යෙදුමෙන් කියවන්න

පථවීවාරවණ‍්ණනා අට‍්ඨකථා

පථවීවාරවණ‍්ණනා

පථවී වාර

එවං පුථුජ‍්ජනං නිද‍්දිසිත්‍වා ඉදානි තස‍්ස පථවීආදීසු වත්‍ථූසු සබ‍්බසක‍්කායධම‍්මජනිතං මඤ‍්ඤනං දස‍්සෙන‍්තො, පථවිං පථවිතොතිආදිමාහ.

මේ ආකාරයෙන් පුථුජ්ජනයා දක්වා දැන් ඔහුගේ පෘථුවි ආදි - වස්තූන්ගෙන් සක්කාය ධර්මයෙන් උපන් මඤ්ඤනා (වැරදි හැඟීම්) දක්වන්නේ, පඨවිං, පඨවිතො ආදිය වදාළහ.

තත්‍ථ ලක‍්ඛණපථවී සසම‍්භාරපථවී ආරම‍්මණපථවී සම‍්මුතිපථවීති චතුබ‍්බිධා පථවී.

චතුර්විධ පඨවි එහි ලක්ඛණ පඨවි, සසම්භාර පඨවි, ආරම්මණ පඨවි, සමමුති පඨවි යයි චිතුර්විධ වේ.

තාසු “කතමා ච, ආවුසො, අජ‍්ඣත‍්තිකා පථවීධාතු? යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගත”න‍්තිආදීසු (විභ· 173) වුත‍්තා ලක‍්ඛණපථවී.

ඔවුන් අතුරෙහි “කතමා ච ආවුසො අජ්ඣත්තිකා පඨවි ධාතු යං අජ්ඣත්තං පච්චත්තං බක්කලං ඛරිගනං” යනාදි තන්හි දක්වා ඇත්තේ ලක්ඛණ පඨවියයි.

“පථවිං ඛණෙය්‍ය වා ඛණාපෙය්‍ය වා”තිආදීසු (පාචි· 85) වුත‍්තා සසම‍්භාරපථවී.

“පඨවිං ඛණෙය්‍ය වා ඛණාපෙය්‍ය වා” යනාදි තන්හි ප්‍රකාශ වන්නේ සසම්භාර (පරිවාර දේවල් සහිත) පඨවියයි.

යෙ ච කෙසාදයො වීසති කොට‍්ඨාසා, අයොලොහාදයො ච බාහිරා. සා හි වණ‍්ණාදීහි සම‍්භාරෙහි සද‍්ධිං පථවීති සසම‍්භාරපථවී.

අජ්ඣත්තික වූ යම් කේස ආදි විසි කොටසක් වේ ද, බාහිර වූ අයෝ ලෝභාදියක් වෙත්ද, පඨවි ධාතුව වර්ණ ආදි සම්භාරයෙන් සමග යුක්ත වූයේ සසම්භාර පඨවි නම් වේ.

“පථවීකසිණමෙකො සඤ‍්ජානාතී”තිආදීසු (දී· නි· 3.360) ආගතා පන ආරම‍්මණපථවී, නිමිත‍්තපථවීතිපි වුච‍්චති. පථවීකසිණජ‍්ඣානලාභී දෙවලොකෙ නිබ‍්බත‍්තො ආගමනවසෙන පථවීදෙවතාති නාමං ලභති. අයං සම‍්මුතිපථවීති වෙදිතබ‍්බා. සා සබ‍්බාපි ඉධ ලබ‍්භති. තාසු යංකඤ‍්චි පථවිං අයං පුථුජ‍්ජනො පථවිතො සඤ‍්ජානාති, පථවීති සඤ‍්ජානාති, පථවීභාගෙන සඤ‍්ජානාති, ලොකවොහාරං ගහෙත්‍වා සඤ‍්ඤාවිපල‍්ලාසෙන සඤ‍්ජානාති පථවීති. එවං පථවීභාගං අමුඤ‍්චන‍්තොයෙව වා එතං “සත‍්තොති වා සත‍්තස‍්සා”ති වා ආදිනා නයෙන සඤ‍්ජානාති. කස‍්මා එවං සඤ‍්ජානාතීති න වත‍්තබ‍්බං. උම‍්මත‍්තකො විය හි පුථුජ‍්ජනො. සො යංකිඤ‍්චි යෙන කෙනචි ආකාරෙන ගණ‍්හාති. අරියානං අදස‍්සාවිතාදිභෙදමෙව වා එත්‍ථ කාරණං. යං වා පරතො “අපරිඤ‍්ඤාතං තස‍්සා”ති වදන‍්තෙන භගවතාව වුත‍්තං.

