යෙදුමෙන් කියවන්න

ආකාසානඤ‍්චායතනවාරාදිවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

ආකාසානඤ‍්චායතනවාරාදිවණ‍්ණනා

ආකාසානඤ්චායතන වාර

එවං භගවා පටිපාටියා දෙවලොකෙ දස‍්සෙන‍්තොපි අභිභූවචනෙන අසඤ‍්ඤභවං දස‍්සෙත්‍වා ඉදානි යස‍්මා අයං වට‍්ටකථා, සුද‍්ධාවාසා ච විවට‍්ටපක‍්ඛෙ ඨිතා, අනාගාමිඛීණාසවා එව හි තෙ දෙවා. යස‍්මා වා කතිපයකප‍්පසහස‍්සායුකා තෙ දෙවා, බුද‍්ධුප‍්පාදකාලෙයෙව හොන‍්ති. බුද‍්ධා පන අසඞ‍්ඛෙයෙපි කප‍්පෙ න උප‍්පජ‍්ජන‍්ති, තදා සුඤ‍්ඤාපි සා භූමි හොති. රඤ‍්ඤො ඛන්‍ධාවාරට‍්ඨානං විය හි බුද‍්ධානං සුද‍්ධාවාසභවො.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් දිව්‍යලෝක දක්වා අභිභූ යන වචනයෙන් අසඤ්ඤ භවය දක්වා යම් හෙයකින් මේ වට්ට කථා වන්නීද ශුද්ධාවාසයෙහි විවට්ට පක්‍ෂයෙහි සිටියාහුය. එසේම එම දෙවිවරු අනාගාමි ක්‍ෂීණාශ්‍රවයෝම වෙති. මොවුහු කල්ප ගණනක් ආයු ඇත්තාහු බුද්ධෝත්පාද කාලයෙහිම වෙත්. බුදුවරු වූ කලී අසංඛ්‍ය කල්පයෙහිදු නොඋපදිති. අබුද්ධෝත්පාද කාලවල ශුද්ධාවාස භූමිහු ශුන්‍ය වූවාහු වෙති. බුදුවරුන්ට ශුද්ධාවාස භවය රජුන්ගේ කඳවුරු ස්ථානයක් මෙන් වෙති.

තෙ තෙනෙව ච කාරණෙන විඤ‍්ඤාණට‍්ඨිතිසත‍්තාවාසවසෙනපි න ගහිතා, සබ‍්බකාලිකා පන ඉමා මඤ‍්ඤනා. තස‍්මා තාසං සදාවිජ‍්ජමානභූමිං දස‍්සෙන‍්තො සුද‍්ධාවාසෙ අතික‍්කමිත්‍වා, ආකාසානඤ‍්චායතනන‍්තිආදිමාහ.

මේ කරුණින් ශුද්ධාවාස විඤ්ඤාණට්ඨිති වශයෙන් ද සත්තාවාස වශයෙන් ද නොගන්නා ලදී. මෙම මඤ්ඤනාවෝ සර්වකාලීන නිසා හැමදා විද්‍යමාන භූමි දක්වන්නේ ශුද්ධාවාසයන් අතහැර ආකාසානඤ්චායතන ආදිය දැක්වූහ.

ආකාසානඤ්චායතනය

තත්‍ථ ආකාසානඤ‍්චායතනන‍්ති තබ‍්භූමිකා චත‍්තාරො කුසලවිපාකකිරියා ඛන්‍ධා. තෙ ච තත්‍රූපපන‍්නායෙව දට‍්ඨබ‍්බා භවපරිච‍්ඡෙදකථා අයන‍්ති කත්‍වා. එස නයො විඤ‍්ඤාණඤ‍්චායතනාදීසු. අත්‍ථයොජනා පන චතූසුපි එතෙසු වාරෙසු අභිභූවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. මානමඤ‍්ඤනා චෙත්‍ථ පජාපතිවාරෙ වුත‍්තනයෙනාපි යුජ‍්ජති.

ආකාසානඤ්චායතනං යනු සතර කුසල විපාක, ක්‍රියා ස්කන්ධයෝය. මෙම කුසල-විපාක, ක්‍රියා ස්කන්ධයෝද, භාවනා පරිච්ඡේද කථා මෙයයි කොට එහි උපන්නහු පිළිබඳවම යයි දතයුත්තාහුය. විඤ්ඤාණඤ්චායතනා දියෙහිද මෙම ක්‍රමයම වේ. මෙම සතර වාරයෙහි අර්ථ යෝජනා, අභිභූවාරයෙහි කී අයුරින්ම දතයුත්තාහුය. මාන මඤ්ඤනා ද පජාපති වාරයෙහි කී අයුරින් යෙදේ.

ආකාසානඤ‍්චායතනවාරාදිවණ‍්ණනා නිට‍්ඨිතා.

දිට‍්ඨසුතවාරාදිවණ‍්ණනා

දිට්ඨසුත වාර

එවං භූමිවිසෙසාදිනා භෙදෙන විත්‍ථාරතොපි මඤ‍්ඤනාවත්‍ථුං දස‍්සෙත්‍වා ඉදානි සබ‍්බමඤ‍්ඤනාවත්‍ථුභූතං සක‍්කායපරියාපන‍්නං තෙභූමකධම‍්මභෙදං දිට‍්ඨාදීහි චතූහි සඞ‍්ගණ‍්හිත්‍වා දස‍්සෙන‍්තො, දිට‍්ඨං දිට‍්ඨතොතිආදිමාහ.

මෙසේ භූමි විශේෂ ආදි භේදයෙන් විස්තර කරන ලද්දේ නමුදු, මඤ්ඤනා වත්‍ථු දක්වා දැන් සියලු මඤ්ඤනාවන්ට වස්තුභූත වූ සක්කාය පරියාපන්න වූ තෙභූමක ධර්මභේදයන් වූ දිට්ඨි ආදි සතර සංග්‍රහ කොට දක්වන්නේ දිට්ඨං දිට්ඨතො ආදිය දැක්වූහ.

තත්‍ථ දිට‍්ඨන‍්ති මංසචක‍්ඛුනාපි දිට‍්ඨං, දිබ‍්බචක‍්ඛුනාපි දිට‍්ඨං. රූපායතනස‍්සෙතං අධිවචනං. තත්‍ථ දිට‍්ඨං මඤ‍්ඤතීති දිට‍්ඨං තීහි මඤ‍්ඤනාහි මඤ‍්ඤති. කථං? රූපායතනං සුභසඤ‍්ඤාය සුඛසඤ‍්ඤාය ච පස‍්සන‍්තො තත්‍ථ ඡන්‍දරාගං ජනෙති, තං අස‍්සාදෙති අභිනන්‍දති.

එහි දිටඨං යු මසැසින් දක්නා ලද දෙයට ද, දිවැසට ද රූපායතනයට ද නමකි. එහි දිට්ඨං මඤඤති යනු දක්නා ලද ත්‍රිවිධ මඤ්ඤනාවන්ගෙන් සිතයි. කෙසේද යත්, රූපායතනය ශුභය යන සංඥාවෙන් ද, සැප යන සංඥාවෙන් ද දක්නේ එහි ඡන්‍දරාගය උපදවයි එය ආශ්වාදනය කෙරෙයි එයට සතුටු වෙයි.

වුත‍්තම‍්පි හෙතං භගවතා “ඉත්‍ථිරූපෙ, භික‍්ඛවෙ, සත‍්තා රත‍්තා ගිද‍්ධා ගධිතා මුච‍්ඡිතා අජ‍්ඣොසන‍්නා, තෙ දීඝරත‍්තං සොචන‍්ති ඉත්‍ථිරූපවසානුගා”ති (අ· නි· 5.55). එවං දිට‍්ඨං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. “ඉති මෙ රූපං සියා අනාගතමද‍්ධානන‍්ති වා පනෙත්‍ථ නන්‍දිං සමන‍්නානෙති, රූපසම‍්පදං වා පන ආකඞ‍්ඛමානො දානං දෙතී”ති විත්‍ථාරො. එවම‍්පි දිට‍්ඨං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. අත‍්තනො පන පරස‍්ස ච රූපසම‍්පත‍්තිං විපත‍්තිං නිස‍්සාය මානං ජනෙති. “ඉමිනාහං සෙය්‍යොස‍්මී”ති වා “සදිසොස‍්මී”ති වා “හීනොස‍්මී”ති වාති එවං දිට‍්ඨං මානමඤ‍්ඤනාය මඤ‍්ඤති. රූපායතනං පන නිච‍්චං ධුවං සස‍්සතන‍්ති මඤ‍්ඤති, අත‍්තානං අත‍්තනියන‍්ති මඤ‍්ඤති, මඞ‍්ගලං අමඞ‍්ගලන‍්ති මඤ‍්ඤති, එවං දිට‍්ඨං දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤති. එවං දිට‍්ඨං තීහි මඤ‍්ඤනාහි මඤ‍්ඤති.

මෙසේ වදාරණ ලද්දේ වෙයි. ඉත්‍ථිරූපෙ භික්ඛවෙ, සත්තා ගිද්ධා - ගථිතා මුච්ඡිතා අජ්ඣාපන්නා තෙ දීඝරත්තං සොචන්ති ඉත්‍ථිරූපවසානුගා (මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් ඉත්‍ථි රූපයෙහි රාග වශයෙන් ඇළුණාහු ගිජුවූවාහු ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙත්ද, ඉත්‍ථි රූපයෙහි වසඟ වූ ඔවුහු බොහෝකලක් ශෝක කෙරෙති. මෙසේ රූපායතන තණ්හා මඤ්ඤනාවෙන් සිතයි.) ඉති මෙ රූපං සියා අනාගත මද්ධානන්ති වා පනෙත්‍ථ නන්‍දිං සමන්නානෙති රූපසම්පදං වා ආකංඛමානො දානං දෙති. (මෙසේ මාගේ රූපය අනාගත කාලයෙහි වන්නේයයි කියා හෝ තණ්හාව පිහිටුවයි. රූප සම්පත්තිය කැමති වෙමින් දන් දෙයි.) මෙසේ රූප මඤ්ඤනාවෙන් යුතුව සිතයි. තමන්ගේ හෝ අනුන්ගේ හෝ රූප සම්පත්තිය හා විපත්තිය ඇසුරුකොට මානය උපදවයි. මෙයින් මම සෙට වෙමි. සමාන වෙමි. හීන වෙමි යයි, දිට්ඨිය මාන මඤ්ඤනාවෙන් යුතුව සිතයි. රූපායතන වනාහි නිත්‍යය. සදාකාලිකය. සස්සතය යනුවෙන් සිතයි. ආත්මය ආත්මීය යයි සිතයි. මංගල අමංගල යයි සිතයි. මෙසේ රූපායතනය දෘෂ්ටි මඤ්ඤනාවෙන් යුතුව සිතයි. මෙසේ රූපායතනය ත්‍රිවිධ මඤ්ඤනාවෙන් යුතුව සිතයි.

