භාවනාපහාතබ්බආසවවණ්ණනා අට්ඨකථා
භාවනාපහාතබ්බආසවවණ්ණනා
භාවනා පහාතබ්බ
පටිසඞ්ඛා යොනිසො සතිසම්බොජ්ඣඞ්ගං භාවෙතීති අභාවනාය ආදීනවං, භාවනාය ච ආනිසංසං උපායෙන පථෙන පච්චවෙක්ඛිත්වා සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, එස නයො සබ්බත්ථ. එත්ථ ච කිඤ්චාපි ඉමෙ උපරිමග්ගත්තයසමයසම්භූතා ලොකුත්තරබොජ්ඣඞ්ගා එව අධිප්පෙතා, තථාපි ආදිකම්මිකානං බොජ්ඣඞ්ගෙසු අසම්මොහත්ථං ලොකියලොකුත්තරමිස්සකෙන නෙසං නයෙන අත්ථවණ්ණනං කරිස්සාමි. ඉධ පන ලොකියනයං පහාය ලොකුත්තරනයො එව ගහෙතබ්බො. තත්ථ සතිසම්බොජ්ඣඞ්ගන්තිආදිනා නයෙන වුත්තානං සත්තන්නං ආදිපදානංයෙව තාව –
පටිසංඛා යොනිසො සති සම්බොජ්ඣංගං භාවෙති යනුවෙන් භාවනා නොකිරීමේ ආදීනව ද භාවනාවගේ ආනිශංස ද, උපායෙන් මාර්ගයෙන් ප්රත්යවේක්ෂා කොට සති සම්බොජ්ඣංගය වඩයි. සියලු තන්හි මෙම ක්‍රමය මැයි. ඉදින් මෙහි මතු මාර්ග තුන ලැබෙන සමයෙහි උපන්නා වූ ලෝකෝත්තර බොජ්ඣංගයෝම අදහස් කරන ලද්දාහුය. එතකුදු වුවත් ආදි කම්මිකයන්ගේ බොජ්ඣංග විෂයෙහි මුලා නොවීම පිණිස ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූ නයින් ඔවුන්ගේ අර්ථ වර්ණනාව කරන්නෙමි. මෙහි වනාහි ලෞකික නය හැර, ලෝකෝත්තර නයම ගතයුත්තේය. සති සම්බොජ්ඣංගං යනාදි ක්‍රමයෙන් වදාරණ ලද්දා වූ මුල් පදයන් සත්දෙනාගෙන් පළමුකොට
බොජ්ඣංග වණ්ණනා
අත්ථතො ලක්‍ඛණාදීහි, කමතො ච විනිච්ඡයො; අනූනාධිකතො චෙව, විඤ්ඤාතබ්බො විභාවිනා.
අත්ථතො ලක්ඛණ දීහි කමතොච විනිච්ඡයො අනුනාධි කතො චෙව විඤ්ඤාතබ්බො විභාවිනො
(නැණවතුන් විසින් අරුත් වශයෙන් ද ලක්‍ෂණාදීන්ගේ වශයෙන් ද අනුනාධික වශයෙන් ද විනිශ්චය දතයුතුය.)
සති සම්බොජ්ඣංගය
තත්ථ සතිසම්බොජ්ඣඞ්ගෙ තාව සරණට්ඨෙන සති. සා පනෙසා උපට්ඨානලක්ඛණා, අපිලාපනලක්ඛණා වා. වුත්තම්පි හෙතං “යථා, මහාරාජ, රඤ්ඤො භණ්ඩාගාරිකො රඤ්ඤො සාපතෙය්යං අපිලාපෙති, එත්තකං, මහාරාජ, හිරඤ්ඤං, එත්තකං සුවණ්ණං, එත්තකං සාපතෙය්යන්ති, එවමෙව ඛො, මහාරාජ, සති උප්පජ්ජමානා කුසලාකුසලසාවජ්ජානවජ්ජහීනපණීතකණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ අපිලාපෙති. ඉමෙ චත්තාරො සතිපට්ඨානා”ති (මි· ප· 2.1.13) විත්ථාරො. අපිලාපනරසා. කිච්චවසෙනෙව හිස්ස එතං ලක්ඛණං ථෙරෙන වුත්තං. අසම්මොසරසා වා. ගොචරාභිමුඛභාවපච්චුපට්ඨානා. සති එව සම්බොජ්ඣඞ්ගො සතිසම්බොජ්ඣඞ්ගො. තත්ථ බොධියා බොධිස්ස වා අඞ්ගොති බොජ්ඣඞ්ගො.