“පඨවි කසිණ මෙකො සඤ්ජානාති” යනාදි තන්හි ආරම්මණ පඨවිය යෙදී ඇත. මෙයට නිමිත්ත පඨවිය යයි ද කියනු ලැබේ. පඨවි කසිණ ධ්‍යාන ලාභීව දෙව්ලොව උපන්නේ පඨවි දේවතා යයි නම් ලබයි. මෝ සම්මුති පඨවි යයි දතයුත්තීය. චතුර්විධ පඨවියම මෙහි ලැබෙයි. ඔවුන් අතුරෙන් යම් කිසි පඨවියක් පුහුදුන් ජනතෙමේ “පඨවිතො සඤ්ජානාති” පඨවිය යයි හඳුනයි. පඨවි භාවයෙන් හඳුනයි. ලෝ වහර ගෙන සඤ්ඤා විපල්ලාසයෙන් හඳුනයි. පඨවි යනු මේ පඨවි භාවය නොහරින්නේම හෝ මේ සත්ත්වයා කියා හෝ මෙය සත්ත්වයාගේ කියා හෝ මේ ආදි අයුරින් හඳුනයි. කුමක් හෙයින් මෙසේ හඳුනා ගනී යයි නොකිය යුතුය. පුහුදුන් ජනතෙම උම්මත්තකයෙකු වැනිවෙයි. හෙතෙම යම්කිසිවක් යම්කිසි ආකාරයකින් ගනීද, ආර්යයන්ගේ නොදක්නා බව යනාදි භේදයට හෝ මෙයට කරුණු වේ. යමක් හෝ මත්තෙහි අපරිඤ්ඤාතං තස්ස යයි වදාරණ බුදුරදුන් විසින්ම වදාරණ ලදද, (එයම මෙයට කරුණු වේ.)

පථවිං පථවිතො සඤ‍්ඤත්‍වාති සො තං පථවිං එවං විපරීතසඤ‍්ඤාය සඤ‍්ජානිත්‍වා, “සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛා”ති (සු· නි· 880) වචනතො අපරභාගෙ ථාමපත‍්තෙහි තණ‍්හාමානදිට‍්ඨිපපඤ‍්චෙහි ඉධ මඤ‍්ඤනානාමෙන වුත‍්තෙහි මඤ‍්ඤති කප‍්පෙති විකප‍්පෙති, නානප‍්පකාරතො අඤ‍්ඤථා ගණ‍්හාති. තෙන වුත‍්තං “පථවිං මඤ‍්ඤතී”ති.

පඨවිං පඨවිතො ඤත්‍වා යනු හෙතෙම ඒ පඨවිය මෙසේ ඒ විපරීත වූ සඤ්ඤාවෙන් හැඳින සඤ්ඤි නිදානාහි පපඤ්ච සංඛා යයි වදාළ හෙයින් අපර භාගයෙහි, බලවත් බවට පැමිණි මඤ්ඤනා තණ්හා දිට්ඨි-මාන පපඤ්චයන් හේතු කොටගෙන කල්පනා කරයි. විශේෂයෙන් කල්පනා කරයි. නානාප්‍රකාර වූ අන්‍යථාවන් ග්‍රහණය කෙරෙයි. පඨවිං මඤ්ඤති යනුවෙන් එහෙයින් වදාරණ ලදී.

එවං මඤ‍්ඤතො චස‍්ස තා මඤ‍්ඤනා ඔළාරිකනයෙන දස‍්සෙතුං “යා අයං කෙසා ලොමා”තිආදිනා නයෙන වීසතිභෙදා අජ‍්ඣත‍්තිකා පථවී වුත‍්තා. යා චායං විභඞ‍්ගෙ “තත්‍ථ කතමා බාහිරා පථවීධාතු? යං බාහිරං කක‍්ඛළං ඛරිගතං කක‍්ඛළත‍්තං කක‍්ඛළභාවො බහිද‍්ධා අනුපාදින‍්නං. සෙය්‍යථිදං, අයො ලොහං තිපු සීසං සජ‍්ඣං මුත‍්තා මණි වෙළුරියං සඞ‍්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ‍්කො මසාරගල‍්ලං තිණං කට‍්ඨං සක‍්ඛරා කඨලං භූමි පාසාණො පබ‍්බතො”ති (විභ· 173) එවං බාහිරා පථවී වුත‍්තා. යා ච අජ‍්ඣත‍්තාරම‍්මණත‍්තිකෙ නිමිත‍්තපථවී, තං ගහෙත්‍වා අයමත්‍ථයොජනා වුච‍්චති.

මෙසේ සිතන ඔහුගේ ඒ මඤ්ඤතා ඕලාරික නයින් දක්වන්නට. යම් මේ කේසා ලෝම ආදි ක්‍රමයෙන් විසිවැදෑරුම් අධ්‍යාත්මික පඨවිය කියන ලද්දේය. යම් ඒ පඨවිය විභංගයෙහි “තත්‍ථ කතමා බාහිර පඨවීධාතු යං බාහිරං කක්ඛලං ඛරිගතං කක්ඛළත්තං කක්ඛලභාවො බහිද්ධා අනුපදිණ්ණං සෙය්‍යථිදං අයො ලොහං, තිපු සීසං සජ්ඣු මුත්තා මණි වෙළුරියං සංඛො සිලා පවාලං රජතං ජාතරූපං ලොහිතංකො, මසාරගල්ලං තිණං කට්ඨං සක්ඛරං කඨලා භූමිපාසාණො පබ්බතො” යන මෙයින් බාහිර පඨවි ධාතුව වදාරණ ලද්දේ වෙයි. අධ්‍යාත්මික අරමුණු තුනෙහි යම් නිමිත්ත පඨවියක් වේද එයද ගෙන මෙහි අරුත් පවසනු ලැබේ.

