මූලපරියායසුත්තවණ්ණනා අට්ඨකථා
මූල පරියාය සූත්‍ර වර්ණනාව
යං පනෙතං “එවං මෙ සුත”න්තිආදිකං නිදානං. තත්ථ එවන්ති නිපාතපදං. මෙතිආදීනි නාමපදානි. උක්කට්ඨායං විහරතීති එත්ථ වීති උපසග්ගපදං, හරතීති ආඛ්යාතපදන්ති ඉමිනා තාව නයෙන පදවිභාගො වෙදිතබ්බො.
එවං මෙ සුතං යනුවෙන් යම් නිදානයක් වේද එහි එවං යනු නිපාත පදයකි. මෙති යනාදීහු නාම පදයෝය. උක්කට්ඨායං විහරති - මෙහි ‘වි’ යනු උපසර්ග පදයකි. හරති යනු ආඛ්‍යාත පදයකි. මෙම ක්‍රමයට පද විභාගය දතයුත්තේය.
අත්ථතො පන එවං-සද්දො තාව උපමූපදෙසසම්පහංසනගරහණවචනසම්පටිග්ගහාකාරනිදස්සනාවධාරණාදිඅනෙකත්ථප්පභෙදො. තථාහෙස – “එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහු”න්ති එවමාදීසු (ධ· ප· 53) උපමායං ආගතො. “එවං තෙ අභික්කමිතබ්බං, එවං තෙ පටික්කමිතබ්බ”න්තිආදීසු (අ· නි· 4.122) උපදෙසෙ. “එවමෙතං භගවා, එවමෙතං සුගතා”තිආදීසු (අ· නි· 3.66) සම්පහංසනෙ. “එවමෙවං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසතී”තිආදීසු (සං· නි· 1.187) ගරහණෙ. “එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසු”න්තිආදීසු (ම· නි· 1.1) වචනසම්පටිග්ගහෙ. “එවං බ්යාඛො අහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමී”තිආදීසු (ම· නි· 1.398) ආකාරෙ. “එහි ත්වං, මාණවක, යෙන සමණො ආනන්දො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන සමණං, ආනන්දං, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ – ‘සුභො මාණවො තොදෙය්යපුත්තො, භවන්තං ආනන්දං, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති, එවඤ්ච වදෙහි සාධු කිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස නිවෙසනං, තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”තිආදීසු (දී· නි· 1.445) නිදස්සනෙ.
අර්ථ වශයෙන් එවං ශබ්දය, උපමා-උපදේශ, සතුටුවීම්, නින්දා, වචන පිළිගැනීම, ආකාර, නිදර්ශන අවධාරණ ආදී නොයෙක් ප්රභේදයෝ වෙති. ඒ මෙසේ යැ. ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ මේ ආදී තන්හි උපමා අර්ථයෙහි වැටේ. එවං තෙ අභික්කමිතබ්බං එවං පටික්කමිතබ්බං මේ ආදී තන්හි උපදේශ අර්ථයෙහි වැටේ. එව මෙතං භගවා එවමෙතං සුගතා, යන තන්හි සතුටුවීම් අර්ථයෙහි වේ. එවමෙවම්පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති, යනාදී තන්හි නින්දා කිරීම් අර්ථයෙහි වේ. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං යනාදී තන්හි වචන පිළිගැනීම් අර්ථයෙහි වේ. එවං ව්යා ඛො අහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ යනාදී තන්හි ආකාර අර්ථයෙහි වේ. ‘එහි ත්වං මාණවක යෙන සමණො ආනන්දො තෙනුපසංකමිං උපසංකමිත්වා මම වචනෙන සමණං ආනන්දං අප්පබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසු විහාරං පුච්ඡ, සුභො මාණවො තොදෙය්‍ය පුත්තො භගවන්තං ආනන්දං අප්පාබාධං, -පෙ- ඵාසුවිහාරං පුච්ඡතීති එවඤ්ච වදෙහි සාධුකිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු. අනුකම්පං උපාදාය ආදී තන්හි නිදර්ශනාර්ථයෙහි වේ.
“තං කිං මඤ්ඤථ, කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා, භන්තෙ. සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා, භන්තෙ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුගරහිතා, භන්තෙ. සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා, කථං වො එත්ථ හොතීති? සමත්තා, භන්තෙ, සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති, එවං නො එත්ථ හොතී”තිආදීසු (අ· නි· 3.66) අවධාරණෙ. ස්වායමිධ ආකාරනිදස්සනාවධාරණෙසු දට්ඨබ්බො.
තං කිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති. අකුසලා භන්තෙ සාවජ්ජා අනවජ්ජාවාති සාවජ්ජා භන්තෙ, විඤ්ඤුගරහිතා වා විඤ්ඤු පසත්ථා වාති විඤ්ඤු ගරහිතා භන්තෙ, සමන්නා සමාදිණ්ණා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. නොවා තථං වා එත්ථ හොතීති සමත්තා භන්තෙ සමාදිණ්ණා අහිතාය දුක්ඛාය සංවත්තන්ති එවං නො එත්ථ හොති ආදී තන්හි අවධාරාණාර්ථයෙහි වේ. මෙහි එවං ශබ්දය ආකාර, නිදර්ශන අවධාරණ අර්ථයන්හි යෙදෙන බව දතයුතුය.
තත්ථ ආකාරට්ඨෙන එවංසද්දෙන එතමත්ථං දීපෙති – නානානයනිපුණං අනෙකජ්ඣාසයසමුට්ඨානං අත්ථබ්යඤ්ජනසම්පන්නං විවිධපාටිහාරියං ධම්මත්ථදෙසනාපටිවෙධගම්භීරං සබ්බසත්තානං සකසකභාසානුරූපතො සොතපථමාගච්ඡන්තං තස්ස භගවතො වචනං සබ්බප්පකාරෙන කො සමත්ථො විඤ්ඤාතුං, සබ්බථාමෙන පන සොතුකාමතං ජනෙත්වාපි එවං මෙ සුතං, මයාපි එකෙනාකාරෙන සුතන්ති.
ඔවුන් අතුරෙන් ආකාර අර්ථයෙහි ‘එවං’ ශබ්දයෙන් මෙම අර්ථය දක්වයි. විවිධ නය නිපුන වූ අනේක වූ අධ්‍යාශයන්ගෙන් හටගත් අර්ථ හා ව්‍යඤ්ජන ශක්තියෙන් අනූන වූ විවිධ පාටිහාර්යයන්ගෙන් යුක්ත වූ පටිවෙධ වශයෙන් ගැඹුරු වූ, සියලු සත්ත්වයන්ට තම තමන්ගේ භාෂාවෙන්ම කණට වැටෙන්නා වූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය හැම අයුරකින්ම දැනගන්ට කවරෙක් නම් සමර්ථ වන්නේ ද හැම ශක්තියක් ම අසනු කැමැති බව උපදවා, එවං මෙසුතං මා විසින් එක් අයුරකින් අසන ලදැයි කීය.
නිදස්සනට්ඨෙන “නාහං සයම්භූ, න මයා ඉදං සච්ඡිකත”න්ති අත්තානං පරිමොචෙන්තො එවං මෙ සුතං, මයාපි එවං සුතන්ති ඉදානි වත්තබ්බං සකලං සුත්තං නිදස්සෙති.
නිදර්ශනාර්ථයෙන් මම සාක්ෂාත් කළේ නොවෙමි. තම නිදොස් බව දක්වමින් මා විසින් මෙසේ අසන ලදි යන්න කීය. දැන් කිවයුතු මුලු සූත්‍රයම පැහැදිලි කර දක්වයි.
අවධාරණට්ඨෙන “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දො, ගතිමන්තානං, සතිමන්තානං, ධිතිමන්තානං, උපට්ඨාකානං යදිදං ආනන්දො”ති (අ· නි· 1.219-223) එවං භගවතා, “ආයස්මා ආනන්දො අත්ථකුසලො ධම්මකුසලො බ්යඤ්ජනකුසලො නිරුත්තිකුසලො පුබ්බාපරකුසලො”ති (අ· නි· 5.169) එවං ධම්මසෙනාපතිනා ච පසත්ථභාවානුරූපං අත්තනො ධාරණබලං දස්සෙන්තො සත්තානං සොතුකම්යතං ජනෙති “එවං මෙ සුතං, තඤ්ච ඛො අත්ථතො වා බ්යඤ්ජනතො වා අනූනමනධිකං, එවමෙව න අඤ්ඤථා දට්ඨබ්බ”න්ති.
අවධාරණ අර්ථයෙන් මහණෙනි, මගේ ශ්‍රාවක වූ බහුශ්‍රැත භික්ෂූන් අතුරෙන්ද, යම් ආනන්ද නම් භික්ෂුවරයෙක් වෙත්ද, ස්මෘතිමත් භික්ෂූන් අතුරෙන් ප්‍රඥා ගති ඇති භික්ෂූන් අතුරෙන් උපස්ථායක භික්ෂූන් අතුරෙන් යම් යම් ආනන්ද නම් භික්ෂූ කෙනෙක් වෙත්ද මේතෙම අග්‍රයයි බුදුරදුන් විසින්ද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම අර්ථයෙහි දක්ෂය. ධර්මයෙහි දක්ෂය. බ්‍යඤ්ජනයෙහි දක්ෂය. නිරුත්තියෙහි දක්ෂය. පූර්වාපර සන්ධියෙහි දක්ෂය. මෙසේ ධර්ම සේනාධිපති සැරියුත් තෙරුන් විසින්ද, ප්‍රශංසා කරන බවට යෝග්‍ය වූ, තමන් වහන්සේගේ ධාරණ ශක්තිය දක්වන සේක්, සත්ත්වයන්ට අසනු කැමැති බව උපදවයි. එවං මෙ සුතං මෙය අර්ථ වශයෙන් හෝ ව්‍යඤ්ජන වශයෙන් හෝ නොඅඩු නොවැඩි වූයේය. මෙය මෙසේ මැයි. අන් පරිද්දකින් නොදත යුතුයයි ප්‍රකාශ කෙරේ.
මෙ-සද්දො තීසු අත්ථෙසු දිස්සති. තථා හිස්ස “ගාථාභිගීතං මෙ අභොජනෙය්ය”න්තිආදීසු (සු· නි· 81) මයාති අත්ථො. “සාධු මෙ, භන්තෙ භගවා, සංඛිත්තෙන ධම්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 4.88) මය්හන්ති අත්ථො. “ධම්මදායාදා මෙ, භික්ඛවෙ, භවථා”තිආදීසු (ම· නි· 1.29) මමාති අත්ථො. ඉධ පන “මයා සුත”න්ති ච “මම සුත”න්ති ච අත්ථද්වයෙ යුජ්ජති.
මෙ ශබ්දය අර්ථ තුනක යෙදෙන බැව් පෙනේ. ගාථාභි ගීතං මෙ අභොජනීයං යන තන්හි මා විසින් යන අර්ථයෙහි යෙදී ඇත. “සාධු මෙ භන්තෙ භගවා සංඛිත්තෙග ධම්මං දෙසෙතු” යනාදී තන්හි මට යන අර්ථයෙහි යෙදී ඇත. “ධම්ම දායාද මෙ භික්ඛවෙ භවථ මේ තැන්හි මගේ යන අරුතෙහි යෙදී ඇත. මෙහිදී මා විසින් අසන ලදැයිද මගේ ඇසීම යයි ද දෙ අරුත ගැනීම සුදුසුය.
සුතන්ති අයං සුත-සද්දො සඋපසග්ගො ච අනුපසග්ගො ච ගමන-විස්සුත-කිලින්න-උපචිතානුයොග-සොතවිඤ්ඤෙය්‍ය-සොතද්වාරානුසාරවිඤ්ඤාතාදිඅනෙකත්ථප්පභෙදො.
සුතං යන මෙම ශබ්දය උපසග්ග සහිතවද උපසග්ග රහිතවද ගමන ප්‍රකට කිලින්න (=තෙත් වූ) උපචිත අනුයෝග, සොතවිඤ්ඤෙය්‍ය සොතද්වාරානුසාර විඤ්ඤාත ආදී අරුත් ප්රභේදවල යෙදෙයි.
