භූතවාරාදිවණ‍්ණනා අට‍්ඨකථා
භූතවාරාදිවණ‍්ණනා
භූත වාර
එවං රූපමුඛෙන සඞ‍්ඛාරවත්‍ථුකං මඤ‍්ඤනං වත්‍වා ඉදානි යෙ සඞ‍්ඛාරෙ උපාදාය සත‍්තා පඤ‍්ඤපීයන‍්ති, තෙසු සඞ‍්ඛාරෙසු සත‍්තෙසුපි යස‍්මා පුථුජ‍්ජනො මඤ‍්ඤනං කරොති, තස‍්මා තෙ සත‍්තෙ නිද‍්දිසන‍්තො භූතෙ භූතතො සඤ‍්ජානාතීතිආදිමාහ.
මෙසේ රූපද්වාරයෙන් සංඛාර වත්‍ථුකි මඤ්ඤනාව කියා දැන් යම් සංඛාර කෙනෙක් උපාදානය කොට සත්‍ව කෙනෙක් පනවනු ලබත්ද, ඒ සත්ත්වයන් අතුරෙහිද පුහුදුන් ජනතෙම තණ්හා වශයෙන් මඤ්ඤණය කෙරේද එහෙයින් එම සත්ත්වයන් නිර්දේශ කරනසේක් “භූතෙ, භූතතො සඤ්ජානාති”.
භූත ශබ්දය
තත්‍ථායං භූතසද‍්දො පඤ‍්චක‍්ඛන්‍ධඅමනුස‍්සධාතුවිජ‍්ජමානඛීණාසවසත‍්තරුක‍්ඛාදීසු දිස‍්සති.
එහි භූත ශබ්දය, පඤ්චස්කන්‍ධය, අමනුෂ්‍ය, ධාතුය, විද්‍යමානය, ක්‍ෂීණාශ්‍රව, සත්‍ව, වෘක්‍ෂ යනාදි අර්ථයන්හි වේ.
“භූතමිදන‍්ති, භික‍්ඛවෙ, සමනුපස‍්සථා”තිආදීසු (ම· නි· 1.401) හි අයං පඤ‍්චක‍්ඛන්‍ධෙසු දිස‍්සති.
“භූත මිදන්ති භික්ඛවෙ, සමනුපස්සථ” යනාදි තන්හි භූත ශබ්දය “පඤ්චස්කන්ධය” යන අර්ථයෙහි වේ.
“යානීධ භූතානි සමාගතානී”ති (සු· නි· 224) එත්‍ථ අමනුස‍්සෙසු.
“යානීධ භූතානි සමාගතානි” මෙහි අමනුෂ්‍ය යන අරුත්හි යෙදී ඇත.
“චත‍්තාරො ඛො, භික‍්ඛු, මහාභූතා හෙතූ”ති (ම· නි· 3.86) එත්‍ථ ධාතූසු.
“චත්තාරො ඛො භිකඛු මහාභූතා හෙතු” යන මෙහි ධාතු යන අර්ථයෙහි යෙදී ඇත.
“භූතස‍්මිං පාචිත‍්තිය”න‍්තිආදීසු (පාචි· 69) විජ‍්ජමානෙ.
“භූතස්මිං පාචිත්තියං” යනාදීන්හි විද්‍යාමාන යන අර්ථයෙහිය.
“යො ච කාලඝසො භූතො”ති (ජා· 1.10.190) එත්‍ථ ඛීණාසවෙ.
“යොච කාලඝසො භූතො” යන මෙහි බීණාසව යන අර්ථයෙහි වේ.
“සබ‍්බෙව නික‍්ඛිපිස‍්සන‍්ති භූතා ලොකෙ සමුස‍්සය”න‍්ති (දී· නි· 2.220) එත්‍ථ සත‍්තෙසු.
“සබ්බෙව නිකඛිපස්සනති භූතා ලොකෙ සමුස්සයං” යන මෙහි සත්ත්වයන් යන අරුතෙහිය.
“භූතගාමපාතබ්‍යතායා”ති (පාචි· 90) එත්‍ථ රුක‍්ඛාදීසු. ඉධ පනායං සත‍්තෙසු වත‍්තති, නො ච ඛො අවිසෙසෙන. චාතුමහාරාජිකානං හි හෙට‍්ඨා සත‍්තා ඉධ භූතාති අධිප‍්පෙතා.
“භූතගම පාතව්‍ය තාය” යන මෙහි වෘක්‍ෂ යන අරුතෙහි යෙදී ඇත. මෙය මෙහි සත්ත්වයන් කෙරෙහිදු වැටෙයි. එහෙත් අවිශේෂයෙන් නොවේ. චාතුර්මහාරාජිකයන්ගෙන් යට භාගයෙහි සත්‍වයෝම මෙහි භූත යන්නෙන් අදහස් කරන ලද්දාහු වෙති.
