යෙදුමෙන් කියවන්න

අනඞ‍්ගණසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

අනඞ්ගණ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතං…පෙ… ආයස‍්මා සාරිපුත‍්තොති අනඞ‍්ගණසුත‍්තං. තත්‍රායං අනුත‍්තානපදවණ‍්ණනා – යථා චෙත්‍ථ, එවං සබ‍්බසුත‍්තෙසු. තස‍්මා ඉතො පරං එත‍්තකම‍්පි අවත්‍වා අපුබ‍්බපදවණ‍්ණනංයෙව කරිස‍්සාම.

එවං මෙසුතං, ආයස්මා සාරිපුත්තො යනු අනංගන සූත්‍රයයි. මෝ තොමෝ එහි අප්‍රකට පද වර්ණනාව වන්නීය. මේ සුත්‍රයෙහි යම්සේ ද, සියලු සූත්‍රයන්හි එසේමයි. එහෙයින් මෙයින් මත්තෙහි මෙපමණකුත් නොකියා පිළිවෙලින් පද වර්ණනාව කරන්නෙමු.

චත‍්තාරොති ගණනපරිච‍්ඡෙදො. පුග‍්ගලාති සත‍්තා නරා පොසා. එත‍්තාවතා ච පුග‍්ගලවාදී මහාථෙරොති න ගහෙතබ‍්බං, අයඤ‍්හි ආයස‍්මා බුද‍්ධපුත‍්තානං සෙට‍්ඨො, සො බුද‍්ධස‍්ස භගවතො දෙසනං අවිලොමෙන‍්තොයෙව දෙසෙති.

චත්තාරො යනු ගණන පරිච්ඡෙද කිරීමයි. (කොටස් කිරීමයි.) පුග්ගලා යනු සත්ත්වයෝය. නරයෝය. පුරිසයෝය. මෙපමණකින් තෙරුන් වහන්සේ පුද්ගලවාදි යයි නොගත යුතුයි. මේ ආයුෂ්මත් තෙම වනාහි බුද්ධපුත්‍රයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වේ. හෙතෙම බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විරුද්ධ නොවෙමින්ම දේශනා කරයි.

සම‍්මුතිපරමත්‍ථදෙසනාකථාවණ‍්ණනා

සම්මුති පරමාර්ථ දේශනා කථා

බුද‍්ධස‍්ස භගවතො දුවිධා දෙසනා සම‍්මුතිදෙසනා, පරමත්‍ථදෙසනා චාති. තත්‍ථ පුග‍්ගලො සත‍්තො ඉත්‍ථී පුරිසො ඛත‍්තියො බ්‍රාහ‍්මණො දෙවො මාරොති එවරූපා සම‍්මුතිදෙසනා. අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා, ඛන්‍ධා ධාතූ ආයතනානි සතිපට‍්ඨානාති එවරූපා පරමත්‍ථදෙසනා.

සම්මුති දේශනා පරමත්‍ථ දේශනා යයි භාග්‍යවත් බුදුරදුන්ගේ දේශනා ද්විධ වන්නීය. එහි පුග්ගල - සත්ත - ඉත්‍ථි - පුරිස - ඛත්තිය, බ්‍රාහ්මණ දේව මාර යනාදි මෙවන් දේශනා සම්මුති දේශනා නම් වේ. අනිච්ච, දුක්ඛ, අනත්ත, ඛන්‍ධ, ධාතු ආයතන සතිපට්ඨාන යනාදි දේශනා පරමත්‍ථ දේශනා නම් වේ.

තත්‍ථ භගවා යෙ සම‍්මුතිවසෙන දෙසනං සුත්‍වා අත්‍ථං පටිවිජ‍්ඣිත්‍වා මොහං පහාය විසෙසං අධිගන‍්තුං සමත්‍ථා, තෙසං සම‍්මුතිදෙසනං දෙසෙති. යෙ පන පරමත්‍ථවසෙන දෙසනං සුත්‍වා අත්‍ථං පටිවිජ‍්ඣිත්‍වා මොහං පහාය විසෙසමධිගන‍්තුං සමත්‍ථා, තෙසං පරමත්‍ථදෙසනං දෙසෙති. තත්‍ථායං උපමා, යථා හි දෙසභාසාකුසලො තිණ‍්ණං වෙදානං අත්‍ථසංවණ‍්ණනකො ආචරියො යෙ දමිළභාසාය වුත‍්තෙ අත්‍ථං ජානන‍්ති, තෙසං දමිළභාසාය ආචික‍්ඛති. යෙ අන්‍ධකභාසාදීසු අඤ‍්ඤතරාය, තෙසං තාය තාය භාසාය. එවං තෙ මාණවකා ඡෙකං බ්‍යත‍්තං ආචරියමාගම‍්ම ඛිප‍්පමෙව සිප‍්පං උග‍්ගණ‍්හන‍්ති. තත්‍ථ ආචරියො විය බුද‍්ධො භගවා. තයො වෙදා විය කථෙතබ‍්බභාවෙන ඨිතානි තීණි පිටකානි. දෙසභාසාකොසල‍්ලමිව සම‍්මුතිපරමත්‍ථකොසල‍්ලං. නානාදෙසභාසා මාණවකා විය සම‍්මුතිපරමත්‍ථදෙසනාපටිවිජ‍්ඣනසමත්‍ථා වෙනෙය්‍යසත‍්තා. ආචරියස‍්ස දමිළභාසාදිආචික‍්ඛනං විය භගවතො සම‍්මුතිපරමත්‍ථවසෙන දෙසනා වෙදිතබ‍්බා. ආහ චෙත්‍ථ –

එහි භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අතුරෙන් යමෙක් සම්මුති වශයෙන් දේශනාව අසා අර්ථය අවබෝධ කොට මෝහය දුරුකොට මාර්ගඵලයන්ට පැමිණෙන්ට සමර්ථ වූවාහු වෙත්ද, ඔවුනට සම්මුති දේශනාව දේශනා කරති. එහි මේ උපමාවකි. යම්සේ දේශ භාෂාවන්හි දක්‍ෂ වූ තුන්වේදයට අර්ථ වර්ණනා කරන්නා වූ ආචාර්යතෙම, යමෙක් දෙමළ බසින් කී කල අරුත් දැනගනිත්ද, ඔවුන් දෙමළ බසින් කියාද, යමෙක් ආන්‍ද්‍ර භාෂා අතුරෙන් අන්‍යතර භාෂාවකින් ඔවුනට ඒ ඒ භාෂාවෙන් ප්‍රකාශ කෙරේද, මෙසේ ඒ මානවකයෝ දක්‍ෂ වූ ව්‍යක්ත වූ ආචාර්යවරයෙකු වෙත පැමිණ වහාම ශිල්ප උගනිති. මේ උපමාවෙහි ඇදුරා මෙන් භාග්‍යවත් බුදුහුද ත්‍රිවේදය මෙන් කිවයුතු බැවින් තුන්පිටකයද දේශ භාෂාවන්හි කුසලතාව මෙන් සම්මුති පරමත්‍ථ දේශනාවන්හි දක්‍ෂතාවයද නානා දේශ භාෂාවන් දත් මානවකයන් මෙන් සම්මුති පරමාර්ථ වශයෙන් අවබෝධ කිරීමෙහි දක්ෂ වූ (වෙනෙය්‍ය) හික්මවිය යුතු සත්ත්වයෝ ද ආචාර්යවරයා විසින් ද්‍රවිඩ භාෂා ආදියෙන් ප්‍රකාශ කිරීම මෙන් භාග්‍යවතුන් වහන්සේගේ සම්මුති පරමත්‍ථ දේශනා දතයුත්තාහුය. මෙහිලා කීහු.

“දුවෙ සච‍්චානි අක‍්ඛාසි, සම‍්බුද‍්ධො වදතං වරො; සම‍්මුතිං පරමත්‍ථඤ‍්ච, තතියං නූපලබ‍්භති.

දුවෙ සච්චානි අක්ඛාසි සම්බුද්ධො වදතං වරො සම්මුතිං පරමත්‍ථඤ්ච, තතියං නූපලබ්භති

සඞ‍්කෙතවචනං සච‍්චං, ලොකසම‍්මුතිකාරණා; පරමත්‍ථවචනං සච‍්චං, ධම‍්මානං භූතකාරණා.

සංකෙත වචනං සච්චං ලොක සම්මුති කාරණා පරමත්‍ථ වචනං සච්චං ධම්මානං භූත කාරණා

තස‍්මා වොහාරකුසලස‍්ස, ලොකනාථස‍්ස සත්‍ථුනො; සම‍්මුතිං වොහරන‍්තස‍්ස, මුසාවාදො න ජායතී”ති.

තස්මා වොහාර කුසලස්ස ලොකනාථස්ස සත්‍ථුනො සම්මුතිං වොහරන්තස්ස, මුසාවාදො නපායතී ති

(වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරද සම්මුති සත්‍යය ද පරමත්‍ථ සත්‍යය ද යන සත්‍යයන් දෙකක් වදාළේය. එහි පිටත තුන්වන සත්‍යයක් නොලැබේ.

ලෝක ව්‍යවහාර කථාව ලෝකයාගේ සම්මුතිය නිසා පවත්නා හෙයින් සත්‍යය වේ. එම නිසා ලෝවහරෙහි දක්‍ෂ වූ ලෝක ව්‍යවහාරය වදාරණ ලෝකනාථ වූ ශාස්තෘෘන් වහන්සේ හට මුසාවාදයෙක් නොවේ යනුයි.

පුද්ගල කථා

අපිච අට‍්ඨහි කාරණෙහි භගවා පුග‍්ගලකථං කථෙති – හිරොත‍්තප‍්පදීපනත්‍ථං, කම‍්මස‍්සකතාදීපනත්‍ථං, පච‍්චත‍්තපුරිසකාරදීපනත්‍ථං, ආනන‍්තරියදීපනත්‍ථං, බ්‍රහ‍්මවිහාරදීපනත්‍ථං, පුබ‍්බෙනිවාසදීපනත්‍ථං, දක‍්ඛිණාවිසුද‍්ධිදීපනත්‍ථං, ලොකසම‍්මුතියා අප‍්පහානත්‍ථඤ‍්චාති.

තවද කරුණු අටක් නිසා භාග්‍යවතුන් වහන්සේ පුද්ගල කථාව කරන සේක. හිරිඔතප් ප්‍රකට කරනු පිණිස, කර්මය ස්වකීය කොට ඇති බව ප්‍රකට කරනු පිණිසද ඒ ඒ සත්ත්වයන් විසින් කළයුතු කර්ම දැක්වීම පුරුෂ ස්වරූප දක්වනු පිණිස, ආනන්තරීය කර්ම විස්තර කිරීම පිණිස, බ්‍රහ්ම විහාර දැක්වීම පිණිස, පෙර විසූ කඳ පිළිවෙළ දැක්වීම පිණිස දක්ඛිණා විසුද්ධිය දක්වනු පිණිසද, ලෝක සම්මුති නොපිරිහෙලනු පිණිසද යන මේ කරුණු අට නිසාය.

“ඛන්‍ධධාතුආයතනානි හිරීයන‍්ති ඔත‍්තප‍්පන‍්තී”ති හි වුත‍්තෙ මහාජනො න ජානාති, සම‍්මොහමාපජ‍්ජති, පටිසත‍්තු හොති “කිමිදං ඛන්‍ධධාතුආයතනානි හිරීයන‍්ති ඔත‍්තප‍්පන‍්ති නාමා”ති. “ඉත්‍ථී හිරීයති ඔත‍්තප‍්පති පුරිසො ඛත‍්තියො බ්‍රාහ‍්මණො දෙවො මාරො”ති වුත‍්තෙ පන ජානාති, න සම‍්මොහමාපජ‍්ජති, න පටිසත‍්තු හොති. තස‍්මා භගවා හිරොත‍්තප‍්පදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

ඛන්‍ධ, ධාතු ආයතනයෝ ලජ්ජාවෙන් භයවෙත් යයි කීකල්හි මහජන තෙමේ නොදනී. මුලාවට පැමිණෙයි. විරුද්ධ නොවෙති. [missing trans] එහෙයින් භාග්‍යවත් බුදුරදහු හිරිඔතප් දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.

“ඛන්‍ධා කම‍්මස‍්සකා ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි එසෙව නයො. තස‍්මා භගවා කම‍්මස‍්සකතාදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

ස්කන්ධයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුය. ධාතූහු, ආයතනයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහු යයි කී කල්හිදු මෙම ක්‍රමයයි. එබැවින් කර්මය ස්වකීය කොට ඇති බව දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.

“වෙළුවනාදයො මහාවිහාරා ඛන්‍ධෙහි කාරාපිතා ධාතූහි ආයතනෙහී”ති වුත‍්තෙපි එසෙව නයො. තස‍්මා භගවා පච‍්චත‍්තපුරිසකාරදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

වෙළුවනාදි මහා විහාරයෝ ස්කන්ධයන් විසින් ධාතූන් විසින්, ආයතනයන් විසින් කරවන ලද්දාහුයයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වෙන් වෙන්ව පුරුෂ ස්වරූප දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.

“ඛන්‍ධා මාතරං ජීවිතා වොරොපෙන‍්ති පිතරං අරහන‍්තං රුහිරුප‍්පාදකම‍්මං කරොන‍්ති, සඞ‍්ඝභෙදකම‍්මං කරොන‍්ති, ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි එසෙව නයො. තස‍්මා භගවා ආනන‍්තරියදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

ඛන්‍ධයෝ - ධාතූහු - ආයතනයෝ, මව ජිවිතයෙන් තොර කරති. පියා, රහත්හු ජීවිතයෙන් තොර කරති. (බුදු සිරුරෙන්) ලේ සෙලවීම කරති. සංඝභේද කර්මය කෙරෙත් යයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. එහෙයින් භාග්‍යවත් තෙම ආනන්තරිය කර්ම දැක්වීම පිණිස පුද්ගල කථාව වදාරති.

“ඛන්‍ධා මෙත‍්තායන‍්ති ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි එසෙව නයො. තස‍්මා භගවා බ්‍රහ‍්මවිහාරදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

ඛන්‍ධයෝ ආයතනයෝ ධාතූහු මෛත්‍රී කෙරෙත් යයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. එසේ හෙයින් භාග්‍යවත් තෙමේ බ්‍රහ්මවිහාර දැක්වීම පිණිස පුද්ගල කථාව වදාරති.

“ඛන්‍ධා පුබ‍්බෙනිවාසමනුස‍්සරන‍්ති ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි එසෙව නයො. තස‍්මා භගවා පුබ‍්බෙනිවාසදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

ඛන්‍ධයෝ, ධාතූහු, ආයතනයෝ පෙර විසූ කඳපිළිවෙල සිහිකරත යයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. පෙර විසූ කඳපිළිවෙල දැක්වීම පිණිස පුග්ගල කථාව වදාරති.

“ඛන්‍ධා දානං පටිග‍්ගණ‍්හන‍්ති ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි මහාජනො න ජානාති, සම‍්මොහමාපජ‍්ජති, පටිසත‍්තු හොති “කිමිදං ඛන්‍ධධාතුආයතනානි පටිග‍්ගණ‍්හන‍්ති නාමා”ති. “පුග‍්ගලා පටිග‍්ගණ‍්හන‍්ති සීලවන‍්තො කල්‍යාණධම‍්මා”ති වුත‍්තෙ පන ජානාති, න සම‍්මොහමාපජ‍්ජති, න පටිසත‍්තු හොති. තස‍්මා භගවා දක‍්ඛිණාවිසුද‍්ධිදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

ඛන්‍ධ-ධාතු-ආයතනයෝ දානය පිළිගනිතියි කීකල්හි මහජන තෙමේ නොදනී. මුලාවට පැමිණෙයි. පුද්ගලයෝ පිළිගනිත්. සිල්වත්හු යහපත් දහම් ඇත්තහු පිළිගනිත් යයි කී කල්හි දැනගනී. මුලාවට නොපැමිණෙයි. විරුද්ධ නොවෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණ විසුද්ධිය දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.

ලොකසම‍්මුතිඤ‍්ච බුද‍්ධා භගවන‍්තො නප‍්පජහන‍්ති, ලොකසමඤ‍්ඤාය ලොකනිරුත‍්තියං ලොකාභිලාපෙ ඨිතායෙව ධම‍්මං දෙසෙන‍්ති. තස‍්මා භගවා ලොකසම‍්මුතියා අප‍්පහානත්‍ථම‍්පි පුග‍්ගලකථං කථෙති.

භාග්‍යවත් බුදුවරයෝ ලෝක සම්මුතිය අත්නොහරිත්. ලෝවහරෙහි, ලෝකනිරුත්තියෙහි ලෝකයාගේ ව්‍යවහාර කථාවෙහි පිහිටියාහුට දහම් දෙසති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ලෝක ව්‍යවහාරය නොහරිනු පිණිස පුද්ගල කථාව වදාරති.

තස‍්මා අයම‍්පි ආයස‍්මා ලොකවොහාරකුසලතාය බුද‍්ධස‍්ස භගවතො දෙසනං අවිලොමෙන‍්තො ලොකසම‍්මුතියං ඨත්‍වාව චත‍්තාරොමෙ, ආවුසො, පුග‍්ගලාති ආහ. තස‍්මා එත්‍ථ පරමත්‍ථවසෙන අග‍්ගහෙත්‍වා සම‍්මුතිවසෙනෙව පුග‍්ගලො වෙදිතබ‍්බො.

එබැවින් මේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ද ලෝ වහරෙහි දක්‍ෂ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විරුද්ධ නොවෙමින් ලෝවහරෙහි පිහිටාම චත්තාරො මෙ ආවුසො, පුග්ගලා යයි වදාළහ. එහෙයින් මෙහි පරමාර්ථ වශයෙන් නොගෙන සම්මුති වශයෙන්ම පුද්ගල තෙම දත යුත්තේයැ.

