දස්සනාපහාතබ්බආසවවණ්ණනා අට්ඨකථා
දස්සනාපහාතබ්බආසවවණ්ණනා
දස්සනා පහාතබ්බ
ඉදානි තානි පදානි අනුපුබ්බතො බ්යාකාතුකාමො “කතමෙ ච, භික්ඛවෙ, ආසවා දස්සනා පහාතබ්බා”ති පුච්ඡං කත්වා මූලපරියායවණ්ණනායං වුත්තනයෙනෙව “ඉධ, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො”ති පුග්ගලාධිට්ඨානං දෙසනං ආරභි.
එබැවින් ඒ පදයන් පිළිවෙලින් ප්‍රකාශ කරනු කැමැත්තාහු කතමෙ භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා යනුවෙන් ප්‍රශ්නකොට මූල පරියාය වර්‍ණනාවෙහිම කී ක්‍රමයෙන්ම ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො යනුවෙන් පුද්ගලාධිෂ්ඨාන දේශනාව ආරම්භ කළ සේක.
තත්ථ මනසිකරණීයෙ ධම්මෙ නප්පජානාතීති ආවජ්ජිතබ්බෙ සමන්නාහරිතබ්බෙ ධම්මෙ න පජානාති. අමනසිකරණීයෙති තබ්බිපරීතෙ. එස නයො සෙසපදෙසුපි. යස්මා පන ඉමෙ ධම්මා මනසිකරණීයා, ඉමෙ අමනසිකරණීයාති ධම්මතො නියමො නත්ථි, ආකාරතො පන අත්ථි. යෙනා ආකාරෙන මනසිකරියමානා අකුසලුප්පත්තිපදට්ඨානා හොන්ති, තෙනාකාරෙන න මනසිකාතබ්බා. යෙන කුසලුප්පත්තිපදට්ඨානා හොන්ති, තෙනාකාරෙන මනසිකාතබ්බා. තස්මා “ය’ස්ස, භික්ඛවෙ, ධම්මෙ මනසිකරොතො අනුප්පන්නො වා කාමාසවො”තිආදිමාහ.
එහි මනසිකරණීයෙ ධම්මෙ නපපජ්ජානාති යනු, ආවර්ජනා කළයුතු, සිත්හි ඵලවිය යුතු ධර්මයන් නො දනියි. අමනසි කරණීයෙ ඊට විපරීත වූ සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි. යම් හෙයකින් මේ ධර්මයෝ මෙනෙහි කළ යුත්තෝය. මොවුහු නොමෙනෙහි කළ යුත්තෝ යයි ධර්ම වශයෙන් නියමයක් නැත්ද, ආකාර වශයෙන් නියමයක් ඇත්ද, යම් ආකාරයකින් මෙනෙහි කරනු ලබන කල්හි අකුසලයන්ගේ හටගැනීමට හේතු වෙත්ද, ඒ අයුරින් මෙනෙහි නොකළ යුත්තාහුය. යම් ආකාරයකින් කුසල් ඉපදවීමට හේතු වෙත්නම් එපරිද්දෙන් මෙනෙහි කළ යුත්තාහුය. එහෙයින් ‘යස්ස භික්ඛවෙ, ධම්මෙ මනසිකරෝතො අනුප්පන්නො වා කාමාසවො’ යනාදිය වදාළහ.
තත්ථ ය’ස්සාති යෙ අස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස. මනසිකරොතොති ආවජ්ජයතො සමන්නාහරන්තස්ස.
එහි, යස්ස යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නා වූ ඒ අශ්‍රැතවත් පුථුජ්ජනයාට මනසි කරොතො ආවර්ජනා කරන්නහුට සින්හි මනාව එලවන්නහුට,
සමුච්චයාර්ථ වා ශබ්දය
අනුප්පන්නො වා කාමාසවොති එත්ථ සමුච්චයත්ථො වාසද්දො, න විකප්පත්ථො. තස්මා යථා “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා…පෙ… තථාගතො තෙසං අග්ගමක්ඛායතී”ති (ඉතිවු· 90) වුත්තෙ අපදා ච ද්විපදා චාති අත්ථො, යථා ච “භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහායා”ති (ම· නි· 1.402) වුත්තෙ භූතානඤ්ච සම්භවෙසීනඤ්චාති අත්ථො, යථා ච “අග්ගිතො වා උදකතො වා මිථුභෙදතො වා”ති (උදා· 76) වුත්තෙ අග්ගිතො ච උදකතො ච මිථුභෙදතො චාති අත්ථො, එවමිධාපි අනුප්පන්නො ච කාමාසවො උප්පජ්ජති, උප්පන්නො ච කාමාසවො පවඩ්ඪතීති අත්ථො දට්ඨබ්බො. එවං සෙසෙසු.
අනුප්පන්නා වා කාමාසවා යන මෙහි වා ශබ්දය සමුච්චය අර්ථයෙහිය. විකල්පාර්ථයෙහි නොවේ. එහෙයින් ‘යාවකා භික්ඛවෙ සත්තා අපදා වා දිවිපදා වා -පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති’ යයි කී කල්හි අපාදයෝ ද ද්විපාදයෝ ද යන අර්ථයයි. භූතානං වා සතතානං වා ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය යයි කී කල්හි, භූතයන්ට ද උපන් සත්ත්වයන්ටද උපදිමින් සිටි සත්ත්වයන්ටද යන අර්ථයි. අග්ගිතො වා උදකතොවා මිථුභෙදතො වා යයි කී කල්හි, ගින්නෙන් ද ජලයෙන් ද, මිථු භේදියෙන් ද (=අන්‍යොන්‍ය භේදයෙන් ද) යන අර්ථයි. එපරිද්දෙන් මෙහි ද නූපන් කාමාසවයද උපදී. උපන් කාමාසවයද වැඩෙයි යන අර්ථය දතයුතුයි. සෙසු තන්හිදු මෙසේමැයි.
එත්ථ ච කාමාසවොති පඤ්චකාමගුණිකො රාගො. භවාසවොති රුපාරූපභවෙ ඡන්දරාගො, ඣානනිකන්ති ච සස්සතුච්ඡෙදදිට්ඨිසහගතා. එවං දිට්ඨාසවොපි භවාසවෙ එව සමොධානං ගච්ඡති.
මෙහි කාමාසවා යනු පඤ්චකාමගුණික රාගයයි. භවාසවො යනු රූප අරූප භවයන්හි ඡන්දරාගයයි. ධ්‍යාන නිකාන්තියද ශාස්වත, උච්ඡෙද යන දෘෂ්ටි ද භවාශ්රවයෙහිම සංග්‍රහයට යයි.
අවිජ්ජාසවොති චතූසු සච්චෙසු අඤ්ඤාණං. තත්ථ කාමගුණෙ අස්සාදතො මනසිකරොතො අනුප්පන්නො ච කාමාසවො උප්පජ්ජති, උප්පන්නො ච පවඩ්ඪති. මහග්ගතධම්මෙ අස්සාදතො මනසිකරොතො අනුප්පන්නො ච භවාසවො උප්පජ්ජති, උප්පන්නො ච පවඩ්ඪති. තීසු භූමීසු ධම්මෙ චතුවිපල්ලාසපදට්ඨානභාවෙන මනසිකරොතො අනුප්පන්නො ච අවිජ්ජාසවො උප්පජ්ජති, උප්පන්නො ච පවඩ්ඪතීති වෙදිතබ්බො. වුත්තනයපච්චනීකතො සුක්කපක්ඛො විත්ථාරෙතබ්බො.
අවිජ්ජාසවො යනු චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. එහි කාමගුණයන් අස්සා ද වශයෙන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාසව උපදී. උපන් කාමාසව වැඩෙයි. මහත්ගත ධර්මයන් අස්සා ද වශයෙන් මෙනෙහි කරන්නහුට නූපන් භවාශ්‍රවය ද උපදී. උපන් භවාශ්‍රවය වැඩෙයි. භුමිත්රයෙහි ධර්මයන් සතර විපර්යාසයන්ට පදස්ථාන භාවයේ මෙනෙහි කරන්නහුට නූපන් අවිජ්ජාසව උපදිත්. උපන් අවිජ්ජාසව වැඩෙත් යයි දතයුතුයි. කී ක්‍රමයට විරුද්ධ වශයෙන් කුසල පක්ෂය පිළිබඳ විස්තර කළයුතුය.