තත්‍ථ භූතෙ භූතතො සඤ‍්ජානාතීතිආදි වුත‍්තනයමෙව. භූතෙ මඤ‍්ඤතීතිආදීසු පන තිස‍්සොපි මඤ‍්ඤනා යොජෙතබ‍්බා. කථං? අයඤ‍්හි “සො පස‍්සති ගහපතිං වා ගහපතිපුත‍්තං වා පඤ්චහි කාමගුණෙහි සමප‍්පිතං සමඞ‍්ගිභූත”න‍්ති (අ· නි· 7.50) වුත‍්තනයෙන භූතෙ සුභා සුඛිතාති ගහෙත්‍වා රජ‍්ජති, දිස‍්වාපි නෙ රජ‍්ජති, සුත්‍වාපි, ඝායිත්‍වාපි, සායිත්‍වාපි, ඵුසිත්‍වාපි, ඤත්‍වාපි. එවං භූතෙ තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. “අහො වතාහං ඛත‍්තියමහාසාලානං වා සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්තිආදිනා (දී· නි· 3.337) වා පන නයෙන අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහති, එවම‍්පි භූතෙ තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. අත‍්තනො පන භූතානඤ‍්ච සම‍්පත‍්තිවිපත‍්තිං නිස‍්සාය අත‍්තානං වා සෙය්‍යං දහති. භූතෙසු ච යංකිඤ‍්චි භූතං හීනං අත‍්තානං වා හීනං, යංකිඤ‍්චි භූතං සෙය්‍යං. අත‍්තානං වා භූතෙන, භූතං වා අත‍්තනා සදිසං දහති. යථාහ “ඉධෙකච‍්චො ජාතියා වා…පෙ… අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පුබ්බකාලං පරෙහි සදිසං අත්තානං දහති. අපරකාලං අත්තානං සෙය්‍යං දහති. පරෙ හීනෙ දහති, යො එවරූපො මානො …පෙ… අයං වුච‍්චති මානාතිමානො”ති (විභ· 876-880). එවං භූතෙ මානමඤ‍්ඤනාය මඤ‍්ඤති.
එහි භූතෙ භූතතො සඤ්ජානාති යනාදියද කියන ලද නයින්ම දතයුත්තේය. “භූතෙ මඤ්ඤති” යනාදියෙහි ත්‍රිවිධ මඤ්ඤනාවෝම දතයුත්තාහුය. කෙසේද යත්, “සො පස්සිති ගහපතිං වා ගහපති පුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමම්පිතං සමංගි භූතං” (හෙතෙම පස්කම් ගුණෙහි බැඳුණු ගැහැවියෙක් හෝ ගැහැවි පුත්‍රයෙක් හෝ දකීයයි වදාළ නයින්, භූතයන් සුභයෝය. සුඛිතයෝ යයි ගෙන ඇලෙයි දැකද, අසාද ආඝ්‍රාණය කොට ද රස විඳගෙන ද ස්පර්ශ කොටද දැනද ඇලෙයි. මෙසේ භූතයන් තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. “මම ඛත්තිය මහාසාරයන් හා එක්වීමට පටිසන්ධි වශයෙන් පැමිණෙන්නේ නම් ඉතා මැනව”යි යනාදි ක්‍රමයෙන් හෝ නොලත් සම්පත් ලැබීම පිණිස සිත පිහිටුවාද මෙසේ ඒ භූතයන් තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. තමන්ගේ ද භූතයන්ගේ ද සැපත ද විපත ද නිසා තමා හෝ ශ්‍රේෂ්ඨ කොට පිහිටුවයි. භූතයන් අතුරෙන් යම්කිසි භූතයෙකු පහකොට සලකයි. තමා පහත්කොට භූතයකු උස්සකොට සලකයි. භූතයා හා තමා සමානකොට සලකයි වදාළේ මැයි. “ඉධෙකච්චො ජාතියා වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්‍ථුනා පුබ්බකාලං පරෙහි සදිසං අත්තානං දහති අපරකාලං අත්තානං සෙය්‍යං දහති පරෙ හීනෙ දහති සො එව රූපො නාමානො -පෙ- අයං වුචචති මානාතිමානො” මෙසේ භූතයන් ගැන මාන මඤ්ඤනාවෙන් සිතයි.
භූතෙ පන “නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිණාමධම‍්මා”ති වා “සබ‍්බෙ සත‍්තා සබ‍්බෙ පාණා සබ‍්බෙ භූතා සබ‍්බෙ ජීවා අවසා අබලා අවීරියා නියතිසඞ‍්ගතිභාවපරිණතා ඡස‍්වෙවාභිජාතීසු සුඛදුක‍්ඛං පටිසංවෙදෙන‍්තී”ති (දී· නි· 1.168) වා මඤ‍්ඤමානො දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤති. එවං භූතෙ තීහි මඤ‍්ඤනාහි මඤ‍්ඤති.
