යෙදුමෙන් කියවන්න

මූලපරියායසුත‍්තං

1. 1.

1. 1.

මූලපරියායසුත‍්තං

මූලපරියාය සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා උක‍්කට‍්ඨායං විහරති සුභගවනෙ සාලරාජමූලෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි වනදෙටුමහරුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි” භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂුහු “ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.

2. සබ‍්බධම‍්මමූලපරියායං වො භික‍්ඛවෙ දෙසෙස‍්සාමි. තං සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

2. මහණෙනි, තොපට සියලු සත්කායධර්‍මයනට මූලකාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි. “එසේය, ස්වාමීනි’යි” ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

(1)

(1)

3. ඉධ භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො පඨවිං පඨවිතො සඤ‍්ජානාති. පඨවිං පඨවිතො සඤ‍්ඤත්‍වා පඨවිං මඤ‍්ඤති. පඨවියා මඤ‍්ඤති. පඨවිතො මඤ‍්ඤති. පඨවිං මෙති මඤ‍්ඤති. පඨවිං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (1)

3. මහණෙනි, මේ ලෝකයෙහි (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණාවූ (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගමරහිත වූ) පෘථග්ජන තෙමේ පෘථිවිය පෘථිවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම පෘථිවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පෘථිවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පෘථිවිය මගේ” යි හඟියි. පෘථිවිය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහුගේ පෘථිවිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

4. ආපං ආපතො සඤ‍්ජානාති. ආපං ආපතො සඤ‍්ඤත්‍වා ආපං මඤ‍්ඤති. ආපස‍්මිං මඤ‍්ඤති. ආපතො මඤ‍්ඤති. ආපං මෙති මඤ‍්ඤති. ආපං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (2)

4. ආපය ආපය වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසයෙන්) හඳුනයි. ආපය ආපය වශයෙන් හැඳින ආපය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම ආපයෙහි පිහිටියෙමි” යි හඟියි. “ආපයෙන් බැහැර වෙමි” යි හඟියි. “ආපය මාගේ” යි හඟියි. ආපය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආපය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

5. තෙජං තෙජතො සඤ‍්ජානාති. තෙජං තෙජතො සඤ‍්ඤත්‍වා තෙජං මඤ‍්ඤති. තෙජස‍්මිං මඤ‍්ඤති. තෙජතො මඤ‍්ඤති. තෙජං මෙති මඤ‍්ඤති. තෙජං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (3)

5. තේජස තේජෝවශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. තේජස තේජෝවශයෙන් හැඳින තේජස (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම තේජසෙහි පිහිටියෙමි” යි හඟියි. “තේජසින් බැහැර වෙමි” යි හඟියි. “තේජස මාගේ” යි හඟියි. තේජස අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: තේජස (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

6. වායං වායතො සඤ‍්ජානාති. වායං වායතො සඤ‍්ඤත්‍වා වායං මඤ‍්ඤති. වායස‍්මිං මඤ‍්ඤති. වායතො මඤ‍්ඤති. වායං මෙති මඤ‍්ඤති. වායං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (4)

6. වායුව වායුවශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. වායුව වායුවශයෙන් හැඳින වායුව (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම වායුවෙහි පිහිටියෙමි” යි හඟියි. “වායුවෙන් බැහැර වෙමි” යි හඟියි. “වායුව මාගේ” යි හඟියි. වායුව අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වායුව (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

7. භූතෙ භූතතො සඤ‍්ජානාති. භූතෙ භූතතො සඤ‍්ඤත්‍වා භූතෙ මඤ‍්ඤති. භූතෙසු මඤ‍්ඤති. භූතතො මඤ‍්ඤති. භූතෙ මෙති මඤ‍්ඤති. භූතෙ අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (5)

7. භූතයන් (චාතුර්මහාරාජිකයෙන් යට සත්‍වයන්) භූතයන් වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. භූතයන් භූතවශයෙන් හැඳින භූතයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. භූතයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි මඤ්ඤනා කෙරෙයි. භූතයන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “භූතයන් මාගේ” යි හඟියි. භූතයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: භූතයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