සන‍්තො සංවිජ‍්ජමානාති ලොකසඞ‍්කෙතවසෙන අත්‍ථි උපලබ‍්භමානා. ලොකස‍්මින‍්ති සත‍්තලොකෙ. සාඞ‍්ගණොව සමානොතිආදීසු පන අඞ‍්ගණන‍්ති කත්‍ථචි කිලෙසා වුච‍්චන‍්ති. යථාහ “තත්‍ථ කතමානි තීණි අඞ‍්ගණානි? රාගො අඞ‍්ගණං, දොසො අඞ‍්ගණං, මොහො අඞ‍්ගණ”න‍්ති (විභ· 924). කත්‍ථචි යංකිඤ‍්චි මලං වා පඞ‍්කො වා, යථාහ “තස‍්සෙව රජස‍්ස වා අඞ‍්ගණස‍්ස වා පහානාය වායමතී”ති. කත්‍ථචි තථාරූපො භූමිභාගො, සො බොධියඞ‍්ගණං චෙතියඞ‍්ගණන‍්තිආදීනං වසෙන වෙදිතබ‍්බො. ඉධ පන නානප‍්පකාරා තිබ‍්බකිලෙසා “අඞ‍්ගණ”න‍්ති අධිප‍්පෙතා. තථා හි වක‍්ඛති “පාපකානං ඛො එතං, ආවුසො, අකුසලානං ඉච‍්ඡාවචරානං අධිවචනං, යදිදං අඞ‍්ගණ”න‍්ති (ම· නි· 1.60). සහ අඞ‍්ගණෙන සාඞ‍්ගණො.

සන්තො සංවිජ්ජමානා ලෝකයාගේ (සංකේත) සලකුණුකර ගැනීම් වශයෙන් ඇත්තාහුය. ලැබෙන්නාහුය. ලොකස්මිං යනු සත්ත්ව ලෝකයෙහි. සාංගණොව සමානො යන ආදි තන්හි වනාහි අංගණං යනු කිසිතැනෙක්හි කිලේසයෝ කියනු ලබත්. මෙසේ කියන ලදහ. තත්‍ථ කතමානි තීණි අංගණානි, රාගො අංගණං දොසො අංගණං මොහො අංගණං යයි කිසි තැනෙක්හි යම්කිසි කිලුටක් හෝ මඩක් හෝ (අංගණයයි කියනු ලැබේ. මෙසේ කියන ලදහ.) තස්සෙව, රජස්ස වා අංගණස්ස වා පහානාය වායමති යනුවෙන් කිසියම් එවැනි භූමි භාගයකි. එය, බොධිසංගණං චෙතියංගණං යන ආදි වශයෙන් දතයුතුයැ. මෙහි වනාහි නන්වැදෑරුම් බලවත් කෙලෙස් අංගණ යනුවෙන් අදහස් කරන ලද්දාහුය. ඒ එසේමැයි. පාපකානං ඛො එතං ආවුසො අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං යදිදං අංගණං යයි කියන්නේය. අංගණ සහිත වූයේ සාංගණ නම් වේ.

සාඞ‍්ගණොව සමානොති සකිලෙසොයෙව සන‍්තො. අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණන‍්ති යථාභූතං නප‍්පජානාතීති මය‍්හං අත‍්තනො චිත‍්තසන‍්තානෙ කිලෙසො අත්‍ථීතිපි න ජානාති. “ඉමෙ කිලෙසා නාම කක‍්ඛළා වාළා ජහිතබ‍්බා න ගහිතබ‍්බා විසදුට‍්ඨසල‍්ලසදිසා”ති එවං යාථාවසරසතොපි න ජානාති.

සාංගණො සමානො තියුණු කෙලෙස් සහිත වූයේම අත්‍ථි මෙ අංගණත්ති යථාභූතං නප්පජානාති යනුවෙන් මගේ සන්තානගතව කිලේසයෝ ඇත්තාහයි නොම දනි. මේ ක්ලේශයෝ වනාහි කර්කශය. නපුරුය. දුරුකටයුතුය. නොගතයුතුයැ. විස පෙවූ හී හා සමානයෝ යයි මෙසේ යථා ස්වභාවයෙන් ද නොම දනී.

යො අත්‍ථීති ච ජානාති, එවඤ‍්ච ජානාති. සො “අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණන‍්ති යථාභූතං පජානාතී”ති වුච‍්චති. යස‍්ස පන න ච මග‍්ගෙන සමූහතා කිලෙසා, න ච උප‍්පජ‍්ජන‍්ති යෙන වා තෙන වා වාරිතත‍්තා, අයමිධ අනඞ‍්ගණොති අධිප‍්පෙතො. නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණන‍්ති යථාභූතං නප‍්පජානාතීති “මය‍්හං කිලෙසා යෙන වා තෙන වා වාරිතත‍්තා නත්‍ථි, න මග‍්ගෙන සමූහතත‍්තා”ති න ජානාති, “තෙ උප‍්පජ‍්ජමානා මහාඅනත්‍ථං කරිස‍්සන‍්ති කක‍්ඛළා වාළා විසදුට‍්ඨසල‍්ලසදිසා”ති එවං යාථාවසරසතොපි න ජානාති. යො පන “ඉමිනා කාරණෙන නත්‍ථී”ති ච ජානාති, එවඤ‍්ච ජානාති, සො “නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං අඞ‍්ගණන‍්ති යථාභූතං පජානාතී”ති වුච‍්චති.

යමෙක් (කෙලෙස්) ඇතැයි කියාත් දැනගනී ද, හෙතෙම මෙසේත් දැනගනී. මගේ ඇතුළත තියුණු කෙලෙස් ඇතැයි තත් වූ පරිද්දෙන් දැනගනී යයි කියනු ලැබේ. යමෙකු විසින් වනාහි කිලේසයෝ මාර්ගයෙන් නොම නසන ලද්දාහුද, යම් ඒ ක්‍රමයකින් වැලකු බැවින් නොම උපදිත්ද, මෙතෙම මෙහි අනංගණං යයි අදහස් කරන ලද්දේය. නත්‍ථි මෙ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති මගේ කිලේසයෝ යම් හෝ ඒ හෝ අයුරකින් වැලැක්වූ බැවින් නැත. මාර්ගයෙන් නැසූ බැවිනැයි නොද දනී. ඔවුහු උපාදානාහු මහත් අනර්ථ කරන්නාහුය. කර්කෂයෝය. දරුණු වූවෝය. දුරු කටයුත්තෝයැ. විෂ පෙවූ ඊ සමානයෝ යයි මෙසේ යථා ස්වභාවයෙන්ද නොද දනී. යමෙක් තෙම මේ කාරණයෙන් නැතැයි කියාත් දැනගනී ද හෙතෙම මෙසේත් දැනගනී. මගේ අධ්‍යාත්මයෙහි කෙලෙස් නැතැයි තත් වූ පරිද්දෙන් දැනගනි යයි කියනු ලැබේ.

තත්‍රාති තෙසු චතූසු පුග‍්ගලෙසු, තෙසු වා ද‍්වීසු සාඞ‍්ගණෙසු, ය‍්වායන‍්ති යො අයං, යායන‍්තිපි පාඨො.

තත්‍ර යනු ඒ සතර පුද්ගලයන් අතුරෙහි නැතහොත් ඒ කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙනා අතුරෙහි ය්වායං යො+අයං යනුයි. යායං යනුද පාඨයි.

කො නු ඛො, ආවුසො, සාරිපුත‍්ත, හෙතු කො පච‍්චයොති උභයෙනාපි කාරණමෙව පුච‍්ඡති. යෙනිමෙසන‍්ති යෙන හෙතුනා යෙන පච‍්චයෙන ඉමෙසං ද‍්වින‍්නං එකො සෙට‍්ඨපුරිසො එකො හීනපුරිසොති අක‍්ඛායති, සො කො හෙතු කො පච‍්චයොති එවමෙත්‍ථ සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. තත්‍ථ කිඤ‍්චාපි “නප‍්පජානාති පජානාතී”ති එවං වුත‍්තං, පජානනා නප‍්පජානනාති ඉදමෙව උභයං හෙතු චෙව පච‍්චයො ච.

කොනුඛො ආවුසො සාරිපුත්ත හෙතු කො පච්චයො යන දෙපදයෙන්ම කාරණයම විචාරයි. යෙනිමෙසං යනු යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින් මොවුන් දෙදෙනා අතුරෙන් කෙනෙක් ශ්‍රේෂ්ඨ පුරුෂ වේ. කෙනෙක් හීන පුරුෂ වේයයි කියනු ලැබේ. එයට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? මෙසේ මෙහි සම්බන්ධය දතයුත්තේයැ. එහිලා කිසිසේත් නප්පජානාති, පජානාති යයි මෙසේ කියන ලද, දැනීමය. නොදැනීමය යනුවෙන් කියන ලද මේ දෙකම හේතුද වෙයි. ප්‍රත්‍යයද වෙයි.

ථෙරො පන අත‍්තනො විචිත්‍රපටිභානතාය තං පාකටතරං කත්‍වා දස‍්සෙතුං පුන තත්‍රාවුසොතිආදිමාහ. තත්‍ථ තස‍්සෙතං පාටිකඞ‍්ඛන‍්ති තස‍්ස පුග‍්ගලස‍්ස එතං පාටිකඞ‍්ඛිතබ‍්බං. ඉදමෙව එස පාපුණිස‍්සති, න අඤ‍්ඤන‍්ති ඉච‍්ඡිතබ‍්බං, අවස‍්සං භාවීති වුත‍්තං හොති. “න ඡන්‍දං ජනෙස‍්සතී”තිආදිනා නයෙන වුත‍්තං අඡන්‍දජනනාදිං සන්‍ධායාහ.

තෙරුන් වහන්සේ වනාහි තම විචිත්‍ර වූ පටිභාන ඥානයෙන් එය මැනවින් ප්‍රකටකොට දක්වන්නට තත්‍රාවුසො යන ආදිය වදාළහ. එහි තස්සෙතං පාටිකංඛං යනුවෙන් ඒ පුද්ගලයා විසින් මෙය කැමති විය යුතුයි. මේ තෙම මෙයටම පැමිණෙන්නේය. අනිකකට නොපැමිණෙන්නේ යයි කැමති විය යුතුය. අවශ්‍යයෙන්ම වනසුළුයයි කියන ලද්දේ වෙයි. න ඡන්‍දං ජනෙස්සති යනාදි ක්‍රමයෙන් කියන ලද ඡන්දය (කැමැත්ත) නොඉපදවීම ආදිය සඳහා කීහ.

තත්‍ථ ච න ඡන්‍දං ජනෙස‍්සතීති අප‍්පජානන‍්තො තස‍්ස අඞ‍්ගණස‍්ස පහානත්‍ථං කත‍්තුකම්‍යතාඡන්‍දං න ජනෙස‍්සති. න වායමිස‍්සතීති තතො බලවතරං වායාමං න කරිස‍්සති, න වීරියං ආරභිස‍්සතීති ථාමගතවීරියං පන නෙව ආරභිස‍්සති, න පවත‍්තෙස‍්සතීති වුත‍්තං හොති. සාඞ‍්ගණොති ඉමෙහි රාගාදීහි අඞ‍්ගණෙහි සාඞ‍්ගණො. සංකිලිට‍්ඨචිත‍්තොති තෙහියෙව සුට‍්ඨුතරං කිලිට‍්ඨචිත‍්තො මලීනචිත‍්තො විබාධිතචිත‍්තො උපතාපිතචිත‍්තො ච හුත්‍වා. කාලං කරිස‍්සතීති මරිස‍්සති.

එහිදු න ඡන්‍දං ජනෙස්සති නොදන්නේ ඒ අංගණයාගේ ප්‍රහාණය පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය නොඋපදවන්නේය. තවායමිස්සති යනුවෙන් ඊට වඩා බලවත් උත්සාහයක්ද නොකරන්නේය. න විරියං ආරභිස්සති ථාමගතවීර්ය (ථම නම් වූ වීර්ය) නොම ආරම්භ නොකරන්නේය. නොපවත්වන්නේ යයි කියන ලද වෙයි. සාංඝණො, මේ රාගාදි අංගණයන් නිසා සාංගණ වූයේ, සංකිලිට්ඨචිත්තො යනු ඔවුන් විසින්ම අතිශයින් කිලිටි සිත් ඇත්තේ, මලින වූ සිත් ඇත්තේ, වෙසෙසින් පෙළන ලද සිත් ඇත්තේ හාත්පසින් තවන ලද සිත් ඇත්තේම වී, කාලංකරිස්සති මැරෙන්නේය.

සෙය්‍යථාපීති යථා නාම. කංසපාතීති කංසලොහභාජනං. ආභතාති ආනීතා. ආපණා වා කම‍්මාරකුලා වාති ආපණතො වා කංසපාතිකාරකානං කම‍්මාරානං ඝරතො වා. රජෙනාති ආගන‍්තුකරජෙන පංසුආදිනා. මලෙනාති තත්‍ථෙව උට‍්ඨිතෙන ලොහමලෙන. පරියොනද‍්ධාති සඤ‍්ඡන‍්නා. න චෙව පරිභුඤ‍්ජෙය්‍යුන‍්ති උදකඛාදනීයපක‍්ඛිපනාදීහි පරිභොගං න කරෙය්‍යුං. න ච පරියොදපෙය්‍යුන‍්ති ධොවනඝංසනාදීහි න පරිසුද‍්ධං කාරාපෙය්‍යුං. රජාපථෙති රජපථෙ. අයමෙව වා පාඨො, රජස‍්ස ආගමනට‍්ඨානෙ වා වුට‍්ඨානුට‍්ඨානෙ වා හෙට‍්ඨාමඤ‍්චෙ වා ථුසකොට‍්ඨකෙ වා භාජනන‍්තරෙ වා, යත්‍ථ රජෙන ඔකිරීයතීති අත්‍ථො.

සෙය්‍යථාපි යම්සේ වනාහි, කංසපාති රන්බඳුනක් ආභතා ගෙනඑන ලද්දාහු, ආපණා වා කම්මාර කුලා වා වෙළඳපලින් හෝ රන්තලි කරන රන්කරුගේ ගෙදරින් හෝ රාජෙන ආගන්තුක රජසින් පස් ආදියෙන්, මලෙන එහිම හටගත්තා වූ ලෝහ මලින් පරියොනද්ධා, ගැවසී ගන්නා ලද්දා වූ, නච පරියොදපෙය්‍යුං සේදීම් ඉලීම් ආදියෙන් පිරිසිදු නොකරවන්නාහු නමි. රාජාපථෙ යනු රජපථෙ මෙයම හෝ පාඨයි. ඇඳයට හෝ දහයියා ගොඩෙහි හෝ භාජන අතර හෝ යම්තැනෙක රජසින් තවරනු ලැබේද, එසේ ධූලි එනතැනක හෝ නගින තැනක යන අර්ථයි.

සංකිලිට‍්ඨතරා අස‍්ස මලග‍්ගහිතාති එත්‍ථ රජාපථෙ නික‍්ඛිපනෙන සංකිලිට‍්ඨතරා, අපරිභොගාපරියොදපනෙහි මලග‍්ගහිතතරාති වුත‍්තං හොති, පටිපුච‍්ඡාවචනඤ‍්චෙතං. තෙනස‍්ස එවමත්‍ථො වෙදිතබ‍්බො, ආවුසො, සා කංසපාති එවං කරීයමානා අපරෙන කාලෙන සංකිලිට‍්ඨතරා ච මලග‍්ගහිතතරා ච මත‍්තිකපාතීති වා කංසපාතීති වා ඉතිපි දුජ‍්ජානා භවෙය්‍ය නු ඛො නොති, ථෙරො තං පටිජානන‍්තො ආහ “එවමාවුසො”ති. පුන ධම‍්මසෙනාපති ඔපම‍්මං සම‍්පටිපාදෙන‍්තො, එවමෙව ඛොතිආදිමාහ. තත්‍ථෙවං ඔපම‍්මසංසන්‍දනා වෙදිතබ‍්බා – කිලිට‍්ඨකංසපාතිසදිසො සාඞ‍්ගණො පුග‍්ගලො.

සංකිලිට්ඨතරා අස්ස මලග්ගහිතා යනු මෙහි ධූලි නගින තැන්හි තැබීමෙන් අතිශයින් කිලිටි වූවා පරිභෝග නොකිරීමෙන් පිරිසිදු නොකිරීමෙන් මල බැඳුනේ අතිශයින් මල බැඳුනේ යයි කියන ලද්දේ වෙයි. මෙය පෙරලා විචාරීම් වචනයක්ද වෙයි. එහෙයින් මේ පදයාගේ අර්ථය මෙසේ දතයුත්තේත්ය. ඇවැත්නි, ඕ කංසපාති (බෙදුන්) තොමෝ මෙසේ කරනු ලබන්නී පසුකලෙක අතිශයින් කිලිටි වූවා ද අතිශයින් මලගන්නා ලද්දේ ද, මැටි භාජනයක හෝ රන් භාජනයක් හෝ දැයි දැනගන්ට දුෂ්කර වන්නේද? නොවේදැයි තෙරුන් වහන්සේ එය ප්‍රතිඥා කරන්නාහු එවමාවුසො යයි වදාළහ. යලි දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ උපමාවක් මනා ලෙස ප්‍රතිපාදනය කරන්නාහු, එවමෙව ඛො යනාදිය වදාළහ. එහි උපමා සන්සන්දනය දතයුත්තේය. කිලිටි වූ රන්බඳුනට සමානය. සාංගණ පුද්ගලයා.

සංකිලිට‍්ඨකංසපාතියා නපරිභුඤ‍්ජනමාදිං කත්‍වා රජාපථනික‍්ඛෙපො විය තස‍්ස පුග‍්ගලස‍්ස පබ‍්බජ‍්ජං ලභමානස‍්ස වෙජ‍්ජකම‍්මාදීසු පසුතපුග‍්ගලසන‍්තිකෙ පබ‍්බජ‍්ජාපටිලාභො.

කිලිටි වූ රන්බඳුන පරිභෝග නොකිරිම, රජස් නගින තන්හි බහාතැබීම, මෙනි. පැවිදි බව ලබන්නා වූ පුද්ගලයා වෙදකම් ආදියෙහි නියුක්ත පුද්ගලයෙකු සමීපයෙහි පැවිදි බව ලැබීම. කිලිටි වූ රන්බඳුන අතිශයින් කිලිටි බවට පත්වීම මෙනි. වෙදකම් ආදියෙහි නියුක්ත පුද්ගලයෙකු සමීපයෙහි පැවිද්ද ලැබීම.