භූතයෝ වනාහි නිත්‍යයෝය. සැමදා පවත්නෝය. වෙනස් නොවන ධර්මතා ඇත්තෝය. සියලු සත්ත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝද වසඟෙහි නො පවත්නෝය. බලයක් නැත්තෝය. වීර්ය නැත්තෝය. නියත වශයෙන් අභිජාති (නැවත නැවත ඉපදීම්) හයක් ඒ ඒ තන්හි ගමනින් ද ස්වභාවයෙන් ද නානාප්‍රකාර බවට පමුණුවනු ලද්දාහු අභිජාති සයෙහිම (ඇතැම් දෘෂ්ටිකයන් සිතන මැරි මැරී උපදින ආත්ම භාව සයෙහිම) සිට සුවදුක් විඳිත්යයි හෝ හඟින්නේ දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි. මෙසේ භූතයන් පිළිබඳ ත්‍රිවිධ මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
කථං භූතෙසු මඤ‍්ඤති? තෙසු තෙසු භූතෙසු අත‍්තනො උපපත‍්තිං වා සුඛුප‍්පත‍්තිං වා ආකඞ‍්ඛති. එවං තාව තණ‍්හාමඤ‍්ඤනාය භූතෙසු මඤ‍්ඤති. භූතෙසු වා උපපත‍්තිං ආකඞ‍්ඛමානො දානං දෙති, සීලං සමාදියති, උපොසථකම‍්මං කරොති. එවම‍්පි භූතෙසු තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. භූතෙ පන සමූහග‍්ගාහෙන ගහෙත්‍වා තත්‍ථ එකච‍්චෙ භූතෙ සෙය්‍යතො දහති, එකච‍්චෙ සදිසතො වා හීනතො වාති. එවං භූතෙසු මානමඤ‍්ඤනාය මඤ‍්ඤති.
“භූතෙසු මඤ්ඤති” යනාදි තන්හි ඒ භූතයන් කෙරෙහි, තමාගේ උපත හෝ සැපතට පැමිණීම හෝ කැමති වෙයි. මෙසේ පළමුකොට තණ්හා මඤ්ඤනාවෙන් යුතුව භූතයන් පිළිබඳව සිතයි. භූතයන් වෙත උපත කැමති වන්නේ දන් දෙයි. සිල් රකියි. උපෝසථ කර්ම කරයි. මෙසේද භූතයන් කෙරෙහි තණ්හා මඤ්ඤනාවෙන් යුතුව සිතයි. භූතයන් වනාහි සමූහ වශයෙන් ගෙන ඔවුන් අතුරෙහි ඇතැම් භූතයෙකු ශ්‍රේෂ්ඨ වශයෙන් පිළිගනියි. ඇතැම් භූතයෙකු සමාන වශයෙන් පිළිගනියි. ඇතැම් භූතයෙකු හීන වශයෙන් පිළිගනියි. මෙසේ භූතයින් විෂයෙහි මාන මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
තථා එකච‍්චෙ භූතෙ නිච‍්චා ධුවාති මඤ‍්ඤති. එකච‍්චෙ අනිච‍්චා අධුවාති, අහම‍්පි භූතෙසු අඤ‍්ඤතරොස‍්මීති වා මඤ‍්ඤති. එවං භූතෙසු දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤති.
එසේම ඇතැමෙක් ඇතැම් භූතයන් නිත්‍යයෝය. සදාකාලිකයෝ යයි සිතයි. කිසිවෙක් භූතයෝ අනිත්‍යයෝ ය. තාවකාලිකයෝ ය යනුවෙන් සිතයි. මම ද භූතයන් අතුරෙහි එක්තරා කෙනෙක් වෙමියි හෝ සිතයි. මෙසේ භූතයන් කෙරෙහි දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
භූතතො මඤ‍්ඤතීති එත්‍ථ පන සඋපකරණස‍්ස අත‍්තනො වා පරස‍්ස වා යතො කුතොචි භූතතො උප‍්පත‍්තිං මඤ‍්ඤමානො භූතතො මඤ‍්ඤතීති වෙදිතබ‍්බො, අයමස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනා. තස‍්මිංයෙව පනස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤිතෙ වත්‍ථුස‍්මිං සිනෙහං මානඤ‍්ච උප‍්පාදයතො තණ‍්හාමානමඤ‍්ඤනාපි වෙදිතබ‍්බා. භූතෙ මෙති මඤ‍්ඤතීති එත්‍ථ පන එකා තණ‍්හාමඤ‍්ඤනාව ලබ‍්භති. සා චායං “මම පුත‍්තා, මම ධීතා, මම අජෙළකා, කුක‍්කුටසූකරා, හත්‍ථිගවස‍්සවළවා”ති එවමාදිනා නයෙන මමායතො පවත‍්තතීති වෙදිතබ‍්බා.
භූතතො මඤ්ඤති යන මෙහි උපකරණ සහිත වූ තමාගේ හෝ අනුන්ගේ හෝ උපත යම්කිසි භුතයෙකු කෙරෙන් වීයයි සිතන්නේ භූතයන් කෙරෙන් පිටත නිත්‍ය ආත්මයක් ඇතැයි පිළිගනීයයි දතයුතුයි. මේ ඔහුගේ දිට්ඨි මඤ්ඤනාවයි. දිට්ඨි මඤ්ඤනාවෙන් සිතන ලද ඒ වස්තුවෙහිම ආදරයද මානයද උපදවන්නා වූ ඔහුගේ තහා මාන මඤ්ඤනාවෝ ද දතයුත්තාහුය. භූතෙ මෙති මඤ්ඤති යන මෙහි හුදෙක් තණ්හා මඤ්ඤනාවම ලැබෙයි. මේ මගේ පුතාය. මේ මගේ දුවය. මගේ එළු තිරළුවෝය කුකුළු හූරෝය. ඇත් ගව අස්හුය මේ අයුරින් මමත්වය කරන්නහුට තණ්හා මඤ්ඤනාව පවතීයයි දතයුතුය.
