යෙදුමෙන් කියවන්න

භයභෙරවසුත‍්තං

1. 1. 4.

1. 1. 4.

භයභෙරවසුත‍්තං

භයභේරව සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල ජාණුස්සෝණීබ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ ම ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.

2. යෙ’මෙ භො ගොතම කුලපුත‍්තා භවන‍්තං ගොතමං උද‍්දිස‍්ස සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, භවං තෙසං ගොතමො පුබ‍්බඞ‍්ගමො. භවං තෙසං ගොතමො බහුකාරො භවං තෙසං ගොතමො සමාදපෙතා. භොතො ච ගොතමස‍්ස සා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජතීති.

2. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ කුලපුත්‍රයෝ භවත් ගෞතමයන් උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූවාහු ද, ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ පුරොගාමී වන සේක. ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ බොහෝ උපකාරී වන සේක. භවත් ගෞතමයන් වහන්සේ ඔවුන් සමාදන් කරවන සේක. ඒ ජනතාව භවත් ගෞතමයන්ගේ දර්‍ශනානුගතියට (දෘෂ්ටි, ක්‍ෂාන්ති, රුචීන් අනුගමනයට) පැමිණේ.

3. “එවමෙතං බ්‍රාහ‍්මණ, එවමෙතං බ්‍රාහ‍්මණ. යෙ තෙ බ්‍රාහ‍්මණ, කුලපුත‍්තා මමං උද‍්දිස‍්ස සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, අහං තෙසං පුබ‍්බඞ‍්ගමො. අහං තෙසං බහුකාරො. අහං තෙසං සමාදපෙතා. මමඤ‍්ච පන සා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජතීති.

3. බමුණ, එය එසේ ය. බමුණ, එය එසේ ය. බමුණ, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූවාහු ද, මම ඔවුන්ට පුරෝගාමි වෙමි. මම ඔවුන්ට බොහෝ උපකාර ඇත්තෙම් වෙමි. මම ඔවුන් සමාදන් කරවන්නෙමි. ඒ ජනතාව මාගේ දිට්ඨානුගතියට පැමිණේ.

4. දුරභිසම‍්භවානි හි භො ගොතම, අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි. දුක‍්කරං පවිවෙකං. දුරභිරමං එකත‍්තෙ. හරන‍්ති මඤ‍්ඤෙ මනො වනානි සමාධිං අලභමානස‍්ස භික‍්ඛුනොති.

4. ගෞතමයන් වහන්ස, වනයෙහි දුර පිහිටි වන ලැහැබ් සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම (ඇතුල් ව විසීම) දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවේකය දුෂ්කර ය. එකඟබැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත් පැහැර ගනිති යි හඟිමි.

5. එවමෙතං බ්‍රාහ‍්මණ, එවමෙතං බ්‍රාහ‍්මණ. දුරභිසම‍්භවානි හි බ්‍රාහ‍්මණ, අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි. දුක‍්කරං පවිවෙකං. දුරභිරමං එකත‍්තෙ හරන‍්ති මඤ‍්ඤෙ මනො වනානි සමාධිං අලභමානස‍්ස භික‍්ඛුනොති. මය‍්හම‍්පි ඛො බ්‍රාහ‍්මණ, පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි: “දුරභිසම‍්භවානි හි ඛො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි. දුක‍්කරං පවිවෙකං. දුරභිරමං එකත‍්තෙ. හරන‍්ති මඤ‍්ඤෙ මනො වනානි සමාධිං අලභමානස‍්ස භික‍්ඛුනො”ති.

5. බමුණ, එය එසේ ම ය. බමුණ, එය එසේ ම ය. බමුණ, වනයෙහි දුර පිහිටි සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවේකය දුෂ්කර ය. එකඟ බැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත පැහැර ගනිතියි හඟිමි. බමුණ, බුදුවන්නට පෙර චතුස්සත්‍යය අවබෝධ නො කළා වූ බෝධිසත්ත්‍ව වූ ම මට ද මේ අදහස වි ය. වනයෙහි දුර පිහිටි සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවේකය ලැබීම දුෂ්කර ය. එකඟ බැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත පැහැර ගනිති යි හඟිම්.

6. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා අපරිසුද‍්ධකායකම‍්මන‍්තා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, අපරිසුද‍්ධකායකම‍්මන‍්තසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති; න ඛො පනාහං අපරිසුද‍්ධකායකම‍්මන‍්තො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, පරිසුද‍්ධකායකම‍්මන‍්තොහමස‍්මි. යෙ හි වො අරියා පරිසුද‍්ධකායකම‍්මන‍්තා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ පරිසුද‍්ධකායකම‍්මන‍්තං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

6. බමුණ, ඒ මට මේ අදහස වීය: අපිරිසිදු වූ කායකර්‍ම ඇති යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍යයෙහි වානප්‍රස්ථ සෙනසුන් ද ප්‍රාන්තසෙනසුන් ද සේවනය කෙරෙද්ද, අපිරිසිදු වූ කායකර්‍ම නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අපිරිසිදු වූ කායකර්‍ම ඇත්තෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තසෙනසුන් සේවනය නො කරමි. මම පිරිසිදු වූ කායකර්‍ම ඇත්තෙක්මි. යම් ආර්‍ය්‍ය කෙනෙක් පිරිසිදු වූ කායකර්‍ම ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපෝභූමින් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ පිරිසිදු ක්‍රියා ඇතිබව තමා තුළ දක්නෙම් වනවාසය පිණිස බොහෝ සේ පතිතලොම් ඇති (බිය නැති) බවට පැමිණියෙමි.

7. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා අපරිසුද‍්ධවචීකම‍්මන‍්තා -පෙ- අපරිසුද‍්ධමනොකම‍්මන‍්තා -පෙ- අපරිසුද‍්ධාජීවා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, අපරිසුද‍්ධාජීවසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති; න ඛො පනාහං අපරිසුද‍්ධාජීවො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, පරිසුද‍්ධාජීවොහමස‍්මි. යෙ හි වො අරියා පරිසුද‍්ධාජීවා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ පරිසුද‍්ධාජීවතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

7. බමුණ, ඒ මට මේ අදහස වී ය: අපිරිසිදු වාක්කර්‍ම ඇති ... අපිරිසිදු මනඃකර්‍ම ඇති ... අපිරිසිදු ආජීවය ඇති යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපෝභූමින් සේවනය කෙරෙත් ද, අපිරිසිදු ආජීවය නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අපිරිසිදු ආජීවය ඇත්තෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපොභූමීන් සේවනය නො කරමි. මම පිරිසිදු ආජීවය ඇත්තෙක්මි. යම් ආර්‍ය කෙනෙක් පිරිසිදු ආජීවය ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපොභූමීන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ පිරිසිදු ආජීවය ඇතිබව දක්නෙම් බොහෝ සෙයින් වනවාසය පිණිස නිර්‍භය භාවයට පැමිණියෙමි.

8. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා අභිජ‍්ඣාලූ කාමෙසු තිබ‍්බසාරාගා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, අභිජ‍්ඣාලු කාමෙසු තිබ‍්බසාරාගසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං අභිජ‍්ඣාලු කාමෙසු තිබ‍්බසාරාගො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, අනභිජ‍්ඣාලූහමස‍්මි. යෙ හි වො අරියා අනභිජ‍්ඣාලූ අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ අනභිජ‍්ඣාලුතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

8. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ විෂම ලෝභය බහුල කොට ඇත්තාහු කාමයන්හි තියුණු රාග ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සේවනය කෙරෙත් ද, විෂමලෝභය හා කාමයන්හි තියුණු රාගය ද යන ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ ඒකාන්තයෙන් සාවද්‍ය වූ තැතිගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි විෂමලෝභය බහුල කොට ඇත්තෙම් කාමයන්හි තියුණු රාග ඇති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සේවනය නො කරමි. මම විෂමලෝභය බහුල කොට ඇත්තෙක් නො වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් විෂමලෝභය බහුල කොට නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ අභිධ්‍යාව බහුල කොට නැති බව දක්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් බිය රහිත බවට පැමිණියෙමි.

9. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා බ්‍යාපන‍්නචිත‍්තා පදුට‍්ඨමනසඞ‍්කප‍්පා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති. ව්‍යාපන‍්නචිත‍්තපදුට‍්ඨමනසඞ‍්කප‍්පසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං බ්‍යාපන‍්නචිත‍්තො පදුට‍්ඨමනසඞ‍්කප‍්පො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි. මෙත‍්තචිත‍්තො හමස‍්මි. යෙ හි වො අරියා මෙත‍්තචිත‍්තා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ මෙත‍්තචිත‍්තතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

9. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ (ප්‍රකෘතිය - ස්වභාවය හැරීමෙන්) වෙනසට පැමිණි සිත් ඇත්තාහු ප්‍රදුෂ්ටචිත්තසංකල්පනා ඇත්තාහු අරණ්‍ය වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙද්ද, වෙනස් වූ සිතය දූෂිත වූ චිත්තසංකල්පනාය යන ස්වකීය දෝෂහේතුයෙන් ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි වෙනසට පැමිණි සිත් ඇති ව ප්‍රදුෂ්ටචිත්තසංකල්පනා ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම මෙත්සිත් ඇත්තෙක්මි. මෙත්සිත් ඇති යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තආශ්‍රමයන් සේවනය කෙරෙද්ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ මෙත්සිත් ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.

10. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා ථීනමිද‍්ධපරියුට‍්ඨිතා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, ථීනමිද‍්ධපරියුට‍්ඨානසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං ථීනමිද‍්ධපරියුට‍්ඨිතො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, විගතථීනමිද‍්ධොහමස‍්මි. යෙ හි වො අරියා විගතථීනමිද‍්ධා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ විගතථීනමිද‍්ධතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

10. බමුණ ඒ මට මේ අදහස වී ය. යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ථිනමිද්ධයෙන් මඩනා ලද්දාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, ථිනමිද්ධයෙන් මැඩීම නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් පින්වත් ඒ මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි ථිනමිද්ධයෙන් මඩනා ලදු ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම පහ වූ ථිනමිද්ධ ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් පහ වූ ථිනමිද්ධ ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්ත ආශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ ථිනමිද්ධය නැතිකළබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.

11. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා උද‍්ධතා අවූපසන‍්තචිත‍්තා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, උද‍්ධතඅවූපසන‍්තචිත‍්තසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං උද‍්ධතො අවූපසන‍්තචිත‍්තො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, වූපසන‍්තචිත‍්තොහමස‍්මි. යෙ හි වො අරියා වූපසන‍්තචිත‍්තා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ වූපසන‍්තචිත‍්තතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

11. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඇවිස්සුණු, සැලෙන, සිත් ඇත්තාහු නො සන්සුන් සිත් ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, ඇවිස්සුණු සැලුනු නො සන්සුන් සිත් ඇති බව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම ඇවිස්සුණු සැලුනු නො සන්සුන් සිත් ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම සන්සුන් සිත් ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් සන්සුන් සිත් ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ පිහිටි ඒ සන්සුන් සිත් ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්‍භය භාවයට පත් වීමි.

12. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා කඞ‍්ඛී වෙචිකිච‍්ඡී අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, කඞ‍්ඛාවිචිකිච‍්ඡාසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං කඞ‍්ඛි වෙචිකිච‍්ඡී අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, තිණ‍්ණවිචිකිච‍්ඡොහමස‍්මි. යෙ හි වො අරියා තිණ‍්ණවිචිකිච‍්ඡා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ තිණ‍්ණවිචිකිච‍්ඡතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

12. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සැක ඇත්තාහු විචිකිච්ඡා ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, සැකය හා විචිකිච්ඡාව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒ පින්වත් මහණබමුණෝ ඒකාන්තයෙන් සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි සැක ඇත්තෙම් විචිකිච්ඡා ඇත්තෙම් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම තරණය කළ සැක ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් තරණය කළ සැක ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ වූ තරණය කළ විචිකිච්ඡා ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.

13. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා අත‍්තුක‍්කංසකා පරවම‍්භී අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, අත‍්තුක‍්කංසනපරවම‍්භනසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං අත‍්තුක‍්කංසකො පරවම‍්භී අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, අනත‍්තුක‍්කංසකො අපරවම‍්භීහමස‍්මි. යෙ හි වො අරියා අනත‍්තුක‍්කංසකා අපරවම‍්භී අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ අනත‍්තුක‍්කංසකතං අපරවම‍්භිතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

13. බමුණ, මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තමන් හුවා අනුන් හෙළා දක්නාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, තමා උසස් කොට අනුන් පහත් කොට සැලකීම නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි තමා උසස් කොටත් අනුන් පහත් කොටත් සලකමින් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම තමා උසස් කොට අනුන් පහත් කොට සලකන්නෙක් නො වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් තමා උසස් කොට අනුන් පහත් කොට නො සලකන්නාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා උසස් කොට නො සැලකීම හා අනුන් පහත් කොට නො සැලකීම ද තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නො බියබවට පැමිණියෙමි.

14. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා ඡම‍්භී භීරුකජාතිකා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, ඡම‍්භී භීරුකජාතිකසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං ඡම‍්භී භීරුකජාතිකො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, විගතලොමහංසොහමස‍්මි. යෙ හි වො අරියා විගතලොමහංසා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ විගතලොමහංසතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

14. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ (කය දළදඩු කරන තද) තැති ගැනුම් ඇත්තාහු බිය සුලුබව ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, තද තැති ගැන්ම හා බියසුලුබව ද නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි තැති ගන්නෙම් බියසුලු ස්වභාවය ඇත්තෙම් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම පහ වූ ලොමුදහ ගැනීම් ඇත්තෙක් වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් පහ වූ ලොමුදහ ගැනීම් ඇත්තෝ අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ පහ වූ ලොමුදහ ගැනීම තමා තුළ පිහිටිබව (තමා කෙරෙහි ලොමුදහ ගැනුම නැති බව) දක්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.

15. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා ලාභසක‍්කාරසිලොකං නිකාමයමානා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, ලාභසක‍්කාරසිලොකං නිකාමයමානසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං ලාභසක‍්කාරසිලොකං නිකාමයමානො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි, අප‍්පිච‍්ඡොහමස‍්මි. යෙ හි වො අරියා අප‍්පිච‍්ඡා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ අප‍්පිච‍්ඡතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

15. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලාභ සත්කාර කීර්ති කැමැති වන්නාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වීම වූ ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම ඉච්ඡා නැත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් ආශා නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ ඉච්ඡාරහිතභාවය තමා තුළ දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නොබිය බවට පැමිණියෙමි.

16. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා කුසීතා හීනවිරියා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, කුසීතහීනවීරියසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං කුසීතො හීනවිරියො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි. ආරද‍්ධවිරියොහමස‍්මි. යෙ හි වො අරියා ආරද‍්ධවිරියා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ ආරද‍්ධවිරියතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

16. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කුසීත වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, කායිකචෛතසික වීර්‍ය්‍යරහිතබව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි මැලි වූයෙම් වීර්‍ය්‍යය නැත්තෙම් (කායික චෛතසික වීර්‍ය්‍ය රහිත ව) අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කෙරෙමි. මම පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් ඇරඹූ වැර ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ පිහිටි ඒ ඇරඹු වැර ඇතිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.

17. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා මුට‍්ඨස‍්සතී අසම‍්පජානා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, මුට‍්ඨස‍්සති අසම‍්පජානසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං මුට‍්ඨස‍්සති අසම‍්පජානො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි. උපට‍්ඨිතසතිහමස‍්මි. යෙ හි වො අරියා උපට‍්ඨිතසතී අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ උපට‍්ඨිසතිතං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

17. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නට සිහි ඇත්තාහු නුවණ නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, නට සිහිය හා නුවණ නැති බව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත් මම වනාහි නට සිහි ඇති ව නුවණ නැති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම එළඹ සිටි සිහි ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් එළඹ සිටි සිහි ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ තමා තුළ එළඹ සිටි සිහිය ඇතිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.

18. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, අසමාහිතවිබ‍්භන‍්තචිත‍්තසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං අසමාහිතො විබ‍්භන‍්තචිත‍්තො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි. සමාධිසම‍්පන‍්නොහමස‍්මි. යෙ හි වො අරියා සමාධිසම‍්පන‍්නා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ සමාධිසම‍්පදං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

18. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අසමාහිත (එකඟ සිත් නැති) වූවාහු විභ්‍රාන්ත (නොයෙක් අරමුණෙහි දිවු) සිත් ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, අසමාහිත විභ්‍රාන්ත සිත් ඇති බව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අසමාහිත ව විභ්‍රාන්ත සිත් ඇති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම සමාධිසම්පන්නයෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් සමාධිසම්පන්න ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම මේ සමාධිසම්පදාව තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස නො බියබවට පැමිණියෙමි.

19. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යෙ ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා දුප‍්පඤ‍්ඤා එලමූගා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, දුප‍්පඤ‍්ඤඑලමූගසන්‍දොසහෙතු හවෙ තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අකුසලං භයභෙරවං අව‍්හයන‍්ති. න ඛො පනාහං දුප‍්පඤ‍්ඤො එලමූගො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි. පඤ‍්ඤාසම‍්පන‍්නොහමස‍්මි. යෙ හි වො අරියා පඤ‍්ඤාසම‍්පන‍්නා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවන‍්ති, තෙසමහං අඤ‍්ඤතමො. එතමහං බ්‍රාහ‍්මණ පඤ‍්ඤාසම‍්පදං අත‍්තනි සම‍්පස‍්සමානො භිය්‍යො පල‍්ලොමමාපාදිං අරඤ‍්ඤෙ විහාරාය.

19. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නුවණ නැත්තාහු කෙළතොලු වූවාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, නුවණ නැතිබව හා කෙළතොලු බව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි නුවණ නැති ව කෙළතොලු ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම නුවණැත්තෙක් වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් නුවණැති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම නුවණැති බව තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්‍භය භවයට පැමිණියෙමි.

සොළසපරියායං

සොළසපරියාය යි.

20. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: යන‍්නූනාහං යා තා රත‍්තියො අභිඤ‍්ඤාතා අභිලක‍්ඛිතා චාතුද‍්දසී පඤ‍්චදසී අට‍්ඨමී ච පක‍්ඛස‍්ස තථාරූපාසු රත‍්තිසු යානි තානි ආරාමචෙතියානි වනචෙතියානි රුක‍්ඛචෙතියානි භිංසනකානි සලොමහංසානි, තථාරූපෙසු සෙනාසනෙසු විහරෙය්‍යං, අප‍්පෙවනාම තං භයභෙරවං පස‍්සෙය්‍යන‍්ති. සො ඛො අහං බ්‍රාහ‍්මණ අපරෙන සමයෙන යා තා රත‍්තියො අභිඤ‍්ඤාතා අභිලක‍්ඛිතා චාතුද‍්දසී පඤ‍්චදසී අට‍්ඨමී ච පක‍්ඛස‍්ස, තථාරූපාසු රත‍්තිසු යානි තානි ආරාමචෙතියානි වනචෙතියානි රුක‍්ඛචෙතියානි භිංසනකානි සලොමහංසානි, තථාරූපෙසු සෙනාසනෙසු විහරාමි. තත්‍ර ච මෙ බ්‍රාහ‍්මණ විහරතො මගො වා ආගච‍්ඡති, මොරො වා කට‍්ඨං පාතෙති, වාතො වා පණ‍්ණසටං එරෙති, තස‍්ස මය‍්හං එවං හොති: එතං නූන තං භයභෙරවං ආගච‍්ඡතීති.

