සබ්බාසවසුත්තවණ්ණනා අට්ඨකථා
සබ්බාසව සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං…පෙ… සාවත්ථියන්ති සබ්බාසවසුත්තං. තත්රායං අපුබ්බපදවණ්ණනා – සාවත්ථීති සවත්ථස්ස ඉසිනො නිවාසට්ඨානභූතා නගරී, යථා කාකන්දී මාකන්දී කොසම්බීති එවං තාව අක්ඛරචින්තකා. අට්ඨකථාචරියා පන භණන්ති “යංකිඤ්චි මනුස්සානං උපභොගපරිභොගං සබ්බමෙත්ථ අත්ථීති සාවත්ථී. සත්ථසමායොගෙ ච කිං භණ්ඩමත්ථීති පුච්ඡිතෙ සබ්බමත්ථී”ති වචනමුපාදාය සාවත්ථී.
සැවැත්නුවර, එවං මෙසුතං සාවත්ථියං, යනු සබ්බාසව සුත්‍රයයි. මේ එහි අනුපූර්ව පද වර්ණනාවයි. සාවත්ථියං යනු සවත්ථ නම් සෘෂිහුගේ වාසස්ථානය වූ නගරයයි. කාකන්දි මාකන්දි යන නාමයන් යම්සේ ද එමෙනි. මෙසේ පළමුකොට අක්ෂර චින්තකයෝ ද අට්ඨකථාචාර්යවරයෝ ද කියති. මිනිසුන්ගේ යම්කිසි උපභෝග පරිභෝග සම්පත් වීද ඒ සියල්ල මෙහි ඇත්නුයි සාවත්ථි නම් වේ. නැතහොත් වෙළඳ සමූහයා රැස්වූ කල්හි කිනම් භාණ්ඩයක් ඇත්දැයි විචාළ විට ඒ සියල්ල ඇත යන වචනය ගෙන සාවත්ථි නම් වේ යයි-
“සබ්බදා සබ්බූපකරණං, සාවත්ථියං සමොහිතං; තස්මා සබ්බමුපාදාය, සාවත්ථීති පවුච්චති.
1. සැවැත් නුවර සියලු කල්හි සියලු උපකරණ යම් හෙයකින් මොනවට රැස්වූයේද, එහෙයින් සබ්බං යනුගෙන සාවත්ථි යයි කියනු ලැබේ.
කොසලානං පුරං රම්මං, දස්සනෙය්යං මනොරමං; දසහි සද්දෙහි අවිවිත්තං, අන්නපානසමායුතං.
2. කොසොල්රට වාසීන්ගේ රම්‍ය වූ දර්ශනීය වූ සිත්කලු වූ සාවත්ථිපුරය දසවිධ ශබ්දයන්ගෙන් නොසිස්වන ආහාරපානයන්ගෙන් සැදුම් ලද්දේය.
වුද්ධිං වෙපුල්ලතං පත්තං, ඉද්ධං ඵීතං මනොරමං; අළකමන්දාව දෙවානං, සාවත්ථිපුරමුත්තම”න්ති.
3. සමෘද්ධ වූ පිනාගියා වූ සිත්කලු වූ උතුම් වූ සැවැත්පුරය දෙවියන්ගේ ආලකමන්දාව නම් රාජධානිය මෙන් දියුණුවටත් විපුල බවටත්, පැමිණියේ විය.
තස්සං සාවත්ථියං. ජෙතවනෙති එත්ථ අත්තනො පච්චත්ථිකජනං ජිනාතීති ජෙතො, රඤ්ඤා වා අත්තනො පච්චත්ථිකජනෙ ජිතෙ ජාතොති ජෙතො, මඞ්ගලකම්යතාය වා තස්ස එවංනාමමෙව කතන්ති ජෙතො, ජෙතස්ස වනං ජෙතවනං. තඤ්හි ජෙතෙන රාජකුමාරෙන රොපිතං සංවද්ධිතං පරිපාලිතං, සො ච තස්ස සාමී අහොසි. තස්මා ජෙතවනන්ති වුච්චති, තස්මිං ජෙතවනෙ. අනාථපිණ්ඩිකස්ස ආරාමෙති එත්ථ සුදත්තො නාම සො ගහපති මාතාපිතූහි කතනාමවසෙන. සබ්බකාමසමිද්ධිතාය පන විගතමලමච්ඡෙරතාය කරුණාදිගුණසමඞ්ගිතාය ච නිච්චකාලං අනාථානං පිණ්ඩමදාසි, තෙන අනාථපිණ්ඩිකොති සඞ්ඛං ගතො.
ජේතවනය:- ඒ ශ්‍රාවස්ති නගරයෙහි යන අර්ථයි. ජේතවනෙ යන මෙහි තම පසමිතුරන් දිනුවේනුයි ජේත නම් වේ. නැතහොත් රජු විසින් හෝ සතුරු ජනයා දිනූ කල්හි උපන්නේ නුයි ජේතනම් වේ. මංගල කැමැති බැවින් හෝ ඕහට මෙසේ නාමය කරන ලදැයි හෝ ජේත නම් වේ. ජේත නම් අයගේ වනය නම් වූ බැවින් ද ජේතනම් වේ. යම් හෙයකින් ඒ දෙව්රම ජේතනම් කුමරා විසින් රෝපනය කරන ලද්දේ වර්ධනය කරන ලද්දේ පරිපාලනය කරන ලද්දේ වීද හෙතෙම ඒ ජේතවනයාගේ ස්වාමීත් වීද එහෙයින් ජේතවන යයි කියනු ලැබේ. ඒ ජේතවනයෙහි, අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ යන මෙහි ඒ ගෘහපති තෙම මව්පියන් විසින් කළ නමින් සුදත්ත නම් වේ. සියලු සැපතින් සමෘද්ධි බැවින් ද, පහ වූ මසුරු බව ඇති බැවින් ද කරුණාදි ගුණයෙන් යුත් බැවින් ද, සියලු කාලයෙහි අනාථයන්ට පිණ්ඩදානය කළේය. එබැවින්ද අනාථපිණ්ඩික යැයි ප්‍රසිද්ධියට පැමිණියේය.
