යෙදුමෙන් කියවන්න

ධම‍්මදායාදසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

ධම‍්මදායාදසුත‍්තවණ‍්ණනා

ධම්මදායාද සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ධම‍්මදායාදසුත‍්තං. යස‍්මා පනස‍්ස අට‍්ඨුප‍්පත‍්තිකො නික‍්ඛෙපො, තස‍්මා තං දස‍්සෙත්‍වා වස‍්ස අපුබ‍්බපදවණ‍්ණනං කරිස‍්සාම. කතරාය ච පනිදං අට‍්ඨුප‍්පත‍්තියා නික‍්ඛිත‍්තන‍්ති. ලාභසක‍්කාරෙ.

එවම්මෙ සුතං, යනු ධම්මදායාද සූත්‍රයයි. යම් හෙයකින් මෙම සූත්‍ර ධර්මයාගේ අට්ඨුප්පත්තික නම් වූ සුත්ත නික්ඛෙපයක් (බැසගැනීමක්) වේද, එහෙයින් එම අට්ඨුප්පත්තිය දක්වා ම මෙම සූත්‍රයාගේ අනුපූර්ව පද වර්ණනාව කරන්නෙමු. කිනම් අට්ඨුප්පත්තියෙක්හි (කරුණෙක්හි) මෙම සූත්‍රය දේශනාකර වදාළේද යත්, ලාභ සත්කාරයෙහිය.

භගවතො කිර මහාලාභසක‍්කාරො උප‍්පජ‍්ජි. යථා තං චත‍්තාරො අසඞ‍්ඛ්‍යෙය්‍යෙ පූරිතදානපාරමීසඤ‍්චයස‍්ස. සබ‍්බදිසාසු යමකමහාමෙඝො වුට‍්ඨහිත්‍වා මහොඝං විය සබ‍්බපාරමියො එකස‍්මිං අත‍්තභාවෙ විපාකං දස‍්සාමාති සම‍්පිණ‍්ඩිතා විය ලාභසක‍්කාරමහොඝං නිබ‍්බත‍්තයිංසු. තතො තතො අන‍්නපානයානවත්‍ථමාලාගන්‍ධවිලෙපනාදිහත්‍ථා ඛත‍්තියබ්‍රාහ‍්මණාදයො ආගන‍්ත්‍වා – “කහං බුද‍්ධො, කහං භගවා, කහං දෙවදෙවො, නරාසභො, පුරිසසීහො”ති භගවන‍්තං පරියෙසන‍්ති. සකටසතෙහිපි පච‍්චයෙ ආහරිත්‍වා ඔකාසං අලභමානා සමන‍්තා ගාවුතප‍්පමාණම‍්පි සකටධුරෙන සකටධුරමාහච‍්චතිට‍්ඨන‍්ති චෙව අනුබන්‍ධන‍්ති ච. අන්‍ධකවින්‍දබ්‍රාහ‍්මණාදයො විය. සබ‍්බං ඛන්‍ධකෙ තෙසු තෙසු සුත‍්තෙසු ච ආගතනයෙනෙව වෙදිතබ‍්බං. යථා ච භගවතො, එවං භික‍්ඛුසඞ‍්ඝස‍්සාපි.

භාග්‍යවතුන් වහන්සේට මහත් වූ ලාභ සත්කාරයෝ උපන්හ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පිරූ දාන පාරමී සමූහයාගේ ආනිසංස යම්සේ ද, එමෙනි. සියලු දිසාවන්හි යමාමහ වැස්සක් නැගී මහ ගං වතුරක් මෙන්, සියලු පාරමී ධර්මයෝ එක් අක්බවෙක විපාක දෙන්නෙමු යයි එක්රැස් වූවාක් මෙනි. ලාභසත්කාර නමැති මහා ඕඝයක් ඉපදවූහ. ඒ ඒ දිසාභාගවලින් බත් පැන් යහන් වත් මල්ගඳ විලවුන් ආදිය ගත් අත් ඇති රජ-බමුණු ආදීහු අවුත්, බුදුරදහු කොහිද? භාග්‍යවත්හු කොහිද? දේවාතිදේව වූ නරදෙටු වූ පුරුෂසිංහයාණෝ කොහිදැයි, භවත් ගෞතමයන් වහන්සේව සොයති. ගැල් සිය ගණනින් සිවුපසය ගෙනවුත් අවකාශ නොලැබ, ඉන් හාත්පස ගව්වක් පමණද, ගැලින් ගැල හැපී සිටිති. අන්‍ධක වින්ද බ්‍රාහ්මණාදීන් මේ ලුහුබැඳීම කෙරෙත්. සියල්ල ඛන්‍ධකයෙහිද ඒ ඒ සූත්‍රයන්හි ද ආ අයුරින් දතයුතුයැ. භාග්‍යවතුන් වහන්සේට යම් සේ ද එපරිද්දෙන් භික්‍ෂූන්ටද (ලාභ සත්කාර) උපනි.

වුත‍්තම‍්පි චෙතං – “තෙන ඛො පන සමයෙන භගවා සක‍්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං, භික‍්ඛුසඞ‍්ඝොපි ඛො සක‍්කතො හොති…පෙ… පරික‍්ඛාරාන”න‍්ති (උදා· 14).

මෙසේ වදාරණ ලද්දේය. තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරානං භික්ඛුසංඝොපි ඛො සක්කතො හොති -පෙ- පරික්ඛාරානන්ති. (එසමයෙහි වනාහි භාග්‍යවත් තෙම සත්කාර කරන ලදුයේ ගරුකාර කරන ලදුයේ සිතින් බුහුමන් කරන ලදුයේ පුදන ලදුයේ චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලානපච්චය භේසජ්ජ පරිෂ්කාරලාභී වූයේ වෙයි. භික්ඛු සංඝ තෙමේ ද සත්කාර කරන ලද්දේ වෙයි. -පෙ- පිරිකරලාභී වුයේ වේයයි.)

තථා – “යාවතා ඛො, චුන්‍ද, එතරහි සඞ‍්ඝො වා ගණො වා ලොකෙ උප‍්පන‍්නො, නාහං, චුන්‍ද, අඤ‍්ඤං එකසඞ‍්ඝම‍්පි සමනුපස‍්සාමි, එවං ලාභග‍්ගයසග‍්ගපත‍්තං, යථරිව, චුන්‍ද, භික‍්ඛුසඞ‍්ඝො”ති (දී· නි· 3.176).

එසේම. යාවතා ඛො චුන්‍ද, එතරහි සංඝාවා ගණා වා ලොකෙ උප්පන්නා නාහං චුන්‍ද, අඤ්ඤ එකසංඝම්පි සමනුපස්සාමි, එවං ලාභග්ග, යසග්ග පකතං යථාරීව චුන්‍ද භික්ඛු සංඝොති (චුන්දය, මෙකල යම්පමණ සංඝයා හෝ ගණයා හෝ ලෝකයෙහි පහළ වූවාහු ද, චුන්‍දය, භික්‍ෂු සංඝ තෙමේ යම්සේද, එපරිද්දෙන් ලාභයෙන් අගපත් යසසින් අගපත් අන්‍ය එක සංඝ කෙනෙකුදු චුන්දය, මම නොදකිමි.)

ස‍්වායං භගවතො ච භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච උප‍්පන‍්නො ලාභසක‍්කාරො එකතො හුත්‍වා ද‍්වින‍්නං මහානදීනං උදකමිව අප‍්පමෙය්‍යො අහොසි.

බුදුරදුනට ද බික්සඟට ද, උපන්නා වූ ඒ මේ ලාභ සත්කාරය තෙම එක්ව ගෙන මහා ගංගා දෙකක්හුගේ ජලය මෙන් පමණ කළ නොහැක්කේ විය.

කමෙන භික‍්ඛූ පච‍්චයගරුකා පච‍්චයබාහුලිකා අහෙසුං. පච‍්ඡාභත‍්තම‍්පි තෙලමධුඵාණිතාදීසු ආහටෙසු ගණ‍්ඩිංයෙව පහරිත්‍වා “අම‍්හාකං ආචරියස‍්ස දෙථ, උපජ‍්ඣායස‍්ස දෙථා”ති උච‍්චාසද‍්දමහාසද‍්දං කරොන‍්ති. සා ච නෙසං පවත‍්ති භගවතොපි පාකටා අහොසි. තතො භගවා අනනුච‍්ඡවිකන‍්ති ධම‍්මසංවෙගං උප‍්පාදෙත්‍වා චින‍්තෙසි –

භික්‍ෂූහු ක්‍රමයෙන් ප්‍රත්‍යගරුක වූවාහු ප්‍රත්‍යයෙහි ගිජුවූවාහු ප්‍රත්‍ය පිළිබඳ බහුල පැවතුම් ඇත්තාහු වූහ. පසුබත් කාලයෙහි තෙල් මී-උක්සකුරු ආදිය එළවූ කල්හි ගෙඩිය ගසා අපගේ ආචාර්යයන්ට දෙව් අපගේ උපාධ්‍යායයන්ට දෙවු උස්හඬින් ශබ්ද කෙරෙති. ඒ ඔවුන්ගේ පැවැත්මද බුදුරදුනට ප්‍රකට වුවද, ඉක්බිති බුදුරදහු එය ඔවුනට නොසුදුසුයයි දහම් සංවේග උපදවා මෙසේ සිතූහ.

“පච‍්චයා අකප‍්පියාති න සක‍්කා සික‍්ඛාපදං පඤ‍්ඤපෙතුං. පච‍්චයපටිබද‍්ධා හි කුලපුත‍්තානං සමණධම‍්මවුත‍්ති. හන්‍දාහං ධම‍්මදායාදපටිපදං දෙසෙමි. සා සික‍්ඛාකාමානං කුලපුත‍්තානං සික‍්ඛාපදපඤ‍්ඤත‍්ති විය භවිස‍්සති නගරද‍්වාරෙ ඨපිතසබ‍්බකායිකආදාසො විය ච, යථා හි නගරද‍්වාරෙ ඨපිතෙ සබ‍්බකායිකෙ ආදාසෙ චත‍්තාරො වණ‍්ණා අත‍්තනො ඡායං දිස‍්වා වජ‍්ජං පහාය නිද‍්දොසා හොන‍්ති, එවමෙව සික‍්ඛාකාමා කුලපුත‍්තා පයොගමණ‍්ඩනෙන අත‍්තානං මණ‍්ඩෙතුකාමා ඉමං සබ‍්බකායිකාදාසූපමං දෙසනං ආවජ‍්ජිත්‍වා ආමිසදායාදපටිපදං වජ‍්ජෙත්‍වා ධම‍්මදායාදපටිපදං පූරෙන‍්තා ඛිප‍්පමෙව ජාතිජරාමරණස‍්ස අන‍්තං කරිස‍්සන‍්තී”ති. ඉමිස‍්සා අට‍්ඨුප‍්පත‍්තියා ඉදං සුත‍්තං අභාසි.

ප්‍රත්‍යය අකැපයයි ශික්‍ෂාපද පැනවිය නොහැක. කුලපුත්‍රයන්ගේ මහණකම ප්‍රත්‍යය සම්බන්ධ වූවක්මය. ඉදින් මම ධම්මදායාද පටිපදාව දේශනා කරන්නේ නම්, ඕතොමෝ හික්මෙන්නා වූ කුලපුත්‍රයන්ට ශික්‍ෂාපද ප්‍රඥප්තියක් මෙන් වන්නේය. එය නගර ද්වාරයේ තබන ලද හැමගේ හැඩරුව දැකිය හැකි කැඩපතක් වැනි වෙයි. යම්සේ නුවර දොර හැමගේම රූ බැලිය හැකි කැඩපත් තැබූ කල්හි චතුර්වර්ණයෝම ස්වකීය ඡායාව දැක යම්සේ වරද හැර නිදොස් වෙත්ද, එපරිද්දෙන්ම ශික්‍ෂාකාමී කුලපුත්‍රයෝ ශික්‍ෂා-යෝග මණ්ඩනයෙන් තමන් මණ්ඩනය කරනු කැමැත්තාහු, සර්වකායික කැඩපතක් බඳු වූ දේශනාව ආවර්ජනා කොට, ආමිෂ දායාද ප්‍රතිපදාව දුරලා ධර්ම දායාද ප්‍රතිපදාව පුරන්නාහු වහාම ජාති-ජරා මරණ කෙළවර කරන්නාහු යයි මෙම අර්ථොත්පත්තියෙහි සිට මෙම සුත්‍රය වදාළ සේක.

ආමිසය හා ධර්මය

තත්‍ථ ධම‍්මදායාදා මෙ, භික‍්ඛවෙ, භවථ, මා ආමිසදායාදාති ධම‍්මස‍්ස මෙ දායාදා, භික‍්ඛවෙ, භවථ, මා ආමිසස‍්ස. යො මය‍්හං ධම‍්මො, තස‍්ස පටිග‍්ගාහකා භවථ, යඤ‍්ච ඛො මය‍්හං ආමිසං, තස‍්ස මා පටිග‍්ගාහකා භවථාති වුත‍්තං හොති. තත්‍ථ ධම‍්මොපි දුවිධො – නිප‍්පරියායධම‍්මො, පරියායධම‍්මොති. ආමිසම‍්පි දුවිධං – නිප‍්පරියායාමිසං, පරියායාමිසන‍්ති. කථං? මග‍්ගඵලනිබ‍්බානභෙදො හි නවවිධොපි ලොකුත‍්තරධම‍්මො නිප‍්පරියායධම‍්මො නිබ‍්බත‍්තිතධම‍්මො, න යෙන කෙනචි පරියායෙන කාරණෙන වා ලෙසෙන වා ධම‍්මො. යං පනිදං විවට‍්ටූපනිස‍්සිතං කුසලං, සෙය්‍යථිදං, ඉධෙකච‍්චො විවට‍්ටං පත්‍ථෙන‍්තො දානං දෙති, සීලං සමාදියති, උපොසථකම‍්මං කරොති, ගන්‍ධමාලාදීහි වත්‍ථුපූජං කරොති, ධම‍්මං සුණාති දෙසෙති ඣානසමාපත‍්තියො නිබ‍්බත‍්තෙති, එවං කරොන‍්තො අනුපුබ‍්බෙන නිප‍්පරියායධම‍්මං අමතං නිබ‍්බානං පටිලභති, අයං පරියායධම‍්මො. තථා චීවරාදයො චත‍්තාරො පච‍්චයා නිප‍්පරියායාමිසමෙව, න අඤ‍්ඤෙන පරියායෙන කාරණෙන වා ලෙසෙන වා ආමිසං. යං පනිදං වට‍්ටගාමිකුසලං, සෙය්‍යථිදං, ඉධෙකච‍්චො වට‍්ටං පත්‍ථෙන‍්තො සම‍්පත‍්තිභවං ඉච‍්ඡමානො දානං දෙති…පෙ… සමාපත‍්තියො නිබ‍්බත‍්තෙති, එවං කරොන‍්තො අනුපුබ‍්බෙන දෙවමනුස‍්සසම‍්පත‍්තිං පටිලභති, ඉදං පරියායාමිසං නාම.

එහි ධම්මාදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිස දායාදා යනු මහණෙනි, මගේ ධර්මයට දායාද වවු. ආමිසයට දායාද නොවනු. මගේ යම් ධර්මයක් වේද, එය පිළිගන්නාහු වවු. මගේ යම් ආමිසයක් වේද එය පිළිගන්නාහු නොවවු යයි කියන ලද වෙයි. එහි ධර්මය ද දෙවැදෑරුම් වෙයි. නිප්පරියාය ධම්ම, පරියාය ධම්ම යනුවෙනි. ආමිසයද ද්විධ වේ. නිප්පරියාය ආමිස, පරියාය ආමිස යනුවෙනි. කෙසේද මෙසේ දතයුතුයි. මග-ඵල-නිබ්බාන භේද වූ නවවිධ වූ ලෝකෝත්තර ධර්මය, නිප්පරියාය ධම්ම නම් වේ. විවට්ට ධර්මයම වෙයි. කිසියම් පරියායකින් කාරණයකින් හෝ ලේසයකින් හෝ ධර්ම වූයේ නොවෙයි. යම් මේ විවට්ටගාමිනී කුසලයක් වේද ඒ කවරේද යත්, මෙලොව කිසිවෙක් නිවන් ප්‍රාර්ථනා කරමින් දන් දෙයි. සිල් සමාදන් වෙයි. උපෝසථ කර්මය කරයි. සුවඳ මල් ආදියෙන් පූජනීය වස්තූන් පුදයි. බණ අසයි. දෙසයි. ධ්‍යාන සමාපත්ති උපදවයි. මෙසේ කරන්නේ පිළිවෙලින් නිප්පරියාය දහම වූ අමාමහ නිවන ලබයි. මේ පරියාය ධර්මයයි. එසේම සිවුරු ආදි සිවුපසය නිප්පරියාය ආමිසයමැයි. අන්‍ය පරියායකින් හෝ ක්ලේශයකින් හෝ ආමිස වූයේ නොවෙයි. යම් මේ වට්ටගාමිනී කුසලයක් වේද, ඒ කවර යත්, මෙලොවැ කිසිවෙක් භවය ප්‍රාර්ථනා කරමින් සම්පත්ති භවය කැමති වෙමින් දන් දෙයි. -පෙ- සමවත් නිපදවයි. මෙසේ කරමින් පිළිවෙලින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබයි. මේ පරියාය ආමිස නම් වේ.

තත්‍ථ නිප‍්පරියායධම‍්මොපි භගවතොයෙව සන‍්තකො. භගවතා හි කථිතත‍්තා භික‍්ඛූ මග‍්ගඵලනිබ‍්බානානි අධිගච‍්ඡන‍්ති. වුත‍්තම‍්පි චෙතං “සො හි බ්‍රාහ‍්මණ භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා, අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා, අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා, මග‍්ගඤ‍්ඤූ මග‍්ගවිදූ මග‍්ගකොවිදො. මග‍්ගානුගා ච පන එතරහි සාවකා විහරන‍්ති පච‍්ඡා සමන‍්නාගතා”ති (ම· නි· 3.79) ච –

එහි නිප්පරියාය ධර්මය ද භාග්‍යවත්හු සන්තකමැයි. භාග්‍යවත්හු වදාළ බැවින් භික්‍ෂූහු මාර්ගඵල නිර්වාණ අධිගමය කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරණ ලදමැයි. සොහි බ්‍රාහ්මණං භගවා අනුප්පන්නස්ස මග්ගසස උප්පාදෙතා අසඤජාතස්ස මග්ගසස සඤ්ජනෙතා -පෙ- මග්ගානුගාච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතාතිව ඒ එසේමය. (බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ තම සන්තානයෙහි පෙර නූපන් ෂට් අසාධාරණ ඤාණයට හේතු වූ ආර්ය මාර්ගය උපදවන්නාහුය. වෙනෙය්‍ය සන්තානයෙහි පෙර නූපන් විරූ ශ්‍රාවක පාරමී ඥානයට හේතු වූ ආර්ය මාර්ගය උපදවන්නාහුය. -පෙ- එබැවින් භාග්‍යවතුන් වහන්සේ ගිය මග අනුව යන්නා වූ භාග්‍යවතුන් වහන්සේට පසුව පැමිණි සීලාදී ගුණයෙන් සමන්විත වූ ශ්‍රාවකයෝ මෙකල්හි වෙසෙති යයිද)

“සො හාවුසො, භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො”ති (ම· නි· 1.203) ච.

සො හාවුසො, භගවා ජානං ජානාති පස්සං පස්සති චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්‍රහ්මභූතො වත්තා පවත්තා අත්‍ථස්ස නිණ්ණෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතොති (ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දතයුතු දෙය දනියි. දැක්කයුතු දෙය දකියි. චක්ඛුභූතය, ඇසක් මෙන් වූහ. ඤාණ භූතයැ ධම්ම භූතයැ. ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්ම භූතයහ. පවත්වන හෙයින් වත්තාය, නානාප්‍රකාරයෙන් වදාරණ හෙයින් හෝ පවන්මග හෙයින් පවත්තාය. අර්ථය දක්වමින් පමුණුවන සේක. අමෘතදායක වූ සේක. ධර්මස්වාමී වූහ. තථා ආගතවාදී කාරණයෙන් තථාගත වූහයි ද)

පරියායධම‍්මොපි භගවතොයෙව සන‍්තකො. භගවතා හි කථිතත‍්තා එවං ජානන‍්ති “විවට‍්ටං පත්‍ථෙත්‍වා දානං දෙන‍්තො…පෙ… සමාපත‍්තියො නිබ‍්බත‍්තෙන‍්තො අනුක‍්කමෙන අමතං නිබ‍්බානං පටිලභතී”ති. නිප‍්පරියායාමිසම‍්පි ච භගවතොයෙව සන‍්තකං. භගවතා හි අනුඤ‍්ඤාතත‍්තායෙව භික‍්ඛූහි ජීවකවත්‍ථුං ආදිං කත්‍වා පණීතචීවරං ලද‍්ධං.

පර්යාය ධර්මයද භාග්‍යවතුන් වහන්සේ සන්තක වෙයි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ වදාළ බැවින්ම වූයේ ද එහෙයින් නිවන පතා දන් දෙන්නේ -පෙ- සමවත් උපදවන්නේ පිළිවෙලින් අමාමහ නිවන් ලබා යයි. නිප්පරියාය ආමිසයද, භාග්‍යවත්හුට අයත් වෙයි. ඒ එසේමැයි. භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදත් බැවින්ම, භික්‍ෂූන් විසින් ජීවක වත්‍ථුව ආදිය නිසා ප්‍රණීත වූ සිවුරු ලද්දේය.

යථාහ “අනුජානාමි, භික‍්ඛවෙ, ගහපතිචීවරං. යො ඉච‍්ඡති, පංසුකූලිකො හොතු, යො ඉච‍්ඡති, ගහපතිචීවරං සාදියතු. ඉතරීතරෙනපාහං, භික‍්ඛවෙ, සන‍්තුට‍්ඨිංයෙව වණ‍්ණෙමී”ති (මහාව· 337).

එහෙයින් වදාළහ. අනුජානාමි භික්ඛවෙ, ගහපති චීවරං, යො ඉචඡති පංසුකූලිකොහොතු යො ඉච්ඡති ගහපති චීවරං සාදියතු ඉතරීතරෙනපාහං භික්ඛවෙ, සන්තුට්ඨියෙව වණ්ණෙ මීති (මහණෙනි, ගහපති චීවරය අනුදනිමි යමෙක් කැමති වී නම්, හෙතෙම පාංශුකූලික වේවා යමෙක් කැමති වීනම් ගහපති චීවරය පිළිගනීවා. එතකුදු වුවත් මහණෙනි, මම ඉතිරීතර ප්‍රත්‍යයෙන් (ප්‍රණීත අප්‍රණීත කොයි එකෙන් වුවත් සතුටුවීම වන්දනා කරමී යයි.)

පුබ‍්බෙ ච භික‍්ඛූ පණීතපිණ‍්ඩපාතං නාලත්‍ථුං. සපදානපිණ‍්ඩියාලොපභොජනා එවාහෙසුං. තෙහි රාජගහෙ විහරන‍්තෙන භගවතා – “අනුජානාමි, භික‍්ඛවෙ, සඞ‍්ඝභත‍්තං උද‍්දෙසභත‍්තං නිමන‍්තනං සලාකභත‍්තං පක‍්ඛිකං උපොසථිකං පාටිපදික”න‍්ති (චූළව· 325) එවං අනුඤ‍්ඤාතත‍්තායෙව පණීතභොජනං ලද‍්ධං. තථා සෙනාසනං. පුබ‍්බෙ හි අකතපබ‍්භාරරුක‍්ඛමූලාදිසෙනාසනායෙව භික‍්ඛූ අහෙසුං. තෙ “අනුජානාමි, භික‍්ඛවෙ, පඤ‍්ච ලෙණානී”ති (චූළව· 294) එවං භගවතා අනුඤ‍්ඤාතත‍්තායෙව විහාරො අඩ‍්ඪයොගො පාසාදො හම‍්මියං ගුහාති ඉමානි සෙනාසනානි ලභිංසු. පුබ‍්බෙ ච මුත‍්තහරීතකෙනෙව භෙසජ‍්ජං අකංසු. තෙ භගවතායෙව –

කලින් භික්‍ෂූහු ප්‍රණීත වූ පිණ්ඩ ආහාරයක් නොලැබුවාහුය. ගෙපිළිවෙලින් පිඩුසිඟා වැඩීමෙන් ලද භෝජනයෝම වූහ. රජගහ නුවර වාසය කරන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අනුජානාමි භික්ඛවෙ, සංඝභත්තං, උද්දෙස භත්තං, නිමන්තන භත්තං, පක්ඛිතං, උපොසථිකං, පාටිපදිකන්ති මෙසේ අනුදැන වදාළ හෙයින් ම ඔවුන් විසින් ප්‍රණීත භෝජන ලබන ලද්දේය. එසේ සේනාසනද ලබන ලද්දේය. කලින් භික්‍ෂූහු ස්වාභාවික (=අකට) පබ්භාර (පර්වත බෑවුම්) වෘක්‍ෂමූල ආදි සේනාසනයෝම භික්‍ෂූන්ට වූහ. ඔහු, ‘අනුජානාමි භික්ඛවෙ, පඤ්ච ලෙනානි’ මෙසේ අනුදැන වදාළ හෙයින් විහාර-අඩ්ඪයෝග, පාසාද, හම්මි ගුහා යන මේ සේනාසනයෝ ලැබුවාහුයි. පෙර මුත්තහරීටක (ගොමුත්‍රයෙහි පල්කළ අරළු) මෙම බෙහෙතින්ම බෙහෙත් කළාහුය.