සංකිලිට‍්ඨකංසපාතියා පුන සංකිලිට‍්ඨතරභාවො විය තස‍්ස පුග‍්ගලස‍්ස අනුක‍්කමෙන ආචරියුපජ‍්ඣායානං අනුසික‍්ඛතො වෙජ‍්ජකම‍්මාදිකරණං, එත්‍ථ ඨිතස‍්ස සාඞ‍්ගණකාලකිරියා.

කිලිටි වූ රන්බඳුන නැවත කිලිටිවීම මෙනි. ආචාර්ය උපාධ්‍යයයන් අනුව හික්මෙන්නා වූ ඒ මහණ වූ) පුද්ගලයාද වෙදකම් ආදිය කිරීම. මෙහි සිටියහුගේ අංගණ (කෙලෙස්) සහිත කාලක්‍රියාව සිදුවෙයි.

අථ වා අනුක‍්කමෙන දුක‍්කටදුබ‍්භාසිතවීතික‍්කමනං, එත්‍ථ ඨිතස‍්ස සාඞ‍්ගණකාලකිරියා. අථ වා අනුක‍්කමෙන පාචිත‍්තියථුල‍්ලච‍්චයවීතික‍්කමනං, සඞ‍්ඝාදිසෙසවීතික‍්කමනං, පාරාජිකවීතික‍්කමනං, මාතුඝාතාදිආනන‍්තරියකරණං, එත්‍ථ ඨිතස‍්ස සාඞ‍්ගණකාලකිරියාති.

නැතහොත් පිළිවෙලින්, දුක්කට දුබ්භාෂිත, (ශික්‍ෂාපද) ඉක්මවීම වෙයි. එබැවින් එහි සිටියහුගේ කාලක්‍රියාව අංගණ සහිත කාලක්‍රියා නම් වෙයි. නැතහොත් පිළිවෙලින් පාචිත්තිය ථුල්ලච්චය ශික්‍ෂාපද ඉක්මවීම සිදුවෙයි. සංඝාදිසෙස ඉක්මවීම පාරාජිකා ඉක්මවීම, මාතෘ ඝාතනය ආදි ආනන්තරිය කර්ම කිරීම වෙයි. (එබැවින්) එහි සිටියහුගේ අංගන සහිත කාලක්‍රියාව වෙයි.

සංකිලිට‍්ඨචිත‍්තො කාලං කරිස‍්සතීති එත්‍ථ ච අකුසලචිත‍්තෙන කාලං කරිස‍්සතීති න එවමත්‍ථො දට‍්ඨබ‍්බො. සබ‍්බසත‍්තා හි පකතිචිත‍්තෙන භවඞ‍්ගචිත‍්තෙනෙව කාලං කරොන‍්ති. අයං පන අවිසොධෙත්‍වා චිත‍්තසන‍්තානං කාලං කරිස‍්සතීති එතමත්‍ථං සන්‍ධාය එවං වුත‍්තොති වෙදිතබ‍්බො.

සංකිලිට්ඨ චිත්තො කාලං කරිස්සති යනු මෙහි ද අකුසල සිතින් යුතුවම කළුරිය කරන්නේ යයි මෙසේ අර්ථ නොදැකිය යුතුය. සියලු සත්ත්වයෝම ප්‍රකෘති සිතින්ම භවාංග සිතින්ම කලුරිය කෙරෙත්. එහෙයින් මෙතෙම වනාහි චිත්ත සන්තානය ශුද්ධ නොකොට කලුරිය කරන්නේය යන මේ අර්ථය සඳහා මෙසේ වදාරණ ලද්දේ යයි දතයුතුයැ.

දුතියවාරෙ පරියොදපෙය්‍යුන‍්ති ධොවනඝංසනසණ‍්හඡාරිකාපරිමජ‍්ජනාදීහි පරිසුද‍්ධං ආදාසමණ‍්ඩලසදිසං කරෙය්‍යුං. න ච නං රජාපථෙති පුබ‍්බෙ වුත‍්තප‍්පකාරෙ ඨානෙ අනික‍්ඛිපිත්‍වා කරණ‍්ඩමඤ‍්ජූසාදීසු වා ඨපෙය්‍යුං, පලිවෙඨෙත්‍වා වා නාගදන‍්තෙ ලගෙය්‍යුං. සෙසං වුත‍්තනයානුසාරෙනෙව ගහෙතබ‍්බං.

දෙවෙනි වාරයෙහි, පරියොදපෙය්‍යුං යනුවෙන් සේදීම ඇතිල්ලීම සියුම් අලුවලින් පිරිමැදීම ආදියෙන් පිරිසිදු වූ කැඩපතක් සේ කරන්නහු නම්, න ච නං රජාපථෙ කලින් කියන ලද ආකාර ඇති ස්ථානයක නොතබා කරඬු මංජුසා ආදියෙහි හෝ තබන්නාහු නම්, වටේට වෙලා නාග දන්තයෙහි හෝ එල්ලන්නාහු නම්, සෙස්ස කියන ලද ක්‍රමයෙන්ම ගතයුතුය.

උපමාසංසන්‍දනා චෙත්‍ථ එවං වෙදිතබ‍්බා – කිලිට‍්ඨකංසපාතිසදිසො සාඞ‍්ගණො භබ‍්බපුග‍්ගලො. කිලිට‍්ඨකංසපාතියා පරිභුඤ‍්ජනමාදිං කත්‍වා සුද‍්ධට‍්ඨානෙ ඨපනං විය තස‍්ස පුග‍්ගලස‍්ස පබ‍්බජ‍්ජං ලභමානස‍්ස පෙසලභික‍්ඛූනං සන‍්තිකෙ පබ‍්බජ‍්ජාපටිලාභො. යෙ ඔවදන‍්ති අනුසාසන‍්ති අප‍්පමත‍්තකම‍්පි පමාදං දිස‍්වා දණ‍්ඩකම‍්මං කත්‍වා පුනප‍්පුනං සික‍්ඛාපෙන‍්ති, සංකිලිට‍්ඨකංසපාතියා අපරකාලෙ පරිසුද‍්ධපරියොදාතභාවො විය තස‍්ස පුග‍්ගලස‍්ස ආචරියුපජ‍්ඣායානං අනුසික‍්ඛතො අනුක‍්කමෙන සම‍්මාවත‍්තපටිපත‍්ති, එත්‍ථ ඨිතස‍්ස අනඞ‍්ගණකාලකිරියා.

මෙහි උපමා සංසන්දනය මෙසේ දතයුතු වන්නීය. (කෙලෙස්) අංගණ සහිත පුද්ගල තෙමේ කිලිටි වූ රන්බඳුනක් සමාන වන්නේය. පැවිද්ද ලබන්නා වූ එම පුද්ගලයාට භික්‍ෂූහු අවවාද කෙරෙත්ද, අනුශාසනා කෙරෙත් ද, මද පමණ වූ ද ප්‍රමාදයක් දැක දඬුවම් කොට නැවත නැවත හික්මවත්ද, ප්‍රියශීලී භික්‍ෂූන්ගේ සමීපයෙහි පැවිද්ද ලැබීම කිලිටි වූ රන්බඳුන පරිභෝග කිරීම ආදිකොට පිරිසිදු ස්ථානයක තැබීම මෙන් වන්නේය. ආචාර්ය උපාධ්‍යායන්ට අනුව හික්මෙන්නා වූ ඒ පුද්ගලයාගේ යහපත් වත්පිළිවෙත් කිරීම කිලිටි වූ රන්බඳුන සම්බන්ධයෙන් පසුකලෙක පිරිසිදු බව හාත්පසින් පිරිසිදු බව මෙනි. මෙහි සිටියහුගේ අංගණ රහිත (කෙලෙස් රහිත) කාලක්‍රියාව වන්නීය.

අථ වා අනුක‍්කමෙන පරිසුද‍්ධෙ සීලෙ පතිට‍්ඨාය අත‍්තනො අනුරූපං බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා ධුතඞ‍්ගානි සමාදාය අත‍්තනො අනුකූලකම‍්මට‍්ඨානං ගහෙත්‍වා ගාමන‍්තසෙනාසනවාසං මුඤ‍්චිත්‍වා පන‍්තසෙනාසනවාසො, එත්‍ථ ඨිතස‍්ස අනඞ‍්ගණකාලකිරියා.

නැතහොත් අනුක්‍රමයෙන් පිරිසිදු සීලයෙහි පිහිටා තමනට සුදුසු වූ බුදුවදන් ඉගෙන, ධුතාංග වත් සමාදන්ව තමන්ට අනුකූල වූ කර්මස්ථානයක් ගෙන ග්‍රාමාන්ත සේනාසනයෙහි විසීම අතහැර වනසෙනසුන්හි විසීම වෙයි. මෙහි සිටියහුගේ අනංගණ කාලක්‍රියාව වන්නීය.

අථ වා අනුක‍්කමෙන කසිණපරිකම‍්මං කත්‍වා අට‍්ඨසමාපත‍්තිනිබ‍්බත‍්තනෙන කිලෙසවික‍්ඛම‍්භනං, විපස‍්සනාපාදකජ‍්ඣානා වුට‍්ඨාය විපස‍්සනාය කිලෙසානං තදඞ‍්ගනිවාරණං, සොතාපත‍්තිඵලාධිගමො…පෙ… අරහත‍්තසච‍්ඡිකිරියාති එත්‍ථ ඨිතස‍්ස අච‍්චන‍්තං අනඞ‍්ගණකාලකිරියා එව.

නැතහොත් අනුක්‍රමයෙන් කසිණ පරිකර්ම කොට අටසමවත් ඉපිදවීමෙන් කෙලෙස් විෂ්කම්භනය කොට විදර්ශනා පාදක ධ්‍යානයෙන් නැගීසිට විදර්ශනාවෙන් තදංග නිර්වාණයද සෝතාපත්ති ඵලය පැමිණීමද -පෙ- රහත්බව පසක් කිරීමද මේයයි මෙහි සිටියහුගේ අත්‍යන්තයෙන් කෙලෙස් අංගණ රහිත කාලක්‍රියාවම වන්නීය.

තතියවාරෙ සුභනිමිත‍්තන‍්ති රාගට‍්ඨානියං ඉට‍්ඨාරම‍්මණං. මනසි කරිස‍්සතීති තස‍්මිං විපන‍්නස‍්සති තං නිමිත‍්තං ආවජ‍්ජිස‍්සති.

තුන්වන වාරයෙහි සුභනිමිත්තං රාගයට කරුණු වූ ඉටු අරමුණයි. මනසිකරිස්සති, එහිදී විරුද්ධ ලෙස පැමිණි සතිය (සිහිය) එම නිමිත්ත ආවර්ජනය කරන්නේය.

තස‍්ස සුභනිමිත‍්තස‍්ස මනසිකාරාති තස‍්ස පුග‍්ගලස‍්ස සුභනිමිත‍්තමනසිකාරකාරණා. අනුද‍්ධංසෙස‍්සතීති හිංසිස‍්සති අධිභවිස‍්සති. රාගො හි උප‍්පජ‍්ජන‍්තො කුසලවාරං පච‍්ඡින්‍දිත්‍වා සයමෙව අකුසලජවනං හුත්‍වා තිට‍්ඨන‍්තො කුසලචිත‍්තං අනුද‍්ධංසෙතීති වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයානුසාරෙනෙව ගහෙතබ‍්බං.

තස්ස සුභනිමිත්තස්ස මනසිකාරා ඒ පුද්ගලයාට එම ශුභ නිමිත්ත මෙනෙහි කිරීම හේතුවෙන් අනුද්ධං සෙස්සති හිංසා කරන්නේය. මැඩ පවත්වන්නේය. එසේමැයි. රාගය උපදිනුයේ කුසලවාරය වලක්වා තමාම අකුසල ජවනය වී සිටින්නේ කුසල් සිත මැඩපවත්වයි යයි දතයුතුය. සෙස්ස කී ක්‍රමයෙන්ම දතයුතුයි.

ඔපම‍්මසංසන්‍දනා පනෙත්‍ථ එවං වෙදිතබ‍්බා – පරිසුද‍්ධකංසපාතිසදිසො පකතියා අප‍්පකිලෙසො අනඞ‍්ගණපුග‍්ගලො. පරිසුද‍්ධකංසපාතියා නපරිභුඤ‍්ජනං ආදිං කත්‍වා රජාපථෙ නික‍්ඛෙපො විය තස‍්ස පුග‍්ගලස‍්ස පබ‍්බජ‍්ජං ලභමානස‍්සාති ඉතො පරං සබ‍්බං පඨමවාරසදිසමෙව.

මෙම උපමා ගැලපීම මෙසේ දතයුතුයි. ප්‍රකෘතියෙන්ම (විෂ්කම්භනය කළ කෙලෙස් ඇති) අංගණ රහිත පුද්ගල තෙම පිරිසිදු රන්බඳුන වැන්න. පිරිසිදු රන්බඳුන පරිභෝග නොකිරීම ආදි කොට දූවිලි ගැටෙන තන්හි තැබීම මෙන් පැවිද්ද ලබන්නා වූ ඒ පුද්ගලයා යයි මෙයින් මත්තෙහි සියල්ල පළමුවාරය සමානමැයි.

චතුත්‍ථවාරෙ සුභනිමිත‍්තං න මනසි කරිස‍්සතීති තස‍්මිං සතිවිරහාභාවතො තං නිමිත‍්තං නාවජ‍්ජිස‍්සති, සෙසං දුතියවාරානුසාරෙන වෙදිතබ‍්බං. “අයං ඛො, ආවුසො”තිආදි “කො නු ඛො, ආවුසො”තිආදිම‍්හි වුත‍්තනයමෙව.

සතරවන වාරයෙහි, සුභනිමිත්තං න මනසිකරිස්සති යන මෙහි සතියගේ විරහ භාවයක් නැති හෙයින් එම ශුභ නිමිත්ති ආවර්ජනා නොකරන්නේය. සෙස්ස, දෙවෙනි වාරයෙහි දතයුතුය. අයං ඛො ආවුසො යනාදිය වනාහි කො නුඛො ආවුසො, යනාදියෙහි කී නයමැයි.

ඉදානි තං අඞ‍්ගණං නානප‍්පකාරතො පාකටං කාරාපෙතුකාමෙනායස‍්මතා මහාමොග‍්ගල‍්ලානෙන “අඞ‍්ගණං අඞ‍්ගණ”න‍්තිආදිනා නයෙන පුට‍්ඨො තං බ්‍යාකරොන‍්තො පාපකානං ඛො එතං, ආවුසොතිආදිමාහ. තත්‍ථ ඉච‍්ඡාවචරානන‍්ති ඉච‍්ඡාය අවචරානං, ඉච‍්ඡාවසෙන ඔතිණ‍්ණානං පවත‍්තානං නානප‍්පකාරානං කොපඅප‍්පච‍්චයානන‍්ති අත්‍ථො.

මෙවිට ඒ අංගණය නන් අයුරින් ප්‍රකට කරනු කැමැති වූ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින් අංගණං අංගණං යනාදි නයින් විචාරණ ලද්දාහු එය ප්‍රකාශ කරන සේක් පාපකානං ඛො එතං ආවුසො යනාදිය වදාළහ. එහි ඉච්ඡාවචරානං යනු කැමැත්තෙන් හැසිරෙන්නා වූ ඉච්ඡා වශයෙන් ගැවසී ගත්තා වූ කෝප, අපත්‍යය යන අර්ථයි.

යං ඉධෙකච‍්චස‍්සාති යෙන ඉධෙකච‍්චස‍්ස එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය, තං ඨානං තං කාරණං විජ‍්ජති අත්‍ථි, උපලබ‍්භතීති වුත‍්තං හොති. ආපන‍්නො අස‍්සන‍්ති ආපන‍්නො භවෙය්‍යං. න ච මං භික‍්ඛූ ජානෙය්‍යුන‍්ති භික‍්ඛූ ච මං න ජානෙය්‍යුං. කිං පනෙත්‍ථ ඨානං, ලාභත්‍ථිකතා. ලාභත්‍ථිකො හි භික‍්ඛු පකතියාපි ච කතපුඤ‍්ඤො මනුස‍්සෙහි සක‍්කතො ගරුකතො එවං චින‍්තෙති “ආපත‍්තිං ආපන‍්නං භික‍්ඛුං ථෙරා ඤත්‍වා මජ‍්ඣිමානං ආරොචෙන‍්ති, තෙ නවකානං, නවකා විහාරෙ විඝාසාදාදීනං, තෙ ඔවාදං ආගතානං භික‍්ඛුනීනං, එවං කමෙන චතස‍්සො පරිසා ජානන‍්ති. එවමස‍්ස ලාභන‍්තරායො හොති. අහො වතාහං ආපත‍්තිඤ‍්ච වත ආපන‍්නො අස‍්සං, න ච මං භික‍්ඛූ ජානෙය්‍යු”න‍්ති.

යං ඉධෙකච්චස්ස යම්හෙයකින් මේ ලෝකයෙහි කිසිවෙකුට කැමැත්තක් උපදින්නේ ද ඒ ස්ථානය එම කාරණය වන්නේය. ඇත. ලැබේයයි කියන ලද්දේ වෙයි. ආපන්නො අස්සං යනු පැමිණියෙමි. වන්නෙමි. න ච මං භික්ඛූ ජානෙය්‍යුං යනු භික්‍ෂූහුද මා නොදන්නාහු නම් මෙහි කාරණය කිම? ලාභය කැමති බවයි. එය එසේමැයි. ලාභය කැමති මහණ තෙම ප්‍රකෘතියෙන්ම කළ පින් ඇත්තේ මිනිසුන් විසින් සත්කාර ගරුකාර කරන ලද්දේ මෙසේ සිතයි. ඇවැතට පැමිණි භික්‍ෂුව ගැන ස්ථවිර භික්‍ෂූහු දැන මධ්‍යම භික්‍ෂූන්ට දන්වති. ඔවුහු නවක භික්‍ෂූන්ට ද නවක භික්‍ෂූහු විහාරයෙහි විඝාසාදීන්ටද (ඉතුරු දෙය කන්නවුන්ටද) ඔවුහු අවවාදයට පැමිණි භික්‍ෂූන්ටද (දන්වති) මෙසේ ක්‍රමයෙන් සිවුපිරිසද දැනගනිත්. මෙසේ ඔහුගේ ලාභයට අනතුරක් වෙයි. ඒකාන්තයෙන් මම ඇවතට පැමිණියෙම් වෙමි. භික්‍ෂූහු මා නොද දැනගන්නාහු නම් ඉතා යෙහෙකැයි

යං තං භික‍්ඛුං භික‍්ඛූ ජානෙය්‍යුන‍්ති යෙන කාරණෙන තං භික‍්ඛුං අඤ‍්ඤෙ භික‍්ඛූ ජානෙය්‍යුං, තං කාරණං විජ‍්ජති ඛො පන අත්‍ථියෙව, නො නත්‍ථි.