කථං දිට‍්ඨස‍්මිං මඤ‍්ඤති? රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සනනයෙන මඤ‍්ඤන‍්තො දිට‍්ඨස‍්මිං මඤ‍්ඤති. යථා වා ධනෙ ධඤ‍්ඤෙ. එවං රූපස‍්මිං රාගාදයොති මඤ‍්ඤන‍්තොපි දිට‍්ඨස‍්මිං මඤ‍්ඤති. අයමස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනා. තස‍්මිඤ‍්ඤෙව පනස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤිතෙ වත්‍ථුස‍්මිං සිනෙහං මානඤ‍්ච උප‍්පාදයතො තණ‍්හාමානමඤ‍්ඤනාපි වෙදිතබ‍්බා. එවං දිට‍්ඨස‍්මිං මඤ‍්ඤති. සෙසං පථවීවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

දිට්ඨං මඤ්ඤති යනු කෙසේද, රූපයෙහි ආත්මය ඇතැයි යනුවෙන් රූපායතනයෙහි ආත්මය ඇතැයි සිතයි. නැතහොත් තනයෙහි තනකිරි යසේ ද, එසේ රූපයෙහි රාගාදීහු වෙතැයි සිතන්නේ ද රූපායතනයෙහි ආත්මය ඇතැයි සිතයි. මේ ඔහුගේ දිට්ඨි මඤ්ඤනාව වේ. දිට්ඨි මඤ්ඤනාවෙන් සිතන ලද එම වස්තුවෙහිම ආදරය ද මානය ද උපදවන්නා වූ ඔහුගේ තණ්හා මාන මඤ්ඤනාවෝද දතයුත්තාහුය. මෙසේ දිට්ඨි වශයෙන් රූපයෙහි ආත්මය ඇතැයි සිතයි. සෙස්ස පඨවි වාරයෙහි කී අයුරින් දත යුත්තේය.

සුතන‍්ති මංසසොතෙනපි සුතං, දිබ‍්බසොතෙනපි සුතං, සද‍්දායතනස‍්සෙතං අධිවචනං.

සුතං යනු කණින් අසන ලද්ද, දිවකණින් අසන ලද්ද ද ගැනේ. මේ ශබ්දයතනයට ද නමකි.

මුතන‍්ති මුත්‍වා මුනිත්‍වා ච ගහිතං, ආහච‍්ච උපගන‍්ත්‍වාති අත්‍ථො, ඉන්‍ද්‍රියානං ආරම‍්මණානඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤසංසිලෙසෙ විඤ‍්ඤාතන‍්ති වුත‍්තං හොති, ගන්‍ධරසඵොට‍්ඨබ‍්බායතනානමෙතං අධිවචනං.

මුතං යනු පැමිණ ද දැනගන්නා ලද්ද. ගැටී, එළඹ යන අර්ථයි. ඉන්‍ද්‍රියයන්ගේ ද ආලම්බනයන්ගේ ද, අන්‍යෝන්‍ය එක් වීමෙහි දී දන්නා ලද්දේ යයි කියන ලද්දේ වෙයි. මෙහි මුතං යනු ගන්‍ධ, රස, එස ආයතනයන්ට නමකි.

විඤ‍්ඤාතන‍්ති මනසා විඤ‍්ඤාතං, සෙසානං සත‍්තන‍්නං ආයතනානමෙතං අධිවචනං ධම‍්මාරම‍්මණස‍්ස වා. ඉධ පන සක‍්කායපරියාපන‍්නමෙව ලබ‍්භති. විත්‍ථාරො පනෙත්‍ථ දිට‍්ඨවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

විඤ්ඤතං යනු සිතින් දන්නා ලද, සෙසු සත්වැදෑරුම් ආයතනයන්ටද නමකි. ධම්මාරම්මණයට හෝ නමකි. මේවා වූ කලී සක්කාය පරියාපන්න වූ කල්හිම ලැබෙයි. මෙහි විස්තර කථාව දිට්ඨ වාරයෙහි කී නියායෙන් දත යුතු වේ.

දිට‍්ඨසුත‍්තවාරාදිවණ‍්ණනා නිට‍්ඨිතා.

එකත‍්තවාරාදිවණ‍්ණනා

ඒකත්ත වාර

එවං සබ‍්බං සක‍්කායභෙදං දිට‍්ඨාදීහි චතූහි දස‍්සෙත්‍වා ඉදානි තමෙව සමාපන‍්නකවාරෙන ච අසමාපන‍්නකවාරෙන ච ද‍්විධා දස‍්සෙන‍්තො එකත‍්තං නානත‍්තන‍්තිආදිමාහ.

මෙසේ සියලු සක්කාය භේදය (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත) යන සතර සමග දක්වා, එයම සමාපන්නක, (පැමිණි, ඇතුළත්) අසමාපන්නක යනුවෙන් දෙපරිද්දකින් දක්වන සේක් එකත්තං නානත්තං යයි වදාළහ.

එකත‍්තන‍්ති ඉමිනා හි සමාපන‍්නකවාරං දස‍්සෙති. නානත‍්තන‍්ති ඉමිනා අසමාපන‍්නකවාරං. තෙසං අයං වචනත්‍ථො එකභාවො එකත‍්තං. නානාභාවො නානත‍්තන‍්ති. යොජනා පනෙත්‍ථ සමාපන‍්නකවාරං චතූහි ඛන්‍ධෙහි, අසමාපන‍්නකවාරඤ‍්ච පඤ‍්චහි ඛන්‍ධෙහි භින්‍දිත්‍වා “රූපං අත‍්තතො සමනුපස‍්සතී”තිආදිනා සාසනනයෙන පථවීවාරාදීසු වුත‍්තෙන ච අට‍්ඨකථානයෙන යථානුරූපං වීමංසිත්‍වා වෙදිතබ‍්බා. කෙචි පන එකත‍්තන‍්ති එකත‍්තනයං වදන‍්ති නානත‍්තන‍්ති නානත‍්තනයං. අපරෙ “එකත‍්තසඤ‍්ඤී අත‍්තා හොති අරොගො පරං මරණා, නානත‍්තසඤ‍්ඤී අත‍්තා හොතී”ති එවං දිට‍්ඨාභිනිවෙසං. තං සබ‍්බං ඉධ නාධිප‍්පෙතත‍්තා අයුත‍්තමෙව හොති.

එකත්තං යන මෙයින් සමාපන්නවාරය දක්වන සේක්, නානත්තං යන මෙයින් අසමාපන්නවාරය දක්වති. ඔවුන්ගේ වචනාර්ථය නම් ඒකභාවය එකත්ත කියාද ද්විභාවය නානත්ත කියා ද වේ. මෙම යෙදීම වනාහි සමාපන්නවාරය සතර ස්කන්ධයන්ගේද, අසමාපන්න වාරය පංච ස්කන්ධයන්ගෙන්ද වෙන්කොට - “රූපං අත්තකො සමනුපස්සති” යන මේ ආදිය ශාසනික නයින් පඨවි මාර ආදියෙහි කී අයුරින් ද අට්ඨකථා නය වශයෙන් ද සුදුසු පරිදි විමසා දතයුතුයැ. සමහරෙක් එකත්ත යනුවෙන් එකත්ත නයක් කියති. නානත්තං යනුවෙන් නානත්ත නයක් ද කියති. “එකත්ත සඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණා නානත්ත සඤ්ඤී අත්තා හොති” යනුවෙන් මෙසේ දෘෂ්ටීන්ගේ බැසගැනීම පෙන්වති. ඒ සියල්ල මෙහි බලාපොරොත්තු නො වේ. සුදුසු ද නොවේ.

එවං සබ‍්බං සක‍්කායං ද‍්විධා දස‍්සෙත්‍වා ඉදානි තමෙව එකධා සම‍්පිණ‍්ඩෙත්‍වා දස‍්සෙන‍්තො සබ‍්බං සබ‍්බතොතිආදිමාහ. යොජනානයො පනෙත්‍ථ සබ‍්බං අස‍්සාදෙන‍්තො සබ‍්බං තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. “මයා එතෙ සත‍්තා නිම‍්මිතා”තිආදිනා නයෙන අත‍්තනා නිම‍්මිතං මඤ‍්ඤන‍්තො සබ‍්බං මානමඤ‍්ඤනාය මඤ‍්ඤති. “සබ‍්බං පුබ‍්බෙකතකම‍්මහෙතු, සබ‍්බං ඉස‍්සරනිම‍්මානහෙතු, සබ‍්බං අහෙතුඅපච‍්චයා, සබ‍්බං අත්‍ථි, සබ‍්බං නත්‍ථී”තිආදිනා නයෙන මඤ‍්ඤන‍්තො සබ‍්බං දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤතීති වෙදිතබ‍්බො.