“අනුජානාමි, භික‍්ඛවෙ, පඤ‍්ච භෙසජ‍්ජානි, සෙය්‍යථිදං, සප‍්පි, නවනීතං, තෙලං, මධු, ඵාණිත”න‍්ති (මහාව· 260) එවමාදිනා නයෙන අනුඤ‍්ඤාතත‍්තා නානාභෙසජ‍්ජානි ලභිංසු.

අනුජානාමි භික්ඛවෙ, පඤ්ච භෙසජ්ජානි සෙය්‍යථිදං සප්පි නවනීතං තෙලං මධු, ඵාණිතං මේ ක්‍රමයෙන් අනුදැන වදාළ බැවින් නොයෙක් වර්ගවලට අයත් බෙහෙත් ලැබූහ.

පරියායාමිසම‍්පි භගවතොයෙව සන‍්තකං. භගවතා හි කථිතත‍්තා යෙව ජානන‍්ති – “සම‍්පත‍්තිභවං පත්‍ථෙන‍්තො දානං දත්‍වා සීලං…පෙ… සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා අනුක‍්කමෙන පරියායාමිසං දිබ‍්බසම‍්පත‍්තිං මනුස‍්සසම‍්පත‍්තිං පටිලභතී”ති.

පරියාය ආමිසයද, භාග්‍යවතුන් වහන්සේටම අයත් වේ. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාරණ ලද්දේ ද, එබැවින්ම උපන් හෙයිනි. සම්පත්ති භවය පතමින් දන් දී සිල්රැක -පෙ- සමවත් උපදවා පිළිවෙලින් පරියාය ආමිසය මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් ලබයි.

තදෙව, යස‍්මා නිප‍්පරියායධම‍්මොපි පරියායධම‍්මොපි නිප‍්පරියායාමිසම‍්පි පරියායාමිසම‍්පි භගවතොයෙව සන‍්තකං, තස‍්මා තත්‍ථ අත‍්තනො සාමිභාවං දස‍්සෙන‍්තො ආහ – “ධම‍්මදායාදා මෙ, භික‍්ඛවෙ, භවථ මා ආමිසදායාදා”ති.

යම් හෙයකින් ඒ නිප්පරියාය ධර්මයද පරියාය ධර්මය ද නිප්පරියාය ආමිසයද පරියාය ආමිසය ද භාග්‍යවතුන් වහන්සේටම අයත්ය. එහෙයින් එහි තම ස්වාමි භාවය දක්වමින් මෙසේ වදාළහ. ධම්ම දායාදා මෙ භික්ඛවෙ භවථ, මා ආමිස දායාදා. ආමිස දායාදය හා ධම්මදායාදය යනුවෙන් මහණෙනි, මගේ ධර්මයට දායාද වවු. ආමිෂයට දායාද නොවව්.

යො මය‍්හං සන‍්තකො දුවිධොපි ධම‍්මො, තස‍්ස දායාදා භවථ. යඤ‍්ච ඛො එතං මය‍්හමෙව සන‍්තකං ආමිසං, තස‍්ස දායාදා මා භවථ. ධම‍්මකොට‍්ඨාසස‍්සෙව සාමිනො භවථ, මා ආමිසකොට‍්ඨාසස‍්ස. යො හි ජිනසාසනෙ පබ‍්බජිත්‍වා පච‍්චයපරමො විහරති චතූසු තණ‍්හුප‍්පාදෙසු සන්‍දිස‍්සමානො නික‍්ඛිත‍්තධුරො ධම‍්මානුධම‍්මප‍්පටිපත‍්තියං, අයං ආමිසදායාදො නාම. තාදිසා මා භවථ. යො පන අනුඤ‍්ඤාතපච‍්චයෙසු අප‍්පිච‍්ඡතාදීනි නිස‍්සාය පටිසඞ‍්ඛා සෙවමානො පටිපත‍්තිපරමො විහරති චතූසු අරියවංසෙසු සන්‍දිස‍්සමානො, අයං ධම‍්මදායාදො නාම. තාදිසා භවථාති වුත‍්තං හොති.

මා සතු වූ යම් දෙවැදෑරුම් ධර්ම - කෙනෙක් වේද, ඒ ධර්මයම දායාද වවු. තවද මා සතු වූ යම් ආමිසයක් වේද. ඒ ආමිසයට දායාද වූවෝ වවු. ධර්ම කොට්ඨාසයටම හිමි වූවෝ වවු. යමෙක් බුදුසසුනෙහි පැවිදිව ප්‍රත්‍යය පරමකොට සතර වැදෑරුම් තණ්හා ඇතිවීම පෙනෙන කල්හිදු ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි බහා තැබූ වීර්යය ඇතිව මෙසේ ද මේ ආමිස දායාද කොට ඇත්තේ වෙයි. එබඳු වූවාහු නොවවු. අනුදැන වදාළ ප්‍රත්‍යයන්හි අල්පේච්ඡ භවාදියම නිසා නුවණින් සලකා සේවනය කරමින් ප්‍රතිපත්තිය උතුම්කොට ඇතිව චතුර්විධ ආර්යවංශය පෙනෙමින් මෙසේ ද, මේ තෙම ධර්ම දායාදකොට ඇත්තේ නම් වෙයි. එබඳු වූවෝ වවු යයි කියන ලද්දේ වෙයි.

ඉදානි යෙසං තත්‍ථ එතදහොසි, භවිස‍්සති වා අනාගතමද‍්ධානං “කිං නු ඛො භගවා සාවකානං අලාභත්‍ථිකො එවමාහා”ති, තෙසං අතිපණීතලාභත්‍ථිකො අහං එවං වදාමීති දස‍්සෙතුමාහ අත්‍ථි මෙ තුම‍්හෙසු…පෙ… නො ආමිසදායාදාති.

එවිට යම්කෙනෙකුට මෙම දේශනාව කෙරෙහි මෙබඳු අදහසක් ඇතිවිය හැක. කිම භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයින්ට අලාභයක් කැමැත්තේ මෙසේ වදාළහයි කියා. මම ඔවුන්ට ඇති ප්‍රණීත ලාභය කැමැත්තෙන් මෙසේ කියමියි දක්වනු පිණිස මෙසේ වදාළහ. අත්‍ථි මෙ තුම්හෙ සු -පෙ- නො ආමිසදායාදා යනුවෙන්

තස‍්සායමත්‍ථො – අත්‍ථි මෙ තුම‍්හෙසු අනුකම‍්පා අනුද‍්දයා හිතෙසිතා, කෙන නු ඛො කාරණෙන කෙන උපායෙන සාවකා ධම‍්මදායාදා අස‍්සු ධම‍්මකොට‍්ඨාසසාමිනො, නො ආමිසදායාදාති.

මේ ඒ දේශනාවගේ අර්ථයයි. තොප කෙරෙහි මගේ අනුකම්පාවක් දයාවක් හිතවත් බවක් ඇත. කිනම් කාරණයකින් කවර උපායකින් මගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු ධර්ම කොට්ඨාශයට ඇතුලත් වූවාහු වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තාහු නොවන්නාහුදැයි

අයං පන අධිප‍්පායො, පස‍්සති කිර භගවා ආමිසගරුකානං ආමිසෙ උපක‍්ඛලිතානං අතීතකාලෙ තාව කපිලස‍්ස භික‍්ඛුනො, “සඞ‍්ඝාටිපි ආදිත‍්තා හොතී”තිආදිනා (පාරා· 230; සං· නි· 2.218) නයෙන ආගතපාපභික‍්ඛුභික‍්ඛුනීසික‍්ඛමානාදීනඤ‍්ච අනෙකසතානං අපායපරිපූරණත‍්තං අත‍්තනො සාසනෙ පබ‍්බජිතානඤ‍්ච දෙවදත‍්තාදීනං. ධම‍්මගරුකානං පන සාරිපුත‍්තමොග‍්ගල‍්ලානමහාකස‍්සපාදීනං අභිඤ‍්ඤාපටිසම‍්භිදාදිගුණප‍්පටිලාභං. තස‍්මා තෙසං අපායා පරිමුත‍්තිං සබ‍්බගුණසම‍්පත‍්තිඤ‍්ච ඉච‍්ඡන‍්තො ආහ – “අත්‍ථි මෙ තුම‍්හෙසු අනුකම‍්පා කින‍්ති මෙ සාවකා ධම‍්මදායාදා භවෙය්‍යුං, නො ආමිසදායාදා”ති.

මෙය වූ කලී එහි අදහසයි. භාග්‍යවතුන් වහන්සේ ආමිසගරුක වූ ආමිසයෙහි ගැටුනාහු (භික්‍ෂූන් අතුරෙන්) අතීත කාලයෙහි වනාහි කපිල නම් භික්‍ෂුවගේ ද, ‘සංඝාටිපි ආදිත්තාහොති’ යනාදි නයින් ආවා වූ ළාමක භික්‍ෂු භික්‍ෂුණී ශික්‍ෂමානා ආදි වූ අනෙක ශතයන්ගේ ද තමන්ගේ ශාසනයෙහි පැවිදි වූ දේවදත්ත ආදීන්ගේ ද අපාය පරිපූරක භාවයද, ධම්මගරුක වූ සැරියුත් මුගලන් මහාකාශ්‍යප ආදීන්ගේ අභිඤ්ඤා පටිසම්භිදා දී ගුණ ප්‍රතිලාභය ද දන්නා සේක. එහෙයින් ඔවුන්ගේ අපායෙන් මිදීමද, සියලු ගුණයන්ට පැමිණීමද කැමතිවන සේක් අත්‍ථි මෙ තුමෙහසු අනුකම්පා කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්‍යුං නො ආමිස දායාදා යි වදාළහ.

පච‍්චයගරුකො ච චතුපරිසන‍්තරෙ කූටකහාපණො විය නිබ‍්බුතඞ‍්ගාරො විය ච නිත‍්තෙජො නිප‍්පභො හොති. තතො විවත‍්තිතචිත‍්තො ධම‍්මගරුකො තෙජවා සීහොව අභිභුය්‍යචාරී, තස‍්මාපි එවමාහ – “අත්‍ථි මෙ…පෙ… නො ආමිසදායාදා”ති.

සිවුපසය ගරුකරන තැනැත්තේ සිව්පිරිස අතුරෙහි හොර කහවනුවක් මෙන් නිවුනු අඟුරක් මෙන් තද රහිත වූයේ ද, ප්‍රභා රහිත වූයේ ද වෙයි. එයින් නැවතුන සිත් ඇති ධම්මගරුක තැනැත්තේ තෙද ඇති සිහරදෙකු මෙන් (සියල්ල) මැඩ හැසිරෙන සුළුවූයේ වෙයි. එම කරුණින් ද, මෙසේ වදාළහ. අත්‍ථි මෙ -පෙ- නො ආමිස දායාදාති යනුවෙන්.

එවං “ධම‍්මදායාදා මෙ, භික‍්ඛවෙ, භවථ, මා ආමිසදායාදා”ති ඉදං අනුකම‍්පාය පණීතතරං ලාභං ඉච‍්ඡන‍්තෙන වුත‍්තං, නො අලාභත්‍ථිකෙනාති සාවෙත්‍වා ඉදානි ඉමස‍්ස ඔවාදස‍්ස අකරණෙ ආදීනවං දස‍්සෙන‍්තො ආහ “තුම‍්හෙ ච මෙ, භික‍්ඛවෙ…පෙ… නො ධම‍්මදායාදා”ති. තත්‍ථ තුම‍්හෙපි තෙන ආදියා භවෙය්‍යාථාති තුම‍්හෙපි තෙන ආමිසදායාදභාවෙන නො ධම‍්මදායාදභාවෙන ආදියා භවෙය්‍යාථ. අපදිසිතබ‍්බා විසුං කාතබ‍්බා වවත්‍ථපෙතබ‍්බා, විඤ‍්ඤූහි ගාරය‍්හා භවෙය්‍යාථාති වුත‍්තං හොති. කින‍්ති? ආමිසදායාදා සත්‍ථුසාවකා විහරන‍්ති, නො ධම‍්මදායාදාති.

ධම්මදායාදා මෙ භික්ඛවෙ, භවථ මා ආමිස දායාදා යන මෙය අනුකම්පාවෙන් ප්‍රණීතතර ලාභයක් කැමැත්තහු විසින් වදාරණ ලදී. අලාභයක් කැමැත්තහු විසින් නොවේ යයි. සාධක කොට, මෙවිට මෙම අවවාදය නොකිරීමෙහි ආදීනව දක්වන සේක්, තුම්හෙ ච මෙ භික්ඛවෙ -පෙ- නො ධම්මදායාදා යි වදාළහ. එහි තුම්හෙපි, තෙන ආදිස්සා භවෙය්‍යාථ යනු තෙපිදු ඒ ආමිෂ දායාද භාවයේ ධර්ම දායාද කොට නැති බැවින් ගැරහිය යුත්තෝ වන්නාහුය. වෙකොට දැක්විය යුත්තාහු, වෙන් කටයුත්තාහු, ව්‍යවස්ථා කටයුත්තාහු, නුවණැත්තන් විසින් ගැරහිය යුත්තාහු වන්නාහු යයි කියන ලද්දේ වෙයි. කින්ති ආමිස දායාදා සත්‍ථුසාවකා විහරන්ති නො ධම්ම දායාදායි.

අහම‍්පි තෙන ආදියො භවෙය්‍යන‍්ති අහම‍්පි තෙන තුම‍්හාකං ආමිසදායාදභාවෙන නො ධම‍්මදායාදභාවෙන ගාරය‍්හො භවෙය්‍යං. කින‍්ති? ආමිස…පෙ… දායාදාති. ඉදං භගවා තෙසං අතීව මුදුකරණත්‍ථමාහ. අයඤ‍්හි එත්‍ථ අධිප‍්පායො – සචෙ, භික‍්ඛවෙ, තුම‍්හෙ ආමිසලොලා චරිස‍්සථ, තත්‍ථ විඤ‍්ඤූ මං ගරහිස‍්සන‍්ති “කථඤ‍්හි නාම සබ‍්බඤ‍්ඤූ සමානො අත‍්තනො සාවකෙ ධම‍්මදායාදෙ නො ආමිසදායාදෙ කාතුං න සක‍්කොතී”ති. සෙය්‍යථාපි නාම අනාකප‍්පසම‍්පන‍්නෙ භික‍්ඛූ දිස‍්වා ආචරියුපජ‍්ඣායෙ ගරහන‍්ති “කස‍්සිමෙ සද‍්ධිවිහාරිකා, කස‍්සන‍්තෙවාසිකා”ති; සෙය්‍යථා වා පන කුලකුමාරකෙ වා කුලකුමාරිකායො වා දුස‍්සීලෙ පාපධම‍්මෙ දිස‍්වා මාතාපිතරො ගරහන‍්ති “කස‍්සිමෙ පුත‍්තා, කස‍්ස ධීතරො”ති; එවමෙව මං විඤ‍්ඤූ ගරහිස‍්සන‍්ති “කථඤ‍්හි නාම සබ‍්බඤ‍්ඤූ සමානො අත‍්තනො සාවකෙ ධම‍්මදායාදෙ නො ආමිසදායාදෙ කාතුං න සක‍්කොතී”ති.

අහම්පි තෙන ආදිස්සො භවෙය්‍යං මම ද, තොපගේ ආමිස දායාද බව නිසා ධර්මය දායාද කොට නැති බැවින් මම ද ගැරහිය යුතු බවට පත්කරන ලද්දේ වෙමි. කින්ති ආමිස -පෙ- දායාදා යන මෙය බුදුරදහු ඔවුන් ඉතා මුදු භාවයට පත්කිරීම පිණිස වදාළහ. මේ වනාහි මෙහි අදහසයි. මහණෙනි, ඉදින් තෙපි ආමිසයෙහි ලොල්ව වසන්නහු නම්, එම කරුණෙහිලා පඬිවරු මා ගරහන්නාහුය. කෙසේනම් සර්වඥ වූයේ තම සව්වන්, ධම්මදායාද වූවන් ආමිස දායාද නොවූවන් කරන්ට නොහැකි වේදැයි කියා යි. ආකල්ප සංකල්ප නොවූ භික්‍ෂූන් දැක, මොවුහු කාගේ සද්ධි විහාරිකයෝද? කාගේ අතවැසියෝ දැයි ආචාර්ය උපාධ්‍යායයන්ට යම්සේ ගරහත් ද, තවද සිල්වත් බැවින් තොර ලාමක හැසිරීම් ඇති කුලකුමරුන් හෝ කුල කුමරියන් දැක මොවුහු කවර කෙනෙකුන්ගේ පුත්‍රයෝ ද, කවරෙකුගේ දූවරුදැයි යම්සේ මව්පියන්ට ගරහත්ද, එපරිද්දෙන්ම මා පණ්ඩිතයෝ ගරහන්නාහුය. කෙසේනම් සර්වඥ වූයේ තමාගේ ශ්‍රාවකයන් ධම්මදායාද වූවන් ආමිස දායාද නොවූවන් කරන්ට නොහැකි වේදැයි කියායි.

එවං ඉමස‍්ස ඔවාදස‍්ස අකරණෙ ආදීනවං දස‍්සෙත්‍වා කරණෙ ආනිසංසං දස‍්සෙන‍්තො තුම‍්හෙ ච මෙතිආදිමාහ. තත්‍ථ අහම‍්පි තෙන න ආදියො භවෙය්‍යන‍්ති සෙය්‍යථාපි නාම වත‍්තපරිපූරකෙ දහරභික‍්ඛූ උද‍්දෙසපරිපුච‍්ඡාසම‍්පන‍්නෙ වස‍්සසතිකත්‍ථෙරෙ විය ආකප‍්පසම‍්පන‍්නෙ දිස‍්වා, කස‍්ස සද‍්ධිවිහාරිකා, කස‍්සන‍්තෙවාසිකාති, අසුකස‍්සාති, “පතිරූපං ථෙරස‍්ස, පටිබලො වත ඔවදිතුං අනුසාසිතු”න‍්ති ආචරියුපජ‍්ඣායා න ආදියා න ගාරය‍්හා භවන‍්ති, එවමෙව අහම‍්පි තෙන තුම‍්හාකං ධම‍්මදායාදභාවෙන නො ආමිසදායාදභාවෙන කස‍්ස සාවකා නාලකපටිපදං තුවට‍්ටකපටිපදං චන්‍දූපමපටිපදං රථවිනීතපටිපදං මහාගොසිඞ‍්ගසාලපටිපදං මහාසුඤ‍්ඤතපටිපදං පටිපන‍්නා චතුපච‍්චයසන‍්තොසභාවනාරාමඅරියවංසෙසු සක‍්ඛිභූතා පච‍්චයගෙධතො විවත‍්තමානසා අබ‍්භා මුත‍්තචන්‍දසමා විහරන‍්තීති; “සමණස‍්ස ගොතමස‍්සා”ති වුත‍්තෙ “සබ‍්බඤ‍්ඤූ වත භගවා, අසක‍්ඛි වත සාවකෙ ආමිසදායාදපටිපදං ඡඩ‍්ඩාපෙත්‍වා ධම‍්මදායාදපටිපත‍්තිපූරකෙ කාතු”න‍්ති විඤ‍්ඤූනං න ආදියො න ගාරය‍්හො භවෙය්‍යන‍්ති.

මෙසේ මේ අවවාදය පිළිගෙන ක්‍රියාත්මක නොකිරීමේ ආදීනවද පිළිගෙන ක්‍රියා කිරීමේ අනුසස් ද දක්වන සේක් තුම්හෙ ච මෙ යනාදිය වදාළහ. එහි අහම්පි තෙන න ආදිස්සො භවෙය්‍යං යනු වත් පුරන්නා වූ තරුණ භික්‍ෂූන් උද්දෙස - පරිපුච්ඡා සම්පූර්ණ වූවත් වස් සියයක් සපිරි තෙරවරුන් මෙන් ආකල්ප සම්පන් වූවන් දැක කාගේ සද්ධි විහාරිකයෝ ද කාගේ අතවැසියෝ දැයි විචාරා අසවලාගේ යයි දැන තෙරුන් වහන්සේට සුදුසුය. ඒකාන්තයෙන් අවවාද අනුශාසනා කරන්ට ප්‍රතිබලය ආචාර්ය උපාධ්‍යායවරු වෙන්කොට නොදැක්විය යුත්තාහු නොගැරහිය යුත්තාහුද වෙති. එපරිද්දෙන්ම මම ද තොපගේ ඒ ධම්මදායාද භවයෙන් ආමිෂ දායාද නොවූ බැවින් කවරෙකුගේ ශ්‍රාවකයෝ, නාලක පටිපදාවට, තුවටක පටිපදාව, චන්‍දොපම පටිපදාවට, රථවිනීත පටිපදාවට, මහාගොසිංගසාල පටිපදාවට, මහා සුඤ්ඤත පටිපදාවට පිළිපන්නාහු චතුපච්චයසන්තෝස, භාවනාරාමය, අරියවංසයන්හි සාක්‍ෂියක් වැනි වූ සිවුපසය පිළිබඳ තණ්හාවෙන් මිදුන් වලාකුලින් මිදුන චන්ද්‍රයා වැනි වූවාහු වාසය කරත් යයි විචාරා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ යැයි කී කල්හි, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ සර්වඥයහ. ඒකාන්තයෙන් ශ්‍රාවකයන් ආමිස දායාද ප්‍රතිපදාවෙන් මුදවා ධම්මදායාද පටිපදාව පුරන්නවුන් කරන්ට හැකි වූහයි නුවණැත්තන් විසින් (ගැරහිය යුතු පුද්ගලයා අසවලා යයි) වෙන්කොට දැක්විය යුත්තෙක් ගැරහිය යුත්තෙක් නොවන්නාහුයැ.

එවමිමස‍්මිං පදෙ අධිප‍්පායං ඤත්‍වා සෙසං කණ‍්හපක‍්ඛෙ වුත‍්තනයපච‍්චනීකෙන වෙදිතබ‍්බං. එවං ඉමස‍්ස ඔවාදස‍්ස කරණෙ ආනිසංසං දස‍්සෙත්‍වා ඉදානි තං ඔවාදං නිය්‍යාතෙන‍්තො ආහ – “තස‍්මා තිහ මෙ, භික‍්ඛවෙ…පෙ… නො ආමිසදායාදා”ති.

මෙසේ මේ පදයෙහි අදහස දැන සෙස්ස, අකුසල පක්‍ෂයෙහි කී ක්‍රමයට විරුද්ධ පසින් දතයුතුයැ. මෙසේ මේ අවවාදය පිළිපැදීමේ අනුසස් දක්වා දැන් එම අවවාදය පවරණ සේක් මෙසේ වදාළහ. තස්මා තිහ මෙ භික්ඛවෙ, -පෙ- නො ආමිසදායාදා යයි වදාළහ.

එවමිමං ඔවාදං නිය්‍යාතෙත්‍වා ඉදානි තස‍්සා ධම‍්මදායාදපටිපත‍්තියා පරිපූරකාරිං ථොමෙතුං ඉධාහං, භික‍්ඛවෙතිආදිමාහ. භගවතො හි ථොමනං සුත්‍වාපි හොන‍්තියෙව තදත්‍ථාය පටිපජ‍්ජිතාරො.