යං තං භික්ඛුං භික්ඛු ජානෙය්‍යුං යනු යම් කරුණකින් ඒ භික්‍ෂුව, අන්‍ය භික්‍ෂූහු දැනගන්නාහුද, එම කරුණ විද්‍යමානමය. ඇත්තේමය නැත්තේ නොවේ.

ථෙරා හි ඤත්‍වා මජ‍්ඣිමානං ආරොචෙන‍්ති. එවං සො පුබ‍්බෙ වුත‍්තනයෙන චතූසු පරිසාසු පාකටො හොති. එවං පාකටො ච අයසාභිභූතො ගාමසතම‍්පි පවිසිත්‍වා උම‍්මාරසතෙසු ඨානෙසු උඤ‍්ඡිත්‍වා යථාධොතෙන පත‍්තෙන නික‍්ඛමති.

ඒ එසේමැයි. ස්ථවිර භික්‍ෂූහු දැන මධ්‍යම භික්‍ෂූන්ට දන්වත්, මෙසේ එම භික්‍ෂුව පෙර කී සෙයින් සිව්පිරිස් අතර ප්‍රකට වෙයි. යලි මෙසේ ප්‍රකට වූයේ අයසින් මඩිනා ලද්දේ ගම් සියයකටද පැමිණ එලිපත් සියයක පා පිස හිස් පාත්‍රයෙන් යුතුව නික්මෙයි.

තතො ජානන‍්ති මං භික‍්ඛූ ආපත‍්තිං ආපන‍්නොති තෙහි චම‍්හි එවං නාසිතොති චින‍්තෙත්‍වා, ඉති සො කුපිතො හොති අප‍්පතීතො සො ඉමිනා කාරණෙන කුපිතො චෙව හොති කොධාභිභූතො අප‍්පතීතො ච දොමනස‍්සාභිභූතො.

(ඒ භික්‍ෂු තෙම) ඉක්බිති භික්‍ෂූහු මා ඇවතට පැමිණියේ යයි දනිති. ඔවුන් විසින් මෙසේත් නසන ලද්දේත් වෙමියි සිතා ඉති සො කුපිතො හොති අප්පතීතො මෙසේ හෙතෙම මෙම කරුණින් ක්‍රෝධයෙන් මඩනා ලද්දේ කිපියේ වෙයි. දොම්නසින් මඩනා ලද්දේත් නොසතුටු වූයේත් වෙයි.

යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප‍්පච‍්චයො උභයමෙතං අඞ‍්ගණන‍්ති, ආවුසො, යො චායං සඞ‍්ඛාරක‍්ඛන්‍ධසඞ‍්ගහිතො කොපො, යො ච වෙදනාක‍්ඛන්‍ධසඞ‍්ගහිතො අප‍්පච‍්චයො, එතං උභයං අඞ‍්ගණන‍්ති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ඉදඤ‍්ච තාදිසානං පුග‍්ගලානං වසෙන වුත‍්තං. ලොභො පන ඉමස‍්ස අඞ‍්ගණස‍්ස පුබ‍්බභාගවසෙන, මොහො සම‍්පයොගවසෙනාපි ගහිතොයෙව හොති.

යො චෙව ඛො ආවුසො, කොපො යොච අප්පච්චයො උභය මෙතං අංගණං ඇවැත්නි, යම් මේ සංස්කාර ස්කන්ධයෙහි සංග්‍රහ වූ කෝපයක් වේද, වේදනා ස්කන්ධයෙහි සංග්‍රහ වූ යම් නොසතුටක් වේද, මේ දෙක අංගණ යයි මෙසේ මෙහි අර්ථය දතයුතුයි. මෙයද එබඳු පුද්ගලයන්ගේ වශයෙන් කියන ලදී. ලෝභය වනාහි මෙම අංගණයට පූර්වභාග වශයෙනි. මෝහය සම්පයෝග වශයෙන් ද ගන්නා ලද්දේම වෙයි.

අනුරහො මන‍්ති පුරිමසදිසමෙව භික‍්ඛුං ගහෙත්‍වා විහාරපච‍්චන‍්තෙ සෙනාසනං පවෙසෙත්‍වා ද‍්වාරං ථකෙත්‍වා චොදෙන‍්තෙ ඉච‍්ඡති. ඨානං ඛො පනෙතන‍්ති එතං කාරණං විජ‍්ජති, යං තං භික‍්ඛුං චතුපරිසමජ‍්ඣෙ ආනෙත්‍වා බ්‍යත‍්තා විනීතා “තයා අසුකම‍්හි නාම ඨානෙ වෙජ‍්ජකම‍්මං කත”න‍්තිආදිනා නයෙන චොදෙය්‍යුං. සො චතූසු පරිසාසු පාකටො හොති. එවං පාකටො ච අයසාභිභූතොති සබ‍්බං පුරිමසදිසමෙව.

අනුරහො මං යනු පළමු මෙන්ම භික්‍ෂූහු තමා විහාර කෙළවර සෙනනට පමුණුවා දොර වසා චෝදනා කරන කල්හි කැමති වෙයි. ඨානං ඛො පන එතං යම් හෙයකින් එම භික්‍ෂුව සිටි පිරිස මැදට පමුණුවා, ව්‍යක්ත වූ විනීත වූ භික්‍ෂූහු තා විසින් අසවල් නම් තැන වෙදකම් කරන ලද්දේය, යනාදි නයින් චෝදනා කරන්නාහු ද මේ කරුණ ද වන්නේය. හෙතෙම සිව්පිරිස්හි ප්‍රසිද්ධ වූයේ වෙයි. මෙසේ ප්‍රසිද්ධ වූයේද අපකීර්තියෙන් මඩනා ලද්දේද වේයයි සියල්ල පෙර කී දෙයට සමානමැයි.

සප‍්පටිපුග‍්ගලොති සමානො පුග‍්ගලො. සමානොති සාපත‍්තිකො. පටිපුග‍්ගලොති චොදකො. අයං සාපත‍්තිකෙනෙව චොදනං ඉච‍්ඡති, ත්‍වම‍්පි ඉමඤ‍්චිමඤ‍්ච ආපත‍්තිං ආපන‍්නො, තං තාව පටිකරොහි පච‍්ඡා මං චොදෙස‍්සසීති වත‍්තුං සක‍්කාති මඤ‍්ඤමානො. අපිච ජාතිආදීහිපි සමානො පුග‍්ගලො සප‍්පටිපුග‍්ගලො. අයඤ‍්හි අත‍්තනො ජාතියා කුලෙන බාහුසච‍්චෙන බ්‍යත‍්තතාය ධුතඞ‍්ගෙනාති එවමාදීහිපි සමානෙනෙව චොදනං ඉච‍්ඡති, තාදිසෙන වුත‍්තං නාතිදුක‍්ඛං හොතීති මඤ‍්ඤමානො. අප‍්පටිපුග‍්ගලොති එත්‍ථ අයුත‍්තො පටිපුග‍්ගලො අප‍්පටිපුග‍්ගලො. ඉමෙහි ආපත‍්තාදීහි අසදිසත‍්තා පටිසත‍්තු පටිසල‍්ලො චොදකො භවිතුං අයුත‍්තොති වුත‍්තං හොති. ඉති සො කුපිතොති ඉති සො ඉමාය අප‍්පටිපුග‍්ගලචොදනාය එවං කුපිතො හොති.

සප්පටිපුග්ගලො සමාන වූ පුද්ගලයෙක්, ‘සමාන’ නම් ඇවැත් සහිත වූයේ යි, පටිපුග්ගල නම් චෝදක තෙමේයි. මෙතෙම ඇවත් සහිත කෙනෙකුට චෝදනා කරනු කැමති වෙයි. කුමක් හෙයින් ද යත්, තෙපි ද මෙනම් මෙනම් ඇවතට පැමිණියෙහි පළමුකොට එයට පිළියම් කරව, පසුව මට චෝදනා කරන්න යයි කියන්න හැකි වෙයි යයි සිතමිනි. තව ද ජාති ආදියෙන් ද සමාන වූ පුද්ගල තෙම ‘සප්පටි’ පුද්ගල නම් වේ. ඒ එසේමැයි. මෙතෙම තමහට ජාතියෙන් ද කුලයෙන් ද බහුශ්‍රැත බැවින් ද ව්‍යක්ත බැවින් ද, ධුතාංගයෙන් ද යන මේ ආදියෙන් සමාන වූවෙකු විසින්ම චෝදනා කිරීම කැමති වෙයි. එබඳු පුද්ගලයෙකු විසින් කියන ලද්ද දුක් නොවන්නේ යයි සිතන්නේ ද එහෙයිනි. අප්පටිපුග්ගලො යන මෙහි නොසුදුසු පුද්ගල තෙම අප්පටිපුග්ගල නම් වේ. මේ ඇවැත් ආදියෙන් අසමාන බැවින් සතුරු වූ විරුද්ධ වූ චෝදකයෙක් වන්ට නොසුදුසු යයි කියන ලද්දේ වෙයි. ඉතිසො කුපිතො මෙසේ හෙතෙම අසමාන පුද්ගලයාගේ චෝදනාවෙන් කිපියේ වෙයි.

චතුත්‍ථවාරෙ අහො වතාති “අහො වත රෙ අම‍්හාකං පණ‍්ඩිතකා, අහො වත රෙ අම‍්හාකං බහුස‍්සුතකා තෙවිජ‍්ජකා”ති (දී· නි· 1.291) ගරහායං දිස‍්සති. “අහො වත මං දහරංයෙව සමානං රජ‍්ජෙ අභිසිඤ‍්චෙය්‍යු”න‍්ති (මහාව· 57) පත්‍ථනායං. ඉධ පත්‍ථනායමෙව. පටිපුච‍්ඡිත්‍වා පටිපුච‍්ඡිත්‍වාති පුනප‍්පුනං පුච‍්ඡිත්‍වා. අයං භික‍්ඛු ලාභත්‍ථිකො භගවතො අත‍්තානං පටිපුච‍්ඡිතබ‍්බං ඉච‍්ඡති, තඤ‍්ච ඛො අනුමතිපුච‍්ඡාය, නො මග‍්ගං වා ඵලං වා විපස‍්සනං වා අන‍්තරං කත්‍වා. අයඤ‍්හි පස‍්සති භගවන‍්තං සාරිපුත‍්තාදයො මහාථෙරෙ “තං කිං මඤ‍්ඤසි, සාරිපුත‍්ත, මොග‍්ගල‍්ලාන, කස‍්සප, රාහුල චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වා”ති එවං පරිසමජ‍්ඣෙ පටිපුච‍්ඡිත්‍වා පටිපුච‍්ඡිත්‍වා ධම‍්මං දෙසෙන‍්තං, මනුස‍්සෙ ච “තෙස පණ‍්ඩිතා ථෙරා සත්‍ථු චිත‍්තං ආරාධෙන‍්තී”ති වණ‍්ණං භණන‍්තෙ, ලාභසක‍්කාරඤ‍්ච උපහරන‍්තෙ. තස‍්මා තං ලාභසක‍්කාරං ඉච‍්ඡන‍්තො එවං චින‍්තෙත්‍වා නිඛණිත්‍වා ඨපිතඛාණු විය භගවතො පුරතොව හොති.

සතරවෙනි වාරයෙහි, අහො වත යනු අහො වත අම්හාකං පණ්ඩිතකා අහොවත රෙ අම්හාකං බහුස්සුතකා තෙවිජ්ජකා යනු ගැරහීමෙහිද දක්නා ලැබේ. අහො වතං මං දහරං යෙව සමානං රජ්ජෙ අභිසිඤ්චෙය්‍යුං යනු ප්‍රාර්ථනාවෙහිද දක්නා ලැබේ. මෙහිද ප්‍රාර්ථනාවෙහි වේ. පටිපුච්ඡිත්‍වා පටිපුච්ඡිත්‍වා නැවත නැවත විචාරා, මේ මහණ තෙමේද ලාභ කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමා විචාල යුත්තෙකු කොට (ධර්මදේශනා කරනු) කැමති වෙයි. එය වූකලී අනුමතියට පමණි. මාර්ගයක් හෝ ඵලයක් හෝ විදර්ශනාවක් සම්බන්ධකොට නොවේ. මෙතෙම වනාහි ශාරිපුත්‍ර ආදි මහතෙරවරුන් තං කිම්මඤ්ඤසි සාරිපුත්ත, මොග්ගල්ලාන කස්සප, රාහුල, චක්ඛුං නිච්චං වා අනිච්චං වා යි මෙසේ පිරිස් මැද නැවත නැවත විචාරා දහම් දෙසන භාග්‍යවතුන් වහන්සේ දකී. පණ්ඩිත වූ තෙරවරු බුදුරදුන්ගේ සිත සතුටු කෙරෙත් යයි ඒ භික්‍ෂූන් වහන්සේලාගේ ගුණ කියන්නා වූ ද, ලාභසත්කාර පිරිනමන්නා වූ ද මිනිසුන් දකී. එහෙයින් ලාභසත්කාර කැමැත්තේ, මෙසේ සිතා සාරා සිටුවන ලද කණුවක් මෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටම වෙයි.

ඉති සො කුපිතොති අථ භගවා තං අමනසිකරිත්‍වාව අඤ‍්ඤං ථෙරං පටිපුච‍්ඡිත්‍වා ධම‍්මං දෙසෙති, තෙන සො කුපිතො හොති භගවතො ච ථෙරස‍්ස ච. කථං භගවතො කුප‍්පති?

ඉතිසො කුපිතො ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහු මෙනෙහි නොකොටම අන් භික්‍ෂුවක් විචාරමින් දහම් දෙසන සේක. ඒ කරුණෙන් හෙතෙම බුදුරදුන්ට ද එම තෙරුන්ට ද කිපුනේ වෙයි. කෙසේනම් භාග්‍යවතුන් වහන්සේට කිපේද යත්?

“අහං පබ‍්බජිතකාලතො පභුති ගන්‍ධකුටිපරිවෙණතො බහිනික‍්ඛමනං න ජානාමි, සබ‍්බකාලං ඡායාව න විජහාමි, මං නාම පුච‍්ඡිත්‍වා ධම‍්මදෙසනාමත‍්තම‍්පි නත්‍ථි. තංමුහුත‍්තං දිට‍්ඨමත‍්තකමෙව ථෙරං පුච‍්ඡිත්‍වා ධම‍්මං දෙසෙතී”ති එවං භගවතො කුප‍්පති.

මම පැවිදි වූ තැන් පටන් ගඳකුටි පිරුවනින් බැහැර ගිය ගමනක් නො දනිමි. සියලු කල්හි ඡායාව මෙන් අත් නො හරිමි. මගේ නම කියා කරන ධර්මදේශනා මාත්‍රයකුදු නැත. එකෙණෙහි දුටු පමණ ඇති භික්‍ෂුවක් විචාරා දහම් දෙසයි යයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි කිපෙයි.

කථං ථෙරස‍්ස කුප‍්පති? “අයං මහල‍්ලකත්‍ථෙරො භගවතො පුරතො ඛාණු විය නිසීදති, කදා නු ඛො ඉමං ධම‍්මකම‍්මිකා අභබ‍්බට‍්ඨානං පාපෙත්‍වා නීහරිස‍්සන‍්ති, අයඤ‍්හි යදි ඉමස‍්මිං විහාරෙ න භවෙය්‍ය, අවස‍්සං භගවා මයා සද‍්ධිං සල‍්ලපෙය්‍යා”ති එවං ථෙරස‍්ස කුප‍්පති.

කෙසේනම් තෙරුන්ට කිපේද යත්, මෙම මහලු තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අභිමුඛයෙහි කණුවක් මෙන් හිඳියි. කවර කලෙක මොහුව විනයකර්ම කරන නොසුදුසු කෙනෙකු බවට පත්කොට බැහැර කෙරෙත්ද, ඉදින් මෙතෙම මෙම විහාරයෙහි නොවන්නේ නම් අවශ්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේ මා සමග කථා කරන්නේය. මෙසේ තෙරුන්ට කිපෙයි.

පුරක‍්ඛත්‍වා පුරක‍්ඛත්‍වාති පුරතො පුරතො කත්‍වා, සම‍්පරිවාරෙත්‍වාති වුත‍්තං හොති. අයම‍්පි ලාභත්‍ථිකොයෙව, අයඤ‍්හි පස‍්සති බහුස‍්සුතෙ භික‍්ඛූ මහාපරිවාරෙන ගාමං පවිසන‍්තෙ, චෙතියං වන්‍දන‍්තෙ, තෙසඤ‍්ච තං සම‍්පත‍්තිං දිස‍්වා උපාසකෙ පසන‍්නෙ පසන‍්නාකාරං කරොන‍්තෙ. තස‍්මා එවං ඉච‍්ඡති.

පුරක්ඛත්‍වා, පුරක්ඛත්‍වා යනු පෙරටුකොට, පෙරටුකොට පිරිවරාගෙන යයි කියන ලද්දේ වෙයි. මෙතෙමේ ද ලාභ බලාපොරොත්තු වන්නෙක් මය. ඒ එසේමැයි. බහුශ්‍රැත භික්‍ෂූහු සහපිරිවරින් ගම් වදිනු සෑ වඳිනු. මෙතෙම දකියි. ඔවුන්ගේ එම සම්පත්තිය දැක පැහැදුනා වූ පැහැදුනු අයුරු දක්වන්නා වූ ද උපාසකයන් ද දකී. එසේ හෙයින් මෙසේ කැමති වෙයි.

