සංවරාපහාතබ්බආසවවණ්ණනා අට්ඨකථා
සංවරාපහාතබ්බආසවවණ්ණනා
සංවරා පහාතබ්බ
එවං දස්සනෙන පහාතබ්බෙ ආසවෙ දස්සෙත්වා ඉදානි තදනන්තරුද්දිට්ඨෙ සංවරා පහාතබ්බෙ දස්සෙතුං, කතමෙ ච, භික්ඛවෙ, ආසවා සංවරා පහාතබ්බාති ආහ. එවං සබ්බත්ථ සම්බන්ධො වෙදිතබ්බො. ඉතො පරඤ්හි අත්ථමත්තමෙව වණ්ණයිස්සාම.
මෙසේ දස්සනයෙන් පහාතබ්බ ආශ්‍රවයන් දක්වා දැන් එයින් අනතුරුව උද්දේස කළ සංවරයෙන් ප්‍රහීණ කළයුතු ආසවයන් දක්වන්ට කතමෙ ච භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා යි වදාළහ. මෙසේ සියලු තන්හි සම්බන්ධය දතයුතුය.
නනු ච දස්සනෙන භාවනායාති ඉමෙහි ද්වීහි අප්පහාතබ්බො ආසවො නාම නත්ථි, අථ කස්මා විසුං සංවරාදීහි පහාතබ්බෙ දස්සෙතීති. සංවරාදීහි පුබ්බභාගෙ වික්ඛම්භිතා ආසවා චතූහි මග්ගෙහි සමුග්ඝාතං ගච්ඡන්ති, තස්මා තෙසං මග්ගානං පුබ්බභාගෙ ඉමෙහි පඤ්චහාකාරෙහි වික්ඛම්භනප්පහානං දස්සෙන්තො එවමාහ. තස්මා යො චායං වුත්තො පඨමො දස්සනමග්ගොයෙව, ඉදානි භාවනානාමෙන වුච්චිස්සන්ති තයො මග්ගා, තෙසං සබ්බෙසම්පි අයං පුබ්බභාගපටිපදාති වෙදිතබ්බා.
මින් මත්තෙහි අර්ථ මාත්‍රයක් පමණක් වර්ණනා කරන්නෙමු. දර්ශනයෙන්ය, භාවනායෙන් ය යන මේ දෙකින් ප්‍රහීණ නොකළ යුතු ආශ්‍රව කෙනෙක් නැත්තේ නොවේද, නැවත කුමක් හෙයින් වෙන්කොට සංවර ආදිය විසින් ප්‍රහීණ කළයුත්තක් දක්වත්ද යත්? සංවර ආදිය විසින් පූර්ව භාගයෙහි විෂ්කම්භනය කරන ලද ආශ්‍රවයෝ සිව්මගින් මුල් සිඳීමට යෙත්ද එහෙයින් ඒ මාර්ගයන්ට පූර්ව භාගයෙහි මේ පස් අයුරින් විෂ්කම්භන ප්‍රහානය දක්වන සේක මෙසේ වදාළහ. එහෙයින් යම් මේ කියන ලද ප්‍රථම මාර්ගයකුත් වේද, එය දර්ශන මාර්ගයමැයි. මෙවිට භාවනා නාමයෙන් තුන්මග කියනු ලබන්නාහුය. ඒ සියලු මාර්ගයන්ට මෝතොමෝ පූර්වභාග ප්‍රතිපදාව යයි දතයුතුයැ.
සංඛා ශබ්දය
තත්ථ ඉධාති ඉමස්මිං සාසනෙ. පටිසඞ්ඛාති පටිසඞ්ඛාය. තත්ථායං සඞ්ඛාසද්දො ඤාණකොට්ඨාසපඤ්ඤත්තිගණනාසු දිස්සති.
එහි ඉධ යනු මේ ශාසනයෙහි පටිසංඛා යනු නුවණින් දැන, එහි මේ සංඛා ශබ්දය, ඤාණ කොට්ඨාස, පඤ්ඤත්ති, ගණන යන අර්ථයන්හි දක්නට ලැබේ. ඒ මෙසේය.
“සඞ්ඛායෙකං පටිසෙවතී”තිආදීසු (ම· නි· 2.168) හි ඤාණෙ දිස්සති. “පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්තී”තිආදීසු (ම· නි· 1.201) කොට්ඨාසෙ. “තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා”තිආදීසු (ධ· ස· 1313) පඤ්ඤත්තියං. “න සුකරං සඞ්ඛාතු”න්තිආදීසු (සං· නි· 2.128) ගණනායං. ඉධ පන ඤාණෙ දට්ඨබ්බො.
සංඛායෙකං පටිසේවති යනාදීන්හි ඤාණයෙහි වේ. පපඤ්ච සඤ්ඤා සංඛා සමුදාචරන්ති යනාදීන්හි කොට්ඨාස යන අර්ථයෙහි වේ. න සුකරං සංඛාතුං යනාදීන්හි ගණනෙහිය. මෙහි වනාහි ඤාණයෙහි දතයුතුය.
පටිසඞ්ඛා යොනිසොති හි උපායෙන පථෙන පටිසඞ්ඛාය ඤත්වා පච්චවෙක්ඛිත්වාති අත්ථො. එත්ථ ච අසංවරෙ ආදීනවපටිසඞ්ඛා යොනිසො පටිසඞ්ඛාති වෙදිතබ්බා. සා චායං “වරං, භික්ඛවෙ, තත්තාය අයොසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය චක්ඛුන්ද්රියං සම්පලිමට්ඨං, න ත්වෙව චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තග්ගාහො”තිආදිනා (සං· නි· 4.235) ආදිත්තපරියායනයෙන වෙදිතබ්බා. චක්ඛුන්ද්‍රියසංවරසංවුතො විහරතීති එත්ථ චක්ඛුමෙව ඉන්ද්රියං චක්ඛුන්ද්රියං, සංවරණතො සංවරො, පිදහනතො ථකනතොති වුත්තං හොති. සතියා එතං අධිවචනං. චක්ඛුන්ද්රියෙ සංවරො චක්ඛුන්ද්රියසංවරො. තිත්ථකාකො ආවාටකච්ඡපො වනමහිංසොතිආදයො විය.
පටිසංඛායොනිසො යන මෙහි උපායෙන් මාර්ගයෙන් ඤාණයෙන් දැන, ප්රත්යවෙක්ෂා කොට යන අර්ථයි. මෙහිද අසංවරයෙහි ආදිනව දැනීම යොනිසො පටිසංඛා යයි දතයුතුයැ. මෙහි දැක්වෙන නුවණින් මෙනෙහි කිරීම වරං භික්ඛවෙ තත්තාය අයො සලාකාය ආදිත්තා සම්පජ්ජලිතාය සජොනිභූතාය චක්ඛුන්‍ද්‍රිය සම්පලිමට්ඨං නත්ථෙව චක්ඛු විඤ්ඤෙය්යෙසු රූපෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තගාහො යනාදි ආදිත්ත පරියාය නයින් දතයුතුය. චක්ඛුන්‍ද්‍රිය සංවර සංවුතො විහරති මෙහි චක්ඛුවම ඉන්ද්රිය වූයේ චක්ඛුන්‍ද්‍රිය නම් වේ. සංවරණය කරන හෙයින් සංවර නම් වේ. වසන හෙයින් අසුරන හෙයින් මෙසේ කියන ලද වෙයි. මෙය ‘සතියට’ නමකි. චක්ඛුඉන්ද්රිය සංවර වූයේ චකබුඉන්ද්රිය සංවර නම් වේ. තිත්ථකාක ආවාට කච්ඡප, වනමහිස යනාදීන් මෙනි.