මෙසේ සක්කාය (පඤ්චස්කන්ධය) දෙඅයුරකින් දක්වා දැන් එයම එක් අයුරකින් සම්පිණ්ඩනය කොට දක්වන්නේ සබ්බං සබ්බතො යනාදිය වදාළහ. මෙහි යෝජනා ක්‍රමය ආශ්වාදනය කරන්නේ, සියල්ල තණ්හා මඤ්ඤනාවෙන් යුතුව සිතයි. මා විසින් මේ සත්ත්වයන් මවන ලද්දේයැයි ආදි නයින් මවිසින් සත්ත්වයන් මවන ලදැයි සිතන්නේ සියල්ල මාන මඤ්ඤනාවෙන් යුතුව සිතයි. සියල්ල පෙරකළ කම් බලයෙන් වෙයි. සියල්ල ඊශ්වර නිර්මාණ හේතුවෙන් වෙයි. සියල්ල අහේතු අප්පච්චය වශයෙන් වෙයි. සියල්ල ඇත. සියල්ල නැත. මේ ආදි ක්‍රමයන්ගෙන් සිතන්නේ සියල්ල දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි.

කථං සබ‍්බස‍්මිං මඤ‍්ඤති? ඉධෙකච‍්චො එවංදිට‍්ඨිකො හොති “මහා මෙ අත‍්තා”ති. සො සබ‍්බලොකසන‍්නිවාසං තස‍්සොකාසභාවෙන පරිකප‍්පෙත්‍වා සො ඛො පන මෙ අයං අත‍්තා සබ‍්බස‍්මින‍්ති මඤ‍්ඤති, අයමස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනා. තස‍්මිංයෙව පනස‍්ස අත‍්තනි සිනෙහං තබ‍්බත්‍ථුකඤ‍්ච මානං උප‍්පාදයතො තණ‍්හාමානමඤ‍්ඤනාපි වෙදිතබ‍්බා. සෙසං පථවීවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

“කථං සබ්බස්මිං මඤ්ඤති” යනු කෙසේද යත් මෙහි ඇතැමෙක් මගේ ආත්මය විශාලයයි දිට්ඨි ඇත්තේ වෙයි. හෙතෙම මුලු ලෝක සන්නිවාසය ඔහුගේ අවකාශ භාවයෙන් සිතා ඒ මේ මගේ ආත්මය සියලුම රූපා රූප ධර්මයෙහි පිහිටියේ යයි සිතයි. මේ ඔහුගේ දෘෂ්ටි මඤ්ඤනාවයි. ඒ සියල්ල ඇසුරු කළ ආත්මයෙහිම ස්නේහයද එය වස්තුකොට ඇති මානයද උපදවන්නා වූ බඹුගේ තණ්හා මඤ්ඤනාවෝද දතයුත්තාහුය. සෙසු සියල්ල පඨවි වාරයෙහි කී අයුරින්ම දතයුතුය.

නිබ්බාන

එවං සබ‍්බං සක‍්කායං එකධා දස‍්සෙත්‍වා ඉදානි අපරෙනපි නයෙන තං එකධා දස‍්සෙන‍්තො නිබ‍්බානං නිබ‍්බානතොති ආහ. තත්‍ථ නිබ‍්බානන‍්ති “යතො ඛො, භො, අයං අත‍්තා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගිභූතො පරිචාරෙති. එත‍්තාවතා ඛො, භො, අයං අත‍්තා පරමදිට‍්ඨධම‍්මනිබ‍්බානං පත‍්තො හොතී”තිආදිනා නයෙන පඤ‍්චධා ආගතං පරමදිට‍්ඨධම‍්මනිබ‍්බානං වෙදිතබ‍්බං. තත්‍ථ නිබ‍්බානං අස‍්සාදෙන‍්තො තණ‍්හාමඤ‍්ඤනාය මඤ‍්ඤති. තෙන නිබ‍්බානෙන “අහමස‍්මි නිබ‍්බානං පත‍්තො”ති මානං ජනෙන‍්තො මානමඤ‍්ඤනාය මඤ‍්ඤති. අනිබ‍්බානංයෙව සමානං තං නිබ‍්බානතො නිච‍්චාදිතො ච ගණ‍්හන‍්තො දිට‍්ඨිමඤ‍්ඤනාය මඤ‍්ඤතීති වෙදිතබ‍්බො.

ඉහත දැක්වූ සියලුම සක්කාය එක් පරිද්දකින් දක්වා අනතුරුව අන් ක්‍රමයකින්ද දක්වන්නාහු නිබ්බානං නිබ්බානතො යනාදිය වදාළහ. එහි නිබ්බානං යනු යතො ඛො භො අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමංගිභූතො පරිවාරෙති එත්තාවතා ඛො භො අයං අත්තා පරම දිට්ඨධම්ම නිබ්බානං පත්තො හොති. (පින්වත, යම්තැනක පටන් මේ ආත්මය පඤ්චකාම ගුණයන්හි කැමති පරිද්දෙන් ඉන්‍ද්‍රියයන් හසුරුවාද, පින්වත මෙතෙකින් මේ ආත්මය පරම දිට්ඨධම්ම නිබ්බානයට හෙවත් උත්තම වූ ඉහාත්මයෙහි දුක් සංසිඳුවීමට පැමිණියේ වෙයි.) මේ ආදි නයින් පස් ආකාරයකින් එන ලද්දේ පරම දිට්ඨධම්ම නිබ්බානයයි දතයුතුය. එහි දිට්ඨධම්ම නිබ්බානය ආස්වාදනය කරන්නේ තණ්හා මඤ්ඤනාවෙන් යුතුව සිතයි. ඒ නිබ්බානයෙන් මම නිවනට පැමිණියේ යයි මානය උපදවන්නේ මාන මඤ්ඤනාවෙන් යුතුව බලයි. නිබ්බාන නොවූම එය නිබ්බාන වශයෙන් ද නිත්‍ය වශයෙන් ද ග්‍රහණය කරන්නේ දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි යයි දතයුතුය.

නිබ‍්බානතො පන අඤ‍්ඤං අත‍්තානං ගහෙත්‍වා සො ඛො පන මෙ අයං අත‍්තා ඉමස‍්මිං නිබ‍්බානෙති මඤ‍්ඤන‍්තො නිබ‍්බානස‍්මිං මඤ‍්ඤති, අයමස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනා. තස‍්මිංයෙව පනස‍්ස අත‍්තනි සිනෙහං තබ‍්බත්‍ථුකඤ‍්ච මානං උප‍්පාදයතො තණ‍්හාමානමඤ‍්ඤනාපි වෙදිතබ‍්බා. එස නයො නිබ‍්බානතො මඤ‍්ඤනායපි. තත්‍රපි හි නිබ‍්බානතො අඤ‍්ඤං අත‍්තානං ගහෙත්‍වා “ඉදං නිබ‍්බානං, අයං අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉතො නිබ‍්බානතො අඤ‍්ඤො”ති මඤ‍්ඤන‍්තො නිබ‍්බානතො මඤ‍්ඤති, අයමස‍්ස දිට‍්ඨිමඤ‍්ඤනා. තස‍්මිංයෙව පනස‍්ස අත‍්තනි සිනෙහං තබ‍්බත්‍ථුකඤ‍්ච මානං උප‍්පාදයතො තණ‍්හාමානමඤ‍්ඤනාපි වෙදිතබ‍්බා. “අහො සුඛං මම නිබ‍්බාන”න‍්ති මඤ‍්ඤන‍්තො පන නිබ‍්බානං මෙති මඤ‍්ඤතීති වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙව. අයං පනෙත්‍ථ අනුගීති –

නිවන කෙරෙන් අන්‍ය වූ ආත්මයක් ගෙන මේ නිවන යයි ද මේ ආත්ම යයි ද හේ මගෙ ආත්මය නිවනෙහි වී යයි සිතන්නේ නිබ්බානස්මිං මඤ්ඤති යනු වේ. මේ ඔහුගේ දිට්ඨි මඤ්ඤනාවයි. ඒ ආත්මයෙහිම ස්නේහයද එය වස්තුකොට මානයද උපදවන්නා වූ ඔහුගේ තණ්හා මාන මඤ්ඤනාවෝද දතයුත්තාහුය. මෙම ක්‍රමය නිවනින් පිටත එය ඇසුරුකොට ආත්මය පිහිටියේ යයි සිතීමෙහිද වෙයි. නිවනින් අන්‍ය වූවක් ආත්මය වශයෙන් ගෙන මේ නිවනයැ මේ ආත්මය යැ ඒ මේ මගේ ආත්මය මෙම නිවනින් අන්‍ය වූයේ යැයි සිතන්නේ නිබ්බානතො මඤ්ඤති (නිවන ඇසුරුකොට ඉන් පිටත ආත්මය පිහිටියේ යයි සිතයි) යනුවෙන් දැක්වේ. මේ ඔහුගේ දිට්ඨි මඤ්ඤනාවයි. (නිවනින් පිටත පිහිටි) ආත්මයෙහිම ඇල්මද, එය වස්තුකොට මානයද උපදවන්නාහුය. මේ ඔහුගේ තණ්හා මාන-මඤ්ඤනාවෝ යයි දතයුත්තාහුය. මගේ නිවන අහෝ සැපතකි. හඟින්නහු නිබ්බානං මෙති මඤ්ඤති (මගේ නිවනයයි සිතයි) යනුවෙන් දතයුත්තාහුය. මේ වූ කලී එහි අනුගීතියයි.

යාදිසො එස සක‍්කායො, තථා නං අවිජානතො; පුථුජ‍්ජනස‍්ස සක‍්කායෙ, ජායන‍්ති සබ‍්බමඤ‍්ඤනා.

1. මේ පඤ්ච උපාදානස්කන්ධය තෙම යම්බඳු වේද, එපරිද්දෙන් එය නොදන්නා වූ පුහුදුන් ජනයාට පඤචස්කන්ධයෙහි තණ්හා ආදි සියලු මඤ්ඤනාවෝ උපදිත්.

ජෙගුච‍්ඡො භිදුරො චායං, දුක‍්ඛො අපරිණායකො; තං පච‍්චනීකතො බාලො, ගණ‍්හං ගණ‍්හාති මඤ‍්ඤනං.

2. මේ පඤ්චස්කන්ධය පිළිකුල් කටයුතු වූයේ ද මොහොතින් මොහොත බිඳෙනසුළු වූයේද දුක්වූයේ ද පරිනායකයෙකු රහිත වූයේ ද වෙයි. එය අනිත්‍ය ආදි ස්වභාවයට විරුද්ධ වශයෙන් ගන්නා වූ බාලතෙම මඤ්ඤනාවන් වඩයි.

