යෙදුමෙන් කියවන්න

ධම‍්මදායාදසුත‍්තං

1. 1. 3.

1. 1. 3.

ධම‍්මදායාදසුත‍්තං

ධම්මදායාද සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මහණෙනි යි ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට වහන්සැයි පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ධම‍්මදායාදා මෙ භික‍්ඛවෙ භවථ මා ආමිසදායාදා. අත්‍ථි මෙ තුම‍්හෙසු අනුකම‍්පා: කින‍්ති මෙ සාවකා ධම‍්මදායාදා භවෙය්‍යුං, නො ආමිසදායාදා’ති. තුම‍්හෙ ච මෙ භික‍්ඛවෙ ආමිසදායාදා භවෙය්‍යාථ නො ධම‍්මදායාදා, තුම‍්හෙපි තෙන ආදිස‍්සා භවෙය්‍යාථ: ආමිසදායාදා සත්‍ථුසාවකා විහරන‍්ති, නො ධම‍්මදායාදා’. අහම‍්පි තෙන ආදිස‍්සො භවෙය්‍යං: ‘ආමිසදායාදා සත්‍ථුසාවකා විහරන‍්ති නො ධම‍්මදායාදා’ති. තුම‍්හෙ ච මෙ භික‍්ඛවෙ ධම‍්මදායාදා භවෙය්‍යාථ නො ආමිසදායාදා. තුම‍්හෙපි තෙන න ආදිස‍්සා භවෙය්‍යාථ: ‘ධම‍්මදායාදා සත්‍ථුසාවකා විහරන‍්ති නො ආමිසදායාදා’ති. අහම‍්පි තෙන න ආදිස‍්සො භවෙය්‍යං: ‘ධම‍්මදායාදා සත්‍ථුසාවකා විහරන‍්ති නො ආමිසදායාදා’ති. තස‍්මා තිහ මෙ භික‍්ඛවෙ ධම‍්මදායාදා භවථ මා ආමිසදායාදා. අත්‍ථි මෙ තුම‍්හෙසු අනුකම‍්පා: ‘කින‍්ති මෙ සාවකා ධම‍්මදායාදා භවෙය්‍යුං, නො ආමිසදායාදා’ති.

2. මහණෙනි, මාගේ ධර්‍මයට දායාද (ධර්‍ම නමැති දෑවැද්ද ගන්නාහු) වවු. ආමිසයට (සිවුපසයට) දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්‍මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තෙපි ආමිසදායාද ව ධර්‍මදායාද නො වන්නහු නම්, එයින් ‘ශාස්තෲන්වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිසදායාද ව වසත්. ධර්‍මදායාද ව නො වසත් ය’යි තෙපි ද ගැරහිය යුත්තෝ වන්නහු ය. මම ද එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ආමිසදායාද ව වසත්, ධර්‍මදායාද ව නොවසත් ය’යි ගැරහිය යුත්තෙම් වෙමි. මහණෙනි, තෙපිත් මාගේ ධර්‍මයට දායාද ව ආමිසයට දායාද නො වන්නහු නම්, එයින් තෙපිත් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්‍මදායාද ව වසත්, ආමිසදායයාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෝ නො වන්නාහුය. මමත් එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්‍මදායාද ව වසත්, ආමිසදායාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෙම් නො වෙමි. මහණෙනි, එහෙයින් මාගේ ධර්‍මයට දායාද වවු. ආමිසදායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්‍මදායාද වන්නාහු ද, ආමිස දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

3. ඉධාහං භික‍්ඛවෙ භුත‍්තාවී අස‍්සං පවාරිතො පරිපුණ‍්ණො පරියොසිතො සුහිතො යාවදත්‍ථො. සියා ච මෙ පිණ‍්ඩපාතො අතිරෙකධම‍්මො ඡඩ‍්ඩියධම‍්මො. අථ ද‍්වෙ භික‍්ඛූ ආගච‍්ඡෙය්‍යුං ජිඝච‍්ඡාදුබ‍්බල්‍යපරෙතා. ත්‍යාහං එවං වදෙය්‍යං: “අහං ඛොම‍්හි භික‍්ඛවෙ භුත‍්තාවී පවාරිතො පරිපුණ‍්ණො පරියොසිතො සුහිතො යාවදත්‍ථො. අත්‍ථි ච මෙ අයං පිණ‍්ඩපාතො අතිරෙකධම‍්මො ඡඩ‍්ඩියධම‍්මො. සචෙ ආකඞ‍්ඛථ භුඤ‍්ජථ, සචෙ තුම‍්හෙ න භුඤ‍්ජිස‍්සථ, ඉදානාහං අප‍්පහරිතෙ වා ඡඩ‍්ඩෙස‍්සාමි අප‍්පාණකෙ වා උදකෙ ඔපිලාපෙස‍්සාමී”ති.

