යෙදුමෙන් කියවන්න

තථාගතවාරඅට‍්ඨමනයවණ‍්ණනා අට‍්ඨකථා

තථාගතවාරඅට‍්ඨමනයවණ‍්ණනා

තථාගත වාර අට්ඨමනය

නන්‍දී දුක‍්ඛස‍්ස මූලන‍්තිආදීසු ච නන්‍දීති පුරිමතණ‍්හා. දුක‍්ඛන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධා. මූලන‍්තිආදි. ඉති විදිත්‍වාති තං පුරිමභවනන්‍දිං “ඉමස‍්ස දුක‍්ඛස‍්ස මූල”න‍්ති එවං ජානිත්‍වා. භවාති කම‍්මභවතො. ජාතීති විපාකක‍්ඛන්‍ධා. තෙ හි යස‍්මා ජායන‍්ති, තස‍්මා “ජාතී”ති වුත‍්තා. ජාතිසීසෙන වා අයං දෙසනා. එතම‍්පි “ඉති විදිත්‍වා”ති ඉමිනා යොජෙතබ‍්බං. අයඤ‍්හි එත්‍ථ අත්‍ථො “කම‍්මභවතො උපපත‍්තිභවො හොතීති එවඤ‍්ච ජානිත්‍වා”ති. භූතස‍්සාති සත‍්තස‍්ස. ජරාමරණන‍්ති ජරා ච මරණඤ‍්ච. ඉදං වුත‍්තං හොති – තෙන උපපත‍්තිභවෙන භූතස‍්ස සත‍්තස‍්ස ඛන්‍ධානං ජරාමරණං හොතීති එවඤ‍්ච ජානිත්‍වාති.

නන්‍දි දුක්ඛස්ස මූලං ආදි තන්හි නන්‍දි යනු (පුරිම) කලින් වූ තණ්හාවයි. දුක්ඛං යනු පංචස්කන්‍ධයයි. මූලන්ති ඉති විදිත්‍වා, ඒ පුරිම තණ්හාව මේ පංචස්කන්ධයට මූලයයි. දැන, භවා: (කර්ම) භවයෙන් ජාති යනු විපාක ස්කන්ධයෝය. ඔවුන් හේතුකොට ගෙන යම් හෙයකින් උපදිත් ද, එහෙයින් ජාති යයි කියන ලදී. ජාති ශීර්ෂයෙන් මෙම දේශනාව වන්නීය. මෙයද ඉති විදිත්‍වා යන පදය සමග යෙදිය යුතුය. මේ මෙහි අර්ථයයි. කම්ම භවවයෙන් උත්පත්ති භවය වෙයි. මෙයද දැනගෙනයි භූතස්ස සත්ත්වයා හට ජරා මරණං ජරාවද මරණයද කියන ලද්දේ.

එත‍්තාවතා යං බොධිරුක‍්ඛමූලෙ අපරාජිතපල‍්ලඞ‍්කෙ නිසින‍්නො සම‍්මසිත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත‍්තො, තස‍්ස පටිච‍්චසමුප‍්පාදස‍්ස පටිවෙධා මඤ‍්ඤනානං අභාවකාරණං දස‍්සෙන‍්තො චතුසඞ‍්ඛෙපං තිසන්‍ධිං තියද‍්ධං වීසතාකාරං තමෙව පටිච‍්චසමුප‍්පාදං දස‍්සෙති.

ඒ උත්පත්ති භවය හේතුකොට හටගත් සත්ත්වයා පිළිබඳ ස්කන්ධයන්ගේ දිරීමද මැරීමද වේයයි යන මෙය දැන, බෝධිවෘක්‍ෂ මූලයෙහි අපරාජිත පර්යංකයෙහි වැඩසිට යමක් සම්මර්ශනය කොට සර්වඥ බවට පැමිණිසේක් ද, ඒ ප්‍රතීත්‍ය සමුත්පාදයාගේ ප්‍රතිවේධයෙන් මඤ්ඤනාවන්ගේ අභාවය දක්වන සේක්, චතුසංඛෙප තිසන්‍ධි, තිඅද්ධ, වීසති ආකාර ඇති පටිච්ච සමුප්පාදය දැක් වූ සේක.

කථං පන එත‍්තාවතා එස සබ‍්බො දස‍්සිතො හොතීති. එත්‍ථ හි නන්‍දීති අයං එකො සඞ‍්ඛෙපො. දුක‍්ඛස‍්සාති වචනතො දුක‍්ඛං දුතියො, භවා ජාතීති වචනතො භවො තතියො, ජාතිජරාමරණං චතුත්‍ථො. එවං තාව චත‍්තාරො සඞ‍්ඛෙපා වෙදිතබ‍්බා, කොට‍්ඨාසාති අත්‍ථො. තණ‍්හාදුක‍්ඛානං පන අන‍්තරං එකො සන්‍ධි, දුක‍්ඛස‍්ස ච භවස‍්ස ච අන‍්තරං දුතියො, භවස‍්ස ච ජාතියා ච අන‍්තරං තතියො. එවං චතුන‍්නං අඞ‍්ගුලීනං අන‍්තරසදිසා චතුසඞ‍්ඛෙපන‍්තරා තයො සන්‍ධී වෙදිතබ‍්බා.

කෙසේනම් මෙතෙකින් ඒ සියල්ල දක්වන සේක් ද යත්, මෙහි නන්දි යනු මේ එක් සංඛෙපයකි. දුක්ඛසස යන වචනයෙන් දෙවන සංඛෙපයද, භවා ජාති යන්නෙහි භව යනු තුන්වන සංඛෙපයද ජාති ජරාං-මරණං යනු හතරවන සංඛෙපයයි. මෙසේ පළමුකොට සතර සංඛෙපයෝ දතයුත්තාහුය. කොට්ඨාස යන අර්ථයි. තණ්හාව දුක්ඛයන්ගේ අතර දුක්ඛයාගේ ද භවයාගේ ද අතර දෙවන සන්ධියයි. භවයාගේ ද, ජාතියේ ද අතර තුන්වන සන්ධියයි. ඇගිලි හතර අතර මෙන් මෙම හතර සංඛෙපයන් අතර සන්ධි තුන දත යුත්තාහුය. එහි තණ්හාව අතීතකාලය වෙයි. ජාති-ජරා-මරණ අනාගත කාලය වේ. දුක හා භවය වර්තමාන කාලයයි. මෙසේ කාල තුන දතයුත්තේය.

තත්‍ථ නන්‍දීති අතීතො අද‍්ධා, ජාතිජරාමරණං අනාගතො, දුක‍්ඛඤ‍්ච භවො ච පච‍්චුප‍්පන‍්නොති එවං තයො අද‍්ධා වෙදිතබ‍්බා. අතීතෙ පන පඤ‍්චසු ආකාරෙසු නන්‍දීවචනෙන තණ‍්හා එකා ආගතා, තාය අනාගතාපි අවිජ‍්ජාසඞ‍්ඛාරඋපාදානභවා පච‍්චයලක‍්ඛණෙන ගහිතාව හොන‍්ති.

අතීතයෙහි පංචආකාර වූ (අවිජ්ජා-සංඛාර-තණ්හා-උපාදාන-භව) යන මොවුන් අතුරෙන් නන්‍දි යන වචනයෙන් එකලා තණ්හාව ආයේය. එම තණ්හාව හේතුවෙන් අනාගත වූ ද අවිජ්ජා සංඛාර උපාදාන භව ය මොවුහු ප්‍රත්‍ය ලක්‍ෂණයෙන් ගන්නා ලද්දාහුම වෙති.