කස්මා පන තයො එව ආසවා ඉධ වුත්තාති. විමොක්ඛපටිපක්ඛතො. අප්පණිහිතවිමොක්ඛපටිපක්ඛො හි කාමාසවො,. අනිමිත්තසුඤ්ඤතවිමොක්ඛපටිපක්ඛා ඉතරෙ. තස්මා ඉමෙ තයො ආසවෙ උප්පාදෙන්තා තිණ්ණං විමොක්ඛානං අභාගිනො හොන්ති, අනුප්පාදෙන්තා භාගිනොති එතමත්ථං දස්සෙන්තෙන තයො එව වුත්තාති වෙදිතබ්බා. දිට්ඨාසවොපි වා එත්ථ වුත්තො යෙවාති වණ්ණිතමෙතං.
කුමක් හෙයින් ආශ්‍රවයෝ තිදෙනෙක් මෙහි කියන ලද්දාහුද, විමොක්ෂයන්ට ප්රතිපක්ෂ බැවිනි. කාමාසවය අප්පණිහිත විමොක්ඛයට ප්රතිපක්ෂ වේ. අන්‍යයෝ අපණිහිත අනිමිත්ත, සුඤ්ඤත විමොක්ඛයනට ප්රතිපක්ෂ වෙති. එහෙයින් මෙම ආසව ධර්ම තුන උපදවන්නාහු ත්‍රිවිධ විමොක්ෂයන්ට විරුද්ධ වෙති. ආසව නොඋපදවන්නාහු අවිරුද්ධ වෙතැයි මේ අර්ථය දක්වන්නහු විසින් තිදෙනෙක් දක්වන ලද්දාහු යයි දතයුත්තාහුය. දිට්ඨි ආසවයද වදාරණ ලද්දේම යයි මෙහි වර්ණනා කරන ලද්දේය.
තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරාති මනසිකාරහෙතු, යස්මා තෙ ධම්මෙ මනසි කරොති, තස්මාති වුත්තං හොති. එස නයො දුතියපදෙපි. “අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පවඩ්ඪන්තී”ති හෙට්ඨා වුත්තආසවානංයෙව අභෙදතො නිගමනමෙතං.
තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා යනාදි මෙනෙහි කිරීම් හේතුකොටගෙන යම් ඒ ධර්මයක් මෙනෙහි කෙරේ ද, එහෙයින් කියන ලද වෙයි. දෙවෙනි පදයෙහි ද මේ ක්‍රමයි මැයි. අනුප්පන්නාචෙව ආසවා උප්පජ්ජන්ති උප්පන්නාච ආසවා පවඩ්ඪති යනු යට කියන ලද ආසවයන්ගේම මේ අභේදයෙන් දැක්වීමකි.
එත්තාවතා යො අයං පුග්ගලාධිට්ඨානාය දෙසනාය දස්සනා පහාතබ්බෙ ආසවෙ නිද්දිසිතුං අස්සුතවා පුථුජ්ජනො වුත්තො, සො යස්මා “අයොනිසො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්තී”ති එවං සාමඤ්ඤතො වුත්තානං අයොනිසො මනසිකාරපච්චයානං කාමාසවාදීනම්පි අධිට්ඨානං, තස්මා තෙපි ආසවෙ තෙනෙව පුග්ගලෙන දස්සෙත්වා ඉදානි දස්සනා පහාතබ්බෙ ආසවෙ දස්සෙන්තො සො එවං අයොනිසො මනසි කරොති, අහොසිං නු ඛො අහන්තිආදිමාහ. විචිකිච්ඡාසීසෙන චෙත්ථ දිට්ඨාසවම්පි දස්සෙතුං ඉමං දෙසනං ආරභි.
මෙතෙකින් පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් පහ කළයුතු ආශ්‍රවයන් දක්වන්ට යම් මේ අශ්‍රැතවත් පෘථජ්ජනයෙක් කියන ලද්දේද? හෙතෙම යම්හෙයකින් අයොනිසො භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති යයි මෙසේ සාමාන්‍යයෙන් කියන ලද, නුවණින් මෙනෙහි නොකිරීම, ප්‍රත්‍යකොට ඇති, කාමාසවාදීන්ගේ අධිෂ්ඨානය වේද, එහෙයින් එම ආසවයන් ද ඒ පුද්ගලයා සමග දක්වා දැන් දස්සනා පහාතබ්බ ආසවයන් දක්වන සේක් සො එවං අයොනිසො මනසිකරොති අහොසි නුඛො අහං යනාදිය වදාළහ. නොහොත් විචිකිච්ඡා ශීර්ෂයෙන් මෙහි දිට්ඨි ආසවය ද දක්වනු පිණිස මේ දේශනාව පටන් ගත් සේක.
තස්සත්ථො, යස්ස තෙ ඉමිනා වුත්තනයෙන ආසවා උප්පජ්ජන්ති, සො පුථුජ්ජනො, යො චායං “අස්සුතවා”තිආදිනා නයෙන වුත්තො, සො පුථුජ්ජනො එවං අයොනිසො අනුපායෙන උප්පථෙන මනසි කරොති. කථං? අහොසිං නු ඛො…පෙ…සො කුහිං ගාමී භවිස්සතීති. කිං වුත්තං හොති, සො එවං අයොනිසො මනසි කරොති, යථාස්ස “අහං අහොසිං නු ඛො”තිආදිනා නයෙන වුත්තා සොළසවිධාපි විචිකිච්ඡා උප්පජ්ජතීති.
මේ පදයාගේ අර්ථය නම්, යමෙකුට මේ කියන අයුරින් මේ ආසයෝ උපදිත්ද, හෙතෙම පෘථග්ජන නම් වේ. යම් පෘථග්ජනයෙක් අස්සුතවා, යනාදි නයින් කියන ලද්දේ ද, ඒ පෘථග්ජන තෙම මෙසේ අනුවණින් අනුපායෙන් නොමගින් මෙනෙහි කෙරෙයි. ඒ කෙසේද? අහොසිනුඛො -පෙ- සො කුහිං ගාමී භවිස්සති යන මෙයින් කියන ලද්දේ වේද යත් ඕහට යම්සේ අහොසි නුඛො යනාදී ක්‍රමයෙන් කියන ලද සොළොස් ආකාර විචිකිච්ඡා තෙමේ උපදීද, හෙතෙම එපරිද්දෙන් අනුවණින් මෙනෙහි කරයි.
තත්ථ අහොසිං නු ඛො නනු ඛොති සස්සතාකාරඤ්ච අධිච්චසමුප්පත්තිආකාරඤ්ච නිස්සාය අතීතෙ අත්තනො විජ්ජමානතං අවිජ්ජමානතඤ්ච කඞ්ඛති. කිං කාරණන්ති න වත්තබ්බං. උම්මත්තකො විය හි බාලපුථුජ්ජනො යථා වා තථා වා පවත්තති. අපිච අයොනිසො මනසිකාරොයෙවෙත්ථ කාරණං. එවං අයොනිසො මනසිකාරස්ස පන කිං කාරණන්ති. ස්වෙව පුථුජ්ජනභාවො අරියානං අදස්සනාදීනි වා. නනු ච පුථුජ්ජනොපි යොනිසො මනසි කරොතීති. කො වා එවමාහ න මනසි කරොතීති. න පන තත්ථ පුථුජ්ජනභාවො කාරණං, සද්ධම්මස්සවනකල්යාණමිත්තාදීනි තත්ථ කාරණානි. න හි මච්ඡමංසාදීනි අත්තනො අත්තනො පකතියා සුගන්ධානි, අභිසඞ්ඛාරපච්චයා පන සුගන්ධානිපි හොන්ති.