භූතෙ අභිනන්‍දතීති එතං වුත‍්තනයමෙව. අපරිඤ‍්ඤාතං තස‍්සාති එත්‍ථ පන යෙ සඞ‍්ඛාරෙ උපාදාය භූතානං පඤ‍්ඤත‍්ති, තෙසං අපරිඤ‍්ඤාතත‍්තා භූතා අපරිඤ‍්ඤාතා හොන‍්තීති වෙදිතබ‍්බා. යොජනා පන වුත‍්තනයෙනෙව කාතබ‍්බා.
භූතෙ අභිනන්‍දති යන මෙහි කී නයමැයි. “අපරිඤ්ඤාතං තස්ස” යන මෙහි යම් සංඛාර කෙනෙකුන් නිසා (උපාදාය) භූත පඤ්ඤත්තියක් වීද, ඒ සංඛාරයන් අපරිඤ්ඤාත බැවින් භූතයෝ ද අපරිඤ්ඤාත වූවාහු වෙත් යයි දතයුත්තාහුය. යෙදීම වනාහි කී අයුරින්ම කළයුතු වන්නීය.
එවං සඞ‍්ඛෙපතො සඞ‍්ඛාරවසෙන ච සත‍්තවසෙන ච මඤ‍්ඤනාවත්‍ථුං දස‍්සෙත්‍වා ඉදානි භූමිවිසෙසාදිනා භෙදෙන විත්‍ථාරතොපි තං දස‍්සෙන‍්තො දෙවෙ දෙවතොතිආදිමාහ. තත්‍ථ දිබ‍්බන‍්ති පඤ‍්චහි කාමගුණෙහි අත‍්තනො වා ඉද‍්ධියාති දෙවා, කීළන‍්ති ජොතෙන‍්ති චාති අත්‍ථො.
මෙසේ සැකෙවින් සංඛාර වශයෙන් ද, සත්ත්ව වශයෙන් ද, මඤ්ඤනා වස්තූන් දන්වා අනතුරුව භූමි විශේෂතා ආදි භේදයෙන්, විස්තර වශයෙන් එය දක්වන්නේ ‘දෙවෙ, දෙවතො’ යනාදිය වදාළහ. එය දේශනාවෙහි පඤ්චකාම ගුණයන් හේතුකොට හෝ තමාගේ ඉද්ධියෙන් හෝ ක්‍රීඩා කෙරෙත්නුයි දේව නම් වේ. බබලත්නුයි දේව නම් වේ.
තෙ තිවිධා සම‍්මුතිදෙවා උපපත‍්තිදෙවා විසුද‍්ධිදෙවාති. සම‍්මුතිදෙවා නාම රාජානො දෙවියො රාජකුමාරා. උපපත‍්තිදෙවා නාම චාතුමහාරාජිකෙ දෙවෙ උපාදාය තතුත‍්තරිදෙවා. විසුද‍්ධිදෙවා නාම අරහන‍්තො ඛීණාසවා. ඉධ පන උපපත‍්තිදෙවා දට‍්ඨබ‍්බා, නො ච ඛො අවිසෙසෙන.
එම දෙවියෝ සම්මුති දෙවියෝය. උත්පත්ති දෙවියෝය. විසුද්ධි දෙවියෝ යයි ත්‍රිවිධ වෙති. රජවරුද, දෙවිවරුද, කුමාරවරුද, සම්මුති දේව නම් වෙති. සිව්මහ රජයෙහි දෙවියන් ආදිකොට ඉන් උඩ දෙවියෝ උත්පත්ති දේව නම් වෙති. රහතුන් වහන්සේ විසුද්ධිදේව නම් වෙති. මෙහි අදහස් කරන්නේ උත්පත්ති දෙවියන් බව දතයුතුය. සියල්ලෝම නොද වෙති.
පරනිම‍්මිතවසවත‍්තිදෙවලොකෙ මාරං සපරිසං ඨපෙත්‍වා සෙසා ඡ කාමාවචරා ඉධ දෙවාති අධිප‍්පෙතා. තත්‍ථ සබ‍්බා අත්‍ථවණ‍්ණනා භූතවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.
පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකයේ පිරිස් සහිත මාරයා හැර සෙසු කාමාවචර දේවලෝක හයෙහි දෙවිවරු මෙහි දෙවියන් වශයෙන් අදහස් කරන ලද්දාහු වෙති. එහි සියලු අර්ථ වර්ණනා භූත වාරයෙහි කී අයුරින් දතයුත්තේය.
