුසල්දහම්හි අතෘප්තිකර බවද ප්‍රධන් වීර්‍ය්‍යයෙහි නොපසුබස්නා බව ද …

විජ‍්ජා ච විමුත‍්ති ච

විද්‍යාව (පූර්වේනිවාසානුස්මෘතිඥානාදි තුන්විද්‍යා) ද විමුක්තිය (නීවරණයන්ගෙන් හා සංස්කෘතධර්‍මයන්ගෙන් හා මිදීම) ද …

ඛයෙ ඤාණං අනුප‍්පාදෙ ඤාණං

ක්‍ෂයයෙහි නුවණ (මාර්‍ගඥානය) ද අනුත්පාදයෙහි නුවණ (ඵලඥානය) ද යන මොහු ය.

ඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන ද‍්වෙ ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

ඇවැත්නි, මොහු දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද ද්වික ධර්‍මයෝ ය. එහි … දෙව්මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස සියල්ලන් විසින් ම සමග වැ ගැයිය යුතු, විවාද නො කටයුතු.

තිකං

ත්‍රිකය

10. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන තයො ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

10. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද තුන් ධර්‍ම කෙනෙක් ඇත. එහි … දෙව්මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස සියල්ලන් විසින් ම සමග වැ ගැයිය යුතු විවාද නො කටයුතු.

කතමෙ තයො?

කවර දහම්හු තිදෙනෙක් ද යත්:

තීණි අකුසලමූලානි: ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං.

අකුසල්මුල් තුනෙක: ලෝභය අකුසල් මුලෙක, ද්වේෂය අකුසල් මුලෙක, මෝහය අකුසල් මුලෙක …

තීණි කුසලමූලානි: අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං.

කුසල්මුල් තුනෙක: අලෝභය කුසල් මුලෙක, අද්වේෂ ය කුසල් මුලෙක, අමෝහය කුසල් මුලෙක ….

තීණි දුච‍්චරිතානි: කායදුච‍්චරිතං, වචීදුච‍්චරිතං, මනොදුච‍්චරිතං.

දුසිරිත් තුනෙක: කායදුශ්චරිත ය, වාග්දුශ්චරිත ය, මනෝදුශ්චරිත ය …

තීණි සුචරිතානි: කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං.

සුසිරිත් තුනෙක: කායසුචරිත ය, වාක්සුචරිත ය, මනස්සුචරිත ය …

තයො අකුසලවිතක‍්කා: කාමවිතක‍්කො, බ්‍යාපාදවිතක‍්කො, විහිංසාවිතක‍්කො.

අකුශලවිතර්‍ක තුනෙක: කාමවිතර්‍ක, ව්‍යාපාදවිතර්‍ක, විහිංසාවිතර්‍ක …

තයො කුසලවිතක‍්කා: නෙක‍්ඛම‍්මවිතක‍්කො, අබ්‍යාපාදවිතක‍්කො, අවිහිංසාවිතක‍්කො.

කුශලවිතර්‍ක තුනෙක: නෛෂ්කාම්‍යවිතර්‍ක, අව්‍යාපාදවිතර්‍ක, අවිහිංසාවිතර්‍ක …

තයො අකුසලසංකප‍්පා: කාමසංකප‍්පො, බ්‍යාපාදසංකප‍්පො, විහිංසාසංකප‍්පො.

අකුශල සංකල්ප තුනෙක: missing

තයො කුසලසංකප‍්පා: නෙක‍්ඛම‍්මසංකප‍්පො, අබ්‍යාපාදසංකප‍්පො, අවිහිංසාසංකප‍්පො.

කුශල සංකල්ප තුනෙක: නෛෂ්කාම්‍යසංකල්පය, අව්‍යාපාදසංකල්පය, අවිහිංසා සංකල්පය …

තිස‍්සො අකුසලසඤ‍්ඤා: කාමසඤ‍්ඤා, බ්‍යාපාදසඤ‍්ඤා, විහිංසාසඤ‍්ඤා.

අකුශල සංඥා තුනෙක: කාමසංඥා, ව්‍යාපාදසංඥා, විහිංසාසංඥා …

තිස‍්සො කුසලසඤ‍්ඤා: නෙක‍්ඛම‍්මසඤ‍්ඤා, අබ්‍යාපාදසඤ‍්ඤා, අවිහිංසාසඤ‍්ඤා.

කුශලසංඥා තුනෙක: නෛෂ්කාම්‍යසංඥා, අව්‍යාපාදසංඥා, අවිහිංසාසංඥා …

තිස‍්සො අකුසලධාතුයො: කාමධාතු, බ්‍යාපාදධාතු, විහිංසාධාතු.

අකුශලධාතු තුනෙක: කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු …

තිස‍්සො කුසලධාතුයො: නෙක‍්ඛම‍්මධාතු, අබ්‍යාපාදධාතු, අවිහිංසාධාතු.

කුශල ධාතු තුනෙක: නෛෂ්කාම්‍ය ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු …

අපරාපි තිස‍්සො ධාතුයො: කාමධාතු, රූපධාතු, අරූපධාතු.

අන්‍ය ද ධාතු තුනෙක: කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු …

අපරාපි තිස‍්සො ධාතුයො: රූපධාතු, අරූපධාතු, නිරොධධාතු.

අන්‍ය ද ධාතු තුනෙක: රූප ධාතු, අරූප ධාතු, නිරෝධ ධාතු …

අපරාපි තිස‍්සො ධාතුයො: හීනධාතු, මජ‍්ඣිමධාතු, පණීතධාතු.

අන්‍ය ද ධාතු තුනෙක: හීන ධාතු, මධ්‍යම ධාතු, ප්‍රණීත ධාතු …

තිස‍්සො තණ‍්හා: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා.

තෘෂ්ණා තුනෙක: කාමතෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණා …

අපරාපි තිස‍්සො තණ‍්හා: කාමතණ‍්හා, රූපතණ‍්හා, අරූපතණ‍්හා.

අන්‍ය ද තෘෂ්ණා තුනෙක: කාමතෘෂ්ණා, රූපතෘෂ්ණා, අරූපතෘෂ්ණා …

අපරාපි තිස‍්සො තණ‍්හා: රූපතණ‍්හා, අරූපතණ‍්හා, නිරොධතණ‍්හා.

අන්‍ය ද තෘෂ්ණා තුනෙක: රූපතෘෂ්ණා, අරූපතෘෂ්ණා, නිරෝධතෘෂ්ණා …

තීණි සංයොජනානි: සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාසො.

සංයෝජන තුනෙක: සත්කායදෘෂ්ටි, විචිකිත්සා, ශීලව්‍රතපරාමර්‍ශ …

තයො ආසවා: කාමාසවො, භවාසවො, අවිජ‍්ජාසවො.

ආස්‍රව තුනෙක: කාමාස්‍රව, භවාස්‍රව, අවිද්‍යාස්‍රව …

තයො භවා: කාමභවො, රූපභවො, අරූපභවො.

භව තුනෙක: කාමභව, රූපභව, අරූපභව …

තිස‍්සො එසනා: කාමෙසනා, භවෙසනා, බ්‍රහ‍්මචරියෙසනා.

ඒෂණා තුනෙක: කාම ඒෂණා, භව ඒෂණා, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණා …

තිස‍්සො විධා: සෙය්‍යො’හමස‍්මී ති විධා, සදිසො’හමස‍්මීති විධා, හීනො’හමස‍්මීති විධා.

විධා (මාන) තුනෙක: මම් උතුම් වෙමි යි විධාවෙක, මම් සමානයෙමි යි විධාවෙක, මම් හීනයෙමි යි විධාවෙක …

තයො අද‍්ධා: අතීතො අද‍්ධා, අනාගතො අද‍්ධා, පච‍්චුප‍්පන‍්නො අද‍්ධා.

අධ්ව (කාල) තුනෙක: අතීත කාලය, අනාගත කාලය, වර්‍තමාන කාලය …

තයො අන‍්තා: සක‍්කායො අන‍්තො, සක‍්කායසමුදයො අන‍්තො, සක‍්කායනිරොධො අන‍්තො.

අන්ත තුනෙක: සත්කායය (පංචස්කන්‍ධය) එක් අන්තයෙක, සත්කාය සමුදයය (පුරිම තෘෂ්ණාවය), සත්කාය නිරෝධය (නිවන හා මග) …

තිස‍්සො වෙදනා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා.

වේදනා තුනෙක: සුඛවේදනා ය, දුඃඛවේදනා ය. අදුඃඛඅසුඛවේදනා ය …

තිස‍්සො දුක‍්ඛතා: දුක‍්ඛදුක‍්ඛතා, සඞ‍්ඛාරදුක‍්ඛතා, විපරිණාමදුක‍්ඛතා.

දුඃඛතා තුනෙක: දුඃඛදුඃඛතා (දුක් වේදනා) ය, සංස්කාරදුඃඛතා ය (අදුඃඛඅසුඛවේදනා ය), විපරිණාමදුඃඛතා ය (සුඛවේදනා ය) …

තයො රාසී: මිච‍්ඡත‍්තනියතො රාසි, සම‍්මත‍්තනියතො රාසි, අනියතො රාසි.

රාශි තුනෙක: මිථ්‍යාත්‍වනියත රාශිය (නියත මිසදිට හා ආනන්තර්‍ය්‍යකර්‍ම), සම්‍යක්ත්‍වනියත රාශිය (සතර ආර්‍ය්‍යමාර්‍ගය). අනියත රාශිය (අවශේෂ ධර්‍ම) …

තිස‍්සො කඞ‍්ඛා: අතීතං වා අද‍්ධානං ආරබ‍්භ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, අනාගතං වා අද‍්ධානං ආරබ‍්භ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, එතරහි වා පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ආරබ‍්භ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති.

කාඞ්ක්‍ෂා (සැක) තුනෙක: අතීත කාලය ඇරැබැ සැක කරයි, නිශ්චය කට නොහැකි ව වෙහෙසෙයි, ඇලෙනු නොහැකි වෙයි; නො පැහැදෙයි, අනාගත කාලය ඇරැබැ හෝ සැක කරයි, නිශ්චය කට නො හැකි වැ වෙහෙසෙයි, ඇලෙනු නො හැකි වෙයි; දැන් වර්‍තමාන කාලය ඇරැබැ හෝ සැක කෙරෙයි, නිශ්චය කට නො හැකි වැ වෙසෙයි, ඇලෙනු නොහැකි වෙයි, නො පැහැදෙයි.

තීණි තථාගතස‍්ස අරක‍්ඛෙය්‍යානි: පරිසුද‍්ධකායසමාචාරො ආවුසො තථාගතො, නත්‍ථි තථාගතස‍්ස කායදුච‍්චරිතං යං තථාගතො රක‍්ඛෙය්‍ය මා මෙ ඉදං පරො අඤ‍්ඤාසීති; පරිසුද‍්ධවචීසමාචාරො ආවුසො තථාගතො, නත්‍ථි තථාගතස‍්ස වචීදුච‍්චරිතං යං තථාගතො රක‍්ඛෙය්‍ය ‘මා මෙ ඉදං පරො අඤ‍්ඤාසීති; පරිසුද‍්ධමනොසමාචාරො ආවුසො, තථාගතො, නත්‍ථි තථාගතස‍්ස මනොදුච‍්චරිතං යං තථාගතො රක‍්ඛෙය්‍ය මා මෙ ඉදං පරො අඤ‍්ඤාසීති.

තථාගතයන් වහන්සේගේ නොරැක්කැ යුතු තැන් තුනෙකි: ඇවැත්නි, තථාගතයන් වහන්සේ පිරිසිදු කායසමාචාර ඇති සේක. මගේ මේ ක්‍රියාව මෙරමා නහමක් දනී වා යි තථාගතයන් වහන්සේ යමක් රක්නාසේක් ද (තථාගතයන් වහන්සේ විසින් රැක්කැ යුදු ද), එසේ වූ තථාගතයන් වහන්සේගේ කාය දුශ්චරිතයෙක් නැත. තථාගතයන් වහන්සේ පිරිසිදු වාක්සමාචාර ඇති සේක. මෙය මෙරමා නො දනී වා’ යි යමක් තථාගතයන් වහන්සේ රක්නා සේක් ද (රැක්ක යුතු ද) එසේ වූ තථාගතයන් වහන්සේගේ වාග් දුශ්චරිතයෙක් නැත, තථාගතයන් වහන්සේ පිරිසිදු වාක්සමාචාර ඇති සේක. මෙය මෙරමා නො දනී වා’ යි යමක් තථාගතයන් වහන්සේ රක්නා සේක් ද (රැක්කැ යුතු ද) එසේ වූ තථාගතයන් වහන්සේගේ මනෝදුශ්චරිතයෙක් නැත.

තයො කිඤ‍්චනා: රාගො කිඤ‍්චනං, දොසො කිඤ‍්චනං, මොහො කිඤ‍්චනං.

කිඤ්චන (සත්‍වයන් බඳනා පරිබෝධ) තුනෙකි: රාගය කිඤ්නයෙකි (පරිබෝධයෙකි). ද්වේෂය කිඤ්චනයෙකි (පරිබෝධයෙකි), මෝහය කිඤ්චනයෙකි (පරිබෝධයෙකි).

තයො අග‍්ගී: රාගග‍්ගි, දොසග‍්ගි, මොහග‍්ගි.

අග්නි (ගිනි) තුනෙක: රාග ගින්න ය, ද්වේෂ ගින්න ය, මෝහ ගින්න ය.

අපරෙ පි තයො අග‍්ගී: ආහුනෙය්‍යග‍්ගි, ගහපතග‍්ගි, දක‍්ඛිණෙය්‍යග‍්ගි.

තව ද අග්නි තුනෙක: ආහුනෙයාග්නිය (මාපිය නැමැති ගින්න ය), ගෘහපත්‍යග්නිය (ගෙහිමියා නැමැති ගින්න ය), දක්‍ෂිණේයාග්නිය (භික්‍ෂුසඞ්ඝ නැමැති ගින්න ය).

තිවිධෙන රූපසඞ‍්ගහො: සනිදස‍්සනසප‍්පටිඝං රූපං, අනිදස‍්සනසප‍්පටිඝං රූපං, අනිදස‍්සනඅප‍්පටිඝං රූපං.

තුන් කොටසෙකින් රූපසඞ්ග්‍රහය (රූපයන් ගණන් ගැන්ම) වේ: නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) සහිත ප්‍රතිඝ (ඇසට ගොදුරු වීම් වශයෙන් හැපීම්) සහිත රූපයෙක (රූපායතනය ය), නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) නොමැති ප්‍රතිඝ (ශ්‍රොත්‍රාදියේ හැපීම්) සහිත රූපයෙක (චක්‍ෂුරායතනාදි නව ආයතන ය), නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) නැති, ප්‍රතිඝ (හැපීම්) නැති රූපයෙක (ශුක්‍ෂමරූප ය).

තයො සඞ‍්ඛාරා: පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො, අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො.

සංස්කාර තුනෙක: පුණ්‍යාභිසංස්කාරය (කාමාවචර රූපාවචර කුශල චේතනා ය), අපුණ්‍යාභිසංස්කාරය (අකුශල චේතනා), ආනෙඤ්ජාභිසංස්කාරය (අරූපාවචර කුශල චේතනා ය).

තයො පුග‍්ගලා: සෙක‍්ඛො පුග‍්ගලො, අසෙක‍්ඛො පුග‍්ගලො, නෙවසෙක‍්ඛොනාසෙක‍්ඛො පුග‍්ගලො.

පුද්ගලයෝ ති දෙනෙක: ශෛක්‍ෂ පුද්ගලයා ය, අශෛක්‍ෂ පුද්ගලයා ය, නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ පුද්ගලයා ය.

තයො ථෙරා: ජාතිථෙරො, ධම‍්මථෙරො, සම‍්මතිථෙරො.

ස්ථවිර ති දෙනෙකි: ජාතිස්ථවිරය (මහලුගිහි ය), ධර්‍මස්ථවිර ය (ථේරකරණිය ධර්‍ම වූ සිල්වත්බව් ආදී සතර ධර්‍මයෙන් යුක්ත පැවිද්දා ය), සම්මති ස්ථවිරය (නමින් පමණක් ස්ථවිර වූයේ ය).

තීණි පුඤ‍්ඤකිරියවත්‍ථූනි: දානමයං පුඤ‍්ඤකිරියවත්‍ථු, සීලමයං පුඤ‍්ඤකිරියවත්‍ථු, භාවනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථු.

පුණ්‍යක්‍රියාවස්තු (පුණ්‍යක්‍රියා වූ ද ඒ ඒ ආනිසංසයන වස්තු කාරණ වූ ද දෑ) තුනෙක: දානමය පුණ්‍යක්‍රියාවස්තුව, ශීලමය පුණ්‍යක්‍රියාවස්තුව, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව.

තීණි චොදනාවත්‍ථූනි: දිට‍්ඨෙන, සුතෙන, පරිසංකාය.

චෝදනාවස්තු (චෝදනාවනට කරුණු වූ දෑ) තුනෙක: දැකීමෙන් චෝදනා කෙරෙති, ඇසීමෙන් චෝදනා කෙරෙති, සැක කිරීමෙන් චෝදනා කෙරෙති.

තිස‍්සො කාමූපපත‍්තියො: සන‍්තාවුසො සත‍්තා පච‍්චුපට‍්ඨිතකාමා, තෙ පච‍්චුපට‍්ඨිතෙසු කාමෙසු වසං වත‍්තෙන‍්ති සෙය්‍යථාපි මනුස‍්සා එකච‍්චෙ ච දෙවා එකච‍්චෙ ච විනිපාතිකා. අයං පඨමා කාමූපපත‍්ති. සන‍්තාවුසො සත‍්තා නිම‍්මිතකාමා, තෙ නිම‍්මිනිත්‍වා නිම‍්මිනිත්‍වා කාමෙසු වසං වත‍්තෙන‍්ති සෙය්‍යථාපි දෙවා නිම‍්මානරතී. අයං දුතියා කාමූපපත‍්ති. සන‍්තාවුසො සත‍්තා පරනිම‍්මිතකාමා, තෙ පරනිම‍්මිතෙසු කාමෙසු වසං වත‍්තෙන‍්ති, සෙය්‍යථාපි දෙවා පරනිම‍්මිතවසවත‍්තී. අයං තතියා කාමූපපත‍්ති.

කාමෝපපත්ති (කම් සුව විඳුම්) තුනෙක: ඇවැත්නි, එළැඹැ සිටි කාම ඇති (නිබඳ වැ පැවැති කාමවස්තු ඇති) සත්‍ව කෙනෙක් ඇත. මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද (යාමාදි සතර දෙව්ලෝ වැස්සෝ ද) ඇතැම් විනිපාතිකයෝ ද (නිරිසතුන් හැර සෙසු ආපායිකයෝ ද) යන ඒ සත්‍වයෝ එළඹැ සිටි කාමවස්තූන්හි සිය වශය (කැමැති සේ පවත්නා බව) පවත්වත්. මේ පළමු කාමෝපපත්තිය ය. ඇවැත්නි, මවාගන්නා ලද කාමවස්තු ඇති සත්‍ව කෙනෙක් ඇත. ඔහු නිර්‍මාණරති දෙවියෝ යම් සේ ද එසේ ම නිර්මිත කොට කොට ගෙන කාමවස්තූන්හි වශය පවත්වත්. මේ දෙවෙනි කාමෝපපත්තිය ය. ඇවැත්නි, මෙරමා විසින් මවන ලද කාමවස්තූන් පරිභෝග කරන සත්‍ව කෙනෙක් ඇත. ඔහු පරනිර්මිත වශවර්ත්තී දෙවියෝ යම්සේ ද එසේ අනුන් විසින් නිර්මිත කරන ලද කාමවස්තූන්හි වශය පවත්වත්. මේ තෙවෙනි කාමෝපපත්තිය ය.

තිස‍්සො සුඛූපපත‍්තියො: සන‍්තාවුසො සත‍්තා උප‍්පාදෙත්‍වා උප‍්පාදෙත්‍වා සුඛං විහරන‍්ති, සෙය්‍යථාපි දෙවා බ්‍රහ‍්මකායිකා. අයං පඨමා සුඛූපපත‍්ති. සන‍්තාවුසො සත‍්තා සුඛෙන අභිස‍්සන‍්නා පරිස‍්සන‍්නා පරිපූරා පරිප‍්ඵුටා. තෙ කදාචි කරහචි උදානං උදානෙන‍්ති අහො සුඛං අහො සුඛන‍්ති, සෙය්‍යථාපි දෙවා ආභස‍්සරා. අයං දුතියා සුඛූපපත‍්ති. සන‍්තාවුසො සත‍්තා සුඛෙන අභිස‍්සන‍්නා පරිස‍්සන‍්නා පරිපූරා පරිප‍්ඵුටා. තෙ සන‍්තංයෙව තුසිතා සුඛං පටිසංවෙදෙන‍්ති, සෙය්‍යථාපි දෙවා සුභකිණ‍්හා. අයං තතියා සුඛූපපත‍්ති.

සුඛෝපපත්ති (සුව ලැබීම්) තුනෙක: ඇවැත්නි, බ්‍රහ්මකායික දෙවියෝ යම් සේ ද, එසේ උපදව උපදවා පළමු දහන් සුව විඳුනා සත් කෙනෙක් ඇත. මේ පළමු සුව ලැබීම ය. ඇවැත්නි, ආභාස්වර දෙවියෝ යම් සේ ද, එසේ (දෙවෙනි දහන්) සුවයෙන් තෙමුණු, හැම ලෙසින් ම තෙමුණු, පිරුණු, පැතිරැගත් සත් කෙනෙක් ඇත. ඔහු කිසි විටෙක ‘අහෝ සුවයෙකැ! අහෝ සුවයෙකැ!’ යි උදන් අනත්. මේ දෙවෙනි සුඛෝපපත්තිය ය. ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියෝ යම් සේ ද, එසේ (තෙවෙනි දහන්) සුවයෙන් තෙමුණු, හැම ලෙසින් තෙමුණු, පිරුණු, පැතිරැගත් සත් කෙනෙක් ඇත. ඔහු (තමන් ලද දහන් සුවින්) සතුටු වූවාහු, ශාන්ත (ප්‍රණීත) වූ ම සිත් සුවය විඳිත්. මේ තෙවෙනි සුවලැබීම ය.

තිස‍්සො පඤ‍්ඤා: සෙක‍්ඛා පඤ‍්ඤා, අසෙක‍්ඛා පඤ‍්ඤා, නෙවසෙක‍්ඛානාසෙක‍්ඛා පඤ‍්ඤා.

ප්‍රඥා තුනෙක: ශෛක්‍ෂ ප්‍රඥා ය (සෝවාන් ආදී සත් ආර්‍ය ප්‍රඥා ය), අශෛක්‍ෂ ප්‍රඥා ය (රහත් පල නුවණ ය), නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ ප්‍රඥා ය (මාර්‍ගඵලප්‍රඥායෙන් අන්‍ය වූ සියලු ලොවී නුවණ ය).

අපරාපි තිස‍්සො පඤ‍්ඤා: චින‍්තාමයා පඤ‍්ඤා, සුතමයා පඤ‍්ඤා, භාවනාමයා පඤ‍්ඤා.

තව ද ප්‍රඥා තුනෙක: චින්තාමය ප්‍රඥාව, ශ්‍රැතමය ප්‍රඥා ව, භාවනාමය ප්‍රඥාව.

තීණාවුධානි: සුතාවුධං, පවිවෙකාවුධං, පඤ‍්ඤාවුධං.

ආයුධ තුනෙක: ශ්‍රැත්‍යායුධය, ප්‍රවිවේකායුධය, ප්‍රඥායුධය.

තීණින්‍ද්‍රියානි: අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං, අඤ‍්ඤින්‍ද්‍රියං, අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

ඉන්‍ද්‍රිය තුනෙක: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය (සෝවාන් මඟ නුවණ), අඤ්ඤින්‍ද්‍රිය ය (සෝවාන් පලය පටන් කොට ඉදිරි සතන්හී නුවණ) අඤ්ඤාතාවින්‍ද්‍රිය ය (රහත්පල නුවණ).

තීණි චක‍්ඛූනි: මංසචක‍්ඛු, දිබ‍්බචක‍්ඛු, පඤ‍්ඤාචක‍්ඛු.

ඇස් තුනෙක: මසැස, දිවැස, පැණැස.

තිස‍්සො සික‍්ඛා: අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා, අධිපඤ‍්ඤාසික‍්ඛා.

ශික්‍ෂා තුනෙක: අධිශීලශික්‍ෂාව, අධිචිත්තශික්‍ෂාව, අධිප්‍රඥාශික්‍ෂාව.

තිස‍්සො භාවනා: කායභාවනා, චිත‍්තභාවනා, පඤ‍්ඤාභාවනා.

භාවනා තුනෙක: කායභාවනාව (රහත්හුගේ පස් දොර), චිත්තභාවනාව (අට සමවත්), ප්‍රඥාභාවනාව (රහත්පල නුවණ)

තීණි අනුත‍්තරියානි: දස‍්සනානුත‍්තරියං, පටිපදානුත‍්තරියං, විමුත‍්තානුත‍්තරියං.

අනුත්තරිය තුනෙක: දස්සනානුත්තරියය (උතුම් දැක් ම විදර්‍ශනාව) පටිපදානුත්තරිය ය (උතුම් ම පිළිපැදීම = ආර්‍ය්‍යමාර්‍ග ය), විමුත්තානුත්තරිය ය (උතුම් ම මිදීම = ආර්‍ය්‍යඵලය).

තයො සමාධී: සවිතක‍්කසවිචාරො සමාධි, අවිතක‍්කවිචාරමත‍්තො සමාධි, අවිතක‍්කඅවිචාරො සමාධි.

සමාධි තුනෙක: සවිතර්‍ක සවිචාර සමාධිය, අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය, අවිතර්‍ක අවිචාර සමාධිය.

අපරෙපි තයො සමාධී: සුඤ‍්ඤතො සමාධි, අනිමිත‍්තො සමාධි, අප‍්පණිහිතො සමාධි.

අන්‍ය දු සමාධි තුනෙක: ශුන්‍යතාසමාධිය, අනිමිත්ත සමාධිය, අප්‍රණිහිත සමාධිය.

තීණි සොචෙය්‍යානි: කායසොචෙය්‍යං, වචීසොචෙය්‍යං, මනොසොචෙය්‍යං.

සෞචෙය (පිරිසිදු බව ඇති කරන පිළිපැදුම්) තුනෙක: කායසෞචෙය ය (තුන් කායදුශ්චරිතයෙන් වැළැක්ම), වාක්සෞචෙය ය (සතර වාග් දුශ්චරිතයෙන් වැළැක්ම), මනස්සෞචෙයය (තුන් මනෝදුශ්චරිතයෙන් වැළැක්ම).

තීණි මොනෙය්‍යානි: කායමොනෙය්‍යං, වචීමොනෙය්‍යං, මනොමොනෙය්‍යං.

මෞනෙය (මුනිබව කරන පිළිපැදුම්) තුනෙක්: කායමෞනේයය, වාඞ් මෞනේයය, මනෝමෞනේයය.

තීණි කොසල‍්ලානි: ආයකොසල‍්ලං, අපායකොසල‍්ලං, උපායකොසල‍්ලං.

කෞශල්‍ය (දක්‍ෂතා - දැනුම්) තුනෙක: ආයකෞශල්‍යය (වැඩීම දන්නා නුවණ), අපාය කෞශල්‍යය (නො වැඩීම දන්නා නුවණ), උපාය කෞශල්‍යය (වැඩුම් පිරිහුම් දෙකට කාරණ දන්නා නුවණ).

තයො මදා: ආරොග්‍යමදො, යොබ‍්බනමදො, ජීවිතමදො.

මද තුනෙක: ආරෝග්‍යමදය (නිරෝග බව නිසා උපදනා උඬගු බව), යෞවන මදය (තරුණ බව නිසා උපදනා උඩඟු බව), ජීවිත මදය (බොහෝ කල් ජීවත් වීමි සුවසේ ජීවත් වීමි ජීවත්වන්නෙමි යන ආදීන් ජීවත්වීම පිළිබඳ ව උපදනා උඩඟු බව).

තීණි ආධිපතෙය්‍යානි: අත‍්තාධිපතෙය්‍යං, ලොකාධිපතෙය්‍යං, ධම‍්මාධිපතෙය්‍යං.

ආධිපත්‍ය තුනෙක: ආත්මාධිපත්‍යය (ආත්මගෞරවය නිසා පව් නො කරන බව), ලෝකාධිපත්‍යය (ලෝකයා අධිපති කොට ගෙන ලෝකයාගෙන් අපවාද ලැබෙතැ යි සලකා පව් නොකරන බව), ධර්‍මාධිපත්‍යය (ලොවුතුරාදහම් අධිපති කොට ගෙන - ලොවුතුරා දහම් පසක් කළ බැවින් පව් නොකරන බව).

තීණි කථාවත්‍ථූනි: අතීතං වා අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය එවං අහොසි අතීතමද‍්ධානන‍්ති, අනාගතං වා අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය එවං භවිස‍්සති අනාගතමද‍්ධානන‍්ති, එතරහි වා පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය එවං හොති එතරහි පච‍්චුප‍්පන‍්නං අද‍්ධානන‍්ති.

කථාවස්තු (කථාවට කරුණු) තුනෙක: අතීතය මෙසේ වී යැ යි අතීත කාලය ඇරැබැ කථා කරන්නේ ය. අනාගතය මෙසේ වන්නේ යැ යි අනාගත කාලය ඇරැබැ හෝ කථා කරන්නේ ය, දැන් පවත්නා කාලය මෙසේ වේ යැ යි වර්‍තමාන කාලය ඇරැබැ හෝ කථා කරන්නේ ය.

තිස‍්සො විජ‍්ජා: පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණං විජ‍්ජා, සත‍්තානං චුතූපපාතෙ ඤාණං විජ‍්ජා, ආසවානං ඛයෙ ඤාණං විජ‍්ජා.

විද්‍යා තුනෙක: පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ විද්‍යාවෙක, සතුන්ගේ ච්‍යුති උපපත්ති දන්නා නුවණ විද්‍යාවෙක, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙහි නුවණ (මාර්‍ගඥානය) විද්‍යාවෙක.

තයො විහාරා: දිබ‍්බො විහාරො, බ්‍රහ‍්මා විහාරො, අරියො විහාරො.

විහාර (වුසුම්) තුනෙක: දිව්‍ය විහාරය (අට සමවත් ය), බ්‍රහ්මවිහාරය (අප්‍රාමාණ්‍ය සතරය), ආර්‍ය්‍යවිහාරය (පලසමවත්ය).

තීණි පාටිහාරියානි: ඉද‍්ධිපාටිහාරියං, ආදෙසනාපාටිහාරියං, අනුසාසනීපාටිහාරියං.

ප්‍රාතිහාර්‍ය්‍ය තුනෙක: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනිප්‍රාතිහාර්‍ය්‍යය.

ඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන තයො ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් ධර්‍ම කෙනෙක් මොනොවට වදාරන ලද්දාහ. එහි සියල්ලන් විසින් ම … සමග වැ ගැයිය යුතු … එය … දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

චතුක‍්කං

චතුෂ්කය

10. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන චත‍්තාරො ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං යථයිදං බ්‍රහ‍්මචරියං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං. තදස‍්ස බහුජනහිතාය බහුජනසුඛාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමෙ චත‍්තාරො?

10. ඇවැත්නි, දන්නාවූ දක්නාවූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද සතර ධර්‍ම කෙනෙක් ඇත. එහි මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වනු පිණිස, චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින් ම සමග වැ ගැයියැ යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය. ඒ කවර සතර ධර්‍මයෝ ද? යත්:

චත‍්තාරො සතිපට‍්ඨානා: ඉධාවුසො භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු වෙදනානුපස‍්සී -පෙ- චිත‍්තෙ චිත‍්තානුපස‍්සී -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං.