එහි අහොසි නුඛො නනුඛො යන ශාස්වත ආකාරයද, අධිච්ච සමුප්පන්න (=හේතුවක් නොමැතිව හටගත්) ආකාරයද, නිසා අතීතයේ තමාගේ විද්‍යමාන බවද අවිද්‍යමාන බවද, සැක කරයි. කරුණු කිමෙකැයි නොකිය යුතුය. පුහුදුන් තෙම උමතුවෙකු මේ යම් ඒ ආකාරයකින් පවතියි. තවද අයෝනිසෝ මනසිකාරය මෙයට කරුණුය. මෙසේ අයොනිසො මනසිකාරයට කරුණු කිමද යත්, ඒ පෘථග්ජන භවයම හෝ ආර්යයන්ගේ නොදැක්මාදිය හෝයි පෘථජ්ජන තෙම නුවණින් මෙනෙහි කරන්නේ නොවේදැයි නොමෙනෙහි කෙරේයයි කවරෙක් හෝ මෙය කියාද, එහි පෘථජ්ජන භාවය කරුණු නොවෙයි. සද්ධර්ම ශ්‍රවණය කල්‍යාණමිත්‍ර භවාදිය, එහි කරුණු වෙති. මස් මාලු ආදිහු තමාගේ ප්‍රකෘතියෙන් නොම සුවඳ වෙති. සකස් කිරීම හේතුකොටගෙන සුවඳවත් වෙති.
කිං නු ඛො අහොසින්ති ජාතිලිඞ්ගූපපත්තියො නිස්සාය ඛත්තියො නු ඛො අහොසිං, බ්රාහ්මණවෙස්සසුද්දගහට්ඨපබ්බජිතදෙවමනුස්සානං අඤ්ඤතරොති කඞ්ඛති.
කිං නුඛො අහොසිං ජාතිය, ලිංගය, ඉපදීම නිසා ක්ෂත්රියයෙක් හෝ වීමද, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, ගෘහස්ත ප්රවෘජ්ජිත, දිව්‍ය, මනුෂ්‍ය අතුරෙන් එක්තරා එකෙක් හෝ වීමි දැයි සැක කරයි.
කථං නු ඛොති සණ්ඨානාකාරං නිස්සාය දීඝො නු ඛො අහොසිං, රස්සඔදාතකණ්හප්පමාණිකඅප්පමාණිකාදීනං අඤ්ඤතරොති කඞ්ඛති. කෙචි පන ඉස්සරනිම්මානාදිං නිස්සාය කෙන නු ඛො කාරණෙන අහොසින්ති හෙතුතො කඞ්ඛතීති වදන්ති.
කථං නුඛො, රූප සටහන් ආකාරය නිසා දීර්ඝ හෝ වීම ද හ්‍රස්ව හෝ වීමද සුදු කළු ප්‍රමාණික අප්රමාණිකාදීන්ගේ අතුරෙන් එක්තරා එකෙක් හෝ වීමිදැයි සැක කෙරෙයි. කිසිවෙක් ඊශ්වර නිර්මාණ ආදිය නිසා යැයිද කිනම් කාරණයෙකින් වූයෙම්දැයි හේතුවෙහි සැක කෙරේයයි කියති.
කිං හුත්වා කිං අහොසින්ති ජාතිආදීනි නිස්සාය ඛත්තියො හුත්වා නු ඛො බ්රාහ්මණො අහොසිං…පෙ… දෙවො හුත්වා මනුස්සොති අත්තනො පරම්පරං කඞ්ඛති. සබ්බත්ථෙව පන අද්ධානන්ති කාලාධිවචනමෙතං.
කිං හුත්වා කිං අහොසිං ජාති ආදිය නිසා ක්ෂත්රියයෙක් වී හෝ බ්‍රාහ්මණයෙක් වීම්ද, -පෙ- දෙවියෙක් වී හෝ මිනිසෙක් වීමිදැයි තමාගේ පරම්පරාව සැක කරයි. සියලු තන්හිම අද්ධානං යනු කාලයට නමකි.
භවිස්සාමි නු ඛො නනු ඛොති සස්සතාකාරඤ්ච උච්ඡෙදාකාරඤ්ච නිස්සාය අනාගතෙ අත්තනො විජ්ජමානතං අවිජ්ජමානතඤ්ච කඞ්ඛති. සෙසමෙත්ථ වුත්තනයමෙව.
භවිස්සාමි නුඛො නනුඛො ශාස්වත ආකාරය ද උචේඡද ආකාරයද නිසා අනාගතයෙහි තමාගේ විද්‍යමාන බවද අවිද්‍යාමාන බවද සැක කරයි. සෙස්සෙහි කී අයුරුමැයි.
එතරහි වා පච්චුප්පන්නමද්ධානන්ති ඉදානි වා පටිසන්ධිං ආදිං කත්වා චුතිපරියන්තං සබ්බම්පි වත්තමානකාලං ගහෙත්වා. අජ්ඣත්තං කථංකථී හොතීති අත්තනො ඛන්ධෙසු විචිකිච්ඡො හොති. අහං නු ඛොස්මීති අත්තනො අත්ථිභාවං කඞ්ඛති.
එතරහි වා පච්චුප්පන්නං අද්ධානං යනු දැන් හෝ පටිසන්ධිය ආදිකොට චුතිය අවසන්කොට ඇති සියලුම වර්තමාන කාලය ගෙන අජ්ඣත්තං කථං කථි හොති යනු තමාගේ ස්කන්ධයන්හි විචිකිච්ඡා ඇතේ වෙයි. අහං නු ඛොස්මි තමාගේ විද්‍යමාන බව සැක කෙරෙයි.
යුත්තං පනෙතන්ති? යුත්තං අයුත්තන්ති කා එත්ථ චින්තා. අපිචෙත්ථ ඉදං වත්ථුම්පි උදාහරන්ති. චූළමාතාය කිර පුත්තො මුණ්ඩො, මහාමාතාය පුත්තො අමුණ්ඩො, තං පුත්තං මුණ්ඩෙසුං. සො උට්ඨාය අහං නු ඛො චූළමාතාය පුත්තොති චින්තෙසි. එවං අහං නු ඛොස්මීති කඞ්ඛා හොති.
මේ (තමාගේ විද්‍යමාන බව සැක කිරීම) යෝග්‍ය වේද, යත් යෝග්‍ය වෙයි. අයුතුයයි මෙහිලා සිතීම කිම. යලිදු මෙහි මේ වස්තුව ගෙනහැර දක්වති. සුළු මවගේ පුතා හිස මුඩු කර ඇත. මහ මවගේ පුතුගේ හිස මුඩුකර නැත. ඒ පුත්‍රයා නිදන කල හිස මුඩු කළේය. හෙතෙම නැගිට මම සුලු මවගේ පුතු වෙම්දෝ හෝයි සිතීය. මම වෙම්දෝ හෝයි යන සැකය ද මෙබඳු වෙයි.
තමා නැති බව සැක කිරීම
නො නු ඛොස්මීති අත්තනො නත්ථිභාවං කඞ්ඛති. තත්රාපි ඉදං වත්ථු – එකො කිර මච්ඡෙ ගණ්හන්තො උදකෙ චිරට්ඨානෙන සීතිභූතං අත්තනො ඌරුං මච්ඡොති චින්තෙත්වා පහරි. අපරො සුසානපස්සෙ ඛෙත්තං රක්ඛන්තො භීතො සඞ්කුටිතො සයි. සො පටිබුජ්ඣිත්වා අත්තනො ජණ්ණුකානි ද්වෙ යක්ඛාති චින්තෙත්වා පහරි. එවං නො නු ඛොස්මීති කඞ්ඛති.
නොනු ඛො ස්මි යනුවෙන් තමාගේ නැති බව (අවිද්‍යමාන බව) සැක කෙරෙයි. එහිදු මෙම වස්තුව එයි. එක් මසුන් අල්ලන්නෙක් දියෙහි බොහෝ වේලාවක් සිටි බැවින් සීතල වූ තම කලවට මසෙකැයි සිතා ගැසීය. අනෙකෙක් සොහොනක් සමීපයේ කෙතක් රකින්නේ බියපත්ව හැකිලී නිදාගත්තේය. හෙතෙම පිබිද තමාගේ දෙදන යකුන් දෙදෙනෙකැයි සිතා ඊට පහර දුනි. මම නොවෙම්දෝ හෝයි යන සැකය මෙබඳුය.
කිං නු ඛොස්මීති ඛත්තියොව සමානො අත්තනො ඛත්තියභාවං කඞ්ඛති. එස නයො සෙසෙසු. දෙවො පන සමානො දෙවභාවං අජානන්තො නාම නත්ථි. සොපි පන “අහං රූපී නු ඛො අරූපී නු ඛො”තිආදිනා නයෙන කඞ්ඛති.
