භයභෙරවසුත්තවණ්ණනා අට්ඨකථා
භයභෙරව සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති භයභෙරවසුත්තං. තත්රායං අපුබ්බපදවණ්ණනා – අථාති අවිච්ඡෙදනත්ථෙ නිපාතො. ඛොති අවධාරණත්ථෙ, භගවතො සාවත්ථියං විහාරෙ අවිච්ඡින්නෙයෙවාති වුත්තං හොති.
එවං මෙසුතං යනු භයභෙරව සූත්‍රයයි. මේ එහි අනුපූර්ව පද වර්ණනාවයි. අථ යනු අවිච්ඡෙදාර්ථයෙහි (නොසිඳී පැවැත්ම) නිපාතයකි. ඛො යනු අවධාරණාර්ථයෙහිය. භාග්‍යවතුන් වහන්සේගේ සැවැත්නුවර වාසය නොනිමි කල්හි යයි කියන ලද්දේ වෙයි.
ජාණුස්සොණීති නෙතං තස්ස මාතාපිතූහි කතනාමං, අපිච ඛො ඨානන්තරපටිලාභලද්ධං. ජාණුස්සොණිට්ඨානං කිර නාමෙතං පුරොහිතට්ඨානං, තං තස්ස රඤ්ඤා දින්නං, තස්මා “ජානුස්සොණී”ති වුච්චති. බ්රහ්මං අණතීති බ්රාහ්මණො, මන්තෙ සජ්ඣායතීති අත්ථො. ඉදමෙව හි ජාතිබ්රාහ්මණානං නිරුත්තිවචනං. අරියා පන බාහිතපාපත්තා බ්රාහ්මණාති වුච්චන්ති.
ජාණුස්සොණි යනු මේ ඔහුගේ මව්පියන් විසින් කළ නාමයක් නොවේ. කෙසේද යත් තනතුරු නිසා ලබන ලද්දකි. මේ ජාණුස්සොණි තනතුර නම් පුරෝහිත තනතුරයි. එය ඔහුට රජු විසින් දෙන ලදී. එබැවින් ජාණුස්සොණි යයි කියනු ලැබෙත්. බ්රහ්මං අණති වේදය හදාරත්නුයි බ්‍රාහ්මණ නම් වේ. මන්ත්‍ර සජ්ඣායනය කෙරේනුයි යන අර්ථයයි. මෙයම උපතින් බ්‍රාහ්මණ වූවන්ට නිරුත්ති වචනයකි. ආර්යයෝ වනාහි දුරුකළ පව් ඇති බැවින් බ්‍රාහ්මණ නම් වෙති යයි කියනු ලබත්.
යෙන භගවා තෙනුපසඞ්කමීති යෙනාති භුම්මත්ථෙ කරණවචනං, තස්මා යත්ථ භගවා, තත්ථ උපසඞ්කමීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. යෙන වා කාරණෙන භගවා දෙවමනුස්සෙහි උපසඞ්කමිතබ්බො, තෙන කාරණෙන උපසඞ්කමීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. කෙන ච කාරණෙන භගවා උපසඞ්කමිතබ්බො? නානප්පකාරගුණවිසෙසාධිගමාධිප්පායෙන, සාදුඵලූපභොගාධිප්පායෙන දිජගණෙහි නිච්චඵලිතමහාරුක්ඛො විය.
යෙන භගවා තෙනුපසංඛමි යන මෙහි යෙන යනු ආධාරාර්ථයෙහි කරණ වචනයයි. එහෙයින් යම් තැනෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෙසේද එහි එළඹියේ යයි අර්ථය දතයුතුය. යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන් විසින් එළඹිය යුත්තේ ද ඒ කාරණයෙන් එළඹියේ යයි මෙසේත් මෙහි අරුත් දත යුත්තේය. කිනම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ එළඹිය යුත්තේ ද යත්, නානාප්‍රකාර ගුණ විශේෂයන්ට පැමිණිමේ බලාපොරොත්තුවෙන්, මිහිරිඵල අනුභව කිරීමේ අදහසින් පක්ෂි සමූහයා විසින් සදා ඵලිත මහරුකක් වෙත එන්නාක් මෙනි.
උපසඞ්කමීති ච ගතොති වුත්තං හොති. උපසඞ්කමිත්වාති උපසඞ්කමනපරියොසානදීපනං. අථ වා එවං ගතො තතො ආසන්නතරං ඨානං භගවතො සමීපසඞ්ඛාතං ගන්ත්වාතිපි වුත්තං හොති. භගවතා සද්ධිං සම්මොදීති යථා ඛමනීයාදීනි පුච්ඡන්තො භගවා තෙන, එවං සොපි භගවතා සද්ධිං සමප්පවත්තමොදො අහොසි, සීතොදකං විය උණ්හොදකෙන සම්මොදිතං එකීභාවං අගමාසි.
උපසංඛමි යනු ගියේ යයි කියන ලද වෙයි. උපසංඛමිත්වා යනු එළඹීමෙහි අවසන් දැක්වීමහි නොහොත් මෙසේ ගියේ, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආසන්නතර ස්ථානයකට ගියේ යයි ද කියන ලද්දේ වෙයි. භගවතා සද්ධිං සම්මොදි බමණීය ආදි (පිළිසඳර කථා ක්‍රමයෙන්) විචාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඔහු සමග යම්සේ ද, එස්ම හෙතෙමේත් බුදුරදුන් සමග සමානව පැවති සතුටුවීම් ඇත්තේ විය. උණුදිය සමග සිසිල් දිය මෙන් සමුදිත බවට ඒකීය බවට ගියේය.
යාය ච “කච්චි තෙ, භො ගොතම, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි භොතො ගොතමස්ස ගොතමසාවකානඤ්ච අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරො”තිආදිකාය කථාය සම්මොදි, තං පීතිපාමොජ්ජසඞ්ඛාතසම්මොදජනනතො සම්මොදිතුං යුත්තභාවතො ච සම්මොදනීයං, අත්ථබ්යඤ්ජනමධුරතාය සුචිරම්පි කාලං සාරෙතුං නිරන්තරං පවත්තෙතුං අරහරූපතො සරිතබ්බභාවතො ච සාරාණීයං. සුය්යමානසුඛතො ච සම්මොදනීයං, අනුස්සරියමානසුඛතො ච සාරණීයං. තථා බ්යඤ්ජනපරිසුද්ධතාය සම්මොදනීයං, අත්ථපරිසුද්ධතාය සාරණීයන්ති එවං අනෙකෙහි පරියායෙහි සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා පරියොසාපෙත්වා නිට්ඨාපෙත්වා යෙනත්ථෙන ආගතො, තං පුච්ඡිතුකාමො එකමන්තං නිසීදි.
භවත් ගෞතමයන් වහන්ස, ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? භවත් ගෞතමයන් වහන්සේට ද ගෞතම ශ්‍රාවකයන් වහන්සේලාටද ස්වල්ප වූ ආබාධ ඇත්තේ ද ස්වල්ප වූ රෝග ඇත්තේ ද සිරුරේ සැහැල්ලු බව ඇත්තේ ද, කාය බල ඇත්තේ ද? පහසු විහරණ ඇත්තේ ද යනාදී වූ යම් කථාවකින් සතුටු වූයේ ද, ඒ කථාව ප්‍රීතිය ප්‍රමෝදය-සතුට උපදවන බැවින් ද සම්මොදනීය නම් වේ. අර්ථ ව්‍යඤ්ජන මධුර භාවයෙන් ද, ඉතා දිගුකලක් සිහිකරන්ට නිතර පවත්වන්ට සුදුසු බැවින් ද, සිහි කළ යුතු බැවින් ද, සාරාණිය නම් වේ. සූය මාන සුඛය ඇති බැවින් ද, සම්මොදනීය නම් වේ. සිහිකළ යුතු සැපය ඇති බැවින් ද සාරාණිය නම් වේ. එසේම බ්‍යඤ්ජන පරිසුද්ධතාවය නිසා සම්මොදනීය නම් වේ. අර්ථයාගේ පිරිසිදු බව නිසා සාරාණිය නම් වේයයි (දතයුතුයැ) මෙසේ අන්ත පරියාය කථාවෙන්, සතුටුවිය යුතු සිහිකටයුතු කථාකොට නිමවා. (සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා) අවසන්කොට, නිමකොට යම් කරුණකින් ආයේද, එය විචාරනු කැමැත්තේ එකත්පසෙක හුන්නේය.
එකමන්තන්ති භාවනපුංසකනිද්දෙසො, “විසමං චන්දිමසූරියා පරිවත්තන්තී”තිආදීසු (අ· නි· 4.70) විය.
එකමන්තං යනු භාව නපුංසක නිර්දේශයයි. විසමං චන්දිම සුරියා පරිවත්තන්ති යනාදියෙහි මෙනි.
එකත්පසෙක සිටීම
තස්මා යථා නිසින්නො එකමන්තං නිසින්නො හොති, තථා නිසීදීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. භුම්මත්ථෙ වා එතං උපයොගවචනං. නිසීදීති උපාවිසි. පණ්ඩිතා හි පුරිසා ගරුට්ඨානියං උපසඞ්කමිත්වා ආසනකුසලතාය එකමන්තං නිසීදන්ති, අයඤ්ච නෙසං අඤ්ඤතරො, තස්මා එකමන්තං නිසීදි.
එහෙයින් යම්සේ හුන්නේ එකත්පසෙක සිටියේ ද යත්, එපරිද්දෙන් හුන්නේ යයි මෙසේ මෙහි අර්ථය දතයුත්තේය. නැතහොත් මේ සත්තමී අර්ථයෙහි දුතියා වචනයයි. නිසිදි යනු හිඳගත්තේය. ඒ එසේමැයි. පණ්ඩිත පුරුෂයෝ වනාහි, ගරුකළ යුත්තෙකු වෙත එළඹ හිඳගැනීමේ දක්ෂභාවයක් ඇති බැවින් එකත්පසක හිඳිත්. මේ තෙමේ ද ඔවුන් අතුරෙන් කෙනෙකි. එහෙයින් එකත්පසක හිඳගත්තේය.
කථං නිසින්නො පන එකමන්තං නිසින්නො හොතීති. ඡ නිසජ්ජදොසෙ වජ්ජෙත්වා. සෙය්යථිදං, අතිදූරං අච්චාසන්නං උපරිවාතං උන්නතපදෙසං අතිසම්මුඛං අතිපච්ඡාති. අතිදූරෙ නිසින්නො හි සචෙ කථෙතුකාමො හොති, උච්චාසද්දෙන කථෙතබ්බං හොති. අච්චාසන්නෙ නිසින්නො සඞ්ඝට්ටනං කරොති. උපරිවාතෙ නිසින්නො සරීරගන්ධෙන බාධති. උන්නතප්පදෙසෙ නිසින්නො අගාරවං පකාසෙති. අතිසම්මුඛා නිසින්නො සචෙ දට්ඨුකාමො හොති, චක්ඛුනා චක්ඛුං ආහච්ච දට්ඨබ්බං හොති. අතිපච්ඡා නිසින්නො සචෙ දට්ඨුකාමො හොති, ගීවං පසාරෙත්වා දට්ඨබ්බං හොති. තස්මා අයම්පි එතෙ ඡ නිසජ්ජදොසෙ වජ්ජෙත්වා නිසීදි, තෙන වුත්තං “එකමන්තං නිසීදී”ති.
කෙසේනම් හුන් කෙනෙක් එකත්පසෙක සිටියේ ද යත්, හිඳගැනීමේ දෝස භය අතහැර ඔවුහු කවරහුද? ඉතා දුරය. ඉතා ළගය. උඩුසුළඟය. උස් පෙදෙසය. ඉතා ඉදිරිපිට, ඉතා පිටිපස යන මොවුහුයැ. ඒ එසේමැයි. ඉතා දුරින් හුන්නේ ඉදින් කථා කරන්නේ නම් ඉතා උස්හඬින් කථාකළයුතු වේ. ඉතා ළඟින් සිටියේ ගැටීම් ඇති වේ. උඩුසුළඟ පසින් සිටියහොත් සිරුරේ ගඳින් පීඩා ඇතිවේ. උස් පෙදෙසක හුන්නේ අගෞරවය ප්‍රකාශ වේ. ඉතා සම්මඛව සිටිවිට බලනවිට ඇසෙන් ඇස ගැටේයයි දතයුතුයැ. ඉතා පිටිපසින් සිටියේ ඉදින් දකිනු කැමැත්තේ බෙල්ල හරවා බැලිය යුතු වේ. එහෙයින් මෙතෙම මේ දෝස හය වර්ජනය කොට හුන්නේය. එහෙයින් කියන ලදී. එකමන්තං නිසීදි කියා
යෙමෙති යෙ ඉමෙ. කුලපුත්තාති දුවිධා කුලපුත්තා ජාතිකුලපුත්තා ආචාරකුලපුත්තා. තත්ථ “තෙන ඛො පන සමයෙන රට්ඨපාලො නාම කුලපුත්තො තස්මිංයෙව ථුල්ලකොට්ඨිකෙ අග්ගකුලස්ස පුත්තො”ති (ම· නි· 2.294) එවං ආගතා උච්චාකුලප්පසුතා ජාතිකුලපුත්තා නාම.
යෙමෙ යනු යෙ ඉමෙ යම් මේ කුලපුත්තො යනු ජාතිකුලපුත්තා යයිද ආචාර කුලපුත්තා යයි කුලපුත්‍රයෝ ද්විධ වෙති. එහි තෙන ඛො පන සමයෙන රට්ඨපාලො නාම කුලපුත්තො තස්මිං යෙව ථුල්ලකොට්ඨිතො අග්ග කුලිකස්ස පුත්තො යනුවෙන් මෙසේ ආවාහු උසස් කුලයක උපන් හෙයින් ජාති කුලපුත්‍රයෝ නම් වෙති.
“යෙ තෙ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා”ති (ම· නි· 3.78) එවං ආගතා පන යත්ථ කත්ථචි කුලෙ පසුතාපි ආචාරසම්පන්නා ආචාරකුලපුත්තා නාම. ඉධ පන ද්වීහිපි කාරණෙහි කුලපුත්තායෙව.
යෙ තෙ කුලපුතා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා යනුවෙන් මෙසේ ආවාහු වනාහි යම්කිසි කුලයක උපන්නේ නමුදු ආචාර සම්පන්න වූවාහු ආචාර සම්පන්න කුලපුත්‍රයෝ නම් වෙති. මෙහි වූ කලී දෙකරුණින්ම කුලපුත්‍ර නම් වූවාහු වෙති.
සද්ධාති සද්ධාය. අගාරස්මාති අගාරතො. අනගාරියන්ති පබ්බජ්ජං භික්ඛුභාවඤ්ච. පබ්බජ්ජාපි හි නත්ථෙත්ථ අගාරියන්ති අනගාරියා, අගාරස්ස හිතං කසිගොරක්ඛාදිකම්මමෙත්ථ නත්ථීති අත්ථො. භික්ඛුපි නත්ථෙතස්ස අගාරන්ති අනගාරො, අනගාරස්ස භාවො අනගාරියං. පබ්බජිතාති උපගතා, එවං සබ්බථාපි අනගාරියසඞ්ඛාතං පබ්බජ්ජං භික්ඛුභාවං වා උපගතාති වුත්තං හොති.
සද්ධා ශ්‍රද්ධාවෙන්, අගාරස්මා ගිහිගෙයින්, අනගාරියං, පැවිදි බවට භික්ෂු භාවයට ඒ එසේමැයි. ප්‍රවෘජ්‍යා තොමෝ ගිහියන් සතු වැඩ එහි නැති බැවින් අනගාරිය නම් වේ. ගිහියනට හිතවත් වූ කෘෂි කර්මාන්ත ගව කර්මාන්ත නැත්තේය යන අර්ථයි. මහණ තෙමේද අගාර කම් නැති බැවින් අනගාර නම් වේ. අනගාරිය භාවය අනගාරිය නම් වේ. පබ්බජිතා එළඹියාහු, මෙසේ සර්වප්රකාරයෙනුදු අනගාරිය නම් වූ පැවිද්දට ද භික්ඛු භාවයට ද, එළඹියේ යයි කියන ලද්දේ වෙයි.
පුබ්බඞ්ගමොති පුරතො ගාමී නායකො. බහුකාරොති හිතකිරියාය බහූපකාරො. භවං තෙසං ගොතමො සමාදපෙතාති තෙ කුලපුත්තෙ භවං ගොතමො අධිසීලාදීනි ගාහෙතා සික්ඛාපෙතා. සා ජනතාති සො ජනසමූහො. දිට්ඨානුගතිං ආපජ්ජතීති දස්සනානුගතිං පටිපජ්ජති, යන්දිට්ඨිකො භවං ගොතමො යංඛන්තිකො යංරුචිකො, තෙපි තන්දිට්ඨිකා හොන්ති තංඛන්තිකා තංරුචිකාති අත්ථො.
පුබ්බංගමො යනු ඉදිරියෙන් යන්නා වූ නායක නම් වේ. බහූකාරො හිතවත් කටයුතු කිරීමෙන් බොහෝ උපකාර ඇත්තේ. භවං තෙසං ගොතමො සමාදපෙතා යනු භවත් ගෞතම තෙමේ ඒ කුලපුත්‍රයන් අධිසීලාදියෙහි යොදවන්නේ, හික්මවන්නේ, සා ජනතා ඒ ජනසමූහය තෙම. දිට්ඨානුගතිං ආපජ්ජති දැකීමෙන් අනුගමනයට පැමිණේ. පින්වත් ගෞතම තෙම යම් දෘෂ්ටියක් ඇත්තේද යම් ඉවසීමක් වේද, යම් රුචි කිරීමක් වේද, ඔවුහුද එම දෘෂ්ටිය ඇත්තෝ වෙති. එම ඉවසීම ඇත්තෝ වෙති. එම රුචිකිරිම ඇත්තෝ යයි (එහි) තේරුමයි.
කස්මා පනායං එවමාහාති? එස කිර පුබ්බෙ අනෙකෙ කුලපුත්තෙ අගාරමජ්ඣෙ වසන්තෙ දෙවපුත්තෙ විය පඤ්චහි කාමගුණෙහි පරිචාරියමානෙ අන්තො ච බහි ච සුසංවිහිතාරක්ඛෙ දිස්වා, තෙ අපරෙන සමයෙන භගවතො මධුරරසං ධම්මදෙසනං සුත්වා සද්ධාය ඝරා නික්ඛම්ම පබ්බජිත්වා ඝාසච්ඡාදනපරමතාය සන්තුට්ඨෙ ආරඤ්ඤකෙසු සෙනාසනෙසු කෙනචි අරක්ඛියමානෙපි අනුස්සඞ්කිතාපරිසඞ්කිතෙ හට්ඨපහට්ඨෙ උදග්ගුදග්ගෙ අද්දස, දිස්වා ච ඉමෙසං කුලපුත්තානං “අයං ඵාසුවිහාරො කං නිස්සාය උප්පන්නො”ති චින්තෙන්තො “සමණං ගොතම”න්ති භගවති පසාදං අලත්ථ. සො තං පසාදං නිවෙදෙතුං භගවතො සන්තිකං ආගතො, තස්මා එවමාහ.
කුමක් හෙයින් මේ තෙම මෙසේ කීයේද යත්, මෙතෙම වනාහි පෙර නොයෙක් කුල පුත්‍රයන්, ගිහිගෙයි වසන්නවුන් දිව්‍යපුත්‍රයන් මෙන් පස්කම් ගුණයෙන් සේවය කරනු ලබන්නවුන් ඇතුලතද පිටතද මොනවට කරන ලද ආරක්ෂා ඇත්තවුන් දැක, ඔවුහු පසුකලෙක භාග්‍යවතුන් වහන්සේගේ මධුර හඬින් යුත් දම් දෙසුම් අසා, සැදැහැයෙන් ගිහින්ගෙයින් නික්ම පැවිදිව කෑම හැදීම උසස් ලෙස ඇති බැවින් සතුටු වූවන් අරණ්‍ය සේනාසනයන්හි කිසිවෙකු විසින් ආරක්ෂා නොකරන කල්හිදු ආසංඛා පරිසංඛා රහිතව (නිසැකව) අතිශයින් සතුටු වූ අතිශයින් ඔදවැඩී ගියා වූ සිත් ඇත්තවුන් දුටුවේය. දැක ද මේ කුලපුත්‍රයන්ගේ සුඛ විහරණය කවරෙකුන් නිසාදැයි සිතන්නේ, භවත් ගෞතමයන් නිසා යයි භාග්‍යවතුන් කෙරෙහි පැහැදීම ලැබුවේය. හෙතෙම එම සතුට ප්‍රකාශ කරන්ට භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේය. එහෙයින් මෙසේ කීහ.
අථස්ස භගවා තං වචනං සම්පටිච්ඡන්තො අබ්භනුමොදන්තො ච එවමෙතං බ්රාහ්මණාතිආදිමාහ. වචනසම්පටිච්ඡනානුමොදනත්ථොයෙව හි එත්ථ අයං එවන්ති නිපාතො. මමං උද්දිස්සාති මං උද්දිස්ස. සද්ධාති සද්ධායෙව. න ඉණට්ඨා න භයට්ටාතිආදීනි සන්ධායාහ. ඊදිසානංයෙව හි භගවා පුබ්බඞ්ගමො, න ඉතරෙසං. දුරභිසම්භවානි හීති සම්භවිතුං දුක්ඛානි දුස්සහානි, න සක්කා අප්පෙසක්ඛෙහි අජ්ඣොගාහිතුන්ති වුත්තං හොති.
ඉක්බිති භාග්‍යවත් තම ඔහුගේ වචනය පිළිගනිමින් හා අනුමෝදන් වෙමින් ද, එව මෙතං බ්‍රාහ්මණ යනාදිය වදාළහ. මෙහි මේ එවං යන නිපාතය තෙම වචනය පිළිගැනීම් හා සතුටුවීම් අරුතෙහි මැයි. මමං උද්දිස්ස මා උදෙසා, සද්ධා ශ්‍රද්ධාවෙන්ම, න ඉණට්ඨා න භයට්ඨා (ණය අරුතින් භය අරුතින් නොවේ) යනාදිය මේ සඳහා කියන ලදී. මෙබඳු වූවන්ට භාග්යවත්හුම පූර්වංගම වෙති. අන්‍යයන්ට නොවෙති. දුරභි සම්භවානි හි යනු ලබන්ට අමාරු වෙති. ඉවසිය නොහැකි වෙති. අල්පේශාඛ්යයන් විසින් බැසගන්ට නොහැකි යයි කියන ලද්දේ වෙයි.
අරඤ්ඤවනපත්ථානීති අරඤ්ඤානි ච වනපත්ථානි ච. තත්ථ කිඤ්චාපි අභිධම්මෙ නිප්පරියායෙන, “නික්ඛමිත්වා බහි ඉන්දඛිලා සබ්බමෙතං අරඤ්ඤ”න්ති වුත්තං, තථාපි යන්තං “පඤ්චධනුසතිකං පච්ඡිම”න්ති ආරඤ්ඤිකඞ්ගනිප්ඵාදකං සෙනාසනං වුත්තං, තදෙව අධිප්පෙතන්ති වෙදිතබ්බං.
අරඤ්ඤෙ වන පත්ථානි යනු අරණ්‍ය සේනාසන ද වනයෙහි දුරසෙනසුන්ද ඒ අරණ්‍ය සෙනසුන් අතුරෙහි කිසිවෙක් අභිධර්මයෙහි නිප්පරියාය වශයෙන්, නික්ඛමිත්වා බහි ඉන්දබීලා සබ්බමෙතං අරඤ්ඤං යයි කියන ලදද, එතකුදු වුවත් පඤ්ච ධනු සතිකං පචජිමං යයි අරඤ්ඤකාංගිකයන් ඉදිරිපත් කළ සෙනසුන කියන ලද්දේ වෙයි. එයම අදහස් කරන ලද්දේ යයි දතයුත්තේ යැ.
වනපත්ථන්ති ගාමන්තං අතික්කමිත්වා මනුස්සානං අනුපචාරට්ඨානං, යත්ථ න කසීයති න වපීයති. වුත්තම්පි චෙතං “වනපත්ථන්ති දූරානමෙතං සෙනාසනානං අධිවචනං, වනපත්ථන්ති වනසණ්ඩානමෙතං සෙනාසනානං, වනපත්ථන්ති භිංසනකානමෙතං, වනපත්ථන්ති සලොමහංසානමෙතං, වනපත්ථන්ති පරියන්තානමෙතං, වනපත්ථන්ති න මනුස්සූපචාරානමෙතං සෙනාසනානං අධිවචන”න්ති. එත්ථ ච පරියන්තානන්ති ඉමමෙකං පරියායං ඨපෙත්වා සෙසපරියායෙහි වනපත්ථානි වෙදිතබ්බානී. පන්තානීති පරියන්තානි අතිදූරානි. දුක්කරං පවිවෙකන්ති කායවිවෙකං දුක්කරං. දුරභිරමන්ති අභිරමිතුං න සුඛං. එකත්තෙති එකීභාවෙ. කිං දස්සෙති? කායවිවෙකෙ කතෙපි තත්ථ චිත්තං අභිරමාපෙතුං දුක්කරං. ද්වයංද්වයාරාමො හි අයං ලොකොති. හරන්ති මඤ්ඤෙති හරන්ති විය ඝසන්ති විය. මනොති මනං. සමාධිං අලභමානස්සාති උපචාරසමාධිං වා අප්පනාසමාධිං වා අලභන්තස්ස. කිං දස්සෙති? ඊදිසස්ස භික්ඛුනො තිණපණ්ණමිගාදිසද්දෙහි විවිධෙහි ච භිංසනකෙහි වනානි චිත්තං වික්ඛිපන්ති මඤ්ඤෙති, සබ්බං බ්රාහ්මණො සද්ධාපබ්බජිතානං කුලපුත්තානං අරඤ්ඤවාසෙ (විභ· 529) විම්හිතො ආහ.
වනපත්ථං යනු ගමෙහි සීමාව ඉක්මවා යම් තැනෙක් සානු නොලැබේ. වපුරණු නොලැබේ ද එබඳු වූ මිනිසුන් නොහැසිරෙන තැනය. මෙසේ කියන ලද වෙයි. වනපත්ථන්ති දුරානමෙතං සෙනාසනං අධිවචනං, වනපත්ථන්ති වනසණ්ඩාන මෙතං සෙනාසනං -පෙ- වනපත්ථන්ති භිංසනකාන මෙතං වනපත්ථන්ති, සලොමහංසානමෙතං - වනපත්ථන්ති පරියන්තානමෙතං - වන පත්ථන්ති න මනුස්සූපචාරානමෙතං සෙනාසනං අධිවචනං යනුවෙන් මෙහි දැක්වූ පරියන්තානං යන පරියාය හැර අනිත් පරියායන්ගෙන් වනපත්ථ සේනාසනයෝ දතයුත්තාහුය. පන්තානි කෙළවරෙහි වූ, ඉතා දුර වූ, දුක්කරං පවිවෙතං කාය විවේකය දුෂ්කර වෙයි. දුරභිරමං සිත් අලවන්ට පහසු නොවෙයි. එකක්කෙ යනු එකඟ බැව්හි මින් කුමක් දක්වයිද? කාය විවේකය කළ කල්හිදු එහි සිත අලවන්නට දුෂ්කර වෙයි. යම් හෙයකින් මේ ලෝවැසි තෙම ද්වයං ද්වයාරාම දෙපසෙක්හි සිත් අලවන්නේ ද එහෙයිනි. හරන්තිමඤ්ඤෙ පැහැර ගන්නාක් මෙනි. අනුභව කරන්නාක් මෙනි. මනො මනස, සමාධිං අලභමානස්ස උපචාර සමාධිය හෝ අප්පණා සමාධිය නොලබන්නහුගේ කුමක් දක්වයිද, තණපත් ආදීන්ගේ ශබ්දයන්ගෙන් ද, විවිධ වූ භය අරමුණුවලින් ද වනයෝ මෙබඳු භික්ෂුවගේ සිත කළඹවන්නාක් මෙනි යයි සියල්ල බමුණු තෙම සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්‍රයන්ගේ අරණ්‍ය වාසයෙන් විශ්මයට පත්ව කීය.