එහි පළමුකොට සති සම්බොජ්ඣංගයෙහි සිහි කිරීම් අර්ථයෙන් සති නම් වේ. සතිය තොමෝ එළඹ සිටීම ලක්‍ෂණකොට ඇත්තේය. අපිලාපනය (මතුකර පෙන්වීම) ලක්‍ෂණකොට ඇත්තේ හෝ වෙයි. මෙසේ කියන ලද්දේ වෙයි. යථා මහාරාජ, රඤ්ඤො භාණ්ඩාගාරිකො රඤ්ඤො සාපතෙය්යං, අපිලාපෙති, එත්තකං මහාරාජ හිරඤ්ඤං එත්තකං සුවණ්ණං එත්තතං සාපතෙය්යන්ති, එව මෙව ඛො මහාරාජ සති උප්පජ්ජමානා කුසලා කුසල සාවජ්ජානවජ්ජ හීනප්පණීත, කණ්හ සුක්ක සප්පටිභාගෙ ධම්මෙ අපිලාපෙති ඉමෙ චත්තාරො සතිපට්ඨානාති (මහරජ, රජුගේ භාණ්ඩාගාරික තෙමේ රජුගේ සම්පත්තිය යම්සේ සිහි කරවා ද, මහරජ, අමුරන් මෙපමණය රත්තරන් මෙපමණය. සෙසු ධනය මෙපමණ යයි එපරිද්දෙන් මහරජ, සතිය තොමෝ උපදවන්නී, කුසලා කුසල සාවද්‍ය අනවද්‍ය හීන ප්‍රණීත කණ්හ සුක්ක සප්පටිභාග ධර්මයන් සිහිකරවයි. මොවුහු සතර සතිපට්ඨානයෝයි.) යනු විස්තරයයි. අපිලාපන රසයයි. කෘත්‍ය වශයෙන්ම මේ සතියගේ අපිලාපන ලක්ෂණයයි. තෙරුන් විසින් කියන ලද්දේය. මුලා නොවීම රසයයි. ගෝචරයෙහි අභිමුඛ බව පච්චුපට්ඨාන යයි. (වැහෙන ආකාරයයි) සතියම බොජ්ඣංග වූයේ සති සම්බොජ්ඣංග නම් වේ. බෝධිය පිණිස පවත්නා ධර්ම සමූහයාගේ හෝ බෝධිය නම් වූ ආර්ය ශ්‍රාවකයාගේ අංගනුයි. බොජ්ඣංග නම් වේ.
කිං වුත්තං හොති? යා හි අයං ධම්මසාමග්ගී, යාය ලොකියලොකුත්තරමග්ගක්ඛණෙ උප්පජ්ජමානාය ලීනුද්ධච්චපතිට්ඨානායූහන-කාමසුඛත්තකිලමථානුයොග-උච්ඡෙදසස්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද්දවානං පටිපක්ඛභූතාය සතිධම්මවිචයවීරියපීතිපස්සද්ධිසමාධිඋපෙක්ඛාසඞ්ඛාතාය ධම්මසාමග්ගියා අරියසාවකො බුජ්ඣතීති කත්වා “බොධී”ති වුච්චති.
මෙහි කුමක් කියන ලද්දේ ද යත්? ලෞකික ලෝකෝත්තර, මාර්ගක්ෂණයෙහි උපදින්නා වූ ලීන-උද්ධච්ච-පතිට්ඨාන-ආයූහන-කාමසුඛ අත්තකිලමථානුයෝග-උචේඡද-සස්සත දිට්ඨි යන මොවුන්ට ඇතුලත්වීම් ආදි වූ නොයෙක් උපද්‍රවයන්ට ප්රතිපක්ෂ වූ, යම් මේ ධර්ම සමූහයක් වේද, සති-ධම්මවිචය-විරිය-පීති-පස්සද්ධි-සමාධි-උපෙක්ඛා නම් වූ යම් ධර්ම සමුහයක එකතුවකින් ධර්මාවබෝධය වන නිසා මෙයට බොධි යයි කියනු ලැබේ.
බුජ්ඣතීති කිලෙසසන්තානනිද්දාය උට්ඨහති, චත්තාරි වා අරියසච්චානි පටිවිජ්ඣති, නිබ්බානමෙව වා සච්ඡිකරොතීති වුත්තං හොති. යථාහ “සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො”ති. තස්සා ධම්මසාමග්ගිසඞ්ඛාතාය බොධියා අඞ්ගොතිපි බොජ්ඣඞ්ගො, ඣානඞ්ගමග්ගඞ්ගාදයො විය.
බුජ්ඣති යන්නෙන් කිලෙස සන්තාන නිද්‍රාවෙන් නැගී සිටියි. චතුරාර්ය සත්‍ය හෝ ප්‍රතිවේධ කෙරෙයි. නිර්වාණය හෝ සාක්ෂාත් කෙරේ යයි කියන ලද්දේ වෙයි. මෙසේ වදාළහ. සත්ත බොජ්ඣංගෙ භාවෙත්වා අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධො යනුවෙන් ඒ ධර්මයන්ගේ එකතුව නම් වූ බෝධියගේ එකතුව වේනුයි බොජ්ඣංග නම් වේ.
යොපෙස යථාවුත්තප්පකාරාය එතාය ධම්මසාමග්ගියා බුජ්ඣතීති කත්වා අරියසාවකො “බොධී”ති වුච්චති, තස්ස බොධිස්ස අඞ්ගොතිපි බොජ්ඣඞ්ගො, සෙනඞ්ගරථඞ්ගාදයො විය. තෙනාහු අට්ඨකථාචරියා “බුජ්ඣනකස්ස පුග්ගලස්ස අඞ්ගාති වා බොජ්ඣඞ්ගා”ති. අපිච “බොජ්ඣඞ්ගාති කෙනට්ඨෙන බොජ්ඣඞ්ගා? බොධාය සංවත්තන්තීති බොජ්ඣඞ්ගා, බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනුබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පටිබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සම්බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා”තිආදිනා (පටි· ම· 3.17) පටිසම්භිදානයෙනාපි අත්ථො වෙදිතබ්බො.
[missing] සේනාංග රථංග යනාදීන් මෙනි. එහෙයින් අර්ථකථාචාර්යවරයෝ කීහ. බුජ්ඣනස්ස, පුග්ගලස්ස අංගාති වා බොජ්ඣංගා යනුවෙන් (අවබෝධ කරන පුද්ගලයාගේ අංගනුයි බොජ්ඣංග නම් වෙති.) තව ද බොජ්ඣංගාති කෙනට්ඨෙන බොජ්ඣංගා බොධාය සංවත්තන්තීති බොජ්ඣංගා, බුජ්ඣන්තීති බොජ්ඣංග අනුබුජ්ඣන්තීති බොජ්ඣංගා පටි බුජ්ඣන්තීති බොජ්ඣංගා (බොජ්ඣංග යනු කවර අර්ථයකින් බොජ්ඣංග නම් වෙත්ද? අවබෝධය පිණිස පවතිත් නුයි බොජ්ඣංග නම් වේ. අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංග නම් වේ. අනුබෝධ කෙරෙත්නුයි බොජ්ඣංග නම් වේ. ප්රතිබෝධ කෙරෙත්නුයි බොජ්ඣංග නම් වේ. මනාකොට අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංග නම් වේ. යනාදී වූ පටිසම්භිදා මග්ග නයින් ද බොජ්ඣංගාර්ථය දතයුතුය.