ආරමන්ති එත්ථ පාණිනො විසෙසෙන වා පබ්බජිතාති ආරාමො, තස්ස පුප්ඵඵලාදිසොභාය නාතිදූරනච්චාසන්නතාදිපඤ්චවිධසෙනාසනඞ්ගසම්පත්තියා ච තතො තතො ආගම්ම රමන්ති අභිරමන්ති අනුක්කණ්ඨිතා හුත්වා නිවසන්තීති අත්ථො. වුත්තප්පකාරාය වා සම්පත්තියා තත්ථ තත්ථ ගතෙපි අත්තනො අබ්භන්තරංයෙව ආනෙත්වා රමෙතීති ආරාමො. සො හි අනාථපිණ්ඩිකෙන ගහපතිනා ජෙතස්ස රාජකුමාරස්ස හත්ථතො අට්ඨාරසහි හිරඤ්ඤකොටීහි කොටිසන්ථරෙන කීණිත්වා අට්ඨාරසහි හිරඤ්ඤකොටීහි සෙනාසනානි කාරාපෙත්වා අට්ඨාරසහි හිරඤ්ඤකොටීහි විහාරමහං නිට්ඨාපෙත්වා එවං චතුපඤ්ඤාසහිරඤ්ඤකොටිපරිච්චාගෙන බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස නිය්යාදිතො. තස්මා “අනාථපිණ්ඩිකස්ස ආරාමො”ති වුච්චති. තස්මිං අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
මෙහි ප්‍රාණීහු විශේෂයෙන් පැවිදෝ සිත් අලවා වෙසෙත්නුයි ආරාම නම් වේ. ඒ ආරාමයාගේ මල්ඵල ආදි ශෝභාවෙන් ද ඉතා නොදුරු නොළං බැව් ආදී වූ පස්වැදෑරුම් සෙනසුම් සම්පත්තියෙන් ද, මම ඒ ඒ දිසාවන්ගෙන් අවුත් රමණය කෙරෙති. අභිරමණය කෙරෙති. උකටලී නොකොට වාසය කෙෙරති යන අර්ථයි. නැතහොත් ඉහත සඳහන් සම්පත්ති හේතුවෙන් ඒ ඒ තැන ගියවුන් ද, තම ඇසුරට පමුණුවා රමණය කරවානුයි ආරාම නම් වේ. යම්හෙයකින් ඒ ආරාමය තෙම අනාථපිණ්ඩික ගෘහපතීහු විසින් ජේතවන නම් රාජ කුමාරයා අතින් දහඅට කෝටියක් රන්කාසි වියදම්කොට මිලට ගෙන, දහඅට කෝටියක් වියදම්කොට සෙනසුන් කරවා දහඅට කෝටියක් වියදම්කොට විහාර පූජා උත්සවය කොට, මෙසේ පනස්හතර කෝටියක් රන්කාසි පරිත්‍යාගයෙන් බුදුපාමොක් මහසඟනට පාවා දුන්නේද එහෙයින් අනේපිඬු සිටුතුමාගේ ආරාමයයි කියනු ලැබේ. ඒ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි.
එත්ථ ච “ජෙතවනෙ”ති වචනං පුරිමසාමිපරිකිත්තනං. “අනාථපිණ්ඩිකස්ස ආරාමෙ”ති පච්ඡිමසාමිපරිකිත්තනං. කිමෙතෙසං පරිකිත්තනෙ පයොජනන්ති. පුඤ්ඤකාමානං දිට්ඨානුගතිආපජ්ජනං. තත්ර හි ද්වාරකොට්ඨකපාසාදමාපනෙ භූමිවික්කයලද්ධා අට්ඨාරස හිරඤ්ඤකොටියො අනෙකකොටිඅග්ඝනකා රුක්ඛා ච ජෙතස්ස පරිච්චාගො, චතුපඤ්ඤාස කොටියො අනාථපිණ්ඩිකස්ස. ඉති තෙසං පරිකිත්තනෙන එවං පුඤ්ඤකාමා පුඤ්ඤානි කරොන්තීති දස්සෙන්තො ආයස්මා ආනන්දො අඤ්ඤෙපි පුඤ්ඤකාමෙ තෙසං දිට්ඨානුගතිආපජ්ජනෙ නියොජෙති.
මෙසේ ජෙතවනෙ යන්නෙන් මුල් ස්වාමියා ප්‍රකාශ කිරීමයි. අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ යනුවෙන් පශ්චිම ස්වාමියා ප්‍රකාශ කිරීමයි. මෙවන් ප්රකාශයන්ගෙන් ඇති ප්‍රයෝජනය කවරේද? පින් කැමැත්තවුගේ දුටු දෙය අනුව යාම සිදුවීම පිණිසය. එහි වනාහි, දොරටු ප්‍රාසාද නිර්මාණ කිරීමෙහි බිම විකිණීමෙන් ලැබූ අටලොස් කෝටියක් රන්ද නොයෙක් කෝටිගණන් වටිනා වෘක්ෂයෝ ද, ජේත කුමාරයාගේ පරිත්යාගයෝය. සූපනස් කෙලක් අනේපිඬු සිටුහුගේ පරිත්‍යග වෙයි. මෙසේ ඔවුන් දැක්වීමෙන් මෙසේ පින් කැමැත්තෝ පින් කරන්නේ යයි දක්වන්නා වූ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අන්‍ය පුණ්යකාමීන් ද ඔවුන් අනුව යාමට පැමිණවීමෙහි යොදවත්.
සබ්බාසවසංවරපරියායං වො, භික්ඛවෙති කස්මා ඉදං සුත්තමභාසි? තෙසං භික්ඛූනං උපක්කිලෙසවිසොධනං ආදිං කත්වා ආසවක්ඛයාය පටිපත්තිදස්සනත්ථං. තත්ථ සබ්බාසවසංවරපරියායන්ති සබ්බෙසං ආසවානං සංවරකාරණං සංවරභූතං කාරණං, යෙන කාරණෙන තෙ සංවරිතා පිදහිතා හුත්වා අනුප්පාදනිරොධසඞ්ඛාතං ඛයං ගච්ඡන්ති පහීයන්ති නප්පවත්තන්ති, තං කාරණන්ති අත්ථො.
සබ්බාසව සංවර පරියායං වො භික්ඛවෙ යනුවෙන් කුමක් හෙයින් මෙම සූත්‍රයෙහි වදාළ සේක්ද? ඒ භික්ෂූන්ගේ උපක්කිලේශ විශෝධන ආදිකොට ආශ්‍රවයන් ක්ෂය කිරීමේ ප්‍රතිපත්තිය දැක්වීම පිණිසය. ඒ දේශනාවෙහි සබ්බාසව සංවර පරියායං යනු සියලු ආශ්‍රවයන්ගේ සංවරයට කාරණය සංවර වූ කාරණය, යම් කරුණකින් ඔවුහු සංවර කරන ලදුව වසන ලදුව අනුත්පාද නිරෝධ නම් වූ ක්ෂය වීමට යෙත්ද ප්‍රහීණ වෙත් ද, නොපවතිත් ද ඒ කාරණය යන අර්ථයි.
තත්ථ ආසවන්තීති ආසවා, චක්ඛුතොපි…පෙ… මනතොපි සන්දන්ති පවත්තන්තීති වුත්තං හොති. ධම්මතො යාව ගොත්රභුං ඔකාසතො යාව භවග්ගං සවන්තීති වා ආසවා, එතෙ ධම්මෙ එතඤ්ච ඔකාසං අන්තො කරිත්වා පවත්තන්තීති අත්ථො. අන්තොකරණත්ථො හි අයං ආකාරො. චිරපාරිවාසියට්ඨෙන මදිරාදයො ආසවා, ආසවා වියාතිපි ආසවා. ලොකස්මිඤ්හි චිරපාරිවාසිකා මදිරාදයො ආසවාති වුච්චන්ති. යදි ච චිරපාරිවාසියට්ඨෙන ආසවා, එතෙයෙව භවිතුමරහන්ති. වුත්තඤ්හෙතං “පුරිමා, භික්ඛවෙ, කොටි න පඤ්ඤායති අවිජ්ජාය, ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසී”තිආදි (අ· නි· 10.61). ආයතං වා සංසාරදුක්ඛං සවන්ති පසවන්තීතිපි ආසවා. පුරිමානි චෙත්ථ නිබ්බචනානි යත්ථ කිලෙසා ආසවාති ආගච්ඡන්ති, තත්ථ යුජ්ජන්ති, පච්ඡිමං කම්මෙපි. න කෙවලඤ්ච කම්මකිලෙසායෙව ආසවා, අපිච ඛො නානප්පකාරකා උප්පද්දවාපි. සුත්තෙසු හි “නාහං, චුන්ද, දිට්ඨධම්මිකානංයෙව ආසවානං සංවරාය ධම්මං දෙසෙමී”ති (දී· නි· 3.182) එත්ථ විවාදමූලභූතා කිලෙසා ආසවාති ආගතා.