කායකම්මන්තවාරකථා
කාය කම්මන්ත වාරකථා
අථස්ස භගවා පුරිමනයෙනෙව “එවමෙතං බ්රාහ්මණා”තිආදීහි තං තං වචනං සම්පටිච්ඡිත්වා අබ්භනුමොදිත්වා ච යස්මා සොළසසු ඨානෙසු ආරම්මණපරිග්ගහරහිතානංයෙව තාදිසානි සෙනාසනානි දුරභිසම්භවානි, න තෙසු ආරම්මණපරිග්ගාහයුත්තානං, අත්තනා ච බොධිසත්තො සමානො තාදිසො අහොසි, තස්මා අත්තනො තාදිසානං සෙනාසනානං දුරභිසම්භවතං දස්සෙතුං, මය්හම්පි ඛොතිආදිමාහ.
ඉක්බිති බුදුරදහු පළමු නයින්ම, එවමෙතං බ්‍රාහ්මණ යනාදි වශයෙන් ඔහුගේ වචනය පිළිගෙන අනුමෝදන් වී, යම් හෙයකින් සොලොස් තැනෙක්හි අරමුණු ගැනීම නැත්තහුට එබඳු සෙනසුන් ලබන්ට දුෂ්කර වෙත් ද, ඒ සොලොස් තැන්හි අරමුණු ගත්තහුට එසේ නොවේ යයි, තමන් වහන්සේත් බෝසත් අවදියෙහි එබඳු විය. එහෙයින් තමන් වහන්සේට එබඳු සේනාසනයන්ගේ දුරභි සම්භවත්වය දක්වන්ට මය්හම්පි ඛො යනාදිය වදාළහ.
තත්ථ පුබ්බෙව සම්බොධාති සම්බොධතො පුබ්බෙව, අරියමග්ගප්පත්තිතො අපරභාගෙයෙවාති වුත්තං හොති. අනභිසම්බුද්ධස්සාති අප්පටිවිද්ධචතුසච්චස්ස.
එහි පුබ්බෙව සම්බොධො යනු සම්බුද්ධත්වයට පෙරම අරිය මගට පත්වීමට පෙරම කියන ලද්දේ වෙයි. අනභි සම්බුද්ධස්ස යනු ප්‍රතිවෙධ නොකළ සිවුසස් ඇත්තහුට.
බොධිසත්ව තෙම
බොධිසත්තස්සෙව සතොති බුජ්ඣනකසත්තස්සෙව සම්මාසම්බොධිං අධිගන්තුං අරහසත්තස්සෙව සතො, බොධියා වා සත්තස්සෙව ලග්ගස්සෙව සතො. දීපඞ්කරස්ස හි භගවතො පාදමූලෙ අට්ඨධම්මසමොධානෙන අභිනීහාරසමිද්ධිතො පභුති තථාගතො බොධියා සත්තො ලග්ගො “පත්තබ්බා මයා එසා”ති තදධිගමාය පරක්කමං අමුඤ්චන්තොයෙව ආගතො, තස්මා බොධිසත්තොති වුච්චති.
බොධිසත්තස්සෙව සතො යනු, (සම්‍යග් සම්බෝධිය) අවබෝධ කරන්නා වූම, සම්‍යග් සම්බෝධියට පැමිණෙන්ට සුදුසු වූම. නොහොත් බෝධියෙහි ඇලුනා වූ ලග්න වූම, යම් හෙයකින් දීපංකර බුදුරදුන්ගේ පාමුලදී අටවැදෑරුම් ධර්මයන්ගේ එකතුවෙන් අභිනීහාරයාගේ සමෘද්ධියෙහි පටන් තථාගත තෙම බෝධියෙහි ඇලුනේ, මා විසින් මෙයට පැමිණිය යුතුයයි, ඊට පැමිණීම පිණිස උත්සාහය නොහරිමින් ආයේ ද, එහෙයින් බෝධිසත්ත්ව යයි කියනු ලැබේ.
තස්ස මය්හන්ති තස්ස එවං බොධිසත්තස්සෙව සතො මය්හං. යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වාති යෙ කෙචි පබ්බජ්ජූපගතා වා භොවාදිනො වා.
කස්ස මය්හං යනු, මෙසේ බෝසත් වූම මට යෙ ඛො කෙචි සමණා වා බ්රහ්මණාවා යම්කිසි පැවිද්දට පැමිණියවුන් හෝ භෝවාදීන් හෝ
අපරිසුද්ධකායකම්මන්තාති අපරිසුද්ධෙන පාණාතිපාතාදිනා කායකම්මන්තෙන සමන්නාගතා. අපරිසුද්ධකායකම්මන්තසන්දොසහෙතූති අපරිසුද්ධස්ස කායකම්මන්තසඞ්ඛාතස්ස අත්තනො දොසස්ස හෙතු, අපරිසුද්ධකායකම්මන්තකාරණාති වුත්තං හොති. හවෙති එකංසවචනෙ නිපාතො. අකුසලන්ති සාවජ්ජං අක්ඛෙමඤ්ච. භයභෙරවන්ති භයඤ්ච භෙරවඤ්ච. චිත්තුත්රාසස්ස ච භයානකාරම්මණස්ස චෙතං අධිවචනං. තත්ර භයං සාවජ්ජට්ඨෙන අකුසලං, භෙරවං අක්ඛෙමට්ඨෙනාති වෙදිතබ්බං. අව්හායන්තීති පක්කොසන්ති. කථං? තෙ හි පාණාතිපාතාදීනි කත්වා “මයං අයුත්තමකම්හා, සචෙ නො තෙ ජානෙය්යුං, යෙසං අපරජ්ඣිම්හා, ඉදානි අනුබන්‍ධිත්‍වා අනයබ්යසනං ආපාදෙය්යු”න්ති අරඤ්ඤං පවිසිත්වා ගච්ඡන්තරෙ වා ගුම්බන්තරෙ වා නිසීදන්ති. තෙ “අප්පමත්තකම්පි තිණසද්දං වා පණ්ණසද්දං වා සුත්වා, ඉදානිම්හා නට්ඨා”ති තසන්ති විත්තසන්ති, ආගන්ත්වා පරෙහි පරිවාරිතා විය බද්ධා වධිතා විය ච හොන්ති. එවං තං භයභෙරවං අත්තනි සමාරොපනට්ඨෙන අව්හායන්ති පක්කොසන්ති.
අපරිසුද්ධ කායකම්මන්තා අපිරිසිදු වූ ප්‍රාණඝාත ආදි කාය කම්මයන්ගෙන් යුක්ත වූ, අපරිසුද්ධ කාය කම්මන්ත සන්දොස හේතු අපිරිසිදු වූ කාය කම්ම සංඛ්‍යාත තම දෝසයාගේ හේතුවෙන්, අපිරිසිදු කායකම්ම කාරණයෙන් යයි කියන ලද්දේ වෙයි. හවෙ යනු ඒකාන්ත වචනයෙහි නිපාතයි. අකුසලං වැරදි සහිත, ආරක්ෂා රහිත, භයභෙරව භයද, භය උපදවන අරමුණු ද, චිත්තයාගේ තැති ගැනීම ද භයානක අරමුණට මේ නමකි. එය වැරදි සහිත අරුතින් අකුසල නම් වේ. භය අරමුණ, ආරක්ෂා රහිත අරුතින් අකුසලයයි ද දතයුතුයැ. අව්හයන්ති කැඳවත්. කෙසේද? ඔවුහු ප්‍රාණඝාතාදී අකුසල කොට අපි අයුත්තක් කළෙමු යයි, යම් කෙනෙකුට අපරාධ කෙළෙම් ද ඉදින් ඔවුහු අප දන්නාහු නම්, මෙවිට (අප) ලුහුබැඳ විපතක් පමුණුවන්නාහු යයි ගස් අතර හෝ පඳුරු අතර හෝ හිඳිත්. ඔවුහු මද පමණ වූද තණ ශබ්දයක් හෝ පත්‍ර ශබ්දයක් හෝ අසා මෙවිට නටුම්හයි බිය වෙති. විශේෂයෙන් තැති ගනිති. අවුත් අන්‍යයන් විසින් වටකරන ලද්දවුන් මෙන් බඳින ලද්දවුන් මෙන් නසන ලද්දවුන් මෙන් ද වෙති. මෙසේ භයභේරවයන් තමා කෙරෙහි මනාව ආරෝපණය කරන අරුතින් ආහ්වානය, කෙරෙත් කැඳවත්.
න ඛො පනාහං…පෙ… පටිසෙවාමීති අහං ඛො පන අපරිසුද්ධකායකම්මන්තො හුත්වා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි න පටිසෙවාමි. යෙ හි වොති එත්ථ වොති නිපාතමත්තං. අරියා වුච්චන්ති බුද්ධා ච බුද්ධසාවකා ච. පරිසුද්ධකායකම්මන්තාති ඊදිසා හුත්වා. තෙසමහං අඤ්ඤතරොති තෙසං අහම්පි එකො අඤ්ඤතරො. බොධිසත්තො හි ගහට්ඨොපි පබ්බජිතොපි පරිසුද්ධකායකම්මන්තොව හොති. භිය්යොති අතිරෙකත්ථෙ නිපාතො. පල්ලොමන්ති පන්නලොමතං, ඛෙමං සොත්ථිභාවන්ති අත්ථො. ආපාදින්ති ආපජ්ජිං, අතිරෙකං සොත්ථිභාවං අතිරෙකෙන වා සොත්ථිභාවමාපජ්ජින්ති වුත්තං හොති. අරඤ්ඤෙ විහාරායාති අරඤ්ඤෙ විහාරත්ථාය.
න ඛො පනාහං -පෙ- පටිසෙවාමි මම වනාහි අපිරිසිදු කායකම්ම ඇත්තෙක්ව වන සෙනසුන්ද දුරසෙනසුන් ද වන කෙළවර සෙනසුන් ද සේවනය නොකරමි. යෙහි වො යන මෙහි වො යනු නිපාත මාත්‍රයකි. අරියා බුදුවරයෝ ද බුද්ධශ්‍රාවකයෝ ද අරියා යයි කියනු ලබත්. පරිසුද්ධ කාය කම්මන්තා මෙබන්දෝ වී, අහං තෙසං අඤ්ඤතමො ඔවුන් අතුරෙන් මම ද කෙනෙක් වෙමි. අන්‍යතරයෙක්මි. ඒ එසේ ඇත්තේම වේ. භිය්යො යනු අතිරේක අර්ථයෙහි නිපාතයි. පල්ලොමං යනු පතිත ලෝම ඇති බවට භය රහිත බවට ස්වස්ති භාවයට යන අර්ථයි. ආපාදිං පැමිණියෙමි. වැඩිපුර යහපත් බවට වැඩි වශයෙන් යහපත්භාවයට පැමිණෙත් යයි කියන ලද්දේ වෙයි. අරඤ්ඤ විහාරාය අරණ්‍යයෙහි වාසය කිරීම පිණිස.
කායකම්මන්තවාරකථා නිට්ඨිතා.
කාය කම්මන්ත වාරකථා නිමි.
වචීකම්මන්තවාරාදිවණ්ණනා
වචී කම්මන්ත වාර
එස නයො සබ්බත්ථ. අයං පන විසෙසො, වචීකම්මන්තවාරෙ තාව අපරිසුද්ධවචීකම්මන්තාති අපරිසුද්ධෙන මුසාවාදාදිනා වචීකම්මන්තෙන සමන්නාගතා. තෙ කථං භයභෙරවං අව්හායන්ති? තෙ මුසාවාදෙන පරස්ස අත්ථං භඤ්ජිත්වා, පිසුණවාචාය මිත්තභෙදං කත්වා ඵරුසවාචාය පරෙසං පරිසමජ්ඣෙ මම්මානි තුදිත්වා නිරත්ථකවාචාය පරසත්තානං කම්මන්තෙ නාසෙත්වා “මයං අයුත්තමකම්හා, සචෙ නො තෙ ජානෙය්යුං, යෙසං අපරජ්ඣිම්හා, ඉදානි අනුබන්‍ධිත්‍වා අනයබ්යසනං පාපෙය්යු”න්ති අරඤ්ඤං පවිසිත්වා ගච්ඡන්තරෙ වා ගුම්බන්තරෙ වා නිසීදන්ති. තෙ “අප්පමත්තකම්පි තිණසද්දං වා පණ්ණසද්දං වා සුත්වා ඉදානිම්හා නට්ඨා”ති තසන්ති විත්තසන්ති ආගන්ත්වා පරෙහි පරිවාරිතා විය බද්ධා වධිතා විය ච හොන්ති. එවං තං භයභෙරවං අත්තනි සමාරොපනට්ඨෙන අව්හායන්ති, පක්කොසන්ති.
සියලු තන්හි මෙම ක්‍රමයමයි. මෙහි කියනු ලබන්නේ විශේෂ වූවක් පමණි. පළමුකොට වචීකම්ම වාරයෙහි අපරිසුද්ධ වචීකම්මන්තා අපිරිසිදු වූ මුසාවාද ආදී වූ වචී කර්මයන්ගෙන් යුක්ත වූවාහු. ඔවුහු කෙසේ භය හා භයානක අරමුණු කැඳවත් ද යත්? ඔවුහු බොරුවෙන් අනුන්ගේ දියුණුව නසා පිසුණු වචනයෙන් මිත්‍රභේදය කොට පරුෂ වචනයෙන් පිරිස මැද මෙරමාගේ මර්මස්ථාන බිඳ පෙළා නිරර්ථක වචනයෙන් අනුන්ගේ කර්මාන්තයන් නසා, අපි නොසුදුසු දෙයක් කළාහු වෙමු. යම් කෙනෙකුට අපරාධ කළාහු වෙමුද, ඉදින් ඔවුහු අප දන්නාහු නම්, මේ වනවිට ඔවුහු අප ලුහුබැඳ අනර්ථයකට හා විනාශයකට පමුණුවන්නාහුය. වනයට පිවිස, ගස් අතර හෝ පඳුරු අතර හෝ හිඳිත්. ඔවුහු ස්වල්පමාත්‍ර වූ ද තෘණ ශබ්දයක් හෝ පත්‍ර ශබ්දයක් හෝ අසා දැන් අපි නටුවෝ වෙමු යයි, තැති ගනිත්. විශේෂයෙන් තැති ගනිත්. අවුත්, අන්‍යයන් විසින් වටකරන ලද්දවුන් මෙන් ද, බඳින ලද්දවුන් මෙන් ද, නසන ලද්දවුන් මෙන් ද වෙති. මෙසේ ඒ භයභෙරවයන් තමා කෙරෙහි සමාරෝපණය කිරීම් අර්ථයෙන් අඬගසත්, කැඳවත්.
මනොකම්මන්තවාරෙ අපරිසුද්ධමනොකම්මන්තාති අපරිසුද්ධෙන අභිජ්ඣාදිනා මනොකම්මන්තෙන සමන්නාගතා. තෙ කථං භයභෙරවං අව්හායන්ති? තෙ පරෙසං රක්ඛිතගොපිතෙසු භණ්ඩෙසු අභිජ්ඣාවිසමලොභං උප්පාදෙත්වා පරස්ස කුජ්ඣිත්වා පරසත්තෙ මිච්ඡාදස්සනං ගාහාපෙත්වා මයං අයුත්තමකම්හා…පෙ… අත්තනි සමාරොපනට්ඨෙන අව්හායන්ති පක්කොසන්ති.
මනොකම්මන්ත වාරයෙහි අපරිසුද්ධ මනොකම්මන්තා අපිරිසිදු වූ අභිජ්ඣා ආදි මනෝ කර්මයන්ගෙන් සමන්නාගත වූවාහු ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවත් ද යත්? ඔවුහු අනුන් විසින් රක්ෂිත - ගෝපිත භාණ්ඩ විෂයෙහි අභිජ්ඣා නම් වූ විසම ලෝභය උපදවා අනුන්ට කිපී අන් සත්ත්වයන් මිථ්‍යාදිට්ඨි ගන්වා අපි අයුක්තක් කළාහු වෙමු යයි, -පෙ- තමා කෙරෙහි සමාරෝපන කරන අර්ථයෙන් අඬගසත් කැඳවත්.
ආජීවවාරෙ අපරිසුද්ධාජීවාති අපරිසුද්ධෙන වෙජ්ජකම්මදූතකම්මවඩ්ඪිපයොගාදිනා එකවීසතිඅනෙසනභෙදෙන ආජීවෙන සමන්නාගතා. තෙ කථං භයභෙරවං අව්හායන්ති? තෙ එවං ජීවිකං කප්පෙත්වා සුණන්ති – “සාසනසොධකා කිර තෙපිටකා භික්ඛූ සාසනං සොධෙතුං නික්ඛන්තා, අජ්ජ වා ස්වෙ වා ඉධාගමිස්සන්තී”ති අරඤ්ඤං පවිසිත්වා ගච්ඡන්තරෙ වා…පෙ… තසන්ති විත්තසන්ති. තෙ හි ආගන්ත්වා පරිවාරෙත්වා ගහිතා විය ඔදාතවත්ථනිවාසිතා විය ච හොන්තීති. සෙසං තාදිසමෙව.
ආජීව වාරයෙහි අපරිසුද්ධාජීවා, අපිරිසිදු වූ වෙදකම් දූතකම් පොළියට දීම් ආදි එක්විසි ප්රභේදගත සෙවීම්වලින් සමන්විත ආජීවයෙන් යුක්තවූවාහු, ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවද යත්? ඔවුහු මෙසේ ජීවිකාව කොට ශාසන ශෝධක වූ ත්‍රිපිටකධර භික්ෂූහු ශාසන ශෝධනය පිණිස නික්මුනාහුය. අද හෝ හෙට මෙහි පැමිණෙන්නාහු යයි (අසති) අරණ්‍යයට පිවිස ගස් අතර හෝ -පෙ- (වෙත් යයි) තැති ගනිත්, විශේෂයෙන් තැති ගනිත්. ඔවුන් විසින් අවුත් පිරිවරා ගන්නවුන් මෙන් ද, සුදුවත් හඳවන ලද්දවුන් මෙන් ද, වෙත් යයි, සෙස්ස එවැනිම වේ.
ඉතො පරං අභිජ්ඣාලූතිආදීසු කිඤ්චාපි අභිජ්ඣාබ්යාපාදා මනොකම්මන්තෙන සඞ්ගහිතා තථාපි නීවරණවසෙන පුන වුත්තාති වෙදිතබ්බා. තත්ථ අභිජ්ඣාලූති පරභණ්ඩාදිඅභිජ්ඣායනසීලා. කාමෙසු තිබ්බසාරාගාති වත්ථුකාමෙසු බහලකිලෙසරාගා, තෙ කථං භයභෙරවං අව්හායන්ති? තෙ අවවත්ථිතාරම්මණා හොන්ති, තෙසං අවවත්ථිතාරම්මණානං අරඤ්ඤෙ විහරන්තානං දිවා දිට්ඨං රත්තිං භයභෙරවං හුත්වා උපට්ඨාති – “තෙ ආකුලචිත්තා අප්පමත්තකෙනපි තසන්ති විත්තසන්ති, රජ්ජුං වා ලතං වා දිස්වා සප්පසඤ්ඤිනො හොන්ති, ඛාණුං දිස්වා යක්ඛසඤ්ඤිනො, ථලං වා පබ්බතං වා දිස්වා හත්ථිසඤ්ඤිනො සප්පාදීහි අනයබ්යසනං ආපාදිතා විය හොන්තී”ති. සෙසං තාදිසමෙව.
මින් මතු අභිජ්ඣාලු යන මෙහි අභිජ්ඣා ව්‍යාපාද, මනෝකම්ම සංග්‍රහ වූවාහු ද, එසේ වුවත් නීවරණයන්ගේ වශයෙන් යලි කියන ලද්දාහු යයි දතයුත්තාහුය. එහි අභිජ්ඣාලු යනු අනුන්ගේ භාණ්ඩයන් පිළිබඳව දැඩි ලෝභයෙන් සිතනසුලු වූවාහු, කාමෙසු තිබ්බරාගා වස්තු කාමයන්හි ඝන බහල කෙලෙස් රාග ඇත්තාහු. ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවත්ද යත්? ඔවුහු (අච්චත්ථිත-ආරම්මණ) සීමා රහිත අරමුණු ඇත්තාහු වෙති. සීමාවක් නොමැති අරමුණු ඇතිව වනයෙහි වසන්නාහු ඔවුනට දවල් දක්නා ලද්ද, රාත්‍රියෙහි භයභේරවයක්ම වැටහෙයි. අකුසල් සිත් ඇත්තා වූ ඔවුහු සුලු දෙයකිනුදු තැති ගනිති. රැහැනක් හෝ වැලක් දැක සර්පයෙක් යන සංඥා ඇත්තාහු වෙති. කණුවක් දැක යක්ෂයෙක යන සංඥා ඇත්තාහු වෙති. බිම්කඩක් හෝ පර්වතයක් දැක ඇතෙකු යන සංඥා ඇත්තාහු වෙති. සපාදීන් විසින් කරදරයකට විනාශයකට පමුණුවනු ලද්දවුන් මෙන් වෙත් යයි. සෙස්ස එබඳුමැයි.
බ්යාපන්නචිත්තාති පකතිභාවවිජහනෙන විපන්නචිත්තා. කිලෙසානුගතඤ්හි චිත්තං පකතිභාවං විජහති, පුරාණභත්තබ්යඤ්ජනං විය පූතිකං හොති. පදුට්ඨමනසඞ්කප්පාති පදුට්ඨචිත්තසඞ්කප්පා, අභද්රකෙන පරෙසං අනත්ථජනකෙන චිත්තසඞ්කප්පෙන සමන්නාගතාති වුත්තං හොති. තෙ කථං භයභෙරවං අව්හායන්ති? භයභෙරවාව්හායනං ඉතො පභුති අභිජ්ඣාලුවාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. යත්ථ පන විසෙසො භවිස්සති, තත්ථ වක්ඛාම. න ඛො පනාහං බ්යාපන්නචිත්තොති එත්ථ පන මෙත්තචිත්තො අහං හිතචිත්තොති දස්සෙති, ඊදිසා හි බොධිසත්තා හොන්ති. එවං සබ්බත්ථ වුත්තදොසපටිපක්ඛවසෙන බොධිසත්තස්ස ගුණා වණ්ණෙතබ්බා.
බ්‍යාපන්න චිත්තා, ප්‍රකෘති භාවය නැතිවීමෙන් විපන්න (සදොස්) වූ සිත් ඇත්තේ කෙලෙස් අනුගත වූ සිත ප්‍රකෘතිභාවය අත්හලේ වෙයි. පරණ වූ බත ව්‍යඤ්ජන මෙන් පිළුනුවූයේ වෙයි. පදුට්ඨ මන සංකප්පො යනු ඉතා නපුරු වූ චිත්ත සංකල්ප ඇත්තාහු, යහපත් නොවූ මෙරමාට අනර්ථ උපදවන්නා වූ චිත්ත සංකල්පයන්ගෙන් යුක්ත යයි කියන ලද්දේ වෙයි. ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවත් ද යත්? භයභේරවයන් කැඳවීම මෙතැන් පටන් අභිජ්ඣාලු වාරයෙහි කී අයුරින් දතයුතුය. යම්තැනෙක්හි විශේෂත්වයක් වන්නේ ද, එහිදී පවසමු. න ඛො පනාහං බ්‍යාපන්න චිත්තො යනු මෙහි මම වනාහි මෙත් සිත් ඇත්තෙම්, හිතවත් වූ සිත් ඇත්තෙම් යයි දක්වයි. ඒ එසේමැයි. බෝසත්වරු මෙබඳු ගුණ ඇත්තෝ වෙත් යයි. මෙසේ සියලු තන්හි කියන ලද දෝෂයන්ට ප්රතිපක්ෂ වශයෙන් බෝසත්ගුණ වර්ණනා කළයුත්තාහු වෙත්.
ථිනමිද්ධපරියුට්ඨිතාති චිත්තගෙලඤ්ඤභූතෙන ථිනෙන සෙසනාමකායගෙලඤ්ඤභූතෙන මිද්ධෙන ච පරියුට්ඨිතා, අභිභූතා ගහිතාති වුත්තං හොති. තෙ නිද්දාබහුලා හොන්ති.
ථීන මිද්ධ පරියුට්ඨිතා යනු චිත්තයාගේ ගිලන් බව නම් වූ ථීනයෙන් ද, සෙසු නාමකයෝ ගිලන් බව නම් වූ මිද්ධයෙන් ද, වළඳන ලද්දාහු මඩින ලද්දාහු ගන්නා ලද්දාහු යයි කියන ලද්දේ වෙයි. ඔවුහු නින්ද බහුලකොට ඇත්තෝ වෙති.
උද්ධතාති උද්ධච්චපකතිකා විප්ඵන්දමානචිත්තා, උද්ධච්චෙන හි එකාරම්මණෙ චිත්තං විප්ඵන්දති ධජයට්ඨියං වාතෙන පටාකා විය. අවූපසන්තචිත්තාති අනිබ්බුතචිත්තා, ඉධ කුක්කුච්චං ගහෙතුං වට්ටති.
උද්ධතා උද්ධච්චය (සිතේ නොසන්සුන්කම) ප්‍රකෘතිය වූවාහු, සැලෙන සිත් ඇත්තාහු ඒ එසේමැයි. උද්ධච්චයෙන් එක් අරමුණෙක්හි වූ සිත වාතයෙන් කොඩි කණුවෙහි කොඩියක් මෙන් සැලෙයි. අවුපසන්න චිත්තො යනු නො නිවුන සිත් ඇත්තාහු. මෙහි දී කුක්කුච්චය ගැනීම වටී.
කඞ්ඛී විචිකිච්ඡීති එත්ථ එකමෙවිදං පඤ්චමං නීවරණං. කිං නු ඛො ඉදන්ති ආරම්මණං කඞ්ඛනතො කඞ්ඛා, ඉදමෙවිදන්ති නිච්ඡෙතුං අසමත්ථභාවතො විචිකිච්ඡාති වුච්චති, තෙන සමන්නාගතා සමණබ්රාහ්මණා “කඞ්ඛී විචිකිච්ඡී”ති වුත්තා.
කංඛී වෙචිකිච්ඡි යනු, මෙහි එකක්ම වූ පස්වන නීවරණයයි. මේ කිමෙක්ද? අරමුණ සැක කරන හෙයින් කංඛා නම් වේ. මෙයම මේ යයි තීරණය කරන්ට අසමත් බැවින් විචිකිච්ඡා යයි කියනු ලැබේ. එයින් යුක්ත වූ ශ්‍රමණ-බ්‍රාහ්මණයෝ කංඛී විචිකිච්ඡි යයි කියන ලද්දාහු වෙති.
අත්තුක්කංසනකා පරවම්භීති යෙ අත්තානං උක්කංසෙන්ති උක්ඛිපන්ති, උච්චෙ ඨානෙ ඨපෙන්ති, පරඤ්ච වම්භෙන්ති ගරහන්ති නින්දන්ති, නීචෙ ඨානෙ ඨපෙන්ති, තෙසමෙතං අධිවචනං. තෙ කථං භයභෙරවං අව්හායන්ති? තෙ පරෙහි “අසුකො ච කිර අසුකො ච අත්තානං උක්කංසෙන්ති, අම්හෙ ගරහන්ති, දාසෙ විය කරොන්ති, ගණ්හථ නෙ”ති අනුබද්ධා පලායිත්වා අරඤ්ඤං පවිසිත්වා ගච්ඡන්තරෙ වා ගුම්බන්තරෙ වාති කායකම්මන්තසදිසං විත්ථාරෙතබ්බං.
අත්තුක්කංසකා පරවම්භී යනු, යමෙක් තෙම තමා උසස් කෙරෙත් ද ඔසවා තබත් ද උසස් තන්හි තබත් ද අන්‍යයන් පහත් කෙරෙත් ද ගරහත් ද නිග්‍රහ කෙරෙත් ද පහත් තන්හි තබත් ද, මේ ඔවුනට නමකි. ඔවුහු කෙසේනම් භයභෙරවයන් කැඳවත්ද, යත්? ඔවුහු අන්‍යයන් විසින් අසවලා ද අසවලා ද උසස් ලෙස වර්ණනා කෙරෙති. අප ගරහති. දාසයන් මෙන් කෙරෙත්ල. ඔවුන් ගනිව් යයි ලුහුබඳිනා ලද්දාහු පලාගොස් වනයට පිවිස ගස් අතුරෙහි හෝ යයි කායකම්ම මෙන් විස්තර කළ යුතුය. ඡම්හි කය තදකරන, ලොමුදැහැ ගැනීම් කරන තැතිගැනීම්වලින් යුක්ත වූවාහු.