මෙසේ මෙම අවවාදය පවරා දැන් ඒ ධම්මදායාද ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන්නහුට ස්තුති කරනු පිණිස ඉධාහං භික්ඛවෙ යනාදිය වදාළහ. ඒ එසේමැයි. භාග්‍යවතුන් වහන්සේගේ ස්තුතිය අසා ඒ පිළිබඳව පිළිපදින්නාහු වෙත්මයැ.

තත්‍ථ ඉධාති නිපාතපදමෙතං. භුත‍්තාවීති භුත‍්තවා, කතභත‍්තකිච‍්චොති වුත‍්තං හොති. පවාරිතොති යාවදත්‍ථපවාරණාය පවාරිතො, යාවදත්‍ථං භුඤ‍්ජිත්‍වා පටික‍්ඛිත‍්තභොජනො තිත‍්තොවාති වුත‍්තං හොති.

එහි ඉධ යනු නිපාත පදයකි. භුත්තාවි යනු වැළඳුයේ කළ බත්කිස ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. පවාරිතො යනු යාවදත්‍ථ පවාරණයෙන් පැවරුයේ යැපෙන පමණ වළඳා ප්‍රතික්‍ෂේප කළ බොජුන් ඇත්තේ, තෘප්තියට පැමිණියේ යයි ද කියන ලද්දේ වෙයි.

චතුර්විධ පවාරණය

චතුබ‍්බිධා හි පවාරණා වස‍්සංවුට‍්ඨපවාරණා පච‍්චයපවාරණා අනතිරිත‍්තපවාරණා යාවදත්‍ථපවාරණාති. තත්‍ථ, “අනුජානාමි භික‍්ඛවෙ, වස‍්සංවුට‍්ඨානං භික‍්ඛූනං තීහි ඨානෙහි පවාරෙතු”න‍්ති (මහාව· 209) අයං වස‍්සංවුට‍්ඨපවාරණා.

පවාරණය වූ කලී චතුර්විධ වන්නීය. වස්කාලය නිමවීමෙන් කරනු ලබන පවාරණය, ප්‍රත්‍යය පවාරණය, අනතිරිත්ත පවාරණය, යාවදත්‍ථ පවාරණය යනුයි. අනුජානාමි භික්ඛවෙ, වස්සං වුත්‍ථානං භික්ඛුනං තීහි ඨානෙහි යනු වස්වැස නිමවීමෙන් කරනු ලබන පවාරණයයි.

“ඉච‍්ඡාමහං, භන‍්තෙ, සඞ‍්ඝං චතුමාසං භෙසජ‍්ජෙන පවාරෙතු”න‍්ති (පාචි· 303) ච “අඤ‍්ඤත්‍ර පුනපවාරණාය අඤ‍්ඤත්‍ර නිච‍්චපවාරණායා”ති (පාචි· 307) ච අයං පච‍්චයපවාරණා. “පවාරිතො නාම අසනං පඤ‍්ඤායති, භොජනං පඤ‍්ඤායති, හත්‍ථපාසෙ ඨිතො අභිහරති, පටික‍්ඛෙපො පඤ‍්ඤායති, එසො පවාරිතො නාමා”ති (පාචි· 239) අයං අනතිරිත‍්තපවාරණා. “පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි සම‍්පවාරෙසී”ති (දී· නි· 1.297, 358) අයං යාවදත්‍ථපවාරණා. අයමිධ අධිප‍්පෙතා. තෙන වුත‍්තං “පවාරිතොති යාවදත්‍ථපවාරණාය පවාරිතො”ති.

ඉච්ඡාමහං භන්තෙ සංඝං චතුමාසං භෙසජ්ජෙහි පවාරෙතුං යයි ද, අඤ්ඤත්‍ර පුනපවාරණාය අඤ්ඤං නිච්චපවාරණාය යයි ද, මෝ තොමෝ පච්චය පවාරණ නම් වන්නීය. පවාරිකො නාම ආසනං පඤ්ඤායති. භොජනං පඤ්ඤායති හත්‍ථ පස්සෙ ඨිතො අභිහරති, පටික්ඛෙපො පඤ්ඤායති එසො පවාරිතො නාම යනු අනතිරික්ත පවාරණයයි. පණීතෙන බාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන්තප්පෙසි සමපවාරෙසි යනු යාව දත්‍ථ පවාරණයයි. මෙය මෙහි අදහස් කරන ලද්දීය. එහෙයින් කියන ලදී. පවාරිතො යනු යාවදත්‍ථ පවාරණයන් පැවරුයේය.

පරිපුණ‍්ණොති භොජනෙන පරිපුණ‍්ණො.

පරිපුණ්ණො යනු භෝජනයෙන් පරිපූර්ණ වූයේ.

පරියොසිතොති පරියොසිතභොජනො, උත‍්තරපදලොපො දට‍්ඨබ‍්බො. යාවතකං භුඤ‍්ජිතබ‍්බං, තාවතකං භුත‍්තං හොති, අවසිතා මෙ භොජනකිරියාති අත්‍ථො. සුහිතොති ධාතො, ජිඝච‍්ඡාදුක‍්ඛාභාවෙන වා සුඛිතොති වුත‍්තං හොති. යාවදත්‍ථොති යාවතකො මෙ භොජනෙන අත්‍ථො, සො සබ‍්බො පත‍්තොති. එත්‍ථ ච පුරිමානං තිණ‍්ණං පච‍්ඡිමානි සාධකානි. යො හි පරියොසිතො, සො භුත‍්තාවී හොති.

පරියොසිතො යනු, අවසන් කළ බොජුන් ඇත්තේ. මෙහි උත්තරපද ලෝපය දතයුතුයි. යම්තාක් කෑයුතු වේ ද, ඒ තාක් කන ලද්දේ වෙයි. මගේ භෝජන කෘත්‍යය අවසන් වූයේය යන අර්ථයි. සුහිතො යනු තෘප්තියට පැමිණියේ, සාදුක් නැති බැවින් හෝ සුඛිත වූයේ යයි කියන ලද්දේ වෙයි. යාවදත්‍ථො යනු යම් පමණ භෝජනයකින් මට ප්‍රයෝජනයක් වේද, ඒ සියල්ල ලැබුනේය. මෙහි ද මුල්පද තුනට පසුව කීවාහු සාධක වෙති. ඒ එසේමැයි. යමෙක් අවසන් කළේද, හෙතෙම අනුභවකොට අවසන් වූයේ වෙයි.

යො ච සුහිතො, සො යාවදත්‍ථපවාරණාය පවාරිතො. යො යාවදත්‍ථො, සො පරිපුණ‍්ණොති. පුරිමානි වා පච‍්ඡිමානං. යස‍්මා හි භුත‍්තාවී, තස‍්මා පරියොසිතො. යස‍්මා පවාරිතො, තස‍්මා සුහිතො. යස‍්මා පරිපුණ‍්ණො, තස‍්මා යාවදත්‍ථොති. සබ‍්බඤ‍්චෙතං පරිකප‍්පෙත්‍වා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

යමෙක් සහිත වූයේ ද, හෙතෙම යාවදත්‍ථ පවාරණයෙන් පවරණ ලද්දේ වෙයි. යමෙක් යාවදත්‍ථද හෙතෙම පරිපුණ්ණ යයි නොහොත් පූර්වයෙහි දැක්වූවෝ පසුව දැක්වූවන්ට සාධක වෙති. ඒ එසේමැයි. යම් හෙයකින් භුත්තාවී වූයේ ද එහෙයින් අවසන් වූයේ වෙයි. යම් හෙයකින් පවරණ ලද්දේ ද, එහෙයින් සුභිත වේ. යම් හෙයකින් පිරිපුන් ද එහෙයින් යාවදත්‍ථ නම් වේ. මේ සියල්ල කල්පනාකොට කියන ලද්දේ යයි දතයුතුය.

සියාති එකංසෙ ච විකප‍්පනෙ ච. “පථවීධාතු සියා අජ‍්ඣත‍්තිකා, සියා බාහිරා”ති (ම· නි· 3.349) එකංසෙ. “සියා අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො ආපත‍්ති වීතික‍්කමො”ති (ම· නි· 3.39) විකප‍්පනෙ. ඉධ උභයම‍්පි වට‍්ටති.

සියා යනු ඒකාන්ත අර්ථයෙහිදු, විකලප්ප අර්ථයෙහිදු වෙයි. සියා අජ්ඣත්තිකා සියා බාහිරා යනු ඒකාන්ත අර්ථයෙහිය. සියා අඤ්ඤතරස්ස භික්ඛුනො ආපත්ති වීතික්කමො යනු විකල්පාර්ථයෙහිය. මෙහි උභය අර්ථයම වෙයි.

අතිරෙකොව අතිරෙකධම‍්මො. තථා ඡඩ‍්ඩනීය ධම‍්මො. අධිකො ච ඡඩ‍්ඩෙතබ‍්බො ච, න අඤ‍්ඤං කිඤ‍්චි කාතබ‍්බොති අත්‍ථො. අථාති තම‍්හි කාලෙ.

අතිරේක වූයේම අතිරෙක ධම්ම නම් වේ. එසේම ඡඩ්ඩීය ධම්මො යනුද එසේමැයි. අධික වූයේ හළ යුත්තේ ද වෙයි. අන් කිසිවක් නොකළ යුත්තේය යන අර්ථය. අථ යනු එකල්හි.

ජිඝච‍්ඡාදුබ‍්බල්‍යපරෙතාති ජිඝච‍්ඡාය ච දුබ‍්බල්‍යෙන ච පරෙතා ඵුට‍්ඨා අනුගතා ච අට‍්ඨපි දසපි දිවසානි. තත්‍ථ කෙචි ජිඝච‍්ඡිතාපි න දුබ‍්බලා හොන‍්ති, සක‍්කොන‍්ති ජිඝච‍්ඡං සහිතුං. ඉමෙ පන න තාදිසාති දස‍්සෙතුං උභයමාහ. ත්‍යාහන‍්ති තෙ අහං. සචෙ ආකඞ‍්ඛථාති යදි ඉච‍්ඡථ.

ජිගච්ඡා දුබ්බල්‍ය පරෙතා බඩසයින් ද, දුබල බැවින් ද, පීඩිත වූවාහු යුක්ත වූවාහු ද යන අර්ථයි. අටදිනක් ද දස දිනක් ද එහි කිසිවෙක් බඩසය ඇත්තාහු දුර්වල නොවෙති යයි දක්වන්නට පද දෙකක් වදාළහ. ත්‍යාහං යනු තෙ+අහං (ඔවුන්ට, මම) සචෙ ආකංඛථා යනු ඉදින් කැමැත්තහු නම්,

අප‍්පහරිතෙති අප‍්පරුළ‍්හහරිතෙ, යස‍්මිං ඨානෙ පිණ‍්ඩපාතජ‍්ඣොත්‍ථරණෙන විනස‍්සනධම‍්මානි තිණානි නත්‍ථි, තස‍්මින‍්ති අත්‍ථො. තෙන නිත‍්තිණඤ‍්ච මහාතිණගහනං ච, යත්‍ථ සකටෙනපි ඡඩ‍්ඩිතෙ පිණ‍්ඩපාතෙ තිණානි න විනස‍්සන‍්ති, තඤ‍්ච ඨානං පරිග‍්ගහිතං හොති. භූතගාමසික‍්ඛාපදස‍්ස හි අවිකොපනත්‍ථමෙතං වුත‍්තං.

අප්ප හරිතෙ යනු හට නොගත් තණ ඇති තන්හි, යම්තැනක පිණ්ඩ ආහාර දැමීමෙන් විනාශවන සුලුවූ තණ නැද්ද එහි යන අර්ථයි. එයින් තණ නැති තැනද මහාතණ ලැහැබද, යම්තැනක ගැලිනුදු පිණ්ඩපාතය දැමූ කල තණ නොනැසෙත් ද, එතැනද ගන්නා ලද්දේ වෙයි. සැබව මෙය භූතගාම ශික්‍ෂාපදය විරුද්ධ නොවන සේ කියන ලද්දේ වෙයි.

අප‍්පාණකෙති නිප‍්පාණකෙ පිණ‍්ඩපාතජ‍්ඣොත්‍ථරණෙන මරිතබ‍්බපාණකරහිතෙ වා මහාඋදකක‍්ඛන්‍ධෙ. පරිත‍්තොදකෙ එව හි භත‍්තපක‍්ඛෙපෙන ආළුලිතෙ සුඛුමපාණකා මරන‍්ති, න මහාතළාකාදීසූති. පාණකානුරක‍්ඛණත්‍ථඤ‍්හි එතං වුත‍්තං. ඔපිලාපෙස‍්සාමීති නිමුජ‍්ජාපෙස‍්සාමි.

අප්පාණකෙ යනු ප්‍රාණීන් නොමැති, පිණ්ඩපාතය දැමීමෙන් මැරෙන සතුන් නොමැති විශාල ජලයක, ටිකක් දිය ඇති ජලාසයක ආහාර දැමූ කල්හි ජලය කැලඹීමෙන් කුඩා ප්‍රාණීන් මැරෙත් ද මහා තඩාග ආදියෙහි නොමැරෙත් ද, එහෙයින් ප්‍රාණීන් රැකීම පිණිසම මෙසේ වදාරණ ලදී. ඔපිලාපෙස්සාමි පා කරවන්නෙමි.

තත්‍රෙකස‍්සාති තෙසු ද‍්වීසු එකස‍්ස. යො ඉමං ධම‍්මදෙසනං සුට‍්ඨු සුතවා පුනප‍්පුනං ආවජ‍්ජෙති ච, තං සන්‍ධායාහ වුත‍්තං ඛො පනෙතන‍්ති.

තත්‍රෙකස්ස ඔවුන් දෙදෙනා අතුරෙන් එකෙකුට, යමෙක් මේ ධර්ම දේශනාව මනාකොට ඇසුවේ වේද, නැවත නැවත සිහි කෙරේද ඔවුහු සඳහා වදාළහ. වුත්තං ඛො පනෙතං යනුයි.

වුත්ත ශබ්දය

අයං වුත‍්ත-සද‍්දො කෙසොහාරණෙපි දිස‍්සති “කාපටිකො මාණවො දහරො වුත‍්තසිරො”තිආදීසු (ම· නි· 2.426). රොපිතෙපි “යථා සාරදිකං බීජං, ඛෙත‍්තෙ වුත‍්තං විරූහතී”තිආදීසු (ජා· 1.3.31). කථිතෙපි “වුත‍්තමිදං භගවතා, වුත‍්තමිදං අරහතා”තිආදීසු. ඉධ පන කථිතෙ දට‍්ඨබ‍්බො. කථිතං ඛො පනෙතන‍්ති අයඤ‍්හිස‍්ස අත්‍ථො.

මේ ‘වුත්ත’ ශබ්දය කෙස් ඉවත් කිරීමෙහි දක්නට ලැබේ. කාපටිකො මාණවො දහරො වුත්තසිරො යනාදී තන්හිය. රෝපිතයෙහි (වැවීමෙහි)ද දක්නා ලැබේ. යථා සාරදිකං බීජං බෙත්තෙ වුත්තං විරූහති යනාදී තන්හිය. කී දෙය දැක්වීමෙහි වුත්තමිදං භගවතා වුත්තමරහාතා යනාදී තන්හිය. මෙහි වූ කලී කථිතයෙහි දතයුතුය. මෙය කියන ලද්දේය. මේ එහි අර්ථයයි.

ආමිසඤ‍්ඤතරන‍්ති චතුන‍්නං පච‍්චයාමිසානං අඤ‍්ඤතරං, එකන‍්ති අත්‍ථො. යදිදන‍්ති නිපාතො, සබ‍්බලිඞ‍්ගවිභත‍්තිවචනෙසු තාදිසොව තත්‍ථ තත්‍ථ අත්‍ථතො පරිණාමෙතබ‍්බො. ඉධ පනාස‍්ස යො එසොති අත්‍ථො. යො එසො පිණ‍්ඩපාතො නාම. ඉදං ආමිසඤ‍්ඤතරන‍්ති වුත‍්තං හොති. යංනූනාහන‍්ති සාධු වතාහං. එවන‍්ති යථා ඉදානි ඉමං ඛණං වීතිනාමෙමි, එවමෙව රත‍්තින්‍දිවං. වීතිනාමෙය්‍යන‍්ති ඛෙපෙය්‍යං අතිවත‍්තාපෙය්‍යං.

ආමිසඤ්ඤතරං සිවුපසය අතුරෙන් එක්තරා එකක් යන අරුතයි. යදිදං යනු නිපාතයකි. සියලු ලිංග විභත්ති - වචනයන්හි එබඳු මැයි. ඒ ඒ තන්හි අරුත් වශයෙන් පෙරලාගත යුතුයි. මෙහි වනාහි මේ පදයාගේ යො එසො (යම් මේ) යන අර්ථයි. යම් මේ පිණ්ඩපාතයක් වේ ද, එය එක්තරා ආමිෂයකැයි කියන ලද්දේ විය. යන්නූනාහං යනු ඉතා යෙහෙක මම (යන අර්ථයි) එවං යනු යම්සේ දැන් මේ මොහොත ඉක්මවන්නෙම්ද, එපරිද්දෙන් රෑදාවලද වීතිනාමෙය්‍ය යනු ගෙවන්නෙමි ඉක්මවන්නෙමි.

සො තං පිණ‍්ඩපාතන‍්ති සො තං සදෙවකෙන ලොකෙන සිරසා සම‍්පටිච‍්ඡිතබ‍්බරූපං සුගතාතිරිත‍්තම‍්පි පිණ‍්ඩපාතං අභුඤ‍්ජිත්‍වා ධම‍්මදායාදභාවං ආකඞ‍්ඛමානො ආදිත‍්තසීසූපමං පච‍්චවෙක‍්ඛිත්‍වා තෙනෙව ජිඝච‍්ඡාදුබ‍්බල්‍යෙන එවං තං රත‍්තින්‍දිවං වීතිනාමෙය්‍ය.

සො තං පිණ්ඩපාතං යනු හෙතෙම ඒ දෙවියන් සහිත ලෝකයා විසින් මුදුනින් පිළිගතයුතු වූ සුගතයන් වහන්සේ විසින් ඉතිරි කරන ලද පිණ්ඩපාතය නොවළඳා ධම්මදායාදය කැමති වන්නේ ආදිත්ත ශීර්ෂ උපමාව ප්‍රත්‍යවේක්‍ෂා කරමින් බඩසා දුබල බැවින් යුක්තවම මෙසේ රෑ දාවල් ඉක්මවන්නේය.

අථ දුතියස‍්සාති ඉමස‍්මිං පන වාරෙ එස සඞ‍්ඛෙපො, සචෙ සො භික‍්ඛු, යංනූනාහං…පෙ… වීතිනාමෙය්‍යන‍්ති චින‍්තෙන‍්තො එවම‍්පි චින‍්තෙය්‍ය, පබ‍්බජිතෙන ඛො වාළමිගාකුලෙ අරඤ‍්ඤෙ භෙසජ‍්ජං විය පඤ‍්චකාමගුණවාළාකුලෙ ගාමෙ පිණ‍්ඩපාතොපි දුක‍්ඛං පරියෙසිතුං. අයං පන පිණ‍්ඩපාතො ඉති පරියෙසනාදීනවවිමුත‍්තො ච සුගතාතිරිත‍්තො චාති උභතො සුජාතඛත‍්තියකුමාරො විය හොති, යෙහි ච පඤ‍්චහි කාරණෙහි පිණ‍්ඩපාතො න පරිභුඤ‍්ජිතබ‍්බො හොති.

අථ දුතියස්ස යන මේ වාරයෙහි මේ සංක්‍ෂෙපයයි ඉදින් මහණ, යන්නූනාහං -පෙ- විතිනාමෙය්‍ය යයි සිතන්නේ මෙසේත් සිතන්නේය. පැවිද්දහු විසින් දරුණු සතුන්ගෙන් ගැවසී ගත්, වනයෙහි බෙහෙතක් මෙන් පඤ්චකාම ගුණ නමැති, දරුණු සතුන් ගැවසීගත් ගමෙහි පිණ්ඩපාත සොයන්ට දුෂ්කර වෙයි. මෙම පිණ්ඩපාතය වූ කලී සෙවීම් ආදිනවයෙන් මිදුනේ ද, සුගතයන් වහන්සේ විසින් ඉතිරි කරන ලද හෙයින් උභතො සුජාත ක්‍ෂත්‍රිය කුමාරයෙක් මෙන් වෙයි. කරුණු පසකින් පිණ්ඩපාතය නොවැළඳිය යුතු වේද?

සෙය්‍යථිදං, පුග‍්ගලං ගරහිත්‍වා න පරිභුඤ‍්ජිතබ‍්බො හොති “අලජ‍්ජිපුග‍්ගලස‍්ස සන‍්තකො”ති.

ඒ කවරහු යත්? අලජ්ජි පුද්ගලයා සතුයයි, පුද්ගලයා ගරහා නොවැළඳිය යුත්තේ වෙයි.

අපරිසුද‍්ධඋප‍්පත‍්තිතාය න පරිභුඤ‍්ජිතබ‍්බො හොති “භික‍්ඛුනිපරිපාචනඅසන‍්තසම‍්භාවනුප‍්පන‍්නො”ති.

භික්ෂුණිය විසින් සකස් කරන ලද්දෙහි, නොසුදුසු සම්භාවනාවකින් උපන් අපිරිසුද්ධ උත්පත්ති ඇති බැවින් නොවැළඳිය යුතු වෙයි.

සාමිකානුකම‍්පාය න පරිභුඤ‍්ජිතබ‍්බො හොති “පිණ‍්ඩපාතසාමිකො භික‍්ඛු ජිඝච‍්ඡිතො”ති. සො ධාතො තස‍්සෙව අන‍්තෙවාසිකාදීසු අනුකම‍්පාය න පරිභුඤ‍්ජිතබ‍්බො හොති “අන‍්තෙවාසිකා අඤ‍්ඤෙ වා තප‍්පටිබද‍්ධා ජිඝච‍්ඡිතා”ති, තෙපි ධාතා සුහිතා, අපිච ඛො අස‍්සද‍්ධතාය න පරිභුඤ‍්ජිතබ‍්බො හොති “පිණ‍්ඩපාතසාමිකො භික‍්ඛු අස‍්සද‍්ධො”ති.

පිණ්ඩපාතය හිමි මහණ බඩසයින් යුක්ත වූයේ යයි ස්වාමියා කෙරෙන් අනුකම්පාවෙන් නොවැළඳිය යුත්තේ වෙයි. අතවැසියන් හෝ ඔවුන් පිළිබඳ අන්‍යයන් හෝ බඩසයින් යුක්තහයි හෙතෙම පිණාගියේ නමුදු ඔහුගේම අතවැසි ආදීන් කෙරෙහි අනුකම්පාවෙන් නොවැළඳිය යුත්තේය. පිණ්ඩපාතය හිමි භික්‍ෂු තෙම නොඇදහිය යුත්තේ යයි ඒ අතවැසි ආදීහු ද යැපුනාහු සුඛිත වූවාහු වෙත් ද එතකුදු වුවත් නො ඇදහිය යුතු බැවින් නො වැළඳිය යුත්තේ වෙයි.

තෙහි ච කාරණෙහි අයං විමුත‍්තො. භගවා හි ලජ‍්ජීනං අග‍්ගො, පරිසුද‍්ධුප‍්පත‍්තිකො පිණ‍්ඩපාතො, භගවා ච ධාතො සුහිතො, පච‍්චාසීසකොපි අඤ‍්ඤො පුග‍්ගලො නත්‍ථි, යෙ ලොකෙ සද‍්ධා, භගවා තෙසං අග‍්ගොති එවං චින‍්තෙත්‍වා ච සො තං පිණ‍්ඩපාතං භුඤ‍්ජිත්‍වා…පෙ… වීතිනාමෙය්‍ය. එත‍්තාවතා යොපි අභුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොති, සොපි භුඤ‍්ජිතබ‍්බකමෙව පිණ‍්ඩපාතං න භුත‍්තො හොති. යොපි භුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොති, සොපි භුඤ‍්ජිතබ‍්බකමෙව භුත‍්තො හොති. නත්‍ථි පිණ‍්ඩපාතෙ විසෙසො. පුග‍්ගලෙ පන අත්‍ථි විසෙසො. තස‍්මා තං දස‍්සෙන‍්තො කිඤ‍්චාපි සොතිආදිමාහ.