ආශ්‍රවයෝ:- එහි පහල වෙත්නුයි ආශ්‍රව නම් වෙති. ඇසින්ද -පෙ- සිතින් ද පහල වෙත්. පවතිත් යයි කියන ලද වෙයි. ධර්ම වශයෙන් ගෝත්‍රභූ සිත තෙක් ද, අවකාශ වශයෙන් භවාග්‍රය තෙක් ද, පහල වෙත්නුයි ආශ්‍රව නම් වෙති. මේ ධර්මයන් ද මේ අවකාශය ද ඇතුළත් කොට පවතිත් යනු මෙහි අර්ථයි. මේ ආකාරය තෙම ඇතුළත් කිරීම් අර්ථයෙහි මැයි. බොහෝ කලක් විසීම අර්ථයෙන් සුරා ආදිය ආශ්‍රව වැනි නුයි. ආශ්‍රව නම් වෙති. එය එසේමැයි. ලෝකයෙහි චිර පරිවාසිකාර්ථයෙන් (=බොහෝ කල් තිබීමේ අර්ථයෙන්) සුරා ආදියට ආසව යයි කියනු ලැබෙත්. ඉදින් බොහෝ කල් විසීම් අර්ථයෙන් ආශ්‍රවයෝ නම් මොවුහුම වන්නට සුදුසු වෙති. වදාරණ ලදී. පුරිමා භික්ඛවො කොටි න පඤ්ඤායති අවිජ්ජාය ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි යනාදියෙහි දීර්ඝ වූ සංසාර දුක්ඛය උපදවත් ප්රශව කෙරෙත්නුයි ආශ්‍රව නම් වෙති. මෙහි පළමු දැක්වූ නිර්වචනයෙන් යම්තැනක ක්ලේශයෝ ආශ්‍රවයෝ යයි එත්ද, එහි යෙදෙත්. පසුව කී නිර්වචනය කර්මයෙහි යෙදෙයි. හුදු කර්ම ක්ලේශයෝම ආශ්‍රවයෝ නොවෙති. නානාප්‍රකාර වූ උපද්‍රවයෝ ද ආශ්‍රව නම් වෙති. සූත්‍රයන්හි - නාහං චුන්ද දිට්ඨධම්මිකානං යෙව ආසවානං සංවරාය ධම්මං දෙසෙමි, යන මෙහි විවාදයට මුල් වූ ආශ්‍රවයෝ ආවාහුය.
“යෙන දෙවූපපත්යස්ස, ගන්ධබ්බො වා විහඞ්ගමො; යක්ඛත්තං යෙන ගච්ඡෙය්යං, මනුස්සත්තඤ්ච අබ්බජෙ; තෙ මය්හං ආසවා ඛීණා, විද්ධස්තා විනළීකතා”ති. (අ· නි· 4.36); –
යෙන දෙවූපපත්ත්යස්ස ගන්ධබ්බො වා විභංගමො යක්ඛත්තං යෙන ගච්ඡෙය්යං මනුස්සත්තඤ්ච අබ්බජෙ තෙ මය්හං ආසවා බීණා විද්ධසතා විනලීකතා
(යම් ආශ්‍රවයක් හේතුකොටගෙන දෙලොව පටිසන්ධියක් මට වන්නේ ද ආකාශචාරී ගාන්ධර්වයෙක් හෝ වන්නේ ද යම් ආශ්‍රවයක් හේතුකොට ගෙන යක්ෂ බවට මම යන්නෙම් ද මිනිස්ලොවට ගියාහු පෙරලා එන්නේද, මා විසින් ඒ ආශ්‍රවයෝ ක්ෂය කරන ලද්දාහුය. වෙසෙසින් පහකරන ලද්දාහුය. සිඳින ලද්දාහුය.)
එත්ථ තෙභූමකඤ්ච කම්මං අවසෙසා ච අකුසලා ධම්මා. “දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතායා”ති (පාරා· 39) එත්ථ පරූපවාදවිප්පටිසාරවධබන්ධාදයො චෙව අපායදුක්ඛභූතා ච නානප්පකාරා උපද්දවා. තෙ පනෙතෙ ආසවා යත්ථ යථා ආගතා, තත්ථ තථා වෙදිතබ්බා.
යන මෙහි ත්‍රෛභූමික කර්මයද, අවශේෂ අකුසල කර්ම ද ආශ්‍රව නම් වෙති. දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකං ආසවානං පටිඝාතාය, යන මෙහි පරෝපවාද, පසුතැවිලි වදබන්ධන ආදියද, අපාය දුක්ඛ ආදි නානාප්‍රකාර උපද්‍රවයෝ (ආශ්‍රවයෝ නම් වෙති) ඒ මේ ආශ්‍රව ධර්මයෝ යම්තැනක යම්පරිද්දෙන් ආවාහුද එහි එපරිද්දෙන් දතයුත්තාහුය.
එතෙ හි විනයෙ තාව “දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතායා”ති ද්වෙධා ආගතා. සළායතනෙ “තයොමෙ ආවුසො ආසවා, කාමාසවො භවාසවො අවිජ්ජාසවො”ති (අ· නි· 6.63) තිධා ආගතා. අඤ්ඤෙසු ච සුත්තන්තෙසු අභිධම්මෙ ච තෙයෙව දිට්ඨාසවෙන සහ චතුධා ආගතා. නිබ්බෙධිකපරියායෙ – “අත්ථි, භික්ඛවෙ, ආසවා නිරයගාමිනියා, අත්ථි ආසවා තිරච්ඡානයොනිගාමිනියා, අත්ථි ආසවා පෙත්තිවිසයගාමිනියා, අත්ථි ආසවා මනුස්සලොකගාමිනියා, අත්ථි ආසවා දෙවලොකගාමිනියා”ති (අ· නි· 6.63) පඤ්චධා ආගතා. ඡක්කනිපාතෙ – “අත්ථි, භික්ඛවෙ, ආසවා සංවරා පහාතබ්බා”තිආදිනා නයෙන ඡධා ආගතා. ඉමස්මිං පන සුත්තෙ තෙයෙව දස්සනාපහාතබ්බෙහි සද්ධිං සත්තධා ආගතාති. අයං තාව ආසවපදෙ වචනත්ථො චෙව පභෙදො ච.
මේ ආශ්‍රවයෝ පළමුකොට විනයෙහි, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පිරායිකානං ආසවානං පටිඝාතාය මෙහි දෙපරිද්දකින් ආවාහුය. සළායතන සූත්‍රයෙහි තයො මෙ ආවුසො ආසවා කාමාසවො, භවාසවො අවිජ්ජාසවො යයි තුන් පරිද්දකින් ආවාහුය. අන්‍ය සූත්‍රයන්හිද අභිධර්මයෙහි ද ඔවුහුම දිට්ඨාසවයත් සමග සතර පරිද්දකින් ආවාහුය. නිබ්බේධික පරියායෙහි අත්ථි භික්ඛවෙ ආසවා නිරයගාමිනියා අත්ථි ආසවා තිරච්ඡානයොහි ගාමිණියා අජේ ආසවා පෙත්තිවිසය ගාමිණියා අත්ථි ආසවා මනුස්සලොකනාමිනියා අත්ථි දෙවලොක ගාමිනියා යනුවෙන් පස් ආකාරයක් ආවාහුය. ඡක්ක නිපාතයෙහි අත්ථි ආසවා සංවරා පහාතබ්බා යනාදි නයින් සය ආකාරයකින් ආවාහුය. මේ සූත්‍රයෙහි ඔවුහුම දස්සනා පහාතබ්බ ආසවයත් සමග සත් පරිද්දකින් ආවාහුය. මේ වූ කලී ආසව ශබ්දයේ වචනාර්ථ හා ප්‍රභේද වෙති.
