තථාගතවාරසත්තමනයවණ්ණනා අට්ඨකථා
තථාගතවාරසත්තමනයවණ්ණනා
තථාගත වාර සත්තමනය
එවං පථවීආදීසු වත්ථූසු ඛීණාසවස්ස පවත්තිං දස්සෙත්වා ඉදානි අත්තනො පවත්තිං දස්සෙන්තො තථාගතොපි, භික්ඛවෙතිආදිමාහ. තත්ථ තථාගතොති අට්ඨහි කාරණෙහි භගවා තථාගතොති වුච්චති – තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථාවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතොති.
මෙසේ පඨවි ආදි වස්තු විෂයෙහි ඛීණාසවයන් වහන්සේගේ පුවත් දක්වා දැන් තමන් පිළිබඳ පුවත් දක්වන සේක්, තථාගතොපි භික්ඛවෙ ආදිය වදාළහ. එහි තථාගතො යනු කරුණු අටකින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වන සේක. (1) තථා ආගත එපරිද්දෙන් ආයේනුයි තථාගත නම් වූහ. (2) තථාගතො, එපරිද්දෙන් ගියේනුයි තථාගත නම් වූහ. (3) තථ ලක්ඛණං ආගතො තථ ලක්ෂණයට පැමිණියේ නුයි තථාගත නම් වූහ. (4) තථ ධර්මයන් තත් වූ පරිද්දෙන් අවබෝධ කළේ නුයි තථාගත නම් වූහ. (5) තථ දස්සීභාවයෙන් තථාගත නම් වූහ. (6) තථවාදී බැවින් තථාගත නම් වූහ. (7) තථ කාරී බැවින් තථාගත නම් වූහ. (8) අභිභවනාර්ථයෙන් තථාගත නම් වූහ.
කථං භගවා තථා ආගතොති තථාගතො? යථා සබ්බලොකහිතාය උස්සුක්කමාපන්නා පුරිමකා සම්මාසම්බුද්ධා ආගතා, යථා විපස්සී භගවා ආගතො, යථා සිඛී භගවා, යථා වෙස්සභූ භගවා, යථා කකුසන්ධො භගවා, යථා කොණාගමනො භගවා, යථා කස්සපො භගවා ආගතොති. කිං වුත්තං හොති? යෙන අභිනීහාරෙන එතෙ භගවන්තො ආගතා, තෙනෙව අම්හාකම්පි භගවා ආගතො.
(1) කෙසේ නම් භාග්‍යවත් තෙම තථා ආගතනුයි තථාගත වීද යත්, මුළු ලොවට හිත පිණිස උත්සාහවත් වූ පූර්ව බුදුවරයෝ යම්සේ ආවාහු ද, විපස්සි බුදුරජාණෝ යම්සේ ආවාහුද සිඛී බුදුරජාණන් වහන්සේ යම්සේ ආවාහුද වෙස්සභූ බුදුරජාණන් වහන්සේ යම්සේ ආවාහුද කකුසඳ බුදුරජාණන් වහන්සේ යම්සේ ආවාහුද කොණාගමන බුදුරජාණන් වහන්සේ යම්සේ ආවාහුද, කස්සප බුදුරජාණන්. වහන්සේ යම්සේ ආවාහුද (එපරිද්දෙන් ආවාහුය.)
අථ වා යථා විපස්සී භගවා…පෙ… යථා කස්සපො භගවා දානපාරමිං පූරෙත්වා, සීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චඅධිට්ඨානමෙත්තාඋපෙක්ඛාපාරමිං පූරෙත්වා, ඉමා දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති, සමතිංස පාරමියො පූරෙත්වා, අඞ්ගපරිච්චාගං නයනධනරජ්ජපුත්තදාරපරිච්චාගන්ති ඉමෙ පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා පුබ්බයොගපුබ්බචරියධම්මක්ඛානඤාතත්ථචරියාදයො පූරෙත්වා, බුද්ධිචරියාය කොටිං පත්වා ආගතො, තථා අම්හාකම්පි භගවා ආගතො.
මෙයින් කුමක් කියන ලද්දේ වේද යත් මේ සම්මා සම්බුද්ධයන් වහන්සේ යම් අභිනීහාරයකින් පැමිණි සේක් ද ඒ අභිනීහාරයෙන්ම (පැතුමෙන්ම) අප භාග්‍යවතුන් වහන්සේද පැමිණි සේක. නැතහොත් යම්සේ විපස්සි බුදුරජාණන් වහන්සේ -පෙ- කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, දාන-සීල-නෙක්ඛමම -පඤ්ඤා-විරිය-ඛන්ති-සච්ච-අධිට්ඨාන-මෙත්තා-උපෙක්ඛා යන දස පාරමිතා ද දස උපපාරමිතා ද, දසපරමත්ථ පාරමිතා ද යන සමතිස් පෙරුදම් පුරා, අංග, නයන, ධන, රාජ්‍ය, පුත්තදාර යන පඤ්චමහා පරිත්‍යාගයක් කොට පුබ්බයෝග, පුබ්බාචරියා, ධම්මකථා, ඤාතත්ථ චරියා යනාදිය සම්පූර්ණ කොට බුද්ධ චරියාවගේ කෙළවරට පැමිණ ආසේක් ද එපරිද්දෙන් අප භාග්‍යවතුන් වහන්සේ ද ආ සේක.
යථා ච විපස්සී භගවා…පෙ… යථා කස්සපො භගවා චත්තාරො සතිපට්ඨානෙ සම්මප්පධානෙ ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙත්වා බ්රූහෙත්වා ආගතො, තථා අම්හාකං භගවාපි ආගතොති තථාගතො.
යළිදු යම්සේ විපස්සි බුදුරජාණන් වහන්සේ -පෙ- කාශ්‍යප බුදුරජාණන් වහන්සේද සතර සතිපට්ඨානයන්ද, සතර සම්මප්පධාන, සතර ඉද්ධිපාද, පඤ්චඉන්ද්රිය, පඤ්චබලය, සත්තබොජ්ඣංග, අරිය අට්ඨංගික මග්ග (යන මේ ධර්ම) උපදවා වඩා ආ සේක් ද, එපරිද්දෙන් අප භාග්‍යවතුන් වහන්සේ ද ආ සේක. මෙසේ තමා ආගත නුයි තථාගත නම් වන සේක.
යථෙව ලොකම්හි විපස්සිආදයො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමාති.
යථෙව ලොකම්හි විපසසි ආදයො සබ්බඤ්ඤු භාවං මුනයො ඉධාගතා තථා අයං සක්ය මුනීපි ආගතො තථාගතො වුච්චති තෙන චක්ඛුමා
(යම් පරිද්දකින් මේ ලෝකයෙහි විපසසි ආදි වූ බුදුවරු බුදුබවට පැමිණියාහු ද එපරිද්දෙන් මේ ශාක්‍යමුනි තෙමේද බුදුබවට පැමිණියේය. ඒ කරුණින් පසැස් ඇති භාග්‍යවත් තෙම තථාගත යයි කියනු ලැබේ.)
එවං තථා ආගතොති තථාගතො.
මෙසේ එපරිද්දෙන් ආයේනුයි තථාගත නම් වේ.