තථා හිස්ස “සෙනාය පසුතො”තිආදීසු ගච්ඡන්තොති අත්ථො. “සුතධම්මස්ස පස්සතො”තිආදීසු (උදා· 11) විස්සුතධම්මස්සාති අත්ථො, “අවස්සුතා අවස්සුතස්සාති”ආදීසු (පාචි· 657) කිලින්නා කිලින්නස්සාති අත්ථො. “තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක”න්තිආදීසු (ඛු· පා· 7.12) උපචිතන්ති අත්ථො. “යෙ ඣානපසුතා ධීරා”තිආදීසු (ධ· ප· 181) ඣානානුයුත්තාති අත්ථො. “දිට්ඨං සුතං මුත”න්තිආදීසු (ම· නි· 1.241) සොතවිඤ්ඤෙය්යන්ති අත්ථො. “සුතධරො සුතසන්නිචයො”තිආදීසු (ම· නි· 1.339) සොතද්වාරානුසාරවිඤ්ඤාතධරොති අත්ථො. ඉධ පනස්ස සොතද්වාරානුසාරෙන “උපධාරිත”න්ති වා “උපධාරණ”න්ති වාති අත්ථො. මෙ-සද්දස්ස හි මයාති අත්ථෙ සති “එවං මයා සුතං සොතද්වාරානුසාරෙන උපධාරිත”න්ති යුජ්ජති. මමාති අත්ථෙ සති “එවං මම සුතං සොතද්වාරානුසාරෙන උපධාරණ”න්ති යුජ්ජති.
එසේම සෙනාය පසුතො යන තන්හි යන්නේය යන අරුතෙහි වේ. සුතධම්මස්ස පස්සතො යනාදී තන්හි අසන ලද ධර්මයාගේ යන අරුතෙහිය. අවස්සුතානවස්සුකා, තෙත් වූ තෙත් නොවූ පුද්ගලයන්ගේ යන අරුත්හි යෙදේ. තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං යන තන්හි රැස්කරන ලද්දේය යන අරුතෙහි යෙදී ඇත. යෙ ඣාන පසුතා ධීරා යනාදී තන්හි ධ්‍යානයෙහි යෙදුනාහු යන අර්ථයෙහි යෙදේ. දිට්ඨං සුතං මුතං මෙහි සොත විඤ්ඤෙය්‍ය යන අරුත්හි යෙදේ. සුතධරො සුතසන්නිචයො යනාදියෙහි සොතද්වාර අනුසාරයෙන් දැනගන්නා ලද්ද ධරණ ලදැයි හෝ දැරීම යයි හෝ යන මේ පදයාගේ අර්ථය වන්නේය. මෙ ශබ්දයාගේ මා විසින් යන අර්ථය ඇතිකල්හි මෙසේ මා විසින් අසන සෝතද්වාර අනුසාරයෙන් දරණ ලද්දේය යනු යෙදේ.
එවමෙතෙසු තීසු පදෙසු එවන්ති සොතවිඤ්ඤාණාදිවිඤ්ඤාණකිච්චනිදස්සනං. මෙති වුත්තවිඤ්ඤාණසමඞ්ගිපුග්ගලනිදස්සනං. සුතන්ති අස්සවනභාවප්පටික්ඛෙපතො අනූනානධිකාවිපරීතග්ගහණනිදස්සනං. තථා එවන්ති තස්සා සොතද්වාරානුසාරෙන පවත්තාය විඤ්ඤාණවීථියා නානප්පකාරෙන ආරම්මණෙ පවත්තිභාවප්පකාසනං. මෙති අත්තප්පකාසනං. සුතන්ති ධම්මප්පකාසනං. අයඤ්හෙත්ථ සඞ්ඛෙපො “නානප්පකාරෙන ආරම්මණෙ පවත්තාය විඤ්ඤාණවීථියා මයා න අඤ්ඤං කතං, ඉදං පන කතං, අයං ධම්මො සුතො”ති.
එවං මෙ සුතං යන මේ පද තුනෙහි එවං යන්නෙන් සොත විඤ්ඤාණාදී විඤ්ඤාණයාගේ කිච්ච දක්වයි. මෙ යන්නෙන් කියන ලද විඤ්ඤාණයෙන් යුත් පුද්ගලයා දැක්වේ. සුතං යන්නෙන් නො ඇසීම ප්‍රතික්ෂේප කිරීමෙන් අඩුත් නැතිව, වැඩිත් නැතිව, වෙනස් බවකට පත්නොවී ඉගෙන ගත් බව දක්වයි. එවං යනුවෙන් එම සෝත ද්වාරයාගේ අනුසාරයෙන් පැවැති විඤ්ඤාණ වීථිහුගේ නොයෙක් අයුරින් අරමුණෙහි පවත්නා බව ප්‍රකාශ කිරීමයි. සුතං යනු තමන්වහන්සේ ප්‍රකාශ කිරීමයි. මේ වනාහි මෙහි සාරාංශයයි. නොයෙක් අයුරින් අරමුණෙහි පැවැති විඤ්ඤාණ වීථිය හේතුවෙන් මා විසින් අනිකක් නොකරන ලදි. මෙයම කරන ලද්දේය. මේ ධර්මය අසන ලද්දේය යනුයි.
තථා එවන්ති නිද්දිසිතබ්බප්පකාසනං. මෙති පුග්ගලප්පකාසනං. සුතන්ති පුග්ගලකිච්චප්පකාසනං. ඉදං වුත්තං හොති – යං සුත්තං නිද්දිසිස්සාමි, තං මයා එවං සුතන්ති.
එසේම එවං යනු දැක්විය යුත්ත ප්‍රකාශ කිරීමයි. මෙ යනු පුද්ගලයා ප්‍රකාශ කිරීමයි. සුතං යනු පුද්ගලයාගේ කෘත්‍යය ප්‍රකාශ කිරීමයි. මෙසේත් කියන ලද්දේ වෙයි. “යම් සූත්‍රයක් දක්වන්නෙම් වේද ඒ මා විසින් මෙසේ අසන ලද්දේය.
තථා එවන්ති යස්ස චිත්තසන්තානස්ස නානාකාරප්පවත්තියා නානත්ථබ්යඤ්ජනග්ගහණං හොති, තස්ස නානාකාරනිද්දෙසො. එවන්ති හි අයං ආකාරපඤ්ඤත්ති, මෙති කත්තුනිද්දෙසො, සුතන්ති විසයනිද්දෙසො. එත්තාවතා නානාකාරප්පවත්තෙන චිත්තසන්තානෙන තංසමඞ්ගිනො කත්තුවිසයෙ ගහණසන්නිට්ඨානං කතං හොති.
එසේම, එවං යනු යම් චිත්ත සන්තානයක නානාප්‍රකාර පැවැත්ම හේතුකොට ගෙන නානා අර්ථ ව්‍යඤ්ජනයන්ගේ ගැනීම වේ ද, ඒ චිත්ත සන්තානයාගේ අනේකාකාර දැක්වීමයි. එවං යන මෙම පද තෙම ආකාර ප්රඥප්ති නමි. මෙ යනු කෘත්‍ය නිද්දේසයයි. සුතං යනු විසය නිද්දේසයයි. මෙපමණකින් නන් අයුරින් පැවැති චිත්ත සන්තානයාගේ එයින් සමන්විත වූ කෘත්‍ය විෂයෙහි ගැනීම සටහන් කරන ලද්දේ වෙයි.
අථ වා එවන්ති පුග්ගලකිච්චනිද්දෙසො. සුතන්ති විඤ්ඤාණකිච්චනිද්දෙසො. මෙති උභයකිච්චයුත්තපුග්ගලනිද්දෙසො. අයං පනෙත්ථ සඞ්ඛෙපො – මයා සවනකිච්චවිඤ්ඤාණසමඞ්ගිනා පුග්ගලෙන විඤ්ඤාණවසෙන ලද්ධසවනකිච්චවොහාරෙන සුතන්ති.
නොහොත් එවං යනු පුද්ගල කිච්ච නිද්දේසයයි. මෙ යනු විඥාන කෘත්‍ය නිද්දේසයයි.* මෙ යනු උභය කිච්චයන්ගෙන් යුක්ත වූ පුග්ගල නිද්දේසයයි. මේ වනාහි මෙහි සාරාංශයයි. ශ්‍රමණ කෘත්‍ය පුද්ගලයා වූ මා විසින් විඥාන වශයෙන් ලැබූ ශ්‍රවණ කෘත්‍යය ව්‍යවහාරයෙන් අසන ලද්දේය යනුයි.
තත්ථ එවන්ති ච මෙති ච සච්චිකට්ඨපරමත්ථවසෙන අවිජ්ජමානපඤ්ඤත්ති. කිඤ්හෙත්ථ තං පරමත්ථතො අත්ථි, යං එවන්ති වා මෙති වා නිද්දෙසං ලභෙථ? සුතන්ති විජ්ජමානපඤ්ඤත්ති. යඤ්හි තමෙත්ථ සොතෙන උපලද්ධං, තං පරමත්ථතො විජ්ජමානන්ති.
එහි එවං යනුද, මෙ යනුද, සච්ඡිකං, පරමං (තත්වාකාර අවබෝධය සහ පරමාර්ථ) වශයෙන් අවිද්‍යමාන ප්‍රඥප්තියකි. එවං කියා හෝ මෙ කියා හෝ නිර්දේශයන් ලබන්නේ ද, කිමෙක් ද එය මෙහි පරමාර්ථ වශයෙන් ඇත්තේමද (නැත්තේමය) සුතං යනු විද්‍යමාන ප්‍රඥප්තියකි. මෙහිදී යමක් සිතින් ලබන ලදද පරමාර්ථ වශයෙන් එය විද්‍යමාන වේ.
තථා එවන්ති ච මෙති ච තං තං උපාදාය වත්තබ්බතො උපාදාපඤ්ඤත්ති. සුතන්ති දිට්ඨාදීනි උපනිධාය වත්තබ්බතො උපනිධාපඤ්ඤත්ති. එත්ථ ච එවන්ති වචනෙන අසම්මොහං දීපෙති. න හි සම්මූළ්හො නානප්පකාරපටිවෙධසමත්ථො හොති. සුතන්ති වචනෙන සුතස්ස අසම්මොසං දීපෙති. යස්ස හි සුතං සම්මුට්ඨං හොති, න සො කාලන්තරෙන මයා සුතන්ති පටිජානාති. ඉච්චස්ස අසම්මොහෙන පඤ්ඤාසිද්ධි, අසම්මොසෙන පන සතිසිද්ධි. තත්ථ පඤ්ඤා පුබ්බඞ්ගමාය සතියා බ්යඤ්ජනාවධාරණසමත්ථතා, සතිපුබ්බඞ්ගමාය පඤ්ඤාය අත්ථපටිවෙධසමත්ථතා, තදුභයසමත්ථතායොගෙන අත්ථබ්යඤ්ජනසම්පන්නස්ස ධම්මකොසස්ස අනුපාලනසමත්ථතො ධම්මභණ්ඩාගාරිකත්තසිද්ධි.
එසේම එවං යන්නත් මෙ යන්නත් ඒ ඒ කරුණු අල්ලාගෙන කිවයුතු බැවින් උපාදාය ප්රඥප්ති නම් වේ. සුතං යනු දක්නා-අසන ආදී දේ (දිට්ඨ-සුත-මුත) හේතු කොටගෙන පවත්නා බැවින් උපනිධාය ප්රඥප්ති නම් වේ. මෙහි එවං යන වචනයෙන් මුලා නොවූ බව දක්වයි. මුලාවට පත් තැනැත්තේ නා නා ප්‍රකාර වූ ප්‍රතිවේධයට සමර්ථ නොවේ. සුතං යන වචනයෙන් ඇසූ දෙය විනාශ නොවීම ප්‍රකාශ කෙරේ. යමෙකුගේ ඇසූ දෙය නැසුනේ වේ ද, හෙතෙම කලකට පසු මවිසින් අසන ලදැයි, ප්‍රකාශ නොකරයි. මෙසේ එම ඇසූ දෙය අමතක නොවීමෙන් ප්‍රඥා සිද්ධිය වෙයි. ඇසූ දෙය නොනැසීමෙන් සතියගේ සිද්ධිය වේ. (මතකයට පැමිණේ) එහි පඤ්ඤා පුබ්බඞ්ගම සතියෙන් ව්යඤ්ජනාවන්ගේ ධාරණයට සමර්ථ බව ඇතිවෙයි. සතිය පෙරදැරිකොට ඇති පඤ්ඤාවෙන් අත්ථපටිවෙධයෙහි සමත් බව ඇතිවෙයි. (සති-පඤ්ඤා) දෙදෙනාගේ සමර්ථතා යෝගයෙන් අර්ථ ව්‍යඤ්ජනයන්ගෙන් පරිපූර්ණ වූ ධර්ම භාණ්ඩාගාර පාලනයෙහි දක්ෂ බැවින් ධර්ම භාණ්ඩාගාරික භාවයේ සිද්ධිය වේ.
අපරො නයො – එවන්ති වචනෙන යොනිසො මනසිකාරං දීපෙති, අයොනිසො මනසිකරොතො හි නානප්පකාරපටිවෙධාභාවතො. සුතන්ති වචනෙන අවික්ඛෙපං දීපෙති, වික්ඛිත්තචිත්තස්ස සවනාභාවතො. තථා හි වික්ඛිත්තචිත්තො පුග්ගලො සබ්බසම්පත්තියා වුච්චමානොපි “න මයා සුතං, පුන භණථා”ති භණති.