ඒ කරුණු පසින් ද මෙම පිණ්ඩපාතය මිදුනේය. ඒ එසේ මැයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි ලජ්ජීන් අතුරෙන් අග්‍රය. පිණ්ඩපාතය ද පිරිසිදු ලද දෙයකි. භාග්‍යවතුන් වහන්සේ වනාහි යැපුනාහු සුඛිත වූවාහු වෙති. කැමති වන්නාහු අන්‍ය පුද්ගලයෙකුදු නැති යමෙක් ලොවැ ඇදහිය යුත්තාහු වෙත්ද, භාග්‍යවත්හු ඔවුන් අතුරෙන් අග්‍ර වෙතියි මෙසේ සිතා හෙතෙම පිණ්ඩපාතය වළඳා -පෙ- ඉක්මවන්නේය. මෙතෙකින් යමෙකුත් නොවළඳා මහණදම් කෙරේද, හෙතෙමේ ද වැළඳිය යුතු වූ ම පිණ්ඩපාතය නොවැළඳූයේ වෙයි. යමෙක් වළඳා මහණදම් කෙරේ ද, හෙතෙමේ ද වැළඳිය යුතු වූම පිණ්ඩපාතය වැළඳුයේ වෙයි. පිණ්ඩපාතයෙහි විශේෂයක් නැත. පුද්ගලයා කෙරෙහි විශේෂයක් ඇත. එහෙයින් ඒ දක්වන සේක්. කිඤ්චාපි සො යනාදිය වදාළහ.

තත්‍ථ කිඤ‍්චාපීති අනුජානනප‍්පසංසනත්‍ථෙ නිපාතො. කිං අනුජානාති? තස‍්ස භික‍්ඛුනො තං අනවජ‍්ජපරිභොගං. කිං පසංසති? භුත්‍වා සමණධම‍්මකරණං. ඉදං වුත‍්තං හොති යදිපි සො භික‍්ඛු එවං භුඤ‍්ජිතබ‍්බමෙව භුඤ‍්ජිත්‍වා කාතබ‍්බමෙව කරෙය්‍ය. අථ ඛො අසුයෙව මෙ පුරිමො භික‍්ඛූති යො පුරිමො භික‍්ඛු තම‍්පි පිණ‍්ඩපාතං පටික‍්ඛිපිත්‍වා සමණධම‍්මං කරොති, සොයෙව මම ද‍්වීසු සූරෙසු සූරතරො විය ද‍්වීසු පණ‍්ඩිතෙසු පණ‍්ඩිතතරො විය ච පුජ‍්ජතරො ච පාසංසතරො ච, දුතියභික‍්ඛුතො අතිරෙකෙන පූජනීයො ච පසංසනීයො චාති වුත‍්තං හොති.

එහි කිඤ්චාපි යනු අනුජානන පසංසනාර්ථයෙහි නිපාත පදයකි. කුමක් අනුදනීද යත් ඒ භික්‍ෂූහුගේ ඒ නිවැරදි පරිභෝගයයි. කුමක් පසසාද යත්, වළඳා මහණදම් කිරීමයි. මේ කියන ලද්දේ වෙයි. ඉදින් ඒ මහණ, මෙසේ වැළඳිය යුතු වූ පිණ්ඩපාතයම වළඳා කළයුතු මහණ දමම කරන්නේ නම් අථ ඛො අසුයෙව මෙ පුරිමො භික්ඛු, යම් ඒ පළමු කී මහණ පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කොට මහණදම් කෙරේද. අසුයෙව මෙ හෙතෙම මා විසින් ශූරයන් දෙදෙනෙකු අතුරෙන් අතිශයින් ශූරයා මේද පඬිවරුන් දෙදෙනකුන් අතුරෙන් අතිශයින් පණ්ඩිතයා මෙන් ද, අතිශයින් පිදිය යුත්තේ ද අතිශයින් ප්‍රශංසා කළයුත්තේ ද වෙයි. දෙවන භික්‍ෂුවට වඩා අතිරේක වශයෙන් පිදිය යුතුද පැසසිය යුතුද වේයයි කියන ලද්දේ වෙයි.

ඉදානි තමත්‍ථං කාරණෙන සාධෙන‍්තො තං කිස‍්ස හෙතූතිආදිමාහ. තස‍්සත්‍ථො, තත්‍ථ සියා තුම‍්හාකං, කස‍්මා සො භික‍්ඛු භගවතො පුජ‍්ජතරො ච පාසංසතරො චාති? තඤ‍්හි තස‍්සාති යස‍්මා තං පිණ‍්ඩපාතපටික‍්ඛිපනං තස‍්ස භික‍්ඛුනො දීඝරත‍්තං අප‍්පිච‍්ඡතාය…පෙ… වීරියාරම‍්භාය සංවත‍්තිස‍්සති. කථං? තස‍්ස හි සචෙ අපරෙන සමයෙන පච‍්චයෙසු අත්‍රිච‍්ඡතා වා පාපිච‍්ඡතා වා මහිච‍්ඡතා වා උප‍්පජ‍්ජිස‍්සති. තතො නං ඉමිනා පිණ‍්ඩපාතපටික‍්ඛෙපඞ‍්කුසෙන නිවාරෙස‍්සති “අරෙ ත්‍වං සුගතාතිරිත‍්තම‍්පි පිණ‍්ඩපාතං පටික‍්ඛිපිත්‍වා ඊදිසං ඉච‍්ඡං උප‍්පාදෙසී”ති එවං පච‍්චවෙක‍්ඛමානො. එස නයො අසන‍්තුට‍්ඨියා අසංලෙඛස‍්ස චුප‍්පන‍්නස‍්ස නිවාරණෙ. එවං තාවස‍්ස අප‍්පිච‍්ඡතාය සන‍්තුට‍්ඨියා සංලෙඛාය සංවත‍්තිස‍්සති.

දැන් එම අරුත කාරණයෙන් සාධනය කරනුයේ තං කිස්ස හෙතු යනාදිය වදාළහ. එහි අර්ථය කවරේද යත්? මේ කරුණෙහි ලා තොපට මෙබඳු සිතක් වන්නේය. කුමකින් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් අතිශයින් පිදිය යුතුද? අතිශයින් ප්‍රශංසා කළ යුතුදැයි ඒ එසේමය. යම් හෙයකින් ඔහුගේ ඒ පිණ්ඩපාතය ප්‍රතික්‍ෂෙප කිරීමක් වේද? එය ඒ මහණ හට බොහෝකලක් අල්පෙච්ඡ බව පිණිස -පෙ- විරියාරම්භය පිණිස පවත්නේද, එහෙයිනි. කෙසේද යත්, ඕ හට පසුකලෙක ප්‍රත්‍යයන් විෂයෙහි අතිච්ඡතාව හෝ පාපිච්ඡතාව හෝ මහිච්ඡතාව හෝ උපදින්නේ නම්, නැවත එම තෘෂ්ණාව මේ පිණ්ඩපාත ප්‍රතික්‍ෂේප කිරීම නමැති අංකුසය හේතුකොට ගෙන එම්බා තෝ සුගතයන් විසින් ඉතිරි කළ පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කොට මෙබඳු තෘෂ්ණාවක් ඉපිද වූයෙහිය. මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරමින් එයින් වළකින්නේය. උපන්නා වූ අසන්තුට්ඨියගේද අසල්ලෙඛයාගේ ද වැලකීම මේ ක්‍රමයමැයි. මෙසේ මෙය ඔහුගේ අල්පේච්ඡ බව පිණිස සන්තුට්ඨිය පිණිස ද, සල්ලෙඛය පිණිස ද පවත්නේය.

සුභරතායාති එත්‍ථ අයං සංවණ‍්ණනා – ඉධෙකච‍්චො අත‍්තනොපි උපට‍්ඨාකානම‍්පි දුබ‍්භරො හොති දුප‍්පොසො. එකච‍්චො අත‍්තනොපි උපට‍්ඨාකානම‍්පි සුභරො හොති සුපොසො. කථං? යො හි අම‍්බිලාදීනි ලද‍්ධා අනම‍්බිලාදීනි පරියෙසති, අඤ‍්ඤස‍්ස ඝරෙ ලද‍්ධං අඤ‍්ඤස‍්ස ඝරෙ ඡඩ‍්ඩෙන‍්තො සබ‍්බං ගාමං විචරිත්‍වා රිත‍්තපත‍්තොව විහාරං පවිසිත්‍වා නිපජ‍්ජති, අයං අත‍්තනො දුබ‍්භරො.

සුභරතායා මෙහි මෝ වර්ණනා තොමෝ වන්නේය. මේ ශාසනයෙහි යම්කිසිවෙක් තමන් විසින්ද අනුන් විසින්ද (අසීරුවෙන් පෝෂණය කළයුත්තේ දුහර වේ. දුප්පොස වේ. කෙනෙක් තමන් විසින් ද උපස්ථායකයන් විසින් ද සුභර වෙයි. පහසුවෙන් පෝෂණය කළ හැකි වෙයි. ඒ කෙසේද යත්, යමෙක් ඇඹුල් ආදිය ලැබ නොඇඹුල් ආදිය සොයා ද එකෙකුගේ ගෙදරකින් ලද දෙය අනිකෙකුගේ ගෙදර දමමින් සියලු ගම හැසිර හිස් පාත්‍රය ඇත්තේම විහාරයට පිවිස නිදාද? මේ තමා විසින් ද පෝෂණය කළ නොහැකි වෙයි. දුහර වේ.

යො පන සාලිමංසොදනාදීනං පත‍්තෙ පූරෙත්‍වා දින‍්නෙපි දුම‍්මුඛභාවං අනත‍්තමනභාවමෙව ච දස‍්සෙති, තෙසං වා සම‍්මුඛාව තං පිණ‍්ඩපාතං “කිං තුම‍්හෙහි දින‍්න”න‍්ති අපසාදෙන‍්තො සාමණෙරගහට‍්ඨාදීනම‍්පි දෙති, අයං උපට‍්ඨාකානං දුබ‍්භරො. එතං දිස‍්වා මනුස‍්සා දූරතො පරිවජ‍්ජන‍්ති දුබ‍්භරො භික‍්ඛු න සක‍්කා පොසිතුන‍්ති. යො පන යංකිඤ‍්චි ලූඛං වා පණීතං වා ලද‍්ධා තුට‍්ඨචිත‍්තොව භුඤ‍්ජිත්‍වා විහාරං ගන‍්ත්‍වා අත‍්තනො කම‍්මං කරොති, අයං අත‍්තනො සුභරො. යො ච පරෙසම‍්පි අප‍්පං වා බහුං වා ලූඛං වා පණීතං වා දානං අහීළෙත්‍වා අත‍්තමනො විප‍්පසන‍්නමුඛො හුත්‍වා තෙසං සම‍්මුඛාව පරිභුඤ‍්ජිත්‍වා යාති, අයං උපට‍්ඨාකානං සුභරො. එතං දිස‍්වා මනුස‍්සා අතිවිය විස‍්සත්‍ථා හොන‍්ති – “අම‍්හාකං භදන‍්තො සුභරො ථොකෙනපි තුස‍්සති, මයමෙව නං පොසිස‍්සාමා”ති පටිඤ‍්ඤං කත්‍වා පොසෙන‍්ති.

යමෙක් හැල් - මස් බත් ආදියෙන් පාත්‍රය පුරා දුන් කල්හි ද දුර්මුඛව නොසතුටු බව දක්වා ද, නැතහොත් ඔවුන් ඉදිරිපිටම තොප විසින් දෙන ලද්දේ කුමක්දැයි එම පිණ්ඩපාතයට නින්දා කරමින් සාමණේර ගෘහස්ථ ආදීන්ට බෙදාදේ ද, මේ තෙම උපස්ථායකයන් විසින් පෝෂණය කිරීමට දුෂ්කර වෙයි. (දුභර වෙයි). මේ මහණ දැක මිනිස්සු ඔහුගෙන් ඈත් වෙති. මේ භික්‍ෂුව පෝෂණය කිරීම අපහසු යයි කියා යමෙක් ප්‍රණීත වූ හෝ අප්‍රණීත වූ හෝ යමක් ලැබ තුටු සිත් ඇත්තේම වළඳා විහාරයට ගොස් තමාගේ කටයුතු කෙරේ ද, මේතෙම තමා විසින් සුභර වෙයි. යමෙක් අන්‍යයන්ගේ ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ රළු වූ හෝ ප්‍රණීත වූ හෝ දානය පිළිකුල් නොකොට සතුටු සිත් ඇත්තේ වෙසෙසින් පහන් මුහුණු ඇතිව ඔවුන් හමුවෙහි දීම වැළඳුයේ ද, මේ තෙම උපස්ථායකයන් විසින් සුභර වෙයි. මේ මහණ දැක මිනිස්සු අතිශයින්ම විශ්වාස වූවාහු වෙති. අපගේ පින්වතුන් වහන්සේ සුභරයහ. සුළු දෙයකිනුදු සතුටු වෙති. අපිම උන්වහන්සේව පෝෂණය කරන්නෙමුයි ප්‍රතිඥා දී පෝෂණය කෙරෙති.

තත්‍ථ සචෙ අපරෙන සමයෙන අස‍්ස අත‍්තනො වා උපට‍්ඨාකානං වා දුබ‍්භරතානයෙන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති. තතො නං ඉමිනා පිණ‍්ඩපාතපටික‍්ඛෙපඞ‍්කුසෙන නිවාරෙස‍්සති – “අරෙ ත්‍වං සුගතාතිරිත‍්තම‍්පි පිණ‍්ඩපාතං පටික‍්ඛිපිත්‍වා ඊදිසං චිත‍්තං උප‍්පාදෙසී”ති එවං පච‍්චවෙක‍්ඛමානො, එවමස‍්ස සුභරතාය සංවත‍්තිස‍්සති. සචෙ පනස‍්ස කොසජ‍්ජං උප‍්පජ‍්ජිස‍්සති, තම‍්පි එතෙනෙවඞ‍්කුසෙන නිවාරෙස‍්සති – “අරෙ ත්‍වං නාම තදා සුගතාතිරිත‍්තම‍්පි පිණ‍්ඩපාතං පටික‍්ඛිපිත්‍වා තථා ජිඝච‍්ඡාදුබ‍්බල්‍යපරෙතොපි සමණධම‍්මං කත්‍වා අජ‍්ජ කොසජ‍්ජමනුයුඤ‍්ජසී”ති එවං පච‍්චවෙක‍්ඛමානො, එවමස‍්ස වීරියාරම‍්භාය සංවත‍්තිස‍්සති. එවමස‍්ස ඉදං පිණ‍්ඩපාතපටික‍්ඛිපනං දීඝරත‍්තං අප‍්පිච‍්ඡතාය…පෙ… වීරියාරම‍්භාය සංවත‍්තිස‍්සති.

ඉදින් එහි අපරසමයෙක්හි තමන්ගේ හෝ උපස්ථායකයන්ගේ හෝ දුභරතා නයින් සිතක් උපනහොත් එවිට මෙම පිණ්ඩපාත ප්‍රතික්‍ෂේප කිරීම නැමැති අංකුසයෙන් එය නිවාරණය කරන්නේය. අරේ එම්බා තෝ සුගතයන් වහන්සේ ඉතිරිකළ පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කොට මෙවන් සිතක් ඉපදවූවෙහිදැයි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරමින් සුභරතාවයට පරිවර්තනය වන්නේන්ය. ඉදින් ඔහුට කුසීත බව උපදින්නේ නම් එයද මේ අංකුසයෙන් නිවාරණය කරන්නේය. ‘එම්බා, තෝ වනාහි එකල සුගතයන් වහන්සේ විසින් ඉතිරිකළ පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කොට එසේ බඩසයින් සහ දුබල බැවින් පෙළුනේද, මහණදම් කොට අද කුසීත බැවින් පෙලෙන්නෙහි දැයි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙවන් විරිය ආරම්භයකට පත්වන්නේය. මෙසේ ඔහුට මෙම පිණ්ඩපාත ප්‍රතික්‍ෂේපය. බොහෝ කලක් අපේපච්ඡතාවය පිණිස -පෙ- විරියාරම්භය පිණිස පවතින්නේය.

දසකථා වස්තු

එවමස‍්සිමෙ පඤ‍්ච ගුණා පරිපූරා දස කථාවත්‍ථූනි පරිපූරෙස‍්සන‍්ති.

මෙසේ ඔහුට මේ පංචගුණයෙන් පිරෙන්නාහු ද (එවිට) දසකථා වත්‍ථූන් සම්පූර්ණ කෙරෙත්.

කථං? අත්‍ර හි පාළියංයෙව අප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාවීරියාරම‍්භවසෙන තීණි ආගතානි, සෙසානි සල‍්ලෙඛෙන සඞ‍්ගහිතානි. ඉදඤ‍්හි සබ‍්බකථාවත්‍ථූනං නාමමෙව, යදිදං සල‍්ලෙඛො. යථාහ –

මෙහි වනාහි පාලියෙහිම අප්පිච්ඡතා - සන්තුට්ඨිතා - විරියාරම්භ වශයෙන් තුන්දෙනෙක් ආවාහු වෙති. සෙස්සෝ සල්ලෙඛ නාමයෙන් සංග්‍රහ කරන ලද්දාහුය. යම් මේ සල්ලෙඛ යන නමක් වේද, මේ වනාහි සියලුම දසකථා වත්‍ථූන්ටම නමක් මැයි. එහෙයින් වදාළහ.

“යා ච ඛො අයං, ආනන්‍ද, කථා අභිසල‍්ලෙඛිකා චෙතොවිනීවරණසප‍්පායා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. සෙය්‍යථිදං, අප‍්පිච‍්ඡකථා”ති (ම· නි· 3.189, 192) විත්‍ථාරො. එවං ඉමෙ පඤ‍්ච ගුණා පරිපූරා දස කථාවත්‍ථූනි පරිපූරෙස‍්සන‍්ති. දස කථාවත්‍ථූනි පරිපූරානි තිස‍්සො සික‍්ඛා පරිපූරෙස‍්සන‍්ති.

සාච ඛො අයං ආනන්‍ද, කථා අභිසල්ලෙඛිකා චෙතො විවරණ සප්පායා එකන්ත නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාහාය, සංවත්තති සෙය්‍යථිදං අප්පිච්ඡකථාති (ආනන්දය, මේ කථා තොමෝද අතිශයින් ක්ලේශ සංලිඛනය කරන්නී, චිත්ත විවරණ සංඛ්‍යාත වූ සමථ විදර්ශනාවන්ට උපකාර වූවා, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නිරෝධය පිණිස, ක්ලේශ ව්‍යසමය පිණිස විශිෂ්ට ඤාණය පිණිස සම්බොධය පිණිස නිර්වාණය පිණිස, පවත්නීය. ඕ කවරීද, අල්පෙච්ඡ කථායයි) යන විස්තරයයි. මෙසේ මේ පංච ගුණයෝ පිරුණාහු දසකථා වත්‍ථු සම්පූර්ණ වන්නාහුය. දසකථා වස්තූන් සම්පූර්ණ කිරීමෙන් ත්‍රිවිධ ශික්‍ෂාවන් සම්පූර්ණ කරන්නාහු වෙත්.

කථං? එතෙසු හි අප‍්පිච‍්ඡකථා සන‍්තොසකථා අසංසග‍්ගකථා සීලකථාති ඉමා චතස‍්සො කථා අධිසීලසික‍්ඛාසඞ‍්ගහිතායෙව. පවිවෙකකථා වීරියාරම‍්භකථා සමාධිකථාති ඉමා තිස‍්සො අධිචිත‍්තසික‍්ඛසඞ‍්ගහිතා. පඤ‍්ඤාකථා විමුත‍්තිකථා විමුත‍්තිඤාණදස‍්සනකථාති ඉමා තිස‍්සො අධිපඤ‍්ඤාසික‍්ඛාසඞ‍්ගහිතාති. එවං දස කථාවත්‍ථූනි පරිපූරානි තිස‍්සො සික‍්ඛා පරිපූරෙස‍්සන‍්ති. තිස‍්සො සික‍්ඛා පරිපූරා පඤ‍්ච අසෙක‍්ඛධම‍්මක‍්ඛන්‍ධෙ පරිපූරෙස‍්සන‍්ති.

කෙසේද යත්, ඔවුන් අතුරෙන් අප්පිච්ඡකථා සන්තොස කථා, අසංසග්ග කථා සීලකථා මේ සතර කථාවෝ අධිශීල ශික්‍ෂායෙහි සංග්‍රහ වූවාහුමය. පච්චෙක කථා විරියාරම්භ කථා සමාධි කථා යන මේ තිදෙන අධිචිත්ත ශික්‍ෂායෙහි සංග්‍රහ වූවාහු වෙත්. පඤ්ඤාකථා විමුත්ති කථා විමුත්ති ඤාණදස්සන කථා යන මේ තිදෙන අධිප්‍රඥා ශික්‍ෂායෙහි සංගෘහිත වූවාහු වෙත් යයි. මෙසේ දසකථා වස්තූන් සම්පූර්ණ වූවාහු ත්‍රිවිධ ශික්‍ෂාවන් සම්පූර්ණ කෙරෙත්. ත්‍රිවිධ ශික්‍ෂාවන් සම්පූර්ණ කරන්නාහු පඤ්ච අසෙඛ ධර්ම සමූහය පරිපූරණය කරන්නාහුය.

කථං? පරිපූරා හි අධිසීලසික‍්ඛා අසෙක‍්ඛො සීලක‍්ඛන්‍ධොයෙව හොති, අධිචිත‍්තසික‍්ඛා අසෙක‍්ඛො සමාධික‍්ඛන්‍ධො, අධිපඤ‍්ඤාසික‍්ඛා අසෙක‍්ඛා පඤ‍්ඤා-විමුත‍්ති-විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධා එවාති එවං තිස‍්සො සික‍්ඛා පරිපූරා පඤ‍්ච අසෙක‍්ඛධම‍්මක‍්ඛන්‍ධෙ පරිපූරෙස‍්සන‍්ති. පඤ‍්ච ධම‍්මක‍්ඛන්‍ධා පරිපූරා අමතං නිබ‍්බානං පරිපූරෙස‍්සන‍්ති. සෙය්‍යථාපි උපරිපබ‍්බතෙ පාවුස‍්සකො මහාමෙඝො අභිවුට‍්ඨො පබ‍්බතකන්‍දරසරසාඛා පරිපූරෙති. තා පරිපූරා කුසොබ‍්භෙ, කුසොබ‍්භා මහාසොබ‍්භෙ, මහාසොබ‍්භා කුන‍්නදියො, කුන‍්නදියො මහානදියො, මහානදියො මහාසමුද‍්දසාගරං පරිපූරෙන‍්ති; එවමෙව තස‍්ස භික‍්ඛුනො ඉමෙ පඤ‍්ච ගුණා පරිපූරා දස කථාවත්‍ථුනි ආදිං කත්‍වා යාව අමතං නිබ‍්බානං පරිපූරෙස‍්සන‍්ති. එවමයං භික‍්ඛු ධම‍්මදායාදපටිපදං පටිපන‍්නො පරමධම‍්මදායාදං ලභතීති එතමත්‍ථං සම‍්පස‍්සමානො භගවා “තං කිස‍්ස හෙතු තඤ‍්හි තස‍්ස, භික‍්ඛවෙ, භික‍්ඛුනො”තිආදිමාහ.

කෙසේද යත්, පරිපූර්ණ වූ අධිසීල ශික්‍ෂාව වනාහි අසේඛ සීලක්ඛන්‍ධයම වෙයි. අධිචිත්ත ශික්‍ෂාව අසෙඛ සමාධික්ඛන්‍ධය වේ. අධි ප්‍රඥා ශික්‍ෂාව, අසේඛවූ පඤ්ඤා විමුත්ති විමුත්ති ඤාණදස්සන ඛන්‍ධයෝම වෙතැයි මෙසේ ශික්‍ෂාත්‍රය පිරුණාහු පඤ්ච අසේඛ ධර්මස්කන්‍ධයන් පරිපූරණය කරන්නාහුය. යම්සේ පර්වත මුදුනෙක්හි වර්ෂා ඍතුවෙහි වූ මහා මේඝයක් මොනවට වැසි ඇතිවූයේ පබ්බත - කන්දර පදර - සාඛා පුරවාද පිරුණා වූ ඔවුහු කුඩා විල් ද, කුඩාවිල් මහවිල්ද, මහවිල් කුඩා නදීන් ද කුඩා නදීහු මෙම මහනදීන් ද, මහනදීහු සාගරය පුරවත් ද, එපරිද්දෙන්ම ඒ මහණ හට මේ ගුණපස පිරුණාහු දශකථා වස්තූන් ආදිකොට අමෘතමහා නිර්වාණය තෙක් පරිපූරණය වන්නාහුය. මෙසේ මේ මහණතෙම ධම්මදායාද පටිපදාවට පිළිපන්නේ පරම ධම්ම දායාදය ලබන්නේ යයි යන මේ අර්ථය දුටු භාග්‍යවත්හු තං කිස්ස හෙතු? තංහි තස්ස භික්ඛවෙ, භික්ඛුතො යනාදිය වදාළහ.