කිං නු ඛො, ක්ෂත්රියයෙක්ම තම ක්ෂත්රිය බව සැක කෙරෙයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි. දෙවි වූයේ දෙවි බව නොදක්නෙක් නම් නැති. එසේ වුවත් මම රූපී දෙවියෙක් දෝ හෝ අරූපී දෙවියෙක් දෝ හෝ යනාදි ක්‍රමයෙන් සැක කෙරෙයි.
ඛත්තියාදයො කස්මා න ජානන්තීති චෙ. අපච්චක්ඛා තෙසං තත්ථ තත්ථ කුලෙ උප්පත්ති. ගහට්ඨාපි ච පොත්ථලිකාදයො පබ්බජිතසඤ්ඤිනො. පබ්බජිතාපි “කුප්පං නු ඛො මෙ කම්ම”න්තිආදිනා නයෙන ගහට්ඨසඤ්ඤිනො. මනුස්සාපි ච රාජානො විය අත්තනි දෙවසඤ්ඤිනො හොන්ති.
ක්ෂත්රිය ආදීහු කුමක් හෙයින් නොදනීද යත් ඔවුන් එම කුලයෙහි ඉපදීම ප්රත්යක්ෂ නො වන්නීය. ගිහියෝද, පෙතලි රූ ආදිය ප්රවෘජිතයෙමී යන සංඥා ඇති වෙති. පැවිද්දෝ ද මගේ කර්මය කෝප්‍ය වීදෝහෝයි ආදි නයින් ගෘහස්ත සංඥා ඇත්තාහු වෙත්. මිනිස්සුද රජවරුන් මෙන් තමා කෙරෙහි දෙවියා යන සංඥා ඇත්තාහු වෙති.
කථං නු ඛොස්මීති වුත්තනයමෙව. කෙවලඤ්චෙත්ථ අබ්භන්තරෙ ජීවො නාම අත්ථීති ගහෙත්වා තස්ස සණ්ඨානාකාරං නිස්සාය දීඝො නු ඛොස්මි, රස්සචතුරංසඡළංසඅට්ඨංසසොළසංසාදීනං අඤ්ඤතරප්පකාරොති කඞ්ඛන්තො කථං නු ඛොස්මීති කඞ්ඛතීති වෙදිතබ්බො. සරීරසණ්ඨානං පන පච්චුප්පන්නං අජානන්තො නාම නත්ථි.
කථං නු ඛොස්මි යනු කී නයමැයි. හුදෙක් මෙහි අභ්‍යන්තරයෙහි ජීවයක් ඇතැයි ගෙන ඒ ජීවයාගේ පිහිටීම ආකාරය ඇසුරුකොට දිගු වෙම්ද, කෙටි වෙම්ද, හතරැස්, සයස්, අටැස්, සොළොසැස් ආදීන් අතුරෙන් එක්තරා ආකාරයකින් වෙම්දෝ හෝයි, සැක කෙරේයයි දතයුතුයි. දැන් පවත්නා සිරුරෙහි ආකාරය නොදක්නෙක් නම් නැත්තේමය.
කුතො ආගතො, සො කුහිං ගාමී භවිස්සතීති අත්තභාවස්ස ආගතිගතිට්ඨානං කඞ්ඛති.
කුතො ආගතො සොකුහිං ගාමි භවිස්සති යනු ආත්ම භාවයාගේ එන, යන ස්ථානය සැක කරයි.
එවං සොළසප්පභෙදං විචිකිච්ඡං දස්සෙත්වා ඉදානි යං ඉමිනා විචිකිච්ඡාසීසෙන දිට්ඨාසවං දස්සෙතුං අයං දෙසනා ආරද්ධා. තං දස්සෙන්තො තස්ස එවං අයොනිසො මනසිකරොතො ඡන්නං දිට්ඨීනන්තිආදිමාහ. තත්ථ තස්ස පුග්ගලස්ස යථා අයං විචිකිච්ඡා උප්පජ්ජති, එවං අයොනිසො මනසිකරොතො තස්සෙව සවිචිකිච්ඡස්ස අයොනිසො මනසිකාරස්ස ථාමගතත්තා ඡන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජතීති වුත්තං හොති.
මෙසේ සොලොස් වැදෑරුම් විචිකිච්ඡාව දක්වා මෙසේ මේ විචිකිච්ඡා ශීර්ෂයෙන් යම් දිට්ඨි ආශ්‍රවයක් දක්වන්නට මෙම දේශනාව පටන් ගන්නා ලද්දේ ද, එය දක්වන සේක්, තස්ස එවං අයොනිසො මනසිකරොතො ජනනං දිට්ඨිනං යනාදිය වදාළහ. ඒ පුද්ගලයාට යම්සේ විචිකිච්ඡාව උපදීද, ඒ අයුරින්ම නුවණින් මෙනෙහි කරන්නහුට විචිකිච්ඡාව සහිත ඒ අයෝනිසො මනසිකාරයම දැඩි බවට ගිය හෙයින් සවැදෑරුම් දිට්ඨීන් අතුරෙන් එක්තරා දිට්ඨියක් උපදීයයි කියන ලද්දේ වෙයි.
තත්ථ සබ්බපදෙසු වාසද්දො විකප්පත්ථො, එවං වා එවං වා දිට්ඨි උප්පජ්ජතීති වුත්තං හොති.
එහි සියලු පදයන්හි වා ශබ්දය තෙම විකල්පාර්ථයි. මෙසේ හෝ දෘෂ්ටිය උපදීයයි කියන ලද්දේ වෙයි.
ආත්ම දෘෂ්ටි
අත්ථි මෙ අත්තාති චෙත්ථ සස්සතදිට්ඨි සබ්බකාලෙසු අත්තනො අත්ථිතං ගණ්හාති. සච්චතො ථෙතතොති භූතතො ච ථිරතො ච, “ඉදං සච්ච”න්ති භූතතො සුට්ඨු දළ්හභාවෙනාති වුත්තං හොති.
අත්ථි මෙ අත්තා මෙහිදී සියලු කල්හි සස්සත දිට්ඨිය තමා තුළ හැමකල් ඇති බව පිළිගනියි. සච්චතො, ථෙතතො, සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, මෙය සත්‍යයයි දැඩි ලෙස කියන ලද්දේ වෙයි.
නත්ථි මෙ අත්තාති අයං පන උච්ඡෙදදිට්ඨි, සතො සත්තස්ස තත්ථ තත්ථ විභවග්ගහණතො. අථ වා පුරිමාපි තීසු කාලෙසු අත්ථීති ගහණතො සස්සතදිට්ඨි, පච්චුප්පන්නමෙව අත්ථීති ගණ්හන්තො උච්ඡෙදදිට්ඨි. පච්ඡිමාපි අතීතානාගතෙසු නත්ථීති ගහණතො භස්මන්තාහුතියොති ගහිතදිට්ඨිකානං විය, උච්ඡෙදදිට්ඨි. අතීතෙ එව නත්ථීති ගණ්හන්තො අධිච්චසමුප්පත්තිකස්සෙව සස්සතදිට්ඨි.
නත්ථි මෙ අත්තා මේ උච්ඡේද දෘෂ්ටියයි. විද්‍යමාන සත්ත්වයාගේ ඒ ඒ තන්හි විභව තණ්හාවෙන් ගැනීම සිදුවන හෙයිනි. නැතහොත් පළමු දක්වන ලද තුන්කල්හිම ඇතැයි ගන්නහුට ශාස්වත දිට්ඨිය වේ. වර්තමාන කාලය පමණක් ඇතැයි ගන්නහුට උචේඡද දිට්ඨිය ඇති වේ. පසුව දක්වන ලද අතීත අනාගත කාලයන්හි නැතැයි ගන්නහුට “අලුකෙළවරකොට අග්නීහු වෙත් යයි’ දෘෂ්ටි ගත්තවුන්ට මෙන් උච්ඡේද දෘෂ්ටිය ඇතිවේ. අතීතයෙහි නැතැයි ගන්නා කල්හි අධිච්ච සමුප්පන්න දෘෂ්ටිකයාට මෙන් සස්සත දිට්ඨිය වේ.