කථං තථා ගතොති තථාගතො. යථා සම්පතිජාතො විපස්සී භගවා ගතො…පෙ… කස්සපො භගවා ගතො.
(2) කෙසේ තථාගත තෙම එසේ ගියේනුයි තථාගත නම් වූයේද? නැතහොත් විපස්සි භාග්‍යවතුන් වහන්සේ -පෙ- කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ එසේම අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ ද වැඩි සේක.
කථඤ්ච සො ගතොති, සො හි සම්පතිජාතොව සමෙහි පාදෙහි පථවියං පතිට්ඨාය උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගතො. යථාහ – සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති සෙතම්හි ඡත්තෙ අනුධාරීයමානෙ, සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ්ච වාචං භාසති “අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො”ති (ම· නි· 3.207).
උන්වහන්සේ කෙසේ ගිය සේක් ද? මෙසේ දතයුතුයැ. ඒ කාශ්‍යප මුනීන්ද්රියන් වහන්සේ උපන් ඇසිල්ලෙහි සම පාදයෙන් පොළොවෙහි පිහිටා උතුරු දෙසට අභිමුඛව සත්පියවරක් වැඩිසේක් ද, යම්සේ වදාළ සේක් ද, “සම්පති ජාතො ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරෙන මුඛො සත්තපද වීතිහාරෙ ගච්ඡති සෙතම්හි ඡත්තෙ අනුභීරමානෙ සබ්බාච දිසා අනුවිලොකෙති ආසභිඤ්ච වාචං භාසති අග්ගො හමස්මි ලොකස්ස ජෙට්ඨො හමස්මි ලොකස්ස සෙට්ඨො හමස්මි ලොකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවො” යනුවෙන් වදාළහ.
(ආනන්දය, එකෙනෙහි උපන් බෝසත් තෙම සම පයින් පොළොවෙහි පිහිටා උතුරු දෙසට අභිමුඛ වූයේ දිව්‍යමය සේසත් ධරනු ලබන කල්හි සත් පියවරක් වඩියි. දසදිගුන් ද අනුවිලෝකනය කෙරෙයි. අභීත වචන කියන්නේ, මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට දෙටු වෙමි. මම ලොවට සෙටු වෙමි. මේ අන්තිම ජාතිය වන්නීය. යළි පුනර්භවයක් නැත. යනුවෙන් වදාළහ.)
තඤ්චස්ස ගමනං තථං අහොසි අවිතථං අනෙකෙසං විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. යඤ්හි සො සම්පතිජාතොව සමෙහි පාදෙහි පතිට්ඨහි, ඉදමස්ස චතුරිද්ධිපාදපටිලාභස්ස පුබ්බනිමිත්තං. උත්තරාභිමුඛභාවො පන සබ්බලොකුත්තරභාවස්ස පුබ්බනිමිත්තං. සත්තපදවීතිහාරො සත්තබොජ්ඣඞ්ගරතනපටිලාභස්ස.
බෝසතාණන්ගේ එම ගමනද නොයෙක් විශේෂ ගුණයන්ගේ අවබෝධයට පෙරනිමිති බැවින් සත්‍ය වූයේ ද වෙයි. නිබොරු වූයේ ද වෙයි. ඒ බෝසතුන්ගේ උපන් ඇසිල්ලෙහි පා දෙක සමව පොළොවෙහි පිහිටීම යන යමක් ඇද්ද මේ කරුණ ඔහුගේ සතර සෘද්ධිපාද ප්‍රතිලාභයට පෙරනිමිති වෙයි. උතුරු දෙසට අභිමුඛ බව මුළු ලොවටම උතුම් බවට පෙරනිමිති වේ. සත්පියවරක් ගමන් කිරීම සත්ත බොජ්ඣංග ප්‍රතිලාභයට පෙරනිමිති වේ.
“සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා”ති (සු· නි· 693) එත්ථ වුත්තො චාමරුක්ඛෙපො සබ්බතිත්ථියනිම්මථනස්ස. සෙතච්ඡත්තධාරණං අරහත්තවිමුත්තිවරවිමලසෙතච්ඡත්තපටිලාභස්ස. සබ්බදිසානුවිලොකනං සබ්බඤ්ඤුතානාවරණඤාණපටිලාභස්ස. ආසභීවාචාභාසනං අප්පටිවත්තියවරධම්මචක්කප්පවත්තනස්ස පුබ්බනිමිත්තං. තථා අයං භගවාපි ගතො. තඤ්චස්ස ගමනං තථං අහොසි අවිතථං තෙසඤ්ඤෙව විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. තෙනාහු පොරාණා –
සුවණ්ණ දණ්ඩා වීතිපතන්ති චාමරා යන මෙහි චාමර එසවීම වූ කලී සියළු තීර්ථකයන් මැඩීම දක්වන පෙරනිමිතිය. සේසත් දැරීම, රහත්ඵල විමුත්ති නමැති උතුම් නිර්මල සේසතක් හුගේ ප්‍රතිලාභයට පෙරනිමිති වේ. සියලු දිසා විලෝකනය සර්වඥතා ඥානය හා අනාවරණ ඥාන ප්‍රතිලාභයට පෙරනිමිති වෙයි. අභීත නාද පැවැත්වීම කලින් කිසිවෙක් නොපැවැත් වූ උතුම් දම්සක් පැවැත්වීමට පෙරනිමිති වේ. එපරිද්දෙන් මේ භාග්‍යවත් තෙමේ ද වැඩි සේක. ඒ ගමන විශේෂ අධිගමයන්ට පෙරනිමිති බැවින් මෙය සත්‍ය විය. නිබොරු විය. එයින් කීහු පෝරාණයෝ,
“මුහුත්තජාතොව ගවම්පතී යථා, සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං; සො වික්කමී සත්ත පදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ.
මුහුත්ත ජාතොව ගවම්පතී යථා, සමෙහිපාදෙහි වාසී වසුන්ධරං සො වික්කමී සත්තපදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරු
ගන්ත්වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො; අට්ඨඞ්ගුපෙතං ගිරමබ්භුදීරයී, සීහො යථා පබ්බතමුද්ධනිට්ඨිතො”ති. –
ගනත්‍වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො අට්ඨංගුපෙතං ගිරමබ්භූදීරයි, සීහො යථා පබ්බතමුද්ධනිටඨිතො යනුවෙන්
(ඒ ගෞතම බෝසත් තෙම උපන් මොහොතක් ඇත්තේ ම වෘෂභ රාජයෙකු මෙන් සම වූ පාද යුගයෙන් පෘථිවිය ස්පර්ශ කළේය. සත් පියවරක් ගියේය. දෙවියෝ සුදු කුඩයක්ද දැරූහ.)
(ඒ ගෞතමයන් වහන්සේ සත්පියවරක් ගොස් හාත්පස සමාන වූ සියලු දිගුන් බැලූහ. පර්වත මුදුනෙහි සිටි සිංහයෙකු මෙන් අංග අටකින් යුක්ත වූ තෙපුල් ප්‍රකාශ කළහ.)
එවං තථා ගතොති තථාගතො.