තත්ථ කිඤ්චාපි චක්ඛුන්ද්රියෙ සංවරො වා අසංවරො වා නත්ථි. න හි චක්ඛුපසාදං නිස්සාය සති වා මුට්ඨසච්චං වා උප්පජ්ජති. අපිච යදා රූපාරම්මණං චක්ඛුස්ස ආපාථං ආගච්ඡති, තදා භවඞ්ගෙ ද්වික්ඛත්තුං උප්පජ්ජිත්වා නිරුද්ධෙ කිරියමනොධාතු ආවජ්ජනකිච්චං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ඣති, තතො චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං, තතො විපාකමනොධාතු සම්පටිච්ඡනකිච්චං, තතො විපාකාහෙතුකමනොවිඤ්ඤාණධාතු සන්තීරණකිච්චං, තතො කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු වොට්ඨබ්බනකිච්චං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ඣති. තදනන්තරං ජවනං ජවති.
නමුත් එහි කිසිවක් ඇත. චක්ඛුඉන්ද්රියයේ සංවරයක් හෝ අසංවරයක් හෝ නැත. චක්ඛුප්පසාද රූපය නිසා සිහියක් හෝ මුලා සිහිය හෝ නොම උපදියි. ඉදින් යම්විටක රූපාරම්මණයක් ඇස හමුවට පැමිණේද එවිට භවාංග සිත දෙවරක් ඉපිද නිරුද්ධ වූ කල්හි ක්‍රියා මනෝධාතුව ආවර්ජන කෘත්‍යය කරමින් ඉපිද නිරුද්ධ වෙයි. ඉක්බිති, චක්ඛුවිඤ්ඤාණය දර්ශන කෘත්‍යයද නැවත මනෝධාතුව සම්පටිච්ඡන කෘත්යද ඉක්බිති විපාක අහේතුක මනෝ විඤ්ඤාණධාතුව සන්තීරණ කෘත්‍යයද සිද්ධ කරමින් ඉපදී නිරුද්ධ වෙයි. ඊට අනතුරුව ජවනයෝ දික්වෙති.
තත්ථපි නෙව භවඞ්ගසමයෙ, න ආවජ්ජනාදීනං අඤ්ඤතරසමයෙ සංවරො වා අසංවරො වා අත්ථි. ජවනක්ඛණෙ පන සචෙ දුස්සීල්යං වා මුට්ඨසච්චං වා අඤ්ඤාණං වා අක්ඛන්ති වා කොසජ්ජං වා උප්පජ්ජති, අයං අසංවරො හොති. එවං හොන්තොපි සො චක්ඛුන්ද්රියෙ අසංවරොති වුච්චති. කස්මා? තස්මිඤ්හි සති ද්වාරම්පි අගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපි.
ඔවුන් අතුරෙහි සංවරයක් හෝ අසංවරයක් හෝ භවාංග සමයෙහි නොමැත. ආවර්ජනාදීන් අතුරෙන් එක්තරා එකක් වන කල්හිද නැත. ජවන මොහොතෙහි ඉදින් දුස්සීල බව හෝ මුලා සිහිය හෝ අඥානය හෝ අක්‍ෂාන්තිය හෝ කුසීත බව හෝ උපදීද, එවිට අසංවරය වෙයි. මෙසේ ජවන මොහොතෙහි වන අසංවරය චක්ඛුන්‍ද්‍රියයෙහි අසංවරය යයි කියනු ලැබේ. කුමක් හෙයින් ද යත් යම්හෙයකින් එම අසංවරය ඇති කල්හි ද්වාරය අගුප්ත වේද, භවාංගයන් ආවර්ජන ආදි වීථි චිත්තයෝත් අගුප්ත වෙත් ද, එහෙයිනි.
යථා කිං, යථා නගරෙ චතූසු ද්වාරෙසු අසංවුතෙසු කිඤ්චාපි අන්තො ඝරකොට්ඨකගබ්භාදයො සුසංවුතා, තථාපි අන්තොනගරෙ සබ්බං භණ්ඩං අරක්ඛිතං අගොපිතමෙව හොති. නගරද්වාරෙන හි පවිසිත්වා චොරා යදිච්ඡන්ති, තං කරෙය්යුං, එවමෙව ජවනෙ දුස්සීල්යාදීසු උප්පන්නෙසු, තස්මිං අසංවරෙ සති ද්වාරම්පි අගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපීති.
කුමක් මෙන්ද යත්, යම්සේ නගරයෙහි දොරටු සතර වැසූ කල්හි කිසිසේත් ඇතුළත ගෙවල් නොවැසුවද සියලු බඩු සුරක්ෂිත සුගෝපිත වූවාහු වෙති. නගර ද්වාරයන් වැසූකල්හි සොරුන් ඇතුල්වීමක් නොමැති බැවිනි.
තස්මිං පන සීලාදීසු උප්පන්නෙසු ද්වාරම්පි ගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපි. යථා කිං? යථා නගරද්වාරෙසු සුසංවුතෙසු කිඤ්චාපි අන්තො ඝරාදයො අසංවුතා, තථාපි අන්තොනගරෙ සබ්බං භණ්ඩං සුරක්ඛිතං සුගොපිතමෙව හොති. නගරද්වාරෙසු හි පිහිතෙසු චොරානං පවෙසො නත්ථි, එවමෙව ජවනෙ සීලාදීසු උප්පන්නෙසු ද්වාරම්පි සුගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපි. තස්මා ජවනක්ඛණෙ උප්පජ්ජමානොපි චක්ඛුන්ද්රියෙ සංවරොති වුත්තො. ඉධ චායං සතිසංවරො අධිප්පෙතොති වෙදිතබ්බො. චක්ඛුන්ද්රියසංවරෙන සංවුතො චක්ඛුන්ද්‍රියසංවරසංවුතො, උපෙතොති වුත්තං හොති. තථා හි, පාතිමොක්ඛසංවරසංවුතොති ඉමස්ස විභඞ්ගෙ “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති…පෙ… සමන්නාගතො”ති (විභ· 511) වුත්තං. තං එකජ්ඣං කත්වා චක්ඛුන්ද්රියසංවරෙන සංවුතොති එවමත්ථො වෙදිතබ්බො.
[missing trans] එපරිද්දෙන් ජවන් සිත්වල සීලාදිය උපන් කල්හි ද්වාරයද වසන ලද වෙයි. භවාගය ද ආවර්ජන ආදි වීථි චිත්තයෝ ද වසන ලද වෙති. එහෙයින් ජවන ක්ෂණයෙහි උපදින චක්ඛුඉන්ද්රිය සංවරයයි කියන ලදී. මෙහි ද සති සංවරය අදහස් කරන ලදැයි දතයුතුය. චක්ඛු ඉන්ද්රිය සංවරයෙන් සංවර වූයේ චක්ඛු ඉන්ද්රිය සංවර සංවුත නම් වේ. චක්ඛු ඉන්ද්රියාගේ සංවරයට පැමිණියේ යයි කියන ලද්දේ වෙයි. පාතිමොක්ඛ සංවර සංවුතො යන මේ පදයට විභංගයෙහි ඉමිනා පාතිමොක්ඛ සංවර සංවරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො යයි වදාරණ ලදී. එය එක්තැන්කොට චක්ඛු ඉන්ද්රියයාගේ සංවරයෙන් සංවර වූයේ චක්ඛුන්‍ද්‍රිය සංවර සංවුත නමැයි මෙසේ අර්ථ දතයුතු වේ.
අථ වා සංවරීති සංවුතො, ථකෙසි පිදහීති වුත්තං හොති. චක්ඛුන්ද්රියෙ සංවරසංවුතො චක්ඛුන්ද්‍රියසංවරසංවුතො, චක්ඛුන්ද්රියසංවරසඤ්ඤිතං සතිකවාටං චක්ඛුද්වාරෙ, ඝරද්වාරෙ කවාටං විය සංවරි ථකෙසි පිදහීති වුත්තං හොති. අයමෙව චෙත්ථ අත්ථො සුන්දරතරො. තථා හි “චක්ඛුන්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතො සංවුතස්ස විහරතො”ති එතෙසු පදෙසු අයමෙව අත්ථො දිස්සති.