කුපිතොති අයම‍්පි ද‍්වීසු ඨානෙසු කුප‍්පති භික‍්ඛූනං ථෙරස‍්ස ච. කථං භික‍්ඛූනං? “ඉමෙ යදෙව මය‍්හං උප‍්පජ‍්ජති චීවරං වා පිණ‍්ඩපාතො වා, තං ගහෙත්‍වා පරිභුඤ‍්ජන‍්ති, මය‍්හං පන පත‍්තචීවරං ගහෙත්‍වා පිට‍්ඨිතො ආගච‍්ඡන‍්තොපි නත්‍ථී”ති එවං භික‍්ඛූනං කුප‍්පති. කථං ථෙරස‍්ස? “එසො මහල‍්ලකත්‍ථෙරො තෙසු තෙසු ඨානෙසු සයමෙව පඤ‍්ඤායති, කුදාස‍්සු නාම නං ධම‍්මකම‍්මිකා නික‍්කඩ‍්ඪිස‍්සන‍්ති, ඉමස‍්මිං අසති අවස‍්සං මංයෙව පරිවාරෙස‍්සන‍්තී”ති.

කුපිතො යනු මෙතෙම භික්‍ෂූන්ට ද, තෙරුන්ට ද යන දෙතැනෙක්හි කිපෙයි. භික්‍ෂූන්ට කෙසේනම් කිපේද යත්, මේ භික්‍ෂූහු සිවුරු හෝ පිණ්ඩපාතය හෝ යමක් මට උපදීද, එය ගෙන පරිභෝග කරති. එසේ වුවත් මගේ පාසිවුරු ගෙන පිටිපසින් එන්නකු පවා නැතැයි මෙසේ භික්‍ෂූන්ට කිපෙයි. තෙරුන්ට කෙසේනම් කිපේද යත්, මේ මහලු ස්ථවිර තෙමේ ඒ ඒ තැන්වල තෙමේ ම පෙනී සිටියි. කවදානම් විනයකර්ම කරන්නෝ ඔහුව බැහැර කරන්නාහුද මොහු නැති කල්හි අවශ්‍යයෙන්ම මා ම පිරිවරා ගන්නාහු යයි කියා,

භත‍්තග‍්ගෙති භොජනට‍්ඨානෙ. අග‍්ගාසනන‍්ති සඞ‍්ඝත්‍ථෙරාසනං. අග‍්ගොදකන‍්ති දක‍්ඛිණොදකං. අග‍්ගපිණ‍්ඩන‍්ති සඞ‍්ඝත්‍ථෙරපිණ‍්ඩං. සබ‍්බත්‍ථ වා අග‍්ගන‍්ති පණීතාධිවචනමෙතං. තත්‍ථ අහමෙව ලභෙය්‍යන‍්ති ඉච‍්ඡා නාතිමහාසාවජ‍්ජා. න අඤ‍්ඤො භික‍්ඛු ලභෙය්‍යාති පන අතිමහාසාවජ‍්ජා. අයම‍්පි ලාභත්‍ථිකො පාසාදිකො හොති චීවරධාරණාදීහි, කදාචි පබ‍්බජති, කදාචි විබ‍්භමති. තෙන සො පුබ‍්බෙ ලද‍්ධපුබ‍්බං ආසනාදිං පච‍්ඡා අලභන‍්තො එවං චින‍්තෙසි. න සො භික‍්ඛු ලභෙය්‍යාති න සො භික‍්ඛු ථෙරානං අග‍්ගාසනාදීසු තදනුසාරෙන මජ‍්ඣිමානං අඤ‍්ඤෙසඤ‍්ච නවානං කදාචි යං වා තං වා සබ‍්බනිහීනං ආසනාදිං ලභති. කුපිතොති අයම‍්පි ද‍්වීසු ඨානෙසු කුප‍්පති මනුස‍්සානඤ‍්ච ථෙරානඤ‍්ච.

භත්තග්ගෙ දානශාලාවෙහි, අග්ගාසනං, සංඝස්ථවිරයගේ ආසනය අග්ගොදකං, වැලඳීමට පෙර පිරිනමනු ලබන පැන්, අග්ගිපිණ්ඩං (සංඝස්ථවිරයන්ට පිරිනමන) අග්‍රපිණ්ඩය නොහොත් සියලු තන්හි අග්ගං යන මෙය ප්‍රණීතයට නමකි. එහි එය මම ම ලබන්නෙමි යන කැමැත්ත මහා සාවද්‍ය නොවේ. මෙය, අන්‍යයෝ නොලබන්නාහු නම්, යන මෙය ඉතා මහා සාවද්‍ය වන්නේය. මේ තෙමේ ද ලාභ කැමැත්තේ සිවුරු දැරීම් ආදියෙන් ප්‍රසාද එලවන්නේ වෙයි. කිසිකලෙක පැවිදි වෙයි. කලෙක සිවුරු හැර යයි. එහෙයින් හෙතෙම පෙර ලද විරූ ආසනාදිය පසුව නොලබන්නේ මෙසේ සිතයි. න සො භික්ඛු ලභෙය්‍ය යනුවෙන්, එම භික්‍ෂුව ථෙරාදීන්ට අග අසුන් ආදිය ලැබෙන කල්හි, ඒ අනුසාරයෙන් මධ්‍යම නවක භික්‍ෂූන්ට ද ආසනාදිය ලැබුන කල්හි කිසිකලෙක ඒ සියල්ලටම පහත් වූ ආසනාදිය ලබයි. සමහරවිට නොලබයි. කුපිතො යනුවෙන් මෙතෙම දෙතැනෙහි කිපෙයි. මිනිසුන්ට ද තෙරවරුන්ට ද යනුවෙනි.

කථං මනුස‍්සානං? “ඉමෙ මඞ‍්ගලාදීසු මං නිස‍්සාය භික‍්ඛූ ලභන‍්ති, එතෙ, ‘භන‍්තෙ, එත‍්තකෙ භික‍්ඛූ ගහෙත්‍වා අම‍්හාකං අනුකම‍්පං කරොථා’ති වදන‍්ති, ඉදානි තංමුහුත‍්තං දිට‍්ඨමත‍්තකං මහල‍්ලකත්‍ථෙරං ගහෙත්‍වා ගතා, හොතු ඉදානි, නෙසං කිච‍්චෙ උප‍්පන‍්නෙ ජානිස‍්සාමී”ති එවං මනුස‍්සානං කුප‍්පති.

මිනිසුන්ට කෙසේනම් කිපේද යත්? මොවුහු මංගල අවමංගල කාරණවලදී මා නිසා භික්‍ෂූන් ලබති. ස්වාමීනි, මෙතෙක් භික්‍ෂුන් රැගෙන අපට අනුකම්පා කරනු මැනවයි කියති. දැන් එය මේ මොහොතේ දුටු පමණින් මහලු තෙරුන්ට කියා ගියාහුය. හොඳයි වේවා, ඔවුන්ගේ කටයුත්තක් ඇති වූ කල්හි දැනගන්නෙමැයි මෙසේ මිනිසුන් කෙරෙහි කිපෙති.

කථං ථෙරානං? “ඉමෙ නාම යදි න භවෙය්‍යුං, මංයෙව මනුස‍්සා නිමන‍්තෙය්‍යු”න‍්ති එවං ථෙරානං කුප‍්පති.

තෙරවරුන්ට කෙසේ කිපේද යත්, ඉදින් මොවුහු නොසිටියාහු නම්, මට ම මිනිස්සු ආරාධනා කරන්නාහු යයි තෙරවරුනට කිපෙති.

අනුමොදෙය්‍යන‍්ති අනුමොදනං කරෙය්‍යං. අයම‍්පි ලාභත්‍ථිකො යං වා තං වා ඛණ‍්ඩානුමොදනං ජානාති, “සො අනුමොදනට‍්ඨානෙ බහූ මාතුගාමා ආගච‍්ඡන‍්ති, තා මං සඤ‍්ජානිත්‍වා තතො පභුති ථාලකභික‍්ඛං දස‍්සන‍්තී”ති පත්‍ථෙන‍්තො එවං චින‍්තෙසි.

අනුමොදෙය්‍යං යනුවෙන් අනුමෝදනාව කරන්නේ නම් මේ තෙමේද ලාභ කැමැත්තේ යම් ඛණ්ඩානු මෝදනාවක් දනී. අනුමෝදනා කරන තැන බොහෝ ස්ත්‍රීහුද පැමිණෙති. ඔවුහු මා හැඳින එතැන් පටන් සැලිබත් දෙන්නහු යයි හෙතෙම මෙසේ ප්‍රාර්ථනා කරන්නේ මෙසේ සිතයි.

ඨානන‍්ති බහුස‍්සුතානං අනුමොදනා භාරො, තෙන බහුස‍්සුතො අනුමොදෙය්‍යාති වුත‍්තං හොති. කුපිතොති අයම‍්පි තීසු ඨානෙසු කුප‍්පති මනුස‍්සානං ථෙරස‍්ස ධම‍්මකථිකස‍්ස ච. කථං මනුස‍්සානං? “ඉමෙ පුබ‍්බෙ මංයෙව උපසඞ‍්කමිත්‍වා යාචන‍්ති ‘අම‍්හාකං නාගත්‍ථෙරො අම‍්හාකං සුමනත්‍ථෙරො අනුමොදතූ’ති, අජ‍්ජ පන නාවොචු”න‍්ති එවං මනුස‍්සානං කුප‍්පති. කථං ථෙරස‍්ස? “අයං සඞ‍්ඝත්‍ථෙරො ‘තුම‍්හාකං කුලුපකං නාගත්‍ථෙරං සුමනත්‍ථෙරං උපසඞ‍්කමථ, අයං අනුමොදිස‍්සතී’ති න භණතී”ති එවං ථෙරස‍්ස කුප‍්පති. කථං ධම‍්මකථිකස‍්ස? “ථෙරෙන වුත‍්තමත‍්තෙයෙව පහාරං ලද‍්ධකුක‍්කුටො විය තුරිතතුරිතං වස‍්සති, ඉමං නාම නික‍්කඩ‍්ඪන‍්තා නත්‍ථි, ඉමස‍්මිඤ‍්හි අසති අහමෙව අනුමොදෙය්‍ය”න‍්ති එවං ධම‍්මකථිකස‍්ස කුප‍්පති.

ඨානං යනුවෙන් බහුශ්‍රැතයනට අනුමෝදනා භාරය. එහෙයින් බහුශ්‍රැත තෙම අනුමෝදනාව කරන්නේ යයි කියන ලද්දේ වෙයි. කුපිතො යනුවෙන්, මෙතෙම මිනිසුන්ට ද, තෙරුන්ට ද ධර්මකථිකයාට ද යන තුන් ස්ථානයෙහි කිපෙති. කෙසේනම් මිනිසුන්ට කිපෙන්ද යත්, පෙර මොවුහු මා කරාම එළඹ, අපට නාග ස්ථවිරයෝ අපට සුමන ස්ථවිරයෝ අනුමෝදනා කෙරෙත්වායි යාඥා කෙරෙති. අදනම් කීවේ නැතැයි මිනිසුන්ට කිපෙති. කෙසේනම් තෙරුන්ට (කිපේද යත්) මේ සංඝස්ථවිර තෙම තොපගේ කුළුපග වූ නාග ස්ථවිරයන් සුමන ස්ථවිරයන් වෙත යන්න හෙතෙම අනුමෝදනා කරන්නේ යයි නොකියයි. මෙසේ තෙරුන්ට කිපෙයි. ධම්මකථිකයාට කෙසේ (කිපේද?) තෙරුන් විසින් අනුමෝදනාව කළ ඇසිල්ලෙහිම පහර කෑ කුකුලකු මෙන් වහ වහා ශබ්ද කෙරෙයි. මොහු බැහැර කරන්නාහු නම් නැත. යම් හෙයකින් මොහු නැති කල්හි මම ම අනුමෙවෙනි දේශනාව කරන්නෙම්ද එහෙයින් මෙසේ ධර්මකථිකයාට කිපෙයි.

ආරාමගතානන‍්ති විහාරෙ සන‍්නිපතිතානං. අයම‍්පි ලාභත්‍ථිකො යං වා තං වා ඛණ‍්ඩධම‍්මකථං ජානාති, සො පස‍්සති තාදිසෙසු ඨානෙසු ද‍්වියොජනතියොජනතො සන‍්නිපතිත්‍වා භික‍්ඛූ සබ‍්බරත‍්තිකානි ධම‍්මස‍්සවනානි සුණන‍්තෙ, තුට‍්ඨචිත‍්තෙ ච දහරෙ වා සාමණෙරෙ වා සාධු සාධූති මහාසද‍්දෙන සාධුකාරං දෙන‍්තෙ, තතො දුතියදිවසෙ අන‍්තොගාමගතෙ භික‍්ඛූ උපාසකා පුච‍්ඡන‍්ති “කෙ, භන‍්තෙ, ධම‍්මං කථෙසු”න‍්ති. තෙ භණන‍්ති “අසුකො ච අසුකො චා”ති. තං සුත්‍වා පසන‍්නා මනුස‍්සා ධම‍්මකථිකානං මහාසක‍්කාරං කරොන‍්ති. සො තං ඉච‍්ඡමානො එවං චින‍්තෙසි. ඨානන‍්ති බහුස‍්සුතානං විනිච‍්ඡයකුසලානං ධම‍්මදෙසනා භාරො, තෙන බහුස‍්සුතො දෙසෙය්‍යාති වුත‍්තං හොති.

ආරාමගතානං ආරාමයෙහි රැස්වූවන්, මෙතෙමේ ද ලාභ කැමැත්තේ යම් ඒ ඛණ්ඩ ධර්ම කථාවක් දනී. හේ එබඳු තැන්වලදී දෙයොදුන් තුන්යොදුන් දුරින් රැස්ව සර්වරාත්‍රික නිත්‍ය ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්නා වූ සතුටු සිත් ඇති භික්‍ෂූන්ද සාධු, සාධු යයි මහහඬින් සාදුකාර දෙන්නා වූ තරුණ භික්‍ෂූන් ද සාමණේරයන් ද දකී. එහෙයින් දෙවෙනි දිනයෙහි ඇතුළු ගමට ගියා වූ භික්‍ෂූන් ස්වාමීනි කවරෙක් ධර්මකථා කීවාහුදැයි ඔවුහු අසවල්, අසවල් තෙරුන් වහන්සේලා යයි කියති. එය අසා පැහැදුන මිනිස්සු ධර්මකථිකයන් වහන්සේට මහත් සත්කාර කරති. හෙතෙම එම සත්කාර කැමති වන්නේ මෙසේ සිතයි. ඨානං යනු බහුශ්‍රැත වූ විනිශ්චයෙහි දක්‍ෂ වූවන්ට දහම් දෙසීම භාරවෙයි. එහෙයින් බහුස්සුත තෙමේ දෙසන්නේ යයි කියන ලද්දේ වෙයි.

කුපිතොති චතුප‍්පදිකං ගාථම‍්පි වත‍්තුං ඔකාසං අලභමානො කුපිතො හොති අත‍්තනො මන්‍දභාවස‍්ස “අහඤ‍්හි මන්‍දො දුප‍්පඤ‍්ඤො කුතො ලභිස‍්සාමි දෙසෙතු”න‍්ති.

කුපිතො යනු චතුප්පද ගාථාවකුදු කියන්ට අවකාශ නොලබන හෙතෙම තමාගේ මන්දබුද්ධිභාවයට කිපෙයි. මම වනාහි මන්දබුද්ධිකයෙක්මි. නුවණ නැත්තෙක්මි. දහම් දෙසන්ට කෙසේනම් ලබන්නෙම්දැයි කියායි.

භික‍්ඛුනීනන‍්ති ඔවාදත්‍ථං වා උද‍්දෙසත්‍ථං වා පරිපුච‍්ඡත්‍ථං වා පූජාකරණත්‍ථං වා ආරාමං ආගන‍්ත්‍වා සන‍්නිපතිතභික‍්ඛුනීනං. අයම‍්පි ලාභත්‍ථිකො, තස‍්සෙවං හොති ඉමා මහාකුලා පබ‍්බජිතා භික‍්ඛුනියො, තාසු කුලෙසු පවිසෙත්‍වා නිසින‍්නාසු මනුස‍්සා පුච‍්ඡිස‍්සන‍්ති “කස‍්ස සන‍්තිකෙ ඔවාදං වා උද‍්දෙසං වා පරිපුච‍්ඡං වා ගණ‍්හථා”ති. තතො වක‍්ඛන‍්ති “අසුකො නාම අය්‍යො බහුස‍්සුතො, තස‍්ස දෙථ කරොථා”ති, තෙනස‍්ස එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති. ඨානන‍්ති ඔවාදාදයො නාම බහුස‍්සුතානං භාරො, තෙන බහුස‍්සුතො දෙසෙය්‍යාති වුත‍්තං හොති. කුපිතොති අයම‍්පි ද‍්වීසු ඨානෙසු කුප‍්පති, තාසඤ‍්ච භික‍්ඛුනීනං “ඉමා පුබ‍්බෙ මං නිස‍්සාය උපොසථප‍්පවාරණාදීනි ලභන‍්ති, තා ඉදානි තංමුහුත‍්තං දිට‍්ඨමත‍්තකමහල‍්ලකත්‍ථෙරස‍්ස සන‍්තිකං ගතා”ති. ධම‍්මකථිකස‍්ස ච “එස ඉමාසං සහසා ඔවාදං අදාසියෙවා”ති.

භික්ඛුණීනං යනු අවවාද පිණිස හෝ උදෙසීම් පිණිස හෝ විචාරීම පිණිස හෝ පූජාකිරීම පිණිස හෝ ආරාමයට අවුත් රැස් වූ භික්‍ෂුණීන්ට මෙතෙමේ ද ලාභ කැමති වූයේ වෙයි. ඕහට මෙබඳු සිතක් වෙයි. මේ භික්‍ෂුණීහු මහාකුලවලින් පැමිණ පැවිදි වූවාහුය. භික්‍ෂුණීහු ඒ කුලයන්හි පිවිස සිටින්නාහුය. මිනිස්සු ඔවුන් කවරෙකුගෙන් අවවාද හෝ විචාරීම හෝ ලබාගන්නාහුදැයි විචාරන්නාහුය. අනතුරුව අසවල් නම් ආර්යයන් වහන්සේ බහුස්සුතය. උන්වහන්සේට ප්‍රත්‍යය දෙවු. සත්කාර කරවා යයි කියන්නාහුය. එබැවින් ඔහුට මෙසේ ඉච්ඡාවක් උපදී. ඨානං අවවාද ආදිය නම් බහුස්සුතයන්ට අයත් වූවකි. එහෙයින් බහුස්සුත තෙම දේශනා කරන්නේ යයි කියන ලද්දේ වෙයි. කුපිතො මේ තෙම දෙතැනකදී කිපෙයි. මොවුහු පෙර මා නිසා පොහෝ පවාරණ ආදිය ලබති. දැන් ඔවුහු එකෙනෙහි දුටු පමණක් ඇති මහලු තෙරුන් සමීපයට ගියාහුයයි ඒ භික්‍ෂුණීන්ටද, මෙතෙම ඔවුන්ට වහා දුන්නේම යයි ධර්ම කථිකයා හටද කිපෙයි.