සුභතො සුඛතො චෙව, සක‍්කායං අනුපස‍්සතො; සලභස‍්සෙව අග‍්ගිම‍්හි, හොති තණ‍්හාය මඤ‍්ඤනා.

3. පඤ්චස්කන්ධය සුභ වශයෙන් ද, සුඛ වශයෙන් ද බලන්නහුට ගින්නෙහි පළඟැටියාට මෙන් තණ්හාවෙන් මඤ්ඤනාව වෙයි.

නිච‍්චසඤ‍්ඤං අධිට‍්ඨාය, සම‍්පත‍්තිං තස‍්ස පස‍්සතො; ගූථාදී විය ගූථස‍්මිං, හොති මානෙන මඤ‍්ඤනා.

4. සක්කායෙහි නිත්‍ය සංඥාව එළවා ඒ සක්කායයාගේ සම්පත්තිය දක්නහුට මල බුදිනසුලු සුනඛයෙක් ගූථයෙහි මෙන් මානයෙන් මඤ්ඤනාව වෙයි.

අත‍්තා අත‍්තනියො මෙති, පස‍්සතො නං අබුද‍්ධිනො; ආදාසෙ විය බොන්‍ධිස‍්ස, දිට‍්ඨියා හොති මඤ‍්ඤනා.

5. ඒ සක්කාය ආත්මයයි ද, ආත්මායත්ත යයි ද දක්නා වූ බුද්ධි රහිතයා හට කැඩපතෙහි බාලයෙකුට මෙන් දිට්ඨ මඤ්ඤනාව උපදියි.

මඤ‍්ඤනාති ච නාමෙතං, සුඛුමං මාරබන්‍ධනං; සිථිලං දුප‍්පමුඤ‍්චඤ‍්ච, යෙන බද‍්ධො පුථුජ‍්ජනො.

6. මඤ්ඤනායන නමක් ඇත්තා වූ ද, සියුම් වූ මාර බන්ධනය ලිහිල් වූයේ ද, මිදීමට දුෂ්කර වූයේ ද වෙයි. යම් මාර බන්ධනයකින් බඳින ලද පුහුදුන් ජනතෙම

බහුං විප‍්ඵන්‍දමානොපි, සක‍්කායං නාතිවත‍්තති; සමුස‍්සිතං දළ‍්හත්‍ථම‍්භං, සාව ගද‍්දුලබන්‍ධනො.

7. බොහෝකොට සැලෙන්නේ නමුත් බන්ධනයෙන් බඳින ලද සුනඛයෙක් ඔසවන ලද දැඩිවූ ටැඹක් මෙන් සක්කාය නොඉක්මවාද, එබඳු වූ මාර බන්ධනයකි.

ස’සො සක‍්කායමලීනො, ජාතියා ච ජරාය ච; රොගාදීහි ච දුක‍්ඛෙහි, නිච‍්චං හඤ‍්ඤති බාළ‍්හසො.

8. සක්කාය වැළඳගත්තා වූ ඒ මේ බාලතෙම ජාති දුකින්ද ජරා දුකින්ද රෝගාදි දුක්වලින් ද සියලු කල්හි පීඩා කරනු ලබයි.

තං වො වදාමි භද‍්දන‍්තෙ, සක‍්කායං අනුපස‍්සථ; අසාතතො අසුභතො, භෙදතො ච අනත‍්තතො.

9. එසේ හෙයින් තොපට කියමි. තොපට යහපතක් වේවා. සක්කාය නොසුව වශයෙන් ද, නොශුභ වශයෙන් ද බිඳීම් වශයෙන් ද, නැවත අනාත්ම වශයෙන් ද යන අනුපස්සනාවන්ගෙන් බලව්.

එසො සභාවො හෙතස‍්ස, පස‍්සං එවමිමං බුධො; පහාය මඤ‍්ඤනා සබ‍්බා, සබ‍්බදුක‍්ඛා පමුච‍්චතීති.

10. මේ තෙම මේ සක්කායයාගේ ස්වභාවයමැයි මෙ පරිද්දෙන් දක්නා වූ පණ්ඩිත තෙම සියලු මඤ්ඤනාවන් දුරුකොට සියලු සසර දුකින් මිදේය.

එකත‍්තවාරාදිවණ‍්ණනා නිට‍්ඨිතා.

පුථුජ‍්ජනවසෙන චතුවීසතිපබ‍්බා පඨමනයකථා නිට‍්ඨිතා.

පුථුජ්ජනයාගේ වශයෙන් සූවිසි පර්වයක් ඇති ප්‍රථම නයකථාව නිමි.

සෙක‍්ඛවාරදුතියනයවණ‍්ණනා

සෙක්ඛ වාර

එවං භගවා පථවීආදීසු වත්‍ථූසු සබ‍්බසක‍්කායධම‍්මමූලභූතං පුථුජ‍්ජනස‍්ස පවත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි තෙස‍්වෙව වත්‍ථූසු සෙක‍්ඛස‍්ස පවත‍්තිං දස‍්සෙන‍්තො යොපි සො, භික‍්ඛවෙ, භික‍්ඛු සෙක‍්ඛොතිආදිමාහ. තත්‍ථ යොති උද‍්දෙසවචනං. සොති නිද‍්දෙසවචනං. පිකාරො සම‍්පිණ‍්ඩනත්‍ථො අයම‍්පි ධම‍්මො අනියතොතිආදීසු විය. තෙන ච ආරම‍්මණසභාගෙන පුග‍්ගලං සම‍්පිණ‍්ඩෙති, නො පුග‍්ගලසභාගෙන, හෙට‍්ඨතො හි පුග‍්ගලා දිට‍්ඨිවිපන‍්නා, ඉධ දිට‍්ඨිසම‍්පන‍්නා, න තෙසං සභාගතා අත්‍ථි. ආරම‍්මණං පන හෙට‍්ඨා පුග‍්ගලානම‍්පි තදෙව, ඉමෙසම‍්පි තදෙවාති. තෙන වුත‍්තං “ආරම‍්මණසභාගෙන පුග‍්ගලං සම‍්පිණ‍්ඩෙති නො පුග‍්ගලසභාගෙනා”ති. යොපි සොති ඉමිනා පන සකලෙන වචනෙන ඉදානි වත‍්තබ‍්බං සෙක‍්ඛං දස‍්සෙතීති වෙදිතබ‍්බො.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පඨවි ආදි වස්තූන්හි සියලු සක්කාය ධර්මයන්ට මුල්වූ පුහුදුන් ජනයාගේ පුවත් දක්වා, දැන් එම වස්තූන්හි සේඛයාගේ පුවත් දක්වන සේක් “යොපි සො භික්ඛවෙ භික්ඛු සෙඛො” යනාදිය වදාළහ. එහි යො යනු උද්දෙස වචනයයි. (=මාතෘකාව කෙටියෙන් ඉදිරිපත් කිරීම) සො යනු නිද්දෙස වචනයයි. (=විස්තර කිරීම) පි යනු සම්පිණ්ඩනාර්ථයෙහිය. ‘අයම්පි ධම්මො අනියතො’ යන ආදි තන්හි මෙනි. එය ද ආරම්මණ සභාගයෙන් පුද්ගලයා සම්පිණ්ඩනය කෙරෙයි. පුද්ගල සභාගයෙන් නොවෙයි. (සභාග යනු සමාන පැවතුම් ඇති යනුයි) කලින් දේශනාවෙහි පුද්ගලයෝ දිට්ඨි විපන්නයෝ වෙති. (පෙරලුනු දෘෂ්ටි ඇත්තෝ වෙති) මෙහි දිට්ඨි සම්පන්නයෝ වෙති. ඔවුන්ගේ සභාග බවක් නැත. පඨවි ආදි ආරම්මණ කලින් දැක්වූ පුද්ගලයන්ට ද මොවුන්ට ද එකමය. එහෙයින් කියන ලදී. ආරම්මණ සභාගයෙන් පුද්ගලයන් සම්පිණ්ඩනය කෙරේය කියා පුද්ගල සභාගයෙක් නොවේ. යො පි සො යන මේ සියලු වචනයෙන් දැන් කිවයුතු ‘සෙඛයා’ දක්වන සේක් යයි දතයුතුයැ.

භික‍්ඛවෙ, භික‍්ඛූති ඉදං වුත‍්තනයමෙව. සෙක‍්ඛොති කෙනට‍්ඨෙන සෙක‍්ඛො? සෙක‍්ඛධම‍්මප‍්පටිලාභතො සෙක‍්ඛො. වුත‍්තඤ‍්හෙතං

භික්ඛවෙ භික්ඛු මෙය කී අයුරුමැයි. සෙඛො කිනම් අරුතකින් සෙඛ වේද, සෙඛ ධර්මයන් ලබා ඇති බැවින් සෙඛනම් වේ. මෙසේ පසන ලදී.

“කිත‍්තාවතා නු ඛො, භන‍්තෙ, සෙක‍්ඛො හොතීති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු සෙක‍්ඛාය සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො හොති…පෙ… සෙක‍්ඛෙන සම‍්මාසමාධිනා සමන‍්නාගතො හොති. එත‍්තාවතා ඛො භික‍්ඛු, සෙක‍්ඛො හොතී”ති (සං· නි· 5.13). අපිච සික‍්ඛතීතිපි සෙක‍්ඛො. වුත‍්තඤ‍්හෙතං “සික‍්ඛතීති ඛො භික‍්ඛු තස‍්මා සෙක‍්ඛොති වුච‍්චති. කිඤ‍්ච සික‍්ඛති? අධිසීලම‍්පි සික‍්ඛති, අධිචිත‍්තම‍්පි සික‍්ඛති, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛති, සික‍්ඛතීති ඛො භික‍්ඛු තස‍්මා සෙක‍්ඛොති වුච‍්චතී”ති (අ· නි· 3.86).