නැතහොත් සංවර කළේනුයි සංවුත නමි. වැසුනේ යයි ද ඇහුරුනේ යයි ද කියන ලද්දේ වෙයි. මෙහි දු මෙම අර්ථයම අතිශයින් සුන්දර වූයේ වෙයි. එය එසේමැයි. චක්ඛුඉන්ද්රිය සංවර අසංවුතස්ස විහරතො සංවුතස්ස විහරතො යන මේ පදයන්හි මේ අර්ථයම දක්නා ලැබේ.
විහරතීති එවං චක්ඛුන්ද්‍රියසංවරසංවුතො යෙන කෙනචි ඉරියාපථවිහාරෙන විහරති. යඤ්හිස්සාතිආදිම්හි යං චක්ඛුන්ද්‍රියසංවරං අස්ස භික්ඛුනො අසංවුතස්ස අථකෙත්වා අපිදහිත්වා විහරන්තස්සාති එවමත්ථො වෙදිතබ්බො. අථ වා, යෙ-කාරස්ස යන්ති ආදෙසො. හිකාරො ච පදපූරණො, යෙ අස්සාති අත්ථො.
විහරති යනු මෙසේ චක්ඛු ඉන්ද්රිය සංවරයෙන් සංවර වූයේ යම්කිසි ඉරියාපථ විහරණයකින් වාසය කෙරෙයි. යං භිස්ස යන ආදියෙහි යම් චක්ඛු ඉන්ද්රිය සංවරයෙන් අසංවර වූයේ, නොවසා නොපියා වාසය කරන්නා වූ ඒ මහණහට යයි මෙසේ අරුත් දතයුතු වේ. නැතහොත් යෙ කාරයට යං ආදේශයයි. හි කාරය පද පූරණ අර්ථයෙහිය. [යෙ අස්ස යම් ආශ්රවයෙක් තුමු වන්නීද, ඕහට යන අර්ථයි.]
උප්පජ්ජෙය්යුන්ති නිබ්බත්තෙය්යුං. ආසවා විඝාතපරිළාහාති චත්තාරො ආසවා ච අඤ්ඤෙ ච විඝාතකරා කිලෙසපරිළාහා විපාකපරිළාහා ච. චක්ඛුද්වාරෙ හි ඉට්ඨාරම්මණං ආපාථගතං කාමස්සාදවසෙන අස්සාදයතො අභිනන්දතො කාමාසවො උප්පජ්ජති, ඊදිසං අඤ්ඤස්මිම්පි සුගතිභවෙ ලභිස්සාමීති භවපත්ථනාය අස්සාදයතො භවාසවො උප්පජ්ජති, සත්තොති වා සත්තස්සාති වා ගණ්හන්තස්ස දිට්ඨාසවො උප්පජ්ජති, සබ්බෙහෙව සහජාතං අඤ්ඤාණං අවිජ්ජාසවොති චත්තාරො ආසවා උප්පජ්ජන්ති. තෙහි සම්පයුත්තා අපරෙ කිලෙසා විඝාතපරිළාහා, ආයතිං වා තෙසං විපාකා. තෙපි හි අසංවුතස්සෙව විහරතො උප්පජ්ජෙය්යුන්ති වුච්චන්ති.
උප්පජ්ජෙය්යුං උපදින්නාහු නම් ආසවා විඝාත පරිළාහා යනු සතර ආකාර ආශ්‍රවයෝ ද අන්‍ය වූ විවිධ වූ පීඩාකාරි වූ කෙලෙස් පරිදාහයෝ ද නොහොත් විපාක පරිදාහයෝ ද උපදින්නාහුය. චක්ඛුද්වාරයෙහි අපාථයට පැමිණියා වූ ඉටු අරමුණු කාමාස්වාද වශයෙන් ආස්වාද කරන්නහුට සතුටු වන්නාහුට කාමාසව උපදී. මෙවැනි ඉටු අරමුණ අන්‍ය වූ සුගති භවයක් ලබන්නෙමියි භව ප්‍රාර්ථනාවෙන් එය ආස්වාද කරන්නහුට භවාශ්‍රව උපදියි. සත්ත්වයා කියා හෝ සත්ත්වයාගේ කියා හෝ ගන්නහුට දිට්ඨි ආශ්‍රව උපදී. සියල්ලන් සමගම සහජාත වූ නොදැනීම අවිජ්ජාසමයයි. මෙසේ සතරවැදෑරුම් ආශ්රවයෝම උපදිත්. ඔවුන් හා සම්පයුත්ත වූ අන්‍ය ක්ලේශයෝ විඝාත පරිලාහ නැතහොත් මත්තෙහි ඔවුන්ගේ විපාකයෝ ද විඝාත පරිලාහ නම් වෙති. ඔවුහුද අසංවරවර වාසය කරන්නහුටම උපදින්නාහු යයි කියනු ලැබෙති.
එවංස තෙති එවං අස්ස තෙ. එවං එතෙන උපායෙන න හොන්ති, නො අඤ්ඤථාති වුත්තං හොති. එස නයො පටිසඞ්ඛා යොනිසො සොතින්ද්රියසංවරසංවුතොතිආදීසු.
එවං සතෙ, යනු එවං අස්ස තෙ මෙසේ ඕ හට ඒ ආසවයෝ, මෙසේ මේ උපායෙන් නොවෙති. අන් පරිද්දෙකින්ද නොවේ යයි කියන ලද්දේ වෙයි. පටිසංඛායොනිසො සොතින්ද්රිය සංවර සංවුතො යනාදීන්හිද මේ ක්‍රමයමැයි.
ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, ආසවා සංවරා පහාතබ්බාති ඉමෙ ඡසු ද්වාරෙසු චත්තාරො චත්තාරො කත්වා චතුවීසති ආසවා සංවරෙන පහාතබ්බාති වුච්චන්ති. සබ්බත්ථෙව චෙත්ථ සතිසංවරො එව සංවරොති වෙදිතබ්බො.
ඉමෙ වුවති ආසවා සංවරා පහාතබ්බා මේ සදොරෙහි එකක හතර හතර බැගින් ඇතිවන්නා වූ සුවිසි ආශ්‍රව ධර්මයෝ සංවරයෙන් පහාතබ්බයෝ වෙති. මේ සියලු තන්හිම සති සංවරයම සංවරයයි දතයුතුයැ.
සංවරාපහාතබ්බආසවවණ්ණනා නිට්ඨිතා.
පටිසෙවනාපහාතබ්බආසවවණ්ණනා
පටිසෙවනා පහාතබ්බ
පටිසඞ්ඛා යොනිසො චීවරන්තිආදීසු යං වත්තබ්බං, තං සබ්බං විසුද්ධිමග්ගෙ සීලකථායං වුත්තමෙව. යඤ්හිස්සාති යං චීවරපිණ්ඩපාතාදීසු වා අඤ්ඤතරං අස්ස. අප්පටිසෙවතොති එවං යොනිසො අප්පටිසෙවන්තස්ස. සෙසං වුත්තනයමෙව. කෙවලං පනිධ අලද්ධං චීවරාදිං පත්ථයතො ලද්ධං වා අස්සාදයතො කාමාසවස්ස උප්පත්ති වෙදිතබ්බා.
පටිසංඛායොනිසො චීවරං ආදි තන්හි යමක් කිවයුතු ද ඒ සියල්ල විසුද්ධි මාර්ගයෙහි සීලකථාවෙහි කියන ලද්දේ වෙයි. යං හිස්ස යනු යම් චීවරයක් හෝ පිණ්ඩපාතාදීන් අතුරෙන් එක් ප්‍රත්‍යයක් හෝ සේවනය කරන්නහුට අප්පටිසේවතො, මෙසේ නුවණින් සේවනය නොකරන්නහුට සෙස්ස කී අයුරුමැයි. හුදෙක් මෙහි නොලත් චීවර ආදිය ප්‍රාර්ථනා කරන්නහුටද ලත් චීවර ආශ්වාදනය කරන්නහුට ද කාමාසවයාගේ හටගැනීම දතයුතුයැ.