ඡම්භීති කායථම්භනලොමහංසනකරෙන ථම්භෙන සමන්නාගතා. භීරුකජාතිකාති භීරුකපකතිකා, ගාමදාරකා විය භයබහුලා අසූරා කාතරාති වුත්තං හොති.
භීරුක ජාතිකා යනු භය ප්‍රකෘතිය කොට ඇත්තාහු ගම්දරුවන් මෙන් භය බහුලකොට ඇත්තාහු ශුර නොවූවාහු දීන වූවාහු යයි කියන ලද්දේ වෙයි.
ලාභසක්කාරසිලොකන්ති එත්ථ ලබ්භතීති ලාභො, චතුන්නං පච්චයානමෙතං අධිවචනං. සක්කාරොති සුන්දරකාරො, පච්චයා එව හි පණීතපණීතා සුන්දරසුන්දරා ච අභිසඞ්ඛරිත්වා කතා සක්කාරාති වුච්චන්ති. යා ච පරෙහි අත්තනො ගාරවකිරියා පුප්ඵාදීහි වා පූජා. සිලොකොති වණ්ණභණනං එතං, ලාභඤ්ච සක්කාරඤ්ච සිලොකඤ්ච ලාභසක්කාරසිලොකං. නිකාමයමානාති පත්ථයමානා. භයභෙරවාව්හායනං අභිජ්ඣාලුවාරසදිසමෙව. තදත්ථදීපකං පනෙත්ථ පියගාමිකවත්ථුං කථෙන්ති –
ලාභ සක්කාර සිලොකං යන මෙහි ලබ්භතීති ලාභො, ලබානුයි ලාභ නම් වේ. සිවුපසයට මේ නමකි. සක්කාර නම් සුන්දර වූ සත්කාරයයි. ප්රත්යයෝම අතිශයින් ප්රණිත වූවාහු අතිශයින් සුන්දර වූවාහු සකස්කොට කරන ලද්දාහු සත්කාරයයි කියනු ලැබෙත්. අනුන් විසින් තමන්ට යම් ගෞරව කිරිමක් වේ ද, මල් ආදියෙන් හෝ පිදීමක් වේද, (එයද සත්කාර නම් වේ) සිලොක නම් ගුණ කීමයි. මේ ලාභය ද, සත්කාරය ද සිලෝකය ද ලාභ සක්කාර සිලොක නම් වේ. නිකාමය මානා ප්‍රාර්ථනා කරන්නාහු භයභේරව කැඳවීම අභිජ්ඣාලු වාරයට සමානමැයි. මෙහි එම අර්ථය දක්වනු පිණිස පියගාමික වස්තුව කියත්.
පියගාමික වස්තුව
එකො කිර පියගාමිකො නාම භික්ඛු සමාදින්නධුතඞ්ගානං භික්ඛූනං ලාභං දිස්වා “අහම්පි ධුතඞ්ගං සමාදියිත්වා ලාභං උප්පාදෙමී”ති චින්තෙත්වා සොසානිකඞ්ගං සමාදාය සුසානෙ වසති. අථෙකදිවසං එකො කම්මමුත්තො ජරග්ගවො දිවා ගොචරෙ චරිත්වා රත්තිං තස්මිං සුසානෙ පුප්ඵගුම්බෙ සීසං කත්වා රොමන්ථයමානො අට්ඨාසි. පියගාමිකො රත්තිං චඞ්කමනා නික්ඛන්තො තස්ස හනුසද්දං සුත්වා චින්තෙසි “අද්ධා මං ලාභගිද්ධො එස සුසානෙ වසතීති ඤත්වා දෙවරාජා විහෙඨෙතුං ආගතො”ති, සො ජරග්ගවස්ස පුරතො අඤ්ජලිං පග්ගහෙත්වා “සප්පුරිස දෙවරාජ අජ්ජ මෙ එකරත්තිං ඛම, ස්වෙ පට්ඨාය න එවං කරිස්සාමී”ති නමස්සමානො සබ්බරත්තිං යාචන්තො අට්ඨාසි. තතො සූරියෙ උට්ඨිතෙ තං දිස්වා කත්තරයට්ඨියා පහරිත්වා පලාපෙසි “සබ්බරත්තිං මං භිංසාපෙසී”ති.
පියගාමික නම් මහණ තෙම සමාදන් වූ ධුතාංග ඇති භික්ෂූන්ගේ ලාභය දැක, මම ද ධුතාංග සමාදන්ව ලාභ උපදවමියි සිතා සෝසානිකාංගය සමාදන්ව සොහොනෙහි වෙසෙයි. ඉක්බිති එක්දිනක් කර්මාන්තයෙන් මුදන ලද මහළු ගොනෙක් දහවල් කාලයෙහි ආහාර පිණිස ඇවිද රාත්‍රී කාලයෙහි එම සොහොනෙහි මල් පඳුරෙක හිස තබා වමාරා කමින් සිටියේය. ප්රියගාමික භික්ෂු තෙම රාත්‍රී කාලයෙහි සක්මනින් නික්මුනේ ගොනාගේ හනු ශබ්දය අසා ‘මේ තෙම ලාභයෙහි ගිජු වූයේ, සොහොනෙහි වෙසේ යයි දැන, ඒකාන්තයෙන්ම සක්දෙව්රජ මා වෙහෙසනු පිණිස ආයේ වත්දයි සිතා, හෙතෙම මහලු ගොනාගේ ඉදිරිපිට ඇඳිලි බැඳගෙන, සත්පුරුෂ වූ දිව්‍යරාජය, මට අද එක් රැයක් ඉවසනු මැනවි. හෙට පටන් මෙසේ නොකරන්නෙමියි නමස්කාර කරමින් මුළු රැය මුලුල්ලේ අයදමින් සිටියේය. ඉක්බිති හිරු නැගි කල්හි, ඒ ගවයා දැක, සැරයටියෙන් පහර දී සියලු රැය මා භය කළේ යයි පළවා හැරියේය.
කුසීතාති කොසජ්ජානුගතා. හීනවීරියාති හීනා වීරියෙන විරහිතා වියුත්තා, නිබ්බීරියාති වුත්තං හොති. තත්ථ කුසීතා කායිකවීරියාරම්භවිරහිතා හොන්ති, හීනවීරියා චෙතසිකවීරියාරම්භවිරහිතා. තෙ ආරම්මණවවත්ථානමත්තම්පි කාතුං න සක්කොන්ති. තෙසං අවවත්ථිතාරම්මණානන්ති සබ්බං පුබ්බසදිසමෙව.
කුසීතා, කුසීත භාවයෙන් යුක්ත වූවාහු හීනවිරියා යනු හීන වූ වීර්යයෙන් තොර වූ වෙන් වූ වීර්ය රහිත වූවෝ වෙත් යයි කියන ලද්දේ වෙයි. එහි කුසීතයෝ කායික වීර්යාරම්භ රහිතයෝ වෙති. ඔවුහු අරමුණු වවත්ථාන (වෙන්කර ගැනීම්) මාත්‍රයකුදු කරන්ට අසමත් වෙති. ඒ ආරම්මණ ව්‍යවස්ථා රහිතයන්ට යයි, සියල්ල පෙර කියන ලද්දට සමාන මැයි.
මුට්ඨස්සතීති නට්ඨස්සතී. අසම්පජානාති පඤ්ඤාරහිතා, ඉමස්ස ච පටිපක්ඛෙ “උපට්ඨිතස්සතීහමස්මී”ති වචනතො සතිභාජනියමෙවෙතං. පඤ්ඤා පනෙත්ථ සතිදුබ්බල්යදීපනත්ථං වුත්තා. දුවිධා හි සති පඤ්ඤාසම්පයුත්තා පඤ්ඤාවිප්පයුත්තා ච. තත්ථ පඤ්ඤාසම්පයුත්තා බලවතී, විප්පයුත්තා දුබ්බලා, තස්මා යදාපි තෙසං සති හොති, තදාපි අසම්පජානන්තා මුට්ඨස්සතීයෙව තෙ, දුබ්බලාය සතියා සතිකිච්චාභාවතොති එතමත්ථං දීපෙතුං “අසම්පජානා”ති වුත්තං. තෙ එවං මුට්ඨස්සතී අසම්පජානා ආරම්මණවවත්ථානමත්තම්පි කාතුං න සක්කොන්තීති සබ්බං පුබ්බසදිසමෙව.
මුට්ඨස්සති - නටුවා වූ සිත් ඇත්තෝ. අසම්පජානා යනු ප්‍රඥා රහිත වූ මීට විරුද්ධ පක්ෂයෙහි උපට්ඨිත සති හවස්මි යයි වදාළ හෙයින් මේ සති භාජනීයමැයි. මෙහි ප්‍රඥාව සතියේ දුබලකම දැක්වීම පිණිස වදාරණ ලද්දීය. ඒ එසේමැයි. සති තොමෝ විවිධ වන්නීය. පඤ්ඤා සම්පයුත්තද විප්පයුත්තද කියායි. ඔවුන් අතුරෙහි පඤ්ඤා සම්පයුත්ත වූවා බලවත් වන්නීය. විප්පයුත්ත වූවා දුර්වල වේ. එහෙයින් යම්කලෙක ඔවුන්ගේ සතිය වේද, එකල්හිදු ඔවුහු සම්මා පඤ්ඤා රහිත හෙයින් මුලා සිහි ඇත්තාහුම වෙති. ඒ දුර්වල වූ සතියෙන් සති කිච්ච අභාව හේතුවෙන් එම අරුත දක්වන්ට අසම්පජානා යයි කියන ලදී. ඔවුහු මෙසේ නටුවා වූ සිහි ඇත්තාහු පඤ්ඤා රහිත වූවාහු අරමුණු වෙන්කිරීම් මාත්‍රයකුදු කරන්ට නොහැකි වෙත්. සියල්ල පෙර මෙනි.
අසමාහිතාති උපචාරප්පනාසමාධිවිරහිතා. විබ්භන්තචිත්තාති උබ්භන්තචිත්තා. සමාධිවිරහෙන ලද්ධොකාසෙන උද්ධච්චෙන තෙසං සමාධිවිරහානං චිත්තං නානාරම්මණෙසු පරිබ්භමති, වනමක්කටො විය වනසාඛාසු උද්ධච්චෙන එකාරම්මණෙ විප්ඵන්දති. පුබ්බෙ වුත්තනයෙනෙන තෙ එවං අසමාහිතා විබ්භන්තචිත්තා ආරම්මණවවත්ථානමත්තම්පි කාතුං න සක්කොන්තීති සබ්බං පුබ්බසදිසමෙව.
අසමාහිතා උපචාර අප්පනා සමාධි රහිත වූවහු විබ්භන්ත චිත්තා විශේෂයෙන් භ්‍රාන්ත සිත් ඇත්තාහු සමාධි රහිත වූ කල්හි ලද අවකාශ ඇති, උදධච්චය නිසා ඔවුන්ගේ සමාධි විරහිත බැවින් සිත නොයෙක් අරමුණුවල භ්‍රමණය වෙති. වන ශාඛාවන්හි වන වඳුරෙකු මෙනි. උඩඟු බව නිසා එක අරමුණෙහිද සිත විශේෂයෙන් සැලෙයි. පෙර කී අයුරින්ම ඔවුහු මෙසේ එකඟ නොවූ සිත් ඇත්තාහු නානා අරමුණෙහි හැසිරෙන සිත් ඇත්තාහු අරමුණ පිළිබඳව වෙන්කිරිම් මාත්‍රයකුදු කරන්ට නොහැකි වෙත්. සියල්ල පෙර මෙනි.
දුප්පඤ්ඤාති නිප්පඤ්ඤානමෙතං අධිවචනං. පඤ්ඤා පන දුට්ඨා නාම නත්ථි. එළමූගාති එලමුඛා, ඛ-කාරස්ස ග-කාරො කතො. ලාලමුඛාති වුත්තං හොති. දුප්පඤ්ඤානඤ්හි කථෙන්තානං ලාලා මුඛතො ගලති, ලාලා ච එලාති වුච්චති. යථාහ “පස්සෙලමූගං උරගං දුජ්ජිව්හ”න්ති. තස්මා තෙ “එළමූගා”ති වුච්චන්ති. “එලමුඛා”තිපි පාඨො. “එලමුගා”ති කෙචි පඨන්ති, අපරෙ “එලමුකා”තිපි, සබ්බත්ථ “එලමුඛා”ති අත්ථො.
දුප්පඤ්ඤො යනු නුවණ නැත්තහුට මේ නමකි. ප්‍රඥාවට දුෂ්ටයෙක් නොමැත. එලමුගා එලමුබා නම් වේ. කෙළතොළු වූවාහු, ඛ කාරයට ග කාරය කරන ලද්දේ වෙයි. ලාල මුඛා යයි ද කියන ලද වෙයි. ඒ එසේමැයි. නුවණ නැත්තවුන් කථාකරන කල්හි මුඛයෙන් කෙළ ගලයි. කෙළද ඒලා යයි කියනු ලැබේ. එහෙයින් කියන ලදී. පස්සෙලමුගං උරගං දුජීව්හං යනුවෙන්, එහෙයින් ඔවුහු එලමුගා යයි කියනු ලැබෙත්. එලමූගා යයි ද පාඨයි. එලමුතා යයි අනෙකෙක් එලමුබා යයි ද කියති. සියලු තන්හි එලමුඛාති අර්ථයි.
තෙ කථං භයභෙරවං අව්හායන්ති? තෙ දුප්පඤ්ඤා එළමූගා ආරම්මණවවත්ථානමත්තම්පි කාතුං න සක්කොන්ති. තෙසං අවවත්ථිතාරම්මණානං අරඤ්ඤෙ විහරන්තානං දිවා දිට්ඨං රත්තිං භයභෙරවං හුත්වා උපට්ඨාති “තෙ ආකුලචිත්තා අප්පමත්තකෙනපි තසන්ති විත්තසන්ති, රජ්ජුං වා ලතං වා දිස්වා සප්පසඤ්ඤිනො හොන්ති, ඛාණුං දිස්වා යක්ඛසඤ්ඤිනො, ථලං වා පබ්බතං වා දිස්වා හත්ථිසඤ්ඤිනො සප්පාදීහි අනයව්යසනං ආපාදිතා විය හොන්තී”ති. එවං තං භයභෙරවං අත්තනි සමාරොපනට්ඨෙන අව්හායන්ති පක්කොසන්ති. පඤ්ඤාසම්පන්නොහමස්මීති එත්ථ පඤ්ඤාසම්පන්නොති පඤ්ඤාය සම්පන්නො සමන්නාගතො, නො ච ඛො විපස්සනාපඤ්ඤාය, න මග්ගපඤ්ඤාය, අපිච ඛො පන ඉමෙසු සොළසසු ඨානෙසු ආරම්මණවවත්ථානපඤ්ඤායාති අත්ථො. සෙසං සබ්බත්ථ වුත්තනයමෙවාති.
ඔවුහු කෙසෙස්නම් භයභේරවයන් කැඳවත්ද යත්? ප්‍රඥා රහිත වූවහු. කෙළතොළු වූවහු ආරම්මණ ව්‍යවස්ථා මාත්‍රයකුදු කරන්ට නොහැකි වෙති. නියමිත අරමුණක් නොමැතිව වනයෙහි වසන ඔවුන්ට දහවල් දක්නා ලද දෙය රාත්‍රියෙහි භයභේරවයක් වී වැටහෙයි. අකුසල් ඇත්තාහු ඔවුහු ඉතා ස්වල්ප දෙයකිනුදු තැති ගනිති. රැහැනක් හෝ වැලක් හෝ දැක සර්පයෙකැයි යන සංඥා ඇත්තෝ වෙති. කණුවක් දැක යකෙක යන සංඥා ඇත්තාහු වෙති. ගොඩැල්ලක් හෝ පර්වතයක් දැක ඇතෙක යන සංඥා ඇත්තාහු වෙති. සර්පාදීන් විසින් අභාවයට විනාශයට පමුණුවන ලද්දවුන් මෙන් වෙති. මෙසේ භයභේරවයන් තමා කෙරෙහි ආරෝපනය කරන අරුතින් ආහ්වානය කෙරෙති. කැඳවති. පඤ්ඤාසම්පන්නො හමස්මි යන මෙහි පඤ්ඤා සම්පන්නො ප්‍රඥාවෙන් සම්පූර්ණ වූයෙම් සමන්විත වූයෙම් විදර්ශනා ප්‍රඥාවද නොද වෙති. මාර්ග ප්‍රඥාවෙන් ද නොවෙයි. නමුත් මේ සොලොස් තන්හි ආරම්මණ වවත්ථාන ප්‍රඥාවෙන් යන අර්ථයි. සෙස්ස සියලු තන්හි කියන ලද න්‍යායෙනි.
වචීකම්මන්තවාරාදිවණ්ණනා නිට්ඨිතා.
සොළසට්ඨානාරම්මණපරිග්ගහො නිට්ඨිතො.
සොළසට්ඨාන ආරම්මණ පරිග්ගහ නිමි.
භයභෙරවසෙනාසනාදිවණ්ණනා
භයභේරව සේනාසන
තස්ස මය්හන්ති කො අනුසන්ධි? බොධිසත්තො කිර ඉමානි සොළසාරම්මණානි පරිග්ගණ්හන්තො ච භයභෙරවං අදිස්වා භයභෙරවං නාම එවරූපාසු රත්තීසු එවරූපෙ සෙනාසනෙ ච පඤ්ඤායති, හන්ද නං තත්ථාපි ගවෙසිස්සාමීති භයභෙරවගවෙසනමකාසි, එතමත්ථං භගවා ඉදානි බ්රාහ්මණස්ස දස්සෙන්තො තස්ස මය්හන්තිආදිමාහ.
තස්ස මය්හං යන්නෙහි අනුසන්ධි කවරේද? බෝසත් තෙම මේ සොලොස් අරමුණු පරීක්ෂා කරන්නේ භයභේරවයක් නොදැක, භයභේරව නම් මෙවන් රාත්රිවල මෙබඳු සෙනසුන්වල පෙනෙයි. එහිදු එය නිශ්චය වශයෙන්ම සොයමි යයි. භයභේරව ගවේෂණය කළේය. මේ අදහස බ්‍රාහ්මණයා හට දක්වන භාග්‍යවතුන් වහන්සේ තස්ස මය්හං ආදිය වදාළහ.
තත්ථ යා තාති උභයමෙතං රත්තීනංයෙව උද්දෙසනිද්දෙසවචනං. අභිඤ්ඤාතාති එත්ථ අභීති ලක්ඛණත්ථෙ උපසග්ගො. තස්මා අභිඤ්ඤාතාති චන්දපාරිපූරියා චන්දපරික්ඛයෙනාති එවමාදීහි ලක්ඛණෙහි ඤාතාති වෙදිතබ්බා. අභිලක්ඛිතාති එත්ථ උපසග්ගමත්තමෙව, තස්මා අභිලක්ඛිතාති ලක්ඛණීයා ඉච්චෙව අත්ථො, උපොසථසමාදානධම්මස්සවනපූජාසක්කාරාදිකරණත්ථං ලක්ඛෙතබ්බා සල්ලක්ඛෙතබ්බා උපලක්ඛෙතබ්බාති වුත්තං හොති.
එහි යා තා යන මේ පද දෙක රාත්රීන්ගේම උද්දෙස, නිද්දෙස වචනයි. අභිඤ්ඤතා යන මෙහි අභි යනු ලක්ෂණ අර්ථයෙහි උපසර්ගයකි. එහෙයින් අභිඤ්ඤතා යනු සඳ පිරීමෙන් ද සඳ ගෙවීමෙන් ද යන මේ ආදි ලක්ෂණයන්ගෙන් ප්‍රසිද්ධ වූ යයි දතයුත්තාහුය. අභිලක්ඛිතා යන මෙහි උපසර්ග මාත්රමැයි. එහෙයින් අභිලක්ඛිත ලකුණු කටයුතු වූ යන අර්ථයි. පෙහෙවස් සමාදානය, බණ ඇසීම, පූජාසත්කාර ආදිය කිරීම පිණිස ලකුණු කටයුතු වූ සැලකිය යුතු වූ උපලක්ෂණ කටයුතු වූ යයි කියන ලද්දේ වෙයි.
චාතුද්දසීති පක්ඛස්ස පඨමදිවසතො පභුති චතුද්දසන්නං පූරණී එකා රත්ති. එවං පඤ්චදසී අට්ඨමී ච. පක්ඛස්සාති සුක්කපක්ඛස්ස කණ්හපක්ඛස්ස ච. එතා තිස්සො තිස්සො කත්වා ඡ රත්තියො, තස්මා සබ්බත්ථ පක්ඛවචනං යොජෙතබ්බං “පක්ඛස්ස චාතුද්දසී පක්ඛස්ස පඤ්චදසී පක්ඛස්ස අට්ඨමී”ති. අථ පඤ්චමී කස්මා න ගහිතාති? අසබ්බකාලිකත්තා. බුද්ධෙ කිර භගවති අනුප්පන්නෙපි උප්පජ්ජිත්වා අපරිනිබ්බුතෙපි පඤ්චමී අනභිලක්ඛිතායෙව, පරිනිබ්බුතෙ පන ධම්මසඞ්ගාහකත්ථෙරා චින්තෙසුං “ධම්මස්සවනං චිරෙන හොතී”ති. තතො සම්මන්නිත්වා පඤ්චමීති ධම්මස්සවනදිවසං ඨපෙසුං, තතො පභුති සා අභිලක්ඛිතා ජාතා, එවං අසබ්බකාලිකත්තා එත්ථ න ගහිතාති.
චතුද්දසී යනු පක්ෂයෙහි පළමුදින සිට තුදුස්වන දිනය සපුරන රාත්‍රියෙහි. පඤ්චදසී - අට්ඨමී යනුද මෙසේයි. පක්ඛස්ස පුර පක්ෂයාගේ ද අවපක්ෂයාගේ ද මොවුහු තුනක් තුනක් බැගින් රාත්‍රීහු සයක් වෙති. එහෙයින් සියලු තන්හි පක්ඛ යන වචනය යෙදිය යුතුය. පක්ෂය පිළිබඳ තුදුස්වක පක්ෂය පිළිබඳවද පසළොස්වක, පක්ෂය පිළිබඳ අටවක යයි කියායි. ඉක්බිති පඤ්චදසී (විසේනිය) කුමක් හෙයින් නොගන්නා ලද්දේද යත්? සබ්බකාලික නොවන හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ නූපන් කල්හිද, ඉපිද නොපිරිනිවි කල්හිද පඤ්චමී (විසේනිය) ලකුණු නොකරන ලද්දේමැයි. පිරිනිවි කල්හි වනාහි ධර්ම සංග්‍රාහක තෙරුන් වහන්සේලා බණ ඇසීම කලකින් වේයයි සිතූහ. අනතුරුව පංචමී යයි සම්මතකොට බණ ඇසීමේ දිනයක් වශයෙන් තැබූහ. එතැන් පටන් හෝ විසේනිය ලකුණු කරන ලද්දේ විය. එහෙත් අසබ්බකාලික හෙයින් මෙහි නොගන්නා ලද්දී යයි දතයුතු.
තථාරූපාසූති තථාවිධාසු. ආරාමචෙතියානීති පුප්ඵාරාමඵලාරාමාදයො ආරාමා එව ආරාමචෙතියානි. චිත්තීකතට්ඨෙන හි චෙතියානීති වුච්චන්ති, පූජනීයට්ඨෙනාති වුත්තං හොති. වනචෙතියානීති බලිහරණවනසණ්ඩසුභගවනදෙවසාලවනාදීනි වනානියෙව වනචෙතියානි. රුක්ඛචෙතියානීති ගාමනිගමාදිද්වාරෙසු පූජනීයරුක්ඛායෙව රුක්ඛචෙතියානි. ලොකියා හි දිබ්බාධිවත්ථාති වා මඤ්ඤමානා තෙසුයෙව වා දිබ්බසඤ්ඤිනො හුත්වා ආරාමවනරුක්ඛෙ චිත්තීකරොන්ති, පූජෙන්ති, තෙන තෙ සබ්බෙපි චෙතියානීති වුච්චන්ති. භිංසනකානීති භයජනකානි, පස්සතොපි සුණතොපි භයං ජනෙන්ති. සලොමහංසානීති සහෙව ලොමහංසෙන වත්තන්ති, පවිසමානස්සෙව ලොමහංසජනනතො.
තථාරූපාසු, එබඳු වූ, අරාම චෙතියානි පුෂ්පාරාම, ඵලාරාම ආදි ආරාමයෝම ආරාමචෙතිය නම් වෙති. (චිත්ති කතට්ඨෙන) විසිතුරු කරන ලද්දේය යන අරුතින් චෙතිය යයි කියනු ලබත්. පූජනීය අර්ථයෙන් ද එසේ කියන ලද වෙයි. වනචෙතියානි බලිහරණය කරන වනලැහැබ්, සුභගවන, දේවශාලවනාදීහු වනයෝම වන චෙතියයෝ වෙති. රුක්ඛචෙතියානි ගම් නියම්ගම්වල ද්වාරයන්හි වූ පිදිය යුතු වෘක්ෂයෝම ‘රුක්ඛචෙතිය’ නම් වෙති. ලෝවැසියෝ දෙවියන් විසින් අරක් ගන්නා ලද්දාහු යයි සිතමින් හෝ ඒ ආරාමාදීන් කෙරෙහිම දෙවියනැයි යන සංඥා ඇතිව ආරාම වන, වෘක්ෂයන්, සලකති. පුදති. එහෙයින් ඒ සියල්ලෝම ‘චෙතිය’ යයි කියනු ලැබෙත්. භිංසනකානි යනු භය උපදවන්නා වූ දැකීමෙන් ද ඇසීමෙන් ද භය උපදවත්. සලොමහංසානි යනුවෙන් පිවිසෙන කල්හිම රොමෝද්ගමය උපදවන හෙයින්, රෝමෝද්ගමය සමග පවතිත්.
අප්පෙව නාම පස්සෙය්යන්ති අපි නාම තං භයභෙරවං පස්සෙය්යමෙව. අපරෙන සමයෙනාති, “එතදහොසි යංනූනාහ”න්ති එවං චින්තිතකාලතො පට්ඨාය අඤ්ඤෙන කාලෙන.
අප්පෙව නාම පස්සෙය්යං එම භය හා භයානක අරමුණු දන්නේ නම් ඉතා මැනවයි. අපරෙන සමයෙන ‘එතදහොසි යන්නුනාහං’ යයි සිතන කාලයෙන් අන්‍ය කාලයෙක්හි.
තත්ථ ච මෙ බ්‍රාහ්මණ විහරතොති තථාරූපෙසු සෙනාසනෙසු යං යං මනුස්සානං ආයාචනඋපහාරකරණාරහං යක්ඛට්ඨානං පුප්ඵධූපමංසරුහිරවසාමෙදපිහකපප්ඵාසසුරාමෙරයාදීහි ඔකිණ්ණකිලින්නධරණිතලං එකනිපාතං විය යක්ඛරක්ඛසපිසාචානං, යං දිවාපි පස්සන්තානං හදයං මඤ්ඤෙ ඵලති, තං ඨානං සන්ධායාහ “තත්ථ ච මෙ, බ්‍රාහ්මණ, විහරතො”ති. මගො වා ආගච්ඡතීති සිඞ්ගානි වා ඛුරානි වා කොට්ටෙන්තො ගොකණ්ණඛග්ගදීපිවරාහාදිභෙදො මගො වා ආගච්ඡති, සබ්බචතුප්පදානඤ්හි ඉධ මගොති නාමං. කත්ථචි පන කාළසිඞ්ගාලොපි වුච්චති. යථාහ –
තත්ථ ච මෙ බ්‍රාහ්මණ විහරතො යනු එවැනි සෙනසුන්වල (කෙබඳු සෙනසුන්ද යත්) යම් යම් තැනක් මිනිසුන්ගේ යැදීම්වල පුදකිරීම්වලට යෝග්‍ය වූ යක්ෂ අධිගෘහිත ස්ථානයක් වේද, මල් දුම්, මස්, ලේ, චුරුණුතෙල්, මේද බඩදිව, පපු ආදියෙන් (ඒවා) විසුරුවීමෙන් තෙත් වූ පොලෝ ඇත්තේ ද, යක්ෂ-රාක්ෂස පිසාච ආදීන්ගේ අසහාය පැන්හලක් මෙන් වූයේ ද, යම්තැනක් දවල් කාලයෙහිදු දක්නවුන්ගේ ළය පලන්නාක් මෙන් වේද, ඒ ස්ථාන සඳහා කීහ. තත්ථ ච මෙ බ්‍රාහ්මණ විහරතො, යයි ද, මගො වා ආගච්ඡති අං හෝ කුර හප්පවමින්, ගෝණ, කඟවේණ, දිව, හුරු ආදි ප්රභේදයන්ට අයත් මෘගයෙක් හෝ එයි. සියලු සිවුපාවුන්ටම මෙහි මග යනු නමකි. කිසිතැනක කාණසිගාලද (මග යයි) කියනු ලැබේ. එහෙයින් කියන ලදී.