අනිකුදු ක්‍රමයක් කියනු ලැබේ. එවං යන මෙම වචනයෙන් යොනිසො මනසිකාරය ප්‍රකාශ කෙරෙයි. අයොනිසො මනසිකාරයෙන් නන් අයුරින් වන්නා වූ (ධර්ම) පටිවෙධයාගේ අභාවය ප්‍රකාශ කරයි. සුතං යන වචනයෙන් එකග්ගතාවය දක්වයි. එකග්ගතාවයක් නොමැත්තහුට ඇසීමක් සිදුනොවන බැවිනි. කැළඹුණු සිත් ඇති පුද්ගලයා හැම සැපතින් උසස් තත්ත්වයට පත්වූයේ නමුදු මා විසින් නොම අසන ලදි. නැවත වදාළ මැනවයි කියයි.
යොනිසො මනසිකාරෙන චෙත්ථ අත්තසම්මාපණිධිං පුබ්බෙ ච කතපුඤ්ඤතං සාධෙති, සම්මා අපණිහිතත්තස්ස පුබ්බෙ අකතපුඤ්ඤස්ස වා තදභාවතො. අවික්ඛෙපෙන පන සද්ධම්මස්සවනං සප්පුරිසූපනිස්සයඤ්ච සාධෙති. න හි වික්ඛිත්තචිත්තො සොතුං සක්කොති, න ච සප්පුරිසෙ අනුපස්සයමානස්ස සවනං අත්ථීති.
මෙහි දී යොනිසො මනසිකාරයෙන් අත්ත සම්මා පණිධියත් (සිය අත්බව මනා දහම්හි පිහිටුවීමත්) පුබ්බෙ ච කත පුඤ්ඤතාවත් (පෙරකළ පින් ඇති බවත්) සිදුකර දෙයි. අත්ත සම්මා පණිධියත්, පුබ්බෙච කත පුඤ්ඤතාවත් නොමැත්තා හට මෙය නොලැබෙන බැවිනි. නොකැළඹුනු සිතින් බණ ඇසීමත් සත්පුරුෂයන් ඇසුරු කිරීමත් සිදු කෙරෙයි. කැළඹීමට පත් තැනැත්තේ ඇසීමට අපොහොසත් වෙයි. සත්පුරුෂයන් ඇසුරු නොකරන්නහුට ධර්මශ්රවණයක් ද සිදු නොවේ.
අපරො නයො – යස්මා එවන්ති යස්ස චිත්තසන්තානස්ස නානාකාරප්පවත්තියා නානත්ථබ්යඤ්ජනග්ගහණං හොති, තස්ස නානාකාරනිද්දෙසොති වුත්තං. සො ච එවං භද්දකො ආකාරො න සම්මා අප්පණිහිතත්තනො පුබ්බෙ අකතපුඤ්ඤස්ස වා හොති, තස්මා එවන්ති ඉමිනා භද්දකෙන ආකාරෙන පච්ඡිමචක්කද්වයසම්පත්තිං අත්තනො දීපෙති, සුතන්ති සවනයොගෙන පුරිමචක්කද්වයසම්පත්තිං. න හි අප්පතිරූපදෙසෙ වසතො සප්පුරිසූපනිස්සයවිරහිතස්ස වා සවනං අත්ථි. ඉච්චස්ස පච්ඡිමචක්කද්වයසිද්ධියා ආසයසුද්ධි සිද්ධා හොති. පුරිමචක්කද්වයසිද්ධියා පයොගසුද්ධි. තාය ච ආසයසුද්ධියා අධිගමබ්යත්තිසිද්ධි, පයොගසුද්ධියා ආගමබ්යත්තිසිද්ධි. ඉති පයොගාසයසුද්ධස්ස ආගමාධිගමසම්පන්නස්ස වචනං අරුණුග්ගං විය සූරියස්ස උදයතො යොනිසොමනසිකාරො විය ච කුසලකම්මස්ස අරහති භගවතො වචනස්ස පුබ්බඞ්ගමං භවිතුන්ති ඨානෙ නිදානං ඨපෙන්තො එවං මෙ සුතන්තිආදිමාහ.
තවත් ක්‍රමයක්, යම් කරුණකින් එවං යන්නෙන් යමෙකුගේ චිත්ත සන්තානයෙහි, නොයෙක් අයුරින් පවතින විවිධ අර්ථ ඇති, ව්‍යඤ්ජනයන්ගේ ගැනීමක් වේද, එහි ඒවායින් නොයෙක් ආකාර දැක්වීම් සිදුවේ. එයද මෙසේ යහපත් ආකාරයක් නොමැති වන්නේ අත්ත සම්මා පණිධියත්, පුබ්බෙකත පුඤ්ඤතාවයත් නොමැති බැවිනි. එහෙයින් එවං යනුවෙන් මේ යහපත් අයුරකින් දැක්වීමකි. එසේම අත්ත සම්මා පණිධි, පුබ්බෙච කත පුඤ්ඤතා යන පශ්චිම චක්රද්වය නමැති සම්පත්තිය දැක්වූහ. සුතං යන ශ්‍රවණ යෝගයෙන් (පතිරූප දේශ වාසය සහ සත්පුරුෂ ආශ්‍රය යන) පූර්ව චක්රද්වය සම්පත්තිය දක්වන සේක. සුදුසු පෙදෙසක නොවසන සත්පුරුෂ ආශ්රයෙන් තොර වූවහුට ශ්‍රවණයක් නම් නැත්තේය. එහෙත් ඔහුගේ පශ්චිම චක්රද්වය සිද්ධියෙන් ආසය ශුද්ධිය සිද්ධවූවා වෙයි. පූර්ව චක්රද්වයයාගේ සිද්ධියෙන් ප්‍රයෝග ශුද්ධිය සිද්ධ වූවා වෙයි. එම ආශය සුද්ධියෙන් ද, අධිගම ව්‍යක්තිය සිද්ධ වෙයි. ප්‍රයෝග සුද්ධියෙන් ආගම ව්‍යක්තිය සිද්ධ වෙයි. මෙසේ ප්‍රයෝග ආසය ශුද්ධ වූ ආගම අධිගම සම්පන්නයාගේ වචනය, සූර්යෝදයට අරුණෝදය මෙන් ද, කුසල කර්මයට යෝනිසො මනසිකාරය මෙන් ද, භාග්‍යවත් බුදුරදුන්ගේ වචනයට පූර්වංගම වන්ට සුදුසු යයි සුදුසු ස්ථානයෙහි නිදානය තබන සේක් එවං මෙසුතං යනාදිය කීහ.
අපරො නයො – එවන්ති ඉමිනා නානප්පකාරපටිවෙධදීපකෙන වචනෙන අත්තනො අත්ථපටිභානපටිසම්භිදාසම්පත්තිසබ්භාවං දීපෙති. සුතන්ති ඉමිනා සොතබ්බභෙදපටිවෙධදීපකෙන ධම්මනිරුත්තිපටිසම්භිදාසම්පත්තිසබ්භාවං. එවන්ති ච ඉදං යොනිසොමනසිකාරදීපකං වචනං භාසමානො – “එතෙ මයා ධම්මා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා”ති දීපෙති. සුතන්ති ඉදං සවනයොගදීපකං වචනං භාසමානො – “බහූ මයා ධම්මා සුතා ධාතා වචසා පරිචිතා”ති දීපෙති. තදුභයෙනපි අත්ථබ්යඤ්ජනපාරිපූරිං දීපෙන්තො සවනෙ ආදරං ජනෙති. අත්ථබ්යඤ්ජනපරිපුණ්ණඤ්හි ධම්මං ආදරෙන අස්සුණන්තො මහතා හිතා පරිබාහිරො හොතීති ආදරං ජනෙත්වා සක්කච්චං ධම්මො සොතබ්බොති.
අනිකුදු ක්රමයකි. එවං යන නානාප්‍රකාර පටිවෙධයන් දක්වන මේ වචනයෙන් තමන් වහන්සේගේ අත්ථ පටිභාන පටිසම්භිදා සම්පත්තියේ විද්‍යමාන බව දක්වති. සුතං යන්නෙන් සොතබ්බභෙද නම් වූ ප්‍රතිවේධය ප්‍රකාශ කරන්නා වූ වචනයෙන් ධම්ම නිරුත්ති පටිසම්භිදා සම්පත්තියේ විද්‍යමාන බව දක්වති. එවං යන මේ යොනිසො මනසිකාරය දක්වන්නා වූ වචනය වදාරණ සේක් “මා විසින් මේ ධර්මයෝ සිතින් විමසන ලද්දාහුය. දෘෂ්ටියෙන් මනාකොට ප්‍රතිවේධ කරන ලද්දාහු යයි දක්වති. සුතං යන මේ ශ්‍රවණ යෝග (ඇසීමේ යෙදීම) ප්‍රකට කරන්නා වූ වචන වදාරණ සේක් මා විසින් බොහෝ ධර්මයෝ අසන ලදහ. බොහෝ ධර්මයෝ ධරණ ලදහ. පුරුදු කරන ලදහයි දක්වයි. ඒ දෙකින්ම අර්ථ බ්‍යඤ්ජනයන්ගේ පිරිපුන් බව දක්වන්නේ ඇසීමෙහි ආදරය උපදවයි. අර්ථයෙන් හා බ්‍යඤ්ජනයන්ගේ පිරිපුන් ධර්මය ආදරයෙන් නොඅසන තැනැත්තේ අභිවෘද්ධියෙන් පිරිහෙයි. මෙය තේරුම්ගෙන ආදරය උපදවා මනාකොට ධර්මය ඇසිය යුත්තේය.
“එවං මෙ සුත”න්ති ඉමිනා පන සකලෙන වචනෙන ආයස්මා ආනන්දො තථාගතප්පවෙදිතං ධම්මං අත්තනො අදහන්තො අසප්පුරිසභූමිං අතික්කමති, සාවකත්තං පටිජානන්තො සප්පුරිසභූමිං ඔක්කමති. තථා අසද්ධම්මා චිත්තං වුට්ඨාපෙති, සද්ධම්මෙ චිත්තං පතිට්ඨාපෙති. “කෙවලං සුතමෙවෙතං මයා තස්සෙව පන භගවතො වචන”න්ති දීපෙන්තො අත්තානං පරිමොචෙති, සත්ථාරං අපදිසති, ජිනවචනං අප්පෙති, ධම්මනෙත්තිං පතිට්ඨාපෙති.
එවං මෙ සුතං යන මේ මුළු වචනයෙන්ම ආයුෂ්මත් අනඳ තෙරුන් වහන්සේ බුදුරදුන් විසින් දේශිත ධර්මය මගේ යයි නොසලකමින් අසත්පුරුෂ භූමිය ඉක්මවයි. ශ්‍රාවක බව ප්‍රතිඥා කරමින් සත්පුරුෂ භූමියට බැස ගනී. එසේම අසත්පුරුෂ ධර්මයෙන් සිත පතිසල්ලාන වුට්ඨිතො - සත්පුරුෂ ධර්මයෙහි සිත පිහිටුවවයි. හුදෙක් මෙය භාග්‍යවතුන් වහන්සේගේම වචනයකි. එය මා විසින් අසා දැනගන්නා ලද්දේමය යනුවෙන් දක්වමින් තමන්වහන්සේ ඉන් නිදහස් වෙති. ශාස්තෲන් වහන්සේ සාක්ෂිකොට දක්වයි. ජින වචනයට නගා දක්වයි. ධර්මයේ දිගුපැවැත්ම පිහිටුවයි.