මෙසේ තථාගතනුයි තථාගත නම් වේ.
අථ වා යථා විපස්සී භගවා…පෙ… යථා කස්සපො භගවා, අයම්පි භගවා තථෙව නෙක්ඛම්මෙන කාමච්ඡන්දං පහාය ගතො. අබ්යාපාදෙන බ්යාපාදං, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං, අවික්ඛෙපෙන උද්ධච්චකුක්කුච්චං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං පහාය, ඤාණෙන අවිජ්ජං පදාලෙත්වා, පාමොජ්ජෙන අරතිං විනොදෙත්වා, පඨමජ්ඣානෙන නීවරණකවාටං උග්ඝාටෙත්වා, දුතියජ්ඣානෙන විතක්කවිචාරධූමං වූපසමෙත්වා, තතියජ්ඣානෙන පීතිං විරාජෙත්වා, චතුත්ථජ්ඣානෙන සුඛදුක්ඛං පහාය, ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාපටිඝසඤ්ඤානානත්තසඤ්ඤායො සමතික්කමිත්වා, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤං, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං සමතික්කමිත්වා ගතො.
නැතහොත් යම්සේ විපස්සි බුදුරජාණන් වහන්සේ -පෙ- යම් සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩිසේක් ද, එසේ මේ භාග්‍යවතුන් වහන්සේ ද නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය ප්රහාණය කොට ගිය සේක. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයද, ආලෝක සඤ්ඤාවෙන් ථීනමිද්ධය ද, නොවිසුරුණු බැවින් උද්ධච්ව කුක්කුච්චය ද ධර්ම වවත්ථානයෙන් විචිකිච්ඡාව ද ප්රහාණය කොට වැඩි සේක. ඥානයෙන් අවිද්‍යාව ප්‍රදාලනය කොට වැඩි සේක. ප්‍රමෝදයෙන් අරතිය දුරුකොට ප්‍රථම ධ්‍යානයෙන් නීවරණ කවාටය උදුරා දෙවන ධ්‍යානයෙන්, විතක්ක, විචාර නමැති ධූමය උපසමනය කොට තුන්වන ධ්‍යානයෙන් ප්‍රීතිය දුරුකොට හතරවන ධ්‍යානයෙන් සුවදුක් පහකොට, ආකාසානඤ්චායතන සමාපත්තියෙන්, රූප සංඥා, ප්‍රතිඝ සංඥා, නානත්ව සංඥාවන් ඉක්මවා, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සංඥාවද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සංඥාවද, නෙවසඤඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඉක්මවා ගියහ.
අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤං පහාය, දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤං, අනත්තානුපස්සනාය අත්තසඤ්ඤං, නිබ්බිදානුපස්සනාය නන්දිං, විරාගානුපස්සනාය රාගං, නිරොධානුපස්සනාය සමුදයං, පටිනිස්සග්ගානුපස්සනාය ආදානං, ඛයානුපස්සනාය ඝනසඤ්ඤං, වයානුපස්සනාය ආයූහනං, විපරිණාමානුපස්සනාය ධුවසඤ්ඤං, අනිමිත්තානුපස්සනාය නිමිත්තං, අප්පණිහිතානුපස්සනාය පණිධිං, සුඤ්ඤතානුපස්සනාය අභිනිවෙසං, අධිපඤ්ඤාධම්මවිපස්සනාය සාරාදානාභිනිවෙසං, යථාභූතඤාණදස්සනෙන සම්මොහාභිනිවෙසං, ආදීනවානුපස්සනාය ආලයාභිනිවෙසං, පටිසඞ්ඛානුපස්සනාය අප්පටිසඞ්ඛං, විවට්ටානුපස්සනාය සංයොගාභිනිවෙසං, සොතාපත්තිමග්ගෙන දිට්ඨෙකට්ඨෙ කිලෙසෙ භඤ්ජිත්වා, සකදාගාමිමග්ගෙන ඔළාරිකෙ කිලෙසෙ පහාය, අනාගාමිමග්ගෙන අණුසහගතෙ කිලෙසෙ සමුග්ඝාටෙත්වා, අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ සමුච්ඡින්දිත්වා ගතො. එවම්පි තථා ගතොති තථාගතො.
අනිච්චානු පස්සනාවෙන් නිත්‍ය සංඥාව දුරුකොට. දුක්ඛානු පස්සනාවෙන් සුඛ සංඥාවද, අනන්තානුපස්සනාවෙන් අත්ත සංඥාවද, නිබ්බිදානු පස්සනාවෙන් නන්දියද, විරාගානු පස්සනාවෙන් රාගයද නිරොධානු පස්සනාවෙන් සමුදයද, පටිනිස්සග්ගානු පස්සනාවෙන් ආදානය ද, ඛයානු පස්සනාවෙන් ඝන සංඥාවද, වයානු පස්සනාවෙන් ආයූහනයද විපරිණාමානු පස්සනාවෙන් ධුව සංඥාවද, අනිමිත්තානු පස්සනාවෙන් නිමිත්ත සංඥාව ද අප්පණිහිතානු පස්සනාවෙන් රාගාදි ප්‍රණිධිය ද, සුඤ්ඤතානු පස්සනාවෙන් අභිනිවෙසය ද, ආත්ම දෘෂ්ටිය ද, අධිප්‍රඥා ධර්ම විදර්ශනාවෙන් අසාර දැයෙහි සාරයයි ගන්නා විපර්යාසය ද යථාභූත ඤාණදස්සන යෙන් සම්මොහයට බැසගැනීමද ආදිනවානු පස්සනාවෙන් ආලයාභිනිවේසය ද, පටිසංඛානු පස්සනාවෙන් අප්‍රති සංඛාවද (මෙනෙහි නොකිරීම) විවට්ටානු පස්සනාවෙන් සංයෝග, අභිනිවේසයද ප්රහාණය කොට සොතාපත්ති මාර්ගයෙන් දිටඨි ආදි ක්ලේශයන් බිඳ සකදාගාමි මාර්ගයෙන් ඖදාරික කෙලෙස් ගති සිඳ අනාගාමි මාර්ගයෙන් අනු සහගත (=කුඩාව පැවැති) කෙලෙස් මුල්සිඳ රහත් මගින් සියලු කෙලෙස් සමුච්ඡෙද ප්‍රහාණයෙන් නසා ගිය සේක. මෙසේත් තථාගතො යන අරුතින් තථාගත නම් වූ සේක.
කථං තථලක්ඛණං ආගතොති තථාගතො. පථවීධාතුයා කක්ඛළත්තලක්ඛණං තථං අවිතථං.
(3) කෙසේ නම් තථ ලක්ෂණයට පැමිණියේ නුයි තථාගත වේද යත්? පඨවි ධාතුවේ තද බව නම් වූ ලක්ෂණය තථයකි. (=සත්‍ය වූවකි) නිබොරු වූවකි.
ආපොධාතුයා පග්ඝරණලක්ඛණං. තෙජොධාතුයා උණ්හත්තලක්ඛණං. වායොධාතුයා විත්ථම්භනලක්ඛණං. ආකාසධාතුයා අසම්ඵුට්ඨලක්ඛණං. විඤ්ඤාණධාතුයා විජානනලක්ඛණං.