“උසභස්සෙව තෙ ඛන්ධො, සීහස්සෙව විජම්භිතං; මගරාජ නමො ත්යත්ථු, අපි කිඤ්චි ලභාමසෙ”ති. (ජා· 1.3.133);
උසභස්සෙව තෙ ඛන්ධො - සීහස්සෙව විජම්භිතං මිගරාජ නමොත්යත්ථු අපිකිඤ්චි ලභාමසෙ
(ඔබගේ ස්කන්ධය, වෘෂභයෙකුගේ මෙනි. නාදකිරීම සිංහයෙකුගේ මෙනි. මාගරාජය, ඔබට නමස්කාර වේවා. කිසිවක් ලබන්නෙමු නම් මැනවි.)
මොරො වා කට්ඨං පාතෙතීති මොරො වා සුක්ඛකට්ඨං රුක්ඛතො චාලෙත්වා පාතෙති. මොරග්ගහණෙන ච ඉධ සබ්බපක්ඛිග්ගහණං අධිප්පෙතං, තෙන යො කොචි පක්ඛීති වුත්තං හොති. අථ වා මොරො වාති වා සද්දෙන අඤ්ඤො වා කොචි පක්ඛීති. එස නයො පුරිමෙ මගග්ගහණෙපි. වාතො වා පණ්ණකසටං එරෙතීති වාතො වා පණ්ණකචවරං ඝට්ටෙති. එතං නූන තං භයභෙරවං ආගච්ඡතීති යමෙතං ආගච්ඡති, තං භයභෙරවං නූනාති. ඉතො පභුති ච ආරම්මණමෙව භයභෙරවන්ති වෙදිතබ්බං. පරිත්තස්ස ච අධිමත්තස්ස ච භයස්ස ආරම්මණත්තා සුඛාරම්මණං රූපං සුඛමිව.
මොරොවා කට්ඨං පාතෙති මොණරෙක් හෝ වියලි දරකඩක් ගසකින් හෙලයි. මෝර ශබ්දය ගැනීමෙන් මෙහි සියලුම පක්ෂීන් ගැනීම අදහස් කරන ලදී. එයින් යම්කිසි පක්ෂියෙකැයි කියන ලද්දේ වෙයි. නැතහොත් මොරො වා යන මෙහි වා ශබ්දයෙන් අන්කිසි පක්ෂියෙක් හෝ යයි කියන ලදී. මෙම ක්‍රමයයි. කලින් මග ශබ්දයාගේ ද ගැනීමෙන්, වාතොවා පණ්ණසමං ඵරෙති. වාතය හෝ (වියලි) පරඬලා හප්පවයි. එතං නුන තං භයභෙරවං ආගචඡති යනුවෙන් මේ යමක් පැමිණේ ද, ඒකාන්ත වශයෙන් එය භයානක අරමුණකි. මෙතැන් පටන් ද අරමුණම ‘භයභෙරව’ යයි දතයුතුයි. ස්වල්ප වූ ද විශාල වූ ද භයම අරමුණු වන හෙයිනි. සැප අරමුණු කොට ඇති රූපය සැපය මෙනි.
කිං නු ඛො අහං අඤ්ඤදත්ථු භයපටිකඞ්ඛී විහරාමීති අහං ඛො කිං කාරණං එකංසෙනෙව භයං ආකඞ්ඛමානො ඉච්ඡමානො හුත්වා විහරාමි.
කින්නු ඛො අහං අඤ්ඤදත්ථු භය පාටිකංඛී විහරාමි කුමක් නිසා මම ඒකාන්තයෙන් එය කැමැත්තෙම් වාසය කෙරෙම්ද?
යථාභූතං යථාභූතස්සාති යෙන යෙන ඉරියාපථෙන භූතස්ස භවිතස්ස සතො වත්තමානස්ස සමඞ්ගීභූතස්ස වා. මෙති මම සන්තිකෙ. තථාභූතං තථාභූතො වාති තෙන තෙනෙව ඉරියාපථෙන භූතො භවිතො සන්තො වත්තමානො සමඞ්ගීභූතො වාති අත්ථො.
යථභූත යථාභූතස්ස යම් යම් ඉරියව්වෙන් යුක්ත වූයේ පවත්වන්නෙම්, සමන්විත වූයෙම් හෝ යන අර්ථයි. මෙ යනු මා සමීපයේ තථාභූත තථාභූතොව යනු ඒ ඒ ඉරියව්වෙන්ම සිටියෙම් පවත්වන්නෙම් සමන්විත වූයෙම් හෝ යන අර්ථයි.
සො ඛො අහං…පෙ… පටිවිනෙමීති බොධිසත්තස්ස කිර චඞ්කමන්තස්ස තස්මිං මගසිඞ්ගඛුරසද්දාදිභෙදෙ භයභෙරවාරම්මණෙ ආගතෙ නෙව මහාසත්තො තිට්ඨති, න නිසීදති න සයති, අථ ඛො චඞ්කමන්තොව පරිවීමංසන්තො පරිවිචිනන්තො භයභෙරවං න පස්සති, මගසිඞ්ගඛුරසද්දාදිමත්තමෙව චෙතං හොති, සො තං ඤත්වා ඉදං නාමෙතං, න භයභෙරවන්ති තතො තිට්ඨති වා නිසීදති වා සයති වා. එතමත්ථං දස්සෙන්තො “සො ඛො අහ”න්තිආදිමාහ. එස නයො සබ්බපෙය්යාලෙසු.
සො ඛො අහං -පෙ- පටිවිනෙමි යනු සක්මන් කරන්නා වූ බෝසත් හට, එහි මුවන්ගේ අංකුර ආදීන්ගේ ශබ්ද භේද ඇති භය අරමුණු පැමිණි කල්හි බෝසත් තෙම නොම සිටියි. නොම හිඳියි. නොනිදයි. සක්මන් කරමින්ම හාත්පසින් විමසන්නේ හාත්පසින් සොයන්නේ භයභේරවයන් නොද දකී. එය මුවන්ගේ අංකුර ශබ්දාදීන්ගේ අරමුණු මාත්‍රයක්ම වෙයි. හෙතෙම ඒ දැන තෙල මෙය නම් භය අරමුණක් නොවේයයි අනතුරුව සිටියි හෝ හිඳියි හෝ ශයනය හෝ කෙරෙයි. මේ අර්ථය දක්වන්නාහු යො ඛො අහං යනාදිය වදාළහ. සියලු තන්හිද පෙය්යාල මගින් දැක්වූ තැන්වල ද මෙම ක්‍රමයමැයි.
ඉතො පරඤ්ච ඉරියාපථපටිපාටියා අවත්වා ආසන්නපටිපාටියා ඉරියාපථා වුත්තාති වෙදිතබ්බා, චඞ්කමන්තස්ස හි භයභෙරවෙ ආගතෙ න ඨිතො න නිසින්නො න නිපන්නො ඨිතස්සාපි ආගතෙ න චඞ්කමීති එවං තස්ස ආසන්නපටිපාටියා වුත්තාති.
මින් මත්තෙහි ඉරියව්-පිළිවෙලින් නොකියා ආසන්න පටිපාටියෙන් ඉරියව් කියන ලද්දාහු යයි දත යුතුයැ. ඒ එසේමැයි සක්මන් කරන්නට භයභේරව පැමිණි කල්හි, නොසිටියේ නොහුන්නේ නොනිදා ගත්තේ මෙසේ සිටියහුට ද සක්මන් නොකළේ යයි මෙසේ ඒ ඒ ඉරියව්වට ආසන්න පරිපාටියෙන් කියන ලද්දාහු යයි
භයභෙරවසෙනාසනාදිවණ්ණනා නිට්ඨිතා.
අසම්මොහවිහාරවණ්ණනා
නොමුලා විහරණ
එවං භිංසනකෙසුපි ඨානෙසු අත්තනො භයභෙරවාභාවං දස්සෙත්වා ඉදානි ඣායීනං සම්මොහට්ඨානෙසු අත්තනො අසම්මොහවිහාරං දස්සෙතුං සන්ති ඛො පන, බ්රාහ්මණාතිආදිමාහ.
මෙසේ භයජනක වූ ද ස්ථානයන්හි තමනට භය හා භයානක අරමුණු නැති බව දක්වා අනතුරුව ධ්‍යානලාභීන් මුලාවට පත්වූ කල්හි තමන් වහන්සේගේ නොමුලා විහරණ දක්වනට සන්ති ඛො පන බ්රාහ්මණා යන ආදිය වදාළහ.
තත්ථ සන්තීති අත්ථි සංවිජ්ජන්ති උපලබ්භන්ති. රත්තිංයෙව සමානන්ති රත්තිංයෙව සන්තං, දිවාති සඤ්ජානන්තීති “දිවසො අය”න්ති සඤ්ජානන්ති. දිවායෙව සමානන්ති දිවසංයෙව සන්තං. රත්තීති සඤ්ජානන්තීති “රත්ති අය”න්ති සඤ්ජානන්ති. කස්මා පනෙතෙ එවංසඤ්ඤිනො හොන්තීති. වුට්ඨානකොසල්ලාභාවතො වා සකුණරුතතො වා.
එහි සන්ති යනු ඇත්තාහුය. විද්‍යාමාන වෙත්. ලැබෙත්. රත්තිං යෙව සමානං රාත්‍රී කාලයම ඇත්තේ, දිවාති සඤ්ජානන්ති. මේ දවාල යයි හඳුනත්. දිවායෙව සමානං දිවා කාලයම ඇත්තේ රත්තීති සඤ්ජානන්ති රාත්‍රිය යයි හඳුනත්, කුමක් හෙයින් මොවුහු මෙබඳු සංඥා ඇත්තාහු වෙත්ද, යත් කුමක් හෙයින් මොහු මෙබඳු සංඥා ඇත්තාහු වෙත් ද යත්, උට්ඨාන කෞශල්‍යය නොමැති බැවින් හෝ පක්ෂීන්ගේ නාදයෙන් හෝ යි.
කථං? ඉධෙකච්චො ඔදාතකසිණලාභී දිවා පරිකම්මං කත්වා දිවා සමාපන්නො දිවායෙව වුට්ඨහාමීති මනසිකාරං උප්පාදෙති, නො ච ඛො අද්ධානපරිච්ඡෙදෙ කුසලො හොති. සො දිවසං අතික්කමිත්වා රත්තිභාගෙ වුට්ඨාති. ඔදාතකසිණඵරණවසෙන චස්ස විසදං හොති විභූතං සුවිභූතං. සො, දිවා වුට්ඨහාමීති උප්පාදිතමනසිකාරතාය ඔදාතකසිණඵරණවිසදවිභූතතාය ච රත්තිංයෙව සමානං දිවාති සඤ්ජානාති.
කෙසේද? මෙලොව කෙනෙක් ඕදාත කසිණ ලාභී වූයේ දවල් කාලයෙහි පරිකර්ම භාවනාකොට දවල්ම කසිණ සමවතට නැගුනේ, දවල්ම එයින් නැගිටිමි යන සිත ඉපිදවිය. එතකුදු වුවත් කල් පිරිසිඳ දැනීමෙහි හොඳ දක්ෂ විය. හෙතෙම දවල් කාලය ඉක්මවා රාත්‍රී කාලයෙහි නැගී සිටියි. එසේ වුවත් ඔදාත කසිණයාගේ පැතිරීම ඔහුට නිර්මලව ප්‍රකට වෙයි. අතිශයින් ප්‍රකට වෙයි. හෙතෙම දවල නැගිටිමියි උපදවන ලද මනස්කාර ඇති බැවින්ද, ඔදාත කසිණය පැතිරිම නිසා නිර්මලව ප්‍රකට වූ බැවින් ද, රාත්‍රියම දහවල් යයි දැනගනී.
ඉධ පනෙකච්චො නීලකසිණලාභී රත්තිං පරිකම්මං කත්වා රත්තිං සමාපන්නො රත්තිංයෙව වුට්ඨහාමීති මනසිකාරං උප්පාදෙති, නො ච ඛො අද්ධානපරිච්ඡෙදෙ කුසලො හොති. සො රත්තිං අතික්කමිත්වා දිවසභාගෙ වුට්ඨාති. නීලකසිණඵරණවසෙන චස්ස අවිසදං හොති අවිභූතං. සො රත්තිං වුට්ඨහාමීති උප්පාදිතමනසිකාරතාය නීලකසිණඵරණාවිසදාවිභූතතාය ච දිවායෙව සමානං රත්තීති සඤ්ජානාති. එවං තාව වුට්ඨානකොසල්ලාභාවතො එවංසඤ්ඤිනො හොන්ති.
මෙලොව කෙනෙක් නීල කසිණ ලාභි වූයේ රාත්‍රියෙහි පිරියම්කොට රාත්‍රියෙහි සමවතට සමවැදුනේ රාත්‍රියෙහි නැගී සිටිමියි සිතිවිලි උපදවයි. එතකුදු වුවත් හේ කාලපරිච්ඡේද දැනීමෙහි දක්ෂ නොවූයේය. හෙතෙමේ රාත්‍රිය ඉක්මවා දවල් කාලයෙහිම නැගී සිටියි. එසේ වුවත් ඔහුට නීල කසිණයාගේ පැතිරීම නිසා ඕහට පැහැදිලි නොවෙයි. අප්‍රකට වෙයි. හෙතෙම රාත්‍රියෙහි නැගිටිමියි, උපදවන ලද සිතිවිලි ඇති බැවින් ද නීල කසිණයාගේ ඵරණය (පැතිරීම) නිසා පැහැදිලි නොවූ, අප්‍රකට වූ බැවින් ද දහවල්ම රාත්‍රිය යයි දැනගනී. මෙසේ පළමුකොට ධ්‍යානයන් පිළිබඳ උට්ඨාන කුසලතාව නැති බැවින් මෙවන් සංඥා ඇත්තෝ වෙති.
සකුණරුතතො පන ඉධෙකච්චො අන්තොසෙනාසනෙ නිසින්නො හොති. අථ දිවා රවනකසකුණා කාකාදයො චන්දාලොකෙන දිවාති මඤ්ඤමානා රත්තිං රවන්ති, අඤ්ඤෙහි වා කාරණෙහි. සො තෙසං සද්දං සුත්වා රත්තිංයෙව සමානං දිවාති සඤ්ජානාති. ඉධ පනෙකච්චො පබ්බතන්තරෙ ගම්භීරාය ඝනවනප්පටිච්ඡන්නාය ගිරිගුහාය සත්තාහවද්දලිකාය වත්තමානාය අන්තරහිතසූරියාලොකෙ කාලෙ නිසින්නො හොති. අථ රත්තිං රවනකසකුණා උලූකාදයො මජ්ඣන්හිකසමයෙපි තත්ථ තත්ථ සමන්ධකාරෙ නිලීනා රත්තිසඤ්ඤාය වා අඤ්ඤෙහි වා කාරණෙහි රවන්ති. සො තෙසං සද්දං සුත්වා දිවායෙව සමානං රත්තීති සඤ්ජානාති. එවං සකුණරුතතො එවංසඤ්ඤිනො හොන්තීති.
පක්ෂි නාදයෙන් ද ඇතැම් කෙනෙක් මෙහි සෙනසුන ඇතුළත සිටියේම (මෙවන් වැරදි සංඥා ඇතිවේ. දිවා කාලයෙහි නාද කරන කපුටු ආදි පක්ෂීහු චන්ද්රාලෝකය හේතුවෙන් රාත්‍රිය දවල් යයි හඟිමින් රාත්‍රී කාලයේ නාද කරති. වෙනත් හේතූන් නිසාද නාද කරති. හෙතෙම මෙම ශබ්ද අසා රාත්‍රී කාලය වූයේම දිවාකාලය යයි දැනගනිති. මෙහි ඇතැම් කෙනෙක් ගල් පර්වත අතරෙහි ඝන වනයෙන් වැසුනු ගල්ගුහාවෙක්හි සත්තාහවද්දලිකා හත් දා වැසි පවත්නා කල්හි අතුරුදහන් වූ හිරුඑළිය ඇති කල්හි හුන්නේ වෙයි. එකල්හි රාත්‍රී කාලයෙහි හඬන මහමුහුණු ආදි පක්ෂීහු මධ්‍යාහ්න කාලයෙහි ද, ඒ ඒ තන්හි සම වූ අන්ධකාරයෙහි සැඟවුනාහු රාත්‍රී සංඥාවෙන් හෝ අන් කරුණුවලින් හෝ හඬත්. හෙතෙම ඔවුන්ගේ ශබ්ද අසා දවල් කාලයම වූයේ රාත්‍රිය යයි දැන ගනී. මෙසේ පක්ෂීන්ගේ නාදයෙන් මෙබඳු සංඥා ඇත්තාහු වෙත් යයි.
ඉදමහන්ති ඉදං අහං එවං සඤ්ජානනං. සම්මොහවිහාරස්මිං වදාමීති සම්මොහවිහාරපරියාපන්නං අන්තොගධං, සම්මොහවිහාරානං අඤ්ඤතරං වදාමීති වුත්තං හොති.
ඉදමහං (ඉදං+අහං) මේ මම මෙසේ දැන ගැනීම සම්මොහ විහාරස්මිං වදාමි යනු මේ ඒ මහණ බමුණන්ගේ මුලා වී විසීමකැයි මම කියමි.
අහං ඛො පන බ්‍රාහ්මණ…පෙ… සඤ්ජානාමීති පාකටො බොධිසත්තස්ස රත්තින්දිවපරිච්ඡෙදො සත්තාහවද්දලෙපි චන්දිමසූරියෙසු අදිස්සමානෙසුපි ජානාතියෙව “එත්තකං පුරෙභත්තකාලො ගතො, එත්තකං පච්ඡාභත්තකාලො, එත්තකං පඨමයාමො, එත්තකං මජ්ඣිමයාමො, එත්තකං පච්ඡිමයාමො”ති, තස්මා එවමාහ. අනච්ඡරියඤ්චෙතං යං පූරිතපාරමී බොධිසත්තො එවං ජානාති. පදෙසඤාණෙ ඨිතානං සාවකානම්පි හි රත්තින්දිවපරිච්ඡෙදො පාකටො හොති.
අහං ඛො පන බ්‍රාහමණ -පෙ- සඤ්ජානාමි යනු බෝධිසත්ත්වයන් වහන්සේට රෑ දවල පිරිසිඳ දැනගැනීම ප්රකටය. සත්තාහ වද්දලිකා (හත්-දා-වැසි) ඇති කල්හිදු සඳ හිරු නොපෙනෙන කල්හිදු මෙතෙක් පෙරබත් කාලය පසුවී ගියේය. මෙතෙක් මැදියම් කාලය ගියේය. මෙතෙක් පසුබත් කාලය ගියේ යයි දැනගැනීමයි. එසේ හෙයින් මෙසේ වදාළහ. පුරන ලද පෙරුම් ඇති බෝසත් තෙම මෙසේ දැනගනී යන යමක් ඇද්ද, මෙය පුදුමයට කරුණක් නොවෙයි. යම් හෙයකින් ප්‍රදේශ ඤාණයෙහි පිහිටි ශ්රාවකයන්ටද දිවා රාත්‍රී දෙක වෙන්කොට දැනීම ප්‍රකට වූ හෙයිනි.
ගෝදත්ත තෙර වත
කල්යාණියමහාවිහාරෙ කිර ගොදත්තත්ථෙරො ද්වඞ්ගුලකාලෙ භත්තං ගහෙත්වා අඞ්ගුලකාලෙ භුඤ්ජති. සූරියෙ අදිස්සමානෙපි පාතොයෙව සෙනාසනං පවිසිත්වා තාය වෙලාය නික්ඛමති. එකදිවසං ආරාමිකා “ස්වෙ ථෙරස්ස නික්ඛමනකාලෙ පස්සාමා”ති භත්තං සම්පාදෙත්වා කාලත්ථම්භමූලෙ නිසීදිංසු. ථෙරො ද්වඞ්ගුලකාලෙයෙව නික්ඛමති. තතො පභුති කිර සූරියෙ අදිස්සමානෙපි ථෙරස්ස නික්ඛමනසඤ්ඤාය එව භෙරිං ආකොටෙන්ති.
කැළණි මහවෙහෙර විසූ ගෝදත්ත තෙර හිරමුදුන් වීමට අගල් දෙකක් තිබියදී පිණ්ඩපාතය පිළිගෙන හිරමුදුන් වීමට අගලක් තිබියදී වළඳයි. හිරු නොපෙනෙන දවස්වලද, උදෑසනින්ම සෙනසුනට පිවිස එම වේලාවටම පිඬු පිණිස නික්ම යති. එක් දිනක් ආරාමිකයෝ හෙට තෙරුන් වහන්සේ නික්මෙන වේලාව බලන්නෙමු යයි බත් සපයා වේලාව බලාගන්නා වූ (කාලත්ථම්හ මූලෙ) කණුව මුල හුන්නාහුය. එතැන් පටන් හිරු නොපෙනෙන දවස්හිදු තෙරුන් වහන්සේගේ නික්මීම නිමිතිකොට කාලය දනවන බෙරය ගැසූහ.
කාළදේව තෙර වත
අජගරවිහාරෙපි කාළදෙවත්ථෙරො අන්තොවස්සෙ යාමගණ්ඩිකං පහරති, ආචිණ්ණමෙතං ථෙරස්ස. න ච යාමයන්තනාළිකං පයොජෙති, අඤ්ඤෙ භික්ඛූ පයොජෙන්ති. අථ නික්ඛන්තෙ පඨමෙ යාමෙ ථෙරෙ මුග්ගරං ගහෙත්වා ඨිතමත්තෙයෙව එකං ද්වෙ වාරෙ පහරන්තෙයෙව වා යාමයන්තං පතති, එවං තීසු යාමෙසු සමණධම්මං කත්වා ථෙරො පාතොයෙව ගාමං පවිසිත්වා පිණ්ඩපාතං ආදාය විහාරං ආගන්ත්වා භොජනවෙලාය පත්තං ගහෙත්වා දිවා විහාරට්ඨානං ගන්ත්වා සමණධම්මං කරොති. භික්ඛූ කාලත්ථම්භං දිස්වා ථෙරස්ස අදිස්වා ආගමනත්ථාය පෙසෙන්ති. සො භික්ඛු ථෙරං දිවා විහාරට්ඨානා නික්ඛමන්තමෙව වා අන්තරාමග්ගෙ වා පස්සති. එවං පදෙසඤාණෙ ඨිතානං සාවකානම්පි රත්තින්දිවපරිච්ඡෙදො පාකටො හොති, කිමඞ්ගං පන බොධිසත්තානන්ති.
වජගරගිරි වෙහෙර වැසි කාළදේව තෙර වස්කාලය තුළ යාමගණ්ඩිකය. ගසන සේක. මෙය තෙරුන් වහන්සේ පුරුදු කරන ලද්දේය. යාමත්රය නාලිකාව (යාමය දැන ගන්නා පා තැටිය) නොම යොදති. අන්‍ය භික්ෂූහු යොදති. එකල පෙරයම නික්මුණු කල්හි තෙරුන් මුගුරක් ගෙන සිටි කල්හිම, හෝ එක්වරක් දෙවරක් ගසන කල්හිම යාම යන්ත්‍රය වැටෙයි. මෙසේ තුන් යාමෙහි මහණදම් කොට තෙරණුවෝ උදෑසනම ගමට පිවිස පිණ්ඩපාතය ගෙන වෙහෙරට අවුත් භෝජන ශාලාවෙහි පාත්‍රය තබා දිවා විහරණය කරන තැනට ගොස් මහණදම් කරති. භික්ෂූහු කාලස්ථම්භය දැක තෙරුන් කැඳවීම පිණිස කෙනෙකු යවති. ඒ ගිය මහණ තෙම එම තෙරුන් එම වාසය කළ තැනින් නික්මෙන්නාහු හෝ අතරමග හෝ දකී. මෙසේ ප්‍රදේශ ඤාණයෙන් යුතු ශ්‍රාවකයෝ පවා රෑ දවල් පිරිසිඳ දැනීම ප්රකටව සිටියාහු වෙති. බෝසතුන් පිළිබඳ කියනුම කවරේද?
යං ඛො තං බ්‍රාහ්මණ…පෙ… වදෙය්යාති එත්ථ පන “යං ඛො තං, බ්‍රාහ්මණ, අසම්මොහධම්මො සත්තො ලොකෙ උප්පන්නො…පෙ… සුඛාය දෙවමනුස්සාන”න්ති වචනං වදමානො කොචි සම්මා වදෙය්ය, සම්මා වදමානො සියා, න විතථවාදී අස්ස. මමෙව තං වචනං වදමානො සම්මා වදෙය්ය, සම්මා වදමානො සියා, න විතථවාදී අස්සාති එවං පදසම්බන්ධො වෙදිතබ්බො.
යං ඛො තං -පෙ- වදෙය්ය යන මෙහි බමුණ, යමෙක් උදෙසා අසම්මොහ ධම්මො සත්තො ලොකෙ උප්පන්නො -පෙ- සුබාය දෙවමනුස්සානං යන වචනය කියන්නා වූ, කිසිවෙක් මනාකොට කියන්නේ නම් මනාකොට කියන්නේ වේද, බොරු නොකියන සුලුවූයේ වේයි, මෙසේ පද සම්බන්ධය දතයුතු වන්නේය.
තත්ථ අසම්මොහධම්මොති අසම්මොහසභාවො. ලොකෙති මනුස්සලොකෙ. බහුජනහිතායාති බහුජනස්ස හිතත්ථාය, පඤ්ඤාසම්පත්තියා දිට්ඨධම්මිකසම්පරායිකහිතූපදෙසකොති. බහුජනසුඛායාති බහුජනස්ස සුඛත්ථාය, චාගසම්පත්තියා උපකරණසුඛස්ස දායකොති. ලොකානුකම්පායාති ලොකස්ස අනුකම්පත්ථාය, මෙත්තාකරුණාසම්පත්තියා මාතාපිතරො විය ලොකස්ස රක්ඛිතා ගොපයිතාති. අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති ඉධ දෙවමනුස්සග්ගහණෙන ච භබ්බපුග්ගලවෙනෙය්යසත්තෙයෙව ගහෙත්වා තෙසං නිබ්බානමග්ගඵලාධිගමාය අත්තනො උප්පත්තිං දස්සෙතීති වෙදිතබ්බො. අත්ථායාති හි වුත්තෙ පරමත්ථත්ථාය නිබ්බානායාති වුත්තං හොති. හිතායාති වුත්තෙ තං සම්පාපකමග්ගත්ථායාති වුත්තං හොති, නිබ්බානසම්පාපකමග්ගතො හි උත්තරි හිතං නාම නත්ථි. සුඛායාති වුත්තෙ ඵලසමාපත්තිසුඛත්ථායාති වුත්තං හොති, තතො උත්තරි සුඛාභාවතො. වුත්තඤ්චෙතං “අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකො”ති (දී· නි· 3.355; අ· නි· 5.27; විභ· 804).