සතිපට්ඨානයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යාවත් දොම්නසත් බැහැරැ කොට රූ කයෙහි කය අනුව බලන්නේ වෙසෙයි … වේදනාවන්හි වේදනා අනුවැ බලන්නේ … වෙසෙයි. සිත්හි සිත් අනුවැ බලන්නේ … වෙසෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින්දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යාවත් දොම්නසත් බැහැරැ කොට ධර්‍මයන්හි ධර්‍ම අනුවැ බලන්නේ වෙසෙයි.

චත‍්තාරො සම‍්මප‍්පධානා: ඉධාවුසො භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාපාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති.

සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුසල් දහමුන් නො උපදනා පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. උපන් ලාමක අකුසල් දහමුන් බැහැරැ ලනු පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. නූපන් කුසල් දහමුන් ඉපැත්ම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. උපන් කුසල් දහමුන් සිටිනු පිණිස, නොනස්නා පිණිස, බොහෝ සෙයින් වනු පිණිස,මහත් වනු පිණිස, භාවනායෙන් පිරෙනු පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි.

චත‍්තාරො ඉද‍්ධිපාදා: ඉධාවුසො භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. චිත‍්තසමාධිපධානසංඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. වීරියසමාධිපධානසංඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. වීමංසාසමාධිපධානසංඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති.

ඍද්ධිපාදයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම කත්තුකම්‍යතා ඡන්‍දය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන සංස්කාරයෙන් (හෙවත්) චතුෂ්කෘත්‍ය සාධක සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි, චිත්තය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන සංස්කාරයෙන් (ප්‍රධාන වීර්‍ය්‍යයෙන්) ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි, වීර්‍ය්‍යය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධානසංස්කාරයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. මීමාංසාව (ප්‍රඥාව) අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.

චත‍්තාරි ඣානානි: ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති, සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති, තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං. අත්‍ථගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

ධ්‍යාන සතරෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති ප්‍රථම ධ්‍යානය ලැබ වෙසෙයි; විතර්‍ක විචාර දෙක සංසිඳීමෙන් තමා තුළ පහන්බව ඇති කරන, සිතේ එක් අරමුණෙක ම පිහිටි බව ඇති, විතර්‍ක නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති, ද්වීතිය ධ්‍යානය ලැබ වෙසෙයි: ප්‍රීතිය ද දුරැ ලීමෙන් උපේක්‍ෂක ව ද වෙසෙයි, සිහි ඇත්තේ ද නුවණින් දන්නේ, නාම කයින් සුවය විඳියි. ‘උපේක්‍ෂා ඇති, සිහි ඇති, සුව වුසුම් ඇති යේ යැ’ යි යමක්හු ඇරැබැ ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වෙසෙයි; සුඛවේදනාව ද බැහැරැ කිරීමෙන්, දුක් වේදනාව ද බැහැර කිරීමෙන් පළමුවෙන් ම සොම්නස් දොම්නසුන් පහ වැ යෑමෙන්, සුව ද දුක් ද නොවන, උපේක්‍ෂායෙන් සිද්ධ වූ සිහියැ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙයි.

චතස‍්සො සමාධිභාවනා: අත්‍ථාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට‍්ඨධම‍්මසුඛවිහාරාය සංවත‍්තති. අත්‍ථාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස‍්සනපටිලාභාය සංවත‍්තති. අත්‍ථාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම‍්පජඤ‍්ඤාය සංවත‍්තති. අත්‍ථාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත‍්තති.

සමාධිභාවනා සතරෙක: ඇවැත්නි, යමෙක් භාවිත වූයේ (වඩන ලද්දේ) බහුලීකෘත වූයේ (බහුල කොට කරන ලද්දේ) මෙ අත්බව්හි ම සුව වුසුම පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය ලබනු පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ සිහි නුවණ පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත.

කතමා චාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට‍්ඨධම‍්මසුඛවිහාරාය සංවත‍්තති? ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙ ව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං -පෙ- පඨමං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං ආවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට‍්ඨධම‍්මසුඛවිහාරාය සංවත‍්තති.

ඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ මෙ අත්බව්හි සුව වුසුම පිණිස පවතී ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම විතර්‍කසහිත … ප්‍රථම ධ්‍යානයට … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේ. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ බහුලීකෘත වූයේ මෙ අත්බව්හි සුව වුසුම පිණිස පවතී.

කතමා චාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස‍්සනපටිලාභාය සංවත‍්තති? ඉධාවුසො භික‍්ඛු ආලොකසඤ‍්ඤං මනසි කරොති, දිවාසඤ‍්ඤං අධිට‍්ඨාති යථා දිවා තථා රත‍්තිං යථා රත‍්තිං තථා දිවා. ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති. අයං ආවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස‍්සනපටිලාභාය සංවත‍්තති.

ඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය (දිවැස් නුවණ) ලබනු පිණිස පවත්නේ ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ තමා දහවල් දුටු ආලෝකය යම් සේ නම් එසේ ම එය රාත්‍රියෙහි ද, රාත්‍රියෙහි දුටු ආලෝකය යම්සේ නම් එසේ ම එය දහවල් දැ යි (හිරු පහන් ආදීන්ගේ ආලෝකය අරමුණු කොට) ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි, දහවලැ යි සංඥාව සිතැ පිහිටුවයි. මෙසේ නොවැසුණු (විවෘත වූ) හාත්පසැ නොබැඳුණු සිතින් ආලෝක සහිත ධ්‍යාන සිත වඩයි. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය (දිවැස්නුවණ) ලබනු පිණිස පවතී.

කතමා චාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම‍්පජඤ‍්ඤාය සංවත‍්තති? ඉධාවුසො භික‍්ඛුනො විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථුං ගච‍්ඡන‍්ති. විදිතා සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථුං ගච‍්ඡන‍්ති. විදිතා විතක‍්කා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. අයං ආවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම‍්පජඤ‍්ඤාය සංවත‍්තති.

ඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ස්මෘතිසම්ප්‍රජානනය පිණිස පවත්නේ ද? යත්: මහණෙනි, මෙහි මහණහු විසින් වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්; සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්; විතර්‍කයෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ස්මෘතිසම්ප්‍රජානනය පිණිස පවතී.

කතමා චාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත‍්තති? ඉධාවුසො භික‍්ඛු පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සී විහරති. ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථුංගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ‍්ඤා -පෙ- ඉති සංඛාරා -පෙ- ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථුගමො. අයං ආවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත‍්තති.

ඇවැත්නි, කවර සමාධිභාවනායෙක් භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස පවත්නේ ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘රූපය මෙසේ ය, රූපයේ ඉපැද්ම මෙසේ ය, රූපයේ වැනැස්ම මෙසේ ය, වේදනාව මෙසේ ය, වේදනාවේ ඉපැද්ම මෙසේ ය, වේදනාවේ වැනැස්ම මෙසේ ය, සංඥාව මෙසේ ය ... සංස්කාරයෝ මෙසේ ය ... විඥානය මෙසේ ය, විඥානයේ ඉපැද්ම මෙසේ ය, විඥානයේ වැනැස්ම මෙසේ යැ’ යි උපාදානස්කන්‍ධ පසෙහි උදය ව්‍යයය (ඉපැද්ම හා වැනැස්ම) අනුව දක්නේ වෙසෙයි. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ, බහුලීකෘත වූයේ ආස්‍රවයන්ගේ ක්‍ෂයය පවතී.

චතස‍්සො අප‍්පමඤ‍්ඤා: ඉධාවුසො භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්‍ථුං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරති. -පෙ- කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්‍ථුං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බංවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරති.

අප්‍රාමාණ්‍යයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ මෙත් සහගිය සිතින් එක් දෙසක් පැතිරැගෙන වෙසෙයි, එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සතරවැනි දෙස පැතිරැ ගෙන වෙසෙයි. මෙ පරිද්දෙන් උඩ යට සරස යන හැම තන්හි සියලු සතුන් තමාට සමතායෙන්, සියලු සතුන්ගෙන් යුත් සත්‍වලෝකය (පැතිරීම් වශයෙන්) විපුල වූ, (භූමිවශයෙන්) මහද්ගත වූ අප්‍රමාණ සතුන් අරමුණු කොටැති, සතුරන් නැති, ව්‍යාපාද (වෛර) නැති, මෙත් සහගත සිතින් පැතිරැගෙන වෙසෙයි … කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙසක්, එසේ තෙවෙනි දෙස, එසේ සතරවැනි දෙස පැතිරැගෙන වෙසෙයි. මෙ පරිද්දෙන් උඩ යට සරස යන හැම තන්හි සියලු සතුන් තමාට සමතායෙන්, සියලු සතුන්ගෙන් යුත් සත්‍වලෝකය විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ සතුන් අරමුණු කොටැති, සතුරන් නැති, ව්‍යාපාද නැති උපේක්‍ෂාසහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි.

චත‍්තාරො ආරුප‍්පං: ඉධාවුසො භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථුගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ‘අනන‍්තො ආකාසො’ති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘අනන‍්තං විඤ‍්ඤාණන‍්ති’ විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘නත්‍ථි කිඤ‍්චී’ති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති.

ආරූප්‍ය සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ හැම ලෙසින් රූපසංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරු වීමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන්, ‘ආකාශය අනන්ත යැ’ යි ආකාසානඤ්චායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් ආකිඤ්චඤ්ඤායතන සමාධිය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට පැමිණ වෙසෙයි.

චත‍්තාරි අපස‍්සෙනානි: ඉධාවුසො භික‍්ඛු සඞ‍්ඛායෙකං පටිසෙවති, සඞ‍්ඛායෙකං අධිවාසෙති, සඞ‍්ඛායෙකං පරිවජ‍්ජෙති, සඞ‍්ඛායෙකං විනොදෙති.

අපස්සේන (අපශ්‍රයණ) සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ නුවණින් දැන සේවනය කළ යුතු එක ම සෙවියි, නුවණින් දැන ඉවැසියැ යුතු එක ම ඉවසයි, නුවණින් දැන ඉවත් කළ යුතු එක ම ඉවත් කෙරෙයි, නුවණින් දැන දුරු කළ යුතු එක ම දැය දුරු කෙරෙයි.

චත‍්තාරො අරියවංසා: ඉධාවුසො භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, න ච, චීවරහෙතු අනෙසනං අප‍්පටිරූපං ආපජ‍්ජති, අලද‍්ධා ච චීවරං න පරිතස‍්සති, ලද‍්ධා ච චීවරං අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති. තාය ච පන ඉතරීතරචීවරසන‍්තුට‍්ඨියා නෙවත‍්තානුක‍්කංසෙති න පරං වම‍්භෙති යො හි තත්‍ථ දක‍්ඛො හොති අනලසො සම‍්පජානො පතිස‍්සතො, අයං වුච‍්චතාවුසො භික‍්ඛු පොරාණෙ අග‍්ගඤ‍්ඤෙ අරියවංසෙ ඨිතොති.

ආර්‍ය්‍යවංශ ධර්‍ම සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ ඉතරෙතර චීවරයෙන් (ලැබුණු යම් කවර හෝ සිවුරෙකින්) සතුටු වෙයි. ලැබුණු කවර හෝ සිවුරෙකින් සතුටු වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, සිවුර හේතු කොට ගෙන නො සුදුසු වූ අනෙෂණයකට නො පැමිණෙයි, සිවුරක් නො ලැබීමෙන් ද නො කලකිරෙයි. සිවුරක් ලැබ ද ලෝභයෙන් නො ගැටගැසුණේ (අධික තෘෂ්ණායෙන්) මුසපත් නොවූයේ, (තෘෂ්ණායෙන්) නොබැඳුණේ (අනෙෂණයෙන් ප්‍රත්‍යය ලැබීමෙහිත් තෘෂ්ණායෙන් බැඳී පරිභෝග කිරීමෙහිත්) දොස් දක්නා සුලු වූයේ, (හුදු ශීත නැසීම පිණිසය යන ආදීන් පස්විකීම් වශයෙන්) නිඃශරණප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි. ඒ ඉතරෙතරචීවර සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඒ චීවරසන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ තෙමේ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.

පුන චපරං ආවුසො භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන පිණ‍්ඩපාතෙන, ඉතරීතරපිණ‍්ඩපාතසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, න ච පිණ‍්ඩපාතහෙතු අනෙසනං අප‍්පටිරූපං ආපජ‍්ජති, අලද‍්ධා ච පිණ‍්ඩපාතං න පරිතස‍්සති, ලද‍්ධා ච පිණ‍්ඩපාතං අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති, තාය ච පන ඉතරීතරපිණ‍්ඩපාතසන‍්තුට‍්ඨියා නෙවත‍්තානුක‍්කංසෙති න පරං වම‍්භෙති. සො හි තත්‍ථ දක‍්ඛො හොති අනලසො සම‍්පජානො පතිස‍්සතො, අයං වුච‍්චතාවුසො භික‍්ඛු පොරාණෙ අග‍්ගඤ‍්ඤෙ අරියවංසෙ ඨිතොති.

ඇවැත්නි, තව ද මහණ තෙමෙ ඉතරෙතර පිණ්ඩපාතයෙන් (යම් කවර හෝ ලැබුණු බොජුනෙකින්) තෘප්ත වෙයි, ඉතරෙතර පිණ්ඩපාතයෙන් තෘප්ත වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, පිණ්ඩපාතය හේතු කොට ගෙන නොසුදුසු අනෙෂණයකට නො පැමිණෙයි, පිණ්ඩපාතය නො ලැබීමෙන් ද නො කලකිරෙයි, පිණ්ඩපාතය ලැබ ද ලෝභයෙන් නො ගැට ගැසුණේ, අධික තෘෂ්ණායෙන් මුස පත් නො වූයේ, (තෘෂ්ණායෙන්) නො බැඳුණේ, එහි දොස් දක්නා සුලු වූයේ, නිඃශරණ ප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි, ඒ ඉතරෙතර පිණ්ඩපාත සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඒ පිණ්ඩපාත සන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ තෙමෙ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.

පුන චපරං ආවුසො භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, න ච සෙනාසනහෙතු අනෙසනං අප‍්පටිරූපං ආපජ‍්ජති, අලද‍්ධා ච සෙනාසනං න පරිතස‍්සති ලද‍්ධා ච සෙනාසනං අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති, තාය ච පන ඉතරීතරසෙනාසනසන‍්තුට‍්ඨියා නෙවත‍්තානුක‍්කංසෙති න පරං වම‍්භෙති. යො හි තත්‍ථ දක‍්ඛො හොති අනලසො සම‍්පජානො පතිස‍්සතො, අයං වුච‍්චතාවුසො භික‍්ඛු පොරාණෙ අග‍්ගඤ‍්ඤෙ අරියවංසෙ ඨිතොති.

ඇවැත්නි, තව ද මහණ තෙමෙ ඉතරෙතර ශයනාසනයෙන් (ලැබුණු යම් කවර ද සෙනස්නෙකින්) තෘප්ත වෙයි, ඉතරෙතර ශයනාසනයෙන් තෘප්ත වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, ශයනාසන හේතු කොට ගෙන නොසුදුසු අනෙෂණයකට නො පැමිණෙයි, ශයනාසන නොලැබීමෙන් ද නො කලකිරෙයි, ශයනාසන ලැබ ද එහි (ලෝභයෙන්) නො ගැට ගැසුණේ, (අධිකතෘෂ්ණායෙන්) මුසපත් නොවූයේ, (තෘෂ්ණායෙන්) නො බැඳුණේ එහි දොස් දක්නා සුලු වූයේ, නිඃශරණප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි. ඒ ඉතරෙතර ශයනාසන සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඉතරෙතර ශයනාසන සන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹසිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.

පුන චපරං ආවුසො භික‍්ඛු පහානාරාමො හොති පහානරතො භාවනාරාමො හොති භාවනාරතො, තාය ච පන පහානාරාමතාය පහානරතියා භාවනාරාමතාය භාවනාරතියා නෙව අත‍්තානුක‍්කංසෙති න පරං වම‍්භෙති. යො හි තත්‍ථ දක‍්ඛො අනලසො සම‍්පජානො, පතිස‍්සතො, අයං වුච‍්චතාවුසො භික‍්ඛු පොරාණෙ අග‍්ගඤ‍්ඤෙ අරියවංසෙ ඨිතොති.

ඇවැත්නි, තව ද මහණ තෙමෙ (පංචවිධ) ප්‍රහාණයෙහි ඇලුම් ඇත්තේ, ප්‍රහාණයෙහි ඇලුණේ වෙයි, භාවනායෙහි ඇලුම් ඇත්තේ, භාවනායෙහි ඇලුණේ වෙයි. ඒ ප්‍රහාණාරමතා හේතුයෙන්, ඒ ප්‍රහාණරති හේතුයෙන්, ඒ භාවනාරාමතා හේතුයෙන්, ඒ භාවනාරති හේතුයෙන් තමා නො ම හුවා තබයි, මෙරමා නො ම හෙලා දකී. හේ එහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ පැරැණි වූ අග්‍රයැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.

චත‍්තාරි පධානානි: සංවරප‍්පධානං, පහානප‍්පධානං, භාවනාප‍්පධානං, අනුරක‍්ඛණප‍්පධානං.

ප්‍රධානයෝ (උතුම් වීර්‍ය්‍යයෝ) සතර දෙනෙක: සංවරප්‍රධානය, ප්‍රහාණප්‍රධානය, භාවනාප්‍රධානය, අනුරක්‍ෂණප්‍රධානය යන සතර යැ.

කතමඤ‍්චාවුසො සංවරප‍්පධානං? ඉධාවුසො භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති මනින්‍ද්‍රියං මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. ඉදං වුච‍්චතාවුසො සංවරප‍්පධානං.

ඇවැත්නි, සංවරප්‍රධාන නම් කවරේ යැ? මහණෙනි, මෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක එහි (කෙලෙස් ඉපැද්මට වස්තු වූ) නිමිත්තක් ගන්නා සුලු නො වෙයි. අනුව්‍යඤ්ජනයක් (හස්ත පාද හෝ සිනහ ආදි ආකාරයක්) ගන්නා සුලු නො වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවර නැති වැ වසන තෙල පුඟුලා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳින්නාහු ද එය හවුරනු පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රැකගනී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් හඬ අසා … නාශායෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවෙන් රස විඳ … කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැස … මනසින් ධර්‍මාලම්බනයක් සිතා එහි නිමිති ගන්නා සුලු නො වෙයි. අනුව්‍යංජනයක් ගන්නා සුලු නො වෙයි. යම් කරුණෙකින් මනඉන්‍ද්‍රියයෙහි සංවර නැති වැ වසන තෙල පුඟුලා ලාමක අකුශල ධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු ද, එය හවුරනු පිණිස පිළිපදී, මන ඉන්‍ද්‍රියය රැකගනී, මන ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ඇවැත්නි, මෙය සංවරප්‍රධානයැ යි කියනු ලැබේ.

කතමඤ‍්චාවුසො පහානප‍්පධානං? ඉධාවුසො භික‍්ඛු උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. උප‍්පන‍්නං බ්‍යාපාදවිතක‍්කං -පෙ- උප‍්පන‍්නං විහිංසාවිතක‍්කං -පෙ- උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. ඉදං වුච‍්චතාවුසො පහානප‍්පධානං.

ඇවැත්නි, ප්‍රහාණප්‍රධානය කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ උපන් කාමවිතර්‍කය නො ඉවසයි. හැර පියයි බැහැරැ කෙරෙයි, ක්‍ෂීණ කෙරෙයි, යලි නො හටගන්නා බවට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය … උපන් විහිංසාවිතර්‍කය … උපන් උපන් ලාමක අකුසල් දහමුන් නොඉවසයි, හැරපියයි, බැහැරි කෙරෙයි, ක්‍ෂීණ කෙරෙයි, යලි නොහටගන්නා බවට පමුණුවයි. ඇවැත්නි, මෙය ප්‍රහාණප්‍රධාන යැ යි කියනු ලැබේ.

කතමඤ‍්චාවුසො භාවනාප‍්පධානං? ඉධාවුසො භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං -පෙ- ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං: ඉදං වුච‍්චතාවුසො භාවනාප‍්පධානං.

ඇවැත්නි, භාවනාප්‍රධානය කවරේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ, වොස්සග්ගය (ක්ලේශත්‍යාගයට හා නිවන් පසක් කිරීම) අතට නැඹුරු ව මුහුකුරා යන ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි … ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය වඩයි … වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය වඩයි … ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි …ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි … සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි … විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, වොස්සග්ගය අතට නැඹුරු වැ මුහුකුරා සම්බෝධ්‍යඞ්ගය වඩයි. ඇවැත්නි, මේ භාවනාප්‍රධානයැ යි කියනු ලැබේ.

කතමඤ‍්චාවුසො අනුරක‍්ඛනප‍්පධානං? ඉධාවුසො භික‍්ඛු උප‍්පන‍්නං භද‍්දකං සමාධිනිමිත‍්තං අනුරක‍්ඛති අට‍්ඨිකසඤ‍්ඤං පුලවකසඤ‍්ඤං විනීලකසඤ‍්ඤං විච‍්ඡිද‍්දකසඤ‍්ඤං උද‍්ධුමාතකසඤ‍්ඤං. ඉදං වුච‍්චතාවුසො අනුරක‍්ඛනප‍්පධානං.

ඇවැත්නි අනුරක්‍ෂණප්‍රධානය කවරේ ද? ඇවැත්නි මෙහි මහණ තෙමේ අට්ඨිකසඤ්ඤා ය පුලවකසඤ්ඤා ය විනීලකසඤ්ඤා ය විච්ඡිද්දකසඤ්ඤා ය උද්ධුමාතකසඤ්ඤා ය යන මොවුන්ගේ වශයෙන් උපන් යහපත් සමාධිනිමිත්තය (චිත්තසමාධිය) රැකගනී. ඇවැත්නි මෙය අනුරක්‍ෂණප්‍රධාන යැ යි කියනු ලැබේ.

චත‍්තාරි ඤාණානි: ධම‍්මෙ ඤාණං, අන්‍වයෙ ඤාණං, පරියායෙ ඤාණං, සම‍්මුතියා ඤාණං.”

ඥාන සතරෙක: සිවුසස් පිළිවිදුනා නුවණ, සිවුසස් නුවණ අනුව ගිය නුවණ, පර සිත් දන්නා නුවණ, සම්මතියෙහි නුවණ (උඩ කී තුන් නුවණින් ඉතිරි සියලු නුවණ.)

අපරානි පි චත‍්තාරි ඤාණානි: දුක‍්ඛෙ ඤාණං, දුක‍්ඛසමුදයෙ ඤාණං, දුක‍්ඛනිරොධෙ ඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං.

අන්‍ය වූ ද ඥාන සතරෙක: දුකෙහි නුවණ, දුක උපදවන හේතුයෙහි නුවණ, දුඃඛනිරෝධයෙහි නුවණ, දුක් නැස්මට යන පිළිවෙත්හි නුවණ.

චත‍්තාරි සොතාපත‍්තියඞ‍්ගානි: සප‍්පුරිසසංසෙවො, සද‍්ධම‍්මසවනං, යොනිසො මනසිකාරො, ධම‍්මානුධම‍්මප‍්පටිපත‍්ති.

ශ්‍රෝත ආපත්‍යඞ්ග (සෝවන් මඟ ලබනුවට කරුණු) සතරෙක : සත්පුරුෂ සේවනය, බණ ඇසීම, උපාය මනස්කාරය, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය.

චත‍්තාරි සොතාපන‍්නස‍්ස අඞ‍්ගානි: ඉධාවුසො අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: ඉති පි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති.

ශ්‍රෝත ආපන්නාඞ්ග (සෝවාන් වූවහුගේ අංග) සතරෙක: ඇවැත්නි, මෙහි ආර්‍ය ශ්‍රාවකයා බුදුරජු කෙරෙහි ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව් මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.

ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

ධර්‍මය කෙරෙහි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට (ත්‍රිවිධ කල්‍යාණාදි විසින්) මොනොවට වදාරන ලද්දේ ය. එය තමා විසින් දැක්කැ යුතු ය, කල් නොයවා පල දෙන්නේ ය, ‘එව, බලව’ යි විධානයට සුදුසු ය, භාවනා වශයෙන් තම සිතැ එළැවීමට සුදුසු ය. (උද්ඝාටිතඥාදි නුවණැත්තන් විසින්) තම තමා කෙරෙහි දත යුතු යැ’ යි දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.

සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, යදිදං චත‍්තාරි පුරිසයුගානි, අට‍්ඨ පුරිසපුග‍්ගලා, එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුණෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

සඞ්ඝයා කෙරෙහි ‘පුරුෂ යුගල සතරෙක් වූ, පුරුෂ පුද්ගල අට දෙනෙක් වූ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඍජු වූ පිළිවෙතට පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවන් පිණිස පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචි කර්‍මයට සුදුසු වැ පිළිපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ දුරැ සිටැ ද ගෙනවුත් සිල්වත්නට දියැ යුතු දන් පිළිගැන්මට සුදුසු ය, ආගන්තුක දානය පිළිගැන්මට සුදුසු ය, හැමට පළමු ව ගෙනවුත් පිදියැ යුතු දන් පිළිගන්නට සුදුසු ය, දක්‍ෂිණාව (පරලොව සඳහා දියැ යුතු දන්) පිළිගන්නට සුදුසු ය, දොහොත් මුදුනැ තබා වැන්දැ යුතු ය, සියලු ලොවට නිරුත්තර පින්කෙත යැ’ යි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.

අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි අච‍්ඡිද‍්දෙහි අසබලෙහි අකම‍්මාසෙහි භුජිස‍්සෙහි විඤ‍්ඤුප‍්පසත්‍ථෙහි අපරාමට‍්ඨෙහි සමාධිසංවත‍්තනිකෙහි.

මුලැ හෝ අගැ නොබුන් සිකපද ඇති, මැදැ නොබුන් සිකපද ඇති, පිළිවෙළින් දෙක තුන බැගින් නොබුන් සිකපද ඇති, අතරතුරැ නොබුන් සිකපද ඇති, තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණු බුද්ධාදි විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්‍ශනය නො කරන ලද, සමාධිය පිණිස පවත්නා, ආර්‍ය්‍යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්‍විත වෙයි.

චත‍්තාරි සාමඤ‍්ඤඵලානි: සොතාපත‍්තිඵලං, සකදාගාමිඵලං, අනාගාමිඵලං, අරහත‍්තඵලං.

ශ්‍රාමණ්‍යඵල (මහණකමේ ඵල) සතරෙකි. ශ්‍රෝත ආපත්තිඵලය, සකෘදාගාමිඵලය, අනාගාමි ඵලය, අර්‍හත්ත්‍වය ඵලය.

චතස‍්සො ධාතුයො: පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු.

ධාතු සතරෙක: පෘථිවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායුධාතුව.

චත‍්තාරො ආහාරා: කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස‍්සො දුතියො, මනොසඤ‍්චෙතනා තතියා, විඤ‍්ඤාණං චතුත්‍ථං.

ආහාර සතරෙක: දළ වූ හෝ සියුම් වූ කබලීකාරාහාරය, දෙවෙනි ස්පර්‍ශාහාරය, තෙවෙනි මනස්සඤ්චේතනාහාරය, සතර වැනි විඥානාහාරය.

චතස‍්සො විඤ‍්ඤාණට‍්ඨිතියො: රූපූපයං වා ආවුසො විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨති, රූපාරම‍්මණං රූපප‍්පතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජති. වෙදනූපයං වා ආවුසො -පෙ- සඤ‍්ඤූපයං වා ආවුසො -පෙ- සඞ‍්ඛාරූපයං වා ආවුසො විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨති, සඞ‍්ඛාරාරම‍්මණං සඞ‍්ඛාරප‍්පතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජති.

විඥානස්ථිතිහු (සිත සිටුනා තැන්) සතර දෙනෙක: ඇවැත්නි, (පඤ්චවෝකාර භවයෙහි) රූපස්කන්‍ධය ඇසුරු කොට, රූපස්කන්‍ධය ගොදුරු කොටැ රූපස්කන්‍ධය ප්‍රතිෂ්ඨා කොට, තෘෂ්ණායෙන් තෙමන ලදු වැ අභිසංස්කාර විඥානය එළැඹ සිටිනුයේ සිටී. වැඩීමට වැවීමට මහත් බවට පැමිණේ. ඇවැත්නි, (චතුවෝකාර භවයෙහි) වේදනාස්කන්‍ධය ඇසුරු කොට … හෝ සංඥාස්කන්‍ධය ඇසුරු කොට … හෝ සංස්කාරස්කන්‍ධය ඇසුරු කොට, සංස්කාර ස්කන්‍ධය ගොදුරු කොට, සංස්කාර ස්කන්‍ධය ප්‍රතිෂ්ඨා කොට තෘෂ්ණායෙන් තෙමන ලදු වැ අභිසංස්කාර විඥානය එළැඹ සිටිනුයේ සිටී, වැඩීමට වැවීමට මහත් බවට පැමිණෙයි.

චත‍්තාරි අගතිගමනානි: ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති.

අගතිගමන සතරෙක: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යේ.

චත‍්තාරො තණ‍්හුප‍්පාදා: චීවරහෙතු වා ආවුසො භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, පිණ‍්ඩපාතහෙතු වා ආවුසො භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, සෙනාසනහෙතු වා ආවුසො භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, ඉතිභවාභවහෙතු වා ආවුසො භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති.

තෘෂ්ණෝත්පාද (තෘෂ්ණාව උපදනට අරමුණු) සතරෙක: ඇවැත්නි, මහණහට සිවුරු නිසා හෝ තෘෂ්ණාව උපදිනුයේ උපදී, පිණ්ඩපාතය නිසා හෝ මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී, සෙනසුන් නිසා හෝ මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී, ප්‍රත්‍යයයෙහි ප්‍රණීත බව් ප්‍රණීතතර බව් ආදි හේතුයෙන් ද මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී.

චතස‍්සො පටිපදා: දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා.

ප්‍රතිපත්ති සතරෙක: ලැසි වැ පැමිණෙන මාර්‍ගඥානය ඇති දුක සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාර්‍ගඥානය ඇති දුකසේ පිළිපදනා පිළිවෙත ය, ලැසි වැ ලබන මාර්‍ගඥානය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාර්‍ගඥානය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත යි.

අපරාපි චතස‍්සො පටිපදා: අක‍්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා.

අන්‍ය දු ප්‍රතිපත්ති සතරෙක: (ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීමෙහි දී) ශීතාදිය නො ඉවසන බව ඇති පිළිවෙතය, ශීතාදිය ඉවසන බව ඇති පිළිවෙත ය, ඉන්‍ද්‍රිය දමන සංඛ්‍යාත පිළිවෙතය, අකුශල විතරක් සංසිඳුවීම නැමැති පිළිවෙතයි.

චත‍්තාරි ධම‍්මපදානි: අනභිජ‍්ඣා ධම‍්මපදං, අබ්‍යාපාදො ධම‍්මපදං, සම‍්මාසති ධම‍්මපදං, සම‍්මාසමාධි ධම‍්මපදං.

ධර්‍මපද (දහම් කොටස්) සතරෙක: අනභිධ්‍යා නම් වූ දහම් කොටස ය, අව්‍යාපාද නම් වූ දහම් කොටස ය, සම්‍යක්ස්මෘති නම් වූ දහම් කොටස ය, සම්‍යක් සමාධි නම් වූ දහම් කොටස යි.

චත‍්තාරි ධම‍්මසමාදානානි: අත්‍ථාවුසො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං, අත්‍ථාවුසො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං. අත්‍ථාවුසො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං, අත්‍ථාවුසො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිං ච සුඛවිපාකං.

ධර්‍මසමාදාන සතරෙක: ඇවැත්නි, වත්මන්හි දුක් සහිත වූ ද මත්තෙහි දු දුක් විපාක ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වත්මන්හි දුක් ඇති මත්තෙහි සැප විපාක ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වර්‍තමානයෙහි සුව ඇති, මත්තෙහි දුක් ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වත්මන්හි සුව ඇති මත්තෙහි දු සුව ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇති.