3. මහණෙනි, මම වැළඳූයෙම් වුවමනා පමණ වළඳා අවසන් කෙළෙම්, භොජනයෙන් සම්පූර්‍ණ වූයෙම් වළඳා අවසන් කෙළෙමි, බඩගිනි නැති වීමෙන් තෘප්ත වූයෙම්, කැමති තාක් අහර ගත්තෙම් වෙමි. ඉතිරි ව ඉවත දැමිය යුතු පිණ්ඩපාතයෙක් ද වේ. එකල බඩසයින් හා දුබලබැවින් ද පෙළුණු භික්‍ෂූහු දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට “මම වැළඳූයෙමි. පැවරූයෙමි පිඬු පිළිකෙව් කළෙමි. සම්පූර්‍ණ වූයෙමි. බොජුන් කිස අවසන් කළෙමි. තෘප්ත වූයෙමි. කැමති තාක් වැළඳුයෙමි. ඉතිරි වූ බැහැර ලිය යුතු මාගේ මේ පිණ්ඩපාතයෙක් ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳවු. ඉදින් තෙපි නො වළඳන්නහු නම්, දැන් මම නිල්තණ නැති බිමක හෝ බහන්නෙමි. පණුවන් නැති ජලයක හෝ පා කොට හරින්නෙමි”යි කියන්නෙමි.

4. තත්‍රෙකස‍්ස භික‍්ඛුනො එවමස‍්ස: “භගවා ඛො භුත‍්තාවී පවාරිතො පරිපුණ‍්ණො පරියොසිතො සුහිතො යාවදත්‍ථො. අත්‍ථි චායං භගවතො පිණ‍්ඩපාතො අතිරෙකධම‍්මො ඡඩ‍්ඩියධම‍්මො, සචෙ මයං න භුඤ‍්ජිස‍්සාම ඉදානි භගවා අප‍්පහරිතෙ වා ඡඩ‍්ඩෙස‍්සති අප‍්පාණකෙ වා උදකෙ ඔපිලාපෙස‍්සති. වුත‍්තං ඛො පනෙතං භගවතා “ධම‍්මදායාදා මෙ භික‍්ඛවෙ භවථ මා ආමිසදායාදා”ති. ආමිසඤ‍්ඤතරං ඛො පනෙතං යදිදං පිණ‍්ඩපාතො. යන‍්නූනාහං ඉමං පිණ‍්ඩපාතං අභුඤ‍්ජිත්‍වා ඉමිනාව ජිඝච‍්ඡාදුබ‍්බල්‍යෙන එවං ඉමං රත‍්තින්‍දිවං වීතිනාමෙය්‍ය”න‍්ති. සො තං පිණ‍්ඩපාතං අභුඤ‍්ජිත්‍වා තෙනෙව ජිඝච‍්ඡාදුබ‍්බල්‍යෙන එවං තං රත‍්තින්‍දිවං වීතිනාමෙය්‍ය.

4. ඔවුන් අතුරෙන් එක භික්‍ෂු නමකට “භාග්‍යවතුන් වහන්සේ වැළඳු සේක. පැවරූ සේක. සම්පූර්‍ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳු සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ බැහැර දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමෝ නම් දැන් භාග්‍යවතුන් වහන්සේ නිල් තණ නැති බිමක හෝ බහාලන සේක. පණුවන් නැති ජලයෙහි හෝ පාකර හරින සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මාගේ ධර්‍මයට දායාද වවු. ආමිසදායාද නො වවු ය’යි මෙය වදාරණ ලදී. යම් මේ පිණ්ඩපාතයෙක් වෙයි නම්, එය ද ආමිස අතරින් එකකි. මම මේ පිණ්ඩාහාරය නො වළඳා මේ බඩසාදුකින් ම යුක්ත ව මේ රෑදාවල් දෙක ඉක්මවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසක් වෙයි.