උපාසකානන‍්ති, ආරාමගතානං උපාසකානං. නිස‍්සට‍්ඨකම‍්මන‍්තා නාම මහාඋපාසකා හොන‍්ති, තෙ පුත‍්තභාතුකානං කම‍්මං නිය්‍යාතෙත්‍වා ධම‍්මං සුණන‍්තා විචරන‍්ති, අයං තෙසං දෙසෙතුං ඉච‍්ඡති, කිං කාරණා? ඉමෙ පසීදිත්‍වා උපාසිකානම‍්පි ආරොචෙස‍්සන‍්ති, තතො සද‍්ධිං උපාසිකාහි මය‍්හමෙව ලාභසක‍්කාරං උපහරිස‍්සන‍්තීති. ඨානං බහුස‍්සුතෙනෙව යොජෙතබ‍්බං. කුපිතොති අයම‍්පි ද‍්වීසු ඨානෙසු කුප‍්පති, උපාසකානඤ‍්ච “ඉමෙ අඤ‍්ඤත්‍ථ සුණන‍්ති, අම‍්හාකං කුලුපකස‍්ස සන‍්තිකෙ සුණාමාති නාගච‍්ඡන‍්ති, හොතු ඉදානි, තෙසං උප‍්පන‍්නෙ කිච‍්චෙ ජානිස‍්සාමී”ති ධම‍්මකථිකස‍්ස ච, “අයමෙතෙසං දෙසෙතී”ති.

උපාසකානං යනු ආරාමයට ගිය උපාසකයෝ නම් බැහැර කළ කර්මාන්ත ඇති මහා උපාසකයෝ වෙති. ඔවුහු පුත්‍ර සහෝදරයන්ට කර්මාන්ත පාවා දී බණ අසමින් හැසිරෙති. මෙතෙම ඔවුන්ට (ධර්ම) දේශනා කරන්ට කැමති වෙයි. කුමක් හෙයින් ද යත් මොවුහු පැහැදී උපාසිකාවන්ටද කියන්නාහුය. ඉන්පසු උපාසිකාවන් සමග මට ලාභ සත්කාර ගෙන එන්නාහුය. ඨානං යන මෙය බහුස්සුතයා සමගම යෙදිය යුතුය. කුපිතො මේ තෙම දෙතැනෙක්හි කිපෙයි. මොහු අනිකෙකු සමීපයෙහි (ධර්මය) අසත් අපගේ කුලුපග තෙරුන් සමීපයෙහි අසමු යයි නොපැමිණෙත්, එසේ වේවා, දැන් ඔවුන්ට කටයුත්තක් උපන් කල්හි දැනගන්නෙමැයි කියා උපාසකයන්ටද, මොවුන්ට දේශනා කළේ යයි ධර්ම කථිකයාට ද (කිපෙයි)

උපාසිකානන‍්ති ආරාමගතානං. උපාසිකා නාම ආසනපූජාදිකරණත්‍ථං වා උපොසථදිවසෙ වා ධම‍්මස‍්සවනත්‍ථං සන‍්නිපතිතා. සෙසං උපාසකවාරෙ වුත‍්තනයමෙව.

උපාසිකානං ආරාමයට පැමිණියාහු උපාසිකා නම් වන්නීය. ආසන පූජා ආදිය කිරීමට හෝ පොහෝදින බණ අසන්ට හෝ එක්රැස් වූවාහු (වෙති.) සෙස්ස උපාසක වාරයෙහි කී නියායමැයි.

සක‍්කරෙය්‍යුන‍්ති සක‍්කච‍්චඤ‍්ච කරෙය්‍යුං, සුන්‍දරඤ‍්ච කරෙය්‍යුං. ඉමිනා අත‍්තනි කාරං කරීයමානං සක‍්කච‍්චං කතඤ‍්ච සුන්‍දරඤ‍්ච පත්‍ථෙති. ගරුං කරෙය්‍යුන‍්ති භාරියං කරෙය්‍යුං. ඉමිනා භික‍්ඛූහි අත‍්තානං ගරුට‍්ඨානෙ ඨපීයමානං පත්‍ථෙති. මානෙය්‍යුන‍්ති පියායෙය්‍යුං. පූජෙය්‍යුන‍්ති එවං සක‍්කරොන‍්තා ගරුං කරොන‍්තා මානෙන‍්තා පච‍්චයෙහි පූජෙය්‍යුන‍්ති පච‍්චයපූජං පත්‍ථෙති. ඨානන‍්ති “පියො ගරු භාවනියො”ති වුත‍්තප‍්පකාරො බහුස‍්සුතො ච සීලවා ච එතං විධිං අරහති තෙන භික‍්ඛූ එවරූපං එවං කරෙය්‍යුන‍්ති වුත‍්තං හොති. කුපිතොති අයම‍්පි ද‍්වීසු ඨානෙසු කුප‍්පති භික‍්ඛූනඤ‍්ච “ඉමෙ එතං සක‍්කරොන‍්තී”ති ථෙරස‍්ස ච “ඉමස‍්මිං අසති මංයෙව සක‍්කරෙය්‍යු”න‍්ති. එස නයො ඉතො පරෙසු තීසු වාරෙසු.

සක්කරෙය්‍යුං යනු සකස්කොට කරන්නහු නම් සුන්දර ලෙස කරන්නහු නම්, මෙයින් තමා කෙරෙහි කරන්නා වූ සත්කාරය සකස්කොට කරන ලද්දක් ද සුන්දර වූවක් ද, ප්‍රාර්ථනා කරයි. ගරුකරෙය්‍යුං ගරු කරන්නාහු නම් මෙයින් භික්‍ෂූන් විසින් තම ගෞරවණීය ස්ථානයක තබනු ලබන්නකු කොට ප්‍රාර්ථනා කරයි. මානෙය්‍යුං, ප්‍රිය කරන්නාහු නම්. පූජෙය්‍යුං මෙසේ සත්කාර කරන්නාහු ගරුකාර කරන්නහු, ප්‍රිය කරන්නාහු ප්‍රත්‍යයන්ගෙන් පුදන්නහු නම් මැනවයි ප්‍රාර්ථනා කෙරේ. ඨානං යනු පියො ගරුභාවනියො යයි කියන ලද ආකාර ඇති, බහුස්සුත වූද සිල්වත් වූ ද (භික්‍ෂුව) මේ අයුරින් සුදුසු වෙයි. එබැවින් භික්‍ෂූහු මෙබඳු වූවහුට මෙසේ කරන්නේ යයි, කියන ලද්දේ වෙයි. කුපිතො යනු මේ තෙමේ ද දෙතැනෙක්හි කිපෙයි. භික්‍ෂූන්ටද, මොවුහු ඒ භික්‍ෂුවට සත්කාර කෙරෙත් යයි තෙරුන්ටද යනුයි. මොහු නැති කල්හි මටම සත්කාර කරන්නාහු යයි කියා තෙරුන්ට දැයි දෙතැනෙක්හි කිපෙයි. මතු තුන් වාරයෙහිදු මේ ක්‍රමයමැයි.

පණීතානං චීවරානන‍්ති පට‍්ටදුකූලපට‍්ටුණ‍්ණකොසෙය්‍යාදීනං මහග‍්ඝසුඛුමසුඛසම‍්ඵස‍්සානං චීවරානං. ඉධාපි අහමෙව ලාභී අස‍්සන‍්ති ඉච‍්ඡා නාතිමහාසාවජ‍්ජා. න අඤ‍්ඤො භික‍්ඛු ලාභී අස‍්සාති පන මහාසාවජ‍්ජා.

පණීතානං චීවරානං යනු පට, දුහුල්, පත්තුණ්ණ, කොසෙය්‍ය මාහැඟි, සියුම්, සුවපහස් ගෙනදෙන සිවුරු මෙහිදී මම ම ලබන්නෙක් වන්නෙමියි යන කැමැත්ත මහාසාවද්‍ය නොවේ. අනිකෙකු ලබන්නෙක් නොවේවා යන ඉච්ඡාව මහා සාවද්‍ය වේ.

පණීතානං පිණ‍්ඩපාතානන‍්ති සප‍්පිතෙලමධුසක‍්කරාදිපූරිතානං සෙට‍්ඨපිණ‍්ඩපාතානං. පණීතානං සෙනාසනානන‍්ති අනෙකසතසහස‍්සග‍්ඝනකානං මඤ‍්චපීඨාදීනං පණීතානං. ගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති සප‍්පිතෙලමධුඵාණිතාදීනං උත‍්තමභෙසජ‍්ජානං. සබ‍්බත්‍ථාපි ඨානං බහුස‍්සුතෙහි පුඤ‍්ඤවන‍්තෙහි ච යොජෙතබ‍්බං. කුපිතොති සබ‍්බත්‍ථාපි ද‍්වීසු ඨානෙසු කුප‍්පති, මනුස‍්සානඤ‍්ච “ඉමෙසං නාම පරිචිතභාවොපි නත්‍ථි, දීඝරත‍්තං එකතො වසන‍්තස‍්ස පංසුකූලත්‍ථාය වා පිණ‍්ඩපාතත්‍ථාය වා සප‍්පිතෙලාදිකාරණා වා ඝරපටිපාටියා චරන‍්තස‍්සාපි මෙ එකදිවසම‍්පි කිඤ‍්චි පණීතං පච‍්චයං න දෙන‍්ති. ආගන‍්තුකං මහල‍්ලකං පන දිස‍්වාව යං ඉච‍්ඡති, තං දෙන‍්තී”ති, ථෙරස‍්ස ච “අයම‍්පි මහල‍්ලකො ඉමෙසං අත‍්තානං දස‍්සෙන‍්තොයෙව චරති, කුදාස‍්සු නාම නං ධම‍්මකම‍්මිකා නික‍්කඩ‍්ඪෙය්‍යුං, එවං ඉමස‍්මිං අසති අහමෙව ලාභී අස‍්ස”න‍්ති.

පණීතානං පිණ්ඩපාතානං යනු ගිතෙල්-තෙල්-මී-සකුරු ආදියෙන් පිරුණු ශ්‍රේෂ්ඨ වූ පිණ්ඩපාතය. පණීතානං සෙනාසනානං යනු නොඑක් සියගණන් නොඑක් දහස්ගණන් අගනා ඇඳපුටු ආදිය. පණීතානං ගිලාන පචචය භෙසජ්ජ පරික්ඛාරානං යනු, ගිතෙල්, තෙල්, උක්සකුරු ආදි උතුම් බෙහෙත් සියලු තන්හිම ඨානං යන්න බහුස්සුත වූ පුඤ්ඤ වූ ද අය විෂයෙහි යෙදිය යුතුය. කුපිතො සියලු තන්හි දෙතැනෙක්හි කිපෙයි. මොවුන්ගේ නම් පුරුදු පුරුදු බවකුදු නැත. බොහෝකලක් එක්ව වසන්නා වූ ද, පාංසුකූලය පිණිස හෝ පිණ්ඩපාතය පිණිස හෝ ගිතෙල් තලතෙල් ආදිය පිණිස හෝ ගෙපිළිවෙලින් හැසිරෙන්නා වූ මට එක දවසකුදු ප්‍රණීත ප්‍රත්‍යයක් නොදෙති. ආගන්තුක වූ මහලු තෙර දැකම යමක් කැමති නම් එය දෙතියි කියා මිනිසුන්ටද, මේ මහලු තෙරද මොවුන්ට තමන්ව දක්වමින් හැසිරෙයි. කවදානම් දහම් කම් කරන්නෝ මොහු බැහැර කරන්නාහු ද මෙසේ මොහු නැති කල්හි මම ම ලාභි වන්නෙමැයි තෙරුන්ට කිපෙයි.

ඉමෙසං ඛො, එතං ආවුසොති ඉමෙසං හෙට‍්ඨා එකූනවීසතිවාරෙහි වුත‍්තානං ඉච‍්ඡාවචරානං.

ඉමෙසං ඛො ආවුසොති මෙයින් යට එකුන්විසි වරෙක්හි කියන ලද, (කැමති පරිදි පවත්නා වූ) ඉච්ඡාවචරයන්ගේ,

දිස‍්සන‍්ති චෙව සූයන‍්ති චාති න ඉච‍්ඡාවචරා චක‍්ඛුනා දිස‍්සන‍්ති, න සොතෙන සූයන‍්ති, මනොවිඤ‍්ඤාණවිසයත‍්තා. අප‍්පහීනඉච‍්ඡාවචරස‍්ස පන පුග‍්ගලස‍්ස ඉච‍්ඡාවචරවසෙන පවත‍්තකායකම‍්මං දිස‍්වා දිට‍්ඨා විය වචීකම‍්මං සුත්‍වා සුතා විය ච හොන‍්ති, තෙන වුත‍්තං “දිස‍්සන‍්ති චෙව සූයන‍්ති චා”ති. පච‍්චක‍්ඛකාලෙ දිස‍්සන‍්ති, “අසුකො කිර භික‍්ඛු ඊදිසො”ති තිරොක‍්ඛකාලෙ සූයන‍්ති.

දිස්සන්ති චෙව සුසන්තිච යනුවෙන් ඉච්ඡාවචරයෝ ඇසින් දකිනු නොලැබෙති. කනින් අසනු නො ලබති. මනෝ විඥානයට විෂය හෙයිනි. ප්‍රහීණ නොවූ ඉච්ඡාවචර ඇත්තා වූ පුද්ගලයාගේ ඉච්ඡාවචර වශයෙන් පැවති (=කැමති පරිදි පවත්නා වූ) කාය කර්මය දැක, දක්නා ලද්දවුන් මෙන් ද, වාක් කර්මය අසා අසන ලද්දවුන් මෙන් ද වෙත්. එහෙයින් වදාරණ ලදී. දිස්සන්ති චෙව සූයන්තිච යනුවෙන්. අසවල් භික්‍ෂුව මෙසේ යයි ප්‍රත්‍යක්‍ෂ කාලයෙහිම පෙනෙති. ප්‍රත්‍යක්‍ෂ නොවූ කල්හි අසනු ලැබෙත්.

කිඤ‍්චාපීති අනුග‍්ගහගරහවචනං. තෙන ආරඤ‍්ඤිකත‍්තං අනුග‍්ගණ‍්හාති, ඉච‍්ඡාවචරානං අප‍්පහානං ගරහති.

කිඤ්චාපි යනු අනුග්‍රහ, ගර්හා (සඳහා වූ) වචනයකි. එහෙයින් ආරණ්‍යක බවට අනුග්‍රහ කෙරෙයි. ඉච්ඡාවචරයන් ප්‍රහීණ නොකිරීමට ගර්හා කෙරෙයි.

තත්‍රායං යොජනා, කිඤ‍්චාපි සො භික‍්ඛු ගාමන‍්තසෙනාසනං පටික‍්ඛිපිත්‍වා ආරඤ‍්ඤිකො හොති, අන‍්තෙ පන‍්තසෙනාසනෙ වසති, ඉමෙ චස‍්ස එත‍්තකා ඉච‍්ඡාවචරා අප‍්පහීනා. කිඤ‍්චාපි සො අතිරෙකලාභං පටික‍්ඛිපිත්‍වා පිණ‍්ඩපාතිකො හොති. කිඤ‍්චාපි සො ලොලුප‍්පචාරං වජ‍්ජෙත්‍වා සපදානචාරී හොති. කිඤ‍්චාපි සො ගහපතිචීවරං පටික‍්ඛිපිත්‍වා පංසුකූලිකො හොති.

මෝතොමෝ එහි යෝජනා නම් වන්නීය. කිසිසේත් එම භික්‍ෂු තෙම ගමෙහි සෙනසුන ප්‍රතික්‍ෂෙප කොට, ආරණ්‍යක වේද, අවසන වනයෙහි ඉතා ඈත සෙනසුනක වාසය කෙරේ. එතකුදු වුවත් මෙතෙක් ඔහුගේ ඉච්ඡාවචරයෝ අප්‍රහීණ වූවාහු වෙති. කිසිසේත් හෙතෙම අතිරේක ලාභය ප්‍රතික්‍ෂෙප කොට පිණ්ඩපාතික වේද, කිසිසේත් හෙතෙම ලොලුප්පචාරය (ආසා බහුල හැසිරීම්) අතහැර ගෙපිළිවෙලින් හැසිරෙනසුලු වේද, කිසිසේත් හෙතෙම ගිහියන් විසින් දුන් සිවුරු ප්‍රතික්‍ෂෙප කොට පාංශුකූලික වේද?

ලූඛචීවරධරොති එත්‍ථ පන ලූඛන‍්ති සත්‍ථලූඛං සුත‍්තලූඛං රජනලූඛන‍්ති තීහි කාරණෙහි ලූඛං වෙදිතබ‍්බං. තත්‍ථ සත්‍ථෙන ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින‍්නං සත්‍ථලූඛං නාම, තං අග‍්ඝෙන පරිහායති, ථූලදීඝසුත‍්තකෙන සිබ‍්බිතං සුත‍්තලූඛං නාම, තං ඵස‍්සෙන පරිහායති ඛරසම‍්ඵස‍්සං හොති. රජනෙන රත‍්තං රජනලූඛං නාම, තං වණ‍්ණෙන පරිහායති දුබ‍්බණ‍්ණං හොති. කිඤ‍්චාපි සො භික‍්ඛු එවං සත්‍ථලූඛසුත‍්තලූඛරජනලූඛචීවරධරො හොති, ඉමෙ චස‍්ස එත‍්තකා ඉච‍්ඡාවචරා අප‍්පහීනා දිස‍්සන‍්ති චෙව සූයන‍්ති ච, අථ ඛො නං විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී නෙව සක‍්කරොන‍්ති…පෙ… න පූජෙන‍්තීති. තං කිස‍්ස හෙතූති එත්‍ථ තන‍්ති නිපාතමත‍්තං, කිස‍්ස හෙතූති කිං කාරණා. තෙ හි තස‍්ස…පෙ… සූයන‍්ති ච යස‍්මා තස‍්ස තෙ පාපකා සූයන‍්ති චාති වුත‍්තං හොති. ඉමෙසං ඉච‍්ඡාවචරානං අප‍්පහීනත‍්තාති අයමෙත්‍ථ අධිප‍්පායො.