පථවිං මඤ‍්ඤතීති තීහි මඤ‍්ඤනාහි අහං පථවීති මඤ‍්ඤති, මම පථවීති මඤ‍්ඤති, පරො පථවීති මඤ‍්ඤති, පරස‍්ස පථවීති මඤ‍්ඤති, අථ වා අජ‍්ඣත‍්තිකං පථවිං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති, මානමඤ‍්ඤනාය මඤ‍්ඤති, දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤති. කථං? අයඤ‍්හි කෙසාදීසු ඡන්‍දරාගං ජනෙති කෙසෙ අස‍්සාදෙති අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. ලොමෙ, නඛෙ, දන‍්තෙ, තචං, අඤ‍්ඤතරං වා පන රජ‍්ජනීයවත්‍ථුං. එවං අජ‍්ඣත‍්තිකං පථවිං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. ඉති මෙ කෙසා සියුං අනාගතමද‍්ධානං. ඉති ලොමාතිආදිනා වා පන නයෙන තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති.

පඨවිං මඤ්ඤති, ත්‍රිවිධ මඤ්ඤනාවෙන්ම මම ‘පඨවිය’ වෙමියි සිතයි. මගේ පඨවියයි සිතයි. අනුන්ගේ පඨවි යයි සිතයි. පරාගේ පඨවියයි සිතයි. නැතහොත් අධ්‍යාත්මික පඨවිය තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. මාන මඤ්ඤතාවෙන් සිතයි. දෘෂ්ටි මඤ්ඤනාවෙන් සිතයි. ඒ කෙසේද යත්, මෙතෙම කේසාදීන් කෙරෙහි ඡන්දරාගය උපදවයි. කේශයන් ආශ්වාදනය කෙරෙයි. සතුටු වෙයි. සතුටුවන වචන කියයි. තෘෂ්ණාවෙන් ඇතුළත්ව සිටියි. ලෝම-නිය-දත්-දිවි හෝ වෙනත් ඇලුම් කටයුතු වස්තුවක් හෝ ආශ්වාදනය කෙරෙයි. මෙසේ අජ්ඣත්තික පඨවිය තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. මෙසේ මාගේ කේශයෝ අනාගත කාලයෙහි වන්නාහු නම්, මෙසේ රෝමයෝ වන්නාහු නම් යනාදි ක්‍රමයෙන් හෝ එහි තණ්හාව පිහිටුවයි.

“ඉමිනාහං සීලෙන වා…පෙ… බ්‍රහ‍්මචරියෙන වා එවං සිනිද‍්ධමුදුසුඛුමනීලකෙසො භවිස‍්සාමී”තිආදිනා වා පන නයෙන අප‍්පටිලද‍්ධානං පටිලාභාය චිත‍්තං පණිදහති. එවම‍්පි අජ‍්ඣත‍්තිකං පථවිං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති.

මම සීලයෙන් හෝ -පෙ- බ්‍රහ්ම චර්යාවෙන් හෝ මෙසේ සිනිඳු මුදු සියුම් කෙස්කළඹක් ඇත්තෙක් වන්නෙමියි යනාදී ක්‍රමයෙන් හෝ නොලැබූ කේශයන්ගේ ලැබීම පිණිස සිත පිහිටුවයි. මෙසේ අජ්ඣත්තික පඨවිය මාන මඤ්ඤනාවෙන් සිතයි.

තථා අත‍්තනො කෙසාදීනං සම‍්පත‍්තිං වා විපත‍්තිං වා නිස‍්සාය මානං ජනෙති, “සෙය්‍යොහමස‍්මීති වා සදිසොහමස‍්මීති වා හීනොහමස‍්මීති වා”ති. එවං අජ‍්ඣත‍්තිකං පථවිං මානමඤ‍්ඤනාය මඤ‍්ඤති.

එසේම තමාගේ කේශාදීන්ගේ සම්පත්තිය හෝ විපත්තිය නිසා මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි හෝ මම සමානයෙක් වෙමියි හෝ මම හීනයෙක් වෙමියි හෝ මානය උපදවයි. මෙසේ අඣත්තික පඨවිය ගැන මාන මඤ්ඤනාවෙන් සිතයි.

“තං ජීවං තං සරීර”න‍්ති (ම· නි· 2.187) ආගතනයෙන පන කෙසං “ජීවො”ති අභිනිවිසති. එස නයො ලොමාදීසු. එවං අජ‍්ඣත‍්තිකං පථවිං දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤති.

“තං ජීවං තංසරීරං” මෙහි ආවා වූ ක්‍රමයට කෙස් ජීවයයි ගනියි. ලෝමාදීන් පිළිබඳවද මේ ක්‍රමය මැයි. මෙසේ අජ්ඣත්තික පඨවිය දෘෂ්ටි මඤ්ඤනාවෙන් සිතයි.

අථ වා “යා චෙව ඛො පනාවුසො, අජ‍්ඣත‍්තිකා පථවීධාතු, යා ච බාහිරා පථවීධාතු, පථවීධාතුරෙවෙසා, තං නෙතං මමා”ති (ම· නි· 1.302) ඉමිස‍්සා පවත‍්තියා පච‍්චනීකනයෙන කෙසාදිභෙදං පථවිං එතං මම එසොහමස‍්මි එසො මෙ අත‍්තාති අභිනිවිසති. එවම‍්පි අජ‍්ඣත‍්තිකං පථවිං දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤති. එවං තාව අජ‍්ඣත‍්තිකං පථවිං තීහි මඤ‍්ඤනාහි මඤ‍්ඤති.