ජාතිජරාමරණවචනෙන පන යෙසං ඛන්‍ධානං තජ‍්ජාතිජරාමරණං, තෙ වුත‍්තා යෙවාති කත්‍වා ආයතිං විඤ‍්ඤාණනාමරූපසළායතනඵස‍්සවෙදනා ගහිතාව හොන‍්ති.

ජරා මරණ යන වචනයෙන් යම් ස්කන්ධ කෙනෙකුන්ට ඒ, ජාති ජරා මරණ වේද, ඔවුහු කියන ලද්දාහුමය. මෙසේ කොට මත්තෙහි විඤ්ඤාණ - නාමරූප - සලායතන - ඵස්ස - වෙදනා ගන්නා ලද්දාහුම වෙති.

එවමෙතෙ “පුරිමකම‍්මභවස‍්මිං මොහො අවිජ‍්ජා, ආයූහනා සඞ‍්ඛාරා, නිකන‍්ති තණ‍්හා, උපගමනං උපාදානං, චෙතනා භවො ඉති ඉමෙ පඤ‍්ච ධම‍්මා පුරිමකම‍්මභවස‍්මිං ඉධ පටිසන්‍ධියා පච‍්චයා.

මොවුන් අතුරෙහි පූර්වභවයෙහි මෝහය අවිජ්ජාවයි. ආයූහනය සංඛාරයෝය. නිකාන්තිය තණ්හාවයි. උපගමනය උපාදානයයි. චේතනාව භවයයි. මේ අයුරින් මෙම පස්ආකාර ධර්මයෝ පූර්වකර්ම භවයට අයත් මෙහි ප්‍රතිසන්ධියට ප්‍රත්‍ය වූහ.

ඉධ පටිසන්‍ධි විඤ‍්ඤාණං, ඔක‍්කන‍්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට‍්ඨො ඵස‍්සො, වෙදයිතං වෙදනා ඉති ඉමෙ පඤ‍්ච ධම‍්මා ඉධූපපත‍්තිභවස‍්මිං පුරෙකතස‍්ස කම‍්මස‍්ස පච‍්චයා.

මෙම භවයේ ප්‍රතිසන්ධිය වූ කලී විඤ්ඤාණයයි. මව්කුසට බැසගැනීම (=අවක්කන්ති) නාමරූපයයි. චක්ඛු ආදි ප්‍රසාද රූපයෝ ආයතනයයි. අරමුණු ගැටීමෙන් ඇතිවන්නේ ඵස්සයයි. අරමුණු රස විඳින්නේ වේදනාවයි. මෙසේ මේ පංච ධර්මයෝ මෙම උප්පත්ති භවයෙහි පූර්වභවයෙහි කරන ලද කර්මයට ප්‍රත්‍ය වූහ.

ඉධ පරිපක‍්කත‍්තා ආයතනානං මොහො අවිජ‍්ජා, ආයූහනා සඞ‍්ඛාරා, නිකන‍්ති තණ‍්හා, උපගමනමුපාදානං, චෙතනා භවො ඉති ඉමෙ පඤ‍්ච ධම‍්මා ඉධ කම‍්මභවස‍්මිං ආයතිං පටිසන්‍ධියා පච‍්චයා.

මේ භවයේ ආයතනයන් මෝරාගිය බැවින් මෝහය අවිද්‍යාවයි. ආයුහනය (රැස්කිරීම) සංඛාරයෝය. නිකාන්තිය (=අරමුණෙහි පවත්නා වූ අභිරතිය) තණ්හාවයි. උපගමනය (=අරමුණු අල්ලා ගැනීම) උපාදානයයි. චේතනාව භවයයි. මේ පංචධර්ම මෙම කම්ම භවය ඇති කල්හි, මත්තෙහි ප්‍රතිසන්ධියට ප්‍රත්‍ය වෙයි.

ආයතිං පටිසන්‍ධි විඤ‍්ඤාණං, ඔක‍්කන‍්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට‍්ඨො ඵස‍්සො, වෙදයිතං වෙදනා ඉති ඉමෙ පඤ‍්ච ධම‍්මා ආයතිං උපපත‍්තිභවස‍්මිං ඉධ කතස‍්ස කම‍්මස‍්ස පච‍්චයා”ති එවං නිද‍්දිට‍්ඨලක‍්ඛණා වීසති ආකාරා ඉධ වෙදිතබ‍්බා.

මතු භවයෙහි ප්‍රතිසන්ධිය විඤ්ඤාණයයි. අවක්කන්ති මව්කුසට බැසගැනීම නාමරූපයයි. පසාදරූප ආයතනයි. අරමුණ ස්පර්ශ කිරීම ඵස්සයයි. අරමුණ රසවිඳීම වේදනාවයි. මේ අයුරින් මේ පංච ධර්මයෝ මත්තෙහි උත්පත්ති භවය ඇති කල්හි. මේ භවයෙහි කළ කර්මයට ප්‍රත්‍ය වන්නාහුය. මේ දක්වන ලද ආකාර ඇති පටිච්ච සමුප්පාදයේ විසිආකාරයෝ දතයුත්තාහුය.

එවං “නන්‍දී දුක‍්ඛස‍්ස මූලන‍්ති ඉති විදිත්‍වා භවා ජාති, භූතස‍්ස ජරාමරණ”න‍්ති එත‍්තාවතා එස සබ‍්බොපි චතුසඞ‍්ඛෙපො තිසන්‍ධි තියද‍්ධො වීසතාකාරො පටිච‍්චසමුප‍්පාදො දස‍්සිතො හොතීති වෙදිතබ‍්බො.

මෙසේ, නන්‍දි, දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්‍වා ජාති භූතස්ස ජරාමරණං යයි මෙතෙකින් සියලු චතුසංඛෙප, තිසන්‍ධි, තියද්ධ, විසති ආකාර පටිච්ච සමුප්පාදය දක්වන ලද්දේ යයි දතයුතුය.

ඉදානි තස‍්මා තිහ, භික‍්ඛවෙ…පෙ… අභිසම‍්බුද‍්ධොති වදාමීති එත්‍ථ අපුබ‍්බපදවණ‍්ණනං කත්‍වා පදයොජනාය අත්‍ථනිගමනං කරිස‍්සාම. තස‍්මා තිහාති තස‍්මා ඉච‍්චෙව වුත‍්තං හොති. තිකාරහකාරා හි නිපාතා. සබ‍්බසොති අනවසෙසවචනමෙතං. තණ‍්හානන‍්ති නන්‍දීති එවං වුත‍්තානං සබ‍්බතණ‍්හානං. ඛයාති ලොකුත‍්තරමග‍්ගෙන අච‍්චන‍්තක‍්ඛයා. විරාගාදීනි ඛයවෙවචනානෙව. යා හි තණ‍්හා ඛීණා, විරත‍්තාපි තා භවන‍්ති නිරුද‍්ධාපි චත‍්තාපි පටිනිස‍්සට‍්ඨාපි. ඛයාති වා චතුමග‍්ගකිච‍්චසාධාරණමෙතං. තතො පඨමමග‍්ගෙන විරාගා, දුතියෙන නිරොධා, තතියෙන චාගා, චතුත්‍ථෙන පටිනිස‍්සග‍්ගාති යොජෙතබ‍්බං.