චත‍්තාරො ධම‍්මක‍්ඛන්‍ධා: සීලක‍්ඛන්‍ධො, සමාධික‍්ඛන්‍ධො, පඤ‍්ඤාක‍්ඛන්‍ධො, විමුත‍්තික‍්ඛන්‍ධො.

ධර්‍මස්කන්‍ධ සතරෙක: ශීලගුණස (ඵලශීලය), සමාධිගුණය (ඵලසමාධිය), ප්‍රඥාගුණය (ඵලප්‍රඥාව), විමුක්තිගුණය (ඵලවිමුක්තියි).

චත‍්තාරි බලානි: විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ‍්ඤාබලං.

බල සතරෙක: වීර්‍ය්‍ය බලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබලයි.

චත‍්තාරි අධිට‍්ඨානානි: පඤ‍්ඤාධිට‍්ඨානං, සච‍්චාධිට‍්ඨානං, චාගාධිට‍්ඨානං, උපසමාධිට‍්ඨානං.

අධිෂ්ඨාන (ගුණාධික පුරුෂයන් සිටුනා තැන්) සතරෙක: ප්‍රඥාධිෂ්ඨානය (රහත්පල නුවණ), සත්‍යාධිෂ්ඨානය (සත්‍ය වචනය), ත්‍යාගාධිෂ්ඨානය (ආමිෂ පරිත්‍යාගය), උපශමාධිෂ්ඨානයි (කෙලෙස් සංසිඳුවීම).

චත‍්තාරි පඤ‍්හබ්‍යාකරණානි: එකංසබ්‍යාකරණීයො පඤ‍්හො, පටිපුච‍්ඡාබ්‍යාකරණීයො පඤ‍්හො, විභජ‍්ජබ්‍යාකරණීයො පඤ‍්හො, ඨපනීයො පඤ‍්හො.

ප්‍රශ්නව්‍යාකරණ සතරෙක: ඒකාන්තයෙන් විසැඳියැ යුතු ප්‍රශ්නය, පිළිවිසැ විසැඳියැ යුතු ප්‍රශ්නය, බෙදා විසැඳියැ යුතු ප්‍රශ්නය, (නොවිසඳා) තබාලියැ යුතු ප්‍රශ්නයි.

චත‍්තාරි කම‍්මානි: අත්‍ථාවුසො කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං, අත්‍ථාවුසො කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං, අත්‍ථාවුසො කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං, අත්‍ථාවුසො කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

කර්‍ම සතරෙක: ඇවැත්නි, කළු වූ කළු විපාක ඇති කර්‍මයෙක් (දශ අකුශල කර්‍මපථය) ඇත. ඇවැත්නි, සුදු වූ සුදු විපාක ඇති කර්‍මයෙක් (කුශලකර්‍මපථය) ඇත. ඇවැත්නි, කළු සුදු මිශ්‍ර වූ ද කළු සුදු විපාක ඇත්තාවූ ද කර්‍මයෙක් (සුවදුක් දෙන මිශ්‍ර කර්‍මයෙක්) ද ඇත. ඇවැත්නි, කළු නොවූ ද සුදු නොවූ ද කළු සුදු විපාක නැති යමෙක් කර්‍මක්‍ෂයය පිණිස පවත්නේ ද එබඳු වූ කර්‍මයෙක් (සතර මාර්‍ගඥානය) ඇති.

චත‍්තාරො සච‍්ඡිකරණීයා ධම‍්මා: පුබ‍්බෙනිවාසො සතියා සච‍්ඡිකරණීයො, සත‍්තානං චුතූපපාතො චක‍්ඛුනා සච‍්ඡිකරණීයො, අට‍්ඨ විමොක‍්ඛා කායෙන සච‍්ඡිකරණීයා, ආසවානං ඛයො පඤ‍්ඤාය සච‍්ඡිකරණීයො.

සාක්‍ෂාත්කරණීය ධර්‍ම සතරෙක: පූර්වේනිවාසය (පෙර වුසූ කඳ පිළිවෙළ) සිහියෙන් පසක් කළ යුතු, සත්‍වයන්ගේ ච්‍යුති උපපත්ති දෙක දිවැසින් පසක් කළ යුතු, විමෝක්‍ෂ අට සහජාත නාම කයින් පසක් කළ යුතු. ආස්‍රවයන්ගේ ක්‍ෂයය රහත්පල නුවණින් පසක් කළ යුතු.

චත‍්තාරො ඔඝා: කාමොඝො, භවොඝො, දිට‍්ඨොඝො, අවිජ‍්ජොඝො.

ඕඝ (මහවතුරු) සතරෙක: කාම ඕඝය (පංචකාමගුණික රාගය), භව ඕඝය (රූපාරූපභවයන්හි ඡන්‍දරාගය), දෘෂ්ටි ඕඝය (දෙසැට මිස දිටු), අවිද්‍යා ඕඝය.

චත‍්තාරො යොගා: කාමයොගො, භවයොගො, දිට‍්ඨියොගො, අවිජ‍්ජායොගො.

යෝග (සතුන් සසරැ යොදන බඳින අකුසල්) සතරෙක: කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝගයි.

චත‍්තාරො විසඤ‍්ඤොගා: කාමයොගවිසඤ‍්ඤොගො, භවයොගවිසඤ‍්ඤොගො, දිට‍්ඨියොගවිසඤ‍්ඤොගො, අවිජ‍්ජායොගවිසඤ‍්ඤොගො.

විසංයෝග (බැඳුම් ලිහෑලුම්) සතරෙක: කාමයෝග විසංයෝගය (ආශුභධ්‍යානයත් එය පාදක කොට ලැබූ අනාගාමි මාර්‍ගයත්), භවයෝගවිසංයෝගය (රහත්මඟ), දෘෂ්ටියෝග විසංයෝගය (සෝවාන් මඟ), අවිද්‍යායෝග විසංයෝගයි (රහත්මඟ).

චත‍්තාරො ගන්‍ථා: අභිජ‍්ඣා කායගන්‍ථො, බ්‍යාපාදො කායගන්‍ථො, සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො, ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො.

ග්‍රන්‍ථ (සසරැ නාමරූපයන් ගැට ගසන බඳින අකුසල්) සතරෙක : අභිධ්‍යාව (නාම කය හා රූප කය හා සසරැ ගැට ගසන) කාය ග්‍රන්‍ථයෙක, ව්‍යාපාදය කාය ග්‍රන්‍ථයෙක, ශීලව්‍රත දැඩි කොට ගැන්ම කාය ග්‍රන්‍ථයෙක, මෙය ම සත්‍ය යැ යි සෙස්ස හිස් යැ යි පැවැති දැඩි දෘෂ්ටිග්‍රාහය කාය ග්‍රන්‍ථයෙක.

චත‍්තාරි උපාදානානි: කාමුපාදානං, දිට‍්ඨුපාදානං, සීලබ‍්බතූපාදානං, අත‍්තවාදූපාදානං.

උපාදාන (ගැනුම්) සතරෙක: කාමෝපාදානය (රාග නැමැති ග්‍රහණය), දෘෂ්ට්‍යුපාදානය (මිථ්‍යාදෘෂ්ටි නැමැති ග්‍රහණය), ශීලව්‍රතෝපාදානය (ශීලව්‍රතයෙන් ගැන්ම), ආත්මවාදෝපාදානය (ආත්මදෘෂ්ටිග්‍රහණය).

චතස‍්සො යොනියො: අණ‍්ඩජයොනි, ජලාබුජයොනි, සංසෙදජයොනි, ඔපපාතිකයොනි.

යෝනි (කොටස්) සතරෙක: අණ්ඩජ යෝනිය (බිජුවටැ උපන් සත්‍ව වර්‍ගයා), ජලාබුජ යෝනිය (දලබුයෙහි උපන් සත්‍ව වර්‍ගයා), සංස්වේදජ යෝනිය (ඇතුළත උණුහුමක් ඇති තැන උපන් සත්‍ව වර්‍ගයා) ඕපපාතික යෝනිය (වේගයෙන් අවුත් පැන්නවුන් බඳු වැ සොළොස් විය පත්තවුන් සේ වහා පහළ වන අත් බැව් ඇති සත්‍ව වර්‍ගයා.)

චතස‍්සො ගබ‍්භාවක‍්කන‍්තියො: ඉධාවුසො එකච‍්චො අසම‍්පජානො මාතුකුච‍්ඡිං ඔක‍්කමති, අසම‍්පජානො මාතුකුච‍්ඡිස‍්මිං ඨාති, අසම‍්පජානො මාතුකුච‍්ඡිස‍්මා නික‍්ඛමති, අයං පඨමා ගබ‍්භාවක‍්කන‍්ති.

ගර්‍භාවක්‍රාන්ති (ගැබැ පිළිසිඳුම්) සතරෙක: ඇවැත්නි, මෙහි ඇතැම් පුද්ගලයෙක් දැනුම් නැත්තේ මවු කුසට බසී, දැනුම් නැත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් බිහි වෙයි. මේ පළමු ගර්‍භාවක්‍රාන්තිය ය.

පුන චපරං ආවුසො ඉධෙකච‍්චො සම‍්පජානො මාතුකුච‍්ඡිං ඔක‍්කමති, අසම‍්පජානො මාතුකුච‍්ඡිස‍්මිං ඨාති, අසම‍්පජානො මාතුකුච‍්ඡිස‍්මා නික‍්ඛමති. අයං දුතියා ගබ‍්භාවක‍්කන‍්ති.

තව ද ඇවැත්නි, මෙහි එක්තරා පුද්ගලයෙක් දැනුම් ඇත්තේ මවු කුසට බසී, දැනුම් නැත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් බිහි වෙයි. මේ දෙවෙනි ගර්‍භාවක්‍රාන්තිය ය.

පුන චපරං ආවුසො ඉධෙකච‍්චො සම‍්පජානො මාතුකුච‍්ඡිං ඔක‍්කමති, සම‍්පජානො මාතුකුච‍්ඡිස‍්මිං ඨාති, අසම‍්පජානො මාතුකුච‍්ඡිස‍්මා නික‍්ඛමති. අයං තතියා ගබ‍්භාවක‍්කන‍්ති.

තව ද ඇවැත්නි, මෙහි එක්තරා පුද්ගලයෙක් දැනුම් ඇත්තේ මවු කුසට බසී, දැනුම් ඇත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් බිහි වෙයි. මේ තෙවෙනි ගර්‍භාවක්‍රාන්තිය ය.

පුන චපරං ආවුසො ඉධෙකච‍්චො සම‍්පජානො චෙව මාතුකුච‍්ඡිං ඔක‍්කමති, සම‍්පජානො මාතුකුච‍්ඡිස‍්මිං ඨාති, සම‍්පජානො මාතුකුච‍්ඡිස‍්මා නික‍්ඛමති. අයං චතුත්‍ථා ගබ‍්භාවක‍්කන‍්ති.

තව ද ඇවැත්නි, මෙහි එක්තරා පුද්ගලයෙක් දැනුම් ඇත්තේ ම මවු කුසට බසී, දැනුම් ඇත්තේ ම මවු කුසැ වෙසෙයි, දැනුම් ඇත්තේ ම මවු කුසින් බිහි වෙයි. මේ සතර වන ගර්‍භාවක්‍රාන්තිය ය.

චත‍්තාරො අත‍්තභාවපටිලාභා: අත්‍ථාවුසො අත‍්තභාවපටිලාභො යස‍්මිං අත‍්තභාවපටිලාභෙ අත‍්තසඤ‍්චෙතනා යෙව කමති නො පරසඤ‍්චෙතනා. අත්‍ථාවුසො අත‍්තභාවපටිලාභො යස‍්මිං අත‍්තභාවපටිලාභෙ පරසඤ‍්චෙතනා යෙව කමති නො අත‍්තසඤ‍්චෙතනා. අත්‍ථාවුසො අත‍්තභාවපටිලාභො යස‍්මිං අත‍්තභාවපටිලාභෙ අත‍්තසඤ‍්චෙතනා චෙව කමති පරසඤ‍්චෙතනා ච. අත්‍ථාවුසො අත‍්තභාවපටිලාභො යස‍්මිං අත‍්තභාවපටිලාභෙ නෙව අත‍්තසඤ‍්චෙතනා කමති නො පරසඤ‍්චෙතනා.

ආත්මභාව ප්‍රතිලාභ (අත්බව් ලැබීම්) සතරෙක: යම් අත්බව් ලැබීමෙක ආත්මසංචේතනාව (තමා විසින් කරන ලද චේතනාව ම) පවතී ද පරසඤ්චේතනාව (මනඃප්‍රදූෂක දෙවියන්ගේ සෙයින් අනුන්ගේ චේතනාව) නො පවතී ද එබඳු අත්බව් ලැබීමෙක් ඇත. ඇවැත්නි, යම් අත්බව් ලැබීමෙක පරසඤ්චේතනාව ම පවතී ද (ක්‍රීඩාප්‍රදූෂක දෙවියන්ගේ සෙයින්) ආත්මසඤ්චේතනාව නොපවතී ද එබඳු අත්බව් ලැබීමෙක් ඇත. ඇවැත්නි, යම් අත්බව් ලැබීමෙක ආත්මසංචේතනාවත් පවතී ද පරසංචේතනාවත් පවතී ද එසේ වූ අත්බව් ලැබීමෙක් ඇත. ඇවැත්නි, යම් අත්බව් ලැබීමෙක ආත්මසංචේතනාවත් නො පවතී ද පරසංචේතනාවත් නො ම පවතී ද එසේ වූ ආත්ම ප්‍රතිලාභයෙක් ඇත.

චතස‍්සො දක‍්ඛිණාවිසුද‍්ධියො: අත්‍ථාවුසො දක‍්ඛිණා දායකතො විසුජ‍්ඣති නො පටිග‍්ගාහකතො. අත්‍ථාවුසො දක‍්ඛිණා පටිග‍්ගාහකතො විසුජ‍්ඣති නො දායකතො. අත්‍ථාවුසො දක‍්ඛිණා නෙව දායකතො විසුජ‍්ඣති නො පටිග‍්ගාහකතො. අත්‍ථාවුසො දක‍්ඛිණා දායකතො චෙව විසුජ‍්ඣති පටිග‍්ගාහකතො ච.

දක්‍ෂිණා විශුද්ධි (දානය පිරිසිදු කරන, මහත් පල කරන කරුණු) සතරෙක: ඇවැත්නි, පිළිගන්නහුගෙන් නොව දායකයාගෙන් පිරිසිදු වන දක්‍ෂිණාවෙක් (දානයෙක්) ඇත, දානයාගෙන් නොව පිළිගන්නහුගෙන් පිරිසිදු වන දක්‍ෂිණාවෙක් ඇත, දායකයාගෙනුදු පිළිගන්නහුගෙනුදු පිරිසිදු නොවන දක්‍ෂිණාවෙක් ඇත. දායකායාගෙනුදු පිළිගන්නාහුගෙනුදු පිරිසිදුවන දක්‍ෂිණාවෙක් ඇත.

චත‍්තාරි සඞ‍්ගහවත්‍ථූනි: දානං, පෙය්‍යවජ‍්ජං, අත්‍ථචරියා, සමානත‍්තතා.

සංග්‍රහවස්තු සතරෙකි: දානය, ප්‍රියවචනය, අර්‍ත්‍ථචර්‍ය්‍යාව, සමානාත්මතාව.

චත‍්තාරො අනරියවොහාරා: මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම‍්ඵප‍්පලාපො.

අනාර්‍ය්‍ය (ලාමකයන්ගේ) ව්‍යවහාර සතරෙක: බොරුකීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, හිස බස් දෙඩීම.

චත‍්තාරො අරියවොහාරා: මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම‍්ඵප‍්පලාපා වෙරමණී.

ආර්‍ය (සත්පුරුෂයන්ගේ) ව්‍යවහාර සතරෙකි: මුසවායෙන් වැළැක්ම, කේලාම් කීමෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, හිස් බස් දෙඩුමෙන් වැළැක්ම.

අපරෙපි චත‍්තාරො අනරියවොහාරා: අදිට‍්ඨෙ දිට‍්ඨවාදිතා, අස‍්සුතෙ සුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදිතා.

අන්‍ය ද අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරෙක්: නො දුටු දැයෙහි දක්නා ලදැ යි කියන බව, නො ඇසූ දැයෙහි අසන ලදැ යි කියන බව, අමුතයෙහි (ආඝ්‍රාණ ආස්වාදන ස්පර්‍ශන නො කළ දැයෙහි) මුත යැ යි (ආඝ්‍රාණ ආස්වාදන ස්පර්‍ශන කරන ලදැ යි) කියන බව, අවිඥාතයෙහි (නො සිතූ දැයෙහි) සිතන ලදැ යි කියන බව.

අපරෙපි චත‍්තාරො අරියවොහාරා: අදිට‍්ඨෙ අදිට‍්ඨවාදිතා, අස‍්සුතෙ අස‍්සුතවාදිතා, අමුතෙ අමුතවාදිතා, අවිඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදිතා.

අන්‍ය ද ආර්‍ය්‍යව්‍යවහාර සතරෙක: නොදුටු දැයෙහි නො දක්නා ලදැ යි කියන බව, නො ඇසුණු දැයෙහි නො ඇසිණැ යි කියන බව, අමුතයෙහි අමුත යැ යි කියන බව, අවිඥාතයෙහි අවිඥාත යැ යි කියන බව.

අපරෙපි චත‍්තාරො අනරියවොහාරා: දිට‍්ඨෙ අදිට‍්ඨවාදිතා, සුතෙ අස‍්සුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදිතා.

missing trans

අපරෙපි චත‍්තාරො අරියවොහාරා: දිට‍්ඨෙ දිට‍්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදිතා.

අන්‍ය ද ආර්‍ය ව්‍යවහාර සතරෙක: දුටු දැයෙහි දක්නා ලදැ යි කියන බව, ඇසූ දැයෙහි අසන ලදැ යි කියන බව, මුතයෙහි මුත යැ යි කියන බව, විඥාතයෙහි විඥාත යැයි කියන බව.

චත‍්තාරො පුග‍්ගලා: ඉධාවුසො එකච‍්චො පුග‍්ගලො අත‍්තන‍්තපො හොති අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, ඉධාවුසො, එකච‍්චො පුග‍්ගලො පරන‍්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත‍්තො. ඉධාවුසො එකච‍්චො පුග‍්ගලො අත‍්තන‍්තපො ච හොති අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො. ඉධ පනාවුසො එකච‍්චො පුග‍්ගලො නෙව අත‍්තන‍්තපො හොති න අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො. සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති.

පුද්ගලයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි (තමා තැවීමෙහි) යෙදුණේ ආත්මන්තප වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් පරපරිතාපනානුයෝගයෙහි (අනුන් තැවීමෙහි) යෙදුණේ පරන්තප වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ ආත්මන්තප ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ පරන්තප ද වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුද්ගලයෙක් ආත්මපරිතාපනානු යෝගයෙහි නො යෙදුණේ ආත්මන්තප ද නො වේ පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ පරන්තප ද නො වේ. හේ ආත්මන්තප නො වූයේ (තමා නො තවනුයේ), පරන්තප ද නො වූයේ (අනුන් නො තවනුයේ) මෙ අත්බව්හි ම තෘෂ්ණා නැත්තේ, කෙලෙස් නිවීමෙන් නිවුණේ, සිසිල් වූයේ (ධ්‍යාන සැප මාර්‍ග සැප, ඵල සැප, නිවන් සැප යන) සුව විඳුනා සුලු වූයේ බ්‍රහ්මභූත වූ ආත්මයෙන් (ශ්‍රේෂ්ඨ වූ සිතින්) යුක්ත ව වෙසෙයි.

අපරෙ පි චත‍්තාරො පුග‍්ගලා: ඉධාවුසො එකච‍්චො පුග‍්ගලො අත‍්තහිතාය පටිපන‍්නො හොති නො පරහිතාය. ඉධාවුසො එකච‍්චො පුග‍්ගලො පරහිතාය පටිපන‍්නො හොති නො අත‍්තහිතාය. ඉධාවුසො එකච‍්චො පුග‍්ගලො නෙව අත‍්තහිතාය පටිපන‍්නො හොති නො පරහිතාය. ඉධාවුසො එකච‍්චො පුග‍්ගලො අත‍්තහිතාය චෙව පටිපන‍්නො හොති පරහිතාය ච.

අන්‍ය වූ ද පුද්ගලයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් තමහට මිස පරහට වැඩ පිණිස පිළිපන්නේ නොවෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් පරහට මිස තමහට වැඩ පිණිස පිළිපන්නේ නො වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් තමහට ද පරහට ද වැඩ පිණිස පිළිපන්නේ නො වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් තමහට ද, පරහට ද වැඩ පිණිස පිළිපන්නේ වෙයි.

අපරෙ පි චත‍්තාරො පුග‍්ගලා: තමොතමපරායනො, තමොජොතිපරායනො, ජොතිතමපරායනො, ජොතිජොතිපරායනො.

අන්‍යවූ ද පුද්ගලයෝ සතරදෙනෙක: අඳුරු වූයේ අඳුර ම පර ලොවැ ගතිය කොටැති (අඳුරින් අඳුරට යන) පුඟුලාය, අඳුරු වූයේ එළිය පරලොව් ගතිය කොටැති (අඳුරෙන් එළියට යන) පුඟුලා ය, එළිමත් වූයේ අඳුර පරලොව් ගතිය කොටැති (එළියෙන් අඳුරට යන) පුඟුලා ය, එළිමත් වූයේ එළියම පරලොව් ගතිය කොටැති (එළියෙන් එළියට යන) පුඟුලා ය.

අපරෙපි චත‍්තාරො පුග‍්ගලා: සමණමචලො, සමණපදුමො, සමණපුණ‍්ඩරීකො, සමණෙසු සමණසුඛුමාලො.

අන්‍ය වූ පුද්ගලයෝ සතර දෙනෙක: අචලශ්‍රමණයා ය (සෝවාන් මහණ ය), ශ්‍රමණපද්මය හෙවත් පියුමක් බඳු මහණ ය (සකෘදාගාමී මහණ ය), ශ්‍රමණපුණ්ඩරිකය හෙවත් හෙළ පියුමක් බඳු මහණ ය (අනාගාමී මහණය), ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුකුමාර ය හෙවත් සියුමැලි මහණ ය (රහත් මහණ තෙමේ ය.)

ඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන චත‍්තාරො ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

ඇවැත්නි, මොහු දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට ම වදාරන ලද සතර ධර්‍මයෝය. එය … දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස සියල්ලන් විසින් ම සමග වැ ගැයියැ යුතු.

පඤ‍්චතං

පඤ්චකය

11. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන පඤ‍්ච ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං, යථයිදං බ්‍රහ‍්මචරියං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං, තදස‍්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

11. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද පඤ්ච ධර්‍ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්‍ඝ කාලයක් පැවැතිය හැකි වන්නේ ද, බොහෝ කලක් සිටිය හැකි වන්නේ ද එසේ වනු පිණිස, එහි තොප සියලු දෙනා ම විසින් සමග වැ ගැයියැ යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනා සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

කතමෙ පඤ‍්ච: පඤ‍්චක‍්ඛන්‍ධා - රූපක‍්ඛන්‍ධො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.

කවර පඤ්ච ධර්‍ම කෙනෙක් ද යත්: ස්කන්‍ධ පසෙක - රූපස්කන්‍ධය, වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධයි.

පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා: රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදානක‍්ඛන්‍ධො සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො සංඛාරුපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො.

උපාදානස්කන්‍ධ පසෙක: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධයි.

පඤ‍්ච කාමගුණා: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා.

කාමගුණ (කාම කොටස්) පසෙක: චක්‍ෂුර්විඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන්නා වූ ප්‍රියස්වභාවය ඇති කාම නිඃශ්‍රිත වූ ඇලුම් කටයුතු වූ රූපයෝ ය, ශ්‍රෝත විඥානයෙන් දත යුතුවූ … ශබ්ද යෝ ය, ඝ්‍රාණ විඥානයෙන් දත යුතු වූ … ගන්‍ධයෝ ය, ජිහ්වාවිඥානයෙන් දතයුතු වූ … රසයෝය, කායවිඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ, කානත් වූ මන වඩන්නා වූ ප්‍රිය ස්වභාවය ඇති කාම නිඃශ්‍රිත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි.

පඤ‍්ච ගතියො: නිරයො, තිරච‍්ඡානයොනි, පෙත‍්තිවිසයො, මනුස‍්සා, දෙවා.

ගති (කර්‍ම කළවුන් යෑ යුතු තැන්) පසෙක: නිරය, තිරිසන් යෝනිය, ප්‍රේතලෝකය, මිනිස් ලොව, දෙව්ලොව.

පඤ‍්ච මච‍්ඡරියානි: ආවාසමච‍්ඡරියං, කුලමච‍්ඡරියං, ලාභමච‍්ඡරියං, වණ‍්ණමච‍්ඡරියං, ධම‍්මමච‍්ඡරියං.

මාත්සර්‍ය්‍ය (මසුරුබව්) පසෙක: ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, ධර්‍මමාත්සර්‍ය්‍යය.

පඤ‍්ච නීවරණානි: කාමච‍්ඡන්‍දනීවරණං, බ්‍යාපාදනීවරණං, ථිනමිද‍්ධනීවරණං, උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං, විචිකිච‍්ඡානීවරණං.

නීවරණ පසෙක: කාමච්ඡන්‍දනීවරණය. ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡානීවරණය.

පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි: සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාසො, කාමච‍්ඡන්‍දො, බ්‍යාපාදො.

ඕරම්භාගිය සංයෝජන පසෙක: සත්කායදෘෂ්ටිය, විචිකිත්සාව, ශීලව්‍රතපරාමර්‍ශය, කාමච්ඡන්‍දය, ව්‍යාපාදය.

පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි: රූපරාගො, අරූපරාගො, මානො, උද‍්ධච‍්චං, අවිජ‍්ජා.

උද්ධම්භාගිය සංයෝජන පසෙක: රූපරාගය, අරූපරාගය, මානය, උද්ධ්ච්චය, අවිද්‍යාව.

පඤ‍්ච සික‍්ඛාපදානි: පාණාතිපාතා වෙරමණී, අදින‍්නාදානා වෙරමණී, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණී.

ශික්‍ෂාපද (ශික්‍ෂා කොටස්) පසෙක : ප්‍රාණඝාතයෙන් වැළැක්ම, අදත්තාදානයෙන් වැළැක්ම, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්ම, මුසාවාදයෙන් වැළැක්ම, මත්බවට ද ප්‍රමාදයට ද කාරණ වූ රහමෙර පීමෙන් වැළැක්ම.

පඤ‍්ච අභබ‍්බට‍්ඨානානි: අභබ‍්බො ආවුසො ඛීණාසවො භික‍්ඛු සංචිච‍්ච පාණං ජීවිතා වොරොපෙතුං. අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදියිතුං, අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු මෙථුනං ධම‍්මං පටිසෙවිතුං. අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු සම‍්පජානමුසා භාසිතුං. අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු සන‍්නිධිකාරකං කාමෙ පරිභුඤ‍්ජිතුං, සෙය්‍යථාපි පුබ‍්බෙ ආගාරියකභූතො.

අභව්‍ය (නොවියැ හැකි) කරුණු පසෙක : ඇවැත්නි, රහත් මහණ තෙමේ සිතා ප්‍රාණියකු දිවියෙන් තොර කරන්නට නො හැක්කේ ය, රහත් මහණ තෙමේ නො දුන් දැයක් සොර සිතින් ගන්නට නො හැක්කේ ය, රහත් මහණ මෙවුන්දම් සෙවුනට නො හැක්කේ ය. රහත් මහණ තෙමේ දැන මුසවා තෙපලන්නට නො හැක්කේ ය, රහත් මහණ තෙමේ පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කොට තබා ගෙන කාමවස්තූන් පරිභෝග කරන්නට නො හැක්කේ ය.

පඤ‍්ච බ්‍යසනානි: ඤාතිබ්‍යසනං, භොගබ්‍යසනං, රොගබ්‍යසනං, සීලබ්‍යසනං, දිට‍්ඨිබ්‍යසනං. නාවුසො සත‍්තා ඤාතිබ්‍යසනහෙතු වා භොගබ්‍යසනහෙතු වා රොගබ්‍යසනහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති. සීලබ්‍යසනහෙතු වා ආවුසො සත‍්තා දිට‍්ඨිබ්‍යසනහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.”

ව්‍යසන පසෙක : ඥාතිව්‍යසනය, භෝගව්‍යසනය, රෝගව්‍යසනය, ශීලව්‍යසනය, දෘෂ්ටිව්‍යසනය. ඇවැත්නි, සත්‍වයෝ ඥාතිව්‍යසන හෙයින් හෝ භෝගව්‍යසන හෙයින් හෝ රෝග ව්‍යසන හෙයින් හෝ කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථාන වූ විවස වැ පතිත වන තැන වූ නිරයට නො පැමිණෙත්. ඇවැත්නි, ශීලව්‍යසන හෙයින් හෝ දෘෂ්ටිව්‍යසන (මිථ්‍යාදෘෂ්ටි) හෙයින් හෝ සත්‍වයෝ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට ස්ථාන වූ විවශ ව පතිත වන තැන වූ නිරයට පැමිණෙත්.

පඤ‍්ච සම‍්පදා: ඤාතිසම‍්පදා, භොගසම‍්පදා, ආරොග්‍යසම‍්පදා, සීලසම‍්පදා, දිට‍්ඨිසම‍්පදා. නාවුසො සත‍්තා ඤාතිසම‍්පදාහෙතු වා භොගසම‍්පදාහෙතු වා ආරොග්‍යසම‍්පදාහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. සීලසම‍්පදාහෙතු වා ආවුසො සත‍්තා දිට‍්ඨිසම‍්පදාහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

සම්පත් පසෙක: ඥාති සම්පත, භෝග සම්පත, ආරෝග්‍ය සම්පත, ශීල සම්පත, දෘෂ්ටි සම්පත. ඇවැත්නි, සත්‍වයෝ ඥාති සම්පත් හෙයින් හෝ භෝග සම්පත් හෙයින් හෝ ආරෝග්‍ය සම්පත් හෙයින් හෝ කා බුන් මරණින් මතු සුවයට ස්ථාන වූ ස්වර්‍ග ලෝකයට නො පැමිණෙත්. ඇවැත්නි, ශීල සම්පත් හෙයින් හෝ දෘෂ්ටිසම්පත් (සම්‍යග් දෘෂ්ටි) හෙයින් හෝ සත්‍වයෝ කා බුන් මරණින් මතු සැපට ස්ථාන වූ ස්වර්‍ග ලෝකයට පැමිණෙත්.

පඤ‍්ච ආදීනවා දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා: ඉධාවුසො , දුස‍්සීලො සීලවිපන‍්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච‍්ඡති, අයං පඨමො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

missing trans

පුන චපරං ආවුසො දුස‍්සීලස‍්ස සීලවිපන‍්නස‍්ස පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති, අයං දුතියො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

තව ද අනෙකෙකි. ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි, දුසිල්හුගේ ලාමක කීර්තිශබ්දයෙක් (අපකීර්තියෙක්) උස් වැ නැඟෙයි. මේ දුසිල්හුගේ ශීලවිපත්තියෙහි දෙවෙනි දොස ය.

පුන චපරං ආවුසො දුස‍්සීලො සීලවිපන‍්නො යඤ‍්ඤදෙව පරිසං උපසඞ‍්කමති යදි ඛත‍්තියපරිසං යදි බ්‍රාහ‍්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං අවිසාරදො උපසඞ‍්කමති මඞ‍්කුභූතො, අයං තතියො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

තව ද අනෙකෙක් ඇත. ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල් තෙම කැත් පිරිසක් හෝ බමුණු පිරිසක් හෝ ගැහැවිපිරිසක් හෝ මහණ පිරිසක් හෝ යම් යම් ම පිරිසක් කරා එළැබෙන්නේ නම් අභීත නො ව (බාන සුලු ව) තෙද නැති ව එළැඹෙයි. මේ දුසිල්හුගේ ශීලවිපත්තියෙහි තුන් වැනි දොස ය.