ආප් ධාතුවේ වැගිරීම් ලක්ෂණය -පෙ- තෙජො ධාතුවේ උණුසුම් ලක්ෂණය, වායො ධාතුව පිම්බෙන ලක්ෂණ, ආකාස ධාතුවේ ස්පර්ශ රහිත ලක්ෂණය, විඤ්ඤාණ ධාතුවේ විජානන ලක්ෂණය,
රූපස්ස රුප්පනලක්ඛණං. වෙදනාය වෙදයිතලක්ඛණං. සඤ්ඤාය සඤ්ජානනලක්ඛණං. සඞ්ඛාරානං අභිසඞ්ඛරණලක්ඛණං. විඤ්ඤාණස්ස විජානනලක්ඛණං.
රූපයාගේ රුප්පන ලක්ෂණය, වෙදනාවෙ වේදයිත ලක්ෂණය, සඤ්ඤාවගේ හැඳිනීම් ලක්ෂණය, සංඛාර යන්ගේ සකස් කිරීමේ ලක්ෂණය, විඤ්ඤාණයාගේ විජානන ලක්ෂණය,
විතක්කස්ස අභිනිරොපනලක්ඛණං. විචාරස්ස අනුමජ්ජනලක්ඛණං. පීතියා ඵරණලක්ඛණං. සුඛස්ස සාතලක්ඛණං. චිත්තෙකග්ගතාය අවික්ඛෙපලක්ඛණං. ඵස්සස්ස ඵුසනලක්ඛණං.
විතර්කයාගේ අරමුණට නැගීමේ ලක්ෂණය, විචාරයාගේ අරමුණේ හැසිරවීම පිරිමැදීමේ ලක්ෂණය, ප්‍රීතියේ පැතිරීමේ ලක්ෂණය, සුඛයාගේ සාත ලක්ෂණය (=මිහිරි බව) චිත්ත එකග්ගතාවේ, නොවිසුරුණු ලක්ෂණය, ඵස්සයාගේ ඵස්ස ලක්ෂණය,
සද්ධින්ද්රියස්ස අධිමොක්ඛලක්ඛණං. වීරියින්ද්රියස්ස පග්ගහණලක්ඛණං. සතින්ද්රියස්ස උපට්ඨානලක්ඛණං. සමාධින්ද්රියස්ස අවික්ඛෙපලක්ඛණං. පඤ්ඤින්ද්රියස්ස පජානනලක්ඛණං.
සද්ධා ඉන්ද්රියයාගේ දැඩිකොට ගැනීමේ ලක්ෂණය, සති ඉන්ද්රියයාගේ උපට්ඨාන (=ළඟට පැමිණීමේ) ලක්ෂණය, පඤ්ඤා ඉන්ද්‍රියේ පජානන ලක්ෂණය,
සද්ධාබලස්ස අස්සද්ධියෙ අකම්පියලක්ඛණං. වීරියබලස්ස කොසජ්ජෙ. සතිබලස්ස මුට්ඨසච්චෙ. සමාධිබලස්ස උද්ධච්චෙ. පඤ්ඤාබලස්ස අවිජ්ජාය අකම්පියලක්ඛණං.
සද්ධා බලයේ අශ්‍රද්ධා හේතුවෙන් කම්පා නොවීමේ ලක්ෂණය, විරිය බලයාගේ කුසීත බැව් නැතිකිරීමේ ලක්ෂණය, සති බලය සිහි මුලා බැව් කම්පා නොවන ලක්ෂණය, සමාධි උද්ධච්ච හේතුවෙන් කම්පා නොවීමේ ලක්ෂණය, පඤ්ඤා බලයාගේ අවිද්‍යාව හේතුකොටගෙන කම්පා නොවීමේ ලක්ෂණය,
සතිසම්බොජ්ඣඞ්ගස්ස උපට්ඨානලක්ඛණං. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස පවිචයලක්ඛණං. වීරියසම්බොජ්ඣඞ්ගස්ස පග්ගහණලක්ඛණං. පීතිසම්බොජ්ඣඞ්ගස්ස ඵරණලක්ඛණං. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උපසමලක්ඛණං. සමාධිසම්බොජ්ඣඞ්ගස්ස අවික්ඛෙපලක්ඛණං. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස පටිසඞ්ඛානලක්ඛණං.
සති සම්බොජ්ඣඞ්ගයාගේ උපට්ඨාන ලක්ෂණය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ පවිචය (=වෙසෙසින් පරික්ෂා කිරීමේ) ලක්ෂණය, විරිය සම්බොජ්ඣඞ්ගයාගේ ප්‍රග්‍රහ ලක්ෂණය. පීති සම්බොජ්ඣඞ්ගයාගේ පැතිරීමේ ලක්ෂණය, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයාගේ උපසම ලක්ෂණය, සමාධි සම්බොජ්ඣඞ්ගයාගේ අවික්ෂෙප ලක්ෂණය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයාගේ මධ්‍යස්ථ වීමේ ලක්ෂණය,
සම්මාදිට්ඨියා දස්සනලක්ඛණං. සම්මාසඞ්කප්පස්ස අභිනිරොපනලක්ඛණං. සම්මාවාචාය පරිග්ගාහලක්ඛණං. සම්මාකම්මන්තස්ස සමුට්ඨානලක්ඛණං. සම්මාආජීවස්ස වොදානලක්ඛණං. සම්මාවායාමස්ස පග්ගහණලක්ඛණං. සම්මාසතියා උපට්ඨානලක්ඛණං. සම්මාසමාධිස්ස අවික්ඛෙපලක්ඛණං.
සම්මාදිට්ඨි දස්සන ලක්ෂණය, සම්මා සඞ්කප්පයේ අභිනිරෝපන (සිත අරමුණට යොමු කිරීමේ) ලක්ෂණය, සම්මා වාචා මෙහි පරිග්‍රහ (=අල්ලා ගැනීම්) ලක්ෂණය, සම්මා කම්මන්තයේ සමුට්ඨාන (=හටගැනීම්) ලක්ෂණය, සම්මා ආජීවයාගේ වොදාන ලක්ෂණය, සම්මා වායාමයාගේ ප්‍රග්‍රහ ලක්ෂණය, සම්මා සතියේ උපට්ඨාන ලක්ෂණය, සම්මා සමාධියේ අවික්ෂෙප ලක්ෂණය.
අවිජ්ජාය අඤ්ඤාණලක්ඛණං. සඞ්ඛාරානං චෙතනාලක්ඛණං. විඤ්ඤාණස්ස විජානනලක්ඛණං. නාමස්ස නමනලක්ඛණං. රූපස්ස රුප්පනලක්ඛණං. සළායතනස්ස ආයතනලක්ඛණං. ඵස්සස්ස ඵුසනලක්ඛණං. වෙදනාය වෙදයිතලක්ඛණං. තණ්හාය හෙතුලක්ඛණං. උපාදානස්ස ගහණලක්ඛණං. භවස්ස ආයූහනලක්ඛණං. ජාතියා නිබ්බත්තිලක්ඛණං. ජරාය ජීරණලක්ඛණං. මරණස්ස චුතිලක්ඛණං.
