යෙදුමෙන් කියවන්න

අනඞ‍්ගණසුත‍්තං

1. 1. 5.

1. 1. 5.

අනඞ‍්ගණසුත‍්තං

අනඞ්ගණ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි: ආවුසො භික‍්ඛවොති. ආවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:

2. චත‍්තාරො’මෙ ආවුසො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො? ඉධාවුසො එකච‍්චො පුග‍්ගලො සාඞ‍්ගණො’ව සමානො ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං නප‍්පජානාති. ඉධ පනාවුසො එකච‍්චො පුග‍්ගලො සාඞ‍්ගණො’ව සමානො ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං පජානාති. –

2. ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි වෙති. කවර සතර දෙනෙක යත්: ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් අඞ්ගණ - දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනියි.

ඉධාවුසො එකච‍්චො පුග‍්ගලො අනඞ‍්ගණොව සමානො ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං නප‍්පජානාති. ඉධ පනාවුසො එකච‍්චො පුග‍්ගලො අනඞ‍්ගණොව සමානො ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං පජානාති. තත්‍රාවුසො ‘ය‍්වායං පුග‍්ගලො සාඞ‍්ගණොව සමානො ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං නප‍්පජානාති, අයං ඉමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං සාඞ‍්ගණානංයෙව සතං හීනපුරිසො අක‍්ඛායති. තත්‍රාවුසො ය‍්වායං පුග‍්ගලො සාඞ‍්ගණොව සමානො ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං පජානාති, අයං ඉමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං සාඞ‍්ගණානංයෙව සතං සෙට‍්ඨපුරිසො අක‍්ඛායති. තත්‍රාවුසො ය‍්වායං පුග‍්ගලො අනඞ‍්ගණොව සමානො ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං නප‍්පජානාති, අයං ඉමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං අනඞ‍්ගණානංයෙව සතං හීනපුරිසො අක‍්ඛායති. තත්‍රාවුසො ය‍්වායං පුග‍්ගලො අනඞ‍්ගණොව සමානො ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං පජානාති, අයං ඉමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං අනඞ‍්ගණානංයෙව සතං සෙට‍්ඨපුරිසො අක‍්ඛායතීති.

ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙසි රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ නො දනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙසි නැතැ’යි තතු සේ දනියි. ඇවැත්නි, එහි ලා යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, මේ පුද්ගලයා දැඩි කෙලෙස් සහිත වූ ම පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හීනපුරුෂයා ය යි කියනු ලැබේ. එහි යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රේෂ්ඨපුරුෂයා ය යි කියනු ලැබේ. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ නො දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හීන පුරුෂයා ය යි කියනු ලැබේ. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයා ය යි කියනු ලැබේ.

3. එවං වුත‍්තෙ ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: කො නු ඛො ආවුසො සාරිපුත‍්ත හෙතු කො පච‍්චයො, යෙනිමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං සාඞ‍්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක‍්ඛායති? එකො සෙට‍්ඨපුරිසො අක‍්ඛායති? කො පනාවුසො සාරිපුත‍්ත හෙතු කො පච‍්චයො, යෙනිමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං අනඞ‍්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක‍්ඛායති? එකො සෙට‍්ඨපුරිසො අක‍්ඛායතීති?

3. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට මෙය වදාළ සේක: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් හේතුවකින් දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හින පුද්ගලයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයා ය යි කියනු ලැබේ ද, ඊට හේතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද? ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් යම් හෙයකින් එකෙක් හීන ය යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රේෂ්ඨ ය යි කියනු ලැබේ ද, ඊට හේතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද?

4. තත්‍රාවුසො ය‍්වායං පුග‍්ගලො සාඞ‍්ගණොව සමානො ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං නප‍්පජානාති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: න ඡන්‍දං ජනෙස‍්සති, න වායමිස‍්සති, න විරියං ආරභිස‍්සති තස‍්සඞ‍්ගණස‍්ස පහානාය. සො සරාගො සදොසො සමොහො සාඞ‍්ගණො සඞ‍්කිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සති. සෙය්‍යථාපි ආවුසො කංසපාති ආභතා ආපණා වා කම‍්මාරකුලා වා රජෙන ච මලෙන ච පරියොනද‍්ධා, තමෙනං සාමිකා න චෙව පරිභුඤ‍්ජෙය්‍යුං, න ච පරියොදපෙය්‍යුං, රජාපථෙ ච නං නික‍්ඛිපෙය්‍යුං, එවං හි සා ආවුසො කංසපාති අපරෙන සමයෙන සඞ‍්කිලිට‍්ඨතරා අස‍්ස මලග‍්ගහීතාති. එවමාවුසොති. එවමෙව ඛො ආවුසො ය‍්වායං පුග‍්ගලො සාඞ‍්ගණොව සමානො ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං නප‍්පජානාති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: න ඡන්‍දං ජනෙස‍්සති, න වායමිස‍්සති, න විරියං ආරභිස‍්සති තස‍්සඞ‍්ගණස‍්ස පහානාය. සො සරාගො සදොසො සමොහො සාඞ‍්ගණො සඞ‍්කිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සති.

4. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය. වැර නො අරඹන්නේ ය. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටුසිත් ඇති වූයේ කාලක්‍රියා කරන්නේය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද ධූලියෙන් හා මලකඩින් ද බැඳුණු කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග නො කෙරෙත් නම්, පිරිසිදු නො කෙරෙත් නම්, එය ධූලි සහිත තන්හි දමත් නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසුකාලයෙක ඉතා කිලුටු වූවක් මල බැඳුනක් වන්නේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය, වැර නො අරඹන්නේ ය. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුය.

5. තත්‍රාවුසො ය‍්වායං පුග‍්ගලො සාඞ‍්ගණොව සමානො ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං පජානාති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: ඡන්‍දං ජනෙස‍්සති, වායමිස‍්සති විරියං ආරභිස‍්සති තස‍්සඞ‍්ගණස‍්ස පහානාය. සො අරාගො අදොසො අමොහො අනඞ‍්ගණො අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සති. සෙය්‍යථාපි ආවුසො කංසපාති ආභතා ආපණා වා කම‍්මාරකුලා වා රජෙන ච මලෙන ච පරියොනද‍්ධා, තමෙනං සාමිකා පරිභුඤ‍්ජෙය්‍යුඤ‍්චෙව පරියොදපෙය්‍යුඤ‍්ච, න ච නං රජාපථෙ නික‍්ඛිපෙය්‍යුං, එවං හි සා ආවුසො කංසපාති අපරෙන සමයෙන පරිසුද‍්ධා අස‍්ස පරියොදාතාති. එවමාවුසොති. එවමෙව ඛො ආවුසො ය‍්වායං පුග‍්ගලො සාඞ‍්ගණොව සමානො ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං පජානාති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: ඡන්‍දං ජනෙස‍්සති, වායමිස‍්සති, විරියං ආරභිස‍්සති තස‍්සඞ‍්ගණස‍්ස පහානාය. සො අරාගො අදොසො අමොහො අනඞ‍්ගණො අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සති.

5. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය, වෑයම් කරන්නේ ය, වැර අරඹන්නේ ය. හෙතෙමේ රාග රහිත වූයේ ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ නො කිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද ධුලියෙන් හා මලකඩින් ද බැඳුණු කස්ලෝතලියක් වේ ද, හිමියෝ එය පරිභෝග කරන්නාහු නම්, පිරිසුදු කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි නො බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක ඉතා පිරිසුදු වන්නේ ද? ඉතා ප්‍රභාස්වරත් වන්නේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය, වෑයම් කරන්නේ ය, වැර අරඹන්නේ ය. හෙතෙම රාග රහිත වූයේ ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ කිලුටු නො වූ සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳව බලාපොරොත්තු විය යුතු ය.