අපිච “එවං මෙ සුත”න්ති අත්තනා උප්පාදිතභාවං අප්පටිජානන්තො පුරිමවචනං විවරන්තො “සම්මුඛා පටිග්ගහිතමිදං මයා තස්ස භගවතො චතුවෙසාරජ්ජවිසාරදස්ස දසබලධරස්ස ආසභට්ඨානට්ඨායිනො සීහනාදනාදිනො සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මාධිපතිනො ධම්මදීපස්ස ධම්මසරණස්ස සද්ධම්මවරචක්කවත්තිනො සම්මාසම්බුද්ධස්ස වචනං, න එත්ථ අත්ථෙ වා ධම්මෙ වා පදෙ වා බ්යඤ්ජනෙ වා කඞ්ඛා වා විමති වා කත්තබ්බා”ති සබ්බදෙවමනුස්සානං ඉමස්මිං ධම්මෙ අස්සද්ධියං විනාසෙති, සද්ධාසම්පදං උප්පාදෙතීති. තෙනෙතං වුච්චති –
එවං මෙසුතං යනුවෙන් තමා ඉපදවූ බව නොහඟවා පළමු ඇසීම මතුකොට දක්වමින් මෙය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මා විසින් මෙසේ ඉදිරියේම හිඳගෙන අසා දැනගන්නා ලද්දේය යනුවෙන් දක්වමින් මා විසින් එසේ අසා දැනගන්නා ලද්ද, චතුර් වෛසාරද්‍ය විසාරද වූ දශබලධාරී වූ උත්තම ස්ථානයෙහි පිහිටියා වූ අභීත සිංහනාද පවත්වන්නා වූ, සියලු සත්වගට උත්තම වූ ධර්මයට අධිපති වූ, ධර්මරාජ වූ, ධර්මාධිපති වූ ධර්මය ප්‍රදීපයක් වූ සද්ධර්ම චක්‍රවර්ති වූ සම්මා සම්බුදු ප්‍රදීපයක් වූ සද්ධර්ම චක්‍රවර්ති වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයකි. මෙහි අර්ථයෙහි හෝ ධර්මයෙහි හෝ පදයේ හෝ ව්යඤ්ජනයේ හෝ සැකයක් හෝ විමතියක් හෝ නොකට යුතුයි. මෙසේ හැම දෙවි මිනිසුන්ගේ ම මේ ධර්මය කෙරෙහි පවතින අශ්රද්ධාව නසා දමයි. ශ්‍රද්ධා සම්පත්තිය උපදවයි. එහෙයින් මෙසේ කියනු ලැබේ.
විනාසයති අස්සද්ධං - සද්ධං වඩ්ඪෙති සාසනෙ එවම්මෙ සුතමිච්චෙමං වදං ගොතම සාවකො
“විනාසයති අස්සද්ධං, සද්ධං වඩ්ඪෙති සාසනෙ; එවං මෙ සුතමිච්චෙවං, වදං ගොතමසාවකො”ති.
යනුවෙන්, (ගෞතම ශ්‍රාවක වූ ආනන්ද ස්ථවිර තෙම එවං මෙ සුතං යයි මෙසේ කියන්නේ සස්නෙහි අශ්රද්ධාව නසයි. ශ්‍රද්ධාව වඩයි.)
එකන්ති ගණනපරිච්ඡෙදනිද්දෙසො. සමයන්ති පරිච්ඡින්නනිද්දෙසො. එකං සමයන්ති අනියමිතපරිදීපනං. තත්ථ සමයසද්දො –
එකං, යනුවෙන් සංඛ්‍යාව වෙන්කොට දැක්වීමයි. සමයං යනු කාලය වෙන්කොට දැක්වීමයි. (නියමිත නොවූ කාලපරිච්ඡේදයක් දැක්වීමකි.) එකං සමයං යනු අනියමින් දැක්වීමයි. එහි සමය ශබ්දය :-
සමවායෙ ඛණෙ කාලෙ සමූහෙ හෙතු දිට්ඨිසු, පටිලාභෙ පහානෙච පටිවෙධෙ ච දිස්සති
සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතුදිට්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස්සති.
(එක්වීමෙහි ද, ක්ෂණයෙහි ද කාලයෙහි ද සමූහයෙහි ද හේතු දෘෂ්ටි දෙකෙහි ද ප්‍රතිලාභයෙහි ද, ප්රහාණයෙහි ද ප්රතිවේධයෙහිද යන අරුත්හි සමය ශබ්දය දක්නා ලැබේ.)
තථා හිස්ස “අප්පෙව නාම ස්වෙපි උපසඞ්කමෙය්යාම කාලඤ්ච සමයඤ්ච උපාදායා”ති එවමාදීසු (දී· නි· 1.447) සමවායො අත්ථො.
ඒ මෙසේයැ. “අප්පෙව නාම ස්වෙපි උපසංකමෙය්‍යාම කාලඤ්ච සමයඤ්ච උපාදාය” යනාදී තන්හි එක්වීම් අර්ථයෙහිය.
“එකොව ඛො, භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසායා”තිආදීසු (අ· නි· 8.29) ඛණො.
“එකොව ඛො භික්ඛවෙ, ඛණොච සමයොච බ්‍රහ්මචරිය වාසාය” යනාදී තන්හි ක්ෂණය යන අර්ථයෙහි යෙදේ.
“උණ්හසමයො පරිළාහසමයො”තිආදීසු (පාචි· 358) කාලො.
“උණ්හ සමයො පරිළාහ සමයො” යන ආදි තන්හි කාලය යන අර්ථයෙහිය.
“මහාසමයො පවනස්මි”න්තිආදීසු සමූහො.
“මහාසමයො පවනස්මිං” යන ආදි තන්හි සමූහ යන අර්ථයෙහි වේ.
“සමයොපි ඛො තෙ, භද්දාලි, අප්පටිවිද්ධො අහොසි, භගවා ඛො සාවත්ථියං විහරති, භගවාපි මං ජානිස්සති, ‘භද්දාලි, නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය න පරිපූරකාරී’ති, අයම්පි ඛො තෙ, භද්දාලි, සමයො අප්පටිවිද්ධො අහොසී”තිආදීසු (ම· නි· 2.135) හෙතු.
“සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි භගවා ඛො සාවත්ථියං විහරති, භගවාපි මං ජානිස්සති භද්දාලි නාම භික්ඛු සත්ථු සාසනෙ සික්ඛාය න පරිපූරකාරීති අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි” යන ආදි තන්හි හේතු අර්ථයෙහි වේ.
“තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමුණ්ඩිකාපුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසතී”තිආදීසු (ම· නි· 2.260) දිට්ඨි.
“තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණ මණ්ඩිකාපුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ, එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති” ආදි තන්හි දිට්ඨි යන අරුත්හි වේ.
“දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො; අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී”ති. –
දිට්ඨෙව ධම්මෙ යො අත්ථො යො චත්ථො සම්පරායිකො අත්ථාභි සමයා ධීරො පණ්ඩිතොති පවුච්චති
ආදීසු (සං· නි· 1.129) පටිලාභො.
යනාදි තන්හි පටිලාභ (ලැබීම) අර්ථයෙහි වේ.
“සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා”තිආදීසු (ම· නි· 1.24) පහානං.
“සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස” යන ආදි තන්හි ප්‍රහාණ යන අර්ථයෙහි වේ.
“දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො”තිආදීසු (පටි· ම· 3.1) පටිවෙධො. ඉධ පනස්ස කාලො අත්ථො. තෙන සංවච්ඡර-උතු-මාසඩ්ඪමාස-රත්ති-දිව-පුබ්බණ්හ-මජ්ඣන්හික-සායන්හ- පඨමමජ්ඣිමපච්ඡිමයාම-මුහුත්තාදීසු කාලප්පභෙදභූතෙසු සමයෙසු එකං සමයන්ති දීපෙති.
“දුක්ඛස්ස පීලනට්ඨො සංඛතට්ඨො, සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො යන ආදි තන්හි පටිවෙධ අර්ථයෙහි වේ. මෙහි වනාහි සමය ශබ්දයාගේ කාලය යන අර්ථයි. එහෙයින් සංවත්සර, සෘතු, මාස, අර්ධමාස, දිවා රාත්‍රී පූර්වාහ්න, සායාහ්න ප්‍රථම, මධ්‍යම, පශ්චිම යාම මුහුර්ත ආදී වූ කාල ප්‍රභේද වූ සමයයන් අතුරෙන් එකං සමයං එක් සමයකැයි දක්වන සේක.
තත්ථ කිඤ්චාපි එතෙසු සංවච්ඡරාදීසු සමයෙසු යං යං සුත්තං යම්හි යම්හි සංවච්ඡරෙ උතුම්හි මාසෙ පක්ඛෙ රත්තිභාගෙ දිවසභාගෙ වා වුත්තං, සබ්බං තං ථෙරස්ස සුවිදිතං සුවවත්ථාපිතං පඤ්ඤාය. යස්මා පන “එවං මෙ සුතං අසුකසංවච්ඡරෙ අසුකඋතුම්හි අසුකමාසෙ අසුකපක්ඛෙ අසුකරත්තිභාගෙ අසුකදිවසභාගෙ වා”ති එවං වුත්තෙ න සක්කා සුඛෙන ධාරෙතුං වා උද්දිසිතුං වා උද්දිසාපෙතුං වා, බහු ච වත්තබ්බං හොති, තස්මා එකෙනෙව පදෙන තමත්ථං සමොධානෙත්වා “එකං සමය”න්ති ආහ.
එහි කිසිවක් මේ සංවච්ඡර ආදි කාලවල යම් යම් සූත්‍ර යම් යම් අවුරුද්දෙහි සෘතුවෙහි, මාසයෙහි පක්ෂයෙහි රාත්‍රී භාගයෙහි දිවා භාගයෙහි හෝ දේශනා කරන ලද්දේ ද ඒ සියල්ල තෙරුන් වහන්සේ මනාව දක්නා සේක. ප්‍රඥාවෙන් ව්‍යවස්ථා කරන ලද්දේය. යම් හෙයකින් අසවල් අවුරුද්දෙහි අසවල් සෘතුවෙහි අසවල් මාසයෙහි අසවල් පක්ෂයෙහි අසවල් රාත්‍රී භාගයෙහි අසවල් දිවා භාගයෙහි හෝ මා විසින් මෙසේ අසන ලදැයි කී කල්හි සුවසේ ධරන්ට හෝ උදෙසන්ට හෝ නො හැකි ද, බොහෝ කටයුතු වේ ද එහෙයින් එකම පදයකින් එම අර්ථය පිඩුකොට එකං සමයං යයි වදාළහ.
යෙ වා ඉමෙ ගබ්භොක්කන්තිසමයො ජාතිසමයො සංවෙගසමයො අභිනික්ඛමනසමයො දුක්කරකාරිකසමයො මාරවිජයසමයො අභිසම්බොධිසමයො දිට්ඨධම්මසුඛවිහාරසමයො දෙසනාසමයො පරිනිබ්බානසමයොති එවමාදයො භගවතො දෙවමනුස්සෙසු අතිවිය සුප්පකාසා අනෙකකාලප්පභෙදා එව සමයා, තෙසු සමයෙසු දෙසනාසමයසඞ්ඛාතං එකං සමයන්ති දීපෙති.
තව ද මව්කුසට බැසගැනීමේ සමය ජාතිසමය, සංවේග සමය, අභිනික්ඛමන සමය, දුක්කර කාරික සමය, මාරවිජය සමය, අභිසම්බෝධි සමය, දිට්ඨ ධම්ම සුඛ විහාර සමය, දේසනා සමය, පරිනිබ්බාන සමය යන ආදී මේ ආදිය භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ දෙවි මිනිසුන් අතර ඉතා ප්‍රකට සමය ශබ්දය යෙදුන කාල ප්රභේදයෝ ඒ ඒ සමයන් අතුරෙහි දේශනා සමය සංඛ්‍යාත වූ මෙය එකං සමයං යනුවෙන් දක්වයි.
යො චායං ඤාණකරුණාකිච්චසමයෙසු අරුණාකිච්චසමයො, අත්තහිතපරහිතපටිපත්තිසමයෙසු පරහිතපටිපත්තිසමයො, සන්නිපතිතානං කරණීයද්වයසමයෙසු ධම්මිකථාසමයො, දෙසනාපටිපත්තිසමයෙසු දෙසනාසමයො, තෙසුපි සමයෙසු අඤ්ඤතරං සන්ධාය “එකං සමය”න්ති ආහ.
තවද මෙය ඤාණ, කරුණා කෘත්‍ය සමයන් අතුරෙහි කරුණා කෘත්‍යය සමයයි. ආත්ම හිත (අත්තහිත) පරහිත, ප්‍රතිපත්ති සමයන් අතුරෙහි පරහිත ප්‍රතිපත්ති සමයයි. ඉදිරියට පැමිණි අයට කළයුතු දෙවැදෑරුම් කෘත්‍ය අතුරෙන් ධර්මකථා සමයයි. දේශනා ප්‍රතිපත්ති සමයන් අතුරෙහි දේශන සමයයි. මේ ඒ සමයන් අතුරෙහි එක්තරා සමයක් සඳහා එකං සමයං යනුවෙන් පැවසූහ.
කස්මා පනෙත්ථ යථා අභිධම්මෙ “යස්මිං සමයෙ කාමාවචර”න්ති ච ඉතො අඤ්ඤෙසු සුත්තපදෙසු “යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහී”ති ච භුම්මවචනෙන නිද්දෙසො කතො, විනයෙ ච “තෙන සමයෙන බුද්ධො භගවා”ති කරණවචනෙන, තථා අකත්වා “එකං සමය”න්ති උපයොගවචනනිද්දෙසො කතොති. තත්ථ තථා ඉධ ච අඤ්ඤථා අත්ථසම්භවතො.