පසත්ථො සුන්දරො වා බොජ්ඣඞ්ගොති සම්බොජ්ඣඞ්ගො. එවං සති එව සම්බොජ්ඣඞ්ගො සතිසම්බොජ්ඣඞ්ගො. තං සතිසම්බොජ්ඣඞ්ගං. එවං තාව එකස්ස ආදිපදස්ස අත්ථතො ලක්‍ඛණාදීහි ච විනිච්ඡයො විඤ්ඤාතබ්බො.
ප්රශස්ත වූ සුන්දර වූ බොජ්ඣංගය සම්බොජ්ඣංග නම් වේ. මෙසේ සතියම බොජ්ඣංග වූයේ සති සම්බොජ්ඣංග නම් වේ. ඒ සති සම්බොජ්ඣංගයයි, මෙසේ පළමුකොට මෙසේ එක් එක් ආදි පදයක්හුගේ අරුත් වශයෙන් ලක්‍ෂණාදීන්ගේ වශයෙන් ද විනිශ්චය දතයුත්තේය.
දුතියාදීසු පන චතුසච්චධම්මෙ විචිනාතීති ධම්මවිචයො. සො පන විචයලක්ඛණො, ඔභාසනරසො, අසම්මොහපච්චුපට්ඨානො.
දෙවන බොජ්ඣංග ධර්මයෙහි චතුරාර්ය සත්‍ය ධර්මයන් පරීක්ෂා කෙරේනුයි ධම්මවිචය නම් වේ. එය විශේෂ එකතුව ‘පවිචය’ ලක්ෂණ කොට ඇත්තේය. ඔභාසනය (=විෂය බබුලුවීම) රසයකොට ඇත්තේය.
වීරභාවතො විධිනා ඊරයිතබ්බතො ච වීරියං. තං පග්ගහලක්ඛණං, උපත්ථම්භනරසං, අනොසීදනපච්චුපට්ඨානං.
වීරයාගේ ස්වභාවය හෙයින් ද, විධි වූ පරිද්දෙන් පැවැත්විය යුතු හෙයින් ද විරිය නම් වේ. එය දැඩිකොට ගැනීම ලක්‍ෂණකොට ඇත්තේය. නොපසුබැසීම පච්චුපට්ඨාන කොට ඇත්තේය.
පීණයතීති පීති. සා ඵරණලක්ඛණා, තුට්ඨිලක්ඛණා වා, කායචිත්තානං පීණනරසා, තෙසංයෙව ඔදග්යපච්චුපට්ඨානා.
පිනවානුයි පීතිනම් වේ. ඕතොමෝ එරණය (පැතිරීම) ලක්ෂණ කොට ඇත්තීය. සතුටුවීම ලක්‍ෂණකොට ඇත්තීද වන්නීය. කාය චිත්ත පිනවීම රසයකොට ඇත්තීය. ඔවුන්ගේම ඔදවැඩි බව පචවුපට්ඨාන කොට ඇත්තීය.
කායචිත්තදරථපස්සම්භනතො පස්සද්ධි. සා උපසමලක්ඛණා, කායචිත්තදරථනිම්මද්දනරසා, ආයචිත්තානං අපරිප්ඵන්දනභූතසීතිභාවපච්චුපට්ඨානා.
කාය චිත්ත දරථයන් සංසිඳුවන හෙයින් පස්සදධි නම් වේ. ඕතොමෝ උපසමය (=සංසුන්කම) ලක්‍ෂණකොට ඇත්තීය. කාය චිත්තයන්ගේ නොසෙල්වීම වූ සිහිල්භාවය පච්චුපට්ඨානය කොට ඇත්තීය.
සමාධානතො සමාධි. සො අවික්ඛෙපලක්ඛණො, අවිසාරලක්ඛණො වා, චිත්තචෙතසිකානං සම්පිණ්ඩනරසො, චිත්තට්ඨිතිපච්චුපට්ඨානො.
මනාකොට සිත පිහිටවන හෙයින් සමාධි නම් වේ. එය නොවිසුරුණු බව ලක්‍ෂණකොට ඇත්තේය. එකඟබව ලක්‍ෂණකොට ඇත්තේ හෝ වෙයි. චිත්ත චෛතසිකයන්ගේ සම්පිණ්ඩනය එහි රසයයි. චිත්තයාගේ ස්ථිතිභාවය එහි පච්චුපට්ඨානයයි.
අජ්ඣුපෙක්ඛනතො උපෙක්ඛා. සා පටිසඞ්ඛානලක්ඛණා, සමවාහිතලක්ඛණා වා, ඌනාධිකතානිවාරණරසා, පක්ඛපාතුපච්ඡෙදරසා වා, මජ්ඣත්තභාවපච්චුපට්ඨානා. සෙසං වුත්තනයමෙව. එවං සෙසපදානම්පි අත්ථතො ලක්‍ඛණාදීහි ච විනිච්ඡයො විඤ්ඤාතබ්බො.