6. තත්‍රාවුසො ය‍්වායං පුග‍්ගලො අනඞ‍්ගණොව සමානො ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං නප‍්පජානාති; තස‍්සෙතං පාටිකඞ‍්ඛං: සුභනිමිත‍්තං මනසි කරිස‍්සති. තස‍්ස සුභනිමිත‍්තස‍්ස මනසිකාරා රාගො චිත‍්තං අනුද‍්ධංසෙස‍්සති. සො සරාගො සදොසො සමොහො සාඞ‍්ගණො සඞ‍්කිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සති. සෙය්‍යථාපි ආවුසො කංසපාති ආභතා ආපණා වා කම‍්මාරකුලා වා පරිසුද‍්ධා පරියොදාතා, තමෙනං සාමිකා න චෙව පරිභුඤ‍්ජෙය්‍යුං, න ච පරියොදපෙය්‍යුං, රජාපථෙ ච නං නික‍්ඛිපෙය්‍යුං, එවං හි සා ආවුසො කංසපාති අපරෙන සමයෙන සඞ‍්කිලිට‍්ඨා අස‍්ස මලග‍්ගහීතාති. එවමාවුසොති. එවමෙව ඛො ආවුසො ය‍්වායං පුග‍්ගලො අනඞ‍්ගණොව සමානො ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං නප‍්පජානාති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: සුභනිමිත‍්තං මනසි කරිස‍්සති. තස‍්ස සුභනිමිත‍්තස‍්ස මනසිකාරා රාගො චිත‍්තං අනුද‍්ධංසෙස‍්සති. සො සරාගො සදොසො සමොහො සාඞ‍්ගණො සඞ‍්කිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සති.

6. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ නො දනී ද, හෙතෙමේ ශුභ වූ අරමුණක් මෙනෙහි කරන්නේ ය. ඒ ශුභ වූ අරමුණ මෙනෙහි කිරීම නිසා රාගය (ඔහුගේ) සිත මැඩ ගෙන සිටියි. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සිත් ඇති වූයේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද පිරිසිදු ප්‍රභාස්වර කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග නො කරන්නාහු නම්, පිරිසුදු නො කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක කිලුටු වූයේත් මල බැඳුණේත් වේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ නො දනියි ද, හෙතෙමේ ශුභ වූ අරමුණක් මෙනෙහි කරන්නේ ය. ඒ ශුභ වූ අරමුණ මෙනෙහි කිරීම නිසා රාගය සිත මැඩ ගෙන සිටී. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ අඞ්ගණ සහිත වූයේ කිලුටු සිත් ඇති වූයේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි.

7. තත්‍රාවුසො ය‍්වායං පුග‍්ගලො අනඞ‍්ගණොව සමානො ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං පජානාති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: සුභනිමිත‍්තං න මනසි කරිස‍්සති. තස‍්ස සුභනිමිත‍්තස‍්ස අමනසිකාරා රාගො චිත‍්තං නානුද‍්ධංසෙස‍්සති. සො අරාගො අදොසො අමොහො අනඞ‍්ගණො අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සති. සෙය්‍යථාපි ආවුසො කංසපාති ආභතා ආපණා වා කම‍්මාරකුලා වා පරිසුද‍්ධා පරියොදාතා, තමෙනං සාමිකා පරිභුඤ‍්ජෙය්‍යුඤ‍්චෙව පරියොදපෙය්‍යුඤ‍්ච, න ච නං රජාපථෙ නික‍්ඛිපෙය්‍යුං, එවං හි සා ආවුසො කංසපාති අපරෙන සමයෙන පරිසුද‍්ධතරා අස‍්ස පරියොදාතාති. එවමාවුසොති.

7. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් පුද්ගලයෙක් තෙම අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ශුභනිමිත්ත මෙනෙහි නො කරන්නේ ය. ඒ ශුභනිමිත්ත මෙනෙහි නො කිරීමෙන් රාගය (ඔහුගේ) සිත නො මඩින්නේ ය. හෙතෙම රාග නැත්තේ ද්වේෂ නැත්තේ මෝහ නැත්තේ අඞ්ගණ නැත්තේ නො කිලිටු සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද පිරිසිදු වූ හාත්පසින් බබලන කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග කරන්නා හු නම්, පිරිසුදු කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි නො බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක ඉතා පිරිසුදු වූයේත් හාත්පසින් බබළන්නේත් වේ ද? ඇවැත්නි, එය එසේ ය.

එවමෙව ඛො ආවුසො ය‍්වායං පුග‍්ගලො අනඞ‍්ගණොව සමානො ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණ’න‍්ති යථාභූතං පජානාති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: සුභනිමිත‍්තං න මනසි කරිස‍්සති, තස‍්ස සුභනිමිත‍්තස‍්ස අමනසිකාරා රාගො චිත‍්තං නානුද‍්ධංසෙස‍්සති, සො අරාගො අදොසො අමොහො අනඞ‍්ගණො අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සති.

ඇවැත්නි, එපරිද්දෙන් ම යම් ඒ පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ දනී ද, හෙතෙමේ ශුභනිමිත්ත මෙනෙහි නො කරන්නේ ය, ඒ ශුභනිමිත්ත මෙනෙහි නො කිරීමෙන් රාගය (ඔහුගේ) සිත නො මඩින්නේ ය, හෙතෙම රාගය නැත්තේ ද්වේෂය නැත්තේ මෝහය නැත්තේ අඞ්ගණ නැත්තේ නො කිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය.

8. අයං ඛො ආවුසො මොග‍්ගල‍්ලාන, හෙතු, අයං පච‍්චයො, යෙනිමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං සාඞ‍්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක‍්ඛායති, එකො සෙට‍්ඨපුරිසො අක‍්ඛායති. අයං පනාවුසො මොග‍්ගල‍්ලාන හෙතු, අයං පච‍්චයො, යෙනිමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං අනඞ‍්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක‍්ඛායති, එකො සෙට‍්ඨපුරිසො අක‍්ඛායතීති.

8. ඇවැත්නි මුගලන, යම් හෙයකින් අඞ්ගණ සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හීන පුරුෂයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රේෂ්ඨ පුරුෂයා යි කියනු ලැබේ ද, එයට හේතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි. අඞ්ගණ රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙනුත් එකෙක් හීන පුරුෂයා යි කියනු ලබන්නේත් එකෙක් ශ්‍රේෂ්ඨ පුරුෂයා යි කියනු ලබන්නේත් මේ හේතුවෙනි. මේ ප්‍රත්‍යයෙනි.

9. අඞ‍්ගණං අඞ‍්ගණන‍්ති ආවුසො වුච‍්චති. කිස‍්ස නු ඛො එතං ආවුසො අධිවචනං යදිදං අඞ‍්ගණන‍්ති? පාපකානං ඛො එතං ආවුසො අකුසලානං ඉච‍්ඡාවචරානං අධිවචනං යදිදං අඞ‍්ගණන‍්ති.

9. ඇවැත්නි, ‘අඞ්ගණ ය, අඞ්ගණ ය’යි කියනු ලැබේ. ඇවැත්නි, ‘අඞ්ගණ’ යන මෙය කුමකට නමක් ද? ඇවැත්නි, ‘අඞ්ගණ’ යන මෙය කාමවශයෙන් සිතෙහි හැසිරෙන පාපධර්‍මයන්ට නමෙකි.

10. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ආපත‍්තිඤ‍්ච වත ආපන‍්නො අස‍්සං, න චෙව මං භික‍්ඛූ ජානෙය්‍යුං: ආපත‍්තිං ආපන‍්නොති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං තං භික‍්ඛුං භික‍්ඛූ ජානෙය්‍යුං: ආපත‍්තිං ආපන‍්නොති; ‘ජානන‍්ති මං භික‍්ඛූ ආපත‍්තිං ආපන‍්නො’ති, ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

10. ඇවැත්නි, මේ කාරණය විද්‍යමාන වෙයි. එනම් යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට මෙබඳු ආශාවක් උපදින්නේ ය: “මම ඇවැතට ඒකාන්තයෙන් පැමිණියෙම් නමුත් ‘මෙතෙමේ ඇවැතට පැමිණියේ ය’යි භික්‍ෂූහු මා නො දන්නාහු නම් මැනැවැ”යි යනුයි. ඇවැත්නි, භික්‍ෂූහු ඒ මහණ ඇවැතට පැමිණියේ ය යි දන්නාහු ය” යන යමක් වේ නම් මේ කාරණය විද්‍යමාන වෙයි. ‘භික්‍ෂූහු (මෙතෙමේ) ඇවැතට පැමිණියේය’යි මා ද නිතැයි මෙසේ හෙතෙමේ කිපියේ නොසතුටු වූයේ වෙයි. ඇවැත්නි, යම් කෝපයෙකුත් වේ ද, යම් නො සතුටුබවෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.

11. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ආපත‍්තිඤ‍්ච වත ආපන‍්නො අස‍්සං, අනුරහො මං භික‍්ඛූ චොදෙය්‍යුං, නො සඞ‍්ඝමජ‍්ඣෙති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං තං භික‍්ඛුං භික‍්ඛූ සඞ‍්ඝමජ‍්ඣෙ චොදෙය්‍යුං, නො අනුරහො. ‘සඞ‍්ඝමජ‍්ඣෙ මං භික‍්ඛූ චොදෙන‍්ති, නො අනුරහො’ති. ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

11. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘මම ඒකාන්තයෙන් ඇවැතට පැමිණියෙම් නමුදු ‘භික්‍ෂූහු මට රහසිගත ව චෝදනා කරන්නාහු නම්, සඟමැද චෝදනා නො කරන්නාහු නම්, යෙහෙක’ යන ආශාව උපදනේ ය” යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, භික්‍ෂූහු ඒ මහණහට සඟමැද චෝදනා කරන්නාහු ද, රහසිගත ව චෝදනා නො කරන්නාහු ද යන මේ කරුණ ද විද්‍යමාන වෙයි “භික්‍ෂූහු මග සඟමැද චෝදනා කෙරෙත්. රහසිගත ව චෝදනා නො කෙරෙත්”යි මෙසේ හෙතෙම කිපියේ වෙයි. අසුතුටු වූයේ වෙයි. ඇවැත්නි, (මෙසේ) යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.

12. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ආපත‍්තිඤ‍්ච වත ආපන‍්නො අස‍්සං, සප‍්පටිපුග‍්ගලො මං චොදෙය්‍ය, නො අප‍්පටිපුග‍්ගලොති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං තං භික‍්ඛුං අප‍්පටිපුග‍්ගලො චොදෙය්‍ය, නො සප‍්පටිපුග‍්ගලො, ‘අප‍්පටිපුග‍්ගලො මං චොදෙති, නො සප‍්පටිපුග‍්ගලො’ති, ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

12. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘මම ඒකාන්තයෙන් ඇවැතට පැමිණියෙම් නමුත් සමාන පුද්ගලයෙක් මට චෝදනා කෙරේ නම්, අසමාන පුද්ගලයෙක් චෝදනා නො කෙරේ නම්, යෙහෙක යන ආශාව උපදනේ ය’ යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, අසමාන පුද්ගලයෙක් ඒ මහණහට චෝදනා කෙරේ ද, සමාන පුද්ගලයෙක් චෝදනා නො කෙරේ ද යන මේ කාරණය විද්‍යමාන වෙයි. ‘අසමාන පුද්ගලයෙක් මට චෝදනා කෙරෙයි. සමාන පුද්ගලයෙක් චෝදනා නො කෙරේ ය’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි එහි ලා යම් කෝපයකුත් වේ ද, යම් නො සතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.

13. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මමෙව සත්‍ථා පටිපුච‍්ඡිත්‍වා පටිපුච‍්ඡිත්‍වා භික‍්ඛූනං ධම‍්මං දෙසෙය්‍ය, න අඤ‍්ඤං භික‍්ඛුං සත්‍ථා පටිපුච‍්ඡිත්‍වා පටිපුච‍්ඡිත්‍වා භික‍්ඛූනං ධම‍්මං දෙසෙය්‍යා”ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤං භික‍්ඛුං සත්‍ථා පටිපුච‍්ඡිත්‍වා පටිපුච‍්ඡිත්‍වා භික‍්ඛූනං ධම‍්මං දෙසෙය්‍ය, න තං භික‍්ඛුං සත්‍ථා පටිපුච‍්ඡිත්‍වා පටිපුච‍්ඡිත්‍වා භික‍්ඛූනං ධම‍්මං දෙසෙය්‍ය. “අඤ‍්ඤං භික‍්ඛුං සත්‍ථා පටිපුච‍්ඡිත්‍වා පටිපුච‍්ඡිත්‍වා භික‍්ඛූනං ධම‍්මං දෙසෙති. න මං සත්‍ථා පටිපුච‍්ඡිත්‍වා පටිපුච‍්ඡිත්‍වා භික‍්ඛූනං ධම‍්මං දෙසෙතී”ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

13. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුට ‘ශාස්තෲන් වහන්සේ මා ම පිළිවිස පිළිවිස භික්‍ෂුන්ට දහම් දෙසන සේක් නම්, ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට දහම් නො දෙසන සේක් නම් යෙහෙක’ යන ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දේශනා කරන සේක් නම්, ශාස්තෲන් වහන්සේ ඒ මහණහු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍මදේශනා නො කරණ සේක් නම්, ‘ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දේශනා කරන සේක. ශාස්තෲන් වහන්සේ මා පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දේශනා නො කරන සේකැ’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි යන යම් කාරණයක් වේ ද, එයත් විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණ යි.

14. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මමෙව භික‍්ඛූ පුරක‍්ඛත්‍වා පුරක‍්ඛත්‍වා ගාමං භත‍්තාය පවිසෙය්‍යුං, න අඤ‍්ඤං භික‍්ඛුං භික‍්ඛූ පුරක‍්ඛත්‍වා පුරක‍්ඛත්‍වා ගාමං භත‍්තාය පවිසෙය්‍යු”න‍්ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤං භික‍්ඛුං භික‍්ඛූ පුරක‍්ඛත්‍වා පුරක‍්ඛත්‍වා ගාමං භත‍්තාය පවිසෙය්‍යුං, න තං භික‍්ඛුං භික‍්ඛූ පුරක‍්ඛත්‍වා පුරක‍්ඛත්‍වා ගාමං භත‍්තාය පවිසෙය්‍යුං. “අඤ‍්ඤං භික‍්ඛුං භික‍්ඛූ පුරක‍්ඛත්‍වා පුරක‍්ඛත්‍වා ගාමං භත‍්තාය පවිසන‍්ති. න මං භික‍්ඛූ පුරක‍්ඛත්‍වා පුරක‍්ඛත්‍වා ගාමං භත‍්තාය පවිසන‍්තී”ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

14. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘භික්‍ෂූහු මා ම පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත් නම්, භික්‍ෂූහු අන් මහණකු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙත් නම්, ඉතා මැනව’ යන ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, භික්‍ෂූහු අන් මහණකු පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත් නම්, භික්‍ෂූහු ඒ මහණහු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙත් නම්, ‘භික්‍ෂූහු අන් මහණකු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට පිවිසෙන්නාහු ය, භික්‍ෂූහි මා පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙන්නාහු ය’යි හෙතෙම කිපෙයි. නො සතුටු වෙයි යන යම් කාරණයක් වේ ද, (එය) විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.

15. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත අහමෙව ලභෙය්‍යං භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං. න අඤ‍්ඤො භික‍්ඛු ලභෙය්‍ය භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩ”න‍්ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤො භික‍්ඛු ලභෙය්‍ය භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං, න සො භික‍්ඛු ලභෙය්‍ය භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං. “අඤ‍්ඤො භික‍්ඛු ලභති භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං. නාහං ලභාමි භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩ”න‍්ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

15. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය මම ම ලබන්නෙම් නම්, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් නො ලබන්නේ නම් මැනැවැ’යි ආශාව උපදනේ ය, යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වන්නේ යි. ඇවැත්නි, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් ලබන්නේ නම්, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය ඒ මහණ නො ලබන්නේ නම් ‘බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් ලබයි. බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය මම නො ලබමි’ යි හෙතෙම කිපෙයි. අසතුටු වෙයි යන යම් කාරණයක් වේ ද, එයත් විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් නො සතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.

16. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ‘අහො වත අහමෙව භත‍්තග‍්ගෙ භුත‍්තාවී අනුමොදෙය්‍යං. න අඤ‍්ඤො භික‍්ඛු භත‍්තග‍්ගෙ භුත‍්තාවී අනුමොදෙය්‍යා’ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤො භික‍්ඛු භත‍්තග‍්ගෙ භුත‍්තාවී අනුමොදෙය්‍ය, න සො භික‍්ඛු භත‍්තග‍්ගෙ භුත‍්තාවී අනුමොදෙය්‍ය. ‘අඤ‍්ඤො භික‍්ඛු භත‍්තග‍්ගෙ භුත‍්තාවී අනුමොදති. නාහං භත‍්තග‍්ගෙ භුත‍්තාවී අනුමොදාමී’ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

16. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘බොජුන්හලෙහි මම ම වළඳා අවසන් කෙළෙම්, අනුමෝදනා කරන්නෙම් නම්, අන් මහණෙක් බොජුන්හලෙහි වළඳා අවසන් කෙළේ අනුමෝදනා නො කරන්නේ නම් යෙහෙකැ’යි කැමැත්ත උපදනේ ය යන යම් මේ කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. අන් මහණෙක් බොජුන්හලෙහි වළඳා අවසන් කෙළේ අනුමෝදනා කරන්නේ ය, බොජුන්හලෙහි ඒ මහණ වළඳා අවසන් කෙළේ අනුමෝදනා නො කරන්නේ ය යන මේ කාරණය ද විද්‍යමාන වෙයි, ‘බොජුන්හලෙහි අන් මහණෙක් වළඳා අවසන් කෙළේ අනුමෝදනා කරන්නේ ය. බොජුන්හලෙහි වැළඳීමෙන් පසු මම අනුමෝදනා නො කරමි’ යි හෙතෙම කිපෙයි, අසතුටු වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.

17. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ‘අහො වත අහමෙව ආරාමගතානං භික‍්ඛූනං ධම‍්මං දෙසෙය්‍යං. න අඤ‍්ඤො භික‍්ඛු ආරාමගතානං භික‍්ඛූනං ධම‍්මං දෙසෙය්‍යා’ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤො භික‍්ඛු ආරාමගතානං භික‍්ඛූනං ධම‍්මං දෙසෙය්‍ය, න සො භික‍්ඛු ආරාමගතානං භික‍්ඛූනං ධම‍්මං දෙසෙය්‍ය. ‘අඤ‍්ඤො භික‍්ඛු ආරාමගතානං භික‍්ඛූනං ධම‍්මං දෙසෙති. නාහං ආරාමගතානං භික‍්ඛූනං ධම‍්මං දෙසෙමී’ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

17. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘ආරාමයට පැමිණි භික්‍ෂූන්ට මම ම ධර්‍මදේශනා කරන්නෙම් නම්, ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදේශනා නො කරන්නේ නම්, ඉතා යෙහෙකැ’යි ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එ ද විද්‍යමාන වෙයි. ඇවැත්නි, ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදේශනා කරන්නේ ය. ඒ මහණ තෙමේ ආරාමයට පැමිණි භික්‍ෂූන්ට ධර්‍මදේශනා නො කරන්නේ ය යන මේ කාරණය ද ඇති වෙයි. ‘ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදේශනා කරයි. ආරාමයට පැමිණි භික්‍ෂූන්ට මම ධර්‍මදේශනා නො කරමි’යි මෙසේ හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.

18. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ‘අහො වත අහමෙව ආරාමගතානං භික‍්ඛුනීනං ධම‍්මං දෙසෙය්‍යං -පෙ- උපාසකානං ධම‍්මං දෙසෙය්‍යං -පෙ- උපාසිකානං ධම‍්මං දෙසෙය්‍යං, න අඤ‍්ඤො භික‍්ඛු ආරාමගතානං උපාසිකානං ධම‍්මං දෙසෙය්‍යා’ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤො භික‍්ඛු ආරාමගතානං උපාසිකානං ධම‍්මං දෙසෙය්‍ය, න සො භික‍්ඛු ආරාමගතානං උපාසිකානං ධම‍්මං දෙසෙය්‍ය. ‘අඤ‍්ඤො භික‍්ඛු ආරාමගතානං උපාසිකානං ධම‍්මං දෙසෙති. නාහං ආරාමගතානං උපාසිකානං ධම‍්මං දෙසෙමී’ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණං.

18. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘ආරාමයට පැමිණි මෙහෙණන්ට මම ම ධර්‍මදේශනා කරන්නෙම් නම් ... උපාසකයන්ට ධර්‍මදේශනා කරන්නෙම් නම් ... උපාසිකාවන්ට ධර්‍මදේශනා කරන්නෙම් නම්, ආරාමයට පැමිණි උපාසිකාවන්ට අන් භික්‍ෂූනමක් ධර්‍මදේශනා නො කරන්නේ නම් ඉතා මැනැවැ’යි ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, ආරාමයට පැමිණි උපාසිකාවන්ට අන් භික්‍ෂුනමක් ධර්‍මදේශනා කරන්නේ ය, ඒ භික්‍ෂු තෙමේ ආරාමයට පැමිණි උපාසිකාවන්ට ධර්‍මදේශනා නො කරන්නේ ය, යන මේ කාරණය ද ඇති වෙයි. ‘ආරාමයට පැමිණි උපාසිකාවන්ට වෙන භික්‍ෂු නමක් ධර්‍මදේශනා කරයි. ආරාමයට පැමිණි උපාසිකාවන්ට මම ධර්‍මදේශනා නො කරමි’යි මෙසේ හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද ඒ දෙක ම අඞ්ගණයි.

19. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ‘අහො වත මමෙව භික‍්ඛූ සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න අඤ‍්ඤං භික‍්ඛුං භික‍්ඛූ සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යු’න‍්ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤං භික‍්ඛුං භික‍්ඛූ සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න තං භික‍්ඛුං භික‍්ඛූ සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං. ‘අඤ‍්ඤං භික‍්ඛුං භික‍්ඛූ සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, න මං භික‍්ඛූ සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්තී’ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො, උභයමෙතං අඞ‍්ගණං.

19. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘භික්‍ෂූහු මට ම සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පූජා කරන්නාහු නම්, ඉතා මැනැව. භික්‍ෂූහු අන් භික්‍ෂූ නමකට සත්කාර නො කරන්නාහු නම්, ගරු නො කරන්නාහු නම්, බුහුමන් නො කරන්නාහු නම්, පූජා නො කරන්නාහු නම් ඉතා මැනැවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදී නම් මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, භික්‍ෂූහු යම් හෙයකින් අන් භික්‍ෂූ නමකට සත්කාර කරන්නාහුය, ගරු කරන්නාහු ය, බුහුමන් කරන්නාහු ය, පූජා කරන්නාහු ය, භික්‍ෂූහු ඒ භික්‍ෂු නමට සත්කාර නො කරන්නාහු, ගරු නො කරන්නාහු ය, බුහුමන් නො කරන්නාහු ය, පූජා නො කරන්නාහු ය, යන මේ කරුණ ඇති වෙයි යන මේ කාරණයෙක්ද විද්‍යමාන වෙයි. ‘භික්‍ෂූහු අන් භික්‍ෂු නමකට සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්. පුද කරත්. භික්‍ෂූහු මට සත්කාර නො කරත්, ගරු නො කරත්, බුහුමන් නො කරත්, පුද නො කරත් ය’යි හෙතෙමේ කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.

20. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ‘අහො වත මමෙව භික‍්ඛුනියො -පෙ- උපාසකා -පෙ- උපාසිකා සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න අඤ‍්ඤං භික‍්ඛුං උපාසිකා සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යු’න‍්ති ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤං භික‍්ඛුං උපාසිකා සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න තං භික‍්ඛුං උපාසිකා සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, ‘අඤ‍්ඤං භික‍්ඛුං උපාසිකා සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, න මං උපාසිකා සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්තී’ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො, උභයමෙතං අඞ‍්ගණං.

20. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට ‘භික්‍ෂුණීහු ... උපාසකයෝ ... උපාසිකාවෝ මට ම සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුද කරන්නාහු නම්, උපාසිකාවෝ අන් භික්‍ෂුනමකට සත්කාර නො කරන්නාහු නම්, ගරු නො කරන්නාහු නම්, බුහුමන් නො කරන්නාහු නම්, පුද නො කරන්නාහු නම් ඉතා මැනවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදී නම් මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, උපාසිකාවෝ යම්හෙයකින් අන් මහණකුට සත්කාර කරන්නාහු ය, ගරු කරන්නාහු ය, බුහුමන් කරන්නාහු ය, පුද කරන්නාහු ය, උපාසිකාවෝ ඒ භික්‍ෂුනමට සත්කාර නො කරන්නාහු ය, ගරු නො කරන්නාහු ය, බුහුමන් නො කරන්නාහු ය, පුද නො කරන්නාහු ය, යන මේ කරුණ වෙයි. ‘උපාසිකාවෝ අන් භික්‍ෂු නමකට සත්කාර කෙරෙත්. ගරු කෙරෙත්. බුහුමන් කෙරෙත්. පුද කෙරෙත්. උපාසිකාවෝ මට සත්කාර නො කෙරෙත්. ගරු නො කෙරෙත්. බුහුමන් නො කෙරෙත්. පුද නො කෙරෙත්’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි එහි යම් කෝපයකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.

21. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ‘අහො වත අහමෙව ලාභී අස‍්සං පණීතානං චීවරානං, න අඤ‍්ඤො භික‍්ඛු ලාභී අස‍්ස පණීතානං චීවරාන’න‍්ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං අඤ‍්ඤො භික‍්ඛු ලාභී අස‍්ස පණීතානං චීවරානං, න සො භික‍්ඛු ලාභී අස‍්ස පණීතානං චීවරානං. ‘අඤ‍්ඤො භික‍්ඛු ලාභී පණීතානං චීවරානං, නාහං ලාභී පණීතානං චීවරාන’න‍්ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො, උභයමෙතං අඞ‍්ගණං.

21. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට ‘මම ම අගනා සිවුරු ලබන්නෙම් නම්, අන් මහණෙක් අගනා සිවුරු නො ලබන්නේ නම්, ඉතා මැනැවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදි නම්, මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, අන් භික්‍ෂුනමක් අගනා සිවුරු ලබන්නෙක් වන්නේය ය, ඒ භික්‍ෂු නම අගනා සිවුරු නො ලබන්නේ වන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වේ. ‘අනිත් භික්‍ෂු නමක් අගනා සිවුරු ලබයි. මම අගනා සිවුරු නො ලබමි’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.

22. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති - යං ඉධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ‘අහො වත අහමෙව ලාභී අස‍්සං පණීතානං පිණ‍්ඩපාතානං -පෙ- පණීතානං සෙනාසනානං -පෙ- පණීතානං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං, න අඤ‍්ඤො භික‍්ඛු ලාභී අස‍්ස පණීතානං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරාන’න‍්ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති යං අඤ‍්ඤො භික‍්ඛු ලාභී අස‍්ස පණීතානං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං, න සො භික‍්ඛු ලාභී අස‍්ස පණීතානං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. ‘අඤ‍්ඤො භික‍්ඛු ලාභී අස‍්ස පණීතානං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං, නාහං ලාභී අස‍්සං පණීතානං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරාන’න‍්ති ඉති සො කුපිතො හොති අප‍්පතීතො. යො චෙව ඛො ආවුසො කොපො යො ච අප‍්පච‍්චයො, උභයමෙතං අඞ‍්ගණං.

22. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට “මම ම ප්‍රණීත පිණ්ඩපාත ... මහැඟි සෙනසුන් ... ප්‍රණීත ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන්නෙම් නම්, අන් මහණෙක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත්පිරිකර නො ලබන්නේ නම්, ඉතා මැනැවැ’යි මෙබඳු ආශාව උපදී නම් මේ කාරණය ද විද්‍යමාන වෙයි. ඇවැත්නි, වෙන භික්‍ෂු නමක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන්නේ නම්, ඒ භික්‍ෂු නම ... ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලබන්නේ නම්, මේ කාරණය ද විද්‍යමාන වෙයි. ‘වෙන භික්‍ෂු නමක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන්නේ ය. මම ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලබමි’යි කියා මෙසේ හෙතෙමේ කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයකුත් වේ ද, නොසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.

23. ඉමෙසං ඛො එතං ආවුසො පාපකානං අකුසලානං ඉච‍්ඡාවචරානං අධිවචනං යදිදං අඞ‍්ගණන‍්ති.

23. ඇවැත්නි, අඞ්ගණ යනු ඉච්ඡා (කාම) වසයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයන්ට නමෙකි.