සංවරපදෙ පන සංවරයතීති සංවරො, පිදහති නිවාරෙති පවත්තිතුං න දෙතීති අත්ථො. තථා හි “අනුජානාමි, භික්ඛවෙ, දිවා පටිසල්ලීයන්තෙන ද්වාරං සංවරිත්වා පටිසල්ලීයිතු”න්ති (පාරා· 77), “සොතානං සංවරංබ්රඌමි, පඤ්ඤායෙතෙ පිධීයරෙ”ති (සු· නි· 1041) ච ආදීසු පිධානට්ඨෙන සංවරමාහ.
සංවර ශබ්දය :- සංවර යන පදයෙහි සංවරණය කෙරේනුයි සංවර නම් වේ. සංවර නම්, වසයි වළකයි, පවත්වන්නට නොවෙයි, යන අර්ථයි. එබැවින්, අනුජානාමි භික්ඛවෙ, දිවා පතිසල්ලීයන්තෙන ද්වාරං සංවරිත්වා පතිසල්ලියිතුං යන තන්හිද, සොතානං සංවරං බ්රෑමි පඤ්ඤායෙතෙ පිථියරෙ යන ආදි තන්හි ද, පිධාන (=වැසිම) අර්ථයෙන් සංවර යයි වදාළහ.
ස්වායං සංවරො පඤ්චවිධො හොති සීලසංවරො සතිඤාණ ඛන්ති වීරියසංවරොති. තත්ථ “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො”ති (විභ· 511) අයං සීලසංවරො. පාතිමොක්ඛසීලඤ්හි එත්ථ සංවරොති වුත්තං. “චක්ඛුන්ද්රියෙ සංවරමාපජ්ජතී”තිආදීසු (දී· නි· 1.213) සතිසංවරො. සති හෙත්ථ සංවරොති වුත්තා. “සොතානං සංවරං බ්රූමි, පඤ්ඤායෙතෙ පිධීයරෙ”ති අයං ඤාණසංවරො. ඤාණඤ්හෙත්ථ පිධීයරෙති ඉමිනා පිධානට්ඨෙන සංවරොති වුත්තං.
පස් ආකාර සංවරය :- මේ සංවරය වූ කලී පස්ආකාර වෙයි. සීල සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යනුවෙනි. ඔවුන් අතුරෙහි ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො යන මෙය සීල සංවර නම් වේ. ප්රාතිමෝක්ෂ සීලය මෙහි සංවර යයි කියන ලදී. චක්ඛුන්ද්රියෙ සංවරමාපජ්ජති යනාදි තන්හි සති සංවරයයි. ‘සිහියම’ මෙහි සංවරයයි කියන ලදී. සොතානං සංවරං බ්රෑමි, පඤ්ඤායෙතෙ පිථියරෙ යන මෙහි ඤාණ සංවර යයි. මෙහි ඤාණයම ‘පිථියරෙ’ යන මේ පිධානාර්ථයෙන් සංවර යයි කියන ලදී.
“ඛමො හොති සීතස්ස…පෙ…, උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙතී”තිආදිනා (ම· නි· 1.24-26) පන නයෙන ඉධෙව ඛන්තිවීරියසංවරා ආගතා. තෙසඤ්ච “සබ්බාසවසංවරපරියාය”න්ති ඉමිනා උද්දෙසෙන සඞ්ගහිතත්තා සංවරභාවො වෙදිතබ්බො.
ඛමො හොති සීතස්ස, උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති යනාදි නයින් මෙම සූත්‍රයෙහිම ඛන්ති විරිය සංවරයෝ ආවාහුය. සබ්බාසව සංවර පරියායං යන මේ උද්දේශයෙන් සංග්‍රහ කළ බැවින් ඔවුන්ගේ ද සංවර භාවය දතයුතේය.
අපිච පඤ්චවිධොපි අයං සංවරො ඉධ ආගතොයෙව, තත්ථ ඛන්තිවීරියසංවරා තාව වුත්තායෙව. “සො තඤ්ච අනාසනං තඤ්ච අගොචර”න්ති (ම· නි· 1.25) අයං පනෙත්ථ සීලසංවරො.
තවද මේ පස්ආකාර වූ සංවරය මෙහි ආවේය. ඔවුන් අතුරෙන් ඛන්ති විරිය සංවරයෝ පළමුකොටම කියන ලද්දාහුය. සො තඤ්ච අනාසනං තඤ්ච අගොචරං යන මෙහි සීල සංවරයයි.
“පටිසඞ්ඛා යොනිසො චක්ඛුන්ද්‍රියසංවරසංවුතො”ති (ම· නි· 1.22) අයං සතිසංවරො. සබ්බත්ථ පටිසඞ්ඛා ඤාණසංවරො. අග්ගහිතග්ගහණෙන පන දස්සනං පටිසෙවනා භාවනා ච ඤාණසංවරො. පරියායන්ති එතෙන ධම්මාති පරියායො, උප්පත්තිං නිරොධං වා ගච්ඡන්තීති වුත්තං හොති. එත්තාවතා “සබ්බාසවසංවරපරියාය”න්ති එත්ථ යං වත්තබ්බං, තං වුත්තං හොති.
පටිසංඛායොනිසො චක්ඛුන්‍ද්‍රිය සංවර සංවුතො යන මෙහි සති සංවරයයි. සියලු තන්හි පටිසංඛා යනු ඤාණ සංවරයයි. අගහිත ගහන නය අනුව, දස්සන, පටිසේවන භාවනා යන මොවුහු ඥාණ සංවර නම් වේ. ධර්මයෝ මේ කරණකොටගෙන වෙසෙසින් යෙත්නුයි පරියාය නම් වේ. උත්පත්තියට හෝ නිරෝධයට හෝ යෙත්යයි කියන ලද්දේ වෙයි. මෙතෙකින් ‘සබ්බාසව සංවර පරියායං’ යන මෙහි යමක් කිවයුතුද එය කියන ලද්දේ වෙයි.
ඉදානි ජානතො අහන්තිආදීසු ජානතොති ජානන්තස්ස. පස්සතොති පස්සන්තස්ස. ද්වෙපි පදානි එකත්ථානි, බ්යඤ්ජනමෙව නානං. එවං සන්තෙපි ජානතොති ඤාණලක්ඛණං උපාදාය පුග්ගලං නිද්දිසති, ජානනලක්ඛණඤ්හි ඤාණං. පස්සතොති ඤාණප්පභාවං උපාදාය, පස්සනප්පභාවඤ්හි ඤාණං. ඤාණසමඞ්ගී පුග්ගලො චක්ඛුමා විය චක්ඛුනා රූපානි ඤාණෙන විවටෙ ධම්මෙ පස්සති. අපිච යොනිසොමනසිකාරං උප්පාදෙතුං ජානතො, අයොනිසොමනසිකාරො යථා න උප්පජ්ජති, එවං පස්සතොති අයමෙත්ථ සාරො. කෙචි පනාචරියා බහූ පපඤ්චෙ භණන්ති, තෙ ඉමස්මිං අත්ථෙ න යුජ්ජන්ති.