අත්තනාව අත්තානං සඤ්ජානාමීති සඤ්ඤාක්ඛන්ධසීසෙන ඛන්ධෙ අත්තාති ගහෙත්වා සඤ්ඤාය අවසෙසක්ඛන්ධෙ සඤ්ජානතො ඉමිනා අත්තනා ඉමං අත්තානං සඤ්ජානාමීති හොති. අත්තනාව අනත්තානන්ති සඤ්ඤාක්ඛන්ධංයෙව අත්තාති ගහෙත්වා, ඉතරෙ චත්තාරොපි අනත්තාති ගහෙත්වා සඤ්ඤාය තෙසං ජානතො එවං හොති.
අත්තනාව අත්තානං සඤ්ජානාමි සඤ්ඤා ඛන්ධායාගේ ප්‍රධානත්වයෙන් ඛන්ධයන් ආත්මයයි ගෙන සඤ්ඤා බන්ධයෙන් අවශේෂ බන්ධයන් දැනගන්නහුට මේ ආත්මයෙන්, මේ ආත්මය, දනිමියි යන දෘෂ්ටිය ඇතිවේ. අත්තනාව අනත්තානං සඤ්ඤා ඛන්ධ ආත්මයයි ගෙන ඉතිරි සතරම අනාත්මයයි ගෙන සඤ්ඤාවෙන් ඔවුන් දැනගන්නහුට මෙවැනි දෘෂ්ටියක් ඇතිවෙයි.
අනත්තනාව අත්තානන්ති සඤ්ඤාක්ඛන්ධං අනත්තාති. ඉතරෙ චත්තාරො අත්තාති ගහෙත්වා සඤ්ඤාය තෙසං ජානතො එවං හොති, සබ්බාපි සස්සතුච්ඡෙදදිට්ඨියොව.
අනත්තනාව අත්තානං සඤ්ඤාක්ඛන්ධය අනාත්ම යයි ද ඉතිරි සතර ඛන්ධයන් ආත්ම යයි ගෙන සඤ්ඤාවෙන් ඒ ඛන්ධයන් දැනගන්නහුට මෙබඳු දිට්ඨියක් වෙයි. මේ සියල්ලෝම ශාස්වත උච්ඡේද දෘෂ්ටීහු වෙති.
වදො වෙදෙය්යොතිආදයො පන සස්සතදිට්ඨියා එව අභිනිවෙසාකාරා. තත්ථ වදතීති වදො, වචීකම්මස්ස කාරකොති වුත්තං හොති. වෙදයතීති වෙදෙය්යො, ජානාති අනුභවති චාති වුත්තං හොති. කිං වෙදෙතීති, තත්ර තත්ර කල්යාණපාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙති. තත්ර තත්රාති තෙසු තෙසු යොනිගතිට්ඨිතිනිවාසනිකායෙසු ආරම්මණෙසු වා. නිච්චොති උප්පාදවයරහිතො. ධුවොති ථිරො සාරභූතො. සස්සතොති සබ්බකාලිකො. අවිපරිණාමධම්මොති අත්තනො පකතිභාවං අවිජහනධම්මො, කකණ්ටකො විය නානප්පකාරතං නාපජ්ජති. සස්සතිසමන්ති චන්දසූරියසමුද්දමහාපථවීපබ්බතා ලොකවොහාරෙන සස්සතියොති වුච්චන්ති. සස්සතීහි සමං සස්සතිසමං. යාව සස්සතියො තිට්ඨන්ති, තාව තථෙව ඨස්සතීති ගණ්හතො එවංදිට්ඨි හොති.
වයො වදෙය්ය යනාදියද ශාස්වත දිටඨියාගේ බැසගැනීම් ආකාරයෝය. එහි කියානුයි වදො යනු වේ. වක් කර්මය කරන ලද්දේ යයි කියන ලද්දේ වෙයි. විඳිනුයි වෙදෙය්‍ය නම් වේ. දනීයයිද අනුභව කෙරේ යයි ද කියන ලද්දේ වෙයි. කුමක් විඳීද යත් ඒ ඒ තන්හි කුසලාකුසල කර්මයන්ගේ විපාක විඳියි. තත්ර තත්ර යනු ඒ ඒ යෝනි-ගති-ඨීති-නිවාස නිකාය යන්හි නොහොත් අරමුණුවල නිච්චො, ඉපදීම් විනාශවීම් රහිත වූයේ. ධුවො ථීර වූයේ, සාර වූයේ. සස්සතො සියලු කල්හි පවත්නේ. සස්සතො යනු සර්වකාලිකයි. අවිපරිණාම ධම්මො යනු තමාගේ ප්‍රකෘති භාවය අත්නොහරින, ස්වභාව ඇත්තේ බොහොඩෙකු (කටුස්සෙකු) මෙන් නානාප්‍රකාර බවට නො පැමිණේ යනුයි. සස්සති සමං යනු චන්ද-සුරිය-සමුද්ද-මහාපඨවි පර්වතයෝ ලෝකව්‍යවහාර වශයෙන් සස්සතයෝ යයි කියනු ලබත්. සස්සතිකයන් හා සමාන වූයේ සස්සති සම නම් වේ. සස්සතිකයෝ යම්තාක් වෙත්ද, ඒතාක් එසේම සිටීයයි ගන්නහුට මෙපරිද්දෙන් දෘෂ්ටීහු වෙති.
ඉදං වුච්චති, භික්ඛවෙ, දිට්ඨිගතන්තිආදීසු. ඉදන්ති ඉදානි වත්තබ්බස්ස පච්චක්ඛනිදස්සනං. දිට්ඨිගතසම්බන්ධෙන ච ඉදන්ති වුත්තං, න දිට්ඨිසම්බන්ධෙන. එත්ථ ච දිට්ඨියෙව දිට්ඨිගතං, ගූථගතං විය. දිට්ඨීසු වා ගතමිදං දස්සනං ද්වාසට්ඨිදිට්ඨිඅන්තොගධත්තාතිපි දිට්ඨිගතං. දිට්ඨියා වා ගතං දිට්ඨිගතං.
ඉදං වුච්චති භික්ඛවෙ දිට්ඨිගතං යනාදී තන්හි ඉදං යනු දැන් කිය යුත්තහුගේ ප්රත්යක්ෂයෙන් දැක්වීමයි. දිට්ඨිගතයන් සම්බන්ධයෙන් මේ කියන ලදී. දිට්ඨි සම්බන්ධයෙන් නොකියන ලදී. මෙහි දෘෂ්ටියම දෘෂ්ටිගත නමි. ගූථගතං යනු මෙහි නැතහොත් දෘෂ්ටීන්හි ගියා වූ මේ දර්ශනය දෙසැට දෘෂ්ටියෙහි ඇතුලත් වන බැවින්ද දෘෂ්ටිගත නම් වෙයි.
ඉදඤ්හි අත්ථි මෙ අත්තාතිආදි දිට්ඨියා ගමනමත්තමෙව, නත්ථෙත්ථ අත්තා වා නිච්චො වා කොචීති වුත්තං හොති.
මේ වනාහි අත්ථි මෙ අත්තා යනාදී වූ මෙය දිට්ඨියට ගමන් මාත්‍රයක්ම වෙයි. මෙහි ආත්ම වූ හෝ නිත්‍ය වූ හෝ කිසිවක් නැතැයි කියන ලද වෙයි.
සා චායං දිට්ඨි දුන්නිග්ගමනට්ඨෙන ගහනං. දුරතික්කමට්ඨෙන සප්පටිභයට්ඨෙන ච කන්තාරො, දුබ්භික්ඛකන්තාරවාළකන්තාරාදයො විය. සම්මාදිට්ඨියා විනිවිජ්ඣනට්ඨෙන විලොමනට්ඨෙන වා විසූකං. කදාචි සස්සතස්ස, කදාචි උච්ඡෙදස්ස ගහණතො විරූපං ඵන්දිතන්ති විප්ඵන්දිතං. බන්ධනට්ඨෙන සංයොජනං. තෙනාහ “දිට්ඨිගහනං…පෙ… දිට්ඨිසංයොජන”න්ති.