කුමක් හෙයින් මෙහි අභිධර්මයෙහි “යස්මිං සමයෙ කාමාවචරං” යනුවෙන් ද එයින් අන්‍ය වූ සූත්‍රයන්හි “යස්මිං සමයෙ භික්ඛවෙ භික්ඛු විවිච්චෙම කාමෙහි” යනුවෙන් සත්තමී විභක්ති නිර්දේශයන් කරන ලදද, විනයෙහි, “තෙන ඛො පන සමයෙන බුද්ධො භගවා” යනුවෙන් කරණ අර්ථයෙන් දක්වන ලදද, මෙහි එසේ නොකොට එක සමයං යයි කර්මාර්ථයෙන් දක්වන ලදද යත් එහි එපරිද්දෙන් ද මෙහි අන් පරිද්දකින්ද අර්ථය ලැබෙන බැවිනි.
තත්ථ හි අභිධම්මෙ ඉතො අඤ්ඤෙසු සුත්තපදෙසු ච අධිකරණත්ථො භාවෙනභාවලක්ඛණත්ථො ච සම්භවති. අධිකරණඤ්හි කාලත්ථො ච සමූහත්ථො ච සමයො, තත්ථ වුත්තානං ඵස්සාදිධම්මානං ඛණසමවායහෙතුසඞ්ඛාතස්ස ච සමයස්ස භාවෙන තෙසං භාවො ලක්ඛීයති, තස්මා තදත්ථජොතනත්ථං තත්ථ භුම්මවචනනිද්දෙසො කතො.
යම් හෙයකින් එම අභිධර්මයෙහිත් එයින් අන්‍ය වූ සූත්‍ර පදයන්හිත් අධිකරණාර්ථයත් භාව සංඛ්‍යාත ක්රියාභාව ලක්ෂණාර්ථයත් ලැබේද අධිකරණය කාලාර්ථ වූ සමූහාර්ථ වූ ද සමය වෙයි. එහි කියන ලද ස්පර්ශ ආදී ධර්මයන්ගේද ඛණ සමවාය හේතු සංඛ්‍යාත වූ සමයයාගේ භාවයෙන් ඔවුන්ගේ භාවය ලකුණු කෙරේනුයි. එහෙයින් එම අර්ථය බැබලවීම සඳහා එහි ආධාර විත්තියෙන් නිර්දේශ කරන ලද්දේය.
විනයෙ ච හෙතුඅත්ථො කරණත්ථො ච සම්භවති. යො හි සො සික්ඛාපදපඤ්ඤත්තිසමයො සාරිපුත්තාදීහිපි දුබ්බිඤ්ඤෙය්යො, තෙන සමයෙන හෙතුභූතෙන කරණභූතෙන ච සික්ඛාපදානි පඤ්ඤාපයන්තො සික්ඛාපදපඤ්ඤත්තිහෙතුඤ්ච අපෙක්ඛමානො භගවා තත්ථ තත්ථ විහාසි, තස්මා තදත්ථජොතනත්ථං තත්ථ කරණවචනෙන නිද්දෙසො කතො.
විනයෙහි ද හේතු අර්ථයෙන් කරණාර්ථයත් ලැබෙයි. ශික්ෂාපද ප්රඥප්ති සමය ශාරිපුත්‍ර ස්ථවිර ආදීන් විසිනුදු දුර්විඥේය වූයේද, එසමයෙහි හේතුභූත වූද කාරණ භූත වූද ශික්ෂාපද පනවමින්, ශික්ෂාපද ප්‍රඥප්තියෙහි හේතුව ද අපේක්ෂා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තන්හි විසූ සේක් ද, එහෙයින් අර්ථය ප්‍රකාශ කරනු පිණිස එහි කරණ වචනයෙන් නිර්දේශ කරන ලදි.
ඉධ පන අඤ්ඤස්මිඤ්ච එවංජාතිකෙ අච්චන්තසංයොගත්ථො සම්භවති. යඤ්හි සමයං භගවා ඉමං අඤ්ඤං වා සුත්තන්තං දෙසෙසි, අච්චන්තමෙව තං සමයං කරුණාවිහාරෙන විහාසි, තස්මා තදත්ථජොතනත්ථං ඉධ උපයොගවචනනිද්දෙසො කතොති. තෙනෙතං වුච්චති –
මෙහි නැවත අන්‍ය වූත් මෙබඳු තන්හිද අත්‍යන්ත සංයොගාර්ථය ලැබෙයි. යම් හෙයකින් යම් සමයක භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය හෝ අන්‍ය සූත්‍රයක් හෝ දෙසූ සේක් ද, අත්‍යන්තයෙන්ම එසමයෙහි කරුණා විහාරයෙන් විසූ සේක් ද, එහෙයින් ඒ අත්‍යන්ත සංයෝගාර්ථය ප්‍රකට කිරීම පිණිස කර්ම වචනය නිර්දේශ කරන ලද්දේය. එහෙයින් කියන ලදි.
“තං තං අත්ථමවෙක්ඛිත්වා භුම්මෙන කරණෙන ච අඤ්ඤත්ර සමයො වුත්තො උපයොගෙන යොඉධ” යනුවෙන්
“තං තං අත්ථමපෙක්ඛිත්වා, භුම්මෙන කරණෙන ච; අඤ්ඤත්ර සමයො වුත්තො, උපයොගෙන සො ඉධා”ති.
ඒ ඒ අර්ථය පරීක්ෂාකොට මෙයින් පිටත අභිධම්ම විනය දෙක්හි ආධාරයෙන්ද කරණයෙන් ද සමය ශබ්දය තෙම කියන ලදි. මෙහි එම සමය ශබ්දය කර්මයෙන් කියන ලදි.
පොරාණා පන වණ්ණයන්ති – “තස්මිං සමයෙ”ති වා – “තෙන සමයෙනා”ති වා – “එකං සමය”න්ති වා අභිලාපමත්තභෙදො එස, සබ්බත්ථ භුම්මමෙව අත්ථොති. තස්මා “එකං සමය”න්ති වුත්තෙපි “එකස්මිං සමයෙ”ති අත්ථො වෙදිතබ්බො.
එසේ වුවත් පොරාණයෝ මෙසේ වර්ණනා කෙරෙති. “තස්මිං සමයෙ” කියා හෝ තෙන සමයෙ කියා හෝ, එකං සමයං හෝ මෙය වචන මාත්‍රයෙන් වූ භේදයකි. මෙය හැම තන්හිම ආධාරයම අර්ථකොට ඇත්තේය. එහෙයින් එකං සමයං යයි කී කල්හිදු එක් සමයෙක්හි යන අර්ථය දත යුත්තේය.
භගවාති ගරු. ගරුඤ්හි ලොකෙ “භගවා”ති වදන්ති. අයඤ්ච සබ්බගුණවිසිට්ඨතාය සබ්බසත්තානං ගරු, තස්මා “භගවා”ති වෙදිතබ්බො. පොරාණෙහිපි වුත්තං –
භගවා යනු ගරු යන අර්ථයි. ලෝකයේ ගරුකළ යුත්තාට භගවත් යයි කියත් ද, මේ සම්මා සම්බුද්ධ සියලු ගුණයෙන් දෙටු බැවින් සියලු සත්නට ගරුවේද එබැවින් භගවා යනුවෙන් දතයුතුයැ. පෝරාණයන් විසිනුදු කියන ලදි.
“භගවාති වචනං සෙට්ඨං භගවාති වචන මුත්තමං ගරුගාරව යුත්තො සො භගවා තෙන වුච්චති”
“භගවාති වචනං සෙට්ඨං, භගවාති වචනමුත්තමං; ගරුගාරවයුත්තො සො, භගවා තෙන වුච්චතී”ති.
(භගවා යනු ශ්‍රේෂ්ඨ වචනයකි. භගවා යනු උත්තම වචනයකි. ගරු භාවයට යෝග්‍ය වූ ඒ සම්‍යග් සම්බුද්ධ ගරු වේද එහෙයින් ‘භගවා’ යයි කියනු ලැබේ.)
අපිච –
තවද,
“භග්යවා භග්ගවා යුත්තො භගෙහිච විභත්තවා භත්තවා වන්ත ගමනො භවෙසු භගවා තතො”
“භාග්‍යවා භග්ගවා යුත්තො, භගෙහි ච විභත්තවා; භත්තවා වන්තගමනො, භවෙසු භගවා තතො”ති. –
(භාග්‍ය ඇත්තේද, රාගාදි කෙලෙස් භග්න කළේද භග ධර්මයන්ගෙන් යුක්ත වූයේ වේද, ඛන්ධ-ධාතු ආදී සියලු ධර්මයන් විභාගකොට ප්‍රකාශ කළේ ද, ලෞකික-ලෝකෝත්තර උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළේද කාමාදි භවයන්හි වමනය කළ ගමන් ඇත්තේ ද, එහෙයින් භගවත් නම් වේ.)
ඉමිස්සා ගාථාය වසෙනස්ස පදස්ස විත්ථාරතො අත්ථො වෙදිතබ්බො. සො ච විසුද්ධිමග්ගෙ බුද්ධානුස්සතිනිද්දෙසෙ වුත්තොයෙව.
මෙම විස්තර අනුවද භගවා යන මේ පදයාගේ විස්තර හා අර්ථ දතයුතුය. එය විසුද්ධි මාර්ගයේ බුද්ධානුස්මෘති නිර්දේශයෙහි කියන ලද්දේය.
එත්තාවතා චෙත්ථ එවං මෙ සුතන්ති වචනෙන යථාසුතං ධම්මං දස්සෙන්තො භගවතො ධම්මසරීරං පච්චක්ඛං කරොති. තෙන – “නයිදං අතික්කන්තසත්ථුකං පාවචනං, අයං වො සත්ථා”ති සත්ථු අදස්සනෙන උක්කණ්ඨිතං ජනං සමස්සාසෙති.
තවද මෙතෙකින් මෙහි එවං මෙ සුතං යන වචනයේ ‘සුතය’ නොඉක්ම ධර්මය දෙසන්නාහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශරීරය ප්රත්යක්ෂ කරති. එහෙයින් මෙම ප්‍රවචනය ශාස්තෘන් වහන්සේ ඉක්ම වූවක් නොවේ. මේ තොපගේ ශාස්තෘ යයි ශාස්තෲන් වහන්සේ නොදැක්මෙන් උකටලී වූ ජනයා අස්වසන සේක.
එකං සමයං භගවාති වචනෙන තස්මිං සමයෙ භගවතො අවිජ්ජමානභාවං දස්සෙන්තො රූපකායපරිනිබ්බානං සාධෙති. තෙන “එවංවිධස්ස නාම අරියධම්මස්ස දෙසකො දසබලධරො වජිරසඞ්ඝාතසමානකායො, සොපි භගවා පරිනිබ්බුතො, කෙන අඤ්ඤෙන ජීවිතෙ ආසා ජනෙතබ්බා”ති ජීවිතමදමත්තං ජනං සංවෙජෙති, සද්ධම්මෙ චස්ස උස්සාහං ජනෙති.
එකං සමයං භගවා යන වචනයෙන් එසමයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අවිද්‍යමාන බව දක්වන්නාහු, රූපකාය නිර්වාණය සිහි කරවති. එයින් අහෝ! මෙබඳු වූ ආර්ය ධර්මය දේශනා කළා වූ දශබලධර වූ විදුරු රැසක් සමාන රූපකාය ඇති ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. අන් කවරෙකු විසින් ජීවිතයෙහි ආශා ඉපදවිය යුත්තේදැයි ජීවිත මදයෙන් මත් වූ ජනයා සංවේගයට පත් කරවති. යළි සද්ධර්මයෙහි උත්සාහය උපදවත්.
එවන්ති ච භණන්තො දෙසනාසම්පත්තිං නිද්දිසති. මෙ සුතන්ති සාවකසම්පත්තිං. එකං සමයන්ති කාලසම්පත්තිං. භගවාති දෙසකසම්පත්තිං.
තවද එවං යයි කියන්නාහු දේශනා සම්පත්තිය දක්වති. මෙ සුතං යනුවෙන් ශ්‍රාවක සම්පත්තිය දක්වති. එකං සමයං යනුවෙන් කාල සම්පත්තිය දක්වති. භගවා යන්නෙන් දේශක සම්පත්තිය දක්වති.
උක්කට්ඨායං විහරතීති එත්ථ උක්කාති දීපිකා, තඤ්ච නගරං “මඞ්ගලදිවසො සුඛණො සුනක්ඛත්තං මා අතික්කමී”ති රත්තිම්පි උක්කාසු ඨිතාසු මාපිතත්තා උක්කට්ඨාති වුච්චති. දණ්ඩදීපිකාසු ජාලෙත්වා ධාරීයමානාසු මාපිතත්තාති වුත්තං හොති, තස්සං උක්කට්ඨායං. සමීපත්ථෙ චෙතං භුම්මවචනං.