මධ්‍යස්ථව බලනහෙයින් උපෙක්ඛා නම් වෙයි. ඕ තොමෝ පටිසංඛානය (මැදහත් බැව්හි සිත පිහිටවීම) ලක්‍ෂණකොට ඇත්තීය. සමවාහිත (එක් වූ) ලක්ෂණ ඇත්තී හෝ වෙයි. ඌනාධික ධර්මයන්ගේ නිවාරණය රසය කොට ඇත්තීය. පක්ෂපාත බව සිඳීම් සංඛ්‍යාත රසය හෝ වන්නීය. මැදහත්බව පච්චුපට්ඨාන නම් වන්නීය. සෙස්ස කී අයුරුම වන්නීය. මෙසේ සෙසු පදයන්ගේ ද අර්ථ වශයෙන් ද ලක්‍ෂණාදීන්ගේ වශයෙන් ද විනිශ්චය දතයුත්තීය.
කමතොති එත්ථ ච “සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමී”ති (සං· නි· 5.234) වචනතො සබ්බෙසං සෙසබොජ්ඣඞ්ගානං උපකාරකත්තා සතිසම්බොජ්ඣඞ්ගොව පඨමං වුත්තො. තතො පරං “සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනතී”තිආදිනා (විභ· 469) නයෙන සෙසබොජ්ඣඞ්ගානං පුබ්බාපරියවචනෙ පයොජනං සුත්තෙයෙව වුත්තං. එවමෙත්ථ කමතොපි විනිච්ඡයො විඤ්ඤාතබ්බො.
ක්‍රම වශයෙන් මෙහිද සතිඤ්ච ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි යයි වදාළ බැවින් ඒ අනුව සෙසු සියලු බොජ්ඣංග ධර්මයන්ට සතිය උපකාර බැවින් සතිසම්බොජ්ඣංග ධර්මයන්ට සතිය උපකාර බැවින් සතිසම්බොජ්ඣංගය පළමුව කියන ලදී. එයින් මත්තෙහි තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති යනාදී නයින් සෙසු බොජ්ඣංග ධර්මයන්ගේ ද පෙරපසුකොට කීමෙහි ප්‍රයෝජනය සූත්‍රයෙහිම වදාරණ ලදී. මෙසේ මෙහි දේශනා ක්‍රම වශයෙන් ද විනිශ්චය දතයුතුය.
අනූනාධිකතොති කස්මා පන භගවතා සත්තෙව බොජ්ඣඞ්ගා වුත්තා අනූනා අනධිකාති. ලීනුද්ධච්චපටිපක්ඛතො සබ්බත්ථිකතො ච. එත්ථ හි තයො බොජ්ඣඞ්ගා ලීනස්ස පටිපක්ඛා. යථාහ – “යස්මිඤ්ච ඛො, භික්ඛවෙ, සමයෙ ලීනං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනායා”ති (සං· නි· 5.234). තයො උද්ධච්චස්ස පටිපක්ඛා. යථාහ – “යස්මිඤ්ච ඛො, භික්ඛවෙ, සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනායා”ති (සං· නි· 5.234). එකො පනෙත්ථ සබ්බත්ථිකො. යථාහ – “සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමී”ති. “සබ්බත්ථක”න්තිපි පාඨො, ද්වින්නම්පි සබ්බත්ථ ඉච්ඡිතබ්බන්ති අත්ථො. එවං ලීනුද්ධච්චපටිපක්ඛතො සබ්බත්ථිකතො ච සත්තෙව බොජ්ඣඞ්ගා වුත්තා අනූනා අනධිකාති, එවමෙත්ථ අනූනාධිකතොපි විනිච්ඡයො විඤ්ඤාතබ්බො.
අඩු වැඩි නැතිව භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් බොජ්ඣංග ධර්ම හතක්ම වදාරණ ලද්දාහුද? ථීන හා උද්ධච්චයට ප්රතිපක්ෂ බැවින් හතක්ම වදාරණ ලදී. ඒ මෙසේය. මෙහි බොජ්ඣංගයෝ කී දෙනෙක් ථීනයට ප්‍රතිවිරුද්ධ වෙන්ද? එබැවින් වදාළහ. යස්මිඤ්ච ඛො භික්ඛවෙ සමයෙ ලීනං චිත්තං හොති. කාලො තස්මිං සමයෙ ධම්ම විචය බොජ්ඣංගස්ස භාවනාය, කාලො විරිය බොජ්ඣංගස්ස භාවනාය කාලො පීති බොජ්ඣංගස්ස භාවනාය (මහණෙනි, යම් කලෙක කුසීත බැවින් හැකිළුණු සිතක් වේද, එසමයෙහි ධම්මවිචය බොජ්ඣංගය වැඩීමට සුදුසු වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට සුදුසු වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කල්වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කල්වෙයි.) තිදෙනෙක් උද්ධච්චයට ප්රතිපක්ෂ වෙති. එහෙයින් වදාළහ. යස්මිඤච ඛො භික්ඛවෙ සමයෙ උද්ධතං චිත්තං හොති කාලො තස්මිං සමයෙ පස්සද්ධි සම්බොජ්ඣංගස්ස භාවනාය කාලො සමාධි සම්බොජ්ඣංගස භාවනාය කාලේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාය (මහණෙනි, යම්කලෙක උද්ධත වූ සිත වේද, එසමයෙහි සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි.) එක් බොජ්ඣංග ධර්මයක් මෙහි සබ්බත්ථික වේ. එය මෙසේ වදාළහ. සතිඤ්ච ඛවාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි මෙහි සබ්බත්ථක යයි ද පාඨයකි. දෙතැන්හිම සියලු තන්හි කැමතිවිය යුතුය යන අරුතම ලැබෙයි. මෙසේ හෙයින් ලීන උද්ධච්ච දෙකට ප්රතිපක්ෂ හෙයින්ද සතිය සබ්බත්ථික හෙයින් බොජ්ඣංග සතක්ම අඩුවැඩි නැතිව වදාරණ ලද බව දතයුතුය.