එහි අසම්මොහ ධම්මො, නොමුලාවන ස්වභාව ඇත්තේ, ලොකෙ මිනිස් ලොවැ බහුජනහිතාය, ප්‍රඥා සම්පත්තියෙන් දිට්ඨධම්මික - සම්පරායික - හිතෝපදේශක වශයෙන් බොහෝ දෙනාට හිත පිණිස, බහුජනසුඛාය, ත්‍යාග සම්පත්තියෙන් උපකරණ, සුඛ දෙන්නේනුයි, බොහෝ දෙනාට සැප පිණිස වූ. අත්ථාය හිතාය සුඛාය, දෙවමනුස්සානං යන මෙහි දෙව මනුස්ස ග්රහණයෙන් භව්‍ය පුද්ගලයන් වූ වෛනෙය්‍ය සත්ත්වයන්ම ගෙන ඔවුන්ගේ නිවන්මග ඵලාධිගමය පිණිස තමන් වහන්සේගේ උත්පත්තිය දක්වන සේකැයි දතයුතුයැ. හිතාය යයි කී කල්හි ඊට පමුණුවන මාර්ගය පිණිස යයි කියන ලද්දේ වෙයි. නිවනට පමුණුවන මාර්ගයෙන් මත්තෙහි සැපයක් හිතයන් නැද්ද, එහෙයින් කියන ලද සුඛාය, යනුවෙන් කී කල්හි ඵල සමවත් සැප පිණිස යයි කියන ලද්දේ විය. ඉන් මත්තෙහි සැපයක් නැති බැවින් මෙසේ කියන ලදී. අයං සමාධි පච්චුප්පන්න. සුඛො චෙව, ආයතිඤ්ච සුඛවිපාකො යයි
අසම්මොහවිහාරවණ්ණනා නිට්ඨිතා.
පුබ්බභාගපටිපදාදිවණ්ණනා
පූර්වභාග ප්‍රතිපදාව
එවං භගවා බුද්ධගුණපටිලාභාවසානං අත්තනො අසම්මොහවිහාරං බ්රාහ්මණස්ස දස්සෙත්වා ඉදානි යාය පටිපදාය තං කොටිප්පත්තං අසම්මොහවිහාරං අධිගතො, තං පුබ්බභාගතො පභුති දස්සෙතුං ආරද්ධං ඛො පන මෙ බ්රාහ්මණාතිආදිමාහ.
මෙසේ බුදුරදහු බුදුගුණ ප්‍රතිලාභය අවසන්කොට, තමන් වහන්සේගේ නොමුලා විහරණය බමුණා හට දක්වා, මෙවිට යම් ප්‍රතිපදාවකින් ඒ කෙළවරට පත් වූ අසම්මෝහ විහරණයට පැමිණියේ ද එම ප්‍රතිපදාවෙහි පූර්වභාගය පටන් දක්වන්නට ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ යනාදිය වදාළහ.
කෙචි පනාහු “ඉමං අසම්මොහවිහාරං සුත්වා බ්රාහ්මණස්ස චිත්තමෙවං උප්පන්නං ‘කාය නු ඛො පටිපදාය ඉමං පත්තො’ති, තස්ස චිත්තමඤ්ඤාය ඉමායාහං පටිපදාය ඉමං උත්තමං අසම්මොහවිහාරං පත්තොති දස්සෙන්තො එවමාහා”ති.
(කෙචිපනාහු) කිසිවෙක් වනාහි මෙසේ කියති. මෙම නොමුලා විහරණය අසා බමුණාට මෙබඳු සිතක් උපන්නේය. කිනම් ප්‍රතිපදාවකින් මෙයට පැමිණියේ දැයි කියා ඔහුගේ එම සිත දැන, මම මෙම පටිපදාවෙන් මේ උතුම් වූ නොමුලා වූ සිහි ඇති බවට පැමිණියෙමියි දක්වන්නේ මෙසේ වදාළහ යි.
තත්ථ ආරද්ධං ඛො පන මෙ, බ්‍රාහ්මණ, වීරියං අහොසීති, බ්‍රාහ්මණ, න මයා අයං උත්තමො අසම්මොහවිහාරො කුසීතෙන මුට්ඨස්සතිනා සාරද්ධකායෙන වික්ඛිත්තචිත්තෙන වා අධිගතො, අපිච ඛො තදධිගමාය ආරද්ධං ඛො පන මෙ වීරියං අහොසි, බොධිමණ්ඩෙ නිසින්නෙන මයා චතුරඞ්ගවීරියං ආරද්ධං අහොසි, පග්ගහිතං අසිථිලප්පවත්තිතන්ති වුත්තං හොති. ආරද්ධත්තායෙව ච මෙතං අසල්ලීනං අහොසි.
තත්ථ ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ විරියං අහොසි යනුවෙන්, බමුණ මම මේ අසම්මෝහ විහරණය තෙම, කුසීත වූ මුලා වූ සිහි ඇති, කාලදරථ ඇති විසුරුණු සිත් ඇති හෝ මා විසින් නො ලබන ලද්දේ ය. නමුත් මා විසින් එයට පැමිණීම පිණිස, පටන් ගන්නා ලද වෙර ඇත්තේ විය. බෝමැඩ සමීපයෙහි හුන් මා විසින් චතුරංග වීර්ය පටන්ගන්නා ලද්දේ, දැඩිකොට ගන්නා ලද්දේ නොලිහිල්ව පවත්වන ලද්දේ වූයේ යයි කියන ලද්දේ විය. මවිසින් එම වීර්ය, ආරබ්ධ බැවින් නොසැඟවූනේ විය.
උපට්ඨිතා සති අසම්මුට්ඨාති න කෙවලඤ්ච වීරියමෙව, සතිපි මෙ ආරම්මණාභිමුඛීභාවෙන උපට්ඨිතා අහොසි. උපට්ඨිතත්තායෙව ච අසම්මුට්ඨා. පස්සද්ධො කායොති කායචිත්තප්පස්සද්ධිසම්භවෙන කායොපි මෙ පස්සද්ධො අහොසි. තත්ථ යස්මා නාමකායෙ පස්සද්ධෙ රූපකායොපි පස්සද්ධොයෙව හොති, තස්මා නාමකායො රූපකායොති අවිසෙසෙත්වාව පස්සද්ධො කායොති වුත්තං. අසාරද්ධොති සො ච ඛො පස්සද්ධත්තායෙව අසාරද්ධො, විගතදරථොති වුත්තං හොති.
උපට්ඨිතා සති අසම්මුට්ඨා යනුවෙන් හුදෙක් වීර්ය පමණක් නොව මගේ සිහියද, අරමුණට අභිමුඛ එළඹ සිටියේ විය. එළඹ සිටි බැවින්ම නොමුළා වූවා විය. පස්සද්ධො කායො අසාරද්ධො යනුවෙන්, කාය චිත්ත දෙදෙනාගේ පස්සද්ධි භාවයෙන් මගේ කයද සැහැල්ලු විය. එහි යම් හෙයකින් නාම කය සැහැල්ලු වූ කල්හි, රූප කයද සැහැල්ලු විය. එබැවින් නාම කායයාගේ ද රූප කායයාගේ ද විශේෂත්වයක් නොමැතිව පස්සද්ධො කායො යනුවෙන් කියන ලද්දේ විය. අසාරද්ධො, පස්සද්ධිය නිසාම පහවූ දරථ භාවමය ඇත්තේ යයි කියන ලද්දේ විය.
සමාහිතං චිත්තං එකග්ගන්ති චිත්තම්පි මෙ සම්මා ආහිතං සුට්ඨු ඨපිතං අප්පිතං විය අහොසි. සමාහිතත්තා එව ච එකග්ගං අචලං නිප්ඵන්දනන්ති, එත්තාවතා ඣානස්ස පුබ්බභාගපටිපදා කථිතා හොති.
සමාහිතං චිත්තං එකග්ගං මගේ සිතද මනාකොට පිහිටියේය. මොනවට තබන ලද්දේය. අප්පණාවට පමුණුවනු ලැබුවක් මෙන් විය. මනාකොට පිහිටුවන ලද බැවින්ම එකඟ වූයේය. අචල වූයේය. සැලීම් රහිත වූයේය. මෙතෙකින් ධ්‍යානයාගේ පූර්වභාග පටිපදාව කියන ලද්දේ විය.
ඉදානි ඉමාය පටිපදාය අධිගතං පඨමජ්ඣානං ආදිං කත්වා විජ්ජාත්තයපරියොසානං විසෙසං දස්සෙන්තො සො ඛො අහන්තිආදිමාහ.
මෙවිට මෙම ධ්‍යානයෙන් යුක්ත වූයේ, ප්‍රථමධ්‍යානය ආදිකොට ත්‍රිවිද්‍යාව අවසන්කොට ඇති විශේෂත්වය දක්වන සේක්. සො ඛො අහං යනාදිය වදාළහ.
ධ්‍යාන ධර්මයෝ
තත්ථ විවිච්චෙව කාමෙහි…පෙ… චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහාසින්ති එත්ථ තාව යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ පථවීකසිණකථායං වුත්තං. කෙවලඤ්හි තත්ථ “උපසම්පජ්ජ විහරතී”ති ආගතං, ඉධ “විහාසි”න්ති, අයමෙව විසෙසො. කිං කත්වා පන භගවා ඉමානි ඣානානි උපසම්පජ්ජ විහාසීති, කම්මට්ඨානං භාවෙත්වා. කතරං? ආනාපානස්සතිකම්මට්ඨානං.
එහි විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහාසිං පළමුකොට මෙහි යමක් කිවයුතුද ඒ සියල්ල විසුද්ධි මග්ගයෙහි පඨවි කසිණ කථාවේ දී කියන ලදී. හුදෙක් එහි උපසම්පජ්ජ විහරති යනුවෙන් ආයේය. මෙහි විහාසිං යනුවෙන් ආවේය. එපමණි වෙනස. භාග්‍යවතුන් වහන්සේ කුමක්කොට මෙම ධ්‍යානයට පැමිණි සේක්ද යත්, කම්මට්ඨාන භාවනා කොටය. කවර කම්මට්ඨාන භාවනාවක්ද යත්, ආනාපානසති කම්මට්ඨානයයි.
ඉමානි ච පන චත්තාරි ඣානානි කෙසඤ්චි චිත්තෙකග්ගතත්ථානි හොන්ති, කෙසඤ්චි විපස්සනාපාදකානි, කෙසඤ්චි අභිඤ්ඤාපාදකානි, කෙසඤ්චි නිරොධපාදකානි, කෙසඤ්චි භවොක්කමනත්ථානි. තත්ථ ඛීණාසවානං චිත්තෙකග්ගතත්ථානි හොන්ති. තෙ හි සමාපජ්ජිත්වා එකග්ගචිත්තා සුඛං දිවසං විහරිස්සාමාති ඉච්චෙවං කසිණපරිකම්මං කත්වා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙන්ති. සෙක්ඛපුථුජ්ජනානං සමාපත්තිතො වුට්ඨාය සමාහිතෙන චිත්තෙන විපස්සිස්සාමාති නිබ්බත්තෙන්තානං විපස්සනාපාදකානි හොන්ති. යෙ පන අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා අභිඤ්ඤාපාදකජ්ඣානං සමාපජ්ජිත්වා සමාපත්තිතො වුට්ඨාය “එකොපි හුත්වා බහුධා හොතී”ති (දී· නි· 1.238; පටි· ම· 1.102) වුත්තනයා අභිඤ්ඤායො පත්ථෙන්තා නිබ්බත්තෙන්ති, තෙසං අභිඤ්ඤාපාදකානි හොන්ති. යෙ පන අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා නිරොධසමාපත්තිං සමාපජ්ජිත්වා සත්තාහං අචිත්තා හුත්වා දිට්ඨෙව ධම්මෙ නිරොධං නිබ්බානං පත්වා සුඛං විහරිස්සාමාති නිබ්බත්තෙන්ති, තෙසං නිරොධපාදකානි හොන්ති. යෙ පන අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානා බ්රහ්මලොකෙ උප්පජ්ජිස්සාමාති නිබ්බත්තෙන්ති, තෙසං භවොක්කමනත්ථානි හොන්ති.
මෙම සතර ධ්‍යානයෝ කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාව පිණිස වෙති. කිසිවෙකුට විදර්ශනා පාදක වෙති. කිසිවෙකුට අභිඥා පාදක වෙති. කිසිවෙකුට නිරෝධ පාදක වෙති. කිසිවෙකුට භවයෙහි ඇවිදීම පිණිස වෙති. ඔවුන් අතුරෙන් රහතුන් වහන්සේට චිත්තෙකග්ගිතාව පිණිස වෙති. ඒ එසේමැයි. ඔවුහු සමවැද එකඟ සිත් ඇත්තාහු සැපසේ දවස ගත කරන්නෙමු යයි මෙසේ කසිණ පිරියම් කොට අට සමවත් නිපදවත්. සේඛයන්ට සහ පුහුදුන්ට සමවතින් නැගී සිට එකඟ වූ සිතින් විදර්ශනා භාවනා කරන්නෙමුයි නිපදවන්නවුනට විදර්ශනා පාදක වෙති. යමෙක් අටසමවත් නිපදවා අභිඥා පාදක ධ්‍යානයට සමවැද සමවතින් නැගීසිට එකොපි හුත්වා බහුධා හොති යයි කියන ලද නය ඇති අභිඥාවන් පතන්නාහු (ඒවා) නිපදවති. ඔවුනට අභිඥා පාදක වෙති. යම් කෙනෙක් අට සමවත් උපදවා නිරෝධ සමාපත්තියට සමවැද සතියක් අචිත්තකව සිට දිට්ඨ ධම්ම නිරොධ නම් වූ නිවනට පැමිණ සුවසේ වාසය කරන්නෙමුයි නිපදවත්ද, ඔවුනට නිරෝධ පාදක වූවාහු වෙති. යම්කෙනෙක් අට සමවත් නොපිරිහුනු ධ්‍යාන ඇත්තෝව බඹලොව උපදින්නෙමුයි නිපදවත් ද ඔවුනට භවයෙහි ඇවිදීම පිණිස වෙති.
භගවතා පනිදං චතුත්ථජ්ඣානං බොධිරුක්ඛමූලෙ නිබ්බත්තිතං, තං තස්ස විපස්සනාපාදකඤ්චෙව අහොසි අභිඤ්ඤාපාදකඤ්ච සබ්බකිච්චසාධකඤ්ච, සබ්බලොකියලොකුත්තරගුණදායකන්ති වෙදිතබ්බං.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම හතරවන ධ්‍යානය බෝරුක් මුලදී නිපදවන ලදී. එය උන්වහන්සේට විදර්ශනා පාදක විය. අභිඥා පාදකද සර්ව කෘත්‍ය සාධක ද විය. සියලු ලොවී ලොව්තුරා ගුණදායක වූයේදැයි දතයුතුය.
පුබ්බභාගපටිපදාදිවණ්ණනා නිට්ඨිතා.
පුබ්බෙනිවාසකථාවණ්ණනා
පූර්වෙනිවාස කථා
යෙසඤ්ච ගුණානං දායකං අහොසි, තෙසං එකදෙසං දස්සෙන්තො සො එවං සමාහිතෙ චිත්තෙතිආදිමාහ.
යම් ගුණ කෙනෙකුන් ලබාදුන්නේ වේද, ඔවුන් අතුරෙන් ඒකදේශයක් දක්වන සේක්, සො එවං සමාහිතෙ චිත්තෙ යනාදිය වදාළහ.
තත්ථ ද්වින්නං විජ්ජානං අනුපදවණ්ණනා චෙව භාවනානයො ච විසුද්ධිමග්ගෙ විත්ථාරිතො. කෙවලඤ්හි තත්ථ “සො එවං සමාහිතෙ චිත්තෙ…පෙ… අභිනින්නාමෙතී”ති වුත්තං, ඉධ “අභිනින්නාමෙසි”න්ති.
එහි (පුබ්බෙනිවාස-දිබ්බචක්ඛු) ද්විධ විද්‍යාවන්ගේ පදානු වර්ණනාවද, භාවනා නයද විසුද්ධි මග්ගයෙහි විස්තර වශයෙන් දක්වන ලදී. හුදෙක් එහි, සො එවං සමාහිතෙ චිත්තෙ -පෙ- අභිනින්නාමෙති යයි කියන ලදී. මෙහි අභිනින්නාමෙසිං යයි කියන ලදී.
අයං ඛො මෙ බ්රාහ්මණාති අයඤ්ච අප්පනාවාරො තත්ථ අනාගතොති අයමෙව විසෙසො. තත්ථ සොති සො අහං. අභිනින්නාමෙසින්ති අභිනීහරිං. අභිනින්නාමෙසින්ති ච වචනතො සොති එත්ථ සො අහන්ති එවමත්ථො වෙදිතබ්බො.
අයං ඛො, මෙ බ්‍රාහ්මණ යන මේ අර්පණා වාරයද එහි නොම ආයේය. මෙයම එහි විශේෂයි. එහි සො යනු ඒ මම අභිනින්නාමෙසිං, එලවීමි. අභිනින්නාමෙසිං යන වචනයෙන් ද, සො යන මෙහි ඒ මම යයි මෙසේ අර්ථය දතයුත්තේය.
යස්මා චිදං භගවතො වසෙන පුබ්බෙනිවාසානුස්සතිඤාණං ආගතං, තස්මා “සො තතො චුතො ඉධූපපන්නො”ති එත්ථ එවං යොජනා වෙදිතබ්බා. එත්ථ හි සො තතො චුතොති පටිනිවත්තන්තස්ස පච්චවෙක්ඛණං. තස්මා ඉධූපපන්නොති ඉමිස්සා ඉධූපපත්තියා අනන්තරං. අමුත්ර උදපාදින්ති තුසිතභවනං සන්ධායාහාති වෙදිතබ්බො.
තව ද යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ වශයෙන් මේ පූර්වේනිවාසානුස්මෘති ඥානය ආයේ ද, එහෙයින් සො තතො චුතො ඉධූපපන්නො යයි මෙහි මෙසේ යෝජනා දත යුත්තීය. යම් හෙයකින් මෙහි සො තතො චුතො යනු පෙරලා නවත්තන්නහුගේ ප්රත්යවේක්ෂාව වේද එහෙයින් ඉධූපපන්නො යනු මේ මෙහි උත්පත්තියට අනතුරුව (යන අර්ථයි) අමුත්ර උදපාදිං යනු තුෂිත භවනය සඳහා වදාළහයි දතයුතුය.
තත්රාපාසිං එවංනාමොති තත්රාපි තුසිතභවනෙ සෙතකෙතු නාම දෙවපුත්තො අහොසිං. එවංගොත්තොති තාහි දෙවතාහි සද්ධිං එකගොත්තො. එවංවණ්ණොති සුවණ්ණවණ්ණො. එවමාහාරොති දිබ්බසුධාහාරො. එවංසුඛදුක්ඛප්පටිසංවෙදීති එවං දිබ්බසුඛපටිසංවෙදී. දුක්ඛං පන සඞ්ඛාරදුක්ඛමත්තමෙව. එවමායුපරියන්තොති එවං සත්තපඤ්ඤාසවස්සකොටිසට්ඨිවස්සසතසහස්සායුපරියන්තො. සො තතො චුතොති සො අහං තතො තුසිතභවනතො චුතො. ඉධූපපන්නොති ඉධ මහාමායාය දෙවියා කුච්ඡිම්හි නිබ්බත්තො.
තත්රාපාසිං එවං නාමො ඒ තුෂිත දෙව්ලොව ‘සේතකේතු නම් දිව්‍යපුත්‍රයා වීමි. එවං ගොත්තො, ඒ දේවතාවුන් සමග සමාන ගෝත්‍ර - ඇත්තෙම්, එවං වණ්ණො ස්වර්ණ වර්ණ වූයෙම්, එවමාහාරො දිව්‍යමය සුධාහාර ඇත්තෙම්, එවං සුඛ දුක්ඛ පටිසංවෙදි, මෙසේ දිව්‍යමය සැප විඳිනසුළු වූයෙමි. දුක වනාහි සංස්කාරයන්ගේ දුඃඛමාත්රය මැයි. මෙසේ සත් පනස් කෙල ලක්ෂයක් අවුරුදු ආයු ඇත්තෙම් වීමි. සො තතො චුතො ඒ මම තුෂිත දෙව්ලොවින් චුත වූයෙම්, ඉධූපපන්නො මෙහි මායා දේවියගේ කුසෙහි උපන්නේ වීමි.
අයං ඛො මෙ බ්රාහ්මණාතිආදීසු මෙති මයා. විජ්ජාති විදිතකරණට්ඨෙන විජ්ජා. කිං විදිතං කරොති? පුබ්බෙනිවාසං. අවිජ්ජාති තස්සෙව පුබ්බෙනිවාසස්ස අවිදිතකරණට්ඨෙන තප්පටිච්ඡාදකො මොහො වුච්චති. තමොති ස්වෙව මොහො පටිච්ඡාදකට්ඨෙන “තමො”ති වුච්චති.
අයං ඛො මෙ බ්‍රාහ්මණ, ආදි තන්හි මෙ මා විසින් විජ්ජා යනු විදිතකරණාර්ථයෙන් (=අවබෝධ) විජ්ජා නම් කුමක් විදිත කෙරේද? පෙර විසූ ආත්ම භාවයෝය. අවිජ්ජා යනු අවිදිත (අනවබෝධ) අර්ථයෙන් අවිජ්ජා නම් වේ. එම අවබෝධ නැණ වසන මෝහයයි කියනු ලැබේ. [missing trans]
ආලොකොති සායෙව විජ්ජා ඔභාසකරණට්ඨෙන “ආලොකො”ති වුච්චති. එත්ථ ච විජ්ජා අධිගතාති අයං අත්ථො, සෙසං පසංසාවචනං. යොජනා පනෙත්ථ අයං ඛො මෙ විජ්ජා අධිගතා, තස්ස මෙ අධිගතවිජ්ජස්ස අවිජ්ජා විහතා, විනට්ඨාති අත්ථො. කස්මා? යස්මා විජ්ජා උප්පන්නා. එස නයො ඉතරස්මිම්පි පදද්වයෙ.
ආලොකො යනු ඕ විද්‍යා තොමෝම ආලෝකමත් කරන අර්ථයෙන් ආලෝකය යයි කියනු ලැබේ. මෙහි වනාහි එම විද්‍යාව අවබෝධ කළේය යන මේ අර්ථයයි. සෙස්ස ප්‍රශංසා කිරීම සඳහාය. මෙහි මෙම යෙදීම්හු වෙති. මා විසින් මේ විද්‍යාතොමෝ අවබෝධ කරන ලද්දීය. අධිගත විජ්ජා ඇති මගේ අවිජ්ජා තොමෝ පහව ගියාය. නැසුනාහ යන අර්ථයි. කුමක් හෙයින් ද, යම් හෙයකින් විද්‍යාව පහළ වූවා ද, මේ නයමැයි ඉතිරි පද දෙක පිළිබඳවද,
යථා තන්ති එත්ථ යථාති ඔපම්මෙ. තන්ති නිපාතො. සතියා අවිප්පවාසෙන අප්පමත්තස්ස. වීරියාතාපෙන ආතාපිනො. කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛතාය පහිතත්තස්ස, පෙසිතත්තස්සාති අත්ථො. ඉදං වුත්තං හොති “යථා අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිජ්ජා විහඤ්ඤෙය්ය, විජ්ජා උප්පජ්ජෙය්ය. තමො විහඤ්ඤෙය්ය, ආලොකො උප්පජ්ජෙය්ය. එවමෙව මම අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා. තමො විහතො, ආලොකො උප්පන්නො. එතස්ස මෙ පධානානුයොගස්ස අනුරූපමෙව ඵලං ලද්ධ”න්ති.
යථාතං යනු මෙහි යථා යනු උපමා අර්ථයෙහිය. තං යනු නිපාතයි. සතියගේ අවිප්පවාසයෙන් අප්පමත්තස්ස ප්රාමාද වූවහුට වීරිය නමැති අව්වෙන්, ආතාපිනො තැවෙන්නහුට කයෙහි ද, ජීවිතයෙහි ද අපේක්ෂා රහිත බැවින් පහිතත්තස්ස, නිවනට මෙහෙයවන ලද සිත් ඇත්තහුට, අත්හරින ලද සිත් ඇත්තහුට යන අර්ථයි. මෙයින් කියන ලද්දේ වෙයි. අප්‍රමාදීව කෙලෙස් තවන වර ඇතිව මුදාහළ සිත් ඇතිව, වාසය කරන්නෙකු විසින්, යම්සේ අවිද්‍යාව නසන ලද්දී ද, විද්‍යා තොමෝ උපදවනු ලබන්නී ද, අන්ධකාරය නසන ලදී ද, ආලෝකය උපදවන්නී ද, එපරිද්දෙන් මවිසින් අවිද්‍යාව නසන ලද්දීය. විද්‍යාව උපදවන ලද්දීය. තමස (අඳුර) නසන ලද්දීය. ආලෝකය උපන්නේය. එපරිද්දෙන් මා විසින් වීර්යයට අනුරූප වූ ප්‍රතිඵලය ලබන ලද්දේය.
පුබ්බෙනිවාසකථාවණ්ණනා නිට්ඨිතා.
පූර්වෙනිවාස කථා නිමි.
දිබ්බචක්ඛුඤාණකථාවණ්ණනා
චුතූපපාත කථා
චුතූපපාතකථායං යස්මා ඉධ භගවතො වසෙන පාළි ආගතා, තස්මා “පස්සාමි පජානාමී”ති වුත්තං, අයං විසෙසො. සෙසං විසුද්ධිමග්ගෙ වුත්තසදිසමෙව.
චුතූපපාත කථාවෙහි මෙහි භාග්‍යවතුන් වහන්සේගේ වශයෙන් පාලියෙහි ආවේ වෙයි. එහෙයින් පස්සාමි පජානාමි යයි කියන ලද්දීය. විශේෂත්වයකට ඇත්තේ මෙයයි. සෙස්ස විසුද්ධිමග්ගයෙහි දැක්වූ පරිදිම වෙයි.
එත්ථ පන විජ්ජාති දිබ්බචක්ඛුඤාණවිජ්ජා. අවිජ්ජාති සත්තානං චුතිපටිසන්ධිපටිච්ඡාදිකා අවිජ්ජා. සෙසං වුත්තනයමෙවාති. යස්මා ච පූරිතපාරමීනං මහාසත්තානං පරිකම්මකිච්චං නාම නත්ථි. තෙ හි චිත්තෙ අභිනින්නාමිතමත්තෙයෙව අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරන්ති, දිබ්බෙන චක්ඛුනා සත්තෙ පස්සන්ති. තස්මා යො තත්ථ පරිකම්මං ආදිං කත්වා භාවනානයො වුත්තො, න තෙන ඉධ අත්ථොති.
මෙහි වනාහි විජ්ජා යනු දිබ්බචක්ඛුඤාණ විද්‍යාවයි. අවිජ්ජා යනු සත්ත්වයන් චුතිය හා පටිසන්ධිය වසන අවිජ්ජාවයි. සෙස්ස කී පරිදිමැයි. යම් හෙයකින් පිරූ පාරමී දම් ඇති මහාසත්ත්වයන් වහන්සේට පරිකර්ම කෘත්‍යයක් නම් නැත. ඔහු විසින් සිත ඒ සඳහා නැමූ කල්හිම අනෙකාකාර වූ පූර්වෙ නිවාස සිහිකරන, දිවැසින් සතුන් බලත්, යමෙක් මෙහි පරිකර්මය ආදිකොට භාවනා ක්‍රමය කියන ලද්දේ වෙයි. එයින් මෙහි ප්‍රයෝජනයක් නැත.
දිබ්බචක්ඛුඤාණකථාවණ්ණනා නිට්ඨිතා.
ආසවක්ඛයඤාණකථාවණ්ණනා
ආසවක්ඛය ඤාණය
තතියවිජ්ජාය සො එවං සමාහිතෙ චිත්තෙති විපස්සනාපාදකං චතුත්ථජ්ඣානචිත්තං වෙදිතබ්බං. ආසවානං ඛයඤාණායාති අරහත්තමග්ගඤාණත්ථාය. අරහත්තමග්ගො හි ආසවවිනාසනතො ආසවානං ඛයොති වුච්චති, තත්ර චෙතං ඤාණං, තප්පරියාපන්නත්තාති. චිත්තං අභිනින්නාමෙසින්ති විපස්සනාචිත්තං අභිනීහරිං. සො ඉදං දුක්ඛන්ති එවමාදීසු “එත්තකං දුක්ඛං, න ඉතො භිය්යො”ති සබ්බම්පි දුක්ඛසච්චං සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං අබ්භඤ්ඤාසිං ජානිං පටිවිජ්ඣිං. තස්ස ච දුක්ඛස්ස නිබ්බත්තිකං තණ්හං අයං දුක්ඛසමුදයොති. තදුභයම්පි යං ඨානං පත්වා නිරුජ්ඣති, තං තෙසං අප්පවත්තිං නිබ්බානං අයං දුක්ඛනිරොධොති. තස්ස සම්පාපකං අරියමග්ගං අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං අබ්භඤ්ඤාසිං ජානිං පටිවිජ්ඣින්ති එවමත්ථො වෙදිතබ්බො.