24. යස‍්ස කස‍්සචි ආවුසො භික‍්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච‍්ඡාවචරා අප‍්පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති ච, කිඤ‍්චාපි සො හොති ආරඤ‍්ඤකො පන‍්තසෙනාසනො, පිණ‍්ඩපාතිකො සපදානචාරී, පංසුකූලිකො ලූඛචීවරධරො, අථ ඛො නං සබ්‍රහ‍්මචාරී නෙව සක‍්කරොන‍්ති, න ගරුකරොන‍්ති, න මානෙන‍්ති, න පූජෙන‍්ති. තං කිස‍්ස හෙතු? තෙ හි තස‍්ස ආයස‍්මතො පාපකා අකුසලා ඉච‍්ඡාවචරා අප‍්පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති ච. සෙය්‍යථාපි ආවුසො කංසපාති ආභතා ආපණා වා කම‍්මාරකුලා වා පරිසුද‍්ධා පරියොදාතා, තමෙනං සාමිකා අහිකුණපං වා කුක‍්කුරකුණපං වා මනුස‍්සකුණපං වා රචයිත්‍වා අඤ‍්ඤිස‍්සා කංසපාතියා පටිකුජ‍්ජිත්‍වා අන‍්තරාපණං පටිපජ‍්ජෙය්‍යුං, තමෙනං ජනො දිස‍්වා එවං වදෙය්‍ය: අම‍්භො කිමෙවිදං හරීයති ජඤ‍්ඤජඤ‍්ඤං වියාති. තමෙනං උට‍්ඨහිත්‍වා අවාපුරිත්‍වා ඔලොකෙය්‍ය. තස‍්ස සහදස‍්සනෙන අමනාපතා ච සණ‍්ඨහෙය්‍ය. පටිකකූලතා ච සණ‍්ඨහෙය්‍ය. ජිගුච‍්ඡතා ච සණ‍්ඨහෙය්‍ය. ජිඝච‍්ඡිතානම‍්පි න භොත‍්තුකම්‍යතා අස‍්ස, පගෙව සුහිතානං. එවමෙව ඛො ආවුසො යස‍්ස කස‍්සචි භික‍්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච‍්ඡාවචරා අප‍්පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති ච, කිඤ‍්චාපි සො හොති ආරඤ‍්ඤකො පන‍්තසෙනාසනො පිණ‍්ඩපාතිකො සපදානචාරී, පංසුකූලිකො ලූඛචීවරධරො, අථ ඛො නං සබ්‍රහ‍්මචාරී නෙව සක‍්කරොන‍්ති, න ගරුකරොන‍්ති, න මානෙන‍්ති, න පූජෙන‍්ති. තං කිස‍්ස හෙතු? තෙ හි තස‍්ස ආයස‍්මතො පාපකා අකුසලා ඉච‍්ඡාවචරා අප‍්පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති ච.

24. ඇවැත්නි, යම්කිසි භික්‍ෂු නමකගේ කාමවශයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝ අප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙමේ ආරණ්‍යක වූයේ ප්‍රාන්තශයනාසන ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේ ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ පංසුකූලික වූයේ රළු සිවුරු දරන්නේ නමුදු සබ්‍රම්සරහු ඔහුට සත්කාර නො කරත්. ගරු නො කරත්. බුහුමන් නො කරත්. පුද නො කරත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මතුන්ගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ ප්‍රහීණ නො වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි. ඇවැත්නි, සල්පිළින් හෝ කඹුරුකුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසිදු වූ හාත්පසින් බබළන්නා වූ කස් තලියක් වේ ද, හිමියෝ ඒ රන්තලියෙහි නයිකුණක් හෝ බලුකුණක් හෝ මිනීකුණක් හෝ බහා අන් කස්තලියකින් වසා සල්පිල් අතර වීථියට ගෙන යන්නාහු ද, ඒ තලිය ජනයා දැක “පින්වත්නි, ඉතා මනවඩන්නක් මෙන් මේ කුමක් ගෙනයනු ලැබේ දැ?” යි මෙසේ කියන්නේ ය. නැගිට ඒ තලිය වසුන් හැර බලන්නේ ය. ඒ කුණප දැකීම සමග ම ඒ ජනයාට අමනාපබව ද නැගී සිටුනේ ය. පිළිකුල්බව ද නැගීසිටුනේ ය. ජුගුප්සාව ද නැගී සිටුනේ ය. කුසගිනි ඇත්තවුන්ට ද කනු කැමැත්ත නො වන්නේ ය. තෘප්ත වූවන්ට කියනු ම කවරේ ද? ඇවැත්නි, එපරිද්දෙන් ම යම්කිසි මහණකුගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝ ප්‍රහීණ නො වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, ඒ මහණ ආරණ්‍යක වූයේ ප්‍රාන්තශයනාසන ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේ ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ පංසුකූලික වූයේ රළු සිවුරු දරන්නේ නමුදු සබ්‍රහ්මචාරීහු ඔහුට සත්කාර නො කෙරෙත්. ගරු නො කෙරෙත්. බුහුමන් නො කෙරෙත්. පුද නො කෙරෙත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මතුන්ගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ අප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි.

25. යස‍්ස කස‍්සචි ආවුසො භික‍්ඛුනො ඉමෙ පාපකාඅකුසලා ඉච‍්ඡාවචරා පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති ච, කිඤ‍්චාපි සො හොති ගාමන‍්තවිහාරී නෙමන‍්තනිකො ගහපතිචීවරධරො, අථ ඛො නං සබ්‍රහ‍්මචාරී සක‍්කරොන‍්ති. ගරුකරොන‍්ති. මානෙන‍්ති. පූජෙන‍්ති. තං කිස‍්ස හෙතු? තෙ හි තස‍්ස ආයස‍්මතො පාපකා අකුසලා ඉච‍්ඡාවචරා පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති ච. සෙය්‍යථාපි ආවුසො කංසපාති ආභතා ආපණා වා කම‍්මාරකුලා වා පරිසුද‍්ධා පරියොදාතා, තමෙනං සාමිකා සාලීනං ඔදනං විචිතකාළකං අනෙකසූපං අනෙකබ්‍යඤ‍්ජනං රචයිත්‍වා අඤ‍්ඤිස‍්සා කංසපාතියා පටිකුජ‍්ජිත්‍වා අන‍්තරාපණං පටිපජ‍්ජෙය්‍යුං, තමෙනං ජනො දිස‍්වා එවං වදෙය්‍ය: අම‍්භො කිමෙවිදං හරීයති ජඤ‍්ඤජඤ‍්ඤං වියාති. තමෙනං උට‍්ඨහිත්‍වා අවාපුරිත්‍වා ඔලොකෙය්‍ය. තස‍්ස සහදස‍්සනෙන මනාපතා ච සණ‍්ඨහෙය්‍ය. අප‍්පක‍්කුටිලතා ච සණ‍්ඨහෙය්‍ය. අජෙගුච‍්ඡතා ච සණ‍්ඨහෙය්‍ය. සුහිතානම‍්පි භොත‍්තුකම්‍යතා අස‍්ස, පගෙව ජිඝච‍්ඡිතානං. එවමෙව ඛො ආවුසො යස‍්ස කස‍්සචි භික‍්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච‍්ඡාවචරා පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති ච, කිඤ‍්චාපි සො හොති ගාමන‍්තවිහාරී නෙමන‍්තනිකො ගහපතිචීවරධරො, අථ ඛො නං සබ්‍රහ‍්මචාරී සක‍්කරොන‍්ති. ගරුකරොන‍්ති. මානෙන‍්ති. පූජෙන‍්ති. තං කිස‍්ස හෙතු? තෙ හි තස‍්ස ආයස‍්මතො පාපකා අකුසලා ඉච‍්ඡාවචරා පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති චාති.