ලූඛචීවරධරො යනු මෙහි ලූඛං යනු සත්‍ථලූඛ සුත්තලූඛ - රජතලූඛ යයි කරුණු තුනකින් ලූඛ (දල) බව දත යුතුය. ඔවුනතුරෙහි ආයුධයකින් කඩ කඩකොට සිඳිනා ලද්දේ සත්‍ථලූඛ නම් වේ. එය වටිනාකමින් අඩුවේ. දල දික් නූල්වලින් මසන ලද්දේ සුත්තලූබ නම් වේ. එය ස්පර්ශයෙන් පිරිහෙයි. (ගොරෝසු වේ.) සායම් පොවන ලද්දේ රජන ලූඛ නම් වේ. එය වර්ණයෙන් දුර්වල වේ. දුර්වර්ණ වේ. කිසිසේත් ඒ මහණ මෙසේ සත්‍ථලූඛ, සුත්තලූඛ, රජතලූඛ වූ සිවුරු දරන්නේ වේද, එතකුදු වුවත් ඔහුගේ මේ මෙපමණ ඉච්ඡාවචරයෝ අප්‍රහීණ වූවාහු දක්නාහුද ලැබෙති. අසනුද ලැබෙති. ඉක්බිති ඔහුට නුවණැති සබ්‍රහ්මචාරීහු සත්කාර නොම කරත්. පූජාකොට නොම කරත්. තංකිස්ස හෙතු කරුණු කිම, එහි තං යනු නිපාත මාත්‍රයකි. කිස්ස හේතු හේතුව කිම? ඔවුන් විසින් ඔහුගේ (ඉච්ඡාවචරයෝ) අසනුද ලැබෙත්. යම් හෙයකින් ඔහුගේ ඒ පාපක ධර්මයෝ අසනු ලැබෙත්ද, එහෙයිනැයි කියන ලද්දේ විය. මේ ඉච්ඡාවචර ධර්මය ප්‍රහීණ නොවන බැවින්, යනු මෙහි අදහසයි.

ඉදානි තමත්‍ථං උපමාය පාකටං කරොන‍්තො සෙය්‍යථාපීතිආදිමාහ.

දැන් මෙම කරුණ උපමාවකින් ප්‍රකට කරන්නේ, සෙය්‍යථාපි යනාදිය කීහ.

තත්‍ථ කුණපන‍්ති මතකළෙවරං. අහිස‍්ස කුණපං අහිකුණපං. එවං ඉතරානි. අතිපටිකූලජිගුච‍්ඡනීයභාවතො චෙත්‍ථ ඉමානෙව තීණි වුත‍්තානීති වෙදිතබ‍්බානි. අඤ‍්ඤෙසඤ‍්හි සසසූකරාදීනං කුණපං මනුස‍්සා කටුකභණ‍්ඩාදීහි අභිසඞ‍්ඛරිත්‍වා පරිභුඤ‍්ජන‍්තිපි.

එහි කුණපං යනු මළසිරුරක්, සර්පයාගේ කුණපය අහිකුණප නම් වේ. අනිත් ඒවාද මෙබඳුය. ඉතා පිළිකුල් ගැරහිය යුතු බැවින් මෙහි මේ තුනම කියන ලද්දාහු යයි දතයුත්තාහුය. ඒ එසේමැයි. අන්‍ය වූ හා ඌරු ආදීන්ගේ කුණප මිනිස්සු කුළුබඩු ආදිය යොදා සකස්කොට පරිභෝගද කෙරෙත්.

ඉමෙසං පන කුණපං අභිනවම‍්පි ජිගුච‍්ඡන‍්තියෙව, කො පන වාදො කාලාතික‍්කමෙන පූතිභූතෙ. රචයිත්‍වාති වඩ‍්ඪෙත්‍වා, පරිපූරෙත්‍වාති අත්‍ථො, කුණපං ගහෙත්‍වා කංසපාතියං පක‍්ඛිපිත්‍වාති වුත‍්තං හොති. අඤ‍්ඤිස‍්සාති අපරාය. පටිකුජ‍්ජිත්‍වාති පිදහිත්‍වා. අන‍්තරාපණන‍්ති ආපණානමන‍්තරෙ මහාජනසංකිණ‍්ණං රච‍්ඡාමුඛං. පටිපජ‍්ජෙය්‍යුන‍්ති ගච‍්ඡෙය්‍යුං. ජඤ‍්ඤජඤ‍්ඤං වියාති චොක‍්ඛචොක‍්ඛං විය මනාපමනාපං විය. අපිච වධුකාපණ‍්ණාකාරං වියාති වුත‍්තං හොති. වධුකාති ජනෙත‍්ති වුච‍්චති, තස‍්සා නීයමානං පණ‍්ණාකාරං ජඤ‍්ඤං, උභයත්‍ථාපි ආදරවසෙන වා පසංසාවසෙන වා පුනරුත‍්තං. “ජඤ‍්ඤජඤ‍්ඤං බ්‍යා”තිපි පාඨො.

ඔවුන්ගේ කුණප වනාහි අභිනව වුවද පිළිකුල් කෙරෙත්මය. කල්පසු වී කුණු වූවායින් පසු කියනුම කවරේද? රචයිත්‍වා යනු වඩා, පුරවා යන අර්ථයි. කුණපය ගෙන රුවන් බඳුනෙහි බහායයි කියන ලද්දේ වෙයි. අඤ්ඤිස්සා යනු අන්‍ය වූ පටිකුජ්ජිත්‍වා යනු වසා, අන්තරාපණං යනු වෙළඳසැල් අතරෙහි, මහජනයා ගැවසීගත් වීථි ඉදිරිපිට, පටිපජ්ජෙය්‍යුං යනු යන්නාහු නම්, ජඤ්ඤ ජඤ්ඤං විය. මනොඥ වූවක්, අතිශයින් මනාප වූවක් මෙන්, තව ද තරුණ ස්ත්‍රියක් පිණිස වූ පඬුරක් මෙන් යයි ද කියන ලද්දේ වෙයි. ඒ එසේමැයි. වධුකාතොමෝ ජනී යයි කියනු ලැබේ. ඇයට ගෙනයන පඬුර ජඤ්ඤ නම් වේ. දෙපරිද්දෙන්ම ආදර වශයෙන් හෝ ප්‍රශංසා වශයෙන් හෝ පුනරුක්තයි. ජඤ්ඤං ජඤ්ඤං ව්‍යා යනුද පාඨයි.

අපාපුරිත්‍වාති විවරිත්‍වා. තස‍්ස සහ දස‍්සනෙන අමනාපතා ච සණ‍්ඨහෙය්‍යාති තස‍්ස කුණපස‍්ස දස‍්සනෙන සහෙව තස‍්ස ජනස‍්ස අමනාපතා තිට‍්ඨෙය්‍ය. අමනාපතාති ච “අමනාපමිද”න‍්ති උප‍්පන‍්නචිත‍්තචෙතසිකානමෙතං අධිවචනං. එස නයො පටිකුල්‍යජෙගුච‍්ඡතාසු. ජිඝච‍්ඡිතානම‍්පීති ඡාතානම‍්පි. න භොත‍්තුකම්‍යතා අස‍්සාති භුඤ‍්ජිතුකාමතා න භවෙය්‍ය. පගෙව සුහිතානන‍්ති ධාතානං පන පඨමතරමෙව භුඤ‍්ජිතුකාමතා න භවෙය්‍යාති වුත‍්තං හොති.

අවාපුරිත්‍වා විවෘතකොට, තස්ස සහ දස්සනෙන අමනාපතා ච සණ්ඨහෙය්‍ය යනුවෙන් එම කුණපය දැකීම සමගම එම ජනයාගේ අමනාපය නැගී සිටින්නේය. අමනාපතා යනුද අමනාපයයි. උපන්නා වූ චිත්ත චෛතසිකයන්ටම මේ නමකි. පිළිකුල් බව හා ගැරහිය යුතු බව යන දෙතන්හිද මේ ක්‍රමයමැයි. ජිඝච්ඡිතානම්පි බඩගිනි ඇත්තවුන්ට ද, න භොත්තු කම්‍යතා අස්ස යනු වළඳනු කැමැති බව ඇති නොවන්නේය. පගෙව සුහිතානං යනු, කා බී සිටිනවුන්ට පළමුකොටම වන්නේය. වළඳනු කැමැත්ත ඇති නොවන්නේ යයි කියන ලද්දේ වෙයි.

තත්‍රායං උපමාසංසන්‍දනා – පරිසුද‍්ධකංසපාතිසදිසං ඉමස‍්ස පබ‍්බජ‍්ජාලිඞ‍්ගං, කුණපරචනං විය ඉච‍්ඡාවචරානං අප‍්පහානං, අපරකංසපාතියා පටිකුජ‍්ඣනං විය ආරඤ‍්ඤිකඞ‍්ගාදීහි ඉච‍්ඡාවචරප‍්පටිච‍්ඡාදනං, කංසපාතිං විවරිත්‍වා කුණපදස‍්සනෙන ජනස‍්ස අමනාපතා විය ආරඤ‍්ඤිකඞ‍්ගාදීනි අනාදියිත්‍වා ඉච‍්ඡාවචරදස‍්සනෙන සබ්‍රහ‍්මචාරීනං අසක‍්කාරකරණාදිතාති.

මේ එහි උපමා ගැලපීමයි. පිරිසිදු රන්බඳුන හා සමානය. මොහුගේ පැවිද්ද, කුණප පිරවීම (එකතුවීම) මෙනි. ඉච්ඡාවචරයන්ගේ අප්‍රහීණ බව, අරණ්‍යකාංග යනාදිය වෙනත් රන් බඳුනකින් වැසීම මෙනි. අන්‍යකාංගාදිය විශ්වාස නොකොට ඉච්ඡාවචර දර්ශනයෙන් සබ්‍රම්සරුන්ගේ සත්කාර සම්මාන නොකිරීම, රන්බඳුන විවෘතකොට කුණප ආදිය පෙන්වීමෙන්, මහජනයා තුල ඇතිවන නොසතුට මෙනි.

සුක‍්කපක‍්ඛෙ පන, කිඤ‍්චාපීති අනුග‍්ගහපසංසාවචනං, තෙන ආරඤ‍්ඤිකත‍්තං අනුග‍්ගණ‍්හාති, ඉච‍්ඡාවචරප‍්පහානං පසංසති.

කුසල පක්‍ෂයෙහි, කිඤ්චාපි යනු අනුග්‍රහ ප්‍රශංසා වචනයි. එයින් අරණ්‍යභාවයට ප්‍රශංසා කරයි. ඉච්ඡාවචරයන්ගේ ප්‍රහාණයට ප්‍රශංසා කරයි.

නෙමන‍්තනිකොති නිමන‍්තනපටිග‍්ගාහකො. විචිතකාළකන‍්ති විචිනිත්‍වා අපනීතකාළකං. අනෙකසූපං අනෙකබ්‍යඤ‍්ජනන‍්ති එත්‍ථ සූපො නාම හත්‍ථහාරියො වුච‍්චති. බ්‍යඤ‍්ජනන‍්ති උත‍්තරිභඞ‍්ගං, තෙන මච‍්ඡමංසමුග‍්ගසූපාදීහි අනෙකසූපං, නානප‍්පකාරමංසාදිබ්‍යඤ‍්ජනෙහි අනෙකබ්‍යඤ‍්ජනන‍්ති වුත‍්තං හොති. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

නෙමන්තණිකො, නිමන්ත්‍රණ බත් පිළිගන්නේ, විචිත කාළකං කළු සහල් ඇට තෝරා ඉවත්කළ, අනෙක සූප අනෙක ව්‍යඤ්ජන යනු අතින් ගතහැක්කේ ‘සූප’ නමයි කියනු ලැබේ. ව්‍යඤ්ජන නම් උත්තරිභංගය. එහෙයින් මත්ස්‍ය, මාංශ, මුද්ගසූප ආදිය කරණකොටගෙන නොයෙක් සූප ඇති, නානාප්‍රකාර මාංශාදි ව්‍යඤ්ජනයන් කරණකොටගෙන නොයෙක් ව්‍යඤ්ජන ඇති යයි කියන ලද්දේ වෙයි. සෙස්ස කී නයින්ම දතයුතුය.

උපමාසංසන්‍දනෙ ච සාලිවරභත‍්තරචනං විය ඉච‍්ඡාවචරප‍්පහානං, අපරකංසපාතියා පටිකුජ‍්ඣනං විය අප‍්පිච‍්ඡතාසමුට‍්ඨානෙහි ගාමන‍්තවිහාරාදීහි ඉච‍්ඡාවචරප‍්පහානප‍්පටිච‍්ඡාදකං, කංසපාතිං විවරිත්‍වා සාලිවරභත‍්තදස‍්සනෙන ජනස‍්ස මනාපතා විය ගාමන‍්තවිහාරාදීනි අනාදියිත්‍වා ඉච‍්ඡාවචරප‍්පහානදස‍්සනෙන සබ්‍රහ‍්මචාරීනං සක‍්කාරකරණාදිතා වෙදිතබ‍්බා.

උපමා සංසන්දනයෙහි, හැල්බත් පිළියෙල වීම මෙනි. ඉච්ඡාවචරයන්ගේ ප්‍රහාණය අල්පේච්ඡතාවෙන් උපන් ග්‍රාමාන්තර විහාරාදිය හේතුකොටගෙන ඉච්ඡාවචර ප්‍රහාණය වැසීම අන් රන් බඳුනකින් වැසීම මෙනි. ග්‍රාමාන්තර විහාර ආදිය නොගෙන, ඉච්ඡාවචර ප්‍රහාණය දැක සබ්‍රම්සරුන්ගේ සත්කාර ආදිය කරන බව රන්බඳුන විවෘත කිරීමෙන් හැල්බත් දැකීම නිසා ඇතිවන ජනයාගේ මනාප බව මෙන් යයි දතයුතුයැ.

උපමා මං, ආවුසො සාරිපුත‍්ත, පටිභාතීති මය‍්හං, ආවුසො සාරිපුත‍්ත, උපමා උපට‍්ඨාති. එකං උපමං වත‍්තුකාමො අහන‍්ති අධිප‍්පායො. පටිභාතු තන‍්ති තුය‍්හං පටිභාතු උපට‍්ඨාතු, වද ත්‍වන‍්ති අධිප‍්පායො. එකමිදාහන‍්ති එත්‍ථ ඉදාති නිපාතමත‍්තං, එකස‍්මිං සමයෙ අහන‍්ති වුත‍්තං හොති, භුම‍්මත්‍ථෙ උපයොගවචනං. රාජගහෙ විහරාමි ගිරිබ‍්බජෙති, රාජගහන‍්ති තස‍්ස නගරස‍්ස නාමං. සමන‍්තතො පන ගිරිපරික‍්ඛෙපෙන වජො විය සණ‍්ඨිතත‍්තා ගිරිබ‍්බජන‍්ති වුච‍්චති. තස‍්මිං නගරෙ විහරාමි, තං නිස‍්සාය අහං විහරාමීති වුත‍්තං හොති.

උපමා මා ආවුසො සාරිපුත්ත පටිභාති යනු ඇවැත්නි, සාරිපුත්‍රයෙනි, මට උපමාවක් වැටහෙයි. මම එක් උපමාවක් කියනු කැමැත්තෙමි යන අදහසයි. පටිභාතුං තං එය වැටහේවා. තෙපි කියව යන අදහසයි. එකමිදාහං මෙහි ‘ඉද’ යනු නිපාත මාත්‍රයකි. එක් සමයෙක්හි මම යයි කියන ලද්දේ වෙයි. අදර අරුත්හි දුතියා වචනයි. රාජගහෙ විහරාමි ගිරිබ්බජෙ රජගහ යනු ඒ නගරයාගේ නාමයයි. පර්වතවලින් වටවූ හෙයින් ගාලක් මෙන් පිහිටි බැවින් ගිරිබ්බජ යයි කියනු ලැබේ. ඒ නගරයෙහි වාසය කරමි. ඒ නගරය ඇසුරුකොට වාසය කරමි යයි. කියන ලද්දේ විය.

අථ ඛ‍්වාහන‍්ති අථ ඛො අහං. එත්‍ථ ච අථාති අඤ‍්ඤාධිකාරවචනාරම‍්භෙ නිපාතො. ඛොති පදපූරණමත‍්තෙ. පුබ‍්බණ‍්හසමයන‍්ති දිවසස‍්ස පුබ‍්බභාගසමයං. පුබ‍්බණ‍්හසමයෙති අත්‍ථො, පුබ‍්බණ‍්හෙ වා සමයං පුබ‍්බණ‍්හසමයං, පුබ‍්බණ‍්හෙ එකං ඛණන‍්ති වුත‍්තං හොති, එවං අච‍්චන‍්තසංයොගෙ උපයොගවචනං ලබ‍්භති. නිවාසෙත්‍වාති පරිදහිත්‍වා, විහාරනිවාසනපරිවත‍්තනවසෙනෙතං වෙදිතබ‍්බං. ගාමප‍්පවෙසනත්‍ථාය වා සණ‍්ඨපෙත්‍වා නිවාසනවසෙන, න හි සො තතො පුබ‍්බෙ අනිවත්‍ථො අහොසි.

අථඛ්වාහං යනු අථ ඛො අහං යනුයි. මෙහි අථ යනු අඤ්ඤඅධිකාර වචනාරම්භයෙහි නිපාතයි. ඛො යනු පදපුර්ණ මාත්‍රයි. පුබ්බණ්හසමයං දිනයාගේ පූර්වභාග කාලයෙහි, පෙරවරු කාලයෙහි යන අර්ථයි. පෙරවරුවෙහි හෝ එක් කාලයක් පුබ්බණ්හ සමය නම් වේ. පෙරවරුවෙහි එක් මොහොතක් කියන ලද්දේ වෙයි. මෙසේ අත්‍යන්ත සංයෝගයෙහි උපයෝග දුතියා වචනය ලැබෙයි. නිවාසෙත්‍වා හැඳ පෙරවා, වෙහෙරෙහි හඳනා පොරෝනා පරිවර්තන මෙයින් දතයුතුයැ. නැතහොත් ගම් වැදීම් පිණිස සකස්කොට හැඟීම් පෙරවීම් වශයෙන් දතයුතුයැ. හෙතෙම එයින් පෙර නොහඳනා ලද්දේ නොම වී.