5. අථ දුතියස‍්ස භික‍්ඛුනො එවමස‍්ස. “භගවා ඛො භුත‍්තාවී පවාරිතො පරිපුණ‍්ණො පරියොසිතො සුහිතො යාවදත්‍ථො. අත්‍ථි චායං භගවතො පිණ‍්ඩපාතො අතිරෙකධම‍්මො ඡඩ‍්ඩියධම‍්මො. සචෙ මයං න භුඤ‍්ජිස‍්සාම ඉදානි භගවා අප‍්පහරිතෙ වා ඡඩ‍්ඩෙස‍්සති අප‍්පාණකෙ වා උදකෙ ඔපිලාපෙස‍්සති. යන‍්නූනාහං ඉමං පිණ‍්ඩපාතං භුඤ‍්ජිත්‍වා ජිඝච‍්ඡාදුබ‍්බල්‍යං පටිවිනෙත්‍වා එවං ඉමං රත‍්තින්‍දිවං වීතිනාමෙය්‍ය”න‍්ති. සො තං පිණ‍්ඩපාතං භුඤ‍්ජිත්‍වා ජිඝච‍්ඡාදුබ‍්බල්‍යං පටිවිනෙත්‍වා එවං රත‍්තින්‍දිවං වීතිනාමෙය්‍ය. කිඤ‍්චාපි සො භික‍්ඛවෙ භික‍්ඛු තං පිණ‍්ඩපාතං භුඤ‍්ජිත්‍වා ජිඝච‍්ඡාදුබ‍්බල්‍යං පටිවිනෙත්‍වා එවං තං රත‍්තින්‍දිවං වීතිනාමෙය්‍ය, අථ ඛො අසුයෙව මෙ පුරිමො භික‍්ඛු පුජ‍්ජතරො ච පාසංසතරො ච. තං කිස‍්ස හෙතු: තංහි තස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො දීඝරත‍්තං අප‍්පිච‍්ඡතාය සන‍්තුට‍්ඨියා සල‍්ලෙඛාය සුභරතාය විරියාරම‍්භාය සංවත‍්තිස‍්සති. තස‍්මාතිහ භික‍්ඛවෙ ධම‍්මදායාදා භවථ මා ආමිසදායාදා. අත්‍ථි මෙ තුම‍්හෙසු අනුකම‍්පා: ‘කින‍්ති මෙ සාවකා ධම‍්මදායාදා භවෙය්‍යුං, නො ආමිසදායාදා’ති.

5. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය නො වළඳා ඒ බඩසාදුකින් ම මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. යලි දෙවැනි භික්‍ෂූන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ වැළඳූ සේක. පවාරණය කල සේක. සම්පූර්‍ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ඉවත දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමු නම්, දැන් භාග්‍යවතුන් වහන්සේ නිල්තණ නැති බිමෙක හෝ බහාලන සේක. පණුවන් නැති දියෙහි හෝ පා කොට හරින සේක. මම මේ පිණ්ඩපාතය වළඳා බඩසා නැති ව මේ රෑදාවල ගෙවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසෙක් වෙයි. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. මහණෙනි, ඒ මහණ කිසිසේත් ඒ පිණ්ඩාහාරය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. එසේ ඇති කල මා විසින් තෙල පළමු මහණ ම වඩා පිදිය යුතු ද පැසසිය යුතු ද වෙයි. එය කවර හෙයින යත්: මහණෙනි, එය ඒ මහණහුට බොහෝ කලක් අපිස් බව පිණිස ද සතොස් බව පිණිස ද මනා සේ කෙලෙසුන් සිඳහැරීම පිණිස ද සුපෝෂභාවය පිණිස ද වැර ඇරඹුම් පිණිස ද වන්නේ ය. මහණෙනි, ඒ නිසා මාගේ ධර්‍මයට දායාද වවු. ආමිසයට දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්‍මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාවා ඇත.

6. ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො උට‍්ඨායාසනා විහාරං පාවිසි.

6. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩි සේක.

7. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො අචිරපක‍්කන‍්තස‍්ස භගවතො භික‍්ඛූ ආමන‍්තෙසි: ‘ආවුසො භික‍්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච.

7. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වෙලාවකින් ‘ඇවැත්නි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’යි ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ;

8. කිත‍්තාවතා නු ඛො ආවුසො සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකං නානුසික‍්ඛන‍්ති, කිත‍්තාවතා ච පන සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකමනුසික‍්ඛන‍්තීති. දූරතො පි ඛො මයං ආවුසො ආගච‍්ඡෙය්‍යාම ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං. සාධු වතායස‍්මන‍්තංයෙව සාරිපුත‍්තං පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති. “තෙනහාවුසො සුණාථ සාධුකං මනසි කරොථ භාසිස‍්සාමීති”. එවමාවුසො ති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

8. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි නො හික්මෙත් ද? ශාස්තෲන්වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි හික්මෙත් ද? ඇවත, අපි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙතින් මේ භාෂිතයේ අදහස දැනගැනීමට (යොදුන් ගණන්) දුර සිට වුවත් එමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ම මේ භාෂිතයේ අදහස වැටහේවා. ඒ මැනවි. භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් ම අසා දරන්නාහුය. “එසේ නම් ඇවැත්නි, අසවු. මැනවින් මෙනෙහි කරවු. දෙසන්නෙමි.” ඒ භික්‍ෂූහු ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ:

9. කිත‍්තාවතා නු ඛො ආවුසො සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකං නානුසික‍්ඛන‍්ති? ඉධාවුසො සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකං නානුසික‍්ඛන‍්ති. යෙසඤ‍්ච ධම‍්මානං සත්‍ථා පහානමාහ, තෙ ච ධම‍්මෙ නප‍්පජහන‍්ති. බාහුලිකා ච හොන‍්ති සාථලිකා ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමා පවිවෙකෙ නික‍්ඛිත‍්තධුරා. තත්‍රාවුසො ථෙරා භික‍්ඛූ තීහි ඨානෙහි ගාරය‍්හා භවන‍්ති: ‘සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකං නානුසික‍්ඛන‍්තී’ති ඉමිනා පඨමෙන ඨානෙන ථෙරා භික‍්ඛූ ගාරය‍්හා භවන‍්ති. ‘යෙසඤ‍්ච ධම‍්මානං සත්‍ථා පහානමාහ, තෙ ච ධම‍්මෙ නප‍්පජහන‍්තී’ති ඉමිනා දුතියෙන ඨානෙන ථෙරා භික‍්ඛූ ගාරය‍්හා භවන‍්ති. ‘බාහුලිකා ච සාථලිකා ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමා පවිවෙකෙ නික‍්ඛිත‍්තධුරා’ති ඉමිනා තතියෙන ඨානෙන ථෙරා භික‍්ඛූ ගාරය‍්හා භවන‍්ති. ථෙරා හාවුසො භික‍්ඛූ ඉමෙහි තීහි ඨානෙහි ගාරය‍්හා භවන‍්ති.

9. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කෙතෙකින් විවේකයෙහි නො හික්මෙත් ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නො හික්මෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මකෙනකුන්ගේ ප්‍රහාණය වදාළසේක් නම්, ඒ ධර්‍ම අත් නො හරිත්. චීවරාදිය බහුල කොට ඇත්තාහු ශාසනය ලිහිල් කොට ගත්තාහු, (අවක්‍රමණසඞ්ක්‍යාත) පඤ්චනීවරණ පූරණයෙහි පෙරදැරි වූවාහු ද, උතුම් විවේකය (නිවන) පිණිස පිළිවෙත් පිරීමෙහි බහා තැබූ වීර්‍ය්‍ය ඇත්තාහු වෙත්. එසේ කල්හි ඇවැත්නි, ශාසනයෙහි ස්ථවිර භික්‍ෂූහු කරුණු තුණකින් ගැරහිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නො හික්මෙති’ යන මේ පළමුවැනි කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ක්ලේශ ධර්‍ම කෙනකුන්ගේ ප්‍රහාණය වදාළසේක් නම්, ඒ ක්ලේශධර්‍මයන් නො හරිති’ යන මේ දෙවැනි කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘බාහුලික ව සාථලික ව නීවරණපූරණයෙහි පූර්‍වඞ්ගම ව උතුම් විවේකයෙහි බහා තැබූ වීර්‍ය්‍යය ඇති ව වසති’ යන මේ තුන්වැනි කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, ස්ථවිරභික්‍ෂූහු මේ තුන් කාරණයෙන් ගැරහිය යුත්තෝ වෙත්.