“තස්මාතිහ භික්ඛවෙ, -පෙ- අභිසම්බුද්ධොති වදාමි” යන මෙහි පිළිවෙලින් පද වර්ණනා කොට පද යෝජනාවෙහි අර්ථ නිගමනය කරන්නෙමු. තස්මාතිහ, යනු, එහෙයින් යන අරුතට කියන ලදී. තිකාර හකාරයෝ නිපාතයෝය. සබ්බසො යනු අනවශේෂ යන අරුත් ගෙනදෙන වචනයකි. තණ්හාණං නන්‍දියයි මෙසේ කියන ලද සියලු තණ්හාවගේ, ඛයා යනු ලොව්තුරු මගින් අත්‍යන්තයෙන් ප්‍රහීණ කරන ලද, විරාගා යනාදිය ඛය ශබ්දයාගේම සමාන අර්ථ ඇති වචනයකි. යම් තණ්හාවක් ඛය වූවාහු නො ඇලුනාහු. ඔවුහු නිරුද්ධ වූවාහු ද හරින ලද්දාහු ද ඇලුනාහු, ඔවුහු නිරුද්ධ වූවාහු ද හරින ලද්දාහු ද දුරුකරන ලද්දාහුද වෙති. නැතහොත් ඛයා යනු සතර මාර්ගයන්ගේ කෘත්‍යයනට සාධාරණ වූ වචනයකි. එහෙයින් ප්‍රථම මාර්ගයෙන් නො ඇලුනාහු ද්විතීය මාර්ගයෙන් නිරුද්ධ වූවාහු වෙති. තෘතීය මාර්ගයෙන් ත්‍යාග කළාහු චතුර්ථ මාර්ගයෙන් දුරුකළාහු වෙති යයි යෙදිය යුතුය.

යාහි වා තණ‍්හාහි පථවිං පථවිතො සඤ‍්ජානෙය්‍ය, තාසං ඛයා. යාහි පථවිං මඤ‍්ඤෙය්‍ය, තාසං විරාගා. යාහි පථවියා මඤ‍්ඤෙය්‍ය, තාසං නිරොධා. යාහි පථවිතො මඤ‍්ඤෙය්‍ය, තාසං චාගා. යාහි පථවිං මෙති මඤ‍්ඤෙය්‍ය, තාසං පටිනිස‍්සග‍්ගා. යාහි වා පථවිං මඤ‍්ඤෙය්‍ය, තාසං ඛයා…පෙ… යාහි පථවිං අභිනන්‍දෙය්‍ය, තාසං පටිනිස‍්සග‍්ගාති එවමෙත්‍ථ යොජනා කාතබ‍්බා, න කිඤ‍්චි විරුජ‍්ඣති.

යම්බඳු තණ්හාවක් නිසා පඨවිය පඨවි භාවයෙන් හැඳින ගන්නේ හෝ වේද, ඔහුගේ (ඒ තණ්හාවගේ) අභාවයෙන් යම් තෘෂ්ණාවකින් පඨවිය ආත්මය යයි සිතන්නේ ද, ඔවුන්ගේ නො ඇල්මෙන්, යම් තෘෂ්ණාවකින් ආත්මය පඨවි ධාතුවෙහි පිහිටියේ යයි සිතන්නේ ද ඔවුන්ගේ නිරෝධයෙන් යම් තෘෂ්ණාවකින් පෘථුවියෙන් පිටත නිත්‍ය ආත්මය පිහිටියේ යයි සිතන්නේ ද, ඔවුන්ගේ ත්‍යාගයෙන් යම් තෘෂ්ණාවකින් පෘථුවිය ආත්මය යයි සිතන්නේ ද එය දුරලීමෙන් -පෙ- යම් තණ්හාවකින් පොළොව ඇසුරු කළ ආත්මයට සතුටු වන්නේ ද, ඔවුන්ගේ දුරලීමෙන් යයි මෙසේ මෙහි යෙදීම දතයුත්තේය. කිසිවක් විරුද්ධ නොවේ. දක්වන ලද්දෙහි කිසිදු විරුද්ධ අර්ථයක් නොවේ යන අදහසයි.

අනුත‍්තරන‍්ති උත‍්තරවිරහිතං සබ‍්බසෙට‍්ඨං. සම‍්මාසම‍්බොධින‍්ති සම‍්මා සාමඤ‍්ච බොධිං. අථ වා පසත්‍ථං සුන්‍දරඤ‍්ච බොධිං. බොධීති රුක‍්ඛොපි මග‍්ගොපි සබ‍්බඤ‍්ඤුතඤාණම‍්පි නිබ‍්බානම‍්පි. “බොධිරුක‍්ඛමූලෙ පඨමාභිසම‍්බුද‍්ධො”ති (මහාව· 1; උදා· 1) ච “අන‍්තරා ච බොධිං අන‍්තරා ච ගය”න‍්ති (මහාව· 11; ම· නි· 1.285) ච ආගතට‍්ඨානෙහි රුක‍්ඛො බොධීති වුච‍්චති. “චතූසු මග‍්ගෙසු ඤාණ”න‍්ති (චූළනි· 121) ආගතට‍්ඨානෙ මග‍්ගො.

අනුත්තරං, අනුත්තර වූ සර්ව ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බොධිං යනු මනාකොට තමා විසින් සම්මා සම්බෝධියට නැතහොත් ප්‍රශස්ත වූද සුන්දර වූ ද බෝධිය. බොධි යනු බෝධි වෘක්‍ෂය ද මාර්ගයද සර්වඥතා ඥානය ද නිවන ද (යන අරුත් ඇත්තේය.) බෝධිරුක්ඛමූලෙ පඨමාභි සම්බුද්ධො යනුද අන්තරාච බොධිං අන්තරාච ගයං යන තැන්වල වෘක්‍ෂයට බෝධි යයි කියනු ලැබේ. බොධි වුච්චති, චතුසු මග්ගෙසු ඤාණං යන තන්හි මාර්ගයයි.

“පප‍්පොති බොධිං වරභූරිමෙධසො”ති (දී· නි· 3.217) ආගතට‍්ඨානෙ සබ‍්බඤ‍්ඤුතඤාණං. “පත්‍වාන බොධිං අමතං අසඞ‍්ඛත”න‍්ති ආගතට‍්ඨානෙ නිබ‍්බානං. ඉධ පන භගවතො අරහත‍්තමග‍්ගඤාණං අධිප‍්පෙතං. අපරෙ සබ‍්බඤ‍්ඤුතඤාණන‍්තිපි වදන‍්ති.

පප්පොති බොධිං වරභූරි මෙධසො, සර්වඥතා ඥානයයි. පත්‍වාන බොධිං අමතං අසංඛතං යන තන්හි නිවනයි. මෙහි වූ කලී බුදුරදුන්ගේ රහත්මග නැණ අදහස් කරන ලදී. (අපරෙ) කිසිවෙක් සර්වඥතා ඥානයයිද කියති.

සාවකානං අරහත‍්තමග‍්ගො අනුත‍්තරා බොධි හොති න හොතීති. න හොති. කස‍්මා? අසබ‍්බගුණදායකත‍්තා. තෙසඤ‍්හි කස‍්සචි අරහත‍්තමග‍්ගො අරහත‍්තඵලමෙව දෙති, කස‍්සචි තිස‍්සො විජ‍්ජා, කස‍්සචි ඡ අභිඤ‍්ඤා, කස‍්සචි චතස‍්සො පටිසම‍්භිදා, කස‍්සචි සාවකපාරමීඤාණං. පච‍්චෙකබුද‍්ධානම‍්පි පච‍්චෙකබොධිඤාණමෙව දෙති. බුද‍්ධානං පන සබ‍්බගුණසම‍්පත‍්තිං දෙති අභිසෙකො විය රඤ‍්ඤො සබ‍්බලොකිස‍්සරියභාවං. තස‍්මා අඤ‍්ඤස‍්ස කස‍්සචිපි අනුත‍්තරා බොධි න හොතීති.