25. ඇවැත්නි, යම්කිසි මහණකුගේ ආශාවශයෙන් පවත්නා වූ ලාමක වූ මේ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙම කිසිසේත් ග්‍රාමාන්තශයනාසනයෙහි වාසය කරන්නේ නිමැතුම්බත් පිළිගන්නේ ගැහැවි සිවුරු දරන්නේ නමුදු ඔහුට සබ්‍රහ්මචාරීහු සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්. පුද කරත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මත්හුගේ ආශාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි. ඇවැත්නි, යම් සේ සල්පිළින් හෝ කඹුරුකුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසුදු වූ හාත්පසින් බබළන්නා වූ කස්තලියක් යම් සේ වේ ද, හිමියෝ ඒ මේ කස්තලියට කළු ඇට ඉවත් කළ ඇල්සාලේ බත නොයෙක් ව්‍යඤ්ජනයන් නොයෙක් සුපයන් සහිත කොට බහා අන් කස්තලියකින් වසා සල්පිල් අතර වීථියට ගෙන යන්නාහු ය. ජනයා ඒ තලිය දැක ‘පින්වත්නි, ඉතා මන වඩන්නක් ලෙස මේ කුමක් ගෙන යනු ලැබේ දැ?’ යි කියන්නේ ය. නැගිට ඒ තලිය වසුන් හැර බලන්නේ ය. ඒ දැක්ම හා සමග ම ඔහුට මනාපබව නැගී සිටුනේ ය. නොපිළිකුල් බව ද නැගී සිටුනේ ය. ජුගුප්සාරහිත බව ද නැගී සිටුනේ ය. තෘප්තියට පත් වූවන්ට ද කනු කැමැතිබව ඇති වෙයි. බඩසා ඇත්තවුන් ගැන කියනු ම කවරේ ද? ඇවැත්නි, එපරිද්දෙන් ම යම්කිසි භික්‍ෂූනමකගේ ආශා වශයෙන් පවත්නා වූ ලමු වූ මේ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙම ග්‍රාමාන්තශයනාසනයෙහි වාසය කරන්නේ නිමැතුම්බත් පිළිගන්නේ ගැහැවිසිවුරු දරන්නේ නමුදු ඔහුට සබ්‍රහ්මචාරීහු සත්කාර කෙරෙත්. ගරු කෙරෙත්. බුහුමන් කෙරෙත්. පුද කෙරෙත්. ඒ කවර හෙයින යත්: ඔහුගේ ආශා වශයෙන් පවත්නා වූ ලාමක අකුසලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි.

26. එවං වුත‍්තෙ ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “උපමා මං ආවුසො සාරිපුත‍්ත පටිභාතී”ති. “පටිභාතු තං ආවුසො මොග‍්ගල‍්ලානා”ති.

26. මෙසේ කීකල්හි ආයුෂ්මත් මහමුගලන් ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට ‘ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපමාවක් මට වැටහේ ය’යි වදාළ සේක. ‘ඇවැත්නි, මුගලන, එය ඔබ වහන්සේට වැටහේවා.’

එකමිදාහං ආවුසො සමයං රාජගහෙ විහරාමි ගිරිබ‍්බජෙ. අථ ඛ‍්වාහං ආවුසො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසිං. තෙන ඛො පන සමයෙන සාමීතියානකාරපුත‍්තො රථස‍්ස නෙමිං තච‍්ඡති. තමෙනං පණ‍්ඩුපුත‍්තො ආජීවකො පුරාණයානකාරපුත‍්තො පච‍්චුපට‍්ඨිතො හොති. අථ ඛො ආවුසො පණ‍්ඩුපුත‍්තස‍්ස ආජීවකස‍්ස පුරාණයානකාරපුත‍්තස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: අහො වතායං සාමීතියානකාරපුත‍්තො ඉමිස‍්සා නෙමියා ඉමඤ‍්ච වඞ‍්කං ඉමඤ‍්ච ජිම‍්හං ඉමඤ‍්ච දොසං තච‍්ඡෙය්‍ය, එවායං නෙමි අපගතවඞ‍්කා අපගතජිම‍්හා අපගතදොසා සුද‍්ධාස‍්ස සාරෙ පතිට‍්ඨිතාති. යථා යථා ඛො ආවුසො පණ‍්ඩුපුත‍්තස‍්ස ආජීවකස‍්ස පුරාණයානකාරපුත‍්තස‍්ස චෙතසො පරිවිතක‍්කිතං හොති, තථා තථා සාමීතියානකාරපුත‍්තො තස‍්සා නෙමියා තඤ‍්ච වඞ‍්කං තඤ‍්ච ජිම‍්හං තඤ‍්ච දොසං තච‍්ඡති.

ඇවැත්නි, එක් කලෙක මම ගිරිව්‍රජ නම් වූ රජගහ නුවර වාසය කරමි. ඇවැත්නි, ඉක්බිති මම පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියෙමි. එසමයෙහි සාමීති නම් රියකරුපුත් තෙමේ රථයකට නිම්වළල්ලක් සසියි. ඒ ඔහු වෙත පැරණි රියකරු පුත් වූ පාණ්ඩුපුත්‍ර නම් ආජීවක තෙම එළඹැ සිටියේ වෙයි. ඇවැත්නි, ඉක්බිති, පැරණි රියකරු පුත් වූ පාණ්ඩුපුත්‍ර ආජීවකයාට මෙබඳු අදහසක් ඇති වි ය. ‘මේ සාමීති රියකරුපුත් තෙමේ මේ නිම්වළල්ලෙහි මෙ පසින් වූ ඇදය ද මේ හැම අතින් වූ ඇදය ද මේ එලගැට ආදිය ද සසින්නේ නම් මැනැව. මෙසේ මේ නිම්වළල්ල පහ වූ නැම්ම ඇති ව, පහ වූ ඇද ඇති ව, පහ වූ දොස් ඇති ව පිරිසිදු ව අරටුවෙහි පිහිටියේ වන්නේ ය’ කියායි. ඇවැත්නි, පුරාණයානකාරපුත්‍ර වූ පාණ්ඩුපුත්‍ර ආජීවකයාට යම් යම් පරිද්දකින් අදහස් වෙයි ද, ඒ ඒ පරිද්දෙන් සාමීති යානකාරපුත්‍ර තෙම ඒ නිම්වළල්ලේ ඒ නැම්ම ද ඒ ඇදය ද ඒ දෝෂය ද සසියි.

අථ ඛො ආවුසො පණ‍්ඩුපුත‍්තො ආජීවකො පුරාණයානකාරපුත‍්තො අත‍්තමනො අත‍්තමනවාචං නිච‍්ඡාරෙසි: ‘හදයා හදයං මඤ‍්ඤෙ අඤ‍්ඤාය තච‍්ඡතී’ති. එවමෙව ඛො ආවුසො යෙ තෙ පුග‍්ගලා අස‍්සද‍්ධා ජීවිකත්‍ථා න සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, සඨා මායාවිනො කෙටුභිනො, උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විකිණ‍්ණවාචා ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරා භොජනෙ අමත‍්තඤ‍්ඤුනො ජාගරියං අනනුයුත‍්තා සාමඤ‍්ඤෙ අනපෙක‍්ඛවන‍්තො සික‍්ඛාය න තිබ‍්බගාරවා බාහුලිකා සාථලිකා ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමා පවිවෙකෙ නික‍්ඛිත‍්තධුරා කුසීතා හීනවිරියා මුට‍්ඨස‍්සතී අසම‍්පජානා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා දුප‍්පඤ‍්ඤා එලමූගා, තෙසං ආයස‍්මා සාරිපුත‍්තො ඉමිනා ධම‍්මපරියායෙන හදයං මඤ‍්ඤෙ අඤ‍්ඤාය තච‍්ඡති.