අවිද්‍යාවගේ අඥාන ලක්ෂණය, සංඛාරයන්ගේ චේතනා ලක්ෂණය, විඤ්ඤාණයාගේ විජානන ලක්ෂණය, නාමයාගේ (අරමුණට) නැමීමේ ලක්ෂණය, රූපයාගේ රුප්පන ලක්ෂණය, සලායතනයන්ගේ (චිත්ත චෛතසිකයන්ගේ පැවැත්ම යයි කියන ලද) ආයතන ලක්ෂණය, ඵස්සයාගේ ස්පර්ශ කිරීමේ ලක්ෂණය, වෙදනාවගේ වෙදයිත ලක්ෂණය, තණ්හාවගේ සමුදය ලක්ෂණය, උපාදානයාගේ ගැනීම් ලක්ෂණය, භවයාගේ ආයූහන ලක්ෂණය, ජාතියේ නිබ්බන්ති ලක්ෂණය, ජරාවගේ දිරීම් ලක්ෂණය, මරණයාගේ ච්‍යුති ලක්ෂණය,
ධාතූනං සුඤ්ඤතාලක්ඛණං. ආයතනානං ආයතනලක්ඛණං. සතිපට්ඨානානං උපට්ඨානලක්ඛණං. සම්මප්පධානානං පදහනලක්ඛණං. ඉද්ධිපාදානං ඉජ්ඣනලක්ඛණං. ඉන්ද්රියානං අධිපතිලක්ඛණං. බලානං අකම්පියලක්ඛණං. බොජ්ඣඞ්ගානං නිය්යානලක්ඛණං. මග්ගස්ස හෙතුලක්ඛණං.
ධාතූන්ගේ සුඤ්ඤතා ලක්ෂණය, ආයතනයන්ගේ ආයතන ලක්ෂණය, සතිපට්ඨානයන්ගේ උපට්ඨාන ලක්ෂණය, සම්මප්පධානයන්ගේ පදහන (උත්සාහ කිරීමේ) ලක්ෂණය, ඉද්ධිපාදයන්ගේ ඉජ්ඣන (ඉටුවීම්) ලක්ෂණය, ඉන්ද්‍රියන්ගේ අධිපති ලක්ෂණය, බලයන්ගේ කම්පානොවන ලක්ෂණය, බොජ්ඣංග ධර්මයන්ගේ නිය්යාහික ලක්ෂණය, මාර්ගයාගේ හේතු ලක්ෂණය,
සච්චානං තථලක්ඛණං. සමථස්ස අවික්ඛෙපලක්ඛණං. විපස්සනාය අනුපස්සනාලක්ඛණං. සමථවිපස්සනානං එකරසලක්ඛණං. යුගනන්ධානං අනතිවත්තනලක්ඛණං.
සත්‍යයන්ගේ තථ ලක්ෂණය, සමථයාගේ අවික්ෂෙප ලක්ෂණය, විපස්සනාවේ අනුපස්සනා ලක්ෂණය, සමථ විපස්සනාවන්ගේ එකරස ලක්ෂණය, සමථ විපස්සනා නම් එකට වෙලී පවත්නා (යුගන්ධ ධර්මයන්ගේ අනතිවත්තන ලක්ෂණය.
සීලවිසුද්ධියා සංවරලක්ඛණං. චිත්තවිසුද්ධියා අවික්ඛෙපලක්ඛණං. දිට්ඨිවිසුද්ධියා දස්සනලක්ඛණං.
සීල විසුද්ධියේ සංවර ලක්ෂණය, චිත්ත විසුද්ධියේ අවික්ෂෙප ලක්ෂණය, දිට්ඨි විසුද්ධියේ දස්සන ලක්ෂණය,
ඛයෙඤාණස්ස සමුච්ඡෙදලක්ඛණං. අනුප්පාදෙ ඤාණස්ස පස්සද්ධිලක්ඛණං. ඡන්දස්ස මූලලක්ඛණං. මනසිකාරස්ස සමුට්ඨානලක්ඛණං. ඵස්සස්ස සමොධානලක්ඛණං. වෙදනාය සමොසරණලක්ඛණං. සමාධිස්ස පමුඛලක්ඛණං. සතියා ආධිපතෙය්යලක්ඛණං. පඤ්ඤාය තතුත්තරිලක්ඛණං. විමුත්තියා සාරලක්ඛණං. අමතොගධස්ස නිබ්බානස්ස පරියොසානලක්ඛණං තථං අවිතථං. එවං තථලක්ඛණං ඤාණගතියා ආගතො අවිරජ්ඣිත්වා පත්තො අනුප්පත්තොති තථාගතො, එවං තථලක්ඛණං ආගතොති තථාගතො.
ඛයෙඤාණයේ, සමුච්ඡෙද ලක්ෂණය, අනුත්පාද ඤාණයේ පස්සද්ධි ලක්ෂණය, ඡන්දයාගේ මූල ලක්ෂණය, මනසිකාරයාගේ සමුට්ඨාන ලක්ෂණය, ඵස්සයාගේ සමොධාන ලක්ෂණය ද, සමාධියේ පමුඛ ලක්ෂණය ද, සතියේ අධිපති ලක්ෂණය ද, ප්‍රඥාවේ තතුත්තරී ලක්ෂණය, විමුත්තියේ සාර ලක්ෂණය, අමතොගධ නිබ්බානයේ, පරියොසාන ලක්ෂණය, තථ වෙයි. (=සත්‍ය වෙයි. නිබොරු වෙයි.) මෙසේ අවිපරීත ලක්ෂණයට ඤාණ ගමනින් ආවාහු, නොවරදවා පැමිණියාහුය. අනුප්‍රාප්ත වූහ. තථාගත නම් වූහ. මෙසේ තථ ලක්ෂණයට පැමිණියාහු වෙත්නයි තථාගත නම් වන සේක.
කථං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො? තථධම්මා නාම චත්තාරි අරියසච්චානි. යථාහ “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි, ඉදං දුක්ඛන්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති (සං· නි· 5.1050) විත්ථාරො. තානි ච භගවා අභිසම්බුද්ධො, තස්මා තථානං අභිසම්බුද්ධත්තා තථාගතොති වුච්චති. අභිසම්බුද්ධත්ථො හි එත්ථ ගතසද්දො. අපිච ජරාමරණස්ස ජාතිපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො…පෙ… සඞ්ඛාරානං අවිජ්ජාපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තථා අවිජ්ජාය සඞ්ඛාරානං පච්චයට්ඨො. සඞ්ඛාරානං විඤ්ඤාණස්ස පච්චයට්ඨො…පෙ… ජාතියා ජරාමරණස්ස පච්චයට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තං සබ්බං භගවා අභිසම්බුද්ධො, තස්මාපි තථානං ධම්මානං අභිසම්බුද්ධත්තා තථාගතොති වුච්චති. එවං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො.
