ආපොවාරාදිවණ‍්ණනා අට‍්ඨකථා
ආපොවාරාදිවණ‍්ණනා
ආපො වාර
ආපං ආපතොති එත්‍ථාපි ලක‍්ඛණසසම‍්භාරාරම‍්මණසම‍්මුතිවසෙන චතුබ‍්බිධො ආපො.
සිවු වැදෑරුම් ආප් ධාතු (ආපෝ ධාතුව):- ආපං ආපතො, යන මෙහි ද, ලක්ඛණ සසම්භාර, ආරම්මණ, සම්මුති යනුවෙන් ආප් ධාතුව සිව්වැදෑරුම් වේ.
තෙසු “තත්‍ථ, කතමා අජ‍්ඣත‍්තිකා ආපොධාතු. යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං, සිනෙහො සිනෙහගතං බන්‍ධනත‍්තං රූපස‍්ස අජ‍්ඣත‍්තං උපාදින‍්න”න‍්තිආදීසු (විභ· 174) වුත‍්තො ලක‍්ඛණආපො.
ඔවුන් අතුරෙහි, තත්‍ථ කතමා අජ්ඣත්තිකා ආපෝ ධාතු, යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං ඛන්‍ධනත්තං රූපස්ස අජ්ඣත්තං උපාදිණ්ණං යනාදි තන්හි වදාරණ ලදුයේ ලක්ඛණ ආපයයි.
“ආපොකසිණං උග‍්ගණ‍්හන‍්තො ආපස්මිං නිමිත‍්තං ගණ‍්හාතී”තිආදීසු වුත‍්තො සසම‍්භාරාපො.
ආපො කසිණං උග්ගණ්හන්තො ආපස්මිං නිමිත්තං ගණ්හාති යනාදි තන්හි වදාරණ ලද්දේ සසම්භාර ආපයයි.
සෙසං සබ‍්බං පථවියං වුත‍්තසදිසමෙව. කෙවලං යොජනානයෙ පන “පිත‍්තං සෙම‍්හ”න‍්තිආදිනා නයෙන වුත‍්තා ද‍්වාදසභෙදා අජ‍්ඣත‍්තිකා ආපොධාතු, “තත්‍ථ, කතමා බාහිරා ආපොධාතු? යං බාහිරං ආපො ආපොගතං, සිනෙහො සිනෙහගතං බන්‍ධනත‍්තං රූපස‍්ස බහිද්ධා අනුපාදින්නං. සෙය්‍යථිදං, මූලරසො ඛන්‍ධරසො තචරසො පත‍්තරසො පුප‍්ඵරසො ඵලරසො ඛීරං දධි සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං භුම‍්මානි වා උදකානි අන්තලික්ඛානි වා”ති (විභ· 174) එවං වුත‍්තා ච බාහිරා ආපොධාතු වෙදිතබ‍්බා, යො ච අජ‍්ඣත‍්තාරම‍්මණත‍්තිකෙ නිමිත‍්තආපො.
සෙසු සියල්ල පඨවි වාරයෙහි කියන ලද්දට සමාන වේ ම ය. හුදෙක් යෝජිත ක්‍රමයෙහි පිත්තං සෙම්හං යනාදි ක්‍රමයෙන් දක්වන ලද දොළොස් කොටසකින් යුක්ත වූයේ අධ්‍යාත්මික ආප් ධාතුවයි. “තත්‍ථ කතමා බාහිර ආපොධාතු යං බාහිරං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං ඛන්‍ධත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං සෙය්‍යථිදං මූලරසො ඛන්‍ධරසො තචරසො පන්නරසො පුප්ඵරසො ඵලරසො ඛීරං දධි. සප්පි නවනීතං තෙලං මධුඵාණීතං භුම්මානි වා උදකානි, අන්තලික්ඛානි වා” යනාදි තන්හි වදාරණ ලද්දේ බාහිර ආපෝධාතුව යයි දතයුතු යැ.
තෙජං තෙජතොති ඉමස‍්මිං තෙජොවාරෙපි වුත‍්තනයෙනෙව විත්‍ථාරො වෙදිතබ‍්බො. යොජනානයෙ පනෙත්‍ථ “යෙන ච සන‍්තප‍්පති, යෙන ච ජීරීයති, යෙන ච පරිඩය‍්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡතී”ති (විභ· 175) එවං වුත‍්තා චතුප‍්පභෙදා අජ‍්ඣත‍්තිකා තෙජොධාතු. “තත්‍ථ කතමා බාහිරා තෙජොධාතු? යං බාහිරං තෙජො තෙජොගතං උස‍්මා උස්මාගතං උසුමං උසුමගතං බහිද‍්ධා අනුපාදින්නං. සෙය්‍යථිදං, කට‍්ඨග‍්ගි පලාලග‍්ගි තිණග‍්ගි ගොමයග්ගි ථුසග‍්ගි සඞ‍්කාරග‍්ගි ඉන්‍දග‍්ගි අග‍්ගිසන‍්තාපො සූරියසන‍්තාපො කට‍්ඨසන‍්නිචයසන‍්තාපො තිණසන‍්නිචයසන‍්තාපො ධඤ‍්ඤසන‍්නිචයසන‍්තාපො භණ‍්ඩසන‍්නිචයසන‍්තාපො”ති (විභ· 175) එවං වුත‍්තා ච බාහිරා තෙජොධාතු වෙදිතබ‍්බා.