උක්කට්ඨායං විහරති යන මෙහි උක්කා යනු ගිනිහුල යන අර්ථ ඇත්තේය. එම නගරයාගේ ආරම්භක මංගල දිනයෙහි යහපත් මොහොත ශුභ නැකැත් යෝගය නොඉක්මේවායි කියා රාත්‍රී කාලයෙහි දඬුවැට පහන් (පන්දම්) දරමින් සිටි කල්හි නිර්මාණය කළ බැවින් උක්කට්ඨා යයි කියනු ලැබේ. දඬුවැට පහන් දල්වා සිටි කල්හි මවන ලද හෙයින් ද මෙයට උක්කට්ඨා යයි කියන ලද්දේ ද වෙයි. එම උක්කට්ඨා නගරයෙහි යනු සමීප ආධාර අර්ථයෙහි (සමීපට්ඨෙ භුම්මවචනං) වේ.
විහරතීති අවිසෙසෙන ඉරියාපථදිබ්බබ්රහ්මඅරියවිහාරෙසු අඤ්ඤතරවිහාරසමඞ්ගිපරිදීපනමෙතං. ඉධ පන ඨානගමනනිසින්නසයනප්පභෙදෙසු රියාපථෙසු අඤ්ඤතරඉරියාපථසමායොගපරිදීපනං. තෙන ඨිතොපි ගච්ඡන්තොපි නිසින්නොපි සයානොපි භගවා විහරතිච්චෙව වෙදිතබ්බො. සො හි භගවා එකං ඉරියාපථබාධනං අඤ්ඤෙන ඉරියාපථෙන විච්ඡින්දිත්වා අපරිපතන්තං අත්තභාවං හරති පවත්තෙති, තස්මා විහරතීති වුච්චති.
විහරති යනු අවිශේෂයෙන් ඉරියාපථ, දිව්‍ය, බ්‍රහ්ම, අරිය විහරණයන් අතුරෙහි එක්තරා විහරණයකින් යුක්ත බව දැක්වීමයි. මෙහි වනාහි ඨාන-ගමන ආසන සයන වශයෙන් ප්‍රභේද ගතවූ එක්තරා ඉරියව්වකින් යුක්ත බැව් දැක්වීමයි. එහෙයින් එහි සිටියේ ද, යන්නේද, හුන්නේ ද නිදන්නේද (යන එක් ඉරියව්වකින්) භාග්‍යවතුන් වහන්සේ වාසය කළේයයි දතයුතුයි. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ එක් ඉරියව්වකින් පීඩාවක් වෙතොත් වෙනත් ඉරියව්වකින් ආත්ම භාවය වැටෙන්න නොදී පරිහරණය කරන සේක් ද, පවත්වන සේක්ද, එහෙයින් විහරති යයි කියනු ලැබේ.
සුභග වනය
සුභගවනෙති එත්ථ සුභගත්තා සුභගං, සුන්දරසිරිකත්තා සුන්දරකාමත්තා චාති වුත්තං හොති. තස්ස හි වනස්ස සිරිසම්පත්තියා මනුස්සා අන්නපානාදීනි ආදාය දිවසං තත්ථෙව ඡණසමජ්ජඋස්සවෙ කරොන්තා භොගසුඛං අනුභොන්ති, සුන්දරසුන්දරෙ චෙත්ථ කාමෙ පත්ථෙන්ති “පුත්තං ලභාම, ධීතරං ලභාමා”ති, තෙසං තං තථෙව හොති, එවං තං සුන්දරසිරිකත්තා සුන්දරකාමත්තා ච සුභගං. අපිච බහුජනකන්තතායපි සුභගං. වනයතීති වනං, අත්තසම්පදාය සත්තානං භත්තිං කාරෙති, අත්තනි සිනෙහං උප්පාදෙතීති අත්ථො. වනුතෙ ඉති වා වනං, නානාවිධකුසුම-ගන්ධසම්මොදමත්තකොකිලාදිවිහඞ්ගමාභිරුතෙහි මන්දමාලුතචලිතරුක්ඛසාඛාවිටපපල්ලවපලාසෙහි ච “එථ මං පරිභුඤ්ජථා”ති සබ්බපාණිනො යාචති වියාති අත්ථො. සුභගඤ්ච තං වනඤ්චාති සුභගවනං. තස්මිං සුභගවනෙ. වනඤ්ච නාම රොපිමං, සයංජාතන්ති දුවිධං. තත්ථ වෙළුවනජෙතවනාදීනි රොපිමානි. අන්ධවනමහාවනඅඤ්ජනවනාදීනි සයං ජාතානි. ඉදම්පි සයංජාතන්ති වෙදිතබ්බං.
සුභග වනෙ, යනුවෙන් මෙම වනය ප්‍රියමනාප බැවින් සුභග වනය යයි කියනු ලැබේ. සුන්දර සිරි සොභාවක් ඇති බැවින්ද, සුන්දර කාමයන් දනවන බැවින්දැයි, කියන ලද්දේ වෙයි. ඒ වනයෙහි ශ්‍රී සම්පත්තිය නිසා මිනිස්සු ආහාරපාන ආදිය ගෙනගොස් රෑ දාවල් එහි සැණකෙළි උත්සව පවත්වමින් භෝග සම්පත් අනුභව කරති. සුන්දර සුන්දර වූ කාම ප්‍රාර්ථනාවන් එහිදී කෙරෙත්. පුතෙකු ලබමු දුවක ලබමු ආදියයි. ඔවුන්ගේ එම ප්‍රාර්ථනාවන් එසේ ඉටු වේ. මෙසේ වනය සොඳුරු සිරි ඇති බැවින් ද සොඳුරු කාමයන් ඇති බැවින්ද, සුභග නම් වේ. යළිදු බොහෝ දෙනා කැමති බැවින් ද සුභග වන නම් වේ. සේවනය කෙරේනුයි වන නම් වේ. ආත්ම සම්පත්තිය පිණිස සත්ත්වයන්ගේ භක්තිය ඇති වේ. තමා කෙරෙහි ආදරය උපදවයි. යාඥා කෙරේනුයි වන නම් වේ. අනේකවිධ මල්මුවරදින් සතුටුව මත් වූ කෝකිලාදීන්ගේ නාදයෙන් ද මද පවනින් සැලෙන රුක්-සා-වෙලෙප් පලු පන්තීන්ද, එන්න මා අනුභව කරන්න යයි සියලු සත්ත්වයන්ට යාඥා කරන වැනියයි යන අර්ථයි. සුභග වූයේත් හේ ම ය වන වූයේත් හේ ම ය සුභග වන නම් වේ. ඒ සුභග වන යන්නෙහි වනය නම්, රෝපිත යයි ද, ස්වයං ජාත යයි ද, දෙවදෑරුම් වේ. එම දෙවදෑරුම් වනයන් අතුරෙහි, වේළුවන ජේතවන ආදීහු රෝපිත කරන ලද්දාහු වෙති. අන්ධවන, මහාවන, අඤ්ජන වන ආදීහු ස්වයං ජාන වනයෝය. මෙයද ස්වයංජාත යයි දතයුතුයැ.
සාලරාජමූලෙති එත්ථ සාලරුක්ඛොපි සාලොති වුච්චති. යථාහ “සෙය්යථාපි, භික්ඛවෙ, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහන්තං සාලවනං, තඤ්චස්ස එළණ්ඩෙහි සඤ්ඡන්න”න්ති (ම· නි· 1.225) “අන්තරෙන යමකසාලාන”න්ති ච (දී· නි· 2.195) වනප්පතිජෙට්ඨකරුක්ඛොපි. යථාහ –
සාලරාජ මූලෙ යන මෙහි සල්ගසද සාල යයි කියනු ලැබේ. එබැවින් කියන ලදි. “සෙය්යථාපි භික්ඛවෙ ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහන්තං සාලවනං * තඤ්චස්ස සඵලණ්ඩෙහි සඤ්ජන්නං,” යයිද, අන්තරෙන යමක සාලානං යයිද වනස්පති වූ ද වන දෙටු වූද රුකට සාලයයි කියනු ලැබේ. මෙසේ ද කීහ.
“තවෙව දෙව විජිතෙ, තවෙවුය්යානභූමියා; උජුවංසා මහාසාලා, නීලොභාසා මනොරමා”ති. (ජා· 2.19.4);
(දේවයිනි, ඔබගේම රටෙහි, ඔබගේම උයන් බිමෙහි කෙලින් කඳ ඇති, මහත් වූ වනදෙටු වෘක්ෂයෝ නීල වර්ණයෙන් බබලන්නාහු සිත්කලු වූවාහුය.)
යො කොචි රුක්ඛොපි. යථාහ “අථ ඛො තං, භික්ඛවෙ, මාලුවබීජං අඤ්ඤතරස්මිං සාලමූලෙ නිපතෙය්යා”ති (ම· නි· 1.469). ඉධ පන වනප්පතිජෙට්ඨකරුක්ඛො අධිප්පෙතො. රාජසද්දො පනස්ස තමෙව ජෙට්ඨකභාවං සාධෙති. යථාහ “සුප්පතිට්ඨිතස්ස ඛො බ්‍රාහ්මණ ධම්මික නිග්රොධරාජස්සා”ති (අ· නි· 6.54).
යම්කිසි රුකක් වේද, මෙසේ කීහ. “අථඛො තං භික්ඛවෙ මාලුවා බීජං අඤ්ඤතරස්මිං සාල මූලෙ නිපතෙය්ය,” යනුවෙන් මෙහි වනස්පති දෙටු රුකක්ම අදහස් කරන ලද්දේ වෙයි. රාජ ශබ්දය එම වෘක්ෂයාගේ දෙටුබව ප්‍රකට කෙරේ. අන් තන්හිදු මෙසේ කියන ලදි. “සුප්පතිට්ඨිතස්ස වො බ්‍රාහ්මණ ධම්මික නිග්රොධ රජස්ස” යනුවෙන්.
තත්ථ ද්වෙධා සමාසො, සාලානං රාජාතිපි සාලරාජා, සාලො ච සො ජෙට්ඨකට්ඨෙන රාජා ච ඉතිපි සාලරාජා. මූලන්ති සමීපං. අයඤ්හි මූලසද්දො, “මූලානි උද්ධරෙය්ය, අන්තමසො උසිරනාළිමත්තානිපී”තිආදීසු (අ· නි· 4.195) මූලමූලෙ දිස්සති. “ලොභො අකුසලමූල”න්තිආදීසු (දී· නි· 3.305) අසාධාරණහෙතුම්හි. “යාව මජ්ඣන්හිකෙ කාලෙ ඡායා ඵරති, නිවාතෙ පණ්ණානි පතන්ති, එත්තාවතා රුක්ඛමූල”න්තිආදීසු සමීපෙ. ඉධ පන සමීපෙ අධිප්පෙතො, තස්මා සාලරාජස්ස සමීපෙති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
එහි දෙපරිද්දකින් සමාස පදය සිද්ධ වේ. සාලයන්ගේ රජ සාලරාජ වේ. සාල වූයේත් හේය රාජ වූයේත් හේය සාලරාජ නම් වේ. මූලං යනු සමීපයයි. මෙම මූල ශබ්දය තෙම, “මූලානි උද්ධරෙය්ය, අන්තමසො උසීරනාළමත්තානිපි” ආදි තන්හි මූල මූලයෙහි වැටේ. “ලොභො අකුසල මූලං” මේ ආදියෙහි ප්‍රධාන මූල අර්ථයෙහි යෙදී ඇත. “යා ව මජ්ඣතනිකෙ කාලෙ ඡායා ඵරති නිවාතෙ පණ්ණාති පතන්ති එත්තාවතා රුක්ඛමූලං” යනාදි තන්හි සමීපයෙහි යන අරුත්හිය. මෙහිදු සමීපය යන අර්ථය අදහස් කරන ලදි. “උක්කට්ඨායං විහරති සුභග වනෙ සාලරාජ මූලෙ” යන වචනයෙහි කිසිවෙකුට මෙබඳු විතර්කයක් වන්නේය. මේ කියන අයුරින් චෝදනා කරන්නේය.
තත්ථ සියා – යදි තාව භගවා උක්කට්ඨායං විහරති, “සුභගවනෙ සාලරාජමූලෙ”ති න වත්තබ්බං, අථ තත්ථ විහරති, “උක්කට්ඨාය”න්ති න වත්තබ්බං, න හි සක්කා උභයත්ථ එකං සමයං විහරිතුන්ති. න ඛො පනෙතං එවං දට්ඨබ්බං.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නුවර වෙසේ නම් සුභග වනෙ සාලරාජමූලෙ යයි නොකිය යුතු වන්නේය. නැතහොත් ඒ සුභග වනයෙහි වූ සාලරාජ මූලයෙහි වෙසේ නම් උක්කට්ඨා යනුවෙන් නොකිය යුතු වන්නේය. යම් හෙයකින් දෙතන්හිම එක් සමයක වාසය කළ නොහැකිද එහෙයිනි.