නැතහොත් “යා චෙව ඛො පන අජ්ඣත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවිධාතු පඨවිධාතුරෙවෙසා නං නෙතං මම” (යම් අජ්ඣත්තික පඨවි ධාතුවක් වේද, යම් බාහිර පඨවි ධාතුවක් වේ ද, මෝ තොමෝ පඨවි ධාතුව වන්නීය. ඒ පඨවි ධාතුව මගේ නොවෙයි.) යන මේ පැවැත්මට විරුද්ධ අර්ථයෙන් කේසාදි ක්‍රමයෙන් ප්‍රභේදගත වූ අජ්ඣත්තික පඨවි ධාතුව මෙය මගේය මේ තෙම මම වෙමි මේ තෙම මගේ ආත්මය යයි දැඩිව ගනියි. මේ අයුරින් අජ්ඣත්තික පඨවිය දිට්ඨි මඤ්ඤනාවෙන් සිතයි. මෙසේ පළමුකොට අජ්ඣත්තික පඨවිය ත්‍රිවිධ මඤ්ඤනාවෙන් සිතයි.

යථා ච අජ‍්ඣත‍්තිකං එවං බාහිරම‍්පි. කථං? “අයඤ‍්හි අයලොහාදීසු ඡන්‍දරාගං ජනෙති. අයලොහාදීනි අස‍්සාදෙති අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. මම අයො මම ලොහන‍්තිආදිනා නයෙන අයාදීනි මමායති රක‍්ඛති ගොපයති, එවං බාහිරං පථවිං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. ඉති මෙ අයලොහාදයො සියුං අනාගතමද‍්ධානන‍්ති වා පනෙත්‍ථ නන්‍දිං සමන‍්නානෙති, ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා එවං සම‍්පන‍්නඅයලොහාදිඋපකරණො භවිස‍්සාමී”ති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහති. එවම‍්පි බාහිරං පථවිං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති.

අජ්ඣත්තික පඨවිය යම් සේ ද එසේම බාහිර පඨවිය ගැනද සිතයි. ඒ කෙසේද යත්, මෙතෙම අයස් ලෝහ ආදීන් විෂයෙහි ඡන්දරාගය උපදවයි. අයස් ලෝභ ආදිය ආශ්වාදනය කෙරෙයි. සතුටු වෙයි. එහි දියුණුව පිණිස කථා කරයි. තණ්හාවෙන් ඒවා ගැන සලකමින් සිටියි. මගේ යකඩය, මගේ ලෝහය යනාදි ක්‍රමයෙන් යකඩ ආදිය මමායනය කෙරෙයි. ආරක්‍ෂා කරයි. ගෝපනය කරයි. මෙසේ බාහිර පඨවිය තණ්හා මඤ්ඤනාවෙන් ගනී. මෙසේ මගේ යකඩ ලෝහ ආදීහු අනාගත කාලයෙහි වන්නාහු නම් හොඳය. මෙසේ මගේ යකඩ ලෝහ ආදියෙහි තණ්හාව මනා ලෙස පිහිටුවයි. මම මේ සීලයෙන් ව්‍රතයෙන් තපසින් බ්‍රහ්ම චර්යාවෙන් සමෘද්ධ වූ යකඩ ලෝහ ආදි උපකරණ ඇත්තෙක් වන්නෙමි. හෝ නොලත් යකඩ ලෝහ ආදී උපකරණ ලබාගැනීම පිළිබඳවද සිත පිහිටුවයි. මෙසේ බාහිර පඨවිය තණ්හා මඤ්ඤනාවෙන් ගනියි.

තථා අත‍්තනො අයලොහාදීනං සම‍්පත‍්තිං වා විපත‍්තිං වා නිස‍්සාය මානං ජනෙති “ඉමිනාහං සෙය්‍යොස‍්මීති වා, සදිසොස‍්මීති වා හීනොස‍්මීති වා”ති (විභ· 832) එවං බාහිරං පථවිං මානමඤ‍්ඤනාය මඤ‍්ඤති. අයෙ ජීවසඤ‍්ඤී හුත්‍වා පන අයං “ජීවො”ති අභිනිවිසති. එස නයො ලොහාදීසු. එවං බාහිරං පථවිං දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤති.

එසේම තමාගේ යකඩ ලෝහාදි උපකරණයන්ගේ සම්පත්තිය හෝ විපත්තිය හෝ නිසා මානය උපදවයි. මම මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨ වෙමි යයි ද සමානයෙක් වෙමි යයි ද මෙසේ බාහිර පඨවි මාන මඤ්ඤනාවෙන් සිතයි. යකඩයෙහි ජීවයයි සඤ්ඤා ඇතිව මෙය ජීවයයි දැඩිව සිතයි. මෙසේ බාහිර පඨවිය දෘෂ්ටි මඤ්ඤනාවෙන් සිතයි.

අථ වා “ඉධෙකච‍්චො පථවීකසිණං අත‍්තතො සමනුපස‍්සති. යං පථවීකසිණං, සො අහං. යො අහං, තං පථවීකසිණන‍්ති පථවීකසිණඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සතී”ති (පටි· ම· 1.131) පටිසම‍්භිදායං වුත‍්තනයෙනෙව නිමිත‍්තපථවිං “අත‍්තා”ති අභිනිවිසති. එවං බාහිරං පථවිං දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤති. එවම‍්පි බාහිරං පථවිං තීහි මඤ‍්ඤනාහි මඤ‍්ඤති. එවං තාව “පථවිං මඤ‍්ඤතී”ති එත්‍ථ තිස‍්සොපි මඤ‍්ඤනා වෙදිතබ‍්බා. ඉතො පරං සඞ‍්ඛෙපෙනෙව කථයිස‍්සාම.