පත‍්තචීවරමාදායාති පත‍්තං හත්‍ථෙන චීවරං කායෙන ආදියිත්‍වා. පිණ‍්ඩායාති පිණ‍්ඩපාතත්‍ථාය. සමීතීති තස‍්ස නාමං. යානකාරපුත‍්තොති රථකාරපුත‍්තො. පණ‍්ඩුපුත‍්තොති පණ‍්ඩුස‍්ස පුත‍්තො. ආජීවකොති නග‍්ගසමණකො. පුරාණයානකාරපුත‍්තොති පොරාණයානකාරකුලස‍්ස පුත‍්තො. පච‍්චුපට‍්ඨිතොති උපගන‍්ත්‍වා ඨිතො. වඞ‍්කං නාම එකතො කුටිලං. ජිම‍්හං නාම සප‍්පගතමග‍්ගසදිසං. දොසන‍්ති ඵෙග‍්ගුවිසමගණ‍්ඨිකාදි. යථා යථාති කාලත්‍ථෙ නිපාතො, යදා යදා යස‍්මිං තස‍්මිං කාලෙති වුත‍්තං හොති. තථා තථාති අයම‍්පි කාලත්‍ථොයෙව, තස‍්මිං තස‍්මිං කාලෙති වුත‍්තං හොති. සො අත‍්තනො සුත‍්තානුලොමෙන චින‍්තෙසි, ඉතරො තෙන චින‍්තිතක‍්ඛණෙ චින‍්තිතට‍්ඨානමෙව තච‍්ඡති. අත‍්තමනොති සකමනො තුට‍්ඨමනො පීතිසොමනස‍්සෙහි ගහිතමනො. අත‍්තමනවාචං නිච‍්ඡාරෙසීති අත‍්තමනතාය වාචං, අත‍්තමනභාවස‍්ස වා යුත‍්තං වාචං නිච‍්ඡාරෙසි උදීරයි, පබ්‍යාහරීති වුත‍්තං හොති.

පත්ත චීවර මාදාය අත්වලින් පාත්‍රයද, කයින් සිවුරද ගෙන පිණ්ඩාය, පිඬු පිණිස. සමිති යනු ඔහුගේ නාමයයි. යානකාර පුත්තො, රියකරු පුත් තෙම. පණ්ඩු පුත්තො පණ්ඩු නම් තැනැත්තහුගේ පුත්‍ර වූ. ආජීවකො නිර්වස්ත්‍ර ශ්‍රමණ තෙම, පුරාණයානකාර පුත්තො, පුරාණ රථකාර කුලයක පුත්‍රයෙක් වූ, පච්චුපට්ඨිතො එළඹ සිටියේ, වංකං නම් එක්පසකින් වක් වූයේ, ජිම්හං නම් සර්පයෙකු ගිය ගමන සමාන වූයේ, දොසං ඵලය හා විෂම ගැට ආදිය, යථා යථා යනු මෙහි කාලාර්ථයෙහි වෙයි. හෙතෙම තමාගේ සූත්‍රානුලෝමයෙන් (තමන් දත් ශාස්ත්‍රයට අනුව) සිතයි. අනිත් තැනැත්තේ සිතූ කෙනෙහි සිතූ තැනම සසී. අත්තමනො තමාගේ සිත, සතුටු සිත, නැතහොත් ප්‍රීතිය හා සොම්නස යන දෙකින් යුත් සිත, අත්තමන වාචං නිච්ඡාරෙසි සතුටු සිත් ඇති බැවින් වූ වචනය, සතුටු බැවින් යුත් වචන පිටකළේය. උසස්කොට කීය. උසස් වශයෙන් ගෙනහැර දැක්වීයැයි කියන ලද්දේ විය.

හදයා හදයං මඤ‍්ඤෙ අඤ‍්ඤායාති චිත‍්තෙන චිත‍්තං ජානිත්‍වා විය.

හදයා හදයං මඤ්ඤෙ අඤ්ඤාය, යනු සිතින් සිත දැන මෙන්,

අස‍්සද‍්ධාති බුද‍්ධධම‍්මසඞ‍්ඝෙසු සද‍්ධාවිරහිතා. ජීවිකත්‍ථාති ඉණභයාදීහි පීළිතා බහි ජීවිතුං අසක‍්කොන‍්තා ඉධ ජීවිකත්‍ථිකා හුත්‍වා. න සද‍්ධාති න සද‍්ධාය. සඨා මායාවිනොති මායාසාඨෙය්‍යෙහි යුත‍්තා. කෙතබිනොති සික‍්ඛිතකෙරාටිකා, නිප‍්ඵන‍්නථාමගතසාඨෙය්‍යාති වුත‍්තං හොති. සාඨෙය්‍යඤ‍්හි අභූතගුණදස‍්සනතො අභූතභණ‍්ඩගුණදස‍්සනසමං කත්‍වා “කෙරාටිය”න‍්ති වුච‍්චති. උන‍්නළාති උග‍්ගතනළා, උට‍්ඨිතතුච‍්ඡමානාති වුත‍්තං හොති. චපලාති පත‍්තචීවරමණ‍්ඩනාදිනා චාපල‍්ලෙන යුත‍්තා. මුඛරාති මුඛඛරා, ඛරවචනාති වුත‍්තං හොති, විකිණ‍්ණවාචාති අසංයතවචනා, දිවසම‍්පි නිරත්‍ථකවචනප‍්පලාපිනො. ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරාති ඡසු ඉන්‍ද්‍රියෙසු අසංවුතකම‍්මද‍්වාරා. භොජනෙ අමත‍්තඤ‍්ඤුනොති භොජනෙ යා මත‍්තා ජානිතබ‍්බා පරියෙසනපටිග‍්ගහණපරිභොගෙසු යුත‍්තතා, තස‍්සා අජානනකා. ජාගරියං අනනුයුත‍්තාති ජාගරෙ අනනුයුත‍්තා. සාමඤ‍්ඤෙ අනපෙක‍්ඛවන‍්තොති සමණධම‍්මෙ නිරපෙක‍්ඛා, ධම‍්මානුධම‍්මප‍්පටිපත‍්තිරහිතාති අත්‍ථො.

අස්සද්ධා බුදුන් දහම් සඟුන් කෙරෙහි ඇදහිලි නැත්තා වූ, ජීවිකත්‍ථා ණය, භය ආදියෙන් පෙලුනාහු ජීවත්වීමට නොහැක්කා වූ මේ සස්නෙහි ජීවත්වනු කැමැත්තාහු වී. නසද්ධා - සද්ධා නැතිව සටා මායාවිනො මායාවෙන් හා කපටි බැවින් යුක්ත වූ. කෙටුභිනො හික්මුණු කෛරාටික වූවාහු. උපත (බලවත් වූ) ථාමගත කපටි බැවින් යුක්ත වූයේ යයි කියන ලද්දේ විය. ඒ එසේමැයි. ශඨ බව, අභූතගුණ දැක්වීමෙන්, අභූත වූ භාණ්ඩයන්ගේ ගුණ දැක්වීමත් මෙනැයි මෙම කෛරාටික බව කියනු ලැබේ. උත්තලා උඩට නැගි නල ඇත්තාහු උස් වූ හිස් මාන ඇත්තේ යයි කියන ලද්දේ විය. චපලා පා සිවුරු සැරසීම් ආදි චපල බැවින් යුක්ත වූවාහු, මුඛරා මුඛයෙන් රළුවූවාහු. රළු වචන ඇත්තාහු යයි කියන ලද්දේ වෙයි. විකිණ්ණ වාචා, අසංවර වූ වචන ඇත්තාහු, දවස මුළුල්ලේ නිරර්ථක වචන කථාකරන්නා වූ, ඉන්‍ද්‍රියෙසු අගුත්තද්වාරා සවැදෑරුම් ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද කර්ම ද්වාර ඇත්තාහු භොජනෙ අමත්තඤ්ඤුනො, සෙවීම, පිළිගැනීම, පරිභෝග කිරීම පිළිබඳ පමණ නොදන්නා වූ ජාගරියං අනුයුත්තා නිදි දුරුකිරීමෙහි නොයෙදුනාහු, සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො මහණදහම්හි බලාපොරොත්තු රහිත වූවාහු ධම්මානුධම්ම පටිපත්ති රහිත වූවාහු යන අර්ථයි.

සික‍්ඛාය න තිබ‍්බගාරවාති සික‍්ඛාපදෙසු බහුලගාරවා න හොන‍්ති, ආපත‍්තිවීතික‍්කමබහුලා වා. බාහුලිකාතිආදි ධම‍්මදායාදෙ වුත‍්තං, කුසීතාතිආදි භයභෙරවෙ. ධම‍්මපරියායෙනාති ධම‍්මදෙසනාය.

සික්ඛාය න තිබ්බගාරවා ශික්‍ෂාපද විෂයෙහි බලවත් ගෞරවය නැත්තාහු වෙත්. ඇවැත්වලට පැමිණීම් බහුලකොට ඇත්තාහු වෙති. බාහුලිකා ආදියෙහි ධම්මදායාද සූත්‍රයෙහි කියන ලදී. කුසීතා කලින් භයභෙරව සූත්‍රයෙහි දක්වන ලදී) ධම්ම පරියායෙන ධර්ම දේශනාවෙන්,

සද‍්ධා අගාරස‍්මාති පකතියාපි සද‍්ධා, පබ‍්බජිතාපි සද‍්ධාය අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා. පිවන‍්ති මඤ‍්ඤෙ ඝසන‍්ති මඤ‍්ඤෙති පිවන‍්ති විය ඝසන‍්ති විය. අත‍්තමනවාචං නිච‍්ඡාරෙන‍්තා වචසා පිවන‍්ති විය, අබ‍්භනුමොදන‍්තා මනසා ඝසන‍්ති විය. සාධු වතාති සුන්‍දරං වත. සබ්‍රහ‍්මචාරීති රස‍්සම‍්පි වට‍්ටති දීඝම‍්පි. රස‍්සෙ සති සාරිපුත‍්තස‍්ස උපරි හොති, දීඝෙ සති සබ්‍රහ‍්මචාරීනං. යදා සාරිපුත‍්තස‍්ස උපරි හොති, තදා සබ්‍රහ‍්මචාරී සාරිපුත‍්තො අම‍්හෙ අකුසලා වුට‍්ඨාපෙත්‍වාති අත්‍ථො. යදා සබ්‍රහ‍්මචාරීනං, තදා සබ්‍රහ‍්මචාරයො අකුසලා වුට‍්ඨාපෙත්‍වාති අත්‍ථො. දහරොති තරුණො. යුවාති යොබ‍්බනභාවෙ ඨිතො. මණ‍්ඩනකජාතිකොති අලඞ‍්කාරකසභාවො. තත්‍ථ කොචි තරුණොපි යුවා න හොති යථා අතිතරුණො, කොචි යුවාපි මණ‍්ඩනකජාතිකො න හොති යථා උපසන‍්තසභාවො, ආලසියබ්‍යසනාදීහි වා අභිභූතො, ඉධ පන දහරො චෙව යුවා ච මණ‍්ඩනකජාතිකො ච අධිප‍්පෙතො, තස‍්මා එවමාහ. උප‍්පලාදීනි ලොකසම‍්මතත‍්තා වුත‍්තානි.

සද්ධා අගාරස්මා, ප්‍රකෘතියෙන් ම සැදැහැ ඇත්තාහුද පැවිදි වන්නාහුද සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම, සස්නෙහි පැවිදි වූවාහු. පිවන්ති මඤ්ඤෙ ඝසන්ති මඤ්ඤෙ බොන්නාක් මෙනි. කන්නාක් මෙනි. සතුටු තෙපුල් පිටකරන්නාහු වචනයෙන් බොන්නාක් මෙනි. මොනවට අනුමෝදන් වන්නාහු සිතින් අනුභව කරන්නාක් මෙනි. සාධුවත ඒකාන්තයෙන් සුන්දරය. සබ්‍රහ්මචාරී, බ්‍රහ්මචාරී යයි හ්‍රස්ව වූයේද බ්‍රහ්මචාරී දීර්ඝ වූයේද වටී. හ්‍රස්ව වූ කල්හි, සාරිපුත්ත තෙරුන් මත වැටේ. දීර්ඝ වූ කල්හි සබ්‍රහ්මචාරීන් කෙරෙහි වැටෙයි. යම්කලෙක්හි සැරියුත් තෙරුන් මතුයෙහි වෙයිද, සාරිපුත්‍ර තෙම අපව අකුසලින් නගාසිටුවා යන අර්ථයි. යම්විටක සබ්‍රම්සරුන් කෙරෙහි වේද, එවිට සමාන බඹසර ඇති භික්‍ෂූන් අකුසලින් නගා සිටුවා යන අර්ථයි. දහරො, තරුණයෙක්, යුවා යොවුන් බැව්හි සිටියේ, මණ්ඩනක ජාතිකො අලංකාර කරන ස්වභාව ඇත්තේ, ඔවුන් අන් කිසිවෙක් යොවුන් වූයේද, තරුණ වූයේද නොවෙයි. ඉතා තරුණ වූවෙක් යම්සේ ද එමෙනි. කිසිවෙක් යොවුන් වූයේ ද අලංකාර කරන ස්වභාව ඇත්තේ නොවෙයි. උපශාන්ත ගති ඇත්තේ අලස කමින් මඩිනා ලද්දේ යම්සේ දි එමෙනි. මෙහි වූ කලී තරුණ වූයේ ද යොවුන් වූයේ ද අලංකාර කරන ස්වභාව ඇත්තෙක් අදහස් කරන ලදී. එහෙයින් මෙසේ කීහ. උපුල් ආදිය ලෝක සම්මත හෙයින් කියන ලද්දාහු වෙති.

ඉතිහ තෙති එවං තෙ. උභො මහානාගාති ද‍්වෙපි මහානාගා, ද‍්වෙපි හි එතෙ අග‍්ගසාවකා “මහානාගා”ති වුච‍්චන‍්ති. තත්‍රායං වචනත්‍ථො, ඡන්‍දාදීහි න ගච‍්ඡන‍්තීති නාගා, තෙන තෙන මග‍්ගෙන පහීනෙ කිලෙසෙ න ආගච‍්ඡන‍්තීති නාගා, නානප‍්පකාරකං ආගුං න කරොන‍්තීති නාගා, අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන මහානිද‍්දෙසෙ (මහානි· 80) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. අපිච –

ඉතිහ තෙ මෙසේ මොවුහු උභො මහානාගා මහානාගයෝ දෙදෙනම, ඒ එසේමැයි. මේ අග්‍රශ්‍රාවක දෙදෙනම ‘මහානාග’ යයි කියනු ලබත්. එහි මේ වචනාර්ථයි. ඡන්‍දාදීහි නගච්ඡන්තීති නාගා ඡන්‍දාදියෙන් අගතියට නොයෙත්නුයි නාගනම් වෙති. තෙන තෙන මග්ගෙන පහීනෙ කිලෙසෙ න ආගච්ඡන්තීති නාගා (ඒ ඒ මගින් ප්‍රහීණ වූ කෙලෙසුන්ට නොපැමිණෙත්නුයි නාග නම් වෙති.) නානප්පකාරං ආගුංන කරොන්තීති නාගා (නම් වැදෑරුම් වූ සොරකම් නොකෙරෙත් නුයි නාග නම් වෙති.) මේ මෙහි සාරාංශයයි. විස්තරය වනාහි මහා නිර්දේශයෙහි කී අයුරින් දත යුත්තේය. තවද -

“ආගුං න කරොති කිඤ‍්චි ලොකෙ, සබ‍්බසංයොගෙ විසජ‍්ජ බන්‍ධනානි; සබ‍්බත්‍ථ න සජ‍්ජතී විමුත‍්තො, නාගො තාදි පවුච‍්චතෙ තථත‍්තා”ති. (සු· නි· 527; මහානි· 80);

ආගුං නකරොති කිඤ්චිලොකෙ සබ්බ සංයොගෙ විසජ්ජ බන්‍ධනානි සබ්බත්‍ථ නසජ්ජතී විමුත්තො නාගො තාදි පවුච්චතෙ තථත්තො’ති

(යමෙක් තෙම ලෝකයෙහි අල්පමාත්‍ර වූ අපරාධයක් නොකෙරේද, හෙතෙම තථා ස්වරූප වූයේ නාගයයි කියනු ලැබේ. සියලු සංයෝගයන්ගෙන්ද සියලු බන්ධනයන්ද හැර සියලු තන්හි කිසිසේත් නොඇලෙයි. මිදුනේද තාදි ගුණයෙන් යුක්ත වූයේ ද වෙයි.

එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. මහන‍්තා නාගා මහානාගා, අඤ‍්ඤෙහි ඛීණාසවනාගෙහි පුජ‍්ජතරා ච පාසංසතරා චාති අත්‍ථො. අඤ‍්ඤමඤ‍්ඤස‍්සාති අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස. සමනුමොදිංසූති සමං අනුමොදිංසු. තත්‍ථ ඉමාය උපමාය මහාමොග‍්ගල‍්ලානො අනුමොදි, පටිභාතු තං ආවුසොති ධම‍්මසෙනාපති. තෙන වුත‍්තං “අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සමනුමොදිංසූ”ති.

මෙසේද මෙහි අර්ථය දතයුත්තේය. මහන්තා නාගා මහානාගා මහත් වූ නාගයෝ මහානාග නම් වෙති. අන්‍ය ක්‍ෂීණාශ්‍රවයන් විසින්ද අතිශයින් පිදිය යුතුද පැසසිය යුතු ද වෙයි යන අර්ථයි. අඤ්ඤමඤ්ඤස්ස අනිකෙක් අනිකෙකුගේ සමනුමොදිංසු මනාව අනුමෝදන් වූවාහුය. ඔවුන් අතුරෙහි මේ උපමාවෙන් මහමුගලන් තෙරුන් වහන්සේ අනුමෝදන් වූ සේක. එයින් කියන ලදී. අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සමනුමොදිංසු යනුවෙන්.

සම‍්මුතිපරමත්‍ථදෙසනාකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය අනඞ‍්ගණසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අනංගණ සූත්‍ර වර්ණනාව නිමි.