බුදු සව්වනට රහත්මග අනුත්තර බෝධිය වේද? නොවේද? නොවේ. කුමක් හෙයින්ද, සියලු ගුණදායක නොවන බැවිනි. ඔවුන් අතුරෙන් කිසිවෙකුට රහත්මග රහත් ඵලයම දෙයි. කිසිවෙකුට ත්‍රිවිද්‍යාවද, කිසිවෙකුට ෂට් අභිඥා ද, කිසිවෙකුට සිව්පිළිසිඹියා ද, කිසිවෙකුට ශ්‍රාවක පාරමී ඤාණයද දෙයි. පසේ බුදුවරයන්ට පච්චෙක බෝධි ඤාණයම දෙයි. බුදුවරයන්ට සියලු ගුණ සම්පත්තිය ගෙන දෙයි. අභිෂේකය රජුට සියලු ලොව ඉසුරු බව මෙනි. එබැවින් අන් කිසිවෙකුට අනුත්තර වූ බෝධිය නොවේ යනුයි.

අභිසම‍්බුද‍්ධොති අභිඤ‍්ඤාසි පටිවිජ‍්ඣි, පත‍්තො අධිගතොති වුත‍්තං හොති. ඉති වදාමීති ඉති වදාමි ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤපෙමි, පට‍්ඨපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමීති. තත්‍රායං යොජනා – තථාගතොපි, භික‍්ඛවෙ…පෙ… පථවිං න මඤ‍්ඤති…පෙ… පථවිං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු, නන්‍දී දුක‍්ඛස‍්ස මූලං, භවා ජාති, භූතස‍්ස ජරාමරණන‍්ති ඉති විදිත්‍වාති. තත්‍ථ ඉති විදිත්‍වාති ඉතිකාරො කාරණත්‍ථො. තෙන ඉමස‍්ස පටිච‍්චසමුප‍්පාදස‍්ස විදිතත‍්තා පටිවිද‍්ධත‍්තාති වුත‍්තං හොති. කිඤ‍්ච භිය්‍යො – යස‍්මා ච එවමිමං පටිච‍්චසමුප‍්පාදං විදිත්‍වා තථාගතස‍්ස යා නන්‍දීති වුත‍්තතණ‍්හා සබ‍්බප‍්පකාරා, සා පහීනා, තාසඤ‍්ච තථාගතො සබ‍්බසො තණ‍්හානං ඛයා…පෙ… අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො. තස‍්මා පථවිං න මඤ‍්ඤති…පෙ… පථවිං නාභිනන්‍දතීති වදාමීති එවං අභිසම‍්බුද‍්ධත‍්තා න මඤ‍්ඤති නාභිනන්‍දතීති වදාමීති වුත‍්තං හොති.

අභිසම්බුද්ධො යනු මනාව දැනගත්තේය. ප්‍රතිවෙධ කළේය. පැමිණියේය. අධිගමනය කළේයයි කියන ලද්දේ වෙයි. ඉතිවදාමි යනු මෙසේ කියමි. දේශනා කරමි. පනවමි. පිහිටුවමි. විවරණය කරමි. බෙදා දක්වමි. නොගැඹුරු කරමි. මේ එහි යෙදීම වේ. “තථාගතොපි භික්ඛවෙ, -පෙ- පඨවිං න මඤ්ඤති, පඨවිං නාභි නන්‍දති තං කිස්ස හෙතුං නන්‍දි දුක්ඛස්ස මූලං, භවා ජාති, භූතස්ස ජරාමරණන්ති ඉති විදිත්‍වා යන එහි ඉති විදිත්‍වා යන්නෙහි ‘ඉති’ යන්න කාරණා අර්ථය ගෙන දේ. මේ පටිච්ච සමුප්පාදය දත් බැවින් ප්‍රතිවෙධ කළ බැවිනැයි කියන ලද වෙයි. වැඩිපුර පැවසීමෙන් කිම? යම්හෙයකින් මෙසේ මම පටිච්ච සමුප්පාදය දැන තථාගතයන් වහන්සේ සම්බන්ධ යම් නන්දි යයි කියන ලද තණ්හාවක් වීද එය සර්වප්‍රකාරයෙන්ම ප්‍රහීණය. තථාගත තෙම සර්වප්‍රකාරයෙන්ම තණ්හාවගේ ක්‍ෂය කිරීමෙන් -පෙ- අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන ලද්දේය. එහෙයින් පඨවිය ආත්මයයි නො සිතයි. -පෙ- පඨවිය ඇසුරු කළ ආත්මයකට සතුටු නො වෙයි. වදාමි යනු මෙසේ අභිසම්බුද්ධ හෙයින් පඨවිය ආත්ම යයි නො සිතයි. සතුටු නො වේ යයි කියමියි කියන ලද්දේ වෙයි. නැතහොත්,

අථ වා යස‍්මා “නන්‍දී දුක‍්ඛස‍්ස මූල”න‍්තිආදිනා නයෙන පටිච‍්චසමුප‍්පාදං විදිත්‍වා සබ‍්බසො තණ‍්හා ඛයං ගතා, තස‍්මා තිහ, භික‍්ඛවෙ, තථාගතො සබ‍්බසො තණ‍්හානං ඛයා…පෙ… අභිසම‍්බුද‍්ධොති වදාමි. සො එවං අභිසම‍්බුද‍්ධත‍්තා පථවිං න මඤ‍්ඤති…පෙ… නාභිනන්‍දතීති. යත්‍ථ යත්‍ථ හි යස‍්මාති අවත්‍වා තස‍්මාති වුච‍්චති, තත්‍ථ තත්‍ථ යස‍්මාති ආනෙත්‍වා යොජෙතබ‍්බං, අයං සාසනයුත‍්ති. එස නයො සබ‍්බත්‍ථ.

යම් හෙයකින් නන්‍දි දුක්ඛස්ස මූලං ආදී නයින් පටිච්ච සමුප්පාදය දැන, සම්පූර්ණයෙන් තණ්හාවගේ ක්‍ෂය භාවයට ගියේ -පෙ- අභිසම්බුද්ධ යයි කියමි. හෙතෙම මෙසේ අභිසම්බුද්ධ බැවින් පඨවිය ආත්මයයි නො සිතයි. පඨවිය ඇසුරු කළ ආත්මයට සතුටු නො වේ යයි. යම් තැනෙක්හි යස්මා යයි නොකියා තස්මා යයි කියයි. ඒ ඒ තන්හි, යස්මා යනු පමුණුවා යෙදිය යුතුයි. මේ ශාසන නියමයයි. හැමතැන මේ ක්‍රමය මැයි.

ඉදමවොච භගවාති ඉදං නිදානාවසානතො පභුති යාව අභිසම‍්බුද‍්ධොති වදාමීති සකලසුත‍්තන‍්තං භගවා පරෙසං පඤ‍්ඤාය අලබ‍්භණෙය්‍යපතිට‍්ඨං පරමගම‍්භීරං සබ‍්බඤ‍්ඤුතඤාණං දස‍්සෙන‍්තො එකෙන පුථුජ‍්ජනවාරෙන එකෙන සෙක‍්ඛවාරෙන චතූහි ඛීණාසවවාරෙහි ද‍්වීහි තථාගතවාරෙහීති අට‍්ඨහි මහාවාරෙහි එකමෙකස‍්මිඤ‍්ච වාරෙ පථවීආදීහි චතුවීසතියා අන‍්තරවාරෙහි පටිමණ‍්ඩෙත්‍වා ද‍්වෙභාණවාරපරිමාණාය තන‍්තියා අවොච.