4. කෙසේනම් තථ ධර්මයන් පත් වූ පරිදි අවබෝධ කළ හෙයින් තථාගත නම් වන සේක් ද? තථ ධර්මයෝ නම් සතර ආර්ය සත්‍යයෝය. එහෙයින් වදාළහ. “චත්තාරිමානි භික්ඛවෙ, තථානි, අවිතථානි, අනඤ්ඤථානි කතමානි චත්තාරි ඉදං දුක්ඛන්ති භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථ මෙතං”, යනුවෙන් විස්තර වේ. බුදුරජාණන් වහන්සේ ඒ තථ ධර්මයන්ද අවබෝධ කළහ. ඒ තථ ධර්මයන් අභිසම්බුද්ධ බැවින් තථාගත යයි කියනු ලැබේ. මෙහි ගත ශබ්දය අභිසම්බුද්ධ යන අර්ථයෙහි මැයි. තවද ජරාමරණයාගේ ජාති ප්‍රත්‍යයෙන් සම්භූත හා සමුදාගත අර්ථය සත්‍ය වේ. නිබොරු වේ. අන්‍යාකාර රහිත වේ. -පෙ සංඛාරයන්ගේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් සම්භූත අර්ථය සමුදාගත අර්ථය සත්‍ය වේ. නිබොරු වේ. එසේම අන්‍යාකාර නොවේ. එසේම අවිද්‍යාවගේ සංඛාරයන්ට ප්රත්යාර්ථය, සංඛාරයන්ගේ විඤ්ඤාණයට ප්රත්යාර්ථය, -පෙ- ජාතියගේ ජරාමරණයට ප්රත්යාර්ථය සත්‍ය වේ. බොරු නොවේ. අන් පරිද්දකින් නොවේ. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක. මෙසේ තථ ධර්මයන් අවබෝධ කළ හෙයින් තථාගත නම් වන සේක.
කථං තථදස්සිතාය තථාගතො? භගවා යං සදෙවකෙ ලොකෙ…පෙ… සදෙවමනුස්සාය අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙ ආපාථං ආගච්ඡන්තං රූපාරම්මණං නාම අත්ථි. තං සබ්බාකාරතො ජානාති, පස්සති. එවං ජානතා පස්සතා ච තෙන තං ඉට්ඨානිට්ඨාදිවසෙන වා දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු ලබ්භමානකපදවසෙන වා “කතමං තං රූපං රූපායතනං, යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතක”න්ති (ධ· ස· 616) ආදිනා නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද්වෙපඤ්ඤාසාය නයෙහි විභජ්ජමානං තථමෙව හොති, විතථං නත්ථි. එස නයො සොතද්වාරාදීසුපි ආපාථමාගච්ඡන්තෙසු සද්දාදීසු. වුත්තඤ්චෙතං භගවතා “යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි, …තමහං අභිඤ්ඤාසිං, තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසී”ති (අ· නි· 4.24). එවං තථදස්සිතාය තථාගතො. තත්ථ තථදස්සීඅත්ථෙ තථාගතොති පදසම්භවො වෙදිතබ්බො.
5. කෙසේ නම් තථ දස්සී බැවින් තථාගත නම් වූයේ ද යත්? භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙවියන් සහිත මිනිසුන්ට, අප්‍රමාණ ලෝකධාතුවල අප්‍රමාණ සත්ත්වයන්ගේ චක්ඛු ද්වාරයෙහි ආපාතගත වන්නා වූ යම් රූපාරම්මණයක් ඇද්ද, එය සර්වාකාරයෙන් දනිති. දකිති. මෙසේ දන්නා වූද, දක්නා වූ ද ඒ භාග්‍යවතුන් වහන්සේ එය ඉටු අනිටු වශයෙන් හෝ දිට්ඨ - සුත - මුත - විඤ්ඤාතයන් අතුරෙහි ලැබෙන්නා වූ පදයන්ගේ වශයෙන් හෝ “කතමං තං රූපං රූපායතනං යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභං සනිදස්සනං සප්පටිඝං නීලං පීතකං” යනාදි නයින් අනේක නාමයන්ගෙන් තෙතිස් වාරයෙක්හි, දෙපනස් නයකින් විභාග කරනු ලබන්නේ සත්‍ය වෙයි. බොරු නොවෙයි. සෝත ද්වාරයෙහි ආපාථයට පැමිණෙන්නා වූ ශබ්ද ආදියෙහිද මේ නයමැයි. මෙය වදාරණ ලද්දේමැයි. භාග්‍යවත් බුදුරදහු විසින්, “යං භික්ඛවෙ, සදෙවකස්ස ලෝකස්ස -පෙ- සදෙව මනුස්සාය දිටඨං සුතං මුතං විඤ්ඤාතං, පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි, තමහං අබ්භඤ්ඤාසිං තං තථාගතසස විදිතං තං තථාගතොන න උපට්ඨාසි” යනුවෙන් මෙසේ තථය දක්නා බැවින් තථාගත නම් වූහ. මෙහි තථදස්සී යන අරුතෙහි තථාගතයයි පද සම්භවය දතයුතුය.
කථං තථාවාදිතාය තථාගතො? යං රත්තිං භගවා බොධිමණ්ඩෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, යඤ්ච රත්තිං යමකසාලානමන්තරෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණෙ කාලෙ පඨමබොධියාපි මජ්ඣිමබොධියාපි පච්ඡිමබොධියාපි යං භගවතා භාසිතං සුත්තං ගෙය්යං…පෙ… වෙදල්ලං, තං සබ්බං අත්ථතො ච බ්යඤ්ජනතො ච අනුපවජ්ජං අනූනමනධිකං සබ්බාකාරපරිපුණ්ණං රාගමදනිම්මදනං දොසමොහමදනිම්මදනං, නත්ථි තත්ථ වාලග්ගමත්තම්පි පක්ඛලිතං, සබ්බං තං එකමුද්දිකාය ලඤ්ඡිතං විය, එකනාළියා මිතං විය, එකතුලාය තුලිතං විය ච තථමෙව හොති අවිතථං. තෙනාහ – “යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා. තස්මා තථාගතොති වුච්චතී”ති (අ· නි· 4.23). ගදඅත්ථො හි එත්ථ ගතසද්දො. එවං තථාවාදිතාය තථාගතො. අපිච ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තථො අවිපරීතො ආගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති එවමෙතස්මිං අත්ථෙ පදසිද්ධි වෙදිතබ්බා.