එවං තාව “සතිසම්බොජ්ඣඞ්ග”න්තිආදිනා නයෙන වුත්තානං සත්තන්නං ආදිපදානංයෙව අත්ථවණ්ණනං ඤත්වා ඉදානි භාවෙති විවෙකනිස්සිතන්තිආදීසු එවං ඤාතබ්බා. භාවෙතීති වඩ්ඪෙති, අත්තනො චිත්තසන්තානෙ පුනප්පුනං ජනෙති අභිනිබ්බත්තෙතීති අත්ථො. විවෙකනිස්සිතන්ති විවෙකෙ නිස්සිතං. විවෙකොති විවිත්තතා. ස්වායං තදඞ්ගවිවෙකො වික්ඛම්භනසමුච්ඡෙදපටිප්පස්සද්ධි නිස්සරණවිවෙකොති පඤ්චවිධො. තස්ස නානත්තං “අරියධම්මෙ අවිනීතො”ති එත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. අයමෙව හි තත්ථ විනයොති වුත්තො. එවං එතස්මිං පඤ්චවිධෙ විවෙකෙ.
මෙසේ පළමුකොට සති සම්බොජ්ඣංග යනාදි නයින් කියන ලද සත්ත පදයන්ගේම අර්ථ වර්ණනාව දැන, දැන් භාවෙති විවෙක නිස්සිතං යනාදියෙහි අර්ථ වර්ණනාව මෙසේ දතයුත්තීය. භාවෙති, වඩයි. තමාගේ චිත්ත සන්තානයෙහි නැවත නැවත උපදවයි පහළ කරවයි යන අර්ථයයි. විවේකය ඇසුරු කෙළේනුයි විවේකනිස්සිත නම් වේ. විවෙකය යනු වෙන් වූ බවයි. එම විවේකය තදංග විවේකය වික්ඛම්භන විවේකය සමුච්ඡෙද විවේකය, පටිප්පස්සදධි විවේකය, නිස්සරණ විවේකය යයි පස්අයුරු වේ. ඔවුන්ගේ නානත්වය අරිය ධම්මෙ අවිනීතො යන මෙහි කී නියායෙන්ම දතයුතුයැ. එසේම එම විවේකයම එහි විනය යයි වදාරණ ලද්දේය. මෙසේ මේ පංචවිධ විවේකයෙහි
විවෙකනිස්සිතන්ති තදඞ්ගවිවෙකනිස්සිතං සමුච්ඡෙදවිවෙකනිස්සිතං නිස්සරණවිවෙකනිස්සිතඤ්ච සතිසම්බොජ්ඣඞ්ගං භාවෙතීති අයමත්ථො වෙදිතබ්බො.
විවෙක නිස්සිතං යනු තදංග විවෙක නිස්සිත වූ ද, සමුචේඡද විවෙක නිස්සිත වූ ද, නිස්සරණ විවෙක නිස්සිත වූ ද, සති සම්බොජ්ඣංගය වඩයි යන මේ අර්ථය දතයුතුය.
තථා හි අයං බොජ්ඣඞ්ගභාවනානුයුත්තො යොගී විපස්සනාක්ඛණෙ කිච්චතො තදඞ්ගවිවෙකනිස්සිතං, අජ්ඣාසයතො නිස්සරණවිවෙකනිස්සිතං, මග්ගකාලෙ පන කිච්චතො සමුච්ඡෙදවිවෙකනිස්සිතං, ආරම්මණතො නිස්සරණවිවෙකනිස්සිතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති.
එසේම මෙම බොජ්ඣංග භාවනාවෙහි යෙදුන යෝගී තෙම විදර්ශනා මොහොතෙහි කෘත්‍ය වශයෙන් තදංග විවෙක නිස්සිත වූ ද, අධ්‍යාසය වශයෙන් සමුච්ඡෙද විවේක නිස්සිත වූ ද ආලම්බන වශයෙන් නිස්සරණ විවෙක නිස්සිත වූ ද සති සම්බොජ්ඣංගය වඩයි.
පඤ්චවිධවිවෙකනිස්සිතන්තිපි එකෙ, තෙ හි න කෙවලං බලවවිපස්සනාමග්ගඵලක්ඛණෙසු එව බොජ්ඣඞ්ගෙ උද්ධරන්ති, විපස්සනාපාදකකසිණජ්ඣානආනාපානාසුභබ්රහ්මවිහාරජ්ඣානෙසුපි උද්ධරන්ති. න ච පටිසිද්ධා අට්ඨකථාචරියෙහි. තස්මා තෙසං මතෙන එතෙසං ඣානානං පවත්තික්ඛණෙ කිච්චතො එව වික්ඛම්භනවිවෙකනිස්සිතං.
පංචවිධ විවේක නිස්සිත වූහ යයි කිසියම් ආචාර්ය කෙනෙක් කියති. ඔවුහු හුදු බලවත් විදර්ශනා මාර්ග-ඵල ක්ෂණයෙහිම බොජ්ඣංගයන් උද්ධරණය නොකෙරෙත්. විදර්ශනා පාදක, කසිණ-ධ්‍යාන, අනාපාන අශුභ-බ්‍රහ්මවිහාර ධ්යානයන්හිම උද්ධිරණය කෙරෙත්. අර්ථකථාචාර්යයන් විසින් නොද වලකන ලදහ. එහෙයින් ඔවුන්ගේ මතයෙහි මෙම ධ්‍යානයන්ගේ ප්රවෘත්ති ක්ෂණයෙහි කෘත්‍ය වශයෙන්ම විෂ්කම්භන විවේක නිස්සිත වෙයි.