පජාපතින‍්ති එත්‍ථ පන මාරො පජාපතීති වෙදිතබ‍්බො. කෙචි පන “තෙසං තෙසං දෙවානං අධිපතීනං මහාරාජාදීනමෙතං අධිවචන”න‍්ති වදන‍්ති. තං දෙවග‍්ගහණෙනෙව තෙසං ගහිතත‍්තා අයුත‍්තන‍්ති මහාඅට‍්ඨකථායං පටික‍්ඛිත‍්තං, මාරොයෙව පන සත‍්තසඞ‍්ඛාතාය පජාය අධිපතිභාවෙන ඉධ පජාපතීති අධිප‍්පෙතො. සො කුහිං වසති? පරනිම‍්මිතවසවත‍්තිදෙවලොකෙ. තත්‍ර හි වසවත‍්තිරාජා රජ‍්ජං කාරෙති. මාරො එකස‍්මිං පදෙසෙ අත‍්තනො පරිසාය ඉස‍්සරියං පවත‍්තෙන‍්තො රජ‍්ජපච‍්චන‍්තෙ දාමරිකරාජපුත‍්තො විය වසතීති වදන‍්ති. මාරග‍්ගහණෙනෙව චෙත්‍ථ මාරපරිසායපි ගහණං වෙදිතබ‍්බං.
“පජාපතී” මෙහි මාරතෙම පජාපති යයි දතයුත්තේත්ය. කිසිවෙක් ඒ ඒ දෙවිවරුන්ගේ අධිපතීන්ට මේ නමකැයි කියති. දේව ග්‍රහණයෙන්ම ඔවුන් ගත් බැවින් එය අයුතුයයි මහා අට්ඨකථාවෙහි එය ප්‍රතික්‍ෂේප කරන ලදි. මාරතෙම සත්ත්ව නමැති ප්‍රජාවට අධිපති බැවින් ප්‍රජාපතී යයි අදහස් කරන ලදී. කොහි වාසය කෙරේ ද පරනිම්මිත වසවත්ති දෙව්ලොවයැ එහි වසවත්ති රජ රාජ්‍ය කරවයි. මාරතෙම එක් පෙදෙසක තම පිරිසට ඉසුරු බව පවත්වමින් රාජ්‍යයක ප්‍රත්‍යන්ත පෙදෙසෙක්හි, දාමරික දිව්‍ය පුත්‍රයෙකු මෙන් වාසයකෙරේ යයි කියති. මෙහිදී මාරයාගේ ගැනීමෙන් මාර පිරිසගේද ගැනීම දතයුතුය.
යොජනානයො චෙත්‍ථ පජාපතිං වණ‍්ණවන‍්තං දීඝායුකං සුඛබහුලං දිස‍්වා වා සුත්‍වා වා රජ‍්ජන‍්තො තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. “අහො වතාහං පජාපතිනො සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්තිආදිනා වා පන නයෙන අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහන‍්තොපි පජාපතිං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. පජාපතිභාවං පන පත‍්තො සමානො අහමස‍්මි පජානමිස‍්සරො අධිපතීති මානං ජනෙන‍්තො පජාපතිං මානමඤ‍්ඤනාය මඤ‍්ඤති.
මෙහි දී පජාපතී තෙම දීර්ඝායුෂ්ක වූ වර්ණවත් වූ සැප බහුල වූ කෙනෙකු බව දැන අසා එහි ඇලෙන්නේ තණ්හා මඤ්ඤනාවෙන් යුතුව සිතයි. මේ මාරයාගේ සහභාවයට පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැයි ආදි නයින් හෝ නොලත් සැපතෙහි ලැබීම පිණිස සිත පිහිටුවන්නේ ද, මාර දෙව්පුත් තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. මාරතෙම මාර භාවයට පැමිණියේ වෙයි. මම මාරභාවයට පැමිණ ඊශ්වර වෙමියි අධිපති වෙමියි මාන මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
“පජාපති නිච‍්චො ධුවො”ති වා “උච‍්ඡිජ‍්ජිස‍්සති විනස‍්සිස‍්සතී”ති වා “අවසො අබලො අවීරියො නියතිසඞ‍්ගතිභාවපරිණතො ඡස‍්වෙවාභිජාතීසු සුඛදුක‍්ඛං පටිසංවෙදෙතී”ති වා මඤ‍්ඤමානො පන පජාපතිං දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤතීති වෙදිතබ‍්බො.
‘පජාපතී’ තෙම නිත්‍යය, සදාකාලිකය කියා හෝ උච්ඡේදයට පැමිණියේය. විනාශ වන්නේ යයි කියා හිතන්නේ, [missing trans] පජාපතීහු දෘෂ්ටි මඤ්ඤනාවෙන් යුතුව සිතන්නේ මෙය යයි දතයුත්තේය.