එවං තස‍්ස භික‍්ඛුනො පුජ‍්ජතරපාසංසතරභාවං කාරණෙන සාධෙත්‍වා ඉදානි තෙ භික‍්ඛූ තථත‍්තාය සන‍්නියොජෙන‍්තො තස‍්මා තිහ මෙ භික‍්ඛවෙතිආදිමාහ.

මෙසේ එම භික්‍ෂුවගේ පූජ්‍යතර භාවයද, පසංසාතර භාවය ද සහේතුකව දක්වා දැන් එම භික්‍ෂූන් ධම්මදායාද බැව්හි යොදවන්නේ තස්මාතිහ මෙ භික්ඛවෙ යනාදිය වදාළහ.

කිං වුත‍්තං හොති, යස‍්මා යො තං පිණ‍්ඩපාතං භුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරෙය්‍ය, සො ඉමෙහි පඤ‍්චහි මූලගුණෙහි පරිබාහිරො. යො පන අභුඤ‍්ජිත්‍වා කරෙය්‍ය, සො ඉමෙසං භාගී හොති – “තස‍්මා තිහ මෙ, භික‍්ඛවෙ…පෙ… නො ආමිසදායාදා”ති.

කුමක් වදාරණ ලද්දේද යත්, යම් හෙයකින් යම් භික්‍ෂුවක් එම පිණ්ඩපාතය වළඳා මහණදම් කරන්නේ නම් හෙතෙම මේ මූල ගුණපහෙන් මට බාහිර වන්නේය. යම් භික්‍ෂුවක් වනාහි නොවළඳා මහණදම් කරන්නේද, හෙතෙම (මේ ධම්මදායාදයෙහි) කොටස්කරුවෙකු වන්නේය. තස්මා තිහ මෙ භික්ඛවෙ යනාදිය වදාළහ. එහෙයින් මහණෙනි මෙහිලා -පෙ- මාගේ ආමිෂය දායාදකොට ඇත්තේ නොවෙමුයි

ඉදමවොච භගවාති ඉදං නිදානපරියොසානතො පභුති යාව නො ආමිසදායාදාති සුත‍්තප‍්පදෙසං භගවා අවොච. ඉදං වත්‍වාන සුගතොති ඉදඤ‍්ච සුත‍්තප‍්පදෙසං වත්‍වාව සොභනාය පටිපදාය ගතත‍්තා සුගතොති සඞ‍්ඛං පත‍්තොයෙව භගවා. උට‍්ඨායාසනා විහාරං පාවිසී පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනතො උට‍්ඨහිත්‍වා විහාරං අත‍්තනො මහාගන්‍ධකුටිං පාවිසි අසම‍්භින‍්නාය එව පරිසාය. කස‍්මා ධම‍්මථොමනත්‍ථං.

ඉදමවොච භගවා යන නිදාන පර්යාවසානයෙහි පටන් නො ආමිසදායාද යන්න අවසන්කොට ඇති මේ සූත්‍ර ප්‍රදේශය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉදං වත්‍ථා සුගතො මෙම සූත්‍ර ප්‍රදේශය වදාරාම ශෝභන ප්‍රතිපදාවෙන් ගියහෙයින් සුගත නම් වූ මෙම භාග්‍යවත්හු උට්ඨායාසනා විහාරං පාවිසි පනවන ලද උතුම් බුද්ධාසනයෙන් නැගිට පිරිස නොබිඳුණු කල්හිම, විහාරයට තමන් වහන්සේගේ ගඳකිළියට ඇතුල් වූ සේක. කුමක් හෙයින්ද යත්, ධර්මයට ප්‍රශංසා කරනු පිණිසය.

බුද‍්ධා කිර අපරිනිට‍්ඨිතාය දෙසනාය විහාරං පවිසන‍්තා ද‍්වීහි කාරණෙහි පවිසන‍්ති පුග‍්ගලථොමනත්‍ථං වා ධම‍්මථොමනත්‍ථං වා. පුග‍්ගලථොමනත්‍ථං පවිසන‍්තො එවං චින‍්තෙසි – “ඉමං මයා සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිට‍්ඨං, විත්‍ථාරෙන අවිභත‍්තං, ධම‍්මපටිග‍්ගාහකා භික‍්ඛූ උග‍්ගහෙත්‍වා ආනන්‍දං වා කච‍්චානං වා උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිස‍්සන‍්ති, තෙ මය‍්හං ඤාණෙන සංසන්‍දෙත්‍වා කථෙස‍්සන‍්ති, තතො ධම‍්මපටිග‍්ගාහකා පුන මං පුච‍්ඡිස‍්සන‍්ති, තෙසං අහං සුකථිතං, භික‍්ඛවෙ, ආනන්‍දෙන සුකථිතං කච‍්චානෙන, මං චෙපි තුම‍්හෙ එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාථ, අහම‍්පි නං එවමෙව බ්‍යාකරෙය්‍යන‍්ති එවං තෙ පුග‍්ගලෙ ථොමෙස‍්සාමි, තතො තෙසු ගාරවං ජනෙත්‍වා භික‍්ඛූ උපසඞ‍්කමිස‍්සන‍්ති, තෙපි භික‍්ඛූ අත්‍ථෙ ච ධම‍්මෙ ච නියොජෙස‍්සන‍්ති, තෙ තෙහි නියොජිතා තිස‍්සො සික‍්ඛා පරිපූරෙන‍්තා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්තී”ති.

භාග්‍යවතුන් වහන්සේලා වනාහි නොනිමි දම්දෙසුම් ඇත්තේ, වෙහෙරට පිවිසෙන්නාහුද කරුණු දෙකක් මුල්කොට එසේ කරන සේක. ධර්මයට ගරුකිරීම හෝ පුද්ගලයන්ට ගරු කිරීම සඳහාය. පිවිසෙන්නේ මෙසේ සිතයි. මවිසින් සැකෙවින් දක්වන ලද්ද, විස්තර වශයෙන් විභාග නොකරන ලද්දා වූ මේ උද්දේශය (මාතෘකාව) ධර්මය පිළිගන්නා වූ භික්‍ෂුහු ඉගෙන අනඳ තෙරුන් වහන්සේ වෙත හෝ කච්චායන තෙරුන් වහන්සේ වෙත හෝ එළඹ විචාරන්නාහුය. අනතුරුව ධර්ම ප්‍රතිග්‍රාහකයෝ පෙරලා මා විචාරන්නාහුය. ඔවුනට මම ආනන්දයන් විසින් මනාව කියන ලද්දේය. කච්චායනයන් විසින් මනාව කියන ලද්දේය. ඉදින් තෙපි මේ කාරණය මගෙන් විචාරන්නාහු නම්, මම ද මෙම කාරණය මෙපරිදිම ප්‍රකාශ කරන්නෙමියි (වදාළහ.) ඉක්බිති ඔවුන් කෙරෙහි ගෞරවයෙන් ඔවුන් වෙත එළඹෙන්නාහුය. ඔවුහුද භික්‍ෂූන් අර්ථයෙහි ද ධර්මයෙහි ද යොදවන්නාහුනය. ඒ භික්‍ෂුහු ඔවුන් විසින් (අර්ථ ධර්ම දෙක්හි) යොදවන ලද්දාහු ත්‍රිවිධ ශික්‍ෂාව සපුරාලන්නාහු දුක්ඛය කෙළවර කරන්නාහු යයි

ධම‍්මථොමනත්‍ථං පවිසන‍්තො එවං චින‍්තෙසි, යථා ඉධෙව චින‍්තෙසි – “මයි විහාරං පවිට‍්ඨෙ තමෙව ආමිසදායාදං ගරහන‍්තො ධම‍්මදායාදඤ‍්ච ථොමෙන‍්තො ඉමිස‍්සංයෙව පරිසති නිසින‍්නො සාරිපුත‍්තො ධම‍්මං දෙසෙස‍්සති, එවං ද‍්වින‍්නම‍්පි අම‍්හාකං එකජ‍්ඣාසයාය මතියා දෙසිතා අයං දෙසනා අග‍්ගා ච ගරුකා ච භවිස‍්සති පාසාණච‍්ඡත‍්තසදිසා.

ධර්මයට ප්‍රශංසා කිරීම පිණිස විහාරයට පිවිසි සේක්, මෙහිදී යම්සේ සිතූ සේක් ද එපරිද්දෙන්ම සිතන සේක. මා විහාරයට පිවිසි කල්හි මේ පිරිස්හිම හුන් ශාරිපුත්‍ර තෙම එම ආමිෂ දායාදයට ගරහමින් ද ධර්ම දායාදයට පසසමින්ද දහම් දෙසන්නාහුය. මෙසේ අප දෙදෙනාගේම එක් අදහස් ඇතිව එක් මතයෙන්ම දෙසන ලද මේ දේශනා තොමෝ ගල් කූඩයක් මෙන් ප්‍රධාන ගරු ද වන්නීය.

චතුරොඝනිත්‍ථරණට‍්ඨෙන තිත්‍ථෙ ඨපිතා නාවා විය මග‍්ගගමනට‍්ඨෙන චතුයුත‍්තආජඤ‍්ඤරථො විය ච භවිස‍්සති. යථා ච ‘එවං කරොන‍්තස‍්ස අයං දණ‍්ඩො’ති පරිසති ආණං ඨපෙත්‍වා උට‍්ඨායාසනා පාසාදං ආරුළ‍්හෙ රාජිනි තත්‍ථෙව නිසින‍්නො සෙනාපති තං රඤ‍්ඤා ඨපිතං ආණං පවත‍්තෙති; එවම‍්පි මයා ඨපිතං දෙසනං ඉමිස‍්සංයෙව පරිසති නිසින‍්නො සාරිපුත‍්තො ථොමෙත්‍වා දෙසෙස‍්සති, එවං ද‍්වින‍්නම‍්පි අම‍්හාකං මතියා දෙසිතා අයං දෙසනා බලවතරා මජ‍්ඣන‍්හිකසූරියො විය පජ‍්ජලිස‍්සතී”ති. එවමිධ ධම‍්මථොමනත්‍ථං උට‍්ඨායාසනා විහාරං පාවිසි.

චතුරෝඝයන් තරණය කිරිමේ අර්ථයෙන් තොටක නවතා තිබූ නැවක් මෙන් ද, ස්වර්ග ගමනාර්ථයෙන් ආජානීයයන් සතරදෙනෙකු යෙදූ රථයක් මෙන්ද වන්නේය. මෙසේ කරන්නහුට මෙපමණ දඩයයි පිරිස් මැද ආඥාව තබා හුනස්නෙන් නැගිට රජ ප්‍රාසාදයට නැගී ගිය කල්හි එහිම හුන් සෙනෙවිතෙම ඒ රජු විසින් තැබූ ආඥාව යන්සේ පවත්වා ද, මෙසේත් මා විසින් තැබූ දේශනාව මේ පිරිසෙහිම හුන් ශාරිපුත්‍ර තෙම ප්‍රශංසා කොට දේශනා කරන්නේය. මෙසේ අප දෙදෙනාගේම අදහස් පරිදි දේශිත මෙම දෙසුම අතිශයින්ම බලවත්ය. මධ්‍යාහ්නයේ හිරු මෙන් බබලන්නේ යයි, මෙසේ මෙහි ධර්මයට පැසසීම පිණිස හුනස්නෙන් නැගිට විහාරයට ප්‍රවිෂ්ට වූ සේක.

ඊදිසෙසු ච ඨානෙසු භගවා නිසින‍්නාසනෙයෙව අන‍්තරහිතො චිත‍්තගතියා විහාරං පවිසතීති වෙදිතබ‍්බො. යදි හි කායගතියා ගච‍්ඡෙය්‍ය, සබ‍්බා පරිසා භගවන‍්තං පරිවාරෙත්‍වා ගච‍්ඡෙය්‍ය, සා එකවාරං භින‍්නා පුන දුස‍්සන‍්නිපාතා භවෙය්‍යාති භගවා චිත‍්තගතියා එව පාවිසි.

මෙබඳු තැන්වලදී භාග්‍යවත්හුගේ හුනස්නෙන් නැගිට වැඩමවීම, අතුරුදහන් වීම චිත්තගමනින් විහාරයට ප්‍රවේශ වෙත්යයි දතයුත්තේය. ඒ එසේමැයි. කාය ගතියෙන් වඩින්නේ නම් සියලු පිරිස භාග්‍යවතුන් වහන්සේ පිරිවරා යන්නේය. එක්වරක් බිඳුනු පිරිස යළි රැස්කිරීම දුෂ්කර වන්නේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ චිත්ත ගතියෙන්ම වැඩි සේක.

එවං පවිට‍්ඨෙ පන භගවති භගවතො අධිප‍්පායානුරූපං තං ධම‍්මං ථොමෙතුකාමො තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො…පෙ…එතදවොච.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ වැඩිකල්හි භාග්‍යවතුන් වහන්සේගේ අදහසට අනුරූපව එම දහම්මග දෙසනු කැමැත්තේ තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො -පෙ- එතදවොච.

තත්‍ථ ආයස‍්මාති පියවචනමෙතං. සාරිපුත‍්තොති තස‍්ස ථෙරස‍්ස නාමං, තඤ‍්ච ඛො මාතිතො, න පිතිතො. රූපසාරියා හි බ්‍රාහ‍්මණියා සො පුත‍්තො, තස‍්මා සාරිපුත‍්තොති වුච‍්චති. අචිරපක‍්කන‍්තස‍්සාති පක‍්කන‍්තස‍්ස සතො නචිරෙන. ආවුසො, භික‍්ඛවෙති එත්‍ථ පන බුද‍්ධා භගවන‍්තො සාවකෙ ආලපන‍්තා භික‍්ඛවෙති ආලපන‍්ති. සාවකා පන බුද‍්ධෙහි සදිසා මා හොමාති ආවුසොති පඨමං වත්‍වා පච‍්ඡා භික‍්ඛවෙති භණන‍්ති. බුද‍්ධෙහි ච ආලපිතො භික‍්ඛුසඞ‍්ඝො භදන‍්තෙති පටිවචනං දෙති, සාවකෙහි ආවුසොති.

එහි, ආයස්මා යනු මෙය ප්‍රිය වචනයකි. සාරිපුත්තො යනු එම තෙරුන් වහන්සේගේ නාමයයි. එය වූ කලී මව් පසිනි. පියපසින් නොවේ. හේ රූපසාරි නම් බැමිණියගේ පුත්‍ර තෙමේය. එබැවින් සාරිපුත්ත යයි කියනු ලැබේ. අචිරපක්කන්තස්ස යනු නික්ම ගොස් නොබෝ වෙලාවකින් ආවුසො භික්ඛවෙ යනු මෙහි වනාහි භාග්‍යවත් බුදුවරයෝ, ශ්‍රාවකයන් අමතන්නේ භික්ඛවෙ යයි ආමන්ත්‍රණය කෙරෙති. ශ්‍රාවකයෝ වනාහි බුදුවරයන් හා සමාන නොවිය යුතුයයි, ආවුසො යනුවෙන් පළමු කියා පසුව භික්ඛවෙ යයි කියති. බුදුරදුන් විසින් අමතනු ලැබූ භික්‍ෂු සංඝතෙම භදන්තෙ යනුවෙන් ප්‍රතිවචන දෙයි. ශ්‍රාවකයන් විසින් අමතනු ලැබුවේ අවුසො යයි ප්‍රතිවචන දෙයි.

කිත‍්තාවතා නු ඛො, ආවුසොති එත්‍ථ කිත‍්තාවතාති පරිච‍්ඡෙදවචනං, කිත‍්තකෙනාති වුත‍්තං හොති. නුකාරො පුච‍්ඡායං. ඛොකාරො නිපාතමත‍්තං. සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතොති, තීහි විවෙකෙහි කායචිත‍්තඋපධිවිවෙකෙහි සත්‍ථුනො විහරන‍්තස‍්ස. විවෙකං නානුසික‍්ඛන‍්තීති තිණ‍්ණං විවෙකානං අඤ‍්ඤතරම‍්පි නානුසික‍්ඛන‍්ති, ආමිසදායාදාව හොන‍්තීති ඉමමත්‍ථං ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ පුච‍්ඡි. එස නයො සුක‍්කපක‍්ඛෙපි.

කිත්තාවතා නුඛො ආවුසො යන මෙහි කිත්තාවතා යනු පරිච්ඡේද වචනයයි. කොපමණකින්දැයි කියන ලද්දේ වෙයි. නු යන ප්‍රශ්නාර්ථයෙහියැ. ඛො කාරය නිපාත මාත්‍රයකි. සත්‍ථු පවිවිත්තස්ස විහරතො යනු කාය චිත්ත-උපධි-විවෙක යන ත්‍රිවිධ විවේකයන්ගෙන් යුක්තව වාසය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ. විවෙකං නානු සික්ඛන්ති යනු ත්‍රිවිධ විවේකයන් අතුරෙන් එකකුදු අනුව නොහික්මෙත්ද, ආමිසදායාදො හොන්ති යනුවෙන් මෙම අර්ථය ආයුෂ්මත් සාරිපුත්‍ර තෙමේ භික්‍ෂූන් විචාළේය. කුසල පක්‍ෂයෙහිදු මෙම ක්‍රමය මැයි.

එවං වුත‍්තෙ තමත්‍ථං සොතුකාමා භික‍්ඛූ දූරතොපි ඛොතිආදිමාහංසු.

මෙසේ කී කල්හි එහි අර්ථය අසනු කැමැති භික්‍ෂූහු දුරතොපි ඛො යන ආදිය කීවාහුය.

තත්‍ථ දූරතොපීති තිරොරට‍්ඨතොපි තිරොජනපදතොපි අනෙකයොජනගණනතොපීති වුත‍්තං හොති. සන‍්තිකෙති සමීපෙ. අඤ‍්ඤාතුන‍්ති ජානිතුං බුජ‍්ඣිතුං. ආයස‍්මන‍්තංයෙව සාරිපුත‍්තං පටිභාතූති ආයස‍්මතොයෙව සාරිපුත‍්තස‍්ස භාගො හොතු, ආයස‍්මා පන සාරිපුත‍්තො අත‍්තනො භාගං කත්‍වා විභජතූති වුත‍්තං හොති. ආයස‍්මතො හි භාගො යදිදං අත්‍ථක‍්ඛානං, අම‍්හාකං පන සවනං භාගොති අයමෙත්‍ථ අධිප‍්පායො, එවං සද‍්දලක‍්ඛණෙන සමෙති. කෙචි පන භණන‍්ති “පටිභාතූති දිස‍්සතූ”ති. අපරෙ “උපට‍්ඨාතූ”ති. ධාරෙස‍්සන‍්තීති උග‍්ගහෙස‍්සන‍්ති පරියාපුණිස‍්සන‍්ති.

තත්‍ථ එහි දූරතොපි යනු පිටරටින් ද පිට ජනපදයෙන් ද නොයෙක් යොදුන් ගණනක සිට යයිද කියන ලද්දේ වෙයි. සන්තිකෙ යනු සමීපයෙහි, අඤ්ඤාතුං යනු දැනගන්ට අවබෝධ කරන්ට, ආයස්මන්තංයෙව සාරිපුත්තං පටිභාතු ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේගේම භාගය (කොටස්) වේවා. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙම තමන්ගේ කොටස වශයෙන් ගෙන විස්තර කරන සේක්වායි කියන ලද්දේ වෙයි. ඒ එසේමැයි. යම් ඒ අරුත් පැවසීමක් වේද, එය ආයුෂ්මත්හුගේ භාගයයි. ඇසීම වූ කල අපගේ භාගයයි. මේ මෙහි අදහසයි. මෙසේ ශබ්ද ලක්‍ෂණ වශයෙන් සම වෙයි. කිසිවෙක් පටිභාතු යනු දක්නා ලැබේවායි කියති. අනිකෙක් වැටහෙත්වායි කියති. ධාරෙස්සන්ති යන උද්ග්‍රහණය කරන්නාහුය. ප්‍රගුණ කරන්නාහුය.

තතො නෙසං කථෙතුකාමො ථෙරො තෙන හීතිආදිමාහ. තත්‍ථ තෙනාති කාරණවචනං. හිකාරො නිපාතො. යස‍්මා සොතුකාමාත්‍ථ, යස‍්මා ච මය‍්හං භාරං ආරොපයිත්‍ථ, තස‍්මා සුණාථාති වුත‍්තං හොති. තෙපි භික‍්ඛූ ථෙරස‍්ස වචනං සම‍්පටිච‍්ඡිංසු, තෙනාහ “එවමාවුසොති…පෙ…පච‍්චස‍්සොසු”න‍්ති.

ඉක්බිති ඔවුන්ට කියනු කැමැති තෙරුන් වහන්සේ තෙනහි ආදිය කීහ. එහි තෙන යනු කාරණ (අරුතෙහි) වචනයකි. හි කාරය නිපාතයකි. යම්හෙයකින් අසනු කැමති වහුද, යම් හෙයකින් මා වෙත භාරය ආරෝපණය කළහුද, එහෙයින් ශ්‍රවණය කරමු යයි කියන ලද්දේ වෙයි. ඒ භික්‍ෂූහු ද තෙරුන්ගේ වචනය පිළිගත්තාහුය. එයින් කීහ. එව මාවුසො -පෙ- පච්චස්සෙසුං යයි.

අථ නෙසං, ආමිසදායාදං ගරහන‍්තෙන භගවතා “තුම‍්හෙපි තෙන ආදියා භවෙය්‍යාථා”ති එකෙනෙවාකාරෙන වුත‍්තමත්‍ථං තීහි ආකාරෙහි දස‍්සෙන‍්තො ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච – “ඉධාවුසො, සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො…පෙ… එත‍්තාවතා ඛො, ආවුසො, සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකං නානුසික‍්ඛන‍්තී”ති.

ඉක්බිති ඔවුන්ගේ ආමිෂ දායාදයට ගරහන භාග්‍යවතුන් වහන්සේ විසින් තුම්හෙපි තෙන ආදිස්සා භවෙය්‍යාථ යනුවෙන් එකම ආකාරයෙන් පවසන ලද අර්ථය තුන් ආකාරයකින් දක්වන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ මෙසේ වදාළහ. ඉධාවුසො සත්‍ථු පවිවිත්තස්ස විහරතො -පෙ- එත්තාවතා ඛො ආවුසො සත්‍ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකං නානුසික්ඛති

එත‍්තාවතා යඤ‍්ච භගවා ආමිසදායාදපටිපදං ගරහන‍්තො “තුම‍්හෙපි තෙන ආදියා භවෙය්‍යාථා”ති ආහ, යඤ‍්ච අත‍්තනා පුච‍්ඡං පුච‍්ඡි “කිත‍්තාවතා නු ඛො…පෙ… නානුසික‍්ඛන‍්තී”ති, තස‍්ස විත්‍ථාරතො අත්‍ථො සුවිභත‍්තො හොති. සො ච ඛො භගවතො ආදියභාවං අනාමසිත්‍වාව. භගවතොයෙව හි යුත‍්තං සාවකෙ අනුග‍්ගණ‍්හන‍්තස‍්ස “අහම‍්පි තෙන ආදියො භවිස‍්සාමී”ති වත‍්තුං, න සාවකානං. එස නයො සුක‍්කපක‍්ඛෙපි, අයං තාවෙත්‍ථ අනුසන්‍ධික‍්කමයොජනා.

මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ ආමිසදායාද පටිපදාවට නින්දා කරන්නේ තුම්හෙපි තෙන ආදිස්සා භවෙය්‍යාථ තෙපිද එයින් නින්දා ලබන්නෝ වන්නාහු යයි යමක් වදාළ සේක්ද? තමන් වහන්සේ කිත්තාවතා නුඛො -පෙ- නානුසික්ඛන්ති යයි යම් ප්‍රශ්නයකුත් විචාලාහුද, ඒ දේශනාවේ විස්තර හෙයින් අර්ථය මොනවට විභාග කරන ලද්දේ වෙයි. එය භාග්‍යවතුන් වහන්සේ ආදිස්සභාවය (නින්දා ලැබිය යුතු බව) සිහිනොකොට, ඒ එසේමැයි. ශ්‍රාවකයන් අනුව ගන්නාවිට භාග්‍යවතුන් වහන්සේ විසින්ම අහම්පි තෙන ආදිස්සො භවිස්සාමි යනුවෙන් (මමද එයින් නින්දා ලැබිය යුත්තෙක් වන්නෙමි.) යයි කියන්ට යෝග්‍ය වෙයි. ශ්‍රාවකයන් විසින් කියන්ට යෝග්‍ය නොවෙයි. කුසල පක්‍ෂයෙහි ද මෙම ක්‍රමයමැයි. මෙහි පළමුකොට කියන ලද්ද මෙහි අනුසන්ධි ක්‍රම යෝජනා නම් වේ.