“කිත්තාවතා නුඛො භන්තෙ සෙඛො හොතීති ඉධ භික්ඛවෙ භික්ඛු සෙඛාය සම්මාදිටඨියා සමන්නාගතො හොති -පෙ- සෙඛෙන සම්මා සමාධිනා සමන්නාගතො හොති එත්තාවතා ඛො භික්ඛු සෙඛො හොති” යනුවෙන්, තවද හික්මේනුයි සෙඛ නම් වේ. මෙසේ වදාරණ ලදී. සික්ඛති සික්ඛතීති ඛො භික්ඛු තස්මා සෙඛොති වුච්චති කිඤ්ච සික්ඛති, අධි සීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති අධිපඤ්ඤම්පි සික්ඛති, සික්ඛති සික්ඛතීති ඛො භික්ඛු තස්මා සෙඛොති වුච්චති යනුවෙන්.

යොපි කල්‍යාණපුථුජ‍්ජනො අනුලොමපටිපදාය පරිපූරකාරී සීලසම‍්පන‍්නො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො භොජනෙ මත‍්තඤ‍්ඤූ ජාගරියානුයොගමනුයුත‍්තො පුබ‍්බරත‍්තාපරරත‍්තං බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගමනුයුත‍්තො විහරති – “අජ‍්ජ වා ස‍්වෙ වා අඤ‍්ඤතරං සාමඤ‍්ඤඵලං අධිගමිස‍්සාමී”ති, සොපි වුච‍්චති සික‍්ඛතීති සෙක‍්ඛොති. ඉමස‍්මිං පනත්‍ථෙ පටිවෙධප‍්පත‍්තොව සෙක‍්ඛො අධිප‍්පෙතො, නො පුථුජ‍්ජනො.

යම් කල්‍යාණ පෘථග්ජන කෙනෙක් අනුලෝම ප්‍රතිපදාව සණ කෙරෙනුයේ සීලයෙන් සම්පූර්ණ වූයේ චක්ඛු ආදි ඉන්‍ද්‍රියන්ගේ වසන ලද දොර ඇත්තේ, භෝජනයෙහි පමණ දන්නේ, නිදි දුරුකිරීමෙහි යෙදුනේ, පූර්ව රාත්‍රී අපර රාත්‍රීවල, බෝධිපාක්ෂික ධර්ම භාවනාවෙහි යෙදුනේ අද හෝ හෙට එක්තරා සාමඤ්ඤඵලයකට පැමිණෙන්නෙමැයි වාසය කෙරේ ද, ඒ කල්‍යාණ පෘථග්ජන තෙම හික්මේනුයි ‘සෙඛ’ නමයි කියනු ලැබේ. මෙහි වූ කලී ප්‍රතිවේධයට පත්වූවෙක්ම (රහත්ඵලය හැර) සෙඛ නමයි අදහස් කෙරේ. පෘථග්ජන තෙමේ සෙඛ නොවේ.

“මානස ශබ්දය”

අප‍්පත‍්තං මානසං එතෙනාති අප‍්පත‍්තමානසො. මානසන‍්ති රාගොපි චිත‍්තම‍්පි අරහත‍්තම‍්පි. “අන‍්තලික‍්ඛචරො පාසො, ය‍්වායං චරති මානසො”ති (මහාව· 33; සං· නි· 1.151) එත්‍ථ හි රාගො මානසං.

නොපැමිණියා වූ රහත්බව ඇත්තේ මොහු විසිනුයි අප්පත්ත මානසො නම් වේ. මානසං, යනුවෙන් මෙහි රාගය ද, සිත ද රහත්බව ද, කියනු ලැබේ. අන්තලික්ඛ චරො පාසො ස්වායං චරති මානසො යන මෙහි රාගය මානස නම් වේ.

“චිත‍්තං මනො මානස”න‍්ති (ධ· ස· 65) එත්‍ථ චිත‍්තං.

චිත්තං මනො මානසං මෙහි මානස ශබ්දයෙන් සිත අදහස් කෙරේ.

“අප‍්පත‍්තමානසො සෙක‍්ඛො, කාලං කයිරා ජනෙසුතා”ති (සං· නි· 1.159) එත්‍ථ අරහත‍්තං. ඉධාපි අරහත‍්තමෙව අධිප‍්පෙතං. තෙන අප‍්පත‍්තාරහත‍්තොති වුත‍්තං හොති.

“අප්පත්ත මානසො සෙඛො කාලං කයිරා ජනෙ සුතා” යන මෙහි රහත් යන අරුතෙහි යෙදී ඇත. මෙහිදු රහත් බවම අදහස් කරන ලද්දේ වෙයි. එයින් නොපැමිණි රහත් බව ඇත්තේ යයි කියන ලද්දේ වෙයි.

අනුත‍්තරන‍්ති සෙට‍්ඨං, අසදිසන‍්ති අත්‍ථො. චතූහි යොගෙහි ඛෙමං අනනුයුත‍්තන‍්ති යොගක‍්ඛෙමං, අරහත‍්තමෙව අධිප‍්පෙතං. පත්‍ථයමානොති ද‍්වෙ පත්‍ථනා තණ‍්හාපත්‍ථනා ච, ඡන්‍දපත්‍ථනා ච. “පත්‍ථයමානස‍්ස හි පජප‍්පිතානි, පවෙධිතං වාපි පකප‍්පිතෙසූ”ති (සු· නි· 908) එත්‍ථ තණ‍්හාපත්‍ථනා.

අනුත්තරං යනු ශ්‍රේෂ්ඨය, අසදෘශය යන අරුත්හි වේ. සතර යෝගයන්ගෙන් නිර්භය වූ උවදුරු නැති වූ අරුතින් යෝගක්ඛෙම නම් වේ. රහත්බවම අදහස් කරන ලදී. පත්‍ථයමානො යනු පැතුම් දෙකකි. තණ්හා පැතුම සහ ඡන්‍ද පැතුමයි. පත්‍ථයමානස්සහි ජප්පිතානි පවෙධිතං වාපි පකප්පිතෙසු යන මෙහි ඇත්තේ තණ්හා පැතුමයි.

“ඡින‍්නං පාපිමතො සොතං, විද‍්ධස‍්තං විනළීකතං; පාමොජ‍්ජබහුලා හොථ, ඛෙමං පත‍්තත්‍ථ භික‍්ඛවො”ති. (ම· නි· 1.352) –

ඡින්නං පාපිමතොසොතං විද්ධස්තං විනළීකතං පාමුජ්ජ බහුලාහොථ ඛෙමං පත්‍ථෙථ භික්ඛවො

(මාරයාගේ ශෝත්‍රස සිඳින ලද්දේය. විසුරුවා හැරීම කරන ලද්දේය. පහ වූ බන්ධන ඇතිකරන ලද්දේය. මහණෙනි, ප්‍රමුදිත භාවය බහුලකොට ඇත්තෝ වවු. නිවන කත්තුකම්‍යතා කුසලච්ඡන්දයෙන් පතව්)

එත්‍ථ කත‍්තුකම්‍යතා කුසලච‍්ඡන්‍දපත්‍ථනා. අයමෙව ඉධාධිප‍්පෙතා. තෙන පත්‍ථයමානොති තං යොගක‍්ඛෙමං පත‍්තුකාමො අධිගන‍්තුකාමො තන‍්නින‍්නො තප‍්පොණො තප‍්පබ‍්භාරොති වෙදිතබ‍්බො. විහරතීති අඤ‍්ඤං ඉරියාපථදුක‍්ඛං අඤ‍්ඤෙන ඉරියාපථෙන විච‍්ඡින්‍දිත්‍වා අපරිපතන‍්තං කායං හරති. අථ වා “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති අධිමුච‍්චන‍්තො සද‍්ධාය විහරතී”තිආදිනාපි නිද‍්දෙසනයෙනෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

මෙහි කත්තු කම්‍යතා කුසලච්ඡන්‍ද ප්‍රාර්ථනාවයි. මෙයට පත්‍ථයමානො යන මෙයින් අදහස් කෙරේ. එබැවින් පත්‍ථයමානො යනු ඒ යොගක්‍ෂෙමය කරනු කැමතිව එයට පැමිණෙනු කැමතිව ඊට නැමුනේ ඊට අවනත වූයේ ඊට හාත්පසින්ම අවනත වූයේ යයි දතයුතුයැ. එක් ඉරියව් දුකක් අන් ඉරියව්වකින් සිඳ කය වැටෙන්න නොදී පවත්වයි නොහොත් “සබ්බෙ සංඛාරා අනිච්චාති අධිමුච්චන්තො සද්ධාය විහරති” යනාදියෙහි නිර්දේශ කළ අයුරින් මෙහි අර්ථය දතයුතුය.

පථවිං පථවිතො අභිජානාතීති පථවිං පථවීභාවෙන අභිජානාති, න පුථුජ‍්ජනො විය සබ‍්බාකාරවිපරීතාය සඤ‍්ඤාය සඤ‍්ජානාති. අපිච ඛො අභිවිසිට‍්ඨෙන ඤාණෙන ජානාති, එවං පථවීති එතං පථවීභාවං අධිමුච‍්චන‍්තො එව නං අනිච‍්චාතිපි දුක‍්ඛාතිපි අනත‍්තාතිපි එවං අභිජානාතීති වුත‍්තං හොති. එවඤ‍්ච නං අභිඤ‍්ඤත්‍වා පථවිං මා මඤ‍්ඤීති වුත‍්තං හොති. මඤ‍්ඤතීති මඤ‍්ඤි. අයං පන මඤ‍්ඤී ච න මඤ‍්ඤී ච න වත‍්තබ‍්බොති. එතස‍්මිඤ‍්හි අත්‍ථෙ ඉදං පදං නිපාතෙත්‍වා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. කො පනෙත්‍ථ අධිප‍්පායොති. වුච‍්චතෙ, පුථුජ‍්ජනො තාව සබ‍්බමඤ‍්ඤනානං අප‍්පහීනත‍්තා මඤ‍්ඤතීති වුත‍්තො. ඛීණාසවො පහීනත‍්තා න මඤ‍්ඤතීති. සෙක‍්ඛස‍්ස පන දිට‍්ඨිමඤ‍්ඤනා පහීනා, ඉතරා පන තනුභාවං ගතා, තෙන සො මඤ‍්ඤතීතිපි න වත‍්තබ‍්බො පුථුජ‍්ජනො විය, න මඤ‍්ඤතීතිපි න වත‍්තබ‍්බො ඛීණාසවො වියාති.