20. බමුණ, ඒ මට මේ අදහස වී ය: ‘පක්‍ෂයෙහි (හඳ නිසා) ප්‍රසිද්ධ වූ (උපෝසථසමාදානාදි වශයෙන්) ලකුණු කළ යුතු වූ තුදුස්වක, පසළොස්වක, අටවක යන යම් ඒ රාත්‍රීහු වෙත් ද, එවැනි රාත්‍රීන්හි බිහිසුණු වූ ලොමුදහ ගන්වන්නා වූ යම් ඒ ආරාමචෛත්‍යයෝ (=චේතිය සම්මත පිදිය යුතු අරම්), වනචෛත්‍යයෝ (=පිදිය යුතු වන), වෘක්‍ෂචෛත්‍යයෝ (පිදිය යුතු රුක්) වෙද්ද, එබඳු සෙනසුන්හි වසන්නෙම් නම් මැනව. ඒ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද දක්නෙම් නම් මැනැවැ’යි කියායි. බමුණ, ඒ මම ඉන් මෑත කල්හි පක්‍ෂයෙහි ප්‍රසිද්ධ වූ ලකුණු කළ යුතු ව තුදුස්වක, පසළොස්වක, අටවක යන යම් ඒ රාත්‍රීහු වෙත් ද, එවැනි රාත්‍රීන්හි බිහිසුණු වූ ලොමුදහ ගන්වන්නා වූ යම් ඒ ආරාමචෛත්‍යයෝ වනචෛත්‍යයෝ වෘක්‍ෂචෛත්‍යයෝ වෙත් ද, එබඳු සෙනසුන්හි වාසය කරමි. බමුණ, එහි වාසය කරන්නා වූ මා වෙතට මුවෙක් (සිවුපාවෙක්) හෝ කුර ගා එයි. මොනරෙක් (පක්‍ෂියෙක්) හෝ දරකඩක් හෙළයි. සුළඟ හෝ පරඬලාවක් සලයි. ඒ මට මෙසේ සිතෙයි: ‘ඒකාන්තයෙන් මේ එන්නේ ඒ භයානක අරමුණ ය’ කියායි.

21. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ එතදහොසි: කින‍්නු ඛො අහං අඤ‍්ඤදත්‍ථු භයපාටිකඞ‍්ඛී විහරාමි, යන‍්නූනාහං යථාභූතයථාභූතස‍්ස මෙ තං භයභෙරවං ආගච‍්ඡති, තථාභූතතථාභූතොව තං භයභෙරවං පටිවිනෙය්‍යන‍්ති. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ චඞ‍්කමන‍්තස‍්ස තං භයභෙරවං ආගච‍්ඡති; සො ඛො අහං බ්‍රාහ‍්මණ නෙව තාව තිට‍්ඨාමි, න නිසීදාමි, න නිපජ‍්ජාමි, යාව චඞ‍්කමන‍්තොව තං භයභෙරවං පටිවිනෙමි. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ ඨිතස‍්ස තං භයභෙරවං ආගච‍්ඡති; සො ඛො අහං බ්‍රාහ‍්මණ නෙව තාව චඞ‍්කමාමි, න නිසීදාමි, න නිපජ‍්ජාමි, යාව ඨිතොව තං භයභෙරවං පටිවිනෙමි. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ නිසින‍්නස‍්ස තං භයභෙරවං ආගච‍්ඡති; සො ඛො අහං බ්‍රාහ‍්මණ නෙව තාව නිපජ‍්ජාමි, න තිට‍්ඨාමි, න චඞ‍්කමාමි, යාව නිසින‍්නොව තං භයභෙරවං පටිවිනෙමි. තස‍්ස මය‍්හං බ්‍රාහ‍්මණ නිපන‍්නස‍්ස තං භයභෙරවං ආගච‍්ඡති; සො ඛො අහං බ්‍රාහ‍්මණ නෙව තාව නිසීදාමි, න තිට‍්ඨාමි, න චඞ‍්කමාමි, යාව නිපන‍්නොව තං භයභෙරවං පටිවිනෙමි.

21. බමුණ, ඒ මට මේ සිත වී ය: ‘කුමක් නිසා මම ඒකාන්තයෙන් භය කැමැත්තෙම් වාසය කෙරෙම් ද? යම් යම් ඉරියව්වකින් යුක්ත වූ මා වෙත ඒ භයජනක අරමුණ ඒ ද, ඒ ඒ ඉරියව්වෙන් යෙදුනෙම් ම ඒ භයජනක අරමුණ දුර ලන්නෙම් නම්, යෙහෙකැයි කියායි. බමුණ, සක්මන් කරන්නා වූ මා වෙතට ඒ භයභේරවය එයි ද, බමුණ මම යම් තාක් සක්මන් කරමින් ම ඒ භයභේරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො සිටිමි. නො හිඳිමි. නො නිදමි. බමුණ, සිටියා වූ ඒ මා වෙතට ඒ භය භේරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් සිටියෙම් ම ඒ භයභේරවය දුරු කෙරෙම් ද, ඒ තාක් සක්මන් නො කරමි. නො හිඳිමි. නො නිදමි. බමුණ, හුන්නා වූ මා වෙතට ඒ භයභේරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් හුන්නෙම් ම ඒ භයභේරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො නිදමි. නො සිටිමි. සක්මන් නො කරමි. බමුණ, හොත්තා වූ මා වෙතට ඒ භයභේරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් නිදන්නෙම් ම ඒ භයභේරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො හිඳිමි. නො සිටිමි. සක්මන් නො කරමි.