10. තත්‍රාවුසො මජ‍්ඣිමා භික‍්ඛූ -පෙ- නවා භික‍්ඛූ තීහි ඨානෙහි ගාරය‍්හා භවන‍්ති: ‘සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකං නානුසික‍්ඛන‍්තී’ති ඉමිනා පඨමෙන ඨානෙන නවා භික‍්ඛූ ගාරය‍්හා භවන‍්ති. ‘යෙසඤ‍්ච ධම‍්මානං සත්‍ථා පහානමාහ, තෙ ච ධම‍්මෙ නප‍්පජහන‍්තී’ති ඉමිනා දුතියෙන ඨානෙන නවා භික‍්ඛූ ගාරය‍්හා භවන‍්ති. ‘බාහුලිකා ච සාථලිකා ච ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමා පවිවෙකෙ නික‍්ඛිත‍්තධුරා’ති ඉමිනා තතියෙන ඨානෙන නවා භික‍්ඛූ ගාරය‍්හා භවන‍්ති. නවා හාවුසො භික‍්ඛූ ඉමෙහි තීහි ඨානෙහි ගාරය‍්හා භවන‍්ති.

10. ඇවැත්නි, එහි මධ්‍යම භික්‍ෂූහු -පෙ- නවක භික්‍ෂූහු කරුණු තුණකින් ගැරහිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන්වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී සව්වෝ උතුම් විවේකයෙහි නො හික්මෙත්’ යන මේ පළමුවැනි කාරණයෙන් නවකභික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ධර්‍ම කෙනෙකුන්ගේ ප්‍රහාණය වදාළසේක නම්, ඒ ධර්‍මයන් නො හරිත්’ යන මේ දෙවැනි කාරණයෙන් නවක භික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘බාහුලික ව සාථලික ව නීවරණ පිරීමෙහි පූර්‍වඞ්ගම ව උතුම් විවෙක යෙහි නිරුත්සාහ ව වසත්’ යන මේ තුන්වැනි කාරණයෙන් නවක භික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවකභික්‍ෂූහු මේ තුන් කරුණින් ගැරහිය යුත්තෝ වෙත්.

එත‍්තාවතා සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකං නානුසික‍්ඛන‍්ති.

ඇවැත්නි, මෙතෙකින් ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී සව්වෝ ඒ උතුම් විවේකයෙහි නො හික්මෙත්.

11. කිත‍්තාවතා ච පනාවුසො සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකමනුසික‍්ඛන‍්ති? ඉධාවුසො සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකමනුසික‍්ඛන‍්ති. යෙසඤ‍්ච ධම‍්මානං සත්‍ථා පහානමාහ, තෙ ච ධම‍්මෙ පජහන‍්ති. න ච බාහුලිකා හොන‍්ති න සාථලිකා ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා. තත්‍රාවුසො ථෙරා භික‍්ඛූ තීහි ඨානෙහි පාසංසා භවන‍්ති: ‘සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකමනුසික‍්ඛන‍්තී’ති ඉමිනා පඨමෙන ඨානෙන ථෙරා භික‍්ඛූ පාසංසා භවන‍්ති. ‘යෙසඤ‍්ච ධම‍්මානං සත්‍ථා පහානමාහ, තෙ ච ධම‍්මෙ පජහන‍්තී’ති. ඉමිනා දුතියෙන ඨානෙන ථෙරා භික‍්ඛූ පාසංසා භවන‍්ති. ‘න ච බාහුලිකා න සාථලිකා ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා’ති ඉමිනා තතියෙන ඨානෙන ථෙරා භික‍්ඛූ පාසංසා භවන‍්ති. ථෙරා හාවුසො භික‍්ඛූ ඉමෙහි තීහි ඨානෙහි පාසංසා භවන‍්ති.

11. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කෙතෙකින් විවේකයෙහි හික්මෙත් ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේ විවේකී ව වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් හික්මෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ධර්‍මයන් අත්හරිත්. චීවරාදිය බහුල කොට නැත්තාහු ශාසනය ලිහිල් කොට නො ගත්තාහු, නීවරණපූරණයෙහි හළ වීර්‍ය්‍යය ඇත්තාහු උතුම් විවේකය පෙරදැරි කොට ඇත්තෝ වෙත්. ඇවැත්නි, එහි ස්ථවිරභික්‍ෂූහු කරුණු තුණකින් පැසසිය යුත්තෝ වෙත්; ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත්’ යන මේ පළමුවන කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘ශාස්තෘන් වහන්සේ යම් ක්ලේශධර්‍ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ක්ලේශධර්‍මයන් අත්හරිත් ය’ යි මේ දෙවැනි කාරණයෙන් ස්ථවිර භික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘චීවරාදිය බහුල කොට නො ගන්නෝ ය, ශාසනය ලිහිල් කොට නො සලකන්නෝ ය, නීවරණ පූරණයෙහි බහා තැබූ වීර්‍ය්‍යය ඇත්තාහ, උතුම් විවේකය පෙරදැරි කොට ඇත්තාහු ය.’ යන මේ තුන්වැනි කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, ස්ථවිරභික්‍ෂූහු මේ තුන් කරුණින් පැසසිය යුත්තෝ වෙත්.

12. තත්‍රාවුසො මජ‍්ඣිමා භික‍්ඛූ -පෙ- නවා භික‍්ඛූ තීහි ඨානෙහි පාසංසා භවන‍්ති: ‘සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකමනුසික‍්ඛන‍්තී’ති ඉමිනා පඨමෙන ඨානෙන නවා භික‍්ඛූ පාසංසා භවන‍්ති. ‘යෙසඤ‍්ච ධම‍්මානං සත්‍ථා පහානමාහ, තෙ ච ධම‍්මෙ පජහන‍්තී’ති ඉමිනා දුතියෙන ඨානෙන නවා භික‍්ඛූ පාසංසා භවන‍්ති. ‘න ච බාහුලිකා න සාථලිකා ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා’ති ඉමිනා තතියෙන ඨානෙන නවා භික‍්ඛූ පාසංසා භවන‍්ති. නවා හාවුසො භික‍්ඛූ ඉමෙහි තීහි ඨානෙහි පාසංසා භවන‍්ති.

12. ඇවැත්නි, එහි මධ්‍යමභික්‍ෂූහු -පෙ- නවකභික්‍ෂූහු තුන් කරුණ කින් පැසසිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වාසය කරද්දී, ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් ය’යි මේ පළමුවැනි කාරණයෙන් නවක භික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ක්ලේශධර්‍ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ක්ලේශ ධර්‍මයන් අත්හරිත් ය’ යන මේ දෙවැනි කාරණයෙන් නවකභික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘චීවරාදිය බහුල කොට නැත්තෝ ය. ශාසනය ලිහිල් කොට නො ගත්තෝ ය. නීවරණයන් ප්‍රහාණය කිරීමෙහි උත්සාහවත් වූවෝ ය. උතුම් විවේකය පෙරදැරි කොට ඇත්තෝ ය’ යන මේ තුන් වැනි කාරණයෙන් නවක භික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්‍ෂූහු වනාහි මේ තුන් කරුණින් පැසසිය යුත්තෝ වෙත්.

එත‍්තාවතා ඛො ආවුසො සත්‍ථු පවිවිත‍්තස‍්ස විහරතො සාවකා විවෙකමනුසික‍්ඛන‍්ති.

ඇවැත්නි, මෙතෙකින් ශාස්තෲන් වහන්සේ ප්‍රකර්‍ෂ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත්.