යථා ච “විපස්සනාක්ඛණෙ අජ්ඣාසයතො නිස්සරණවිවෙකනිස්සිත”න්ති වුත්තං, එවං පටිප්පස්සද්ධිවිවෙකනිස්සිතම්පි භාවෙතීති වත්තුං වට්ටති. එස නයො විරාගනිස්සිතාදීසු. විවෙකට්ඨා එව හි විරාගාදයො.
[missing trans]
කෙවලඤ්හෙත්ථ වොස්සග්ගො දුවිධො පරිච්චාගවොස්සග්ගො ච පක්ඛන්දනවොස්සග්ගො චාති. තත්ථ පරිච්චාගවොස්සග්ගොති විපස්සනාක්ඛණෙ ච තදඞ්ගවසෙන, මග්ගක්ඛණෙ ච සමුච්ඡෙදවසෙන කිලෙසප්පහානං. පක්ඛන්දනවොස්සග්ගොති විපස්සනාක්ඛණෙ තන්නින්නභාවෙන, මග්ගක්ඛණෙ පන ආරම්මණකරණෙන නිබ්බානපක්ඛන්දනං. තදුභයම්පි ඉමස්මිං ලොකියලොකුත්තරමිස්සකෙ අත්ථවණ්ණනානයෙ වට්ටති. තථා හි අයං සතිසම්බොජ්ඣඞ්ගො යථාවුත්තෙන පකාරෙන කිලෙසෙ පරිච්චජති, නිබ්බානඤ්ච පක්ඛන්දති. වොස්සග්ගපරිණාමින්ති ඉමිනා පන සකලෙන වචනෙන වොස්සග්ගත්තං පරිණමන්තං පරිණතඤ්ච පරිපච්චන්තං පරිපක්කඤ්චාති. ඉදං වුත්තං හොති “අයඤ්හි බොජ්ඣඞ්ගභාවනානුයුත්තො භික්ඛු යථා සතිසම්බොජ්ඣඞ්ගො කිලෙසපරිච්චාගවොස්සග්ගත්තං නිබ්බානපක්ඛන්දනවොස්සග්ගත්තඤ්ච පරිපච්චති, යථා ච පරිපක්කො හොති, තථා නං භාවෙතී”ති. එස නයො සෙසබොජ්ඣඞ්ගෙසු.
වොස්සග්ග ද්විධ වෙයි. පරිච්චාග වොස්සග්ගය පක්ඛන්ධන වොස්සග්ගය යනුවෙනි. ඔවුන් අතුරෙහි පරිච්චාග වොස්සග්ගය යනු තදංග වශයෙන් විදර්ශනා මොහොතෙහි ද සමුච්ඡෙද වශයෙන් මාර්ග අවස්ථාවෙහි ද ක්ලේශයන්ගේ ප්‍රහාණයයි. පක්ඛන්දන වොස්සග්ගය යනු විදර්ශනා අවස්ථාවෙහි එයට නැමුනු බැවින් ද මාර්ග අවස්ථාවෙහි අරමුණු කිරීමෙන් ද ‘නිවන’ පක්ඛන්දනයයි ඒ දෙකම ලෞකික ලෝකෝත්තර මිශ්‍ර අරුත් ගැනුම් ක්‍රමයකට සුදුසුය. එබැවින් මේ සති සම්බොජ්ඣංගයම උක්තිප්රකාරයෙන් ක්ලේශයන් පරිත්‍යාග කෙරෙයි. දුරලයි. නිවනට පනියි. වොස්සග්ග පරිනාමිං ය මේ සියලු වචනයෙන්ම නිවන පිණිස පිරිනමන්නා වූ පිරිනමන ලද්දා වූද යන අර්ථයෙන් කියන ලදී. මුහුකුරා යන්නා වූ ද මුහුකුරා ගියා වූ ද යන මෙය කියන ලද්දේ වෙයි. කරුණු එසේ හෙයින් මේ බොජ්ඣංග භාවනාවෙහි යෙදුනා වූ මහණතෙම යම්සේ සති සම්බොජ්ඣංගය, කෙලෙස් පරිත්‍යාගය වොස්සග්ගය පිණිසත් නිබ්බාන පක්ඛන්දන වොස්සග්ගය පිණිසත් මෝරා යේද, යම්සේ මුහුකුරුවන ලද්දේ වේද, එසේ එය වඩාලයි. සෙසු බොජ්ඣංග ධර්මයන්ද මේ ක්‍රමයයි.
ඉධ පන නිබ්බානංයෙව සබ්බසඞ්ඛතෙහි විවිත්තත්තා විවෙකො, සබ්බෙසං විරාගභාවතො විරාගො, නිරොධභාවතො නිරොධොති වුත්තං. මග්ගො එව ච වොස්සග්ගපරිණාමී, තස්මා සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකං ආරම්මණං කත්වා පවත්තියා විවෙකනිස්සිතං. තථා විරාගනිස්සිතං නිරොධනිස්සිතං. තඤ්ච ඛො අරියමග්ගක්ඛණුප්පත්තියා කිලෙසානං සමුච්ඡෙදතො පරිච්චාගභාවෙන ච නිබ්බානපක්ඛන්දනභාවෙන ච පරිණතං පරිපක්කන්ති අයමෙව අත්ථො දට්ඨබ්බො. එස නයො සෙසබොජ්ඣඞ්ගෙසු.