මෙම දෘෂ්ටි තොමෝ දුකසේ නික්ම යා යුතුය යන අරුතින් දිට්ඨි ගහන නම් වේ. දුකසේ ඉක්මවිය යුතුය යන අරුතින් ද ප්‍රතිභය සහිත යන අරුතින් ද දිට්ඨි කන්තාර නම් වේ. දුබ්භික්ඛ කන්තාරවාළ කන්තාර ආදිය මෙනි. සම්‍යග් දෘෂ්ටිය විනිවිද යන අරුතින් ද ඊට විරුද්ධ වූ අරුතින් ද දිට්ඨි විසූක නම් වේ. කලෙක උච්ඡෙද දිට්ඨි ගැනීමෙන් ද කලෙක ශාස්වත දිට්ඨි ගැනීමෙන් ද ප්‍රතිවිරුද්ධ කම්පනයක් ඇත්තේනුයි. දිට්ඨි විප්ඵන්දිත නම් වේ. බන්ධනාර්ථයෙන් (මෙම දිට්ඨීහු) සංයෝජන නම් වේ. එබැවින් වදාළහ. දිට්ඨි ගහනං දිට්ඨි සංයෝජනං යනුවෙන්.
ඉදානිස්ස තමෙව බන්ධනත්ථං දස්සෙන්තො දිට්ඨිසංයොජනසංයුත්තොතිආදිමාහ. තස්සායං සඞ්ඛෙපත්ථො. ඉමිනා දිට්ඨිසංයොජනෙන සංයුත්තො පුථුජ්ජනො එතෙහි ජාතිආදීහි න පරිමුච්චතීති. කිං වා බහුනා, සකලවට්ටදුක්ඛතොපි න මුච්චතීති.
දැන් මෙම දෘෂ්ටීන්ගේ බන්ධනාර්ථය දක්වන සේක. දිට්ඨි සංයෝජන සංයුත්තො යනාදිය වදාළහ. ඒ දේශනාවගේ මේ කෙටි අදහසයි. දිට්ඨි සංයෝජනයෙන් බැඳුනු පුහුදුන් තෙමේ ජාති ආදීන්ගෙන් නොමිදුනේ වෙයි. බොහෝ කීමෙන් කිම, සියලු සසර දුකින්ම නොමිදුනේ වෙයි.
එවං ඡප්පභෙදං දිට්ඨාසවං දස්සෙත්වා යස්මා සීලබ්බතපරාමාසො කාමාසවාදිවචනෙනෙව දස්සිතො හොති. කාමසුඛත්ථඤ්හි භවසුඛභවවිසුද්ධිඅත්ථඤ්ච අවිජ්ජාය අභිභූතා ඉතො බහිද්ධා සමණබ්රාහ්මණා සීලබ්බතානි පරාමසන්ති, තස්මා තං අදස්සෙත්වා දිට්ඨිග්ගහණෙන වා තස්ස ගහිතත්තාපි තං අදස්සෙත්වාව ඉදානි යො පුග්ගලො දස්සනා පහාතබ්බෙ ආසවෙ පජහති, තං දස්සෙත්වා තෙසං ආසවානං පහානං දස්සෙතුං පුබ්බෙ වා අයොනිසො මනසිකරොතො පුථුජ්ජනස්ස තෙසං උප්පත්තිං දස්සෙත්වා ඉදානි තබ්බිපරීතස්ස පහානං දස්සෙතුං සුතවා ච ඛො, භික්ඛවෙතිආදිමාහ.
මෙසේ සවැදෑරුම් දිටඨි ආසව දක්වා යම් හෙයකින් සීලබ්බත පරමාසය කාමාසව වශයෙන් දක්වන ලද්දේ වෙයි ද, කම්සැපය පිණිස භව සැපයද භව විසුද්ධිය පිණිස අවිද්‍යාවෙන් මඩනා ලද, මේ ශාසනයෙන් බාහිර වූ මහණ බමුණෝ ශීලව්රතයනුත් පරාමර්ශනය කෙරෙත් ද, එහෙයින් එය නොදක්වා දෘෂ්ටි ග්රහණයෙන් හෝ සීලබ්බත පරාමාසය නොදක්වාම, යම් පුද්ගලයෙක් දස්සනයෙන් දුරුකළ යුතු ආසවයන් ප්රහාණය කෙරේ ද, ඒ පුද්ගලයා දක්වා එම ආශ්‍රවයන්ගේ ප්රහාණය දක්වන්ට හෝ, පළමුකොට අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වූ පුහුදුන් පුද්ගලයාට ඔවුන්ගේ උත්පත්තිය දක්වා දැන් එයින් විපරීත වූවහුට ප්රහාණය දක්වන්ට හෝ සුතවා ච ඛො භික්ඛවෙ යනාදිය වදාළහ.
තස්සත්ථො, යාව “සො ඉදං දුක්ඛ”න්ති ආගච්ඡති, තාව හෙට්ඨා වුත්තනයෙන ච වුත්තපච්චනීකතො ච වෙදිතබ්බො. පච්චනීකතො ච සබ්බාකාරෙන අරියධම්මස්ස අකොවිදාවිනීතපච්චනීකතො අයං “සුතවා අරියසාවකො අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො”ති වෙදිතබ්බො. අපිච ඛො සිඛාපත්තවිපස්සනතො පභුති යාව ගොත්‍රභු, තාව තදනුරූපෙන අත්ථෙන අයං අරියසාවකොති වෙදිතබ්බො.
එහි අර්ථය නම් යම්තාක් හෙතෙම මේ දුකයයි පැමිණේ ද, ඒ තාක් යට කියන ලද නයින් ද, කියන ලද්දට විරුද්ධ නයින් ද දතයුතුය. විරුද්ධ ක්‍රමයෙන් ද, සියලු ආකාරයෙන් ද ආර්ය ධර්මයෙහි අකෝවිද, අවිනීත විරුද්ධ යන ලක්ෂණයන්ගෙන් මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ආර්ය ධර්මයෙහි දක්ෂ වූයේ ද, ආර්ය ධර්මයෙහි සුවිනීත වූයේ ද වේ යයි දතයුතුයි. යලිදු ශිඛාප්‍රාප්ත වූ විදර්ශනාවෙහි පටන් ගොත්රභූ චිත්තය යම්තාක් ද ඒතාක් ඊට අනුරූප වූ අර්ථයෙන් මේ ආර්යශ්‍රාවක තෙම දතයුතුයි.
“සො ඉදං දුක්ඛන්ති යොනිසො මනසි කරොතී”තිආදීසු පන අයං අත්ථවිභාවනා,
සො ඉදං දුක්ඛන්ති යොනිසො මනසි කරොති යන ආදියෙහි මේ අර්ථ විස්තරයයි.
චතුසච්ච කම්මට්ඨානික ආර්ය ශ්‍රාවක තෙම
සො චතුසච්චකම්මට්ඨානිකො අරියසාවකො තණ්හාවජ්ජා තෙභූමකා ඛන්ධා දුක්ඛං, තණ්හා දුක්ඛසමුදයො, උභින්නං අප්පවත්ති නිරොධො, නිරොධසම්පාපකො මග්ගොති එවං පුබ්බෙව ආචරියසන්තිකෙ උග්ගහිතචතුසච්චකම්මට්ඨානො අපරෙන සමයෙන විපස්සනාමග්ගං සමාරුළ්හො සමානො තෙ තෙභූමකෙ ඛන්ධෙ ඉදං දුක්ඛන්ති යොනිසො මනසි කරොති, උපායෙන පථෙන සමන්නාහරති චෙව විපස්සති ච. එත්ථ හි යාව සොතාපත්තිමග්ගො, තාව මනසිකාරසීසෙනෙව විපස්සනා වුත්තා. යා පනායං තස්සෙව දුක්ඛස්ස සමුට්ඨාපිකා පභාවිකා තණ්හා, අයං සමුදයොති යොනිසො මනසි කරොති. යස්මා පන දුක්ඛඤ්ච සමුදයො ච ඉදං ඨානං පත්වා නිරුජ්ඣන්ති නප්පවත්තන්ති, තස්මා යදිදං නිබ්බානං නාම, අයං දුක්ඛනිරොධොති යොනිසො මනසි කරොති. නිරොධසම්පාපකං අට්ඨඞ්ගිකං මග්ගං අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොනිසො මනසි කරොති, උපායෙන පථෙන සමන්නාහරති චෙව විපස්සති ච.