නැතහොත් “ඉධෙ කච්චො පඨවිකසිණං අත්තනො සමනුපස්සති යං පඨවි කසිණං සො අහං, යො අහං තං පඨවි කසිණං” (මේ ලෝකයෙහි කිසිවෙක් පඨවි කසිණය ආත්ම වශයෙන් දකියි. යම් පඨවි කසිණයක් වේද, හේ මම වෙමි. මම යමෙක් ද පඨවි කසිණය එයයි. මෙහි පඨවි කසිණය ද, ආත්මය ද එකක් වශයෙන් සලකා ඇත යනුවෙන් පටිසම්භිදා මග්ගයෙහි වදාළ නයින්ම පඨවි නිමිත්තම ආත්ම වශයෙන් සලකා ඇත. මෙසේ ද බාහිර පඨවිය දෘෂ්ටි මඤ්ඤනාවෙන් ගනියි. මෙසේ බාහිර පඨවිය ත්‍රිවිධ මඤ්ඤභාවන්ගෙන්ම ග්‍රහණය කර ඇත. මෙසේ හෙයින් “පඨවිං මඤ්ඤති” යන මෙහි මේ අයුරින් ත්‍රිවිධ මඤ්ඤනාවෝම දත යුත්තාහුය. මින් මතු සැකෙවින්ම කියන්නෙමි.

පථවියා මඤ‍්ඤතීති එත්‍ථ පථවියාති භුම‍්මවචනමෙතං. තස‍්මා අහං පථවියාති මඤ‍්ඤති, මය‍්හං කිඤ‍්චනං පලිබොධො පථවියාති මඤ‍්ඤති, පරො පථවියාති මඤ‍්ඤති, පරස‍්ස කිඤ‍්චනං පලිබොධො පථවියාති මඤ‍්ඤතීති අයමෙත්‍ථ අත්‍ථො.

පඨවියා මඤ්ඤති යන මෙහි පඨවියා භුම්ම (=ආධාර) වචනයකි. එබැවින් මම පඨවියෙහි සිටියෙමියි සිතයි. මගේ කිඤ්චන (කෙලෙස්) නම් වූ පලිබෝධය පඨවි ධාතුවෙහි වූයේ යයි සිතයි. අන්‍යයෝ පඨවි ධාතුවෙහි වූහයි සිතති. අනුන් පිළිබඳ කිඤ්චන නම් වූ පලිබෝධ පඨවි ධාතුවෙහි වූයේයයි සිතයි. මෙසේ මේ කියන ලද්දේ පඨවියා මඤ්ඤති යන මෙහි අර්ථයයි.

අථ වා ය‍්වායං “කථං රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති? ඉධෙකච‍්චො වෙදනං… සඤ‍්ඤං… සඞ‍්ඛාරෙ… විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති, අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අත‍්තා ඉමස‍්මිං රූපෙති එවං රූපස‍්මිං වා අත‍්තානං සමනුපස‍්සතී”ති (පටි· ම· 1.131)

නැතහොත් කථං රූපස්මිං අත්තාහං සමනුපස්සති, ඉධෙකච්චො වෙදනං සඤ්ඤං සංඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති අයං ඛො පන මෙ අත්තා සො ඛො පන මෙ අත්තා ඉමස්මිං රූපෙති එවං රූපස්මිං වා අත්තානං සමනු පස්සති.

(රූපයෙහි ආත්මය කෙසේ දකීද යත්, මෙලොව කිසිවෙක් වේදනාවද, සඤ්ඤාව ද, සංඛාරය ද, විඤ්ඤාණය ද මේ මාගේ ආත්මය යයි ආත්ම වශයෙන් දකී. ඒ මගේ ආත්මය වූ කලී රූපයෙහි පිහිටියේ යයි මෙසේ රූපයෙහි ආත්මය දකී.)

එතස‍්ස අත්‍ථනයො වුත‍්තො, එතෙනෙව නයෙන වෙදනාදිධම‍්මෙ අත‍්තතො ගහෙත්‍වා තතො අජ‍්ඣත‍්තිකබාහිරාසු පථවීසු යංකිඤ‍්චි පථවිං තස‍්සොකාසභාවෙන පරිකප‍්පෙත්‍වා සො ඛො පන මෙ අයං අත‍්තා ඉමිස‍්සා පථවියාති මඤ‍්ඤන‍්තො පථවියා මඤ‍්ඤති, අයමස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනා. තස‍්මිංයෙව පනස‍්ස අත‍්තනි සිනෙහං තබ‍්බත්‍ථුකඤ‍්ච මානං උප‍්පාදයතො තණ‍්හාමානමඤ‍්ඤනාපි වෙදිතබ‍්බා. යදා පන තෙනෙව නයෙන සො ඛො පනස‍්ස අත‍්තා පථවියාති මඤ‍්ඤති, තදා දිට‍්ඨිමඤ‍්ඤනා එව යුජ‍්ජති. ඉතරායොපි පන ඉච‍්ඡන‍්ති.