8. දෙවෙ දෙවතො සඤ‍්ජානාති. දෙවෙ දෙවතො සඤ‍්ඤත්‍වා දෙවෙ මඤ‍්ඤති. දෙවෙසු මඤ‍්ඤති. දෙවතො මඤ‍්ඤති. දෙවෙ මෙති මඤ‍්ඤති. දෙවෙ අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (6)

8. දෙවියන් දෙවියන් වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හැඳින දෙවියන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. දෙවියන් කෙරෙහි තණ්හාදීන් මඤ්ඤනා කෙරෙයි. දෙවියන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “දෙවියන් මගේ” යි හඟියි. දෙවියන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: දෙවියන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

9. පජාපතිං පජාපතිතො සඤ‍්ජානාති. පජාපතිං පජාපතිතො සඤ‍්ඤත්‍වා පජාපතිං මඤ‍්ඤති. පජාපතිස‍්මිං මඤ‍්ඤති. පජාපතිතො මඤ‍්ඤති. පජාපතිං මෙති මඤ‍්ඤති. පජාපතිං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (7)

9. ප්‍රජාපතීහු (මාරයා) ප්‍රජාපතීහු වශයෙන් හඳුනයි. ප්‍රජාපතීහු ප්‍රජාපතීහු වශයෙන් හැඳින ප්‍රජාපතීහු (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ප්‍රජාපතීහු කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. ප්‍රජාපතීහු කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “ප්‍රජාපතියා මගේ” යි හඟියි. ප්‍රජාපතීහු අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ප්‍රජාපතීහු (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

10. බ්‍රහ‍්මං බ්‍රහ‍්මතො සඤ‍්ජානාති. බ්‍රහ‍්මං බ්‍රහ‍්මතො සඤ‍්ඤත්‍වා බ්‍රහ‍්මං මඤ‍්ඤති. බ්‍රහ‍්මනි මඤ‍්ඤති. බ්‍රහ‍්මතො මඤ‍්ඤති. බ්‍රහ‍්මං මෙති මඤ‍්ඤති. බ්‍රහ‍්මං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (8)

10. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හැඳින බ්‍රහ්මයා (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. බ්‍රහ්මයා කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. බ්‍රහ්මයා කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “බ්‍රහ්මයා මගේ” යි හඟියි. බ්‍රහ්මයා අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: බ්‍රහ්මයා (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

11. ආභස‍්සරෙ ආභස‍්සරතො සඤ‍්ජානාති. ආභස‍්සරෙ ආභස‍්සරතො සඤ‍්ඤත්‍වා ආභස‍්සරෙ මඤ‍්ඤති. ආභස‍්සරෙසු මඤ‍්ඤති. ආභස‍්සරතො මඤ‍්ඤති. ආභස‍්සරෙ මෙති මඤ‍්ඤති. ආභස‍්සරෙ අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (9)

11. ආභස්සර (බ්‍රහ්ම)යන් ආභස්සරයන් වශයෙන් හඳුනයි. ආභස්සරයන් වශයෙන් හැඳින ආභස්සරයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ආභස්සරයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආභස්සරයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආභස්සරයන් මගේ” යි හඟියි. ආභස්සරයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආභස්සරයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

12. සුභකිණ‍්ණෙ සුභකිණ‍්ණතො සඤ‍්ජානාති. සුභකිණ‍්ණෙ සුභකිණ‍්ණතො සඤ‍්ඤත්‍වා සුභකිණ‍්ණෙ මඤ‍්ඤති. සුභකිණ‍්ණෙසු මඤ‍්ඤති. සුභකිණ‍්ණතො මඤ‍්ඤති. සුභකිණ‍්ණෙ මෙති මඤ‍්ඤති. සුභකිණ‍්ණෙ අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (10)

12. සුභකින්නයන් සුභකින්නයන් වශයෙන් හඳුනයි. සුභකින්නයන් සුභකින්නයන් වශයෙන් හැඳින සුභකින්නයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සුභකින්නයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. සුභකින්නයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “සුභකින්නයන් මගේ” යි හඟියි. සුභකින්නයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සුභකින්නයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