ඉදමවොච භගවා යන මෙය නිදාන අවසානය පටන් අභිසම්බුද්ධොති වදාමි යනු අවසන්කොට සියලු සූත්‍රාන්තය භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන්ගේ ප්‍රඥාවට නොලැබිය හැකිය. පිහිට ඇති අතිශයින් ගැඹුරු වූ සර්වඥභාවය දක්වන සේක් (මේ මූලපරියා සූත්‍ර දේශනාව වූ කලී) “එක් පුථුජ්ජන වාරයකින්ද, එක් සෙඛ වාරයකින් ද ඛීණාසව වාර හතරකින්ද, තථාගත වාර දෙකකින් දැයි මහාවාර අටකින් ද එකෙක් වාරයෙහිත් පඨවි ආදි සූවිසි අතුරු වාරයකින්ද යුක්තකොට දෙබණවරක් පමණ වූ පාළියෙන් වදාළ සේක.”

එවං විචිත්‍රනයදෙසනාවිලාසයුත‍්තං පනෙතං සුත‍්තං කරවිකරුදමඤ‍්ජුනා කණ‍්ණසුඛෙන පණ‍්ඩිතජනහදයානං අමතාභිසෙකසදිසෙන බ්‍රහ‍්මස‍්සරෙන භාසමානස‍්සාපි. න තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති තෙ පඤ‍්චසතා භික‍්ඛූ ඉදං භගවතො වචනං නානුමොදිංසු. කස‍්මා? අඤ‍්ඤාණකෙන. තෙ කිර ඉමස‍්ස සුත‍්තස‍්ස අත්‍ථං න ජානිංසු, තස‍්මා නාභිනන්‍දිංසු. තෙසඤ‍්හි තස‍්මිං සමයෙ එවං විචිත්‍රනයදෙසනාවිලාසයුත‍්තම‍්පි එතං සුත‍්තං ඝනපුථුලෙන දුස‍්සපට‍්ටෙන මුඛෙ බන්‍ධං කත්‍වා පුරතො ඨපිතමනුඤ‍්ඤභොජනං විය අහොසි.

මෙසේ විසිතුරු වූ දෙසුම් නයින් හා දෙසුම් විලාසිතාවන්ගෙන් සැදුම්ලත් මේ මූලපරියාය සූත්‍ර දේශනාව කරවීක නාදය මෙන් මනහර වූ සවන පිනවන පණ්ඩිත ජන හදමැදුරට අමා අභිෂේකයක් වැනි වූ බ්‍රහ්ම ස්වරයෙන් වදාරන්නා වූ ද භාග්‍යවතුන් වහන්සේගේ මෙම දෙසුමට න තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්‍දුන්ති, එම පන්සියයක් පමණ වූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ මෙම දෙසුමට සතුටු නොවූහ. කුමක් හෙයින් යත්, තේරුම්ගැනීමට නොහැකි වූ බැවිනි. ඔවුහු මෙම සූත්‍රයාගේ අර්ථය නොදන්නා බැවින් සතුටු නොවූහ. එසමයෙහි එම භික්‍ෂූන්ට විසිතුරු නම් දෙසුම් විලාසයන්ගෙන් හෙබි මෙම දෙසුම, ඝන වූ පළල් වූ රෙදිපටකින් මුඛ බන්ධනය කොට ඉදිරියෙහි තැබූ මනහර බොදුනක් මෙන් විය.

නනු ච භගවා අත‍්තනා දෙසිතං ධම‍්මං පරෙ ඤාපෙතුං කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි පාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත‍්තො. සො කස‍්මා යථා තෙ න ජානන‍්ති, තථා දෙසෙසීති. වුත‍්තමිදං ඉමස‍්ස සුත‍්තස‍්ස නික‍්ඛෙපවිචාරණායං එව “මානභඤ‍්ජනත්‍ථං සබ‍්බධම‍්මමූලපරියායන‍්ති දෙසනං ආරභී”ති, තස‍්මා න යිධ පුන වත‍්තබ‍්බමත්‍ථි, එවං මානභඤ‍්ජනත්‍ථං දෙසිතඤ‍්ච පනෙතං සුත‍්තං සුත්‍වා තෙ භික‍්ඛූ තංයෙව කිර පථවිං දිට‍්ඨිගතිකොපි සඤ‍්ජානාති, සෙක‍්ඛොපි අරහාපි තථාගතොපි සඤ‍්ජානාති. කින‍්නාමිදං කථං නාමිදන‍්ති චින‍්තෙන‍්තා පුබ‍්බෙ මයං භගවතා කථිතං යංකිඤ‍්චි ඛිප‍්පමෙව ජානාම, ඉදානි පනිමස‍්ස මූලපරියායස‍්ස අන‍්තං වා කොටිං වා න ජානාම න පස‍්සාම, අහො බුද‍්ධා නාම අප‍්පමෙය්‍යා අතුලාති උද‍්ධටදාඨා විය සප‍්පා නිම‍්මදා හුත්‍වා බුද‍්ධුපට‍්ඨානඤ‍්ච ධම‍්මස‍්සවනඤ‍්ච සක‍්කච‍්චං ආගමංසු.

කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති චතුරාසංඛ්‍ය කල්පයක් පෙරුම් පුරා බුදු බවට පැමිණියේ අන්‍යයන්ට දහම් අවබෝධ කරවනු පිණිසය. එවන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට නොතේරෙන අන්දමට දහම් දේශනා කළේ සූත්‍ර නික්‍ෂෙපයෙහි දැක්වූ අන්දමට, මානභඤ්ජනත්‍ථං “සබ්බ ධම්ම මූල පරියායන්හි දෙසනං ආරභි” යනුවෙන් එම භික්ෂූන්ගේ මානය දුරුකිරිමට යයි දක්වා ඇත. එබැවින් යළි මෙහි කිවයුත්තක් නොමැත. මෙසේ මන්බිඳුනු සඳහා දෙසූ දෙසුම අසා ඒ භික්‍ෂූහු එම පඨවිය දෘෂ්ටිගතිකව දනීයයි ද, සේඛ තෙමේ ද රහත් තෙමේ ද තථාගත තෙමේ ද විශිෂ්ඨ ඥානයෙන් දනී යයි ද පැවසේ. මේ කුමක්ද? මෙය කෙසේක්දැයි සිතන්නා වූ ඒ භික්‍ෂූහු, පෙර අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙය වහාම දැනගනිමු. දැන් වූ කලී මේ මූල පරියාය දේශනාවගේ අන්තය හෝ කෙළවර නො දනිමු. පුදුමයකි. බුදුවරයෝ ම අනුපමේයහ. අතුලයහයි උපුල දළ ඇති සපුන් මෙන් මද රහිතව බුද්ධොපස්ථානයට ද ධර්මශ්‍රවණයට ද සැලකිලිමත්ව ගියාහුය.

තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිසින‍්නා ඉමං කථං සමුට‍්ඨාපෙසුං “අහො බුද‍්ධානං ආනුභාවො, තෙ නාම බ්‍රාහ‍්මණපබ‍්බජිතා තථා මානමදමත‍්තා භගවතා මූලපරියායදෙසනාය නිහතමානා කතා”ති, අයඤ‍්චරහි තෙසං භික‍්ඛූනං අන‍්තරාකථා විප‍්පකතා. අථ භගවා ගන්‍ධකුටියා නික‍්ඛමිත්‍වා තඞ‍්ඛණානුරූපෙන පාටිහාරියෙන ධම‍්මසභායං පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදිත්‍වා තෙ භික‍්ඛූ ආහ – “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති. තෙ තමත්‍ථං භගවතො ආරොචෙසුං. භගවා එතදවොච – “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි අහං ඉමෙ එවං මානපග‍්ගහිතසිරෙ විචරන‍්තෙ නිහතමානෙ අකාසි”න‍්ති. තතො ඉමිස‍්සා අට‍්ඨුප‍්පත‍්තියා ඉදං අතීතං ආනෙසි –

එසමයෙහි දම්සභා මණ්ඩපයෙහි රැස්ව සිටි භික්‍ෂූන් වහන්සේ මේ කථාව ඉපදවූ සේක. බුදුවරයන්ගේ ආනුභාව පුදුම සහගතය. එසේ මානමදයෙන් මත් වූ බ්‍රාහ්මණ පැවිද්දෝ භාග්‍යවතුන් වහන්සේ විසින් නිහතමානි වූවාහු කරන ලද්දාහුයි එකල්හි එම භික්‍ෂූහු අතුරු කථාව නො නිමවූවාය. බුදුරජාණන් වහන්සේ ගඳකිලියෙන් නික්ම අවස්ථාවට සුදුසු වූ ප්‍රාතිහාර්යයකින් යුතුව දම්සභායෙහි පැනවූ අස්නෙහි වැඩහිඳ ඒ භික්‍ෂූන්ට මෙසේ වදාළහ. මහණෙනි, දැන් කිනම් අතුරු කථාවකින් යුක්ත වූවාහු ද, භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එම කරුණු දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. මහණෙනි, දැන් පමණක් නොවෙයි. පෙර ද මම මෙසේ මානය දැඩිකොට ගෙන හැසුරුණ මොවුන් නැසූ මන් ඇත්තවුන් කළෙමි. අනතුරුව මෙම අර්ථෝත්පත්තියෙහි මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

මූල පරියාය ජාතකය

භූතපුබ‍්බං, භික‍්ඛවෙ, අඤ‍්ඤතරො දිසාපාමොක‍්ඛො බ්‍රාහ‍්මණො බාරාණසියං පටිවසති තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ටුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො, සො පඤ‍්චමත‍්තානි මාණවකසතානි මන‍්තෙ වාචෙති. පණ‍්ඩිතා මාණවකා බහුඤ‍්ච ගණ‍්හන‍්ති ලහුඤ‍්ච, සුට‍්ඨු ච උපධාරෙන‍්ති, ගහිතඤ‍්ච තෙසං න විනස‍්සති. සොපි බ්‍රාහ‍්මණො ආචරියමුට‍්ඨිං අකත්‍වා ඝටෙ උදකං ආසිඤ‍්චන‍්තො විය සබ‍්බම‍්පි සිප‍්පං උග‍්ගණ‍්හාපෙත්‍වා තෙ මාණවකෙ එතදවොච “එත‍්තකමිදං සිප‍්පං දිට‍්ඨධම‍්මසම‍්පරායහිත”න‍්ති. තෙ මාණවකා – “යං අම‍්හාකං ආචරියො ජානාති, මයම‍්පි තං ජානාම, මයම‍්පි දානි ආචරියා එවා”ති මානං උප‍්පාදෙත්‍වා තතො පභුති ආචරියෙ අගාරවා නික‍්ඛිත‍්තවත‍්තා විහරිංසු. ආචරියො ඤත්‍වා “කරිස‍්සාමි නෙසං මානනිග‍්ගහ”න‍්ති චින‍්තෙසි. සො එකදිවසං උපට‍්ඨානං ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසින‍්නෙ තෙ මාණවකෙ ආහ “තාතා පඤ‍්හං පුච‍්ඡිස‍්සාමි, කච‍්චිත්‍ථ සමත්‍ථා කථෙතු”න‍්ති. තෙ “පුච‍්ඡථ ආචරිය, පුච‍්ඡථ ආචරියා”ති සහසාව ආහංසු, යථා තං සුතමදමත‍්තා. ආචරියො ආහ –

මහණෙනි, යටගිය දවස බරණැස් නුවර දිසාපාමොක් ඇදුරුව එක්තරා බමුණු කෙනෙක් වෙසෙති. ත්‍රිවේදයන්ගේ පරතෙරට ගියා වූ -පෙ- නොඅඩු පරිපූරකාරී බවක් ඇති, ඒ බමුණුතෙම පන්සියක් පමණ මාණවක පිරිසකට මන්ත්‍ර හදාරවති. පණ්ඩිත වූ මාණවකයෝ බොහෝ කොට ද වහ වහාද ඉගෙන ගනිති. මනාව ධාරණය කරගනිති. ඔවුන් විසින් උගත් දෙයද නො නැසෙයි. ඒ බමුණු තෙමේ ද ආචාර්ය මුෂ්ටියක් නොතබා, කළයෙහි ජලය වත්කරන්නාක් මෙන් සියලු ශිල්පය උගන්වා ඒ බමුණු තරුණයන්ට මෙසේ කීය. දිට්ඨධම්ම සම්පරාය (මෙලොව පරලොවට) හිත වූ මේ ශිල්පය මෙපමණ යයි ඒ බමුණු මාණවකයෝද අපගේ ඇදුරාණෝ යමක් දනිත්ද අපිදු එය දනුම්හ. අපිදු මෙවිට ආචාර්යයෝම යයි මන් උපදවා එතැන් පටන් ආචාර්යයන් කෙරෙහි ගෞරව රහිත වූවාහුය. බහා තැබූ වත්පිළිවෙත් ඇතිව විසූහ. ආචාර්ය තෙම එය දැන ඔවුන්ගේ මානයට නිග්‍රහ කරන්නෙමැයි සිතා දිනක් හෙතෙම උපස්ථානයට පැමිණ වැඳ හුන්නා වූ ඒ මාණවකයන්ට මෙසේ කීය. දරුවෙනි, ප්‍රශ්නයක් අසමි. කිම එය විසඳන්ට සමර්ථ වහුද? ආචාර්යතුමනි, විචාරනු මැනවි, ආචාර්යතුමනි විචාරනු මැනවි යයි එකවරටම උගත් මදයෙන් මත්වූවෝ යම්සේ ද එසේම කීවාහුය. ඇදුරුතෙම මෙසේ කීය.

“කාලො ඝසති භූතානි, සබ‍්බානෙව සහත‍්තනා; යො ච කාලඝසො භූතො, ස භූතපචනිං පචී”ති. (ජා· 1.10.190) –

කාලො සසති භූතානි - සබ්බානෙව සහත්තනා යොච කාලඝසො භූතො, ස භූත පචනිං පචි

(පෙරබත් ආදි කාලය තෙම (එකකුදු නොහැර) සියලුම සත්ත්වයන් තමා සමග කා දමයි. මත්තෙහි ප්‍රතිසන්ධිකාල ක්‍ෂය කළා වූ යම් ක්‍ෂීණාශ්‍රව කෙනෙකු වෙත් ද, සතර අපායයන්හි සත්ත්වයන් පත්වන්නා වූ යම් තණ්හාවක් වේද, එය ඥාන නමැති ගින්නෙන් දැවී.) යනුයි.

විස‍්සජ‍්ජෙථ තාතා ඉමං පඤ‍්හන‍්ති.