අයං පනත්‍ථවණ‍්ණනා ඉධාති ඉමස‍්මිං සාසනෙ, සත්‍ථු පවිවිත‍්තස‍්සාති සත්‍ථුනො තීහි විවෙකෙහි අච‍්චන‍්තපවිවිත‍්තස‍්ස. විවෙකං නානුසික‍්ඛන‍්තීති කායවිවෙකං නානුසික‍්ඛන‍්ති, න පරිපූරෙන‍්තීති වුත‍්තං හොති. යදි පන තිවිධං විවෙකං සන්‍ධාය වදෙය්‍ය, පුච‍්ඡාය අවිසෙසො සියා. බ්‍යාකරණපක‍්ඛො හි අයං. තස‍්මා ඉමිනා පදෙන කායවිවෙකං, “යෙසඤ‍්ච ධම‍්මාන”න‍්තිආදිනා චිත‍්තවිවෙකං, “බාහුලිකා”තිආදිනා උපධිවිවෙකඤ‍්ච දස‍්සෙතීති එවමෙත්‍ථ සඞ‍්ඛෙපතො අත්‍ථො වෙදිතබ‍්බො.

පසුව කියනු ලබන්න අර්ථ වර්ණනා නම් වේ. ඉධ යනු මේ ශාසනයෙහි. සත්‍ථුපවිවිත්තස්ස යනු ත්‍රිවිධ විවේකයෙන් අතිශයින් විවේකයට පත් ශාස්තෘෘන් වහන්සේගේ විවෙකං නානු සික්ඛන්ති යනු කාය විවේකයට අනුව නොහික්මෙති. සණ නොකරන ලද්දේ යයි කියන ලද්දේ වෙයි. ඉදින් ත්‍රිවිධ විවේකය සඳහාම කියන්නේ නම්, ප්‍රශ්නයාගේ විශේෂයක් නොම වන්නේය. මේ කියන ලදුයේ ව්‍යාකරණ පක්‍ෂයයි. ඉමිනා යනු එහෙයින් මේ පදයෙන් කාය විවේකය ද, යෙසඤ්ච ධම්මානං යනාදියෙන් චිත්ත විවේකයද, බාහුලිකා යනාදියෙන් උපධි විවේකය ද දක්වයි. මෙසේ මෙහි සංක්‍ෂෙප අර්ථය දතයුත්තේය.

යෙසඤ‍්ච ධම‍්මානන‍්ති ලොභාදයො සන්‍ධායාහ, යෙ පරතො “තත්‍රාවුසො ලොභො ච පාපකො”තිආදිනා නයෙන වක‍්ඛති. නප‍්පජහන‍්තීති න පරිච‍්චජන‍්ති, චිත‍්තවිවෙකං න පරිපූරෙන‍්තීති වුත‍්තං හොති. බාහුලිකාති චීවරාදිබාහුල‍්ලාය පටිපන‍්නා. සාසනං සිථිලං ගණ‍්හන‍්තීති සාථලිකා. ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමාති එත්‍ථ ඔක‍්කමනං වුච‍්චන‍්ති අවගමනට‍්ඨෙන පඤ‍්ච නීවරණානි, තෙන පඤ‍්චනීවරණපුබ‍්බඞ‍්ගමාති වුත‍්තං හොති. පවිවෙකෙති උපධිවිවෙකෙ නිබ‍්බානෙ. නික‍්ඛිත‍්තධුරාති ඔරොපිතධුරා, තදධිගමාය ආරම‍්භම‍්පි අකුරුමානාති, එත‍්තාවතා උපධිවිවෙකං න පරිපූරෙන‍්තීති වුත‍්තං හොති.

යෙසඤ්ච ධම්මානං යනු ලෝභාදීන් සඳහා කීහ. යමෙක් මත්තෙහි, තත්‍රාවුසො ලොභො ච පාපකො යනාදි නයින් කියන්නේද, (ඔවුන් සඳහාය. නප්පජහන්ති දුරුනොකෙරෙත්. චිත්ත විවේකය දුරු නොකෙරෙත් යයි කියන ලද්දේ වෙයි. බාහුලිකා චීවර ආදින්ගේ බහුලභාවයට පැමිණියේ සසුන ලිහිල්කොට ගනිත්නුයි සාථලිකා නම් වෙති. ඔක්කමනෙ පුබ්බංගමා මෙහි අවගමනාර්ථයෙන් පංච නීවරණයෝ ඔක්කමන යයි කියනු ලැබේ. එහෙයින් පංච නීවරණයන් පිරීමෙහි පුබ්බංගම වීයයි කියන ලද්දේ වෙයි. පවිවෙකෙ යනු උපධි විවේකයෙහි නිර්වාණයෙහි. නික්ඛිත්තධුරා බහා තබන ලද වෙර ඇත්තාහු එය අවබෝධ සඳහා ආරම්භක උත්සාහය කුදු නොකරන්නාහු යයි. මෙතෙකින් උපධි විවේකය නො පුරත් යයි කියන ලද වෙයි. මෙතෙකින් අනියමයෙන් කියා අනතුරුව දේශනා නියමයෙන් වදාරණ සේක් තත්‍රාවුසො ආදිය කීහ.

එත‍්තාවතා අනියමෙනෙව වත්‍වා ඉදානි දෙසනං නියමෙන‍්තො “තත්‍රාවුසො”තිආදිමාහ. කස‍්මා? සාවකා “තීහි ඨානෙහී”ති එවඤ‍්හි අනියමෙත්‍වාව වුච‍්චමානෙ “කම‍්පි මඤ‍්ඤෙ භණති, න අම‍්හෙ”ති උදාසිනාපි හොන‍්ති. “ථෙරා නවා මජ‍්ඣිමා”ති එවං පන නියමෙත්‍වා වුච‍්චමානෙ අම‍්හෙ භණතීති ආදරං කරොන‍්ති. යථා රඤ‍්ඤා “අමච‍්චෙහි නගරවීථියො සොධෙතබ‍්බා”ති වුත‍්තෙපි “කෙන නු ඛො සොධෙතබ‍්බා”ති මඤ‍්ඤමානා න සොධෙන‍්ති, අත‍්තනො අත‍්තනො ඝරද‍්වාරං සොධෙතබ‍්බන‍්ති පන භෙරියා නික‍්ඛන‍්තාය සබ‍්බෙ මුහුත‍්තෙන සොධෙන‍්ති ච අලඞ‍්කරොන‍්ති ච, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං.

කුමක් හෙයින්ද යත්, ශ්‍රාවකයෝ කරුණු තුනකින් යයි, යම්හෙයකින් අනියමෙන් කියනු ලබන කල්හි කවරෙකුට නමුත් කියායයි හඟිමු. අපට නොවේයයි උදාසීන බවට පත්වෙති. ස්ථවිරයෝයි මධ්‍යමයෝය නවකයෝ යයි මෙසේ නියමකොට කියනු ලබන කල්හි අපට කියත් යයි ආදරය කරති. යස්සේ ඇමතියන් විසින් නුවර වීථීහු ශුද්ධ කටයුත්තාහු යන රජු විසින් කී කල්හි, කවරෙකු විසින් ශුද්ධ කටයුතුදැයි සිතමින් ශුද්ධ නොකෙරෙත් ද, තම තමන්ගේ ගෘහද්වාරය ශුද්ධ කළයුතුයයි බෙර නිකුත් කළ කල්හි සියල්ලෝම මොහොතකින් ශුද්ධ කෙරෙත් ද, අලංකාර කෙරෙත්ද, මෙසේ කාරණය දත යුත්තේය.

තත්‍ථ තත්‍රාති තෙසු සාවකෙසු. ථෙරාති දසවස‍්සෙ උපාදාය වුච‍්චන‍්ති. තීහි ඨානෙහීති තීහි කාරණෙහි. අයඤ‍්හි ඨානසද‍්දො ඉස‍්සරියට‍්ඨිතිඛණකාරණෙසු දිස‍්සති.

එහි තත්‍ර යනු ඒ ශ්‍රාවකයන් අතුරෙහි ථෙරා යනු දසවස් ඇත්තවුන් පටන් කියනු ලැබෙත්. තීහි ඨානෙහි යන කරුණු තුනකින්, එය එසේමැයි. මෙහි ඨාන ශබ්දය තෙම ඉස්සරිය, ඨිති, ඛණ, කාරණ යන අර්ථවල පෙනේ.

“කිං පනායස‍්මා දෙවානමින්‍දො කම‍්මං කත්‍වා ඉමං ඨානං පත‍්තො”තිආදීසු හි ඉස‍්සරියෙ දිස‍්සති.

කිං පනායස්මා දෙවානමින්‍දො කම්මං කත්‍වා ඉමං ඨානං පත්තො? යාදි තන්හි ඉස්සරිය යන අරුත්හි දක්නා ලැබේ.

“ඨානකුසලො හොති අක‍්ඛණවෙධී”තිආදීසු ඨිතියං.

ඨාන කුසලො හොති අක්ඛන වෙධි යනාදි තන්හි ඨිතියෙහිය.

“ඨානසොවෙතං තථාගතං පටිභාතී”තිආදීසු (ම· නි· 2.87) ඛණෙ.

ඨාන සො චෙතං තථාගතං පටිභාති යනාදි තන්හි ඛණ (ක්‍ෂණය) යන අරුත්හිය.

“ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො”තිආදීසු (විභ· 809; ම· නි· 1.148) කාරණෙ. ඉධ පන කාරණෙයෙව. කාරණඤ‍්හි යස‍්මා තත්‍ථ ඵලං තිට‍්ඨති තදායත‍්තවුත‍්තිභාවෙන, තස‍්මා ඨානන‍්ති වුච‍්චති.

ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යාදි තන්හි කාරණයෙහිය. මෙහි කාරණ අරුතෙහිම වේ. ඒ එසේමැයි. කාරණය තෙම එයට අයත් පැවතුම් ඇති බැවින් එහි ඵලය (රඳා) සිටීද, එහෙයින් ඨාන යයි කියනු ලැබේ.

ඉමිනා පඨමෙන ඨානෙන ථෙරා භික‍්ඛූ ගාරය‍්හාති එත්‍ථ ගාරය‍්හාති ගරහිතබ‍්බා. ථෙරා නාම සමානා අරඤ‍්ඤවනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි න උපෙන‍්ති, ගාමන‍්තසෙනාසනං න මුඤ‍්චන‍්ති, සඞ‍්ගණිකාරාමතං වඩ‍්ඪෙන‍්තා විහරන‍්ති, කායවිවෙකම‍්පි න පරිපූරෙන‍්ති, නවමජ‍්ඣිමකාලෙ කීදිසා අහෙසුන‍්ති එවං නින්‍දිතබ‍්බා හොන‍්ති, ඉමං නින්‍දං ආවුසො ලභන‍්තීති දස‍්සෙති. දුතියෙන ඨානෙනාති එත්‍ථාපි ඉමෙ නාම ආවුසො ථෙරාපි සමානා යෙසං ධම‍්මානං සත්‍ථා පහානමාහ, තෙ ලොභාදිධම‍්මෙ න ජහන‍්ති, අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පි එකමන‍්තං නිසීදිත්‍වා චිත‍්තෙකග‍්ගතං න ලභන‍්ති, නවමජ‍්ඣිමකාලෙ කීදිසා අහෙසුන‍්ති එවං නින්‍දිතබ‍්බා හොන‍්ති, ඉමං නින්‍දං ආවුසො ලභන‍්තීති දස‍්සෙතීති එවං යොජනා කාතබ‍්බා.

ඉමිනා පඨමෙන ඨානෙන ථෙරා භික්ඛු ගාරය්හා යන මෙහි ගාරය්හා ගැරහිය යුත්තාහුය. ථෙර නම් වූවාහු, ආරණ්‍ය සේනාසනයන්ද, වනයෙහි දුර සෙනසුන් ද, වනයෙහි ඉතා දුර සෙනසුන් ද, කරා නොඑළඹෙති. ග්‍රාමාසන්න සෙනසුන් නොහරිති. සමූහයා මැද විසීම (සංගණිකාරාමතාව) වඩමින් වාසය කරති. කාය විවේකය ද නොපුරත්. නවක, මධ්‍යම කාලයෙහි කෙබඳු වූවාහුදැයි මෙසේ නින්දා කළයුත්තාහු වෙති. ඇවැත්නි, මේ නින්දාව ලබත් යයි දක්වයි. දුතියෙන ඨානෙන යන මෙහි, මොවුහු වනාහි ස්ථවිර වූවාහුම, යම් ධර්මයක්හුගේ ප්‍රහාණයක් බුදුරදහු වදාළ සේක්ද, ඒ ලෝභාදි ධර්මයන් දුරු නොකෙරෙත්. අසුරුසනක් ගසන කාලයකුදු එකත්පසක සිට චිත්ත එකඟතාවක් නොලබත් ද, නවක මධ්‍යම කාලයන්හි කෙබඳු වූවාහුදැයි මෙසේ නින්දා කටයුත්තාහු වෙත්. ඇවැත්නි, මේ නින්දාව ලබත් යයි දක්වයි යයි මෙසේ යෙදීම කටයුත්තේය.

තතියෙන ඨානෙනාති එත්‍ථාපි ඉමෙ නාමාවුසො, ථෙරාපි සමානා ඉතරීතරෙන න යාපෙන‍්ති, චීවරපත‍්තසෙනාසනපූතිකායමණ‍්ඩනානුයොගමනුයුත‍්තා විහරන‍්ති උපධිවිවෙකං අපූරයමානා, නවමජ‍්ඣිමකාලෙ කීදිසා අහෙසුන‍්ති එවං නින්‍දිතබ‍්බා හොන‍්ති, ඉමං නින්‍දං, ආවුසො, ලභන‍්තීති දස‍්සෙතීති එවං යොජනා වෙදිතබ‍්බා. එස නයො මජ‍්ඣිමනවවාරෙසු.

තතියෙන යන මෙහි ද ඇවැත්නි, මොවුහු ස්ථවිර වූවාහු ඉතිරිකර (ලද දෙයින්) ප්‍රත්‍යයන් නොයැපෙති. චීවර - ලදසෙනසුන් - කුණුකය සැරසීමෙහි යෙදුනාහු වාසය කරති. උපධි විවේකය නොපුරමින් නවක මධ්‍යම කාලයෙහි කෙබඳු වූවාහුදැයි මෙසේ නින්දා කළයුත්තාහු වෙති. ඇවැත්නි, මේ නින්දාව ලබත් යයි දක්වතියි මෙසේ යෙදීම් කළයුතුයැ. මජ්ඣිම, නවක වාරයන්හිද මේ ක්‍රමය මැයි.

අයං පන විසෙසො. මජ‍්ඣිමාති පඤ‍්චවස‍්සෙ උපාදාය යාව නව වස‍්සා වුච‍්චන‍්ති. නවාති ඌනපඤ‍්චවස‍්සා වුච‍්චන‍්ති. යථා ච තත්‍ථ නවමජ‍්ඣිමකාලෙ කීදිසා අහෙසුන‍්ති වුත‍්තං, එවමිධ නවකාලෙ කීදිසා අහෙසුං, ථෙරකාලෙ කීදිසා භවිස‍්සන‍්ති, මජ‍්ඣිමථෙරකාලෙ කීදිසා භවිස‍්සන‍්තීති වත්‍වා යොජෙතබ‍්බං.

මේ කියනු ලබන්නේ විශේෂයයි. මජ්ඣිමා යනු වස් පසේ සිට නව වස දක්වා වූවහු කියනු ලබත්. නවා යනුවෙන් ඌන වූ පස්වස් වූවෝ කියනු ලබති. නව, මධ්‍යම කාලයෙහි කෙබන්දෝ වූවාහුදැයි කියන ලද්දේ ද, මෙම එපරිද්දෙන් මෙහි නවක කාලයෙහි කෙබඳු වූවාහු ද, ස්ථවිර කාලයෙහි කෙබඳු වන්නාහුදැයි මධ්‍යම ස්ථවිර කාලයෙහි කෙබඳු වන්නාහුදැයි කියා යෙදිය යුතුයැ.

ඉමස‍්මිඤ‍්ච කණ‍්හපක‍්ඛෙ වුත‍්තපච‍්චනීකනයෙන සුක‍්කපක‍්ඛෙ අත්‍ථො වෙදිතබ‍්බො. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො. ඉමෙ වත ථෙරාපි සමානා යොජනපරම‍්පරාය අරඤ‍්ඤවනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි සෙවන‍්ති, ගාමන‍්තසෙනාසනං උපගන‍්තුං යුත‍්තකාලෙපි න උපගච‍්ඡන‍්ති, එවං ජිණ‍්ණසරීරාපි ආරද‍්ධවීරියා පච‍්චයදායකානං පසාදං ජනෙන‍්ති, නවමජ‍්ඣිමකාලෙ කීදිසා අහෙසුන‍්ති ඉමිනා පඨමෙන ඨානෙන ථෙරා පාසංසා භවන‍්ති, පසංසං ලභන‍්ති. ලොභාදයො පහාය චිත‍්තවිවෙකං පූරෙන‍්ති, අයම‍්පි මහාථෙරො සද‍්ධිවිහාරිකඅන‍්තෙවාසිකපරිවාරිතො හුත්‍වා නිසීදිතුං යුත‍්තකාලෙපි ඊදිසෙපි වයෙ වත‍්තමානෙ භත‍්තකිච‍්චං කත්‍වා පවිට‍්ඨො සායං නික‍්ඛමති, සායං පවිට‍්ඨො පාතො නික‍්ඛමති, කසිණපරිකම‍්මං කරොති, සමාපත‍්තියො නිබ‍්බත‍්තෙති, මග‍්ගඵලානි අධිගච‍්ඡති, සබ‍්බථාපි චිත‍්තවිවෙකං පූරෙතීති ඉමිනා දුතියෙන ඨානෙන ථෙරා භික‍්ඛූ පාසංසා භවන‍්ති, පසංසං ලභන‍්ති. යස‍්මිං කාලෙ ථෙරස‍්ස පට‍්ටදුකූලකොසෙය්‍යාදීනි සුඛසම‍්ඵස‍්සානි ලහුචීවරාදීනි යුත‍්තානි, තස‍්මිම‍්පි නාම කාලෙ අයං මහාථෙරො පංසුකූලානි ධාරෙති, අසිථිලං සාසනං ගහෙත්‍වා විගතනීවරණො ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා උපධිවිවෙකං පරිපූරයමානො විහරති, නවමජ‍්ඣිමකාලෙ කීදිසො අහොසීති ඉමිනා තතියෙන ඨානෙන ථෙරා පාසංසා භවන‍්ති, පසංසං ලභන‍්තීති. එස නයො මජ‍්ඣිමනවවාරෙසු.

මේ අකුසල පක්‍ෂයෙහි කියන ලද්දට විරුද්ධ පරිදි කුසල පක්‍ෂයෙහි අරුත් දතයුත්තේය. මේ වනාහි මෙහි සාපේක්‍ෂයයි. මොවුහු ඒකාන්තයෙන් ස්ථවිර වූවාහුද, යොදුන් පිළිවෙලින් ආරණ්‍ය සේනාසන ද, වනමැද සෙනසුන් ද වනයේ ඉතා දුර සෙනසුන් දි සේවනය කෙරෙති. ග්‍රාමාසන්න සෙනසුනකට පැමිණිය යුතු කල්හිද නොඑළඹෙත්. මෙසේ ජීර්ණ වූ ශරීර ඇත්තේ ද, ආරබ්ධ වීර්ය ඇත්තාහු ප්‍රත්‍ය දායකයන්ගේ ප්‍රසාදය උපදවත්. නවක මධ්‍යම කාලයෙහි කෙබඳු වූවාහුදැයි මේ පළමුවන කරුණින් ස්ථවිර භික්‍ෂූහු පැසසිය යුත්තාහු වෙති. පැසසුම් ලබති. ලෝභ ආදිය දුරුකොට චිත්ත විවේකය පුරති. මේ මහා ස්ථවිරද, සද්ධිවිහාරික, අන්තේවාසිකයන් විසින් පිරිවරන ලදුව වාසය කරන්ට සුදුසු කාලයෙහිද මෙවන් වාසයට පත්ව වසන කාලයෙහිද, බත්කිස කොට, ප්‍රවිෂ්ට වූයේ සවස නික්මෙයි. සවස ප්‍රවිෂ්ට වූයේ උදෑසන නික්මෙයි. කසින පරිකර්ම ආදිය කෙරෙයි. සමවත් උපදවයි. මාර්ගඵලයන්ට පැමිණෙයි. සර්වප්‍රකාරයෙන් චිත්ත විවේකය පුරයි. මේ දෙවෙනි කාරණයෙනුදු ස්ථවිර භික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙති. ප්‍රශංසා ලබත්. යම්කලෙක තෙරුන්ට පට දුහුල් කෝසෙය්‍යාදි, සුව පහස් ඇති සැහැල්ලු සිවුරු යෝග්‍ය වෙත් ද, ඒ කාලයෙහිත් මේ මහා ස්ථවිර තෙම පාංශුකූල චීවරය දරයි. සසුන ලිහිල්කොට නොගෙන දුරුකරන ලද නීවරණ ඇත්තේ ඵල සමවත් වඩා උපධි විවේකය සම්පුර්ණ කරමින් වාසය කෙරෙයි. නවක, මධ්‍යම කාලයේ කෙබඳු වූවාහු දැයි මේ තෙවෙනි කාරණයෙන්ද ස්ථවිර භික්‍ෂූහු ප්‍රශංසා කටයුත්තාහු යැයි ප්‍රශංසා ලබති. මජ්ඣිම - නවක වාරවලද මේ ක්‍රමය මැයි.

තත්‍රාවුසොති කො අනුසන්‍ධි, එවං නවහාකාරෙහි ආමිසදායාදපටිපදං ගරහන‍්තො, නවහි ධම‍්මදායාදපටිපදං ථොමෙන‍්තො, අට‍්ඨාරසහාකාරෙහි දෙසනං නිට‍්ඨාපෙත්‍වා, යෙ තෙ “යෙසඤ‍්ච ධම‍්මානං සත්‍ථා පහානමාහ, තෙ ච ධම‍්මෙ න පජහන‍්තී”ති එවං පහාතබ‍්බධම‍්මා වුත‍්තා. තෙ සරූපතො “ඉමෙ තෙ”ති දස‍්සෙතුමිදං “තත්‍රාවුසො, ලොභො චා”තිආදිමාහ, අයං අනුසන්‍ධි.

තත්‍රාවුසො යනු, අනුසන්ධි කවරේද? මෙසේ නව ආකාර වූ ආමිෂ දායාද, පටිපදාවට නින්දා කරන්නේ නව ආකාර වූ ධම්මදායාද පටිපදාවට පසසන්නේ, අටලොස් අයුරකින් දේශනාව නිමාවට පත්කොට යම් ඒ ධර්ම කෙනෙක් යෙසඤ්ච ධම්මානං සත්‍ථා පහානමාහ, තෙච ධම්මෙ නප්පජහන්ති යයි මෙසේ ප්‍රහාණය කළයුතු ධර්මයෝ දක්වන ලද්දාහුද, ඔවුන්ගේ ස්වරූප දක්වන්ට මේ තත්‍රාවුසො ලොභොච යනාදිය කීහ. මේ අනුසන්ධියයි.

අපිච හෙට‍්ඨා පරියායෙනෙව ධම‍්මො කථිතො. ආමිසං පන පරියායෙනපි නිප‍්පරියායෙනපි කථිතං. ඉදානි නිප‍්පරියායධම‍්මං ලොකුත‍්තරමග‍්ගං කථෙතුමිදමාහ. අයං පෙත්‍ථ අනුසන්‍ධි.