මෙම දේශනාවේ යම් අරුත් ක්‍රමයක් වේද, එය වදාරණ ලද්දේය. මේ අයුරින්ම වේදනාදි ධර්ම ආත්ම වශයෙන් ගෙන නැවත අජ්ඣත්තික බාහිර පඨවිධාතු අතුරෙන් යම්කිසි පඨවි ධාතුවක් ඊට අවකාශ වශයෙන් සලකා ඒ මේ මගේ ආත්මය වූ කලී මේ පඨවියෙහිම වූයේ යයි සිතන්නේ පඨවියෙහි ආත්මය පිහිටියේ යයි සිතයි. මේ ඔහුගේ දෘෂ්ටි මඤ්ඤතාවයි. ඒ පඨවිගත ආත්මයෙහිම ආදරයද, එය වස්තුකොට ඇති මානයද උපදවන්නා වූ ඔහුගේ තණ්හා මාන මඤ්ඤනාවෝ ද දතයුත්තාහුය. යම්විටක ඒ අයුරින්ම හෙතෙම ඒ ආත්ම තෙම පඨවියෙහි වූයේයයි සිතාද එවිට දෘෂ්ටි මඤ්ඤනාවම යෙදෙයි. අනිත් මඤ්ඤතාවෝත් කැමති වෙත්.

පථවිතො මඤ‍්ඤතීති එත්‍ථ පන පථවිතොති නිස‍්සක‍්කවචනං. තස‍්මා සඋපකරණස‍්ස අත‍්තනො වා පරස‍්ස වා යථාවුත‍්තප‍්පභෙදතො පථවිතො උප‍්පත‍්තිං වා නිග‍්ගමනං වා පථවිතො වා අඤ‍්ඤො අත‍්තාති මඤ‍්ඤමානො පථවිතො මඤ‍්ඤතීති වෙදිතබ‍්බො, අයමස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනා.

පඨවිතො මඤ්ඤති යන මෙහි පඨවි ශබ්දය නිස්සක්ක (පංචමී) වචනයි. එබැවින් උපකරණ සහිත වූ තමාගේ හෝ මෙරමාගේ හෝ ඉහත දැක්වූ පරිදි ප්‍රභේද ඇති පඨවියෙහි ඉපදීම හෝ නික්මීම හෝ පඨවිය කෙරෙන් අන්‍ය වූ ආත්මයක් හෝ වේයයි සිතන්නේ පඨවි ධාතුව කෙරෙන් අනිකක් ආත්මය වේයයි සිතයි. මෙසේ දතයුතුයැ. මේ ඔහුගේ දෘෂ්ටි මඤ්ඤනාවයි.

තස‍්මිංයෙව පනස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤිතෙ වත්‍ථුස‍්මිං සිනෙහං මානඤ‍්ච උප‍්පාදයතො තණ‍්හාමානමඤ‍්ඤනාපි වෙදිතබ‍්බා. අපරෙ ආහු පථවීකසිණං පරිත‍්තං භාවෙත්‍වා තතො අඤ‍්ඤං අප‍්පමාණං අත‍්තානං ගහෙත්‍වා පථවිතො බහිද‍්ධාපි මෙ අත‍්තාති මඤ‍්ඤමානො පථවිතො මඤ‍්ඤතීති.

දිට්ඨි මඤ්ඤනාවෙන් මඤ්ඤනය කරනු ලැබූ ඒ වස්තුවෙහි ස්නෙහය ද මානය ද උපදවන්නා වූ ඔහුගේ තණ්හා-මාන-මඤ්ඤනාවෝ ද දතයුත්තාහුය. (අපරෙ) අන්‍ය ආචාර්ය කෙනෙක් මෙසේ කියති. පඨවි කසිණය ස්වල්පයක් වඩා එයිනිදු අන්‍ය වූ අප්‍රමාණ ආත්මය ගෙන පඨවි ධාතුවෙන් පිටතද මගේ ආත්මය වේයයි හඟින්නේ යන අරුත් වේ.

පථවිං මෙති මඤ‍්ඤතීති එත්‍ථ පන කෙවලඤ‍්හි මහාපථවිං තණ‍්හාවසෙන මමායතීති ඉමිනා නයෙන පවත‍්තා එකා තණ‍්හාමඤ‍්ඤනා එව ලබ‍්භතීති වෙදිතබ‍්බා. සා චායං මම කෙසා, මම ලොමා, මම අයො, මම ලොහන‍්ති එවං යථාවුත‍්තප‍්පභෙදාය සබ‍්බායපි අජ‍්ඣත‍්තිකබාහිරාය පථවියා යොජෙතබ‍්බාති.

පඨවිං මෙති මඤ්ඤති යනුවෙන් මෙහි හුදෙක් මහා පඨවියම තණ්හා වශයෙන් මමායනය කෙරේයයි මේ අයුරින් පවත්නා යම් තණ්හාවක් වේද, එය තණ්හා මඤ්ඤනා වශයෙන් ලැබේයයි දතයුතුය. ඒ තණ්හා මඤ්ඤනාව මගේ කෙස්ය. මගේ ලොම්ය. මගේ යකඩය, මගේ ලෝහය කියා මෙසේ ඉහත සඳහන් ප්‍රභේදගත සියලු අජ්ඣත්තික බාහිර පඨවි ධාතුව සමග යෙදිය යුතුයයි දතයුතුය.