පජාපතිස‍්මින‍්ති එත්‍ථ පන එකා දිට‍්ඨිමඤ‍්ඤනාව යුජ‍්ජති. තස‍්සා එවං පවත‍්ති වෙදිතබ‍්බා. ඉධෙකච‍්චො “පජාපතිස‍්මිං යෙ ච ධම‍්මා සංවිජ‍්ජන‍්ති, සබ‍්බෙ තෙ නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිණාමධම‍්මා”ති මඤ‍්ඤති. අථ වා “පජාපතිස‍්මිං නත්‍ථි පාපං, න තස‍්මිං පාපකානි කම‍්මානි උපලබ‍්භන‍්තී”ති මඤ‍්ඤති.
පජාපතිස්මිං යන මෙහි එකම දියි මඤ්ඤනාව යෙදෙයි යයි එම දෘෂ්ටි මඤ්ඤනාවගේ පැවැත්ම මෙසේ දතයුතුය. මෙහි ඇතමෙක් මරදෙව් පුත් කෙරෙහි, යම් ධර්ම කෙනෙක් විද්‍යමාන වෙත් ද ඒ සියල්ල නිත්‍යය සදාකාලිකය. ශාස්වතය, වෙනස් නොවන ධර්මයකැයි හඟියි. නැතහොත් පජාපතී කෙරෙහි පාපයක් නැත. ඔහු කෙරෙහි පාපකර්මයෝ නොගැල්වෙතියි සිතයි.
පජාපතිතොති එත්‍ථ තිස‍්සොපි මඤ‍්ඤනා ලබ‍්භන‍්ති. කථං? ඉධෙකච‍්චො සඋපකරණස‍්ස අත‍්තනො වා පරස‍්ස වා පජාපතිතො උප‍්පත‍්තිං වා නිග‍්ගමනං වා මඤ‍්ඤති, අයමස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනා. තස‍්මිංයෙව පනස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤිතෙ වත්‍ථුස‍්මිං සිනෙහං මානඤ‍්ච උප‍්පාදයතො තණ‍්හාමානමඤ‍්ඤනාපි වෙදිතබ‍්බා.
පජාපතිතො යන මෙහි තෙවදෑරුම් මඤ්ඤනාවෝම ලැබෙති. කෙසේද යත් මේ ලෝකයෙහි කෙනෙක් උපකරණ සහිත වූ තමාගේ හෝ මෙරමාගේ හෝ ප්‍රජාපතී කෙරෙන් උපත හෝ නික්මීම හඟියි. මේ ඔහුගේ දිට්ඨි මඤ්ඤානාවයි. දිට්ඨි මඤ්ඤනාවෙන් සිතන ලද එම වස්තුවෙහිම සෙනෙහස ද මානය ද උපදවන්නා වූ ඔහුගේම තෘෂ්ණා මාන මඤ්ඤනාවෝ ද දතයුත්තාහුය.
පජාපතිං මෙති එත්‍ථ පන එකා තණ‍්හාමඤ‍්ඤනාව ලබ‍්භති. සා චායං “පජාපති මම සත්‍ථා මම සාමී”තිආදිනා නයෙන මමායතො පවත‍්තතීති වෙදිතබ‍්බා. සෙසං වුත‍්තනයමෙව.
පජාපතිං මෙ යන මෙහි එකම තණ්හා මඤ්ඤනාව ලැබෙයි. එය ද මේ ප්‍රජාපතී මගේ ශාස්තෘවරයාය. මගේ ස්වාමියාය, යනාදි ක්‍රමයෙන් මමත්වය කරන්නහුට පවතීයයි දතයුතුය. සෙස්ස කී අයුරින්ම දතයුත්තේය.
බ්‍රහ‍්මං බ්‍රහ‍්මතොති එත්‍ථ බ්‍රූහිතො තෙහි තෙහි ගුණවිසෙසෙහීති බ්‍රහ‍්මා.
බ්‍රහ්මං බ්‍රහ්මතො යන මෙහි ඒ ඒ ගුණ විශේෂයෙන් වඩන ලද්දේනුයි බ්‍රහ්ම නම් වේ.
බ්‍රහ්ම ශබ්දය
අපිච බ්‍රහ‍්මාති මහාබ්‍රහ‍්මාපි වුච‍්චති, තථාගතොපි බ්‍රාහ‍්මණොපි මාතාපිතරොපි සෙට‍්ඨම‍්පි. “සහස‍්සො බ්‍රහ‍්මා ද‍්විසහස‍්සො බ්‍රහ‍්මා”තිආදීසු (ම· නි· 3.165-166) හි මහාබ්‍රහ‍්මා බ්‍රහ‍්මාති වුච‍්චති. “බ්‍රහ‍්මාති ඛො, භික‍්ඛවෙ, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති එත්‍ථ තථාගතො.
මෙයින් බ්‍රහ්ම ද, මව්පිය දෙදෙන ද, ශ්‍රේෂ්ඨ වූවහු ද, බ්‍රහ්ම ශබ්දයෙන් කියනු ලැබේ. “සහස්සා බ්‍රහ්මා ද්විසහස්සා බ්‍රහ්මා” යනාදි තන්හි මහාබ්‍රහ්ම තෙම බ්‍රහ්මයයි කියනු ලැබේ. බ්‍රහ්මාති භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං යන මෙයින් තථාගත තෙමේ කියනු ලැබේ.