මේ පැමිණි අවසරයෙහි ජානතො අහං යනාදියෙහි ජානතො, දන්නහුගේ පස්සතො දක්නහුගේ, දෙපදයම ඒකාර්ථය ව්යඤ්ජනයම ඇති වෙනසයි. මෙසේ ඇති කල්හි ද, ජානතො යන ඤාණ ලක්ෂණය ගෙන පුද්ගලයා දක්වයි. ඤාණය දැනීම ලකුණුකොට ඇත්තේය. පස්සතො යන ඤාණය ප්‍රභවකොට ඇති බව ගෙන පුද්ගලයා දක්වයි. ඤාණය දැකීම උත්පත්තිකොට ඇත්තේය. ඤාණය ඇති පුද්ගල තෙම ඇස් ඇති තැනැත්තේ ඇසින් රූපයන් මේ නුවණින් විමසන්නට ධර්මයන් දකියි. යළිදු උපාය මනසිකාරය උපදවන්ට දන්නහුගේ අනුපාය මනසිකාරය යම්සේ නූපදීද, එපරිද්දෙන් දක්නහුගේ යයි මේ මෙහි සාරයයි. කිසියම් ආචාර්ය කෙනෙක් බොහෝ විස්තර බෙණෙති. එම විස්තරයන් මෙම අර්ථයෙහි නොයෙදෙත්.
ආසවානං ඛයන්ති ආසවප්පහානං ආසවානං අච්චන්තක්ඛයසමුප්පාදං ඛීණාකාරං නත්ථිභාවන්ති අයමෙව හි ඉමස්මිඤ්ච සුත්තෙ, “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්ති”න්තිආදීසු (ම· නි· 1.438) ච ආසවක්ඛයත්ථො. අඤ්ඤත්ථ පන මග්ගඵලනිබ්බානානිපි ආසවක්ඛයොති වුච්චන්ති. තථා හි –
ආසවක්ඛය:- ආසවානං ඛයං යනු ආශ්‍රවයන්ගේ ප්‍රහානය ආශ්‍රවයන්ගේ අත්‍යන්ත ක්ෂය සමුප්පාදය. ක්ෂය වූ ආකාරය නැති බව යන අර්ථයි. මෙයම මෙම සූත්‍රයෙහි ද ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං යනාදියෙහිද ආශ්‍රවයන් ක්ෂය කිරීම යන අර්ථයයි. පිටත් තන්හි මාර්ගඵල නිර්වාණයද ආසවක්ඛය යයි කියනු ලබත්. එබැවින් -
“සෙඛස්ස සික්ඛමානස්ස, උජුමග්ගානුසාරිනො; ඛයස්මිං පඨමං ඤාණං, තතො අඤ්ඤා අනන්තරා”ති. (ඉතිවු· 62) –
සෙඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා
(ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නා වූ සෘජු මාර්ගයයි කියන ලද ආර්ය මාර්ගයට පිළිපන්නා වූ සේඛයා හට පළමුකොට මාර්ග ඥානය උපදී. අනතුරුව රහත් ඵලය උපදී.)
ආදීසු මග්ගො ආසවක්ඛයොති වුත්තො, “ආසවානං ඛයා සමණො හොතී”තිආදීසු (ම· නි· 1.438) ඵලං.
යනුවෙන් ආදියෙහි මාර්ගය ආසවක්ඛය යයි කියන ලදී. ආසවානං ඛයා සමණො හොති යනාදියෙහි ඵලය කියන ලදී.
“පරවජ්ජානුපස්සිස්ස, නිච්චං උජ්ඣානසඤ්ඤිනො; ආසවා තස්ස වඩ්ඪන්ති, ආරා සො ආසවක්ඛයා”ති. (ධ· ප· 253) –
පරවජ්ජානු පස්සිස්ස නිච්චං උජ්ඣාන සඤ්ඤිනො ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්ඛයා.
(අනුන්ගේ වරද දක්නා වූ නිතර අනුන්ගේ වැරදි සොයන බැවින් උජ්ඣාන සංඥී වූ ඒ මහණ හට කාමාදි ආශ්‍රවයෝ වැඩෙත්. ඒ මහණතෙම ආසවක්ඛය නම් වූ රහත් ඵලයෙන් දුරුවූයේ වෙයි.)
ආදීසු නිබ්බානං “ආසවක්ඛයො”ති වුත්තං.
ආදි තන්හි නිර්වාණය ආසවක්ඛය නම් වේ.
නො අජානතො නො අපස්සතොති යො පන න ජානාති න පස්සති, තස්ස නො වදාමීති අත්ථො. එතෙන යෙ අජානතො අපස්සතොපි සංවරාදීහියෙව සුද්ධිං වදන්ති, තෙ පටික්ඛිත්තා හොන්ති. පුරිමෙන වා පදද්වයෙන උපායො වුත්තො, ඉමිනා අනුපායපටිසෙධො. සඞ්ඛෙපෙන චෙත්ථ ඤාණං ආසවසංවරපරියායොති දස්සිතං හොති.
නො අජානතො නො අපස්සතො යනු යමෙක් නොදනී ද නොදකී ද ඔහුට ආසවක්ඛය නොකියමි යන අර්ථයි. යමෙක් නොදන්නහුට නොදක්නහුට සංවර ආදි ශුද්ධියක් කියත් ද ඒ ප්‍රතික්ෂේප කරන ලද්දාහු වෙත්. නැතහොත් පළමු පද දෙකින් උපාය කියන ලද්දේය. මෙයින් අනුපාය ප්‍රතිෂේධය කියන ලද්දේය. සැකෙවින් මෙහි ඥානය ආසව සංවර පරියාය යයි දක්වන ලද්දේ වෙයි.
ඉදානි යං ජානතො ආසවානං ඛයො හොති, තං දස්සෙතුකාමො කිඤ්ච, භික්ඛවෙ, ජානතොති පුච්ඡං ආරභි, තත්ථ ජානනා බහුවිධා. දබ්බජාතිකො එව හි කොචි භික්ඛු ඡත්තං කාතුං ජානාති, කොචි චීවරාදීනං අඤ්ඤතරං, තස්ස ඊදිසානි කම්මානි වත්තසීසෙ ඨත්වා කරොන්තස්ස සා ජානනා මග්ගඵලානං පදට්ඨානං න හොතීති න වත්තබ්බා. යො පන සාසනෙ පබ්බජිත්වා වෙජ්ජකම්මාදීනි කාතුං ජානාති, තස්සෙවං ජානතො ආසවා වඩ්ඪන්තියෙව, තස්මා යං ජානතො පස්සතො ච ආසවානං ඛයො හොති, තදෙව දස්සෙන්තො ආහ යොනිසො ච මනසිකාරං අයොනිසො ච මනසිකාරන්ති.
දැන් යමක් දන්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වේද, එය දක්වනු කැමැත්තේ කිඤ්ච භික්ඛවෙ ජානතො යනුවෙන් විමසීමක් පටන් ගත්හ. එහි දැනීම් තොමෝ විවිධ වන්නීය. නුවණැති යම්කිසි මහණ කෙනෙක් කුඩයක් සෑදීමට දනීද, කිසිවෙක් සිවුරු ආදී අන්දෙයක් කිරීමට දනීද, ඔහුගේ මෙවන් කර්මාන්ත කළයුතු වතක් යයි යන හැඟීමෙන් යුතුව කරන්නහුට ඒ දැනුම් තොමෝ මාර්ග ඵලයන්ට ආසන්න කාරණයක් නොවේයයි නොකිව යුත්තේය. යමෙක් වනාහි සසුනෙහි පැවිදිව වෙදකම් ආදිය කරන්ට දනී ද එසේ දන්නහුගේ ආසවයෝ වැඩෙන්නාහුම වෙත්. යොනිසො මනසිකාරය:- යමක් දන්නහුට ද දක්නහුට ද ආසව ක්ෂය වේයයි යන දක්වමින් මෙසේ කීහ. යොනිසො ච මනසිකාරං, අයොනිසො ච මනසිකාරං යනුවෙන්
තත්ථ යොනිසො මනසිකාරො නාම උපායමනසිකාරො පථමනසිකාරො, අනිච්චාදීසු අනිච්චන්ති ආදිනා එව නයෙන සච්චානුලොමිකෙන වා චිත්තස්ස ආවට්ටනා අන්වාවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො, අයං වුච්චති යොනිසො මනසිකාරොති.