22. සන‍්ති ඛො පන බ්‍රාහ‍්මණ එකෙ සමණබ්‍රාහ‍්මණා රත‍්තිංයෙව සමානං දිවාති සඤ‍්ජානන‍්ති, දිවායෙව සමානං රත‍්තීති සඤ‍්ජානන‍්ති; ඉදමහං තෙසං සමණබ්‍රාහ‍්මණානං සම‍්මොහවිහාරස‍්මිං වදාමි. අහං ඛො පන බ්‍රාහ‍්මණ රත‍්තිංයෙව සමානං රත‍්තීති සඤ‍්ජානාමි, දිවායෙව සමානං දිවාති සඤ‍්ජානාමි. යං ඛො තං බ්‍රාහ‍්මණ සම‍්මා වදමානො වදෙය්‍ය අසම‍්මොහධම‍්මො සත‍්තො ලොකෙ උප‍්පන‍්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති, මමෙව තං සම‍්මා වදමානො වදෙය්‍ය අසම‍්මොහධම‍්මො සත‍්තො ලොකෙ උප‍්පන‍්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

22. බමුණ, රාත්‍රිය ම දහවල් ය යි සිතන දහවල ම රාත්‍රිය යි සිතන ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. මේ ඒ මහණබමුණන්ගේ මුළා වූ විසීමකැ යි මම කියමි. බමුණ, මම රැය ම රැය ය යි හඳුනමි. දාවල දාවල ම ය යි හඳුනමි. බමුණ, මනා කොට කියන්නෙක් ‘මුළා නොවන ගති ඇති සත්ත්‍වයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස ලෝකයෙහි උපන්නේ ය’යි යම් කෙනකුන් උදෙසා කියා ද, මනා කොට (සත්‍යය) කියන්නෙක් ‘මුළා නො වන ගති ඇති සත්ත්‍වයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස ලෝකයෙහි උපන්නේ ය’යි ඒ මා උදෙසා ම කියන්නේ ය.

23. ආරද‍්ධං ඛො පන මෙ බ්‍රාහ‍්මණ විරියං අහොසි අසල‍්ලීනං. උපට‍්ඨිතා සති අසම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො. සමාහිතං චිත‍්තං එකග‍්ගං. සො ඛො අහං බ්‍රාහ‍්මණ විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙඛකො ච විහාසිං සතො ච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙසිං, යං තං අරියා ආචික‍්ඛන‍්ති ‘උපෙඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛංඅසුඛං උපෙඛා සතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං.

23. බමුණ, මා විසින් වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේ නො සැඟවුණේ ය. සිහිය එළඹ සිටියේ මුළා නො වූයේ ය. (නාමරූප) කය සන්හිඳුණේ දරථ රහිත වී ය. සිත සමාධියෙහි පිහිටියේ එකඟ වී ය. බමුණ, ඒ මම කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ස්වසන්තානයෙහි උපන් සම්ප්‍රසාදන සඞ්ඛ්‍යාත ශ්‍රද්ධාවෙන් යුක්ත වූ සිතේ එකඟබැව් වඩන්නා වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු කිරීමෙන් උපේක්‍ෂක ව ද වාසය කෙළෙමි. සිහි ඇත්තෙම් මනානුවණින් යුක්ත වූයෙම් (නාමරූප) කයින් සැපය ද වින්දෙමි. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් නිසා ‘උපේක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුව සේ වෙසේ’යයි කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. (පූර්‍වයෙහි ම) කායික සුඛයාගේ ද ප්‍රහාණයෙන් කායිකදුක්‍ඛයාගේ ද ප්‍රහාණයෙන්, පූර්‍වයෙහි ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ ද අස්තඞ්ගමයෙන් (=ප්‍රහාණයෙන්) දුක් නො වූ සුඛ නො වූ, උපේක්‍ෂාවෙන් හටගත් සතිපාරිසුද්ධි (=සිහිය පිළිබඳ පිරිසිදුබැව්) ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

24. සො එවං සමාහිතෙ චිත‍්තෙ - පරිසුද‍්ධෙ, පරියොදාතෙ, අනඞ‍්ගණෙ, විගතූපක‍්කිලෙසෙ, මුදුභූතෙ, කම‍්මනියෙ, ඨිතෙ, ආනෙඤ‍්ජප‍්පත‍්තෙ, පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි. සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං, ද‍්වෙපි ජාතියො, තිස‍්සොපි ජාතියො, චතස‍්සොපි ජාතියො, පඤ‍්චපි ජාතියො, දසපි ජාතියො, වීසම‍්පි ජාතියො, තිංසම‍්පි ජාතියො, චත‍්තාරීසම‍්පි ජාතියො, පඤ‍්ඤාසම‍්පි ජාතියො, ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි, ජාතිසතසහස‍්සම‍්පි, අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ, අනෙකෙපි විවට‍්ටකප‍්පෙ, අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ, ‘අමුත්‍රාසිං එවන‍්නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො; සො තතො චුතො අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං එවන‍්නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධූපපන‍්නො’ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි. අයං ඛො මෙ බ්‍රාහ‍්මණ රත‍්තියා පඨමෙ යාමෙ පඨමා විජ‍්ජා අධිගතා, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො ආලොකො උප‍්පන‍්නො, යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො.