13. වෙහප‍්ඵලෙ වෙහප‍්ඵලතො සඤ‍්ජානාති. වෙහප‍්ඵලෙ වෙහප‍්ඵලතො සඤ‍්ඤත්‍වා වෙහප‍්ඵලෙ මඤ‍්ඤති. වෙහප‍්ඵලෙසු මඤ‍්ඤති. වෙහප‍්ඵලතො මඤ‍්ඤති. වෙහප‍්ඵලෙ මෙති මඤ‍්ඤති. වෙහප‍්ඵලෙ අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (11)

13. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශයෙන් හඳුනයි. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශයෙන් හැඳින වෙහප්ඵලයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. වෙහප්ඵලයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. වෙහප්ඵලයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “වෙහප්ඵලයන් මගේ” යි හඟියි. වෙහප්ඵලයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වෙහප්ඵලයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

14. අභිභුං අභිභූතො සඤ‍්ජානාති. අභිභුං අභිභූතො සඤ‍්ඤත්‍වා අභිභුං මඤ‍්ඤති. අභිභුස‍්මිං මඤ‍්ඤති. අභිභූතො මඤ‍්ඤති. අභිභුං මෙති මඤ‍්ඤති. අභිභුං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (12)

14. අභිභූන් අභිභූන් වශයෙන් හඳුනයි. අභිභූන් අභිභූන් වශයෙන් හැඳින අභිභූන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අභිභූන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභිභූන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අභිභූන් මගේ” යි හඟියි. අභිභූන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අභිභූන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

15. ආකාසානඤ‍්චායතනං ආකාසානඤ‍්චායතනතො සඤ‍්ජානාති. ආකාසානඤ‍්චායතනං ආකාසානඤ‍්චායතනතො සඤ‍්ඤත්‍වා ආකාසානඤ‍්චායතනං මඤ‍්ඤති. ආකාසානඤ‍්චායතනස‍්මිං මඤ‍්ඤති. ආකාසානඤ‍්චායතනතො මඤ‍්ඤති. ආකාසානඤ‍්චායතනං මෙති මඤ‍්ඤති. ආකාසානඤ‍්චායතනං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (13)

15. අකාසානඤ්චායතනය (තද්භූමක වූ කුශල - විපාක - ක්‍රියා වශයෙන් පවත්නා චතුර්විධ නාම ස්කන්‍ධ) අකාසානඤ්චායතනය වශයෙන් හඳුනයි. අකාසානඤ්චායතනය අකාසානඤ්චායතනය වශයෙන් හැඳින අකාසානඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අකාසානඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අකාසානඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අකාසානඤ්චායතනය මගේ” යි හඟියි. අකාසානඤ්චායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අකාසානඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

16. විඤ‍්ඤාණඤ‍්චායතනං විඤ‍්ඤාණඤ‍්චායතනතො සඤ‍්ජානාති. විඤ‍්ඤාණඤ‍්චායතනං විඤ‍්ඤාණඤ‍්චායතනතො සඤ‍්ඤත්‍වා විඤ‍්ඤාණඤ‍්චායතනං මඤ‍්ඤති. විඤ‍්ඤාණඤ‍්චායතනස‍්මිං මඤ‍්ඤති. විඤ‍්ඤාණඤ‍්චායතනතො මඤ‍්ඤති. විඤ‍්ඤාණඤ‍්චායතනං මෙති මඤ‍්ඤති. විඤ‍්ඤාණඤ‍්චායතනං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (14)

16. විඤ්ඤාණඤ්චායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්‍ධ) විඤ්ඤාණඤ්චායතනය වශයෙන් හඳුනයි. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය වශයෙන් හැඳින විඤ්ඤාණඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “විඤ්ඤාණඤ්චායතනය මගේ” යි හඟියි. විඤ්ඤාණඤ්චායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාණඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

17. ආකිඤ‍්චඤ‍්ඤායතනං ආකිඤ‍්චඤ‍්ඤායතනතො සඤ‍්ජානාති. ආකිඤ‍්චඤ‍්ඤායතනං ආකිඤ‍්චඤ‍්ඤායතනතො සඤ‍්ඤත්‍වා ආකිඤ‍්චඤ‍්ඤායතනං මඤ‍්ඤති. ආකිඤ‍්චඤ‍්ඤායතනස‍්මිං මඤ‍්ඤති. ආකිඤ‍්චඤ‍්ඤායතනතො මඤ‍්ඤති. ආකිඤ‍්චඤ‍්ඤායතනං මෙති මඤ‍්ඤති. ආකිඤ‍්චඤ‍්ඤායතනං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (15)