පුන චපරං ආවුසො දුස‍්සීලො සීලවිපන‍්නො සම‍්මූළ‍්හො කාලං කරොති, අයං චතුත්‍ථො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි, ශීලවිපන්න වූ දුසිල් තෙමේ සිහි මුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හුගේ ශීලවිපත්තියෙහි සතරවන දොස ය.

පුන චපරං ආවුසො දුස‍්සීලො සීලවිපන‍්නො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, අයං පඤ‍්චමො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි, සීලවිපන්න වූ දුසිල් තෙම කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට ස්ථාන වූ, විවශ වැ පතිත වන තැන වූ නිරයට පැමිණෙයි. මේ දුසිල්හුගේ ශීලවිපත්තියෙහි පස්වන දොස යි.

පඤ‍්ච ආනිසංසා සීලවතො සීලසම‍්පදාය: ඉධාවුසො, සීලවා සීලසම‍්පන‍්නො අප‍්පමාදාධිකරණං මහන‍්තං භොගක‍්ඛන්‍ධං අධිගච‍්ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

සිල්වත්හුගේ ශීලසම්පත්තියේ අනුසස් පසෙක. ඇවැත්නි, මෙහි සිල්වත් තෙමේ ශීලයෙන් යුක්තවූයේ, නොපමා කරුණින් මහත් භෝගරාශියක් ලබයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි පළමු වන අනුසස ය.

පුන චපරං ආවුසො සීලවතො සීලසම‍්පන‍්නස‍්ස කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති, අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි, ශීලසම්පන්න වූ සිල්වත්හුගේ යහපත් කීරත්තිශබ්දයෙක් උස් වැ නැඟෙයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්හි දෙවෙනි අනුසස ය.

පුන චපරං ආවුසො සීලවා සීලසම‍්පන‍්නො යඤ‍්ඤදෙව පරිසං උපසඞ‍්කමති යදි ඛත‍්තියපරිසං යදි බ්‍රාහ‍්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ‍්කමති අමඞ‍්කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

තව ද අනෙකෙකි. ඇවැත්නි, ශීලයෙන් යුත් සිල්වත් තෙමේ කැත් පිරිසකට වේවයි බමුණු පිරිසකට වේවයි ගැහැවි පිරිසකට වේවයි මහණ පිරිසකට වේවයි යම් යම් ම පිරිසක් කරා එළැඹෙන්නේ නම්, අභීත වැ තෙදැති වැ එළැඹෙයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ තෙවෙනි අනුසස ය.

පුන චපරං ආවුසො සීලවා සීලසම‍්පන‍්නො අසම‍්මූළ‍්හො කාලං කරොති. අයං චතුත්‍ථො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

තව ද අනෙකෙකි. ඇවැත්නි, ශීලසම්පන්න වූ සිල්වත් තැනැත්තේ සිහි මුළා නොවූයේ කලුරිය කෙරෙයි. මේ සිල්වත්හුගේ ශීල සම්පත්හි සතරවැනි අනුසස ය.

පුන චපරං ආවුසො සීලවා සීලසම‍්පන‍්නො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. අයං පඤ‍්චමො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

තව ද අනෙකෙකි. ඇවැත්නි, ශීලයෙන් යුක්ත වූ සිල්වත් තෙමේ කා බුන් මරණින් මතු සැපයට ස්ථාන වූ සගලොවට පැමිණෙයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ පස්වැනි අනුසස යි.

චොදකෙන ආවුසො භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨපෙත්‍වා පරො චොදෙතබ‍්බො: කාලෙන වක‍්ඛාමි නො අකාලෙන, භූතෙන වක‍්ඛාමි නො අභූතෙන, සණ‍්හෙන වක‍්ඛාමි නො ඵරුසෙන, අත්‍ථසංහිතෙන වක‍්ඛාමි නො අනත්‍ථසංහිතෙන, මෙත‍්තචිත‍්තෙන වක‍්ඛාමි නො දොසන‍්තරෙනා ති. චොදකෙන ආවුසො භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන. ඉමෙ පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨපෙත්‍වා පරො චොදෙතබ‍්බො.

ඇවැත්නි, මෙරමාහට චෝදනා කරනු රිසි චෝදක භික්‍ෂුහු විසින් ධර්‍ම පසක් තමා කෙරෙහි එළවා මෙරමාට චෝදනා කළ යුතු: සුදුසු කාලයෙහි කියන්නෙමි, නොකල්හි නොකියන්නෙමි යි යන සිත, වූ දැයින් (සත්‍යයෙන්) කියමි, නොවූ දැයෙකින් නො කියමි යි යන සිත, මොළොක් බසින් කියමි, පරොස් බසින් නො කියමි යි යන සිත, ඔහුට වැඩ කැමැති සිතින් මිස අවැඩ කැමැති සිතෙකින් නො කියන්නෙමි යි යන සිත, මෙත්සිතින් මිස ද්වේෂ සහිත සිතින් නොකියන්නෙමි යන සිත. ඇවැත්නි, මෙරමාහට චෝදනා කරනු රිසි චෝදක මහණහු විසින් මේ ධර්‍ම පස තමා කෙරෙහි එළවා මෙරමාට චෝදනා කළ යුතු.

පඤ‍්ච පධානියඞ‍්ගානි: ඉධාවුසො භික‍්ඛු සද‍්ධො හොති, සද‍්දහති තථාගතස‍්ස බොධිං: ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො, ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති. අප‍්පාබාධො හොති අප‍්පාතඞ‍්කො, සමවෙපාකිනියා ගහණියා සමන‍්නාගතො නාතිසීතාය නාච‍්චුණ‍්හාය මජ‍්ඣිමාය පධානක‍්ඛමාය. අසඨො හොති අමායාවී යථාභූතං අත‍්තානං ආවිකත‍්තා සත්‍ථරි වා විඤ‍්ඤූසු වා සබ්‍රහ‍්මචාරීසු. ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා.

ප්‍රාධානිකාඞ්ග (ප්‍රධන් වීර්‍ය්‍ය වඩන මහණහු තුළ වියැ යුතු ගුණාඞ්ග) පසෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම සැදැහැ ඇත්තේ වෙයි. ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාවන්ගෙන් හා චරණධර්‍මයන්ගෙන් සම්පූර්‍ණ ය, සුගත ය, ලෝකවිදු ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත්’ යැ යි තථාගතයන් වහන්සේගේ බෝධිය (සතර මඟ නුවණ) හදහයි. රෝග නැත්තේ නිදුක් වූයේ, ඉතා ශීත ද නො වූ ඉතා උෂ්ණ ද නො වූ මධ්‍යම වූ, ප්‍රධන් වීර්‍ය්‍යය වැඩීමට යෝග්‍ය වූ, සම ලෙස අහර පැසවන උදරාග්නියන් යුක්ත වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්රම්සරුවන් කෙරෙහි හෝ තත් වූ පරිදි සිය වරද හෙළි කරන්නේ ශඨ නොවූයේ මායා නැත්තේ වෙයි. ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුසල් දහම්හි බහා නො තැබූ වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබගැන්ම පිණිස පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. පිරිසිදු වූ, කෙලෙසුන් විදැලීම සමත්, මොනොවට දුක් වැනැසීමට යන නුවණින් යුක්ත වූයේ උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්‍විතවූයේ, ප්‍රඥාවත් වෙයි.

පඤ‍්ච සුද‍්ධාවාසා: අවිහා අතප‍්පා සුදස‍්සා සුදස‍්සී අකනිට‍්ඨා.

ශුද්ධාවාස (අනාගාමී ද රහත් ද යන ශුද්ධ පුද්ගලයනට වාසස්ථාන) පසෙක: අවිහය, අතප්පය, සුදස්ස ය, සුදස්සී ය, අකනිට්ඨ ය.

පඤ‍්ච අනාගාමිනො: අන‍්තරාපරිනිබ‍්බායී, උපහච‍්චපරිනිබ‍්බායී, අසංඛාරපරිනිබ‍්බායී, සසංඛාරපරිනිබ‍්බායී, උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී.

අනාගාමීහු පස් දෙනෙක: අන්තරාපරිනිබ්බායී (ආයු කාලයේ මැදක් ද නො ඉක්මැ අතර දී ම රහත් බවට පැමිණියේ) ය, උපහච්චපරිනිබ්බායී (ආයු කාලයේ මැද කොටස ඉක්මැ රහත් වූයේ) ය, අසඞ්ඛාරපරිනිබ්බායී (වෙහෙස නැති ව සුවසේ රහත් වූයේ) ය, සසඞ්ඛාර පරිනිබ්බායී (උත්සාහ ඇති ව වෙහෙසී රහත් වූයේ) ය, උද්ධංසෝත අකනිට්ඨගාමී (අවිහය පටන් කොට සතර බඹලෝ ඉක්මැ අකනිටාවට ගොස් රහත් වූයේ) ය.

පඤ‍්ච චෙතොඛිලා: ඉධාවුසො භික‍්ඛු සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති. යො සො ආවුසො භික‍්ඛු සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො.

චේතෝඛීල (සිතැ තද බව්) පසෙක : ඇවැත්නි, මෙහි මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විමති උපදවයි, නිශ්චිත නො වෙයි, නො පහදී. ඇවැත්නි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි ද විමති උපදවයි ද නිශ්චිත නො වෙයි ද නො පහදී ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය කරනුවට, පුන පුනා වීර්‍ය්‍යයෙහි යෙදෙනුවට, නිරතුරු වීර්‍ය්‍ය වඩනුවට, ප්‍රධන් වීර්‍ය්‍ය කරනුවට නො නැමෙයි. යමකුගේ සිත වීර්‍ය්‍ය කරනුවට, පුන පුනා වීර්‍ය්‍යයෙහි යෙදෙනුවට නිරතුරු වීර්‍ය්‍ය වඩනුවට ප්‍රධන් වීර්‍ය්‍ය කරනුවට නො නැමෙයි ද, මෙය පළමු වන චේතෝඛීලය යි.

පුන චපරං ආවුසො භික‍්ඛු ධම‍්මෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති -පෙ- සඞ‍්ඝෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති -පෙ- සික‍්ඛාය කඞ‍්ඛති විචිකිච‍්ඡති -පෙ- සබ්‍රහ‍්මචාරීසු කුපිතො හොති අනත‍්තමනො ආහතචිත‍්තො ඛීලජාතො. යො සො ආවුසො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීසු කුපිතො හොති අනත‍්තමනො ආහතචිත‍්තො ඛීලජාතො, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, අයං පඤ‍්චමො චෙතොඛිලො.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණෙක් (පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන ත්‍රිවිධ) ධර්‍මයෙහි සැක කෙරෙයි, විමති කෙරෙයි … (අෂ්ටාර්‍ය්‍ය පුද්ගල වූ ආර්‍ය) සංඝයා කෙරෙහි සැක කෙරෙයි, විමති කෙරෙයි … (අධිශීල අධිචිත්ත අධිප්‍රඥා යන ත්‍රිවිධ) ශික්‍ෂකයෙහි සැක කෙරෙයි. විමති කෙරෙයි … සබ්‍රම්සරුන් කෙරෙහි කිපුණේ, නොසතුටු වූයේ, ගැටුණු සිතැත්තේ, හටගත් තද බව් ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු වූයේ ගැටුණු සිතැත්තේ, හට ගත් තද බව් ඇත්තේ වේ ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය කරනුවට, පුන පුනා වීර්‍ය්‍යයෙහි යෙදීමට, නිරතුරු වීර්‍ය්‍ය වඩනුවට, ප්‍රධන් වීර්‍ය්‍ය කරනුවට නො නැමෙයි ද. මෙය පස් වනු චේතෝඛීලය යි.

පඤ‍්ච චෙතසො විනිබන්‍ධා: ඉධාවුසො භික‍්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො. යො සො ආවුසො භික‍්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. අයං පඨමො චෙතසො විනිබන්‍ධො.

චේතෝවිනිබන්‍ධ (සිතේ බැඳුම්) පසෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම කාමයන්හි නො පහ වූ ඇල්ම ඇත්තේ, නො පහ වූ ඡන්‍දය ඇත්තේ, නො පහ වූ ප්‍රේමය ඇත්තේ, නො පහ වූ පවස් ඇත්තේ නො පහ වූ දැවිලි ඇත්තේ, නො පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් මහණෙක් කාමයන්හි නො පහ වූ ඇල්ම ඇත්තේ, නො පහ වූ ඡන්‍දය ඇත්තේ, නො පහ වූ ප්‍රේමය ඇත්තේ, නො පහ වූ පවස් ඇත්තේ, නො පහ වූ දැවිලි ඇත්තේ, නො පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි ද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, පුන පුනා වීර්‍ය්‍ය කරණු පිණිස, නිරතුරුව ව වීර්‍ය්‍ය කරනු පිණිස, ප්‍රධන් වඩනු පිණිස නො නවැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස, පුන පුනා වැර වඩනු පිණිස, නිරතුරු ව වැර වඩනු පිණිස, ප්‍රධන් වඩනු පිණිස නො නැමෙයි ද, මෙය සිත පිළිබඳ පළමු විනිබන්‍ධය (සිතේ බැඳීම) වෙයි.

පුන චපරං ආවුසො භික‍්ඛු කායෙ අවිගතරාගො හොති -පෙ- රූපෙ අවිගතරාගො හොති -පෙ-

තව ද අනෙකෙක් ඇත. ඇවැත්නි, මහණෙක් සිය කය කෙරෙහි නො පහවූ ඇල්ම ඇත්තේ වෙයි … බාහිර රූපය කෙරෙහි නො පහ වූ ඇල්ම ඇත්තේ වෙයි …

පුන චපරං ආවුසො භික‍්ඛු යාවදත්‍ථං උදරාවභෙදකං භුඤ‍්ජිත්‍වා සෙය්‍යසුඛං පස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරති -පෙ-

තවද අනෙකෙකි. ඇවැත්නි, මහණෙක් රිසි තාක් කුස පුරා කා යහන් සුවය (සැප පහසු දෙන ඇඳ පුටු පරිහරණය), පාර්ශ්ව සුඛය (සුව පහසු ලැබෙන ලැබෙන සේ ඇලයෙන් ඇලයට පෙරැළි පෙරැළී හෝනා බව), නිදි සුව යන මෙහි යෙදුණේ වෙසෙයි ...

පුන චපරං ආවුසො භික‍්ඛු අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා’ති. යො සො ආවුසො භික‍්ඛු අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා ති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. අයං පඤ‍්චමො චෙතසො විනිබන්‍ධො.

තවද අනෙකෙකි. ඇවැත්නි, මහණෙක් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් මහබලැති දෙවියෙක් හෝ වන්නෙමි, එක්තරා (ස්වල්ප බල ඇති) දෙවියෙක් හෝ වන්නෙමි’ යි කිසි දෙව් මුළුවෙක ඉපැදීම පතා මහණදම් පුරයි. ඇවැත්නි, මේ ශීලයෙන් හෝ මේ ව්‍රතයෙන් හෝ මේ තපසින් හෝ මේ බඹසරින් මම මහ බලැති දෙවියෙක් හෝ වන්නෙමි, එක්තරා හෝ දෙවියෙක් වන්නෙමි’ යි කිසි යම් දෙව්මුළුවෙකැ ඉපැදීම පතා මහණදම් පුරයි ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර වඩනු පිණිස, පුන පුනා වැර වඩනු පිණිස, ප්‍රධන් වඩනු පිණිස නො නැමෙයි. මෙය පස්වනු චේතෝවිනිබන්‍ධය ය.

පඤ‍්චින්‍ද්‍රියානි: චක‍්ඛුන්‍ද්‍රියං, සොතින්‍ද්‍රියං, ඝානින්‍ද්‍රියං, ජිව‍්හින්‍ද්‍රියං, කායින්‍ද්‍රියං.

ඉන්‍ද්‍රිය පසෙක : චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රියය, කායේන්‍ද්‍රියය.

අපරානිපි පඤ‍්චින්‍ද්‍රියානි: සුඛින්‍ද්‍රියං, දුක‍්ඛින්‍ද්‍රියං, සොමනස‍්සින්‍ද්‍රියං, දොමනස‍්සින්‍ද්‍රියං, උපෙක‍්ඛින්‍ද්‍රියං.

අන්‍ය වූ ද ඉන්‍ද්‍රිය පසෙක : සුඛ ඉන්‍ද්‍රියය, දුඃඛ ඉන්‍ද්‍රියය, සෞමනස්‍ය ඉන්‍ද්‍රියය, දෞර්‍මනස්‍ය ඉන්‍ද්‍රියය, උපේක්‍ෂා ඉන්‍ද්‍රියය.

අපරානිපි පඤ‍්චින්‍ද්‍රියානි: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං.

අන්‍ය වූ ද ඉන්‍ද්‍රිය පසෙක : ශ්‍රද්ධා ඉන්‍ද්‍රියය, වීර්‍ය්‍ය ඉන්‍ද්‍රියය, ස්මෘති ඉන්‍ද්‍රිය, සමාධි ඉන්‍ද්‍රියය, ප්‍රඥා ඉන්‍ද්‍රියය.

පඤ‍්ච නිස‍්සරණියා ධාතුයො: ඉධාවුසො භික‍්ඛුනො කාමෙ මනසිකරොතො කාමෙසු චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති සන‍්තිට‍්ඨති න විමුච‍්චති. නෙක‍්ඛම‍්මං ඛො පනස‍්ස මනසිකරොතො නෙක‍්ඛම‍්මෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං විසංයුත‍්තං කාමෙහි. යෙ ච කාමපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතා පරිළාහා, මුත‍්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක‍්ඛාතං කාමානං නිස‍්සරණං.

නිඃසරණීය (විසංයුක්ත වූ) වෙන් වූ ස්වභාව පසෙක: ඇවැත්නි, මෙහි (අශුභධ්‍යානයෙන් නැගී සිට) කාමයන් මෙනෙහි කරන මහණහුගේ සිත කාමයන්හි නො පිවිසෙයි. (කාමයන්හි) නො පහදියි, නො රැඳෙයි, නො ඇලෙයි. වැලි දු නෙක්ඛම්මය (දශ අශුභයන් වඩා ලබන ප්‍රථම ධ්‍යානය) මෙනෙහි කරන ඔහුගේ සිත නෙක්ඛම්යෙහි පිවිසෙයි, එහි පහදී, එහි පහදී, එහි රැඳී සිටී, එහි ඇලෙයි. ඔහුගේ ඒ සිත (අරමුණෙහි) මනා ව ගියේ, මොනොවට වැඩුණේ, කාමයන් කෙරෙන් මොනොවට නැගී සිටියේ, මොනොවට මිදුණේ, කාමයන් කෙරෙන් වෙන් වූයේ වෙයි. කාමයන් හේතු කොට ගෙන යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් කාම දැවිලි කෙනෙක් උපදනාහු ද , ඔවුන්ගෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ (කාම වේනා ද කාම පරිදාහ වේදනා ද යන ද්විවිධ) වේදනා නො විඳී. මේ (අශුභ ධ්‍යානය) කාමයන්ගේ නිඃසරණයැ (විසංයෝගයැ) යි කියන ලදී.

පුන චපරං ආවුසො භික‍්ඛුනො බ්‍යාපාදං මනසිකරොතො බ්‍යාපාදෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති. අබ්‍යාපාදං ඛො පනස‍්ස මනසිකරොතො අබ්‍යාපාදෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං විසංයුත‍්තං බ්‍යාපාදෙන. යෙ ච බ්‍යාපාදපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතා පරිළාහා, මුත‍්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක‍්ඛාතං බ්‍යාපාදස‍්ස නිස‍්සරණං.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි, (මෛත්‍රීධ්‍යානයෙන් නැගී සිට) වයාපාදය මෙනෙහි කරන භික්‍ෂුහුගේ සිත ව්‍යාපාදයෙහි නො පිවිසෙයි, ව්‍යාපාදයෙහි නො පහදී, ව්‍යාපාදයෙහි නොසිටී, ව්‍යාපාදයෙහි නො ඇලෙයි. වැලි දු අව්‍යාපාදය (මෛත්‍රිය) මෙනෙහි කරන ඔහුගේ සිත අව්‍යාපාදයෙහි (මෛත්‍රිධ්‍යානයෙහි) පිවිසෙයි, එහි සිටියි, එහි ඇලෙයි. ඔහුගේ ඒ සිත (මෙත් අරමුණෙහි) මනා ව ගියේ මනා ව වැඩුණේ, (ව්‍යාපාදය කෙරෙන්) මොනොවට නැගී සිටියේ, (ව්‍යාපාදය කෙරෙන්) මොනොවට මිදුණේ, ව්‍යාපාදය කෙරෙන් වෙන් වූයේ වෙයි. ව්‍යාපාද හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් යම් පරිදාහ (දැවිලි) කෙනෙක් උපදනාහු නම් ඔවුන්ගෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ (ව්‍යාපාද වේදනා ද එහි විපාක වූ පරිදාහ වේදනා ද යන ද්විවිධ) වේදනා නො විඳී. මෙය ව්‍යාපාදයාගේ නිඃසරණ යැ (විසංයෝගයැ) යි කියන ලදී.

පුන චපරං ආවුසො භික‍්ඛුනො විහෙසං මනසිකරොතො විහෙසාය චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති. අවිහෙසං ඛො පනස‍්ස මනසිකරොතො අවිහෙසාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං විසංයුත‍්තං විහෙසාය. යෙ ච විහෙසාප‍්පච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතා පරිළාහා, මුත‍්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක‍්ඛාතං විහෙසාය නිස‍්සරණං.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි, (කරුණාධ්‍යානයෙන් නැගී සිට) විහිංසාව මෙනෙහි කරන භික්‍ෂුහුගේ සිත විහිංසායෙහි නො පිවිසෙයි, විහිංසායෙහි නො පහදී, විහිංසායෙහි නො සිටී, විහිංසායෙහි නො ඇලෙයි. වැලි අවිහිංසාව (කරුණාව) මෙනෙහි කරන ඔහුගේ සිත අවිහිංසායෙහි (කරුණා ධ්‍යානයෙහි) පිවිසෙයි, එහි සිටියි, එහි ඇලෙයි. ඔහුගේ ඒ සිත (කරුණා අරමුණෙහි) මොනොවට ගියේ, මොනොවට වැඩුණේ (විහිංසාව කෙරෙන්) මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ මොනොවට වෙන් වූයේ වෙයි. විහිංසා හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, යම් (විහිංසා වේදනා විහිංසා විපාක පරිදාහ යැ යි) විවිධ වේදනා කෙනෙක් උපදනාහු නම්, හෙ තෙමේ ඔවුන් කෙරෙන් මිදෙයි. හේ ඒ වේදනා නො විඳී. මෙය විහිංසාවගේ නිඃසරණයයැ (විසංයෝගයයැ) යි කියන ලදී.

පුන චපරං ආවුසො භික‍්ඛුනො රූපෙ මනසිකරොතො රූපෙසු චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති. අරූපං ඛො පනස‍්ස මනසිකරොතො අරූපෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සංතිට‍්ඨති විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං විසංයුත‍්තං රූපෙහි. යෙ ච රූපප‍්පච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතා පරිළාහා, මුත‍්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක‍්ඛාතං රූපානං නිස‍්සරණං.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි (අරූපධ්‍යානයෙන් නැඟී සිට) රූපයන් මෙනෙහි කරන භික්‍ෂුහුගේ සිත රූපයන්හි නො පිවිසෙයි, නො පහදියි, නො සිටියි, නො ඇලෙයි. අරූප ධ්‍යානය මෙනෙහි කරන ඔහුගේ සිත අරූපධ්‍යානයෙහි පිවිසෙයි, පහදී, සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත (අරූප අරමුණෙහි) මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, රූපයන් කෙරෙන් මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, මොනොවට වෙන් වූයේ වෙයි. රූප හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, දුක් කෙනෙක්, පරිදාහ (දැවිලි) කෙනෙක් උපදනාහු නම්, හෙ තෙම් ඒ වේදනා නො විඳී. මෙය රූපයන්ගේ නිඃසරණයැ යි කියන ලදී.

පුන චපරං ආවුසො භික‍්ඛුනො සක‍්කායං මනසිකරොතො සක‍්කායෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති. සක‍්කායනිරොධං ඛො පනස‍්ස මනසිකරොතො සක‍්කායනිරොධෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං, සුවුට‍්ඨිතං සුවිමුත‍්තං විසංයුත‍්තං සක‍්කායෙන. යෙ ච සක‍්කායපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතා පරිළාහා, මුත‍්තො සො තෙහි න සො තං වෙදනං වෙදෙති. ඉදමක‍්ඛාතං සක‍්කායස‍්ස නිස‍්සරණං.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි, (පලසමවතින් නැගී සිට) සත්කායය (උපාදානස්කන්‍ධ පස) මෙනෙහි කරන (ශුෂ්ක විදර්‍ශක රහත්) මහණහට සත්කායයෙහි (පංච උපාදානස්කන්‍ධයෙහි) සිත නො පිවිසෙයි, නො පහදී, නො සිටී, නො ඇලෙයි. වැලි සත්කාය නිරෝධය (නිවන) මෙනෙහි කරන ඔහුගේ සිත සත්කාය නිරෝධයෙහි (නිවනෙහි) පිවිසෙයි, පහදී, රැඳී සිටී, ඇලෙයි. ඔහුගේ ඒ සිත (නිවන් අරමුණෙහි) මොනවට ගියේ, මොනොවට වැඩුණේ, සත්කායය (උපාදානස්කන්‍ධය) කෙරෙන් මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, විසංයුක්ත (වෙන වූයේ) වෙයි. සත්කායප්‍රත්‍යයයෙන් (උපාදාන ස්කන්‍ධ හේතු කොට ගෙන) යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් පරිදාහ (දැවිලි) කෙනෙක් උපදනාහු නම්, හේ ඔවුන්ගෙන් මිදුණේ වෙයි. මෙය සත්කායයාගේ නිඃසරණය (උපාදාන ස්කන්‍ධයන්ගේ විසංයෝගය) යැ යි කියන ලදී.

පඤ‍්ච විමුත‍්තායතනානි: ඉධාවුසො භික‍්ඛුනො සත්‍ථා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා ගරුට‍්ඨානිකො සබ්‍රහ‍්මචාරී. යථා යථා ආවුසො භික‍්ඛුනො සත්‍ථා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා ගරුට‍්ඨානිකො සබ්‍රහ‍්මචාරී, තථා තථා සො තස‍්මිං ධම‍්මෙ අත්‍ථප‍්පටිසංවෙදී ච හොති ධම‍්මප‍්පටිසංවෙදී ච. තස‍්ස අත්‍ථප‍්පටිසංවෙදිනො ධම‍්මප‍්පටිසංවෙදිනො පාමුජ‍්ජං ජායති, පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත‍්තං සමාධියති. ඉදං පඨමං විමුත‍්තායතනං.

විමුක්ත්‍යායතන (මිදීමට කරුණු) පසෙක: ඇවැත්නි, මෙහි මහණක් හට ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ දහම් දෙසයි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ යම් යම් සේ එ මහණහට දහම් දෙසා ද, ඒ ඒ පරිද්දෙන් හෙ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද වෙයි, පාළිය දැනගන්නේ ද වෙයි. අරුත් දන්නා පෙළ දන්නා ඔහුට ප්‍රමෝදය (සතුට) උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිතැත්තහුගේ නාම කය සංහිඳෙයි. සංහිඳුණු නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ පළමු විමුක්ත්‍යායතන යැ.

පුන චපරං ආවුසො භික‍්ඛුනො න හෙව ඛො සත්‍ථා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා ගරුට‍්ඨානිකො සබ්‍රහ‍්මචාරී, අපි ච ඛො යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන පරෙසං දෙසෙති. යථා යථා ආවුසො භික‍්ඛු යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන පරෙසං දෙසෙති, තථා තථා සො තස‍්මිං ධම‍්මෙ අත්‍ථප‍්පටිසංවෙදී ච තෙන ධම‍්මප‍්පටිසංවෙදී ච. තස‍්ස අත්‍ථපටිසංවෙදිනො ධම‍්මපටිසංවෙදිනො පාමුජ‍්ජං ජායති, පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධ කායො සුඛං වෙදෙති, සුඛිනො චිත‍්තං සමාධියති. ඉදං දුතියං විමුත‍්තායතනං.

තව ද අනෙකෙකි. ඇවැත්නි, මහණකුහට ශාස්තෘ තෙමේ දහම් නො ම දෙසයි, ගුරුතන්හි වූ අන් සබ්රම්සරුවෙකුත් දහම් නො ම දෙසයි. එතෙකුදු වුවත් ඇසූ පරිදි පුහුණු කළ පරිදි ඒ ධර්‍මය විස්තර වශයෙන් අනුනට දෙසයි. ඇවැත්නි, මහණ යම්සේ යම්සේ තමා ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තර වශයෙන් අනුනට දහම් දෙසන්නේ ද එසේ එසේ හේ ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නාවූ පෙළ දැනගන්නාවූ ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී, ප්‍රීතියට පැමිණි සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳින්නහුගේ සිත එකඟ වෙයි. මේ දෙවෙනි විමුක්ත්‍යායතනය යැ.

පුන චපරං ආවුසො භික‍්ඛුනො න හෙව ඛො සත්‍ථා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා ගරුට‍්ඨානිකො සබ්‍රහ‍්මචාරී, නාපි යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන පරෙසං දෙසෙති. අපි ච ඛො යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන සජ‍්ඣායං කරොති. යථා යථාවුසො භික‍්ඛු යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන සජ‍්ඣායං කරොති, තථා තථා සො තස‍්මිං ධම‍්මෙ අත්‍ථපටිසංවෙදී ච හොති ධම‍්මපටිසංවෙදී ච. තස‍්ස අත්‍ථපටිසංවෙදිනො ධම‍්මපටිසංවෙදිනො පාමුජ‍්ජං ජායති, පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධ කායො සුඛං වෙදෙති, සුඛිනො චිත‍්තං සමාධියති. ඉදං තතියං විමුත‍්තායතනං.

තව ද අනෙකෙකි. ඇවැත්නි, මහණකුහට ශාස්තෘ තෙමේ හෝ අන් කිසි ගුරු තන්හි වූ සබ්රම්සරුවෙක් හෝ නො ම දහම් දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි අනුනට විස්තර වශයෙන් දහම් නො ද දෙසයි. එතෙකුදු වුවත් ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරයයෙන් ස්වාධ්‍යාය කෙරෙයි (පුන පුනා කියි). ඇවැත්නි, මහණ තෙමේ ඇසූ පරිදි පුහුණු කළ පරිදි මේ පරිද්දෙන් යම් සේ ධර්‍මය විස්තරයෙන් ස්වාධ්‍යාය කෙරෙයි ද එසේ එසේ හේ එ දහමෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනග්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිය උපන් සිතැත්තහුගේ නාම කය සංහිඳෙයි. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ තෙවෙනි විමුක්ත්‍යායතනය යැ.

පුන චපරං ආවුසො භික‍්ඛුනො න හෙව ඛො සත්‍ථා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා ගරුට‍්ඨානිකො සබ්‍රහ‍්මචාරී, නාපි යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන සජ‍්ඣායං කරොති, අපි ච ඛො යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං චෙතසා අනුවිතක‍්කෙති අනුවිචාරෙති මනසානුපෙක‍්ඛති. යථා යථා ආවුසො භික‍්ඛු යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං චෙතසා අනුවිතක‍්කෙති අනුවිචාරෙති මනසානුපෙක‍්ඛති, තථා තථා සො තස‍්මිං ධම‍්මෙ අත්‍ථපටිසංවෙදී ච හොති ධම‍්මපටිසංවෙදී ච. තස‍්ස අත්‍ථපටිසංවෙදිනො ධම‍්මපටිසංවෙදිනො පාමුජ‍්ජං ජායති, පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත‍්තං සමාධියති. ඉදං චතුත්‍ථං විමුත‍්තායතනං.