මෙහි වූ කලී නිර්වාණය සියලු සංඛත ධර්මයන්ගෙන් වෙන් වූ බැවින් විවෙක නමි. සියල්ලන්ගෙන් විරාග බැවින් විරාග නම් වේ. නිරොධ බැවින් නිරොධ නම් වේ යයි කියන ලදී. මාර්ගයම වොස්සග්ග පරිණාම නම් වේ. එහෙයින් විවේකය අරමුණුකොට පැවැත්මෙන් විවෙක නිස්සිත වූ එසේම විරාගය හා නිරොධ නිස්සිත වූ සති සම්බොජ්ඣංගය වඩයි. එය වනාහි ආර්ය මාර්ග මොහොතෙහි පැවතුනා වූ ක්ලේශයන්ගේ සමුච්ඡෙද වශයෙන් පරිත්‍යාග භාවයෙන් ද නිවන පක්ඛන්ධන භාවයෙන්ද පිරිනමන ලද මුහුකුරුවන ලද යන මේ අර්ථයම දතයුතුය. සෙසු බොජ්ඣංග ධර්ම පිළිබඳවද මෙම ක්රමයම වේ.
යඤ්හිස්සාති එතෙසු බොජ්ඣඞ්ගෙසු යංකිඤ්චි අස්ස. සෙසං වුත්තනයමෙව. ආසවුප්පත්තියං පනෙත්ථ ඉමෙසං උපරිමග්ගත්තයසම්පයුත්තානං බොජ්ඣඞ්ගානං අභාවිතත්තා යෙ උප්පජ්ජෙය්යුං කාමාසවො භවාසවො අවිජ්ජාසවොති තයො ආසවා, භාවයතො එවංස තෙ ආසවා න හොන්තීති අයං නයො වෙදිතබ්බො.
යං හිස්ස මෙම බොජ්ඣංගයන් අතුරෙන් කිසිවක් ඕ හට යන අර්ථයයි. සෙස්ස කී අයුරින්ම වේ ආසවයන්ගේ උපතෙහි මෙහි මතු තුන්වන හා සම්ප්‍රයුක්ත වූ බොජ්ඣංගයන් නොවැඩූ බැවින්, කාමාසව, භවාසව, අවිජ්ජාසව යන මේ ආසවයෝ තිදෙනෙක් උපදනාහුද බොජ්ඣංග භාවනාව වඩන්නා වූ ඕහට මෙසේ ඒ ආසවයෝ නොවෙත් යන මේ ක්‍රමය දතයුතු වේ.
ඉමෙ වුච්චන්ති…පෙ… භාවනා පහාතබ්බාති ඉමෙ තයො ආසවා ඉමාය මග්ගත්තයසම්පයුත්තාය බොජ්ඣඞ්ගභාවනාය පහාතබ්බාති වුච්චන්තීති වෙදිතබ්බා.
ඉමෙ වුච්චන්ති -පෙ- භාවනා පහාතබ්බා යනුවෙන් මෙම ආසවයෝ තිදෙන තුන්මග සම්පයුක්ත වූ මේ බොජ්ඣංග භාවනාවෙන් පහකට යුත්තාහු යයි කියනු ලබන බව දතයුත්තාහුය.
ඉදානි ඉමෙහි සත්තහාකාරෙහි පහීනාසවං භික්ඛුං ථොමෙන්තො ආසවප්පහානෙ චස්ස ආනිසංසං දස්සෙන්තො එතෙහෙව ච කාරණෙහි ආසවප්පහානෙ සත්තානං උස්සුක්කං ජනෙන්තො යතො ඛො, භික්ඛවෙ…පෙ… අන්තමකාසි දුක්ඛස්සාති ආහ.
දැන් මේ සත් අයුරකින් දුරුකළ ආසව ඇති භික්ෂුවට ස්තුති කරන්නේ, ආසව නැති කිරීමෙහි ආනිශංස දක්වන්නේ මේ කරුණින්ම සත්ත්වයන් ආසව දුරුකිරීමෙහි යොදවන්නේ යතො ඛො භික්ඛවෙ -පෙ- අන්තමකාසි දුක්ඛස්ස යයි වදාළහ.
තත්ථ යතො ඛොති සාමිවචනෙ තොකාරො, යස්ස ඛොති වුත්තං හොති. පොරාණා පන යස්මිං කාලෙති වණ්ණයන්ති. යෙ ආසවා දස්සනා පහාතබ්බාති යෙ ආසවා දස්සනෙන පහාතබ්බා, තෙ දස්සනෙනෙව පහීනා හොන්ති, න අප්පහීනෙසුයෙව පහීනසඤ්ඤී හොති. එවං සබ්බත්ථ විත්ථාරො.
එහි යතො ඛො යනු සාමි වචනයෙහි තො කාරයයි. යස්ස ඛො යමෙකුගේ වනාහි යයි කියන ලද්දේ වෙයි. පොරාණයෝ වනාහි යම්හි කාලෙ යම් කලෙක යයි වර්ණනා කෙරෙත්. යො ආසවා දස්සනා යනු යම් ආශ්‍රව කෙනෙක් දර්ශනයෙන්, පහකටයුත්තාහු ද ඔවුහු දර්ශනයෙන්ම ප්‍රහීණ වූවාහු වෙත් ද, ප්‍රහීණ නො වූ කල්හිම ප්‍රහීණ වූයේ යන සංඥා ඇත්තේ නොවේ ද සියලු තන්හි විස්තරය මෙසේය.
සබ්බාසවසංවරසංවුතොති සබ්බෙහි ආසවපිධානෙහි පිහිතො, සබ්බෙසං වා ආසවානං පිධානෙහි පිහිතො. අච්ඡෙච්ඡි තණ්හන්ති සබ්බම්පි තණ්හං ඡින්දි, සංඡින්දි සමුච්ඡින්දි. විවත්තයි සංයොජනන්ති දසවිධම්පි සංයොජනං පරිවත්තයි නිම්මලමකාසි. සම්මාති හෙතුනා කාරණෙන. මානාභිසමයාති මානස්ස දස්සනාභිසමයා පහානාභිසමයා ච. අරහත්තමග්ගො හි කිච්චවසෙන මානං පස්සති, අයමස්ස දස්සනාභිසමයො. තෙන දිට්ඨො පන සො තාවදෙව පහීයති දිට්ඨවිසෙන දිට්ඨසත්තානං ජීවිතං විය. අයමස්ස පහානාභිසමයො.