තවද යට පරියායෙන්ම ධර්මය කියන ලද්දේය. ආමිෂය වනාහි පරියායෙන් ද නිප්පරියායෙන් ද කියන ලදී. දැන් නිෂ්පර්යාය ධර්මය වූ ලෝකෝත්තර මාර්ගය දක්වන්ට මෙය කීහ. මේ මෙහි අනුසන්ධියයි.

තත්‍ථ තත්‍රාති අතීතදෙසනානිදස‍්සනං, “සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකං නානුසික‍්ඛන‍්තී”තිආදිනා නයෙන වුත‍්තදෙසනායන‍්ති වුත‍්තං හොති. ලොභො ච පාපකො, දොසො ච පාපකොති ඉමෙ ද‍්වෙ ධම‍්මා පාපකා ලාමකා, ඉමෙ පහාතබ‍්බාති දස‍්සෙති. තත්‍ථ ලුබ‍්භනලක‍්ඛණො ලොභො. දුස‍්සනලක‍්ඛණො දොසො. තෙසු ලොභො ආමිසදායාදස‍්ස පච‍්චයානං ලාභෙ හොති, දොසො අලාභෙ. ලොභෙන අලද‍්ධං පත්‍ථෙති, දොසෙන අලභන‍්තො විඝාතවා හොති. ලොභො ච දෙය්‍යධම‍්මෙ හොති, දොසො අදායකෙ වා අමනුඤ‍්ඤදායකෙ වා. ලොභෙන නවතණ‍්හාමූලකෙ ධම‍්මෙ පරිපූරෙති, දොසෙන පඤ‍්ච මච‍්ඡරියානි.

එහි තත්‍ර යනු අතීත දේශනාව දැක්වීමයි. සත්‍ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකං නානු - සික්ඛන්ති යනාදි නයින් වදාළ දේශනාවෙහි යයි කියන ලද්දේ වෙයි. ලොභොච පාපකො දොසොච පාපකො යනුවෙන් ධර්මයෝ දෙදෙන පාපකයෝය. ලාමකයෝය. මේ ප්‍රහාණය කළ යුත්තාහු යයි දක්වන ලද්දාහු වෙති. එහි ලුම්භනය (ඇලීම) ලක්‍ෂණකොට ඇත්තේ ලෝභය නම් වේ. දුස්සන (දූෂ්‍යවීම) ලක්‍ෂණකොට ඇත්තේ දෝස නම් වේ. ඔවුන් අතුරෙහි ලෝභය ආමිෂ දායාද කොට ඇත්තහුට ප්‍රත්‍යයන්ගේ ලැබීමෙහි දී වෙයි. ද්වේෂය ප්‍රත්‍යයන්ගේ නොලැබීමෙහි දී වෙයි. ලෝභය හේතුවෙන් නොලත් දෙය පතයි. ද්වේෂය හේතුවෙන්, නොලබන්නේ වෛරය ඇති වේ. ලෝභය දෙය්‍ය ධර්මයෙහි වෙයි. ද්වේෂය නොදෙන්නහු කෙරෙහි හෝ නොමනා දෙය දෙන්නහු කෙරෙහි හෝ වෙයි. ලෝභයෙන් නවවැදෑරුම් තහා මූලික ධර්මයන් සම්පූර්ණ කෙරෙයි. ද්වේෂයෙන් පස්ආකාර මසුරුභාවයන් සම්පූර්ණ කෙරෙයි.

ඉදානි තෙසං පහානූපායං දස‍්සෙන‍්තො ලොභස‍්ස ච පහානායාතිආදිමාහ. තස‍්සත්‍ථො, තස‍්ස පන පාපකස‍්ස ලොභස‍්ස ච දොසස‍්ස ච පහානාය. අත්‍ථි මජ‍්ඣිමා පටිපදාති මග‍්ගං සන්‍ධාය ඉදං වුත‍්තං. මග‍්ගො හි ලොභො එකො අන‍්තො, දොසො එකො අන‍්තොති එතෙ ද‍්වෙ අන‍්තෙ න උපෙති, න උපගච‍්ඡති, විමුත‍්තො එතෙහි අන‍්තෙහි, තස‍්මා “මජ‍්ඣිමා පටිපදා”ති වුච‍්චති. එතෙසං මජ‍්ඣෙ භවත‍්තා “මජ‍්ඣිමා, පටිපජ‍්ජිතබ‍්බතො ච පටිපදාති. තථා කාමසුඛල‍්ලිකානුයොගො එකො අන‍්තො, අත‍්තකිලමථානුයොගො එකො අන‍්තො, සස‍්සතං එකො අන‍්තො, උච‍්ඡෙදො එකො අන‍්තොති පුරිමනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං.

මෙවිට ඔවුන්ගේ ප්‍රහාණ උපාය දක්වන සේක් ලොභස්ස ච පහානාය යනාදිය කීහ. එහි අර්ථය නම්, ඒ ලාමක වූ ලෝභයාගේ ද්වේෂයාගේ ද ප්‍රහාණය පිණිස මධ්‍යම ප්‍රතිපදා තොමෝ ඇතැයි මාර්ගය සඳහා කියන ලදී. යම් හෙයකින් මාර්ගය තෙම ලෝභය එක් අන්තයකැයිද ද්වේෂය එක් අන්තයකැයිද, මේ අන්ත දෙකට නොඑළඹේද, නොපැමිණේ ද, මේ අන්ත දෙකින් විශේෂයෙන් මිදුනේද එහෙයින් මජ්ඣිම පටිපදා යයි කියනු ලැබේ. මොවුන්ගේ මධ්‍යයෙහි වූ හෙයින් මජ්ඣිමා නම්ද පිළිපැදිය යුතු හෙයින් පටිපදා නම් ද වේ. එසේම කාමසුඛල්ලිකානු යෝගය එක් අන්තයෙක. අත්තකිලමථානුයෝගය එක් අන්තයක. ශාස්වත දෘෂ්ටිය එක් අන්තයක. උච්ඡේද දෘෂ්ටිය එක් අන්තයෙකැයි පළමු නයින්ම විස්තර කළයුතුය.

චක‍්ඛුකරණීතිආදීහි පන තමෙව පටිපදං ථොමෙති. සා හි සච‍්චානං දස‍්සනාය සංවත‍්තති දස‍්සනපරිණායකට‍්ඨෙනාති චක‍්ඛුකරණී. සච‍්චානං ඤාණාය සංවත‍්තති විදිතකරණට‍්ඨෙනාති ඤාණකරණී. රාගාදීනඤ‍්ච වූපසමනතො උපසමාය සංවත‍්තති. චතුන‍්නම‍්පි සච‍්චානං අභිඤ‍්ඤෙය්‍යභාවදස‍්සනතො අභිඤ‍්ඤාය සංවත‍්තති. සම‍්බොධොති මග‍්ගො, තස‍්සත්‍ථාය සංවත‍්තනතො සම‍්බොධාය සංවත‍්තති. මග‍්ගොයෙව හි මග‍්ගත්‍ථාය සංවත‍්තති මග‍්ගෙන කාතබ‍්බකිච‍්චකරණතො. නිබ‍්බානං නාම අප‍්පච‍්චයං තස‍්ස පන සච‍්ඡිකිරියාය පච‍්චක‍්ඛකම‍්මාය සංවත‍්තනතො නිබ‍්බානාය සංවත‍්තතීති වුච‍්චති. අයමෙත්‍ථ සාරො.

චක්ඛුකරණී යනාදියෙන් එම ප්‍රතිපදාව පසසයි. ඒ එසේ මැයි. මෝ පටිපදා තොමෝ දර්ශනයෙහි පරිණායක (අධිපති) අර්ථයෙන් සත්‍යයාගේ දර්ශනය පිණිස පවතීනුයි චක්ඛුකරණී නම් වේ. විදිත (ප්‍රකට) කරන අර්ථයෙන් ඤාණකරණී නම් වේ. රාගාදීන්ගේ සංසිඳීම පිණිස උපසමය පිණිස පවත්නා හෙයින් (උපසමය සංවත්තතී) යනු වේ. චතුරාර්ය සත්‍යය විශිෂ්ට ඥාණයෙන් දතයුතු බව දක්වන හෙයින් අභිඤ්ඤාය සංවත්තති (සත්‍ය ඤාණය පිණිස පවත්නීය.) සම්බොධ නම් මාර්ගයයි. ඒ මාර්ගය පිණිස පවත්නා හෙයින් සම්බොධාය සංවන්තති (සම්බෝධිය පිණිස පවත්නීය) ඒ එසේමැයි මාර්ගයට මාර්ගය පිණිස පවත්නේය. මාර්ගයෙන් කළයුතු කිස කරන හෙයිනි. නිබ්බානයාගේ සාක්‍ෂාත් කිරීම පිණිස ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවත්නා හෙයින් නිබ්බානාය සංවත්තති - (නිවන් පිණිස පවතීයයි) කියනු ලැබේ. මේ මෙහි සාරයයි.

මජ්ඣිමා පටිපදා

ඉතො අඤ‍්ඤථා වණ‍්ණනා පපඤ‍්චා.

මෙයින් අන්‍යාකාර වූ වර්ණනාවන් ප්‍රපඤ්ච (විස්තර)යන් වන්නේය.

ඉදානි තං මජ‍්ඣිමං පටිපදං සරූපතො දස‍්සෙතුකාමො “කතමා ච සා”ති පුච‍්ඡිත්‍වා “අයමෙවා”තිආදිනා නයෙන විස‍්සජ‍්ජෙති.

මේ වනවිට ඒවා මජ්ඣිම පටිපදාවට අයත්කොට දක්වනු කැමැත්තේ කතමා ච සා යනුවෙන් විචාරා අයමෙව යනාදි නයින් විසඳයි.

තත්‍ථ අයමෙවාති අවධාරණවචනං, අඤ‍්ඤමග‍්ගප‍්පටිසෙධනත්‍ථං, බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකානං සාධාරණභාවදස‍්සනත්‍ථඤ‍්ච. වුත‍්තඤ‍්චෙතං “එසෙව මග‍්ගො නත්‍ථඤ‍්ඤො දස‍්සනස‍්ස විසුද‍්ධියා”ති (ධ· ප· 274). ස‍්වායං කිලෙසානං ආරකත‍්තාපි අරියො. අරිපහානාය සංවත‍්තතීතිපි අරියෙන දෙසිතොතිපි අරියභාවප‍්පටිලාභාය සංවත‍්තතීතිපි අරියො. අට‍්ඨහි අඞ‍්ගෙහි උපෙතත‍්තා අට‍්ඨඞ‍්ගිකො, න ච අඞ‍්ගවිනිමුත‍්තො පඤ‍්චඞ‍්ගිකතූරියාදීනි විය. කිලෙසෙ මාරෙන‍්තො ගච‍්ඡති, මග‍්ගති වා නිබ‍්බානං, මග‍්ගීයති වා නිබ‍්බානත්‍ථිකෙහි, ගම‍්මති වා තෙහි පටිපජ‍්ජීයතීති මග‍්ගො.

එහි අයමෙව යනු අවධාරණ වචනයි. අන්‍ය මාර්ග ප්‍රතිශේධය පිණිස ද, බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ - බුද්ධ ශ්‍රාවකයන්ට සාධාරණ බැව් දැක්වීම පිණිසද වෙයි. මෙසේ කියන ලද්දේද වෙයි. එසොව මග්ගො නත්‍ථඤ්ඤෙ දස්සනස්ස විසුද්ධියා යනුවෙන් ඒ මේ මාර්ගය තෙම කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින් ද අරිය නම් වේ. කෙලෙස් සතුරන් දුරුකළ හෙයින් ආර්ය වූ බුදුරදුන් විසින් දේශිත හෙයින් ද ආර්යභාවය පිණිස පවතීනුයි ආර්ය නම් වේ. අංග අටකින් යුක්ත බැවින් අට්ඨංගික නම් වේ. පඤ්චාංගික තූර්ය මෙන් අංග විනිර්මුක්ත වූයේ නොවෙයි. කෙලෙසුන් නසමින් යේනුයි හෝ නිර්වාණ මාර්ග ගවේෂණය කෙරෙනුයි හෝ නිවන් කැමැත්තන් පයින් යනු ලැබේනුයි හෝ ඔවුන් විසින් පිළිපදිනු ලැබේනුයි හෝ මග්ග නම් වේ.

සෙය්‍යථිදන‍්ති නිපාතො, තස‍්ස කතමො සො ඉති චෙති අත්‍ථො, කතමානි වා තානි අට‍්ඨඞ‍්ගානීති. එකමෙකඤ‍්හි අඞ‍්ගං මග‍්ගොයෙව. යථාහ “සම‍්මාදිට‍්ඨි මග‍්ගො චෙව හෙතු චා”ති (ධ· ස· 1039). පොරාණාපි භණන‍්ති – “දස‍්සනමග‍්ගො සම‍්මාදිට‍්ඨි, අභිනිරොපනමග‍්ගො සම‍්මාසඞ‍්කප‍්පො…පෙ… අවික‍්ඛෙපමග‍්ගො සම‍්මාසමාධී”ති.

සෙය්‍යථිදං යනු නිපාතයකි. හේ කවරේද, යනු ඒ නිපාතයාගේ අර්ථයයි. නැතහොත් ඒ ඒ අෂ්ඨාංගයෝ හෝ කවරහුද? එක එක අංගය මග්ග නම් වේ. එහෙයින් වදාළහ. සම්මා දිට්ඨි මග්ගො චෙව හෙතුච යයි පෝරාණයෝ කියති. දස්සන මග්ගො සම්මා දිට්ඨි, අභිනිරොපන මග්ගො සම්මා සංකප්පො -පෙ- අවික්ඛෙප මග්ගො සම්මා සමාධි යනුවෙන්.

සම‍්මාදිට‍්ඨාදීසු චෙතෙසු සම‍්මා දස‍්සනලක‍්ඛණා සම‍්මාදිට‍්ඨි.

සම්මා දස්සන ලක්ඛණො සම්මා දිටඨි = මනාකොට දැකීම ලක්‍ෂණ කොට ඇත්තේ, සම්මා දිට්ඨි නම් වේ.

සම‍්මා අභිනිරොපනලක‍්ඛණො සම‍්මාසඞ‍්කප‍්පො.

සම්මා අභිනිරොපන ලක්ඛණො සම්මා සංකප්පො, මනාකොට අරමුණට නැගීම ලකුණුකොට ඇත්තේ සම්මා සංකප්ප නම් වේ.

සම‍්මා පරිග‍්ගහලක‍්ඛණා සම‍්මාවාචා.

සම්මා පරිග්ගහ ලක්ඛණ සම්මා වාචා - මනාකොට ගැනීම ලකුණු කොට ඇත්තේ සම්මා වාචා නමි.

සම‍්මා සමුට‍්ඨානලක‍්ඛණො සම‍්මාකම‍්මන‍්තො.

සම්මා සමුට්ඨාපන ලක්ඛණො සම්මා කම්මන්තො මනාකොට සමුට්ඨාපන (හටගැන්වීම) ලකුණුකොට ඇත්තේ සම්මා කම්මන්ත නම් වේ.

සම‍්මා වොදානලක‍්ඛණො සම‍්මාආජීවො.

සම්මා වොදාන ලක්ඛණො සම්මා ආජීවො මනාකොට වෝදානය (පිරිසිදු කිරීම) ලකුණුකොට ඇත්තේ සම්මා ආජීව නම් වේ.

සම‍්මා පග‍්ගහලක‍්ඛණො සම‍්මාවායාමො.

සම්මා පග්ගහ ලක්ඛණො සම්මා වායාමො මනාකොට පග්ගහය (උත්සාහය) ලක්‍ෂණකොට ඇත්තේ සම්මා වායාම නම් වේ.

සම‍්මා උපට‍්ඨානලක‍්ඛණා සම‍්මාසති.

සම්මා උපට්ඨාන ලක්ඛණා සම්මා සති, මනාකොට උපට්ඨානය (වැටහීම) ලකුණුකොට ඇත්තේ සම්මා සති නම් වේ.

සම‍්මා සමාධානලක‍්ඛණො සම‍්මාසමාධි. නිබ‍්බචනම‍්පි නෙසං සම‍්මා පස‍්සතීති සම‍්මාදිට‍්ඨීති එතෙනෙව නයෙන වෙදිතබ‍්බං.

සම්මා සමාධාන ලක්ඛණො සම්මා සමාධි මනාකොට සමාධානය (එකඟ කිරීම) ලකුණුකොට ඇත්තේ සම්මා සමාධි නම් වේ. ඔවුන්ගේ නිර්වචනයන් මනාකොට දකිත්නුයි සම්මා දිට්ඨි නම් වේ. මේ නයින්ම දතයුත්තේයැ.

තත්‍ථ සම‍්මාදිට‍්ඨි උප‍්පජ‍්ජමානා මිච‍්ඡාදිට‍්ඨිං තප‍්පච‍්චනීයකිලෙසෙ ච අවිජ‍්ජඤ‍්ච පජහති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච පස‍්සති, තෙ ච ඛො අසම‍්මොහතො, නො ආරම‍්මණතො, තස‍්මා “සම‍්මාදිට‍්ඨී”ති වුච‍්චති.

ඔවුනතුරෙහි සම්මා දිට්ඨි තොමෝ උපදින්නී මිච්ඡා දිට්ඨිය ද, ඒ සම්මා දිට්ඨියද විරුද්ධ වූ කෙලෙස් ද අවිජ්ජාව ද දුරුකෙරෙයි. නිවන ද අරමුණු කෙරෙයි. ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන් ද දකියි. ඔවුහු ද නොමුලා බැවිනි. අරමුණු හෙයින් නොවේ. එහෙයින් සම්මා දිට්ඨි යයි කියනු ලැබේ.

සම‍්මාසඞ‍්කප‍්පො මිච‍්ඡාසඞ‍්කප‍්පං තප‍්පච‍්චනීයකිලෙසෙ ච පජහති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච සම‍්මා අභිනිරොපෙති, තස‍්මා “සම‍්මාසඞ‍්කප‍්පො”ති වුච‍්චති.

සම්මා සංකප්පය තෙම, මිථ්‍යා සංකප්ප ද (සම්මා සංකප්පයට) විරුද්ධ කෙලෙස් ද දුරු කෙරෙයි. නිවන ද අරමුණු කෙරෙයි. ඒ හා සම්ප්‍රයුක්ත වූ ධර්මයන් ද මනාකොට අරමුණට නගයි. එහෙයින් සම්මා සංකප්ප යයි කියනු ලැබේ.

සම‍්මාවාචා මිච‍්ඡාවාචං තප‍්පච‍්චනීයකිලෙසෙ ච පජහති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච සම‍්මා පරිග‍්ගණ‍්හාති, තස‍්මා “සම‍්මාවාචා”ති වුච‍්චති.

සම්මා වාචා වෙන් මිච්ඡා වාචාවන්ද (සම්මා වාචාවට) විරුද්ධ කෙලෙස් ද දුරුකෙරෙයි. නිර්වාණයද අරමුණු කෙරෙයි. ඒ හා සම්ප්‍රයුක්ත, ධර්මයන් ද මනාකොට පරිග්‍රහණය කෙරෙයි. එහෙයින් සම්මා වාචා යයි කියනු ලැබේ.

සම‍්මාකම‍්මන‍්තො මිච‍්ඡාකම‍්මන‍්තං තප‍්පච‍්චනීයකිලෙසෙ ච පජහති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච සම‍්මා සමුට‍්ඨාපෙති, තස‍්මා “සම‍්මාකම‍්මන‍්තො”ති වුච‍්චති.

සම්මා කම්මන්තය තෙම මිච්ඡා කම්මන්තයද (සම්මා කම්මන්තයට) විරුද්ධ කෙලෙස් ද, දුරු කෙරෙයි. නිවන ද අරමුණ කෙරෙයි. ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන් ද මනාකොට උපදවයි. එහෙයින් සම්මා කම්මන්ත යයි කියනු ලැබේ.

සම‍්මාආජීවො මිච‍්ඡාආජීවං තප‍්පච‍්චනීයකිලෙසෙ ච පජහති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච සම‍්මා වොදාපෙති, තස‍්මා “සම‍්මාආජීවො”ති වුච‍්චති.

සම්මා ආජීවය තෙම මිච්ඡා ආජීවයද (සම්මා ආජීවයට) විරුද්ධ කෙලෙස් ද දුරුකෙරෙයි. නිවන ද අරමුණු කෙරෙයි. සම්ප්‍රයුක්ත ධර්මයන්ද මනාකොට පිරිසිදු කෙරෙයි. එහෙයින් සම්මා ආජීව යයි කියනු ලැබේ.

සම‍්මාවායාමො මිච‍්ඡාවායාමං තප‍්පච‍්චනීයකිලෙසෙ ච කොසජ‍්ජඤ‍්ච පජහති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච සම‍්මා පග‍්ගණ‍්හාති, තස‍්මා “සම‍්මාවායාමො”ති වුච‍්චති.

සම්මා වායාම තෙම මිච්ඡා වායාමයද සම්මා වායාමයට විරුද්ධ කෙලෙස්ද කුසීත බවද දුරුකරයි. නිවන අරමුණු කෙරෙයි. සම්ප්‍රයුක්ත ධර්මයන් ද මනාකොට අනුබල දෙයි. එහෙයින් සම්මා වායාම යයි කියනු ලැබේ.

සම‍්මාසති මිච‍්ඡාසතිං තප‍්පච‍්චනීයකිලෙසෙ ච පජහති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච සම‍්මා උපට‍්ඨාපෙති, තස‍්මා “සම‍්මාසතී”ති වුච‍්චති.

සම්මා සතිය තොමෝ මිච්ඡා සතිය ද (සම්මා සතියට) විරුද්ධ ව කෙලෙස් ද දුරුකෙරෙයි. නිවන අරමුණු කෙරෙයි. සම්ප්‍රයුක්ත ධර්මයන්ද මනාකොට එළවයි. එහෙයින් සම්මා සතියයි කියනු ලැබේ.

සම‍්මාසමාධි මිච‍්ඡාසමාධිං තප‍්පච‍්චනීයකිලෙසෙ ච උද‍්ධච‍්චඤ‍්ච පජහති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච සම‍්මා සමාධියති, තස‍්මා “සම‍්මාසමාධී”ති වුච‍්චති.

සම්මා සමාධිය තෙම මිච්ඡා සමාධිය ද (සම්මා සමාධියට) විරුද්ධ කෙලෙස් ද දුරුකෙරෙයි. නිවන ද අරමුණු කෙරෙයි. සම්ප්‍රයුක්ත ධර්මයන්ද මොනවට පිහිටුවයි. එහෙයින් සම්මා සමාධියයි කියනු ලැබේ.

ඉදානි අයං ඛො සා, ආවුසොති තමෙව පටිපදං නිගමෙන‍්තො ආහ. තස‍්සත්‍ථො, ය‍්වායං චත‍්තාරොපි ලොකුත‍්තරමග‍්ගෙ එකතො කත්‍වා කථිතො “අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”, අයං ඛො සා, ආවුසො…පෙ… නිබ‍්බානාය සංවත‍්තතීති.

දැන් අයං ඛො සා ආවුසො යනුවෙන් එම ප්‍රතිපදාවම නිගමන කරමින් වදාළහ. ඒ දේශනාවගේ අර්ථය නම්? සතර ලෝකෝත්තර මාර්ගයන්ම එක්කොට කියන ලද යම් මේ අෂ්ඨාංගික මාර්ගයක් වේ ද, ඇවැත්නි, ඕ තොමෝ -පෙ- නිවන පිණිස පවතින්නී යයි,

එවං පහාතබ‍්බධම‍්මෙසු ලොභදොසෙ තප‍්පහානුපායඤ‍්ච දස‍්සෙත්‍වා ඉදානි අඤ‍්ඤෙපි පහාතබ‍්බධම‍්මෙ තෙසං පහානුපායඤ‍්ච දස‍්සෙන‍්තො තත්‍රාවුසො, කොධො චාතිආදිමාහ.

මෙසේ පහකටයුතු ධර්මයන් අතුරෙන් ලෝභය හා ද්වේෂයද, ඔවුන් ප්‍රහාණය කිරීමේ උපායද දක්වා දැන් අනිකුදු දුරුකළ යුතු ධර්මද ඔවුන්ගේ දුරුකරන උපායන් ද දක්වන්නේ, තත්‍රාවුසො කොධොච යනුවෙන් මේ ආදිය කීහ.

තත්‍ථ කුජ‍්ඣනලක‍්ඛණො කොධො, චණ‍්ඩික‍්කලක‍්ඛණො වා, ආඝාතකරණරසො, දුස‍්සනපච‍්චුපට‍්ඨානො.