6. කෙසේනම් තථවාදී බැවින් තථාගත නම් වූයේ ද යත්? යම් රාත්‍රියෙක්හි භාග්‍යවත් බුදුරදහු බෝමැඩ අපරාජිත පල්ලඞ්කයෙහි වැඩසිට තුන්මරුන් (කිලේස - අභිසංඛාර දේවපුත්ත) මැඩ නිරුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණි සේක් ද, යම් රාත්‍රියක යමක සාල අතර අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක් ද, මේ අතර පන්සාලිස් වසක් කාලයෙහි ප්‍රථම බෝධියෙහි ද මධ්‍යම බෝධියෙහි ද පශ්චිම බෝධියෙහි ද භාග්‍යවත්හු විසින් වදාරණ ලද යම් සුත්ත - ගෙය්ය - පෙ- වෙදල්ලං යන නවාංග ධර්මයක් වේ ද, ඒ හැම අරුත් වශයෙන් ද ව්‍යඤ්ජන වශයෙන් ද නිවැරදි, අඩුවැඩි නැති සර්වාකාරයෙන් පරිපූර්ණ වූ රාග මදය නිම්මද කරන්නා වූ ද්වෙෂ, මෝහ මදයන් නිම්මද කරන්නා වූ එහි වලගක් පමණකුදු (ස්වල්ප මාත්‍රයකුදු) වැරදි යෙදුමක් නොමැත. ඒ සියලු ධර්මයන් එක් මුද්‍රාවකින් මුද්‍රා තබන ලද්දක් මෙන් ද එක් නැලියකින් මනින ලද්දක් මෙන් ද වෙයි. එහෙයින් වදාළහ. “යං චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරො භාසති ලපෙති, නිද්දිසති සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා තස්මා තථාගතොති වුච්චති” යනුවෙන් මෙහි ගත ශබ්දය ගදාර්ථයෙහි (=කථා කිරීම් අර්ථයෙහි) මැයි. මෙසේ තථාවාදි බැවින් තථාගත නම් වූහ. තවද ‘කීම’ අගද නම් වේ. (වචනය) යන අර්ථයි. තථ්‍ය වූ විපරීත නොවූ අගද (වචනය) යන අර්ථයි. තථ්‍ය වූ විපරීත නොවූ අගද (වචනය) මොහුගේය යන අරුත්හි ‘ද’ කාරයට ‘ත’ කාරය කොට තථාගත යයි මෙසේ මේ අර්ථයෙහි පදසිද්ධිය වේයයි දතයුතුය.
කථං තථාකාරිතාය තථාගතො? භගවතො හි වාචාය කායො අනුලොමෙති, කායස්සපි වාචා. තස්මා යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ච හොති. එවංභූතස්ස චස්ස යථා වාචා, කායොපි තථාගතො පවත්තොති අත්ථො. යථා ච කායො, වාචාපි තථා ගතා පවත්තාති තථාගතො. තෙනාහ “යථාවාදී, භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, තස්මා තථාගතොති වුච්චතී”ති (අ· නි· 4.23). එවං තථාකාරිතාය තථාගතො.
7. කෙසේනම් තථාකාරිත්වයෙන් තථාගත වූ සේක් ද යත්? යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ වචනයට කය අනුලොම් වේද, කයට වචනයට අනුලොම් වේද, කයට ද වචනය අනුලොම් වේද, එබැවින් යම්සේ කියන සුළු වේද, එපරිද්දෙන්ම කරනසුලු වේ. මෙසේ කරනසුලුද එසේම කියනසුලුය. මේ ආකාර වූ උන්වහන්සේගේ වචනය යම්සේ පවතී ද කයත් එසේම ගියේය. පැවතුනේය යන අර්ථයයි. කය යම්සේ පවතී ද වචනයත් එසේ ගියේනුයි තථාගත නම් වෙති. එහෙයින් වදාළහ. “යථාවාදි භික්ඛවෙ, තථාගතො තථාකාරි යථාකාරි තථාවාදි ඉති යථාවාදි තථාකාරි යථාකාරි තථාවාදී තස්මා තථාගතොති වුචචති” මෙසේ තථාකාරී බැවින් තථාගත නම් වූ සේක.
කථං අභිභවනට්ඨෙන තථාගතො? උපරි භවග්ගං හෙට්ඨා අවිචිං පරියන්තං කත්වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති, සීලෙනපි සමාධිනාපි පඤ්ඤායපි විමුත්තියාපි විමුත්තිඤාණදස්සනෙනපි, න තස්ස තුලා වා පමාණං වා අත්ථි, අතුලො අප්පමෙය්යො අනුත්තරො රාජරාජො දෙවදෙවො සක්කානං අතිසක්කො බ්රහ්මානං අතිබ්රහ්මා. තෙනාහ “සදෙවකෙ, භික්ඛවෙ, ලොකෙ…පෙ… සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. තස්මා තථාගතොති වුච්චතී”ති.
8. කෙසේ නම් අභිභවනාර්ථයෙන් තථාගත නම් වන සේක්ද යත් උඩින් භවාග්රයත් යටින් අවීචියත් පරියන්ත කොට සරස අපමණ ලෝකධාතූන්හි සියලු සත්ත්වයන් අභිභවනය කරන සේක. සීලයෙන් ද, ප්‍රඥාවෙන් ද, විමුක්තියෙන් ද උන්වහන්සේට සමාන වූවෙක් හෝ ප්‍රමාණ වූවෙක් හෝ නැත්තේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අතුල්‍ය වූ සේක. අප්‍රමෙය්‍ය වූ සේක. අනුත්තර වූ සේක. රාජ රාජ වූ සේක. දෙවියන්ට දෙවි වූ සේක. ශක්‍රයන්ට ශක්‍ර වූ සේක. බ්‍රහ්මයන්ට අධිබ්රහ්ම වූ සේක. එහෙයින් වදාළහ. “සදෙවකෙ භික්ඛවෙ, ලොකෙ -පෙ- සදෙව මනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්ති තස්මා තථාගතොති වුච්චති” යනුවෙන්,
තත්රෙවං පදසිද්ධි වෙදිතබ්බා, අගදො විය අගදො. කො පනෙස? දෙසනාවිලාසමයො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන හෙස මහානුභාවො භිසක්කො දිබ්බාගදෙන සප්පෙ විය සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති, ඉති සබ්බලොකාභිභවනෙ තථො අවිපරීතො දෙසනාවිලාසමයො චෙව පුඤ්ඤස්සයො ච අගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති වෙදිතබ්බො. එවං අභිභවනට්ඨෙන තථාගතො.
එහි මෙසේ පදසිද්ධිය දතයුතුයි. අගද වැනිනුයි අගද නම් වේ. හේ කවරේද යත්, දේශනා විලාසයද, පුණ්‍යයාගේ අධික බවද වෙයි. එය එසේමැයි. භාග්‍යවතුන් වහන්සේ මහත් ආනුභාව ඇති වෙදෙක්, දිව්‍යමය වූ බෙහෙතකින් සර්පයන් මෙන් සියලු පරවාදීන්ද දෙවියන් සහිත ලෝකයා ද අභිභවනය කරන සේක. මෙසේ සියලු ලෝකයා මැඩපැවැත්වීමෙහි, තථ්‍ය වූ අවිපරීත වූ දේශනා විලාසමය වූ ද පුණ්‍යයාගේ අධික බව නම් වූ ද අගදය මොහුගේය යන අර්ථයෙහි දකාරයට තකාරය කොට තථාගතො යනුවෙන් දතයුත්තේය. මෙසේ අභිභනාර්ථයෙන් තථාගත නම් වූහ.
අපිච තථාය ගතොතිපි තථාගතො, තථං ගතොතිපි තථාගතො. ගතොති අවගතො, අතීතො, පත්තො, පටිපන්නොති අත්ථො. තත්ථ සකලං ලොකං තීරණපරිඤ්ඤාය තථාය ගතො අවගතොති තථාගතො. ලොකසමුදයං පහානපරිඤ්ඤාය තථාය ගතො අතීතොති තථාගතො. ලොකනිරොධං සච්ඡිකිරියාය තථාය ගතො පත්තොති තථාගතො. ලොකනිරොධගාමිනිං පටිපදං තථං ගතො පටිපන්නොති තථාගතො. තෙන යං වුත්තං භගවතා “ලොකො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකසමුදයො තථාගතස්ස පහීනො. ලොකනිරොධො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා, ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං, තස්මා තථාගතොති වුච්චතී”ති (අ· නි· 4.23).