13. තත්‍රාවුසො ලොභො ච පාපකො, දොසො ච පාපකො. ලොභස‍්ස ච පහානාය දොසස‍්ස ච පහානාය අත්‍ථි මජ‍්ඣිමා පටිපදා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. කතමා ච සා ආවුසො මජ‍්ඣිමා පටිපදා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති? අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. අයං ඛො සා ආවුසො මජ‍්ඣිමා පටිපදා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.

13. ඇවැත්නි, එහි ලෝභය ද ලාමක ය, ද්වේෂය ද ලාමක ය. ලෝභය ප්‍රහාණය කිරීම පිණිසත් ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිසත් නුවණැස ඇති කරන, ඤාණය ඇත කරන මධ්‍යම ප්‍රතිපදාව රාගාදීන් සංසිඳීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවති යි. ඇවැත්නි රාගාදීන් සංසිඳීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන ඒ මධ්‍යමප්‍රතිපදාව කවරේද යත්: මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති සම්මාසමාධි යන අට ය. ඇවැත්නි, මේ මධ්‍යමප්‍රතිපදාව වනාහි නුවණැස ඇති කරයි. සත්‍යඥානය ඇති කරයි. රාගාදීන් සංසිඳීම පිණිස පවතියි. සිවුසස් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවණ පිණිස පවතියි.

14. තත්‍රාවුසො කොධො ච පාපකො. උපනාහො ච පාපකො -පෙ- මක‍්ඛො ච පාපකො. පලාසො ච පාපකො. -පෙ- ඉස‍්සා ච පාපිකා. මච‍්ඡෙරඤ‍්ච පාපකං. -පෙ- මායා ච පාපිකා. සාඨෙය්‍යඤ‍්ච පාපකං. -පෙ- ථම‍්භො ච පාපකො. සාරම‍්භො ච පාපකො. -පෙ- මානො ච පාපකො. අතිමානො ච පාපකො. -පෙ- මදො ච පාපකො, පමාදො ච පාපකො. මදස‍්ස ච පහානාය පමාදස‍්ස ච පහානාය අත්‍ථි මජ‍්ඣිමා පටිපදා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. කතමා ච ආවුසො මජ‍්ඣිමා පටිපදා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. අයං ඛො සා ආවුසො මජ‍්ඣිමා පටිපදා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තතීති.

14. ඇවැත්නි, එහි ක්‍රෝධය ද ලාමක ය, බද්ධවෛරය ද ලාමක ය … ගුණමකු බව ද ලාමක ය ... පලාසය ද ලාමක ය ... ඊර්‍ෂ්‍යාව ද ලාමක ය, මසුරු බව ද ලාමක ය ... මායාව ද ලාමක ය, කපටබව ද ලාමක ය … ථම්භය (වැඩිහිටියන්ට නොනැමෙන බව ද) ලාමක ය, සංරම්භය (අනුන් කළ දෙයට වැඩියක් කරන බව) ද ලාමක ය ... මානය ද ලාමක ය, අධිකමානය ද ලාමකය ... මදය (මත් බව) ද ලාමක ය, ප්‍රමාදය ද ලාමකය. මදය ප්‍රහාණය කිරීම පිණිස ද, ප්‍රමාදය ප්‍රහාණය කිරීම පිණිස ද, නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන මධ්‍යමප්‍රතිපදාව රාගාදීන් සංසිඳීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවතියි. ඇවැත්නි, රාගාදීන් සංසිඳීම පිණිස සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවතින නුවණැස ඇති කරන සත්‍යඥානය ඇති කරන ඒ මධ්‍යමප්‍රතිපදාව කවරේ ද? ඇවැත්නි, මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප,සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන අට යි. ඇවැත්නි, නුවණැස ඇති කරන සත්‍යඥානය ඇති කරන මේ මධ්‍යම ප්‍රතිපදාව රාගාදිය නැති කිරීම පිණිස සිවුසස් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවණ පිණිස පවත්නකි.

15. ඉදමවොච ආයස‍්මා සාරිපුත‍්තො අත‍්තමනා තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දුන‍්ති.

15 . ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවවීරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ භාෂිතය මැනැවැයි පිළිගත්තාහු ය.

ධම‍්මදායාදසුත‍්තං තතියං.

ධර්‍මදායාද සූත්‍රය තෙවැනියි.