තව ද අනෙකෙකි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරුතන්හි වූ කිසි සබ්රම්සරුවෙක් හෝ නො ම දහම් දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරයෙන් අනුනට නො ද දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරයෙන් නො ද ස්වාධ්‍යායනය කෙරෙයි. වැලි, ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය සිතින් පුන පුනා කල්පනා කෙරෙයි, පුන පුනා විමසයි, පුන පුනා සිතින් සලකා බලයි. ඇවැත්නි, ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය යම්සේ යම්සේ පුන පුනා සිතින් කල්පනා කෙරේ ද, පුන පුනා විමසා ද, පුන පුනා සිතින් බලා ද, එසේ එසේ හෙ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියට පැමිණි සිතැත්තහුගේ නාම කය සංසිඳෙයි. සංසුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ සතර වන විමුක්ත්‍යායතනය යැ.

පුන චපරං ආවුසො භික‍්ඛුනො න හෙව ඛො සත්‍ථා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා ගරුට‍්ඨානිකො සබ්‍රහ‍්මචාරී, නාපි යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන සජ‍්ඣායං කරොති, නාපි යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං චෙතසා අනුවිතක‍්කෙති අනුවිචාරෙති මනසානුපෙක‍්ඛති. අපි ච ඛ‍්වස‍්ස අඤ‍්ඤතරං සමාධිනිමිත‍්තං සුග‍්ගහිතං හොති සුමනසිකතං, සූපධාරිතං සුප‍්පටිවිද‍්ධං පඤ‍්ඤාය. යථා යථා ආවුසො භික‍්ඛුනො අඤ‍්ඤතරං සමාධිනිමිත‍්තං සුග‍්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප‍්පටිවිද‍්ධං පඤ‍්ඤාය, තථා තථා සො තස‍්මිං ධම‍්මෙ අත්‍ථපටිසංවෙදී ච හොති ධම‍්මපටිසංවෙදී ච. තස‍්ස අත්‍ථපටිසංවෙදිනො ධම‍්මපටිසංවෙදිනො පාමොජ‍්ජං ජායති, පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති , සුඛිනො චිත‍්තං සමාධියති. ඉදං පඤ‍්චමං විමුත‍්තායතනං.

තව ද අනෙකෙකි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි කිසි සබ්රම්සරුවෙක් හෝ මහණහට නො ම දහම් දෙසයි, මහණ තෙම දහම ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තරයෙන් නො ද දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම විස්තර විසින් නො ද ස්වාධ්‍යයනය කෙරෙයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය සිතින් පුන පුනා නො ම කල්පනා කෙරෙයි, නො ම විමසයි, පුන පුනා සිතින් නො ද බලයි. වැලිදු ඔහු විසින් එක්තරා සමාධියෙක් (ගුරුහුගෙන් කමහටන් උගන්නා හා ම) මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙන් මහණහු විසින් එක්තරා සමාධියෙක් මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වේ ද, ඒ ඒ පරිද්දෙන් හේ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දන්නේ ද පෙළ දන්නේ ද වෙයි. අරුත් දන්නා, පෙළ දන්නා ඔහුට සතුට උපදී. සතුට වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියට පත් සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ පස්වන විමුක්ත්‍යායතනය යැ.

පඤ‍්ච විමුත‍්තිපරිපාචනීයා සඤ‍්ඤා: අනිච‍්චසඤ‍්ඤා, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤා, දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤා, පහානසඤ‍්ඤා, විරාගසඤ‍්ඤා.

විමුක්තිපාරිපචනීය (රහත් බව මුහුකුරුවන) සංඥා පසෙක: අනිත්‍ය සංඥාව (අනිත්‍යානුදර්‍ශන ඥානයෙහි උපන් සංඥාව) අනිත්‍යයෙහි දුඃඛසංඥාව (අනිත්‍ය දැය දුක් වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) දුකෙහි අනාත්මසංඥාව (දුක් වූ දැය අනාත්ම වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) ප්‍රහාණසංඥාව (කෙලෙසුන් ප්‍රහීණ කිරීම පුන පුනා දක්නා නුවණෙහි උපන් සංඥාව), විරාග සංඥාව (පංචවිධ විරාගය ම අරමුණු කොට උපන් සංඥාව).

ඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන පඤ‍්ච ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පො- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

ඇවැත්නි, මෙසේ ම දන්නා දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පස් දෙනෙක් දහම්හු මොනවට වදාරන ලදුහ. එහි සියල්ලන් විසින් ම සමග වැ ගැයිය යුතු … එය … දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේ ය.

ඡක‍්කං

ෂට්කය

12. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන ඡ ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමෙ ඡ:

12. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සදෙනෙක් ධර්‍මයෝ මොනොවට වදාරන ලද්දාහු ඇත. එහි සියල්ලන් විසින් සමග ව ගැයියැ යුතු ... එය … දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය. කවර ස දෙනෙක් ධර්‍මයෝ ද යත්:

ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි: චක‍්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව‍්හායතනං, කායායතනං, මනායතනං.

ආධ්‍යාත්මික ආයතන සයෙක: චක්‍ෂුරායතනය ශ්‍රෝත්‍රායතනය, ඝ්‍රාණායතනය, ජිහ්වායතනය, කායායතනය, මන ආයතනය.

ඡ බාහිරානි ආයතනානි: රූපායතනං, සද‍්දායතනං, ගන්‍ධායතනං, රසායතනං, ඵොට‍්ඨබ‍්බායතනං, ධම‍්මායතනං.

බාහිර ආයතන සයෙක: රූපායතනය, ශබ්දායතනය, ගන්‍ධායතනය, රසායතනය, ස්ප්‍රෂ්ටව්‍යායතනය, ධම්මායතනය.

ඡ විඤ‍්ඤාණකායා: චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණං.

විඥානකාය (විඥානසමූහ) සයෙක: චක්‍ෂුර්විඥානය, ශ්‍රෝතවිඥානය, ඝ්‍රාණවිඥානය, ජිහ්වාවිඥානය, කායවිඥානය, මනෝවිඥානය.

ඡ ඵස‍්සකායා: චක‍්ඛුසම‍්ඵස‍්සො, සොතසම‍්ඵස‍්සො, ඝානසම‍්ඵස‍්සො, ජිව‍්හාසම‍්ඵස‍්සො, කායසම‍්ඵස‍්සො, මනොසම‍්ඵස‍්සො.

ස්පර්‍ශකාය (ස්පර්‍ශ සමූහ) සයෙක : චක්‍ෂුඃ සංස්පර්‍ශය (ඇස ඇසුරු කළ ස්පර්‍ශය) ශ්‍රෝත්‍රසංස්පර්‍ශය, ඝ්‍රාණසංස්පර්‍ශය, ජිහ්වාසංස්පර්‍ශය, කායසංස්පර්‍ශය, මනඃසංස්පර්‍ශය.

ඡ වෙදනාකායා: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජා වෙදනා.

වේදනාකාය (වේදනා සමූහ) සයෙක : චක්‍ෂුස්පර්‍ශයෙන් උපදනා වේදනාව, ශ්‍රෝත්‍ර ස්පර්‍ශයෙන් උපදනා වේදනාව, ඝ්‍රාණස්පර්‍ශයෙන් උපදනා වේදනාව, ජිහ්වාස්පර්‍ශයෙන් උපදනා වේදනාව, කායස්පර්‍ශයෙන් උපදනා වේදනාව, මනඃස්පර්‍ශයෙන් උපදනා වේදනා.

ඡ සඤ‍්ඤාකායා: රූපසඤ‍්ඤා, සද‍්දසඤ‍්ඤා, ගන්‍ධසඤ‍්ඤා, රසසඤ‍්ඤා, ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා, ධම‍්මසඤ‍්ඤා.

සංඥාකාය සයෙක : රූපසංඥාව, ශබ්දසංඥාව, ගන්‍ධසංඥාව, රසසංඥාව, ස්ප්‍රෂ්ටව්‍යසංඥාව, ධර්‍මසංඥාව.

ඡ සඤ‍්චෙතනාකායා: රූපසඤ‍්චෙතනා, සද‍්දසඤ‍්චෙතනා, ගන්‍ධසඤ‍්චෙතනා, රසසඤ‍්චෙතනා, ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා, ධම‍්මසඤ‍්චෙතනා.

සඤ්චේතනා සයෙක : රූපසඤ්චේතනා, ශබ්දසංචේතනා, ගන්‍ධසඤ්චේතනා, රසසඤ්චේතනා, ස්ප්‍රෂටව්‍යසංචේතනා, ධර්‍මසඤ්චේතනා.

ඡ තණ‍්හාකායා: රූපතණ‍්හා, සද‍්දතණ‍්හා, ගන්‍ධතණ‍්හා, රසතණ‍්හා, ඵොට‍්ඨබ‍්බතණ‍්හා, ධම‍්මතණ‍්හා.

තෘෂ්ණාකාය සයෙක : රූපතෘෂ්ණා, ශබ්දතෘෂ්ණා, ගන්‍ධතෘෂ්ණා, රසතෘෂ්ණා, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා, ධර්‍මතෘෂ්ණා.

ඡ අගාරවා: ඉධාවුසො,භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙ අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙ අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සික‍්ඛාය අගාරවො විහරති අප‍්පතිස‍්සවො, අප‍්පමාදෙ අගාරවො විහරති අප‍්පතිස‍්සවො, පටිසන්‍ථාරෙ අගාරවො විහරති අප‍්පතිස‍්සවො,

අගෞරව සයෙක: ඇවැත්නි, මෙහි මහණෙක් ශාස්තෘහු කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මයෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි, අප්‍රමාද ගුණයෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි. ප්‍රතිසංස්ථාරයෙහි (පිළිසඳරෙහි) ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි.

ඡ ගාරවා: ඉධාවුසො භික‍්ඛු සත්‍ථරි සගාරවො විහරති සප‍්පතිස‍්සවො, ධම‍්මෙ සගාරවො විහරති සප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙ සගාරවො විහරති සප‍්පතිස‍්සවො, සික‍්ඛාය සගාරවො විහරති සප‍්පතිස‍්සවො, අප‍්පමාදෙ සගාරවො විහරති සප‍්පතිස‍්සවො, පටිසන්‍ථාරෙ සගාරවො විහරති සප‍්පතිස‍්සවො.

ගෞරව සයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි, ධර්‍මයෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි, අප්‍රමාදයෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි. ප්‍රතිසංස්ථාරයෙහි (පිළිසඳරෙහි) ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි.

ඡ සොමනස‍්සූපවිචාරා: චක‍්ඛුනා රූපං දිස‍්වා සොමනස‍්සට‍්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය සොමනස‍්සට‍්ඨානියං ධම‍්මං උපවිචරති.

සෝමනස්සූපවිචාරයෝ (සොම්නස් සහගත විචාරණයෝ) ස දෙනෙක: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපයෙකැ යි (කල්පනා කොට) පිරිසිඳි යි, කනින් හඬක් අසා සොම්නසට කරුණු වූ හඬෙකැ යි පිරිසිඳියි. නැහැයෙන් ගඳක් අගා සොම්නසට කරුණු වූ ගඳෙකැ යි පිරිසිඳියි. දිවෙන් රසක් විඳ සොම්නසට කරුණු වූ රසයෙකැ යි පිරිසිඳියි, කයින් හැපෙන දැයක් පැහැසැ සොම්නසට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙකැ යි පිරිසිඳියි. මනසින් දහමක් සිතා සොම්නසට කරුණු වූ දහමෙකැ යි පිරිසිඳියි.

ඡ දොමනස‍්සූපවිචාරා: චක‍්ඛුනා රූපං දිස‍්වා දොමනස‍්සට‍්ඨානියං රූපං උපවිචරති -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය දොමනස‍්සට‍්ඨානියං ධම‍්මං උපවිචරති.

දෝමනස්සුපවිචාරයෝ (දොම්නස් සහගිය විචාරණයෝ) සදෙනෙක: ඇසින් රූපයක් දැක දොම්නසට කරුණුවූ රූපයෙකැ යි පිරිසිඳියි, කනින් හඬක් අසා දොම්නසට කරුණු වූ හඬෙකැ යි පිරිසිඳියි, නැහැයෙන් ගඳක් අගා දොම්නසට කරුණු වූ ගඳෙකැ යි පිරිසිඳියි, දිවෙන් රසක් විඳ දොම්නසට කරුණු වූ රසෙකැ යි පිරිසිඳියි, කයින් හැපෙන දැයක් පැහැසැ දොම්නසට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙකැයි පිරිසිඳියි, මනසින් දහමක් සිතා දොම්නසට කරුණු වූ දහමෙකැ යි පිරිසිඳියි.

ඡ උපෙක‍්ඛූපවිචාරා: චක‍්ඛුනා රූපං දිස‍්වා උපෙක‍්ඛාට‍්ඨානියං රූපං උපවිචරති -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය උපෙක‍්ඛාට‍්ඨානියං ධම‍්මං උපවිචරති.

උපෙක්ඛුපවිචාරයෝ (උපේක්‍ෂා සහගත විචාරණයෝ) සදෙනෙක: ඇසින් රූපයක් දැක උපේක්‍ෂාවට කරුණු වූ රූපයෙකි යි පිරිසිඳී. කනින් හඬක් අසා උපේක්‍ෂාවට කරුණු වූ හඬෙකැයි පිරිසිඳී, නැහැයෙන් ගඳක් අගා උපේක්‍ෂාවට කරුණු වූ ගඳෙකැ යි පිරිසිඳී, දිවෙන් රසක් විඳ උපේක්‍ෂාවට කරුණු වූ රසෙකැ යි පිරිසිඳී. කයින් හැපෙන දැයක් පැහැසැ උපේක්‍ෂාවට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙකැ යි පිරිසිඳී. මනසින් දහමක් සිතා උපේක්‍ෂාවට කරුණු වූ දහමෙකැ යි පිරිසිඳියි.

ඡ සාරාණීයා ධම‍්මා: ඉධාවුසො භික‍්ඛුනො මෙත‍්තං කායකම‍්මං පච‍්චුපට‍්ඨිතං හොති සබ්‍රහ‍්මචාරීසු ආවී චෙව රහො ච. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො, සංගහාය අවිවාදාය අවිහෙසාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

සාරාණීය (සංරඤ්ජනීය) ධර්‍ම සයෙක: ඇවැත්නි, මෙහි මහණක්හුගේ මෛත්‍රී සහගත කායකර්‍මය සබ්රම්සරුවන් කෙරෙහි ප්‍රකට ව ද රහසේ ද එළැඹ සිටියේ වෙයි. මේ සාරාණීය ධර්‍මය ද … ප්‍රිය කරන (ප්‍රිය කටයුත්තකු කරන), ගරුකරන (ගරු කටයුත්තකු කරන) මේ සාරාණීය ධර්‍මය ද සගැන්ම පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස ඒකීභාවය (එක්මුතු බව) පිණිස පවතී.

පුන චපරං ආවුසො භික‍්ඛුනො මෙත‍්තං වචීකම‍්මං -පෙ-

ඇවැත්නි, තව ද මහණක්හුගේ මෛත්‍රීසහගත වාක්කර්‍මය …

මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං හොති සබ්‍රහ‍්මචාරීසු ආවී චෙව රහො ච, අයම‍්පි ධම‍්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත‍්තති.

මෛත්‍රීසහගත මනඃ කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි ප්‍රකට වත් අප්‍රකට වත් එළැඹ සිටියේ වෙයි ද, මේ සාරාණීය ධර්‍මය ද ප්‍රිය කටයුත්තකු කරන, ගරු කටයුත්තකු කරන, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, සමගිය පිණිස, ඒකීභාවය (එක්මුතුබව) පිණිස පවතී.

පුන චපරං ආවුසො භික‍්ඛුනො යෙ තෙ ලාභා ධම‍්මිකා ධම‍්මලද‍්ධා අන‍්තමසො පත‍්තපරියාපන‍්නමත‍්තම‍්පි, තථාරූපෙහි ලාභෙහි අප‍්පටිවිභත‍්තභොගී හොති සීලවන‍්තෙහි සබ්‍රහ‍්මචාරීහි සාධාරණභොගී, අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො, සඞ‍්ගහාය විවාදාය අවිහෙසාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

තවද ඇවැත්නි, මහණහට දැහැමි වූ දැහැමින් ලද, යටත් පිරිසෙයින් පාත්‍රයට අන්තර්‍ගත ප්‍රමාණ වූ ද යම් ලාභ කෙනෙක් වෙත් ද, එ බඳු වූ ලාභයන්හි ආමිස විසින් ද පුද්ගල විසින් ද බෙදීමක් නැති ව පරිභෝග කරනුයේ සිල්වත් සබ්රම් සරුවන් හා සාධාරණ පරිභෝගී ව වළඳන්න් වේ ද, මේ සාරානිය ධර්‍මය ප්‍රිය කටයුතු බව ඇති කරන, ගරු කටයුතු බව ඇති කරන, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, සමගිය පිණිස ඒකී භාවය (එක්මුතුබව) පිණිස පවතී.

පුන චපරං ආවුසො භික‍්ඛු යානි තානි සීලානි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි භුජිස‍්සානි විඤ‍්ඤුප‍්පසත්‍ථානි අපරාමට‍්ඨානි සමාධිසංවත‍්තනිකානි තථාරූපෙසු සීලෙසු සීලසාමඤ‍්ඤගතො විහරති සබ්‍රහ‍්මචාරීහි ආවි චෙව රහො ච. අයම‍්පි ධම‍්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත‍්තති.

තව ද ඇවැත්නි, අඛණ්ඩ වූ මුලින් හෝ අගින් නොසිඳුණු, අච්ඡිද්‍ර වූ (මැදින් නො සිඳුණු) අසබල වූ (පිළිවෙළින් සිකපද කිහිපයක් නො නොසිඳුණු) අකල්මාෂ වූ (අතරින් අතර සිකපද සිඳී නොගිය) භූජිෂ්‍ය වූ (තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණු) නුවණැත්තන් විසින් පසස්නා ලද්දා වූ, අපරාමෘෂ්ට වූ (තෘෂ්ණාදෘෂ්ට්‍යාදියෙන් ස්පර්‍ශ නොකරන ලද), කිසිවකු විසිනුත් දෝෂාරෝපණවශයෙන් ගැහැට කළ නොහැකි සේ වූ, සමාධිය පිණිස පවත්නාවූ යම් ශීලධර්‍ම කෙනෙක් ඇද්ද, මහණ තෙම එසේ වූ ශීල විෂයයෙහි සබරම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද ශීලසාමාන්‍යගත ව (ශීලයෙන් සමාන බවට පැමිණියේ) වෙසේ ද, මේ සාරාණීය ධර්‍මය ද ඒකීභාවය (එකමුතුබව) පිණිස පවතී.

පුන චපරං ආවුසො භික‍්ඛු යායං දිට‍්ඨි අරියා නිය්‍යාණිකා නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයාය, තථා රූපාය දිට‍්ඨියා දිසාට‍්ඨිමඤ‍්ඤගතො විහරති සබ්‍රහ‍්මචාරීහි ආවි චෙව රහො ච. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො, සඞ‍්ගහාය අවිවාදාය අවිහෙසාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

තව ද ඇවැත්නි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියෙක් එය පිළිපදනාහට මොනොවට දුක් නැසෙනු පිණිස පවතී ද මහණ තෙම එබඳු වූ සම්‍යග්දෘෂ්ටියෙන් සබ්රම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද දෘෂ්ටිසාමාන්‍ය ගත වැ (දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියෙක් වැ) වෙසෙයි ද, මේ සාරාණීය ධර්‍මය ද ප්‍රියත්‍වය ඇති කරනුයේ, ගරු කටයුතු බව ඇතිකරනුයේ වෙයි. සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, ඒකීභාවය පිණිස පවතී.

ඡ විවාදමූලානි: ඉධාවුසො භික‍්ඛු කොධනො හොති උපනාහී. යො සො ආවුසො භික‍්ඛු කොධනො හොති උපනාහී, සො සත්‍ථරි පි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙ පි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙ පි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සික‍්ඛාය පි න පරිපූරකාරී හොති.

විවාදමූල සයෙක: ඇවැත්නි, මෙහි මහණෙක් කිපෙන සුලු ද වෙර බැඳගන්නා සුලු ද වෙයි. ඇවැත්නි, යම් මහණෙක් කිපෙන සුලුත් වෙර බඳින සුලුත් වේ නම්, හේ ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂාවේ ද පරිපූරකාරී නො වෙයි.

යො සො ආවුසො භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- සික‍්ඛාය න පරිපූරකාරී, සො සඞ‍්ඝෙ විවාදං ජනෙති. යො හොති විවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. එවරූපඤ‍්චෙ තුම‍්හෙ ආවුසො විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ. තත්‍ර තුම‍්හෙ ආවුසො තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපඤ‍්චෙ තුම‍්හෙ ආවුසො විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ. තත්‍ර තුම‍්හෙ ආවුසො තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස පහානං හොති. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති.

ඇවැත්නි, යම් මහණෙක් ශාස්තෘහු කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ශික්‍ෂාවෙයි පරිපූරකාරී නො වෙයි ද, හේ සඟ මැද විවාද උපදවයි ද, - යම් විවාදයෙක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස වේ ද, දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ ද එබඳු විවාදයෙකි - ඇවැත්නි, ඉදින් මෙබඳු විවාද මූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ දක්නහු නම්, ඇවැත්නි, එහි තෙපි ලාමක වූ ඒ විවාද මූලය ම දුරැලනු පිණිස වෑයම් කරවු. ඇවැත්නි, ඉදින් තෙපි මෙබඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැරැ හෝ නො දක්නහු නම්, ඇවැත්නි, තෙපි එහි ලාමක වූ ඒ විවාදමූලය ම මත්තෙහි නො හටගැන්ම පිණිස පිළිපදනාහු නම්, මෙසේ මේ ලාකම විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි, මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නො ඉපැද්ම වෙයි.

පුන චපරං ආවුසො භික‍්ඛු මක‍්ඛී හොති පලාසී -පෙ- ඉස‍්සුකී හොති මච‍්ඡරී -පෙ- සඨො හොති මායාවී -පෙ- පාපිච‍්ඡො හොති මිච‍්ඡාදිට‍්ඨී සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානගාහී දුස‍්සටිනිස‍්සග‍්ගී. යො සො ආවුසො භික‍්ඛු සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී, සො සත්‍ථරි පි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙ පි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සික‍්ඛාය පි න පරිපූරකාරී හොති. යො සො ආවුසො භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙ අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙ අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සික‍්ඛාය න පරිපූරකාරී, සො සඞ‍්ඝෙ විවාදං ජනෙති. යො හොති විවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. එවරූපං චෙ තුම‍්හෙ ආවුසො විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ ආවුසො තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම‍්හෙ ආවුසො විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ. තත්‍ර තුම‍්හෙ ආවුසො තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස පහානං හොති. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති.

තව ද අනෙකෙක් කියම්. ඇවැත්නි, මහණ තෙම මෙරමා ගුණ මකන සුලු වූයේ යුගග්‍රාහී (එකට එක කරන සුලු වූයේ) වේ. … ඊර්‍ෂ්‍යා කරන සුලු වූයේ මසුරු වූයේ වේ. … කෛරාටික වූයේ කළ වරද සඟොවන සුලු වේ. … තමා කෙරෙහි නැති ගුණයෙහි බුහුමන් කැමැත්තේ මිසදිටු වේ, … තමා ගත් දෘෂ්ටිය ම දැඩි කොට ගත්තේ දෘඪග්‍රාහී වූයේ ගන්නා ලද්ද බැහැර කරනු නො හැක්කේ වේ. ඇවැත්නි, යම් මහණෙක් තමා ගත් දෘෂ්ටිය ම දැඩි කොට ගත්තේ දෘඪග්‍රාහී වූයේ ගන්නා ලද්ද බැහැර කරනු නො හැක්කේ වේ ද, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි පරිපූරකාරී නො වෙයි. ඇවැත්නි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ධර්‍මය කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, සඞ්ඝයා කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ශික්‍ෂායෙහි පරිපූරකාරීත් නො වෙයි ද, හේ සඞ්ඝයා අතුරෙහි විවාද උපදවයි. යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සැප පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වෙයි ද, එසේ වූ විවාදයෙකි. ඇවැත්නි, ඉදින් තෙපි මෙ බඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැර හෝ දක්නහු නම්, ඇවැත්නි, එහි තෙපි ඒ ලාමක විවාද මූලය ම දුරු කරනු පිණිස වෑයම් කරවු. ඇවැත්නි, ඉදින් මෙබඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැර හෝ නො දක්නාහු නම්, ඇවැත්නි, තෙපි එහි ඒ විවාද මූලය ම මත්තෙහි නො හට ගන්නා පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාකම වූ විවාදමූලයාගේ ප්‍රහාණය වේ, මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නො හටගැන්ම වේ.

ඡ ධාතුයො: පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ‍්ඤාණධාතු.

ධාතු සයෙක: පෘථිවි ධාතුව, අබ්ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව.

ඡ නිස‍්සරණියා ධාතුයො: ඉධාවුසො භික‍්ඛු එවං වදෙය්‍ය: මෙත‍්තා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. අථ ච පන මෙ බ්‍යාපාදො චිත‍්තං පරියාදාය තිට‍්ඨතී ති. සො ‘මා හෙවන‍්ති’ස‍්ස වචනීයො, මා’යස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො අනවකාසො යං මෙත‍්තාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය; අථ ච පනස‍්ස බ්‍යාපාදො චිත‍්තං පරියාදාය ඨස‍්සතී ති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො බ්‍යාපාදස‍්ස යදිදං මෙත‍්තා චෙතොවිමුත‍්තී’ති.

නිඃශරණීය ධාතු (අකුසලින් නික්මුණු ස්වභාව) සයෙක: ‘ඇවැත්නි, ඒකාන්තයෙන් මා විසින් මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිතය, බහුලී කෘතය, යානයක් බඳු ව කරන ලද්දේ ය. වාස්තුකෘත ය (ප්‍රතිෂ්ඨාවත් කරන ලද්දේ ය). අනුස්ථිත ය (සම්පූර්‍ණ කරන ලද්දේ ය), පරිචිත ය (පුරුදු කරන ලද්දේ ය), සුසමාරබ්ධ ය (මොනොවට සම්පූර්‍ණ කරන ලද්දේ ය). එතෙකුදු වුවත් ද්වේෂය මා සිත මැඩ ගෙන (ක්‍ෂීණ කොට) සිටී’ යැ යි මෙහි මහණක් මෙසේ කියන්නේ නම්, හෙතෙම ‘මෙසේ කියැ යුතු වන්නේය. ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කෙරේ වා (දොස නො නඟා වා), භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කිරීම (දොස් නැඟීම) නො මැනැව, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක, ඇවැත්නි, මෛත්‍රී චිත්ත විමුක්තිය (මෙත් වැඩීමෙන් අර්‍පණා වශයෙන් ලත් ත්‍රික චතුෂ්කධ්‍යාන) භාවිත කරන ලද කල්හි, බහුලීකෘත කල්හි, යානීකෘත කල්හි, වාස්තුකෘත කල්හි, අනුස්ථිත කල්හි, පරිචිත කල්හි, සුසමාරබ්ධ කල්හි, එසේ කරන ලද නුමුදු ව්‍යාපාදය ඔහුගේ සිත හාත්පසින් ගෙන (හෝ ඔහුගේ කුශල සිත ක්‍ෂීණ කොට) සිටී යන මෙ නො කරුණෙක, අවකාශ නැති එකෙක. මේ කාරණය නැත්තේ ය. ඇවැත්නි, මෛත්‍රී චිත්ත විමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය ව්‍යාපාදයාගේ නිඃශරණය (නික්මීම) වේ’ යැ යි මෙසේ ඔහුට කිය යුතු වන්නේ ය.

ඉධ පන ආවුසො භික‍්ඛු එවං වදෙය්‍ය:– කරුණා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. අථ ච පන මෙ විහෙසා චිත‍්තං පරියාදාය තිට‍්ඨතී ති, සො මා හෙවන‍්ති’ස‍්ස වචනීයො: මා’යස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො, අනවකාසො යං කරුණාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය අථ ච පනස‍්ස විහෙසා චිත‍්තං පරියාදාය ඨස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො විහෙසාය යදිදං කරුණා චෙතොවිමුත‍්ති.

‘ඇවැත්නි, මා විසින් කරුණා චිත්තවිමුක්තිය භාවිත ය (වඩන ලද්දේ ය), බහුලීකෘත ය (නැවැත නැවැත කරන ලද්දේ ය), යානීකෘත ය (යානයක් මෙන් කරන ලද්දේ ය), වාස්තුකෘත ය (වාස්තුවක් හෙවත් ප්‍රතිෂ්ඨාවක් කරන ලද්දේ ය), අනුෂ්ඨිත ය (පරිපූර්‍ණ කරන ලද්දේ ය), පරිචිත ය (පුරුදු කරන ලද්දේ ය), සුසමාරබ්ධ ය (මොනොවට වඩන ලද්දේ ය), එතෙකුදු වුවත් විහිංසා චේතනාව මා සිත හාත්පසින් ගෙන (හෝ මා කුසල් සිත ක්‍ෂීණ කොට ගෙන) සිටී යැ යි මහණෙක් මෙසේ කියන්නේ නම්, හෙ තෙම මෙසේ කිය යුතු (ඔහුට මෙසේ කියැ යුතු) වන්නේ ය, ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කෙරේ වා (දොස් නො නඟා වා), භාග්‍යවතුන් වහන්සේ ට අභ්‍යාඛ්‍යාන කිරීම (දොස් නැඟීම) නො මැනැව, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක. ඇවැත්නි, කරුණා චිත්තවිමුක්තිය වඩන ලද කල්හි, බහුල වශයෙන් කරන ලද කල්හි, යානයක් මෙන් කරන ලද කල්හි, වාස්තුකෘත (ප්‍රතිෂ්ඨාවක් කරන ලද) කල්හි, අනුෂ්ඨිත (පරිපූර්‍ණ කරන ලද) කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්‍ණ කරන ලද කල්හි, එසේ කරන ලද නමුත් විහිංසා චේතනාව ඔහුගේ සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මෙය නො කරුණෙක, අවකාශ නැත්තෙක. ඇවැත්නි, කරුණාචිත්තවිමුක්තිය යන මෙය විහිංසාවගේ නිඃශරණය (නික්මීම) යැ’ යි (හේ මෙසේ කියැ යුතු වන්නේය).

ඉධාවුසො භික‍්ඛු එවං වදෙය්‍ය: “මුදිතා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, අථ ච පන මෙ අරති චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”ති, සො ‘මා හෙවන‍්ති’ස‍්ස වචනීයො, මායස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො අනවකාසො යං මුදිතාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය, අථ ච පනස‍්ස අරති චිත‍්තං පරියාදාය ඨස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො අරතියා, යදිදං මුදිතා චෙතොවිමුත‍්ති.