17. ආකිඤ්චඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්‍ධ) ආකිඤ්චඤ්ඤායතනය වශයෙන් හඳුනයි. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය වශයෙන් හැඳින ආකිඤ්චඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආකිඤ්චඤ්ඤායතනය මගේ” යි හඟියි. ආකිඤ්චඤ්ඤායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආකිඤ්චඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

18. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනතො සඤ‍්ජානාති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනතො සඤ‍්ඤත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං මඤ‍්ඤති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනස‍්මිං මඤ‍්ඤති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනතො මඤ‍්ඤති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං මෙති මඤ‍්ඤති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (16)

18. නේවසඤ්ඤානාසඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්‍ධ) නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් හඳුනයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් හැඳින නේවසඤ්ඤානාසඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “නේවසඤ්ඤානාසඤ්ඤායතනය මගේ” යි හඟියි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

19. දිට‍්ඨං දිට‍්ඨතො සඤ‍්ජානාති. දිට‍්ඨං දිට‍්ඨතො සඤ‍්ඤත්‍වා දිට‍්ඨං මඤ‍්ඤති. දිට‍්ඨස‍්මිං මඤ‍්ඤති. දිට‍්ඨතො මඤ‍්ඤති. දිට‍්ඨං මෙති මඤ‍්ඤති. දිට‍්ඨං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (17)

19. දක්නාලද්ද (රූපායතනය) රූපායතන වශයෙන් හඳුනයි. රූපායතනය රූපායතනය වශයෙන් හැඳින රූපායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. රූපායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. රූපායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “රූපායතනය මාගේය” යි හඟියි. රූපායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රූපායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

20. සුතං සුතතො සඤ‍්ජානාති. සුතං සුතතො සඤ‍්ඤත්‍වා සුතං මඤ‍්ඤති. සුතස‍්මිං මඤ‍්ඤති. සුතතො මඤ‍්ඤති. සුතං මෙති මඤ‍්ඤති. සුතං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (18)

20. අසනලද්ද (ශබ්දායතනය) ශබ්දායතනය වශයෙන් හඳුනයි. ශබ්දායතනය ශබ්දායතනය වශයෙන් හැඳින ශබ්දායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ශබ්දායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ශබ්දායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ශබ්දායතනය මාගේය” යි හඟියි. ශබ්දායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ශබ්දායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

21. මුතං මුතතො සඤ‍්ජානාති. මුතං මුතතො සඤ‍්ඤත්‍වා මුතං මඤ‍්ඤති. මුතස‍්මිං මඤ‍්ඤති. මුතතො මඤ‍්ඤති. මුතං මෙති මඤ‍්ඤති. මුතං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (19)

21. මුතය (ස්පර්‍ශයෙන් = හැපීමෙන් ගත් ගන්‍ධරසඵොට්ඨබ්බායතන) මුත වශයෙන් හඳුනයි. මුතය මුත වශයෙන් හැඳින මුතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. මුතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. මුතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “මුතය මාගේය” යි හඟියි. මුතය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මුතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

22. විඤ‍්ඤාතං විඤ‍්ඤාතතො සඤ‍්ජානාති. විඤ‍්ඤාතං විඤ‍්ඤාතතො සඤ‍්ඤත්‍වා විඤ‍්ඤාතං මඤ‍්ඤති. විඤ‍්ඤාතස‍්මිං මඤ‍්ඤති. විඤ‍්ඤාතතො මඤ‍්ඤති. විඤ‍්ඤාතං මෙති මඤ‍්ඤති. විඤ‍්ඤාතං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (20)

22. විඤ්ඤාතය (මනසින් දත් සෙසු ආයතන සත හෝ ධම්මාරම්මණය) විඤ්ඤාත වශයෙන් හඳුනයි. විඤ්ඤාතය විඤ්ඤාත වශයෙන් හැඳින විඤ්ඤාතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. විඤ්ඤාතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “විඤ්ඤාතය මාගේය” යි හඟියි. විඤ්ඤාතය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