එහි යොනිසො මනසිකාරය නම් උපාය මනසිකාරයයි පථමනසිකාරයයි. අනිත්‍යාදියෙහි අනිත්‍ය යනාදි නයින්ම හෝ සත්‍යානුලෝම ඥානයෙන් හෝ චිත්තයාගේ ආවට්ටනා (=පෙරලීමක්) අන්වාවට්ටනාවක් (=අනුව පෙරලීමක් ආභොගයක් (=මෙනෙහි කිරීමක්) සමන්නාහාරයක් (=යොමුවීමක්) වේද, මෙය යොනිසො මනසිකාරයයි කියනු ලැබේ.
අයොනිසො මනසිකාරොති අනුපායමනසිකාරො උප්පථමනසිකාරො. අනිච්චෙ නිච්චන්ති දුක්ඛෙ සුඛන්ති අනත්තනි අත්තාති අසුභෙ සුභන්ති අයොනිසො මනසිකාරො උප්පථමනසිකාරො. සච්චප්පටිකුලෙන වා චිත්තස්ස ආවට්ටනා අන්වාවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො, අයං වුච්චති අයොනිසො මනසිකාරොති.
අයොනිසො මනසිකාරො යනු අනුපාය මනසිකාරයයි. උප්පථ මනසිකාරය යන අර්ථයි. අනිත්‍ය නිත්‍ය යයි ද දුක සැප යයි ද අනාත්මය ආත්ම යයි ද අශුභයෙහි ශුභයයි ද අයොනිසො මනසිකාරයත් උත්පථ මනසිකාරයත් සත්‍යයට විරුද්ධ වූ හෝ චිත්තයාගේ වැටීමක් අනුව වැටීමක් හෝ මෙනෙහි කිරීමක් හෝ, යොමුවීමක් අනුව වැටීමක් හෝ මෙනෙහි කිරීමක් හෝ, යොමු වීමක් හෝ වේද, මෙය අයොනිසො මනසිකාරයයි කියනු ලැබේ.
එවං යොනිසො මනසිකාරං උප්පාදෙතුං ජානතො, අයොනිසො මනසිකාරො ච යථා න උප්පජ්ජති, එවං පස්සතො ආසවානං ඛයො හොති.
මේ අයුරින් යෝනිසො මනසිකාරය උපදවන්ට දන්නහුට අයෝනිසො මනසිකාර යම්සේ නොම උපදීද, එපරිද්දෙන් දක්නහුට ආසවයන්ගේ නැතිවීම වෙයි.
ඉදානි ඉමස්සෙවත්ථස්ස යුත්තිං දස්සෙන්තො ආහ අයොනිසො, භික්ඛවෙ…පෙ… පහීයන්තීති. තෙන කිං වුත්තං හොති, යස්මා අයොනිසො මනසිකරොතො ආසවා උප්පජ්ජන්ති, යොනිසො මනසිකරොතො පහීයන්ති, තස්මා ජානිතබ්බං යොනිසො මනසිකාරං උප්පාදෙතුං ජානතො, අයොනිසො මනසිකාරො ච යථා න උප්පජ්ජති, එවං පස්සතො ආසවානං ඛයො හොතීති, අයං තාවෙත්ථ සඞ්ඛෙපවණ්ණනා.
මෙවිට මෙම අර්ථයාගේ යුක්ති දක්වන සේක් ‘යොනිසො භික්ඛවෙ -පෙ- පහීයන්ති’ යයි වදාළහ. එයින් කුමක් කියන ලද්දේ වේද යත්, යම්හෙයින් නුවණින් මෙනෙහි නොකරන්නහුට ආශ්‍රවයෝ උපදිත් ද, නුවණින් මෙනෙහි කරන්නහුට ප්‍රහීණ වෙත් ද, එහෙයින් යෝනිසො මනසිකාරය උපදවන්ට දන්නහුට අයෝනිසො මනසිකාරය යම්සේ නොම උපදීද එපරිද්දෙන් දක්නහුට ආසවයන්ගේ ක්ෂය වීම වේයයි දතයුතුය. මෝ මෙහි කෙටි වැනුමයි. මේ විස්තර වැනුමයි.
අයං පන විත්ථාරො – තත්ථ “යොනිසො අයොනිසො”ති ඉමෙහි තාව ද්වීහි පදෙහි ආබද්ධං හොති උපරි සකලසුත්තං. වට්ටවිවට්ටවසෙන හි උපරි සකලසුත්තං වුත්තං. අයොනිසො මනසිකාරමූලකඤ්ච වට්ටං, යොනිසො මනසිකාරමූලකඤ්ච විවට්ටං. කථං? අයොනිසො මනසිකාරො හි වඩ්ඪමානො ද්වෙ ධම්මෙ පරිපූරෙති අවිජ්ජඤ්ච භවතණ්හඤ්ච. අවිජ්ජාය ච සති “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා…පෙ… දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. තණ්හාය සති තණ්හාපච්චයා උපාදානං…පෙ… සමුදයො හොතී”ති.
එහි යෝනිසො අයෝනිසො පද දෙකෙන් මත්තෙහි මුලු සූත්‍රය සම්බන්ධ වෙයි. වට්ට විවට්ට වශයෙන් මත්තෙහි මුළු සූත්‍රය වදාරණ ලදී. අයොනිසො මනසිකාරය වට්ටයට (සසරට) මුල් වේ. යොනිසො මනසිකාරය විවට්ටයට (=නිවනට) මුල්වේ. අයොනිසො මනසිකාරය වැඩෙන්නේ ධර්ම දෙකක් සම්පූර්ණ කෙරේ. අවිජ්ජාව සහ භව තණ්හාවයි. අවිජ්ජාව ඇතිකල්හි අවිජ්ජා පචචයා සංඛාරා -පෙ- දුක්ඛක්ඛන්ධසය සමුදයො හොති, මෙසේ අවිද්‍යාව ඇති කල්හි අවිද්‍යාව ප්‍රත්‍යකොට සංඛාරයෝ වෙති. - පෙ- දුක් ගොඩෙහි ඇතිවීම වේයයි ද එසේම තණ්හා ඇති කල්හි තණ්හාව ප්‍රත්‍යකොට උපාදානය වෙයි. -පෙ- දුක්ගොඩෙහි ඇතිවීම (සමුදය) වේයයි යනුවෙන් අයොනිසො මනසිකාරය සසර දුකට මුල්වන බව දක්වා ඇත.
එවං අයං අයොනිසො මනසිකාරබහුලො පුග්ගලො වාතවෙගාභිඝාතෙන විප්පනට්ඨනාවා විය ගඞ්ගාවට්ටෙ පතිතගොකුලං විය චක්කයන්තෙ යුත්තබලිබද්දො විය ච පුනප්පුනං භවයොනිගතිවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසෙසු ආවට්ටපරිවට්ටං කරොති, එවං තාව අයොනිසො මනසිකාරමූලකං වට්ටං.