තුන්වන විද්‍යාවෙහි සො එවං සමාහිතෙ චිත්තෙ යයි විපස්සනා පාදක හතරවන ධ්‍යානය දතයුතුයැ. ආසවානං ඛයෙ ඤාණාය රහත් මග නැණ පිණිස, ඒ එසේමැයි. රහත්මග වනාහි ආසවයන් නසන හෙයින් (ආසවානං ඛයො ඉති) ආසවක්ඛය යයි කියනු ලැබේ. ඒ ආසවයන් නැතිකිරීමෙහි ද මේ ඤාණය වෙයි. එහි ඇතුළත් වූ හෙයිනි. චිත්තං අභිනින්නාමෙසිං විදර්ශනා චිත්තය එළවීමි. සො ඉදං දුක්ඛං යන මේ ආදි තන්හි මෙතෙක් දුකය, මෙයින් වැඩියක් නැතැයි සියලුම දුක්ඛ සත්‍යය රස ලක්ෂණ සහිත ප්රතිවෙධයන් යථා භූතං තත් වූ යථාභූතං අම්හඤ්ඤාසිං තත් වූ පරිද්දෙන් විශේෂයෙන් අවබෝධ කෙළෙමි. දැනගතිමි. ප්‍රතිවෙධ කළෙමි. ඒ දුක්ඛයාගේ ඉපදවීමේ තෘෂ්ණාව අයං දුක්ඛ සමුදයො යනුයි. දුක, දුකට හේතුව යන දෙකම යම් තැනකට පැමිණ නිරුද්ධ වේද, ඒ ඔවුන්ගේ නොපැවැත්ම නම් වූ නිවන අයං දුක්ඛ නිරොධො යනුයි. ඒ නිවනට පමුණුවන්නා වූ ආර්ය මාර්ගය අයං දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා යනුයි. රස සහිත ලක්ෂණ ප්‍රතිවේධයෙන් තත් වූ පරිද්දෙන් විශේෂයෙන් අවබෝධ කළෙමි. දැනගතිමි. ප්‍රතිවේධ කළෙමියි මෙසේ අර්ථය දතයුත්තේය.
එවං සරූපතො සච්චානි දස්සෙත්වා ඉදානි කිලෙසවසෙන පරියායතො දස්සෙන්තො ඉමෙ ආසවාතිආදිමාහ.
මෙසේ ස්වරූප වශයෙන් සත්‍යයන් දක්වා දැන් කෙලෙස් වශයෙන් පරියාය වශයෙන් දක්වන සේක් ඉමෙ ආසවා යනාදිය වදාළහ.
ප්රත්යවේක්ෂා ඥානය
තස්ස මෙ එවං ජානතො එවං පස්සතොති තස්ස මය්හං එවං ජානන්තස්ස එවං පස්සන්තස්ස. සහ විපස්සනාය කොටිප්පත්තං මග්ගං කථෙති. කාමාසවාති කාමාසවතො. විමුච්චිත්ථාති ඉමිනා ඵලක්ඛණං දස්සෙති, මග්ගක්ඛණෙ හි චිත්තං විමුච්චති, ඵලක්ඛණෙ විමුත්තං හොති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණන්ති ඉමිනා පච්චවෙක්ඛණඤාණං දස්සෙති. ඛීණා ජාතීතිආදීහි තස්ස භූමිං, තෙන හි ඤාණෙන භගවා පච්චවෙක්ඛන්තො “ඛීණා ජාතී”තිආදීනි අබ්භඤ්ඤාසි. කතමා පන භගවතො ජාති ඛීණා, කථඤ්ච නං අබ්භඤ්ඤාසීති? න තාවස්ස අතීතා ජාති ඛීණා, පුබ්බෙව ඛීණත්තා, න අනාගතා, අනාගතෙ වායාමාභාවතො, න පච්චුප්පන්නා, විජ්ජමානත්තා.
තස්ස මෙ එවං ජානතො එවං පස්සතො යනුවෙන්, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මගේ විපස්සනා ඥාණය සමග කෙළවරට පැමිණි මාර්ගය වදාරති. කාම ආසවයෙන් විමුච්චිත්ථ යන මෙහි ඵලක්ෂණය දක්වයි. මාර්ග ක්ෂණයෙහි සිත මිදෙයි. ඵල ක්ෂණයෙහි මිදුනේ වෙයි. විමුත්තස්මිං විමුත්ත මිති ඤාණං යන මෙයින් ප්රත්යවේක්ෂා ඥානය දක්වයි. ඛීණා ජාති යන මෙයින් ප්රත්යවේක්ෂා ඥානයාගේ භූමිය වදාරති. ඒ ඥානයෙන් ප්රත්යවේක්ෂා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඛීණා ජාති යනාදිය දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේගේ කවර ජාතියක් ඛීණ වූවා ද, එය කෙසේ දැනගත් සේක් ද යත් උන්වහන්සේන්ගේ ඉක්මුණු ජාති තොමෝ ක්ෂය නොවූවා වෙයි. පෙරම ක්ෂය වූ හෙයිනි. අනාගතයද නොවෙයි. අනාගතයෙහි උත්සාහයක් නැති හෙයිනි. පවත්නා ජාතියද නොවෙයි. විද්‍යමාන හෙයිනි.
යා පන මග්ගස්ස අභාවිතත්තා උප්පජ්ජෙය්ය එකචතුපඤ්චවොකාරභවෙසු එකචතුපඤ්චක්ඛන්ධභෙදා ජාති, සා මග්ගස්ස භාවිතත්තා අනුප්පාදධම්මතං ආපජ්ජනෙන ඛීණා, තං සො මග්ගභාවනාය පහීනකිලෙසෙ පච්චවෙක්ඛිත්වා “කිලෙසාභාවෙ විජ්ජමානම්පි කම්මං ආයතිං අප්පටිසන්ධිකං හොතී”ති ජානන්තො අබ්භඤ්ඤාසි.
මාර්ගය නොවැඩු බැවින් ඒක-චතු-පංච වෝකාර භවයන්හි ඒක චතු-පංච ස්කන්ධයන්ගෙන් යුත් යම් ජාතියක උපදින්නී ද ඕ තොමෝ මාර්ගය වැඩු බැවින් නූපදනා ස්වභාව ඇති බවට පැමිණීමෙන් ක්ෂය වූ ඒ භාග්‍යවත්හු මාර්ග භාවනාවෙන් ප්‍රහීණ ක්ලේශයන් ප්රත්යවේක්ෂා කොට කෙලෙසුන් නැති කල්හි විද්‍යමාන වූ ද එම කර්මය මත්තෙහි පිළිසිඳ නොදෙන්නේ වේදැයි දන්නාහු දැනගත් සේක.
වුසිතන්ති වුත්ථං පරිවුත්ථං, කතං චරිතං නිට්ඨිතන්ති අත්ථො. බ්රහ්මචරියන්ති මග්ගබ්රහ්මචරියං, පුථුජ්ජනකල්යාණකෙන හි සද්ධිං සත්තසෙක්ඛා බ්රහ්මචරියවාසං වසන්ති නාම, ඛීණාසවො වුත්ථවාසො. තස්මා භගවා අත්තනො බ්රහ්මචරියවාසං පච්චවෙක්ඛන්තො “වුසිතං බ්‍රහ්මචරිය”න්ති අබ්භඤ්ඤාසි. කතං කරණීයන්ති චතූසු සච්චෙසු චතූහි මග්ගෙහි පරිඤ්ඤාපහානසච්ඡිකිරියාභාවනාවසෙන සොළසවිධම්පි කිච්චං නිට්ඨාපිතන්ති අත්ථො. පුථුජ්ජනකල්යාණකාදයො හි තං කිච්චං කරොන්ති, ඛීණාසවො කතකරණීයො. තස්මා භගවා අත්තනො කරණීයං පච්චවෙක්ඛන්තො “කතං කරණීය”න්ති අබ්භඤ්ඤාසි.
වුසිතං යනු වැස නිමවන ලද්දේය. හාත්පසින් වැස නිමවන ලද්දේය. කරන ලද්දේය. හැසිරෙන ලද්දේය. නිමවන ලද්දේය යන අර්ථයි. බ්රහ්මචරියං මාර්ග බ්‍රහ්ම චර්යාව, කල්‍යාණ පෘථජ්ජනයා සමග සත්ත සේඛයෝ බඹසර වසන්නාහු නම් වෙති. ඛීණාසව තෙමෙ වැස නිමකරන ලද බඹසර ඇත්තේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ වුසිතං බ්‍රහ්ම චරියං යයි දැනගත් සේක. කතං කරණීයං සිවුසස්හි සතර මාර්ගයන්ගෙන් පරිඤ්ඤා-සච්ඡිකිරියා-භාවනා වශයෙන් සොළසාකාර කෘත්‍ය නිමවන ලද්දේය යන අර්ථයි. කල්‍යාණ පෘථජ්ජන ආදිහු වනාහි එම කෘත්‍යය කරත්, ඛීණාසව තෙමේ කත කරණීය නම් වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කළයුතු දෙය ප්රත්යවෙක්ෂා කරන්නේ කතං කරණීයං යයි දැනගත්තේය.
නාපරං ඉත්ථත්තායාති ඉදානි පුන ඉත්ථභාවාය එවංසොළසකිච්චභාවාය, කිලෙසක්ඛයාය වා මග්ගභාවනාකිච්චං මෙ නත්ථීති අබ්භඤ්ඤාසි. අථ වා ඉත්ථත්තායාති ඉත්ථභාවතො ඉමස්මා එවංපකාරා ඉදානි වත්තමානක්ඛන්ධසන්තානා අපරං ඛන්ධසන්තානං මය්හං නත්ථි. ඉමෙ පන පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා රුක්ඛා විය. තෙ චරිමකවිඤ්ඤාණනිරොධෙන අනුපාදානො විය ජාතවෙදො නිබ්බායිස්සන්තීති අබ්භඤ්ඤාසි.
නාපරං ඉත්ථත්තාය යනු මෙවිට යළි මෙබඳු බව පිණිස මෙසේ සොළොස් ආකාර කෘත්‍යයාගේ අභාවයෙන්, කෙලෙස් ප්රහාණ්ය පිණිස හෝ මාර්ග භාවනා කෘත්‍යයක් මට නැතැයි දැනගත්තේය. නැතහොත් ඉත්ථත්තාය මෙබඳු භාවයෙන් මෙබඳු ප්‍රාකාරයෙන් දැන් පවත්නා ස්කන්ධ සන්තතියෙන් අන්‍ය වූ ස්කන්ධ පරම්පරාවක් මට නැත. මේ පංච ස්කන්ධයෝ වනාහි පරිඤ්ඤාත වූවාහු මුල් සිඳපු ගස් මෙන් සිටිති. ඔවුහු චරිමක විඤ්ඤාණයාගේ නිරෝධයෙන් දර රහිත ගින්නක් මෙන් නිවෙන්නාහු යයි දැනගත් සේක.
ඉදානි එවං පච්චවෙක්ඛණඤාණපරිග්ගහිතං ආසවානං ඛයඤාණාධිගමං බ්රාහ්මණස්ස දස්සෙන්තො, අයං ඛො මෙ බ්රාහ්මණාතිආදිමාහ. තත්ථ විජ්ජාති අරහත්තමග්ගඤාණවිජ්ජා. අවිජ්ජාති චතුසච්චපටිච්ඡාදිකා අවිජ්ජා. සෙසං වුත්තනයමෙව.
දැන් මෙසේ ප්රත්යවේක්ෂා ඥානයෙන් පරිගෘහිත වූ එම ආසවක්ඛය ඤාණය බමුණාට දන්වන සේක්, අයං ඛො මෙ බ්‍රාහ්මණ යන ආදිය වදාළහ. එහි විජ්ජා යනු රහත්මග ඥාන නම් විද්‍යාවයි. අවිජ්ජා යනු සිවුසස් මුවහ කරන අවිද්‍යාවයි. සෙස්ස කී නයින් දතයුතුයැ.
එත්තාවතා ච පුබ්බෙනිවාසඤාණෙන අතීතංසඤාණං, දිබ්බචක්ඛුනා පච්චුප්පන්නානාගතංසඤාණං, ආසවක්ඛයෙන සකලලොකියලොකුත්තරගුණන්ති එවං තීහි විජ්ජාහි සබ්බෙපි සබ්බඤ්ඤුගුණෙ සඞ්ගහෙත්වා පකාසෙන්තො අත්තනො අසම්මොහවිහාරං බ්රාහ්මණස්ස දස්සෙසි.
මෙතෙකින් පුබ්බේ නිවාස ඤාණයෙන් අතීත ඤාණයද, දිබ්බ චක්ඛු ඤාණයෙන්, වර්තමාන හා අනාගත ඤාණයද, ආසවක්ඛය ඤාණයෙන් සියලු ලෝකෝත්තර ගුණයදැයි මෙසේ ත්රිවිද්යාවන්ගෙන් සියළු සර්වඥ ගුණයන් සංග්‍රහ කොට ප්‍රකාශකරන සේක්, තමන් වහන්සේගේ නොමුළා විහරණය - බ්‍රාහ්මණයා හට දැක්වූ සේක.
ආසවක්ඛයඤාණකථාවණ්ණනා නිට්ඨිතා.
අරඤ්ඤවාසකාරණවණ්ණනා
අරණ්‍යවාසය
එවං වුත්තෙ කිර බ්රාහ්මණො චින්තෙසි – “සමණො ගොතමො සබ්බඤ්ඤුතං පටිජානාති, අජ්ජාපි ච අරඤ්ඤවාසං න විජහති, අත්ථි නු ඛ්වස්ස අඤ්ඤම්පි කිඤ්චි කරණීය”න්ති. අථස්ස භගවා අජ්ඣාසයං විදිත්වා ඉමිනා අජ්ඣාසයානුසන්ධිනා, සියා ඛො පන තෙතිආදිමාහ.
මෙසේ කී කල්හි බ්‍රාහ්මණ තෙම මෙසේ සිතී. ශ්‍රමණ භවත් ගෞතම තෙම සර්වඥ බව ප්‍රතිඥා කරයි. අද දක්වාත් අරණ්‍යවාසය අත් නොහරියි. ඔහු විසින් කළයුතු අන් කිසිවක් ඇද්දැයි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අදහස දැන මෙම අජ්ඣාසයානු සන්ධියෙහි (පිහිටා) සියා ඛො පන තෙ යනාදිය වදාළහ.
තත්ථ සියා ඛො පන තෙ, බ්‍රාහ්මණ, එවමස්සාති, බ්‍රාහ්මණ, කදාචි තුය්හං එවං භවෙය්ය. න ඛො පනෙතං බ්‍රාහ්මණ එවං දට්ඨබ්බන්ති එතං ඛො පන, බ්‍රාහ්මණ, තයා මය්හං පන්තසෙනාසනපටිසෙවනං අවීතරාගාදිතායාති එවං න දට්ඨබ්බං. එවං පන්තසෙනාසනපටිසෙවනෙ අකාරණං පටික්ඛිපිත්වා කාරණං දස්සෙන්තො ද්වෙ ඛො අහන්තිආදිමාහ. තත්ථ අත්ථොයෙව අත්ථවසො. තස්මා ද්වෙ ඛො අහං, බ්‍රාහ්මණ, අත්ථවසෙති අහං ඛො, බ්‍රාහ්මණ, ද්වෙ අත්ථෙ ද්වෙ කාරණානි සම්පස්සමානොති වුත්තං හොති. අත්තනො ච දිට්ඨධම්මසුඛවිහාරන්ති එත්ථ දිට්ඨධම්මො නාම අයං පච්චක්ඛො අත්තභාවො. සුඛවිහාරො නාම චතුන්නම්පි ඉරියාපථවිහාරානං ඵාසුතා, එකකස්ස හි අරඤ්ඤෙ අන්තමසො උච්චාරපස්සාවකිච්චං උපාදාය සබ්බෙව ඉරියාපථා ඵාසුකා හොන්ති, තස්මා දිට්ඨධම්මස්ස සුඛවිහාරන්ති අයමත්ථො වෙදිතබ්බො.
සියා ඛො පන තෙ බ්‍රාහ්මණ එවමස්ස යනුවෙන් බ්‍රාහ්මණය, ඔබට කිසිවිටෙක මෙබඳු සිතක් වන්නේය. න ඛො පනෙතං බ්‍රාහ්මණ, එවං දට්ඨබ්බං බමුණ, ඔබ විසින් මේ මාගේ පත්ත සේනාසන ඇසුරු කිරීම වනාහි පහනොකළ රාගාදිය ඇති බැවිනැයි, මෙසේ නොදතයුතුය. මෙසේ පත්ත සේනාසන පටිසේවනය හේතුරහිත බව ප්රතික්ෂෙප කොට කරුණු දක්වන සේක්, දෙව ඛො අහං ආදිය වදාළහ. එහි අර්ථයම අත්‍ථවස නම් වේ. එහෙයින්, දෙව ඛො අහං බ්‍රහ්මණ අත්ථවසෙ යනුවෙන් බ්‍රාහ්මණය, මම වනාහි අර්ථ දෙකක් කාරණා දෙකක් දක්නෙම්. කියන ලද්දේ වෙයි. අත්තනොච දිට්ඨධම්ම සුඛවිහාරං යන මෙහි දිට්ඨධම්ම නම් පෙනෙන්නා වූ මේ ආත්මභාවයයි. ඵාසුවිහාර නම් සතර ඉරියව්වල පහසුතාවයයි. යම් හෙයකින් වනයෙහි හුදකලා වූවහුට යටත් පිරිසෙන් වනයෙහි උච්චාර - පස්සාව කර්මයෙහි සිට සියලු ඉරියාපථයෝ පහසු වෙති. එහෙයින් දිට්ඨධම්ම සුඛ විහාරං යන ඉහාත්ම සැප විහරණයම දිටඨධම්ම සුඛ විහාර වශයෙන් දතයුතුයැ.
පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානොති කථං අරඤ්ඤවාසෙන පච්ඡිමා ජනතා අනුකම්පිතා හොති? සද්ධාපබ්බජිතා හි කුලපුත්තා භගවතො අරඤ්ඤවාසං දිස්වා භගවාපි නාම අරඤ්ඤසෙනාසනානි න මුඤ්චති, යස්ස නෙවත්ථි පරිඤ්ඤාතබ්බං න පහාතබ්බං න භාවෙතබ්බං න සච්ඡිකාතබ්බං, කිමඞ්ගං පන මයන්ති චින්තෙත්වා තත්ථ වසිතබ්බමෙව මඤ්ඤිස්සන්ති. එවං ඛිප්පමෙව දුක්ඛස්සන්තකරා භවිස්සන්ති. එවං පච්ඡිමා ජනතා අනුකම්පිතා හොති. එතමත්ථං දස්සෙන්තො ආහ “පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානො”ති.
පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානො යනු, කෙසේනම් අරණ්යවාසයෙන් පශ්චිම ජනතා තොමෝ අනුකම්පා ලැබුවා වේද? සැදැහැයෙන් සසුන් වන් කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේගේ අරණ්‍යවාසය දැක, භාග්‍යවතුන් වහන්සේ පවා අරණ්‍ය සේනාසන අත් නොහරිති. ඒ භාග්‍යවතුන් වහන්සේට පරිඤ්ඤාත ධර්මයෙක් නොම ඇත. පහාතබ්බ ධර්මයෙක් නොම ඇත. භාවෙතබ්බ ධර්මයෙක්ද නොම ඇත. සච්ඡිකාතබ්බ ධර්මයක්ද නොම ඇත. අප වැන්නවුන් ගැන කියනුම කවරේදැයි සිතා එහි (ආරණ්‍යයෙහි වාසය කළ යුතුම යයි හඟිත්.) මෙසේ වහා දුක් කෙළවර කරන්නාහු වන්නාහු යයි. මෙසේ පශ්චිම ජනතා තොමෝ අනුකම්පා ලබන්නාහු වන්නී යයි කියන ලද්දේ වෙයි. මෙම අරුත දක්වමින් මෙසේ වදාළහ. පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානො යනුවෙන්
අරඤ්ඤවාසකාරණවණ්ණනා නිට්ඨිතා.
දෙසනානුමොදනාවණ්ණනා
දේශනා අනුමෝදනා
තං සුත්වා අත්තමනො බ්රාහ්මණො අනුකම්පිතරූපාතිආදිමාහ. තත්ථ අනුකම්පිතරූපාති අනුකම්පිතජාතිකා අනුකම්පිතසභාවා. ජනතාති ජනසමූහො. යථා තං අරහතා සම්මාසම්බුද්ධෙනාති යථා අරහං සම්මාසම්බුද්ධො අනුකම්පෙය්ය, තථෙව අනුකම්පිතරූපාති.
මෙය අසා සතුටට පත් බමුණු තෙම, අනුකම්පිතරූපා යනාදිය කීහ. එහි අනුකම්පිත රූපා යනු අනුකම්පිත ජාතිකා අනුකම්පා කළ ස්වභාව ඇති. ජනතා යනු ජන සමූහ තෙම, යථා තං අරහතා සම්මා සම්බුද්ධෙන යනුවෙන් යම්සේ එම සම්මා සම්බුද්ධ තෙම අනුකම්පා කරන්නේ ද එසේම අනුකම්පා කළ ස්වභාව ඇත්තාහු යයි.
එවඤ්ච පන වත්වා පුන තං භගවතො ධම්මදෙසනං අබ්භනුමොදමානො භගවන්තං එතදවොච අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතමාති. තත්ථායං අභික්කන්තසද්දො ඛයසුන්දරාභිරූපඅබ්භනුමොදනෙසු දිස්සති. “අභික්කන්තා, භන්තෙ, රත්ති, නික්ඛන්තො පඨමො යාමො, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො”තිආදීසු (චූළව· 383; අ· නි· 8.20) හි ඛයෙ දිස්සති. “අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා”තිආදීසු (අ· නි· 4.100) සුන්දරෙ.
මෙසේ කියා යළිත් බුදුරදුන්ගේ එම දේශනාව අනුමෝදන් වෙමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ. අභික්කන්තං භො ගොතම අභික්කන්තං භොගොතම යන මෙහි අභික්කන්ත ශබ්දය ඛය - සුන්දර, අභිරූප අබ්භනු මොදනා (=අනුමෝදන් වීම) යන අර්ථයන්හි දක්නට ලැබේ. අභික්කන්තො භන්තෙ රත්ති නික්ඛන්තො පඨමො යාමො චිරනිසින්නො භික්ඛු සංඝො යනාදි තන්හි ක්ෂයවීම යන අර්ථයෙහි වේ. අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්ත තරොච පණීත තරො ච යන ආදි තන්හි සුන්දර යන අර්ථයෙහි වේ.
“කො මෙ වන්දති පාදානි, ඉද්ධියා යසසා ජලං; අභික්කන්තෙන වණ්ණෙන, සබ්බා ඔභාසයං දිසා”ති. –
කොමෙ වන්දති පාදානි, ඉද්ධියා යසසාජලං අභික්ක්න්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා
(ඉද්ධියෙන් ද යසසින් ද දිලිසෙමින් අභිරූප වූ වර්ණයෙන් සියලු දිගුන් බබලවමින් කවරෙක් මාගේ පාදයන් වඳිත්ද)
ආදීසු (වි· ව· 857) අභිරූපෙ.
යනාදී තන්හි අභිරූප යන අර්ථයෙහි වේ.
“අභික්කන්තං, භන්තෙ”තිආදීසු (දී· නි· 1.250; පාරා· 15) අබ්භනුමොදනෙ. ඉධාපි අබ්භනුමොදනෙයෙව. යස්මා ච අබ්භනුමොදනෙ, තස්මා සාධු සාධු භො, ගොතමාති වුත්තං හොතීති වෙදිතබ්බං.
අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ යනාදි තන්හි අනුමෝදනා අර්ථයෙහි දක්නට ලැබේ. මෙහිද අනුමොදනා අර්ථයෙහි වේ. එහෙයින් මැනව. පින්වත් ගෞතමයනි, මැනව පින්වත් ගෞතමයෙනි යයි කියන ලද්දේ වේයයි දතයුත්තේය.
“භයෙ කොධෙ පසංසායං, තුරිතෙ කොතූහලච්ඡරෙ; හාසෙ සොකෙ පසාදෙ ච, කරෙ ආමෙඩිතං බුධො”ති. –
භයෙ කොධෙ පසංසායං තුරිතෙ කොතුහලච්ඡරෙ භා සෙ සොකෙ පසාදෙච කරෙ ආමෙණ්ඩිතං බුධො,
(භයෙහිද ක්රෝධයෙහිද පසංසාවෙහිද සීග්රයෙහිද කුහුල් බැව්හිද පුදුම වීමෙහිද සිනහවෙහිද සෝකයෙහිද ප්‍රසාදයෙහිද බුද්ධිමත් තෙම ආම්රෙඩිතය (එක ශබ්දය දෙවරක් ප්‍රයෝග කිරීම කරන්නේය)
ඉමිනා ච ලක්ඛණෙන ඉධ පසාදවසෙන පසංසාවසෙන චායං ද්වික්ඛත්තුං වුත්තොති වෙදිතබ්බො. අථ වා අභික්කන්තන්ති අභිකන්තං. අතිඉට්ඨං අතිමනාපං, අතිසුන්දරන්ති වුත්තං හොති.
මේ ආම්රෙඩිත අර්ථයෙන් ද, මෙහි ප්‍රසාද වශයෙන් ද මේ අභික්කන්ත ශබ්දය දෙවරක් යොදන ලද්දේ යයි දතයුතුය. නැතහොත් අභික්කන්තං යනු ඉතා කාන්තය. ඉතා හොඳය. ඉතා මනාපය. ඉතා සුන්දර යයි කියන ලද්දේ වෙයි.
තත්ථ එකෙන අභික්කන්තසද්දෙන දෙසනං ථොමෙති, එකෙන අත්තනො පසාදං. අයඤ්හෙත්ථ අධිප්පායො – අභික්කන්තං, භො ගොතම, යදිදං භොතො ගොතමස්ස ධම්මදෙසනා, අභික්කන්තං යදිදං භොතො ගොතමස්ස ධම්මදෙසනං ආගම්ම මම පසාදොති. භගවතොයෙව වා වචනං ද්වෙ ද්වෙ අත්ථෙ සන්ධාය ථොමෙති – භොතො ගොතමස්ස වචනං අභික්කන්තං දොසනාසනතො, අභික්කන්තං ගුණාධිගමනතො, තථා සද්ධාජනනතො, පඤ්ඤාජනනතො, සාත්ථතො, සබ්යඤ්ජනතො, උත්තානපදතො, ගම්භීරත්ථතො, කණ්ණසුඛතො, හදයඞ්ගමතො, අනත්තුක්කංසනතො, අපරවම්භනතො, කරුණාසීතලතො, පඤ්ඤාවදාතතො, ආපාථරමණීයතො, විමද්දක්ඛමතො, සුය්යමානසුඛතො, වීමංසීයමානහිතතොති එවමාදීහි යොජෙතබ්බං.