23. එකත‍්තං එකත‍්තතො සඤ‍්ජානාති. එකත‍්තං එකත‍්තතො සඤ‍්ඤත්‍වා එකත‍්තං මඤ‍්ඤති. එකත‍්තස‍්මිං මඤ‍්ඤති. එකත‍්තතො මඤ‍්ඤති. එකත‍්තං මෙති මඤ‍්ඤති. එකත‍්තං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (21)

23. ඒකත්‍වය (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන සතර ස්කන්‍ධ) ඒකත්‍ව වශයෙන් හඳුනයි. ඒකත්‍වය ඒකත්‍ව වශයෙන් හැඳින ඒකත්‍වය ආත්මය යි හඟියි. ඒකත්‍වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ඒකත්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ඒකත්‍වය මාගේය” යි හඟියි. ඒකත්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඒකත්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

24. නානත‍්තං නානත‍්තතො සඤ‍්ජානාති. නානත‍්තං නානත‍්තතො සඤ‍්ඤත්‍වා නානත‍්තං මඤ‍්ඤති. නානත‍්තස‍්මිං මඤ‍්ඤති. නානත‍්තතො මඤ‍්ඤති. නානත‍්තං මෙති මඤ‍්ඤති. නානත‍්තං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (22)

24. නානාත්‍වය (පඤ්චස්කන්‍ධය) නානාත්‍ව වශයෙන් හඳුනයි. නානාත්‍වය නානාත්‍ව වශයෙන් හැඳින නානාත්‍වය ආත්මය යි හඟියි. නානාත්‍වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. නානාත්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “නානාත්‍වය මාගේය” යි හඟියි. නානාත්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නානාත්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

25. සබ‍්බං සබ‍්බතො සඤ‍්ජානාති. සබ‍්බං සබ‍්බතො සඤ‍්ඤත්‍වා සබ‍්බං මඤ‍්ඤති. සබ‍්බස‍්මිං මඤ‍්ඤති. සබ‍්බතො මඤ‍්ඤති. සබ‍්බං මෙති මඤ‍්ඤති. සබ‍්බං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (23)

25. සර්‍වය (සියලු සත්කායධර්‍ම) සර්‍ව වශයෙන් හඳුනයි. සර්‍වය සර්‍ව වශයෙන් හැඳින සර්‍වය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සර්‍වයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. සර්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “සර්‍වය මාගේය” යි හඟියි. සර්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සර්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

26. නිබ‍්බානං නිබ‍්බානතො සඤ‍්ජානාති. නිබ‍්බානං නිබ‍්බානතො සඤ‍්ඤත්‍වා නිබ‍්බානං මඤ‍්ඤති. නිබ‍්බානස‍්මිං මඤ‍්ඤති. නිබ‍්බානතො මඤ‍්ඤති. නිබ‍්බානං මෙති මඤ‍්ඤති. නිබ‍්බානං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (24)

26. නිර්‍වාණය (පරමදිට්ඨධම්මනිබ්බානය) නිර්‍වාණ වශයෙන් හඳුනයි. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් හැඳින නිර්‍වාණය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නිර්‍වාණයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. නිර්‍වාණයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. “නිර්‍වාණය මාගේය” යි හඟියි. නිර්‍වාණය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නිර්‍වාණය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

(අස‍්සුතවන‍්තපුථුජ‍්ජනහ වසෙනි පඨමකභූමි පරිච‍්ඡෙදි)

(අශ්‍රැතවත් පෘථග්ජනයාගේ වශයෙන් දෙසූ ප්‍රථම භූමි පරිච්ඡේදය යි)

(2)

(2)

27. යොපි සො භික‍්ඛවෙ භික‍්ඛු සෙඛො අප‍්පත‍්තමානසො අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානො විහරති. සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං මාමඤ‍්ඤි. පඨවියා මාමඤ‍්ඤි. පඨවිතො මාමඤ‍්ඤි. පඨවිං මෙති මාමඤ‍්ඤි. පඨවිං මාභිනන්‍දි. තං කිස‍්ස හෙතු? පරිඤ‍්ඤෙය්‍යං තස‍්සාති වදාමි.