“තමොනුදො බුද‍්ධො සමන‍්තචක‍්ඛු, ලොකන‍්තගූ සබ‍්බභවාතිවත‍්තො; අනාසවො සබ‍්බදුක‍්ඛප‍්පහීනො, සච‍්චව‍්හයො බ්‍රහ‍්මෙ උපාසිතො මෙ”ති. (චූළනි· 104) –
තමොනුදො බුද්ධො සමන්ත චක්ඛු ලොකන්තගූ සබ්බ භවාති වත්තො අනාසවො සබ්බ දුක්ඛප්පහීනො සච්චව්හයො බ්‍රහ්මෙ උපාසිතොමෙ
එත්‍ථ බ්‍රාහ‍්මණො.
යන මෙහි බ්‍රාහ්මණ තෙමේය.
“බ්‍රහ‍්මාති මාතාපිතරො, පුබ්බාචරියාති වුච‍්චරෙ”ති. (ඉතිවු· 106; ජා· 2.20.181) – එත්‍ථ මාතාපිතරො.
“බ්‍රහ්මාති මාතාපිතරො පුබ්බාචරියාති වුච්චරෙ” යන මෙහි මව්පිය දෙදෙනා ගැනේ.
“බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙතී”ති (ම· නි· 1.148; අ· නි· 5.11) එත්‍ථ සෙට‍්ඨං. ඉධ පන පඨමාභිනිබ‍්බත‍්තො කප‍්පායුකො බ්‍රහ‍්මා අධිප‍්පෙතො. තග‍්ගහණෙනෙව ච බ්‍රහ‍්මපුරොහිතබ්‍රහ‍්මපාරිසජ‍්ජාපි ගහිතාති වෙදිතබ‍්බා. අත්‍ථවණ‍්ණනා පනෙත්‍ථ පජාපතිවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.
“බ්‍රහ්ම චක්කං පවත්තති” යන මෙහි ශ්‍රේෂ්ඨ යන අරුතෙහිය. මෙයින් වනාහි පළමුකොට උපන් කල්පයක් ආයු ඇති. බ්‍රහ්ම තෙම අදහස් කෙරේ. ඔහුගේ ගැනීමෙන්ම බ්‍රහ්ම පුරෝහිත, බ්‍රහ්ම පාරිසජ්ජ වැසියන්ද ගන්නා ලද බව දතයුතු. මෙහි අර්ථ වර්ණනාව ප්‍රජාපති වාරයෙහි කී අයුරින් දතයුත්තේය.
ආභස‍්සරවාරෙ දණ‍්ඩදීපිකාය අච‍්චි විය එතෙසං සරීරතො ආභා ඡිජ‍්ජිත්‍වා ඡිජ‍්ජිත්‍වා පතන‍්තී විය සරති විසරතීති ආභස‍්සරා. තෙසං ගහණෙන සබ‍්බාපි දුතියජ‍්ඣානභූමි ගහිතා, එකතලවාසිනො එව චෙතෙ සබ‍්බෙපි පරිත‍්තාභා අප‍්පමාණාභා ආභස‍්සරාති වෙදිතබ‍්බා.
ආභස්සරං, ආභස්සර වාරයෙහි පන්දමකින් ගිනිසිල මෙන් මොවුන්ගේ සිරුරෙන් කාන්තිය සිඳී සිඳී වැටෙන්නක් මෙන් නික්මෙයි. එහෙයින් ආභස්සර නම් වෙති. මොවුන්ගේ ගැනීමෙන් සියලුම ද්විතීයධ්‍යාන භූමිය ගන්නා ලද්දේ වෙයි. පරිත්තාභ, අප්පිමානාභ ආභස්සර යන මොවුහු සියල්ලෝම ඒකතල වාසීහු වෙති.
සුභකිණ‍්හවාරෙ සුභෙන ඔකිණ‍්ණා විකිණ‍්ණා සුභෙන සරීරප‍්පභාවණ‍්ණෙන එකග‍්ඝනා සුවණ‍්ණමඤ‍්ජූසාය ඨපිතසම‍්පජ‍්ජලිතකඤ‍්චනපිණ‍්ඩසස‍්සිරිකාති සුභකිණ‍්හා. තෙසං ගහණෙන සබ‍්බාපි තතියජ‍්ඣානභූමි ගහිතා. එකතලවාසිනො එව චෙතෙ සබ‍්බෙපි පරිත‍්තසුභා අප‍්පමාණසුභා සුභකිණ‍්හාති වෙදිතබ‍්බා.
සුභකිණ්ණ - සුභකිණ්ණ වාරයෙහි සුභයෙන් (ශුභ ලක්ෂණයන්ගෙන් ගැවසී ගත් විසුරුණු මනා ශරීර කාන්ති වර්ණයෙන්, ඒකඝන වූ රුවන් බඳුනක තැබූ දිලියෙන කසුන් පිඩක් මෙන් සශ්‍රීක වූ බැවින් සුභකිණ්ණ නම් වෙති. ඔවුන්ගේ ගැනීමෙන් සියලුම තෘතීයධ්‍යාන භූමි ගන්නා ලද්දේ වෙයි. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණ යන මොහු සියල්ලෝම එකතලයෙක්හිම වසන්නාහු යයි දතයුත්තාහුය.