ඊදිසං අඤ්ඤස්මිම්පි සම්පත්තිභවෙ සුගතිභවෙ ලභිස්සාමීති භවපත්ථනාය අස්සාදයතො භවාසවස්ස, අහං ලභාමි න ලභාමීති වා මය්හං වා ඉදන්ති අත්තසඤ්ඤං අධිට්ඨහතො දිට්ඨාසවස්ස උප්පත්ති වෙදිතබ්බා. සබ්බෙහෙව පන සහජාතො අවිජ්ජාසවොති එවං චතුන්නං ආසවානං උප්පත්ති විපාකපරිළාහා ච නවවෙදනුප්පාදනතොපි වෙදිතබ්බා.
මෙබඳු අ්ය වූ (තමා ඇලුනු) භවයෙහි, සුගති භවයෙහි ලබන්නෙමැයි භව ප්‍රාර්ථනාවගේ ආස්වාද වශයෙන් භවාසවයාගේ ද, ඇතිවීම දතයුතුයි. මම ලබමියි කියා හෝ නොලබමියි කියා හෝ, මේ මගේ යයි කියා හෝ ආත්ම සංඥාව අත්නොහරින්නා වූ දිට්ඨි ආශ්රවයාගේ උපත දතයුතුයි. සියල්ලන් හා සමග සහජාත වූයේ අවිජ්ජා ආශ්‍රවයයි. මේ සතර ආශ්‍රවයන්ගේ උත්පත්ති විපාක පරිලාහයෝ ද නව වේදනෝත්පාදයෙන්ම දතයුත්තාහුය.
ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, ආසවා පටිසෙවනා පහාතබ්බාති ඉමෙ එකමෙකස්මිං පච්චයෙ චත්තාරො චත්තාරො කත්වා සොළස ආසවා ඉමිනා ඤාණසංවරසඞ්ඛාතෙන පච්චවෙක්ඛණපටිසෙවනෙන පහාතබ්බාති වුච්චන්ති.
ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා යනු එක එක ප්‍රත්‍යයෙහි සතරක් කොට මේ සොළොස් ආශ්‍රවයෝ ඤාණසංවර නම් වූ ප්රත්යවේක්ෂා පටිසේවනයෙන් පහකළ යුත්තාහු යයි කියනු ලබති.
පටිසෙවනාපහාතබ්බආසවවණ්ණනා නිට්ඨිතා.
අධිවාසනාපහාතබ්බආසවවණ්ණනා
අධිවාසනා පහාතබ්බ
පටිසඞ්ඛා යොනිසො ඛමො හොති සීතස්සාති උපායෙන පථෙන පච්චවෙක්ඛිත්වා ඛමො හොති සීතස්ස සීතං ඛමති සහති, න අවීරපුරිසො විය අප්පමත්තකෙනපි සීතෙන චලති කම්පති කම්මට්ඨානං විජහති.
පටිසංඛා යොනිසො ඛමො හොති, සීතස්ස යන උපාය මාර්ගයෙන් ප්රත්යවේක්ෂා කොට සීත ඉවසයි. අවීර පුරුෂයෙකු (වීර ගතියක් නොමැති) මෙන් මද පමණ වූ ද සීතෙන් නොසැලෙයි. කම්පා නොවෙයි. කමටහන් මෙනෙහි කෙරෙයි.
ලෝමසනාග තෙරුන් වහන්සේ
අපිච ඛො ලොමසනාගත්ථෙරො විය අනප්පකෙනාපි සීතෙන ඵුට්ඨො න චලති න කම්පති, කම්මට්ඨානමෙව මනසි කරොති. ථෙරො කිර චෙතියපබ්බතෙ පියඞ්ගුගුහායං පධානඝරෙ විහරන්තො අන්තරට්ඨකෙ හිමපාතසමයෙ ලොකන්තරිකනිරයෙ පච්චවෙක්ඛිත්වා කම්මට්ඨානං අවිජහන්තොව අබ්භොකාසෙ වීතිනාමෙසි. එවං උණ්හාදීසුපි අත්ථයොජනා වෙදිතබ්බා.
ලෝමසනාග තෙරුන් වහන්සේ මෙන් අනල්ප වු සීතලෙන් පහස ලද්දේ නොසැලෙයි. කම්පා නොවෙයි. කමටහනම මෙනෙහි කරයි. තෙරුන් වහන්සේ වනාහි සෑගිරියෙහි පුවගු ගුහාවෙහි පධන් වීර්යය කරන්නේ අන්තරට්ඨකෙ හිමපාත සමයෙහි, (නවම් මැදින් දෙමස අතර අටදවස, හිමවැටෙන සමය) මේ කාලය තුළ ලෝකාන්තරික නරකයෙහි සීතල ප්රත්යවෙක්ෂා කොට කමටහන නොහරිමින්ම එළිමහනේ කල්යැවූ සේක. උෂ්ණ කාලය පිළිබඳවද අරුත් යෙදීම දතයුතුය.
කෙවලඤ්හි යො භික්ඛු අධිමත්තම්පි උණ්හං සහති ස්වෙව ථෙරො විය, අයං “ඛමො උණ්හස්සා”ති වෙදිතබ්බො. ථෙරො කිර ගිම්හසමයෙ පච්ඡාභත්තං බහිචඞ්කමෙ නිසීදි. කම්මට්ඨානං මනසිකරොන්තො සෙදාපිස්ස කච්ඡෙහි මුච්චන්ති. අථ නං අන්තෙවාසිකො ආහ “ඉධ, භන්තෙ, නිසීදථ, සීතලො ඔකාසො”ති.
යම් මහණ කෙනෙක් වැඩිතරම් වූත් උණුසුම ඉවසාද ඒ ලෝමස නාග තෙරුන් මෙන්ම මේ මහණ තෙමේද උණුසුම ඉවසන්නේ, යයි දතයුතුයැ. තෙරුන් වහන්සේ ග්‍රීෂ්ම කාලයෙහි එසේම පසුබත් කාලයෙහි, බාහිර සක්මනක කමටහන් කරමින් හුන්හ. උන්වහන්සේගේ දෙකිසිල්ලෙන් ඩහදිය මිදෙත්. එවිට උන්වහන්සේගේ අතවැසි තෙමේ මෙසේ කීය. ස්වාමීනි, මෙහි හුන මැනවි. මේ අවකාශය සිසිලය.
ථෙරො “උණ්හභයෙනෙවම්හි ආවුසො ඉධ නිසින්නො”ති අවීචිමහානිරයං පච්චවෙක්ඛිත්වා නිසීදියෙව. උණ්හන්ති චෙත්ථ අග්ගිසන්තාපොව වෙදිතබ්බො. සූරියසන්තාපවසෙන පනෙතං වත්ථු වුත්තං.
තෙරුන් වහන්සේ ඇවැත්නි, උණුසුම් බියෙන්ම මෙහි හුන්නේ නොවෙමි. අවීචිමහ නරකය ප්රත්යවෙක්ෂා කරමින් හුන්නාහු මිස උණ්හං යන මෙහිද වහ්නි සන්තාපයම දතයුතුය. සූර්ය සන්තාපයාගේ වශයෙන් මේ වස්තුව කියන ලදී.
යො ච ද්වෙ තයො වාරෙ භත්තං වා පානීයං වා අලභමානොපි අනමතග්ගෙ සංසාරෙ අත්තනො පෙත්තිවිසයූපපත්තිං පච්චවෙක්ඛිත්වා අවෙධෙන්තො කම්මට්ඨානං න විජහතියෙව. අධිමත්තෙහි ඩංසමකසවාතාතපසම්ඵස්සෙහි ඵුට්ඨො චාපි තිරච්ඡානූපපත්තිං පච්චවෙක්ඛිත්වා අවෙධෙන්තො කම්මට්ඨානං න විජහතියෙව. සරීසපසම්ඵස්සෙන ඵුට්ඨො චාපි අනමතග්ගෙ සංසාරෙ සීහබ්යග්ඝාදිමුඛෙසු අනෙකවාරං පරිවත්තිතපුබ්බභාවං පච්චවෙක්ඛිත්වා අවෙධෙන්තො කම්මට්ඨානං න විජහතියෙව පධානියත්ථෙරො විය. අයං “ඛමො ජිඝච්ඡාය…පෙ… සරීසපසම්ඵස්සාන”න්ති වෙදිතබ්බො.