ඇවැත්නි, එකල පුරාණයානකාරපුත්‍ර වූ පාණ්ඩුපුත්‍ර ආජීවක තෙම සතුටට පත් වූයේ ‘තම හිතින් (මාගේ) හිත දැනගෙන මෙන් සසින්නේ ය’යි සතුටු වූයේ සතොස්බව පහළ කෙළේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම ශ්‍රද්ධාවක් නැත්තා වූ ශ්‍රද්ධාවෙන් නො ව ජීවිකාව පිණිස ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියා වූ කෛරාටික වූ මායාසහිත වූ පුහුණු කළ කෛරාටිකකම් ඇති නොසන්හුන් හිස්මාන නළ ඇති චපල වූ දොඩමලු වූ සංයත නො වූ වචන ඇති ඉඳුරන්හි නො වැසූ දොර ඇති භෝජනයෙහි පමණ නො දන්නා වූ නිදි වැරීමෙහි නො යෙදුණු, මහණකම්හි බලාපොරොත්තු නැති ශික්‍ෂාවන්හි දැඩි ගෞරව නැති පිරිකර ආදිය බහුල කොට ඇති සස්න ලිහිල් කොට ගත් නීවරණයෙහි පෙරදැරි වූ උතුම් විවේකයෙහි හළ වැර ඇත්තා වූ කුසීත වූ වැර නැත්තා වූ මුළා වූ සිහි ඇත්තා වූ, මනා නුවණ නැත්තා වූ එකඟ නො වූ සිත් ඇත්තා වූ ඒ ඒ අරමුණු කරා දිවූ සිත් ඇත්තා වූ නුවණ නැත්තා වූ කෙළතොලු වූ යම් ඒ පුද්ගල කෙනෙක් වෙත් ද, ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මේ ධර්‍මමාර්‍ගයෙන් ඔවුන්ගේ සිත දැන සසින්නාක් මෙනි.

27. යෙ පන තෙ කුලපුත‍්තා සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා අසඨා අමායාවිනො අකෙටුහිනො අනුද‍්ධතා අනුන‍්නළා අචපලා අමුඛරා අවිකිණ‍්ණවාචා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරා භොජනෙ මත‍්තඤ‍්ඤුනො ජාගරියං අනුයුත‍්තා සාමඤ‍්ඤෙ අපෙක‍්ඛවන‍්තො සික‍්ඛාය තිබ‍්බගාරවා න බාහුලිකා න සාථලිකා ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා ආරද‍්ධවිරියා පහිතත‍්තා උපට‍්ඨිතස‍්සතී සම‍්පජානා සමාහිතා එකග‍්ගචිත‍්තා පඤ‍්ඤවන‍්තො අනෙලමූගා, තෙ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස ඉමං ධම‍්මපරියායං සුත්‍වා පිවන‍්ති මඤ‍්ඤෙ ඝසන‍්ති මඤ‍්ඤෙ වචසා මනසා ච. සාධු වත භො සබ්‍රහ‍්මචාරී අකුසලා වුට‍්ඨාපෙත්‍වා කුසලෙ පතිට‍්ඨාපෙතීති.

27. ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියාහු කෛරාටික නො වූ මායා රහිත වූ පුහුණු වූ කෛරාටික කම් නැති සන්හුන් වූ හිස් මානනළ නැති චපල නො වූ දොඩමලු නො වූ සංයත වූ වචන ඇති ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇති භෝජනයෙහි පමණ දත් නිදි වැරීමෙහි යෙදුණු මහණකම්හි බලාපොරොත්තු ඇති ශික්‍ෂාවන්හි දැඩි ගෞරව ඇති චීවරාදිප්‍රත්‍යය බහුල කොට නො ගන්නා වූ සස්න ලිහිල් කොට නො ගන්නා වූ නීවරණයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති උතුම් විවේකයෙහි පූර්‍වඞ්ගම වූ ඇරඹු වැර ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති එළඹ සිටි සිහි ඇති සමාධි සහගත වූ එකඟ සිත් ඇති ප්‍රඥාවත් වූ කෙළතොලු නො වූ යම් ඒ කුලපුත්‍ර කෙනෙක් වෙත් ද, ඔවුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ගේ මේ ධර්‍මමාර්‍ගය අසා වචනයෙනුත් හිතිනුත් බොතියි හඟිම්. කතියි හඟිම්. පින්වත, ඉතා මැනවි: සබ්‍රම්සරුන් අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුව යි.

28. සෙය්‍යථාපි ආවුසො ඉත්‍ථී වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනකජාතිකො සීසං නහාතො උප‍්පලමාලං වා වස‍්සිකමාලං වා අතිමුත‍්තකමාලං වා ලභිත්‍වා උභොහි හත්‍ථෙහි පටිග‍්ගහෙත්‍වා උත‍්තමඞ‍්ගෙ සිරස‍්මිං පතිට‍්ඨපෙය්‍ය –

28. ඇවැත්නි, යම් සේ සැරසෙන සුලු තරුණ වූ යොවුන්වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස පටන් ස්නානය කෙළේ උපුල්මල්දමක් හෝ දැසමන්මල්දමක් හෝ යොහොඹුමල්දමක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුමඟ හිසෙහි පැලඳ ගනී ද,

එවමෙව ඛො ආවුසො යෙ තෙ කුලපුත‍්තා සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, අසඨා අමායාවිනො අකෙටුහිනො අනුද‍්ධතා අනුන‍්නළා අචපලා අමුඛරා අවිකිණ‍්ණවාචා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරා භොජනෙ මත‍්තඤ‍්ඤුනො ජාගරියං අනුයුත‍්තා සාමඤ‍්ඤෙ අපෙක‍්ඛවන‍්තො සික‍්ඛාය තිබ‍්බගාරවා න බාහුලිකා න සාථලිකා ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා ආරද‍්ධවිරියා පහිතත‍්තා උපට‍්ඨිතසතී සම‍්පජානා සමාහිතා එකග‍්ගචිත‍්තා පඤ‍්ඤවන‍්තො අනෙලමූගා, තෙ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස ඉමං ධම‍්මපරියායං සුත්‍වා පිවන‍්ති මඤ‍්ඤෙ ඝසන‍්ති මඤ‍්ඤෙ වචසා චෙව මනසා ච. සාධු වත භො සබ්‍රහ‍්මචාරී අකුසලා වුට‍්ඨාපෙත්‍වා කුසලෙ පතිට‍්ඨාපෙතීති.

ඇවැත්නි, එපරිද්දෙන් ම යම් ඒ කුලපුත්‍ර කෙනෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියාහු කෛරාටික නො වූවාහු අසඨ වූවාහු මායා රහිත වූවාහු පුරුදු නො කළ කෛරාටිකකම් ඇත්තාහු සන්හුන් වූවාහු හිස් මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු සංයත වූ වචන ඇත්තාහු ඉන්‍ද්‍රියයන් වැසූ දොර ඇත්තාහු භෝජනයෙහි පමණ දන්නාහු නිදි වැරීමෙහි යෙදුණාහු පැවිද්දෙහි බලාපොරොත්තු ඇත්තාහු ශික්‍ෂාවන්හි දැඩි ගෞරව ඇත්තාහු චීවරාදිප්‍රත්‍යය බහුල කොට නො ගත්තාහු සස්න ලිහිල් කොට නො ගත්තාහු නීවරණ පෙරදැරි කොට නැත්තාහු උතුම් විවේකයෙහි උත්සාහ ඇත්තාහු පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු මනා නුවණ ඇත්තාහු සමාහිත වූවාහු එකඟසිත් ඇත්තාහු නුවණැත්තාහු කෙළතොලු නො වූවාහු වෙත් ද, ඔවුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ගේ මේ ධර්‍ම දේශනාව අසා වචනයෙනුත් සිතිනුත් බොතියි හඟිම්. කතියි හඟිම්. පින්වතුන් වහන්ස, ඉතා මැනැවි: සබ්‍රම්සරුන් අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුවන සේක.

ඉතිහ තෙ උභො මහානාගා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සමනුමොදිංසූති.

මෙසේ මේ මහානාගයෝ (කෙලෙස් නැති උත්තමයෝ) දෙදෙන ඔවුනොවුන්ගේ සුබැසි සතුටින් අනුමෝදන් වූහු.

අනඞ‍්ගණසුත‍්තං පඤ‍්චමං.

අනඞ්ගණසූත්‍රය පස්වැනියි.