වෙහප‍්ඵලවාරෙ, විපුලා ඵලාති වෙහප‍්ඵලා. චතුත්‍ථජ‍්ඣානභූමි බ්‍රහ‍්මානො වුච‍්චන‍්ති. අත්‍ථනයයොජනා පන ඉමෙසු තීසුපි වාරෙසු භූතවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.
වෙහප්ඵල - වෙහප්ඵල වාරයෙහි මහත් වූ ඵල ඇත්තේනුයි වෙහප්ඵල නම් වේ. සතරවන ධ්‍යාන භූමියට අයත් බ්‍රහ්මයෝ මෙයින් කියනු ලැබෙත්. ආභස්සර - සුභකිණ්ණ වෙහප්ඵල මේ වාරත්‍රයෙහි අරුත් යෙදීම භූත වාරයේ කී නයින් දතයුත්තේය.
අභිභූවාරෙ අභිභවීති අභිභූ. කිං අභිභවි? චත‍්තාරො ඛන්‍ධෙ අරූපිනො. අසඤ‍්ඤභවස‍්සෙතං අධිවචනං. අසඤ‍්ඤසත‍්තා දෙවා වෙහප‍්ඵලෙහි සද‍්ධිං එකතලායෙව එකස‍්මිං ඔකාසෙ යෙන ඉරියාපථෙන නිබ‍්බත‍්තා, තෙනෙව යාවතායුකං තිට‍්ඨන‍්ති චිත‍්තකම‍්මරූපසදිසා හුත්‍වා. තෙ ඉධ සබ‍්බෙපි අභිභූවචනෙන ගහිතා. කෙචි අභිභූ නාම සහස‍්සො බ්‍රහ‍්මාති එවමාදිනා නයෙන තත්‍ථ තත්‍ථ අධිපතිබ්‍රහ‍්මානං වණ‍්ණයන‍්ති. බ්‍රහ‍්මග‍්ගහණෙනෙව පන තස‍්ස ගහිතත‍්තා අයුත‍්තමෙතන‍්ති වෙදිතබ‍්බං. යොජනානයො චෙත්‍ථ අභිභූ වණ‍්ණවා දීඝායුකොති සුත්‍වා තත්‍ථ ඡන්‍දරාගං උප‍්පාදෙන‍්තො අභිභුං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. “අහො වතාහං අභිභුනො සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්තිආදිනා පන නයෙන අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහන‍්තොපි අභිභුං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. අත‍්තානං හීනතො අභිභුං සෙය්‍යතො දහන‍්තො පන අභිභුං මානමඤ‍්ඤනාය මඤ‍්ඤති. “අභිභූ නිච‍්චො ධුවො”තිආදිනා නයෙන පරාමසන‍්තො අභිභුං දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤතීති වෙදිතබ‍්බො. සෙසං පජාපතිවාරෙ වුත‍්තනයමෙව.
අභිභූ - අභිභූ වාරයෙහි මැඩපැවැත්වීම කෙළේනුයි අභිභූ නම් වේ. කිමෙක් මැඩපැවැත්වීද, සතර අරූප ස්කන්ධයෝය. අභිභූ යනු අසංඥ භවයට නමකි. අසංඥ සත්ත්ව දෙවියෝ වෙහප්ඵලයන් සමග එකතල වූවාහුමය. එක් අවකාශයක යම් ඉරියව්වකින් උපන්නාහුද ඒ ඉරියව්වෙන්ම ආයු ඇති තෙක් සිත්තම් රුවක් මෙන් සිටිති. මෙහි ඔහු සියල්ලෝම අභිභූ යන වචනයෙන් ගන්නා ලද්දාහු වෙති. කිසිවෙක් අභිභූ නම් සහස්ස බ්‍රහ්ම යයි යනාදි නයින් ඒ ඒ තන්හි අධිපති බ්‍රහ්මයා වර්ණනා කෙරෙත්. බ්‍රහ්ම ග්‍රහණයෙන්ම ඔවුහු ගත් බැවින් මෙය අයුතු යයි දතයුතුය. මෙහි යෙදී ඇති ක්‍රමයද අභිභූ (අසඤ්ඤ සත්‍ව) තෙම වර්ණවත්ය. දීර්ඝායුෂ්කයයි අසා එහි ඡන්‍දරාගය උපදවන්නේ අසඥ සත්‍ව දෙවියා තණ්හා මඤ්ඤනාවෙන් යුතුව සිතයි. අභිභූ තෙම නිත්‍යය, සදාකාලිකය යනාදි ක්‍රමයෙන් පරාමර්ශනය කරන්නේ අසඤ්ඤසත්ත දෙවියා දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි යයි දතයුත්තේත්ය. සෙස්ස ප්‍රජාපතී වාරයෙහි කී අයුරින් දතයුතුයැ.
භූතවාරාදිවණ‍්ණනා නිට‍්ඨිතා.