27. මහණෙනි, ශෛක්‍ෂ වූ නොපැමිණි අර්‍හත්ත්‍වය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්‍ෂේමසංඛ්‍යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්‍දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්‍දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.

28. ආපං -පෙ- තෙජං -පෙ- වායං -පෙ- භූතෙ -පෙ- දෙවෙ -පෙ- පජාපතිං -පෙ- බ්‍රහ‍්මං -පෙ- ආභස‍්සරෙ -පෙ- සුභකිණ‍්ණෙ -පෙ- වෙහප‍්ඵලෙ -පෙ- අභිභුං -පෙ- ආකාසානඤ‍්චායතනං -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං -පෙ- දිට‍්ඨං -පෙ- සුතං -පෙ- මුතං -පෙ- විඤ‍්ඤාතං -පෙ- එකත‍්තං -පෙ- නානත‍්තං -පෙ- සබ‍්බං -පෙ- නිබ‍්බානං නිබ‍්බානතො අභිජානාති. නිබ‍්බානං නිබ‍්බානතො අභිඤ‍්ඤාය නිබ‍්බානං මාමඤ‍්ඤි. නිබ‍්බානස‍්මිං මාමඤ‍්ඤි. නිබ‍්බානතො මාමඤ‍්ඤි. නිබ‍්බානං මෙති මාමඤ‍්ඤි. නිබ‍්බානං මාභිනන්‍දි. තං කිස‍්ස හෙතු? පරිඤ‍්ඤෙය්‍යං තස‍්සාති වදාමි.

28. ආපෝධාතුව… තේජෝධාතුව… වායෝධාතුව… භූතයන්… දෙවියන්… පජාපතීහු… බ්‍රහ්මයා… ආභස්සරයන්… සුභකිණ්ණයන්… වෙහප්ඵලයන්… අභිභූන්… අකාසානඤ්චායතනය… විඤ්ඤාණඤ්චායතනය… ආකිඤ්චඤ්ඤායතනය… නේවසඤ්ඤානාසඤ්ඤායතනය… රූපායතනය… ශබ්දායතනය… ගන්‍ධරසඵොට්ඨබ්බායතනය… විඤ්ඤාතය… ඒකත්තය… නානත්තය… සබ්බය… දිට්ඨධම්මනිබ්බානය… නිබ්බාන වශයෙන් වෙසෙසින් දනී. (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් වෙසෙසින් දැන නිර්‍වාණය ආත්ම ය යි (දිට්ඨි වශයෙන් මඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “නිර්‍වාණය මාගේ ය” යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණය (දිට්ඨිමඤ්ඤනායෙන් අභිනන්‍දනය නො කරන්නේ නමුදු තණ්හාමානමඤ්ඤනායෙන්) අභිනන්‍දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් දාෂ්ටධර්‍මනිර්‍වාණය පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.

(සෙඛහ විවට‍්ටවසෙනි දුතියකභූමි පරිච‍්ඡෙදි )

(ශෛක්‍ෂයා පිළිබඳ විවට්ට වශයෙන් දේශිත ද්විතීයභූමි පරිච්ඡේදය යි)

(3)

(3)

29. යොපි සො භික‍්ඛවෙ භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං න මඤ‍්ඤති. පඨවියා න මඤ‍්ඤති. පඨවිතො න මඤ‍්ඤති. පඨවිං මෙති න මඤ‍්ඤති. පඨවිං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? පරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි.

29. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ බඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි ස්වාර්‍ත්‍ථ (රහත්පල) ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි (තෘෂ්ණාදි වශයෙන්) නො හඟියි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි නො හඟියි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.

30. ආපං -පෙ- තෙජං -පෙ- නිබ‍්බානං නිබ‍්බානතො අභිජානාති. නිබ‍්බානං නිබ‍්බානතො අභිඤ‍්ඤාය නිබ‍්බානං න මඤ‍්ඤති. නිබ‍්බානස‍්මිං න මඤ‍්ඤති. නිබ‍්බානතො න මඤ‍්ඤති. නිබ‍්බානං මෙති න මඤ‍්ඤති. නිබ‍්බානං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? පරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි.

30. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්‍වාණය නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය (තණ්හාදිමඤ්ඤනායෙන්) නො හඟියි. නිර්‍වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. නිර්‍වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්‍වාණය මාගේ ය”යි නො හඟියි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.

(ඛීණාසවහ පඨමකනයෙ තතියනයභූමි පරිච‍්ඡෙදි)

(ක්‍ෂීණාශ්‍රව වශයෙන් ප්‍රථමනයයෙහි තෘතියභූමි පරිච්ඡේදය යි)

(4)

(4)

31. යොපි සො භික‍්ඛවෙ භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං න මඤ‍්ඤති. පඨවියා න මඤ‍්ඤති. පඨවිතො න මඤ‍්ඤති. පඨවිං මෙති න මඤ‍්ඤති. පඨවිං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? ඛයා රාගස‍්ස වීතරාගත‍්තා.

31. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවුණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හා ආදීන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්‍ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.

32. ආපං -පෙ- තෙජං -පෙ- නිබ‍්බානං නිබ‍්බානතො අභිජානාති. නිබ‍්බානං නිබ‍්බානතො අභිඤ‍්ඤාය නිබ‍්බානං න මඤ‍්ඤති. නිබ‍්බානස‍්මිං න මඤ‍්ඤති. නිබ‍්බානතො න මඤ‍්ඤති. නිබ‍්බානං මෙති න මඤ‍්ඤති. නිබ‍්බානං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? ඛයා රාගස‍්ස වීතරාගත‍්තා.

32. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්‍වාණය නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්‍වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්‍ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.

(ඛීණාසවහ දුතියකනයෙ චතරවනක භූමි පරිච‍්ඡෙදි )

(ක්‍ෂීණාශ්‍රව වශයෙන් ද්විතීයනයයෙහි සතරවැනිභූමි පරිච්ඡේදය යි)

(5)

(5)

33. යොපි සො භික‍්ඛවෙ භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං න මඤ‍්ඤති. පඨවියා න මඤ‍්ඤති. පඨවිතො න මඤ‍්ඤති. පඨවිං මෙති න මඤ‍්ඤති. පඨවිං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? ඛයා දොසස‍්ස වීතදොසත‍්තා.

33. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවුණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේෂය ක්‍ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.

34. ආපං -පෙ- තෙජං -පෙ- නිබ‍්බානං නිබ‍්බානතො අභිජානාති. නිබ‍්බානං නිබ‍්බානතො අභිඤ‍්ඤාය නිබ‍්බානං න මඤ‍්ඤති. නිබ‍්බානස‍්මිං න මඤ‍්ඤති. නිබ‍්බානතො න මඤ‍්ඤති. නිබ‍්බානං මෙති න මඤ‍්ඤති. නිබ‍්බානං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? ඛයා දොසස‍්ස වීතදොසත‍්තා.

34. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්‍වාණය නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්‍වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේෂය ක්‍ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.

(ඛීණාසවහ තතියකනයෙ පඤ‍්චවනක භූමි පරිච‍්ඡෙදි )

(ක්‍ෂීණාශ්‍රව වශයෙන් තෘතීයනයයෙහි පස්වැනිභූමි පරිච්ඡේදය යි)

(6)

(6)

35. යොපි සො භික‍්ඛවෙ භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං න මඤ‍්ඤති. පඨවියා න මඤ‍්ඤති. පඨවිතො න මඤ‍්ඤති. පඨවිං මෙති න මඤ‍්ඤති. පඨවිං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? ඛයා මොහස‍්ස වීතමොහත‍්තා.

35. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ක්‍ෂීණ වූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මෝහය ක්‍ෂීණ වීමෙන් වීතමෝහ වූ හෙයිනි.

36. ආපං -පෙ- තෙජං -පෙ- නිබ‍්බානං නිබ‍්බානතො අභිජානාති. නිබ‍්බානං නිබ‍්බානතො අභිඤ‍්ඤාය නිබ‍්බානං න මඤ‍්ඤති. නිබ‍්බානස‍්මිං න මඤ‍්ඤති. නිබ‍්බානතො න මඤ‍්ඤති. නිබ‍්බානං මෙති න මඤ‍්ඤති. නිබ‍්බානං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? ඛයා මොහස‍්ස වීතමොහත‍්තා.