තවද ‘තථ’ භාවයෙන් ගියේනුයි පැමිණියේ නුයි තථාගත නම් වේ. ඉක්මවා ගියේය. ඉක්මවූයේය. පැමිණියේය. පිළිපන්නේය යන අර්ථයි. එහි සියලු ලෝකය (=දුක්ඛ සත්‍යය) තීරණ ප්‍රඥාවෙන් තථභාවයෙන් ගියේ නුයි, ඉක්ම වූයේ නුයි තථාගත නම් වේ. ලෝක නිරෝධය පසක් කිරීමෙන් තථයට ගියේනුයි පැමිණියේ නුයි තථාගත නම් වේ. ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තථයට ගියේනුයි, පිළිපන්නේ නුයි තථාගත නම් වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ලොකො භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො ලෝකස්මා තථාගතො විප්පයුත්තො, ලොක සමුදයො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො ලොකසමුදයො තථාගතස්ස පහීනො, ලොකනිරොධො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො ලොකනිරොධගාමිනී පටිපදා භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො ලොකනිරොධ ගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා, යං භික්ඛවෙ, සදෙවකස්ස ලෝකස්ස -පෙ- සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං තස්මා තථාගතොති වුච්චති යනුයි. (මහණෙනි, දුක්ඛ සත්‍යය තථාගතයන් වහන්සේ විසින් ප්රත්යක්ෂ කරන ලද්දේය. තථාගත තෙම දුක්ඛ සත්‍යයෙන් විසං යුත්තය. දුක්ඛ සමුදය සත්‍යය තථාගතයන් වහන්සේ විසින් ප්රත්යක්ෂ කරන ලද්දේය. තථාගතයන් විසින් දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහීණ වූයේය. මහණෙනි, දුක්ඛ නිරෝධ සත්‍යය තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේය. දුක්ඛ නිරෝධ සත්‍යය තථාගතයන් විසින් ප්රත්යක්ෂ කරන ලද්දේය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය තථාගතයන් විසින් ප්රත්යක්ෂ කරන ලද්දේය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා යම් සත්‍යය තථාගතයන් විසින් වඩන ලද්දීය. මහණෙනි, යම්බඳු වූ දෙවියන් සහිත ලෝකයා විසින් -පෙ- ඒ සියල්ල තථාගතයන් විසින් දක්නා ලද්දේය. එහෙයින් තථාගත යයි කියනු ලැබේ.)
තස්ස එවම්පි අත්ථො වෙදිතබ්බො. ඉදම්පි ච තථාගතස්ස තථාගතභාවදීපනෙ මුඛමත්තමෙව. සබ්බාකාරෙන පන තථාගතොව තථාගතස්ස තථාගතභාවං වණ්ණෙය්‍ය.
මෙසේත් එම තථාගත ශබ්දයාගේ අර්ථය දතයුතුයැ. මෙයද තථාගතයන්ගේ තථාගතභාවය දැක්වීමෙහි (මුඛමත්ත මෙව) වචන මාත්‍රයක් පමණි. සර්වප්රකාරයෙන් තථාගත කෙනෙක්ම තථාගත භාවය වර්ණනා කරන්නේය.
අරහං සම්මාසම්බුද්ධොති පදද්වයෙ පන ආරකත්තා අරීනං, අරානඤ්ච හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවාති ඉමෙහි තාව කාරණෙහි අරහන්ති වෙදිතබ්බො.
“අරහං සම්මා සම්බුද්ධො” මෙම පද දෙකින්, කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින් ද කෙලෙස් සතුරන් හා සංසාර චක්‍රයෙහි අර නැසූ හෙයින් ද ප්‍රත්‍යයන් ලැබීමට සුදුසු හෙයින් ද, පව් කිරීමේ රහසක් නැති බැවින් ද පළමුකොට මෙම කරුණුවලින් අරහං යයි දතයුතුය.
සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා පන සම්මාසම්බුද්ධොති. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පනෙතං පදද්වයං විසුද්ධිමග්ගෙ බුද්ධානුස්සතිවණ්ණනායං පකාසිතං.
මනාකොට තෙමේ ම සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වේ. මෙය මෙහි සැකෙවින් විස්තර වශයෙන් මෙම පද දෙක විසුද්ධි මග්ගයේ බුද්ධානුස්සති වර්ණනාවෙහි ප්‍රකාශ කරන ලදී.
පරිඤ්ඤාතන්තං තථාගතස්සාති එත්ථ පන තං මඤ්ඤනාවත්ථු පරිඤ්ඤාතං තථාගතස්සාතිපි අත්ථො වෙදිතබ්බො. පරිඤ්ඤාතන්තං නාම පරිඤ්ඤාතපාරං පරිඤ්ඤාතාවසානං අනවසෙසතො පරිඤ්ඤාතන්ති වුත්තං හොති. බුද්ධානඤ්හි සාවකෙහි සද්ධිං කිඤ්චාපි තෙන තෙන මග්ගෙන කිලෙසප්පහානෙ විසෙසො නත්ථි, පරිඤ්ඤාය පන අත්ථි. සාවකා හි චතුන්නං ධාතූනං එකදෙසමෙව සම්මසිත්වා නිබ්බානං පාපුණන්ති. බුද්ධානං පන අණුප්පමාණම්පි සඞ්ඛාරගතං ඤාණෙන අදිට්ඨමතුලිතමතීරිතමසච්ඡිකතං නත්ථි.
“පරිඤ්ඤාතං තං තථාගතස්ස” මෙහි මඤ්ඤනා වස්තුව තථාගතයන් විසින් පරිඤ්ඤාත අන්තය ඇත්තේ යයිද තථාගතයන් විසින් පිරිසිඳ දත්තේ යයි ද අරුත් දතයුතුය. පරිඤ්ඤාත අන්තය නම් පරිඤ්ඤාතයාගේ පාරය (පරතෙර) ඇත්තේය. පිරිසිඳ දත් අවසානය ඇත්තේය. ඉතිරි නොකොට පිරිසිඳ දත්තේ යයි කියන ලද්දේ වෙයි. ඒ එසේමැයි. ශ්‍රාවකයන් හා බුදුවරයන්ගේ ඒ ඒ මගින් කෙලෙස් ප්රහාණයෙහි විශේෂයක් නොමැත. පරිඤ්ඤාවෙහි විශේෂ ඇත. ශ්‍රාවකයෝ සතර ධාතූන්ගේ එකදේශයක් සම්මර්ෂණය කොට නිවනට පැමිණෙති. බුදුවරයන්ට වූ කලී අප්‍රමාණ වූ නුවණින් නොදක්නා ලද තුලනය නොකරන ලද සංඛාර ගතයෙක් නැත්තේය.
තථාගතවාරසත්තමනයවණ්ණනා නිට්ඨිතා.