මේ අයුරින් අයොනිසො මනසිකාර බහුලකොට ඇති පුද්ගල තෙම වාත වේගයට අසුවීමෙන් විනාශ වූ නැවක් මෙන් ද, ගංගාවෙහි දිය සුලියකට අසුවූ ගවරැලක් මෙන් ද චක්‍ර යන්ත්‍රයක ගවයෙකු මෙන් ද නැවත නැවත, භවං-යෝනි-ගති-විඤ්ඤාණට්ඨිති සත්තාවාසයන්හි ආවර්තනය පරිවර්තනය කෙරෙයි මෙසේ පළමුකොට අයෝනිසෝ මනසිකාර මූලික වූ වට්ටය වෙයි.
යොනිසො මනසිකාරො පන වඩ්ඪමානො – “යොනිසො මනසිකාරසම්පන්නස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං, අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතී”ති (සං· නි· 5.55) වචනතො සම්මාදිට්ඨිපමුඛං අට්ඨඞ්ගිකං මග්ගං පරිපූරෙති. යා ච සම්මාදිට්ඨි, සා විජ්ජාති තස්ස විජ්ජුප්පාදා අවිජ්ජානිරොධො, “අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො…පෙ… එවං එතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති (මහාව· 1) එවං යොනිසො මනසිකාරමූලකං විවට්ටං වෙදිතබ්බං. එවං ඉමෙහි ද්වීහි පදෙහි ආබද්ධං හොති උපරි සකලසුත්තං.
යොනිසො මනසිකාරය වැඩෙන්නේ, යොනිසො මනසිකාර සම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨංගිකං මග්ගං භාවෙස්සති. අරියං අට්ඨංගිකං මග්ගං බහුලී කරිස්සති යනුවෙන් වදාළ හෙයින් සමාදිට්ඨි ප්‍රධානකොට ඇති, අරිඅටඟි මඟ සපුරාලයි. යම් සම්මා දිට්ඨියක් වේද ඕ තොමෝ විද්‍යාව යයි ද විද්‍යාවගේ ඉපදීමෙන් අවිද්‍යාවගේ නිරෝධයෙන් සංඛාර නිරෝධය වෙයි. -පෙ- මෙසේ මේ කේවල දුක් ගොඩේ නිරෝධය වේයයි මෙසේ යොනිසො මනසිකාරය මුල්වූ විවට්ටය දතයුතුයි. මෙසේ මෙම පද දෙකෙන් මත්තෙහි මෙම සූත්‍රය එකට බැඳුනේ වෙයි.
එවං ආබද්ධෙ චෙත්ථ යස්මා පුබ්බෙ ආසවප්පහානං දස්සෙත්වා පච්ඡා උප්පත්ති වුච්චමානා න යුජ්ජති. න හි පහීනා පුන උප්පජ්ජන්ති. උප්පන්නානං පන පහානං යුජ්ජති, තස්මා උද්දෙසපටිලොමතොපි “අයොනිසො, භික්ඛවෙ, මනසිකරොතො”තිආදිමාහ.
මෙසේ බැඳුනු කල්හි මෙහි යම්හෙයකින් පළමුකොට ආශ්‍රවයන්ගේ ප්රහාණය දක්වා පසුව උත්පත්තිය කීම නොයෙදෙයි. එහි ප්‍රහීණ වූවහු යලි නොඋපදිත්. උපන්නහුගේ වූ කලී ප්රහාණය යෙදෙයි. එහෙයින් උද්දේසය ප්‍රතිලෝම වශයෙන්ම දක්වන්නේ අයොනිසො භික්ඛවෙ, මනසි කරොතො, යනාදිය වදාළහ.
තත්ථ අයොනිසො මනසිකරොතොති වුත්තප්පකාරං අයොනිසො මනසිකාරං උප්පාදයතො. අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්තීති එත්ථ යෙ පුබ්බෙ අප්පටිලද්ධපුබ්බං චීවරාදිං වා පච්චයං උපට්ඨාකසද්ධිවිහාරිකඅන්තෙවාසිකානං වා අඤ්ඤතරං මනුඤ්ඤං වත්ථුං පටිලභිත්වා, තං සුභං සුඛන්ති අයොනිසො මනසිකරොතො, අඤ්ඤතරඤ්ඤතරං වා පන අනනුභූතපුබ්බං ආරම්මණං යථා වා තථා වා අයොනිසො මනසිකරොතො ආසවා උප්පජ්ජන්ති, තෙ අනුප්පන්නා උප්පජ්ජන්තීති වෙදිතබ්බා, අඤ්ඤථා හි අනමතග්ගෙ සංසාරෙ අනුප්පන්නා නාම ආසවා න සන්ති. අනුභූතපුබ්බෙපි ච වත්ථුම්හි ආරම්මණෙ වා යස්ස පකතිසුද්ධියා වා උද්දෙසපරිපුච්ඡාපරියත්තිනවකම්මයොනිසොමනසිකාරානං වා අඤ්ඤතරවසෙන පුබ්බෙ අනුප්පජ්ජිත්වා පච්ඡා තාදිසෙන පච්චයෙන සහසා උප්පජ්ජන්ති, ඉමෙපි අනුප්පන්නා උප්පජ්ජන්තීති වෙදිතබ්බා. තෙසුයෙව පන වත්ථාරම්මණෙසු පුනප්පුනං උප්පජ්ජමානා උප්පන්නා පවඩ්ඪන්තීති වුච්චන්ති. ඉතො අඤ්ඤථා හි පඨමුප්පන්නානං වඩ්ඪි නාම නත්ථි.
එහි අයෝනිසො මනසි කරොතො උක්ත ප්‍රකාර වූ අයෝනිසො මනසිකාරය උපදවන්නහුට අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති යන මෙහි පෙර නොලත් විරූ චීවර ආදි ප්‍රත්‍යයක් හෝ උපස්ථායක සද්ධිවිහාරික අන්තෙවාසිකයන් අතුරෙන් එක්තරා මනෝඥ වස්තුවක් හෝ ලැබ එය සුභය සුඛය යයි නුවණින් මෙනෙහි නොකරන්නහුට, අන්‍යතර වූ පෙර නොලත් විරූ අරමුණක් හෝ යම් ඒ ආකාරයකින් නුවණින් මෙනෙහි නොකරන්නහුට ද යම් ආශ්‍රව කෙනෙක් උපදිත් ද ඔවුහු නූපන්නාහු උපදිත් යයි දත යුත්තාහුය. අන් පරිද්දකින් දක්වතොත් නොදත් කෙළවර ඇති (=අනමතග්ග) සංසාරයෙහි නූපන් ආශ්‍රව කෙනෙක් නම් නැත්තේය. පෙර අනුභව කළා වූද වස්තුවෙහි හෝ අරමුණෙහි හෝ යමෙකුට ප්‍රකෘති ශුද්ධියක් හෝ උද්දේස, පරිපුච්ඡා, පරියත්නි, නවකම්ම, යොනිසො මනසිකාරයන් අතුරෙන් එක්තරා එකක්හුගේ වශයෙන් හෝ පෙර නොඉපිද පසුව එබඳු වූම ප්‍රත්‍යයක් කරණ කොටගෙන යම් ආශ්‍රව කෙනෙක් වහා උපදින්නාහු වෙත් ද, මොවුහු ද නූපන්නාහු උපදිත් යයි දත යුත්තාහුය. ඒ වත්ථු ආරම්මණයන්හි, නැවත නැවත උපදින්නාහු උපන් ආශ්‍රවයෝ වැඩෙත් යයි කියනු ලැබෙත් මෙයින් පළමු උපන්නහුගේ වැඩීමෙක් නම් නැත. ඒ වත්ථු ආරම්මණයන්හිම නැවත නැවත උපදින්නා වූම ආශ්‍රවයෝ වැඩෙත් යයි කියනු ලැබෙත්. මෙයින් අන් පරිද්දකින් නම් පළමු උපන්නහුගේ වැඩීමක් නම් නැත.