එහි එකම අභික්කන්ත ශබ්දයෙන් දේශනාවට ස්තුති කෙරේ. එක් අතකින් තමාගේ පැහැදීම ප්‍රකාශ කරයි. මේ වූකලී මෙහි අදහසයි. භගවත් ගෞතමයන් වහන්ස, දේශනාව අතිශයින් කාන්තය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් ඉෂ්ටය. මේ දේශනාව අසා මගේ පැහැදී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ද, දේශනාව කෙරෙහිදැයි මේ දෙඅරුත සඳහාම තුති කෙරේ. භාග්‍යවතුන් වහන්සේගේ වචනය ඉතා මනහරය. දොස් නසන හෙයිනි. භාග්‍යවතුන් වහන්සේගේ වචනය ඉතා මැනවි. උතුම් වූ ගුණයට පමුණුවන හෙයිනි. එසේම ශ්‍රද්ධාව උපදවන හෙයින්ද ප්‍රඥාව උපදවන හෙයින් ද මැනව. එසේ අර්ථ සහිත බැවින්ද ව්‍යඤ්ජන සහිත බැවින්ද මැනව. නොගැඹුරු පද ඇති හෙයින්ද මැනව. කනට මිහිරි හෙයින්ද මැනව. හෘදයංගම හෙයින්ද මැනවි. තමා උසස්කොට දැක්වීමක් අනුන් පහත්කොට සැලකීමක් නැති බැවින්ද මැනවි. කරුණාවෙන් සිහිල් හෙයින්ද, ප්‍රඥාවෙන් නිර්මල හෙයින්ද මැනවි. විනාශය ඉවසන හෙයින්ද මැනවි. ඇසීමෙන් සුව එලවන හෙයින්ද විමසීමෙන් හිත එලවන හෙයින්ද යන මේ ආදීන් ගෙන යෙදිය යුතු හෙයින්,
තතො පරම්පි චතූහි උපමාහි දෙසනංයෙව ථොමෙති. තත්ථ නික්කුජ්ජිතන්ති අධොමුඛඨපිතං, හෙට්ඨාමුඛජාතං වා. උක්කුජ්ජෙය්යාති උපරි මුඛං කරෙය්ය. පටිච්ඡන්නන්ති තිණපණ්ණාදිච්ඡාදිතං. විවරෙය්යාති උග්ඝාටෙය්ය. මූළ්හස්සාති දිසාමූළ්හස්ස. මග්ගං ආචික්ඛෙය්යාති හත්ථෙ ගහෙත්වා “එස මග්ගො”ති වදෙය්ය. අන්ධකාරෙති කාළපක්ඛචාතුද්දසීඅඩ්ඪරත්තඝනවනසණ්ඩමෙඝපටලෙහි චතුරඞ්ගෙ තමෙ, අයං තාව අනුත්තානපදත්ථො.
එයින් මත්තෙහි උපමා සතරකින් දේශනාවට පසසයි. එහි නික්කුජ්ජිතං, අධෝමුඛ කොට තබන ලද මුව යටිහුරු වූ හෝයි. උක්කුජ්ජෙය්ය මුව උඩුහුරු කරන්නේය. පටිච්ඡන්නං තණපත් ආදියෙන් වසන ලද්දක්, විවරෙය්ය, විවෘත කරන්ය. මූළහස්ස දිශා මුළා වූවහුට මග්ගං ආචික්ඛෙය්ය අත ගෙන මේ මගයයි කියන්නේය. අන්ධකාරෙ කාළ පක්ෂය, චාතුද්දසියා මධ්‍යම රාත්‍රිය ඝන වනය, මේඝ පටලය යන අංග සතරින් යුක්ත වූ, පළමුකොට දක්වන ලද්දේ නො ගැඹුරු වූ පදාර්ථය.
අයං පන අධිප්පායයොජනා – යථා කොචි නික්කුජ්ජිතං උක්කුජ්ජෙය්ය, එවං සද්ධම්මවිමුඛං අසද්ධම්මෙ පතිතං මං අසද්ධම්මා වුට්ඨාපෙන්තෙන, යථා පටිච්ඡන්නං විවරෙය්ය. එවං කස්සපස්ස භගවතො සාසනන්තරධානතො පභුති මිච්ඡාදිට්ඨිගහනපටිච්ඡන්නං සාසනං විවරන්තෙන, යථා මූළ්හස්ස මග්ගං ආචික්ඛෙය්ය, එවං කුම්මග්ගමිච්ඡාමග්ගප්පටිපන්නස්ස මෙ සග්ගමොක්ඛමග්ගං ආචික්ඛන්තෙන, යථා අන්ධකාරෙ තෙලපජ්ජොතං ධාරෙය්ය, එවං මොහන්ධකාරෙ නිමුග්ගස්ස මෙ බුද්ධාදිරතනරූපානි අපස්සතො තප්පටිච්ඡාදකමොහන්ධකාරවිද්ධංසකදෙසනාපජ්ජොතධාරණෙන මය්හං භොතා ගොතමෙන එතෙහි පරියායෙහි පකාසිතත්තා අනෙකපරියායෙන ධම්මො පකාසිතොති.
(මේ මතු කියනු ලබන්නේ) අභිප්‍රාය අථ යෝජනාවයි. යමෙක් මුව යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුමුව කරන්නේ ද, මෙසේ අසත් ධර්මයෙහි පතිත වූ මා අසද් ධර්මයෙන් සද්ධර්ම මුඛයට නගා සිටුවන්නා වූ, යම් සේ පටිච්ඡන්න වූවක් විවෘත කරන්නේ ද එසේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසන අන්තර්ධානයේ පටන් මිසදිටු ගැන්මෙන් වැසුන සසුන විවෘත කරන්නා වූ, යම්සේ මුළා වූවෙකුට මග කියන්නේ ද, එසේ වැරදිමගට මිථ්‍යා මගට පිළිපන්නා වූ මට සඟමොක් ප්‍රකාශ කරන්නා වූ, අන්ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේ ද මෙසේ මෝහාන්ධකාරයෙහි නිමග්න වූ බුද්ධාදි රතන රූපයන් නොදක්නා වූ මට ඒ (තුණුරුවන්) ප්‍රතිච්ඡාදක වූ මොහඳුර දුරුකරන දෙසුම් නමැති පහන් දැරීමෙන් භවත් ගෞතමයන් විසින් මට මෙවන් ක්‍රමවලින් ප්‍රකාශ කළ හෙයින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශ කරන ලද්දේ විය.
දෙසනානුමොදනාවණ්ණනා නිට්ඨිතා.
පසන්නාකාරවණ්ණනා
ප්‍රසන්න ආකාර
එවං දෙසනං ථොමෙත්වා ඉමාය දෙසනාය රතනත්තයපසන්නචිත්තො පසන්නාකාරං කරොන්තො එසාහන්තිආදිමාහ. තත්ථ එසාහන්ති එසො අහං. භවන්තං ගොතමං සරණං ගච්ඡාමීති භවං මෙ ගොතමො සරණං පරායණං, අඝස්ස තාතා, හිතස්ස ච විධාතාති ඉමිනා අධිප්පායෙන භවන්තං ගොතමං ගච්ඡාමි, භජාමි, සෙවාමි, පයිරුපාසාමි, එවං වා ජානාමි, බුජ්ඣාමීති. යෙසඤ්හි ධාතූනං ගතිඅත්ථො, බුද්ධිපි තෙසං අත්ථො. තස්මා ගච්ඡාමීති ඉමස්ස ජානාමි, බුජ්ඣාමීති අයමත්ථො වුත්තො.
මෙසේ දහම් දෙසුමට තුතිකොට මෙම දෙසුමෙන් තුණුරුවන් කෙරෙහි පහන් සිත් ඇත්තේ පහන් බව දක්වන්නේ එසාහං ආදිය කීහ. එහි එසාහං යනු ඒ එම යනුයි. භවන්තං ගොතමං සරණං ගච්ඡාමි යනුවෙන්, මට පින්වත් ගෞතමයන් වහන්සේගේ සරණය. පිහිටය. දුක් නසන්නේ ද හිතවත් දෙය සලසන්නේ ද වෙති යන මේ අදහසින් භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. භජනය කරමි. සේවනය කරමි. පයුරුපාසනය කරමි. නැතහොත් මෙසේ දනිමි. අවබෝධ කරමියි යන අර්ථයි. යම් ධාතු කෙනෙකුන් ගමනාර්ථය වේද බුද්ධියක් එහි අර්ථයක් වේද, එබැවින් ගච්ඡාමි යනු මේ පදයාගේ අරුත දනිමි. අවබෝධ කරමියි යන මේ අර්ථය කියන ලද්දේ විය.
ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චාති එත්ථ පන අධිගතමග්ගෙ සච්ඡිකතනිරොධෙ යථානුසිට්ඨං පටිපජ්ජමානෙ ච අපායෙසු අපතමානෙ ධාරෙතීති ධම්මො, සො අත්ථතො අරියමග්ගො චෙව නිබ්බානඤ්ච. වුත්තඤ්හෙතං – “යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායතී”ති (අ· නි· 4.34) විත්ථාරො. න කෙවලඤ්ච අරියමග්ගො චෙව නිබ්බානඤ්ච, අපිච ඛො අරියඵලෙහි සද්ධිං පරියත්තිධම්මොපි. වුත්තඤ්හෙතං ඡත්තමාණවකවිමානෙ –
ධම්මඤ්ච භික්ඛු සංඝඤ්ච මෙහි වනාහි අවබෝධ කළ මග ඇත්තේ, සච්ඡිකත නිරෝධය ඇත්තේ අනුශාසනා පරිදි පිළිපදින්නවුන් අපායෙහි නොවැටෙන්නවුන් කොට ධරානුයි ධම්ම නම් වේ. ඒ ධර්මය තෙම ආර්ය මාර්ගයද නිර්වාණයද වේ. එහෙයින් කියන ලදී. යාවතා භික්ඛවෙ ධම්මා සංඛතා අරියො අටඨංගිකො මග්ගො තෙසං අග්ග මක්ඛායත්ති (මහණෙනි, යම්තාක් සංඛත ධර්මයෝ වෙත් ද ඔවුන් අතුරෙන් ආර්ය අට්ඨාංගික මාර්ගය අග්‍ර යයි කියනු ලැබේ.) යන විස්තරයෙහි හුදෙක් ආර්ය මාර්ගය ද නිර්වාණය ද පමණක් නොවේ. යළිදු ආර්ය ඵලයත් සමග පර්යාප්ති ධර්මයද වෙයි. ඡත්ත මානවක විමාන වස්තුවෙහි මෙසේ කියන ලදී.
“රාගවිරාගමනෙජමසොකං, ධම්මමසඞ්ඛතමප්පටිකූලං; මධුරමිමං පගුණං සුවිභත්තං, ධම්මමිමං සරණත්ථමුපෙහී”ති. (වි· ව· 887);
රාගවිරාග මනෙජමසොකං, ධම්මමසංඛතමප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ථමුපෙමි
(රාගය දුරු වූ තණ්හා රහිත වූ සෝක රහිත වූ අසංඛත වූ මේ නව ලොව්තුරු දහම පිළිකුල් නොවූ මිහිරි වූ ප්‍රගුණ කටයුතු වූ මනාව බෙදන ලද්දා වූ මේ පර්යාප්ති ධර්මයද සරණ පිණිස පැමිණෙමි.)
එත්ථ රාගවිරාගොති මග්ගො කථිතො. අනෙජමසොකන්ති ඵලං. ධම්මමසඞ්ඛතන්ති නිබ්බානං.
මෙහි රාග විරාග යනුවෙන් මාර්ගය කියන ලද්දේය. අනෙජ මසොකං යනුවෙන් ඵලය කියන ලද්දේය. ධම්මමසංඛත යනුවෙන් නිර්වාණය කියන ලදි.
අප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තන්ති පිටකත්තයෙන විභත්තා සබ්බධම්මක්ඛන්ධාති. දිට්ඨිසීලසඞ්ඝාතෙන සංහතොති සඞ්ඝො, සො අත්ථතො අට්ඨ අරියපුග්ගලසමූහො. වුත්තඤ්හෙතං තස්මිංයෙව විමානෙ.
අප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං පිටකත්‍රයෙහි විභාග කරන ලද සියලු ස්කන්ධයෝ කියන ලද්දාහුය. වැරදි සීල, දිට්ඨි සමූහය නසන ලද්දාහුය යන අරුතින් සංඝනම් වේ. එය අර්ථ වශයෙන් අට්ඨ අරිය පුග්ගල සමූහය කියන ලද්දේ වෙයි. එය එම විමාන වස්තුවෙහිම මෙසේ කියන ලදී.
“යත්ථ ච දින්නමහප්ඵලමාහු, චතූසු සුචීසු පුරිසයුගෙසු; අට්ඨ ච පුග්ගල ධම්මදසා තෙ, සඞ්ඝමිමං සරණත්ථමුපෙහී”ති. (වි· ව· 888);
යත්ථච දින්න මහප්ඵලමාහු, චතුසු සුචීසු පුරිසයුගෙසු අට්ඨච පුග්ගල ධම්මදසාතෙ සංඝමිමං සරණත්ථ මුපෙමී
(පිවිතුරු පුරුෂ යුග වශයෙන් සතරක් වූ ආර්ය සංඝරත්නය විෂයෙහි දෙන ලද දානය මහත්ඵලයයි කියන්ද, ඔවුහු අෂ්ට ආර්ය පුද්ගලයෝද වෙති. ධර්මය අවබෝධ කළ මේ සංඝරත්නය සරණ පිණිස පැමිණෙමි.)
භික්ඛූනං සඞ්ඝො භික්ඛුසඞ්ඝො. එත්තාවතා බ්රාහ්මණො තීණි සරණගමනානි පටිවෙදෙසි.
භික්ඛූනං සමූහො භික්ඛු සංඝො භික්ෂූන්ගේ සමූහය භික්ෂු සංඝ නම් වේ. මෙපමණකින් බමුණු තෙමේ තෙරුවන් සරණ අවබෝධ කළේය.
පසන්නාකාරවණ්ණනා නිට්ඨිතා.
සරණගමනකථාවණ්ණනා
සරණාගමන කථා
ඉදානි තෙසු සරණගමනෙසු කොසල්ලත්ථං සරණං, සරණගමනං. යො ච සරණං ගච්ඡති, සරණගමනප්පභෙදො, සරණගමනස්ස ඵලං, සංකිලෙසො, භෙදොති අයං විධි වෙදිතබ්බො. සෙය්යථිදං – පදත්ථතො තාව හිංසතීති සරණං, සරණගතානං තෙනෙව සරණගමනෙන භයං සන්තාසං දුක්ඛං දුග්ගතිපරිකිලෙසං හනති විනාසෙතීති අත්ථො, රතනත්තයස්සෙවෙතං අධිවචනං.
සරණය, සරණාගමනය, සරණගතයා මේ වනවිට එම සරණාගමනයන් විෂයෙහි, දක්ෂ බව පිණිස සරණය සරණාගමනය යමෙක් සරණ යේද, හෙතෙම සරණාගමන ප්‍රභේදය සරණගමන ඵලය, සරණාගමනය කිලුටුවීම යන මේ දතයුත්තේය. සෙය්යථිදං ඒ කවරේද පදාර්ථ වශයෙන් හිංසා කෙරේනුය සරණ නම් වේ. එම සරණාගමනයෙන් සරණාගතයන්ගේ භය, තැතිගැනීම් දුක්, දුගති, පරික්ලේශ නැතිකරයි. විනාශ කෙරේය යන අර්ථයි. සරණ යනු තුණුරුවන්ට නමකි.
අථ වා හිතෙ පවත්තනෙන අහිතා ච නිවත්තනෙන සත්තානං භයං හිංසති බුද්ධො. භවකන්තාරා උත්තාරණෙන අස්සාසදානෙන ච ධම්මො. අප්පකානම්පි කාරානං විපුලඵලපටිලාභකරණෙන සඞ්ඝො. තස්මා ඉමිනාපි පරියායෙන රතනත්තයං සරණං. තප්පසාදතග්ගරුතාහි විහතකිලෙසො තප්පරායණතාකාරප්පවත්තො චිත්තුප්පාදො සරණගමනං. තංසමඞ්ගිසත්තො සරණං ගච්ඡති, වුත්තප්පකාරෙන චිත්තුප්පාදෙන එතානි මෙ තීණි සරණානි සරණං, එතානි පරායණන්ති එවං උපෙතීති අත්ථො. එවං තාව සරණං සරණගමනං යො ච සරණං ගච්ඡතීති ඉදං තයං වෙදිතබ්බං.
නැතහොත් හිතවත් බැව්හි පැවැත්මෙන් අහිතයන් වැලැක්වීමෙන් ද සත්ත්වයන්ගේ භයට හිංසා කෙරේනුයි භගවත් තෙම භව කතරින් එතර කිරීමෙන් හා අස්වැසිලි දීමෙන් ධර්මයද ස්වල්ප වූ සත්කාරයකින් මහත් වූ ප්‍රතිඵල හේතුවෙන් සංඝ තෙම ‘සරණ’ නම් වෙයි. එහෙයින් මෙම ක්‍රමයෙන්ද, රතනත්‍රය සරණ නම් වෙයි. තප්පාසාද තග්ගරුතා යන මෙයින් වෙසෙසින් නසන ලද කෙලෙස් ඇති තත්පරායණාකාරයෙන් පැවැත්තා වූ චිත්තෝද්පාදය තෙම සරණගමණ නම් වෙයි. එයින් යුත් පුද්ගල තෙම සරණ ගියේ වෙයි. උත්තප්‍රකාර චිත්තෝද්පාදයෙන් යුත් මට මේ තෙරුවන් සරණය. තෙරුවන් පිහිටයයි (පරායනයයි) මෙසේ එළඹියේය යන අරුති. මෙසේ පළමුකොට සරණය සරණයාමය යමෙක් සරණයේද හෙතෙමේ ද යන මේ තුන් කරුණු දතයුතුයැ.
සරණාගමන ප්‍රභේද
සරණගමනප්පභෙදෙ පන දුවිධං සරණගමනං ලොකුත්තරං ලොකියඤ්ච. තත්ථ ලොකුත්තරං දිට්ඨසච්චානං මග්ගක්ඛණෙ සරණගමනුපක්කිලෙසසමුච්ඡෙදෙන ආරම්මණතො නිබ්බානාරම්මණං හුත්වා කිච්චතො සකලෙපි රතනත්තයෙ ඉජ්ඣති.
සරණාගමන ප්‍රභේද දුවිධ වේ. ලෝකෝත්තර සරණාගමනයද, ලෞකික සරණාගමනයද යනුවෙනි. ඔවුනතුරෙන් ලෝකෝත්තර සරණාගමනය නම් මග නැණින් දත් සිවුසස් ඇත්තහුට මහ නැණ පහළ වන මොහොතෙහි සරණාගමනය පිළිබඳ උප ක්ලේශයන්ගේ සමුච්ඡෙද ප්‍රහාණයෙන් අරමුණු වන හෙයින් නිවන අරමුණුව කිස සපුරමින් රත්නත්‍රය සම්පූර්ණ වීමයි.
ලොකියං පුථුජ්ජනානං සරණගමනුපක්කිලෙසවික්ඛම්භනෙන ආරම්මණතො බුද්ධාදිගුණාරම්මණං හුත්වා ඉජ්ඣති, තං අත්ථතො බුද්ධාදීසු වත්ථූසු සද්ධාපටිලාභො, සද්ධාමූලිකා ච සම්මාදිට්ඨි දසසු පුඤ්ඤකිරියවත්ථූසු දිට්ඨිජුකම්මන්ති වුච්චති.
ලෞකික සරණාගමනය පුහුදුන් හට සරණාගමන උප ක්ලේශයන්ගේ විෂ්කම්භනයෙන් අරමුණු වන හෙයින්, බුද්ධාදි ගුණයන් අරමුණු වීමෙන් සමෘද්ධ වෙයි. එය අර්ථ වශයෙන් බුද්ධාදී වස්තූන්හි ශ්‍රද්ධා ප්‍රතිලාභයයි. ශ්‍රද්ධාව මුල්කොට ඇත්තා වූ සම්මා දිට්ඨිය දශපුණ්‍ය ක්‍රියා විෂයෙහි දිට්ඨුජ්ජ කම්ම යයි කියනු ලැබේ.
තයිදං චතුධා පවත්තති අත්තසන්නිය්යාතනෙන තප්පරායණතාය සිස්සභාවූපගමනෙන පණිපාතෙනාති. තත්ථ අත්තසන්නිය්යාතනං නාම “අජ්ජ ආදිං කත්වා අහං අත්තානං බුද්ධස්ස නිය්යාතෙමි, ධම්මස්ස, සඞ්ඝස්සා”ති එවං බුද්ධාදීනං අත්තපරිච්චජනං.
ඒ මේ ලෞකික සරණාගමනය සිව් ආකාරයකින් පවතී. අත්ත සන්නීයාතන, තත්පරායනතා, සිස්සභාවූපගමන, පණිපාත යනුවෙනි. ඔවුන් අතුරෙහි අත්තසන්නීයාතන සරණාගමන නම්, මම අද පටන් මගේ ආත්මභාවය බුදුරදුන්ටද, ධර්මයටද, සංඝයාටද පාවා දෙමියි මෙසේ බුද්ධාදීන්ට ආත්ම පරිත්‍යාග යයි.
තප්පරායණතා නාම “අජ්ජ ආදිං කත්වා අහං බුද්ධපරායණො, ධම්මපරායණො, සඞ්ඝපරායණො ඉති මං ධාරෙථා”ති එවං තප්පරායණභාවො.
තත්පරායනතා සරණාගමනය නම් මම අද පටන් කොට බුදුරදුන් පිහිටකොට ඇත්තේ වෙමි. ධර්මය පිහිටකොට ඇත්තේ වෙමි. සංඝයා පිහිටකොට ඇත්තේ වෙමියි මා දැරුව මැනවයි (සරණ යාම) තත්පරායතනතා සරණාගමනයයි.
සිස්සභාවූපගමනං නාම “අජ්ජ ආදිං කත්වා අහං බුද්ධස්ස අන්තෙවාසිකො, ධම්මස්ස, සඞ්ඝස්සාති මං ධාරෙථා”ති එවං සිස්සභාවූපගමො.
සිස්ස හාමූපගමන සරණාගමනය නම්, මම අද පටන් බුදුරදුන්ගේ අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි. සංඝයාගේ අතවැසියෙක් වෙමියි මා දැරුව මැනවයි මෙසේ ශිෂ්‍යභාවයට පැමිණීමයි.
පණිපාතො නාම “අජ්ජ ආදිං කත්වා අහං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මං බුද්ධාදීනංයෙව තිණ්ණං වත්ථූනං කරොමි, ඉති මං ධාරෙථා”ති එවං බුද්ධාදීසු පරමනිපච්චකාරො.
පණිපාත සරණාගමනය නම්, මම අද පටන් අභිවාදන - පච්චුපට්ඨාන - අඤ්ජලිකම්ම, සාමීචිකමම බුද්ධාදි තුණුරුවන්ට කරමි යයි මා දැරුව මැනවයි මෙසේ බුද්ධාදීන් කෙරෙහි අතිශයින් පහත් (නිහතමානි) පැවතුම් ඇති ආකාරයයි.
ඉමෙසඤ්හි චතුන්නං ආකාරානං අඤ්ඤතරම්පි කරොන්තෙන ගහිතංයෙව හොති සරණගමනං.
මේ සතර ආකාරයන් අතුරෙන් එක්තරා ආකාරයකින් කරන්නහු විසින් සරණාගමනය ගන්නා ලද්දේම වෙයි.
අපිච භගවතො අත්තානං පරිච්චජාමි, ධම්මස්ස, සඞ්ඝස්ස අත්තානං පරිච්චජාමි. ජීවිතං පරිච්චජාමි, පරිච්චත්තොයෙව මෙ අත්තා, පරිච්චත්තංයෙව මෙ ජීවිතං, ජීවිතපරියන්තිකං බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධො මෙ සරණං ලෙණං තාණන්ති එවම්පි අත්තසන්නිය්යාතනං වෙදිතබ්බං.
තව ද භාග්‍යවතුන් වහන්සේට ආත්මභාවය පරිත්‍යාග කරමි. ධර්මයට ද, සංඝයාට ද ආත්මභාවය පරිත්‍යාග කරමි. ජීවිතය පරිත්‍යාග කරමි. මා විසින් ආත්මභාවය පරිත්‍යාග කරන ලද්දේමය. මා විසින් ජීවිතය පරිත්‍යාග කරන ලද්දේමය. ජීවිතය අන්තකොට බුදුන් සරණ යමි. මට බුදුසරණයි, නිලීනස්ථාන යයි ආරක්ෂ ස්ථානයයි මෙසේත් අත්ත සන්නීයාතන සරණාගමනය දතයුතුයි.
“සත්ථාරඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං, සුගතඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං, සම්මාසම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්ය”න්ති (සං· නි· 2.154) එවම්පි මහාකස්සපස්ස සරණගමනං විය සිස්සභාවූපගමනං දට්ඨබ්බං.
සත්ථාරඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං, සුගතඤ්ච වතාහං පස්සෙය්යං භගවන්ත මෙම පස්සෙය්යං, සම්මා සම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්ය යනුවෙන් මෙසේත් මහා කාශ්‍යප තෙරුන් බුදුන් සරණ යාම මෙන් භාවූපගමන සරණාගමනය දතයුතුයැ.
“සො අහං විචරිස්සාමි, ගාමා ගාමං පුරා පුරං; නමස්සමානො සම්බුද්ධං, ධම්මස්ස ච සුධම්මත”න්ති. (සු· නි· 194; සං· නි· 1.246) –
සො අහං විචරිස්සාමි ගාමගාමං පුරාපුරං නමස්සමානො සම්බුද්ධං ධම්මස්සච සුධම්මතං
(ආලවක නම් වූ) මම සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමින් ධර්මයාගේද සුධර්මභාවය ප්‍රකාශ කරමින් ගමින් ගම නගරයෙන් නගරය හැසිරෙන්නෙමි.)
එවම්පි ආළවකාදීනං සරණගමනං විය තප්පරායණතා වෙදිතබ්බා. “අථ ඛො බ්‍රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති, පාණීහි ච පරිසම්බාහති, නාමඤ්ච සාවෙති බ්‍රහ්මායු අහං, භො ගොතම, බ්රාහ්මණො, බ්‍රහ්මායු අහං, භො ගොතම, බ්රාහ්මණො”ති (ම· නි· 2.394)
මෙසේ වූ ආලවක ආදීන්ගේ සරණාගමන මෙන් තත්පරායනතා සරණාගමනය දතයුත්තේය. අථ ඛො බ්‍රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසංග කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙනච පරිචුම්බති පාණිහිච පරිසම්හාහති නාමඤ්ච සාවෙති. බ්‍රහ්මායු අහං භොගොතම බ්‍රහ්මායු බ්රාහ්මණො අහං භොගොතම බ්රාහ්මණො.
(ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම, හුනස්නෙන් නැගී සිට උතුරු සළුව එකස්කොට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුහුණින් ද සිඹියි. අතුල්වලින් ද පිරිමදී. නමද අස්වයි. භවත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. භවත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි.)
එවම්පි පණිපාතො දට්ඨබ්බො.
යනුවෙන් මෙසේස්ත ප්රණිපාත සරණාගමනය දතයුතුයි.