මේ චතුසච්ච කම්මට්ඨානික ආර්යශ්‍රාවක තෙම තණ්හාව තොරකොට ඇති, ත්‍රෛභූමක ඛන්‍ධයෝ දුකයැ. තණ්හාව දුක්ඛ සමුදයයැ. ඒ දෙදෙනාගේ නොපැවැත්ම නිරෝධයයැ නිරෝධයට පමුණුවන්නේ මාර්ගයයැ. මෙසේ පළමුකොට ඇදුරන් සමීපයේ උගන්නා ලද, චතුසච්ච කම්මට්ඨාන ඇත්තේ පසුකලෙක විදර්ශනා මගට බැසගන්නා ලද්දේ. මේ ත්‍රෛභූමක ඛන්ධයන් මේ දුකයයි නුවණින් මෙනෙහි කරයි. උපාය මාර්ගයන් සිත්හි එලවීමද කෙරෙයි. ඒ එසේයි. මෙහි සෝවාන් මාර්ගය යම්තාක් ද ඒතාක් මනසිකාර ශීර්ෂයෙන් විදර්ශනා කියන ලදීය. එහි දුකම උපදවන්නා වූ, පහළ කරන්නා වූ යම් තණ්හා කෙනෙක් සමුදය මෙයයි නුවණින් මෙනෙහි කරයි. නිරෝධයට පමුණුවන්නා වූ අරිඅටඟි මග දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යයි නුවණින් මෙනෙහි කරයි. උපායයෙන් මාර්ගයෙන් සිත්හි එලවීමද කෙරෙයි. විදර්ශනාත් කෙරෙයි.
තත්රායං උපායො, අභිනිවෙසො නාම වට්ටෙ හොති, විවට්ටෙ නත්ථි. තස්මා “අයං අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු, ආපොධාතූ”තිආදිනා නයෙන සකසන්තතියං චත්තාරි භූතානි තදනුසාරෙන උපාදාරූපානි ච පරිග්ගහෙත්වා අයං රූපක්ඛන්ධොති වවත්ථපෙති. තං වවත්ථාපයතො උප්පන්නෙ තදාරම්මණෙ චිත්තචෙතසිකෙ ධම්මෙ ඉමෙ චත්තාරො අරූපක්ඛන්ධාති වවත්ථපෙති. තතො ඉමෙ පඤ්චක්ඛන්ධා දුක්ඛන්ති වවත්ථපෙති. තෙ පන සඞ්ඛෙපතො නාමඤ්ච රූපඤ්චාති ද්වෙ භාගායෙව හොන්ති. ඉදඤ්ච නාමරූපං සහෙතු සප්පච්චයං උප්පජ්ජති.
එහි මේ උපාය යයි අභිනිවෙසය නම් සසරෙහි වේ. නිවනෙහි නොමැත. එබැවින් හෙතෙම මේ ශරීරයෙහි පඨවි ධාතුව ඇත. ආපෝ ධාතුව ඇත යනාදි ක්‍රමයෙන් තම සිරුරෙහි සතර මහා භූතයන් ද ඒ අනුසාරයෙන් උපාදා රූපයන් ද පරිග්‍රහණය කොට මේ රූපස්කන්ධය යයි නිශ්චය කෙරෙයි. එය නිශ්චය කරන්නහුට උපන් තදාලම්බන චිත්ත චෛතසික ධර්මයන් මොවුහු සතර අරූප ස්කන්ධයෝ යයි නිශ්චය කෙරෙයි. අනතුරුව මෙම පඤ්චස්කන්ධය දුක යයි නිශ්චය කෙරෙයි. ඔවුහු වනාහි සැකෙවින් නාමයද රූපයදැයි දෙකොටසක්ම වෙති. මේ නාමරූපයද කරුණු සහිත වූ ප්‍රත්‍ය සහිතව උපදියි.
තස්ස අයං හෙතු අයං පච්චයොති අවිජ්ජාභවතණ්හාකම්මාහාරාදිකෙ හෙතුපච්චයෙ වවත්ථපෙති. තතො තෙසං පච්චයානඤ්ච පච්චයුප්පන්නධම්මානඤ්ච යාථාවසරසලක්ඛණං වවත්ථපෙත්වා ඉමෙ ධම්මා අහුත්වා හොන්තීති අනිච්චලක්ඛණං ආරොපෙති, උදයබ්බයපීළිතත්තා දුක්ඛාති දුක්ඛලක්ඛණං ආරොපෙති. අවසවත්තනතො අනත්තාති අනත්තලක්ඛණං ආරොපෙති. එවං තීණි ලක්ඛණානි ආරොපෙත්වා පටිපාටියා විපස්සනං පවත්තෙන්තො සොතාපත්තිමග්ගං පාපුණාති.
ඒ නාමරූපයට මේ කරුණුයැ. මේ ප්‍රත්‍යයැයි, අවිජ්ජා-භවතණ්හා කම්ම-ආහාර ආදි වූ හේතු ප්‍රත්‍යය ව්‍යවස්ථා කෙරෙයි. අනතුරුව ඒ ප්රත්යයන්ගේද ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයන්ගේද තමාගේද අවිපරීත වූ තමාගේ ස්වභාව ලක්ෂණය පිරිසිඳ දැන, මේ ධර්මයෝ පෙර නොවී, වර්තමානයෙහි වෙත්යයි අනිත්‍ය ලක්ෂණයට ආරෝපණය කෙරෙයි. ඉපදීම, නැසීම දෙකින් පීඩිත වූ හෙයින් දුක්ඛයයි දුක්ඛ ලක්ෂණයට ආරෝපනය කෙරේ. තමාගේ වශයෙහි නොපවත්නා හෙයින් අනාත්ම යයි අනාත්ම ලක්ෂණයට ආරෝපනය කරයි. මෙසේ ත්රිලක්ෂණයන්ට ආරෝපනය කොට පිළිවෙලින් විදර්ශනා වඩන්නේ සෝවාන් මගට පැමිණෙයි.
තස්මිං ඛණෙ චත්තාරි සච්චානි එකපටිවෙධෙනෙව පටිවිජ්ඣති, එකාභිසමයෙන අභිසමෙති. දුක්ඛං පරිඤ්ඤාපටිවෙධෙන පටිවිජ්ඣති, සමුදයං පහානපටිවෙධෙන, නිරොධං සච්ඡිකිරියාපටිවෙධෙන, මග්ගං භාවනාපටිවෙධෙන.
එකෙණෙහිම චතුරාර්ය සත්‍යයන් එක ප්රතිවේධයෙන්ම ප්‍රතිවේධ කෙරෙයි. එක අභිසමයෙන්ම අභිසමය (අවබෝධ) කෙරෙයි. දුක්ඛ සත්‍යය පරිඤ්ඤාත ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. සමුදය සත්‍යය ප්‍රහාණ ප්රතිවේධයෙන්ද, නිරෝධ සත්‍යය සාක්ෂාත් ක්‍රියා ප්‍රතිවේධයෙන් ද, මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවේධයෙන් ද ප්‍රතිවේධ කරයි.
දුක්ඛඤ්ච පරිඤ්ඤාභිසමයෙන අභිසමෙති…පෙ… මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති, නො ච ඛො අඤ්ඤමඤ්ඤෙන ඤාණෙන. එකඤාණෙනෙව හි එස නිරොධං ආරම්මණතො, සෙසානි කිච්චතො පටිවිජ්ඣති චෙව අභිසමෙති ච. න හිස්ස තස්මිං සමයෙ එවං හොති – “අහං දුක්ඛං පරිජානාමී”ති වා…පෙ… “මග්ගං භාවෙමී”ති වා. අපිච ඛ්වස්ස ආරම්මණං කත්වා පටිවෙධවසෙන නිරොධං සච්ඡිකරොතො එවං තං ඤාණං දුක්ඛපරිඤ්ඤාකිච්චම්පි සමුදයපහානකිච්චම්පි මග්ගභාවනාකිච්චම්පි කරොතියෙව. තස්සෙවං උපායෙන යොනිසො මනසිකරොතො තීණි සංයොජනානි පහීයන්ති, වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, අට්ඨවත්‍ථුකා විචිකිච්ඡා, “සීලෙන සුද්ධි වතෙන සුද්ධී”ති සීලබ්බතානං පරාමසනතො සීලබ්බතපරාමාසොති.