පඨවිං පඨවිතො අභිජානාති පඨවි ධාතුව පඨවි ධාතුව වශයෙන් මනාව දැනගනී. පුහුදුන් ජනයා මෙන් සර්වප්‍රකාරයෙන් විපරීත හැඟීමෙන් හැඳින නොගනී. නමුත් අති විශිෂ්ඨ ඤාණයෙන් දැනගනී. පඨවිං යනුවෙන් පඨවි භාගය අත් නොහරින්නේ එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියා විශේෂයෙන් දැනගනී. මෙසේ එය විශේෂයෙන් දැන, පඨවිං මා මඤ්ඤති යනුවෙන් කුමක් කියන ලද්දේ වේද, සිතානුයි මඤ්ඤී නම් වේ. මෙතෙම සිතන්නේ යයි ද නොසිතන්නේ යයි ද නොකිය යුත්තේ ය. මෙහි අදහස කුමක්දැයි කියනු ලැබේ. පුහුදුන් ජනතෙම සියලු මඤ්ඤනාවන් ප්‍රහීණ නොකළ බැවින් මඤ්ඤති යනුවෙන් වදාරණ ලද්දේය. බීණාසව තෙම එය. ප්‍රහීණ කළ බැවින් “න මඤ්ඤති” යනුවෙන් වදාරණ ලද්දේය. සේඛයාගේ දිට්ඨි මඤ්ඤනා ප්‍රහීණ වූවායි අන්‍යයෝ තුනීබවට ගියාහුය. එහෙයින් හෙතෙම පුහුදුන් ජනයා මෙන් සිතයි කියා නොකිව යුත්තේය. ඛීණාසව මෙන් සිතයි කියාද නොකිය යුත්තේය. බීණාසව මෙන් නොසිතයි කියාද නොකිය යුත්තේය.

පරිඤ‍්ඤෙය්‍යං තස‍්සාති තස‍්ස සෙක‍්ඛස‍්ස තං මඤ‍්ඤනාවත්‍ථු ඔක‍්කන‍්තනියාමත‍්තා සම‍්බොධිපරායණත‍්තා ච තීහි පරිඤ‍්ඤාහි පරිඤ‍්ඤෙය්‍යං, අපරිඤ‍්ඤෙය්‍යඤ‍්ච අපරිඤ‍්ඤාතඤ‍්ච න හොති පුථුජ‍්ජනස‍්ස විය, නොපි පරිඤ‍්ඤාතං ඛීණාසවස‍්ස විය. සෙසං සබ‍්බත්‍ථ වුත‍්තනයමෙව.

පරිඤ්ඤෙය්‍යං තස්ස යනු සෙඛයා විසින් ඒ මඤ්ඤනා වස්තුවට බැසගැනීමේ නියාමතාවයක් ඇති බැවින් ද, සම්බොධි පරායණ වූ බැවින්ද, ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් පිරිසිඳ දත්තේය යන අරුත් වේ. පුහුදුන් මෙන් පිරිසිඳ නොදත් බවද පිරිසිඳ නොදන්නා ලදද නොවෙයි. බීණාසව මෙන් නොද පිරිසිඳ දන්නා ලද්දේද වෙයි. සෙස්ස සියලු තැන කී නියායෙන් දතයුතු වන්නේය.

සෙක‍්ඛවසෙන දුතියනයකථා නිට‍්ඨිතා.

‘සේඛ’ වශයෙන් දෙවන නයකථා නිමි.

ඛීණාසවවාරතතියාදිනයවණ‍්ණනා

ඛීණාසව වාර

එවං පථවීආදීසු වත්‍ථූසු සෙක‍්ඛස‍්ස පවත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි ඛීණාසවස‍්ස පවත‍්තිං දස‍්සෙන‍්තො යොපි සො, භික‍්ඛවෙ, භික‍්ඛු අරහන‍්තිආදිමාහ. තත්‍ථ යොපීති පි-සද‍්දො සම‍්පිණ‍්ඩනත්‍ථො. තෙන ඉධ උභයසභාගතාපි ලබ‍්භතීති දස‍්සෙති. සෙක‍්ඛො හි ඛීණාසවෙන අරියපුග‍්ගලත‍්තා සභාගො, තෙන පුග‍්ගලසභාගතා ලබ‍්භති, ආරම‍්මණසභාගතා පන වුත‍්තනයා එව.

මෙසේ පඨවි ආදි වස්තු විෂයෙහි සේඛ පුද්ගලයාගේ තතු දක්වා දැන් ඛීණාසවයන් වහන්සේගේ තතු දක්වමින් “යොපි සො භික්ඛවෙ, භික්ඛු අරහං” යනාදිය වදාළහ. එහි යො පි යනු සම්පිණ්ඩණාර්ථයෙහිය. මෙහි උභය සභාගත්‍වය ලබයි. සෙඛ අරිය පුග්ගල බැවින් බීණාසවයන් වහන්සේ සමග සභාග වෙයි. එහෙයින් පුද්ගලයන්ගේ සමාන බව ලැබෙයි. ආරමණ සභාගතාවය කී අයුරුම වේ.

අරහන‍්ති ආරකකිලෙසො, දූරකිලෙසො පහීනකිලෙසොති අත්‍ථො. වුත‍්තඤ‍්චෙතං භගවතා “කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛු අරහං හොති? ආරකාස‍්ස හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොබ‍්භවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු අරහං හොතී”ති. (ම· නි· 1.434)

අරහං යනු වෙන්වූ කෙලෙස් ඇත්තේ දුරුවූ කෙලෙස් ඇත්තේ, ප්‍රහීණ වූ කෙලෙස් ඇත්තේ යන අර්ථයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. “කථඤ්ච භික්ඛවෙ භික්ඛු අරහං හොති, ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයති ජාති ජරා මරණීයා එවං ඛො භික්ඛවෙ භික්ඛු අරහං හොති” යනුවෙන්

(මහණෙනි, කෙසේනම් මහණතෙම අරහං වේද, කිලුට ඇති කරන්නා වූ දුක්සහිත වූ දුක්විපාක සහිත වූ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නා වූ ලාමක අකුසල ධර්මයෝ දුරුවූවාහු වෙත් ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම අරහං නම් වේ.

ඛීණාසවොති චත‍්තාරො ආසවා කාමාසවො…පෙ… අවිජ‍්ජාසවො, ඉමෙ චත‍්තාරො ආසවා අරහතො ඛීණා පහීනා සමුච‍්ඡින‍්නා පටිප‍්පස‍්සද‍්ධා, අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, තෙන වුච‍්චති ඛීණාසවොති.

ඛීණාසවො යන්නෙහි ආසවයෝ සතර දෙනෙකි. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යනුයි. රහත්හු විසින් මේ සතර ආසවයෝ ක්‍ෂය කරන ලද්දාහුය. ප්‍රහීණ කරන ලද්දාහුය. සහමුලින් සිඳින ලද්දාහුය. සංසිඳවන ලද්දාහුය. උපතට නොසුදුසු කරන ලද්දාහුය. එහෙයින් ඛීණාසව යයි කියනු ලැබේ.

වුසිතවාති ගරුසංවාසෙපි අරියමග‍්ගසංවාසෙපි දසසු අරියවාසෙසුපි වසි පරිවසි වුත්‍ථො පරිවුත්‍ථො, සො වුත්‍ථවාසො චිණ‍්ණචරණොති වුසිතවා

වුසිතවා, ගුරු සංවාසයෙහි වාසය කළේය. හාත්පසින් වාසය කළේය. වැස නිමවන ලද (බඹසර) ඇත්තේය. හාත්පසින් වැස නිමවන ලද්දේය. හෙතෙම වැස නිමවන ලද ගුරුසංවාස ඇත්තේ පුරුදු කරන ලද චරණ ඇත්තේනුයි වුසිතවා නම් වේ.

කතකරණීයොති පුථුජ‍්ජනකල්‍යාණකං උපාදාය සත‍්ත සෙක‍්ඛා චතූහි මග‍්ගෙහි කරණීයං කරොන‍්ති නාම, ඛීණාසවස‍්ස සබ‍්බකරණීයානි කතානි පරියොසිතානි, නත්‍ථි තස‍්ස උත‍්තරි කරණීයං දුක‍්ඛක‍්ඛයාධිගමායාති කතකරණීයො. වුත‍්තම‍්පි හෙතං –

“කතකරණියො” යනු කල්‍යාණ පෘථග්ජනයාගේ පටන් සත්වැදෑරුම් සෙඛයෝ සතර මගින් කළයුත්ත කෙනෙක් නම් වේ. බීණාසවයන් වහන්සේගේ කළයුතු සියල්ල කරන ලද්දාහු වෙති. අවසන් කරන ලද්දාහුය. ඔහුට මත්තෙහි රහත්ඵලය පිළිබඳ කළයුතු දෙයක් නොමැති හෙයින් කතකරණීය නම් වේ. මෙසේද වදාරණ ලද්දේය.

“තස‍්ස සම‍්මා විමුත‍්තස‍්ස, සන‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො; කතස‍්ස පටිචයො නත්‍ථි, කරණීයං න විජ‍්ජතී”ති. (ථෙරගා· 642);

තස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො කතස්ස පතිචයො නත්‍ථි කරණීයං නවිජ්ජති යනුවෙන්

(මනාකොට කෙලෙසුන් කෙරෙන් මිදුන, සංසිඳුනු සිත් ඇති, ඒ භික්‍ෂුව හට කරන ලද්දහුගේ නැවත රැස්කිරීමක් නැත. සිවු මගින් කළයුතු දෙයක් ඇත්තේ නොවේ.)

ඔහිතභාරොති තයො භාරා ඛන්‍ධභාරො කිලෙසභාරො අභිසඞ‍්ඛාරභාරොති, තස‍්සිමෙ තයො භාරා ඔහිතා ඔරොපිතා නික‍්ඛිත‍්තා පාතිතා, තෙන වුච‍්චති ඔහිතභාරොති.