සො පනෙස ඤාතිභයාචරියදක්ඛිණෙය්යවසෙන චතුබ්බිධො හොති. තත්ථ දක්ඛිණෙය්යපණිපාතෙන සරණගමනං හොති, න ඉතරෙහි. සෙට්ඨවසෙනෙව හි සරණං ගය්හති, සෙට්ඨවසෙන භිජ්ජති, තස්මා යො සාකියො වා කොලියො වා “බුද්ධො අම්හාකං ඤාතකො”ති වන්දති, අග්ගහිතමෙව හොති සරණං. යො වා “සමණො ගොතමො රාජපූජිතො මහානුභාවො, අවන්දියමානො අනත්ථම්පි කරෙය්යා”ති භයෙන වන්දති, අග්ගහිතමෙව හොති සරණං. යො වා බොධිසත්තකාලෙ භගවතො සන්තිකෙ කිඤ්චි උග්ගහිතං සරමානො බුද්ධකාලෙ වා –
ඒ මේ ප්රණිපාත සරණාගමනය, ඤාති - භය - ආචරිය දක්ඛිණෙය්‍ය වශයෙන් සිව්වැදෑරුම් වේ. එහි දක්ඛිණෙය්‍ය සරණාගමනයම සරණාගමන වෙයි. අන්‍යයන්ගෙන් සරණාගමනය නොවෙයි. ශ්‍රේෂ්ඨ වශයෙන් සරණය ගනු ලැබේ. ශ්‍රේෂ්ඨ වශයෙන්ම සරණාගමනයෙහි බිඳීමද වෙයි. යම් ශාක්‍ය වංශිකයෙක් හෝ කෝලිය වංශිකයෙක් හෝ බුදුරජ අපගේ නෑයෙකැයි වඳී ද, සරණයෙහි නොපිහිටියේ වෙයි. යමෙක් භවත් ගෞතමයන් වහන්සේ රාජපූජිතය. මහත් ආනුභාව සම්පන්නය. නොවැන්දොත් අනර්ථයක් කරන්නේ යයි බයින් වඳීද, සරණයෙහි නොපිහිටියේ වෙයි. යම් කෙනෙක් බෝධිසත්ව කාලයෙහි භාග්‍යවතුන් හමුවේදී කිසිවක් උගත්තේ යයි සිහිකොට බුද්ධ කාලයෙහි හෝ
“එකෙන භොගෙ භුඤ්ජෙය්ය, ද්වීහි කම්මං පයොජයෙ; චතුත්ථඤ්ච නිධාපෙය්‍ය, ආපදාසු භවිස්සතී”ති. (දී· නි· 3.265) –
එකෙන භොගෙ භුඤ්ජෙය්ය ද්වීහිකම්මං පයෝජයෙ චතුත්ථඤ්ච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති
(භෝගයන්ගෙන් එක් කොටසක් පරිභෝග කරන්නේය. කොටස් දෙකක් කර්මාන්තයෙහි යොදන්නේය. සතරවැනි කොටස විපතක් ආපදාවකදී ගැනීමට තැන්පත් කරන්නේය.)
එවරූපං අනුසාසනිං උග්ගහෙත්වා “ආචරියො මෙ”ති වන්දති, අග්ගහිතමෙව හොති සරණං.
මෙබඳු වූ අනුශාසනයක් ඉගෙන හෝ මගේ ආචාර්ය මගේ ආචාර්යවරයෙකැයි වඳීද, සරණ නොපිහිටියේම වෙයි.
යො පන “අයං ලොකෙ අග්ගදක්ඛිණෙය්යො”ති වන්දති, තෙනෙව ගහිතං හොති සරණං.
යමෙක් මෙතෙම ලෝකයෙහි අග්ග දක්ඛිණෙය්‍ය වේයයි වඳිද, එයින් හෙතෙම සරණයෙහි පිහිටියේ වෙයි.
එවං ගහිතසරණස්ස ච උපාසකස්ස වා උපාසිකාය වා අඤ්ඤතිත්ථියෙසු පබ්බජිතම්පි ඤාතිං “ඤාතකො මෙ අය”න්ති වන්දතො සරණගමනං න භිජ්ජති, පගෙව අපබ්බජිතං. තථා රාජානං භයවසෙන වන්දතො, සො හි රට්ඨපූජිතත්තා අවන්දියමානො අනත්ථම්පි කරෙය්යාති. තථා යංකිඤ්චි සිප්පං සික්ඛාපකං තිත්ථියං “ආචරියො මෙ අය”න්ති වන්දතොපි න භිජ්ජතීති එවං සරණගමනප්පභෙදො වෙදිතබ්බො.
මෙසේ පිහිටි සරණ ඇති. උපාසකයාගේ හෝ උපාසිකාවගේ හෝ අන්‍ය තීර්ථකයන් කෙරෙහි පැවිදි වූ නෑයෙකු මේ තෙම මගේ නෑයෙකැයි වඳින්නහුගේ සරණාගමනය නොබිඳෙයි. පැවිදි නොවූවකු ගැන කියනුම කවරේද? භය වශයෙන් රජෙකු වඳින්නහුගේද එසේමැයි. යම් හෙයකින් හෙතෙම රටවැසියා විසින් පුදන ලද බැවින් නොවැඳීම නිසා අනර්ථ නමුදු කරන්නේය. එබැවින් එසේම යම්කිසි ශිල්පයක් උගන්වන්නා වූ තීර්ථකයෙකු පවා මගේ ආචාර්යවරයෙකැයි වඳින්නහුගේ සරණය නොබිඳේ. මෙසේ සරණාගමනයෙහි ප්‍රභේද දතයුත්තේය.
එත්ථ ච ලොකුත්තරස්ස සරණගමනස්ස චත්තාරි සාමඤ්ඤඵලානි විපාකඵලං, සබ්බදුක්ඛක්ඛයො ආනිසංසඵලං. වුත්තඤ්හෙතං –
මෙහිද සතර සාමඤ්ඤඵලයෝ ලෝකෝත්තර සරණාගමනයාගේ විපාක ඵලයයි. සියලු දුක් නැති කිරිම ආනිශංස ඵලයයි. එහෙයින් කියන ලදී.
“යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච, සඞ්ඝඤ්ච සරණං ගතො; චත්තාරි අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති.
යොච බුද්ධඤ්ච ධම්මඤ්ච සංඝඤ්ච සරණං ගතො චත්තාරි අරිය සච්චානි සම්මප්පඤ්ඤාය පස්සති
(යමෙක් බුදුන් දහම් සඟුන් සරණකොට ගියේද හෙතෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්‍යග් ප්‍රඥාවෙන් දකී.)
දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං; අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියඤ්චට්ඨිංගිකං මග්ගං දුක්ඛූප සම ගාමීනං
එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත්තමං; එතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චතී”ති. (ධ· ප· 190-192);
එතං ඛො සරණං ඛෙමං එතං සරණ මුත්තමං එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති
(දුක්ඛ සත්‍යය ද සමුදය සත්‍යය ද දුක ඉක්ම වූ නිරෝධ සත්‍යය ද දුක් සංසිඳුවීමට පමුණුවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද සම්‍යග් ප්‍රඥාවෙන් දකී.) මේ ලෝකෝත්තර සරණාගමනය වනාහි ක්ෂේමය උතුම් සරණයද වේ. ලෝකෝත්තර සරණාගමනයට පැමිණ සියලු සසර දුකින් මිදෙයි.
අපිච නිච්චතො අනුපගමනාදිවසෙන පෙතස්ස ආනිසංසඵලං වෙදිතබ්බං. වුත්තඤ්හෙතං, “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, සුඛතො උපගච්ඡෙය්ය, කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය, මාතරං ජීවිතා වොරොපෙය්ය, පිතරං අරහන්තං ජීවිතා වොරොපෙය්ය, දුට්ඨචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය, සඞ්ඝං භින්දෙය්ය, අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්ය, නෙතං ඨානං විජ්ජතී”ති (ම· නි· 3.128; අ· නි· 1.268-276).
තවද නිත්‍ය වශයෙන් ද අනුපගමනාදි වශයෙන් ද මේ ලෝකෝත්තර සරණාගමනයාගේ ආනිශංස ඵලය දතයුතුය. මෙසේ වදාරණ ලද්දේමය. අට්ඨාන මෙතං භික්ඛවෙ අනවකාසො යං දිටඨිසමපන්නො පුග්ගලො කඤ්චි සංඛාරං නිච්චතො උපගච්ඡෙය්ය සුඛතො උපගච්ඡෙය්ය කඤ්චි ධම්මං අත්තනො උපගච්ඡෙය්ය මාතරං ජීවිතා වොරොපෙය්ය පිතරං ජීවිතා වොරොපෙය්ය අරහන්තං ජීවිතා වොරොපෙය්ය දුට්ඨ චිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය, සංඝං භින්දෙය්ය අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්ය, නෙතං ඨානං විජ්ජති
(මහණෙනි, යම් හෙයකින් දිටඨි සම්පන්න පුග්ගල තෙම සංස්කාරයන් අතුරෙන් කිසිදු එක් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ ද, යන මේ කාරණය හේතු රහිතය. ප්‍රත්‍ය රහිතය. සැප වශයෙන් ගන්නේ ද, මව ජීවිතයෙන් තොර කරන්නේ ද පියා ජීවිතයෙන් තොර කරන්නේද රහතුන් වහන්සේගේ ජීවිතය තොර කරන්නේද, දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ උපදවන්නේ ද, සංඝභේදය කරන්නේද අන්‍ය ශාස්තෘවරයෙක් අදහන්නේ ද යන මේ කාරණා නොවන්නේමය.)
ලොකියස්ස පන සරණගමනස්ස භවසම්පදාපි භොගසම්පදාපි ඵලමෙව. වුත්තඤ්හෙතං –
ලෞකික සරණාගමනයාගේ භව සම්පත් ද භෝග සම්පත් ද ඵලයම වේ. එහෙයින් කියන ලදී.
“යෙකෙචි බුද්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස්සන්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස්සන්තී”ති. (සං· නි· 1.37);
යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ නතෙ ගමිස්සන්ති අපායං පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති
(යම් කිසිවෙක් බුදුරදුන් සරණ ගියාහුද, ඔවුහු සතර අපායට නොයන්නාහුය. මිනිස් සිරුර හැර දේවකාය පූරණය කරන්නාහුය.)
අපරම්පි වුත්තං “අථ ඛො සක්කො දෙවානමින්දො අසීතියා දෙවතාසහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො, තෙනුපසඞ්කමි…පෙ… එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච ‘සාධු ඛො දෙවානමින්ද බුද්ධං සරණගමනං හොති, බුද්ධං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා දිබ්බෙන වණ්ණෙන සුඛෙන යසෙන ආධිපතෙය්යෙන දිබ්බෙහි රූපෙහි සද්දෙහි ගන්ධෙහි රසෙහි ඵොට්ඨබ්බෙහී”ති (සං· නි· 4.341).
අනිකකුදු කියන ලදි. අථ ඛො සක්කොදෙවානමින්දො අසීතියා දෙවතා සහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසංකමි -පෙ- එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහා මොග්ගල්ලානො එතදවොච සාධු ඛො දෙවානමින්ද බුද්ධං සරණාගමනං හොති. බුද්ධං සරණං ගමන හෙතු ඛො දෙවා නමින්ද එවමිධෙ කච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජන්ති තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධි ගණ්හන්ති. දිබ්බෙන ආයුනා දිබ්බෙන වණ්ණෙන සුඛෙන යසෙන ආධිපතෙය්යෙන දිබ්බෙහි රූපෙහි සද්දෙහි ගන්ධෙහි රසෙහි පොට්ඨබ්බෙහීති.
(ඉක්බිති සක්දෙව් රජ අසූදහසක් දේවතාවන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹියේය. -පෙ- එකත්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙම මෙසේ වදාළහ. දෙවිඳුනි, බුදුන් සරණ යාම යහපති. දෙව්රජුනි, බුදුන් සරණ යාම හේතුකොටගෙන මෙසේ මෙලොව ඇතැම් සත්ව කෙනෙක් කය බිඳීමෙන් මරණින් මත්තෙහි, සොඳුරු ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයකට උත්පත්ති වශයෙන් පැමිණෙති. ඔවුහු අන්‍ය දෙවියන් කරුණු දහයකින් යටපත් කරත්. දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්ණයෙන් සැපයෙන් යසසින් අධිපති භාවයෙන් දිව්‍ය වූ රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් යයි.)
එස නයො ධම්මෙ සඞ්ඝෙ ච. අපිච වෙලාමසුත්තාදිවසෙනාපි (අ· නි· 9.20) සරණගමනස්ස ඵලවිසෙසො වෙදිතබ්බො. එවං සරණගමනඵලං වෙදිතබ්බං.
ධර්මය සරණයාමෙහිද සංඝයා සරණයාමෙහිද මේ නයමැයි. තවද වේලාම සූත්‍ර ආදින්ගේ වශයෙන් ද සරණාගමනයාගේ ඵල විශේෂය දතයුතුයැ. මෙසේ සරණාගමන ඵලය දතයුතුයැ.
තත්ථ ලොකියසරණගමනං තීසු වත්ථූසු අඤ්ඤාණසංසයමිච්ඡාඤාණාදීහි සංකිලිස්සති, න මහාජුතිකං හොති, න මහාවිප්ඵාරං. ලොකුත්තරස්ස නත්ථි සංකිලෙසො.
එහි ලෞකික සරණාගමනය වස්තු තුන විෂයෙහි, අඥාන, ශංසය, මිථ්‍යා ඥානාදීන් හේතුකොට කිලිටු වන්නේය. මහා බැබලීමක් ඇති නොවේ. මහත් පැතිරීමක් නොවෙයි. (මේ විපාක වශයෙනි) ලෝකෝත්තර සරණගමයාගේ කිලිටිවීමක් නොමැත.
ලොකියස්ස ච සරණගමනස්ස දුවිධො භෙදො සාවජ්ජො අනවජ්ජො ච. තත්ථ සාවජ්ජො අඤ්ඤසත්ථාරාදීසු අත්තසන්නිය්යාතනාදීහි හොති, සො අනිට්ඨඵලො. අනවජ්ජො කාලං කිරියාය, සො අවිපාකත්තා අඵලො. ලොකුත්තරස්ස පන නෙවත්ථි භෙදො. භවන්තරෙපි හි අරියසාවකො අඤ්ඤසත්ථාරං න උද්දිසතීති එවං සරණගමනස්ස සංකිලෙසො ච භෙදො ච වෙදිතබ්බොති.
ලෞකික සරණාගමනයාගේ භේද දෙකකි. සාවජ්ජ, අනවජ්ජ කියායි. ඔවුනතුරෙන් සාවජ්ජ භේදය අන්‍ය ශාස්තෘවරයන් විෂයෙහි අත්ත සන්නිය්යාතනාදි වශයෙන් වෙයි. එය අනිටුඵල ඇත්තේ වෙයි. අනවජ්ජ (නිවැරදි) භේදය කළුරිය කිරීමෙන් වෙයි. හේ විපාක නැති බැවින් අඵලය. ලෝකෝත්තර (සරණාගමනයාගේ) භේද නොම ඇත්තේය. ඒ එසේමැයි. භවාන්තරයෙහිදු අරියසාවක තෙමේ අන්‍ය ශාස්තෘවරයෙකු නොඅදහයි. මෙසේ සරණගමනයාගේ කිළිටිවීම් ද භේද ද දතයුතුයැ.
උපාසකං මං භවං ගොතමො ධාරෙතූති මං භවං ගොතමො “උපාසකො අය”න්ති එවං ධාරෙතු, ජානාතූති අත්ථො.
උපාසකො මං භවං ගොතමො ධාරෙතු යනු මා උපාසකයකැයි භවත් ගෞතමයන් වහන්සේ මා මෙසේ දරන සේක්වා. දැනගන්නා සේක්වා යන අර්ථයි.
සරණගමනකථාවණ්ණනා නිට්ඨිතා.
උපාසකවිධිකථාවණ්ණනා
උපාසක ලක්ෂණ කථා
උපාසකවිධිකොසල්ලත්ථං පනෙත්ථ කො උපාසකො, කස්මා උපාසකොති වුච්චති, කිමස්ස සීලං, කො ආජීවො, කා විපත්ති, කා සම්පත්තීති ඉදං පකිණ්ණකං වෙදිතබ්බං.
උපාසක විධි කුසලතා පිණිස මෙහි ලා උපාසක තෙමේ කවරෙක්ද? කුමක් හෙයින් උපාසක යයි කියනු ලැබේද? ඔහුගේ සීලය කුමක්ද? ආජීවය කවරේද? විපත්ති කවරේද? මේ ප්රකීර්ණකය දතයුතුය.
තත්ථ කො උපාසකොති යො කොචි තිසරණගතො ගහට්ඨො. වුත්තඤ්හෙතං – “යතො ඛො මහානාම උපාසකො බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති. එත්තාවතා ඛො මහානාම උපාසකො හොතී”ති (සං· නි· 5.1033).
එහි, උපාසක තෙම කවරෙක්ද යනු, යම්කිසි තිසරණගත ගිහිතෙම උපාසක නම් වේ. මෙසේ කියන ලද්දේය. යතො ඛො මහානාම බුදධං සරණං ගතො හොති ධම්මං සරණං ගතො හොති සංඝං සරණං ගතො හොති එත්තාවතා මහානාම උපාසකො හොතීති යනුවේ යම්කලෙක පටන් බුදුන් සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද, මෙපමණකින් උපාසක නම් වේයයි.
කස්මා උපාසකොති රතනත්තයස්ස උපාසනතො. සො හි බුද්ධං උපාසතීති උපාසකො. ධම්මං, සඞ්ඝං උපාසතීති උපාසකො.
කුමක් හෙයින් උපාසක වේද? තුණුරුවන් වෙත එළඹෙන හෙයිනි. හෙතෙම වනාහි බුදුරදුන් සමීපයට එළඹේනුයි ධර්මය සංඝයා වෙත එළඹේනුයි උපාසක නම් වේ.
කිමස්ස සීලන්ති පඤ්ච වෙරමණියො. යථාහ “යතො ඛො මහානාම උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති අදින්නාදානා, කාමෙසු මිච්ඡාචාරා, මුසාවාදා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. එත්තාවතා ඛො මහානාම උපාසකො සීලවා හොතී”ති (සං· නි· 5.1033).
ඔහුගේ සීලය කුමක්ද? (පංචවෙරමණියො) වෙන් වීම් පසයි. මෙසේ වදාළහ. යතො ඛො මහානාමං, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා, කාමේසු මිච්ඡාචාරා, මුසාවාදා, සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති එත්තාවතා මහානාම උපාසකො සීලවා හොතිති. යනුවෙන්, (මහානාමය, යකලෙක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, සොරකමින් වැළකුනේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, මුසාවාදයෙන් වැළකුනේ වේද, රහමෙර පානයෙන් වැළකුණේ වේද, මෙපමණකින් උපාසක තෙම සිල්වත් වෙයි.)
කො ආජීවොති පඤ්ච මිච්ඡාවණිජ්ජා පහාය ධම්මෙන සමෙන ජීවිතකප්පනං. වුත්තඤ්හෙතං “පඤ්චිමා, භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා. ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයා”ති (අ· නි· 5.177).
ආජීවය කවරේද යනු වැරදි වෙළඳාම් දුරුකොට ධාර්මිකව ජීවිකාව ගෙනයාමයි. මෙසේ වදාරණ ලදී. පඤ්චිමා භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා කතමා පඤ්ච සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංස වණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා ඉමා ඛො භික්ඛවෙ, පංචවණිජ්ජා උපාසකෙන අරණියාති යනුවෙන්, (මහණෙනි උපාසක තැන විසින් නොකටයුතු වූ වෙළඳාම් පසකි. ඒ පස කවරහුද? ආයුධ වෙළඳාම, සත්ත්වයන් වෙළඳාම, මාංස වෙළඳාම, මත්පැන් වෙළඳාමය වස විෂ යන ඒවායි. මහණෙනි, මෙකී වෙළඳාම් පස උපාසක විසින් නොකට යුත්තාහ.)
කා විපත්තීති යා තස්සෙව සීලස්ස ච ආජීවස්ස ච විපත්ති, අයමස්ස විපත්ති. අපිච යාය එස චණ්ඩාලො චෙව හොති මලඤ්ච පතිකුට්ඨො ච. සාපිස්ස විපත්තීති වෙදිතබ්බා. තෙ ච අත්ථතො අස්සද්ධියාදයො පඤ්ච ධම්මා හොන්ති. යථාහ “පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසකමලඤ්ච උපාසකපතිකුට්ඨො ච. කතමෙහි පඤ්චහි? අස්සද්ධො හොති, දුස්සීලො හොති, කොතූහලමඞ්ගලිකො හොති, මඞ්ගලං පච්චෙති නො කම්මං, ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්යං පරියෙසති තත්ථ ච පුබ්බකාරං කරොතී”ති (අ· නි· 5.175).
විපත්ති කවරේද යත්, ඒ සීලයට ද ඒ ආජීවයටද යම් විපතක් වේද, එය එම උපාසක හට විපත්ති නම් වන්නීය. තව ද යමක් හේතුවෙන් මේ උපාසක තෙමේ සැඩොලෙක් වේද, කසට ඇත්තෙක් වේද, අන්තිම පහත් නීචයෙක් වේද, එයත් මේ උපාසක හට විපත්ති යයි දතයුතුයැ. එම විපත් අර්ථ වශයෙන් අශ්‍රද්ධා ආදි පංච ධර්මයෝය. වදාළේ මැනො. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක චණ්ඩාලොව හොති උපාසක මලඤ්ච, උපාසක පතිකිට්ඨොච, කතමෙහි පඤ්චහි, අස්සද්ධො හොති දුස්සීලො හොති. කොතුහල මංගලිකො හොති මංගලං පච්චෙති නො කම්මං ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්යං පරියෙසති. තත්ථච පුබ්බකාරං කරොතීති (මහණෙනි, අගුණ පසකින් හෙබි, උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද වෙයි. කිලිටි වූ උපාසකයෙක්ද වෙයි. උපාසක නීචයෙක්ද වෙයි. කවර පසකින්ද යත්, සැදැහැ නැත්තේ වේද, දුස්සීල වේද, කුහුල් උපදවන දෙය දැකීම මගුලක් කොට ඇත්තේ වේද, මගුල බලාද, කර්මය නොබලාද, මෙම සසුනෙන් පිටත දක්ඛිණෙය්‍ය පුද්ගලයන් සොයාද, එම තීර්ථකයන් විෂයෙහි අග්‍රදානය ද, යන මේ පසයි.)
කා සම්පත්තීති යා චස්ස සීලසම්පදා ච ආජීවසම්පදා ච, සා සම්පත්ති. යෙ චස්ස රතනභාවාදිකරා සද්ධාදයො පඤ්ච ධම්මා. යථාහ “පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති උපාසකපදුමඤ්ච උපාසකපුණ්ඩරීකඤ්ච. කතමෙහි පඤ්චහි? සද්ධො හොති, සීලවා හොති, න කොතූහලමඞ්ගලිකො හොති, කම්මං පච්චෙති නො මඞ්ගලං, න ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති, ඉධ ච පුබ්බකාරං කරොතී”ති (අ· නි· 5.175).
සම්පත්ති කවරීද යත්, ඔහුට යම් සීල සම්පත්තියකුත් ආජීව සම්පත්තියකුත් වන්නීද (උපාසක) රත්නභාවය සිද්ධ කරන්නා වූ ශ්‍රද්ධා ආදි පඤ්ච ධර්ම කෙනෙක් මෙන්ද, මොවුහු සම්පත්ති නම් වෙති. එහෙයින් වදාළහ. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤච උපාසක පදුමඤ්ච, උපාසක පුණ්ඩරීකො ච කතමෙහි පඤ්චහි, සද්ධො හොති සීලවා හොති න කොතුහල මංගලිකො හොති කම්මං පච්චෙති, නො මංගලං, න ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති. ඉධච පුබ්බකාරං කරොතීති. (මහණෙනි, සම්පත් පහකින් යුතු උපාසක තෙම උපාසක රතන ද උපාසක පියුමද, උපාසක පුණ්ඩරීකයද වෙති. කවර සම්පත් පසකින්ද යත්, සැදැහැ ඇත්තේ වේද, සිල්වත් වේද, කුතුහල මංගල ඇත්තේ නොවේද, කර්මය විශ්වාස කෙරේද, දිට්ඨි ආදි මංගල විශ්වාස නොකෙරේද, මේ ශාසනයෙන් පිටත දක්ඛිණෙය්‍ය පුද්ගලයන් නොසොයාද මේ සසුනෙහි අග්‍රදානය කෙරේද යන මේ පස වෙති.)
අග්ග ශබ්දය
අජ්ජතග්ගෙති එත්ථ අයං අග්ගසද්දො ආදිකොටිකොට්ඨාසසෙට්ඨෙසු දිස්සති.
අජ්ජතග්ගෙ යන මෙහි අග්ග ශබ්දය තෙම ආදි - කොටි (කෙළවර) කොට්ඨාස, සෙට්ඨ යන අර්ථයන්හි දක්නට ලැබේ.
“අජ්ජතග්ගෙ, සම්ම දොවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීන”න්තිආදීසු (ම· නි· 2.70) හි ආදිම්හි දිස්සති.
අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආචරාමි ද්වාරං නිගණ්ඩිනං නිගච්ඨිතං යන තන්හි ආදිකොට ආදියෙහි යන අර්ථයන්හි යෙදේ.
“තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය, (කථා· 441) උච්ඡග්ගං වෙළග්ග”න්තිආදීසු කොටියං.
තෙනෙව අංගුලග්ගෙන තං අංගුලග්ගං පරාමයෙය්ය උච්ඡග්ගං වෙලග්ගං යනාදි තන්හි කෙළවර යන අර්ථයෙහි දක්නා ලැබේ.
“අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා (සං· නි· 5.374), අනුජානාමි, භික්ඛවෙ, විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතු”න්තිආදීසු (චූළව· 318) කොට්ඨාසෙ.
අනුජානාමි භික්ඛවෙ, අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතුං යනාදි තන්හි කොට්ඨාශයෙහි යන අර්ථයෙහි දක්නා ලැබේ.
“යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා…පෙ… තථාගතො තෙසං අග්ගමක්ඛායතී”තිආදීසු (අ· නි· 4.34) සෙට්ඨෙ. ඉධ පනායං ආදිම්හි දට්ඨබ්බො.
යාවතා භික්ඛවෙ, සත්තා අපදා -පෙ- තථාගතො තෙසං අග්ග මක්ඛායති යනාදි තන්හි ශ්‍රේෂ්ඨ යන අර්ථයෙහි වේ. මෙහි වනාහි අග්ග ශබ්දය ආදිය යන අර්ථයෙහි බව දතයුතුයැ.
තස්මා අජ්ජතග්ගෙති අජ්ජතං ආදිං කත්වා, එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. අජ්ජතන්ති අජ්ජභාවං. අජ්ජදග්ගෙති වා පාඨො, ද-කාරො පදසන්ධිකරො, අජ්ජ අග්ගං කත්වාති අත්ථො.
එහෙයින් අජ්ජතග්ගෙ යනු අද ආදි කොට යයි මෙසේ මෙහි අර්ථය දතයුතුයැ. අජ්ජතං අද වූයේ යන අරුත් වේ. අජ්ජදග්ගෙ යනුද පාඨයි. ද කාර සන්ධියෙන් ආයේය. අද ආදිකොට යන අර්ථයෙහි වේ.
පාණුපෙතන්ති පාණෙහි උපෙතං, යාව මෙ ජීවිතං පවත්තති, තාව උපෙතං. අනඤ්ඤසත්ථුකං තීහි සරණගමනෙහි සරණං ගතං උපාසකං කප්පියකාරකං මං භවං ගොතමො ධාරෙතු ජානාතු. අහඤ්හි සචෙපි මෙ තිඛිණෙන අසිනා සීසං ඡින්දෙය්ය, නෙව බුද්ධං “න බුද්ධො”ති වා ධම්මං “න ධම්මො”ති වා, සඞ්ඝං “න සඞ්ඝො”ති වා වදෙය්යන්ති. එවං අත්තසන්නිය්යාතනෙන සරණං ගන්ත්වා චතූහි ච පච්චයෙහි පවාරෙත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා පක්කාමීති.
පාණුපෙතං යනු පාණෙහි උපෙතං (ප්‍රාණය සීමාකොට මගේ ජීවිතය යම්තාක් පවතීද ඒ තාක් සීමාකොට අන්‍ය ශාස්තෘ කෙනෙකුගෙන් තොර තුන්සරණය සරණගත වූ උපාසක වූ කැපකරු වූ මා භවත් ගෞතමයන් වහන්සේ දරන සේක්වා. දැනගන්නා සේක්වා. ඉදින් මගේ හිස තියුණු කඩුවකින් සිඳිතත් මම වනාහි බුදුරදුන් නොබුදුනැයි කියා හෝ දහම් නොදහම් යයි කියා හෝ සඟුන් නොසඟුන් යයි කියා හෝ නොම කියන්නෙම් මෙසේ අත්තසන්නීය්යාතනයෙන් සරණ ගොස් සිවුපසයෙන් පමණ හුනස්නෙන් නැගී බුදුරදුන් නමස්කාරකොට තුන්වරක් පැදකුණු කොට ගියේය.
උපාසකවිධිකථාවණ්ණනා නිට්ඨිතා.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය භයභෙරවසුත්තවණ්ණනා නිට්ඨිතා.
භයභෙරව සුත්ත වණ්ණනාව නිමි.