නනු අවොචුම්හ “සමීපත්ථෙ චෙතං භුම්මවචන”න්ති. තස්මා යථා ගඞ්ගායමුනාදීනං සමීපෙ ගොයූථානි චරන්තානි “ගඞ්ගාය චරන්ති, යමුනාය චරන්තී”ති වුච්චන්ති, එවමිධාපි යදිදං උක්කට්ඨාය සමීපෙ සුභගවනං සාලරාජමූලං, තත්ථ විහරන්තො වුච්චති “උක්කට්ඨායං විහරති සුභගවනෙ සාලරාජමූලෙ”ති. ගොචරගාමනිදස්සනත්ථඤ්හිස්ස උක්කට්ඨාවචනං, පබ්බජිතානුරූපනිවාසට්ඨානනිදස්සනත්ථං සෙසවචනං.
මේ වචනය මේ අයුරින් නොදත යුතුය. සමීපාර්ථයෙහි ආධාර වචනයයි කියම්හ. එහෙයින් ගංගා යමුනා ආදීන් සමීපයෙහි හැසිරෙන ගව සමූහයෝ “ගංගාය චරන්ති”, “යමුනාය චරන්ති” යයි මෙසේ කියනු ලැබෙත් ද, එපරිද්දෙන් මෙහි ද, උක්කට්ඨා නුවර සමීපයෙහි යම් මේ සුභග වනයක සාලරාජ මූලයක් වේද එහි වාසය කරන්නේ උක්කට්ඨායං විහරති සුභග වනෙ සාලරාජ මූලෙ යයි කියනු ලැබේ. උක්කට්ඨා යන වචනය බුදුරදුන්ගේ ගොදුරුගම දක්වනු පිණිස වේ. සුභග වනෙ යනාදි අවශේෂ වචන පැවිද්දන්ට උචිත සෙනසුනක් දක්වනු පිණිස වේ.
තත්ථ උක්කට්ඨාකිත්තනෙන ආයස්මා ආනන්දො භගවතො ගහට්ඨානුග්ගහකරණං දස්සෙති, සුභගවනාදිකිත්තනෙන පබ්බජිතානුග්ගහකරණං. තථා පුරිමෙන පච්චයග්ගහණතො අත්තකිලමථානුයොගවිවජ්ජනං, පච්ඡිමෙන වත්ථුකාමප්පහානතො කාමසුඛල්ලිකානුයොගවිවජ්ජනුපායදස්සනං. පුරිමෙන ච ධම්මදෙසනාභියොගං, පච්ඡිමෙන විවෙකාධිමුත්තිං. පුරිමෙන කරුණාය උපගමනං, පච්ඡිමෙන පඤ්ඤාය අපගමනං. පුරිමෙන සත්තානං හිතසුඛනිප්ඵාදනාධිමුත්තතං, පච්ඡිමෙන පරහිතසුඛකරණෙ නිරුපලෙපනං. පුරිමෙන ධම්මිකසුඛාපරිච්චාගනිමිත්තං ඵාසුවිහාරං, පච්ඡිමෙන උත්තරිමනුස්සධම්මානුයොගනිමිත්තං. පුරිමෙන මනුස්සානං උපකාරබහුලතං, පච්ඡිමෙන දෙවානං. පුරිමෙන ලොකෙ ජාතස්ස ලොකෙ සංවඩ්ඪභාවං, පච්ඡිමෙන ලොකෙන අනුපලිත්තතං.
එහි උක්කට්ඨා යයි පැවසීමෙන් ආයුෂ්මත් අනඳ තෙරුන් වහන්සේ, බුදුරදුන්ගේ ගිහියනට අනුග්‍රහ කිරීම දක්වන සේක. සුභග වනාදිය දැක්වීමෙන් පැවිදි පිරිසකට අනුග්‍රහ කිරීම දැක්වූහ. එසේම පූර්ව වචනයෙන් (උක්කට්ඨා) සිවුපසය ගැනීමෙන් අත්තකිලමථානුයෝගය දුරුකිරීම ප්‍රකට කෙරේ. පශ්චිම වචනයෙන් (සුභග වනෙ සාල රාජ මූලෙ) වස්තුකාමය පහ කිරීමෙන් කාමසුඛල්ලිකානුයෝගය දුරුකිරීමේ උපාය දැක්වීම සිදුකෙරේ. නැවත පූර්ව වචනයෙන් ධර්මදේශනාවෙහි යෙදීම ද පශ්චිම වචනයෙන් විවේකාධ්යාසයද, පූර්ව වචනයෙන් කරුණාවෙන් යුක්තවීම ද, පශ්චිම වචනයෙන් ප්‍රඥාවෙන් පහව යාම ද, පූර්ව වචනයෙන් සත්හට හිතසුව අදහස් ඇති බවද, පශ්චිම වචනයෙන් පරහට හිතසුව කිරීමෙහි තෘෂ්ණාවෙහි නොයෙදුන බව ද, පූර්ව වචනයෙන් දැහැමි සැපය නොහැරීම කරුණුකොට ඇති පහසු විහරණයද, පශ්චිම වචනයෙන් උතුරු මිනිස් දහම්හි යෙදීමෙහි හේතුවද, පූර්ව වචනයෙන් මිනිසුන්ට උපකාර බහුල බවද, පශ්චිම වචනයෙන් දෙවියන්ට උපකාර බහුල බවද, පූර්ව වචනයෙන් ලොවෙහි උපන්නහු ලොවෙහිම වැඩුනු බවද පශ්චිම වචනයෙන් ලෝකයා හා නොඇලුණු බවද (ප්‍රකට කෙරේ.)
පුරිමෙන “එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො, තථාගතො අරහං සම්මාසම්බුද්ධො”ති (අ· නි· 1.170) වචනතො යදත්ථං භගවා උප්පන්නො, තදත්ථපරිනිප්ඵාදනං, පච්ඡිමෙන යත්ථ උප්පන්නො, තදනුරූපවිහාරං. භගවා හි පඨමං ලුම්බිනිවනෙ, දුතියං බොධිමණ්ඩෙති ලොකියලොකුත්තරාය උප්පත්තියා වනෙයෙව උප්පන්නො, තෙනස්ස වනෙයෙව විහාරං දස්සෙතීති එවමාදිනා නයෙනෙත්ථ අත්ථයොජනා වෙදිතබ්බා.
පළමු වචනයෙන් “එකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජනා බහුජන හිතාය බහුජන සුඛාය ලොකානු කම්පකාය අත්ථාය හිතාය සුඛාය දෙව මනුස්සනං කතමො එකපුග්ගලො තථාගතො අරහං සම්මා සම්බුද්ධො” යනුවෙන් වදාළ බැවින් යම් අර්ථයක් සඳහා භාග්‍යවතුන් වහන්සේ උපන් සේක් ද, ඒ ලෝකාර්ථ නම් වූ බුද්ධ කෘත්‍යය සපුරාලීමටය. පශ්චිම වචනයෙන් යම් තැනක උපන් සේක් ද ඊට අනුරූප වූ විහරණය දැක්වීමයැ සැබව. බුදුරජාණෝ පළමුකොට ලුම්බිනි වනයෙහියැ. දෙවෙනිවර බෝමැඩය ලෞකික ලෝකෝත්තර උපතින් වනයෙහිම උපන් සේක. එබැවින් උන්වහන්සේගේ වනයෙහි විසීම දක්වන සේක යන මේ ආදි ක්රමයන්ගෙන් මෙහි අරුත් දතයුත්තේය.
තත්රාති දෙසකාලපරිදීපනං. තඤ්හි යං සමයං විහරති, තත්ර සමයෙ. යස්මිඤ්ච සාලරාජමූලෙ විහරති, තත්ර සාලරාජමූලෙති දීපෙති. භාසිතබ්බයුත්තෙ වා දෙසකාලෙ දීපෙති. න හි භගවා අයුත්තෙ දෙසෙ කාලෙ වා ධම්මං භාසති. “අකාලො ඛො තාව බාහියා”ති (උදා· 10) ආදිචෙත්ථ සාධකං. ඛොති පදපූරණමත්තෙ අවධාරණෙ ආදිකාලත්ථෙ වා නිපාතො. භගවාති ලොකගරුදීපනං.
තත්ර යනු දේශය හා කාලය දැක්වීමය. යම් සමයෙක්හි වාසකෙරේ ද එසමයෙහි යයි ද, යම් සාලරාජ මූලයෙක්හි වාසය කෙරේ ද ඒ සාලරාජ මූලයෙහි යයි ද දැක්වූහ. කිවයුතුම දේශ කාලයක් දක්වන්නේ භාග්‍යවතුන් වහන්සේ නොසුදුසු කාලයෙහි හෝ දේශයෙහි දහම් නොදෙසන සේක. “අකාලො ඛො තාව බාහිය” යනාදිය මෙයට සාධකයි. ඛො යනු පද පූර්ණ මාත්‍රයෙහි, අවධාරණයෙහි ආදි කාලාර්ථයෙහි හෝ නිපාත යයි. භගවා යන්නෙන් ලෝකගරු බව දක්වයි.
භික්ඛූති කථාසවනයුත්තපුග්ගලවචනං. අපිචෙත්ථ, “භික්ඛකොති භික්ඛු, භික්ඛාචරියං අජ්ඣුපගතොති භික්ඛූ”තිආදිනා (පාරා· 45) නයෙන වචනත්ථො වෙදිතබ්බො. ආමන්තෙසීති ආලපි අභාසි සම්බොධෙසීති අයමෙත්ථ අත්ථො. අඤ්ඤත්ර පන ඤාපනෙපි හොති. යථාහ “ආමන්තයාමි වො, භික්ඛවෙ, පටිවෙදයාමි වො, භික්ඛවෙ”ති. පක්කොසනෙපි. යථාහ “එහි ත්වං භික්ඛු මම වචනෙන සාරිපුත්තං ආමන්තෙහී”ති (අ· නි· 9.11).
භික්ඛු යනු කථා ශ්‍රවණයෙහි යෝග්‍ය පුද්ගලයන් දක්වන වචන යයි. යළිදු මෙහි පිඬුසිඟීම (භික්ෂාව) කෙරේනුය භික්ෂු නම් වේ. යනාදි නයින් වචනාර්ථය දතයුත්තේය. ආමන්තයී යනු ආමන්ත්‍රණය කළේය යන අර්ථයෙහි වෙයි. අන් තැන්වලදී දැන්වීම යන අර්ථයෙහි වෙයි. එහෙයින් කීහ. “ආමන්තියාමි වො භික්ඛවෙ පටිවෙදයාමි වො භික්ඛවෙ,” යනුවෙන් කැඳවීමෙහි ද වෙයි. “එහි ත්වං භික්ඛු මම වචනෙන සාරිපුත්තං ආමන්තෙහි” යනුයි.
භික්ඛවොති ආමන්තනාකාරදීපනං. තඤ්ච භික්ඛනසීලතාදිගුණයොගසිද්ධත්තා වුත්තං. භික්ඛනසීලතාගුණයුත්තොපි හි භික්ඛු භික්ඛනධම්මතාගුණයුත්තොපි. භික්ඛනෙ සාධුකාරිතාගුණයුත්තොපීති සද්දවිදූ මඤ්ඤන්ති. තෙන ච නෙසං භික්ඛනසීලතාදිගුණයොගසිද්ධෙන වචනෙන හීනාධිකජනසෙවිතං වුත්තිං පකාසෙන්තො උද්ධතදීනභාවනිග්ගහං කරොති. භික්ඛවොති ඉමිනා ච කරුණාවිප්ඵාරසොම්මහදයනයනනිපාතපුබ්බඞ්ගමෙන වචනෙන තෙ අත්තනො මුඛාභිමුඛෙ කරොති. තෙනෙව ච කථෙතුකම්යතාදීපකෙන වචනෙන නෙසං සොතුකම්යතං ජනෙති. තෙනෙව ච සම්බොධනට්ඨෙන සාධුකං සවනමනසිකාරෙපි නෙ නියොජෙති. සාධුකසවනමනසිකාරායත්තා හි සාසනසම්පත්ති.