36. අප්… තේජස්… (පරමදාෂ්ටධර්‍මනිර්‍වාණය) නිර්‍වාණ වශයෙන් දනියි. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මෝහය ක්‍ෂීණ වීමෙන් වීතමෝහ වූ හෙයිනි.

(ඛීණාසවහ චතුත්‍ථකනයෙ ඡවනක භූමි පරිච‍්ඡෙදි )

(ක්‍ෂීණාශ්‍රව වශයෙන් චතුර්‍ත්‍ථනයයෙහි ෂෂ්ඨභූමි පරිච්ඡේදය යි)

(7)

(7)

37. තථාගතොපි භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං න මඤ‍්ඤති. පඨවියා න මඤ‍්ඤති. පඨවිතො න මඤ‍්ඤති. පඨවිං මෙති න මඤ‍්ඤති. පඨවිං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? පරිඤ‍්ඤාතං තං තථාගතස‍්සාති වදාමි.

37. අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි අභිනන්‍දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.

38. ආපං -පෙ- තෙජං -පෙ- නිබ‍්බානං නිබ‍්බානතො අභිජානාති. නිබ‍්බානං නිබ‍්බානතො අභිඤ‍්ඤාය නිබ‍්බානං න මඤ‍්ඤති. නිබ‍්බානස‍්මිං න මඤ‍්ඤති. නිබ‍්බානතො න මඤ‍්ඤති. නිබ‍්බානං මෙති න මඤ‍්ඤති. නිබ‍්බානං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? පරිඤ‍්ඤාතං තං තථාගතස‍්සාති වදාමි.

38. අප්… තේජස්… පරමදාෂ්ටධර්‍මනිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් නිරවශේෂයෙන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.

(සත්‍ථාරහ පඨමකනයෙ සත‍්තවනක භූමි පරිච‍්ඡෙදි )

(ශාස්තෘ වශයෙන් ප්‍රථමනයෙහි සප්තභූමි පරිච්ඡේදය යි)

(8)

(8)

39. තථාගතොපි භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං න මඤ‍්ඤති. පඨවියා න මඤ‍්ඤති. පඨවිතො න මඤ‍්ඤති. පඨවිං මෙති න මඤ‍්ඤති. පඨවිං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? නන්‍දි දුක‍්ඛස‍්ස මූලන‍්ති ඉති විදිත්‍වා, භවා ජාති, භූතස‍්ස ජරාමරණන‍්ති. තස‍්මාතිහ භික‍්ඛවෙ තථාගතො සබ‍්බසො තණ‍්හානං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති වදාමි.

39. මහණෙනි, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්‍දිසඞ්ඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.

40. ආපං -පෙ- තෙජං -පෙ- නිබ‍්බානං නිබ‍්බානතො අභිජානාති. නිබ‍්බානං නිබ‍්බානතො අභිඤ‍්ඤාය නිබ‍්බානං න මඤ‍්ඤති. නිබ‍්බානස‍්මිං න මඤ‍්ඤති. නිබ‍්බානතො න මඤ‍්ඤති. නිබ‍්බානං මෙති න මඤ‍්ඤති. නිබ‍්බානං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු? “නන්‍දි දුක‍්ඛස‍්ස මූලන‍්ති ඉති විදිත්‍වා භවා ජාති භූතස‍්ස ජරාමරණන‍්ති.” තස‍්මාතිහ භික‍්ඛවෙ තථාගතො සබ‍්බසො තණ‍්හානං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති වදාමීති.

40. අප්… තේජස්… (පරමදාෂ්ටධර්‍ම)නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්‍දිසඞ්ඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.

(සත්‍ථාරහ දුතියකනයෙ අට‍්ඨවානකභූමි පරිච‍්ඡෙදි )

(ශාස්තෘ වශයෙන් ද්විතීයනයෙහි අෂ්ටමභූමි පරිච්ඡේදය යි)

ඉදමවොච භගවා. න තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් නො වූහු. (එහි අර්‍ත්‍ථය නොදත් බැවින් තුටු නො වුහ යි යු සේයි)

මූලපරියායසුත‍්තං පඨමං.

පළමුවන මූලපරියාය සූත්‍රය යි.