‘ඇවැත්නි, මුදිතා චිත්තවිමුක්තිය මා විසින් වඩන ලද්දේ ය, බොහෝ සෙයින් කරන ලද්දේ ය, යානයක් බඳු කොට කරන ලද්දේ ය, වාස්තුකෘත ය (ප්‍රතිෂ්ඨාවක් කරන ලද්දේ ය), අනුෂ්ඨිත ය (වඩන ලද්දේ ය), පුරුදු කරන ලද්දේ ය, මොනොවට සම්පූර්‍ණ කරන ලද්දේ ය, එතෙකුදු වුවත් අරතිය (නො ඇල්ම) මා සිත හාත්පසින් ගෙන සිටී’ යැ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ ද, ‘එසේ නො කිය යුතු යැ’ යි හෙ තෙම කිය යුතු වන්නේ ය, ‘ආයුෂ්මත් තෙමේ එසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කෙරේ වා (දොස් නො නඟා වා), භාග්‍යවතුන් වහන්සේ ට අභ්‍යාඛ්‍යාන කිරීම (දොස් නැඟීම) නො මැනැව, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක. ඇවැත්නි, මුදිතා චිත්තවිමුක්තිය වඩන ලද කල්හි, බහුල වශයෙන් කරන ලද කල්හි, යානයක් බඳු කොට කරන ලද කල්හි, වාස්තුකෘත (ප්‍රතිෂ්ඨාවක් කරන ලද) කල්හි, අනුෂ්ඨිත (පරිපූර්‍ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්‍ණ කරන ලද කල්හි, එසේ කරන ලද නමුත්, අරතිය ඔහුගේ සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මෙය නො කරුණෙක, අවකාශ (කාරණ) නැත්තෙක. මෙ කරුණ නැත්තේ ය. ඇවැත්නි, මුදිතා චිත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය අරතියගේ නිඃශරණය යැ’ යි මෙසේ හෙ තෙම කියැ යුතු වන්නේය (ඔහුට කිය යුතු වන්නේ ය).

ඉධ පනාවුසො භික‍්ඛු එවං වදෙය්‍ය: උපෙක‍්ඛා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. අථ ච පන මෙ රාගො චිත‍්තං පරියාදාය තිට‍්ඨතී ති. සො ‘මා හෙවන‍්ති’ස‍්ස වචනීයො, මායස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං, ආවුසො අනවකාසො යං උපෙක‍්ඛාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය, අථ ච පනස‍්ස රාගො චිත‍්තං පරියාදාය ඨස‍්සතී ති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො රාගස‍්ස, යදිදං උපෙක‍්ඛා චෙතොවිමුත‍්ති.

‘ඇවැත්නි, උපේක්‍ෂා චිත්තවිමුක්තිය වූ කලි මා විසින් වඩන ලද්දේ ය, බහුල වශයෙන් කරන ලද්දේ ය, යානයක් සේ කරන ලද්දේ ය, වාස්තුවක් (ප්‍රතිෂ්ඨාවක්) කරන ලද්දේ ය, අනුෂ්ඨිත ය (පරිපූර්‍ණ) කරන ලද්දේ ය, පුරුදු කරන ලද්දේ ය, මොනොවට සම්පූර්‍ණ කරන ලද්දේ ය, එතෙකුදු වුවත් රාගය මා සිත හාත්පසින් ගෙන සිටී’ යැ යි මෙහි භික්‍ෂු නමෙක් මෙසේ කියන්නේ වී නම්, ‘එසේ නො කිය යුතු යැ’ යි හේ කිය යුතු වන්නේ ය, ‘ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කෙරේ වා (දොස් නො කියා වා), භාග්‍යවතුන් වහන්සේ ට අභ්‍යාඛ්‍යාන කිරීම නො මැනැව, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක. ඇවැත්නි, උපේක්‍ෂා චිත්තවිමුක්තිය වඩන ලද කල්හි, බහුල කොට කරන ලද කල්හි, යානයක් මෙන් කරන ලද කල්හි, වාස්තුවක් (ප්‍රතිෂ්ඨාවක්) කරන ලද කල්හි, අනුෂ්ඨිත (පරිපූර්‍ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්‍ණ කරන ලද කල්හි, එසේ කරන ලද කල්හි පවා ඔහුගේ සිත රාග තෙමේ හාත්පසින් ගෙන සිටින්නේ ය යන මෙය නො කරුණෙක, අවකාශ නැත්තෙක. මේ කාරණය අවිද්‍යාමාන ය, ඇවැත්නි, උපේක්‍ෂා චිත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය රාගයාගේ නිඃශරණය යැ’ යි හෙ තෙම කියැ යුතු වන්නේය (ඔහුට කිය යුතු වන්නේ ය).

ඉධාවුසො භික‍්ඛු එවං වදෙය්‍ය “අනිමිත‍්තා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. අථ ච පන මෙ තං නිමිත‍්තානුසාරි විඤ‍්ඤාණං හොතී’ති. සො ‘මා හෙවන‍්ති’ස‍්ස වචනීයො. මායස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං. න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො අනවකාසො යං අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය, අථ ච පනස‍්ස නිමිත‍්තානුසාරි විඤ‍්ඤාණං භවිස‍්සතී ති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො සබ‍්බනිමිත‍්තානං යදිදං අනිමිත‍්තා චෙතොවිමුත‍්ති.

‘ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තිය (රහත්පල සමවත) මා විසින් වඩන ලද්දේ ය, බහුල වශයෙන් කරන ලද්දේ ය, යානයක් සේ කරන ලද්දේ ය, වාස්තු කරන ලද්දේ ය, අනුෂ්ඨාන කරන ලද්දේ ය, මොනොවට සම්පූර්‍ණ කරන ලද්දේ ය, එතෙකුදු වුවත් මගේ ඒ සිත (රාගනිමිත්තාදි) නිමිති අනුව යන්නේ වේ යැ’ යි කියන්නේ නම්, ‘එසේ නො කියා වා යැ’ යි හේ කිය යුතු වන්නේ ය. ‘ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන (දෝෂාරෝපණ) නො කෙරේ වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කිරීම නො මැනැව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක. ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තිය වඩන ලද කල්හි, බහුල වශයෙන් කරන ලද කල්හි, යානයක් බඳු කරන ලද කල්හි, වාස්තුවක් (ප්‍රතිෂ්ඨාවක්) කරන ලද කල්හි අනුෂ්ඨිත (සම්පූර්‍ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්‍ණ කරන ලද කල්හි, එසේ කරන ලද නුමුදු ඔහුගේ සිත නිමිති අනුව යන්නෙක් වන්නේ යැ යන මෙය නොකරුණෙක, මෙය අවකාශ (කරුණු) නැති එකෙක. මේ කාරණය විද්‍යාමාන නො වේ. ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තියෙක් වේ ද, මෙය සියලු නිමිතීන්ගේ නික්මීමෙක් වේ යැ’ යි මෙසේ හෙ තෙම කිය යුතු වන්නේය.

ඉධ පනාවුසො භික‍්ඛු එවං වදෙය්‍ය අස‍්මීති ඛො මෙ විගතං අයමහමස‍්මීති න සමනුපස‍්සාමි. අථ ච පන මෙ විචිකිච‍්ඡා කථංකථාසල‍්ලං චිත‍්තං පරියාදාය තිට‍්ඨතීති. සො මා හෙව’න‍්තිස‍්ස වචනීයො, ‘මායස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො යං අස‍්මීති විගතෙ අයමහමස‍්මීති අසමනුපස‍්සතො, අථ ච පනස‍්ස විචිකිච‍්ඡාකථංකථාසල‍්ලං චිත‍්තං පරියාදාය ඨස‍්සතී’ති, නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො විචිකිච‍්ඡාකථංකථාසල‍්ලස‍්ස, යදිදං අස‍්මීති මානස‍්ස සමුග‍්ඝාතො.

‘ඇවැත්නි, මෙහි මහණෙක් ‘මම වෙමි’ යි මගේ අස්මිමානය පහ විය. ‘මේ මම් වෙමි’ යි නො දකිමි. එතෙකුදු වුවත් විචිකිච්ඡාව වූ ‘කෙසේ ද? කෙසේ ද? යන’ ශාංකා හුල තෙම මගේ හාත් පසින් ගෙන සිටී යැ’ යි මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියන්නැ’ යි හෙතෙම කියැ යුතු වන්නේ ය. ‘ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො කියන්න, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නො මැනැව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක, ඇවැත්නි, ‘වෙමි’ යි අස්මිමානය පහ වූ කල්හි, ‘මේ මම් වෙමි’ යි නො දක්නාහට (මෙසේ සැකයක් පහළ වී යන) මෙය නො කරුණෙක, මෙය අවකාශ නැත්තෙක. එතෙකුදු වුවත් විචිකිච්ඡාව වූ කථංකථාසල්ලය ඔහු සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මේ කාරණය අවිද්‍යාමාන ය. කවර හෙයින? යම් අස්මි මානයාගේ මුලින් සිඳීමෙක් වේ ද, මෙය විචිකිච්ඡා සංඛ්‍යාත කථංකථාශල්‍යයාගේ නිඃශරණය (නික්මීම) වේ යැ’ යි හේ කියැ යුතු වන්නේ ය.

ඡ අනුත‍්තරියානි: දස‍්සනානුත‍්තරියං, සවනානුත‍්තරියං, ලාභානුත‍්තරියං, සික‍්ඛානුත‍්තරියං, පාරිචරියානුත‍්තරියං, අනුස‍්සතානුත‍්තරියං.

අනුත්තරිය (එයට වඩා උතුම් දෑ යැ යි කියැ යුතු කිසිත් නැති) ධර්‍ම සයෙක: අනුත්තරිය දර්‍ශනය (උසස් ම දැක්ම), අනුත්තරිය ශ්‍රවණය (උතුම් ම ඇසීම), අනුත්තරිය ලාභය (උතුම් ම ලැබීම), අනුත්තරිය ශික්‍ෂාව (උතුම් ම හික්මීම), අනුත්තරිය පාරිචර්‍ය්‍යාව (උතුම් ම උවටන), අනුත්තරිය අනුස්මතිය (උතුම් ම සිහි කිරීම).

ඡ අනුස‍්සතිට‍්ඨානානි: බුද‍්ධානුස‍්සති, ධම‍්මානුස‍්සති, සඞ‍්ඝානුස‍්සති, සීලානුස‍්සති, චාගානුස‍්සති, දෙවතානුස‍්සති.

අනුස්මෘතිස්ථාන (සිහිකිරීම්) සයෙක: බුද්ධානුස්මෘතිය, ධර්‍මානුස්මෘතිය, සඞ්ඝානුස්මෘතිය, ශීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය.

ඡ සතතවිහාරා: ඉධාවුසො භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො ච විහරති සතො සම‍්පජානො. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො ච විහරති සතො සම‍්පජානො.

සතතවිහාර (රහත්හුගේ නිත්‍ය විහරණ) සයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම ඇසින් රූපයක් දැක සතුටු ද නො ම වෙයි, නොසතුටු ද නො ම වෙයි. එළැඹ සිටි සිහි ඇත්තේ, නුවණින් යුක්ත වූයේ, අරමුණු මැදහත් වැ දකිනුයේ වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අගා … දිවින් රසක් විඳ … කයින් හැපෙන දෑ පැහැසැ … මනසින් දහම් අරමුණක් සිතා සතුටු ද නො ම වෙයි, නොසතුටු ද නො ම වයි, එළැඹ සිටි සිහි ඇත්ත නුවණින් යුක්ත වූයේ අරමුණ මැදහත් වැ දකිනුයේ වෙසෙයි.

ඡළාභිජාතියො: ඉධාවුසො එකච‍්චො කණ‍්හ භිජාතිකො සමානො කණ‍්හං ධම‍්මං අභිජායති. ඉධාවුසො එකච‍්චො කණ‍්හාභිජාතිකො සමානො සුක‍්කං ධම‍්මං අභිජායති. ඉධාවුසො එකච‍්චො කණ‍්හාභිජාතිකො සමානො අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති. ඉධාවුසො එකච‍්චො සුක‍්කාභිජාතිකො සමානො සුක‍්කං ධම‍්මං අභිජායති. ඉධාවුසො එකච‍්චො සුක‍්කාභිජාතිකො සමානො කණ‍්හං ධම‍්මං අභිජායති. ඉධාවුසො එකච‍්චො සුක‍්කාභිජාතිකො සමානො අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති.

අභිජාති (ඉපැදුම්) සයෙක: ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත ඇත්තේ (හීන කුලයෙහි උපන්නේ) ම කළු දහම් (දස අකුසල්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත් ඇත්තේ ම (හීන කුලයෙහි උපන්නේ ම) සුදු දහම් (පින්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත් ඇත්තේ ම කළු ද නොවූ සුදු ද නොවූ නිවන් දහම් උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ (උසස් කුලෙහි උපන්නේ ම) සුදු දහම් (පින්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ ම (උසස් කුලෙහි උපන්නේ ම), කළු දහම් (පව්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ ම නොකළු නොසුදු නිවන උපදවයි.

ඡ නිබ‍්බෙධභාගියා සඤ‍්ඤා: අනිච‍්චසඤ‍්ඤා, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤා, දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤා, පහානසඤ‍්ඤා, විරාගසඤ‍්ඤා, නිරොධසඤ‍්ඤා.

නිර්වේධභාගික (නිවන් බජන, නිවන් කරා එළැඹෙන) ධර්‍ම සයෙක: අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්මසංඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව (නිරෝධානුපස්සනා ඤාණයෙහි සංඥාව).

ඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන ඡ ධම‍්මා සම‍්මදක‍්ඛාතා, තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සදෙනෙක් ධර්‍මයෝ මොනොවට වදාරන ලද්දාහු වෙත්. එහි සියල්ලන් විසින් ම … එක් වැ ගැයිය යුතු ය. එය …. දෙව් මිනිස්නට හිත පිණිස, සුව පිණිස වන්නේ ය.

සත‍්තකං

සප්තකය

13. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සත‍්ත ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

13. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත් දහම් කෙනෙක් මොනොවට වදාරන ලද්දාහු වෙත්. එහි සියල්ලන් විසින් ම එක් ව ගැයිය යුතු … එය ... දෙව් මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.

කතමෙ සත‍්ත:

කවර දහම් සත් දෙනෙක් ද? යත්:

සත‍්ත අරියධනානි: සද‍්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත‍්තප‍්පධනං, සුතධනං, චාගධනං, පඤ‍්ඤාධනං.

ආර්‍ය ධන සතෙක: ශ්‍රද්ධාධනය, ශීලධනය, හ්රිධනය, අපත්‍රපාධනය, ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය.

සත‍්ත සම‍්බොජ‍්ඣඞ‍්ගා: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො, විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.

සම්බෝධ්‍යඞ්ග සතෙක: ස්මෘතිසම්බොධ්‍යඞ්ගය, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය, වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය, ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය, සමාධිසම්බෝධ්‍යඞ්ගය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය.

සත‍්ත සමාධිපරික‍්ඛාරා: සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො, සම‍්මාවායාමො, සම‍්මාසති.

සමාධිපරිෂ්කාර ධර්‍ම (සමාධියට පිරිවර වූ දහම්) සතෙක: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය.

සත‍්ත අසද‍්ධම‍්මා: ඉධාවුසො භික‍්ඛු අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තප‍්පී හොති, අප‍්පස‍්සුතො හොති, කුසීතො හොති, මුට‍්ඨස‍්සති හොති, දුප‍්පඤ‍්ඤො හොති.

අසද්ධර්‍ම (ලාමක දෑ) සතෙක: ඇවැත්නි, මෙහි මහණෙක් සැදැහැ නැත්තේ වෙයි, පවට ලජ්ජා නැත්තේ වෙයි, පවට බිය නැත්තේ වෙයි, අල්පශ්‍රැත (දහම් නොඋගත්තේ) වෙයි, අලස වෙයි, නටුවාවූ සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා නැත්තේ වෙයි.

සත‍්ත සද‍්ධම‍්මා: ඉධාවුසො භික‍්ඛු සද‍්ධො හොති, හිරිමා හොති, ඔත‍්තප‍්පී හොති, බහුස‍්සුතො හොති, ආරද‍්ධවිරියො හොති, උපට‍්ඨිතස‍්සති හොති, පඤ‍්ඤවා හොති.

සද්ධර්‍ම සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම සැදැහැ ඇත්තේ වෙයි, පවට ලජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි, සම්පූර්‍ණ කරන ලද වීර්‍ය්‍ය ඇත්තේ වෙයි, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි.

සත‍්ත සප‍්පුරිසධම‍්මා: ඉධාවුසො භික‍්ඛු ධම‍්මඤ‍්ඤූ ච හොති, අත්‍ථඤ‍්ඤූ ච, අත‍්තඤ‍්ඤූ ච, මත‍්තඤ‍්ඤූ ච, කාලඤ‍්ඤූ ච, පරිසඤ‍්ඤූ ච, පුග‍්ගලඤ‍්ඤූ ච.

සත්පුරුෂ ධර්‍ම සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ධර්‍මඥ (සූත්‍ර ගෙය ආදි දහම් පෙළ දන්නේ) ද වෙයි, අර්‍ත්‍ථඥ (වදාළ ධර්‍මයේ අර්‍ත්‍ථ දන්නේ) වෙයි, ආත්මඥ (ශීලාදියෙන් මම් මෙ පමණ ඇත්තෙමි යි තමා පමණ දන්නේ) වෙයි, මාත්‍රඥ (ප්‍රත්‍යය පිළිගැනුම් වැළැඳුම් දෙකේ පමණ දන්නේ) වෙයි, කාලඥ (පරිපුච්ඡාදියට කල් දන්නේ) වෙයි. පර්ෂජඥ (අට වැදෑරුම් පිරිස දන්නේ) වෙයි, පුද්ගලඥ (සෙවියැ යුතු නොසෙවියැ යුතු පුඟුලන් දන්නේ) වෙයි.

සත‍්ත නිද‍්දසවත්‍ථූනි: ඉධාවුසො භික‍්ඛු සික‍්ඛාසමාදානෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච සික‍්ඛාසමාදානෙ අවිගතපෙමො. ධම‍්මනිසන‍්තියා තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච ධම‍්මනිසන‍්තියා අවිගතපෙමො. ඉච‍්ඡාවිනයෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච ඉච‍්ඡාවිනයෙ අවිගතපෙමො. පටිසල‍්ලානෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච පටිසල‍්ලානෙ අවිගතපෙමො. විරියාරම‍්භෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච විරියාරම‍්භෙ අවිගතපෙමො. සතිනෙපක‍්කෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච සතිනෙපක‍්කෙ අවිගතපෙමො. දිට‍්ඨිපටිවෙධෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච දිට‍්ඨිපටිවෙධෙ අවිගතපෙමො.

නිර්දශ වස්තු සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම ශික්‍ෂා සමාදානයෙහි දැඩි කැමැත්තේ මත්තෙහිදු ශික්‍ෂා සමාදානයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ධර්‍මනිශාන්තියෙහි (විදර්‍ශනායෙහි) දැඩි කැමැත්තේ මත්තෙහි ධර්‍මනිශාන්තියෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ඉච්ඡාවිනයෙහි (තෘෂ්ණාව දුරැලීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ඉච්ඡාවිනයයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ප්‍රතිසංල්ලයනයෙහි (එකලා වැ හිඳීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ප්‍රතිසංල්ලයනයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය පිරීමෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි දු වීර්‍ය්‍යය පිරීමෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් දැඩි කැමැත්තේ මත්තෙහි දු සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. දෘෂ්ටිප්‍රතිවේධයෙහි (මාර්‍ගදර්‍ශනයෙහි) දැඩි කැමැත්තේ මත්තෙහිදු දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

සත‍්ත සඤ‍්ඤා: අනිච‍්චසඤ‍්ඤා, අනත‍්තසඤ‍්ඤා, අසුභසඤ‍්ඤා, ආදීනවසඤ‍්ඤා, පහානසඤ‍්ඤා, විරාගසඤ‍්ඤා, නිරොධසඤ‍්ඤා.

සංඥා සතෙක: අනිත්‍යසංඥාව, අනාත්මසංඥාව, අශුභසංඥාව, ආදීනවසංඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව.

සත‍්ත බලානි: සද‍්ධාබලං, විරියබලං, හිරිබලං, ඔත‍්තප‍්පබලං, සතිබලං, සමාධිබලං, පඤ‍්ඤාබලං.

බල සතෙක: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, හ්රිබලය, අපත්‍රපාබලය, ස්මෘතිබලය, සමාධි බලය, ප්‍රඥාබලය.

සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො: සන‍්තාවුසො සත‍්තා නානත‍්තකායා නානත‍්තසඤ‍්ඤිනො, සෙය්‍යථාපි මනුස‍්සා එකච‍්චෙ ච දෙවා එකච‍්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ‍්ඤාණට‍්ඨිති.

විඥානස්ථිති සතෙක: ඇවැත්නි, මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ දැ යි කායනානාත්‍වය (කයින් වෙනස් බවද) ඇති සංඥානානාත්‍වය (ප්‍රතිසන්‍ධි සංඥා වශයෙන් උනුනට වෙනස් බව) ද ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු වැනි විඥාන ස්ථිතිය යැ.

සන‍්තාවුසො සත‍්තා නානත‍්තකායා එකත‍්තසඤ‍්ඤිනො සෙය්‍යථාපි දෙවා බ්‍රහ‍්මකායිකා පඨමාභිනිබ‍්බත‍්තා. අයං දුතියා විඤ‍්ඤාණට‍්ඨිති.

ඇවැත්නි, ලොවැ කල්පාරම්භසමයයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියෝ යම්සේ ද එසේ වූ කායනානාත්‍වය ඇති ප්‍රතිසන්‍ධිසංඥාඒකත්‍වය ඇති (එක ම වර්‍ගයේ ප්‍රතිසන්‍ධි සිතින් උපන්) සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි විඥාන ස්ථිතිය යැ.

සන‍්තාවුසො සත‍්තා එකත‍්තකායා නානත‍්තසඤ‍්ඤිනො, සෙය්‍යථාපි දෙවා ආභස‍්සරා. අයං තතියා විඤ‍්ඤාණට‍්ඨිති.

ඇවැත්නි, ආභාස්වරදෙවියන් සේ වූ කායෛකත්‍වය (එක් බඳු කය) ඇති, සංඥානානාත්‍වය (උත්පත්තිය සිදු කළ ප්‍රතිසන්‍ධිසංඥාවගේ විවිධතාව) ඇති සත්‍ව කෙනෙක් ඇත. මෙ තෙවෙනි විඥානස්ථිතිය යැ.

සන‍්තාවුසො සත‍්තා එකත‍්තකායා එකත‍්තසඤ‍්ඤිනො, සෙය්‍යථාපි දෙවා සුභකිණ‍්හා. අයං චතුත්‍ථි විඤ‍්ඤාණට‍්ඨිති.

ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ වූ කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවගේ ද ඒකත්‍වය ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සතර වැනි විඥානස්ථිතිය යැ.

සන‍්තාවුසො සත‍්තා සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනූපගා. අයං පඤ‍්චමී විඤ‍්ඤාණට‍්ඨිති.

ඇවැත්නි, රූපසංඥාවන් හැම ලෙසින් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරැ වැ යෑමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශප්‍රඥප්තිය අනන්තයැ යි දැක, එහි සිත පිහිටුවා, ආකාශානන්තායතන බඹ ලොවට පැමිණි සතාව කෙනෙක් ඇත. මේ පස්වැනි විඥානස්ථිතිය යැ.

සන‍්තාවුසො සත‍්තා සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනූපගා. අයං ඡට‍්ඨී විඤ‍්ඤාණට‍්ඨිති.

ඇවැත්නි, හැම ලෙසින් ම අනන්ත වූ කසිණුග්ඝාටිම ආකාරසාරම්මණය ඉක්මැ, (ආකාශානන්තායතන ධ්‍යාන) විඥානය අනන්තයැ යි ධ්‍යාන වඩා, විඥානන්තායතන බඹලොවට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි විඥානස්ථිතිය යැ.

සන‍්තාවුසො සත‍්තා සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනූපගා. අයං සත‍්තමී විඤ‍්ඤාණට‍්ඨිති.

ඇවැත්නි, හැම ලෙසින් ම විඥානන්තායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි බවා ආකිංචන්‍යායතන බඹලොවට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි විඥානස්ථිතිය යැ.

සත‍්ත පුග‍්ගලා දක‍්ඛිණෙය්‍යො: උභතොභාගවිමුත‍්තො, පඤ‍්ඤාවිමුත‍්තො, කායසක‍්ඛි, දිට‍්ඨිප‍්පත‍්තො, සද‍්ධාවිමුත‍්තො, ධම‍්මානුසාරී, සද‍්ධානුසාරී.

දක්‍ෂිණාර්‍හ පුද්ගලයෝ සත්දෙනෙක: උභතෝභාගවිමුක්තයා, ප්‍රඥාවිමුක්තයා, කායසාක්‍ෂිකයා, දෘෂ්ටිප්‍රාප්තයා, ශ්‍රද්ධාවිමුක්තයා, ධර්‍මානුසාරියා, ශ්‍රද්ධානුසාරියා.

සත‍්ත අනුසයා: කාමරාගානුසයො, පටිඝානුසයො, දිට‍්ඨානුසයො, විචිකිච‍්ඡානුසයො, මානානුසයො, භවරාගානුසයො, අවිජ‍්ජානුසයො.

අනුශය සතෙක: කාමරාගානුශය, ප්‍රතිඝානුශය, දෘෂ්ට්‍යානුශය, විචිකිත්සානුශය, මානානුශය, භවරාගානුශය, අවිද්‍යානුශය.

සත‍්ත සංයොජනානි: අනුනයසංයොජනං, පටිඝසංයොජනං, දිට‍්ඨිසංයොජනං, විචිකිච‍්ඡාසංයොජනං, මානසංයොජනං, භවරාගසංයොජනං, අවිජ‍්ජාසංයොජනං.

සංයෝජන සතෙක: අනුනයසංයෝජනය, ප්‍රතිඝසංයෝජනය, දෘෂ්ටිසංයෝජනය, විචිකිත්සාසංයෝජනය, මානසංයෝජනය, භවරාගසංයෝජනය, අවිද්‍යාසංයෝජනය.

සත‍්ත අධිකරණසමථා: උප‍්පන‍්නුප‍්පන‍්නානං අධිකරණානං සමථාය වූපසමාය සම‍්මුඛාවිනයො දාතබ‍්බො, සතිවිනයො දාතබ‍්බො, අමූළ‍්හවිනයො දාතබ‍්බො, පටිඤ‍්ඤාය කාරෙතබ‍්බං, යෙභුය්‍යසිකා, තස‍්සපාපිය්‍යසිකා, තිණවත්‍ථාරකො.

අධිකරණ ශමථ සතෙක: උපනුපන් අධිකරණයන්ගේ සන්සිඳීම පිණිස, ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියැ යුතු, සතිවිනය දියැ යුතු, අමූළ්හවිනය දියැ යුතු, ප්‍රතිඥායෙන් කැරැවියැ යුතු, යේභුය්‍යසිකාව, තස්සපාපිය්‍යසිකාව, තිණවත්‍ථාරකය (කැරැවිය යුතු).

ඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සත‍්ත ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සප්ත ධර්‍මයෝ මොහුය. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය … දෙවිමිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

අට‍්ඨකං

අෂ්ටකය

14. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන අට‍්ඨ ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

14. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද අෂ්ට ධර්‍ම කෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් මැ එක් වැ ගැයිය යුතු … එය දෙවිමිනිස්නට ප්‍රයෝජනන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ යි.

කතමෙ අට‍්ඨ?

කවර අට දෙනෙක් ද? යත්:

අට‍්ඨ මිච‍්ඡත‍්තා: මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාසංකප‍්පො, මිච‍්ඡාවාචා, මිච‍්ඡාකම‍්මන‍්තො, මිච‍්ඡාආජීවො, මිච‍්ඡාවායාමො, මිච‍්ඡාසති, මිච‍්ඡාසමාධි. (1)

මිථ්‍යාත්‍ව (මිථ්‍යා ස්වභාවයෝ) අටෙක: මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යාසංකල්පය, මිථ්‍යාවචනය, මිථ්‍යා කර්‍මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා ස්මෘතිය, මිථ්‍යා සමාධිය.

අට‍්ඨ සම‍්මත‍්තා: සම‍්මාදිට‍්ඨි, සම‍්මාසංකප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො, සම‍්මාවායාමො, සම‍්මාසති, සම‍්මාසමාධි. (2)

සම්‍යක්ත්‍ව (සම්‍යක් ස්වභාවයෝ) අටෙක: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය.

අට‍්ඨ පුග‍්ගලා දක‍්ඛිණෙය්‍යා: සොතාපන‍්නො, සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, සකදාගාමී, සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අනාගාමී, අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අරහා, අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො. (3)

දක්‍ෂිණාර්‍හ පුද්ගලයෝ අට දෙනෙක: සෝවාන් පුඟුලාය, සෝවාන් පලය පසක් කරනුවට පිළිපන් පුඟුලා ය, සෙදැගැමියා ය, සෙදගැමිඵලය පිණිස පිළිපන් පුඟුලා ය, අනැගැමියා ය, අනැගැමිපලය පිණිස පිළිපන් පුඟුලා ය, රහත් තෙමේ ය, රහත්පලය පිණිස පිළිපන් පුඟුලා ය.

අට‍්ඨ කුසීතවත්‍ථූනි: ඉධාවුසො භික‍්ඛුනා කම‍්මං කාතබ‍්බං හොති. තස‍්ස එවං හොති: කම‍්මං ඛො මෙ කාතබ‍්බං භවිස‍්සති, කම‍්මං ඛො පන මෙ කරොන‍්තස‍්ස කායො කිලමිස‍්සති, හන්‍දාහං නිපජ‍්ජාමී’ති සො නිපජ‍්ජති, න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං පඨමං කුසීතවත්‍ථු.

කුසීදවස්තු (කුසීදයාගේ කරුණු, කුසීද බවට කාරණ) අටෙක: ඇවැත්නි, මෙහි මහණහු විසින් (සිවුරු විචාරණාදි) කර්‍මයෙක් කළ යුතු වෙයි. මා විසින් කර්‍මයෙක් කළ යුතු වන්නේ ය. කර්‍මය කරන්නාවූ මගේ කය වෙහෙසන්නේ ය. එහෙයින් දැන් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ පළමු කුසීද වස්තුව ය.

පුන චපරං ආවුසො භික‍්ඛුනා කම‍්මං කතං හොති. තස‍්ස එවං හොති: අහං ඛො කම‍්මං අකාසිං, කම‍්මං ඛො පන මෙ කරොන‍්තස‍්ස කායො කිලන‍්තො, හන්‍දාහං නිපජ‍්ජාමීති. සො නිපජ‍්ජති න විරියං ආරභති -පෙ- ඉදං දුතියං කුසීතවත්‍ථු.

තව ද අනෙකෙකි. ඇවැත්නි, මහණහු විසින් කර්‍මයෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වහනාහි කර්‍මයක් කෙළෙමි. කර්‍මය කරන්නාවූ මගේ කය වෙහෙසුණේ ය. එ බැවින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි … වැර නො වඩයි. මේ දෙවෙනි කුශීද වස්තුව ය.

පුන චපරං ආවුසො භික‍්ඛුනා මග‍්ගො ගන‍්තබ‍්බො හොති. තස‍්ස එවං හොති: මග‍්ගො ඛො මෙ ගන‍්තබ‍්බො භවිස‍්සති, මග‍්ගං ඛො පන මෙ ගච‍්ඡින‍්තස‍්ස කායො කිලමිස‍්සති, හන්‍දාහං නිපජ‍්ජාමී’ති. සො නිපජ‍්ජති න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං තතියං කුසීතවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහු විසින් මඟ යෑ යුතු වෙයි ‘මා විසින් මඟ යෑ යුතු ය, මඟ යන මගේ වූ කලි කය වෙහෙසෙන්නේ ය. එහෙයින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි, නො පැමිණි ධ්‍යානාදියෙක් පැමිණෙනුවට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ හේ වැර නො වඩයි. මේ තෙවෙනි කුශීද වස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛුනා මග‍්ගො ගතො හොති. තස‍්ස එවං හොති. අහං ඛො මග‍්ගං අගමාසිං, මග‍්ගං ඛො පන මෙ ගච‍්ඡින‍්තස‍්ස කායො කිලන‍්තො. හන්‍දාහං නිපජ‍්ජාමීති. සො නිපජ‍්ජති න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං චතුත්‍ථං කුසීතවත්‍ථු.