“ඔහිත භාරො” යනුවෙන්, භාරයෝ තිදෙනෙක් වෙති. ඛන්‍ධභාරකිලෙසකාර, අභිසංඛාර කියා. එම බීණියව තෙම මෙම ත්‍රිවිධ භාරයන් හරන ලද්දේය. බහාතබන ලද්දේය. හෙලන ලද්දේය. එබැවින් ඔහිතභාර යයි කියනු ලැබේ.

අනුප‍්පත‍්තසදත්‍ථොති අනුප‍්පත‍්තො සදත්‍ථං, සකත්‍ථන‍්ති වුත‍්තං හොති. කකාරස‍්සායං දකාරො කතො, සදත්‍ථොති ච අරහත‍්තං වෙදිතබ‍්බං. තඤ‍්හි අත‍්තුපනිබන්‍ධනට‍්ඨෙන අත‍්තානං අවිජහනට‍්ඨෙන අත‍්තනො පරමත්‍ථට‍්ඨෙන ච අත‍්තනො අත්‍ථො සකත්‍ථොති වුච‍්චති.

“අනුප්පත්ත සදත්තො” පැමිණි ස්වාර්ථය ඇත්තේ යයි කියන ලද්දේ වේ. මෙහි “ක” කාරයට “ද” කාරය කරන ලද්දේ වෙයි. (සකත්ත > සදත්ත) සකත්ත යයි ද කියන ලද්දේ වෙයි. මෙහි සදත්ත යනුවෙන් රහත්බව දතයුතුයැ. එම රහත්බව තමා කෙරෙහි උපනිබන්ධන (=ළංවූ සම්බන්ධය) යන අර්ථයෙන් ද තමා අත් නොහරින අර්ථයෙන් ද තමාගේ උත්තමාර්ථය යන අරුතින් ද, තමාගේ අර්ථය බැවින් සකත්‍ථ යයි කියනු ලැබේ.

පරික‍්ඛීණභවසංයොජනොති භවසංයොජනානීති දස සංයොජනානි කාමරාගසංයොජනං පටිඝමානදිට‍්ඨිවිචිකිච‍්ඡාසීලබ‍්බතපරාමාසභවරාගඉස‍්සාමච‍්ඡරියසංයොජනං අවිජ‍්ජාසංයොජනං. ඉමානි හි සත‍්තෙ භවෙසු සංයොජෙන‍්ති උපනිබන්‍ධන‍්ති, භවං වා භවෙන සංයොජෙන‍්ති, තස‍්මා “භවසංයොජනානී”ති වුච‍්චන‍්ති. ඉමානි භවසංයොජනානි අරහතො පරික‍්ඛීණානි පහීනානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි, තෙන වුච‍්චති “පරික‍්ඛීණභවසංයොජනො”ති.

පරික්ඛීණ භව සංයොජනා යනුවෙන් මෙහි සංයෝජනයෝ නම් දසදෙනෙක් වෙති. කාමරාග, පටිඝ, මාන, දිටඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, භවරාග, ඉස්සා, මච්ඡරිය, අවිජ්ජා යනුයි. මොවුහු වනාහි සත්ත්වයින් භවයන්හි සංයෝජනය කෙරෙත් භවය හෝ ළංකොට බන්ධනය කෙරෙත්. භවය සමග සංයෝග කෙරෙත් නුයි, එහෙයින් භව සංයෝජනයෝ යයි කියනු ලැබෙත්. මේ භව සංයෝජනයෝ රහත්හු විසින් ප්‍රහීණ කරන ලද්දාහුය. ඥාන නැමැති ගින්නෙන් දවන ලද්දාහුය. එහෙයින් පරික්ඛීණ භව සංයොජනො යනුවෙන් කියනු ලැබේ.

සම‍්මදඤ‍්ඤා විමුත‍්තොති එත්‍ථ සම‍්මදඤ‍්ඤාති සම‍්මා අඤ‍්ඤාය. කිං වුත‍්තං හොති – ඛන්‍ධානං ඛන්‍ධට‍්ඨං, ආයතනානං ආයතනට‍්ඨං, ධාතූනං ධාතුට‍්ඨං, දුක‍්ඛස‍්ස පීළනට‍්ඨං, සමුදයස‍්ස පභවට‍්ඨං, නිරොධස‍්ස සන‍්තට‍්ඨං, මග‍්ගස‍්ස දස‍්සනට‍්ඨං, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති එවමාදිං වා භෙදං සම‍්මා යථාභූතං අඤ‍්ඤාය ජානිත්‍වා තීරයිත්‍වා තුලයිත්‍වා විභාවෙත්‍වා විභූතං කත්‍වාති.

සම්මදඤ්ඤා විමුත්තො (සම්මා+අඤ්ඤාය) මෙහි සම්මදඤ්ඤා යන්නෙන් මනාව දැනයයි කුමක් කියන ඛන්ධයන්ගේ රාසි ඇරුත, ආයතනයන්ගේ ආයතන අරුත, ධාතූන්ගේ ධාතු අරුත, දුක්ඛයාගේ පීඩන අරුත, සමුදයාගේ උප්පාදක අරුත, නිරෝධයාගේ ශාන්ත අරුත, මග්ගයාගේ දස්සන අරුත, සියලු සංඛාරයෝ අනිත්‍යයෝය, යන මේ ආදි භේද හෝ මනාකොට තත්වූ පරිද්දෙන් අවබෝධකොට දැන තීරණයකොට තුලනය කොට විභාවනය කොට විභූතකොට යන අරුත් වේ.

විමුත‍්තොති ද‍්වෙ විමුත‍්තියො චිත‍්තස‍්ස ච විමුත‍්ති නිබ‍්බානඤ‍්ච. අරහා සබ‍්බකිලෙසෙහි විමුත‍්තචිත‍්තත‍්තා චිත‍්තවිමුත‍්තියාපි විමුත‍්තො. නිබ‍්බානං අධිමුත‍්තත‍්තා නිබ‍්බානෙපි විමුත‍්තො. තෙන වුච‍්චති “සම‍්මදඤ‍්ඤා විමුත‍්තො”ති.

විමුත්තො. විමුත්ති දෙකකි. චිත්ත විමුත්තිය සහ නිවනයි. රහත්තෙම සියලු කෙලෙසුන්ගෙන් මිදුනු සිත් ඇති බැවින් චිත්ත විමුත්තියෙන් ද මිදුනේය. නිවනෙහි ඇලුනු බැවින් නිවනෙහි ද විමුත්ත හෙයින් සම්මදඤ්ඤා විමුත්තො යයි කියනු ලැබේ.

පරිඤ‍්ඤාතං තස‍්සාති තස‍්ස අරහතො තං මඤ‍්ඤනාවත්‍ථු තීහි පරිඤ‍්ඤාහි පරිඤ‍්ඤාතං. තස‍්මා සො තං වත්‍ථුං න මඤ‍්ඤති, තං වා මඤ‍්ඤනං න මඤ‍්ඤතීති වුත‍්තං හොති, සෙසං වුත‍්තනයමෙව.

පරිඤ්ඤාතං තස්ස, රහතුන් වහන්සේ ඒ පරිඤ්ඤා වස්තූන් ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් පිරිසිඳ දන්නා ලදී. එහෙයින් හෙතෙම ඒ පරිඤ්ඤා වස්තූන් තණ්හා ආදි පරිඤ්ඤාවෙන් නොසිතයි. ඒ මඤ්ඤනාවන් මඤ්ඤනා නොකරත් යයි කියන ලද්දේ වෙයි. සෙස්ස කී අයුරින් දතයුතුය.

නිබ‍්බානවාරෙ පන ඛයා රාගස‍්සාතිආදයො තයො වාරා වුත‍්තා. තෙ පථවීවාරාදීසුපි විත්‍ථාරෙතබ‍්බා. අයඤ‍්ච පරිඤ‍්ඤාතවාරො නිබ‍්බානවාරෙපි විත්‍ථාරෙතබ‍්බො. විත්‍ථාරෙන‍්තෙන ච පරිඤ‍්ඤාතං තස‍්සාති සබ‍්බපදෙහි යොජෙත්‍වා පුන ඛයා රාගස‍්ස වීතරාගත‍්තාති යොජෙතබ‍්බං. එස නයො ඉතරෙසු. දෙසනා පන එකත්‍ථ වුත‍්තං සබ‍්බත්‍ථ වුත‍්තමෙව හොතීති සංඛිත‍්තා.

නිබ්බාන වාරයෙහි ඛයා රාගස්ස යනු තුන්වාරයක් කියන ලද්දේ වෙයි. මේ පරිඤ්ඤාත වාරයන් නිබ්බාන වාරයෙහි විස්තර කළයුත්තේය. විස්තර කරන්නහු විසින්ද, පරිඤ්ඤාතං තස්ස යනු සියලු පදයන් සමග යොදා නැවත. ඛයාරාගස්ස වීතරාගත්තා යනුවෙන් දෙස මෝහයන්හිද මේ ක්‍රමය මැයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි. දේශනාව වනාහි එක්තැනක කියන ලද්ද සියලු තන්හිම කියන ලද්දේ වෙයි යි කෙටි කරන ලද්දේ වෙයි.

ඛයා රාගස‍්ස වීතරාගත‍්තාති එත්‍ථ ච යස‍්මා බාහිරකො කාමෙසු වීතරාගො, න ඛයා රාගස‍්ස වීතරාගො. අරහා පන ඛයා යෙව, තස‍්මා වුත‍්තං “ඛයා රාගස‍්ස වීතරාගත‍්තා”ති. එස නයො දොසමොහෙසුපි.

ඛයා රාගස්ස වීතරාගත්තා යනුවෙන් මෙහි යම්හෙයකින් ශාසනයෙන් බැහැර වූ වීතරාගී තෙම රාගයාගේ ක්‍ෂය කිරීමෙන් වීතරාග නොවූයේ ද රහත්හු වනාහි රාගය නැතිකිරීමෙන්ම වීතරාග වූවහුද, එහෙයින් වදාරණ ලදී. ඛයාරාගස්ස වීතරාගත්තා යනුවෙන්. දෝස මෝහයන්හි ද මේ ක්‍රමය මැයි.