භික්ඛු යනු ආමන්ත්‍රණය කරන අයුරු දැක්වීමයි. භික්ෂණ ලක්ෂණ ගුණයෙන් සිද්ධ හෙයින් කියන ලද්දේය. භික්ඛණ ලක්ෂණ ගුණයෙන් යුක්ත වූයේත් භික්ෂු නම් වෙයි. භික්ඛණ ධර්මතා (සිඟීම ව්රතයක් කොට ඇති) ගුණයෙන් යුක්ත වූයේත් භික්ෂු නම් වෙයි. පිඬු සිඟීමෙහි සාධුකාරී ගුණයෙන් (සකස්කොට කිරීමෙන්) යුක්ත වූයේත් භික්ෂු නම් වේ යයි ශබ්ද ශාස්ත්‍රඥයෝ දනිත්. ඔවුන්ගේ භික්ෂා ශීලාදී ගුණ යෝගයෙන් සිද්ධ වූ එම වචනයෙන් ද හීනාධික ජනයන් විසින් සෙව්නා ලද වෘත්තිය ප්‍රකාශ කරන්නේ උඩඟු දීන භාවයන්ට නිග්‍රහ කරන සේක. භික්ඛවො යනු කුළුණින් පතල සෞම්‍ය වූ සිත් නෙත් හෙලීම පෙරදැරිකොට ඇති වචනයෙන්ද ඔවුන් තමන් වහන්සේගේ මුහුණට අභිමුඛ කරන සේක. කියනු කැමති බව දක්වන එම වචනයෙන්ම ඔවුන්ගේ අසනු කැමති බව උපදවන සේක. නැවත සම්බෝධනාර්ථයෙන් යුතු එම වචනයෙන්ම සකස්කොට ඇසීමෙහි හා මෙනෙහි කිරීමෙහි ද ඔවුන් යොදවන සේක. එසේම ශාසන සම්පත්ති තොමෝ මනාකොට ඇසීම මෙනෙහි කිරීම අයත්කොට ඇත්තීය.
අපරෙසුපි දෙවමනුස්සෙසු විජ්ජමානෙසු කස්මා භික්ඛූයෙව ආමන්තෙසීති චෙ. ජෙට්ඨසෙට්ඨාසන්නසදාසන්නිහිතභාවතො. සබ්බපරිසසාධාරණා හි භගවතො ධම්මදෙසනා. පරිසාය ච ජෙට්ඨා භික්ඛූ, පඨමුප්පන්නත්තා. සෙට්ඨා, අනගාරියභාවං ආදිං කත්වා සත්ථුචරියානුවිධායකත්තා සකලසාසනපටිග්ගාහකත්තා ච. ආසන්නා, තත්ථ නිසින්නෙසු සත්ථුසන්තිකත්තා. සදාසන්නිහිතා, සත්ථුසන්තිකාවචරත්තාති. අපිච තෙ ධම්මදෙසනාය භාජනං, යථානුසිට්ඨං පටිපත්තිසබ්භාවතො. විසෙසතො ච එකච්චෙ භික්ඛූයෙව සන්ධාය අයං දෙසනාතිපි තෙ එව ආමන්තෙසි.
අන්‍ය වූ ද දෙවියන් මිනිසුන් ඇතිකල්හි කුමක් හෙයින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක්ද, දෙට - සෙට - ආසන්න, හැමකල්හි සමීපයෙහි කියන බැවිනි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා සියලු පිරිසටම සාධාරණය. එසේ වුවත් පිරිස් අතුරෙහි භික්ෂූහු ප්‍රධාන වූවාහු වෙති. පළමුව උපන් බැවිනි. පැවිදිබව ආදිකොට ඇති බුදුරදුන්ගේ චරිතයට අනුකූල වූ ක්‍රියා ඇති බැවින් ද, සියලු චරිතයට අනුකූල වූ ක්‍රියා ඇති බැවින් ද, සියලු සසුන්කෙත පිළිගත් බැවින් ද ප්‍රධාන වූවාහු වෙති. ආසන්න වූවාහු වෙති. බුදුරදුන් සමීපයෙහි හැසිරෙන බැවින් හැමකල්හිම සිටියාහු වෙති. තව ද ඔවුහු ධර්මදේශනාවට භාජන වෙති. අනුශාසනා පරිදි නො ඉත්ම පිළිපැදීම සිද්ධවන බැවිනි. විශේෂයෙන් භික්ෂූන් සඳහාම මෙම දේශනාව කළහයි ඔවුන් ඇමතූ සේකයි කිසිවෙක් කියති.
තත්ථ සියා – කිමත්ථං පන භගවා ධම්මං දෙසෙන්තො පඨමං භික්ඛූ ආමන්තෙසි, න ධම්මමෙව දෙසෙතීති. සතිජනනත්ථං. භික්ඛූ හි අඤ්ඤං චින්තෙන්තාපි වික්ඛිත්තචිත්තාපි ධම්මං පච්චවෙක්ඛන්තාපි කම්මට්ඨානං මනසිකරොන්තාපි නිසින්නා හොන්ති, තෙ අනාමන්තෙත්වා ධම්මෙ දෙසියමානෙ – “අයං දෙසනා කින්නිදානා කිංපච්චයා කතමාය අට්ඨුප්පත්තියා දෙසිතා”ති සල්ලක්ඛෙතුං අසක්කොන්තා දුග්ගහිතං වා ගණ්හෙය්යුං, න වා ගණ්හෙය්යුං. තෙන නෙසං සතිජනනත්ථං භගවා පඨමං ආමන්තෙත්වා පච්ඡා ධම්මං දෙසෙති.
එහිදී මෙම චෝදනාව වන්නීය. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක් කුමක් හෙයින් පළමුකොට භික්ෂූන් ඇමතූ සේක්ද, දහම්ම නොදෙසූ සේක් දැයි සිහිය උපදවනු පිණිස සැබෑව භික්ෂූහු අනිකක් සිතමින් ද විසුරුණු සිත් ඇත්තාහුද ධර්මය ප්රත්යවේක්ෂා කරමින් කමටහන්හි හුන්නාහු වෙති. ඔවුන් නො අමතා දහම් දෙසනු ලබන කල්හි මේ දේශනාව කුමක් කරුණුකොට ඇත්තේද කුමක් ප්‍රත්‍යකොට ඇත්තේ ද, කිනම් අර්ථ උත්පත්තියක් දේශනා කරන ලද්දේ දැයි සලකන්ට නොහැකි වන්නාහු වරදවා හෝ ගන්නාහුය. නොගන්නාහු හෝ වෙති. එහෙයින් ඔවුන්ට සිහි උපදවනු පිණිස භාග්‍යවතුන් වහන්සේ පළමුකොට ඔවුන් අමතා පසුව ධර්ම දේශනා කළහ.
භදන්තෙති ගාරවවචනමෙතං, සත්ථුනො පටිවචනදානං වා, අපිචෙත්ථ භික්ඛවොති වදමානො භගවා තෙ භික්ඛූ ආලපති. භදන්තෙති වදමානා තෙ භගවන්තං පච්චාලපන්ති. තථා භික්ඛවොති භගවා ආභාසති. භදන්තෙති තෙ පච්චාභාසන්ති. භික්ඛවොති පටිවචනං දාපෙති, භදන්තෙති පටිවචනං දෙන්ති. තෙ භික්ඛූති යෙ භගවා ආමන්තෙසි.
භදන්තෙ යනු ගරු වචනයකි. බුදුරදුන්ට පිළිතුරු දීම හෝ මෙයින් වෙයි. නැවත මෙහි භික්ඛවො යයි වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් අමතන සේක. භදන්තෙ යයි කියන්නා වූ ඒ භික්ෂූහු බුදුරදුන්ට පෙරළා කථාකිරීම කෙරෙයි. එසේම භික්ඛවො යනුවෙන් බුදුරජාණන් වහන්සේ පළමුකොට වදාරන සේක. භදන්තෙ යනුවෙන් ඔවුහු පිළිතුරු දෙති. භික්ඛවො යයි පිළිතුරු දෙවන සේක. භදන්තෙ යනුවෙන් පිළිතුරු දෙති. තෙ භික්ඛු යනුවෙන් බුදුරජාණන් වහන්සේ යම් භික්ෂු කෙනෙකුන් ඇමතූ සේක් ද, (ඒ භික්ෂූහු යන අර්ථයි)
භගවතො පච්චස්සොසුන්ති භගවතො ආමන්තනං පටිඅස්සොසුං, අභිමුඛා හුත්වා සුණිංසු සම්පටිච්ඡිංසු පටිග්ගහෙසුන්ති අත්ථො. භගවා එතදවොචාති භගවා එතං ඉදානි වත්තබ්බං සකලං සුත්තං අවොච.
භගවතො පච්චස්යොසුං යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ආමන්ත්රණයට පිළිවදන් ඇස්වූහ. අභිමුඛව ඇසූහ. සතුටු වුනහ. පිළිගත්හ යන අර්ථයි. භගවතො එතදවොච, යනුවෙන් බුදුරජාණන් වහන්සේ කිවයුතු සියලු සූත්‍ර දේශනා වදාරණ සේක.
එත්තාවතා ච යං ආයස්මතා ආනන්දෙන කමලකුවලයුජ්ජලවිමලසාදුරසසලිලාය පොක්ඛරණියා සුඛාවතරණත්ථං නිම්මලසිලාතලරචනවිලාසසොභිතරතනසොපානං විප්පකිණ්ණමුත්තාතලසදිසවාලිකාකිණ්ණපණ්ඩරභූමිභාගං තිත්ථං විය සුවිභත්තභිත්තිවිචිත්රවෙදිකාපරික්ඛිත්තස්ස නක්ඛත්තපථං ඵුසිතුකාමතාය විය, විජම්භිතසමුස්සයස්ස පාසාදවරස්ස සුඛාරොහණත්ථං දන්තමය-සණ්හමුදුඵලක-කඤ්චනලතාවිනද්ධ- මණිගණප්පභාසමුදයුජ්ජලසොභං සොපානං විය, සුවණ්ණවලයානූපුරාදිසඞ්ඝට්ටනසද්දසම්මිස්සිතකථිතහසිතමධුරස්සරගෙහජනවිචරිතස්ස උළාරඉස්සරියවිභවසොභිතස්ස මහාඝරස්ස සුඛප්පවෙසනත්ථං සුවණ්ණරජතමණිමුත්තාපවාළාදිජුතිවිස්සරවිජ්ජොතිත-සුප්පතිට්ඨිතවිසාලද්වාරබාහං මහාද්වාරං විය ච අත්ථබ්යඤ්ජනසම්පන්නස්ස බුද්ධානං දෙසනාඤාණගම්භීරභාවසංසූචකස්ස ඉමස්ස සුත්තස්ස සුඛාවගාහණත්ථං කාලදෙසදෙසකවත්ථුපරිසාපදෙසපටිමණ්ඩිතං නිදානං භාසිතං, තස්ස අත්ථවණ්ණනා සමත්තා.
මෙපමණකින් අනඳ තෙරණුවන් කමල උපුලයන්ගෙන් බබලන, විමල මිහිරි රසැති දියදහර ඇති පොකුණකට සුවසේ බැසගනු පිණිස නිමල ගල්තලාවෙන් සැදුම්ලත්, විලාසය හඟවන පියගැට පෙළක් ඇති විසුරුවන ලද මුතුලැල් සමාන වැලිතලාවෙන් ගැවසුන සුදෝසුදු බිම්පෙදෙසක් ඇති, තොටක් වැනි වූ මනාව බෙදන ලද බිත්තිවලින් විසිතුරු වූ පිල්කඩින් වටකළ නැකැත් මග පහරනු අදහසින් මෙන් වෙසෙසින් බබළන උස්වූ ප්‍රාසාද වරයකට පහසුවෙන් නැගෙනු පිණිස දළමුව මටසිලිටු මුදු පලකයෙන් හා කසුන් ලීයෙහි අමුණන ලද මැණික් සමූහයාගේ රශ්මි කදම්බයෙන් බබළන හිනිපෙතක් වැනි වූ රන්වළලු පා වළලු ආදිය ගැටෙන නාදයෙන් මුසු, කියන ඇසෙන මිහිරි සර ඇති ගෙවැසි දනගේ හැසිරීම් ඇති විපුල ඉසුරු සැපතින් හොබවන මහගෙයකට සුවසේ පිවිසෙනු පිණිස රන් රිදී මුතු පබළු ආදි රැසින් බබළන සුපිහිටි විසල් දොරබා ඇති, මහදොරක් වැනි වූ අරුතින් අකුරින් පිරිපුන් බුදුරදුන්ගේ දෙසුම් නැණෙහි ගැඹුරු බව මොනවට හඟවන්නා වූ මේ මූල පරියාය සුතට සුවසේ බැස ගැනීම පිණිස කාල - දේශ - දේසක - පිරිවර යන කාරණාවන්ගෙන් සැදුම්ලත් යම් නිදානයක් වදාරණ ලද්දේ ද, ඒ නිදානයාගේ අරුත් වර්ණ නිමාවට පත් වූවාය.
නිදාන වර්ණනාව නිමි.