චතුර්විධ තේජෝ ධාතුව :- තෙජං තෙජතො, යන තේජෝවාරයෙහි, කලින් කී නියායෙන්ම දතයුත්තේය. මෙම යෝජනා ක්‍රමයෙහි “යෙනච සන්තප්පති යෙනච ජරීයති, යෙනච පරිඩය්හති යෙන ච අසිත පීත ඛායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති” යනුවෙන් මෙසේ වදාරණ ලද චතුර්විධ ප්‍රභේදයෙන් යුතු වූයේ අජ්ඣත්තික තේජෝ ධාතුවයි. “තත්‍ථ කතමා බාහිරා තෙජො ධාතු, යං බාහිරං තෙජො තෙජො ගතං උස්මා උස්මාගතං උසුමං උසුම ගතං බහිද්ධා අනුපාදිණ්ණං සෙය්‍යථිදං, කට්ඨග්ගි, සකලිකග්ගි, තිණග්ගි ගොමයග්ගි ථුසග්ගි, සංඛාරග්ගි, ඉන්‍දග්ගි, අග්ගි සන්තාපො, සුරියසන්තාපො. කට්ඨසන්නිචය සන්තාපො, තිණ සන්නිචය සන්තාපො, ධඤ්ඤ සන්නිචය සන්තාපො, භණ්ඩ සන්තාපො”, යයි මෙසේ වදාරණ ලද්දේ බාහිර වූ තේජෝ ධාතුව යයි දතයුත්තේය.
වායං වායතොති ඉමස‍්ස වායවාරස‍්සාපි යොජනානයෙ පන “උද‍්ධඞ‍්ගමා වාතා අධොගමා වාතා කුච‍්ඡිසයා වාතා කොට්ඨාසයා වාතා අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතා සත්‍ථකවාතා ඛුරකවාතා උප‍්පලකවාතා අස‍්සාසො පස‍්සාසො”ති එවං වුත‍්තා අජ‍්ඣත‍්තිකා වායොධාතු.
වායෝ ධාතුව:- වායං වායතො යන මේ වායුවාරයෙහි යෝජනා නය වනාහි උද්ධං ගමා වාතා, අධොගමාවාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨාසයා වාතා, අංගමංගානු සාරිනො වාතා, සත්‍ථකාවාතා, ඛුරකා වාතා, උප්පලකා වාතා, අස්සායො පස්සායො යනුවෙන් මෙසේ වදාරණ ලද්දේ අජ්ඣත්තික වායෝ ධාතුව නම් වේ.
“තත්‍ථ කතමා බාහිරා වායොධාතු? යං බාහිරං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං. සෙය්‍යථිදං, පුරත්‍ථිමා වාතා පච‍්ඡිමා වාතා උත‍්තරා වාතා දක‍්ඛිණා වාතා සරජා වාතා අරජා වාතා සීතා වාතා උණ‍්හා වාතා පරිත්තා වාතා අධිමත්තා වාතා කාළවාතා වෙරම‍්භවාතා පක‍්ඛවාතා සුපණ‍්ණවාතා තාලවණ‍්ටවාතා විධූපනවාතා”ති (විභ· 176) එවං වුත‍්තා ච බාහිරා වායොධාතු වෙදිතබ‍්බා. සෙසං වුත‍්තනයමෙවාති. එත‍්තාවතා ච ය‍්වායං –
කත්‍ථ කතමා බාහිරා වායො ධාතු යං බාහිරං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං සෙය්‍යථිදං, පුරත්‍ථිමා වාතා,, පච්ඡිමාවාතා උත්තරා වාතා දකඛිණා වාතා සරජා වාතා, අරජා වාති, සීතාවාතා උණ්හා වාතා පරිත්තා වාතා අධිමත්තා වාතා කාලා වාතා වෙරම්බ වාතා පක්ඛවාතා තාලවණ්ට වාතා විධූපන වාතා යනුවෙන් මෙසේ වදාරණ ලද්දේ බාහිර වායෝ ධාතුව යයි ද දතයුත්තීය. සෙස්ස කී නයමැයි. මෙතෙකින් යම් මේ (නය ක්‍රමයක් වේ.)