යථා ච “පරිඤ‍්ඤාතං තස‍්සාති වදාමී”ති වුත‍්තෙපි පරිඤ‍්ඤාතත‍්තා සො තං වත්‍ථුං තං වා මඤ‍්ඤනං න මඤ‍්ඤතීති අත්‍ථො හොති, එවමිධාපි වීතරාගත‍්තා සො තං වත්‍ථුං තං වා මඤ‍්ඤනං න මඤ‍්ඤතීති දට‍්ඨබ‍්බො.

යම්හෙයකින් පරිඤ්ඤාතං තස්සාති වදාමි යයි කී කල්හිද, පිරිසිඳ දත්හෙයින් හෙතෙම ඒ වස්තූන් හෝ ඒ මඤ්ඤනා හෝ නොසිතයි යන අර්ථය වේද, එපරිද්දෙන් මෙහි ද පහ වූ රාග ඇති බැවින් ඒ රහත් තෙම ඒ වස්තුව හෝ ඒ මඤ්ඤනාව හෝ නොසිතා යයි දත යුතුයැ.

එත්‍ථ ච පරිඤ‍්ඤාතං තස‍්සාති අයං වාරො මග‍්ගභාවනාපාරිපූරිදස‍්සනත්‍ථං වුත‍්තො. ඉතරෙ පන ඵලසච‍්ඡිකිරියාපාරිපූරිදස‍්සනත්‍ථන‍්ති වෙදිතබ‍්බා. ද‍්වීහි වා කාරණෙහි අරහා න මඤ‍්ඤති වත්‍ථුස‍්ස ච පරිඤ‍්ඤාතත‍්තා අකුසලමූලානඤ‍්ච සමුච‍්ඡින‍්නත‍්තා. තෙනස‍්ස පරිඤ‍්ඤාතවාරෙන වත්‍ථුනො වත්‍ථුපරිඤ‍්ඤං දීපෙති, ඉතරෙහි අකුසලමූලසමුච‍්ඡෙදන‍්ති. තත්‍ථ පච‍්ඡිමෙසු තීසු වාරෙසු අයං විසෙසො වෙදිතබ‍්බො, තීසු හි වාරෙසු රාගෙ ආදීනවං දිස‍්වා දුක‍්ඛානුපස‍්සී විහරන‍්තො අප‍්පණිහිතවිමොක‍්ඛෙන විමුත‍්තො ඛයා රාගස‍්ස වීතරාගො හොති. දොසෙ ආදීනවං දිස‍්වා අනිච‍්චානුපස‍්සී විහරන‍්තො අනිමිත‍්තවිමොක‍්ඛෙන විමුත‍්තො ඛයා දොසස‍්ස වීතදොසො හොති. මොහෙ ආදීනවං දිස‍්වා අනත‍්තානුපස‍්සී විහරන‍්තො සුඤ‍්ඤතවිමොක‍්ඛෙන විමුත‍්තො ඛයා මොහස‍්ස වීතමොහො හොතීති.

මෙහිද, පරිඤ්ඤාතං තස්ස යන මේ වාරය මාර්ග භාවනාවේ පිරිපුන් බව දැක්වීම පිණිස දේශනා කරන ලද්දේ වෙයි. අන්‍යවාර, ඵල පසක් කිරීම පිළිබඳ සම්පූර්ණ බව දැක්වීම පිණිස වදාරණ ලද්දේ යයි දතයුත්තේය. නැතහොත් කරුණු දෙකකින් රහතුන් වහන්සේ මඤ්ඤනා වශයෙන් නොසිතයි. පඨවි ආදි වස්තු පිරිසිඳ දත් බැවින් ද අකුසල මූලයන් මුල්සිඳ ලූ බැවින් ද යන මේ කරුණු දෙක නිසාය. එහෙයින් පරිඤ්ඤාත වාරයෙන් ඔහුගේ වස්තු පරිඤ්ඤානය දක්වයි. සෙසු වරයන්ගෙන් අකුසල් මුල් සිඳීම දක්වාලයි. ඒ වාරයන් අතුරෙන් පශ්චිම වාර තුනෙහි මේ විශේෂතා දතයුතුය. තෙවැදෑරුම් දෝෂයන් අතුරෙන් රාගයෙහි ආදීනව දැක දුක්ඛානුපස්සීව වාසය කරන්නේ අප්‍රණිහිත විමෝක්‍ෂයෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනේ රාගයාගේ ප්‍රහාණයෙන් වීතරාග වේද, ද්වේෂයාගේ ආදිනව දැක අනිචචානුපස්සීව වාසය කරන්නේ අනිමිත්ත විමෝක්‍ෂයෙන් මිදුනේ ද්වේෂයාගේ ප්‍රහාණයෙන් වීත දෝෂ වේ ද, මෝහයෙහි ආදිනව දැක අනත්තානුපස්සීව වාසය කරන්නේ ශුන්‍යතා විමොක්‍ෂයෙන් විමුක්ත වූයේ මෝහයාගේ ප්‍රහාණයෙන් වීතමෝහ වේද,

එවං සන‍්තෙ න එකො තීහි විමොක‍්ඛෙහි විමුච‍්චතීති ද‍්වෙ වාරා න වත‍්තබ‍්බා සියුන‍්ති චෙ, තං න. කස‍්මා? අනියමිතත‍්තා. අනියමෙන හි වුත‍්තං “යොපි සො, භික‍්ඛවෙ, භික‍්ඛු අරහ”න‍්ති. න පන වුත‍්තං අප‍්පණිහිතවිමොක‍්ඛෙන වා විමුත‍්තො, ඉතරෙන වාති, තස‍්මා යං අරහතො යුජ‍්ජති, තං සබ‍්බං වත‍්තබ‍්බමෙවාති.

මෙසේ ඇති කල්හි එකෙක් විමෝක්‍ෂ තුනින් නොමිදෙයි කියා දෙවරක් නොකිය යුතු වන්නාහුද එසේ කිවයුතු නොවේ. කුමක් හෙයින් ද නියම නොකළ හෙයිනි. ඒ සැබව. යොපි සො භික්ඛවෙ අරහං යයි අනියමින් කියන ලදී. අප්පිණිහිත විමොක්‍ෂයෙන් විමුත්ත යයි හෝ අන්‍ය විමෝක්‍ෂයකින් විමුත්ත යයි හෝ නොකියන ලදද, එහෙයින් යමෙක් රහත් බව යෙදේද ඒ සියල්ල කිවයුතු යයි

අවිසෙසෙන වා යො කොචි අරහා සමානෙපි රාගාදික‍්ඛයෙ විපරිණාමදුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාතත‍්තා ඛයා රාගස‍්ස වීතරාගොති වුච‍්චති, දුක‍්ඛදුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාතත‍්තා ඛයා දොසස‍්ස වීතදොසොති. සඞ‍්ඛාරදුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාතත‍්තා ඛයා මොහස‍්ස වීතමොහොති. ඉට‍්ඨාරම‍්මණස‍්ස වා පරිඤ‍්ඤාතත‍්තා ඛයා රාගස‍්ස වීතරාගො. අනිට‍්ඨාරම‍්මණස‍්ස පරිඤ‍්ඤාතත‍්තා ඛයා දොසස‍්ස වීතදොසො. මජ‍්ඣත‍්තාරම‍්මණස‍්ස පරිඤ‍්ඤාතත‍්තා ඛයා මොහස‍්ස වීතමොහො. සුඛාය වා වෙදනාය රාගානුසයස‍්ස සමුච‍්ඡින‍්නත‍්තා ඛයා රාගස‍්ස වීතරාගො, ඉතරාසු පටිඝමොහානුසයානං සමුච‍්ඡින‍්නත‍්තා වීතදොසො වීතමොහො චාති. තස‍්මා තං විසෙසං දස‍්සෙන‍්තො ආහ “ඛයා රාගස‍්ස වීතරාගත‍්තා…පෙ… වීතමොහත‍්තා”ති.

අවිශේෂයෙන් හෝ යම්කිසිවෙක් රහත් වූයේම රාගාදීන්ගේ ප්‍රහාණය කිරීමේදී විපරිණාම දුක්ඛය පිරිසිඳ දත් හෙයින් රාගයාගේ ප්‍රහාණයෙන් වීතරාග යයි දත් හෙයින් රාගයාගේ ප්‍රහාණයෙන් වීතරාග යයි කියනු ලැබේ ද දුඃඛ දුඃඛය පිරිසිඳ දත් හෙයින් ද්වේෂයාගේ ක්‍ෂය කිරීමෙන් වීත දෝස යයි ද, සංඛාර දුක්ඛය පිරිසිඳ දත් හෙයින් මෝහයාගේ ප්‍රහාණයෙන් වීතමෝහ යයි කියනු ලැබේ ද නැතහොත් ඉෂ්ටාරම්මණය පරිඤ්ඤාත හෙයින් රාගය ප්‍රහානය වීමෙන් වීත රාගයයිද, අනිෂ්ටාරම්මණය පරිඤ්ඤාත බැවින් මෝහය ප්‍රහාණය කිරීමෙන් වීත මෝහයයි ද නැතහොත් සුඛ වේදනාවෙහි රාගානුසය සමුච්ඡෙද කළ හෙයින් රාගයාගේ ප්‍රහාණයෙන් වීතරාග යයිද, අනිකුත් වේදනාවන්හි ප්‍රතිඝ මෝහානුසයන්ගේ සමුච්ඡෙදය කළ බැවින් වීතදෝස, වීතමෝහ යයි ද කියනු ලැබේ ද, එබැවින් එම විශේෂය දක්වන සේක්, “ඛයා රාගස්ස වීතරාගත්තා වීත දෝසත්තා, වීත මෝහත්තා” යයි වදාළහ.

ඛීණාසවවසෙන තතියචතුත්‍ථපඤ‍්චමඡට‍්ඨනයකථා නිට‍්ඨිතා.

ඛීණාසවයන් වහන්සේ වශයෙන් තෙවන, සිව්වන, පස්වන සයවන නයකථා නිමි.