දරුවෙනි, මේ ප්‍රශ්නය විසඳන්න.

තෙ චින‍්තෙත්‍වා අජානමානා තුණ‍්හී අහෙසුං. ආචරියො ආහ “අලං තාතා ගච‍්ඡථජ‍්ජ, ස‍්වෙ කථෙය්‍යාථා”ති උය්‍යොජෙසි. තෙ දසපි වීසතිපි සම‍්පිණ‍්ඩිතා හුත්‍වා න තස‍්ස පඤ‍්හස‍්ස ආදිං, න අන‍්තමද‍්දසංසු. ආගන‍්ත්‍වා ආචරියස‍්ස ආරොචෙසුං “න ඉමස‍්ස පඤ‍්හස‍්ස අත්‍ථං ආජානාමා”ති. ආචරියො තෙසං නිග‍්ගහත්‍ථාය ඉමං ගාථමභාසි –

ඔවුහු සිතාබලා නොදන්නේ නිශ්ශබ්ද වූහ. දරුවෙනි, කම් නැත. අද යන්න. සෙට කියාදෙන්නෙමි යයි ඔවුන් පිටත්කර යැව්වේය. ඔවුන් දසදෙන, විසිදෙන එකතුව බලන්නේ ප්‍රශ්නයාගේ ආදිය නොදුටුවාහුය. අන්තය නොදුටුවහ. නැවත පෙරලා ගොස් මේ ප්‍රශ්නයෙහි අර්ථය නොදනිවුයයි ආචාර්යවරයාට දැන්වූහ. ආචාර්යතෙම ඔවුනට නිගාකරනු වස් මේ ගාථාව කීය.

“බහූනි නරසීසානි, ලොමසානි බ්‍රහානි ච; ගීවාසු පටිමුක‍්කානි, කොචිදෙවෙත්‍ථ කණ‍්ණවා”ති. (ජා· 1.10.191) –

“බහුනි නරසීසානි, ලොමසානි බ්‍රහානිච ගීවාසු පටිමුක්කානි, කොචිදෙවෙත්‍ථ කණ්ණවා”

(බොහෝ වූ මිනිස් හිස්හු දක්නා ලැබෙති. රෝම සහිත වූවාහුද, මහත් වූවාහුද වෙති. ග්‍රීවයන්හි පිහිටියාහුය. මෙහි ප්‍රඥා ඇත්තේ කිසිවෙක්ම වෙයි.)

ගාථායත්‍ථො – බහූනි නරානං සීසානි දිස‍්සන‍්ති, සබ‍්බානි ච තානි ලොමසානි සබ‍්බානි ච මහන‍්තානි ගීවායමෙව ච ඨපිතානි, න තාලඵලං විය හත්‍ථෙන ගහිතානි, නත්‍ථි තෙසං ඉමෙහි ධම‍්මෙහි නානාකරණං. එත්‍ථ පන කොචිදෙව කණ‍්ණවාති අත‍්තානං සන්‍ධායාහ. කණ‍්ණවාති පඤ‍්ඤවා. කණ‍්ණච‍්ඡිද‍්දං පන න කස‍්සචි නත්‍ථි, තං සුත්‍වා තෙ මාණවකා මඞ‍්කුභූතා පත‍්තක‍්ඛන්‍ධා අධොමුඛා අඞ‍්ගුලියා භූමිං විලිඛන‍්තා තුණ‍්හී අහෙසුං.

ගාථාවේ අර්ථය මෙසේ දතයුතුයි. බොහෝ වූ මනුෂ්‍ය ශීර්ෂයෝ දක්නා ලැබෙති. ඒ සියලු ශීර්ෂයෝම රෝම සහිතයෝය. ඒ සියල්ලෝ මහත් වූවාහුද වෙති. ග්‍රීවායෙහි පිහිටියාහුය. තල් පලයක් මෙන් අතින් නොගත්තාහුය. ඒ ශීර්ෂියන්ගේත් මේ ධර්මයන්ගේත් නානත්‍වයක් නැත්තේය. මෙහි වනාහි කිසිවෙක්ම කන් ඇත්තේ වේයයි තමන් සඳහා කීය. කණ්ණවා යනු නුවණැත්තේ යන අර්ථයි. කන් සිදුර කිසිවෙකුට නැත්තේ නොවේ. මෙය අසා ඒ මාණවකයෝ හකුළුණු මුහුණු ඇත්තාහු, නැමුනු කඳ ඇත්තාහු, යට බැලූ මුහුණු ඇත්තාහු ඇගිල්ලෙන් බිම ඉරි අඳිමින් නිශ්ශබ්ද වූහ.

අථ නෙසං අහිරිකභාවං පස‍්සිත්‍වා ආචරියො “උග‍්ගණ‍්හථ තාතා පඤ‍්හ”න‍්ති පඤ‍්හං විස‍්සජ‍්ජෙසි. කාලොති පුරෙභත‍්තකාලොපි පච‍්ඡාභත‍්තකාලොපීති එවමාදි. භූතානීති සත‍්තාධිවචනමෙතං. කාලො හි භූතානං න චම‍්මමංසාදීනි ඛාදති, අපිච ඛො නෙසං ආයුවණ‍්ණබලානි ඛෙපෙන‍්තො යොබ‍්බඤ‍්ඤං මද‍්දන‍්තො ආරොග්‍යං විනාසෙන‍්තො ඝසති ඛාදතීති වුච‍්චති. සබ‍්බානෙව සහත‍්තනාති එවං ඝසන‍්තො ච න කිඤ‍්චි වජ‍්ජෙති, සබ‍්බානෙව ඝසති. න කෙවලඤ‍්ච භූතානියෙව, අපිච ඛො සහත‍්තනා අත‍්තානම‍්පි ඝසති. පුරෙභත‍්තකාලො හි පච‍්ඡාභත‍්තකාලං න පාපුණාති. එස නයො පච‍්ඡාභත‍්තකාලාදීසු. යො ච කාලඝසො භූතොති ඛීණාසවස‍්සෙතං අධිවචනං. සො හි ආයතිං පටිසන්‍ධිකාලං ඛෙපෙත්‍වා ඛාදිත්‍වා ඨිතත‍්තා “කාලඝසො”ති වුච‍්චති. ස භූතපචනිං පචීති සො යායං තණ‍්හා අපායෙසු භූතෙ පචති, තං ඤාණග‍්ගිනා පචි දය‍්හි භස‍්මමකාසි, තෙන “භූතපචනිං පචී”ති වුච‍්චති. “පජනි”න‍්තිපි පාඨො. ජනිකං නිබ‍්බත‍්තිකන‍්ති අත්‍ථො.

ඉක්බිති ආචාර්යතෙම ඔවුන්ගේ ලැජ්ජා සහිත භාවය දැක දරුවෙනි, ප්‍රශ්නය උගනිව් යයි ප්‍රශ්නය විසඳී. කාලො පෙරබත් කාලය, පසුබත් කාලය ආදියයි. භූතානි, මේ සත්‍වයනට නමකි. කාලය තෙම සත්ත්වයන්ගේ සම් මස් ආදිය නොකයි. වැලිදු වනාහි, ආයු, වර්ණ බලයන් ක්‍ෂය කරමින්, යොවුන් බව මඩිමින් නිරෝගි බව නසමින් කයි. භක්‍ෂණය කෙරේයයි කියනු ලැබේ. ‘සබ්බානෙව සහත්තනා’ මෙසේ කන්නේද කිසිවෙකු නො හරියි. සියල්ලන්ම කයි. හුදු භූතයන්ව නො වෙයි. තව ද තමා සමග තමා ද කයි. පෙරබත් කාලය පසුබත් කාලයට නොපැමිණෙයි. පසුපත් කාලාදියෙහිද මේ ක්‍රමයමැයි. යොව කාල සසො භූතො රහතුන් වහන්සේට මේ නමකි. ඒ රහත් තෙම මතු ප්‍රතිසන්ධි කාලය ක්‍ෂය කොට කා සිටි හෙයින් කාලඝසො යයි කියනු ලැබේ. සභූත පචනං පචි යනුවෙන් ඒ රහත් තෙම යම් මේ තණ්හාවක් අපායයන්හි සත්ත්වයන් පසවාද, ඒ තණ්හාව ඥාන නමැති ගින්නෙන් දැවීය. හලුකළේය. එහෙයින් භූත පචනිං පචී යයි කියනු. ලැබේ.