යමෙක් දෙතුන්වාරයක් ආහාරපාන නොලබන්නේ ද නොදත් කෙළවර ඇති සසරෙහි තමාගේ තම ප්‍රේත විෂයෙහි උපත ප්රත්යවෙක්ෂා කොට කම්පා නොවී කමටහන අත්නොහරින්නේමය. අධික වැසි, මැසි මදුරු වාත අව් පහසින් පහස ලබන්නේ ද තමාගේ තිරිසන් යෝනියෙහි උපත් ප්රත්යවෙක්ෂා කොට කම්පා නොවී කර්මස්ථානය අත් නොහරින්නේමය. සර්ප ජාතින්ගේ පහස ලදුයේ ද නොදත් කෙළවර ඇති සසරෙහි සිංහ ව්‍යාඝ්‍රයන්ගේ මුඛයෙහි නොයෙක් වර පෙර වැටුනු විරූ බව ප්රත්යවෙක්ෂා කොට නොවෙව්ලමින් කමටහන නොහරනේම වේද, පධානිය තෙරුන් මෙන් මේ මහණ තෙම බඩසාදුක -පෙ- සර්ප ජාතීන්ගේ ස්පර්ශය යන මේවා ඉවසන්නේ මේයයි දතයුතුයැ..
පධානිය තෙරුන් වහන්සේ
ථෙරං කිර ඛණ්ඩචෙලවිහාරෙ කණිකාරපධානියඝරෙ අරියවංසං සුණන්තං ඝොරවිසො සප්පො ඩංසි. ථෙරො ජානිත්වාපි පසන්නචිත්තො නිසින්නො ධම්මංයෙව සුණාති. විසවෙගො ථද්ධො අහොසි. ථෙරො උපසම්පදමණ්ඩලං ආදිං කත්වා සීලං පච්චවෙක්ඛිත්වා පරිසුද්ධසීලොහමස්මීති පීතිං උප්පාදෙසි. සහ පීතුප්පාදා විසං නිවත්තිත්වා පථවිං පාවිසි. ථෙරො තත්ථෙව චිත්තෙකග්ගතං ලභිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි.
ඛණ්ඩසේල වෙහෙරෙහි කණිකාර ප්‍රධාන ඝරයෙහි අරියවංස සූත්‍රය ශ්‍රවණය කරන්නා වූ තෙරුන්ව ඝෝර විෂ ඇති සර්පයෙක් දෂ්ට කළේය. තෙරුන් වහන්සේ එය දැනද පහන් සිත් ඇතිව ධර්මයම අසති. තෙරුන් වහන්සේ උපසම්පදා මණ්ඩලය ආදිකොට (උපසම්පදා අවස්ථාවේ සිට සීලය ප්රත්යවෙක්ෂා කොට පිරිසිදු සිල් ඇත්තෙක් වෙම් යයි, ප්‍රීතිය ඉපද වූහ. ප්‍රීතිය ඉපදීම සමගම විෂ නැවතී පෘථුවියට පිවිසියේය. තෙරුන් වහන්සේ එහිදීම සිතෙහි එකඟ බව ලැබ විදසුන් වඩා රහත් බවට පැමිණි සේක.
යො පන අක්කොසවසෙන දුරුත්තෙ දුරුත්තත්තායෙව ච දුරාගතෙ අපි අන්තිමවත්ථුසඤ්ඤිතෙ වචනපථෙ සුත්වා ඛන්තිගුණංයෙව පච්චවෙක්ඛිත්වා න වෙධති දීඝභාණකඅභයත්ථෙරො විය. අයං “ඛමො දුරුත්තානං දුරාගතානං වචනපථාන”න්ති වෙදිතබ්බො.
යමෙක් ආක්‍රෝශ වශයෙන් නපුරුකොට කියන ලද බැවින්ම නපුරු බවට පැමිණියා වූ අන්තිම වස්තුවෙන් කරනු ලබන චෝදනාත් අසා ක්ෂාන්ති ගුණයම ප්රත්යවෙක්ෂා කොට කම්පා නොවේ ද දීඝභාණක අභය තෙරුන් මෙන් මේ තෙමේ නපුරුකොට කියන ලද්දා වූ, එහෙයින්ම නපුරු බවට පැමිණියා වූ වචනයන් ඉවසන්නේ වේයයි දතයුතුයැ.
දීඝභාණක අභයතෙරුන් වහන්සේ
ථෙරො කිර පච්චයසන්තොසභාවනාරාමතාය මහාඅරියවංසප්පටිපදං කථෙසි, සබ්බො මහාගාමො ආගච්ඡති. ථෙරස්ස මහාසක්කාරො උප්පජ්ජති. තං අඤ්ඤතරො මහාථෙරො අධිවාසෙතුං අසක්කොන්තො දීඝභාණකො අරියවංසං කථෙමීති සබ්බරත්තිං කොලාහලං කරොසීතිආදීහි අක්කොසි. උභොපි ච අත්තනො අත්තනො විහාරං ගච්ඡන්තා ගාවුතමත්තං එකපථෙන අගමංසු. සකලගාවුතම්පි සො තං අක්කොසියෙව. තතො යත්ථ ද්වින්නං විහාරානං මග්ගො භිජ්ජති, තත්ථ ඨත්වා දීඝභාණකත්ථෙරො තං වන්දිත්වා “එස, භන්තෙ, තුම්හාකං මග්ගො”ති ආහ. සො අසුණන්තො විය අගමාසි. ථෙරොපි විහාරං ගන්ත්වා පාදෙ පක්ඛාලෙත්වා නිසීදි. තමෙනං අන්තෙවාසිකො “කිං, භන්තෙ, සකලගාවුතං පරිභාසන්තං න කිඤ්චි අවොචුත්ථා”ති ආහ. ථෙරො “ඛන්තියෙව, ආවුසො, මය්හං භාරො, න අක්ඛන්ති. එකපදුද්ධාරෙපි කම්මට්ඨානවියොගං න පස්සාමී”ති ආහ. එත්ථ ච වචනමෙව වචනපථොති වෙදිතබ්බො.
මෙම තෙරුන්වහන්සේ වූ කලී ප්‍රත්‍ය සන්තෝෂයෙහි ද භාවනාවෙහි ද ඇලුණු බැවින් මහා අරියවංස ප්‍රතිපදාව වදාළහ. මාගම සියලු ජනතෙම පැමිණියේය. තෙරුන් වහන්සේට මහත් සත්කාර උපනි. එක්තරා මහතෙර කෙනෙක් මෙය ඉවසන්ට නොහැකිව දීඝභාණක තෙමේ අරියවංසය කියන්නේමැයි මුළු රාත්‍රියෙහිම කෝළාහල කෙරෙයි යනාදීන් ආක්‍රෝෂ කළේය. නැවත දෙදෙනා වහන්සේම තම තමන්ගේ විහාරවලට යන්නාහු ගව්වක් පමණ එක මගින්ම ගියාහුය. මුළු ගව්ව තුළම හෙතෙම දීඝභාණක තෙරුන්ට ආක්‍රෝෂ කළේමය. යම් තැනකදී විහාර ද්වාරයට යන්නා වූ මාර්ගය බෙදේ ද එහි සිට දීඝභාණ ස්ථවිරයන් වහන්සේ ඒ මහලු තෙරුන් වැඳ මේ ඔබගේ මාර්ගයයි කීහ. හෙතෙම නොඇසුණාක් මෙන් ගියේය. තෙරුන් වහන්සේ ද විහාරයට ගොස් පා සෝදා වැඩ හුන්හ. එසේ වැඩහුන් තෙරුන් වහන්සේට අතවැසිතෙම කිම ස්වාමීනි, මුළු ගව්වක් තැන් පරිභව කරන්නහුට කිසිවක් නොකීවාහුද? තෙරුන් වහන්සේ, ඇවැත්නි ඉවසීම මට බරෙක් නොවේ. එක් පියවරෙක්හිදු කමටහනින් වෙන් වීමක් නොදකිමියි කීහ. මෙහි වචනයම වචනපථය යයි දතයුතු ය.