යොනිසො ච ඛො, භික්ඛවෙති එත්ථ පන යස්ස පකතිසුද්ධියා වා සෙය්යථාපි ආයස්මතො මහාකස්සපස්ස භද්දාය ච කාපිලානියා, උද්දෙසපරිපුච්ඡාදීහි වා කාරණෙහි ආසවා නුප්පජ්ජන්ති, සො ච ජානාති “න ඛො මෙ ආසවා මග්ගෙන සමුග්ඝාතං ගතා, හන්ද නෙසං සමුග්ඝාතාය පටිපජ්ජාමී”ති. තතො මග්ගභාවනාය සබ්බෙ සමුග්ඝාතෙති. තස්ස තෙ ආසවා අනුප්පන්නා න උප්පජ්ජන්තීති වුච්චන්ති. යස්ස පන කාරකස්සෙව සතො සතිසම්මොසෙන සහසා ආසවා උප්පජ්ජන්ති, තතො සංවෙගමාපජ්ජිත්වා යොනිසො පදහන්තො තෙ ආසවෙ සමුච්ඡින්දති, තස්ස උප්පන්නා පහීයන්තීති වුච්චන්ති මණ්ඩලාරාමවාසීමහාතිස්සභූතත්ථෙරස්ස විය. සො කිර තස්මිංයෙව විහාරෙ උද්දෙසං ගණ්හාති, අථස්ස ගාමෙ පිණ්ඩාය චරතො විසභාගාරම්මණෙ කිලෙසො උප්පජ්ජි, සො තං විපස්සනාය වික්ඛම්භෙත්වා විහාරං අගමාසි. තස්ස සුපිනන්තෙපි තං ආරම්මණං න උපට්ඨාසි. සො “අයං කිලෙසො වඩ්ඪිත්වා අපායසංවත්තනිකො හොතී”ති සංවෙගං ජනෙත්වා ආචරියං ආපුච්ඡිත්වා විහාරා නික්ඛම්ම මහාසඞ්ඝරක්ඛිතත්ථෙරස්ස සන්තිකෙ රාගපටිපක්ඛං අසුභකම්මට්ඨානං ගහෙත්වා ගුම්බන්තරං පවිසිත්වා පංසුකූලචීවරං සන්ථරිත්වා නිසජ්ජ අනාගාමිමග්ගෙන පඤ්චකාමගුණිකරාගං ඡින්දිත්වා උට්ඨාය ආචරියං වන්දිත්වා පුනදිවසෙ උද්දෙසමග්ගං පාපුණි. යෙ පන වත්තමානුප්පන්නා, තෙසං පටිපත්තියා පහානං නාම නත්ථි.
යොනිසොච ඛො භික්ඛවෙ යන මෙහි යමෙකුට ආයුෂ්මත් මහා කාශ්‍යපයන්ගේ ද, භද්‍ර කපිලානියගේද යම්සේ ද එසේම ප්‍රකෘති ශුද්ධියක් හෝ උද්දේශ පරිපුච්ඡා ආදි කාරණයන්ගෙන් හෝ ආශ්‍රවයෝ නොම උපදිත්ද, හෙතෙම මගේ ආශ්‍රවයෝ මාර්ගයෙන් නැසීමට නොගියාහු යයි දැනගනී. ඒකාන්තයෙන් ඔවුන්ගේ සහමුලින් නැසීම පිණිස පිළිපදිමියි අනතුරුව මාර්ග භාවනාවෙන් සියලු ආශ්‍රවයන් සහමුලින් නැසීම කෙරෙයි. ඔහුට ඒ ආශ්‍රවයෝ නුපන්නාහු නූපදිත් යයි කියනු ලැබෙත්. කාරක වූ යමෙකුට සිහිමුලා වීමෙන් වහා ආශ්‍රවයෝ උපදිත් ද ඉක්බිති සංවේගයට පැමිණ නුවණින් වීර්ය කරන්නේ ඒ ආශ්‍රවයන් සමුච්ඡේද කෙරේද, ඕහට උපන්නාහු ප්‍රහීණ වෙත් යයි කියනු ලැබෙත්. මණ්ඩලාරාම වාසී තිස්සභූති තෙරුන් මෙනි. හෙතෙම එම වෙහෙරෙහිම ඉගෙනීම කෙරෙයි. ගමෙහි පිඬු පිණිස හැසිරෙන ඕහට විසභාග අරමුණෙක්හි කෙලෙස් උපනි. හෙතෙම එය විදර්ශනාවෙන් විෂ්කම්භණය කොට විහාරයට ගියේය. ඕහට සිහිනෙන් ද එම අරමුණ එළඹ සිටියේ ය. හෙතෙම මේ කෙලෙස් ඇතිවීමෙන් අපායේ ඉපදීම පිණිස වන්නේ යයි සංවේග උපදවා ආර්යයන් විචාරා වෙහෙරින් නික්ම මහා සංඝරක්ඛිත තෙරුන් සමීපයෙහි රාගයට ප්රතිපක්ෂ වූ අසුභ කමටහනක් ගෙන වනලැහැබි මැද්දට ගොස් පාංශුකූල චීවරය අතුරා හිඳ අනාගාමී මාර්ගයෙන් පංචකාම ගුණ රාගය මැඩ නැගිට ආචාර්යයන් වැඳ දෙවන දින උද්දේශ මාර්ගයට පැමිණියේය. යම් ආශ්‍රව කෙනෙක් වර්තමානයෙහි නූපන්නාහු ද ඔවුන්ගේ ප්‍රතිපත්තියෙන් නම් ප්රහාණයක් නැත්තේය.
ඉදානි “උප්පන්නා ච ආසවා පහීයන්තී”ති ඉදමෙව පදං ගහෙත්වා යෙ තෙ ආසවා පහීයන්ති, තෙසං නානප්පකාරතො අඤ්ඤම්පි පහානකාරණං ආවිකාතුං දෙසනං විත්ථාරෙන්තො අත්ථි, භික්ඛවෙ, ආසවා දස්සනා පහාතබ්බාතිආදිමාහ යථා තං දෙසනාපභෙදකුසලො ධම්මරාජා. තත්ථ දස්සනා පහාතබ්බාති දස්සනෙන පහාතබ්බා. එස නයො සබ්බත්ථ.
මේ අවසරයෙහි ‘උප්පන්නාච ආසවා පහීයන්ති’ යන මේ පදයට ගෙන යම් ආශ්‍රව කෙනෙක් ප්‍රහීණ වෙත්ද ඔවුන්ගේ නානාප්‍රකාර වශයෙන් අනිකුදු ප්රහාග කාරණයක් පහල කරන්ට දේශනාව විස්තර කරනුයේ අත්ථි භික්ඛවෙ ආසවා දසසනා පහාතබ්බා ආදිය දේශනා ප්‍රභේදයෙහි දක්ෂ වූ ධර්මරාජ තෙම වදාළහ. එහි දස්සනා පහාතබ්බා යනු දසනයෙන් පහකළ යුත්තාහුය. සියලු තන්හි මේ ක්‍රමය මැයි.