අථ තෙ මාණවකා දීපසහස‍්සාලොකෙන විය රත‍්තිං සමවිසමං ආචරියස‍්ස විස‍්සජ‍්ජනෙන පඤ‍්හස‍්ස අත්‍ථං පාකටං දිස‍්වා “ඉදානි මයං යාවජීවං ගුරුවාසං වසිස‍්සාම, මහන‍්තා එතෙ ආචරියා නාම, මයඤ‍්හි බහුස‍්සුතමානං උප‍්පාදෙත්‍වා චතුප‍්පදිකගාථායපි අත්‍ථං න ජානාමා”ති නිහතමානා පුබ‍්බසදිසමෙව ආචරියස‍්ස වත‍්තප‍්පටිපත‍්තිං කත්‍වා සග‍්ගපරායණා අහෙසුං.

ඉක්බිති ඒ මානවකයෝ පහන් දහසක ආලෝකයෙන් රාත්‍රි කාලයෙහිදු සම විසම බැව් දකින්නාක් මෙන් ආචාර්යයන්ගේ විසඳීමෙන් ප්‍රශ්නයාගේ අර්ථය ප්‍රකටව දැක මෙතැන් සිට අපි දිවි ඇති තෙක් වසන්නෙමු. බහුශ්‍රැතයෝ යයි මානය උපදවා සිටි අපි සිව්පද ගාථාවකගේ අර්ථය නො දකුම්හ. එබැවින් මේ ආචාර්ය නම් මහත් වූවාහුය. මෙසේ නිහතමානී වූවාහු පෙර මෙන්ම ආචාර්යයන්ට වත්පිළිවෙත් කොට ස්වර්ග පරායණ වූහ.

අහං ඛො, භික‍්ඛවෙ, තෙන සමයෙන තෙසං ආචරියො අහොසිං, ඉමෙ භික‍්ඛූ මාණවකා. එවං පුබ‍්බෙපාහං ඉමෙ එවං මානපග‍්ගහිතසිරෙ විචරන‍්තෙ නිහතමානෙ අකාසින‍්ති.

මහණෙනි, මම එසමයෙහි ආචාර්ය වීමි. මේ භික්‍ෂූහු මේ මානවකයෝ වූහ. මෙසේ පෙරද මම මොවුන් මෙපරිද්දෙන් මානය දැඩිකොට ගත් හිස් ඇතිව හැසිරෙන්නවුන් නැසූ මාන ඇත්තවුන් කෙළෙම් යයි

ඉමඤ‍්ච ජාතකං සුත්‍වා තෙ භික‍්ඛූ පුබ‍්බෙපි මයං මානෙනෙව උපහතාති භිය්‍යොසොමත‍්තාය නිහතමානා හුත්‍වා අත‍්තනො උපකාරකකම‍්මට‍්ඨානපරායණා අහෙසුං.

මේ ජාතකයද අසා ඒ භික්‍ෂූහු පෙරද මානයෙන් නටුම්හයි බොහෝ සෙයින් නිහතමානී වී තමහට උපකාර වූ කමටහන් පිහිටකොට ඇත්තෝ වූහ.

තතො භගවා එකං සමයං ජනපදචාරිකං චරන‍්තො වෙසාලිං පත්‍වා ගොතමකෙ චෙතියෙ විහරන‍්තො ඉමෙසං පඤ‍්චසතානං භික‍්ඛූනං ඤාණපරිපාකං විදිත්‍වා ඉමං ගොතමකසුත‍්තං කථෙසි –

නැවත භාග්‍යවතුන් වහන්සේ එක්කලෙක ජනපද චාරිකාවෙහි හැසිරෙන සේක්, විශාලා මහනුවරට පැමිණ ගෝතමක නම් චෛත්‍යයෙහි වාසය කරන්නා වූ මේ භික්ෂූන්ගේ නුවණ මුහුකුරා ගිය බව දැන මේ ගෝතමක නම් සූත්‍රය වදාළ සේක.

ගොතමක සූත්‍රය

“අභිඤ‍්ඤායාහං, භික‍්ඛවෙ, ධම‍්මං දෙසෙමි නො අනභිඤ‍්ඤාය, සනිදානාහං…පෙ… සප‍්පාටිහාරියාහං, භික‍්ඛවෙ, ධම‍්මං දෙසෙමි නො අප‍්පාටිහාරියං. තස‍්ස මය‍්හං, භික‍්ඛවෙ, අභිඤ‍්ඤාය ධම‍්මං දෙසයතො…පෙ… නො අප‍්පාටිහාරියං. කරණීයො ඔවාදො, කරණීයා අනුසාසනී. අලඤ‍්ච පන වො, භික‍්ඛවෙ, තුට‍්ඨියා අලං අත‍්තමනතාය අලං සොමනස‍්සාය. සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො ධම‍්මො, සුප‍්පටිපන‍්නො සඞ‍්ඝොති. ඉදමවොච භගවා, ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ දසසහස‍්සිලොකධාතු අකම‍්පිත්‍ථා”ති (අ· නි· 3.126).

“අභිඤ්ඤාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි. නො අනභිඤ්ඤාය, සනිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අනිදානං සප්පිටිහාරියානං නො අප්පටි හාරියං තස්ස මය්හං භික්ඛවෙ අභිඤ්ඤාය ධම්මං දෙසයතො -පෙ- නො අප්පටිහාරියං කරණියො ඔවාදො, කරණියො අනුසාසනි අලඤ්ච පන වො භිකඛවෙ තුට්ඨියා අලං අත්තමනතාය. අලං සොමනස්සාය, සම්මා සම්බුද්ධො වත සො භගවා ස්වාක්ඛාතො ධම්මො සුපටිපන්නො සංඝොති, ඉදමවොච භගවා ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භක්ඤමානෙ සහස්සී ලොකධාතු අකම්පිත්‍ථ

ඉදඤ‍්ච සුත‍්තං සුත්‍වා තෙ පඤ‍්චසතා භික‍්ඛූ තස‍්මිංයෙවාසනෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු, එවායං දෙසනා එතස‍්මිං ඨානෙ නිට‍්ඨමගමාසීති.

මෙම සුත්‍ර දේශනාව අසා ඒ පන්සියයක් භික්ෂූහු ඒ අස්නෙහිම සිව්පිළිසිඹියා සමග රහත් බවට පැමිණියාහුය. මෙසේ මෙම දේශනා තොමෝ මත්තෙහි නිමාවට පැමිණියහයි දත යුත්තේය.

තථාගතවාරඅට‍්ඨමනයවණ‍්ණනා නිට‍්ඨිතා.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මූලපරියායසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මූලපරියාය සූත්‍ර වර්ණනාව නිමි.