තව ද අනෙකෙකි. ඇවැත්නි, මහණහු විසින් මඟ යන ලද්දේ වෙයි. ‘මම් වූ කලි මඟ ගියෙමි. මඟ යන්නා වූ මගේ කය ඒකාන්තයෙන් වෙහෙසුණේ ය. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදැ හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීම පිණිස හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැ නො වඩයි. මේ සිවුවැනි කුශීද වස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛු ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො න ලභති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො නාලත්‍ථං ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස මෙ කායො කිලන‍්තො අකම‍්මඤ‍්ඤො. හන්‍දාහං නිපජ‍්ජාමී’ති. සො නිපජ‍්ජති, න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං පඤ‍්චමං කුසීතවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමෙක හෝ නියම් ගමෙක පිඬු පිණිස හැසිරෙන්නේ රූක්‍ෂ වූ ප්‍රණීත වූ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ‘මම් වූ කලි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම් සෑහෙන පමණ, (කුස පිරෙන පමණ) රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුනක් නො ලද්දෙමි. ඒ මගේ කය ක්ලාන්ත ය, අකර්‍මණ්‍ය ය (පණ නැත). එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ පස් වැනි කුශීද වස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛු ගාමංවා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො ලභති ළූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො අලත්‍ථං ළූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස මෙ කායො ගරුකො අකම‍්මඤ‍්ඤො. මාසාචිතං මඤ‍්ඤෙ. හන්‍දාහං නිපජ‍්ජාමී’ති. සො නිපජ‍්ජති. න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං ඡට‍්ඨං කුසීතවත්‍ථු.

තව ද අනෙකෙක: ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ රූක්‍ෂ හෝ ප්‍රණීත ආහාර සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. ‘මම් ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ කය තෙත් මෑ සේ බර ය, අකර්‍මණ්‍ය ය. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදැ හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණෙන්නට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ ස වැනි කුශීද වස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛුනො උප‍්පන‍්නො හොති අප‍්පමත‍්තකො ආබාධො. තස‍්ස එවං හොති: ‘උප‍්පන‍්නො ඛො මෙ අප‍්පමත‍්තකො ආබාධො. අත්‍ථි කප‍්පො නිපජ‍්ජිතුං, හන්‍දාහං නිපජ‍්ජාමී’ති. සො නිපජ‍්ජති න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං සත‍්තමං කුසීතවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහට අල්පමාත්‍ර වූ ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට අල්පමාත්‍ර ආබාධයෙක් උපන. වැදැ හෝනට සුදුසු බව ඇත. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහු මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට, නොලත් ධ්‍යානාදියක් ලබන්නට, නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරන්නට වැර නො වඩයි. මේ සත්වැනි කුශීද වස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛු ගිලානා වුට‍්ඨිතො හොති, අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා. තස‍්ස එවං හොති: අහං ඛො ගිලානා වුට‍්ඨිතො අචිතවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා, තස‍්ස මෙ කායො දුබ‍්බලො අකම‍්මඤ‍්ඤො, අත්‍ථි කප‍්පො නිපජ‍්ජිතුං හන්‍දාහං නිපජ‍්ජාමී’ති. සො නිපජ‍්ජති න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං අට‍්ඨමං කුසීතවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගිලන් බැවින් නැඟී සිටියේ වෙයි, ගිලන් බැවින් නැඟී නො බෝ කල් ඇත්තේ වෙයි. ඔහුට, ‘මම් වනාහි ගිලන් බැවින් නැඟී සිටියෙම්, ගිලන් බැවින් නැඟී සිටි නො බෝ කල් ඇත්තෙම් වෙමි. ඒ මාගේ කය දුර්‍වල ය, අකර්‍මණ්‍ය ය, වැද හෙනුවට සුදුසු බව ඇත. එ බැවින් මම් වැද හෙමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ අට වැනි කුශීද වස්තුව යැ.

අට‍්ඨ ආරම‍්භවත්‍ථූනි: ඉධාවුසො භික‍්ඛුනා කම‍්මං කාතබ‍්බං හොති. තස‍්ස එවං හොති: ‘කම‍්මං ඛො මෙ කාතබ‍්බං භවිස‍්සති, කම‍්මං ඛො පන මෙ කරොන‍්තෙන න සුකරං බුද‍්ධානං සාසනං මනසි කාතුං, හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං පඨමං ආරම‍්භවත්‍ථු.

ආරම්භවස්තු (වීර්‍ය්‍යයට කරුණු) අටෙක: ඇවැත්නි, මහණක්හු විසින් කර්‍මයෙක් කළ යුතු වෙයි. ‘මා විසින් වූ කලී කර්‍මයෙක් කළ යුතු වන්නේ ය. කර්‍මයක් කරන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැක්ක. එ හෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනු පිණිස, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හෙ තෙම නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පළමු වන ආරම්භවස්තුව යැ.

පුන චපරං ආවුසො, භික‍්ඛුනා කම‍්මං කතං හොති. තස‍්ස එවං හොති: අහං ඛො කම‍්මං අකාසිං. කම‍්මං ඛො පනාහං කරොන‍්තො නාසක‍්ඛිං බුද‍්ධානං සාසනං මනසි කාතුං. හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං දුතියං ආරම‍්භවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් කර්‍මයෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වූ කලි කර්‍මයක් කෙළෙමි. මම් කර්‍මය කරනුයෙම්, බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි, එ හෙයින් මම් නො පැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නො ලත් ධ්‍යානාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ දෙවෙනි ආරම්භ වස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛුනා මග‍්ගො ගන‍්තබ‍්බො හොති. තස‍්ස එවං හොති: ‘මග‍්ගො ඛො මෙ ගන‍්තබ‍්බො භවිස‍්සති. මග‍්ගං ඛො පන මෙ ගච‍්ඡන‍්තෙන න සුකරං බුද‍්ධානං සාසනං මනසිකාතුං. හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං තතියං ආරම‍්භවත්‍ථු.

missing trans

පුන චපරං ආවුසො භික‍්ඛුනා මග‍්ගො ගතො හොති තස‍්ස එවං හොති: ‘අහං ඛො මග‍්ගං අගමාසිං. මග‍්ගං ඛො පනාහං ගච‍්ඡන‍්තො නාසක‍්ඛිං බුද‍්ධානං සාසනං මනසිකාතුං, හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය, ඉදං චතුත්‍ථං ආරම‍්භවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යෑ යුතු වෙයි. ‘මා විසින් වූ කලි මඟෙක් යෑ යුතු වෙයි. මඟ යන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු නො වේ. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, නොපසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමඩ වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීම, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ සතර වැනි ආරම්භවස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛු ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො න ලභති ළූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො නාලත්‍ථං ළූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථුං පාරිපූරිං. තස‍්ස මෙ කායො ලහුකො කම‍්මඤ‍්ඤො. හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං පඤ‍්චමං ආරම‍්භවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ඔහුට, ‘මම් ගමැ හෝ නියම් ගමැ හෝ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ හෝ ප්‍රණීත හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලද්මි, ඒ මගේ කය හෑල්ලු යැ, කර්‍මණ්‍ය යැ. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පස් වන ආරම්භවස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛු ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො ලභති ළූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො අලත්‍ථං ළූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස මෙ කායො බලවා කම‍්මඤ‍්ඤො. හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං ඡට‍්ඨං ආරම‍්භවත්‍ථු .

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුනක් සෑහෙන පමණ. කුස පිරෙන පමණ ලබයි. ‘මම් වනාහි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ හෝ ප්‍රණීත වූ බොජුනක් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ කය ශක්තිමත් ය, කර්‍මණ්‍ය ය. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නො ලත් ධ්‍යානාදිය ලබන්නට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ සවැනි ආරම්භවස්තුව යැ.

පුන චපරං ආවුසො භික‍්ඛුනො උප‍්පන‍්නො හොති අප‍්පමත‍්තකො ආබාධො තස‍්ස එවං හොති: ‘උප‍්පන‍්නො ඛො මෙ අයං අප‍්පමත‍්තකො. ආබාධො ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ ආබාධො පවඩ‍්ඪෙය්‍ය, හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං සත‍්තමං ආරම‍්භවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ම වෙයි. මගේ ආබාධය වැඩෙන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන ය, එ බැවින් නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නො ලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට මම් වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නො කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ සත් වැනි ආරම්භවස්තුවය යැ.

පුන චපරං ආවුසො භික‍්ඛු ගිලානා වුට‍්ඨිතො හොති අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා. තස‍්ස එවං හොති: ‘අහං ඛො ගිලානා වුට‍්ඨිතො අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ ආබාධො පච‍්චුදාවත‍්තෙය්‍ය, හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං අට‍්ඨමං ආරම‍්භවත්‍ථු.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගිලන් බැවින් නැගී සිටියේ, ගිලන් බැවින් නැගී සිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ‘මම් වූ කලි ගිලන් බැවින් නැඟී සිටියෙම්, ගිලන් බැවින් නැඟීසිටි නොබෝ කල් ඇත්තෙම් වෙමි. මගේ මේ ආබාධය වටාලා නැඟී එන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන ය. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නො කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, නොපසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ අටවැනි ආරම්භවස්තුව යැ.

අට‍්ඨ දානවත්‍ථූනි: ආසජ‍්ජ දානං දෙති. භයා දානං දෙති. ‘අදාසි මෙ’ති දානං දෙති, ‘දස‍්සති මෙ’ති දානං දෙති. ‘සාහු දානන‍්ති දානං දෙති, ‘අහං පචාමි, ඉමෙ න පචන‍්ති, නාරහාමි පචන‍්තො අපචන‍්තානං දානං න දාතු’න‍්ති දානං දෙති. ‘ඉදං මෙ දානං දදතො කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡතී’ති දානං දෙති. චිත‍්තාලඞ‍්කාරචිත‍්තපරික‍්ඛාරත්‍ථං දානං දෙති.

දානවස්තු (දීමට කරුණු) අටෙක: පැමිණි අමුත්තාට වහා දන් දෙයි. බිය හේතු කොට ගෙන දන් දෙයි. ‘මට මේ තෙම දුන්නේ යැ’ යි දන් දෙයි. ‘මට දෙන්නේ යැ’ යි දන් දෙයි. ‘දීම මැනැව’ යි සලකා දන් දෙයි. ‘මම් පිසමි, මොහු නො පිසත්, මම් පිසන්නෙම් නො පිසන්නනට දන් නොදෙන්නට නො සුදුස්සෙමි’ යි දන් දෙයි. ‘මෙ දන් දෙන මා පිළිබඳ යහපත් කීර්තිශබ්දයෙක් උස් වැ නැඟේ’ යැයි දන් දෙයි. ශමථවිදර්‍ශනා සිතට සැරසිල්ලක් කොට, ශමථ විදර්‍ශනා සිතට පිරිවර පිණිස දන් දෙයි.

අට‍්ඨ දානූපපත‍්තියො: ඉධාවුසො එකච‍්චො දානං දෙති. සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. සො යං දෙති තං පච‍්චාසිංසති. සො පස‍්සති ඛත‍්තියමහාසාලං වා බ්‍රාහ‍්මණමහාසාලං වා ගහපතිමහාසාලං වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතං සමඞ‍්ගීභූතං පරිචාරයමානං. තස‍්ස එවං හොති ‘අහොවතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා ඛත‍්තියමහාසාලානං වා බ්‍රාහ‍්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය’න‍්ති. සො තං චිත‍්තං දහති, තං චිත‍්තං අධිට‍්ඨාති, තං චිත‍්තං භාවෙති. තස‍්ස තං චිත‍්තං හීනෙ’ධිමුත‍්තං උත‍්තරිං අභාවිතං තත්‍රුපපත‍්තියා සංවත‍්තති. තඤ‍්ච ඛො සීලවතො වදාමි නො දුස‍්සීලස‍්ස. ඉජ‍්ඣතාවුසො සීලවතො චෙතොපණිධි විසුද‍්ධත‍්තා.

දානෝප්පත්ති (දාන හේතුයෙන් ඇතිවන දෙවෙනි භව) අටෙක: ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයන ආවාස පහන් තෙල් යන දානවස්තු දෙයි. හේ යමක් දෙන්නේ ද, එය ලබන්නට පතයි. හෙ තෙම පංච කාමගුණයන්ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ එහි ඉඳුරන් හසුරුවන (පස්කම් සුව විඳුනා) ක්‍ෂත්‍රිය මහාසාරයකු හෝ බ්‍රාහ්මණ මහාසාරයකු හෝ ගෘහපති මහාසාරයකු හෝ දකී. ‘මමත් කා බුන් මරණින් මතු ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ හෝ ඒකී භාවයට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ ඒ සිත පිහිටුවයි. ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ පංචකාම ගුණයන්හි ඇලුණු, මත්තෙහි නො වඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපැත්ම පිණිස පවතී. එ ද සිල්වත්හුගේ සිත ම ය, දුසිලක්හුගේ සිත නො වේ යැ යි කියම්. ඇවැත්නි, පිරිසිදු බැවින් සිල්වත්හුගේ වෙතස්ප්‍රණිධිය (පැතුම) සිද්ධ වේ.

පුන චපරං ආවුසො ඉධෙකච‍්චො දානං දෙති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං -පෙ- සෙය්‍යාවසථපදීපෙය්‍යං. සො යං දෙති තං පච‍්චාසිංසති. තස‍්ස සුතං හොති ‘චාතුම‍්මහාරාජිකා දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා’ති. තස‍්ස එවං හොති “අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා චාතුම‍්මහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍යන‍්ති”. සො තං චිත‍්තං දහති, තං චිත‍්තං අධිට‍්ඨාති, තං චිත‍්තං භාවෙති, තස‍්ස තං චිත‍්තං හීනෙ’ධිමුත‍්තං උත‍්තරිං අභාවිතං තත්‍රුපපත‍්තියා සංවත‍්තති. තඤ‍්ච ඛො සීලවතො වදාමි නො දුස‍්සීලස‍්ස. ඉජ‍්ඣතාවුසො සීලවතො චෙතොපණිධි විසුද‍්ධත‍්තා.

තව ද අනෙකක් කියමි. ඇවැත්නි, මෙහි එක්තරා පුගුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන … පහන්තෙල් යන මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද එය පතයි. සිවුමහරජයෙහි වැසි දෙවියෝ දීර්‍ඝායුෂ ඇත්තෝ යැ යි පැහැ සටහන් ඇත්තෝ යැ යි, සැප බහුල කොට ඇත්තෝ යැ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ‘කා බුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන් හා එක් වන බවට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ ඒ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ කම් සුවෙහි ඇලුණු, මත්තෙහි නො වඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපැත්ම පිණිස පවතී. ඒ ද සිල්වත්හුගේ සිත යැ යි, දුසිල්හුගේ සිත නො වේ යැ යි කියමි. ඇවැත්නි, පිරිසිදු බැවින් සිල්වත්හුගේ සිතේ පැතුම සිද්ධ වේ.

පුන චපරං ආවුසො ඉධෙකච‍්චො දානං දෙති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං -පෙ- සෙය්‍යාවසථපදීපෙය්‍යං. සො යං දෙති තං පච‍්චාසිංසති. තස‍්ස සුතං හොති තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම‍්මානරතී දෙවා -පෙ- පරනිම‍්මිතවසවත‍්තී දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා’ති. තස‍්ස එවං හොති ‘අහොවතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍යන‍්ති”. සො තං චිත‍්තං දහති තං චිත‍්තං අධිට‍්ඨාති, තං චිත‍්තං භාවෙති. තස‍්ස චිත‍්තං හීනෙ’ධිමුත‍්තං උත‍්තරිං අභාවිතං තත්‍රුපපත‍්තියා සංවත‍්තති. තඤ‍්ච ඛො සීලවතො වදාමි නො දුස‍්සීලස‍්ස. ඉජ‍්ඣතාවුසො සීලවතො චෙතොපණිධි විසුද‍්ධත‍්තා.

තව ද අනෙකෙක. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන … ශයන ආවාස පහන්තෙල් යන මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද එය පතයි. තව්තිසාවැසි දෙවියෝ … යාම දෙව්ලෝ වැසි දෙවියෝ … තුසී දෙව්ලෝ වැසි දෙවියෝ … නිර්‍මාණරති දෙව්ලොව වැසි දෙවියෝ … පරනිර්මිත වශවර්ත්ති දෙව්ලොව වැසි දෙවියෝ දීර්‍ඝායුෂ්කහ යි වර්‍ණවත් හ යි, සුඛ බහුල හ යි ඔහු විසින් අසන ලද්ද වෙයි. ‘කා බුන් මරණින් මතු පරනිර්මිත වශවර්ත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණියැ හෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ එ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ කම් සුවෙහි ඇලුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩන ලද්දේ එහි ඉපැත්ම පිණිස පවතී. ‘ඒ ද සිල්වත්හුගේ සිතය ය, දුසිල්හුගේ සිත නො වේ’ යැ යි කියමි. ඇවැත්නි, පිරිසිදු හෙයින් සිල්වත්හුගේ සිතැ පැතුම සිදු වෙයි.

පුන චපරං ආවුසො ඉධෙකච‍්චො දානං දෙති සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. සො යං දෙති තං පච‍්චාසිංසති. තස‍්ස සුතං හොති ‘බ්‍රහ‍්මකායිකා දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා’ති. තස‍්ස එවං හොති ‘අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා බ්‍රහ‍්මකායිකානං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය’න‍්ති. සො තං චිත‍්තං දහති, තං චිත‍්තං අධිට‍්ඨාති, තං චිත‍්තං භාවෙති, තස‍්ස තං චිත‍්තං හීනෙ’ධිමුත‍්තං උත‍්තරිං අභාවිතං තත්‍රුපපත‍්තියා සංවත‍්තති. තඤ‍්ච ඛො සීලවතො වදාමි නො දුස‍්සීලස‍්ස, වීතරාගස‍්ස නො සරාගස‍්ස. ඉජ‍්ඣතාවුසො සීලවතො චෙතොපණිධි වීතරාගත‍්තා.

තව ද අනෙකෙක. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයන ආවාස පහන් තෙල් යම මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද, එය පතයි. ඔහු විසින් ‘බ්‍රහ්මකායික දෙවියෝ දීර්‍ඝායුෂ්ක හ, වර්‍ණවත් හ, සුව බහුල කොටැත්තෝ හ’ යි අසන ලද්දේ වෙයි. ‘මම් කා බුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණියැ හෙන්නෙම වීම් නම් යෙහෙකැ යි මෙසේ සිතෙක් ඔහුට වෙයි. ඒ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත පහත් බඹලොවෙහි ඇලුණේ, මත්තෙහි නො වඩනා ලද්දේ එහි ඉපැත්ම පිණිස පවතී. ඒ ද සිල්වත්හුගේ සිත යැ, දුසිල්හුගේ සිත නො වේ යැ’ යි කියමි. පහවූ රාගය ඇත්තහුගේ සිත ය, රාග සහිතයාගේ සිත නො වේ යැ යි කියමි. ඇවැත්නි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය (පැතුම) සිදු වෙයි. පහ වූ රාගය ඇති බැවිනි.

අට‍්ඨ පරිසා: ඛත‍්තියපරිසා, බ්‍රාහ‍්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා, චාතුම‍්මහාරාජිකපරිසා, තාවතිංසපරිසා, මාරපරිසා, බ්‍රහ‍්මපරිසා.

පිරිස් අටෙක: කැත් පිරිස, බමුණු පිරිස, ගැහැවි පිරිස, මහණ පිරිස,සිවුමහරැජි පිරිස, තව්තිසා දෙව් පිරිස, මර පිරිස, බඹ පිරිස.

අට‍්ඨ ලොකධම‍්මා: ලාභො ච, අලාභො ච, යසො ච, අයසො ච, නින්‍දා ච, පසංසා ච, සුඛඤ‍්ච, දුක‍්ඛඤ‍්ච.

ලෝකධර්‍ම අටෙක: ලාභය, අලාභය, යශස, අයශස, නින්‍දාව, ප්‍රශංසාව, සුඛය, දුඃඛය.

අට‍්ඨ අභිභායතනානි: අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.

අභිභායතන අටෙක: එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍ම වශයෙන් රූපසංඥා ඇත්තේ පිටත්හි සුවර්‍ණ හෝ දුර්වර්‍ණ හෝ පරිත්‍රාලම්බන වූ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ, ‘දනිමි යි, දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු වන අභිහායතනය යි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති අප‍්පමාණානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.

එකෙක් අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ නිමිත්තරූපයන් දකී. ඒ රූප මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිහායතනය යි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.

එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්‍මසංඥා නැත්තේ, පිටත්හි වූ සුවර්‍ණ හෝ දුර්වර්‍ණ වූ පරිත්‍රාලම්බන වූ පරිකර්‍ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණ මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිහායතනය යි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති අප‍්පමාණානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. ඉදං චතුත්‍ථං අභිභායතනං.

එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූප සංඥා නැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිභායතනය යි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති නීලානි නීලවණ‍්ණානි නීලනිදස‍්සනානි නීලනිභාසානි - සෙය්‍යථාපි නාම උම‍්මාපුප‍්ඵං නීලං නීලවණ‍්ණං නීලනිදස‍්සනං නීලනිභාසං සෙය්‍යථා වා පන තං වත්‍ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට‍්ඨං නීලං නීලවණ‍්ණං නීලනිදස‍්සනං නීලනිභාසං එවමෙවං අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති නීලානි නීලවණ‍්ණානි නීලනිදස‍්සනානි නීලනිභාසානි. තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී ති එවං සඤ‍්ඤී හොති. ඉදං පඤ‍්චමං අභිභායතනං.

එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති බාහිර වූ රූප දකී. නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති දිරමෙරලිය මලෙක් යම් සේ වේ ද, නිල් වූ නිල්වන් වූ නිල් දැකුම් ඇති, නිල් පැහැති, දෙපිට ම මට සිලිටි වූ කසීවතෙක් යම් සේ වේ ද, එසේ ම නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති නිල්පැහැති, බාහිර කසිණාලම්බන රූපයන් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ දකී. ඒ රූප අභිභවා ‘දනිමි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පස්වන අභිභායතනය යි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති පීතානි පීතවණ‍්ණානි පීතනිදස‍්සනානි පීතනිභාසානි. සෙය්‍යථාපි නාම කණිකාරපුප‍්ඵං පීතං පීතවණ‍්ණං පීතනිදස‍්සනං පීතනිභාසං, සෙය්‍යථා වා පන තං වත්‍ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට‍්ඨං පීතං පීතවණ‍්ණං පීතනිදස‍්සනං පීතනිභාසං. එවමෙව අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති පීතානි පීතවණ‍්ණානි පීතනිදස‍්සනානි පීතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. ඉදං ඡට‍්ඨං අභිභායතනං.

එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර වූ පීත වර්‍ණ රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන්පැහැති, පීතවර්‍ණ කිණිහිරි මලෙක් යම් බඳු වේ ද, දෙ පිට මට සිලිටි වූ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති පීතවර්‍ණ කසී වතෙක් හෝ යම්බඳු වේ ද, එසේ ම රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති, බාහිර පීතකසිණරූපයන් එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති ලොහිතකානි ලොහිතකවණ‍්ණානි ලොහිතකනිදස‍්සනානි ලොහිතකනිභාසානි. සෙය්‍යථාපි නාම බන්‍ධුජීවකපුප‍්ඵං ලොහිතකං ලොහිතකවණ‍්ණං ලොහිතකනිදස‍්සනං ලොහිතකනිභාසං, සෙය්‍යථා වා පන තං වත්‍ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට‍්ඨං ලොහිතකං ලොහිතකවණ‍්ණං ලොහිතකනිදස‍්සනං ලොහිතකනිභාසං. එවමෙවං අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති ලොහිතකානි ලොහිතකවණ‍්ණානි ලොහිතකනිදස‍්සනානි ලොහිතකනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී ති එවංසඤ‍්ඤී හොති. ඉදං සත‍්තමං අභිභායතනං.

එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත් පැහැ වූ බඳුවද මලෙක් යම් සේ වේ ද, දෙපස මට සිලිටි වූ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ කසීවතෙක් හෝ යම් සේ වේ ද, එසේ ම රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බාහිර රූපයන්, අධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැති එකෙක් දකී. ඔවුන් මැඩැ ‘දනිමි’ යි, ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභාතනය යි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති ඔදාතානි ඔදාතවණ‍්ණානි ඔදාතනිදස‍්සනානි ඔදාතනිභාසානි. සෙය්‍යථාපි නාම ඔසධීතාරකා ඔදාතා ඔදාතවණ‍්ණා ඔදාතනිදස‍්සනා ඔදාතනිභාසා, සෙය්‍යථා වා පන තං වත්‍ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට‍්ඨං ඔදාතං ඔදාතවණ‍්ණං ඔදාතනිදස‍්සනං ඔදාතනිභාසං. එවමෙවං අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති ඔදාතානි ඔදාතවණ‍්ණානි ඔදාතනිදස‍්සනානි ඔදාතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී ති එවංසඤ‍්ඤී හොති. ඉදං අට‍්ඨමං අභිභායතනං.

එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූප සංඥා නැත්තේ සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති වූ බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ සුදුවන් දැකුම් ඇති, සුදුපැහැ වූ, ඔෂධී තාරකාව යම් සේ ද, දෙපස මට සිලිටි වූ, සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති කසී වතෙක් හෝ යම් සේ වේ ද එසේ ම සුදු වූ, සුදුවන් වූ, සුදු දැකුම් ඇති, සුදු පැහැ වූ, බාහිර කසිණරූපයන්, එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්ත වෙයි. මේ අටවන අභිභායතනය යි.

අට‍්ඨ විමොක‍්ඛා: රූපී රූපානි පස‍්සති. අයං පඨමො විමොක‍්ඛො.

විමෝක්‍ෂ අටෙක: රූපධ්‍යාන ඇත්තේ නීලකසිණරූපාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමුවන විමෝක්‍ෂය යි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති. අයං දුතියො විමොක‍්ඛො.

අධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්‍ෂය යි.

සුභන‍්තෙව අධිමුත‍්තො හොති. අයං තතියො විමොක‍්ඛො.

දහන් ඇසින් පිරිසිදු කසිණ අරමුණු දක්නේ ‘ශුභ යැ’ යි ම එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂය යි.

සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසො’ති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං චතුත්‍ථො විමොක‍්ඛො.

සර්‍ව ප්‍රකාරයෙන් රූප සංඥා ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වැ යෑමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සතරවන විමෝක්‍ෂය යි.

සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං පඤ‍්චමො විමොක‍්ඛො-

සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස් වන විමෝක්‍ෂය යි.

සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘නත්‍ථි කිඤ‍්චී’ති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං ඡට‍්ඨො විමොක‍්ඛො.

සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂය යි.

සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං සත‍්තමො විමොක‍්ඛො.

සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂය යි.

සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිත නිරොධං උපසම‍්පජ‍්ජ විහරති. අයං අට‍්ඨමො විමොක‍්ඛො.

සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂය යි.

ඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන අට‍්ඨ ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්ස විසින් මොනොවට වදාරන ලද අෂ්ට ධර්‍මයෝ මොහු ය. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය දෙව් මිනිස්නට ප්‍රයෝජනය පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

නවකං

නවකය

15. අත්‍ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන නව ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

15. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද නව ධර්‍ම කෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය දෙව් මිනිස්නට ප්‍රයෝජනය පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.

කතමෙ නව?

කවර ධර්‍ම නව දෙනෙක් ද? යත්:

නව ආඝාතවත්‍ථූනි: අනත්‍ථං මෙ අචරීති ආඝාතං බන්‍ධති, අනත්‍ථං මෙ චරතීති ආඝාතං බන්‍ධති. අනත්‍ථං මෙ චරිස‍්සතීති ආඝාතං බන්‍ධති පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි -පෙ- අනත්‍ථං චරති -පෙ- අනත්‍ථං චරිස‍්සතීති ආඝාතං බන්‍ධති, අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි -පෙ- අත්‍ථං චරති -පෙ- අත්‍ථං චරිස‍්සතීති ආඝාතං බන්‍ධති.

ආඝාත වස්තු (වෛරයට කරුණු) නවයෙක: මට අවැඩ කෙළේ යැ යි වෛර බඳී, මට දැන් අවැඩ කෙරේ යැයි වෛර බඳී, මට මතු අවැඩ කරතැ යි වෛර බඳී, මට ප්‍රිය මනාප පුද්ගලයාට අවැඩ කෙළේ යැ යි … දැන් අවැඩ කෙරේ යැ යි … මතු අවැඩ කරතැ යි වෛර බඳී. මට අප්‍රිය අමනාප පුද්ගලයාට වැඩ කෙළේ (අභිවෘද්ධිය සිදු කෙළේ) යැ යි … දැන් වැඩ කෙරේ යැ යි … මතු වැඩ කරතැ යි වෛර බඳී.

නව ආඝාතපටිවිනයා: අනත්‍ථං මෙ අචරී ති, තං කුතෙත්‍ථ ලබ‍්භා ති ආඝාතං පටිවිනෙති, අනත්‍ථං මෙ චරිස‍්සතී ති තං කුතෙත්‍ථ ලබ‍්භා ති ආඝාතං පටිවිනෙති, අනාත්‍ථං මෙ චරිස‍්සතී ති තං කුතෙත්‍ථ ලබ‍්භා ති ආඝාතං පටිවිනෙති, පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි -පෙ- අනත්‍ථං චරති -පෙ- අනත්‍ථං චරිස‍්සතීති තං කුතෙත්‍ථ ලබ‍්භා ති ආඝාතං පටිවිනෙති, අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි -පෙ- අත්‍ථං චරති -පෙ- අත්‍ථං චරිස‍්සතී ති, තං කුතෙත්‍ථ ලබ‍්භා ති ආඝාතං පටිවිනෙති.

අඝාතප්‍රතිවිනය (වෛර දුරැ ලන කරුණු) නවයෙක: හේ මට අවැඩ කෙළේ යැ යි (ඒ අවැඩ කිරීම නො වේ වා යි ඒ පුඟුලා කෙරෙහි) එය කොයින් ලද හැකි දැ යි සිතන්නේ වෛර දුරැ ලයි. හේ මට දැන් අවැඩ කෙරේ යැ යි එය ඔහු කෙරෙහි කොයින් ලද හැකි දැයි සිතන්නේ වෛර දුරැ ලයි. ඔහු මට මතු අවැඩ කරතැ යි යන එය (ඔහු කෙරෙහි) කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි. මගේ ප්‍රිය මනාප පුඟුලාට හේ අවැඩ කෙළේ යැ යි … හේ දැන් අවැඩ කෙරේ යැ යි … ඔහු මතු අවැඩ කරතැයි යන එය (ඔහු කෙරෙහි) කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි. මට අප්‍රිය වූ අමනාප වූ පුඟුලාට හේ වැඩ සිදු කෙළේ ය … දැන් වැඩ සිදු කෙරෙයි … මතු වැඩ සිදු කෙරෙතැ යි යන එය ඔහු කෙරේ කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි.

නව සත‍්තාවාසා: සන‍්තාවුසො, සත‍්තා නානත‍්තකායා නානත‍්ත සඤ‍්ඤිනො සෙය්‍යථාපි මනුස‍්සා එකච‍්චෙ ච දෙවා එකච‍්චෙ ච විනිපාතිකා. අයං පඨමො සත‍්තාවාසො.

සත්‍වාවාස (සත්‍වයනට වාසස්ථාවන) නවයෙක: ඇවැත්නි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සේ කයැ වෙනස් බව ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි ද වෙනස් බව ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු සත්‍වාවාසය යැ.