ඔවුන් අතුරෙහි ක්‍රෝධය තෙම, කිපීම ලක්‍ෂණකොට ඇත්තේය. නපුරු බව ලකුණුකොට ඇත්තේද හෝ වෙයි. වෛරය කෘත්‍ය කොට ඇත්තේය. දූෂණය වැටහීම කොට ඇත්තේය.

උපනන්‍ධනලක‍්ඛණො උපනාහො, වෙර අප‍්පටිනිස‍්සජ‍්ජනරසො, කොධානුපබන්‍ධභාවපච‍්චුපට‍්ඨානො. වුත‍්තඤ‍්චෙතං – “පුබ‍්බකාලෙ කොධො, අපරකාලෙ උපනාහො”තිආදි (විභ· 891).

උපනාහය තෙම බැඳගෙන පැවැත්ම ලක්‍ෂණයයි. වෛර අත් නොහැරීම රසයයි. (කෘත්‍යයයි.) ක්‍රෝධය ලුහුබඳනා බව වැටහීමයි. (පච්චුපට්ඨානයයි) මෙසේ කියන ලද්දේ වෙයි. පුබ්බකාලෙ කොධො අපරකලෙ උපනාහො යනුයි.

පරගුණමක‍්ඛනලක‍්ඛණො මක‍්ඛො, තෙසං විනාසනරසො, තදවච‍්ඡාදනපච‍්චුපට‍්ඨානො.

මක්ඛො = මකුබව = අනුන්ගේ ගුණ මැකීම ලක්‍ෂණයයි. ඒ ගුණයන් නැසීම කෘත්‍යයයි. එය වැසී වැටහීමයි. (පච්චුපට්ඨානයයි)

යුගග‍්ගාහලක‍්ඛණො පළාසො, පරගුණෙහි අත‍්තනො ගුණානං සමීකරණරසො, පරෙසං ගුණප‍්පමාණෙන උපට‍්ඨානපච‍්චුපට‍්ඨානො.

පළාස - යුගග්‍රාහය (තමා ගුණ නැතිව ගුණවතුන් හා සමාන කොට සිතීම) ලක්‍ෂණයකි. අනුන්ගේ ගුණයන් තමන්ගේ ගුණයන් සමාන කිරීම කෘත්‍යයයි. රසයයි. මෙරමාගේ ගුණ පමණින් වැටහීම පච්චුපට්ඨානයයි. වැටහීමයි.

පරසම‍්පත‍්තිඛීයනලක‍්ඛණා ඉස‍්සා, තස‍්සා අක‍්ඛමනලක‍්ඛණා වා, තත්‍ථ අනභිරතිරසා, තතො විමුඛභාවපච‍්චුපට‍්ඨානා.

ඉස්සා තොමෝ අනුන්ගේ සැපතට නුගුණ කීම එහි ලක්‍ෂණයයි. අනුන් සැප නොඉවසීම ලක්‍ෂණකොට ඇත්තේ හෝ වෙයි. එහි නොඇලීම කෘත්‍යයයි. එයින් විමුඛ බව වැටහීමයි. (පච්චුපට්ඨානයයි).

අත‍්තනො සම‍්පත‍්තිනිගූහනලක‍්ඛණං මච‍්ඡෙරං, අත‍්තනො සම‍්පත‍්තියා පරෙහි සාධාරණභාවඅසුඛායනරසං, සඞ‍්කොචනපච‍්චුපට‍්ඨානං.

මච්ඡරී මසුරු බව, තම සම්පත් සැඟවීම ලක්‍ෂණයයි. තමාගේ සම්පත් හා අනුන් හා සාධාරණ බව සැපයක් නොවන බව සිතීම කෘත්‍යයයි. හැකිලීම වැටහෙන ආකාරයයි.

කතපාපපටිච‍්ඡාදනලක‍්ඛණා මායා, තස‍්ස නිගූහනරසා, තදාවරණපච‍්චුපට‍්ඨානා.

මායා මෝ තොමෝ කළ පව් වැසීම ලක්‍ෂණය කොට ඇත්තීය. පාපය සැඟවීම එහි කෘත්‍යයයි. එය ආවරණය කිරීම පච්චුපට්ඨානයයි. වැටහෙන ආකාරයයි.

අත‍්තනො අවිජ‍්ජමානගුණපකාසනලක‍්ඛණං සාඨෙය්‍යං, තෙසං සමුදාහරණරසං, සරීරාකාරෙහිපි තෙසං විභූතකරණපච‍්චුපට‍්ඨානං.

සාඨෙය්‍යං (කපටි බව) තමා තුළ නැති ගුණ පහළ කිරීම ලක්‍ෂණයයි. ඒ ගුණයන් ව්‍යවහාර කිරීම කෘත්‍යයයි. ශරීරයෙන් ඉඟිවලින් එය ප්‍රකට කිරීම පච්චුපට්ඨානයයි.

චිත‍්තස‍්ස උද‍්ධුමාතභාවලක‍්ඛණො ථම‍්භො, අප‍්පතිස‍්සයවුත‍්තිරසො, අමද‍්දවතාපච‍්චුපට‍්ඨානො.

ථම්භො සිතේ තද ගතිය චිත්තයාගේ ඉදිමුණ බව ලක්‍ෂණයයි. යටහත් පැවැත්මක් නැති බව කෘත්‍යයයි. නොමුදු බව පච්චුපට්ඨානයයි.

කරණුත‍්තරියලක‍්ඛණො සාරම‍්භො, විපච‍්චනීකතාරසො, අගාරවපච‍්චුපට‍්ඨානො.

සාරම්භො (එකට එක කිරීම) කළාට වැඩියක් කිරීම ලක්‍ෂණයයි. අහංකාරකම කෘත්‍යයයි. විරුද්ධ බව කෘත්‍යයයි. අගෞරවය පච්චුපට්ඨානයයි.

උණ‍්ණතිලක‍්ඛණො මානො, අහංකාරරසො, උද‍්ධුමාතභාවපච‍්චුපට‍්ඨානො.

මානො උණ්ණතිය (උසස්යැයි හැඟුම) ලක්‍ෂණයයි. අහංකාරය කෘත්‍යයයි. උද්ධුමාත භාවය පච්චුපට්ඨානයයි.

අබ‍්භුණ‍්ණතිලක‍්ඛණො අතිමානො, අතිවිය අහඞ‍්කාරරසො. අච‍්චුද‍්ධුමාතභාවපච‍්චුපට‍්ඨානො.

අධිමානො අතිශයින් උණ්ණතිභාවය ලක්‍ෂණයයි. අතිශයින් අහංකාරය කෘත්‍යයයි. අතිශයින් ඉදුමුණු බව පච්චුපට්ඨාන යයි.

මත‍්තභාවලක‍්ඛණො මදො, මදග‍්ගාහණරසො, උම‍්මාදපච‍්චුපට‍්ඨානො.

මදො මදය තෙම, මත්වූ බව ලක්‍ෂණයයි. මද ගැන්වීම කෘත්‍යයයි. උන්මාදය පච්චුපට්ඨාන නම් වේ.

පඤ‍්චසු කාමගුණෙසු චිත‍්තවොස‍්සග‍්ගලක‍්ඛණො පමාදො, වොස‍්සග‍්ගානුප‍්පදානරසො, සතිවිප‍්පවාසපච‍්චුපට‍්ඨානොති එවං ඉමෙසං ධම‍්මානං ලක‍්ඛණාදීනි වෙදිතබ‍්බානි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන “තත්‍ථ කතමො කොධො”තිආදිනා විභඞ‍්ගෙ (විභ· 891) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

පමාදො ප්‍රමාදය තෙම, පංචකාම ගුණයන්හි සිත බැසගැනීම ලක්‍ෂණයයි. (වොස්සග්ගානුප්පදානය) පරිත්‍යාගයෙන් තොරවීම කෘත්‍යයයි. සිහිමුලාවීම පච්චුපට්ඨානයයි. මෙසේ මේ ධර්මයන්ගේ ලක්‍ෂණාදිය දතයුත්තාහුය. මේ මෙහි සාරාංශයයි. විස්තර වනාහි තත්‍ථ කතමො කොධො යනාදීන් විභංගයෙහි කී න්‍යායෙන් දතයුත්තේය.

විසෙසතො චෙත්‍ථ ආමිසදායාදො අත‍්තනා අලභන‍්තො අඤ‍්ඤස‍්ස ලාභිනො කුජ‍්ඣති, තස‍්ස සකිං උප‍්පන‍්නො කොධො කොධොයෙව, තතුත‍්තරි උපනාහො. සො එවං කුද‍්ධො උපනය‍්හන‍්තො ච සන‍්තෙපි අඤ‍්ඤස‍්ස ලාභිනො ගුණෙ මක‍්ඛෙති, අහම‍්පි තාදිසොති ච යුගග‍්ගාහං ගණ‍්හාති, අයමස‍්ස මක‍්ඛො ච පළාසො ච, එවං මක‍්ඛී පළාසී තස‍්ස ලාභසක‍්කාරාදීසු කිං ඉමස‍්ස ඉමිනාති ඉස‍්සති පදුස‍්සති, අයමස‍්ස ඉස‍්සා. සචෙ පනස‍්ස කාචි සම‍්පත‍්ති හොති, තස‍්සා තෙන සාධාරණභාවං න සහති, ඉදමස‍්ස මච‍්ඡෙරං. ලාභහෙතු ඛො පන අත‍්තනො සන‍්තෙපි දොසෙ පටිච‍්ඡාදෙති, අයමස‍්ස මායා. අසන‍්තෙපි ගුණෙ පකාසෙති. ඉදමස‍්ස සාඨෙය්‍යං. සො එවං පටිපන‍්නො සචෙ යථාධිප‍්පායං ලාභං ලභති, තෙන ථද‍්ධො හොති අමුදුචිත‍්තො, නයිදං එවං කාතබ‍්බන‍්ති ඔවදිතුං අසක‍්කුණෙය්‍යො, අයමස‍්ස ථම‍්භො. සචෙ පන නං කොචි කිඤ‍්චි වදති “නයිදං එවං කාතබ‍්බ”න‍්ති, තෙන සාරද‍්ධචිත‍්තො හොති භාකුටිකමුඛො “කො මෙ ත්‍ව”න‍්ති පසය‍්හ භාණී, අයමස‍්ස සාරම‍්භො. තතො ථම‍්භෙන “අහමෙව සෙය්‍යො”ති අත‍්තානං මඤ‍්ඤන‍්තො මානී හොති. සාරම‍්භෙන “කෙ ඉමෙ”ති පරෙ අතිමඤ‍්ඤන‍්තො අතිමානී, අයමස‍්ස මානො ච අතිමානො ච. සො තෙහි මානාතිමානෙහි ජාතිමදාදිඅනෙකරූපං මදං ජනෙති. මත‍්තො සමානො කාමගුණාදිභෙදෙසු වත්‍ථූසු පමජ‍්ජති, අයමස‍්ස මදො ච පමාදො චාති.

විශේෂ වශයෙන් මෙහි තමා ආමිෂ දායාදය නොලබන්නේ එය ලබන්නා වූ අනිකෙකුට කීවේය. ඔහුට වරක් උපන්නේ ක්‍රෝධ නම් වේ. මත්තෙහි උපන් ක්‍රෝධය උපනාහ නම් වේ. හේ මෙසේ කිපියේ ක්‍රෝධ බැඳගෙන පවත්වන්නේ ලාභි වූ අනිකෙකුගේ විද්‍යමාන ගුණය මකයි. මමත් එබඳු යයි යුගග්‍රාහය ගනියි. මේ ඔහුගේ මකුබවද පළාසය ද වෙයි. හෙතෙම මෙසේ මකුවූයේ පළාසී වූයේ ඔහුගේ ලාභසත්කාර ආදිය මොහුට මෙයින් කිමැයි ඊර්ෂ්‍යා කෙරෙයි. දෘෂ්‍ය වෙයි. මෝ ඔහුගේ ඊර්ෂ්‍යාවයි. ඉදින් ඖට යම් සැපතක් වන්නේ ද ඒ සැපතගේ ඔහු හා සාධාරණ බව නොඉක්මවයි. මේ මොහුගේ මසුරුබවයි. ලාභ හේතුවෙන් තමාගේ විද්‍යාමාන දෝෂයන් වසන් කරයි. මේ ඔහුගේ මායාවයි. නැති ගුණයන් ප්‍රකට කරයි. මේ ඔහුගේ ශට බවයි. හෙතෙම මෙසේ කටයුතු කරන්නේ අදහස් වූ පරිදි ලාභය ලබයි ද එයින් තද්ධ වූයේ වෙයි. නොමුදු සිත් ඇත්තේ වෙයි. මෙය මේ වූ පරිදි නොකළ යුතුය. අවවාද කරන්ට නොහැකි වූයේ වෙයි. මේ ඔහුගේ ථම්භ භාවයයි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියා ද, මේ මෙසේ නොකට යුතුයයි කියයි. කෝප සහිත සිත් ඇත්තේ හකුළුවන ලද මුහුණු ඇත්තේ වෙයි. නුඹ මගේ කවරෙක්දැයි බලහත්කාරයෙන් කියන්නේ වෙයි. මේ ඔහුගේ සාරම්භයයි. නැවත සිත දැඩි බැවින් මෙම උතුම්යයි තමා ගැන සිතන්නේ මාන ඇත්තේ වෙයි. සාරම්භය හේතුවෙන් මොවුහු කවරහුදැයි මෙරමා ඉක්මවා සිතන්නේ අතිමානි වෙයි. මේ ඔහුගේ මානය ද අතිමානයද වෙයි. හෙතෙම එම මානාති මානයෙන් ජාතිමදාදී අනේක වූ මදයන් උපදවයි. මත්වූයේ ම කාම ගුණාදි භේද වූ වස්තු විෂයෙහි ප්‍රමාද වෙයි. මේ ඔහුගේ මදය සහ ප්‍රමාදය වෙයි.

එවං ආමිසදායාදො අපරිමුත‍්තො හොති ඉමෙහි පාපකෙහි ධම‍්මෙහි අඤ‍්ඤෙහි ච එවරූපෙහි. එවං තාවෙත්‍ථ පහාතබ‍්බධම‍්මා වෙදිතබ‍්බා. පහානුපායො පාඨතො ච අත්‍ථතො ච සබ‍්බත්‍ථ නිබ‍්බිසෙසොයෙව.

මෙසේ ආමිෂ දායාදයෙන් නොමිදුනේ වෙයි. මේ පාපක ධර්මයන්ගෙන් ද අන්‍ය වූ මෙවන් පාපී ධර්මයන්ගෙන් ද මෙසේ පළමුකොට එහි දුරු කළයුතු ධර්ම දතයුත්තාහුය. ප්‍රහාණ උපාය වනාහි පාඨ වශයෙන් ද අර්ථ වශයෙන් ද සියලු තන්හි විශේෂයක් නැත්තේ මයි.

ඤාණපරිචයපාටවත්‍ථං පනෙත්‍ථ අයං භෙදො ච කමො ච භාවනානයො ච වෙදිතබ‍්බො.

ඥාන පරිචයාගේ දක්‍ෂ බව පිණිස මෙහි භේදයද, ක්‍රමයද භාවනා නයද දතයුත්තේය.

තත්‍ථ භෙදො තාව, අයඤ‍්හි මජ‍්ඣිමා පටිපදා කදාචි අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො හොති, කදාචි සත‍්තඞ‍්ගිකො. අයඤ‍්හි ලොකුත‍්තරපඨමජ‍්ඣානවසෙන උප‍්පජ‍්ජමානො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො හොති, අවසෙසජ‍්ඣානවසෙන සත‍්තඞ‍්ගිකො. උක‍්කට‍්ඨනිද‍්දෙසතො පනිධ අට‍්ඨඞ‍්ගිකොති වුත‍්තො. ඉතො පරඤ‍්හි මග‍්ගඞ‍්ගං නත්‍ථි. එවං තාවෙත්‍ථ භෙදො වෙදිතබ‍්බො.

පළමුකොට එහි භේදය කියනු ලැබේ. මෙම මධ්‍යම ප්‍රතිපදාව, කිසිකලෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි. කිසිකලෙක සප්තාංගික වෙයි. ඒ එසේමැය. මේ මාර්ගය තෙම ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන වශයෙන් උපදින්නේ අෂ්ටාංගික වෙයි. සෙසු ධ්‍යානයන්ගේ වශයෙන් සප්තාංගික වෙයි. උත්කෘෂ්ට නිර්දේශ වශයෙන් මෙහි අට්ඨංගික කියන ලද්දේ වෙයි. මෙයින් මත්තෙහි මාර්ග අංගයෙක් නැති. මෙසේ පළමුකොට මෙහි භේදය දතයුත්තේය.

යස‍්මා පන සබ‍්බකුසලානං සම‍්මාදිට‍්ඨි සෙට‍්ඨා, යථාහ “පඤ‍්ඤා හි සෙට‍්ඨා කුසලා වදන‍්තී”ති (ජා· 2.17.81). කුසලවාරෙ ච පුබ‍්බඞ‍්ගමා, යථාහ “කථඤ‍්ච, භික‍්ඛවෙ, සම‍්මාදිට‍්ඨි පුබ‍්බඞ‍්ගමා හොති, සම‍්මාදිට‍්ඨිං සම‍්මාදිට‍්ඨීති පජානාති, මිච‍්ඡාදිට‍්ඨිං මිච‍්ඡාදිට‍්ඨීති පජානාතී”ති (ම· නි· 3.136) විත්‍ථාරො. යථා චාහ “විජ‍්ජා ච ඛො, භික‍්ඛවෙ, පුබ‍්බඞ‍්ගමා කුසලානං ධම‍්මානං සමාපත‍්තියා”ති. තප‍්පභවාභිනිබ‍්බත‍්තානි සෙසඞ‍්ගානි, යථාහ “සම‍්මාදිට‍්ඨිස‍්ස සම‍්මාසඞ‍්කප‍්පො පහොති…පෙ… සම‍්මාසතිස‍්ස සම‍්මාසමාධි පහොතී”ති (ම· නි· 3.141). තස‍්මා ඉමිනා කමෙන එතානි අඞ‍්ගානි වුත‍්තානීති එවමෙත්‍ථ කමො වෙදිතබ‍්බො.

යම්හෙයකින් සියලු කුසලයන්ට සම්මා දිට්ඨිය ශ්‍රේෂ්ඨ වන්නේ ද එහෙයින් වදාළහ. පඤ්ඤාහි සෙට්ඨා කුසලා වදන්ති යනුවෙන් කුසල වාරයන්හිත් පූර්වංගම වන්නීද, වදාළේ මැනො. කථඤ්ච භික්ඛවෙ, සම්මා දිට්ඨි පුබ්බංගමා හොති, සම්මා දිට්ඨිං සම්මා දිට්ඨිති පජානාති මිච්ඡා දිටඨිං මිච්ඡා දිට්ඨිති පජානාති යනු විස්තරයයි. මෙයත් වදාළහ. විජ්ජාච ඛො භික්ඛවෙ, පුබ්බංගමා කුසලානං ධම්මානං සමාපත්තියා යනුවෙන් සෙසු අංගයෝ තත් ප්‍රභවයෙන් පහළ වූවාහුද, එයින් වදාළහ. සම්මා දිට්ඨිස්ස සම්මා සංකප්පො පහොති -පෙ- සම්මා සතිස්ස සම්මා සමාධි පහොති යනුයි මේ ක්‍රමයෙන් මේ අංගයෝ කියන ලද්දාහු යයි මෙසේ මෙහි මෙම ක්‍රමය දතයුත්තේය.

භාවනානයොති කොචි සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙති, කොචි විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං. කථං? ඉධෙකච‍්චො පඨමං උපචාරසමාධිං වා අප‍්පනාසමාධිං වා උප‍්පාදෙති, අයං සමථො; සො තඤ‍්ච තංසම‍්පයුත‍්තෙ ච ධම‍්මෙ අනිච‍්චාදීහි විපස‍්සති, අයං විපස‍්සනා. ඉති පඨමං සමථො, පච‍්ඡා විපස‍්සනා. තෙන වුච‍්චති “සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙතී”ති. තස‍්ස සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවයතො මග‍්ගො සඤ‍්ජායති, සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනානි පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති, එවං සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙති.

භාවනා නය යනු කිසිවෙක් සමථ පුබ්බංගම විපස්සනාව වඩයි. කිසිවෙක් විපස්සනා පුබ්බංගම සමථය වඩයි. කෙසේ මෙම සසුනෙහි ඇතැමෙක් පළමුකොට උපචාර සමාධිය හෝ අප්පණා සමාධිය උපදවයිද මේ සමථයයි. හෙතෙම එම සමථයද ඒ හා යෙදුන ධර්මයන් ද අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරයි. මේ විදස්සනාවයි. මෙසේ පළමුකොට සමථයද පසුව විපස්සනාවද වෙයි. එයින් කියනු ලැබේ. සමථ පුබ්බංගමං විපස්සනං භාවෙති යනුවෙන්, ඒ සමථ පුබ්බංගම වූ විපස්සනාව වඩන්නහුට මාර්ගය උපදියි. හෙතෙම ඒ මාර්ගය ආසේවන කෙරෙයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නා වූ භාවනාව වඩන්නා වූ බහුල වශයෙන් කරන්නා වූ ඔහුගේ සංයෝජන ධර්මයෝ ප්‍රහාණය වෙති. අනුසය ධර්මයෝ අවසන් වෙති. මෙසේ සමථ පුබ්බංගම වූ විපස්සනාව වඩයි.

ඉධ පනෙකච‍්චො වුත‍්තප‍්පකාරං සමථං අනුප‍්පාදෙත්‍වාව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ අනිච‍්චාදීහි විපස‍්සති, අයං විපස‍්සනා. තස‍්ස විපස‍්සනාපාරිපූරියා තත්‍ථ ජාතානං ධම‍්මානං වොස‍්සග‍්ගාරම‍්මණතො උප‍්පජ‍්ජති චිත‍්තස‍්ස එකග‍්ගතා, අයං සමථො. ඉති පඨමං විපස‍්සනා පච‍්ඡා සමථො. තෙන වුච‍්චති “විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවෙතී”ති.

මේ ශාසනයෙහි ඇතැම් කෙනෙක් ඉහත සඳහන් සමථය නො උපදවාම පංච උපාදානක්ඛන්‍ධයන් අනිත්‍යදී වශයෙන් විදර්ශනා කෙරෙයි. මෝ තොමෝ විපස්සනා භාවනා නම් වන්නීය. ඔහුට විපස්සනාව සම්පූර්ණ වීමෙන් එහි හටගත් ධර්මයන්ගේ නිවන් අරමුණුකොට චිත්තයාගේ එකඟ බවක් ඇතිවේ. එය සමථ නම් වේ. මෙසේ පළමුව විපස්සනාවද පසු සමථයද වේ. එයින් කියනු ලැබේ. විපස්සනා පුබ්බංගමං සමථං භාවෙති කියා.

තස‍්ස විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවයතො මග‍්ගො සඤ‍්ජායති, සො තං මග‍්ගං ආසෙවති…පෙ… බහුලීකරොති, තස‍්ස තං මග‍්ගං ආසෙවතො…පෙ… අනුසයා බ්‍යන‍්තීහොන‍්ති (අ· නි· 4.170; පටි· ම· 2.1), එවං විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවෙති.

මෙසේ විපස්සනා පුබ්බගම වූ සමථය වඩන්නා වූ ඔහුට මාර්ගය උපදියි. හෙතෙම ඒ මාර්ගය ආසේවනය කෙරෙයි. -පෙ- බහුල වශයෙන් කෙරෙයි. එම මාර්ගය සේවනය කළහට -පෙ- අනුශය ධර්මයෝ විනාශයට පැමිණෙති. මෙසේ විපස්සනා පුබ්බංගම සමථය වඩයි.

සමථපුබ‍්බඞ‍්ගමං පන විපස‍්සනං භාවයතොපි විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවයතොපි ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ සමථවිපස‍්සනා යුගනද‍්ධාව හොන‍්ති. එවමෙත්‍ථ භාවනානයො වෙදිතබ‍්බොති.

සමථ පුබ්බංගම විපස්සනාව වඩන්නහුටද විපස්සනා පුබ්බංගම සමථය වඩන්නහුටද ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි සමථ විපස්සනා යුගල වූවාහුම වෙත්. මෙසේ මේ භාවනා නය දතයුත්තේය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ධම‍්මදායාදසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ධම්මදායාද සූත්‍ර වර්ණනාව නිමි.