යො පන උප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛමනට්ඨෙන දුක්ඛා, බහලට්ඨෙන තිබ්බා, ඵරුසට්ඨෙන ඛරා, තිඛිණට්ඨෙන කටුකා, අස්සාදවිරහතො අසාතා, මනං අවඩ්ඪනතො අමනාපා, පාණහරණසමත්ථතාය පාණහරා අධිවාසෙතියෙව, න වෙධති. එවං සභාවො හොති චිත්තලපබ්බතෙ පධානියත්ථෙරො විය. අයං “උප්පන්නානං…පෙ… අධිවාසනජාතිකො”ති වෙදිතබ්බො.
ඉවසීමට දුෂ්කර අර්ථයෙන්, දුක් වූ බහලාර්ථයෙන්, තියුණු වූ පරුෂාර්ථයෙන්, ක්‍රෑර වූ තියුණු අර්ථයෙන්, කටුක වූ අස්සාද විරහිත අර්ථයෙන් මධුර නොවූ කැමැත්තක් නොමැති හෙයින් අමනාප වූ, ප්රාණහරණාර්ථයෙන් ප්‍රාණහර වූ උපන්නා වූ ශාරීරික වේදනාවන් ඉවසන්නේම වේද, කම්පා නොවේද, චිත්තල පබ්බත වාසී පධානිය තෙර මෙබඳු ස්වභාව ඇත්තේ වේ. මෙතෙම චිත්තල පබ්බතවාසි පධානිය තෙර මෙන් උපන්නා වූ -පෙ- ඉවසන ස්වභාව ඇත්තේ යයි දතයුත්තේය.
සිතුල් පව්වැසි පධානිය තෙර
ථෙරස්ස කිර රත්තිං පධානෙන වීතිනාමෙත්වා ඨිතස්ස උදරවාතො උප්පජ්ජි. සො තං අධිවාසෙතුං අසක්කොන්තො ආවත්තති පරිවත්තති. තමෙනං චඞ්කමපස්සෙ ඨිතො පිණ්ඩපාතියත්ථෙරො ආහ “ආවුසො, පබ්බජිතො නාම අධිවාසනසීලො හොතී”ති. සො “සාධු, භන්තෙ”ති අධිවාසෙත්වා නිච්චලො සයි. වාතො නාභිතො යාව හදයං ඵාලෙති. ථෙරො වෙදනං වික්ඛම්භෙත්වා විපස්සන්තො මුහුත්තෙන අනාගාමී හුත්වා පරිනිබ්බායීති.
රාත්‍රී කාලයේ පධන් වීර්යයෙන් කල්යවා සිටි තෙරුන් වහන්සේට උදරාබාධයක් හටගත්තේය. උන්වහන්සේට එය ඉවසිය නොහැක්කේ එහාට මෙහාට පෙරලෙති. එසේ පෙරලෙන්නා වූ උන්වහන්සේට සක්මන්පස සිටියා වූ පිණ්ඩපාතිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. ඇවැත්නි, ප්රවෘජ්ජිත නම් ඉවසනසුළු වේයයි. මැනව වහන්සයි නිශ්චලව සයනය කළහ. වාතය තෙම නැබ පටන් ලය තෙක් පැලීය. වේදනාව විෂ්කම්භනය කොට විදර්ශනා වඩන්නාහු මොහොතකින් අනාගාමීව පිරිනිවන්පෑ සේක.
යඤ්හිස්සාති සීතාදීසු යංකිඤ්චි එකධම්මම්පි අස්ස. අනධිවාසයතොති අනධිවාසෙන්තස්ස අක්ඛමන්තස්ස. සෙසං වුත්තනයමෙව.
යං හිස්ස යනු සීතාදීන් අතුරෙන් යම්කිසි එක ධර්මයකුදු ඕහට අනධිවාසයතො අධිවාසනය නොකරන්නහුට, නොඉවසන්නහුට, සෙස්ස කී නය මැයි.
ආසවුප්පත්ති පනෙත්ථ එවං වෙදිතබ්බා. සීතෙන ඵුට්ඨස්ස උණ්හං පත්ථයන්තස්ස කාමාසවො උප්පජ්ජති, එවං සබ්බත්ථ. නත්ථි නො සම්පත්තිභවෙ සුගතිභවෙ සීතං වා උණ්හං වාති භවං පත්ථයන්තස්ස භවාසවො. මය්හං සීතං උණ්හන්ති ගාහො දිට්ඨාසවො. සබ්බෙහෙව සම්පයුත්තො අවිජ්ජාසවොති.
මෙහි දී ආශ්‍රවයන්ගේ උපත මෙසේ දතයුතුයැ. සීත ස්පර්ශ වූවහුට උෂ්ණය පතන්නේ කාමාසවය උපදී. සියලු තන්හි මෙසේය. අපට සම්පත්ති භවයෙහි, සුගති භවයෙහි සීත හෝ උෂ්ණය නැතැයි භවය පතන්නහුට භවාසවය උපදී. මගේ සීතය උණුසුමයයි ගන්නහුට දිටඨි ආශ්‍රවය ඇතිවෙයි. සියල්ලන් හා සම්ප්‍රයුක්ත අවිජ්ජාසවය ද උපදී යයි
“ඉමෙ වුච්චන්ති…පෙ… අධිවාසනා පහාතබ්බා”ති ඉමෙ සීතාදීසු එකමෙකස්ස වසෙන චත්තාරො චත්තාරො කත්වා අනෙකෙ ආසවා ඉමාය ඛන්තිසංවරසඞ්ඛාතාය අධිවාසනාය පහාතබ්බාති වුච්චන්තීති අත්ථො. එත්ථ ච යස්මා අයං ඛන්ති සීතාදිධම්මෙ අධිවාසෙති, අත්තනො උපරි ආරොපෙත්වා වාසෙතියෙව. න අසහමානා හුත්වා නිරස්සති, තස්මා “අධිවාසනා”ති වුච්චතීති වෙදිතබ්බා.
ඉමෙ වුච්චන්ති -පෙ- අධිවාසනා පහාතබ්බා යනු මේ ශීතාදීන් අතුරෙන් එකක හතර බැගින් වූ නොයෙක් ආශ්‍රවයෝ ඛන්ති සංවර නම් වූ අධිවාසනයෙන් දුරු කටයුත්තේ යයි කියනු ලැබෙත් යයි යන අර්ථයි. මෙසේ මේ ඛන්ති තොමෝ ‘සීත’ ආදී ධර්මයන් ඉවසා ද, තමා මතුවෙහි ආරෝපණය කොට වාසය කරන්නේම වේද, නොඉවසන්නේ, ආසවාද නොකරන්නේ වේද, එහෙයින් අධිවාසනා යයි කියනු ලබන බව දත යුතුය.
අධිවාසනාපහාතබ්බආසවවණ්ණනා නිට්ඨිතා.