“වුත‍්තම‍්හි එකධම‍්මෙ, යෙ ධම‍්මා එකලක‍්ඛණා තෙන; වුත‍්තා භවන්ති සබ්බෙ, ඉති වුත්තො ලක්ඛණො හාරො”ති. –
වුත්තම්හි එකධමෙම යෙ ධම්මා එකලක්ඛණාතෙන වුත්තා භවන්ති සබ්බෙ ඉති වුත්තො ලක්ඛණො හාරො
(එක් ධර්මයක් කී කල්හි, ඒ ධර්මය හේතුකොටගෙන සමාන ලක්‍ෂණ ඇති යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියලු ධර්මයෝ කියන ලද්දාහු වෙති. ලක්‍ෂණාහාරය තෙම මෙසේ කියන ලද්දේය.)
එවං නෙත‍්තියං ලක‍්ඛණො නාම හාරො වුත‍්තො, තස‍්ස වසෙන යස‍්මා චතූසු භූතෙසු ගහිතෙසු උපාදාරූපම‍්පි ගහිතමෙව භවති, රූපලක‍්ඛණං අනතීතත‍්තා. යඤ‍්ච භූතොපාදාරූපං සො රූපක‍්ඛන්‍ධො. තස‍්මා “අස‍්සුතවා පුථුජ‍්ජනො පථවිං ආපං තෙජං වායං මඤ‍්ඤතී”ති වදන‍්තෙන අත්‍ථතො රූපං අත‍්තතො සමනුපස‍්සතීතිපි වුත‍්තං හොති. “පථවියා ආපස‍්මිං තෙජස‍්මිං වායස‍්මිං මඤ‍්ඤතී”ති වදන‍්තෙන රූපස‍්මිං වා අත‍්තානං සමනුපස‍්සතීති වුත‍්තම‍්පි හොති. “පථවිතො ආපතො තෙජතො වායතො මඤ‍්ඤතී”ති වදන‍්තෙන රූපතො අඤ‍්ඤො අත‍්තාති සිද‍්ධත‍්තා රූපවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා රූපං සමනුපස‍්සතීතිපි වුත‍්තං හොති. එවමෙතා චතස‍්සො රූපවත්‍ථුකා සක‍්කායදිට‍්ඨිමඤ‍්ඤනා වෙදිතබ‍්බා.
මෙසේ නෙත්තිප්‍රකරණයෙහි ලක්ඛණ නම් හාර කියන ලද්දේ වෙයි. එහි දැක්වෙන පරිදි සතර මහා භූතයන් ගත් කල්හි උපාදාය රූපයන් ගන්නා ලද්දේම විය. රූප ලක්‍ෂණය නොඉක්ම වූ හෙයිනි. එහෙයින් අශ්‍රැතවත් පුහුදුන් ජනතෙම පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ. ධාතුව, වායෝ ධාතුව (තණ්හා වශයෙන්) මඤ්ඤනය කෙරේයයි (හඟීයයි) වදාරණ බුදුරදුන් විසින් අර්ථ වශයෙන් රූපය ආත්ම වශයෙන් දකියයි වදාරණ ලද්දේ වෙයි. පඨවි ධාතුවෙහි, ආපෝ ධාතුවෙහි, තේජෝ වායෝ ධාතුවෙහි නිත්‍ය ආත්මයක් වෙයි කියා හඟීයයි වදාරන්නහු විසින් රූපයෙහි ආත්මයක් ඇතැයි දකීයයිද, වදාරණ ලද්දේ වෙයි. පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවේ තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් පිටත එය ඇසුරුකොට මගේ ආත්මය ඇතැයි කියා හඟීයයි වදාරණ ලද්දාහු විසින් රූපයෙන් අන්‍ය වූවක් ආත්මය යයි සිද්ධ හෙයින් ආත්මය රූපවත් යයි හෝ ආත්මයෙහි රූපය වෙයි හෝ දකී යයිද වදාරණ ලද්දේ වෙයි. මෙසේ දැක්වූ මොවුහු සිව්දෙන රූපවත්‍ථුක සක්කාය දිට්ඨි මඤ්ඤනාවෝ වෙති.
තත්‍ථ එකා උච‍්ඡෙදදිට‍්ඨි, තිස‍්සො සස‍්සතදිට‍්ඨියොති ද‍්වෙව දිට‍්ඨියො හොන‍්තීති අයම‍්පි අත්‍ථවිසෙසො වෙදිතබ‍්බො.
ඔවුන් අතුරෙන් එකක් උච්ඡෙද දිට්ඨි නමි. තුනක් සස්සත දිට්ඨි නම් වේ. දෘෂ්ටීහු දෙකක්ම වෙත්නුයි මෙහි විශේෂය දතයුත්තේය.
ආපොවාරාදිවණ‍්ණනා නිට‍්ඨිතා.