සබ්බාසව සංවර සංවුතො යනු සියලු ආසවයන් පියනකින් වසන ලද්දේ නැතහොත් සියලු ආසව පියනින් වසන ලද්දේ, අච්ඡෙච්ඡි තණ්හං යනු සියලු තණ්හාව සින්දේය. හොඳටම සින්දේය. මුල් සහිතව සින්දේය. වාවත්තයි සංයෝජනං යනු දසවිධ සංයෝජනය පරිවර්තනය කළේය. මුල් රහිත කළේය. සම්මා හේතුවෙන් කාරණයෙන් මානාභි සමයා දස්සනාභි සමයෙන් ද, පහානාභි සමයෙන් ද, රහත්මග කෘත්‍ය වශයෙන් මානය දකී. මේ ඔහුගේ දස්සනාභි සමයයි. දිට්ඨ විසෙන් දිට්ඨ සත්ත්වයෙකුගේ ජීවිතය මෙන් ප්‍රහීණ වෙයි. මේ ඔහුගේ ප්රහීණාභි සමයයි.
අන්තමකාසි දුක්ඛස්සාති එවං අරහත්තමග්ගෙන සම්මා මානස්ස දිට්ඨත්තා පහීනත්තා ච යෙ ඉමෙ “කායබන්ධනස්ස අන්තො ජීරති (චූළව· 278). හරිතන්තං වා”ති (ම· නි· 1.304) එවං වුත්තඅන්තිමමරියාදන්තො ච, “අන්තමිදං, භික්ඛවෙ, ජීවිකාන”න්ති (ඉතිවු· 91; සං· නි· 3.80) එවං වුත්තලාමකන්තො ච, “සක්කායො එකො අන්තො”ති (අ· නි· 6.61) එවං වුත්තකොට්ඨාසන්තො ච, “එසෙවන්තො දුක්ඛස්ස සබ්බපච්චයසඞ්ඛයා”ති (සං· නි· 2.51) එවං වුත්තකොටන්තො චාති එවං චත්තාරො අන්තා, තෙසු සබ්බස්සෙව වට්ටදුක්ඛස්ස අන්තං චතුත්ථකොටිසඞ්ඛාතං අන්තිමකොටිසඞ්ඛාතං අන්තමකාසි පරිච්ඡෙදං පරිවටුමං අකාසි. අන්තිමසමුස්සයමත්තාවසෙසං දුක්ඛං අකාසීති වුත්තං හොති.
අන්තමකාසි දුක්ඛස්ස යනු රහත් මගින් මානය දුටු හෙයින් ද ප්‍රහීණ වූ හෙයින් ද, කාය බන්ධනස්ස අන්තො ජීරති හරිතත්තං වා යයි මෙසේ කියන ලද අන්තිම මරියාදාන්තය ද, අන්ත මිදං භික්ඛවෙ ජීවිතානං යයි මෙසේ කියන ලද ලාමක අන්තය ද, සක්කායො එකො අන්තො යයි මෙසේ කියන ලද කොට්ඨාස අන්තයද එසෙවන්තො දුක්ඛස්ස සබ්බ පච්චය සංඛයා යයි මෙසේ කියන ලද අන්තයද යන මේ සතර අන්ත කෙනෙක් වෙත්ද, ඔවුන් අතුරෙන් සියලුම වට්ට දුක්ඛයාගේ සතරවන කෙළවර නම් වූ අන්තය දුරු කළේය. පරිච්ඡේදය හාත්පසින් වට කළේය. දුක්ඛයේ අන්තිම ශරීරය පමණක් අවශේෂ කොට ඇතිවූවක් කළේ යයි කියන ලද්දේ වෙයි.
අත්තමනා තෙ භික්ඛූති සකමනා තුට්ඨමනා, පීතිසොමනස්සෙහි වා සම්පයුත්තමනා හුත්වා. භගවතො භාසිතං අභිනන්දුන්ති ඉදං දුක්ඛස්ස අන්තකිරියාපරියොසානං භගවතො භාසිතං සුකථිතං සුලපිතං, එවමෙතං භගවා එවමෙතං සුගතාති මත්ථකෙන සම්පටිච්ඡන්තා අබ්භනුමොදිංසූති.
අත්ත මනා තෙ භික්ඛු යනු සතුටට පත් ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්ත වූ සිත් ඇති ඒ භික්ෂූහු භගවතො භාසිතං අභිනන්දුං යනු මේ දුක් කෙළවර කිරීම් අන්තකොට ඇති. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මනාව කියන ලද්දකි. මනාව දේශනා කරන ලද්දකි. භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේම යයි මුදුනින් පිළිගනිමින් අනුමෝදන් වූහ.
සෙසමෙත්ථ යං න වුත්තං, තං පුබ්බෙ වුත්තත්තා ච සුවිඤ්ඤෙය්යත්තා ච න වුත්තං. තස්මා සබ්බං වුත්තානුසාරෙන අනුපදසො පච්චවෙක්ඛිතබ්බං.
මෙහි අවශේෂ යමක් නොකියන ලද්දේ ද එය කලින් නොකියන ලදී. එබැවින් සියල්ල කී අනුසාරයෙන් පදයක් පාසා සිහි කටයුතුයැ.
භාවනාපහාතබ්බආසවවණ්ණනා නිට්ඨිතා.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සබ්බාසවසුත්තවණ්ණනා නිට්ඨිතා.
සබ්බාසව සූත්‍ර වර්ණනාව නිමි.