පරිවජ්ජනාපහාතබ්බආසවවණ්ණනා
පරිවජ්ජනා පහාතබ්බ
පටිසඞ්ඛා යොනිසො චණ්ඩං හත්ථිං පරිවජ්ජෙතීති අහං සමණොති චණ්ඩස්ස හත්ථිස්ස ආසන්නෙ න ඨාතබ්බං. තතොනිදානඤ්හි මරණම්පි සියා මරණමත්තම්පි දුක්ඛන්ති එවං උපායෙන පථෙන පච්චයෙන පච්චවෙක්ඛිත්වා චණ්ඩං හත්ථිං පරිවජ්ජෙති පටික්කමති. එස නයො සබ්බත්ථ. චණ්ඩන්ති ච දුට්ඨං, වාළන්ති වුත්තං හොති. ඛාණුන්ති ඛදිරඛාණුආදිං. කණ්ටකට්ඨානන්ති කණ්ටකානං ඨානං, යත්ථ කණ්ටකා විජ්ජන්ති, තං ඔකාසන්ති වුත්තං හොති. සොබ්භන්ති සබ්බතො පරිච්ඡින්නතටං. පපාතන්ති එකතො ඡින්නතටං. චන්දනිකන්ති උච්ඡිට්ඨොදකගබ්භමලාදීනං ඡඩ්ඩනට්ඨානං. ඔළිගල්ලන්ති තෙසංයෙව සකද්දමාදීනං සන්දනොකාසං. තං ජණ්ණුමත්තම්පි අසුචිභරිතං හොති, ද්වෙපි චෙතානි ඨානානි අමනුස්සදුට්ඨානි හොන්ති. තස්මා තානි වජ්ජෙතබ්බානි. අනාසනෙති එත්ථ පන අයුත්තං ආසනං අනාසනං, තං අත්ථතො අනියතවත්ථුකං රහොපටිච්ඡන්නාසනන්ති වෙදිතබ්බං. අගොචරෙති එත්ථපි ච අයුත්තො ගොචරො අගොචරො, සො වෙසියාදිභෙදතො පඤ්චවිධො. පාපකෙ මිත්තෙති ලාමකෙ දුස්සීලෙ මිත්තපතිරූපකෙ, අමිත්තෙ වා. භජන්තන්ති සෙවමානං. විඤ්ඤූ සබ්රහ්මචාරීති පණ්ඩිතා බුද්ධිසම්පන්නා සබ්රහ්මචාරයො, භික්ඛූනමෙතං අධිවචනං. තෙ හි එකකම්මං එකුද්දෙසො සමසික්ඛතාති ඉමං බ්රහ්මං සමානං චරන්ති, තස්මා සබ්රහ්මචාරීති වුච්චන්ති. පාපකෙසු ඨානෙසූති ලාමකෙසු ඨානෙසු. ඔකප්පෙය්යුන්ති සද්දහෙය්යුං, අධිමුච්චෙය්යුං “අද්ධා අයමායස්මා අකාසි වා කරිස්සති වා”ති.
පටිසංඛා යොනිසො චණ්ඩං හත්ථිං පරිවජ්ජෙති යනු මම පැවිද්දෙක් වෙමි. නපුරු වූ ඇතුන් සමීපයෙහි නොසිටිය යුතුයි. ඒ හේතුවෙන් මරණයත් මරණයට සමාන දුකකුත් වන්නේ ද, මෙසේ උපායෙන් මාර්ගයෙන් ප්රත්යවේක්ෂා කොට නපුරු වූ ඇතාගෙන් වෙන්වේද, නික්ම යේද, සියලු තන්හි මෙම ක්‍රමය මැයි. චණ්ඩං නපුරු නොහික්මුණු යයි කියන ලද්දේ වෙයි. ඛාණු යනු කිහිරි කණු ආදිය. කණ්ටකාධානං කටු පිහිටි තැන්, යම්තැනක කටු පිහිටියේ වෙයිද ඒ අවකාශයයි කියන ලද වෙයි. සොබ්භං යනු හැම පසින්ම ඉවුරු බිඳී ඇති, පපාතං යනු එක පසකින් බුන් ඉවුරු ඇති. චන්දනිකං, ඉඳුල් වතුර ගැබ්මල ආදිය දමන තැන. ඔලිගල්ලං ඒ මඩ ආදියම ගලාබස්නා තැන. එහි දනක් පමණ අශූචියෙන් පිරුනේ වෙයි. මේ දෙතැනම අමනුෂ්‍යයන්ගෙන් දූෂිත වූවාහු වෙති. අනාසන මෙහි නොසුදුසු අසුන අනාසන නම් වෙති. එය අර්ථ වශයෙන් අනියත ආපත්තියට වස්තු වූ රහසිගත වැසුනු ආයතනයයි දත යුතුයැ. අගොචරො, මෙහි නොසුදුසු ගෝචරය අගෝචර නම් වේ. එය ‘වෙසිය’ ආදී භේද වශයෙන් පස්ආකාර වේ. පාපකෙ මිත්තෙ යනු ලාමක වූ දුශ්ශීල වූ මිත්‍ර ප්‍රතිරූපක වූ අමිත්රයෝයි. භනජතං සේවනය කරන්නහු. විඤ්ඤූ බ්‍රහ්මචාරී පණ්ඩිත වූ බුද්ධිසම්පන්න වූ සබ්රහ්මචාරීහුය. මේ භික්ෂූන්ට විශිෂ්ට නමකි. ඒ භික්ෂූහු එකකර්මය, එකුද්දේසය සමානව හැසිරෙත්නුයි සබ්රහ්මචාරීයයි කියනු ලැබෙත්. පාපකෙ ඨානෙසු ලාමක තැන්වල, ඔකප්පෙය්යුං යනු ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙම කළේයයි හෝ කරන්නේ යයි හෝ අදහන්නාහු ද, නිගමනයකට පැමිණෙන්නාහුද වෙති.
යඤ්හිස්සාති හත්ථිආදීසු යංකිඤ්චි එකම්පි අස්ස. සෙසං වුත්තනයමෙව. ආසවුප්පත්ති පනෙත්ථ එවං වෙදිතබ්බා. හත්ථිආදිනිදානෙන දුක්ඛෙන ඵුට්ඨස්ස සුඛං පත්ථයතො කාමාසවො උප්පජ්ජති. නත්ථි නො සම්පත්තිභවෙ සුගතිභවෙ ඊදිසං දුක්ඛන්ති භවං පත්ථෙන්තස්ස භවාසවො. මං හත්ථී මද්දති, මං අස්සොති ගාහො දිට්ඨාසවො. සබ්බෙහෙව සම්පයුත්තො අවිජ්ජාසවොති.
යං හිස්ස යනු හස්ති ආදීන් අතුරෙන් යම්කිසි එකෙකු වේද, ඕහට, සෙස්ස කීනය මැයි. මෙහි ආසවයන්ගේ උපත මෙසේ දතයුත්තේය. හත්ථි ආදීන් හේතුකොට දුකින් පෙලුනහුගේ සැප ප්‍රාර්ථනා කරන්නේ කාමාසව උපදී. අපට සම්පත්ති භවයෙහි සුගති භවයෙහි මෙබඳු දුකක් නැතැයි භවය ප්‍රාර්ථනා කරන්නහුට භවාසවයද, මා ඇතෙක් මඩී, මා ඇතෙක් මඩී යයි ගැනීම දිට්ඨි ආසවයයි. සියල්ලන් සමග සම්පයුක්ත වූයේ අවිජ්ජාසව වේයයි
ඉමෙ වුච්චන්ති…පෙ… පරිවජ්ජනා පහාතබ්බාති ඉමෙ හත්ථිආදීසු එකෙකස්ස වසෙන චත්තාරො චත්තාරො කත්වා අනෙකෙ ආසවා ඉමිනා සීලසංවරසඞ්ඛාතෙන පරිවජ්ජනෙන පහාතබ්බාති වුච්චන්තීති වෙදිතබ්බා.
ඉමෙ වුච්චන්ති -පෙ- පරිවජ්ජනා පහාතබ්බා යන මේ ඇත් ආදීන් අතුරෙන් එකක් එකක් පාසා සතර සතර බැගින් නොයෙක් ආසවයෝ මේ සීල සංවර නම් වූ පරිවජ්ජනයෙන් පහකළ යුත්තාහු යයි කියන ලද්දාහු වෙත් යයි දතයුත්තේය.
පරිවජ්ජනාපහාතබ්බආසවවණ්ණනා නිට්ඨිතා.