නැවත දුක්ඛ සත්‍යය පරිඥා අභිසමයෙන් අභිසමය කෙරෙයි. -පෙ- මාර්ග සත්‍යය භාවනා අභිසමයෙන් අභිසමය කෙරෙයි. එතකුදු වුවත් අන්‍යොන්‍ය ඥානයෙන් අභිසමය නොකෙරෙයි. මෙය එක ඥානයෙන්ම නිරෝධය ආරම්මණ වශයෙන් ද සෙසු සත්‍යයන් කෘත්‍ය වශයෙන් ද ප්‍රතිවෙධ කෙරෙයි. අභිසමය කෙරෙයි. ඔහුට එසමයෙහි මෙබඳු හිතක් නොවේමැයි. මම දුක්ඛ සත්‍යය දනිමියි කියා හෝ -පෙ- මාර්ග සත්‍යය වඩමියි කියා හෝයි. නමුත් එක් කරුණක් ඇත. අරමුණුකොට ප්‍රතිවේධ වශයෙන් නිර්වාණ පසක් කරන්නා වූ ම ඔහුට ඒ ප්‍රතිවේධ ඤාණය, දුක්ඛයාගේ පරිඤ්ඤාණ කෘත්‍යය ද සමුදයාගේ ප්‍රහාණ කෘත්‍යය ද මාර්ගයාගේ භාවනා කෘත්‍ය ද කෙරේමැයි. මෙසේ උපායයෙන් නුවණින් මෙනෙහි කරන්නා වූ ඔහුගේ විංසති වස්තුක සක්කාය දිට්ඨියද, අට්ඨාදස වස්තුක විචිකිච්ඡාවද, සීලයෙන් ශුද්ධිය වේයයි ව්‍රතයෙන් ශුද්ධිය වේයයි සීල ව්‍රතයන් පරාමර්ශනය කරන්නා වූ සීලබ්බත පරාමාසය ද යන සංයෝජන තුන ප්‍රහීණ වෙත්යයි කිවයුතුයි.
තත්ථ චතූසු ආසවෙසු සක්කායදිට්ඨිසීලබ්බතපරාමාසා දිට්ඨාසවෙන සඞ්ගහිතත්තා ආසවා චෙව සංයොජනා ච. විචිකිච්ඡා සංයොජනමෙව, න ආසවො. “දස්සනා පහාතබ්බා ආසවා”ති එත්ථ පරියාපන්නත්තා පන ආසවාති.
එහි සතර ආශ්‍රවයන් අතුරෙන්, සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාසයෙන් දිට්ඨි ආශ්රවයෙහි සංග්‍රහ කළ හෙයින් ආශ්‍රවයෝ සංයෝජනයෝද වෙති. විචිකිච්ඡාව සංයෝජනම වේ. ආසව නොවෙයි. නැවත, දස්සනා පහාතබ්බ ආසවා යන මෙහි ඇතුළත් බැවින් ආසව වෙත් යයි ද කිවයුතු වේ.
“ඉමෙ වුච්චන්ති…පෙ… පහාතබ්බා”ති ඉමෙ සක්කායදිට්ඨිආදයො දස්සනා පහාතබ්බා නාම ආසවාති දස්සෙන්තො ආහ. අථ වා යා අයං ඡන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජතීති එවං සරූපෙනෙව සක්කායදිට්ඨි විභත්තා. තං සන්ධායාහ “ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ”ති. සා ච යස්මා සහජාතපහානෙකට්ඨෙහි සද්ධිං පහීයති. දිට්ඨාසවෙ හි පහීයමානෙ තංසහජාතො චතූසු දිට්ඨිසම්පයුත්තචිත්තෙසු කාමාසවොපි අවිජ්ජාසවොපි පහීයති. පහානෙකට්ඨො පන චතූසු දිට්ඨිවිප්පයුත්තෙසු නාගසුපණ්ණාදිසමිද්ධිපත්ථනාවසෙන උප්පජ්ජමානො භවාසවො. තෙනෙව සම්පයුත්තො අවිජ්ජාසවොපි, ද්වීසු දොමනස්සචිත්තෙසු පාණාතිපාතාදිනිබ්බත්තකො අවිජ්ජාසවොපි, තථා විචිකිච්ඡාචිත්තසම්පයුත්තො අවිජ්ජාසවොපීති එවං සබ්බථාපි අවසෙසා තයොපි ආසවා පහීයන්ති. තස්මා බහුවචනනිද්දෙසො කතොති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. එස පොරාණානං අධිප්පායො.
ඉමෙ වුච්චති දස්සනා පහාතබ්බා යනුවෙන් සක්කාය දිට්ඨි ආදිහු දස්සනා පහාතබ්බ ආසවයෝ වෙත්යයි දක්වමින් වදාළහ. නැතහොත් ඡන්නං දිට්ඨිනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජන්ති මෙසේ ස්වරූපයෙන්ම සක්කාය දිට්ඨිය විභාග කරන ලද්දේ ද, ඒ සඳහා වදාළහ. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ යනුවෙන්, එයද යම්හෙයකින් සහජාත ප්‍රහාණ කාර්යයන් සමග ප්‍රහීණ වන්නී ද දිට්ඨි ආසව ප්‍රහීණ වන කල්හි ඊට සහජාත වූ හෝ සතර දිට්ඨි සම්පයුක්ත චිත්තයන්හි කාමාසවයද, අවිජ්ජාසවයද ප්‍රහීණ වේද, පහාණ ඒකාර්ථ වූ සතර චිත්තවිප්පයුත්ත චිත්තයන්හි නාග සුපර්නාදි සමෘද්ධිය ප්‍රාර්ථනා කිරිම් වශයෙන් උපදනා වූ භවාසවයද ඒ හාම සම්ප්‍රයුක්ත වූ අවිජ්ජාසවයද, දොම්නස් දෙසිත්හි පාණාතිපාතය ඇතිකරවන්නා වූ අවිජ්ජාසවයදැයි මෙසේ සර්වප්‍රකාරයෙන්ම අවශේෂ ආශ්‍රව තුනම ප්‍රහීණ වෙත්ද, එහෙයින් බහුවචන නිර්දේශය කරන ලදැයි මෙසේද මෙහි අර්ථය දතයුතු. පොරාණයන්ගේ අදහසකි මෙය.
දස්සනා පහාතබ්බාති දස්සනං නාම සොතාපත්තිමග්ගො, තෙන පහාතබ්බාති අත්ථො. කස්මා සොතාපත්තිමග්ගො දස්සනං? පඨමං නිබ්බානදස්සනතො. නනු ගොත්‍රභු පඨමතරං පස්සතීති? නො න පස්සති. දිස්වා කත්තබ්බකිච්චං පන න කරොති සංයොජනානං අප්පහානතො. තස්මා පස්සතීති න වත්තබ්බො. යත්ථ කත්ථචි රාජානං දිස්වාපි පණ්ණාකාරං දත්වා කිච්චනිප්ඵත්තියා අදිට්ඨත්තා “අජ්ජාපි රාජානං න පස්සාමී”ති වදන්තො ගාමවාසී පුරිසො චෙත්ථ නිදස්සනං.
දස්සනා පහාතබ්බා යන මෙහි දස්සන නම් සෝතාපත්ති මාර්ගයයි. එමගින් පහකළයුතු යන අර්ථයි. කුමක් හෙයින් සෝවාන්මග දස්සන නම් වේද යත්, පළමුකොට නිවන් දක්නා හෙයිනි. ගෝත්‍රභූ සිත පළමුකොට නිවන් දකින්නේ නොවේද, නොදකින්නේ නොවෙයි. දැක කළයුතු කිස නොකරයි. සංයෝජන ප්‍රහීණ නොවූ හෙයිනි. එහෙයින් පස්සති යයි නොකිය යුතුයි. යම්කිසි තැනක රජු දැකද පඬුරු දී කාර්ය සිද්ධිය නොවූ හෙයින් අදත් රජු නොදක්මියි කියන ගම්වැසි පුරුෂතෙම මෙහි නිදසුන් වෙයි.
දස්සනාපහාතබ්බආසවවණ්ණනා නිට්ඨිතා.