පථවිං අභිනන්‍දතීති වුත‍්තප‍්පකාරමෙව පථවිං තණ‍්හාදීහි අභිනන්‍දති, අස‍්සාදෙති, පරාමසති චාති වුත‍්තං හොති. “පථවිං මඤ‍්ඤතී”ති එතෙනෙව එතස‍්මිං අත්‍ථෙ සිද‍්ධෙ කස‍්මා එතං වුත‍්තන‍්ති චෙ. අවිචාරිතමෙතං පොරාණෙහි. අයං පන අත‍්තනො මති, දෙසනාවිලාසතො වා ආදීනවදස‍්සනතො වා. යස‍්සා හි ධම‍්මධාතුයා සුප‍්පටිවිද‍්ධත‍්තා නානානයවිචිත්‍රදෙසනාවිලාසසම‍්පන‍්නො, අයං සා භගවතා සුප‍්පටිවිද‍්ධා. තස‍්මා පුබ‍්බෙ මඤ‍්ඤනාවසෙන කිලෙසුප‍්පත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි අභිනන්‍දනාවසෙන දස‍්සෙන‍්තො දෙසනාවිලාසතො වා ඉදමාහ. යො වා පථවිං මඤ‍්ඤති, පථවියා මඤ‍්ඤති, පථවිතො මඤ‍්ඤති, පථවිං මෙති මඤ‍්ඤති, සො යස‍්මා න සක‍්කොති පථවීනිස‍්සිතං තණ‍්හං වා දිට‍්ඨිං වා පහාතුං, තස‍්මා පථවිං අභිනන්‍දතියෙව. යො ච පථවිං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති, දුක‍්ඛඤ‍්ච ආදීනවොති ආදීනවදස‍්සනතොපි ඉදමාහ. වුත‍්තඤ‍්චෙතං භගවතා “යො, භික‍්ඛවෙ, පථවීධාතුං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති, යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමී”ති.

පඨවිං අභිනන්‍දති යනුවෙන් ඉහත දක්වන ලද්දා වූම පඨවි ධාතුව තණ්හා දිට්ඨි හේතුකොට ගෙන සතුටු වෙයි. ආශ්වාදනය කෙරෙයි. පරාමර්ශනය කෙරේ යයි වදාරණ ලද්දේ ද වෙයි. පඨවිං මඤ්ඤති (පඨවිය තණහා මඤ්ඤතාදි වශයෙන් හඟියි) යනුවෙන් මෙයින්ම මෙහි කාර්ය සිද්ධිය වී ඇති බැවින් කුමක්හෙයින් මෙසේ කියන ලද්දේ ද මේ කරුණ පොරාණයන් විසිනුදු විචාරණය නොකරන ලද්දේය. මේ වනාහි මගේ අත්තනෝමතියයි දේශනාවගේ විශාලත්වය හෝ ආදීනව දර්ශනය හෝ නිසා මෙසේ වදාරණ ලදී. යම් ධම්ම ධාතුවක් මනාකොට ප්‍රතිවේධ කරන ලද බැවින් නානා නය විචිත්‍ර දේශනා විලාශයෙන් යුක්ත වූයේ වේද, මේ ධම්ම ධාතුව බුදුරදුන් විසින් මොනවට ප්‍රතිවේධ කරන ලද්දේ ද, එබැවින් පළමුකොට මඤ්ඤනා වශයෙන් කෙලෙසුන්ගේ උපත දක්වා අනතුරුව අභිනන්දනය වශයෙන් දැක්වීම දේශනා විලාස බැවින් මෙසේ වදාළහ. නැතහොත්, යමෙක් පඨවි ධාතුව (තණ්හා - දිට්ඨි - මාන) වශයෙන් හඟීද (ගනීද) පඨවියෙහි ආත්මය ඇතැයි සිතා ද පඨවියෙන් පිටත ආත්මය ඇතැයි සිතාද පඨවි ධාතුව මගේ යයි සිතාද හෙතෙම යම් හෙයකින් පඨවිය ඇසුරු කළ තණ්හාව හෝ දිට්ඨිය අත්හරින්ට අසමර්ථ වේද එහෙයින් පඨවි ධාතුවට සතුටු වෙයි. යමෙක් පඨවි ධාතුවට සතුටු වෙයි ද හෙතෙම දුකට සතුටු වෙයි. දුකද ආදීනවයකැයි ආදීනව දක්නා බැවින් ද මෙය වදාළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද්දේද වෙයි. “යො භික්ඛවෙ පඨවි ධාතුං අභිනන්‍දති දුක්ඛං සො අභිනන්‍දති, යො දුක්ඛං අභිනන්‍දති අපරිමුත්තො දුක්ඛස්මාති වදාමි”

(මහණෙනි, යමෙක් පඨවි ධාතුවට සතුටු වේද, හේ දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වේද, හෙතෙම දුකින් නොමිදුනේ යයි ප්‍රකාශ කරමි.)

එවං පථවීවත්‍ථුකං මඤ‍්ඤනං අභිනන්‍දනඤ‍්ච වත්‍වා ඉදානි යෙන කාරණෙන සො මඤ‍්ඤති, අභිනන්‍දති ච, තං කාරණං ආවිකරොන‍්තො ආහ තං කිස‍්ස හෙතු, අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමීති. තස‍්සත්‍ථො, සො පුථුජ‍්ජනො තං පථවිං කිස‍්ස හෙතු මඤ‍්ඤති, කෙන කාරණෙන මඤ‍්ඤති, අභිනන්‍දතීති චෙ. අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමීති, යස‍්මා තං වත්‍ථු තස‍්ස අපරිඤ‍්ඤාතං, තස‍්මාති වුත‍්තං හොති.

මෙසේ පඨවි වත්‍ථුක වූ මඤ්ඤනාවෙන් සතුටුවීම ප්‍රකාශකොට, දැන් යම් කරුණකින් හෙතෙම හඟීද, සතුටුවේද, එම කරුණ ප්‍රකට කරනසේක්, තං කිස්ස හෙතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි යනුවෙන් වදාළහ. යම් හෙයකින් ඔහු විසින් වස්තුව පිරිසිඳ නොදක්නා ලදද ඒ නිසායයි වදාරණ ලද්දේ වෙයි.