විනොදනාපහාතබ්බආසවවණ්ණනා
විනොදනා පහාතබ්බ
පටිසඞ්ඛා යොනිසො උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙතීති “ඉති පායං විතක්කො අකුසලො, ඉතිපි සාවජ්ජො, ඉතිපි දුක්ඛවිපාකො, සො ච ඛො අත්තබ්‍යාබාධාය සංවත්තතී”තිආදිනා නයෙන යොනිසො කාමවිතක්කෙ ආදීනවං පච්චවෙක්ඛිත්වා තස්මිං තස්මිං ආරම්මණෙ උප්පන්නං ජාතමභිනිබ්බත්තං කාමවිතක්කං නාධිවාසෙති, චිත්තං ආරොපෙත්වා න වාසෙති, අබ්භන්තරෙ වා න වාසෙතීතිපි අත්ථො.
පටිසංඛායොනිසො උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති මේ කරුණින් ද මේ විතර්කය අකුසලය. මේ කරුණින් දුක්ඛ විපාකය. එය වනාහි තමහට දුක් පිණිස පවතී යයි මේ ක්‍රමයෙන් නුවණින් කාම විතක්කයෝ ආදීනව ප්රත්යවේක්ෂා කොට ඒ ඒ අරමුණෙහි උපන් හටගත් පහළ වූ කාම විතක්කය නො ඉවසයි. සිතට නංවාගෙන වාසය නො කරවයි. අභ්‍යන්තරයෙහි හෝ වාසය නො කරවයි යන අර්ථයි.
අනධිවාසෙන්තො කිං කරොතීති? පජහති ඡඩ්ඩෙති.
නො ඉවසන්නේ කුමක් කෙරේද? දුරුකරයි හැරදමයි.
කිං කචවරං විය පිටකෙනාති? න හි, අපිච ඛො නං විනොදෙති තුදති විජ්ඣති නීහරති.
කුඩයකින් කසල ඉවත් කරන්නාක් මෙන් නොවේ. සංසිඳුවයි. පෙළයි. විදියි. බැහැර කරයි.
කිං බලිබද්දං විය පතොදෙනාති? න හි, අථ ඛො නං බ්යන්තීකරොති විගතන්තං කරොති. යථාස්ස අන්තොපි නාවසිස්සති අන්තමසො භඞ්ගමත්තම්පි, තථා නං කරොති.
කෙවිටකින් ගවයෙකු මෙන් නොවේ. නමුත් ඒ විතර්කය විනාශ කරයි. පහ වූ අන්තය ඇත්තක් කරයි. යම්සේ ඇතුළතද යටත් පිරිසෙන් ඔහුගේ භවාග මාත්‍රයකුදු ඉතුරු නොවේ ද එය එපරිද්දෙන් කෙරෙයි.
කථං පන නං තථා කරොතීති? අනභාවං ගමෙතීති අනු අනු අභාවං ගමෙති, වික්ඛම්භනප්පහානෙන යථා සුවික්ඛම්භිතො හොති, තථා කරොතීති වුත්තං හොති. එස නයො බ්යාපාදවිහිංසාවිතක්කෙසු.
කෙසේනම් එය එසේ කෙරේ ද යත්, අනභාවං ගමෙති යනු අනුක්රමයෙන් අභාවයට පමුණුවයි. වික්ඛම්භන ප්‍රහාණයෙන් මනාව වික්ඛම්භනය කෙරේද, එපරිද්දෙන් කරන ලද්දේ යයි කියන ලද්දේය. ව්‍යාපාද, විහිංසා විතර්කයන්හිද මේ ක්‍රමයමැයි.
එත්ථ ච කාමවිතක්කොති “යො කාමපටිසංයුත්තො තක්කො විතක්කො මිච්ඡාසඞ්කප්පො”ති විභඞ්ගෙ (විභ· 910) වුත්තො. එස නයො ඉතරෙසු.
මෙහිදු කාම විතර්කය යනු යො කාමපටිසංයුත්තො තක්කො විතක්කො මිච්ඡා සංකප්පො යයි විභංගයෙහි වදාරණ ලද්දේය. අනෙක් තන්හිද මේ විධි ක්‍රමයමැයි.
උප්පන්නුප්පන්නෙති උප්පන්නෙ උප්පන්නෙ, උප්පන්නමත්තෙයෙවාති වුත්තං හොති. සකිං වා උප්පන්නෙ විනොදෙත්වා දුතියවාරෙ අජ්ඣුපෙක්ඛිතා න හොති, සතක්ඛත්තුම්පි උප්පන්නෙ උප්පන්නෙ විනොදෙතියෙව. පාපකෙ අකුසලෙති ලාමකට්ඨෙන පාපකෙ, අකොසල්ලතාය අකුසලෙ. ධම්මෙති තෙයෙව කාමවිතක්කාදයො සබ්බෙපි වා නව මහාවිතක්කෙ.
උප්පන්නුප්පන්නෙ යනු උපන් උපන් ඇසිල්ලක් ඇත්තවුන්ම කියන ලද්දේ වෙයි. නැතහොත් වරක් උපන් විතර්කයන් දුරුකොට දෙවන වාරයේ දී මධ්‍යස්ථ වන්නේ නොවෙයි. සියවරක් වුව ද උපනුපන් විතර්තක දුරු කෙරේමය. පාපකෙ අකුසලෙ යනු ලාමක අරුතින් පාපක වූ, මෝහයෙන් මුලා වූ අරුතින් අකුසල වූ ධම්මෙ යනු ඒ කාම විතර්ක ආදියම නැතහොත් සියලුම නවමහා විතරකයෝ.
තත්ථ තයො වුත්තා එව. අවසෙසා “ඤාතිවිතක්කො ජනපදවිතක්කො අමරවිතක්කො පරානුද්දයතාපටිසංයුත්තො විතක්කො ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො”ති (මහානි· 207) ඉමෙ ඡ.
නවමහා විතර්ක:- මොවුන් අතුරෙන් තිදෙනෙක් කියන ලද්දාහුමය. සෙස්සෝ, ඤාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, පරානුද්දයතා පටිසංයුත්ත විතක්ක, ලාභ සක්කාර පටිසංයුත්ත විතක්ක, අවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක යන මේ සය දෙන වෙති.
යඤ්හිස්සාති එතෙසු විතක්කෙසු යංකිඤ්චි අස්ස, සෙසං වුත්තනයමෙව. කාමවිතක්කො පනෙත්ථ කාමාසවො එව. තබ්බිසෙසො භවාසවො. තංසම්පයුත්තො දිට්ඨාසවො. සබ්බවිතක්කෙසු අවිජ්ජාසවොති එවං ආසවුප්පත්තිපි වෙදිතබ්බා.
යං හිස්ස යන මේ විතර්කයන් අතුරෙන් කිසිවක් ඔහුට වේ. සෙස්ස කී ක්‍රමයෙන්ම සිදුවේ. මෙහි කාම විතර්කය නම් කාමාසවයයි. එයින් විශේෂ වූයේ භවාසවයයි. එහි සම්පයුත්ත වූයේ දිට්ඨි ආසවයයි. සියලු විතර්කයන්හි අවිජ්ජාව අවිජ්ජාසව නම් වේ. මෙසේ ආසවයන්ගේ උපත දතයුතුයැ.
ඉමෙ වුච්චන්ති…පෙ… විනොදනා පහාතබ්බාති ඉමෙ කාමවිතක්කාදිවසෙන වුත්තප්පකාරා ආසවා ඉමිනා තස්මිං තස්මිං විතක්කෙ ආදීනවපච්චවෙක්ඛණසහිතෙන වීරියසංවරසඞ්ඛාතෙන විනොදනෙන පහාතබ්බාති වුච්චන්තීති වෙදිතබ්බා.
ඉමෙ වුච්චන්ති -පෙ- විනොදනා පහාතබ්බා යන මේ කාම විතක්ක ආදීන්ගේ වශයෙන් කියන ලද ආශ්‍රවයෝ ඒ ඒ විතර්කයෙහි ආදීනව ප්රත්යවේක්ෂා කිරීම් සහිත වූ මේ ‘විරිය’ සංවර නම් වූ විනෝදනයෙන් පහකට යුත්තාහු යයි දතයුත්තාහුය.
විනොදනාපහාතබ්බආසවවණ්ණනා නිට්ඨිතා.