සන‍්තාවුසො, සත‍්තා නානත‍්තකායා එකත‍්තසඤ‍්ඤිනො සෙය්‍යථාපි. දෙවා බ්‍රහ‍්මකායිකා පඨමාභිනිබ‍්බත‍්තා. අයං දුතියො සත‍්තාවාසො.

ඇවැත්නි, කල්පාරම්භ සමයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියන් සේ කයින් වෙනස් වූ ප්‍රතිසන්‍ධිසංඥායෙන් සමාන වූ සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි සත්‍වාවාසය යැ.

සන‍්තාවුසො සත‍්තා එකත‍්තකායා නානත‍්තසඤ‍්ඤිනො සෙය්‍යථාපි දෙවා ආභස‍්සරා. අයං තතියො සත‍්තාවාසො.

ඇවැත්නි, ආභස්සර දෙවියන් සේ වූ කයැ සමාන බව් ඇති ප්‍රතිසන්‍ධිසංඥායෙහි වෙනස් බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි සත්‍වාවාසය යැ.

සන‍්තාවුසො, සත‍්තා එකත‍්තකායා එකත‍්තසඤ‍්ඤිනො සෙය්‍යථාපි දෙවා සුභකිණ‍්හා. අයං චතුත්‍ථො සත‍්තාවාසො.

ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද සමාන බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සිවුවැනි සත්‍වාවාසය යැ.

සන‍්තාවුසො, සත‍්තා අසඤ‍්ඤිනො අප‍්පටිසංවෙදිනො සෙය්‍යථාපි දෙවා අසඤ‍්ඤසත‍්තා. අයං පඤ‍්චමො සත‍්තාවාසො.

ඇවැත්නි, අසංඥසත්‍ව දෙවියන් සේ ප්‍රතිසන්‍ධිසංඥාව නැති, විඳුම් නැති සත්‍ව කෙනෙක් ඇත. මේ පස්වැනි සත්‍වාවාස යැ.

සන‍්තාවුසො, සත‍්තා සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසො ති ආකාසානඤ‍්චායතනූපගා. අයං ඡට‍්ඨො සත‍්තාවාසො.

ඇවැත්නි, හැම සැටියෙන් ම රූප සංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් අතුරුදහන් වීමෙන්, නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන්, ‘අහස අනන්ත යැ’ යි සමාධි වඩා ආකාසානඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි සත්‍වාවාසය යැ.

සන‍්තාවුසො, සත‍්තා සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤානණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනූපගා. අයං සත‍්තමො සත‍්තාවාසො.

ඇවැත්නි, හැම අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්ත යැ’ යි සමාධි වඩා විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි සත්‍වාවාසය යැ.

සන‍්තාවුසො, සත‍්තා සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනූපගා. අයං අට‍්ඨමො සත‍්තාවාසො.

ඇවැත්නි, හැම අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි සමාධි වඩා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ අටවැනි සත්‍වාවාසය යැ.

සන‍්තාවුසො, සත‍්තා සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගා. අයං නවමො සත‍්තාවාසො.

ඇවැත්නි, හැම අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤාසඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ නවවැනි සත්‍වාවාසය යි.

නව අක‍්ඛණා අසමයා බ්‍රහ‍්මචරියවාසාය: ඉධාවුසො, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති අරහං සම‍්මාසම‍්බුද‍්ධො, ධම‍්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බානිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො, අයං ච පුග‍්ගලො නිරයං උපපන‍්නො හොති. අයං පඨමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ අක්‍ෂණ නවයෙක: ඇවැත්නි, මෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙයි. කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙනැදෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙමේ නිරයට වන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නොසුදුසු කාලය වූ පළමු වැනි අක්‍ෂණ යැ.

පුන චපරං ආවුසො, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති අරහං සම‍්මාසම‍්බුද‍්ධො. ධම‍්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බානිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො. අයං ච පුග‍්ගලො තිරච‍්ඡානයොනිං උපපන‍්නො හොති. අයං දුතියො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය. -පෙ- පෙත‍්තිවිසයං උපපන‍්නො හොති. -පෙ- අසුරකායං උපපන‍්නො හොති. -පෙ- අඤ‍්ඤතරං දීඝායුකං දෙවනිකායං උපපන‍්නො හොති. -පෙ- පච‍්චන‍්තිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති මිලක‍්ඛෙසු අවිඤ‍්ඤාතාරෙසු යත්‍ථ නත්‍ථි ගති භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං ඡට‍්ඨො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

තව ද අනෙකක් කියම්. ඇවැත්නි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත දහම ද දෙසෙයි. එහෙත් මේ පුඟුල් තෙමේ තිරිසන් යෝනියට පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාලය වූ දෙවෙනි අක්‍ෂණය යැ. … ප්‍රේත ලෝකයට පැමිණියේ වෙයි … … අසුර නිකායයට පැමිණියේ වෙයි … … දීර්‍ඝායුෂ්ක දේවනිකායකට පැමිණියේ වෙයි … යම් තැනෙක මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හැසිරීමෙක් නැති, පව් පින් දන්නවුන් නැති ප්‍රත්‍යන්තයෙහි වූ ම්ලෙච්ඡ ජනපදයන්හි උපන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාලය වූ සවැනි අක්‍ෂණය වෙයි.

පුන චපරං ආවුසො, තථාගතොච ලොකෙ උප‍්පන‍්නො හොති අරහං සම‍්මාසම‍්බුද‍්ධො. ධම‍්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බානිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො. අයං ච පුග‍්ගලො මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති. සො ච හොති මිච‍්ඡාදිට‍්ඨිකො විපරීතදස‍්සනො නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති. අයං සත‍්තමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

තව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. එහෙත් හෙ තෙමේ ‘දුන් දැයෙහි පල නැත, යාගයෙහි (මහ දන් හි) පල නැත, පූජායෙහි පල නැත, සුකෘත දුෂ්කෘත (කුශලාකුශල) කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙ ලොව නැත, පර ලොව නැත, මවට කළ සත්කාරයෙහි පල නැත, පියාට කළ සත්කාරයෙහි පල නැත, උපපාදුක (කම් වූ පරිදි මැරී උපදනා) සත්‍වයෝ නැත, සම කෙනෙක් මෙ ලොව ද පර ලොව ද තුමූ වෙසෙසි නුවණින් දැන, පසක් කොට පවසන්නාහු නම්, එසේ වූ සම්‍යග්ගත (නො වැරැදි මගින් ගිය) සම්‍යක්ප්‍රතිපන්න (නොවැරැදි මඟැ පිළිපන්) මහණ බමුණෝ ලෙව්හි නැතැ යි ගත් පෙරැළුණු දෘෂ්ටි ඇති මිසදිටුවෙක් වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසය පිණිස නො සුදුසු කාල වූ සත්වැනි අක්‍ෂණය වෙයි.

පුන චපරං ආවුසො, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති අරහං සම‍්මාසම‍්බුද‍්ධො. ධම‍්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බානිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො. අයං ච පුග‍්ගලො මජ‍්ඣිමෙසු ජනපදෙසුපච‍්චාජාතො හොති. සො ච හොති දුප‍්පඤ‍්ඤො ජළො එළමූගො න පටිබලො සුභාසිතදුබ‍්භාසිතානමත්‍ථමඤ‍්ඤාතුං. අයං අට‍්ඨමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

තව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. එහෙත් හේ නුවණ නැති, ජඩ වූ, කෙළතොලු වූ මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට ප්‍රතිබල නො වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ අටවැනි අක්‍ෂණය වේ.

පුන චපරං ආවුසො, තථාගතො ච ලොකෙ න උප‍්පන‍්නො හොති අරහං සම‍්මාසම‍්බුද‍්ධො. ධම‍්මො ච න දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බානිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො. අයං ච පුග‍්ගලො මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති. සො ච හොති පඤ‍්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිතදුබ‍්භාසිතානමත්‍ථමඤ‍්ඤාතුං. අයං නවමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

තව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ නො පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය වූ කලී නො දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. හේ ප්‍රඥා ඇත්තේ, ජඩ නො වූයේ, කෙළතොලු නො වූයේ, මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට සමර්‍ත්‍ථ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ නවවැනි අක්‍ෂණය වේ.

නව අනුපුබ‍්බවිහාරා: ඉධාවුසො, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

අනුපූර්‍ව විහාර නවයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන්ගෙන් වෙන් වැ මැ, විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුව හා ඇති පළමු දහන ලැබ වෙසෙයි.

විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් … දෙවෙනි දහන ලැබ වෙසෙයි.

පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

ප්‍රීතිය ද පහ වීමෙන් … තෙවෙනි දහන ලැබ වෙසෙයි.

සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

සුඛවේදනාව ද දුරැලීමෙන් … සතර වන දහන් ලැබ වෙසෙයි.

සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති.

හැම ලෙසින් රූපප සංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝ සංඥාවන් අතුරුදහන් වීමේන, නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි (සමාධි වඩා) ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.

සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති.

හැම ලෙසින් ආකාසානඤ්චායතන ඉක් මැ, විඥානය අනන්ත යැ යි (සමාධි වඩා) විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.

සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති.

හැම ලෙසින් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි (සමාධි වඩා) ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.

සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති.

හැම ලෙසින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.

සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති.

හැම ලෙසින් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි.

නව අනුපුබ‍්බනිරොධා: පඨමං ඣානං සමාපන‍්නස‍්ස කාමසඤ‍්ඤා නිරුද‍්ධා හොති. දුතියං ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරා නිරුද‍්ධා හොන‍්ති. තතියං ඣානං සමාපන‍්නස‍්ස පීති නිරුද‍්ධා හොති. චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස අස‍්සාසපස‍්සාසා නිරුද‍්ධා හොන‍්ති. ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤා නිරුද‍්ධා හොති. විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස ආකාසානඤ‍්චායතනසඤ‍්ඤා නිරුද‍්ධා හොති. ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා නිරුද‍්ධා හොති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුද‍්ධා හොති. සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස සඤ‍්ඤා ච වෙදනා ච නිරුද‍්ධා හොන‍්ති.

අනුපූර්‍ව නිරෝධ (පිළිවෙළින් නිරුද්ධ වීම්) නවයෙක: ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට කාම සංඥාව නිරුද්ධ වෙයි. ද්වීතිය ධ්‍යානයට සමවන්නහුට විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධ වෙයි. චතුර්‍ත්‍ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව නිරුද්ධ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවනුනහුට සංඥාව ද වේදනාව ද නිරුද්ධ වේ.

ඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන නව ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

ඇවැත්නි, මොහු දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද නව ධර්‍මයෝ යැ. එහි සියල්ලන් විසින් ම සමග වැ ගැයියැ යුතු. එය … දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස පවතී.

දසකං

දශකය

16. අත්‍ථි ඛො ආවුසො, තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන දස ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං -පෙ- අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

16. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දශ ධර්‍මයෝ ඇත. එහි සියල්ලන් විසින් සමග වැ ගැයියැ යුතු … එය දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස සුව පිණිස වෙයි.

කතමෙ දස?

කවර දශධර්‍ම කෙනෙක් ද යත්:

දස නාථකරණා ධම‍්මා: ඉධාවුසො, භික‍්ඛු සීලවා හොති. පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී. සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. යං ආවුසො භික‍්ඛු සීලවා හොති, පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. අයම‍්පි ධම‍්මො නාථකරණො.

නාථකරණ (තම හට පිහිට සලසන) ධර්‍ම දශයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලෙයන් හැවුරුණේ, ආචාර ගෝචර සම්පන්න වැ ස්වල්පමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුලු වැ වෙසෙයි. සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් හැවුරුණේ ආචාර ගෝචර දෙකින් යුතු වැ, ස්වල්පමාත්‍ර දෝෂයන්හි ද බිය දක්නා සුලු වැ වෙසෙයි, සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මෙයි’ යන යමෙක් ඇද්ද, මෙය ද නාථකරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො, භික‍්ඛු බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො. යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සබ්‍යඤ‍්ජනා කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථාරූපා’ස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. යම‍්පාවුසො, භික‍්ඛු බහුස‍්සුතො හොති -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා, අයම‍්පි ධම‍්මො නාථකරණො.

ඇවැත්නි, තව ද අනෙකෙක. මහණ තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි, ඇසූ දහම් සිතැ දරන්නේ වෙයි, ඇසූ දහම් සිතින් රැස් කොට ගන්නේ වෙයි. ආදියෙහි යහපත් වූ, මැද යහපත් වූ, අවසනැ යහපත් වූ, අර්‍ත්‍ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ යම් ධර්‍ම කෙනෙක් හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එසේ වූ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු, වචනයෙන් දරන ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් පුන පුනා විමසන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි … දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත් යන මේද ද නාථකරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො, භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කෙ. යම‍්පාවුසො, භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. අයම‍්පි ධම‍්මො නාථකරණො.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහලුවන් ඇත්තේ, කලණ මිතුරනට ම නැමුණේ වෙයි. ඇවැත්නි, මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහලුවන් ඇත්තේ, කලණ මිතුරනට ම නැමුණේ වේ යන යමෙක් ඇද්ද, මෙය ද නාථකරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො, භික‍්ඛු සුවචො හොති සොවචස‍්සකරණෙහි ධම‍්මෙහි සමන‍්නාගතො ඛමො පදක‍්ඛිණග‍්ගාහී අනුසාසනිං. යම‍්පාවුසො, භික‍්ඛු සුවචො හොති -පෙ- පදක‍්ඛිණග‍්ගාහී අනුසාසනිං. අයම‍්පි ධම‍්මො නාථකරණො.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි. සුවච බව කරන දහමුන්ගෙන් යුක්ත වූයේ, ඉවසනුයේ කරන අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි, ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි … අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වේ යන යමෙක් වේ ද, මේ ද නාථ කරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො, භික‍්ඛු යානි තානි සබ්‍රහ‍්මචාරීනං උච‍්චාවචානි කිංකරණීයානි, තත්‍ථ දක‍්ඛො හොති අනලසො තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම‍්පාවුසො, භික‍්ඛු යානි තානි සබ්‍රහ‍්මචාරීනං -පෙ- අලං සංවිධාතුං. අයම‍්පි ධම‍්මො නාථකරණො.

තව ද අනෙකෙක. ඇවැත්නි, කුම් කෙරෙම් දැ යි අසා කළ යුතු වූ සබරම්සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එහි දක්‍ෂ ද අනලස් ද එයට උපාය මාර්‍ග වූ නුවණින් සමන්‍විත ද, එය කරනුයෙහි සමර්‍ත්‍ථ ද එය පිළිබඳ විචාරණයෙහි සමර්‍ත්‍ථ ද වෙයි. ඇවැත්නි, … සබ්රම්රුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද … එය පිළිබඳ විචාරණයෙහි සමර්‍ත්‍ථ ද වේ යන යමෙක් ඇද්ද, මෙයත් නාථකරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො, භික‍්ඛු ධම‍්මකාමො හොති පියසමුදාහාරො අභිධම‍්මෙ අභිවිනයෙ උළාරපාමොජ‍්ජො. යම‍්පාවුසො, භික‍්ඛු ධම‍්මකාමො හොති -පෙ- අභිධම‍්මෙ අභිවිනයෙ උළාරපාමොජ‍්ජො, අයම‍්පි ධම‍්මො නාථකරණො.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි, ප්‍රිය සමුදාහර (කියන දහම් සකසා ඇසීමත් උගත් බණ පරනට දෙසනු රිසියත්) ඇත්තේ වෙයි. අභිධර්‍මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි. ඇවැත්නි, මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි. … අභිධර්‍මයෙහි අභිවිනයෙයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො, භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි. යම‍්පාවුසො, භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි. අයම‍්පි ධම‍්මො නාථකරණො.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ඉතරෙතර (ලැබුණු යම් කවර හෝ) චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන්ගෙන් සතුටු වෙයි. ඇවැත්නි, මහණ තෙම ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වේ යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො, භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය, ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. යම‍්පාවුසො, භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති -පෙ- අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. අයම‍්පි ධම‍්මො නාථකරණො.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ අකුසල් දහමුන් පහ කරනුවට, කසුල් දහමුන් පිළිලබනුවට, ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ, කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. ඇවැත්නි, මහණ තෙමේ … ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ … කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො, භික‍්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. යම‍්පාවුසො, භික‍්ඛු සතිමා හොති -පෙ- සරිතා අනුස‍්සරිතා. අයම‍්පි ධම‍්මො නාථකරණො.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ කලකට පෙරැ කළ දෑ ද බොහෝ කලකට පෙරැ කී දෑ ද සිහි කරනුයේ, පුන පුනා සිහි කරනුයේ, උතුම් ම සිහියෙන් ද ස්ථානෝචිත ප්‍රඥායෙන් ද සමන්‍විත වූයේ ස්මෘතිමත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ … සිහි කරනුයේ පුන පුනා සිහිකරනුයේ, ස්මෘතිමත් වෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථ කරණ ධර්‍මයෙක.

පුන චපරං ආවුසො භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. යම‍්පාවුසො, භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. අයම‍්පි ධම‍්මො නාථකරණො.

තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ (සංස්කාරයන්ගේ) ඉපැත්ම ද නැස්ම ද පිරිසිඳිනු සමත් වූ, ලෝභස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක්වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ, ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ (සංස්කාරයන්ගේ) ඉපැත්මත් වැනැස්මත් පිරිසිඳිනු සමත් වූ, ලෝභස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ ප්‍රඥාවත් වේ’ යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.

දස කසිණායතනානි: පඨවීකසිණමෙකො සඤ‍්ජානාති උද‍්ධං අධො තිරියං අද‍්වයං අප‍්පමාණං. ආපොකසිණමෙකො සඤ‍්ජානාති -පෙ- තෙජොකසිණමෙකො සඤ‍්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ‍්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ‍්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ‍්ජානාති -පෙ- ලොහිතකසිණමෙකො සඤ‍්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ‍්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ‍්ජානාති විඤ‍්ඤාණකසිණමෙකො සඤ‍්ජානාති උද‍්ධං අධො තිරියං අද‍්වයං අප‍්පමාණං.

කසිණායතන දශයෙක: එකෙක් උඩ යට සරසැ දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ පඨවිකසිණය හඳුනයි. එකෙක් … ආපෝකසිණය හඳුනයි, එකෙක් … තේජෝකසිණය හඳුනයි, එකෙක් … වායෝකසිණය හඳුනයි. එකෙක් … නීලකසිණය හඳුනයි. එකෙක් … පීතකසිණය හඳුනයි. එකෙක් … ලෝහිතකසිණය හඳුනයි. එකෙක් … ඕදාතකසිණය හඳුනයි. එකෙක් … ආකාසකසිණය හඳුනයි. එකෙක් උඩ යට සරස දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ විඤ්ඤාණකසිණය (කසිණුග්ඝාටිමාකාසය අරමුණු කරන සිත) හඳුනයි.

දස අකුසලකම‍්මපථා: පාණාතිපාතො, අදින‍්නාදානං, කාමෙසුමිච‍්ඡාචාරො, මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම‍්ඵප‍්පලාපො, අභිජ‍්ඣා, බ්‍යාපාදො, මිච‍්ඡාදිට‍්ඨි.

අකුශල කර්‍මපථ දශයෙක: ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමයන්හි වරදවා හැසිරීම, මුසා බස් බිණීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, ප්‍රලාප දෙඩීම, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය.

දස කුසලකම‍්මපථා: පාණාතිපාතා වෙරමණී, අදින‍්නාදානා වෙරමණී, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම‍්ඵප‍්පලාපා වෙරමණී, අනභිජ‍්ඣා, අබ්‍යාපාදො, සම‍්මාදිට‍්ඨි.

කුශල කර්‍මපථ දශයෙක: පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, ප්‍රලාප දෙඩීමෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය.

දස අරියවාසා: ඉධාවුසො, භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති ඡළඞ‍්ගසමන‍්නාගතො එකාරක‍්ඛො චතුරාපස‍්සෙනො පනුන‍්නපච‍්චෙකසච‍්චො සමවයසට‍්ඨෙසනො අනාවිලසංකප‍්පො පස‍්සද‍්ධකායසංඛාරො සුවිමුත‍්තචිත‍්තො, සුවිමුත‍්තපඤ‍්ඤො.

ආර්‍ය්‍යවාස (උතුමන්ගේ විසුම්) දශයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ අඞ්ග පසෙකින් විප්‍රයුක්ත වූයේ, අඞ්ග සයෙකින් සමන්‍විත වූයේ, එක් ම ආරක්‍ෂාවක් ඇත්තේ, අපශ්‍රයණ අතරක් ඇත්තේ, මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙකසත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ, නො කැළැඹුණු කල්පනා ඇත්තේ, සංහිඳුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිත් ඇත්තේ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.

කථඤ‍්ච ආවුසො, භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති: ඉධාවුසො, භික‍්ඛුනො කාමච‍්ඡන්‍දො පහීනො හොති, බ්‍යාපාදො පහීනො හොති, ථිනමිද‍්ධං පහීනං හොති, උද‍්ධච‍්චකුකුච‍්චං පහීනං හොති, විචිකිච‍්ඡා පහීනා හොති. එවං ඛො ආවුසො භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති.

ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග පසෙකින් විප්‍රයුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි. ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථීනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අංග පසෙකින් විප්‍රයුක්ත වෙයි.

කථඤ‍්ච ආවුසො, භික‍්ඛු ඡළඞ‍්ගසමන‍්නාගතො හොති: ඉධාවුසො, භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො ච විහරති සතො සම‍්පජානො. එවං ඛො ආවුසො භික‍්ඛු ඡළඞ‍්ගසමන‍්නාගතො හොති.

ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග සයෙකින් සමන්‍විත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක වැ වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අඝා, … දිවින් රසක් විඳ, … කයින් හැපෙන දැයක් පැහැසැ, … මනසින් දහම් අරමුණක් සිතා නො ම සතුටු ද වෙයි, නො වෙයි, සිහි ඇත්තේ, නුවණින් ම නොසතුටු ද දන්නේ, උපේක්‍ෂක ද වැ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ අඞ්ග සයෙකින් සමන්‍විත වෙයි.

කථඤ‍්ච ආවුසො, භික‍්ඛු එකාරක‍්ඛො හොති: ඉධාවුසො, භික‍්ඛු සතාරක‍්ඛෙන චෙතසා සමන‍්නාගතො හොති. එවං ඛො ආවුසො, භික‍්ඛු එකාරක‍්ඛො හොති.

ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ එක ම ආරක්‍ෂාවක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ සිහිය ම ආරක්‍ෂාව කොටැති සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.

කථඤ‍්ච ආවුසො, භික‍්ඛු චතුරාපස‍්සෙනො හොති, ඉධාවුසො, භික‍්ඛු සඞ‍්ඛායෙකං පරිසෙවති, සඞ‍්ඛායෙකං අධිවාසෙති, සඞ‍්ඛායෙකං විනොදෙති, සඞ‍්ඛායෙකං පරිවජ‍්ජෙති. එවං ඛො ආවුසො, භික‍්ඛු චතුරාපස‍්සෙනො හොති.

ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ අපශ්‍රයණ (ආධාර) සතරක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා එකක් සෙවියි, නුවණින් බලා එකක් ඉවසයි, නුවණින් බලා එකක් පහ කරයි, නුවණින් බලා එකක් ඉවත් කෙරෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ අපශ්‍රයණ සතරක් ඇත්තේ වෙයි.

කථඤ‍්ච ආවුසො, භික‍්ඛු පනුන‍්නපච‍්චෙකසච‍්චො හොති, ඉධාවුසො, භික‍්ඛුනො යානි තානි පුථුසමණබ්‍රාහ‍්මණානං පුථුපච‍්චෙකසච‍්චානි සබ‍්බානි තානි නුන‍්නානි හොන‍්ති පනුන‍්නානි චත‍්තානි වන‍්තානි මුත‍්තානි පහීනානි පටිප‍්පස‍්සද‍්ධානි. එවං ඛො ආවුසො, භික‍්ඛු පනුන‍්නපච‍්චෙකසච‍්චො හොති-

ඇවැත්නි, කෙසේ නම්, මහණ තෙමේ මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, බොහෝ මහණ බමුණන්ගේ යම් බොහෝ ප්‍රත්‍යෙක සත්‍ය කෙනෙක් (මේ දර්‍ශනය ම සත්‍ය යැ’ යි වෙන වෙන ම ඒ ඒ මහණබමුණන් විසින් දැඩි කොට සත්‍ය වශයෙන් පිළිගන්නා ලද දෑ) වෙත් ද, මෙ සස්නැ මහණහු විසින් ඔහු හැම බැහැරැ කරන ලද්දාහු, දුරු කරන ලද්දාහු, හැර දමන ලද්දාහු, පහ කරන ලද්දාහු, මුදන ලද්දාහු, එ හෙයින් ම ප්‍රහීණ වූවාහු සංහිඳුණාහු වෙත්, ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම බැහැර කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වෙයි.

කථඤ‍්චාවුසො, භික‍්ඛු සමවයසට‍්ඨෙසනො හොති: ඉධාවුසො භික‍්ඛුනො කාමෙසනා පහීනා හොති, භවෙසනා පහීනා හොති, බ්‍රහ‍්මචරියෙසනා පටිප‍්පස‍්සද‍්ධා හොති. එවං ඛො ආවුසො, භික‍්ඛු සමවයසට‍්ඨෙසනො හොති.

ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම ඒෂණාව ප්‍රහීණ වෙයි, භව ඒෂණාව ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණාව සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට අනූන කොට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වෙයි.

කථඤ‍්චාවුසො, භික‍්ඛු අනාවිලසඞ‍්කප‍්පො හොති: ඉධාවුසො, භික‍්ඛුනො කාමසඞ‍්කප‍්පො පහීනො හොති, බ්‍යාපාදසඞ‍්කප‍්පො පහීනො හොති, විහිංසාසංකප‍්පො පහීනො හොති. එවං ඛො ආවුසො, භික‍්ඛු අනාවිලසඞ‍්කප‍්පො හොති.

ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො කැළැඹුණු කල්පනා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමසංකල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදසඞ්කල්පය ප්‍රහීණ වෙයි, විහිංසාසංකල්පය ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ නො කැලැඹුණු සංකල්ප ඇත්තේ වෙයි.

කථඤ‍්චාවුසො, භික‍්ඛු පස‍්සද‍්ධකායසඞ‍්ඛාරො හොති: ඉධාවුසො, භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එවං ඛො ආවුසො, භික‍්ඛු පස‍්සද‍්ධකායසඞ‍්ඛාරො හොති.

ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් සංහිඳුණු සංස්කාර ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සුඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛවේදනාවගේ ද ප්‍රහාණයෙන්, පළමු කොට ම සොම්නස් වේදනාවන් දුරු වීමෙන්, දුක් නොවූ සුව ද නොවූ උපේක්‍ෂාවගේ ද ස්මෘතියගේ ද පිරිසිදු බව ඇති සතර වන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ සංහිඳුණු කායසංස්කාරය ඇත්තේ වෙයි.

කථඤ‍්චාවුසො, භික‍්ඛු සුවිමුත‍්තචිත‍්තො හොති: ඉධාවුසො භික‍්ඛුනො රාගා චිත‍්තං විමුත‍්තං හොති, දොසා චිත‍්තං විමුත‍්තං හොති, මොහා චිත‍්තං විමුත‍්තං හොති. එවං ඛො ආවුසො, භික‍්ඛු සුවිමුත‍්තචිත‍්තො හොති.

ඇවැත්නි, මහණ තෙම කෙසේ නම් මොනොවට මිදුණු සිතැත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ සිත රාගය කෙරෙන් මිදුණේ වෙයි, ද්වේෂය කෙරෙන් මිදුණේ වෙයි, මෝහය කෙරෙන් මිදුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට මිදුණු සිතැත්තේ වෙයි.

කථඤ‍්චාවුසො භික‍්ඛු සුවිමුත‍්තපඤ‍්ඤො හොති: ඉධාවුසො, භික‍්ඛු රාගො මෙ පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවං ගතො ආයතිං අනුප‍්පාදධම‍්මොති පජානාති, දොසො මෙ පහීනො -පෙ- මොහො මෙ පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවං ගතො ආයතිං අනුප‍්පාදධම‍්මොති පජානාති. එවං ඛො ආවුසො භික‍්ඛු සුවිමුත‍්තපඤ‍්ඤො හොති.

ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු ප්‍රඥාව ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘මගේ රාගය ප්‍රහීණ ය, සිඳ දමන ලද මුල් ඇත්තේය, … උදුරා දමන ලද තල්රුකක් මෙන් කරන ලද්දේය, නැවැත නො හටගන්නා බවට පැමිණියේ ය, යලි නො උපදනා ස්වභාවය ඇත්තේ වේ’ යැ යි දනී, ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.

දස අසෙක‍්ඛා ධම‍්මා: අසෙක‍්ඛා සම‍්මාදිට‍්ඨි, අසෙක‍්ඛො සම‍්මාසඞ‍්කප‍්පො, අසෙක‍්ඛා සම‍්මාවාචා, අසෙක‍්ඛො සම‍්මාකම‍්මන‍්තො, අසෙක‍්ඛො සම‍්මාආජීවො, අසෙක‍්ඛො සම‍්මාවායාමො, අසෙක‍්ඛා සම‍්මාසති, අසෙක‍්ඛො සම‍්මාසමාධි, අසෙක‍්ඛං සම‍්මාඤාණං, අසෙක‍්ඛා සම‍්මාවිමුත‍්ති.

අශෛක්‍ෂ (ඵලසම්ප්‍රයුක්ත) ධර්‍ම දශයෙක: අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටිය, අශෛක්‍ෂ සම්‍යග්වචනය, අශෛක්‍ෂ සම්‍යක්කර්‍මාන්තය, අශෛක්‍ෂ සම්‍යගාජීවය, අශෛක්‍ෂ සම්‍යග්ව්‍යායාමය, අශෛක්‍ෂ සම්‍යක්ස්මෘතිය, අශෛක්‍ෂ සම්‍යක්සමාධිය, අශෛක්‍ෂ සම්‍යක්ඥානය, අශෛක්‍ෂ සම්‍යග්විමුක්තිය.

ඉමෙ ඛො ආවුසො, තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන දස ධම‍්මා සම‍්මදක‍්ඛාතා. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං යථයිදං බ්‍රහ‍්මචරියං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං. තදස‍්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දශ ධර්‍මයෝ මොහු ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මේ බ්‍රහ්මචර්‍ය්‍යාව දික්කලක් පැවැතිය හැකි වන්නේ ද, දික්කලක් සිටුනේ වන්නේ ද, එසේ වනු පිණිස එක් වැ ගැයිය යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ දෙනාට හිතපිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.”

17. අථ ඛො භගවා වුට‍්ඨහිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආමන‍්තෙසි: “සාධු සාධු සාරිපුත‍්ත, සාධු ඛො ත්‍වං, සාරිපුත‍්ත, භික‍්ඛූනං සඞ‍්ගීතිපරියායං අභාසී”ති.

17. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ නැඟී සිට, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් අමතා, “ශාරිපුත්‍රයිනි, මැනැව! මැනැව!! ශාරිපුත්‍රයිනි, තෙපි භික්‍ෂූනට මනා කොට ම සංගීතිපර්‍ය්‍යායය (සමගියට කාරණ වූ ධර්‍මය) වදාළහ” යි වදාළසේක.

ඉදමවොච ආයස‍්මා සාරිපුත‍්තො. සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. අත‍්තමනා ච තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දුන‍්ති.

ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මෙය වදාළාහ. ශාස්තෲන් වහන්සේ මොනොවට අනුදත් සේක් වූහ. ඒ භික්‍ෂූ ද සතුටු වූවාහු ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ගේ වචනය පිළිගත්හ.

සඞ‍්ගීතිසුත‍්තං නිට‍්ඨිතං දසමං.

දශ වන සඞ්ගීති සූත්‍රය නිමියේ යි.