24. ඒ මම මෙසේ සමාධිගත වූ සිත - පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, අඞ්ගණ (කෙලෙස්) නැති වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කාර්‍ය්‍යයට සුදුසු වූ කල්හි, (පිරිසිදු බැව් ආදියෙහි) ස්ථිර ව සිටි කල්හි, නො සැලෙන බවට පත් වූ කල්හි, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත විශේෂයෙන් නතු කෙළෙමි. ඒ මම නොයෙක් ආකාර ඇති පුබ්බෙනිවාසය සිහි කරමි. එනම්: එක ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පහක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද; නොයෙක් සංවර්‍ත (=නස්නා) කල්පයන් ද, නොයෙක් විවර්‍ත (=හටගන්නා) කල්පයන් ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද සිහි කරමි: “අසුවල් තැන්හි උපන්මි. මෙවැනි නම් ඇත්තෙක් වීමි. මෙවැනි ගෝත්‍ර ඇත්තෙක් වීමි. මෙවැනි පැහැ ඇත්තෙක් වීමි. මෙවැනි ආහාර ඇත්තෙක් වීමි. මෙවැනි සැපදුක් වින්දෙක් වීමි. මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහි දී ද මෙ වැනි නම් ඇත්තෙක් වීමි. මෙ වැනි ගෝත්‍ර ඇත්තෙක් වීමි. මෙවැනි පැහැ ඇත්තෙක් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙක් වීමි. මෙ වැනි සැපදුක් වින්දෙක් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙම් වෙමි”යි. මෙසේ ආකාර සහිත වූ උදෙසීම සහිත වූ නන් වැදෑරුම් වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරමි. බමුණ, මා විසින් රැයෙහි පෙරයම මේ පළමුවන පූර්වේනිවාස විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නැසින. විද්‍යාව උපන. මොහඳුර නැසුණේ ය. විද්‍යාලෝකය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව මෙහෙයවූ සිත් ඇති ව වසන්නහුට යම් සේ (අවිද්‍යාවිඝාතාදිය වේ) නම් (මට ද) එසේ ම වී ය.

25. සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ සත‍්තානං චුතූපපාතඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං. සො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සාමි චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ. යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි: ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා, වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා, මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා, අරියානං උපවාදකා, මිච‍්ඡාදිට‍්ඨිකා, මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා, වචීසුචරිතෙන සමන‍්නාගතා, මනොසුචරිතෙන සමන‍්නාගතා, අරියානං අනුපවාදකා, සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නාති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සාමි චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ. යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි. අයං ඛො මෙ බ්‍රාහ‍්මණ රත‍්තියා මජ‍්ඣිමෙ යාමෙ දුතියා විජ‍්ජා අධිගතා, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො, ආලොකො උප‍්පන‍්නො, යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො.

25. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, (විෂ්කම්භණවශයෙන්) අඞ්ගණ නැති වූ කල් හි, උපක්ලේශ නැති වූ කල්හි, මෘදු වූ කල්හි, කාර්‍ය්‍යයට සුදුසු වූ කල්හි, ස්ථිර ව සිටි කල්හි, නො සැලෙනබවට පත් වූ කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නතු කෙළෙමි. ඒ මම අතිශයින් පිරිසිදු වූ මිනිස්ඇස ඉක්මවූ දිවැසින් ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති දුගතියට ගිය සුගතියට ගිය සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි පරලෝ ගිය සත්ත්‍වයන් දත්මි. ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට ගැරහුවාහු මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු ය. ඒ මොහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටෙන නිරයෙහි උපන්නාහු ය. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට නො ගැරහුවාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු ය. ඒමොහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු ය යි - මෙසේ වෙසෙසින් පිරිසිදු වූ මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවැසින් ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දන්මි. බමුණ, මා විසින් රැයෙහි මැදුමයම්හි මේ දෙවැනි (දිබ්බචක්‍ඛු) විද්‍යාව ලබන ලදී. (එහි වූ) අවිද්‍යාව නැසින. විද්‍යාව උපන. මොහඳුර නැසින. විදුඑළිය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව දිවැස් නැණ පිණිස මෙහෙයවූ සිත්ඇති ව වසන්නහුට යම් සේ නම් (මට ද) එසේ ම විය.

26. සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛසමුදයොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛනිරොධොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං: ඉමෙ ආසවාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං ආසවසමුදයොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං ආසවනිරොධොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. තස‍්ස මෙ එවං ජානතො එවං පස‍්සතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ. භවාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ. අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං අහොසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසිං. අයං ඛො මෙ බ්‍රාහ‍්මණ රත‍්තියා පච‍්ඡිමෙ යාමෙ තතියා විජ‍්ජා අධිගතා, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො, ආලොකො උප‍්පන‍්නො, යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො.

26. ඒ මම මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, (විෂ්කම්භණවශයෙන්) කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේශ නැති වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මයට සුදුසු වූ කල්හි, ස්ථිර ව සිටි කල්හි, නො සැලෙන බවට පත් වූ කල්හි ආස්‍රවක්‍ෂයකරඥානය (=කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත වෙසෙසින් නතු කෙළෙමි. ඒ මම මේ (පඤ්චස්කන්‍ධය) දුක ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (තෘෂ්ණාව) දුක් ඉපදීමේ හේතුව ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (තෘෂ්ණාවගේ නිරෝධ්‍ය) දුඃඛනිරෝධ ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (අරිඅටඟිමග) දුක් නැති කිරීමේ ප්‍රතිපත්තිය යි තත් වූ පරිදි දැන ගතිමි. මොහු ආස්‍රවයහ යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවසමුදය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවනිරෝධ ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යි තත් වූ පරිදි දැන ගතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුණේ ය. භවාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදුණේ ය යි ප්‍රත්‍යවේක්‍ෂාඥානය පහළ වී ය. ‘ජාතිය අනුත්පාදවශයෙන් ක්‍ෂීණ වී ය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදී. සිවුමගකිස කරන ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කළ යුතු අනෙක් කිසක් නොහොත් මේ වර්‍තමාන ස්කන්‍ධසන්තානයෙන් අන්‍ය වූ (අනාගත) පඤ්චස්කන්‍ධයක් නැතැ’යි දැන ගතිමි. බමුණ, මා විසින් රැයෙහි පැසුළුයම්හි මේ තුන්වැනි විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. විද්‍යාලෝකය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇති ව වසන්නහුට යම් සේ ද, (මට ද) එසේ ම වි ය.

27. සියා ඛො පන තෙ බ්‍රාහ‍්මණ එවමස‍්ස: අජ‍්ජාපි නූන සමණො ගොතමො අවීතරාගො අවීතදොසො අවීතමොහො, තස‍්මා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවතීති. න ඛො පනෙතං බ්‍රාහ‍්මණ, එවං දට‍්ඨබ‍්බං. ද‍්වෙ ඛො අහං බ්‍රාහ‍්මණ අත්‍ථවසෙ සම‍්පස‍්සමානො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවාමි: අත‍්තනො ච දිට‍්ඨධම‍්මසුඛවිහාරං සම‍්පස‍්සමානො, පච‍්ඡිමඤ‍්ච ජනතං අනුකම‍්පමානොති.

27. බමුණ, ඔබට කිසිවිටක “ශ්‍රමණ ගෞතම තෙමේ අද දක්වාත් පහ නො වූ රාග ඇත්තේ ය. පහ නො වූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. එහෙයින් අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සේවනය කෙරේ ය”යි මෙවැනි අදහසක් විය හැකි ය. බමුණ, එය එසේ නො දත යුතු ය. බමුණ, මම තමාගේ දිටුදැමියෙහි ඉරියවු සැප විහරණය දැකීම ය, පශ්චිම ජනතාවට අනුකම්පා කිරීම ය යන මේ කරුණු දෙක දක්නෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සේවනය කරමි.

28. අනුකම‍්පිතරූපායං භොතා ගොතමෙන පච‍්ඡිමා ජනතා, යථා තං අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන. අභික‍්කන‍්තං භො ගොතම. අභික‍්කන‍්තං භො ගොතම. සෙය්‍යථාපි භො ගොතම නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

28. අර්‍හත් වූ සම්මා සම්බුදුරජාණන් කෙනකුන් විසින් යම්සේ කටයුතු ද, එසේ භවත් ගෞතමයන් වහන්සේ විසින් මේ පශ්චිම ජනතා තොමෝ අනුකම්පිත ස්වභාව ඇත්තී ය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් කාන්ත ය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් ඉෂ්ට ය. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කළ දැයක් උඩුකුරු කරන්නේ හෝ වැසූ දැයක් විවෘත කරන්නේ හෝ (යා යුතු දෙස) මුළා වූවකුට මග කියන්නේ හෝ ඇස් ඇත්තාහු රූප දක්නාහ යි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම් සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් මට දහම් දෙසන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේත් ධර්‍මයත් සඞ්ඝයාත් සරණ කොට යමි - පිහිටය යි දනිමි. ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු (කැපකරුවෙකු) ලෙස සලකන සේක්වා.

භයභෙරවසුත‍්තං චතුත්‍ථං.

භයභේරවසූත්‍රය සිවුවැනි යි.