යො හි පථවිං පරිජානාති, සො තීහි පරිඤ‍්ඤාහි පරිජානාති ඤාතපරිඤ‍්ඤාය තීරණපරිඤ‍්ඤාය පහානපරිඤ‍්ඤායාති.

ත්‍රිවිධ පරිඤ්ඤා: යමෙක් පඨවි පිරිසිඳ දනීද, හෙතෙම ඤාත පරිඤ්ඤාවෙන් ද, තීරණ පරිඤ්ඤාවෙන් ද, පහාණ පරිඤ්ඤාවෙන් ද යන ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් පිරිසිඳ දනී.

තත්‍ථ කතමා ඤාතපරිඤ‍්ඤා. පථවීධාතුං පරිජානාති, අයං පථවීධාතු අජ‍්ඣත‍්තිකා, අයං බාහිරා, ඉදමස‍්සා ලක‍්ඛණං, ඉමානි රසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානානීති, අයං ඤාතපරිඤ‍්ඤා.

ඔවුන් අතුරෙහි ඤාත පරිඤ්ඤාව කවරේද යත්, මේ අජ්ඣත්තික පඨවි ධාතුවය. මේ බාහිර පඨවි ධාතුවය, මේ එහි ලක්‍ෂණය, මොවුහු එහි රස පච්චුපට්ඨාන පදට්ඨානයෝ යයි පඨවි ධාතුවා පිරිසිඳ දනී. මේ ඤාත පරිඤ්ඤාවයි.

කතමා තීරණපරිඤ‍්ඤා? එවං ඤාතං කත්‍වා පථවීධාතුං තීරෙති අනිච‍්චතො දුක‍්ඛතො රොගතොති ද‍්වාචත‍්තාලීසාය ආකාරෙහි, අයං තීරණපරිඤ‍්ඤා.

තීරණ පරිඤ්ඤාව කවරේද යත්, මෙසේ ඤාත පරිඤ්ඤාවෙන් දක්නා ලද, පඨවි ධාතුව අනිච්ච-දුක්ඛ-රෝග ආදි සතලිස් අයුරකින් තීරණය කෙරේද, එය තීරණ පරිඤ්ඤා නම් වේ.

කතමා පහානපරිඤ‍්ඤා? එවං තීරයිත්‍වා අග‍්ගමග‍්ගෙන පථවීධාතුයා ඡන්‍දරාගං පජහති, අයං පහානපරිඤ‍්ඤා.

පහාණ පරිඤ්ඤා කවරේද යත්, මෙසේ තීරණ පරිඤ්ඤාවෙන් තීරණය කොට අගමගින් පඨවි ධාතුවෙහි ඡන්‍දරාගය දුරුකෙරේද, මේ පහාණ පරිඤ්ඤා නම් වේ.

නාමරූපවවත්‍ථානං වා ඤාතපරිඤ‍්ඤා. කලාපසම‍්මසනාදිඅනුලොමපරියොසානා තීරණපරිඤ‍්ඤා. අරියමග‍්ගෙ ඤාණං පහානපරිඤ‍්ඤාති.

[missing trans] ආර්ය මාර්ග ඥානය තොමෝ පහාණ පරිඤ්ඤා නම් වන්නීය.

යො පථවිං පරිජානාති, සො ඉමාහි තීහි පරිඤ‍්ඤාහි පරිජානාති, අස‍්ස ච පුථුජ‍්ජනස‍්ස තා පරිඤ‍්ඤායො නත්‍ථි, තස‍්මා අපරිඤ‍්ඤාතත‍්තා පථවිං මඤ‍්ඤති ච අභිනන්‍දති චාති. තෙනාහ භගවා – ඉධ, භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො…පෙ… පථවිං මඤ‍්ඤති, පථවියා මඤ‍්ඤති, පථවිතො මඤ‍්ඤති, පථවිං මෙති මඤ‍්ඤති, පථවිං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමී”ති.

යමෙක් පඨවි ධාතුව පිරිසිඳ දනීද, හෙතෙම ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් පිරිසිඳ දනී. පුහුදුන්හට මේ පරිඤ්ඤාවෝ නැත. එහෙයින් පිරිසිඳ නොදත් බැවින් පඨවිය මඤ්ඤනා වශයෙන් හඟියි. එහි අභිනන්දනය ඇතිකර ගනියි. එබැවින් බුදුරදහු මෙසේ වදාළහ. ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො -පෙ- පඨවිං මඤ්ඤති, පඨවියා මඤ්ඤති පඨවිං මෙති මඤ්ඤති පඨවිං අභිනන්දති, තං තිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි යනුවෙන්,

(මහණෙනි, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙම පඨවිය. පඨවි වශයෙන් (තණ්හා, දිට්ඨි, මාන මඤ්ඤනාවෙන් සංඥා විපර්යාස වශයෙන්) හඳුනයි. මම පෘථුවියෙන් බැහැර වෙමියි හඟියි. පෘථිවිය අභිනන්දනය කෙරෙයි. කවර හෙයින්ද යත් ඔහුගේ පෘථුවිය පිළිබඳ පිරිසිඳ නොදැනීම නිසා යයි කියමි.

පථවීවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පඨවි වාරය නිමි.